Friday, April 19, 2013

වසන්තේ අරන් ඇවිල්ලා...

මතකනේ මම මීට සෘතු දෙකකට කලින් ලියපු සරත් සිරිය ලිපිය. (ඒකෙදි තමයි තිසර යෝජනාවක් ගෙනාවේ මේ සෘතු වලට හරිනම් දාන්න ඕන පිරිමි නම් නෙමෙයි ගෑණු නම් කියලා. හේතුව හැටියට කිව්වේ ඉක්මනින් වෙනස් වෙන ලක්ෂණයක්ද මොකක්ද එකක් ගෑනුන්ට තියනවලු. අනේ මන්දා ඕවා ඉතින් :O කොහොම හරි සරත් සෘතුවට චමිලා සෘතුව කියලා නමකුත් දාලා තිබුනා). ඉතින් ඔය සෘතු භේදය ඇති වෙන හැටිත් මම ඒ ලිපියෙදි විස්තර කරලා ඇති. ඒ හින්දා ආපහු කියන්න ඕන නෑ නේ.

ඉතින් සරත් සෘතුව හිමින් සැරේ ගෙවිලා ගිහිල්ලා ගස් වල තියන ඔක්කොම කොළ හලලා දැම්මනේ. ඊට පස්සේ ඔන්න පටන් ගත්තා හිම වැටෙන්න. ඒ ගැනත් මම පින්තුර කතාවක් ලිව්වා සීතල හිම රටේ කියලා. මේ පාර සිසිර සෘතුව ඕනවට වඩා දික්ගැස්සුනා කියලා මටනම් ෂුවර්. මාර්තු මාසේ වෙනකනුත් හිම වැටුනා මදි නොකියන්නම. කොහොම හරි ඔන්න අප්‍රේල් මැද හරිය වෙද්දී අපි ඇස් දල්වා බලාගෙන හිටපු ලස්සන, මෘදු,සෙනෙහෙබර, වසන්තේ එන ලකුණු පෙනුනා batting eyelashes.

පින්තූර කතාව මෙතැන් සිට...

පොළව වහගෙන හිටපු හිම තට්ටුව දිය වෙලා ඒ වතුර ටික උරාගෙන පොළව තෙතබරිත උනාට පස්සේ මුලින්ම ඔලුව උස්සන්නේ ටියුලිප් සහ ඩැෆඩිල් නටු. පොළවේ වැලලිලා තිබිච්ච බල්බ පණ ගහලා ඇවිත් සති දෙකෙන් තුනෙන් ලොකු වෙලා මල් පිපෙන්න ගන්නවා.

ඔය තියෙන්නේ පුංචි ටියුලිප් යායක්. යායක් කිව්වට යාය කෑල්ලක්...



ආ එතකොට මේ තියෙන්නේ  ඩැෆඩිල්. බලන්නකෝ හිත හොරාගෙන යන්න පුළුවන් ගතියක් එහෙම තියද කියලා?



මේ අතරේ තවත් ලස්සන සංසිද්ධියක් වෙනවා. අර කොළ හැලිලා නාටු වෙලා තියන ගස් තියනවා නේද, ආන්න ඒවා අතුරු සිදුරු නැතිව මල්වලින් වැහිලා යනවා. හැබැයි කොළ නෑ. කොළ එන්නේ පස්සේ. වැඩි හරියක්ම රෝස සහ සුදු මල් තමයි පිපෙන්නේ.

මෙන්න මේ වගේ...




දැන් ඔහොම තව දවස් දෙක තුනක් යනකොට අර මල් පිපිච්ච ගස්වල කොළ එන්න පටන් ගන්නවා. එහෙම කොළ එද්දී අර මල් හැලිලා යනවා ඉබේම.

මේ ගහ බලන්නකෝ. කොළ එන්න පටන් අරගෙන. තව ටික දවසෙන් මේ මල් හැලිලා ගහ තනිකර ලා කොළ පාට වෙනවා.



ගස්වල මල් හැලිලා ගියාට පස්සේ ඉතිරි වෙන්නේ අමුතුම ලා කොළ පාටක්. වසන්තෙට අලුතෙන් ආපු දළු නේ. මේවා ඉතින් ඊ ළඟ සරත් සෘතුව වෙනකම්ම ගහත් එක්ක ඉන්නවා. ආ ඒ විතරක් නෙමෙයි මැරිලා ගිහින් හිටපු තණකොළ පිට්ටනිත්  ආපහු කොළ පාටට දිලිසෙන්න ගන්නවා.




දැන් තමා වැදගත්ම එක. මගේ ටියුලිප් වගාව :) ගිය සරත් සෘතුවේ සීතල බලන්නේ නැතුව, අමාරුවෙන් වෙලාව හදාගෙන, අපේ පුංචි මිදුල් කෑල්ලේ ටියුලිප් බල්බ හිටවපුවගේ ප්‍රතිඵල...




නරකම නෑ නේද?

104 comments:

  1. ලස්සනයි අදත් පින්තූර කතාව :)

    ReplyDelete
  2. පෝස්ට් එකත් වසන්තේ වගේම ලස්සනයි. සෘතුවලට ගෑනු ලමයින්ගේ නම් දාලා වැඩක් නෑලු. සෘතු එච්චරම වෙනස් වෙන්නේ නෑනේ. ශීත කාලෙට සීතයි. රස්නේ කාලෙට රස්නෙයි. වසන්ත කාලෙට අනිවාර්යෙන් මල්.

