පසු ගිය ලිපියෙන් අපි කතා කරේ ක්‍රි. පූ. 205 න් පසු කාලයේ ලක් දිව ඇති වෙලා තිබුණ දේශපාලනික තත්ත්වය ගැන. ඒ කාලය වෙද්දී අනුරපුර බලය අල්ලා ගෙන තිබුණේ චෝල ජාතිකයෙක් වුනු "එළාර". ඔහු ක්‍රි. පූ 205 දී අසේල රජු මරා බලය පැහැර ගෙන ක්‍රි. පූ 165 (බු. ව. 379) වන තුරු අවු. 40 ක් රාජ්‍ය කරනවා.
මේ අතර මාගම රජ කලේ "කාවන්තිස්ස" රජු බවත් කැලණියේ රජ කලේ "කැලණිතිස්ස" රජු බවත් අපි කිව්වා නේ. ඉතින් මේ කැළණිතිස්ස රජතුමා අතින් ඒ දවස්වල ලොකු පාප කර්මයක් වෙලා තියනවා. ඒ තමයි රහතන් වහන්සේ කෙනෙක් මරා මුහුදට දැමීම. මේ නුනුවණ ක්‍රියාවට හේතුව රජ බිසවගේත් රජුගේ සොහොයුරා (අරිය උත්තිය) ගේත් පෙම් පලහිලව්වුක් කියලයි කියන්නේ. අරිය උත්තිය, බිසවට ලියුමක් යැවීම සඳහා මහණ වෙස් ගත් මිනිසෙක් යොදා ගෙන තියනවා. ඔහු අනෙක් රහතන් වහන්සේලාත් එක්කම දානය වෙලාවේ රජ මැදුරට ඇතුළු වෙලා අර ලියුම දේවියට පේන විදියට බිම දැම්මලු. ඒත් ඒක රජුගේ ඇසට අහු වෙලා. ලියුම වැටිලා තියෙන්නේ කිසිම වරදක් නොකරපු සිල්වත් රහතන් වහන්සේ කෙනෙක් ආසන්නයෙන්. ඉතින් රජතුමා වරදවා වටහා ගත්තලු ලියුම මේ රහතන් වහන්සේ ලියපු එකක් කියලා. ඒ නිසා තමයි අර වගේ ක්‍රියා මාර්ගයක් අරගෙන තියෙන්නේ. මේ කතාව හරිද කියලා මම හරියටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න.
ඉතින් අපිට ඉතිහාසයේ අහන්න ලැබෙන දෙවන සුනාමිය ඇති වුනේ රජු ගේ මේ පාප කර්මය නිසා ලු. එවෙලේ ඇති වුනු මුහුද ගොඩ ගැලීම නවත්වන්න නම් රජ පවුලේ කෙනෙක් මුහුදට බිලි විය යුතු බව දයිවඥයන් කියා සිටියාම ඒ සඳහා එඩිතරව ඉදිරිපත් වුනේ රජුගේ දුවණිය වූ "දේවී කුමරිය / විහාරමහා දේවිය". රට බේරා ගැනීම ට මුහුදට බිලි වුන දේවී කුමරිය රැගත් පුංචි ඔරුව පාවී ගොස් අවසානයේ සේන්දු වුනේ "කිරින්ද" වෙරළ ට. මේ රාජකීය ඔරුව ගැන මිනිස්සු දැනුම් දුන්නේ මාගම රජ කළ කාවන්තිස්ස රජතුමා ට. ඉතින් විහාරමහා දේවිය හරසරින් පිළිගත් රජතුමා ඇය තමන්ගේ බිසව කර ගන්න පසුබට උනේ නැහැ.
මේ රාජකීය විවාහයේ ප්‍රතිඵලයක් විදියට තමයි "ගැමුණු / ගාමිණි අභය" කුමාරයා සහ "සද්ධා තිස්ස" කුමාරයා මෙලොව එලිය දකින්නේ. ගැමුණු කුමාරයා ලැබෙන්න ඉඳිද්දී විහාරමහා දේවිය ට අපූරු දොළ දුකකුත් පහළ වෙලා තියනවා. එළාර රජුගේ අග්‍ර සෙන්පතියාගේ හිස සිඳ ඒ සඳහා පාවිච්චි කළ කඩුව සේදූ ජලය එම හිස මත සිට පානය කිරීමටත් ඒ අවස්තාවේදී අනුරාධපුරයෙන් ගෙනා පර නොවූ නෙළුම් මල් වලින් තැනූ මාලයක් පැළඳීමටත් ය. මේ දොළ සම්පුර්ණ කරන්න කැප වුනේ "වේළුසුමන" යෝධයා ලු. දමිළ සෙන්පතියා ට බොරළු මගක් දිගේ තමා ලුහු බැඳ ඒමට සළස්වා දුහුවිලි ඇවිස්සුණු පාර අයිනේ නැවතී සිට සෙන්පතියාගේ ගෙලට කඩුව අල්වා ගෙල සිඳ ඔහුගේ හිසත්, කඩුවත් නෙළුම් මලුත් රැගෙන හවස් වන විට මාගම ට පැමිණියා ලු.
