Thursday, April 11, 2013

ජාතියේ පිනට උපන් විජයබා - රාජාවලිය XXVIII

අපි ගිය පාර රාජාවලිය ලිපියෙන් අනුරාධපුර යුගයේ අවසානෙටම ආවනේ. අද ඉඳන් එහෙනම් අලුත් යුගයක්. පොළොන්නරු රාජධානියේ ඇරඹුම...
අනුරාධපුර රාජධානියේ අවසානය සිද්ධ උනේ ඉතාමත් ශෝචනීය විදියට බව කට්ටිය කලින් ලිපියේ දකින්න ඇති. පස්වන මිහිඳු රජතුමා සිරකරුවෙක් විදිහට චෝල දේශයට අල්ලාගෙන ගියා. අපේ දිවයින චෝල පාලනයට නතු උනා. දිවයින කිව්වට මුළු දිවයිනම නෙමෙයි. කවදත් රට ජාතිය වෙනුවෙන් නැගී හිටි රුහුණ මෙදා පාරත් චෝල පාලනයට එරෙහිව ස්වාධීනව නැගී සිටින්න උත්සාහ කරා. රුහුණට ඇතුළු වීමට උත්සාහ කළ චෝලයින්ට දේශ සිමාවේ සිට ඔවුන් පසු බසින තුරු පහර දුන්නා. චෝලයින්ට බදු ගෙවීම ප්‍රතික්ෂේප කරමින් බදු එකතු කිරීමට පැමිණි සිංහල නිලධාරීන්ට අවඥාවෙන් සළකපු රුහුණු ජනතාව එයින් නොනැවතී තවත් මහඟු කාර්යයක් රහසේම කරගෙන යමින් සිටියා. ඒ, තවමත් ළමා වියේ පසු වූ පස්වන මිහිඳු රජුගේ පුත්‍රයා ආරක්ෂා කර ගැනීම.

තමන්ගේම රජෙකුගේ අවශ්‍යතාවය දුටු ඔවුන් මේ කුමාරයාව රජ කමට පත් කරනවා. ඔහු රජ වෙන්නේ "වික්‍රම බාහු" නමින්. මේ පුවත අසා කුපිත වෙන චෝලයින් රුහුණට කඩා වැදී ගම් දනව් වනසද්දී සිංහලයින් ඊට එරෙහිව සටන් අරඹනවා. "කීර්තී" සහ "බුද්ධ" නම් සෙන්පතියන් දෙදෙනෙකු අතින් මෙහෙයවෙන සිංහල හමුදාවට  නිර්භීතව සටන ජයග්‍රහණය කිරීමට හැකි වෙනවා. යුධමය අතින් රුහුණ ශක්තිමත් වන ආකාරය දුටු චෝලයින් තවත් චෝල හමුදා ලංකාවට ගෙන්වීමට කටයුතු කරනවා.

රුහුණ ශක්තිමත් වීමෙන් ඇතිවෙන නරක ප්‍රතිඵලයක් තමයි ප්‍රාදේශීය නායකයින් බිහි වීම. ඔවුන් එකිනෙකා පරයා බලය ලබා ගැනීමට තැත් කළ නිසා රුහුණේ ඇති වෙන්නේ අස්ථාවර තත්වයක්. ඒ නිසා චෝලයින් නැවතත් රුහුණට පහර දීමට එය අවස්ථාවක් කර ගන්නවා. මේ චෝල සේනාවට මුහුණ දීමට වික්‍රමබාහු රජු සේනා සංවිධානය කළත් පහර දීමට පෙරම අසනීපයක් හේතුවෙන් ඔහු මිය යනවා.  මේ කාලයේදීම  චෝල දේශයේ සිරකරුවෙකුව සිටි මිහිඳු රජතුමාත් එහිදීම මිය යනවා.

වික්‍රමබාහු ගේ මරණින් පස්සේ කිර්ති සෙනෙවියා පාලන කටයුතු භාර ගත්තත් ඔහුට දවස් 8 කට වඩා ජිවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ "මහාලන කීර්ති" නම් තවත් සෙනෙවියෙක් ඔහු මරා බලය ලබා ගන්නා නිසා. මහාලාන කිර්ති නිර්භීත වගේම රණකාමී පාලකයෙක් උනා. චෝලයින්ගෙන් නැවතත් ඇති වුනු ප්‍රහාර හමුවේ ඉතා නිර්භීතව සටන් කොට, එයින් පරාජය අත් වන බව දැක, සිය දිවි හානි කර ගන්නවා. ඔහුගෙන් පසුව බලයට එන්නේ "වික්‍රම පණ්ඩු" නම් කුමාරයා. ඔහු මහාලාන කිර්තිගේ පුතෙක් බවටත් පිළිගැනීමක් තියනවා. කොහොම උනත් මේ කුමරුවා නිසා චෝලයින්ගේ හිරිහැරයට ලක් වෙමින් තිබුණු රුහුණ නැවතත් සංවිධානය වී සාමාන්‍ය තත්ත්වයට පැමිණෙනවා.

ඔය අතරෙදි ඔවුන්ට නැවතත් සතුරු කරදරයක් එල්ල වෙනවා. ඒ චෝලයින්ගෙන් නෙමෙයි, අයෝධ්‍යාවෙන්. අයෝධ්‍යා සේනාවේ නායක "ජගතිපාල" අතින් මරණයට පත් වීමට වික්‍රම පණ්ඩු ට සිද්ධ වෙනවා. සිංහල ජනතාවගේ අකමැත්ත නොතකා ජගතිපාල දකුණේ පාලන කටයුතු අතට අරගෙන එය හොඳින් කරගෙන යාමට උත්සාහ කරන අතරේ චෝලයින් ජගතිපාල එලවා ගැනීමට මාන බලනවා. ඒ නිසා නැවතත් ප්‍රහාරයක් දියත් කරන චෝලයින් ජගතිපාලව පරාජය කිරීමට සමත් වෙනවා. ඉන්පස්සේ වික්‍රමපණ්ඩු ගේ පුත්‍රයා "පරාක්‍රම පණ්ඩු" පාලනය අතට ගත්තත් ඔහුත් අවු. 2 කට පස්සේ චෝලයින්ගෙන් මැරුම් කනවා.

ඔහොම කාලය ගත වෙද්දි මිනිස්සු අතර කසුකුසුවක් පැතිරෙනවා රාජ පරම්පරාවට සෘජුවම සම්බන්ධ කමක් ඇති කුමාරයෙක් ගැන. ඒ තමයි "කීර්ති" කුමාරයා. ඔහු පස්වන මිහිඳු රජුගේ මාමා කෙනෙකුගෙන් පැවතෙන අයෙක්. මේ කුමාරයා කුඩා කල පටන්ම පැරණි රජවරුන්ගේ වීර කතා තම මවගෙන් අසා ගැනීමට ඇලුම් කළා වගේම තමන්ගේ රට පරදේසක්කාරයින් අතින් පාලනය වීම ගැන බලවත් අකමැත්තකින් පසු වුනා. තමාට අවුරුදු 15 වන විට මලය රටට ගොස් සේනා සංවිධානය කිරීම ආරම්භ කළ කීර්ති කුමාරයා සෙබළුන්ට මනා පුහුණුවක් ලබා දීමටත් කටයුතු කළා.