    ගෑනු ලමයින්ගේ නම් දාන්නේ කුණාටුවලටලු. හේතුව කොයි පැත්තෙන කොයි වෙලාවට මොන හේතුවක් නිසා හටගන්නවාද කියලා දැනගන්නේ පරක්කු වෙලා හන්දා. අනෙක තමා කුණාටුවට පස්සේ වෙන දේවල්. මුලු පලාතක්ම විනාශ වෙලා යනවනේ. හී හී...ඔන්න ඔහොම හිතලා තමයි ඔය නම් දාලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකගයි ඇ....:D

      Delete
    2. කාන්තාව ගැන ස්වයං නිර්වචනයක්. බොහොම හොඳයි..

      Delete
    3. මනෝජ් සහ සෙන්න ප්‍රීති වුනාට මෙතන පොඩි අනතුරු ඇඟවීමක් තියෙන වග පෙනිලා නැහැ ..

      Delete
    4. පොඩ්ඩි කියන කතාවත් ඇත්ත. ඒත් දැන් නම් ඔය සෘතු ටිකක් විස්වාස කරන්න අමාරුයි, මෙහෙට නම් ජූනි මාසේ එන්න තියන සීතල දැන්මම ඇවිත් වගේ. ඒ නිසා ඔය ගැහැණු නම් දැමීම සමහර විට හරියාවි.

      කුණාටු වලට ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙම නම් මාරුවෙන් මාරුවට දානවා. හැබැයි වැඩේ කියන්නේ සාමාන්‍යයෙන් ලොකු ලොකු විනාස කරපු කුණාටු වැඩි හරියක් ගැහැණු නම් තියන ඒවා. සයුරිල හොඳට දන්නවා ඇතිනේ කැත්‍රිනා ගැන එහෙම. ඔය කුණාටු වලට නම් දාන්නේ ඒවා පටන්ගත්ත ප්‍රදේශ අනුවනේ. ඉතින් උතුරු ඉන්දියන් සාගරය ආශ්‍රිතව පටන් ගන්න ඒවට ඒ අවට තියන රටවල් ගණනාවකින් ඉදිරිපත් කරපු නම් දානවා. ලංකාවෙන් නම දීපු "මාලා" කුණාටුව බුරුමයේ සෑහෙන විනාශයක් කලාලු. ඒ පැත්තේ ඊලඟ කුණාටුවට දෙන්න තියන නම තමයි "මහසෙන්" ඒක පිරිමි නමක්. ලිස්ට් එකේ තියන ටිකක් නොගැලපෙන වගේ නමක් තමයි "ආසිරි", ආසිරි මල් වරුසාවන් ගැන විතරක් නෙමෙයි, ආසිරි කුණාටු ගැනත් ඉස්සරහට අහන්න ලැබෙයි.

      Delete
    5. දැක්කා නේද කාන්තාවෝ ස්වයං නිර්වචන දෙනකොට අවංකව ඇත්තම කියනවා :) සෘතුවල කාල වකවානු පොඩ්ඩක් මන්ඥන් වෙලා කියල තමයි මටත් හිතෙන්නේ. තිසරට ඕනිමනම් ඉතින් ගෑනු නම් දාගන්න කියමු නේද?

      තිසර - ඔව් ඔව් ඔය කුනාටු වලට නම් දෙන හැටි ගැන මම ලිපියක්ම ලියලා ඇති. හැබැයි ඒ අත්ලාන්තික් කුණාටුවලට විතරයි. කැමතිනම් බලන්නකෝ මෙතනින්.

      http://pahanyaaya.blogspot.com/2011/09/blog-post_30.html

      Delete
  3. අපි නම් මේ දවස් වල තියෙන රස්නෙට ප්‍රෙෂර් කුකර් එකක දාලා වගේ තැම්බෙනවා. ලොක්කා ලයිට් බිලට කෙලපු නිසා, අපේ වසන්ත කාලෙ නම් මේ පාර කලින්ම ඉවරයි.... :D :D

    (ටියුලිප් මල් වගාව ලස්සනයි.... ඩැෆඩිල් මල්ටික නම් ඇත්තටම හිත හොරා ගත්තා ;) )

    ReplyDelete
    Replies
    1. ලොක්කා ලයිට් බිලට කරපු වැඩේ අපිටත් ආරන්ච්යි. තැම්බෙන එක අහන්නත් දෙයක්ද ඉතින්

      Delete
  4. අපිට ඕවා හැබැහින් බලන්න වාසනාවක් නෑනේ ....

    ReplyDelete
    Replies
    1. ඈ..මේ පරණ හසරැල්මද අලුත් කෙනෙක්ද? ඉන්ඩකෝ බලන්න.

      Delete
    2. පරණ එකාම තමා ඕන්...

      Delete
  5. කිව්වත් වගේ අපි නං මේ දවස් වල දරාගන්න බැරි රස්නයක් එක්ක තමයි ඉන්නේ.. ඒකටම හරියන්න වෛරස් උණකුත් මේ දවස්වල පැතිරිලා ගිහින්.. ගෙදරක එක්කෙනෙක්ට හැදුනොත් ඔක්කොටම හැදිලා තමයි නවතින්නේ.. ලේසියෙන් හොඳවෙන්නෙත් නෑ... එපා වෙනවා... මුළු රටම නිකම් තම්බලා අරන් වගේ.. ඒකනේ ලොක්කා කරන්ට් බිල වැඩි කරලත් තාම මිනිස්සු නිදියගෙන ඉන්නේ... හි හි...

