එදා අපි නතර කළේ වළගම්බා රජතුමා මහාරත්ථක ඇමති මරා රජ උන තැනින්. අද එතැන් සිට...
වළගම්බා රජතුමා ක්‍රි. පූ. 103 දී සිංහාසනාරූඨ උනත් එතුමාට රාජ්‍ය කරන්න ලැබෙන්නේ මාස 5 ක් වැනි කෙටි කාලයක් පමණයි. සතුරු කරදර රාශියකට මුහුණ දෙන්න එතුමා ට සිද්ද වෙනවා. රෝහණ දේශයේ "තිස්ස (තීය)" නම් බමුණෙක් රාජ්‍ය ඉල්ලා රජු ට විරුද්ධව කැරලි ගහන අතරෙදි මහාතිත්ථ වරායෙන් ලංකාවට ගොඩ බහිනවා ද්‍රවිඩයින් සත් දෙනෙක් සහ ඔවුන්ගේ සේනාව. මේ ද්‍රවිඩයින් ගේ අපේක්ෂාව උනෙත් රාජ්‍ය අල්ලා ගැනීම ම තමයි. මේ විදියට දෙපැත්තකින් සතුරු කරදර ආවම රජතුමාත් පොඩි නුවණැති ක්‍රියාවක් කරල තියනවා. රජතුමා තීය බමුණාට මෙන්න මේ විදියේ පණිවිඩයක් යැව්වලු.
"දැන්නම් රාජ්‍ය නුඹගේ ය, නුඹ දෙමළුන් හා සටන් කොට රාජ්‍ය ගනුව"
ඉතින් මේ පණිවිඩය දැකපු මෝඩ බමුණා දෙමළුන් සමග සටනට ගිහින් පැරදුනා ලු. ඒ සටනෙන් ජයග්‍රහණය කරපු දෙමළු හත් දෙනා ඉන්පස්සේ වළගම්බා රජු සමග සටනට ගියා ලු. කොලොම්භාලක නම් ස්ථානයේදී ද්‍රවිඩයින් හා කළ සටනින් පැරදුනු රජු, ද්‍රවිඩයින්ගෙන් බේරීමට රථයක නැගී පලා ගියා ලු. ද්‍රවිඩයින් විසින් ලුහුබැඳපු මේ රථය, තීර්ථකාරාමය පසු කර යද්දී එතන ඉඳපු "ගිරි" නම් නිඝන්ඨයෙක්,
"මහා කළු සිංහලයා පලා යනවෝ" යැයි උපහාසයෙන් ඝෝෂා කරා ලු.
මේ රථය ඇතුලේ ඉඳපු අනිත් සාමාජිකයින් තමයි, සෝමා දේවිය, ඇගේ පුත් නාග කුමරු, අනුලා දේවිය සහ ඇගේත් ඛල්ලාටනාග ගේත් පුත් මහාචූලී මහාතිස්ස. ඉතින් මේ පිරිසේ බර වැඩි උන හින්දා රථය ට වැඩි වේගයකින් ගමන් කරන්න අපහසු තත්ත්වයක් ආවා ලු. සතුරන් ලඟ ලඟම ලුහු බැඳගෙන එන නිසාත්, කිරීමට වෙනත් පිලියමක් නොතිබුණු නිසාත් මේ වෙලාවේදී "සෝමා දේවිය" උදාර තීරණයක් ගන්නවා. ඒ තමයි තමන් කරත්තයෙන් බැහැලා රජු ඇතුළු පිරිසට පළා යාමට ඉඩ සැලැස්වීම. අන්තිමේදී මේ තීරණයට එකඟ උන රජතුමා දේවිය ට බිමට බැසීමට සළස්වා සතුරන්ගෙන් බේරී පළා යනවා. සෝමා දේවිය අල්ලා ගත් එක් ද්‍රවිඩයෙක් ඇය ඉන්දියාවට රැගෙන ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතුරු ද්‍රවිඩයන් 6 දෙනාගෙන් තවත් කෙනෙක් බුදුන් දන් වැළඳු පාත්‍ර ධාතුව රැගෙන ඉන්දියාවට පළා ගියා ලු.