මේ අතර "ලෝකේශ්වර" නම් නිර්භීත, තද ගතිගුණ ඇති සෙනෙවියෙක් කතරගම ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලනයක් ගෙන ගියා. චෝලයින් පවා ඔහුට එරෙහි වීමට බිය වූ නිසා ඔහු මිය යන තුරුම චෝලයින්ගෙන් හිරිහැර එල්ල උනේ නැහැ. මේ ලෝකේශ්වරගේ බොහොම කුළුපග ඇමතියෙක් තමයි බුද්ධරාජ ඇමති. ලෝකේශ්වර සමග ඇති වුන අමනාප කමක් නිසා සියලු තනතුරු අතහැර පලා යන බුද්ධරාජ ඇමැතිත් මලය රටට ගොස් කීර්ති කුමාරයාට එකතු වෙනවා. මේ බුද්ධරාජ ඇමති වගේම කිර්ති කුමාරයාට බොහොම උදව් කළ තවත් කෙනෙක් තමයි දේවමල්ල ඇමති. කිර්ති කුමාරයා සේනාවෙන් සහ බලයෙන් පොහොසත් වන හැටි බලා සිටිමටම අපහසු වූ ලෝකේශ්වර කුමරු සමග සටනට එන්නේ මේ අතරවාරයේ දී. වතාවක් නොවෙයි දෙවතාවක්ම සටන් මෙහෙයෙව්වත් ලෝකෙශ්වරට අයිති වෙන්නේ පරාජයක්. ඒ වගේම මලය රටේ පාලනය සම්පුර්ණයෙන්ම කිර්ති කුමාරයාට නතු වෙනවා.

කීර්ති කුමාරයාගේ මීළඟ ඉලක්කය උනේ රුහුණ සහ මලය රට එක්සේසත් කිරීම. චෝලයින් එළවීමට පෙර රටේ අනෙක් ප්‍රදේශ එකට එකතු විය යුතු බව ඔහුට වැටහුනා. ඒ  විතරක් නෙමෙයි, කුමරුගේ ඉලක්කය රුහුණ බව ලොකේශ්වරටත් වැටහුණා. ඉතින් ඔහු කරන්නේ නැවතත් කුමරු සමග සටනට යාම. ගම් බිම් විනාශ කරමින් සටනට පැමිණි ලෝකේශ්වරගේ ක්‍රියාකලාපය ගැන බෙහෙවින් උරණ වූ කීර්ති කුමරු ඉතාමත් දරුණු සටනකින් අනතුරුව නැවතත් ලෝකේශ්වර පරාජය කරනවා. මේ පරාජය නිසා සිත් තැවුලෙන් නැවතත් කතරගමට ගිය ලෝකේශ්වර ක්‍රි. ව. 1054 දී අසනීප වී මිය යනවා.

ඔහුගෙන් පසුව එහි පාලනය බලය ලබා ගන්නේ "කේසධාන කාශ්‍යප" නම් අයෙක්. ඔහු ලෝකේශ්වර තරම්ම තද පාලකයෙක් නොවුනත් එතරම්ම ජන ප්‍රසාදයට ලක් වූ පාලකයෙකුත් නෙවෙයි. ඔහුගේ අභිලාශය වුනෙත් චෝලයින් පලවා හැරීම. ඔය අතරේ චෝලයින්ගෙන් රුහුණට එල්ල වෙන ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වීම නිසා ඔහුට යම් ජනතා ප්‍රසාදයකුත් ලැබෙනවා. ඒත් කීර්ති කුමාරයාගේ අරමුණට මේක බාධාවක්. රුහුණ යටත් කරගැනීම හැර වෙන මගක් නැති බව දකින ඔහු සේනාවත් සමග රුහුණ යටත් කර ගැනීමට පැමිණෙනවා.

කුමාරයාගේ එක ප්‍රතිපත්තියක් උනේ සටන් වලදී සාමාන්‍ය ජනයාට සහ දේපල වලට වන හානිය හැකි තරම් අවම කිරීම. මේ ආකාරයට රුහුණට ඇතුල් වෙන කුමාරයාට රුහුණු ජනයාගේ සහය නොමදව ලැබෙනවා. රජ කමට නිත්‍යානුකුල අයිතියක් තිබූ කීර්ති කුමරුට ඔවුන් වඩා කැමති උනා. ඒ වගේම මිනිසුන් ආකර්ෂණය වන ආකාරයේ හොඳ ගති ගුණත් ඔහුට තිබුණා. මේ නිසා බයට පත්වෙන කේසධාන, උපක්‍රමශීලිව කතරගමින් පහු බැහැලා පසුව එක්වරම ප්‍රහාරයක් එල්ල කරනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ කුමරු අතින් කේසධාන මරණයට පත් වීම. මේ සමගම රුහුණේ පාලනයත් කීර්ති කුමරු යටතට එනවා. පසුව කුමාරයා හැඳින්වෙන්නේ "විජයබාහු" නමින්.

මේ සිද්ධි දැනගත් චෝලයින් නැවතත් සන්ත්‍රාසයට පත් වී රුහුණට ශක්තිමත් සේනාවක් එවනවා. තමන්ට එකවරම චෝලයින් පැරදවිය නොහැකි බව දුටු විජයබාහු, නුවණැති තීරණයක් ගන්නවා තාවකාලිකව මලය රටට පසු බැසීමට. ඒ වගේම චෝලයින් පලවා හැරීම සඳහා විදේශ ආධාර ලබා ගැනීම සඳහා බුරුමයේ අනවරත රජු වෙතට දූතයින් යවනවා. සාර්ථක දූත ගමනකින් පසු එරටින් සේනාවක් වගේම සෙබළුන්ගේ වියදමට වස්තුවත් ලැබෙනවා.

එයින් පස්සේ තමයි චෝල දේශයන් විශාල සේනාවක් ලංකාවට එවන්නේ. ලංකාවට ගොඩ බසින ඔවුන් පොලොන්නරුව දක්වා යන ගමනේදී මිනිසුන්, දේපල විනාශ කරමින් හැසිරෙන්නේ ඉතා තුච්ඡ විදියට. රජරට අනෙක් චෝලයින් සමග එක්වන ඔවුන්ගේ මී ළඟ අභිප්‍රාය වන්නේ රුහුණ ආක්‍රමණය. මේ අතරේ විජයබාහු රජතුමා ළඟ සිටි රවී සහ චාලා සෙන්පතියන් දෙදෙනෙක් රජුට ද්‍රෝහී වී චෝලයින්ට එක් වෙනවා. ඔවුන්ගේ උදව් ඇතිව  චෝලයින් රුහුණට කඩා වැදී රුහුණ විනාශ කරනවා. එහෙත් මලය දේශයේ සිටි විජයබාහු රජු අල්ලාගැනීමට හැකි වන්නේ නැහැ. විජයබාහු රජු පාලටුපහන නම් ස්ථානයේ කඳවුරු ගසාගෙන සිටින බව සැල වී ද්‍රෝහී සෙන්පතියන් විසින් එය චෝලයින්ට දැනුම් දෙනවා. එය ඇසූ චෝලයින් වහාම පලටුපහන බලා පිටත් වෙනවා.

