වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....
පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි...
Saturday, November 19, 2011
ධීවර බිරිඳ
වෙසක් සඳේ නුඹ සැන්ගී බලන්න ට එපා
මං තනිවම අද නෑවිත් ඉඳින්න ට එපා
පාළු ගෙපැල අඳුර ට අත හරින්නට එපා
හිරු එන තුරු නුඹ අහසින් මැකෙන්න ට එපා
මා වවුලෝ මා සිත තව තලන්න ට එපා
රෑන සොයා මා හැර පිය සලන්න ට එපා
අමල් බිසෝ ගෙපැලේ දොර හරින්න ට එපා
කී ඔහු හෙට එන තුරු නුඹ නිදන්න ට එපා
වලා කුලේ ඉතින් කඳුළු සලන්න ට එපා
දියඹේ දිවි සටනක ඔහු තෙමන්න ට එපා
සුළං රැලේ නුඹ වේගෙන් හමන්න ට එපා
ඔරුවට වින කර මට දුක් ගෙනෙන්න ට එපා
එහා පැලේ පොඩි පැටවුන් හඬන්න ට එපා
පොඩි පුතු සිහි වී මට දුක හිතෙන්න ට එපා
සඳ නැති ලෝකේ මට තනි දැනෙන්න ට එපා
මගෙ දිනකර නුඹ අහසින් මියෙන්න ට එපා

කවි ටිකනං අගෙයි...කවියකින්ම කොමෙන්ටුව දාන්න ආසයි ඒත් දන්නේ නෑ හප්පා......
ReplyDeleteමේ සෙත් කවි රකීවි ඔහු තැවෙන්නට එපා
ReplyDeleteඅගෙයි !
ලස්සන කවි පංතියක් !!!
ReplyDeleteමේක කියලා තියෙන්නේ ජීවිතය රැකගන්න මූදු ගිය කෙනෙක් ගැන කියලා හිතාගන්න මට දෙපාරක් විතර කියවන්න උනා. මේ කවිය තේඔරෙන කවි ජාතියේ කවි ටිකක් !!! හැමෝටම තේරෙන කවි මට තේරෙන්නේ නෑ. අන්න නොතේරෙන කවි නම් මට ටාර් ගාලා තේරෙනවා.
ලස්සන කවි සිතුවිල්ලක්.....
ReplyDeleteඔක්කොම එපා නේ...
ReplyDeleteඅගේ ඇති කවි ටිකක් සයුරි...ධීවර බිරිඳක් කොහොමත් තනිකමින් මිරිකිච්ච කෙනෙක් නෙ...ඒ කෙනාගේ සිතිවිලි අපූරුවට පද වලට පෙරලලා....
ReplyDeleteර අන්තීම පද හතරනම් මම හරිම කැමතියි....
ඔරුව බරයි මැණිකේ දුක හිතන්නට එපා
ReplyDeleteඒ රන්මසු උඹෙ නමටයි කිසිත් මට එපා
කඳුලටවත් සිඹින්න වත ඉඩක් දෙනු එපා
හෙට උදේම මං නුඹ ලඟ හඩන්නට එපා.....
සයුරු රළපෙල වෙරල පුරා වැතිරෙද්දි දකින සුන්දරත්වය ජීවිතයට ලංකරගත්තු ධීවර ඇඹේනියට තරම් කවි සිතුවිලි කොහෙන්ද ගෙම්බන්ට...
දෝස වලට තරහ අවසර...ආයිබෝං
Deleteඅහ් මෙන්න ඉන්නවා හොර ගෙඩියා ..
ඔයාගේ වැඩ නිසා මටත් ඔලුව කෙළින්
තියන් ඉන්න බැරි වෙලා ඉන්නේ..:(
මම නම් නෙට් එකට රිංගන්නේ වැලි කොස් ඇට මීයෙක් වගේ......
ආලෙන් වෙලී පෙම් බස් රහසෙන් කියන්ටෙපා
ඇහෙනවා මේ අපිටත් හයියෙන් දොඩන්ටෙපා
ඉන්නා තැනකින් ආයෙම නම් එන්ටෙපා
තව තව ගින්දර නම් මේ හැටි මට දෙන්ටෙපා
====================================
@ Mrs.වැලිමැඬියා
වැලිමැඬියත් දැන් ආයෙම නොඑන එකේ
පාළුව දැනෙනවා මට නුඹගේ හිතේ
උහුලන් ඉන්නට බැරි නම් තනිව රැයේ
එනවද මගේ පැළට ගොම්මන් රැයක පනේ ..?