ඔන්න ඔය විදියට ලංකාවේ නැවතුනේ ද්‍රවිඩයින් පස් දෙනෙක් පමණයි. එයින් මුලින්ම රජ කරන්නේ "පුලහත්ථ" (ක්‍රි. පූ 103 - 100). ඉන්පසු "බාහිය" නම් ද්‍රවිඩයා පුලහත්ථ මරා අවු. 2 ක් රජ කරනවා (ක්‍රි. පූ. 98 දක්වා). ඉන්පසු බාහිය මරා රජ වෙන්නේ "පණයමාර" නම් ද්‍රවිඩයා යි (ක්‍රි. පූ. 98 - 91). පණයමාර මරා දමා "පිලියමාර" රජ උනත් ඔහුට රජ කරන්න ලැබෙන්නේ මාස 7 ක් පමණ කාලයක් විතරයි. ඒ, අවසාන ද්‍රවිඩයා වන "දාඨික" ගෙන් ඔහු මැරුම් කන නිසා. ඉන් පස්සේ දාඨික අවු. 2 ක් (ක්‍රි. ව. 89 තෙක්) රජ කරනවා.
මේ විදියට ද්‍රවිඩයින් පස් දෙනා එකිනෙකා මරා ගන්න අතරේ අපි බලමු අපේ වළගම්බා රජතුමා මොකද කළේ කියලා. රජු ඇතුළු පවුල පළා ගොස් වෙස්සගිරි වනයේ සැඟවී සිටිද්දී "කුපික්කලතිස්ස" නම් තෙර නමක් ඔවුන් පිණ්ඩපාතයෙන් පෝෂණය කළා ලු. රජ පවුල ට මුහුණ දෙන්න සිද්ද උනේ ඉතාමත් දුෂ්කර කාල පරිච්චේදයකට. ඒ කාලයේ ඇති වුන "බැමිණිතියාසාය" නම් දරුණු දුර්භික්ෂයක් නිසා රහතන් වහන්සේලා පවා විශාල ගණනක් අපවත් උනා ලු. ද්‍රවිඩයින් ගේ පාලන කාලයේදී වැව් අමුණු හරියාකාරව නඩත්තු නොකිරීම, ආක්‍රමණ අතරතුර වාරිමාර්ග විනාශ වීම වැනි පාලන අක්‍රමිකතා ත් නියඟය ට හේතුවක් වෙන්න ඇති. මේ නියඟය ට නම ලැබුන හැටි ගැනත් මතයක් තියනවා. තීය බමුණා කැරළි ඇති කළ සමයේ ආරම්භ උන නිසා "බමුණු+තීය+සාය" යන්න සන්ධි වී බැමිණිතියාසාය යන නම ලැබුනා ලු.
වෙස්සගිරියෙන් නික්මුණු රජ පවුල මී ළඟට පිවිස ඇත්තේ මාතුවේලංග ප්‍රදේශයට. එහිදී ඔවුන්ට නැවතත් හමු වුනු කුපික්කලතිස්ස තෙරණුවෝ ඔවුන්ව "තනසීව" නම් ප්‍රාදේශීය පාලකයෙකු ට හඳුන්වා දී ඇත. ඉන්පසු රජ පවුල ඔහු ඇසුරේ වෙසෙන අතර තනසීව ගේ බිරිඳත් අනුලා දේවියත් අතර ඇති වුන සුළු රණ්ඩුවක් නිසා රජතුමා තනසීව මරා දමනවා. ඒ සිද්ධිය නිසා තමා කවුදැයි ප්‍රදේශ වාසීන්ට හෙළි කරන්න රජතුමා ට සිදු වෙනවා.