    සෘතු වෙනස් වීම මෙහෙ එච්චර තදට තේරෙන්නේ නැති නිසා මේවා දකිනකොට ආසයි...

    ReplyDelete
    Replies
    1. අප්පේ...ඔය උණ ටිකක් දරුණු එකක්ලු නේද. අර වී අයියටත් හැදිලා කියන්නේ ඕක වෙන්න ඇති. තියන ප්‍රස්න මදිවට දෙයියෝ උණකුත් දීලා අපේ මිනිස්සුන්ට

      Delete
    2. පවුලෙ ඔක්කොටම සයුරි...දැන්නම් සුවයි..!

      Delete
  6. ෂා සයුරිගෙ ටියුලිප් වගාව නියමයි...
    ඩැෆඩිල් මලත් හරියට දැක්කෙ අද...

    ReplyDelete
    Replies
    1. තැන්කු සජානි :) මගේ වගාව ඉතින් පුංචි වගාවක්

      Delete
  7. මට නිකමට හිතෙනවා සෘතු බේදය නිසා තමයි විවිධත්වයක් ඇති වෙන්නෙ. ඒ වගේම ඒකාකාරිත්වය නැති වෙන්නේ. අනික වසන්තයේ වටිනාකම කැපිලා පේන්නේ කියලා.
    සදාහරිත නිවර්තනවල නැති ගුණයක්.

    පෙබරවාරි වල කොළ හැලෙන රබර් ගහේ අනිත් ගස් වලට වඩා සුන්දරත්වයක් නැතිද?

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමා. විවිධත්වයක් තියන එක කෝකටත් හොඳයි. අර කිව්වා වගේ වසන්තේ අගය දැනෙන්නනම් ඉතින් සීත කාලේ විඳවන්නම ඕන. කෝ අපි ලංකාවේ ඉද්දි අපිට ලැබිලා තියන ලයිෆ්ටයිම් ට්‍රොපිකල් වැකේෂන් එකේ අගේ තේරුන එකක්යැයි

      Delete
  8. නියමයිනෙ.... අපිටත් ඔහොම වෙනසක් තිබුනම් මරු අප්පා.. අපිට ඔහොම සෘතු බේදෙකුත් නැතුව, ඒවට සිංහල නම් වැටුනෙ කොහොමද කියලා මම මේ කල්පනා කොළේ..

    ටියුලිප් වගාව ශෝක්... ඩැෆඩිල් ගැන දයාන්ගෙන් අහලා තිබුනට ඕන දැක්කෙ අද.. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අපිට නැතත් ඉන්දියාවට තියෙනවනේ සෙන්නා . සිදුහත් කුමාරයට ඔය කාල හතරට මාලිගා හතරක් තිබ්බලුනේ . ඉතින් ඕවා පැහැදිලි කරන්න වචන ඕන වෙන්න ඇති

      Delete
    2. අම්මප බුද්දාගම යන්තං බටහිර ආක්කරමන වලින් බේරගෙන හුස්මක් කටක් ගන්ට උනාද බලමු. ඒ පාර බුද්දාගම විකුර්ති කරන්ට කුරුමන්තරනයක් කෙරෙන්නෙ නැහෙනහිර පැත්තෙං , වියට්නාමෙං..කාල ඉන්ට බැරි අපේම සිංහල කුල කාන්තාවො නෙව ඒකට පිට පොට ගහගෙන වැඩට බැහැල තියෙන්නෙ.

      සිද්දාර්ත කුමාරයට මාලිගා හතරක් තිබ්බයි කියන්නෙ ඉර්තු හතරට..අපි නං අහල තියෙන්නෙ රම්ය, සුරම්ය, සුබ එච්චරයිනෙ..දැං මේ බවුද්ද මහෝපාසිකාව කියන විදිහට මාලිගා හතරක් තිබුනලු.අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

      Delete
    3. තෝරු මොරුන්ටම මේක බේරගන්න දීලා කට වහගෙන ඉන්නවද කියලා මම මේ බැලුවේ :)

      ඉන්දියාවටනම් මේ තරම් පැහැදිලිව නැතත් යම් තරමක සෘතු භේදයක් තියනවලු තමා. සමහරවිට නම් හැදෙන්න ඇත්තේ එහෙම වෙන්න ඇති. වැඩේ කියන්නේ තුන හතර වෙලා නවතින්නේ නැතුව පහක් වෙච්ච එක. රවී අයියමනේ දවසක් ඇහුවේ "හේමන්තය" ගැන. කෝ ඒකට ඉංගිරිස් නමක් තියනවද?

      Delete
    4. රයිට් සයුරි හේමන්තය ගැන මෙහෙමයි...හොඳද?

      සෘතු හතරයිනෙ තියෙන්නෙ.

      Spring - වසන්ත
      Summer - ගිම්හාන
      Autumn - ශරත්
      Winter - ශිශිර

      ඒත් ඉන්දියාවෙ වැඩේ ටිකක් වෙනස්… .සෘතු තුනක් කියලත් කියනව

      හේමන්ත - නොවැම්බර් සිට පෙබරවාරි දක්වා,
      ගිම්හාන - මාර්තු සිට ජූනි දක්වා,
      වස්සාන - ජූලි සිට ඔක්තෝබර් දක්වා,

      සිදුහත් කුමාරයගෙ මාළිගා තුනේ වැඩේ මම හිතන්නෙ ඔය අනුව වෙන්න ඕන..

      ඒ අතරම සෘතු හයක් කියලත් ආයෙම කියනව.