එහිදී ඇවිලෙන්නේ ඉතාමත් දරුණු සටනක්. සිංහයින් මෙන් නිර්භීතව සටන් කරන සිංහල හමුදාව අවසානයේ ජයග්‍රහණය කරා ලඟා වෙද්දී චෝල ප්‍රධාන සෙන්පතියා පලා යනවා. එහෙත් ඔහු පසු පස හඹා යන හමුදාව ඔහුව මරණයට පත් කරනවා. ජයග්‍රහණයෙන් උදම් වෙන රුහුණු සහ මලය වැසියන් උත්සව පවත්වා ජයග්‍රහණය සමරන අතරේ පොළොන්නරුවේ චෝලයින් ඉතාමත් සිත් තැවුලෙන් පසු වෙනවා. සිංහල හමුදාව වැඩි කල් නොයවාම ඔවුන්ගේ ඊ ළඟ ඉලක්කය වන පොලොන්නරුව වෙත ගමනාරම්භ කරද්දී චෝලයින්ට අත් වූ පරාජය ගැන උදහස් වූ චෝල අධිරාජයා තවත් චෝල සේනාවක් ලංකාවට එවනවා. විජයබාහු රජු ඇතුළු හමුදාව පොළොන්නරුවට ලඟා වෙද්දී තමයි ඔවුන්ට සැල වෙන්නේ මාන්තොටින් තවත් චෝල හමුදාවක් ගොඩබසින බව. එනිසා ඔවුන් හා සටනට සේනාවෙන් කොටසක් යවා ඉතිරිය පොළොන්නරුවට පහර දීම සඳහා රඳවා ගැනීමට රජු තීරණය කරනවා.

මාන්තොට බලාගිය සේනාව චෝලයින් හමුවී කළ දරුණු සටනකින් පරාජයට පත් වෙන අතර මෙය ඇසූ රජු ඇතුළු සේනාව දකුණට පසුබැස කඳවුරු ගසා ගන්නවා. තමන් ඇල්ලීමට චෝලයින් එන බව ඇසූ රජතුමා, වටගිරි පර්වතයේ බලකොටුවක් සාදාගෙන එහි කඳවුරු බඳිනවා. මේ පර්වතය වට කරන චෝලයින් මාස 3 ක පමණ කාලයක් සටන් වැදුනත් ඔවුන්ට මුදුනට ලඟා වීමට හැකි වන්නේ නැහැ. ගල් පෙරලීම ආදී උගුල්වලින් චෝලයින්ට උපරිම හානි අත්කර දීමට සිංහලයින් සමත් වෙනවා. කොහොම උනත් විජයබාහු රජතුමාට කරදරවලින් නම් අඩුවක් වෙන්නේ නැහැ. රජු අතින් කතරගමදී මැරුම් කෑ කේසධාන ගේ සොහොයුරා රජුට විරුද්ධව දකුණේ කැරලි ඇති කරන්නේ මේ අතරේදී. ඔහුට පහර දී ඒ කැරලි මැඩපැවැත්වීමට රජු සමත් වෙන අතර කෙසධාන ගේ සොහොයුරා පලාගොස් සොළින්ට එකතු වෙනවා.

ඉන්පසුව විජයබාහු රජතුමා වලවේ ගඟ ඉහත්තාවේ සිට අවසාන සටනට සේනා සංවිධානය කිරීම අරඹනවා. මේ කාලයේ තමයි චෝල අධිරාජයා වන රාජ රාජ රජු මිය යන්නේ. ඒ සමගම චෝල අධිරාජ්‍යයේ අනික් යටත් රටවලුත් නිදහස් වීමේ අරගල ආරම්භ කළ නිසා එය චෝලයින්ට කිසිසේත්ම හොඳ කාලයක් උනේ නැහැ. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතූ රජතුමා වහාම තුන් පැත්තකින් පොළොන්නරුවට පහර දීම අරඹනවා. ගමෙන් ගම දිනා ගනිමින් ඒ ගම් වැසියන්ට හැකි තරම් කරුණාවන්ත වෙමිනි ඔවුහු රජරට බලා ගමන් කරනවා. කිහිප දිශාවකින් එල්ලවන ප්‍රහාර හමුවේ පසුබසින චෝලයින් ඔවුන්ගේ කඳවුරට වැදී ආරක්ෂාව තර කර ගන්නා අතර සිංහල හමුදාව මාස 3 කට අධික කාලයක් කඳවුර බිඳීමට උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී "රවිදේව" නම් නිර්භීත සෙනෙවියෙක් ඉදිරිපත් වී තවත් කිහිප දෙනෙක් සමග කඳවුරු බැම්මෙන් ඇතුලට පැන එහි ආරක්ෂකයින් මරා දමා දොරටු විවර කරනවා. එහිදී ඇතිවන අවසාන සටනෙන්, 50 වසරකට අධික කාලයක් ලංකාවේ බලපැවැත්වූ චෝල පාලනය නිමාවට පත් වෙනවා.

ඒ වන විට වැනසී තිබුණු රජරට ප්‍රතිසංස්කරණය කිරීම අරඹන රජතුමාට තවත් සතුරු කරදර වලට මුහුණ පෑමට සිද්ධ වෙන්නේ චෝලයින්ට පක්ෂව සිටි සිංහල නිලධාරීන්ගෙන්. ඒත් වෙහෙර ගිලපු රජතුමාට අග්ගලත් කජ්ජක්ද? ඒවාත් සාර්ථකව මැඩපැවැත්වීමට ඔහුට හැකි වෙනවා.

ඔන්න ඔය ආකාරයට තමයි මහා විජයබාහු රජතුමා (ක්‍රි. ව. 1070 - 1111) අපේ රට එක්සේසත් කලේ.

ක්‍රි. ව. 1017 දී පාලනය චෝලයින් අතට ගිය තැන් පටන් රට පාලනය කළ චෝල රජවරු -

රාජේන්ද්‍ර චෝල I (ක්‍රි. ව. 1017 - 1044)
රාජාධිරාජ චෝල (ක්‍රි. ව. 1018 - 1054)
රාජේන්ද්‍ර චෝල II (ක්‍රි. ව. 1051 - 1063)
විරාජේන්ද්‍ර චෝල (ක්‍රි. ව. 1063 - 1070)
අතිරාජේන්ද්‍ර චෝල (ක්‍රි. ව. 1063 - 1070)

ප. ලි.

