Saturday, November 12, 2011

සිංහලය ම සමගි කළ රාජ අභිෂේකය - රාජාවලිය IV



ඔයාලට මතක ඇති නේ රාජාවලිය III ලිපියෙදි, විජය රජු මිය යන්න ලං උනාම තමාගෙන් පස්සේ රාජ්‍ය බාර ගන්න කෙනෙක් එවන්න කියල ඔහුගේ මල්ලි සුමිත්ත ට සන්දේශයක් යවපු හැටි. ඉතින් මේ පනිවිඩේට උත්තරයක්‌ එන්න කලින්ම විජය රජු මිය ගියා (ක්‍රි. පූ. 505 දී) කියලත් කිව්වනේ.

සුමිත්ත තමයි මේ වෙද්දී "සිංහපුර" රජ තුමා (සිංහබාහු ගෙන් පස්සේ). මේ සංදේශය සුමිත්තට ලැබුණම ඔහු තමන්ගේ පුතුන් තිදෙනාගෙන් ඇහුවලු "ලක්දිව" යන්න කැමති කවුද කියලා. ඉතින් මේකට කැමති වෙලා තියෙන්නේ බාලම පුතා "පන්ඩුවාසදේව (පඬුවස්දෙව්)". පඬුවස්දෙව් කුමාරයා ඇමති පුත්‍රයින් තිස් දෙකකුත් සමග නැව් නැගලා මහකනදරා ඔය අසළින් ලක් දිවට ගොඩ බහින්නේ ක්‍රි. පූ. 504 දී. විජයගේ මරණින් පස්සේ ඒ වෙනකන් අවුරුද්දක් ම රටේ පාලන කටයුතු කරලා තියෙන්නේ උපතිස්ස ඇමති, අපතිස්ස ගම අග නුවර කරගෙන. පඬුවස් දෙව් රජ තුමාත් උපතිස්ස ගම අග නුවර කරගත්ත බව  විශ්වාස කළත් ඇතැම් අය කියන්නේ එතුමා අගනුවර කරගත්තේ හලාවත ආසන්නයේ පිහිටි පඬුවස්නුවර බවයි.

ඉතින් මෙහෙම ටික කලක් ගත වෙද්දී පඬුවස්දෙව් රජතුමා ටත් විජයට උන දේ ම උනා. "අභිෂේකය සඳහා කුල කාන්තාවකගේ අවශ්‍යතාවය" පැන නැගුනා. මේ සඳහා ලංකාවට ගෙන්වා ගත්තේ භද්‍රකච්චායනා නම් කුමරිය. මේ කුමරියගේත් විශේෂත්වයක් තියනවා. අපේ බුදුන් වහන්සේ ගේ පියා වන සුද්ධෝදන රජතුමා ගේ සහෝදරයා තමයි "අමිතෝධන" රජ තුමා.  ඔහු ගේ පුත්‍රයා තමයි "පන්ඩුශාක්‍ය" කියන්නේ. ඔහු ට පුතුන් සත් දෙනෙකුට පසුව ලැබුණ දියණිය තමයි මේ භාද්‍රකච්චායනා කුමරිය. ඉතින් මේ කුමරිය පරිවාර කාන්තාවන් 32 ක් සමග ලංකාවට ඇවිත් පඬුවස්දෙව් රජුගේ මෙහෙසිය බවට පත් වෙනවා (කාන්තාවන් 32 ක් ගෙන්නෙව්වේ අර ඇමති පුත්‍රයින්ගේ භාර්යාවන් විදියට ලු). අන්න ඒ විදියට ලු සිංහල රජ පෙළපත ට බුදුන් ගේ ලේ නෑ කමක් ආවේ.

භාද්‍රකච්චායනා කුමරියට පුතුන් 10 දෙනෙක් සහ අන්තිමේදී එක දුවක් ලැබුනලු. ඒ දියණිය ගේ නම තමයි "චිත්‍රා". ඇයට දුටුවන් උමතු කරවන සුළු රූ සපුවක් තිබුණු නිසා "උන්මාද චිත්‍රා" කියල හැඳින්වුවා ලු. ඉතින් මේ චිත්‍රා ඉපදුන වෙලාවේ දෛවඥයන් අනාවැකි පළ කරාලු අනාගතේදී චිත්‍රා ට පුතෙක් ලැබුනොත් ඔහුගෙන් චිත්‍රාගේ සහෝදරයින් මැරුම් කන බවට. ඉතින් මේකට කලබල උන සහෝදරයෝ ටික තීරණය කරාලු චිත්‍රා එවෙලේම මරා දමන්න. එත් ඉතින් කොයි දෙමාපියෝද එහෙම දේකට කැමති වෙන්නේ. වැඩිමහල් ම සොහොයුරා උන "අභය" ත් මේකට කැමති වෙලා නැහැ. ඒ නිසා අන්තිමේදී තීරණය කරාලු චිත්‍රා ට කිසිම පිරිමියෙක් මුණ නොගැසෙන විදියට ඇයව එක් ටැම් ගෙයක සිර කරලා තියන්න. මේ එක් ටැම් ගෙය මුර කරන්න සේවයේ යොදවල තිබුනේ "චිත්ත රාජ" සහ "කාලවේල" කියන යක්ෂ ගෝත්‍රික සේවකයන් දෙදෙනෙක්.



මේ නටබුන් දකින්න ලැබෙන්නේ "පඬුවස්නුවර" යි. එක් ටැම් ගෙය පිහිටියේ මේ ස්ථානයේ බවට මතයක් ඇත. එහෙත් ගඩොල් යොදා කළ ප්‍රතිසංස්කරණ නම් පොළොන්නරු යුගයේ ඒවා විය යුතුය.









මේ විදියට කොයි තරම් රැකවල් මැද හැදුවත් වැඩක් උනේ නැහැ. දිනක් චිත්‍රාව ට දරුවෙක් ලැබෙන්න ඉන්න බව රජ මැදුරේ අයට දැන ගන්න ලැබුනලු. මේක අහල කෝප උන සොහොයුරන් එක් ටැම් ගෙය මුර කළ චිත්තරාජ සහ කාලවේල ට මරණ දඬුවම දුන්නලු. ඔවුන් දෙදෙනා චිත්‍රාගේ දරුවා ආරක්ෂා කරන්න යක්ෂ ආත්ම වල ඉපදුනා කියලයි කියන්නේ. චිත්‍රා ත් මරා දමන්න හැදුවත් නැවත වතාවක් මවු පියන්ගේ සහ  වැඩිමල් සොයුරාගේ අනුකම්පාව නිසා චිත්‍රා ගේ ජීවිතය බේරුනා. පිරිමි දරුවෙක් ලැබුනොත් ඔහු මරා දමන්නත් ගැහැණු දරුවෙක් ලැබුනොත් හදා ගන්නත් එකඟ උනා. ඉතින් කවුද මේ දරුවගේ පියා? භාද්‍රකච්චායනා ගේ බෑනා කෙනෙක් වන "දීගගාමිණි" ද? නැත්නම් යක්ෂ ගෝත්‍රික "චිත්තරාජ" ද? මේක ගොඩක් දෙනා තර්ක කරන කාරණයක්.

ඉතින් කොහොමහරි මේ දරුවා බිහි වෙන දවසේදී එදාම ඉපදුන ගෑනු දරුවෙක් සුදානම් කරගෙන හිටියලු පුතෙක් ලැබුනොතින් ළමයි දෙන්නව මාරු කරන්න. ඒක ඒ විදියටම සිද්ධ උනා. ලැබුනේ දුවෙක් කියලා මාමලා රැවටුනා. කුමාරයට නම තැබුවේ පඬුවස්දෙව් රජුගේ ත් අභය කුමරු ගේ ත් නම් එකතු කර "පණ්ඩුකාභය" කියලා. ඉතින් මේ කුමාරයාව යක්ෂ ගෝත්‍රිකයින් වෙසෙන දොරමඩලාව ගමට රහසින් පිටත් කරා.  සේවිකාවක විසින්, පැසක දාගෙන තමයි කුමාරයව ගෙනිච්චේ. ඇයට අතරමගදී හමු වෙනවා දඩයමේ ගිය, කුමාරයාගේ මාමාවරු කිහිප දෙනෙක්. ඔවුන් මේ පැස පරික්ෂා කරන්න හදද්දී චිත්තරාජ සහ කාලවේල වල් ඌරු වෙස් ගෙන එතනින් දුවපු නිසාත් මාමාවරු උන් පස්සේ දුවපු නිසාත් කුමාරයා බෙරුනාලු (මේ කතා නම් හුදු අලංකාර පමණක් වීමට ඉඩ කඩ ඇත).