ඉතින් මේ ගැමුණු කුමාරයා එසේ මෙසේ කෙනෙක් නොවන බව ඔය වගේ සිද්ධි වලින් පැහැදිළිව පෙනුනා. කුමාරයා ට අවු. 12 දී කාවන්තිස්ස රජතුමා දරුවන් දෙන්නාගෙන් පොරොන්දු 3 ක් වෙන්න කියලා ඉල්ලලා තියනවා. බත් ගුලි තුනක් සාදා "බුදු දහමට හෝ සංඝයා ට පිටු නොපාන බව " ට දිවුරා පළමු බත් ගුලිය බෙදා ගෙන කන ලෙසත් "දෙසොහොයුරන් අතර කිසි දින ගැටුමක් ඇති කර නොගන්නා බව" ට දිවුරා දෙවන බත් ගුලිය කන ලෙසත් ඉල්ලූ විට කුමාරවරු දෙදෙනා ම එය පිළිපැද්දා ලු. තුන් වන බත් ගුලිය සඳහා කළ ඉල්ලීම, එනම් "දමිළ රජු සමග සටන් නොවදින බව" පිළි ගන්න ගැමුණු කුමාරයා එකඟ වෙලා නැහැ. ඔහු බත් ගුලිය කෑම පසෙක තබා ඇඳට ගොස් වකුටු වී නිදන්න පටන් ගත්තා ලු. වකුටු වෙලා නිදන්නේ ඇයි දැයි විහාරමහා දේවිය විමසද්දී ඒකට දීලා තියෙන්නේ ලස්සන පිළිතුරක්...
"උතුරින් හැඩි දෙමළුත්...දකුණින් ගොළු මුහුදත් ඇති විට කොහොමනම් අත පය දිග හැර නිදා ගන්නද?"
ඔය විදිහේ ජාතික ආලයක් ඇතුව ඇති දැඩි උන ගැමුණු කුමාරයා ට අවු. 16 වන විටම උවමනා උනේ එළාර සමග සටන් වදින්න. මේ අදහසට කාවන්තිස්ස රජතුමා අකමැති වීම නිසා හැම විටම පිය පුතු මතභේද ඇති උනාලු. අන්තිමේදී කුමාරයා නිවස අත හැර කොත්මලේ ප්‍රදේශය ට පැන ගියා ලු. ගෙදරින් පිට වෙසෙන කාලයේදීත් පියාට අපහාස කිරීම ට ගැහැණු ආභරණ යැවීම වැනි දේ කළ ගැමුණු කුමාරයා මේ හේතු නිසාම දුෂ්ට ගාමිණි හෙවත් දුටුගැමුණු ලෙස හැඳින්වුවා ලු. මොන තරම් අපහාස වින්දත් කාවන්තිස්ස රජතුමා ත් නිකන් හිටියේ නැහැ. අනාගතයේ දි තම පුත්‍රයා කරන්න යන යුද්ධය සඳහා සේනා සංවිධානය ත් රටේ ආර්ථික ස්ථාවර බව තහවුරු කිරීමත් ඔහු කරගෙන ගියේ ඉතාමත් නුවණැති විදියට.
මේ නිසා යුද්ධය ඇරඹෙන කාලය වන විට ගැමුණු කුමරුට ඉතාමත් ශක්තිමත් සේනාවක් ලැබී තිබුණා. මෙයට කණ්ඩුල ඇතු සහ දස මහා යෝධයින් (නන්දිමිත්ර, ඝෝඨයිම්බර, වේළුසුමන, සුරනිමල, ලභිය වසභ, මහාසෝන, ථෙරපුත්තාභය, කඥචදේව, පුස්සදේව, මහාභරණ) ද ඇතුලත්. සංඝ රත්නයේ ආශිර්වාද සහ විහාරමහා දේවිය ගේ මග පෙන්වීම ඇතුව ආරම්භ කළ සටන අවසාන වෙන්නේ සිංහලද්වීපයේ පින් බිම වූ අනුරපුර රාජධානිය දශක 4 ක් දමිළයන් බාරයේ තබා ගැනීමට කටයුතු කළ එළාර රජුගේ මරණයෙන්. මේ ජයග්රහණයෙන් පසුව මුළු රට ම එක්සේසත් කළ රජු ලෙස අභිෂේක ලබන්නේ දුටුගැමුණු රජතුමා - ක්‍රි. පූ. 161 - 137 (බු. ව. 383 - 407).
යුධ ජයග්රහණයෙන් පස්සේ එතනින් නොනැවතුණු දුටුගැමුණු රජතුමා බුදු දහමේ උන්නතිය සඳහා කටයුතු කළ අතර ලෝවාමහාපාය, රුවන් වැලි සෑය, මිරිස වැටිය වැනි අගනා නිර්මාණ ද කරවිය (රුවන්වැලි සෑයේ වැඩ නිම වීමට ප්‍රථම දුටුගැමුණු රජතුමා මිය ගිය අතර සද්ධා තිස්ස විසින් සුදු රෙදි ඇද සෑයේ වැඩ නිම වූ ආකාරයෙන් දුටුගැමුණු රජුට සෑය ප්‍රදර්ශනය කර ඇත).
ඉතින් ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවුනු පරිච්චේදයක් මෙලෙස නිමා වෙද්දී ඉතිහාස ගත පෙම් පුවතක් සමගින් මී ළඟ රාජාවලිය ලිපියෙන් මුණ ගැහෙමු :)
ප. ලි. උඩම පින්තුරයේ තියෙන්නේ දුටුගැමුණු ධජය.
යේයි !!!! මම එක!!!! පොඩිකාලෙ වැඩිපුරම කතන්දර අහලතියෙන්නෙ දුටුගැමුණු රජතුමා ගැන. අර පොඩි කාලෙ බත් ගුලි කාපු කතාව එහෙම...
