වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....
පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි...
Wednesday, November 2, 2011
සිංහලේ මුල සොයා - රාජාවලිය I
"මුල" හොයා ගෙන යන්න ගොඩක් අය වගේම මමත් හරි කැමතියි. හැබැයි මේක ලේසි කටයුත්තක් නම් නෙමෙයි. ඇත්තටම අපේ මුල කොතනද කියලා අපි හරියටම දන්නේ නැහැ නේද? මගේ තාත්තාගේ තාත්තා (මගේ සීයා) ගේ පවුලේ විස්තර වත් මම හරියට දන්නේ නෑ :(. සීයා ගේ තාත්තා "කොටවිල" කෙනෙක් කියලා විතරයි දන්නේ. ඉතින් කොහොම මුල හොයන්නද? අග ඉඳං මුලට බැරි උනාට මුල ඉඳං අගට හොයන්න පුළුවන් යම්තාක් දුරකට හරි. අඩු තරමේ රජ පෙළපත ගැන වත්.
ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය ඇරඹෙන්නේ "විජය" ගේ ආගමනය ත් සමඟ නිසා ගොඩක් වෙලාවට අපේ "මුල" කියලා හඳුන්වන්නේ "විජයාගමනය". ඒත් අපේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන මොකද කියන්නේ?
"ප්‍රාග් ඓතිහාසික යුගය" කියල හඳුන්වන්නේ ක්‍රි. පූ. 6 වන සියවසට පෙර යුගය. බුදුන් වහන්සේ පිරිණිවන් පෑ දවසට (බුද්ධ වර්ෂ ගණනය ආරම්භ කළ දවසට), එහෙමත් නැත්නම් විජය තම්බපන්නියට සැපත් උන දවසට පෙර කාලයට. අපේ ලිඛිත ඉතිහාසය ආරම්භ වෙන්නේ මේ විජය පැමිණි දවසේ ඉඳල නිසා තමයි වසර 2550 ක ඉතිහාසයක් අපිට තියනවා කියල කියන්නේ. බුද්ධ වර්ෂ ගණන් කිරීම ආරම්භ උනෙත් එදා ඉඳල නිසා අපේ ඉතිහාස කාලය හරියටම බුද්ධ වර්ෂ ගණනට සමානයි. ඒත් ඊට පෙර යුගය (ප්‍රාග් ඓතිහාසික යුගය ) මේ ගණන් කිරීමට අයිති වෙලා නැහැ. ඒ ගැන පිළි ගත හැකි ලිඛිත සාක්ෂි නැති උනාට "රාවණා" පුවත වගේ කතා නම් හමු වෙනවා ප්‍රාග් ඓතිහාසික යුගයෙන්.
අපේ ඉතිහාස කතාව වසර 2550 ක් තිස්සේ නොකැඩි ගලා ගෙන යන හැටි, පරපුරෙන් පරපුරට ලේ උරුමයෙන් රජ කම පවත්වාගෙන ගිය හැටි, සමහර විටෙක ඒ උරුමය පෙළපතෙන් පිට පැන්න හැටි, ඉස්සර ඉඳලම අපිට ආක්‍රමණික තර්ජන එල්ල උන හැටි, ඒවායින් ගොඩ ආපු හැටි හොයල බලන්න මට පුදුම ආසාවක් ආවේ, "ජයතු ලංකා" පොත කියෙව්වට පස්සේ තමයි. අපිට පොඩි කාලේ ඉස්කෝලෙදි බලෙන් ඉතිහාසය උගන්නද්දී නම් කිසිම ආසාවක් දැනුනේ නැහැ මේවට. ඒත් 9, 10, 11 වසර වලට තිබුණ ඉතිහාස පොත් ටික දැන් නම් සල්ලි දීල හරි ගන්න හිතෙනවා....
ඉතින් අපේ ඉතිහාසය ගඟක් වගේ ගලා ගෙන යන එකක් නම් නෙමෙයි. පොත් පත් වල උනත් සමහර තැන් පැහැදිලි නැහැ. "මහා වංශය", "දීප වංශය" ගත්තොත් පරස්පර විරෝධී තැන් එහෙමත් තියනවා. කොහොම උනත් පුළුවන් තරමින් මේ තොරතුරු ටික ගැට ගහලා අපේ ඉතිහාස කතාව මුල ඉඳලම බ්ලොග් එකේ ලියන්න මට හිතුනා. මට හිතෙන්නේ මේ කතාවට බහුතරයක් ආස නැති වෙයි. ඉතින් මගේ බ්ලොග් එක ජන ශුන්‍ය වෙනවාට මම අකමැති නිසාත් මේ කතාව නොලියාම බැරි යැයි මට සිතෙන නිසාත් එක දිගට නොලියා ඉඳ හිට කොටසක් බැගින් පළ කරන්න තමයි හිතුවේ :).