දොරමඩලාවේදී කුමාරයා හැදී වැඩෙන්නේ යක්ෂ ගෝත්‍රිකයින් ගේ රැකවල් මැද. ඔහුට අවු. 7 ක් වෙද්දී මාමාවරු දෛවඥයින්ගෙන් දැන ගන්නවා කුමාරයා ගැන. කුමාරයා ගොපළු ගමක ඉන්න බව දැනගත් පසු සේවකයින් ලවා ගොපළු ගම් එකක් නෑර ගිනිබත් කර බිලිඳු සංහාරයක් කරනවා. මේ වෙලාවේදී කුමාරයා යහළුවන් සමග දිය කෙළියට ගිහින්. රාජ පුරුෂයන් එතනට කඩා වදිද්දී කුමාරයා ඉන්නේ ගස් බෙනයක හැංගිලා. ඒක කුමාරයා යහළුවන් පුදුම කරවන්න නිතරම වගේ කරපු දෙයක්. ඒ නිසා එදා ඔහුගේ ජීවිතය බේරුණා. කුමාරයට දොළොස් විය ලැබූ පසු නැවතත් මාමාවරුන්ට සැක පහළ වෙනවා. මේ වතාවේදී කුමාරයා බේරෙන්නේ ගින්දර ගෙන ඒමට ගෙදර යන අතරමග සිටි නිසා. කෙසේ වුවත් සම වයස් ළමයින් බොහෝ ගණනක් කුමාරයා නිසා දිවි පුදනවා.

සොළොස් විය පිරුණු කුමරු ශිල්ප ඉගෙන ගැනීම සඳහා "පණ්ඩුල" නම් බ්‍රාහ්මණයෙකු ළඟට යනවා. පණ්ඩුල බමුණාගේ පුත් "චන්ද්‍ර" ද පසු කලෙක පණ්ඩුකාභය ගේ සේනාව සමග එකතු වෙනවා. මේ කාලයේදී තමයි කුමරුට "පාලි" කුමරිය හමු වෙන්නේ. ඇය කුමරුගේ එක් මාමා කෙනෙකුගේ(ගිරිකන්ඩසිව) දියණියයි. ඇය තම පියා යටතේ වැඩ කරන මිනිසුන්ට ඇඹුල ගෙන යමින් සිටියදී පණ්ඩුකාභය සහ පිරිස හමු වී ඇත. ඔවුන්ටත් ඇඹුල කොටසක් බෙදා දීමට අසල නුග ගසකින් නුග පත් කඩා ඇඹුල බෙදීමට සැරසෙද්දී නුග පත් රන් වන් පාට වූ නිසා ඇය එදා පටන් "ස්වර්ණ පාලි" නම් විය. අවසානයේ පණ්ඩුකාභය කුමරුගේ මෙහෙසිය වන්නේ ඇය යි.

පණ්ඩුකාභය කුමරු ඉපදුන වසරේම පඬුවස්දෙව් රජුතුමා මිය යනවා, ඒ අවු. 30 ක රාජ්‍ය කාලයකට පසුව. එනම් ක්‍රි. පූ. 504 - ක්‍රි. පූ. 474  (බු. ව. 40 - බු. ව. 70). ඉන් පසුව රජ වෙන්නේ අභය රජ තුමා (කුමරුගේ වැඩිමහල් මාමා). ඔහු අවු. 20 ක් (ක්‍රි. පූ. 474 - ක්‍රි. පූ. 454) හොඳින් රජකම් කරනවා. අභය රජු පණ්ඩුකාභය කුමරුට පක්ෂව කටයුතු කරන බවට සැක ඇති වීම නිසා අනෙක් සොහොයුරෝ ඔහුට විරුද්ධ වී රජ කම දෙවැනි සොහොයුරු "තිස්ස" ට ලබා දෙනවා. ඒත් තිස්ස රජුට (ක්‍රි. පූ. 454 - 437) හරියාකාරව රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. පණ්ඩුකාභය කුමරු ඔවුන්ට විරුද්ධව සටන අරඹන නිසා. ඒ කාලයේ රට අරාජික තත්වයක තිබුණා කිව්වොත් වඩාත් හරි.

මේ වෙද්දි හෙළ ජනතාව හිටියේ සිංහ වංශිකයින් එක්ක අමනාපයෙන්. මොකද විජය විසින් හෙළයින්ගේ රාජ්‍ය පැහැර ගත් නිසා. මේ දෙගොල්ලන්ගේ ගැටුම් ඕන තරම් තියෙන්න ඇති. සිංහ වන්ශිකයින්ට විරුද්ධ වෙන්න අවස්ථාවක් බල බල හිටපු හෙළයින්ට (විශේෂයෙන්ම යක්ෂ ගෝත්‍රිකයින්ට) මේක කදිම අවස්ථාවක් උනා. පණ්ඩුකාභය කුමරුට ඔවුන් සැළකුවේ තමන්ගේම කෙනෙක්ට වගේ (කුමරුගේ පියා චිත්තරාජ යැයිද මතයක් ඇත). කුමරුන්ව දිවි දෙවැනි කොට ආරක්ෂා කලේ නැවත මේ රටේ තමන්ගේ කෙනෙකු රජ කරවන අදහසින් සහ සිංහ වන්ශිකයින්ව පරාජය කරන අදහසිනි. එනිසා සිංහ වන්ශිකයින්ට එරෙහිව පණ්ඩුකාභය දියත් කරන සටනට සම්පුර්ණ සහයෝගය යක්ෂ ගෝත්‍රිකයින්ගෙන් ලැබුණා.

ඉතින් අවසානයේදී හෙළයින්ගේ සම්පුර්ණ උදව් ඇතිව පණ්ඩුකාභය කුමාරයා සටන් මෙහෙයවා මාමාවරුන් මරා තිස්ස රජුගෙන් රාජ්‍ය ලබා ගන්නවා. වැඩිමහල් මාමා අභයටත් ස්වර්ණපාලිගේ පියා ගිරිකන්ඩසිව ටත් අභය දානය දෙනවා. ඒ ජයග්‍රහණය හෙළයින්ගේ ජයග්‍රහණයක්‌ හැටියට තමයි සැළකුවේ. අන්තිමේදී සිංහ වන්ශිකයින්ට එරෙහිව තමන්ගේ කෙනෙක් රජ කරවන අදහස මුදුන් පත් වෙනවා. ඉන් පස්සේ දෙපැත්තේම අය එකිනෙකාට විරුද්ධව ඇන කොටා ගැනීම් නවත්තලා දෙපක්ෂයටම අයිති රජෙක් යටතේ වාසය කරනවා. රටේ අග නුවර අනුරාධපුර ට ගෙන යනවා. අභය මාමා ට "නගරගුත්තික" (නගරය රකින්නා) තනතුර ලැබෙනවා. චිත්තරාජ සහ කාලවේල උදෙසා දේවාල දෙකකුත් ඉදි වෙනවා.


"බසවක්කුලම" නම් වැවක් ද තැනවූ පණ්ඩුකාභය රජ තුමා අවු. 70 ක් රජකම් කර එනම්, ක්‍රි. පූ. 437 - 367 (බු. ව. 107 - 177)  ශ්‍රේෂ්ඨ රජෙක් ලෙස මිය යනවා.

                                      ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

උඩ ම පින්තුරයේ තියෙන්නේ ඉසුරුමුණියේ දක්නට ලැබෙන "මිනිසා සහ අශ්ව හිස" ප්‍රතිමාව. ඒ පණ්ඩුකාභය සහ ඔහු සටනට ගෙන ගිය කළු වෙළඹ යැයි මතයක් තියනවා. ඒ වෙළඹ ඉපදිලා තියෙන්නෙත් කුමරු ඉපදුන දිනම යි.

44 comments:

  1. අපූරු විස්තරයක්.... උන්මාද චිත්‍රා ගේ සැමියා දීඝගාමිණී කියලා තමයි සැලකෙන්නේ මමත් දන්න විදියට!

    ReplyDelete
  2. හුරේ......ඒ කියන්නේ අපි බුදුහාමුදුරුවගේ නෑයෝ.......

    ReplyDelete
  3. ගොඩක් වටින විස්තරයක් !!!
    සමහර කරුණු කාරණා දැනගත්තේ මේ ලිපියෙන්ම තමා. මේ ටිකේ ඉතිහාසය හාර අවුස්සන්න වගේ ලහැස්ති වෙන්නේ. ඒකත් හොදා එහෙනම්. ඉතිහාසය මත නේ වර්තමානය ගොඩ නැගෙන්නේ.:)

    ReplyDelete
  4. @ ලහිරු : බොහොම ස්තුතියි...ඔව් බහුතරයකගේ මතය තමයි පණ්ඩුකාභය ගේ පියා දීගගාමිණී කියන එක....