වළගම්බා රජතුමා සැඟවී සිටි අවුරුදු 14 ක කාලය තුල එතුමා රටේ ඇවිදපු නැති තැනක් නැති තරම්. මේ කාලයේදී රහසේම සේනා සංවිධානය කරන්නත් එතුමා වග බලා ගන්නවා. ඒ කාර්යයට ත් එතුමා ට නොසෑහෙන්න උදව් කළ කෙනෙක් තමයි කුපික්කලතිස්ස තෙරණුවෝ. ඉතින් අවුරුදු 14 කට පසුව අවසාන ද්‍රවිඩයා වූ දාඨික පරාජය කරන රජතුමා නැවත සිංහල රාජාවලිය හරි මග ට ගෙන අවුරුදු 12 ක් රජ කම් කරනවා ක්‍රි. පූ. 89 - 77 (බු. ව. 455 - 467). ද්‍රවිඩයින් ගෙන් පළා යද්දී තමා ට අපහාස කළ "ගිරි" නිඝන්ඨයා ගේ ආරාමය බිඳවා එතැන "අභයගිරි" ආරාමය කරවා තමාට උදව් කළ කුපික්කලතිස්ස තෙරණුවන් ට පූජා කරන්න රජතුමා කටයුතු කරනවා. රජුගේත් නිඝන්ඨයා ගේත් නම් එකතු කොට ආරාමය ට නම් තැබූ බවයි කියවෙන්නේ. පසුව විනය චෝදනා මත මහා විහාරයෙන් මහාතිස්ස නම් හිමියන් නෙරපූ කල ඔහුගේ ගෝලයෙකු වන "බහලමස්සුතිස්ස" සහ තවත් 500 ක් තෙරුන් අභයගිරිය ට පැමිණීම නිසා බොදු ඉතිහාසයේ ප්‍රථම නිකාය භේදය ඇති වුන බව කියවෙනවා.
සොලී රටට අල්ලා ගෙන ගිය සෝමා දේවිය නැවත ගෙන්වා ගන්න කටයුතු කරන රජතුමා ඇගේ නිර්භීත හා උදාර භාවය ට ගෞරවයක් වශයෙන් සෝමාරාමය කරවනවා. රජතුමා ගේ අනුග්‍රහයෙන් සිදු වන තවත් වැදගත් ක්‍රියාවක් තමයි එතෙක් කල් කට පාඩමින් ගෙන ආ ත්‍රිපිටකය මාතලේ අළු විහාරයේදී ග්‍රන්ථාරූඨ කරවීම.
මේ ආකාරයට සිංහල රාජාවලියේ තවත් වැදගත් පරිච්චේදයක් නිමා වෙනවා.
අපේ (අම්මලාගෙ)ගමේ විහාරයක් තියනව පවුරුකන්ද කියල (මතුගම හරහා හල්වල). වලගම්බා රජ්ජුරුවො හිටිය තැනක්ලු! :)
ReplyDeleteවළගම්බා රජ්ජුරුවෝ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කරවපු එක තමා එතුමා කරපු ලොකුම සේවය ,ඒ හින්දා අදටත් බුද්ධ දර්ශනය නොනැසී පවතීනවා නේ...
ReplyDeleteමගේ අදහසනම් මේ අපේ ඉතිහාසයේ එක් වැදගත් සංදිස්තානයක්...
ReplyDeleteමම ඉස්කෝලෙදි ඉගෙනගත්තට වඩා අපේ ඉතිහාසෙ ඉගෙන ගන්නව වගේ මේ බ්ලොග් එකෙන් :-))
ReplyDeleteමම ආසයි අපේ රටේ ඉතිහාසය ගැන ඉගෙන්ගන්ට. පහු ගිය පෝස්ට් ටිකත් කියවලා බලන්ට ඕනි.
ReplyDeleteඉස්සර අපේ ලොකු අත්තාටත් (අප්පච්චිගේ තාත්තා) ගමේ මිනිස්සු කිව්වේ 'මහා කළු සිංහලයා' කියලා... ලොකු අත්තා හැඩි දැඩි කෙනෙක්.. :))
ReplyDeleteමෙතැනදී සෝමා දේවිය කරලා තියෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කැපකිරීමක්.. :D
ඔයා ඉතිහාසේ කලාද? මේ තරම් රසවත්ව ඉතිහාසය බ්ලොග්කරණය කිරීම පිළිබඳ මාගේ බලවත් ස්තුතිය...
ReplyDeleteජය වේවා!!!
ඒකාලේ තමයි ඉන්න තිබ්බේ මොනවා වුනත්..... ඇඩෙනවා අප්පා මේ කතා ඇහෙන දකින කොට... මමත් කළු සිංහලයෙක්...