ප. ලි - මේ බ්ලොග් අවකාශයේ ගොඩක් හොඳින් ඉතිහාසය ගැන දන්න අය ඉන්න පුළුවන්. ඉතින් මේ ලියන තොරතුරු වල වැරදි තිබුනොත් නිවැරදි කරන්න එයාලට පුළුවන් වෙයි......ඒක මට කරන ලොකු උදව්වකුත් වෙයි.........
~~~~~~~ඉතින් වැඩි කතා මොකටද? දැන්ම පටන් ගන්නම්~~~~~~~~
සාම්ප්‍රදායික විදියට "විජය" ගෙන් පටන් ගන්නේ නැතුව අපි ඊට ටිකක් එහාට යමු....."ප්‍රාග් ඓතිහාසික යුගය" ට.
දැනට විශ්වාස කරන විදියට නම් සිංහලේ පළමු රජු හැටියට සැලකෙන්නේ "මහා සම්මත මනු" කියන රජ තුමා. ඊට පස්සේ කාලෙකදි තමයි රාවණ රජ තුමා රජ කරලා තියෙන්නේ. මේ රාවණ රජ තුමා ගැන තමයි "රාමායණය" පුරාවෘතයේ සඳහන් වෙන්නේ. ඒ කතාව නම් අහපු නැති කෙනෙක් නැතුව ඇති.
"රාවණ රජ තුමා දඬු මොනරයෙන් ජම්බුද්වීපය ට ගිහින් රාම රජුගේ දේවිය වූ සීතාවන් පැහැර ගෙන ලංකා පුරය ට ආ බවත් මේ නිසා කිපුන රාම රජු තමන්ගේ මලනුවන් වන ලක්ෂ්මන් ගේ සහ හනුමන්තා ගේ උදව් ඇතිව එහි සිට ලංකාවට පාලමක් තනා, හනුමාගේ වලිගයෙන් ලංකා පුරය ගිනි තබා, රාවණා රජු හා සටන් කොට සීතාව නැවත ගෙන ගිය බවත්" එහි සඳහන් වෙනවා.
ඉතින් මේ රාවණා පුවතත් එක්ක සම්බන්ධ අතුරු කතා ත් බොහොමයි. රාවණා "සීතා" ව ගෙනත් හංගලා තිබුනේ "සීතා එළිය" කියන ගමේ කියලත් කතාවක් තියනවා. ඒ වගේම "රිටිගල" ශේෂ කන්ද හනුමා ලංකාවට එද්දී අරන් ආපු එකක් කියලත් කියනවා. ඉන්දියාවට ආවේනික පැළෑටි ඒ කන්දෙන් හමු උන නිසාලු එහෙම කියන්නේ. "ආදම් ගේ පාලම" නමින් හැඳින්වෙන ලංකා පුරට එන පාලම හනුමා හැදුවේ කොරල් පර උදව් කර ගෙන ලු. ඒ කතාව නම් ඇත්ත වෙන්න පුළුවන්. දැනටත් ඉන්දියාව හා ලංකාව සම්බන්ධ කරන කොරල් පාලමක් දකින්න ලැබෙනවා. අතීතයේ මේ කොරල් පර මීට වඩා ස්ථාවර ඛාදනය නොවූ පාලමක් විදියට තිබුණා වෙන්න පුළුවන්. පහලින් තියෙන්නේ කොරල් පාලමේ සැටලයිට් ඡායා රූපයක්.
ඉතින් මේ කතා අපි කියන්නේ සාහිත්‍යමය පුරා වෘතයක් පදනම් කරගෙන මිසක් ස්ථාවර සාක්ෂි ඇතුව නෙමෙයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉතිහාසය හරියට කළු සිදුරක් වගේ. දන්න දේට වඩා නොදන්නා දේ බොහොම වැඩියි.