    @ ඔබ නොදුටු ලොවක් : එකනේ...ඔය එහෙමයි කියලා කියන්නේ කස්ටිය :)

    @ මධුරංග : ස්තුතියි මලයෝ...ඔව් අප්පා අවුස්සන්න අවුස්සන්න ආස හිතෙනවනෙ...අලුත් පිට මේ වගේ දෙයක් පටන් ගත්ත එකත් හරි මදි මගෙ හිතේ..ඒත් ඉතින් මේක නොලියා නම් ඉන්න අමාරුයි :)

    ReplyDelete
  5. මම කැමතියි මේ ඉතිහාස අධ්‍යයනයට. හැබැයි කරුණු සහිත වෙන්න ඕනෑ. සමහර ඉතිහාස කතන්දර තමන්ගෙ හිතට එන අදහස් වලින් තමයි ලියල තියෙන්නෙ. සිංහල රජවරු ඉතා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයො හැටියට පෙන්වල දෙන්න යෙදෙන අමන උත්සාහයක් හැටියටයි මං ඒව දකින්නෙ.
    මං දන්න හැටියට ලංකාද්වීපයට වරින් වර විවිධ මිනිස්සු ගොඩ බැහැල තියෙනව. අර “කතන්දර” කියනව වගේ ඒ දවස්වල “වීසා ඔන් ඇරයිවල්” ක්‍රමය තිබුනු නිසා. ඉතින් මේ අයගෙන් සමහර අය, මං හිතන්නෙ වැඩි දෙනෙක්, ලංකාවෙම පදිංචි වෙලා තියෙනවා.
    මේ හේතුව නිසා, ලංකාව අපි කොච්චර කැමති වුනත් නැති වුනත් විවිධ ආගම් අදහන සහ විවිධ භාෂා කථා කරන ජන සමූහයන් ගණනාවකින් සමන්විත වූ ර‍ටක්.
    ඉතින් මේක රාවණා රජ්ජුරුවන්ට පවරල අඩු සාමාජිකත්වයක් ඇති ජන සමූහයන් පලවා හරින්නට හෝ සමූල ඝාතනය කරන්නට දඟලන හිට්ලර් අවතාර නිසයි ඉතිහාසය ගැන මට මේ උනන්දුව ඇවිත් තියෙන්නෙ.
    ඔබට ස්තුතියි.

    ReplyDelete
  6. පසුගිය ලිපි සියල්ලම වගේ මේ ලිපියත් ගොඩක් ආසාවෙන් කියෙව්වා... ඒත් ඉතින් අඩු වැඩිය එකතු කරන්න තරම් නම් මට තියෙන ඉතිහාසය ගැන දැනුම මදි... ඇත්තෙන්ම අපේ ඉතිහාසය ගැන කියවන කොට තව ඒ ගැන හොයල බලන්න ආසා හිතෙනවා...

    ReplyDelete
  7. මේව කියල දෙනවට ගොඩක් ස්තූතියි සයුරි! :)

    ReplyDelete
  8. @ Anonymous : තමන්ගේ හිතට එන අදහස් වලින් ලියපු ඉතිහාස "කතන්දර" කියවන්න මමත් ආස නැහැ...ඒවා කියෙව්වම අපිත් නොමග යනවා. ඇත්තටම ඔව්, විජය සහ පිරිසත් ආවේ ඔය "වීසා ඕන ඇරයිවල්" ක්‍රමේට නේ...ඊට පස්සේ ඉතින් මුස්ලිම්, දෙමළ මේ හැමෝම ආවා...කවුරුත් එපා කිව්වේ නැහැ...හැබැයි රටේ පාලන කටයුතු වලට ඇඟිලි ගහපු අවස්ථාවල යුද්ධ පවා ඇති උනා. පෘතුගීසි, ලන්දේසි අයට උනත් ඒකමනේ උනේ...බොහොම ස්තුතියි ඔබේ අදහස් එකතු කරලා ගියාට....

    @ උදයංග : වෙනදා වගේම උදයංග ට බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට....

    @ තනි අලියා : ඔයාටත් ස්තුතියි අලියා මේවා කියෙව්වට....:)

    ReplyDelete
  9. පරක්කු වුනත් ඔන්න ඇවිත් කියෙව්වා... දන්න දේවලට තවත් දේ ටිකක් එකතු කරගත්තා... ඇනෝ කියපු කථාවට අදාල අදහසක් මේ ලිපි පෙලේ පසුගිය ලිපියම මං පළකරලා ඇති. කොහොම වුනත් කාලයක් දිස්සේ පැවතෙන අපේකම ගැන දැනගන්න නම් ඉතිහාසය අවුස්සන්නම වෙනවා.. ඒ නිසා සයුරි කරගෙන යන මේ වැඩේට අපේ සහයෝගය දෙන්න ඕනේ...

    ඉදිරි කොටස් බලාපොරොත්තුවෙන්... ජය !!!

    ReplyDelete
  10. සයුරි කලින් ලියපු කොටස්වලටත් වඩා මේක තමයි මගේ හිත වැඩියම ඇදිල ගිය කොටස...

    අර භද්‍රකච්චායනා කුමරියට බුදු හාමුදුරුවන්ගෙ තියෙන සම්බන්ධය දැනගත්තෙ මේකෙන්... පණ්ඩුකාභය කුමරුගෙ පියා චිත්තරාජද, දීඝ ගාමිනීද කියන එක ගැන මත දෙකක් තියෙන බව මමත් අහල තියෙනවා... ඒ උනාට වැඩි විස්තරයක් නම් දන්නෙ නෑ....මගේ හිත නම් වැඩියම බර චිත්තරාජගෙ පැත්තට...දොරමඬලාව ගමේ මිනිස්සු තමන්ගෙ දරුවන්ව බිල්ලට යද්දි කුමාරයාව රැකගත්තෙ ඒක දන්න හින්ද වෙන්න පුළුවන්...එහෙමත් නැත්නම් ඒක ඒ මිනිස්සු විශ්වාස කරපු දේ වෙන්නැති... අර කුමාරයා මරන්න සොයනකොට ඌරො දෙන්න පැනල ගිය කතාව වගේ ඒව සිද්ද වෙනකොට (ඇත්තටම සිද්ද උනා නම්) එයාල සමහරවිට ඔය කතාව විශ්වාස කරල කුමාරයව රැක ගත්ත වෙන්නත් පුළුවන්...

    ඒ මට මේ ලිපිය කියවනකොට නිකම් පහළ වෙච්චි අදහසක් විතරයි....

    අර එක්ටැම් ගෙයි පාදමේ පින්තූරයක් දැක්කෙ අදමයි... මං ගිහින් නැහැනෙ....අනේ සයුරි අතහරින්න එපා... දිගටම ලියන්න.... ඊළඟ කොටස බලන්න ආසාවෙන් ඉන්නෙ.... ඔයාට ගොඩක් ස්තුතියි...

    අර මිනිසා සහ අශ්ව හිස පින්තූරෙ දැක්කාම මටයි නංගිටයි වෙච්චි දෙයක් මතක් උනා ඉසුරුමුණියෙදි... අපි ඒ දවස්වල කොහේ හරි යනකොට ඒ තැන්වල ඉතිහාසය, තියෙන විශේෂ දේවල් ගැන එහෙම යන්න කලින් හොයාගෙන යන්නෙ.... ඉතින් ඔය පොකුණ ළඟට අපි යනකොට ඒකෙ වතුර පිරිල තිබුනා... දැන් අපි දෙන්න හැම තැනම හෙව්ව ඔය කැටයම කොහේද තියෙන්න කියල... පහළ බලල බලල දෙන්නම උඩ බැලුවෙ එකට.... කැටයම එකපාරටම දැකිනකොට අපි දෙන්නට ෂොක් එකක් වගේ උනා... බයක් වගේ හැඟීමකුත් එක්ක.... ඒක ඒ තරම්ම සජීවීයි... හරිම ප්‍රතාපවත්.... මට ජීවිතයෙ කිසිම දවසක ඒ වගේ ගැඟීමක් දැනිලා නැහැ ගල් කැටයමක් බලද්දි....