ReplyDeleteමේ ඉතිහාස කතාව වෙහෙසක් නැතිව කියවන්න පුළුවන් විදියට ලියල තියෙනවා, හොඳයි.
ReplyDelete//සුදු රෙදි ඇද සෑයේ වැඩ නිම වූ ආකාරයෙන් දුටුගැමුණු රජුට සෑය ප්‍රදර්ශනය කර ඇත//
'රැවටිල්ල, ඒ කාලේ ඉඳලම අපේ ජාතික උරුමයක්' හිකිස්....
දුටු ගැමුණු රජතුමාගෙ කොඩියෙ ඉන්න සිංහයාමයි නේද පොඩි පොඩි වෙනස්කම් ටිකකුත් එක්ක මේ වර්තමාන කොඩියට ඇවිත් තියෙන්නෙ.....
ReplyDeleteමේක කියවනකොට ගැමුණු කුමාරයගෙ පෙම් කතාව මතක් උනා... ඒව ඊළඟ සැරේ වෙන්නැති නේද....
ඉතිහාසය අවුස්සලා අපට හොඳ දෙයක් දෙන්න දරන උත්සාහයට ගොඩක් ස්තුතියි...
ම්....... බොහොම පැහැදිලිව ලියල තියනව. ගොඩක් ස්තූතියි! :)
ReplyDelete//සුදු රෙදි ඇද සෑයේ වැඩ නිම වූ ආකාරයෙන් දුටුගැමුණු රජුට සෑය ප්‍රදර්ශනය කර ඇත//
ReplyDeleteමෙන්න මේ වැඩේ තමා මං ඉන්න සයිට් එකෙත් කරන්න වෙන්නෙ දැන් තියෙන තත්වය අනුව.
සෑහෙන්න වැදගත් මං දන්නෑ කොහොම මට මග හැරුනද කියලා .
ReplyDeleteසිරාවටම පෝස්ට් එක කියවන්න ගත්තම තමා තේරුනේ දුටුගැමුණු රජ්ජුරුවො බත් කෑවා වාගෙ තමා පහන් යාය කියවලා තියෙන්නෙ කියලා.. ඉතින් පිළිවෙළකට කියවගෙනම එන්ඩයි කල්පනාව... :D
ReplyDelete@ රෝස කුමාරි : :)) ඒකනම් ඇත්ත කතාව...ඔය ගොළු මුහුදේ කතාවත් පොඩි කාලේ ඇහුවා මට මතකයි..රෝස කුමාරිගේ පෝස්ට් එකක් ලඟදි දැක්කේ නැත්තේ වැඩ වැඩි වෙලාවත්ද?
ReplyDelete@ Observer : බොහොම ස්තුතියි...හි හි අනේ ඇත්තට අපිත් ඔහොම ආදර්ශනම් පැනලා අරගන්නවා තමා :)
@ මියුරු : ඔව් මම හිතන්නේ මේ කොඩියම ටික ටික වෙනස් වෙලා තමයි අද තියන කොඩිය ඇවිත් තියෙන්නේ...ගැමුණු කුමාරයාගේ පෙම් කතාව (මතක විදියට නම් කොත්මලේ රන් මැණිකා සමග) නම් මම හරියටම දන්නේ නැති නිසා ලිව්වේ නැහැ...ඊ ළඟ ලිපියේ දාන්න හිතාගෙන ඉන්නේ සාලිය කුමාරයාගේ පෙම් කතාව :)
@ තනි අලියා : ස්තුතියි තනි අලියෝ...
ReplyDelete@ නිසුපා : ඔය තියෙන්නේ නංගි..සද්ධාතිස්ස රජතුමා ව ආදර්ශෙට ගන්න..හි හි
@ ලොකු ජෝන් : බොහොම ස්තුතියි...ඉඩ ඇති වෙලාවක කියවන්නකෝ :)
@ මකුළු පැංචි : හනේ මට අමතක උනා නේ ඒ කතාව පෝස්ට් එකේ දාන්න...ඒ කතාව මතක් කරාට ස්තුතියි ඔයාට...:) ඉඩ තියන වෙලාවක පිළිවෙලට කියවන්නකෝ එහෙනම්....
හුඟ කාලෙකින් ආවේ සයුරි... බොහොම අමාරු සතියක් පහුවුනේ...
ReplyDeleteමේ පරිච්ඡේදය නම් ගොඩක් දුරට මගේ මතකයේ තියෙන එකක්. ඔය තියෙන කථා දෙක තුනක් ම අපේ ආච්චි අම්මා මං පොඩි කාලේ කියලා දුන්නා. විශේෂයෙන්ම බත් කාපු කථාව !!!
හැමෝටම වැදගත් ලින්ක් එකක් මෙතක දාන්න අවසර !!!
මේ වගේම වැදගත් තොරතුරු ගොඩක් තියෙනවා. මෙන්න පාර...
@ චතුරංග : ඔයා හරි...ඉස්සර අපේ අම්මලා ආත්තම්මලා මේ කතා තමයි මටත් කියලා දුන්නේ..හැම කෙනාම වගේ මේ පරිච්ඡේදය ගැන හොඳට දන්නවා...සහෘද තොටුපළ ට පාර කිව්වට බොහොම ස්තුතියි චතුරංග...
ReplyDeleteඅර රහතන් වහන්සේව තෙල් කටාරමක දාලා පිච්චුව පවට ඔහොම උනා කියලා මම අහලා තියෙන්නේ..අගේ ඇති විස්තරයක්...