ඉතින් මේ යුගය ගැන මීට වඩා දෙයක් කියන්න මම දන්නේ නැහැ. ඊ ළඟ ලිපියෙන් තමයි හරියාකාර ව "රාජාවලිය" පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඒ ක්‍රි. පූ. 543 දී සිදු වෙන "විජයාගමනය" ත් එක්ක. එතන ඉඳන් අවුරුදු 2550 ක් පුරාවට අපේ වංශ කතාව දන්න තරමින් ලියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කවද හරි මේවා ගැන ආපහු හොයන්න හිතුනොත් ලේසියෙන් හොයා ගන්න පුළුවන් තැනක ලියල තියන එක කෝකටත් හොඳයි නේ :).
ආ...අර උඩ පින්තුරේ තියෙන්නේ හනුමා රිටිගල උස්සගෙන ආපු හැටි......
Very good Keep it up
ReplyDeleteThe myth about the origin of the Sinhala Tribe
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Sinhala_Kingdom
good.. looking forward to it
ReplyDeleteස්තූතියි විස්තරේට.
ReplyDeleteඅර බ්ලොග් ලියන හසිත මලය නම් ඉතිහාසෙ ගැන හොදට දන්නව ඇති.එයා ඉතිහාසේ ගැන ඉගන ගන්නවනෙ.
@Anonymous : Thank you very much...
ReplyDelete@Anonymous : Thanks.It is from Mahabharat. Should be a myth..for sure..
@vimasuma : Thank you very much...
@නදී : ස්තුතියි නදී...එහෙනම් මේ හසිත මලයව වහාම අඳුර ගන්න ඕන :)
කියෙව්වෙ නැහැ, පසු ගිය පෝස්ට් කීපයක්ම මිස් වෙලා. කියෝලම කොමෙන්ට් කරන්නං
ReplyDeleteගොඩක් ස්තූතියි මේව ලියනවට! මමත් මේ විශය ගැන ගොඩක් උනන්දුයි! :)
ReplyDeleteභද්‍රජි මහින්ද ජයතිලකගෙ ශ්‍රී රාවණ්නා පුවත, හැකිනම් සොයාගන්න! ප්‍රයෝජනවත් විය හැක!
ෂා අළුත් මාතෘකාව නියමයිනේ....ලියන්න දිගටම ආසයි රාජාවලිය ගැන දැනගන්න...දැන්නං ගොඩක් තියෙන්නේ වලි නේ රාජා නෑ......
ReplyDelete@Observer : ඒකට මක් වෙනවද ඔබා මාමේ...පුළුවන් වෙලාවක කියවන්නකෝ එහෙනම් :)
ReplyDelete@තනි අලියා : අහන්නත් සතුටුයි තනියෝ...එහෙනම් මම ලියන ඒවායේ වැරදි එහෙම තිබුනොත් නිවැරදි කරලා දෙන්න හොඳේ...ස්තුතියි පොත ගැන කිව්වට..
@ඔබ නොදුටු ලොවක් : මේවට ආස අය ඉන්න එකනම් සතුටට කරුණක්...හි හි රාජාවලියත් එක්තරා වලියක් තමයි බලාගෙන ගියහම...
හ්ම්ම්.. ඔය හනුමන්තා ගෙනියපු කන්දෙන් කෑල්ලක් කඩන් වැටිලා රූමස්සල කන්ද බිහිවුනා කියලත් කියනවා අක්කේ,. රූමස්සල කන්දෙත් ගොඩාක් ඖෂධ පැලෑටි තියෙනවනේ,.
ReplyDeleteගොඩක් වටිනා ලිපියක් සයුරි.. ඇත්තටම අපේ ඉතිහාසයෙත් ගොඩක් රසවත් සිදුවීම් තියෙනවා.. ඔය හනුමාගේ කතාවත් ඒ වගේ එකක්... අර කන්ද උස්සගෙන ආපු කතාව එහෙම... මම හිතන්නේ ඔය සිද්ධීන් පිළිගත හැකි තරම් සාක්ෂි ගොඩක් තියෙනවා...
ReplyDeleteමම නම් රටේ ඉතිහාසය ඉගෙන ගන්ට හරී ආසයි...අපේ රටේ නැති වුණාට ඔය සමහර රටවල නං රටේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම හැමෝම දැන ගන්ට ඕනේ......
ReplyDeleteමේ අපේ රටේ අර ප්‍රාග් අයිතිහාසික(ලියන්ට දන්නේ නැත.) මානවයුනුත් ඉඳලා තියෙනවා නේද?