    ReplyDelete
  11. මේ කතාව එහෙං මෙහෙන් අහල තිබුනට මේ තරම් පැහැදිළිව විස්තර දැනගත්තේ අද තමයි. අපිට බුදු හාමුදුරුවන්ගේ ඥාති සම්බන්ධයක් තියෙනවා කියන කරුණ "අබා" චිත්‍රපටිය පෙන්නපු දවස් වල පත්තර වල එහෙම යාන්තමට කියවෙනවා දැක්කා. ඒත් මේ තරම් පැහැදිළිව විස්තර කරලා තිබුණු බවක් මට මතක නැහැ.
    අනිත් එක මේ විදිහට සරලව ඒත්තු ගැන්වෙන විදිහට ලියපු එකත් රසය වැඩි වෙන්න හේතුවක් වෙන්න ඇති.
    හැමදාම වගේ අදත් බොහොම ආසාවෙන් කියවල ඉවර කලා.

    (මමත් මේ ලිපිය ඊයේ දැක්කට කමෙන්ට් එකක් දාන්න වෙලාවක් තිබුනේ නැහැ. අද උදේම වැඩ ඇරිලා ආපු ගමන්ම කලේ මේක බලපු එක)

    ReplyDelete
  12. @ චතුරංග : පරක්කු උනාට මොකද චතුරංග...ඉතිහාසය අවුස්සන්න ගියාම මට දැනෙන ලොකුම අඩුව තමයි පොත් පත්...අපේ ගෙදර නම් තිබුණා ඒත් මෙහෙන් ඒවා හොයාගන්න බැහැනේ...බොහොම ස්තුතියි ඔයාලගේ සහයෝගයට....මට හුඟක් වටිනවා ඒක...

    @ මියුරු : බොහොම ස්තුතියි මියුරු කමෙන්ටුවට....ඇත්තටම මටත් හිතුනා යක්ෂ ජනයා පණ්ඩුකාභය එයාලගේ කෙනෙක් කියලා විශ්වාස කරන්න ඇති...ඒ නටබුන් තියෙන්නේ පඬුවස් නුවර මියුරු...මෙතැනදී එකම සැකය එන්නේ ඒවා ගඩොලින් නිම කරපු නිසා...පොළොන්නරු යුගයෙන් තමයි ඔය වගේ නටබුන් හමු වෙන්නේ...හැබැයි මේක ඇත්ත පාදමට පස්සේ කාලෙක කරපු ප්‍රති සංස්කරණයක් වෙන්නත් පුළුවන්....ඇත්තටම ඔය පිළිමය ගැන ගොඩ දෙනෙක් වර්ණනා කරනවා...ඒක ගොඩක් විශේෂයි කියලා...ඔයාලා දැකපු සජීවී බව නිසා වෙන්න ඇති.....මේ විදියේ සහයෝගයක් ලැබෙන කොට මේක කීයටවත් නවත්තන්න හිතෙන්නේ නෑ මියුරු :)

    @ ලොකු පුතා : හැම දාම වගේ ඔයාටත් බොහොම ස්තුතියි අදහස් දැක්වුවාටත්...සහයෝගය දුන්නටත්....කිසිම පරක්කුවක් නෑ ලොකු පුතා...ඉඩ තියන වෙලාවක කියවලා අදහසක් දුන්නොත් මට ඇති :)

    ReplyDelete
  13. උම්මාද චිත්‍රාගේ සැමියා දීඝගාමීනී කියලයි මං නම් අහලා තියෙන්නේ.. කොහොම උනත් අක්කා ලියන විදිහ හොදයි... තේරුම් ගන්න ලේසියි..

    ReplyDelete
  14. 'මිනිසුන් ඉතිහාසය බලා ඉගෙන ගන්නේ ඉතිහාසය බලා බලා හිඳීමටම පමණි'කියනවනේ ...

    අපේ අය ඉතිහාසය බල බලා ඒ ගැන උජාරුවෙන් කතාකරනවා මිසක් අනාගත පරම්පරාවලටත් ඒ වගේ ප්‍රෞඩ ඉතිහාසයක් උරුම කරන්න හිතන්නෙවත් නෑ. විශේෂයෙන් දේශපාලුවෝ... එහෙවු මිනිස්සුන්ගේ ඇස් කන් අරින්න මෙහෙම ලියන එකත් ලොකුම පිනක් අක්කි.. :)

    ඔබට ජය!

    ReplyDelete
  15. @ දිනේෂ් : ස්තුතියි මල්ලි...ඔව්, ඒක තමයි බහුතර පිළි ගැනීම...

    @ අයිස් : කියල වැඩක නෑ නංගි...නිකමට හිතන්නකෝ තව අවුරුදු 500 කින් විතර ඉපදෙන අයට කියවන්න ඉතුරු වෙන ඉතිහාසය ගැන....මේ දේශ පාලුවොන්ට ඒවා තේරෙන්නේ නැහැ...ස්තුතියි නංගි කමෙන්ටුවට...

    ReplyDelete
  16. පඩුවස්නුවර තියෙන්නේ නම් දේවා ඉන්න තැනට කිලෝ මිටර් 10,ක්15ක් විතර දුරින්... ඇත්තටම මේ සයුරි අක්කාගේ උත්සහය ගොඩාක් වටින දෙයක්.. නවත්වන්න එපා අක්කේ.. මේවා ගොඩාක් වටිනවා...

    මම දන්න විදිහටනම් චිතා ගේ සැමියා එහෙමත් නැත්නම් පණ්ඩුකාභයගේ තාත්තා විදිහට සලකන්නේ නම් දිග ගාමිනි නේද??

    ඇත්තටම අක්කේ ඒ කාලේ යක්ෂ ආත්ම ගැන කථා තිබුන නිසා චිත්තරාජ කාලවෙල එහෙම වෙලා වල් උරෝ උන එක බැහැර කරන්නත් බැ නේද??

    අවස්ථා ගනකදිම එහෙම ජිවිතේ බේරෙන්න පුලුවන්නේ... නේද?

    දිගටම ලියන්න ගොඩාක් ආසාවෙන් කියවනවා

    ReplyDelete
  17. සයුරි අක්කා හිතුමතේ ට නම් ගොඩ වෙලා තිබුනා වතාවක්.ඒත් මම දැනගෙන උන්නේ නැනේ මේ තරම් වටින බ්ලොග් එකක් ලියනවා කියලා.... ජයවේවා අක්කෝ.... ගොඩාක් දෙනෙක් නොදන්න වැදගත් ලිපි පෙලක් කියලා හිතුමතේට හිතෙනවා.. ජයවේවා

    ReplyDelete
  18. @ දේවා : ආ, මල්ලි කුරුණෑගල පළාතෙන් නේද? ඔව් දීග ගාමිණි කියල තමයි වැඩි දෙනෙක් සලකන්නේ. වල් ඌරන් ගේ කතාව එක පාරටම බැහැර කරන්න බැහැ...ඔය වගේ කතා අතිනුත් දාලා ලියන වෙලාවල් තියනවනේ..ඉතින් මේක නොවුනා වෙන්නත් පුළුවන්...ඒත් ඒක උනේ නෑ කියල සහතිකවම කියන්න බෑ අපිට...

    බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් අදහසක් දීල ගියාට...ඉතුරු ටිකත් පුළුවන් ඉක්මනින් ලියන්නම්...

    ReplyDelete
  19. @ හිතුමතේ : ඔව් මල්ලි, මම ඒ පැත්තේ ආවා..දිගටම එනවා :) බොහොම ස්තුතියි ඔයාගේ කමෙන්ටුවට....

    ReplyDelete
  20. එහෙනං එහෙමයි අපි බුදු හාමුදුරුවන්ට නෑයො වුනේ.

    P.S.
    [මේ සයිට් එකේ අලුත් පෝස්ට් එකක් වැටුනම ඊමේල් එකකින් දැනගන්න විජට් එක ඇඩ් කලොත් නරකද?]

    ReplyDelete
  21. @Observer : එහෙමයිලු උනේ ඔබා මාමේ :)

    ඔන්න ඒ ගැජට් එක දැම්මා...ඒක කාටවත් ඕන වෙයි කියලා හිතුනේ නෑ නොවැ....

    ReplyDelete
  22. ඉතිහාස පාඩම බොහොම අගෙයි සයුරි. ගොඩක් දේවල් ඉගන ගත්ත..

    ReplyDelete
  23. @ රෝස කුමාරි :බොහොම ස්තුතියි රෝස කුමාරි...