අපෝ කතා කරන්න එපා මේ වැලි ගෙම්බා ගැන. හොර ගෙඩියෙක්ම තමයි. අච්චර හොඳ බ්ලොග් එකක් කර කර ඉඳලා අන්තරස්දාන වෙලා ගියා. හැබැයි දවසක් මට අහුඋනා පොඩ්ඩ්ගේ බ්ලොග් එකේ නම වෙනස් කරගෙන ඇවිත් ඉන්නවා. අර්ර්ර්ර්
Deleteහිරු ගිලගෙන ඈත මුහුදු තෙර
ReplyDeleteරෑ කරුවලින් අහස ගිලෙද්දි
සොදුර මට නුඹට සමුදී
යා යුතුය ජීවිත රැකුමට අපේ.
පැලේ දරුවන් රෑ අදුරට බයට
තාත්තගේ උණුසුම සොයන විට
උන්ගේ හිස අතගා හෙමිහිට
නැළවිලි ගී කියපන් තනියට.
දෙවුර රිදුම් දෙන හබල් පාරට
හිත හිරි වැටෙන රෑ සීතලට
තනිවී මම මායිමක් නොපෙනෙන
මුහුදු රැලි අතර ජීවිත සටනක.
විටෙක රළුව නැගෙන මුහුදු රළ
මගේ දිවි ගන්න හදනවා සදහට
මරුට නොබියව සටන් වැද
පැටවුන් ලගට එන්නම් හනිකට.
ඔරු කද පිරෙන්නට හසු උනු
අස්වනු ගෙනෙයි දෙනෙතට කදුළු
හිතේ කරදර අඩුවී සිත රිද්දූ
උදා හිරු නැග එයි විදහා අරුනළු.
බඩගින්නේ හඬන පැටවුන්ගේ හඩට
වෙරළ සොයාගෙන ඔරුව පදිමි මම
රෑ විදි දුක් කදුළු විකුණා හනික
පැලට එන්නම් දැත පුරවාගෙන මම..
හරි අපූරු කවි ටිකක් නේ අක්කි...
ReplyDeleteමට මතක් වුනේ 'අමල්බිසෝ'.. :) :)
සයුරි... නමත් එක්ක කවි පන්තියේ සමානකමක් තියනවද මන්දා... ඒත් ඇත්තටම ඔහොම හිතෙනවා ඇති ධිවරි කතකට....
ReplyDeleteගොඩාක් ලස්සනයි..
හිතුමතේ හිතුනත් කවි ගොතන්නට
තවම මා ළදරුවෙක් මෙනි මේ ලෝකෙට
දුක්වන්න එපා මා ප්රිය සොදුර
හැකිය මට එන්නට අළුයමට පෙර
ගෙනියන්න දිවි මං පෙර දින දුක් අතැර
ගෙනෙනවා සම්පත් මම ඔබේ අතැගිලි අතර
@ ඔබ නොදුටු ලොවක් : ස්තුතියි ඇගයුමට....අපොයි දන්නේ නෑ කියන ගොඩ දෙනෙක් අපිට වඩා හොඳට කවි ලියනවා අනේ...:)
ReplyDelete@ රසික : මේ තුති මල් මිට ඔබටයි දමා යනු එපා !!!
ස්තුතියි රසික :)
@ මධූ : හික් හික් මට හිතුනා ඔය ටික වෙයි කියලා...ඒ කියන්නේ මල්ලිට නොතේරෙන කවි තේරෙනවා...තේරෙන කවි නොතේරෙනවා...හැබැයි මේ කවි ටිකනම් අපේ මහත්මයාටත් තේරුණා..ඒ කියන්නේ මේක ගොඩක් සරළයි :D අනිත් දවසේ ලියන්නම්කො ඔයාට තේරෙන කවියක්.
@ කසුන් : බොහොම ස්තුතියි කසුන්
ReplyDelete@ නිසුපා : හෙ හෙ....එපා එපා එපා !!
@ දිල් : ස්තුතියි දිල්...මට තනි කම ගැන කවි ලියන්න හිතුනේ මටත් ගෙදර දවස කීපයක් තනියම ඉන්න උනා නේ...ඒත් පස්සේ හිතුනා ධීවර බිරිඳක් එහෙම නැත්නම් හමුදා සෙබළෙකු ගේ බිරිඳක් එක්ක සසඳද්දී මම කොයි තරම් බොළඳ ද කියලා...