      වසන්ත - මාර්තු මැද සිට මැයි මැද දක්වා,
      ග්‍රීෂ්ම - මැයි මැද සිට ජූලි මැද දක්වා
      වර්ෂා - ජූලි මැද සිට සැප්තැම්බර් මැද දක්වා,
      ශරත් - සැප්තැම්බර් මැද සිට නොවැම්බර් මැද දක්වා,
      හේමන්ත - නොවැම්බර් මැද සිට ජනවාරි මැද දක්වා,
      ශිශිර - ජනවාරි මැද සිට මාර්තු මැද දක්වා,

      එහෙම බලනකොට හේමන්තය තියෙන්නෙ ඉන්දියාවෙ විතරයි වගෙ. නන්දක්කා අර කියන්නෙ " වසන්තේ නිදාහුන් යොවුන් කෝකිලාවන් ගයන්නී සුපෙම් ගීත හේමන්තයේදී "ආන්න එයයි ඒ කියන්නෙ ඉන්දියාවෙ කෝකිලාවන් ගැන තමයි එකත් එකටම.

      Delete
    5. බෝම ස්තුතියි පැහැදිලි කිරීමට රවී අයියේ. ඒ කියන්නේ හේමන්තය ඉන්දියාවට ආවේනික එකක් වෙන්න ඇති. අප්පා ඒ පාර සෘතු 6 ක් තියනවලුද :0

      Delete
    6. අහා... ජූලි මැද සිට සැප්තැම්බර් දක්වා!!!

      Delete
  9. හරිම ලස්සනයි සයුරි, මේ පැත්තට ගොඩවුනේ සහන් දුන්න ඔත්තුවකින්, දිගටම එන්නම්.

    ReplyDelete
    Replies

    1. ඒවා ඉතින් යුතුකන් නෙව ...

      Delete
    2. හප්පේ..අයිලාස්ව සාදරයෙන් පිලිගන්නවා. මේ නමනම් මට පුරුදුයි. ඉස්සර මම ඒක දැක්කම අමාරුවෙන් කියවන්නේ "අලියාස්" කියලා. :)

      සහන්ට බොහොම ස්තුතියි ඔන්න ඔත්තුව දුන්නට :)

      Delete
  10. හරිම ලස්සනයි සයුරි පින්තූර ටික .
    නිකන් ප්‍රාන්තෙම පේන්න ෆොටෝ එකක් ගන්න
    විදිහක් නැද්ද ..එක යායට මල් පිපිලා තියෙන ..?

    ( අහ් එදා ඔයා අවුරුදු මේසෙ ඉඳන් අහපු ප්‍රශ්නෙට උත්තරේ
    " නැහැ " කියන එක ..අවුරුදු කටේ " නං පචං කියන එක
    හරි නැහැනේ ..ඒකයි අද උත්තර දුන්නේ ..)

    ( අහ් තව දෙයක් ඔයාගේ බ්ලොග් රෝලේ මගේ බ්ලොග් එක නැහැ
    වගේ ..)

    ReplyDelete
    Replies
    1. එහෙම පොටෝවක් ගන්න ඇත්නම් කියලා මටත් හිතෙනවා අප්පා.

      දැන් කාලේ ඉතින් ඒ වගේ අවුරුදු මේස තියෙන්නේ එහෙමත් තැනකනේ. ඒකයි ඇහුවේ.

      මගේ බ්ලොග් රෝල හොඳටෝම කල් පැනලා සහන් (හරි වචනේ "යල් පැනලා"ද මන්දා). අලුතෙන් එකතු වෙන්න ගොඩක් එව්වා තියනවා. වහාම අප්ඩේට් කරලා දාන්නම්. බෝම ස්තුතියි මතක් කරාට.

      Delete
  11. එකපාරටම 'ටියුලිප් යායක්' දැක්කෙ ටියුලිප් සායක් වගේ. ඒ මදිවට 'ටියුලිප් බල්බ ' දැක්කෙ ටියුබ් බල්බ වගේ.. :D

    පින්තූර ටික නම් ලස්සනයි.. මම ඩැෆඩිල් මල කියන්නෙ මොකක්ද දැක්කෙ මේ පෝස්ට් එකෙන්.. ඒ වගේම මහන්සියෙන් වගා කරපු ටියුලිප් ටිකත් ලස්සනයි.. ගෑණුළමයි ඔච්චර ආසනම් සෘතුවලටත් වසන්ති, ගිම්හානි වගේ දාගන්ඩ පුළුවන්.. හැබැයි සුළි සුළං, කුණාටුවලට තමයි හොඳටම ගැළපෙන්නෙ.. එකපාර මතුවෙලා කරකවලා කරකවලා කරකවලා අතෑරලා තියෙන දේවලුත් අරන් යන්නෙ සුළි සුළං කුණාටුනෙ..

    ReplyDelete
    Replies
    1. හරී ඊයෙ ටිකක් වැඩිපුර අරන් වගේ.. :D

      Delete
    2. හිහි...ටිකක් නෙමෙයි නැති වෙන්නම අරගෙන වගේ. එහෙම නැත්තනම් අර අහුබුදු තුමා වගේ ලොප් කරන්න පටන් අරගෙන :)

      අනේ අම්මපා මේ පිරිමිනම් ඔහොමම තමයි. ගෑනුන්ට කුනාටු වගේ කිය කිය කොච්චර කතා කිව්වත් කුනාටුවකට අහුවෙලා මැරෙන්නමනේ එයාලගෙත් ට්‍රයි එක.