    ReplyDelete
  24. වටිනා කියන කතාවක්. මාත් කරුණු කීපයක් එකතු කරන්න කැමතියි

    භද්දකච්චානා කුමාරියව සරණ පාවාගන්න එන පිරිසේ සීමාවක් නැති නිසා පණ්ඩුශාක්ය රජතුමා කුමරියයි පරිවාර කාන්තාවන් කීප දෙනෙකුයි පරිබ්‍රාජක වෙස් ගන්වලා නැවකට නංවලා ගඟේ පා කරනවා හැකි කෙනෙක් නැව අල්ලාගෙන කුමරියව පාවා ගන්න කියලා. ඒත් කිසිම කුමාරයෙක් ඒක කරන්න අසමත් වෙනවා. අවසානයේදී නැව ලංකාවේ වෙරළට ඒමෙන් තමා පණ්ඩුවාසදේව රජතුමාට භද්දකච්චානා කුමරියව සරණ පාවා ගන්න පුලුවන් වෙන්නේ...

    "මේ නටබුන් දකින්න ලැබෙන්නේ "පඬුවස්නුවර" යි. එක් ටැම් ගෙය පිහිටියේ මේ ස්ථානයේ බවට මතයක් ඇත. එහෙත් ගඩොල් යොදා කළ ප්‍රතිසංස්කරණ නම් පොළොන්නරු යුගයේ ඒවා විය යුතුය"

    මේ නිර්මාණය මහා පරාක්‍රමබාහු රජතුමා කරවපු එකක් කියලයි විශ්වාස කරන්නේ. සක්වලට අධිපති වගේ සංකල්පයක් පෙරදැරි කරගෙන මෙහෙම නිර්මාණයක් කරන්න ඇති බවත් එක් ටැම් ගෙයකට යොදා නොගත්තක් බව පුරාවිද්‍යාඥයින් අනුමාන කරනවා

    "චිත්‍රා ත් මරා දමන්න හැදුවත් නැවත වතාවක් මවු පියන්ගේ සහ වැඩිමල් සොයුරාගේ අනුකම්පාව නිසා චිත්‍රා ගේ ජීවිතය බේරුනා"

    උන්මාද චිත්‍රා කුමාරි ගැබ් ගත්තාට පස්සේ දීඝ ගාමිණී කුමාරයට සරණ පාවා දීමකුත් සිද්ධ කරනවා

    "කුමාරයට නම තැබුවේ පඬුවස්දෙව් රජුගේ ත් අභය කුමරු ගේ ත් නම් එකතු කර "පණ්ඩුකාභය" කියලා"

    තව මතයක් තියෙනවා ලොකු මාමාගේ නම් වුණු අභය නම කුමාරයාට මුල් කාලයේ භාවිතා වුණු බවත් පස්සේ ගුරුතුමා වුණු පණ්ඩුල බමුණාගෙන් පණ්ඩු යන කොටස එකතු වුණු බවත් කියනවා

    ඉසුරුමුණියේ තියෙන මේ ගල් කැටයම ගැන විවිධ මත ගණනාවක් තියෙනවා..... අග්නි සහ පර්ජන්‍ය කියලා මතයකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. පණ්ඩුකාභයගේ භාවිතා කරන්නේ වෙළඹක්. ඒ යක්ෂ ගෝත්‍රික චේතියා කියන යක්ෂණියගේ ස්වරූපයක් කියලත් කතාවක් තියෙනවා

    පණ්ඩුකාභය රජතුමා චිත්තරාජ කාලවේලට වගේම චේතියා යකින්නටත් දේවාල හදනවා, බමුණන්ටත් ශාලා හදනවා වගේම නිඝණ්ඨාරාමත් ඉදි කරනවා

    ReplyDelete
  25. @ හසිත : බොහොම ස්තුතියි මේ කරුණු වලට...එක් ටැම් ගේ ගැනනම් මටත් ඕකම හිතුනා...නටබුන් දිහා බැලුවම ඒවා පොළොන්නරු යුගයේ කියලයි හිතෙන්නේ...මේක සමහරුන්ගේ මතයක් විතරයි (ඔප්පු නොවූ)..

    ඔව්මයි සරණපාවා දීම ගැන මට ලියන්න බැරි උනානේ...

    ReplyDelete
  26. lipiya kiyawan yanakota mata mathak unu dewal tikak hasitha kiyala thiyenawa.
    ara minisa saha ashwa hisa alponnatha katayama gana nam mama dharanne hasitha kiwwa ekama thama. paranawithana mahathaa kiyala thiyenne ekane.
    chethiya yakinna ashwa wes aragena pandukabhaya kumarayata sahayata awa kiyala mamath ahala thibenawa.

    ReplyDelete
  27. @ මාධව : ස්තුතියි ඔයාගෙත් අදහස් දැක්වුවාට...ඔව් ඒ චේතියා යක්ෂනියගේ කතාව මාත් අහල තියනවා....පතුල් පියුම් පැහැති යක්ෂණිය නේද ඔය කියන්නේ...

    ReplyDelete
  28. අදමයි මේ පැත්තේ ආවේ .. මම අලුත්ම කෙනෙක් .. තාම ඔයාලා වගේ බ්ලොග් කලාවේ ප්‍රවීණයෝ එක්ක තර්ක කරන්නේ නම් නැ එත් අක්කි ... මම දන්නා දේත් එකතු කරන්න හිතුවා .. මොකද මම කැමතිම දේ තමා අපේ පුරාවිද්‍යාව හා ඉතිහාසය ...

    පණ්ඩුකාභය කියන්නේ සිවු හෙළයන්ගේ අරමුණ ... එතුමා තමයි පර දෙසක්කාර විජය ඇතුළු ඔහුගෙන් පැවත එන රාජ පරම්පරාවෙන් අපිව මුදවා ගත්තේ .. මේ රට ස්වදේශිකයන්ට අපහු අරන් දුන්නේ ... ඉන්දියාවෙන් ගහලා එලොපු විජය ඇතුළු පිරිස අපේ ලංකාවට ඇවිත් හැදුවේ ගංගා නිම්න ශිෂ්ටාචාරයක් .. එත් අපේ තිබ්බේ වැවු ආශ්‍රිත සමාජයක් .. මේක ස්වදේශිකයන් හා විදේශිකයන් අතර නිතරම ගැටුමකට තුඩු දුන්නා ...

    තව දෙයක් ඔය කියන පණ්ඩුවාසදේව අයි විජය කළා වගේ මහාතිත්තෙන් ගොඩ බහින් නැතුව ගොනගන්පටුනෙන් ගොඩ බහින්නේ .. එකට හේතුව මම දන්නා විදිහටනම් අපේ හෙළයන්ගේ තිබ්බ විරෝදතා .. ගැටුම් ..

    එක ප්‍රස්නයක් අහන්නම් ... අයි පණ්ඩුවාසදේව පරිබ්‍රාජක වේශයෙන් ලංකාවේ පාලනය බාර ගන්න ආවේ .. ඔහු රජකම ගන්න එන කෙනා නම් ඔහුට හැකියාව තිබ්බා උත්සව ශ්‍රීයෙන් මෙහි එන්න ...

    කැමතියි තව දුරටත් සාකච්ඡා කරන්න ...

    ආරාදනා කරනවා අපේ පැත්තෙත් ඇවිත් යන්න .. අදුනිකයෙක් විදිහට ... අක්කි

    http://nethukadulu.blogspot.com/2013/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. අලුතෙන්ම මේ පැත්තට ආපු සුළඟ සාදරයෙන් පිලිගන්නවා.

      //මම කැමතිම දේ තමා අපේ පුරාවිද්‍යාව හා ඉතිහාසය//

      කොයි තරම් දෙයක්ද? ඔයා දන්නා දේ එකතු කරන එක අනිත් අයටත් ප්‍රයෝජනවත් වේවි...

      ඔයා කියන දේ මට තේරෙනවා. මගේ ලිපියේ මීට වෙනස් අදහසකට තියෙන්නේ පඬුවස්දෙව් ගෙන් පැවතෙන පරම්පරාව සම්පුර්ණයෙන්ම පිටස්තරයින් විදියට නොසැලකීම. මේ ලිපි පෙලේම තියන විජයාවතරණය කියන ලිපියේ ඒ ගැන සවිස්තරව කියලා ඇති. හරියට කිරි මුට්ටියට මුහුම් දැම්මා වගේ සිවු හෙළය සමග මුහු වුන සිංහ වංශිකයින් නිසා සිංහල සංස්කෘතිය/භාෂාව බිහි වුන විදිය. ඔවුන් පරදේසයකින් ආවත් සිංහල ජාතියෙන් ඔවුන් ගලවා ඉවත් කරන්න බෑ කියන එකයි මගේ අදහස.