@ වැලි මැඩියා :
ReplyDeleteවැලි මැඩියෝ නුඹේ කවි පද අගේ ඇති ඉතා
සිත සුව වෙන කවියක ගුණ මිසක දොස් නැතා
ධීවර සිතකින් කිවු කවි බිරිඳ ගැන සිතා
ඈ හට සෙත් කවියක් මැයි කුමට තව කතා
ගෙම්බා ව සාදරයෙන් පිළි ගන්නවා පහන් යාය ට....
@ දිනේෂ් : බොහොම ස්තුතියි මල්ලි මේ ලස්සන කවි පේළියට....ධීවර සැමියාගේ කෝණෙන් බැලුවම එයා ඉන්නේ බිරිඳටත් වඩා ගිනි ගොඩක නේද? ඒත් ළමයින් වෙනුවෙන් ඒ දේවල් නොකරත් බැහැ....
මුහුද ගිල ගත් අපේ ජිවිත
වෙරළ දකිනා කලක් නම් නැත
දැළ යි හබල යි රැගෙන දෑතට
කෙළෙස හෝ නුඹ රකිමි මගෙ පුත
@ අයිස් : ස්තුතියි නංගෝ...ඔව් අමල් බිසෝ කතාව මම පොඩි කාලේ අහල තියනවා දැන් මතක නැහැ..
ReplyDelete@ හිතුමතේ : ආ ඔව්මයි නේ...ටිකක් සමානයි වගේ නේද...
හිතුමතේගේ කවියටත් බොහොම ස්තුතියි...ලස්සන කවියක්
දුක් නොවෙමි නුඹ නැවත එන තුරු
නුඹේ ඔවදන් මතක ඇති තුරු
සියල් සම්පත් ඕන නැත බොරු
නුඹයි සම්පත මගේ දිනිසුරු
ඔන්න ධීවර බිරිඳගේ පිළිතුරු කවිය :)
මවක මෙන් මා රකිනා
ReplyDeleteමගේ සොදුර නිබ රැජිනක්
අතැහැර සියලු යස ඉසුරු
ආවේ නුබ මා හා වි මිතුරු
දනිමි නුබ සියලු තතු
වේය විපත් මැදදි මහ සයුරු
පතමි නුබ හට ඉසුරු
දිනක නැති උවත් මා මෙලොවේ
අනේ අක්කෝ කවි ලියන්න නම් මම දන්නෙම නැ..
ගොඩාක් කවි තිබුන නිසා පොඩි උත්සහයක් විතරයි
දනිමි මම එය නිරතුරු...
ReplyDeleteරැකුම නුඹ පණ මෙන් පිවිතුරු
වේය මාගේ දිවි ඇති තුරු
නුඹයි දුරු කලේ මා ලොව ගණදුරු
පහන් සිලේන් අදුර මකන්
පොල්රොටියක් දෙකට කඩන්
කනකොට නුඹ මට සිහිවෙන්
හෙට එලිවෙනතුරු දැන් නිදියන්
නියමයි ඈ. තරු 5යි.මේක කියෙව්වම මටත් හිතුනා කවියක් ලියන්න.
ReplyDeleteඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැලණි ගඟේ ඹරු යනවා බලා වරෙන්
සාදුකාර දී ඔරුවක නැගී වරෙන්
ප.ලි-
ෂෝයි නේ? හෙන වෙලාවක් ගියා හිතන්න. :D
ඔය නාමල කියලා කිව්වෙ ගහක තියෙන මලකට හොඳේ. නැතුව පුද්ගලයකුට නෙමෙයි. :D
@ දේවා : එළ කිරි නේ මල්ලි...ඔය තියෙන්නේ...
ReplyDeleteපියෙකු මෙන් මා රකිනා
මා සිතේ නුඹ රජුන් මැයි
නුඹ නැති ලොවක් දකිනට
දෙනෙත් මට නොම ලැබෙන්නයි
@ හිතුමතේ
පැලේ පහන නිවා දමමි
නුඹේ වදන් සිහි කරනෙමි
හෙට එළි වෙන තුරු නිදියමි
නින්දෙන් සුබ සිහින දකිමි....