ReplyDeleteහරිම ආසාවෙන් කියෙව්වා.. අපිත් පොඩිකාලේ මේ කතා අහලා තියෙනවා ;))))))
ReplyDeleteලස්සනයි...
ReplyDelete@ ඔබ නොදුටු ලොවක් : ඔව් ඔව් ඒක හින්දලු එහෙම උනේ...රහතන් වහන්සේ මරලා මුහුදට ත් දැම්මලු නේ..
ReplyDelete@ වර්ණා : ස්තුතියි නංගි :)))
@ ලහිරු : ස්තුතියි ලහිරු....
අද මං ටිකක් පරක්කුයි.. දුටු ගැමුණු රජුගේ කාල සීමාව අපේ ඉතිහාසයේ වැදගත්ම කාල සිමාව කිවුවනම් හරියටම හරි.. කාගෙද බලමු ඒ ඉතිහාසගත් පෙම්පුවත..
ReplyDeleteඔය මුහුද ගොඩ ගැලුවේ රහතන් වහන්සේ නමක්ව තෙල් කටාරමක ගිල්වලා මරපු එකට කියලා මම් අහලා තියෙනවා. තව එකක් තියෙනවා ඔය කිරින්ද හරිගේ ගල්වැටි නිසා එහෙට නෙමේලු ඇත්ත්ටම විහාරමහාදේවියව ගොඩ ගහලා තියෙන්නේ. ඒ වෙන තැනකට ලූ. ඒක ඊ අටුවාවේ තිබ්බා.
ReplyDeleteමොනා උනත් මරු ලිපියක්. !!!!
ඔය උඩ කියපු සේරම මම් ජනප්‍රවාද වලින් අහලා තිබ්බ ඒවා.
@ දිනේෂ් : ඔව් ඒක හරි...පෙම් පුවත නම් ඉතින් හැමෝම දන්න එකක් තමා...:)
ReplyDelete@ මධූ : ඔව් ඒක තමයි ලු මුහුද ගොඩ ගලන්න හේතුව...විහාරමහා දේවී ගොඩ බැහැපු තැන ගැන ගොඩක් මත තියනවා නේද? කිරන්දෙන් අම්පාර පැත්තට වෙන්න මුහුදේ තැනක ඔරුව තාම තියනවා කියලත් කතාවක් තියනවා..ඒක ඉඳල හිටලා ගල් පරයක් උඩ රැඳුනම මිනිස්සුන්ට පේනවලු..ඇත්තද දන්නේ නැහැ
මම දැන් දැක්කේ පෝස්ට් එක
ReplyDeleteහෙට දිහාවට බලලම කමෙන්ට් එකක් දාන්නම්
ජනප්‍රවාද විවිධයි නේ. ජනප්‍රවාදත් එක්ක ලිඛිත සාක්ෂි හොයලා බලන්න ඕනේ. නැත්නම් හරිම හේතු කාරණා දැනගන්න බෑ අක්කේ.
ReplyDeleteඅපි තාමත් අනුරාධපුරේ නේද ඉන්නේ ? රාජධානි නිරිත දිගට මාරු වෙන කාලයටත් එමු අක්කේ.
@ ලොකු පුතා : ඕඕ කේ ලොකු පුතා :)
ReplyDelete@ මධූ : ඒක තමයි..ජනප්‍රවාද මම පුළුවන් තරම් නොලියා ඉන්නයි හිතුවේ...ඔව් මල්ලි, තාමත් අනුරාධ පුරේ නේ..ඒක ටිකක් දිගයි තමා...ඊට පස්සේ පොළොන්නරු දිහාටත් ගිහින් නිරිත දිගට එමුකෝ..
හොඳයි අක්කේ අදත් කතාව අරන් ඇවිත් :) අදත් ඉතින් පොඩි පොඩියට මිරිස් තුනපහ ලුණු ඇඹුල් ටිකක් දාන්නම්
ReplyDelete"මේ අතර මාගම රජ කලේ "කාවන්තිස්ස" රජු බවත් කැලණියේ රජ කලේ "කැලණිතිස්ස" රජු බවත් අපි කිව්වා නේ"
මේ රාජ්‍ය දෙක හැරෙන්න ගිරි නුවර, සෝම නුවර, සේරු නුවර කියලා තවත් උප රාජ්‍ය 3 ක් තිබිලා තියෙනවා.
"මේ නුනුවණ ක්‍රියාවට"
අක්කේ මේ වචනේ අනුවණ කියලා නේද එන්න ඕනේ ???