      ඔයාගේ බ්ලොග් එක පැත්තෙත් එන්නම්කෝ

      Delete
    2. @ සුළඟ

      //...පණ්ඩුකාභය කියන්නේ සිවු හෙළයන්ගේ අරමුණ ... එතුමා තමයි පර දෙසක්කාර විජය ඇතුළු ඔහුගෙන් පැවත එන රාජ පරම්පරාවෙන් අපිව මුදවා ගත්තේ ....//

      පණ්ඩුකාභය විජය ඇතුළු පරපුරෙන් අපිව මුදාගත්තා කිව්වත් ඔහුගේ පියා දීඝගාමිණී වීමත් එක්ක [පියා එයා නෙමේ කියනවා නම් ඒ ගැන වෙනම සාකච්ඡා කරමු] ඔහු තුළත් විජය ඇතුළු පිරිසගේ රුධිරය තමා දිවෙන්නේ කියන එක පිළිගන්න වෙනවා.

      //..මේ රට ස්වදේශිකයන්ට අපහු අරන් දුන්නේ ... //

      පණ්ඩුකාභය ස්වදේශිකයන් සමඟ හැදුණු වැඩුණු අයෙක් නිසා ආර්ය හා ස්වදේශික පිරිස් අතර සමඟියක් ඇති කරමින් තමන්ගේ පාලනය පණ්ඩුකාභය පවත්වා ගත්තා කිව්වොත් තමා වඩා නිවැරදි. මොකද පණ්ඩුකාභය ගාවත් ආර්ය හිටිය බවට සාධක තිබෙනවානේ

      //..එක ප්‍රස්නයක් අහන්නම් ... අයි පණ්ඩුවාසදේව පරිබ්‍රාජක වේශයෙන් ලංකාවේ පාලනය බාර ගන්න ආවේ .. ඔහු රජකම ගන්න එන කෙනා නම් ඔහුට හැකියාව තිබ්බා උත්සව ශ්‍රීයෙන් මෙහි එන්න ...//

      පණ්ඩුකාභය සමය වෙන තෙක්ම ආර්ය හා ස්වදේශික පිරිස් අතර ගැටුමක් තිබුණා. ඔවුන් දෙපිරිස අතර සංහිදියාව ඇති කරන්නේ පණ්ඩුකාභය. මේ ගැටුම්කාරී තත්වේ එක්ක තමා මේ සිදුවීම වෙන්නේ

      ඒ වගේමයි භද්දකච්චානා ඇතුළු පිරිසත් ආවා කියන්නේ පරිබ්‍රාජක වේශයෙන්. ඒක නිසා තමන්ට එල්ල වෙන අවහිරතාවලින් මිදෙන්න ඒ ස්වරූපය රුකුලක් වුණා කියන එක පැහැදිලියි.

      පණ්ඩුකාභය රජවීමත් එක්ක එක ප්‍රදේශයට විතරක් බොහෝ වෙලාවට සීමාවෙලා තිබුණු රජකම ලංකාවටම බලපාන තත්වයට පත් කල බව පේනවා විශේෂයෙන්ම මහාවංසයේ කියවෙන දිවයිනේ ග්‍රාමසීමා පිහිටෙව්වා වගේ කියන සිදුවීම් තුළින්

      Delete
    3. @ හසිත

      මම හිතන විදිහට .. මම කැමති විදිහට නම් පකුන්ඩක කුමාරයාගේ පියා චිත්තරාජ .. එක එහෙම වෙන්න ඇති කියලා උපකල්පනය කරන්න එකම එක හේතුවක් දෙන්න පුළුවන් මට .. ආර්ය වංශික දීඝ ගාමිනි නම් ඔහුගේ නම් එම කුමාරයා අයි ඔහු ස්වදේශිකයින් විසින් රැකබලා ගත්තේ .. දොරමඩලාවේ හැදෙන්නේ හෙළයන්ගේ ඇසුරේ .. මට තියෙන දැනුම අනුවයි මම ඇහුවේ

      තව දෙයක් .. ලෝකයේ කිසිම තැනක කිසිම ජාතියක් අද වන විට නැ හොයා ගන්න තනිකරම එකම වර්ගයක අය ඉන්න . ඔවුන් මුහුන් වෙනවා .. පසු කාලින අපේ රජවරු එකම කළා .. විදේශීය කුමාරිකාවන් සරණ පාවා ගත්තා ..

      @ සයුරි

      ඉස්සෙල්ලම අපේ පැත්තේ ආවට ස්තුතියි ...

      දෙවනුවට .. සිංහල සංස්කෘතිය ආර්යන් ලංකාවට එන්න කලින් තිබ්බා සයුරි ... අපිට තිබ්බා අපේම කියලා ශිෂ්ටාචාරයක් .. අපේම සංස්කෘතියක් .. සබ්යත්වයක් ..මාතෘ මුලික සමාජ ක්‍රමයක් ... වැවු ආශ්‍රිත ශිස්ටචාරයක් ... එක නැ කියන්න බැ

      පකුන්ඩක කුමාරයා තමයි සිවු හෙලේ ස්වදේශිකයින් එක්ක හැදිලා වැඩ්ලා නැවතත් ආර්යයන්ගෙන් රජකම අපේ හෙළයන්ට උරුම කරලා දුන්නේ .. එතුමා තමයි ගංගා නිම්න අශ්‍රිතව ආර්යන් ගෙන ගිය ශිෂ්ටාචාරය නැවත වැවු අශ්‍රිතව පිහිටෙවුවේ .. එකයි එතනයි පවතින්නේ අපේ කම ... විජාතිකයින් සමග හෙළයන්ගේ ගැටුමට මුල් වුනේ ඔතන .. වෙනස් පාලන ක්‍රමයක් .. පිතෘ මුලික සමාජයක් ... පසු කාලීනව අපි අපහු පිතෘ මුලික උනා .. එක පිලි ගන්නවා ...

      මගේ විස්වාශය නම් අපි පැවතෙන්නේ .. අපේ මුල් අයිතිකරුවන් සිවු හෙළයන් කියන එකයි ... ඒ මගේ විස්වාශය ..

      එකම එක ඉල්ලීමක් තියෙනවා .. හැකිනම් මට මේ ඔයා ලියන ලිපි පෙලේ ලින්ක් ඔක්කොම ඊ මේල් කරන්න .. මට ගොඩක් වටිනවා ...

      ස්තුතියි ...

      Delete
    4. අමතක වුනා මගේ ඉ මේලය දෙන්න

      lahiru19820520@gmail.com

      Delete
    5. @ සුළඟ

      //..මම හිතන විදිහට .. මම කැමති විදිහට...//

      ඉතිහාසය වේවා පුරාවිද්‍යා වගේ විෂයක් ගැන හදාරද්දී මේ කරුණු දෙක භයානකයි කියලා මගේ අදහස. මොකද තිබෙන සාධක මත නිගමන එහෙමත් නැත්නම් අනුමානවලට එනවා මිසක් තමන්ගේ රුචිය මත නිගමනවලට එන එක භයානකයි.

      //...පකුන්ඩක කුමාරයාගේ පියා චිත්තරාජ .. //

      මේ අදහස ගැන යමක් කිව්වොත් කරුණු අනුව බලද්දී චිත්තරාජ වරින් වර ක්‍රියා කරපු ආකාරයත් ඒ වගේමයි දීඝ ගාමිණී ගැන වංසකතාව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමත් එක්ක එන අනුමානයක්. ඒත් මේ වංසකතාවලම තමා දක්වන්නේ කුමාරයාගේ පියා දීඝ ගාමිණී කියලා.

      //..ආර්ය වංශික දීඝ ගාමිනි නම් ඔහුගේ නම් එම කුමාරයා අයි ඔහු ස්වදේශිකයින් විසින් රැකබලා ගත්තේ .. දොරමඩලාවේ හැදෙන්නේ හෙළයන්ගේ ඇසුරේ ..//

      පැහැදිලිවම මේ වෙද්දිත් ආර්ය හා ස්වදේශික පිරිස් අතර තිබුණු නොනිල මට්ටමෙන් ගැටුමක් තිබුණු නිසා එවන් කාලයක උපදින ආර්ය කුමාරයෙක් ආර්ය පාලකයන් විනාශ කරලා නව රාජ්‍යත්වයක් අරඹන බවට තිබුණු අනාවැකිය ස්වදේශිකයන් අස්වැසිල්ලක් වුණා කියලා හිතන්න පුලුවන් නේද ?