      Delete
    3. @ සෙන්නා,

      මොනවද?

      @ සයුරි,

      මේකනෙ සයුරි.. ලෝක ධර්මතා අපිට වෙනස් කරන්ඩ බෑනෙ.. දැන් බලන්ඩකො සලබයා.. ඌ පහන් දැල්ල දැකලා ඒකෙ ලස්සනට වහ වැටිලා ඒකට යනවා.. ඒත් ආසාවෙන් ළංවෙලා තියෙන්නෙ විනාසයකට කියලා ඌට තේරෙන්නෙ ඌව ඒ දැල්ලෙන් පිච්චුනාටත් පස්සෙ.. ඒත් ඒ බව දැක දැකත් තව කොච්චර සලබයි පහන් දැලිවලට ළංවෙනවද? :)

      Delete
    4. ඔය කියන්නේ සලබයා ගැනද පළගැටියා ගැනද

      Delete
    5. දෙන්නම එකයි අමු මෝඩයො..

      Delete
    6. රුවට රැවටේ,.. සත්‍ය නොපෙනේ....

      හරී ගේ අදහස නම් හරියට හරී ;)

      Delete
  12. ඔව් ඔව් ගෑණු ළමයින්ගෙ නම් තමයි දාන්න ඕන. මොකද ඔය ඍතු ත් හැමදාම පරක්කු වෙනවානෙ, නැත්තම් දික්ගැස්සෙනවනෙ. කවදාවත් වෙලාවකට වැඩක් නෑනේ :) ටියුලිප්, ඩැෆඩිල් මල් මෙච්චර පැහැදිලිව දැක්කෙ අද තමයි.... ටැංකු!

    ReplyDelete
    Replies
    1. හිහි..හරි හරි එහෙනම් මලයාගේ මතයත් ඒකයි එහෙනම් ආ. හොඳයි හොඳයි

      Delete
    2. @ලහිරු අත්දැකීම් බහුලයි වගේ ;)

      Delete
  13. ලස්සන ෆොටෝ ටික. මේක දැකල ආස හිතුනු තරම කියන්නේ මං ගුගල් වලත් ගිහින් බැලුව ටියුලිප් ලස්සන. :)

    අර කොලපාට තණකොළ ටික තියන්නේ සයුරිගේ ගෙදර ළඟ ද..? මට ඔහොම තැනකට ගියාම පෙරලෙන්න හිතෙනවා එතැන. :D මේ දවස් වල පිච්චෙන රස්නෙත් එක්ක ගෙවල් වල ඉන්නත් බෑ වගේ නේ.

    ReplyDelete
    Replies
    1. ටියුලිප් වලට මමත් ගොඩක් ආසයි චන්දන. තනි මලක් ගත්තම එච්චර ලස්සනක් නැති උනත් යායක් ගත්තම පුදුම ලස්සනයි. තණකොළ ටිකනම් අපේ ගෙදර නෙමෙයි. කැම්පස් එකේ තැනක් :) තව ටික දවසකින් බලාගන්න පුළුවන් ඕක උඩ බොහොම සිමා සහිත ඇඳුම් ඇඳගෙන පෙරලිලා ඉන්න උදවියව.

      Delete
  14. mal wala nam danne ne...hebeyi lassanayi!

    ReplyDelete
    Replies
    1. danna ekama mal jaathiye nama mehema kiyannath be :P

      Delete
    2. හික්ස්..මට හිතාගන්න පුළුවන් ඒ මල

      Delete
  15. නෑ..නෑ..නරකම නෑ තමා...ඊලඟ සැරේ තව ලොකූ වගාවක් කරන්න.
    සූදානමකින් ඉඳල ගත්තු පින්තූර ටිකක් වගේ. චිත්‍ර වගේ.

    හඳට ගිය රටේ දැන් මේ ලස්සන බලන්නවත් හිතේ නිවනක් තියෙනවද මන්දා..වෙන දේවල් ඇහුවම..(((

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..බලමුකෝ ඊ ළඟ සැරේ. ඉඩ නැති එකනේ අප්පා ප්‍රශ්නේ.

      හඳ අල්ලපු රටේ මේ දවස්වල බෝම්බ. ජිහාඩ් කේස් එකක් කියන්නේ...

      Delete
  16. ලක්සන ෆොටෝ ටික අක්කේ!!

    ReplyDelete
  17. පිංතූර ටික අපූරුයි. ඔයාද ගත්තේ.... අර ඩැෆඩිල් මලේ නම් සිත් පැහැරගන්න මොකද්දෝ රහසක් තියෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. මේ අපි දෙන්නම ගතිපුවා තරු. හැබැයි ඩෆඩිල් මල අපේ නෙමේ. පැහැදිලිව පේන එකක් දාන්න ඕන නිසා හොඳ එකක් හොයලා දැම්මා. :)

      Delete
    2. අපි දෙන්න කිව්වට මං අනිත් එක්කෙනා කවුද කියලා දන්නෙ නැහැනේ සයුරි. මොකද මං ඉතිං අලුත් කෙනෙක් නේ. වෙලාවකට කරකවල අත ඇරිය වගේ. පහුවෙනකොට track එකට වැටේවි කියල හිතනවා.