ReplyDeleteලංකාවෙ කොතැනක ගියත් මහා ගල් පර්වතයක් හමුවුණොත් එතැනට කියන්නෙ මේ වලගම්බා රජතුමා හැංගිලා හිටිතැනක් කියලා. මටනම් හිතෙන්නෙ රජතුමා මාලිගාවෙ හිටියට වඩා රට පුරාම ඇවිදල ජනතාව ගැනත් වෙහෙර විහරස්ථාන ගැනත් සොයා බලා ඇති බවයි.
ReplyDelete@ තනි අලියා :ඒකනේ, ඒ කියන්නේ රජතුමා ඒ පැත්තෙත් ඉඳල තියනවා..:)
ReplyDelete@ චම්මා : ඒකනම් උතුම් කාර්යයක් තමයි...මෙච්චර කල් කට පාඩමින් ගෙනෙයි කියලා කීයටවත් හිතන්න බැහැ
@ දිනේෂ් : ඔව්, ඒක හරි :)
@ Observer : ඒකනම් අහන්නත් සතුටුයි ඔබා මාමේ...:)
@ Podi Kumarihami : අහන්නත් සන්තෝසයි...රාජාවලිය ලේබල් එක බලන්නකෝ පොඩ්ඩි :)
ReplyDelete@ අයිස් : හි හි, කොයි තරම් නම්බුවක්ද එහෙම නමක් ලැබෙන එක නේද? සෝමා දේවි මගෙත් ප්‍රියතම චරිතයක්..
@ ශානි : ස්තුතියි ශානියෝ...මම ඉතිහාසේ ඉගන ගත්තේ සා/පෙ ට විතරයි නේ :(
@ රහස් : කළු සිංහලයින්ට ජය වේවා...මමත් කැමති කිරි හූනන්ට වඩා කළු සිංහලයින්ට තමයි..:D
@ දයානන්ද රත්නායක : ඒ කතාව නම් බොහොම හරි. හැංගිලා ඉන්න කාලේ සේනා සංවිධානය කරන්න ඔය හැම තැනම යන්න ඇති.
ලංකා ඉතිහාසය බ්ලොග්කරණය කිරීමෙන් කරන මෙම යුග මෙහෙවරට ඔබට මාගේ ශීර්ෂ ප්‍රණාමය.
ReplyDeleteසෝමා දේවිය ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨ කාන්තාවකි.
වළගම්බා රජු කල වැදගත්ම මෙහෙය විදිහට ත්‍රිපිටකය ග්රන්ථාරූඩ කිරීම සළකන්න පුළුවන්...
ReplyDeleteනමුත් තමන්ට දුකේදී පිටවූ තනසීව ව මරා දැමීමෙන් ඔහුතුළ වූ දුර්ගුණයක්ද මා දකිනවා
අනුලා බිසව හරහා ඇතිවූ මෙම සිද්ධිය අනුව ඔහු අනුලා බිසව කෙරේ වඩාත් පක්ෂග්රාහී වූ බවක් හිතන්නත් පුළුවන්
මම මෙහෙම කිව්වේ මිට කලින් පෝස්ට් එකකදී ගිය වාදයක් මතක් වෙලා :)
හැමදාම වගේ ඔයාගේ බ්ලොග් එකෙන් ඉතිහාසය සම්බන්ධව අලුත් කරුණු දැනගන්න වගේම මතකය අලුත් කරගන්නත් ලොකු මෙහෙයක් සිද්ධ වෙනවා
බොහොම ස්තුතියි
@ සෙන්නා : බොහොම ස්තුතියි සෙන්නා..මේ වචන මට ශක්තියක්.
ReplyDelete@ ලොකු පුතා : ඒක තමා ලොකු මාත් හිතන්නේ...එච්චර පොඩි දේකටත් තමන්ට රැකවරණය දුන්න මිනිසා මැරුවේ අනුලා දේවිය නිසානේ :) මමනම් හිතන්නේ පොඩි පක්ෂග්රාහී ගතියක් තියෙන්න ඇති. බොහොම ස්තුතියි දිරිමත් කිරීමට.
අනුලා දේවිය පනින්න හදද්දි නේද සෝමා දේවිය කියන්නේ මම පනින්නම් කියලා මට හරියටම මතක නම් නෑ...