දවස් ගානක් ටයිප් කරපු ටික මැකිලා මුල ඉඳන් ලියන්න උනා. ලිපිය පොඩ්ඩක් අංජබජල්ද මන්දා. මීට වඩා කොට කරන්නනම් බැරි උනා.  මේ ලිපියත් සම්පූර්ණ එකක් නෙමේ. විජයබාහු රජතුමා ගැන එච්චරට විස්තර තියනවනේ :)

78 comments:

  1. හා අද මම නේ පළවෙනියා....!!!! බට්ටි අක්කයි දිනේෂ් අය්යයි හිතන් ඇති පළවෙනියෝ වෙන්න හූ!!!!!!

    ReplyDelete
    Replies
    1. ආ ඔයා එක :) නෑ නෑ එයාල දැන් පළවෙනියා වෙන්නේ අග පැත්තෙන්

      Delete
  2. පොළොන්නරු රාජධානියේ ආරම්භයට සුබ පැතුම්.නොදැවී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානිය දක්වා...........ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හිහි...බලමුකෝ ඉතින් එච්චර දුරකට යන්න

      Delete
  3. ඔය දවස් ගානක් ටයිප් කරපු ඒවා මැකෙන්නෙ කොහොමද ? බැකප් එකක් ගන්නෙ නැද්ද ? මමනම් ලිවීම නවත්වනකොට ලියපු ට්ක නෝට්පෑඩ් එකකටත් අරගෙන වෙනම සේව් කරනවා.. අරක මැකුනත් බය නෑ..

    මේ කමෙන්ට් එක පලියට.. ලිපියට අදාල කමෙන්ට් එක පසුවට..

    ReplyDelete
    Replies
    1. ලිපිය ලියද්දී සැරෙන් සැරේ ඔටෝසේව් වෙනවනෙ.. එහෙම නැත්නම් අතරමඟදී සේව් කරන්නත් පුළුවන්..

      ඒත් නෝට් පෑඩ් ගැහුවම 'ප්‍රකාශ' වගේ සමහර වචන වදින්නෙ 'ප්රකාශ' විදිහට

      මේ කමෙන්ට් එක පලියට.. ලිපියට අදාල කමෙන්ට් එක පසුවට..

      Delete
    2. මම නම් ගොඩක්ම දිග පෝස්ට් එකක් හදන්නේ Gmail වල ඉඳන් ..
      ඔටෝ සේව් වෙනවනේ..මැකුණොත් එහෙම මට ආයේ ලියන්න බැහැ
      ඒ විදිහටම එන්න .සුට්ටන් ගණයේ එව්වා නම් IME එකෙන්
      ගහල දානවා ..

      මේ කමෙන්ට් එක පලියට.. ලිපියට අදාල කමෙන්ට් එක පසුවට..

      Delete
    3. අනේ මම හැමදාම ලිපිය ලියන්නේ බ්ලොගර් වලමයි. ඔටෝ සේව් වෙන නිසා කිසිම බයක් නැතුව ඒකෙ ලියනවා. හැබැයි එදා මොකක් හරි අටමගලයක් උනා. මම හිතන්නේ බ්‍රවුසරේට පිස්සු හැදිලා තිබිලා, ඔටෝ සේව් වැඩ කරලා නෑ හරියට. ලිපිය රිඔපන් කරද්දී මෙන්න බොලේ අච්චර දිගට ලියපු එකෙන් මුල ඡේදේ විතරක් ඉතුරු වෙලා තියනවා :(

      Delete
    4. හරී,

      මටනම් එහෙම දෙයක් වෙලා නෑනෙ.. ඔයා ෆෝමැට් එක උනිකෝඩ් වලට චේන්ග කරද සේව් කරනකොට.. එහෙම නොවුනත්.. වචනයක් දෙකක් හදනවා වගේද මුල ඉඳන්ම ආයෙ කොටන එක.. බුදු අම්මේ ඊට වැඩිය හොඳයි වහ කනවා..

      සහන් / සයුරි,

      මමත් ලියන්නෙ ( කොපි පේස්ට් කරන්නෙ ) බ්ලොගර් වල තමා. ඔටෝ සේව් කාරයව විශ්වාස කරන්න බැරි බව නේද සයුරිට වුන මේ ඇබැද්දියෙන් පෙන්නුම් කරන්නෙ..

      මේ කමෙන්ට් එක පලියට.. ලිපියට අදාල කමෙන්ට් එක පසුවට.. :D

      Delete
    5. ඔව් සෙන්නා බ්ලොගර් draft පේජ් එක නම් හොඳටම මට
      වද දීල තියෙනවා .කොටිම්ම publish වත් වෙන්නේ නැහැ
      හරියට.10 පාරක් විතර publish කරන්න ඕනේ බ්ලොග් රෝල්
      වල අප්ඩේට් වෙන්න නම් .. ඒත් රීඩර් එකේ 10 පාරම පෝස්ට්
      10 විදිහට පෙන්නනවා .


      ඔය හේතු නිසා මම දැන් Gmail compose එකේ ඉඳන් තමයි වැදගත්
      පෝස්ට් ඔක්කොම හදන්නේ ..මගේ අකුණ එහෙම හැදුවේ Gmail වල
      ඉඳන් .ඒ වගේ පෝස්ට් එකක් හිස් වා තලයට මුසු උනොත් ඉතින් මගේ
      පපුවට ඒ ගිණ්න උහුලගන්න බැරුව උනත් යන්න පුළුවන් නෙව ..

      ඒ අරුණු කොට කමෙන්ට් , පුංචි පුංචි පෝස්ට් බට්ටෝ එහෙම හදන්නේ
      කෙලිම්ම බැකප් නැතුව IME එකේ ඉඳන් ..ඒවා නම් හිස් වා තලයට මුහු
      උන වාර අනන්තයි , පපුවට දැනුණු ගිණි අප්‍රමාණයි හසන්ත ...


      මේ කමෙන්ට් එක පලියට.. ලිපියට අදාල කමෙන්ට් එක පසුවට.. :P

      Delete
    6. මටත් එකපාරක් ඔහොම වුනා.. ඔක්කොම ලියලා ඉවරවෙලා මොකකින් හරි සේරම සිලෙක්ට් වෙලා තිබ්බ වෙලාවක ස්පේස් එක එබුනා.. අනේ මගේ කොහෙද තිබ්බ කරුමෙකට එවලෙම ඔටෝ සේව් ක්‍රියාත්මක උනා.. ස්පේස් එක විතරයි ඉතුරු.. :(

      හැබැයි සයුරි ඔයාට වෙලා තියෙන වැඩෙත් ඔටෝ සේව් වැඩ කිරීමෙන් වෙච්චි වැඩක් කියලයි හිතෙන්නෙ.. ඔටෝ සේව් වැඩ නොකළානම් බ්‍රවුසරේ හෝ ටැබ් එක ක්ලෝස් කරන්න කලින් සේව් කරන්නද කියලා අහනවා..

      හොඳම වැඩේ ඔටෝ සේව් වෙන්නෙ නැත්නම් සේව් කර කර ලියන එක.. හැබැයි එක පාරක් නිදිමතේ පබ්ලිශ් එක එබිලා කට්ටියක් හොඳ හොඳ කතා කියලා තිබුනා..