      Delete
    3. ඔහ්හ් සොරි සොරි තරු. අපි දෙන්නා කිව්වේ ඉතින් මමයි මගේ ජිවන සහකරුයි තමා :) එයාගේ නම සයුරු

      Delete
  18. සීත කාලෙ ඉවර වෙලා වසන්තය ඇවිල්ල මේ පැත්තටත්. ඩැෆඩිල් සහ නම නොදන්න රෝස සුදු පුන්චිමල් මෙහෙත් හැමතැනම ටියුලිප් නම් ඒතරම් දකින්න නෑ. ලස්සන පින්තූර ටික සයුරි. මේ කාලෙ එනකන් ඇගිලි ගනින හැටි මමනම් හොන්දට දන්නව(හැබැයි ජුනි ජූලි වල පිච්චෙන්න ගත්තම හිතෙනව සීත කාලෙ හොන්දයි කියල) සතුටින් පිරුනු වසත් කාලයක් ඔයාට !

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..පිච්චෙන කාලෙකුත් එනවා නේන්නම් ඉස්සරහට :( ඔයාටත් ප්‍රීතිමත් වසත් කාලයක් වේවා රෝස කුමාරි. අලුත් ලිපි ලියන්න අදහසක් නැද්ද?

      Delete
  19. හරිම ලසනයි මල් ටික.හිටවන්න ආස හිතෙනවා. හරියට සුරංගන කතාවක වගේ පරිසරයක් තියෙන් හරිම ලසනයි මල් ටික.හිටවන්න ආස හිතෙනවා. හරියට සුරංගන කතාවක වගේ පරිසරයක් තියෙන්නෙ.

    මේ ජපානෙද?

    ReplyDelete
    Replies
    1. මානෙලුත් මල් වගාවට කැමති කෙනෙක් වගේ. ජපානේ නෙමෙයි මානෙල්, ඇමරිකාව.

      Delete
  20. සයුරි දන්නවද ටියුලිප් වලට සිංහලෙන් කියන නම - දළ මල

    කළු දළ මල - The Black Tulip - කියන්නෙ ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගෙ හරිම අපූරු ප්‍රේම වෘත්තාන්තයක්…

    17 වන සියවසේ අග භාගයෙදි ඕලන්දයෙ සිරගතව සිටිමින් තනි කළු මලක් පිපෙනා ටියුලිප් ශාඛයක් උත්පාදනය කර ගැන්මට වෙහෙසෙන මල් වවන්නකු සහ ඔහුට සහයවන සිරගෙදර පාලකයාගේ දියණිය අතර ඇතිවන අපූරු සෙනෙහසක් ගැනයි මේ කතාවෙ කියවෙන්නෙ. දන්නවද? ඩූමාස් මේ කතාව ලියල දැනට අවුරුදු 150 කට වඩා ගතවෙලා. ඒත් ලෝකෙ කොහෙවත් තනි කළු දළමලක් ලබාගන්නට කවුරුවත්ම තවම සමත් වෙලා නැහැ.

    ප.ලි - හැමදාමත් වගෙ ඔයාගෙ පින්තූර ටික නම් අති විශිෂ්ටයි :)

    ReplyDelete
    Replies
    1. යෙෂ් මටත් මතක් වුනේ කළු දල මල ...

      Delete
    2. @රවී,සයුරි,
      හපොයි ගොඩක්ම තැන්කූ මේ ගැන කිව්වාට..ඔය කතාව කියවලා මෙච්චර කල් හිතාන හිටියේ ටියුලිප් මල් කියන්නේ කළු පාට මල් ජාතියක් කියලා..(අවුරුදු 20ට විතර කලින් කියවපු ඩූමාගේ කතාව තේරුනු තරම තමයි!!)
      ඒකටම හරියන්න මෙහේ තියනවනේ අර කළු පාට පොලිතීන් බෑග් ජාතිය ටියුලිප් බෑග් කියලා..ඉතින් මම හිතං හිටියේ කළු පාට ටියුලිප් මල ලෝගෝ එකක් විදිහට හදාගෙන ගහපු බෑග් එකක් කියලා..(හපොයි!!)

      තව පොඩ්ඩෙන් මම සයුරිගෙන් අහනවා කළු පාට ටියුලිප් මල් නැද්ද කියලා..(රවීට තැන්කූ පැහැදිලි කිරීමට..)

      Delete
    3. අලෙ මේක මගේ ප්‍රියතම පොතක් නේ. සිංහල ඉංග්‍රීසි වර්ෂන් දෙකම කියෙව්වා. ඇත්තටම කළු ටියුලිප් එකක් හදාගන්න බැරි වෙයිද අපිට? :-/

      ගියපාර අපේ ගෙදර පිපුනා ක්වින් ඔෆ් නයිට් කියන ටියුලිප් ජාතියේ එකක්. තදම තද දම් පාටයි. ඒක විතරයි කළු පාටට හුරු එකක් හැටියටවත් මම දැකලා තියෙන්නේ.

      මේ තියෙන්නේ

      http://www.touchofnature.com/Fall%20Pictures/tulip_queen_of_night.jpg

      හිහි..මටත් ඔය පොත කියවද්දී ටියුලිප් බෑග් මතක් උනා. ඒවත් කළු පාටම වෙච්ච එකනේ වැඩේ. මම හිතන්නේ රූ ඕක කියවලා තියෙන්නේ පොඩිම පොඩි කාලේ. නැත්නම් ඒකෙ තියනවනේ කළු ටියුලිප් මලක් හදාගන්නවා කියන්නේ සෑහෙන තෑග්ගක් ලැබෙන තරමේ වීර ක්‍රියාවක් කියලා.