පාහියන්ගල,බටදොඹලෙන,පොම්පරිප්පුව වගේ තැං වලින් හම්බුවෙලා තියෙනවා නේද ඒකට සාක්ෂි......
රාම රාවණා පුරාවෘත්ත වලට වඩා ඒක වැදගත් සාක්ෂි නේද.....
(මගේ ඉතිහාසය ගැන දැනුම නම් අල්පයි.....හොඳේ)
ලිපිය බොහෝම හොඳ වැඩක්.....නියමයි...
@සයුරි
ReplyDeleteඔකෙ කතාව මෙහෙමයි! මම එ් පොත අැසුරින් හා වෙනත් දන්න දේවල් අැසුරින් මට කරුණු දක්වන්න පුලුවනි!
හැබැයි,
මම දන්න එක හරි වෙන්න පුලුවන්, නැත්තම් එ්ක වැරදි වෙලා ඔයා දන්න එක හරි වෙන්න පලුවන්, නැත්තම් අපි දෙන්නම දන්න දේවල් වැරදි වෙන්න පුලුවන්!
ඉල්ලීම පිලිගනිමි! හැබැයි ඔය කිව්ව ටික ගැනත් හිතන්න! :)
හරිම අපූරු වැඩක් අක්කේ... මං උනත් ඉතිහාසයේ ඔය සමහර තැන් දන්නේ නෑ.. ඔච්චර දිග පරපුරක් මොකටද මං මගේ තාත්තගේ තාත්තා දැකලවත් නෑ.. අක්කා ලියන් යන්නකෝ...
ReplyDeleteහය්යෝ...මිස් වෙච්ච පෝස්ට් කියවන්න ගිහින් කී බෝර්ඩ් එක සුද්ධ කරන්නත් වුනා (දියතලා - කළුතර පෝස්ට් එක නිසා)
ReplyDelete'නෙලුම් විලේ' යනව වගේ සයුරිත් නියම ඉතිහාස ලෙසන් එකක් පටන් අරන් තියෙන්නෙ.
ඉස්කෝලේ යන කාලෙ අන්තිම පේලියේ හිටිය මං වගේ කට්ටියට නාකි වෙලා හරි මොනවත් ඉගෙන ගන්න චාන්ස් එක.
හොඳ වටිනා පෝස්ටුවක්...දිගටම ලියන්න සයුරි..රාජාවලිය ගැන ලියවුන පොත්පත් කීපයක් මා ලගත් තිබුනා...
ReplyDeleteමුලින්ම කියන්න ඕනේ මේ වැඩේ නම් ඉතාම විශිෂ්ඨයි...!!!
ReplyDeleteමමත් බ්ලොග් අවකාශෙට ආපු අළුත මටත් හිතුනා ඔය ගැනම ලියන්න. විශේෂයෙන්ම රාවණා රජතුමාව දුෂ්ඨයාට අන්දවලා රාම වීරයා වුනු තිර පිටපත වැරදියි කියලා කියන්න වගේම ඒ ගැන තවත් හොයන්න. මම පටන් ගත්තා විකිපීඩියාවෙන්. ඒකෙ රාවණා ගැන තිබුණු ලිපිය මම ට්‍රාන්ස්ලේට් කරලා පෝස්ට් කලා. හොඳ ප්‍රතිචාර තිබුණා. වැදගත්ම දේ... මම දැනන් හිටියා වගේ දහ ගුණයක් දේවල් ඒ පෝස්ට් දෙකට වැටුනු කමෙන්ට් වලින් මම ඉගෙන ගත්තා. ඊට පස්සේ වෙන වෙන බ්ලොග් වලත් රාවණා ගැන පෝස්ට් ගියා. අන්තිමේදී ඉතින් බ්ලොග් අවකාශෙ හැමෝම රාවණා ගැන දැනුවත් කියලා තේරුම් ගිය නිසා මම පෝස්ට් දෙකෙන් වැඩේ නතර කලා...
සයුරිට වගේම මේ පෝස්ට් එක කියවන, කියවපු කාටත් ඉතිහාසය ගැන දැනගන්න හොඳම තැන් දෙකක් මං කියන්නම්.