      Delete
    7. හැබැයි මම නම් රිස්ක් එක අරන් නෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා සිංහලෙන්ම කොටලා ලියනවා.. එතකොට සැරෙන් සැරේ ඔටෝ සේව් වෙන වදේ නෑනෙ..
      අද වෙනතුරු නෝ බැකප්.. ඔය කට්ටිය බැකප් අරන් තියන්ද ඉන්නෙ..

      Delete
    8. මම ලියන්නෙ මාලින්ද යුනිකෝඩ් කන්වර්ටර් එකේනෙ.. ඒකෙ ලියලා බ්ලොගර් ඩ්‍රාෆ්ට් එකට පේස්ට් කරනවා.. එදා දවසට ලිවීම නතර කරනකොට, ලියපු ඔක්කොම ටික නෝට් පෑඩ් එකකට සේව් කරගන්නවා..

      හැබැයි අද වෙනකම් කවදාවත් මට ඩ්‍රාෆ්ට් එකක් නැතිවීමේ අබ්ග්ගයටනම් මුහුණ දෙන්න වෙලා නෑ..

      Delete
    9. //බුදු අම්මේ ඊට වැඩිය හොඳයි වහ කනවා.//

      ආයිත් අහලා. අපිට වගේ නෙවෙයි සෙන්නගේ පෝස්ට් එකක් මැකුනොත් ඉතින් සොරිම තමා.

      //වුනා.. ඔක්කොම ලියලා ඉවරවෙලා මොකකින් හරි සේරම සිලෙක්ට් වෙලා තිබ්බ වෙලාවක ස්පේස් එක එබුනා.//

      හපොයි..කියන්න වචන නැත. ඔටෝ සේව් කාරයා වදයක් වෙන වෙලාවලුත් තියනවා එහෙනම්.

      මටනම් උනේ බ්‍රවුසරේ අවුලක් කියලා හිතුනේ. ඒක ස්ටක් වෙලා රිස්ටාර්ට් කරන්න උනා. ටැබ්ස් රිස්ටෝර් කරන්න ඔප්ෂන් එක ආවෙත් නෑ. ඒ අස්සේ ඔටෝ සේව් වෙලත් නෑ.

      මේ පිළිතුර පලි යේ කමෙන්ට් වලටය :)

      Delete
  4. හෙමීට කියවන්න ඕනේ සයුරි නිවාඩු පාඩුවේ ..
    දෙමළ පත්තරේ වගේ බලල බැහැ නෙව
    මේ වගේ වටින දේවල් ......

    ReplyDelete
    Replies
    1. ===================================
      රාජේන්ද්‍ර චෝල I (ක්‍රි. ව. 1017 - 1044)
      රාජාධිරාජ චෝල (ක්‍රි. ව. 1018 - 1054)
      රාජේන්ද්‍ර චෝල II (ක්‍රි. ව. 1051 - 1063)
      විරාජේන්ද්‍ර චෝල (ක්‍රි. ව. 1063 - 1070)
      අතිරාජේන්ද්‍ර චෝල (ක්‍රි. ව. 1063 - 1070)

      ===================================

      සයුරි මේ ගණන් මිණුම් ටික එහෙ මෙහෙ වෙලාද ?
      නැත්නම් ඇත්තටම සංකීර්ණ විදිහට රජ කම එහෙට
      මෙහෙට වීමේ ප්‍රතිඵලයක්ද ..?



      මම දැනුයි කියවලා ඉවර උනේ .හිතා මතා එක අකුරක්
      වත් අඩු කරන්න එපා සයුරි ..තියෙන හැම දේම හෙමීට
      ලියන්න ..කිසිම දෙයක් හිතා මතා අයින් කරන්න එපා..
      හැම දෙයක්ම වැදගත් නෙව ...ගොඩක් ස්තූතියි මහන්සියෙන්
      මෙහෙම ලියනවට ..මාත් මේ කොටි වලිග 3 ක්ම අල්ලන්
      ඉන්නේ එක පාර ..

      Delete
    2. මේ දින වකවානු මම බලාගත්තේ විකි එකෙන් සහන්. මම හිතන්නේ වැරදි නැතුව ඇති. යම්කිසි ඕවර්ලැප් වීමක් තියනවා. හරියටම එක රජෙක් අයින් උනාම අනිත් කෙනා එනවා කියලා එකකුත් නැහැනේ. කෙනෙක් ඉද්දි තවත් කෙනෙක් වෙනම ප්‍රදේශයක පාලනය ආරම්භ කළා වෙන්නත් පුළුවන් නේද

      Delete
    3. @ silentsahan, සයුරි

      මෙතන අතිරාජේන්ද්‍ර චෝලගේ රාජ්‍ය වර්ෂය ටිකක් සංශෝධනය වෙන්න ඕනේ 1067-1070 කියලා.

      මෙතන රාජ්‍ය වර්ෂ ටිකක් එහා මෙහා වෙලා තියෙන පාටක් තිබුණත් එහෙම අවුලක් නැහැ. වෙන්නේ පිය රජවරුන් ඔටුන්න හිමි කුමාරයන්ව රාජ්‍යත්වයට පුහුණු කිරීමක් විදිහට සම රාජ්‍යත්වයට පත් කරන එක. බොහෝ වෙලාවට පියරජුන්ගේ ජීවිතේ අවසන් කාලයේ ඇතිවන අබල දුබලතා නිසා රාජ්‍ය විචාරීම කරන්නේ පුත්‍ර රජුන්.

      මේකට හොඳ උදාහරණයක් බ්‍රිතාන්‍ය ඉතිහාසයෙන් දක්වන්නත් පුලුවන්. ලංකාව ඉංග්‍රීසින් යටත් කරගන්නා කාලේ බ්‍රිතාන්‍ය අධිරාජයා වුණේ 3 වෙනි ජෝර්ජ්. ඒත් එයාගේ ඇතිවන මානසික දුබලතාවක් නිසා 1811 ඉදන් එයාගේ පුතා 4 වෙනි ජෝර්ජ් තමා තාත්තා වෙනුවෙන් පාලනය ගෙනියන්නේ. මේ කුමාරයාව හඳුන්වන්නේ රාජ්‍යාධිකාරී කුමාරයා Prince Regent කියලා.

      Delete
  5. සිංහල ඉතිහාසයේ මම කැමතිම රජු විජයබාහු රජුගේ චරිතය. අපේ ඉතිහාසය විසින් සඟවාගත් රජතුමා විදියටයි මම ඔහු දකින්නේ. විජය බාහු රජුගේ රාජ්‍ය සමය වසර 41 ක් විතර ඒ ඉතිහාසය රනින් ලියවිය යුතු ඉතිහාසයක්.

    පොලොන්නරුවට පා තියන හැම මොහොතකම ඉතිහාසයෙන් සැගවූ "විජය බා සෙවීම" මගේ මතකයට එනවා.