ReplyDeleteමේ කරන වැඩේ නම් අති විශිෂ්ටයි මේ වගේ සිංහල ලිපි පෙළක් හදිසියකට හොයාගන්න තියෙන අමාරුව දන්නවනේ ගොඩාක් ලමයිනට ප්‍රයෝජනවත් දිගටම ලියමු ජය වේවා
මේ සමහර ඒවා මම දන්නෙත් නෑ. දැනගන්න ලැබුනේ අක්කෑ පෝස්ට් එකෙන්. දිගටම ඉතිහාසය ලියාගෙන යමු අක්කේ.
ReplyDeleteඅත උස්සන් ඉන්නේ (ප්‍රශ්නයක් ඇසීම සදහා)
අක්කා මේ දේවල් හොයාගන්නේ මහාවංශය කියවලා ද ? නැත්නම් කටපාඩමින් කියන ඒවාද ?
කොයික උනත් මෙහෙම දෙයක් ලියන්න හිත් උන එකත් ලොකු දෙයක් අක්කා.
සයුරි අක්කට ජය වේවා !
(ඡන්දේ ඉල්ලන්න අදහසක් නැතැයි උපකල්පනය කරමි.)
@ ගැමියාගේ පත් ඉරුව : අනුලා දේවි පනින්න ට්‍රයි කොරලා නැහැ නේ මල්ලි...එයා කොහොමත් ඒ දවස්වල ප්‍රෙග්නන්ට් ලු. නැතත් මම හිතන්නේ නෑ එයා පනින්න ඉදිරිපත් වෙයි කියලා. තනසිව ගේ බිරිඳ එක්ක රණ්ඩු වෙලා අඬා ගෙන ඇවිත් රජතුමා ට කියපු එකේ ඒ වගේ නිර්භීත වැඩක් කරයිද කියන එක සැකයි.....
ReplyDelete@ මධූ : හොඳා හොඳා ඔය අත උස්සන් ඉන්න මල්ලි ප්‍රශ්නේ අහන්නකෝ.......
ඉතිහාස පොත් පත් ඔක්කොම ලංකාවේ මල්ලි :( ඒ දවස්වල මහාවංශය ට කරපු විද්‍යුත් ටීකාව යද්දී හදපු කටු සටහනක් තියනවා...සමහර විස්තර ඉතින් මතකෙන් (ඉස්සර කියවපුවා) වගේම අන්තර්ජාලයෙනුත් හොයා ගන්නවා..
දිවි ඇති තෙක් ඡන්දේ නොඉල්ලමි :)
ඔය තනසීව කියන ප්‍රාදේශීය පාලකයා තමන්ගේ ජීවිතය දෙවෙනි කරලා රජතුමා ව ආරක්ෂා කල කෙනෙක්, මට මතක විදියට නම් රණ්ඩුව ඊරිසියාව පදනම් කරගත්ත මොනාහරි එකක්(හරියටම මතක නෑ). කොහොම උනත් රජතුමා පස්සේ පසුතැවුණා ලු තමන් කල ක්‍රියාව ගැන හිතලා! අලුවිහාරය තියෙන්නේ නම් අපේ ගෙවල් ළඟමයි...හික්ස්! මමත් මාතලේ නේ!(ඕනෙද කේතලෙන් මල්ලක් එහෙම කාටහරි???). වටින තොරතුරු ටිකක්, ආසාවෙන් කියෙව්වා අක්කේ...!
ReplyDeleteමම හතර වසරේදී මේ වලගම්බා රජතුමා ගැන කතාව ඉගන ගත්තා මතකයි .. ගිරි කියන නිඝන්ඨයා ඉවර කරලා එතන විහාරයක් හැදුවා කියලා ටීචර් කියද්දී අපි හැමෝම හුරේ කියලා කෑගැහුවා මට තාම මතකයි
ReplyDeleteඅපේ මාතර ගමෙත් තියෙනව පංසලක් වලගම්බා රජතුමාගේ ..හෙන කන්දක් උඩ යන්න අමාරු තැනක තියෙන්නේ..අපේ ඉස්කෝලේ එක කාලයක් නිවාස බෙදුවා රජවරුන්ගේ නම් වලින්..අපි උංට කෑගහන්නේ වලගම්බෝ හෙලගෙම්බෝ කියලා.....