      ඒ වගේමයි ස්වදේශික සේවකයන් වන චිත්තරාජ, කාලවේල සහ චිත්‍රා කුමරිය ගාව හිටිය ගුම්භකභූතා [මට මතක විදිහට] ස්වදේශිකයන් නිසා ඒ දෙපළට ස්වදේශිකයන්ගේ ලැදියාවක් තිබුණු නිසා ඔවුන්ගේ දරුවා රැක බලා ගන්න ස්වදේශික කණ්ඩායම් කැපවුණා කියලා හිතන්න පුලුවන්නේ :)

      //..ලෝකයේ කිසිම තැනක කිසිම ජාතියක් අද වන විට නැ හොයා ගන්න තනිකරම එකම වර්ගයක අය ඉන්න . ඔවුන් මුහුන් වෙනවා .. පසු කාලින අපේ රජවරු එකම කළා .. විදේශීය කුමාරිකාවන් සරණ පාවා ගත්තා ..//

      අනිවාර්යයෙන්ම. ජාතිවාදියෙන් උදම් වෙන අයට ඒකට හොඳ උදාහරණ කීපයක් මතක් කරන්න පුලුවන්.

      සිංහල බස වෙනුවෙන් පැවුණු බණ්ඩාරණයකගේ පරම්පරාවේ මුල් පුරුක් ඉන්දියානුවන්. ඒ වගේමයි ජේ.ආර්ගේ පරම්පරාවේ මුල් පුරුක් පවා ඉන්දියානුවන්. විටෙක මුස්ලිම් කියලාත් අනුමානයක් තියෙනවා.

      ඒ හැරෙන්නට මහින්ද රාජපක්ෂගේ මුල් පුරුක් ගජබා රජ දවස මෙරටට අරන් ආපු සොළීන්ට සම්බන්ධයි කියලා වගේම ප්‍රභාකරන්ගේ මුල් පුරුක් යාපනයේදී ඝාතනය කළ වීදිය බණ්ඩාරගේ සිංහල සේනාවේ පිරිසට සම්බන්ධයි කියලා අනුමාන තියෙනවා

      Delete
    6. @ සුළඟ

      // සිංහල සංස්කෘතිය ආර්යන් ලංකාවට එන්න කලින් තිබ්බා සයුරි //

      මෙහෙමනේ සුළං...අනිවාර්යෙන්ම විජයාවතරණයට කලින් ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක්, භාෂාවක්, සංස්කෘතියක් තියෙන්න ඇති. හැබැයි ඒක "සිංහල සංස්කෘතිය" කියලා හඳුන්වන්න බැහැ කියන එකයි මම කියන්නේ. සිංහල සංස්කෘතිය නිර්මාණය වෙන්න ආර්යයන්ගේ බලපෑමත් නොඅඩුව ලැබුණා.කොටින්ම සිංහල භාෂාවේ වචන දිහා බැලුවම ඒක පැහැදිලි වෙනවා. මේ ලින්ක් එකට ගියොත් ඒ ගැනත් කියවන්න පුළුවන්.

      http://helayugaya.blogspot.com/2011/07/blog-post_8347.html

      සිංහල ජාතිය කියන්නේ හෙලයින්ගේත් සිංහ වන්ශිකයින්ගේත් මිශ්‍ර වීමක් කියලා කිව්වේ ඒකයි .

      පණ්ඩුකාභය රජතුමා උනත් පිය පාර්ශවය කෙසේ වෙතත් මවු පාර්ශවයෙන් සිංහ වංශිකයෙක් නේද? එහෙම බලනකොට ඔහු තනිකරම ස්වාදෙශිකයෙක් කියලා කොහොමත් කියන්න බැහැ නේ. මම පණ්ඩුකාභය දකින්නේ නැවත ස්වදේශිකයන්ට රට ලබා දුන් කෙනෙක්ට වඩා ලංකාව සමගි කර සිංහලය බිහි කිරීමට මුල් වූ කෙනෙක් විදිහට.

      මම ලිනක්ස් ටික ඊ මේල් කරන්නම් සුළඟ ට.

      Delete
    7. බොහොම ස්තුතියි මට ඊ මේල් කරන එකට .. ඒලිපි ටික මම ගත්තට වරදක් නැනේ ....

      Delete
  29. @ හසිත

    මම මේ ලියන්නේ මගේ අදහස් නෙමේ .. පොත පතින් මා උගත් දෙයි .. විෂයක් විදිහට මා මේ දේවල් හදාරන්නේ නැහැ .. නමුත් මා කැමති නිසා මෙවැනි දේ ගැන මා හොයා බලනවා .. මා කරන්නාවූ රැකියාව අනුව ඉඩ ලද විටයි මේවා කරන්නේ ..

    අතීතය ගැන ලියවෙලා තියෙන්නේ මහාවන්ශයම විතරක් නෙමේ .. මහාවංශය කියන්නේ මහානාම හාමුදුරුවන් විසින් දුටුගැමුණු චරිතය ඉස්මතු කර ලිවීමට ගත උත්සාහයක් ... මහාවංශය 5 වන සියවසේ ලියවෙද්දී දීපවංශය 4 වන සියවසේ ලියෙනවා ... ඒ වගේම සමන්තපාසාදිකාවත් තියෙනවා ..

    මම කියවලා තියෙන විදිහට අපේ මහාවංශය ලියපු අපේ මහානාම හාමුදුරුවන්ට වැරදුනේ සිවු හෙළය අමතක කරලා බුදුන්ට නැ කමක් ගන්න ගිය එක ... අපි බුදුන්ගේ ලේ නෑයෝ කියන පට්ටම ගන්න ඕන උනා උන්වහන්සේට ... මම වැරදිනම් සමාවෙන්න

    ප්‍රශ්නය තිබෙන්නේ එතන නෙමේ ... පණ්ඩුකාභය කියන්නේ අපේ පලවෙනි නිදහස් සටනේ වීරයා .. ඔහුගේ උප්පත්තිය සම්බන්දයෙන් තමයි ගැටලුව තියෙන්නේ .. තව ගොඩක් දේවල් සම්බන්දයෙන් ඉතිහාසය නිහඩයි ...

    එක දෙයක් කැමතියි කියන්න .. සිවු හෙළයන්ට නැවත ස්වදේශික උරුමය මේ රටේ තිබ්බ අරන් දුන්නේ පණ්ඩුකාභය රජතුමා ... එතුමා තමයි අවුරුදු 106 කට පෙර මේ රටේ ස්වාදෙශිකයන්ගෙන් විජය පැහැර ගත්ත කිරීටය යලි මුල් පදින්චිකාර යක්ෂ නාග ඇසුර රාක්ෂ කියන සිවු හෙළයනට නැවත ලබා දෙන්නේ... පලවා හරිනු ලැබූ උරුමක්කාරයෝ ආපසු ගෙන්න්නේ ..

    ස්තුති වන්ත වෙනවා හසිතට මේ ප්‍රබාකරන්ගේ මුල් පුරුක ගැන කියලා තියෙන කතාව විස්තර කරලා දෙන්න පුළුවන් නම් ඉතිහාසීය සාදකත් එක්ක .. මොකද නොදන්නා කාරුනක් ..

    පකුන්ඩක කුමාරයාගේ පියා දීඝ ගැන ඉතිහාසය නිහඩ නිසා එන අනුමානයක් නෙමේ චිත්තරාජ ඔහුගේ පියා කියන එක ... ඒක විය හැකි දෙයක් නිසා .. මොකද එකක් තමයි එක්ටම්ගෙයට යායුතුව තිබුනේ චිත්‍රා ගේ පිය රජුගේ සිර්යහන් ගබඩාව හරහා .. එහි ආරක්ෂකයා චිත්තරාජ ... ආරක්ෂ්කයෙකුට විතරයි එහි යන්න හැකිකම තියෙන්නේ .. මේ මතය ඉදිරිපත් කරන්නේ මුනිදාස කුමාරතුංග මහතා ...

