ඔන්න එහෙනම් ඊ ළඟ රාජාවලිය ලිපිය. පටන් ගත්ත එකේ ඉවරයක් තියෙන්නත් එපැයි. හාවා හඳ බලනවා වගේ රාජාවලිය දානවා කියලා දැනටමත් බැනුම් අහලා තියෙන්නේ. මාස දෙකකට එකයි :D
එහෙනම් ඔන්න ගියපාර ලිපිය නතර කලේ දෙවන ජයබාහු රජතුමා රජ වෙච්ච තැනින්. මතකයිනේ අර උලකුඩය දේවියට පුතෙක් ඉල්ලලා ශ්‍රී රාහුල හිමියෝ සැළලිහිණි සංදේශය එහෙම ලිව්වේ. අන්න ඒ හම්බු වෙච්ච පුත්‍රයා තමයි මේ ජයබාහු රජතුමා. හැබැයි ඉතින් මෙතුමාට රජ කරන්න වෙන්නේ ටික කාලයයි. හයවන පරාක්‍රමබාහු රජතුමා රට එක්සේසත් කිරීමේ මෙහෙයුමේදි යාපනේ අල්ලගන්න කියලා යවපු සපුමල් කුමාරයා මතකයි නේද? අන්න එයා මේ ජයබාහු රජතුමාව මරලා බුවනෙකබාහු VI (ක්‍රි. ව. 1472 - 1480) නමින් රජ වෙනවා. වලවේ සහ කළු ගංගා නිම්නවල වැසියන් මේ රජතුමාට ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් රජුට එරෙහිව නැගී සිටිනවා. හේතුව ගොඩක් දුරට පැහැදිළියි. සපුමල් කුමාරයාගේ පියා දෙමළෙක් කියලා කියනවනේ. යාපනයේ නල්ලූර් කෝවිල කෙරෙව්වේත් මෙතුමා බව කියවෙනවා.
ඉතින් මේ කැරැල්ල මැඩපවත්වන්න කියලා රජතුමා ගේ සහෝදරයා වෙච්ච අම්බුලුගල කුමාරයාව පිටත් කරලා හරිනවා. ඒ අවස්ථාවේදී කැරැල්ල නැවතුනත් නැවත නැවතත් සතර කෝරලේ, කන්ද උඩරට වැනි ප්‍රදේශ වලින් රජුට විරුද්ධව කැරලි කරුවන් බිහි වෙනවා. "සේනාසම්මත වික්‍රමබාහු" නම් කුමාරයෙක් කඳු රට ප්‍රදේශය කෝට්ටේ රාජධානියෙන් නිදහස් කරගෙන වෙනම ස්වාධින පාලනයක් පවා ගෙන ගිහින් තියනවා. මේ හේතු නිසා රටේ නැවතත් අස්ථාවර බවක් ඇති වීම කණගාටුවට කරුණක්.
හයවන බුවනෙකබාහු රජු මිය යාමෙන් පසු ඊ ලඟට පරාක්‍රමබාහු VII (ක්‍රි. ව. 1480 - 1484) නමින් රජ උනේ ඔහුගේ පුත්‍රයා බව කියවෙනවා. දැන් ඉතින් අර සතර කෝරලේ පාලන කටයුතු කරගෙන හිටපු අම්බුලුගල කුමාරයාට මේක හිතට අල්ලන්නේ නැහැ. ඉතින් ඔහු කරන්නේ හමුදාවකුත් අරගෙන මීට විරුද්ධව සටනට එන එක. අම්බුලුගල කුමාරයා සටන් ජයග්‍රහණය කරමින් අගනුවරට පිවිසෙද්දී අසරණ වෙන හත්වන පරාක්‍රමබාහු රජතුමා අන්තඃපුර කාන්තාවන් සතුරන් අතට පත් වෙන්න කලින් ඔවුන්ව මැරෙව්වා ලු. ඉන්පස්සේ මාළිගයේ දොරටු ඇරලා සතුරන් එනතුරු ඉවසීමෙන් බලාගෙන හිටියා ලු. එදා රාත්‍රියේ මාලිගාවට ඇතුල් වෙන අම්බුලුගල කුමාරයා රජු ඇතුළු පිරිස මරා දාලා වීර පරාක්‍රමබාහු VIII (ක්‍රි. ව. 1484 - 1509) නමින් රජ වෙනවා.