1. හෙල යුගය - මෙතන තියෙන්නේ එක් කෙනෙක් ලියපුවා නෙවේ. බ්ලොග් අවකාශේ පල වුනු ලිපි (මගේ ලිපි 2 ත් ඇතුළුව) වගේම පුවත්පත් ලිපි වල පිටපත්ද මෙතන එකතු කරලා තියෙනවා. ඇත්තටම රාවණා, අපේ මුල් රජ පෙළපත වගේම සිංහලේ ප්‍රාග් ඓතිහාසික කරුණු ගැන හොඳ එකතුවක් මෙතන තියෙනවා. හැබැයි පොඩි අවවාදයක් ! දවසම කියවන්න බලාගෙනම යන්න !!! මෙන්න පාර...
2. Sinhala Literary Association - බ්ලොග් අවකාශයේ ඉතිහාස ගවේෂණය
මේ අඩවියේ බොහෝ ලිපිත් මා ඉහත කිව්ව හෙළ යුගය අඩවියේත් නැවත පළවී තිබෙනවා.
http://apethana.com/drupal/helayugaya
http://www.sendspace.com/file/d6uoio
මේ ලින්ක් දෙකේ ඊ-පොත් දෙකක් ඇති දෙකම එකද මන්දා ?
ඔය ටික ඔක්කොම කියෙව්වොත් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. සයුරි කැමති නම් මේ ලින්ක් ටික ඊළඟ පෝස්ට් එකේ අගට දාන්න. එතකොට මේක බලන්න එන ඉතිහාසය ගැන උනන්දු හැමෝම දැනුවත් වේවි. හොඳ වැඩකට සහයෝගයක් දුන්නා කියලා මටත්, ඒ වැඩේ පටන් ගත්ත සහෝදරීටත් සතුටු වෙන්න පුළුවන් වේවි.
කමෙන්ට් එක පෝස්ට් එකක් වුනා නෙව !!! අම්මේ මං ගියා... වැඩේ දිගටම කරගෙන යං... ජයවේවා !!!
@ප්‍රාර්ථනා : අනේ තැන්කු නංගි...මට ඒක අමතක උනානේ. ඔයාල දන්න දේවලුත් මේ විදියට එකතු කරන එකනම් ගොඩක් වටිනවා...
ReplyDelete@උදයංග : ස්තුතියි උදයංග...ඇත්තටම ඔව්, රිටිගල වගේම රූමස්සල කන්දෙත් සූර්ය/චන්ද්‍ර, විෂ්ණු ක්‍රාන්ති වගේ බෙහෙත් පැලැටි තියනවලු.
@ගලයා : බොහොම ස්තුතියි පුරා විද්‍යාත්මක සාධක ගැනත් මතක් කරාට...ඇත්තටම හම්බන්තොට පැත්තෙනුත් හම්බ වෙලා තියනවා ලු එහෙම ඒවා. ඒ නිසා නිසැකවම ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයෝ නම් ඉඳල තියනවා. අපි හරියට දන්නේ නැත්තේ ඉතිහාසය-රජ පෙළ පත ගැන විතරයි.
@තනි අලියා : ඒක නම් එහෙම තමයි ඉතින්...පිලි ගත්ත පොත් පත් වල පවා පරස්පර විරෝධී තැන් තියන එකේ....ඒත් වෙනත් අදහසුත් ඉදිරිපත් වෙනවනම් ප්‍රයෝජනවත් වෙයිනෙ නේද?... :))
ReplyDelete@දිනේෂ් : අනේ මන්දා මල්ලි මට නම් වෙලාවකට හිතෙනවා මුල හොයාගෙන ගිහින් අපේ පරම්පරාවේ පලවෙනි පුරුක හොයා ගන්න..හි හි
@Observer : කී බෝර්ඩ් එක යහතින් නේද ඔබා මාමේ? :)) බොහොම ස්තුතියි කමෙන්ටුවට...ඉස්කෝලේ කාලේදී නම් මටත් ඉතිහාසයතිත්තයි...පස්සේ තමයි ආස හිතුනේ...