"ඒ තමයි රහතන් වහන්සේ කෙනෙක් මරා මුහුදට දැමීම"
මෙතනදී සිද්ධ වෙන්නේ රහතන් වහන්සේව තෙල් කටාරමක දාලා රත් කරන එක. අන්තිමට උන් වහන්සේ පිළිස්සී පිරිනිවන් පානවා. මේක කැලණි විහාරයේ අලුත් විහාරයේ සිතුවම් කරලාත් තියෙනවා
"රට බේරා ගැනීම ට මුහුදට බිලි වුන දේවී කුමරිය රැගත් පුංචි ඔරුව පාවී ගොස් අවසානයේ සේන්දු වුනේ "කිරින්ද" වෙරළ ට"
තවත් මතයක් තමා දේවි කුමරිය ගොඩ බැස්සේ කිරින්දට නෙමේ පොතුවිල් ප්‍රදේශයේ තියෙන මුහුදු මහා විහාරය ආසන්නයට කියලා. මේ තියෙන්නේ ඒක ගැන තියෙන ලිපියක්. ඒ ආසන්නයේ තියෙන මඟුල් මගා විහාරයේදී කාවන්තිස්ස විහාර මහාදේවී විවාහය සිදුවුණා කියලත් මත පළවෙලා තියෙනවා
http://eatuwawa.blogspot.com/2010/11/muhudu-maha-viaharaya.html
"එළාර රජුගේ අග්‍ර සෙන්පතියාගේ හිස සිඳ ඒ සඳහා පාවිච්චි කළ කඩුව සේදූ ජලය එම හිස මත සිට පානය කිරීමටත් ඒ අවස්තාවේදී අනුරාධපුරයෙන් ගෙනා පර නොවූ නෙළුම් මල් වලින් තැනූ මාලයක් පැළඳීමටත් ය"
තව ටිකක් මේකට එකතු වෙන්න ඕනේ අක්කේ. සම්පූර්ණම දොළ දුක තමා ඉස්බක් තරම් ලොකු මී වදයක් තමන්ගේ හිස පැත්තේ තියාගෙන දකුණු ඇලයෙන් ඇඳක දිගාවෙලා ඉදලා මී පැණි 12,000 ක් මහා සංඝයාට පූජා කරලා ඉතිරිය තමන් අනුභව කරන්නත් එළාර රජතුමාගේ අග්‍ර යෝධයාගේ බෙල්ල කපපු කඩුව හෝදපු වතුර ඒ යෝධයාගේ ඔළුව උඩ ඉදගෙන බොන්න සහ අනුරාධපුරේ නෙලුම් කෙතින් ගෙනා නෙලුම් මල් මාලයක් පළදින්න
දුටු ගැමුණු රජතුමාගේ කතා පුවතට තව කුඩා කතා ගොඩක් එකතු වෙන්න තියෙනවා. ඒ කතා කියව ගන්න නම් එක්කෝ වංසත්ථප්පකාසිනිය කියවන්න ඕනේ එහෙමත් නැත්නම් දහම් පාසල් අවසාන ශ්‍රේණියේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ තියෙන දුට්ඨ ගාමිණී අභය රාජා වස්තුව කියවන්න. පාලියෙන් වගේම ඒකේ සිංහල තේරුමත් තේරුම් ගන්න පුලුවන් විදිහට තියෙනවා
දුටු ගැමුණු රජතුමා වීරයෙක් විදිහට පෙන්වන්න මහාවංස කතුවරයා වුණු මහානාම හාමුදුරුවෝ ලොකු උත්සවයක් දරපු බව පේනවා. ඒකට හොඳ හැටි පෙනෙන්නේ මහාවංසයේ පළමු කොටසේ තියෙන පරිච්ඡේද 37 න් 11 ක් ම දුටුගැමුණු රජතුමා වර්ණනා කරන්න යොදාගෙන තියෙන එකෙන්.
ReplyDeleteකොහොම නමුත් දුටුගැමුණු රජතුමා අනෙක් රජවරුන් සමඟ සාපෙක්ෂව බලද්දී එතරම් වීරයෙක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඇත්තටම ලංකා ඉතිහාසය බලද්දී මහා විජයබාහු රජතුමා ශ්‍රේෂ්ඨම රජතුමා විදිහට සළකන්න පුලුවන් කියලයි මගේ හැඟීම
ආ මම මීට කලිං ඕක කියවලා තියෙනවා. හු හු.. :P
ReplyDelete@ හසිත : එල එල..හසිත මල්ලි ලුණු, ඇඹුල් අරන් ඇවිත් :)
ReplyDeleteඑතකොට දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කරද්දී ගිරි නුවර, සෝම නුවර, සේරු නුවර කියන රාජ්‍ය ඉබේම රජතුමාට නතු උනාද? නැත්නම් යටත් කරගන්න උනාද?
අහ්හ් "අනුවණ" වෙන්න ඕන හරි වචනේ...ඒත් මම අර වචනෙත් අහලා තියනවා කොහෙන් හරි :-/
රහතන් වහන්සේ තෙල් කටාරමක දාලා මියගියාම මුහුදට දැම්මලු නේද? මෙන්න මෙතන තමයි එහෙම තිබුණේ...http://www.wisdomlib.org/buddhism/book/the-mahavamsa/d/doc3243.html
ඔව් ඔව්, ඔය මුහුදු මහා විහාරේ සහ මගුල් පෝරුව ගැන මමත් අහල තියනවා...
දොළ දුක සම්පුර්ණ කරාට ස්තුතියි :))
@ සීතල අයියා : හෙහ් හෙහ් :)))
ReplyDeleteදැන් තමයි කියවල ඉවර කලේ....
ReplyDeleteදුටුගැමුණු කතාව මෙච්චර ඉක්මනට ඉවර කරපු එකනම් අපරාදේ
තව විස්තර ඇතුව ඉතුරු ටික ලියමු...
@ Hasitha
දුටුගැමුණු රජ වීරයෙක් වන්නේ වීරකමක් නොතිබුණු කලක ඉපදී වීරකම් කොට රට එක්සේසත් කළනිසා කියල මට හිතෙනවා
රටේ ප්‍රධාන කොටස විජාතිකයෙක් පාලනය කරද්දී ඉතුරු කොටසේ සිට සේනා සංවිධාන කර විජාතික රජු මරා දැමීම ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි
අනිත් එක එළාර අවුරුදු 40 ක් රාජ්‍ය පාලනය කලා කියන්නේ එයාගේ බලය බොහොම වැඩියි.