ReplyDelete@ ලහිරු : අහ එහෙනම් ලහිරු මල්ලි කෝතලේ මල්ලක් වගේ :) හොඳයි හොඳයි...ඔය රණ්ඩුව ගැන මම මෙහෙම කතාවකුත් අහල තියනවා.." දරට ගිහින් ඉඳිද්දී අනුලා දේවිගේ කූඩයේ තනසිව බිරිඳ ගේ කකුල හැපිලා දුර දිග ගිය එකක් කියලා" අනේ මන්දා ඉතින්.
ReplyDelete@ සඳරු : අපිටත් මුලින්ම මේක කියල දුන්නේ 4 වසරේදී තමා මල්ලි. අපේ මිස් චෝක් කෑල්ලක් දෙකට කැඩෙන්න ගහලා කිව්වා, අන්න එහෙමයි ගිරි නිගන්ටයගේ බෙල්ල කැපුවේ කියලා :))
@ ඔබ නොදුටු ලොවක් : එතකොට ඔයා ඉස්කෝලේ ගියෙත් මාතර ද? රාහුල ද :)
ලංකාවේ නැතත් ෆ්ලොරිඩා ප්රාන්තයෙන්වත් එහෙම නැත්නම් ටෙක්සාස් ප්රාන්තෙටවත් ඡන්දේ ඉල්ලමු. අක්කා පුරපති වෙලා ඉන්නකොට කාටද ආඩම්බර !
ReplyDeleteඅක්කෑ අයිතිකාර අයියට නේ. හික්ස් :)
අනේ නෑ මම ගියේ ගමේ ඉස්කෝලෙට 5 වසර වෙනකං...
ReplyDeleteමෙහෙ ඡන්දේ ඉල්ලුවට ලංකාවේ වගේ සරු වෙන එකක් නැහැ මල්ලි...වැඩක් නෑ...:)
ReplyDelete@ ඔබ නොදුටු ලොවක් : හ්ම්ම්...:)
ReplyDeleteත්‍රිපිටකේ ලිව්වෙ මේ කාලෙදි කියලා දැන් තමයි ඕං දැනගත්තේ.ඒ සයුරි අක්කට පිං සිද්ධ වෙන්න.
ReplyDeleteරාජාවලිය දිගටම ලියමු අක්කෙ.
@ ඩිලාන් : ඔයාටත් ස්තුතියි මල්ලි මේ පැත්තේ ආවට...සාදරයෙන් පිලිගනන්වා පහන්යාය ට..
ReplyDeleteමේ ලිපියත් බලන්න. පෝස්ට් එකට අදාල නොවුනත් ඉදිරියේදී වුවමනා වේවි. නැතත් මෙතනට ඇවිත් ඉතිහාසය ගැන හොයන අයට මේකත් වැදගත් ලිපියක්...
ReplyDeleteමෙන්න පාර
සයුරි අක්කියො... ඩිලාන් කියන්න එපා අනේ. මං අපි අපි වගේ Blog එකේ මල්ලි.අර exam හින්දා අවුලෙන් හිටියෙ.
ReplyDeleteඔයාට ස්තූති කරන්නයි ආයෙම ආවෙ.මං පරාද වෙන්නෑ අක්කෙ.
Blog එක ආයෙම ලියනවා ඒත් ඒකටම යන්නෑ.
ඔයාට ආයෙම ස්තූතියි අක්කෙ..
@ චතු : බොහොම වැදගත් ලිපියක් වගේ...ඉස්සරහට තමා ඕන වෙන්නේ...එතකොට මේකේ සබැඳියකුත් දාන්නම්කො...බොහොම ස්තුතියි චතුරංග..
ReplyDelete@ අපි වගේ : ඔහ් එහෙම කියන්න එපැයි :)...මම හිතුවේ අලුත් කෙනෙක් කියලා නේ...අන්න ඒ තීරණේ නම් හරිම හොඳයි මල්ලි..මගෙනුත් සුබ පැතුම්.
පට්ට මෙව්ව එක ඈ... ආසාවෙන් කියෙව්ව, අද තමා මේ පැත්තට මුලින්ම ආවෙ මයෙ හිතේ, හැමදාම එන්නම්.. දිගටම ලියන්න, සුභ අනාගතයක්,
ReplyDeleteජය ශ්‍රී...!!!!