@දිල් : බොහොම ස්තුතියි දිල්...එහෙනම් ඔයාටත් පුළුවන් වෙයි මේ ලිපි වල වැරදි තිබුනොත් පෙන්නලා දෙන්න :)
ReplyDelete@චතුරංග : ඔයාටනම් කොහොම ස්තුති කරන්නද මන්දා මේ තොරතුරු වලට...අනිවාර්යෙන්ම ඊ ළඟ පෝස්ට් එකේ දාන්නම්. මේවා මේ පෝස්ට් එකටම එකතු කරන්න තිබුනානම් තමයි වැඩිය හොඳ...ඒත් ලිපිය ආපහු අප්ඩේට් උනාම සින්ඩි වලට කරදරයක් වෙයිද දන්නේ නැහැනේ...මේකට මම හිතුවට වඩා හොඳ ප්‍රතිචාර තියනවා වගේ...ඒ නිසා ඊ ළඟ ලිපියත් ඉක්මනින් ලියන්න හිතුනා...
අද තමයි මම ඔයාගේ බ්ලොග් එකට මුලින්ම ගොඩ වැදුනේ...
ReplyDeleteමමත් ගොඩක් ආසයි ඉතිහාසය ගැන දැන ගන්න
මේ වගේ දෙයක් පටන් ගත්තු එක ගොඩක් වටිනවා
ඒකට හේතුව දැන් කාලේ ඉන්න ගොඩ දෙනෙක් ඉතිහාසය ගැන හරියට දන්නේ නැහැ, මේ වගේ කතිකාවකින් අපි කාගෙ කාගෙත් දැනුම වැඩි වෙනවා
ඒක බොහොම හොඳ දෙයක්
අපේ රටේ ඉතිහාසය සම්බන්ධව ඇති පොත් පත් බොහොම සීමිතයි, ඒකට හේතුව අපේ රට මුහුණ දීපු ආක්‍රමණ රැල්ල වෙන්න පුළුවන්
සෑම ආක්‍රමණයකදීම වගේ අපේ රටේ තිබුණු පොත් පත් ගිනි තිබ්බා, ඉතිහාස මුලාශ්‍ර මකා දැම්මා
සුද්දෝ අපිව යටත් කරගෙන හිටපු කාලය ගැන පවා අපිට විස්තර දැන ගන්න වෙන්නේ සුද්දන්ගේම පොත් පත් වලින්
ඒක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්
ඒත් කරන්න දෙයක් නැහැ
මෑත ඉතිහාසය සම්බන්ධව මෙසේනම් ප්‍රාග් ඓතිහාසික යුගය ගැන කවර කතාද
නමුත් හෙව්වොත් යමක් සොයා ගන්නත් බැරි නැහැ
අපි දන්නා කියන රජ පෙළපතට යන්න කලින් ඔය ප්‍රාග් ඓතිහාසික යුගය ගැන මීට වඩා කතා කලානම් මම කැමතියි
මොකද අපේ ඉතිහාසය කොහෙන්වත් ආපු හොරු 600 කින් පටන් ගත්ත කියන කතාව විශ්වාස නොකරන පුද්ගලයෙක් මම
ඔවුන් විසින් කුමන්ත්‍රණයෙන් අපේ රටේ බලය අල්ල ගත්ත කියලයි මට හිතෙන්නේ
@ලොකු පුතා : එහෙනම් ඔයාව සාදරයෙන් පිළි ගන්නවා ඔන්න...ඔයා කියන කතාව හරි ලොකු පුතා..කොච්චර වැදගත් මූලාශ්‍ර විනාශ වෙන්න ඇත්ද ආක්‍රමණ නිසා....
ReplyDeleteමමත් කීයටවත් විශ්වාස කරන්නේ නැහැ අපේ "මුල" විජයාගමනය කියලා...ඊට කලිනුත් මේ රට ශිෂ්ටාචාරයක්. පිටින් ආපු 700 දෙනෙක්ගෙන් අපේ ජාතිය පැවතෙනවා කියල හිතන එක ප්‍රායෝගික නැහැ...ඔවුන් පිටින් ඇවිත් මෙහේ අයත් සමග මුසු උනා කිව්වොත් වඩා හරි...