      Delete
  21. මාත් මේ වසන්තය එනකන් මඟ බලාගෙනනේ ඉන්නේ ලොකු.. ;)

    ReplyDelete
    Replies
    1. අනේ මේ..අපි දන්නවා ඔයා මග බලාගෙන ඉන්නේ මොකටද කියලා :))

      Delete
  22. හරිම ලස්සනයි . අලුතින් මල් පිපෙන එකත් හරිම අපුරුයිනේ . හැමදාම මල් තියෙද්දී අගයක් නැහැනේ .

    මගේ තුර්කියේ ඉන්න යාලුවෙක් පින්තුර ටිකක් දාල තිබ්බා ටියුලිප් වල ..පිස්සු හැදෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා..ටියුලිප් වල ලස්සන බලන්නනම් විශාල යයකටම යන්න ඕනේ. තීරු තීරු එක එක පාටින වවලා පුදුම ලස්සනයි. අපිටනම් තාම ඒ වගේ වගාවක් බලන්න යන්න බැරි උනා.

      Delete
  23. හරිම ලස්සනයි සයුරි, ටියුලිප් මල් වගාව ඒ වගේම ඩැෆඩිල් ඔයා කිව්වා වගේ හිත හොරගෙන යනවා තමයි..ලංකාවේ වසන්ත කාලය රස විඳින්න ටිකක් අමාරුයි මොකද ඒ කාලෙට රස්නෙ නිසා..
    ඒ මොනව උනත් වසන්තය මනස්කාන්තයි!

    ReplyDelete
    Replies
    1. ඩැෆඩිල් ෆා ගේත් හිත හොරාගෙන ගිහින් එහෙනම් :) ලංකාවේ වසන්තේට මම ගොඩක්ම කැමති අවුරුද්ද නිසා. රස්නේ කතාවනම් ඇත්ත ඉතින්

      Delete
  24. නොයෙක් ආකාරයේ මල් ගැන අහල තිබුනේ සිංදුවලින් ඒත් ලංකාවෙ පිපනෙ මල් නම් අමාරුවෙන් හරි දකින්න පුළුවන්. ඒත් මේතරම් ලස්සනට මලි පිපෙන්නේ බොහෝවිට මෙවැනි කාලගුණයක් සහ දේශ ගුණයක් පවතින රටවලයි කියල හිතෙන්නේ මේ මල් දැක්කමයි.

    අපූරු පංතූර ටිකක්. ටියුලිප් වලත් අමුතුම මන බඳින වර්ණයක්

    ReplyDelete
    Replies
    1. මම මේ කල්පනා කරේ නුවරඑළිය වගේ පැතිවල මේ මල් වවන්න බැරිද කියලා. සමහරවිට සෘතු විපර්යාසයත් මේකට අවශ්‍ය ඇති. මුළු සිත සෘතුවේම පොලව යට තිබිලා වසන්තෙටනේ මේවා පැල වෙලා එන්නේ.

      Delete
  25. ඩැෆඩිල් මල් එක්ක දයාන් විතාරණගෙ සිංදුව ලාවට මතක් වෙන්න ලියලා තිබ්බහම, මගේ පරණ මතක ටිකක ඇවිස්සුනා. මම මුලින්ම ඩැෆඩිල් මල් ගැන ඇහුවේ ඒ සිංදුවෙන්. ඔහු ඕස්ට්‍රේලියාවේ කරපු සංචාරයකදි එක ප්‍රසංගයකට සමරු කලාපයක් කරන්න මට බාර වුනා. ඒකට ඩැෆඩිල් මලක පින්තූරයක් හොයනකොට තමයි ඔය මල ඉස්සෙල්ලාම දැක්කේ.

    මල් වැවීමට විතරක් නෙමෙයි ඡායාරූපකරණයටත් සයුරි දක්ෂයි වගේ. ඔයාගේ ටියුලිප් වගාවේ, ඩැෆඩිල් මලේ සහ අර රෝස පාට මල් පිරුනු ගහේ ෆොටෝ දෙක හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මමත් මුලින්ම ඒක ඇහුවේ ඒ සින්දුවෙන් තිසර. අපි 9 හෝ 10 ඉන්දිද්දීද කොහෙද ඔය සින්දුව ආවේ. මේක යකාගේ මලක්නේ කියලා අපිට හිතුනේ :) පස්සෙනේ ඉතින් ලස්සන දැක්කේ. තිසරට හොඳ පින්තුරයක් හම්බ වෙන්න ඇති එහෙනම්.

      ඡායාරූප වලින් ඩැෆඩිල් මල මගේ එකක් නෙමේ තිසර. මගේ ළඟ තිබුන ඒවා මෙච්චර පැහැදිලි නෑ.

      Delete
  26. හරිම ලස්සනයි

    ReplyDelete
  27. අපූරු පින්තූර කතාවක් සයුරි..හරිම ලස්සන පින්තූර ටිකක්..ඔන්න මමත් ඔයින් එකක් අරගෙන යනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ...ඇරෙගෙන යන්න කැමති තරමක් :)

      Delete
  28. අදමයි දැක්කෙ ඩැෆඩිල් මලක්. ලංකාවෙ පිපෙන්නෙ නෑ නේද ඒව? හැබැයි ඉතින් මල් වවනවට වැඩිය එළවලු ටිකක් වවාගන්න එක තමයි අද කාලෙ හැටියට ඇඟට ගුණ :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මමත් ලංකාවේ පිපෙනවා දැකලා නම් නෑ

      එළවලු වවනවා සමර් එකට. තව ටික දවසකින් මේවා පරවෙලා යනවනේ. ඊට පස්සේ එළවලු ටිකක් හිටවගන්න ඕන :)

      Delete
  29. සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩෑෆඩිල් මලේ.....ටියුලිප් මල් කැකුලි...!!!