_______________________________________________
ප.ලි. බ්ලොග් පිටුවේ පළල තව ටිකක් අඩුකලොත්(960-970px විතර දැම්මොත්) අපි වගේ සාමාන්‍ය මොනිටර් තියෙන අයටත් තව ටිකක් ලස්සනට බ්ලොග් එක පෙනේවි, මේක දැන් යටින් ස්ක්‍රොල් වෙනව.
ඒක හදන්න පුළුවන්,
[Dashboard=>Design=>Template Designer=>Adjust Width] ඔස්සේ ගියොත්. කැමති නම් උත්සාහ කරල බලන්න.
මන්ඩිපාල : බොහොම සතුටුයි මන්ඩිපාල මේ පැත්තේ ඇවිත් මෙව්වා එකක් ලියලා ගියාට:) මමත් ඒ පැත්තේ එන්න ඕන බලන්න...
ReplyDeleteඅනේ ඔය කතාව දවසක් මධූ මල්ලිත් කිව්වා...මම ට්‍රයි කරාට හරි ගියේ නෑ නේ...කරන විදිහ කිව්වට බොහොම තැන්කු..දැන්ම ට්‍රයි කරලා බලන්නම්..
ඔය තියෙන්නේ අක්කේ. ඇති යන්තන් සයිස් එක හදලා. හික්ස් :)
ReplyDeleteමේ තියෙන්නෙ දැන් පට්ටෙට, එළම කිරි ඈ..., දැන් ස්ක්‍රොල් නෑ.... දැන් ලස්සනට තියෙනව බ්ලොග් එක.. ජය ශ්‍රී...!!!
ReplyDelete@ මධූ : හනේ මම මෙච්චර කල් ඕක කරන්න ට්‍රයි කරේ අර design xml ඒක එඩිට් කරලා නේ....දැන් හරි ඕන් :)
ReplyDelete@ මන්ඩි : ඔන්න හැදුවා....බොහොම තැන්කු මන්ඩි
මගේ කොමෙන්ට් එක වැටිලා නැහැ නේ.මං වළගම්බා රජතුමා ගැන ගත්තේ 7 වසරේදී.ගොඩක් කැමති රජකෙනෙක්.
ReplyDeleteහපොයි...මමනම් ඩිලීට් කරේ නෑ අසරණයෝ...මොනා හරි අවුලක්...මගේ බ්ලොග් එකටත් කෙල වෙන්න වගේ යන්නේ :((
ReplyDeleteබොදු ඉතිහාසයේ ප්‍රථම නිකාය භේදයද නැත්නම් අපේ රටේ ඇතිවුනු පළමු එකද සයුරි....?
ReplyDeleteමගේ බ්ලොග් එකෙත් නොයෙකුත් අවුල් දැන්... සමහර කමෙන්ට්ස් ඊ පෙට්ටියෙන් අරන් ඇවිත් දාගන්නෙ..... සමහර බ්ලොග් ඩවුන්ලෝඩ් වෙන්නෙම නෑ.... සමහර ඒවා ඩවුන්ලෝඩ්වෙලා හිර වෙනවා... මටත් කෙල වෙන්න වගේ... :( ගොඩක් ලෙඩ ආවෙ රිප්ලයි බට්න් එකත් එක්ක....
@ මියුරු : හ්ම්ම්...මම හිතන්නේ ඔයා හරි..ඒක අපේ රටේ ඇති වුන පළමු එක වෙන්න ඕන..මොකද මිට කලින් ඉන්දියාවේත් නිකාය භේද ඇති උනාද කියලා මම දන්නේ නැහැ (බුද්ධාගම ට මම ඉස්සරත් හොඳටෝම දුර්වලයි :)
ReplyDeleteඅය්යෝ බ්ලොග් අවුල් ගැනනම් කියලා වැඩක් නැහැ අප්පා..මගේ එකෙත් "රිප්ලයි" බට්න් එකක් තිබුනට ඒක වැඩ කරන්නෙත් නැහැ...ඔයාගේ බ්ලොග් එකෙත් කමෙන්ට් කරන්න අපහසුතාවක් තිබුනා වගේ මතකයි මට...
මාරයිනෙ ස්ටෝරිය!!!!!!!
ReplyDelete@ ela kollek : සින්හලයෝනේ මල්ලි...
ReplyDelete