දැන් ඉතින් වීර පරාක්‍රමබාහු රජතුමාට උවමනා වෙනවා කන්ද උඩරට ඇති වෙච්ච කැරලි මැඩපවත්වන්න. ඔහු ගඩලාදෙනිය දක්වා භූමිය ජය ගනිමින් සාර්ථකව ගමනේ යෙදෙනවා. ගඩලාදෙණියේදී කැරලි නායකයා රජුට යටත් වී සමාව ඉල්ලනවා.රජතුමා මේ සිද්ධිය ගැන ගඩලාදෙණිය සන්නසේ සටහන් කරවනවා.
මේ රජතුමාට අගබිසවගෙන් පුතුන් හතර දෙනෙකුත් ("ධර්ම පරාක්‍රමබාහු", "විජයරත්න", "රාජසිංහ" සහ රයිගම බණ්ඩාර) අග බිසවගේ සොයුරියගෙන් තවත් පුතුන් දෙදෙනෙකුත් ("සකලකලා වල්ලභ", "තනිය වල්ලභ") සිටියා ලු. මේ කාලයේදී හලාවත ප්‍රදේශයේ මුතු කිමිදීමේ සහ ඇතුන් දඩයමේ යෙදුනු මුස්ලිම්වරයෙක් සමග සටන් කිරීමට පිටත් වෙන මේ "වල්ලභ" අයියා මලෝ දෙදෙනා ඔහුව මරා දමා ඒ ප්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීමට සමත් වෙනවා.
~~~~~~~~~~~~~~
මම හිතන්නේ හැමෝම දන්නවා පරංගින් එහෙම නැත්නම් පෘතුගීසීන් අපේ රටට ගොඩ බැස්සේ ක්‍රි. ව. 1505 දී බව. ඒ කියන්නේ අටවන වීර පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේදී. මේ මුල් පරංගි කණ්ඩායමේ නායකයා උනේ "ලොරන්සෝ ද අල්මේදා". හොඳට අහල පුරුදු නමක් නේද? ඒ වෙද්දී ගෝවේ පාලන කටයුතු කරමින් හිටපු "ෆ්රැන්සිස්කෝ ද අල්මේදා" ගේ පුතා තමයි මේ ලොරන්සෝ ද අල්මේදා. ගෝව අවට මුහුදේ අනවසර අරාබි නැව් ගැන සොයා බලන්න පිටත් කරපු මේ ලොරන්සෝ ඇතුළු කණ්ඩායම තමයි කුණාටුවකට අහු වෙලා අහම්බයකින් ලංකාවට ගොඩ බැහැලා තියෙන්නේ. ඔවුන් ගොඩ බැස්සේ ගාල්ල ප්‍රදේශයට බව සමහරු විශ්වාස කරත් ඔවුන් කොළඹට ගොඩබැස්ස බව තවත් සමහරු විශ්වාස කරනවා.
තවත් මතයක් තමයි ඔවුන් මුලින්ම ගාල්ලේ නැංගුරම් දාලා පසුව කොළඹින් ගොඩ බැස්සා කියන එක. එහෙම ගොඩ බැහැපු පරංගි කණ්ඩායම පාන් කකා වයින් බොන ගමන් මුණ ගැහිච්ච අපේ සිංහල සෙට් එකකින් ඇහුවලු නේ රටේ පාලකයා හම්බ වෙන්නේ කොහොමද කියලා. ඒ පාර අපේ අය මේ කට්ටියව මහා වටරවුම් පාරකින් රජතුමා හම්බ වෙන්න එක්ක ගියාලු දින තුනක් තිස්සේ . ඒ අතරේ කෙටි පාරවල් වලින් වතු උඩින්, ඒ දඬු උඩින් එහෙම පැන පැන මාලිගාවට ගියපු තවත් කට්ටියක් රජතුමාට කලින්ම දැනුම් දුන්නලු "අන්න රජතුමනි තිරුවානා ගල් කකා ලේ බොන මිනිස්සු ජාතියක් ඔබතුමා හමු වෙන්න මග එනවා" කියලා. අන්න එහෙමලු අපේ කට්ටිය පරංගියා කෝට්ටේ එක්ක ගියේ.