මටත් හිතෙන්නේ ඊ ළඟ පෝස්ට් එකත් ප්‍රාග් ඓතිහාසික යුගය ගැනම වෙයි වගේ...චතුරංග ත් ලින්ක් වගයක් දුන්නා නේ..ඒවා ගැනත් කියලා තව මේ ගැන ලියන්න බලන්නම්...මෙහෙම ඔයාලගෙන් ලැබෙන අදහස් නම් ගොඩක් වටිනවා...එතකොට තමයි මේ කතිකාව රසවත් වෙන්නේ :)
අනේ හරිම ලොකු දෙයක් මේක පටන් ගත්තු එක සයුරි... ඔයා ලියාගෙන යන විදියටත් මම කැමතියි.... මම නම් කියන්නෙ ඒ රටාව වෙනස් කරන්න එපා කියල... මට මගේ පොඩි උන් දෙන්නට පෙන්වන්න, එයාලට සරලව තේරුම් ගන්න ඔයා ලියන විදිය හරිම උපකාරයක්... අපේ රටේ ඉතිහාසය ගැන ඒ දෙන්නට මං පොඩි පොඩි පොත් එහෙම ගෙනත් දීල තියෙනවා... ඒවායින් එයාලට ඒ ගැන ආසාවක් ඇතිවෙලා තියෙන්නෙ... ඔයාට ගොඩාක් ස්තුතියි...
ReplyDelete@මියුරු : හරිම සන්තෝසයි ඔයාල වගේ අය ගැන මියුරු..තමන්ගේ ළමයින්ට පොඩි කාලෙදිම ඒ ගැන ආසාවක් ඇති කරන එක කොච්චර වටිනවද...විශේෂයෙන්ම එයාල ඉන්නේ ලංකාවේ නෙමෙයිනම් මේවා ගිලිහිලා යන්න තියන ඉඩ වැඩියි...ඉතින් ඔයා කරපු දේ හරිම වටිනවා...
ReplyDeleteනියමයි අක්කෙ. දිගට ම ලියන්න. මං ගොඩක් කැමති ඒත් වැඩි විස්තර දන්නැති මාතෘකාවක්................
ReplyDelete@elephas : ස්තුතියි මලයෝ...එහෙනම් ඔයත් රාජාවලියත් එක්ක දිගටම ඉඳීවි කියල හිතනවා...
ReplyDeleteඅා තව දෙයක්! ලංකා ඉතිහාසයේ හෙළයුගය කියල පොතකුත් තියනවලු!
ReplyDeletehttp://helayugaya.tk/
ඉස්සර ඉතිහාසය ඉගෙනගත්ත හැටි මතක් උනා...
ReplyDelete@තනි අලියා : ආ..නියමයි..බොහොම ස්තුතියි....
ReplyDelete@නදුන් උයන : එහෙම උනා නම් කොච්චර හොඳද?
ගොඩක් වටින කතාවක්. මාත් හරිම ආසයි අතීත කතා කියවන්න. ගොඩ දේවල් මේ ලිපියෙන් ඉගෙන ගත්තා. ඒ වගේම අක්කා අර හසිත මල්ලිගේ විද්යුත් අටුවාව බලන්න පුලුවන් නම් මරු. එයා ඕවුවා ඉගෙන ගන්න කොල්ලෙක් !!!
ReplyDeleteඒක නෙමේ අක්කා ඔයා පිලිගන්නවද ලංකාවේ සිංහල අයගේ ආරම්භය විජයාවතරණය කියලා ? මම නම් ඒකට ආස නෑ. මොකද ඔය කතාව සමහරු ගොතලා තියෙන්නේ විජය වගේ රටින් පිටුවහල් කරපු හොරෙක්ගෙන් අපේ ජාතිය පැවත ගෙන එනවා කියන්න.
විජය එන්න කලින් අපේ රටේ දියුණු තාක්ෂණයක් තිබුනලු නේ. අර කුවේණි කපු කටිමින් හිටියා කියන්නේ.
ප.ලි. - වැඩකට හිර වෙලා හිටපු නිසයි කියවන්න එන්න පරක්කු උනේ. දැන් එහෙනම් කවියක් ලියන්න කාලය හරි ලොකු නෝනේ !!! ඊලඟ පෝස්ට් එක නොතේරෙන කවියක් වේවා :)
@මධු මල්ලි : අනේ මට ඒකට ලින්ක් එකක් දෙන්නකෝ...මම අඳුරන්නේ නැහැ නේ ඔය මල්ලි ව.
ReplyDeleteමම නම් කොහොමවත් පිළි ගන්නේ නැහැ විජය ගෙන් සිංහල ජාතිය ආරම්භ උනා කියලා....ඒ වෙද්දී තිබුන ශිෂ්ටාචාරයට විජයගේ පිරිස මිශ්‍ර උනා විතරයි...ඒ ගැනත් ලියන්නම්කො ඒ හරියට එද්දී...
