Showing posts with label පොත්. Show all posts
Showing posts with label පොත්. Show all posts

Tuesday, September 20, 2011

හැම තාත්තෙකුගේම සිතුවිලි

මේ  පොත  ගැන  මීට  කලින්  කොහේ  හරි  ලියවිලාත්  ඇති. ඒත්  මම  හිතන්නේ  මේ  ගැන  කොයි  තරම්  ලිව්වත්   වැරැද්දක්  වෙන  එකක්  නැහැ. "හැම  තාත්තෙකුගේම  සිතුවිලි"  කියන්නේ  ඒ  තරමටම  ලස්සන  පොතක්  නිසා. දැනට  මේ  පොත ලඟ  තියන හුඟ දෙනෙකුට වගේම  මටත්  මේ  පොත  ලැබුනෙ  මගේ  තාත්තගෙන්. 

පොතේ  පිට  කවරේ  හරියට  මෙන්න  මේ  වගේ



පොත  පුරාවටම  තියෙන්නේ  දුවෙක්  ඉන්න  තාත්ත  කෙනෙක්ගේ  හිතට  එන  සිතුවිලි.  දුව ගැන  තියන  ආදරේ,  එයා  නොදැන  කරන  දේවල්  වලින්  තාත්තාගෙ  හිත  රිදෙන  හැටි, දරිද්‍රතාවය   නිසා  දුවට  වෙන  අඩුපාඩු  ගැන  හිතලා  දුක්  වෙන  හැටි,  වයසින්  වැඩෙද්දි  තාත්තත්  දුවත් අතර ඇති  වෙන  පරතරය  තාත්තා  කෙනෙක්ට  දුකක්  බව  හරිම සංවේදී  විදියට  සිදුවීම්  ආශ්‍රයෙන්  ලියලා  තියනවා.  පොතේ  මුල්  පිටු  දෙක  කියවන්නත්  කලින්  මගේ  ඇස්  දෙකට කඳුළු පිරුණා.  ඉතින්  හිතා  ගන්න  පුලුවන්  නේද  මුළු  පොතම  කියවද්දි  කොහොමට  තියෙන්න  ඇත්ද  කියලා.

ගොඩක්  දෙනෙක් තාත්තලා  ගැන  නොහිතන  නොදකින  පැත්තක්  මේ  පොතෙන්  ලස්සනට  පෙන්නලා  දෙනවා.  මමනම්  හිතන්නේ  හැම  දුවෙක්  විසින්ම  කියවිය  යුතු  පොතක්  කියලයි  (පුතාලටත්  කියෙව්වට  වරදක්  නැහැ  :).  මේ  දෙවල්  හැම  තාත්තා  කෙනෙක්ටම  පොදුයි.   තාත්තලා හැගීම් ප්‍රකාශ  කිරීමේ  දක්‍ෂයෝ   නෙමෙයි  (මගේ  තාත්තත්  එහෙමයි).  ඒත්  එයාලගෙ  හිත්  ඇතුලේ  මොන  තරම්  සිතුවිලි  ගොඩක්  හිර  කරගෙන  ඉන්නවා  ඇත්ද?

මේ  පොතේ  කතෘ  "මහේෂ්  රත්සර  මද්දුමආරච්චි".  පොතේ  පිදුම  තියෙන්නේ  මද්දුමාරච්චිගෙ බිරිඳට. ඒක  කෙලින්ම  කියලා  නැහැ.  බලන්න  කියලා  තියන  හැටි, 

"නුඹ මගේ දරුවාට කුස යහන නොතැනුවානම්
කොයින්ද  මේ  තරම් සොඳුරු ආදරණීය  සිතුවිලි...."

ඉතින්  පොතේ  අන්තර්ගතය  කොයි  තරම්  ලස්සන  වෙන්න  ඕනද?

"පුන්චි  දවස්වල  නින්දට  යද්දී"  සින්දුව  කොයි  තරම්  සොඳුරුයි ද  සංවේදීයි ද   මේ  පොතත්  ඒ  තරමටම  සොඳුරුයි  සංවේදීයි..... සමහරවිට  ඊටත්  වඩා....
Related Posts Plugin for WordPress, Blogger...