ඉතින් මේ පරංගින් රජතුමා එක්ක සාකච්ඡා එහෙම තියලා අන්තිමේ එකඟත්වයකට ආවලු ලංකාවේ කුරුදු ඵලදාවෙන් කොටසක් පරංගි දේශයට යැවීමටත් ඒ වෙනුවට ඔවුන් විසින් ලංකාවේ වෙරළ සතුරන්ගෙන් ආරක්ෂා කර දීමටත්. මේක නිකන් හතරරියන් සහ දෙරියන් ගේ සම්මුතිය වගේ කියලා රජතුමාට එවෙලේ තේරෙන්න නැතුව ඇති (මේ සම්මුති වලට එළඹුණේ අටවන පරාක්‍රමබාහු රජතුමාගේ පුතා වෙච්චි ධර්ම පරාක්‍රමබාහු රජතුමාත් එක්ක කියලාත් සඳහන් වෙනවා).
ඔය පරංගින් මේ රටට ආවට පස්සේ අපේ රටේ සංස්කෘතියට එහෙම සෑහෙන බලපෑම් ඇති උනාලු. ඒ ඇරෙන්න කපිරින්ඥ සංගීතය වගේම අද අපේ භාෂාවේ ගොඩක් වචනත් මෙයාලගෙන් අපිට දායාද වෙලා තියනවා. ඒ වගේම තමයි පුද්ගල නාම සහ වාසගම්. අල්මේදා ලා අසවේදු ලා එහෙම මතක ඇති නේ. ඇයි එතකොට කතෝලික ආගම. මේවා ගැන ඉතින් ඉස්සරහට කතා කරමු.
ඔන්න ඔහොමයි ඉතින් අපේ රටට මෙච්චර කාලෙකට නොතිබිච්ච යුරෝපීය අත පෙවීමක් අහම්බෙන් උනත් සිද්ධ උනේ. මේ වෙලාවේ තමන්ගේ බඩට පහර වදියි කියල බය වුණු මුස්ලිම් වෙළෙන්දෝ මේ පෘතුගාලයත් එක්ක ඇති කරගන්න හදන සම්බන්ධතා වලට දැඩි සේ විරුද්ධ උනත් අපේ රජතුමා ඒක කණකට අරගෙන නැහැ. මේක අපේ රටේ ඉතිහාසයේ ලොකුම හැරුම් ලක්ෂ්‍යයක් කිව්වොත් හරි මං හිතන්නේ.
ඇයි දන්නේ නැහැනේ හත්වන පරාක්‍රමභාහු ඔක්කොටම කලින් අන්තඃපුර කාන්තාවෝ මරලා දැම්මේ.. ;-)
ReplyDeleteවැරදිලා ආව අල්මේදා හන්දා ඉතින් අපේ ඉතිහාසේ කොච්චර නම් වෙනස් වුනාද.. ඊලග එක අහම්බෙන් වගේ ලබන මාසේ විතර වැටෙනකන් බලාගෙන ඉන්නවා.. :D
හෑ අන්තඃපුර කාන්තාවෝ මරපු සීන් එක උයාට මොකටද ඇයි උඹත් අර සිහිනයා එන්න කලින් ඔබේ අන්තඃපුරය මරලා දාන්නද හිකිස්
Deleteමේක මගේ ලොකු අක්කගේ බ්ලොග් එක හන්දා මෙතන ඉතින් මම මුකුත් කියන්නේ නෑ.. -_-
Deleteඒ මම අහන්න ගිය ප්‍රශ්නේ බං උඹ අහලා තියෙන්නේ...:(
Deleteදැන් ඔය සමහර මිනිස්සු ඉන්නේ තමන්ගේ වටිනා වස්තුවක් අහිමි වෙන්න යනවනම් මට නැත්නම් කාටවත් දෙන්නේ නෑ කියලා ඒක විනාස කරලා දාන අය. මේ රජතුමාත් එහෙම කෙනෙක් වෙන්න ඇති :)
Deleteඒක තමා ශානුවෝ මේ හෙට අනිද්දා සිරගත වෙන්න ඉන්න කට්ටිය මොකට අන්තඃපුර ගැන හොයනවද මන්දා.