    මේ සටහනට අදාල නොවුණත් 88 --89 කාලයේ භීෂණ සමයේ රජරට උතුරුමැද නිල නොලත් ජ.වි.පෙ. විමුක්ති කාමී කැරලි කරුවන්ගේ සංවිධානය වුනේ "කීර්ති විජයබාහු " කණ්ඩායම විදියටයි.
    එයින්ම පේනවානේ මෑත යුගයේ කැරලිකාර කන්ඩායමකට නමක් දාගන්න තරම් විජයබාහු රජතුමා මොන තරම් විශාල සේවයක් කරන්න ඇතිද කියලා.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      //..රජරට උතුරුමැද නිල නොලත් ජ.වි.පෙ. විමුක්ති කාමී කැරලි කරුවන්ගේ සංවිධානය වුනේ "කීර්ති විජයබාහු " කණ්ඩායම විදියටයි....//

      ශ්‍රී ලංකා යුධ හමුදාවෙත් විජයබාහු පාබලා සේනාංකය නමින් සේනාංකයක් තියෙනවා

      Delete
    2. //අපේ ඉතිහාසය විසින් සඟවාගත් රජතුමා විදියටයි මම ඔහු දකින්නේ//

      එකඟයි මේ කතාවට. එතුමා ගැන මීට වඩා හොඳ ප්‍රතිරූපයක් මැවෙන විදියට ඉතිහාසය ලියවුනානම් හොඳයි.

      Delete
  6. ඉතිහාසය මම කැමතිම විෂයක්. හැබැයි රාජ්ය පාලනයන් පමණි. අපි පාසැල් යන කාලේ ඉතිහාසය, විෂය මාලාවෙන් අතුගාලා තිබුණ නිසාද මන්දා මෙච්චර කැමති.

    ReplyDelete
    Replies
    1. අප්පේ..ඔයාලට සා.පෙ. ට ඉතිහාසය තිබුනේ නැද්ද? :(

      Delete
  7. ලිපියට ස්තුතියි සයුරි.
    කෙටියෙන් අහල තිබුණු ඉතිහාස විස්තරයක් වැඩිපුර තොරතුරුත් එකක් දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳා. ස්තුතියි චන්දන. :)

      Delete
  8. ඔය චෝල කියන්නෙ ජයලලිතගෙ කට්ටියද ?

    සෑහෙන්න ගේමක් දෙන්න වෙලා තියනවා නේද රජතුමාට..

    ඉතිහාසය පුරාවටම හැමදාම සටන් නේද තිබිලා තියෙන්නෙ...මෙච්චර බලකාමයක්... !!!! අනේ මංදා.... අනිත් රටවලත් ඉතිහාසය මෙහෙමමද ?

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      //..ඔය චෝල කියන්නෙ ජයලලිතගෙ කට්ටියද ?...//

      චෝල බලය ඒ හරියේ විශාල ප්‍රදේශයක පැතිරිලා තිබුණේ

      Delete
    2. ස්තූතියි හසිත, එතකොට චෝල කියන්නෙ කොහෙන් ආපු කට්ටියක්ද ? ඒ ගොල්ලො තමිල්නාඩුව ආශ්‍රිත ප්‍රදේශයත් යටපත් කරන් හිටිය බවක් තමා ඔබේ ප්‍රකාශයෙන් පේන්ඩ තියෙන්නෙ.

      Delete
    3. @ සෙන්නා

      චෝලයෝ කියන්නේ දකුණු ඉන්දියාවේ තංජෝර් මුල් කරගෙන දකුණු ඉන්දියාවේ විශාල ප්‍රදේශයක වගේම ලංකාව මලයාසියාවේ ප්‍රදේශ කීපයකටත් බලය ව්‍යාප්ත කරපු රණශූර කණ්ඩායම. එයාලගේ මුල් බිම් තංජෝරය ආශ්‍රිත ප්‍රදේශම තමා

      Delete
    4. චෝළ, පාණ්ඩ්‍ය වගේ කොටස් ගොඩක් තියෙනවා නේද?

      අපේ උන්දැලම ගිහින් තමයි සැරෙන් සැරේ ඔය අහක යන නයින්ව රෙද්ද අස්සේ දාගෙන ආවෙ..

      Delete
    5. මොකද මේ ජයලලිතා මතක් වෙලා :) ඔය හසිත කියනවා වගේ චෝලයින් අධිරාජ්‍යක් තනාගෙන තිබුනේ. එයාලා ට්‍රයි කරන්න ඇති හිරු නොබසින රාජ්‍ය වගේ එකක් හදා ගන්න.

      චෝලයින්ට සාපේක්ෂව මම පාණ්ඩ්‍යයින්ට නම් කැමතියි :))

      //අපේ උන්දැලම ගිහින් තමයි සැරෙන් සැරේ ඔය අහක යන නයින්ව රෙද්ද අස්සේ දාගෙන ආවෙ//

      මේ වැඩේ කරනවා අපේ අය එදා ඉඳලම

      Delete
    6. @ සයුරි

      චෝලයන්ගේ අධිරාජ්‍යය ගොඩනැගීම ගැන සරලවම පැහැදිලි කළොත් දකුණු ඉන්දියාවේ ඉදන් උතුරු ඉන්දියාව දක්වා බලය ව්‍යාප්ත කරන එක භූගෝලීය පිහිටීම අනුව අපහසු දෙයක්. උතුරේ ඉදන් දකුණටත් එහෙම්මම තමා.

      ඒක නිසා දකුණේ බලවත් රාජ්‍යය පිහිටුවා ගන්න පාලකයන් උත්සහ කරන්නේ තමන්ග බලය උතුරට ව්‍යාප්ත කරනවාටත් වඩා දකුණු ඉන්දියාවේ ඉදන් බොහෝ වෙලාවට ලංකාව ඇතුළු අනෙක් ඉන්දියානු සාගරයේ තියෙන රාජ්‍යවලට තමන්ගේ බලය ව්‍යාප්ත කරන එක

      Delete
    7. @ හරී

      දකුණු ඉන්දියාවේ වරින් වර බලවතුන් වෙන්නේ චෝල, පාණ්ඩ්‍ය, කේරළ, කාලිංග කියන රාජ්‍යය. මේවායින් චෝලයන් එක්ක හැරෙන්න අනික් රාජ්‍යයත් එක්ක ලංකාවේ රජවරුනුත් වරින් වර සම්බන්ධතා පවත්වපු බව පේනවා. ඒ වගේමයි කාලෙන් කාලෙට මේ හැමෝමත් ලංකාවට බැස්ටිය දීලා තියෙනවා.

      Delete
  9. ස්තුතියි ලිපියට..
    බල තණ්හාව නිසා මොන තරම් ජීවිත විනාශ වෙලා තියෙනව ද.. දුර්ලභ ව ලබපු මනුස්ස භවයෙ නිසි ඵල නෙලාගෙන නෑ බොහොමයක් දෙනා. මේව කියවල බලල අපේ ජීවිත වලටත් ගන්න පුලුවන් පාඩම් බොහොම යි :)

    ReplyDelete
    Replies
    1. ඔව් හසල. බල ලෝභය හැම දේටම මුල. අද උනත් එහෙම තමා.