@ සීතල අයියා : ෂෝයි ෂෝයි කවිය :D :D
ReplyDeleteඅනේ මලේ ඒ නාමල තබා වරෙන්
මල නොකඩා රොන් විතරක් අරන් වරෙන්
සීපද පිරුණු කද මල්ලක් අරන් කරෙන්
ඇවිත් යන්න මේ පැත්තට නැවත වරෙන්
මමත් බැලුවෙ කවියෙංම කමෙන්ට කරන්න......
ReplyDeleteකොහොමහරි ............... ලස්සන කවි පන්තියක්! :)
තනිකම ජීවිතේ කරගත් ලදුන් ගැන
ReplyDeleteඔබ ගෙතු කවි නම් නංගියේ හරිම අගේ
වැඩ වැඩි නිසයී කිටියෙන් නුඹ පසන්නේ
නැතිනම් ගොතමි කවිදම් ඔබ වෙනු වෙන්නේ........
@ තනි අලියා : ස්තුතියි අලියෝ...කවියෙන් කමෙන්ට් නොකරට මක් වෙනවද? :)
ReplyDelete@ බට්ටි :
තනි කම කෙදින හෝ අපි කාටත් උරුමයි
කතක ගෙ දිරිය සැමදා ඈ ලද දිනුමයි
පැසසුම සමග ඔබ කළ ඇගයීම අගෙයි
කෙටි සටහනත් මට සවි දෙන අවියක් මැයි
ඒක හොදයි අක්කා.
ReplyDeleteමට අක්කගේ නොතේරෙන කවි එකපාරක් කියෙව්වම ක්ලික් වෙනවා !!
ඒත් මේ කවි සෙට් එක දෙපාරක්ම කියවන්න උනා ක්ලික් වෙන්න. ඒ උනාට අක්කා දෙපාරක් කියෙව්වට පවු නෑ. කවි ටික ලස්සනයි. මෙහෙම එවුවත් ලියන්න. අරහෙම කවිත් ලියන්න. ඉතිහාස ලිපිත් ලියන්න.
විවිධත්වයක් තියෙනකොට මරු !!!!
අනේ මන්දා. සයුරියි,බින්දි අක්කයි දෙන්නගේම ලොකු සමාන කමක් මට දැනෙනවා. දෙන්නම හොඳ කවිකාරයෝ... භාෂාවත් එක වගේ. කොහොම වුනත් මේ බ්ලොග් දෙකටම මම කැමති කවි හා හරබර සටහන් නිසා.
ReplyDeleteමමත් කවි වලට හරි ආසයි සයුරි. ඉස්සර නම් කවිමුතුමල් බ්ලොග් එකේම පදිංචි වෙලා හිටියා. මාස දෙක තුනකින් එහේ ගොඩ වුනේ වත් නෑ. ඔයත් ඒකට එකතු වෙන්න.
මේ කවි පද අගේනේමයි...
බැලු බැලු සිත සැනහේමයි...
ප්රතිචාරෙට දුන් කවි පද...
සියල්ලමත් හරිම අගෙයි...
කවිය හරි අගෙයි! මොකෝ මේ ඇත්තට ඔක්කෝටම එපා කියන්නෙ.
ReplyDelete@ මධූ : බොහොම ස්තුතියි මල්ලි...ඒක තමයි, ඉතිහාස කතාව හෙට අනිද්දම ආපහු පටන් ගන්න ඕන...සරළ දේවල් ක්ලික් නොවී සංකීර්ණ දේවල් ක්ලික් වෙන්නේ අර "ගීක්" ද මොකද්ද කියන කට්ටියට ලු නේ :))
ReplyDelete@ චතු : අප්පේ...එහෙම අහන්න ලැබීම ම කොයි තරම් සතුටක්ද? ඒත් මම නම් තවම ළදරු අවදියක නොවැ ඉන්නේ...කොහොම උනත් ඔයාලගෙන් නිතරම ලැබෙන ශක්තිය හරිම වටිනවා...කවි මුතු මල් එකට ලින්ක් එක ලැබුනොත් බොහොම සතුටුයි..ගිහින් බලන්න ඕන ඒ පැත්තේ..
ඔබේ කවිය ද අගනේ මැයි
මසිතට දිරියක් වේ මැයි
ගෙන දුන් සවිය ද බෝ මැයි
තුති මල් නොබෙදනු කෝ මැයි
@ සයුරි :
ReplyDeleteකවි මුතු මල්
@ රෝස කුමාරි : බොහොම ස්තුතියි ඔයාට...මම හිතන්නේ "ඕන" කියලා කැමති දේවල් ඉල්ලනවට වඩා අකමැති දේවල් වලට "එපා" කියන එක මේ මිනිස්සුන්ට ප්රායෝගික ඇති නේද? :))
ReplyDelete@ චතුරංග : ස්තුතියි.....