මේ දෙන්නට ටෙලිපති මෙව්වා එකක් වෙලාද කොහෙද
අද මම පන්ති වර්ජනය කරලා ඉන්නේ....:)
ReplyDeleteහෝව් හෝව් වර්ජන ඔට්ටු නෑ ඉස්කෝලවල :)
Deleteඊළග මාසෙ වත් ඊළග එක දැම්මත් ලොකු දෙයක්...;
ReplyDeleteමාත් අර ගාල් කේස් එක අහල තියේ... ඉස්සරෝම ගාල්ලට ඇවිත් කුරුදු එන සිලෝන් මේක කියල දැනගෙන පස්සෙ ගියාළු කොළඹ...
කට්ටිය තමා කියන්නෙ... නේහ...
නෑ නේ...මාසයක් ඇර මාසයක් නේ යන්නේ. වෙන එව්වත් ලියන්න එපයි. නැත්නම් කම්මැලි වෙනවා :D
Deleteඔය ඔය ගොඩ බැහැපු තැන ගැන එක එක මතවාද තියනවා
ඉතිහාසය මගේ ආසම සබ්ජෙක්ට් එක හුටා මාත් ඉතිහාස ලිපි ලිය ලිය හිටියා කාලෙකින් ලිව්වේ නැ හෙට අනිද්දට ලියන්න ඕනා,අගෙයි සයුරියා
ReplyDeleteඅඩේ ඔව්නේ මටත් ලාවට මතකයි ශානුස් ගේ ඉතිහාස ලිපියක්. ඒක මග නවත්තන්නේ නැතුව ලියන්ඩයි කිව්වේ
Deleteඅද නං හරි ඩිංගයි. මොකද මේ අල්මේදා කාලයේ කතා අපට හොදට පුරුදුයි නෙව.. අවාරෙට පොල් පැහුනම රහයි...
ReplyDeleteඅවාරෙට පොල් පැහෙන්නේ ඩිංග ඩිංග නේ ඉතින් :)
Deleteඅඩේ අල්මේදා ආවේ ගෝවේ ඉඳන්ද ? මම හිතන් හිටියේ කෙලින්ම පෘතුගාලේ ඉඳන් කියලා.. එහෙනම් උන් ලන්කාව කියලා රටක් තියනවා කියලා දෑනගෙන ඉන්න ඇතිනේ... අර හරක් හමේ කතාව එහෙම කෝ ?
ReplyDeleteඑන්න ඉස්සෙල්ල උන් ලන්කාව ගැනත් දැනගෙන හිටිය, ලන්කාවෙ උන් තුවක්කු (බොහෝදුරට කාලතුවක්කු නොව අත් තුවක්කු ) ගැනත් දැනගෙන හිටිය අරාබිකාරගන්ගෙන්
Deleteහරක් හමේ කතාව වෙන රටවලත් තියනව. http://www.indigogroup.co.uk/edge/Oxhide1.htm
සෙන්න, පෘතුගීසි ලංකාවට ආ හැටි ගැන රසවත් ලිපියක් සහ ඒ ගැන ජනකතාවලට පොඩි නිවැරදි කිරීමක් මේ ලින්ක් එකේ ගිහින් බලන්න. ඔය හරක් හමේ කතාව තනිකර ජන කතාවක් මිසක් සැබෑවක් නෙමෙයි කියලයි මම හිතන්නෙ.
Deletehttp://rasthiyaduvak.blogspot.com/2014/07/blog-post_25.html
ගෝවේ ගැණු පරාද වුණේ කොහොමද දන්නේ නැහැනේ:D ?
Deleteප්‍රා-ජේ / ඉන්දික, දෙන්නටම බොහොම ස්තූතියි.. හරක් හමේ කතාව බොහොම ප්‍රචලිත එකක් කියලා අද තමා මම දෑන ගත්තේ.. සමහර විට යුරෝපයේ ඒ වනකොටත් තිබුන දහන් ගැටයක් පරන්ගියො අපේ රජාව අන්දන්න ගැහුවද දන්නෙත් නෑ නේද ?
Deleteඔව් ඔව් ගෝවේ ඉඳන් තමා සෙන්නයියේ. ඒ වෙද්දී මේ පරංගි කාරයෝ ගෝව අල්ලාගෙන ඉඳලා තියෙන්නේ. මමත් හිතන්නේ හරක් හමේ කතාව ජන කතාවක් විතරයි කියලා.