      Delete
  10. ඒ කාලේ සෙනෙවිවරුන්ටත් හොඳ තැනක් තිබිලා නේද රජවරුන්ට වගේම. එයාලගේ ඇඳුම්වල ලස්සන බලන්ටකෝ.:D

    අයෝධ්‍යාවලින්? ඔය කියන අයෝධ්‍යා අර රාමායණේ එන අයෝධ්‍යා ප්‍රදේශයමද?
    දිග උනාට 'මහා විජයබාහු ' ගැන ඉගෙන ගත්තානේ.

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      //..අයෝධ්‍යාවලින්? ඔය කියන අයෝධ්‍යා අර රාමායණේ එන අයෝධ්‍යා ප්‍රදේශයමද?...//

      ඔව් ඔව් ජගතිපාලව හඳුන්වන්නේ රාම කුමාරයාගෙන් පැවත එන කෙනෙක් කියලා තමා

      Delete
    2. ඔයා ඒ අස්සේ ඇඳුම් දිහාත් බැලුවද? හිහි

      දිගනම් තමා අප්පා. පුළුවන් තරම් කොට කරලත් තමා :(

      Delete
  11. හැමදාමත් වගේම අදත් ඉතාමත්ම වටිනා ඉතිහාස පාඩමක්..... සත්‍ය ලෙසම මේ ලිපි මාලාවනං හරිම වටිනවා...ඔබට සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...ඔබටත් එසේම වේවා

      Delete
  12. //..තමන්ගේම රජෙකුගේ අවශ්‍යතාවය දුටු ඔවුන් මේ කුමාරයාව රජ කමට පත් කරනවා. ඔහු රජ වෙන්නේ "වික්‍රම බාහු" නමින්. මේ පුවත අසා කුපිත වෙන චෝලයින් රුහුණට කඩා වැදී ගම් දනව් වනසද්දී සිංහලයින් ඊට එරෙහිව සටන් අරඹනවා. "කීර්තී" සහ "බුද්ධ" නම් සෙන්පතියන් දෙදෙනෙකු අතින් මෙහෙයවෙන සිංහල හමුදාවට නිර්භීතව සටන ජයග්‍රහණය කිරීමට හැකි වෙනවා. යුධමය අතින් රුහුණ ශක්තිමත් වන ආකාරය දුටු චෝලයින් තවත් චෝල හමුදා ලංකාවට ගෙන්වීමට කටයුතු කරනවා....//

    මේ කුමාරයාගේ නම කස්සප. රාජ්‍යත්වයට පත්වෙද්දී තමා වික්‍රමබාහු නාමය ගන්නේ. කුමාරයා රජ වෙද්දී වයස 12 ක් විතර. හැබැයි කුමාරයා රජවෙන්න කලින් තමා රෝහණයට චෝල ආක්‍රමණය එල්ල වෙන්නේ. මාස 6 ක් විතර රෝහණයේ ඉදිමින් එයාලා කුමාරයාව හෙව්වත් පලුට්ඨගිරියේ හිටිය කිත්ති සහ බුද්ධ සෙන්පතිවරුන්ගේ පහරදීම් නිසා චෝලයේ උත්සහය අත ඇරලා පොළොන්නරුවට යනවා. ඊට පස්සේ තමා කස්සප කුමාරයා වික්‍රමබාහු නමින් රජවෙන්නේ.

    ඊට පස්සේ වසර 8 ක් විතර යනකම් ප්‍රබල ප්‍රහාරයක් රෝහණයට එල්ල වෙන්නේ නැහැ. මේ කාලය අතරවාරයේදී වික්‍රමබාහු සේනා සංවිධානය කරමින් ඉන්නවා. ඒත් හදිසි රෝගයකින් 1041 දී වගේ දෙවුන්දරදී ඔහු මිය යනවා.

    //..චෝලයින් ජගතිපාල එලවා ගැනීමට මාන බලනවා. ඒ නිසා නැවතත් ප්‍රහාරයක් දියත් කරන චෝලයින් ජගතිපාලව පරාජය කිරීමට සමත් වෙනවා...//

    චෝලයෝ ජගතිපාලගේ බිසව වගේම දුවත් පැහැර ගන්නවා. පස්සේ කාලේ මහා විජයබාහු රජතුමාගේ අග බිසව වුණු ලීලාවතී බිසව තමා ජගතිපාලගේ දියණිය

    //..ඒ තමයි "කීර්ති" කුමාරයා. ඔහු පස්වන මිහිඳු රජුගේ මාමා කෙනෙකුගෙන් පැවතෙන අයෙක්...//

    කීර්ති කුමාරයා තාත්තා මුගලන් මානවම්ම පරපුරෙනුත් අම්මා වුණු ලෝකිතා දේවිය දාඨෝපතිස්ස පරපුරෙනුත් පැවත එනවා කියලා තමා කියන්නේ.

    //..මේ බුද්ධරාජ ඇමති වගේම කිර්ති කුමාරයාට බොහොම උදව් කළ තවත් කෙනෙක් තමයි දේවමල්ල ඇමති....//

    මේ දේවමල්ල කියන්නේ පස්වෙනි මහින්ද රජතුමාගේ පුත්‍රයා වුණු වික්‍රමබාහු රජතුමාට උදව් කරපු කිර්ති සේනාපතිගේ පුතා.

    //..ඔහුගෙන් පසුව එහි පාලනය බලය ලබා ගන්නේ "කේසධාන කාශ්‍යප" නම් අයෙක්....//

    කේශධාතු කාශ්‍යප කියලා තමා මෙයාව හඳුන්වන්නේ. කිසියම් ආකාරයකට බුදු දහමත් එක්ක සම්බන්ධ තනතුරක් කියලා මේක හිතුණත් කේශධාතුනායක තනතුරු පොළොන්නරු යුගයට එද්දී හමුදා සෙන්පතීන් පාවිච්චි කරපු බව තමා පේන්නේ

    //..මේ සමගම රුහුණේ පාලනයත් කීර්ති කුමරු යටතට එනවා. පසුව කුමාරයා හැඳින්වෙන්නේ "විජයබාහු" නමින්...//

    අවුරුදු 18 දී තමා කිත්ති/කීර්ති කුමාරයා විජයබාහු නමින් මහානාගහුල මුල් කරගෙන රෝහණයේ රජ වෙන්නේ.

    නීලකණ්ඨ ශාස්ත්‍රී මහා විජයබාහුගේ කාර්යය ප්‍රමාණ කරන්නේ "මහා විජයබාහු නොසිටින්නට අද ලංකාවේ සිංහලයන් සිටිනු සැක සහිතය" කියන ප්‍රකාශයෙන්

    ReplyDelete
    Replies
    1. //..ක්‍රි. ව. 1017 දී පාලනය චෝලයින් අතට ගිය තැන් පටන් රට පාලනය කළ චෝල රජවරු..//

      ආහ් මට කියන්න අමතක වුණා චෝල රජවරු කියනවාට වඩා චෝල අධිරාජයන් කියලා කියන එක තමා වඩාත් නිවැරදි

      Delete
    2. //කීර්ති කුමාරයා තාත්තා මුගලන් මානවම්ම පරපුරෙනුත් අම්මා වුණු ලෝකිතා දේවිය දාඨෝපතිස්ස පරපුරෙනුත් පැවත එනවා කියලා තමා කියන්නේ. //

      ඔව්, මේ නෑ කම සවිස්තරව ලියලා තිබුනා සන්ඩේ ටයිම්ස් පත්තරේ ගියපු ලිපියක.