ප.ලි.
ReplyDeleteඔව් සයුරි, ඔයා හරි. "නුණුවන" යන වචනය භාවිතා කිරීමේ වරදක් නැහැ
ඒක පොතපතේ සඳහන් වෙන බව මමත් දැකල තියෙනවා
@ ලොකු පුතා : බොහොම ස්තුතියි ආපහු ඇවිත් මේක කියෙව්වට...ඇත්තටම වැඩි හරියක් ජනප්‍රවාද, සටන ගැන විස්තර එහෙම මම අත ඇරියා මේක ලියද්දි...අනුරාධපුර යුගය ටිකක් විතර දිග නිසා..."නුණුවන" වචනේ ගැන කිව්වටත් ස්තුතියි...මටත් ඒක දැකලා පුරුදුයි තැන් තැන්වල....
ReplyDeleteඔන්න දැන් තමයි මේ පැත්තේ එන්න පුළුවන් වුනේ සයුරි අක්කේ.. වෙනද වගේම ලස්සනට ලියලා... :)
ReplyDeleteඅපේ රාජාවලියේ මං ආසම චරිතයක් 'දුටුගැමුණු' චරිතේ.. අනිත් එක 'මහා පරාක්‍රමබාහු' රජතුමාගේ චරිතේ.. :)
දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කරන්න කලින් ඒකට මූලික වැඩ කොටසක් ඇත්තටම කිව්වොත් ලොකු වැඩ කොටසක් කාවන්තිස්ස රජතුමා සහ එතුමගේ තාත්තා වුණු ගෝඨාභය කරලා තිබුණේ. ගෝඨාභය කතරගම හිටිය ක්ෂත්රියන් සමූල ඝාතනය කරලා කතරගම මාගමට ඈඳාගෙන තිබුණේ.
ReplyDeleteඒ වගේම කාවන්තිස්ස විහාර මහදේවී විවාහයෙන් කැලණියට මාගමට එකතු වෙලා තිබුණේ. ඒ වගේමයි සෝම නුවර පාලකයට තමන්ගේ සොයුරියක් සරණ පාවා දෙන්න කාවන්තිස්ස කටයුතු කරලා තිබුණා. සෝමාදේවි කියලාලු එයාට කිව්වේ. සෝමාවතී චෛත්‍ය ඉදි කරන්නේත් ඒ දෙපළ තමා. සේරු නුවරට කාවන්තිස්ස රජතුමා ගිහින් සේරුවාවිල චෛත්‍ය ඉදිකලා. ඒකෙන් වුණේ බුදු දහම උපයෝගී කරගෙන වක්‍රාකාරව සේරු නුවර තමන්ගේ යටතට ගත්තු එක.
ගිරි නුවර හිටියේ කාවන්තිස්සගේ ඥාති සහෝදරයෙක් කියලයි මට නම් මතක. ඒකත් කාලානුරූපීව මාගමට එකතු වෙලා තිබුණේ. කාවන්තිස්ස මිය ගිහින් දුටු ගැමුණු මාගම පාලකයා වෙද්දී රුහුණේ තිබුණු සියලුම රාජ්‍ය මාගම ආදිපත්‍ය පිළිගෙන හමාරයි
අනිත් කතාව තෙල් කටාරමේ පිළිස්සිලා පිරිනිවන් පාපු රහතන් වහන්සේව ඊට පස්සේ මුහුදට දාන්න ඇති අක්කේ
@ලොකු පුතා
ReplyDelete"කොහොම නමුත් දුටුගැමුණු රජතුමා අනෙක් රජවරුන් සමඟ සාපෙක්ෂව බලද්දී එතරම් වීරයෙක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඇත්තටම ලංකා ඉතිහාසය බලද්දී මහා විජයබාහු රජතුමා ශ්‍රේෂ්ඨම රජතුමා විදිහට සළකන්න පුලුවන් කියලයි මගේ හැඟීම"
මම කිව්ව දේ තවත් පැහැදිලි කරන්න අවශ්‍යයි කියලා හිතෙනවා
දුටුගැමුණු රජතුමා සටන් කළේ එළාර කියලා චෝල කුමාරයා එක්ක. ඒත් මහා විජයබාහු සටන් කළේ දකුණු ආසියාව, අග්නි දිග ආසියාව කියන විශාල ප්‍රදේශයක තමන්ගේ අධිරාජ්‍ය ව්‍යාප්ත් කරලා තිබුණු චෝල අධිරාජ්‍යය සමඟ.
දුටුගැමුණුට තිබුණේ යුද්ධය කිරීම පමණයි. මොකද ඒ වෙද්දී කාවන්තිස්ස රජතුමා මම කලින් පැහැදිලි කළා වගේ රෝහණය එක්සේසත් කරලා මාගම අණසකට ප්‍රාදේශීය රාජ්‍ය නතු කරගෙන තිබුණේ.
ඒ වගේම බාල පුතා තිස්ස දිගාමඬුල්ලට යවලා සේනාවට අවශ්‍ය ආහාර සැපයීම භාර කරලා තිබුණේ. දස මහා යෝධයෝ ඇතුලු ශක්තිමත් සේනාවක් හදලා තිබුණේ
ඒත් විජයබාහුට මේ මොකක්වත් තිබුණේ නැහැ. කැළෑවල හැංගි හැංගි තමා මුල් කාලය ගත කරන්න වුණේ. රුහුණ එක්සත් කරන්න සිංහලයන් සමඟ තමා මුලින්ම යුද්ධ කරන්න වුණේ. ඒත් වරින්වර සිංහල අධිපතීන් විජයබාහුට විරුද්ධව කැරලි ගැහුවා.