Delete//සමහර විට යුරෝපයේ ඒ වනකොටත් තිබුන දහන් ගැටයක් පරන්ගියො අපේ රජාව අන්දන්න ගැහුවද දන්නෙත් නෑ නේද ?//
හහා ඒක වෙන්නත් බැරි නෑ
ප්‍රා සහ ඉන්දික අයියා - බොහොම ස්තුතියි ලින්ක් දෙකට. මම මේ ලිපිය ලියන්න කලින් මේවා කියවන්න ලැබුනානම් කියල හිතුනා.
ලස්සනම ගෑනු ඉන්නේ ගෝවේ කියලා කතාවක් තියනවනේ. :) ඉතින් ඔය පරංගි මෙහෙ ආපු වෙලාවේ ඊටත් ලස්සන කවුරු හරි දකින්න ඇති. :D ඔය සින්දුව තියෙන්නේ සමුද්‍ර දේවී නාට්‍යයේ නේද?
163 බස් එකේ නැග්ගා නම් ඔය කෝට්ටේ නටබුන් තියෙන තැන් ටිකත් බලාකියා ගත්තෑකි... වෙලාවක ඒ ගැන ලියන්නම්කෝ
ReplyDeleteනියමයි...අනේ ලියන්නකෝ මධුවෝ. ලියලා ලින්ක් එක මට දෙන්න මේකට අමුණන්න.
Deletehttp://helppal.tk/discussions kattiya awith set wenna ape forum ekata.
ReplyDeleteමෙතන ඉඳන් තියෙන කොටස හරිම රසවත් වෙයි. මේ පෘතුග්‍රීසි ගිය හැම රටම පාපන්දු වලට දක්ෂයි. අපි ඇරෙන්න.
ReplyDeleteනෑනෙ සුදීක. ඇයි ඉන්දියාව ? උනුත් ෆේල්නෙ පාපන්දු වලින්... මට හිතෙන්නෙ දකුණු ආසියාතිකයන්ට පාපන්දු ගහන්න තරම් හයියක් නෑ.. උන්ට හරියන්නෙ ක්‍රිකට් වගේ කම්මැලි ගේම් තමා...
Delete//මේ පෘතුග්‍රීසි ගිය හැම රටම පාපන්දු වලට දක්ෂයි//
Deleteහප්පේ එහෙමත් එකක් තියනවද? මම ඉතින් ඔය පාපන්දු ගැන නම් දන්නෙම නැති තරම්.
කිව්වත් වගේ ඉන්දියාවත් ෆේල් නේද? ඔය සෙන්නගේ කතාව ඇත්ත. ආසියානුවන්ට පා පන්දු වගේ ඇග්‍රසිව් ගේම් හරි යන්නේ නැහැ මාත් හිතන්නේ. එච්චර ඇඟවල් නැති හින්දා වෙන්න ඇති.
//තවත් මතයක් තමයි ඔවුන් මුලින්ම ගාල්ලේ නැංගුරම් දාලා පසුව කොළඹින් ගොඩ බැස්සා කියන එක. එහෙම ගොඩ බැහැපු පරංගි කණ්ඩායම පාන් කකා වයින් බොන ගමන් මුණ ගැහිච්ච අපේ සිංහල සෙට් එකකින් ඇහුවලු නේ රටේ පාලකයා හම්බ වෙන්නේ කොහොමද කියලා.//
ReplyDeleteරාජාවලියෙ තියෙන්නෙ ඔහොමද? ක්වෙරෝස්ගෙ වාර්ථාවලනං කතාව ඔයිට ගොඩක් වෙනස්!
ඉන්දික,
Deleteරාජාවලිය, ක්වේරෝස්, රිබෙයිරෝ වගේ වෙනස් මූලාශ ආශ්රයෙන් ලියපු පෝල් ඊ පීරිස් ගෙ පොත්වලින් සංක්ශිප්ත මැද (පීරිස්ගෙ මතත් ටිකක් ඇතුලුව )අදහසක් ගන්න පුලුවන්
ඔව් මගේ ගාව දැරණියලග මහත්තයගෙ පොතත් තියෙනව. ඒකයි මම පහල කිව්වෙත් රජ්ජුරුවන්ගෙ නම හොය්ල කියන්නං කියල.