    ReplyDelete
    Replies
    1. @ සුළඟ

      //..අතීතය ගැන ලියවෙලා තියෙන්නේ මහාවන්ශයම විතරක් නෙමේ ..//

      ඔව් ඔව් ඒක හැබෑව. මම මහාවංසය, දීපවංසය පදනම් කරගෙනම කතා කළේ. සමන්තපාසාදිකාවේ බාහිර නිදාන වණ්ණනා කොටසේත් ලංකා ඉතිහාසයේ මුල් අවධි කීපයක් කතා කෙරෙනවා. ඒ වගේමයි පූජාවලියේ හා සද්ධර්මරත්නාකරයේත් පරිච්ඡේද කීපයක ඉතිහාස පුවත් තිබෙනවා. ඒ හැරෙන්නට රාජාවලිය, රාජරත්නාකරය වගේ කෘතිත් පදනම් කරගෙන තමා මම කරුණු ඉදිරිපත් කරන්නේ :)

      //..මම කියවලා තියෙන විදිහට අපේ මහාවංශය ලියපු අපේ මහානාම හාමුදුරුවන්ට වැරදුනේ සිවු හෙළය අමතක කරලා බුදුන්ට නැ කමක් ගන්න ගිය එක ... අපි බුදුන්ගේ ලේ නෑයෝ කියන පට්ටම ගන්න ඕන උනා උන්වහන්සේට ..//

      බුදුන් තෙවරක් වැඩි රට, අනාගතයේ බුදු සමය සුරැකෙන රට වගේම බුදුන්ගේ නෑයන්ගේ රට විදිහටත් ලංකාව පත් කරන්න මහානාම හාමුදුරුවෝ උත්සුක වුණා තමා. ඒ පමණක් නෙමේ මහාවංසයේ තිබෙන තවත් වැරදි තිබෙනවා. ඒවා නම් එමටයි :)

      //..පණ්ඩුකාභය රජතුමා ... එතුමා තමයි අවුරුදු 106 කට පෙර මේ රටේ ස්වාදෙශිකයන්ගෙන් විජය පැහැර ගත්ත කිරීටය යලි මුල් පදින්චිකාර යක්ෂ නාග ඇසුර රාක්ෂ කියන සිවු හෙළයනට නැවත ලබා දෙන්නේ... පලවා හරිනු ලැබූ උරුමක්කාරයෝ ආපසු ගෙන්න්නේ ...//

      පණ්ඩුකාභය නැවතත් කිරීටයක් මුල් පදිංචිකරුවන්ට ලබාදුන්නා වෙන්නේ ඔහුත් ස්වදේශිකයක් කියන එක තහවුරු වුණොත් විතරයි. පණ්ඩුකාභය සමයේ සිදුවුණා කියලා පේන්න තියෙන්නේ දෙපාර්ශවය අතර සංහිදියාවක්. ඒ වගේමයි මුළු දිවයිනම තනි පාලකයෙක් යටතට පත්වීමක්. ඒ වගේමයි සෑම ජන කොටසකටම ගරු කිරීමක්.

      ඒ වගේමයි ස්වදේශිකයන් පලවා හැරිය උරුමකරුවන් කීවත් ඒක ඒ විදිහටම පිළිගන්න බැරි බව චිත්තරාජ කාලවේල වගේ රාජ සේවකයන්ගේ පුවත්වලින් පැහැදිලියි නොවැ

      //.. ප්‍රබාකරන්ගේ මුල් පුරුක ගැන කියලා තියෙන කතාව විස්තර කරලා දෙන්න පුළුවන් නම් ඉතිහාසීය සාදකත් එක්ක...//

      වීදිය බණ්ඩාර කෝට්ටේ රාජ්‍යය වගේම සීතාවක එක්කත් ගැටුම් ඇතිකරගෙන පස්සේ පාලින්ද නුවර රාජ්‍ය කරලා ඒකත් අසාර්ථක වුණාට පස්සේ පෘතුගීසින් පලවා හරින අරමුණින් යාපන රජතුමාගේ උදව් ගන්න සිංහල සේනාවක් සහ තමන්ගේ පුතා එක්ක යාපනයට යනවා. දෙපිරිසම එකඟතාවයට ඇවිත් නල්ලූර් කෝවිලේදී ඒ එකඟතාව ප්‍රකාශයට පත් කරන්න යද්දී අත් වැරැදීමකින් වුණු වෙඩි දැල්වීමත් එක්ක වීදිය බණ්ඩාර යාපන භටයන් එක්ක සටනට එළඹෙනවා.

      අවසානයේ වීදිය බණ්ඩාර හා පුතා මියයනවා. සිංහල සේනාව යාපන රජුට යටත් වෙනවා. මේ පිරිස වැල්වටිවතුර ප්‍රදේශයේ පදිංචි කරවපු බව තමා කියවෙන්නේ. මේ කතාව විශේෂයෙන්ම ක්වේරෝස්ගේ ලංකාදිපත්‍ය පොතේ කතා කෙරෙනවා.

      //..මොකද එකක් තමයි එක්ටම්ගෙයට යායුතුව තිබුනේ චිත්‍රා ගේ පිය රජුගේ සිර්යහන් ගබඩාව හරහා .. එහි ආරක්ෂකයා චිත්තරාජ .....//

      මේ කතා පුවත සවිස්තරව තියෙන්නේ මහාවංසයේ. ඒකේ එහෙම පුවතක් සඳහන් වෙන්නේ නැහැ. ඒකට අනුව චිත්‍රා කුමරියත් එක්ක එක්ටැම්ගෙයි සිටින්නේ දාසියක් විතරයි.

      දීඝගාමිණී කුමාරයාට චිත්‍රා කුමරියත් එක්ක සබඳතාවක් ඇති කරගන්න දීඝගාමිණී කුමාරයත් එක්ක රජවාසල සේවයට ආපු චිත්තරාජ හා කාලවේල උදව් කළා කියන චෝදනාව මත තමා ඔවුන් දෙදෙනාව මරා දමන්නේ. මහාවංසයේ 9 පරිච්ඡේදය කියවා බලන්න

      Delete
  30. ඔයා කැලණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හදාරන හෝ හදාරපු කෙනෙක් .. මම නම් එහෙම නැ .. එක නිසා මට ඔය තරම් පොත පත අහුවෙලත් නැ .. අනික වෙලාවලුත් නැ හසිත එත් ඔයාගෙන් ඉගෙන ගන්න නම් බොහෝ දේවල් තියෙන බව පේනවා .. ස්තුතියි කියා දුන්නට .. එත් මගේ විස්වාසය පකුන්ඩක කියන්නේ අපේ කෙනක් .. ඒ කියන්නේ මහා සම්මත මනු රජතුමා ගෙන් පටන් පවත එන සිවු හෙලේ රජෙක් ..

    තිසරණ සරණයි ...

    ReplyDelete
  31. සයුරි අක්කේ'නියමයි.තවත් ලියන්න. "කරැනු එක් වේවා" කියා මා ප්‍රාර්තනා කරනවා!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, මේක දිගටම යනවා. දැන් ඉන්නෙ සීතාවක හරියෙ. වෙලාව තමයි ප්‍රශ්නෙකට තියෙන්නෙ :)

      Delete
  32. සුමිත්ත තමයි මේ වෙද්දී "සිංහපුර" රජ තුමා (සිංහබාහු ගෙන් පස්සේ). මේ සංදේශය සුමිත්තට ලැබුණම ඔහු තමන්ගේ පුතුන් තිදෙනාගෙන් ඇහුවලු "ලක්දිව" යන්න කැමති කවුද කියලා. ඉතින් මේකට කැමති වෙලා තියෙන්නේ බාලම පුතා "පන්ඩුවාසදේව (පඬුවස්දෙව්)". පඬුවස්දෙව් කුමාරයා ඇමති පුත්‍රයින් තිස් දෙකකුත් සමග නැව් නැගලා මහකනදරා ඔය අසළින් ලක් දිවට ගොඩ බහින්නේ ක්‍රි. පූ. 504 දී///

    මෙතන පොඩි ගැටළුවක් තියෙනවද? පිට දේශයකින් නැව් නැගි පිරිසක් රට තුල ඇති වැව් තොටකින් ගොඩ බැස්සාය කියන කාරණය.

    (හැකිනම් ඔබගේ ඊ මේල් ලිපිනය දෙන්න. ඉතා සිත්ගන්නා ලෙස ඔබ මේ විස්තර ලියා තිබෙනවා )

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ගැටළුවක් තමා සම්පත්. ඒ කාලේ මහා කනදරා ඔය කියලා වෙනම එකක් තිබුනේ නැත්නම්, ඔය කියන්නේ වැව ගැනනම් වෙන්න බැහැ තමා. බොහොම ස්තුතියි මේවා කියවනවට. ඊ ලිපිනය - pahanyaaya@gmail.com

      Delete
  33. Vijayagen eha athithayak apita thiyenne, puluwannam meeta wada eewa genai api hoyanna oni,

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත. ලිඛිත ඉතිහාසයේ නැති නිසා තමයි අපිට ඒ ගැන තොරතුරු අඩු. ඒ යුගය ගැන ලිපි දෙකක් ලියලා ඇති.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...