ඒ වගේම චෝල සේනා වරින්වර රුහුණට ඇවිත් ගම් බිම් විනාශ කලා වගේම රාජ වංශික කුමාරවරු මරා දැම්මා. විජයබාහු ස්වෝත්සාහයෙන්මයි සේනා රැස් කළේ වගේම ආහාර පාන සපයා ගත්තේ... බුද්ධරාජ සෙනෙවියාගේ දායකත්වය පමනයි එතුමාට තිබුණේ........ පිය රජතුමාගෙන් එහෙම සහයක් ලැබුණේ නැහැ
"රටේ ප්‍රධාන කොටස විජාතිකයෙක් පාලනය කරද්දී ඉතුරු කොටසේ සිට සේනා සංවිධාන කර විජාතික රජු මරා දැමීම ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි
අනිත් එක එළාර අවුරුදු 40 ක් රාජ්‍ය පාලනය කලා කියන්නේ එයාගේ බලය බොහොම වැඩියි."
රටේ එක කොටසක් විජාතික රජු පාලනය කළත් ඒ විජාතික රජුට වඩා විජාතික අධිරාජ්‍යයක් එක්කයි විජයබාහු සටන් කළේ. ඒ වගේමයි දුටුගැමුණුට අවශ්‍ය සේනා සිල්ලම සපයා දීලයි තිබුණේ...
එළාර අවුරුදු 40 ක් ලංකාව පාලනය කරද්දී විජයබාහු පරද්දපු චෝලයෝ අවුරුදු 53 ක් ලංකාව පාලනය කළා කියලත් දක්වන්න කැමතියි.
ඒක නිසාමයි පරණවිතාන මහත්තයත් කියන්නේ මහා විජයබාහු හිටියේ නැත්නම් අද වෙද්දී සිංහලයෝ කියලා කට්ටියක් නැතිවෙයි කියලා
දුටුගැමුණු රජතුමා කියන තරම් වීරයෙක්ද ඒ වගේම සැබෑම වීරයා වගේම ශ්‍රේෂ්ඨතම රජතුමා කවුද කියන එක මේ විස්තරය කියවලා බලලා තීරනය කරන එක ඔබට භාරයි
@ සයුරි + හසිත :
ReplyDelete‘නුනුවණ‘ වචනය හරි, මමත් දන්න විදියට... ඒකේ වරදක් නෑ... ඒත් අනුවණ - නුනුවණ කියන දෙකේ තේරුම් දෙකක් තියේද කියන්නනම් දන්නෑ...
හසිතගේ මත දැක්විමට අනුව දුටුගැමුණු රජුට වඩා විජයබාහු රජු ශ්‍රේෂ්ඨයි තමා... ඒත් උන්නැහේව පුම්බලා නැති නිසා සහ දුටුගැමුණුව මහාවංශෙන් හා වෙනත් සාහිත්‍ය මූලාශ්‍ර වලින් පුම්බලා තියෙන නිසා ගොඩක් දෙනෙක් දන්නේ අර විදියට තමා. ලොකු පුතාගේ තර්කය හරි. ඒත් හසිත මේ ගැන දන්න නිසා එයාගේ තර්කය හරි කියලා පිළිගන්න වෙනවා...
පෝස්ට් එක කියවලා ඉවරවෙලා, දවස් දෙකක් තුනක් මේල් එකට එන කමෙන්ට් රිප්ලයිස් කියවන එක තමා හොඳම වැඩේ... ඇත්තටම නොදන්න ගොඩක් දේ දැනගත්තා. ඒ වගේම පහන්යායත් හොඳ සංවාද මංණ්ඩපයක් වේවි... සයුරි හා හසිත දෙන්නටම ස්තුතියි !!! ජය !
@ හසිත
ReplyDeleteඔබ මේ කියන කරුණු ගොඩක් ඒවා මමත් අහල තිබුනේ නැහැ
විජයබාහු රජුට වඩා වළගම්බා රජු ගැන පවා අපේ ඉතිහාස(සාමාන්‍ය) පොත්පත් වල ලියවිලා තියෙනව නේද
මේ ගැන සවිස්තරාත්මක විස්තරයක් ඔය දෙන්නගෙන් කවුරුහරි ලියනවනම් හොඳයි
බොහොම ස්තුතියි තොරතුරු වලට....
Sayuri akka balanna pahugiya davas tikema awa..
ReplyDeletetika dawasakin evith thiyenne blog eka peththe neda?
nice post..
සහෝදරි වැදගත් ලිපි නේද ඔයා ලියන්නේ.ජයවේව!!