Delete:-D . දැරනියගල සිරිවර්ධන .....(තව එකක් තියනව මතක නෑ ) කෑලි දැම්මෙ පොඩියට වෙනම. "පීරිස්" තමයි භාවිතා කලේ
Deleteපුතා (P.E.P. D ) තමයි "දැරනියගල' අන්තිම කෑල්ලට දාගත්තෙ
ඉන්දික තව ගොඩක් තියනව පෘතුගීසි සහ දේශීය මූලාශ. සමහර පීරිස් වගේ අයට මිස් වුන පොඩි කෑලි අහුවෙනව. (ඕනැ නම් මං පස්සෙම් ලිස්ට් එකක් දෙන්නම්)
පෝචුගීස් කියවන්න පුලුවන්නම් ආකයිව්ස්වල තව තියනව. මං හෙව්ව මෙහෙ ස්පැනිශ් ඉගැන්නුවට පෝචුගීස් නෑ. කොහොමත් පරණ පෝචුගීස් බාසාවෙන් ලියල තියෙන්නෙ. දැන් එකට ටිකක් වෙනස්
ප්‍රා, මම පොඩි වංගුවක් ගැහුවෙ, උඹ අල්ලගත්ත ගානට. හේතුව උඹ දන්නවද කියල බලන්න නෙමෙයි සබ්ජෙක්ට් එකට ඇත්තටම ඉන්ටරෙස්ට්ද කියල අල්ලගන්න :D
Deleteපෘතුගීසි කොහෙ කියවන්නද ඒ කලෙ ඉංග්‍රීසිත් අමාරුවෙන් කියෝගන්නෙ :D
මම පවිච්චි කරන්නෙ ඕපන් ලයිබ්‍රරි එකේ පොත් තමයි ගොඩක් වෙලාවට. දැනට එතනත් සෑහෙන්න සෙට් එකක් තියෙනව. ඒ අතරෙ එමර්සන් ටෙනන්ට් ගෙ පෝල් ඊ පීරිස්ගෙ පොත් ටික තියනව. ඊට අමතරව වෙන විස්තර තියෙනං දෙන්න, මට මේලක් දානවනං iupasanta@gmail.com එකට.
ඉන්දික මං එවල තියන ආර්ටිකල් එකේ අන්තිමටම රෙෆරන්ස් ලිස්ට් එකක් ඇති. ඒකෙ ගොඩක් මූලාශ්‍ර තියනව
Deleteමගේ මේ ලිපි පෙළට රාජාවලිය කියලා නම දාගත්ත එක මෝඩ කමක්ද මන්දා. මම ලියන්නේ රාජාවලියේ තියන දේවල් කියලා කට්ටිය හිතනවද දන්නේ නෑ :) ඇත්තටම මමත් කරන්නේ අර පීරිස් මහත්තයා කරා වගේ එක එක මූලාශ්‍ර වලින් කරුණු අරගෙන පුළුවන් තරම් මැදහත්ව ලියන්න බලන එක තමා.
Deleteඔය ගොඩ බැහැපු තැන සම්බන්ධව මට මෙතෙක් හමු උනේ මත තුනයි. 1 ගාල්ලට, 2, කොළඹට, 3. මුලින් ගාල්ලට, ඉන්පසුව කොළඹට. අර පරංගියා කෝට්ටේ ගියපු සිද්ධියත් එක්ක බලද්දී පලවෙනි මතය වැරදියි වගේ නේද. සංචාරකයාගේ ලිපියේ තියෙන්නෙත් මේ තුන් වෙනි මතය.
ක්වෙරෝස්ගෙ වාර්ථාවල තියන තොරතුරුත් දැන ගන්න පුලුවන්නම් බොහොම වටිනවා. ඊ ළඟ ලිපි ලියන්න කලින් ප්‍රා කියපු රෙෆරන්ස් ලිස්ට් එක ගැන පොඩ්ඩක් බලන්න ඕන.
බෝම ස්තුති දෙන්නටම :)
// ඒ කියන්නේ අටවන වීර පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේදී.//
ReplyDeleteපෘතුගීසි හම්බුවුනේ ධර්මපරාක්රමභහු කියලයි මට මතක. ගෙහ්ඩර ගිහින් විස්තර හොය්ල ඇවිත් කියන්නං.