ReplyDeleteහ්ම්ම් මමත් ගොඩවුනා.. ලස්සනයි.. :))
ReplyDelete@ වර්ණා : ඔයාව සාදරයෙන් පිළි ගන්නවා පහන් යායට....ස්තුතියි මේ පැත්තට ගොඩ උනාට :)
ReplyDeleteසයුරි කාලෙකට පස්සේ කවි ලියල තියෙන්නේ... ඇත්තටම ගොඩක් ලස්සනයි... ඉතින් මේකට අඩු වැඩිය එකතු කරන්න තරම් අපිට කවි නිර්මාණ හැකියාව නෑනේ :(
ReplyDelete@ උදයංග : බොහොම ස්තුතියි...මම හිතන්නේ නිර්මාණ හැකියාම හැමෝටම තියනවා පොඩ්ඩ පොඩ්ඩ හරි :)
ReplyDeleteමං කවි ලියන්න දන්නේ නෑ ඒවා නිකන් කතා වගේ !.ඔයාගේ කවි ලස්සනයි අද තමා මුලින්ම ආවේ. ජය වේවා !!
ReplyDelete@ අසරණයා : අසරණයා පහන්යාය ට ගොඩ වැදීම ගැන බොහොම සතුටුයි. සාදරයෙන් පිළි ගන්නවා ඔයාව :)
ReplyDeleteඅනේ හරි ලස්සන කවි ටික.... මටත් කවි ලියන්න පුළුවන් උනා නම් කියලා හිතුනා... අපේ මාමලා, සීයලා හොඳ කවියො... කවි මඩු හිටන් තියන හිටිවන කවි සූරයො.... අනේ ඒත් ඒ ජානෙ මට ලැබුනෙ නෑ නොවැ... :(
ReplyDelete@ මියුරු : අනේ හිටිවන කවි ජානේ නම් මටත් ඇවිත් නැහැ අපේ තාත්තාත් හොඳ හිටිවන කවි සූරයෙක් උනාට..සමහරවිට ඔයාගේ මාමලා එහෙම අපේ තාත්තා දන්නවත් ඇති :) හිටිවන කවියෝ අඳුරන්නේ නැති වෙන්න විදියක් නැහැනේ..
ReplyDeleteපුන්සඳ රෑට ඇවිදින් සින්දුව මතක් වුනා..
ReplyDeleteමේකේ අනියම් පෙමක් ගැන කියවෙනවා වගේ කියල හිතුන.. එහෙමද??
රවින්, බොහොම ස්තුතියි මේ පැත්තට ආවට
Delete//මේකේ අනියම් පෙමක් ගැන කියවෙනවා වගේ කියල හිතුන//
එහෙම දෙයක්නම් හිතුවේ නෑ අප්පා..සැමියා මුහුදු ගියපු බිරිඳකට හිතෙන විදියට තමයි ලිව්වේ
පළමුවෙනි කවියේ මේ බිරිඳ හඳට ආරාධනා කරනවා නේ පැලට එන්න කියලා...
Deleteඒ ආරාධනා කරන්නේ ඉර එනකන් විතරයි... එතනින් තමයි මට එහෙම හිතුනේ...
ඒවගේම දෙවැනි කවියේ අන්තිම පද දෙක... අන්තිම කවිය එහෙම මාව ඒ පැත්තට හිතන්න යොමු කරා...
මොනවා වුනත් එක එක අයට එක එක විදියට හිතන්න පුළුවන් නිර්මාණයක්.. ඒ කියන්නේ සාර්ථකයි ... ජය !!!
හිහි...ඔයාට අමුතුම පැත්තකින් හිතිලා. ඒකත් හොඳයි. අන්තිම කවිය නම් ටිකක් පැටලෙනවා තමයි. මම ඒකෙන් අදහස් කරේ මේ ධිවර බිරිඳට දරුවෝ නැහැ. ඒකෙන් තවත් පාළුව වැඩියි. අනිත් ගෙවල්වල ළමයි අඬනවා ඇහුණාම පාළුව ගොඩක්ම දැනෙනවා වැඩියි කියන්නයි ඕන උනේ. බොහොම ස්තුතියි රවින්. :)
Delete