ReplyDelete@ Chathuranga Perera
ReplyDeleteඅගය කිරීමට ස්තුතියි අයියා. කොහොම නමුත් හසිත දන්නවා ඒක නිසා පිළිගන්න ඕනේ කියලා පිළිගන්න එපා. මේ කරුණු නිවැරදියි කියලා හිතනවා නම් සහ ඔයාලත් දන්නවා නම් විතරක් පිළිගන්න. මගේ අතින් වුණත් වැරදි දෙයක් ලියවෙන්න පුලුවන්නේ :)
@ ලොකු පුතා
මහාවංසයේ පළමු කොටස තුළ පරිච්ඡේද 37 න් 11 ක් දුටුගැමුණු රජතුමා වර්ණනා කරන්න වෙන් වෙද්දී වළගම්බා රජතුමා ගැන කියන්න වෙන් වෙන්නේ ගාථා 69 ක්. [පරිඡේදයකින් 3/4 ක් විතර]
මහාවංසයේ දෙවෙනි කොටසේ මහා විජයබාහු රජතුමා ගැන කියන්න පරිච්ඡේද 3 කුත් මහා පැරකුම්බාවන් ගැන වර්ණනාවට පරිච්ඡේද 18 කුත් වෙන් කරලා තියෙනවා.
"විජයබාහු රජුට වඩා වළගම්බා රජු ගැන පවා අපේ ඉතිහාස(සාමාන්‍ය) පොත්පත් වල ලියවිලා තියෙනව නේද
මේ ගැන සවිස්තරාත්මක විස්තරයක් ඔය දෙන්නගෙන් කවුරුහරි ලියනවනම් හොඳයි"
මට මේ ප්‍රශ්නේ තේරුණේ නැහැ. තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන් නම් හොඳ උත්තරය්ක් දෙන්න පුලුවන් වේවි :)
@ අයිස් : ස්තුතියි නගෝ...මාත් ආසම චරිතයක් තමයි දුටුගැමුණු
ReplyDelete@ හසිත : ස්තුතියි විස්තරයට මල්ලි...නෑදෑ කම් වලින්ම උප රාජධානි ටික ගොඩ දාගෙන වගේ පේන්නේ...ඔව් මමත් හිතන්නේ මුලින් කටාරමේ දාලා මැරුණට පස්සේ මුහුදට දාන්න ඇති (මම පෝස්ට් එකේ දැම්මේ "මරා මුහුදට දැම්මා" කියල නේ)....මම හිතන විදියට දුටුගැමුණු රජතුමා ශ්‍රේෂ්ට රජෙක් විදියට හුවා දක්වන්න හේතුව රට එක්සේසත් කිරීම විතරක්ම නෙමෙයි...යුද්ධෙන් පස්සේ ආගමික උන්නතියට කරපු දේවල්, දැවැන්ත ඉදිකිරීම් (රුවන්වැලිසෑය, ලෝවාමහාපාය වැනි දේ අදටත් අපිට දකින්න පුළුවන්) බලපාන්න ඇති. ශ්‍රේෂ්ට රජෙකුගේ ඔය අංශ දෙකම කැපී පේන්න ඕන කියලයි මම විශ්වාස කරන්නේ...:)
@ චතුරංග : ඔව් චතු, මමත් වැඩිපුරම කැමති පෝස්ට් එකට පස්සේ යන සංවාදෙට...නොදන්නා දේවල් දැනගන්න ලැබෙනවා වගේම ඔයාලා පෝස්ට් එක ගැන උනන්දු වෙනවා දැක්කම සතුටුත් හිතෙනවා :)
ReplyDelete@ ලොකු පුතා : මම හිතන්නේ විජයබාහු රජතුමා ගැන ලියන කාලේ වෙනකොට හසිත මල්ලිට කියන්න ගොඩක් දේවල් තියෙයි වගේ :)
@ Anonymous : ඒකනේ මල්ලි/නංගි....වෙලාව ප්‍රශ්නෙකුත් තියනවනේ....බොහොම ස්තුතියි අපිව බලන්න ආවට :)
ReplyDelete@ අසරණයා : බොහොම ස්තුතියි සහෝදරයා ඇගයීමට....
ඒක නම් ඇත්ත අක්කේ. දුෂ්කර සංග්රාමයකින් පස්සේ රාජ්‍යය ස්ථාවර කරන්න සිදුවීම, ඒ වගේම ඊට පස්සෙත් රජතුමාට එරෙහිව කැරලි 2 ක් සිදුවීම වගේ කරුණුත් එක්ක ආගමික අංශය පැත්තෙන් මහා විජයබාහුට එතරම් දෙයක් කරන්න වුණේ නැහැ තමා.
ReplyDeleteපස්සේ කාලේ ඒවාටත් එක්ක හරියන්න මහා පරාක්‍රමබාහු වැඩ කළානේ ආගමික අංශයට :)
කොහොම නමුත් සාපේක්ෂව පහසු යුද්ධයක් දුටුගැමුණුට හිමිවීමත් එක්ක ආගමික අංශයට වැඩි දායකත්වයක් දෙන්න එයාට පුලුවන් වුණා.....
@ හසිත : ඒක හරි මල්ලි...ඒක ඉතින් රජතුමා ගේ නොහැකියාවක් නෙමෙයි...
ReplyDeleteඅර රහතන් වහන්සේ ගේ කතාව ඇහුවේ අද...... ඉස්සර වැඩිපුරම අහපු වීර කතාව..
ReplyDeleteඉළගට පහළවන මෛති බුදුහාමුදුරුවන්ගෙත් අගසවු කෙනෙක් නේ දුටු ගැමුණු...
ඔය ගැන ගොඩක්තිනවා කතාකරන්න.
දැක්කනේ මන් වගේ දකුණේ කෙනෙක්...!
@ රහස් : ඒ අගසවු කතාව මාත් අහල තියනවා...ආයිත් අහලා මල්ලි, දකුණේ නම් ඉතින් එළම තමයි...
ReplyDelete