මේක තවත් පැටලිච්ච තැනක් ඉන්දික අයියේ. රාජ්‍ය කාලය අනුව බලනකොටනම් පෘතුගීසින් ඇවිත් තියෙන්නේ (1505 දී) හත්වන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී (ක්‍රි. ව. 1484 - 1509). ඒත් ඒ වෙද්දී පියාගෙන් පුතාට රජකම transition period එකක තිබුනද දන්නෙත් නෑ නේ. මේ වර්ෂත් කොයි තරම් නිවැරදිද කියලා කියන්න බැහැ. ඉතින් පෘතුගීසින් සාකච්ඡා පැවැත්තුවේ ධර්ම පරාක්‍රමබාහු එක්ක වෙන්න හොඳටම ඉඩකඩ තියනවා.
Deleteමේ ගැන වැඩි විස්තරයක් ලැබුනොත් ඇවිත් කියන්න කියලත් ඉල්ලනවා :)
සකලකලා වල්ලභ,තනිය වල්ලභ කියන නම් ධර්ම පරාක්‍රමබාහු රජතුමාට වඩා හොඳට අහලා තියෙනවා වගේ මතකයක් මට එනවානේ.?
ReplyDeleteඒ කාලේ ඉතිහාස පන්තියේ ඉගන ගතිපුවද මනෝජ්?
Deleteස්තුතිය සයුරි මේ විස්තර පමා වෙමින් හෝ දානවාට V බුවනෙකබාහු ගැන විස්තර සොයා ගන්න බෑ. තවම දැම්මෙ නැද්ද ?
ReplyDeleteගියපාර ලිපියේ V බුවනෙකබාහු ගැන ලියපු විස්තර ඇරෙන්න වෙනත් විස්තරනම් ආපහු දැම්මේ නැහැ. තව අලුතෙන් විස්තර ලැබුනේ නැහැ ඒ ගැන.
Deleteමං ආසම ජාතියෙ බ්ලොග් එකක්..
ReplyDeleteජය වේවා..
බොහොම ස්තුතියි සංචාරකයෝ...ඔයාටත් ජයම වේවා :)
Deleteපෘතුගීසින් ලංකාවට එන්න ආසන්න කාලයේ රටේ තිබුනෙ මහා වියවුල් කාල පරිච්ඡේදයක්. ඒකාලෙ පාලකයාට එරෙහිව හැමතැනම කුමන්ත්රන තිබුණ බවයි පේන්නෙ. ඒ කොහොම වුනත් පෘතුගීස්න් ගොඩ බැස්සෙ ඔන්න ඔය හොදම අවුල් වෙච්ච වෙලාවක වෙන්න ඇති.
ReplyDeleteරාජාවලිය පොතේ සඳහන්වෙන විදියට කෙලින්ම ගොඩ බැස්සෙ කොලොම්තොටට තමයි
සයුරිට මතක ඇති සුනිල් පෙරේරා කියපු මේ සිංදුව
“ලොරෙන්සෝද අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා“
සයුරිගේ රාජාවලියේ පෘතුගිසි යුගය රසට ලියවෙයි වගේ
තම තමන්ගේ කට්ටිය අතරේම තිබ්බ වියවුල් හින්දා තමයි හැම දාමත් අපිට වැරදුනේ. තවමත් ඒවා එහෙමමයි. කවදාවත් පාඩම් ඉගන ගන්නේ නැහැ නේ :)
Deleteඔව් ඔව් ඔය සින්දුව මම ඇහුවත් එක්ක මේ ලියන අතරේ...
පරක්කු වෙලා හරි මේ සටහන හරිම වටිනවා නංගි. ස්තූතියි සටහනට. අපිත් ඉතිහාසෙ ඉගෙනගන්නේ දැන් නෙ.
ReplyDeleteකොච්චර පරක්කු උනත් කමක් නෑ ඉගන ගන්න එක නේ වටින්නේ :)
Deleteමෙක කියවල මට මෙහෙම හිතුන. පරංගි එනකොටත් අරාබි මෙහෙ කචල් වෙලා. දෙයියො බලල වගේ නැව මෙහෙට ඇවිත්. එසේ නොවුනනං?....
ReplyDeleteහෙහෙ...අමුතුම කොණේකින් බලලා :)
Delete