    අඩේ පින්තුර ටිකේ ලස්සන කියන්න මට වචන නෑ සයු අක්කේ..සිරාවටම..ඔයාට හොඳ ඇහැක් තියනවා...

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු මල්ලි කොම්ප්ලිමන්ට් එකට :)

      Delete
  30. ලස්සනයි නංගි... පින්තුර ටිකත් විස්තරයත්.. ඊළග වසන්තය එද්දි තව මල් ටිකක් හදා ගන්නකෝ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා. ඔව් ඔව් හැම පාරකදිම හිතනවා ඊ ළඟ පාර මෙහෙම කරන්න ඕන කියලා. ඒත් එයින් බාගයයි කෙරෙන්නේ

      Delete
  31. දයාන් ගේ මල අද තමයි ඉස්සෙල්ලම දැක්කේ.

    අපිට ඉතින් හැම දාම මල් මල් තමයි.

    ReplyDelete
  32. සයුරි අක්කගේ මල් වගාව නං ලස්සණ යි :) දිගට ම මල් මැද ජීවත් වීමට වාසනාව ලැබේවා. ලස්සණ පින්තූර ටිකක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ධාරා :))

      Delete
  33. ලස්සන වසන්තයක්. වසන්ත කාලෙට අපේ හිතත් ලස්සනවෙනව නේද ? කියල හිතෙනව. මලක් දැක්කාම හිතට නිරන්තරයෙන්ම සතුට ගේනවා නෙ. ඒ හැඟීම හැමදාම තියාගන්න ලැබෙනවා නම් අපූරුයි. වාසනාවන්ත වසන්තයක් සමඟ සතුට සම්පත් පිරි නව වසරක් වේවා! සයුරීටත්, සයුරුටත්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් වසන්ත කාලෙට හිතටත් අමුතු ගතියක් දැනෙනවා තමා. ප්‍රබෝධයක් වගේ එකක්. ඔබටත් මුළු පවුලටත් ඒ වගේම සතුට පිරි නව වසරක් පතනවා.

      Delete
  34. ලස්සන පින්තූර ටික සයුරි... ඩැෆඩිල් මල ගැන සින්දුවෙන් අහලා තිබුණාට අදනෙ දැක්කේ තුන්වැනියට දාපු පින්තූරේ ලස්සනයි. කවුද ෆොටෝග්‍රැපර්? සයුරිද සයුරුද?
    බ්ලොග් කෙරුවාව අතහැරදාපු හින්දා ගොඩාක් පෝස්ට් මිස් වෙලා.. ටික ටික කියවන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. අම්මෝ මෙයා දැකපු කල්...සයුරියි සයුරුයි දෙන්නගේම ෆොටෝ මෙතන තියනවා.

      /බ්ලොග් කෙරුවාව අතහැරදාපු හින්දා//

      මොකක් කිව්වා :0

      Delete
    2. බ්ලොගේ තාවකාලිකව වහලා දැම්මා.... ආයේ ලියන්න එච්ච්ර හිතක් නෑ

      Delete
    3. හ්ම්ම්..ඒ කියන්නේ නොකියම ගිහින් ;(. ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවම බ්ලොග් එක නෑ තමයි..

      Delete
    4. නෑ නෑ එහෙම්මත් නෙවි.. පුළුවන් වෙලාවට ඇවිත් පෝස්ට්වල කමෙන්ට් කරන්නම්. ඒත් ලියන එක නම්???? ....හිතුනොත් ඉඳලා හිටලා මොනවාහරි ලියාවි

      Delete
    5. හ්ම්ම් ඉඳල හිටලවත් ලියාවි කියලා හිතනවා එහෙනම්...

      Delete
  35. මං හුගක් ආස මලක් ටියුලිප් මල්..ලස්සනයි අක්කිගේ මල් යායම. මං කැමතියි මේ පාර වසන්තයට. කොච්චර රස්නේ උනත් කමක් නෑ.මට ඒක දැනෙන්නෑ. මොකද මේපාර වසන්තය ඇත්තටම මගේ ජීවිතයටත් වසන්තයක්ම උනා..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් බට්ටියා. ඔයාගේ ජිවිතේ වසන්තයක් වෙලා කියලා අහන්නත් සතුටුයි. දිගටම වසන්තේ තියේවි ඔයා ළඟ

      Delete
  36. වෝවූ ලස්සනයි සයුරි අක්කේ. ... ඇත්තට අක්ක කොහෙද ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කසුන්..මේ ඉතින් හඳ අල්ලපු රට මල්ලි (ඇමරිකාව :)

      Delete
    2. අනේ එයාලගේ හඳ ඇල්ලිල්ල ;) ... මලු මලු ... මමත් මවුබිම දාල යන්ට කියල ... දුකයි අෆ්ෆා :/

      Delete
    3. හිහි.. :)

      ඒමද..ඔයත් යන්නද ඉන්නේ

      Delete
    4. හ්ම්ම් හ්ම්ම් .. ඔව් ඔව් .. නමුත් ඉතින් අපි සමාජවාදී ස්වාදීන අයනේ අක්කේ.. ඒ විදියේ රටවල් අඩුයි ...!! ;)

      Delete
  37. අපූරු පින්තුරු ටික සයුරි..... :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...