පරක්කු උනාට මක් වෙනවද මලේ...කවියක්නම් ලියන්න ආසයි තමා...දැන් මේ ඉතිහාස වැඩේට අත ගැහුවට පස්සේ ඒකට වැඩිපුර ආස හිතුනා නේ....:))
මෙන්න අක්කේ ඒ මල්ලිගේ බ්ලොග් එකේ ලින්ක් එක. මල්ලිගේ නම හසිත චාමිකර. කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය කරන මල්ලි කෙනෙක්.
ReplyDeleteඔබගේ දැන ගැනීමට
ReplyDeletehttp://helayugaya.blogspot.com/
http://www.sriravana.tk/
http://www.sriravana.com/
http://www.ravanabrothers.com/
@මධුරංග : තැනක් යූ...මම ගිහින් බලන්නම්කෝ...
ReplyDelete@චා : ස්තුතියි...මේවයින් සමහරකට මම ගිහිලලත් තියනවා...
අදයි දැක්කේ..... තව ටිකක් කියවලම කොමෙන්ට් එකක් දාන්නම්කො....
ReplyDelete@ සෝඩා ගුණේ : බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට...කියවලම බලමුකෝ එහෙනම් :)
ReplyDeleteමට තියෙන ගැටළුවක් තමා සිංහලේ පළමු රජතුමා මහා සම්මත මනු කිව්වට මහා සම්මත රජතුමාගේ කතාව බුද්ධ දේශනාවක ඇතුළත් වීමත් මනු වෛදික සාහිත්‍ය තුළ පළමු රජු ලෙස දක්වා තියෙන එක......... එහෙම බලද්දී මහා සම්මත මනු කියන්නේ ලංකාවට වගේම ඉන්දියාවටත් පොදු රජෙක් කියලා පේනවා
ReplyDeleteආහ් මං ගැනත් කතාවක් ගිහින්නේ. ලැජ්ජත් හිතෙනවා :)) ස්තුතියි මධුරංග අයියා මාවත් මතක් කළාට
@ හසිත : ආ..මේ අර ඉතිහාසේ ඉගන ගන්න හසිත මල්ලි නේද? බොහොම සතුටුයි ඔයා මගේ බ්ලොග් එක හොයා ගත්ත එක ගැන...මධුරංග දීපු ලින්ක් එකෙන් මාත් ඒ පැත්තේ ගිහින් ආවා...
ReplyDeleteමහා සම්මත මනු ගැන කතාවනම් අපැහැදිලි තමයි..ගොඩක් වෙලාවට ඔය රජවරු දෙන්නගෙම නම ඕක නොවෙන්නත් ඇති...පස්සේ කතා ලියද්දි දාපු නම් වෙන්නත් පුළුවන් නේද?
සයුරිගෙ රාජාවලිය ලිපි පෙළ බලන්න ගත්ත මුල ඉදන්ම... වැදගත් වැඩක්... ඉතිහාසය දැනගන්න එක වර්තමානයටයි, අනාගතයටයි දෙකටම හොදයි.
ReplyDeleteබොහොම සතුටුයි තරු අක්කා මුල ඉඳන්ම බලන්න හිතපු එක ගැන. ඇත්තටම මුල ඉඳං බලනකොට සැරින් සැරේ බලනවට වඩා හොඳට කතාව ගලාගෙන යන හැටි පෙනේවි.
Deleteහොඳම හොඳ වැඩක් මේක. දිගටම සමබරව යමු.
ReplyDelete(ලංකාවෙ ප්‍රාග් ඓතිහාසිකය මොකද්ද කියලවත් නොදන්න නමුත් රාවණා ගැන අතිසුන්දර විදියට හිතළු ලියන උන් නම් ෆේස්බුක් එකේ වැහි වැහැලා)
ඔබට ජය!
ස්තුතියි ඩ්‍රැකී. මේ විෂයට ආස අය ඉන්න එක ලොකු සතුටක්. රාවණා ගැනනම් එක එක විදියේ කතා දකින්න ලැබෙනවා තමා මේ දවස්වල :)මේ වෙද්දී අපි ඉන්නේ පොළොන්නරු රාජධානියේ. ඉඩක් තිබුනොත් දිගටම එන්නකෝ..
Deleteමුල ඉඳල රජ කතාව කියවන්න පටන් ගත්ත.
ReplyDeleteහප්පේ...හොඳ පණ යයිද මන්දා :)
Delete