      මම හිතුවේ මෙහෙමයි, චෝල අධිරාජ්‍ය පාලනය කෙනා චෝල අධිරාජ්‍යයා (මේ කාලයේ සිටි රාජ රාජ රජතුමා). ලංකාව වගේ උප රාජධානි පාලනය කරපු අය රජවරු. :)

      Delete
    3. @ සයුරි

      //...මම හිතුවේ මෙහෙමයි, චෝල අධිරාජ්‍ය පාලනය කෙනා චෝල අධිරාජ්‍යයා (මේ කාලයේ සිටි රාජ රාජ රජතුමා). ලංකාව වගේ උප රාජධානි පාලනය කරපු අය රජවරු. :)...//

      චෝල අධිරාජයේ ප්‍රාන්ත විදිහට තමා යටත් කරගන්නා රාජ්‍යයන් පවත්වාගෙන යන්නේ. ප්‍රාන්තවලට "මණ්ඩලම්" කියන යෙදුම තමා චෝලයන් භාවිතා කරන්නේ. ලංකාව ඒ කාලේ මුම්මුඩිචෝල මණ්ඩලම් කියලා හඳුන්වන්නේ. ඒ යටතේ පොළොන්නරුව හෙවත් ජනනාථපුරම් මුල් කරගෙන සාමාන්තයෙක් තමා ලංකාවේ පාලනය ගෙනියන්නේ.

      Delete
  13. කට්ටිය කුලල් කාගනිද්දි කොහෙවත් ඉන්න පිරිසකට රජ මඟුල්..

    ReplyDelete
  14. ඒ කාලෙත අද වගේමයිනේ....................... :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්. වෙනසක් නෑ

      Delete
  15. හ්ම්ම්ම්ම් .. ම් වටිනා ලියැවිල්ලක්.. ඉතිහාසය ගැන දැනගෙන ඉන්න එක හොඳා.. ඉතිරි ටිකත් කියවන්නම්

    ReplyDelete
    Replies
    1. ඉතිරි ටිකත් පස්සේ බලන්නකෝ එහෙනම් චින්තක :)

      Delete
  16. awuruddata kalin kohoma hari post ekak daagaththa neda?passe kiyawannamko post eka :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් යන්තම් එකක් දා ගත්තා. හරි හරි අවුරුදු සමරලා එහෙම ඉවර වෙලා එන්නකෝ මේ පැත්තේ

      Delete
  17. අහන්න ප්‍රශ්න මොකවත් නැහැ හොඳ විස්තරයක් තිබුනා. හසිතගේ පැහැදිලි කිරීමත් එක්කම.

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා...ස්තුතියි

      Delete
  18. ඔය රවිදේව කියන සෙනවියා වරක් උපක්‍රමයක් විදියට සේනාවත් එක්ක ගිහින් චෝලයන් ට එකතු වෙලා සටනෙදි චෝලයන්ට ඇතුළෙ ඉඳන් ම පහරදෙනවා :)කිත්ති කුමාරයා ට තව හිටියා බුදල්නා හෙවත් බුද්ධරාජ කියලා විශ්වාසවන්ත ඇමතියෙක්. කුමාරයාගේ සාර්ථකත්වය පිටිපස්සේ හිටිය අදිසි හස්තය බුදල්නා කියලත් කියනවා... සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ!!!

    …කවදත් රට ජාතිය වෙනුවෙන් නැගී හිටි රුහුණ මෙදා පාරත් :P

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      සිත්නරුබිම් බුදල්නා එහෙමත් නැත්නම් බුද්ධරාජ තමා කිර්ති කුමාරයාගේ ලොකුම හයිය වුණේ. ඒකට ප්‍රතිඋපකාර විදිහට කීර්ති කුමාරයා රාජ්‍යත්වයට පත්වුණාට පස්සේ බුද්ධරාජ ඇතුළු පරපුරට ලබා දීපු සන්නස [පනාකඩුව තඹ සන්නසෙන්] රජතුමාගේ කෘතඥතාවය පැහැදිලි වෙනවා.

      ඒ කෘතඥතාවය කොච්චරද කියනවා නම් මේ සන්නසෙන් බුද්ධරාජගේ පරම්පරාවේ අය මරණ දණ්ඩනය ලැබිය යුතු වරදක් කළත් තෙවරක්ම ඒ සඳහා සමාව දෙන්න ඕනේ කියලාත් අභය දානයම ලබාදීලා පිටුවහල් කිරීමක් පමණක් කරන්න කියලාත් රජතුමා නියම කරනවා.

      ඒ වගේ ප්‍රදානයක් මහා විජයබාහු ඇරෙන්න කිසිම රජ කෙනෙක් තමන්ගේ නිලධාරියෙක්ට ලබාදීලා නැහැ. [දැන් කාලේ ඔට්ටු නැහැ :D]

      Delete
    2. @ හසිත:
      …පනාකඩුව සන්නස ගැන අහලා තිබුණට ඒක මේ වගේ දෙයක් කියලා නම් දැනගෙන හිටියෙ නැහැ. ඒ වගේ ප්‍රදානයක් කරන්න නම් කොයිතරම් ලොකු සේවයක් බුදල්නා කරන්න ඇතිද කියලත් හිතෙනවා. මොකද මීට කලින් එහෙම දෙයක් ගැන අහලාවත් නැති නිසා...

      …ප.ලි: කොටකෙතන ධර්මසිරි උන්දෑ එහෙමත් බුදල්නා පරම්පරාවෙ වෙන්ටැ, ඒකනේ උතුමාණන් නිදහස් කළේ :P

      Delete
    3. @ ලහිරු

      සිත්නරු බිම් බුදල්නාවන් තමන් වෙනුවෙන් කරපු සේවය රජතුමා සන්නසේ මුල් භාගයේ දක්වනවා.

      ".......නායක පින්නරු බිම් බුදල්නාවන් අප සොළි දෙමළුන්ගෙ විබලයෙන් සිජ රජින් පිරිහී ගල්වලැ වැළැහී වන අවදියැ අප පිය මහ සැමිය මුගලන් රජ පා වහන්සේ ඈ මුළු රජකුල සිය පිරිස්නෙන් රැකැ අප සඟවියෙහි වඩා වන මුල් පලා භරණයෙන් ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට අප බාල කාලයෙහි හදා වඩා වන මුල් පලාහාරවලින් පුසැ ඇකුත් ඇකුත් තන්හි මඟමින් ඇසිරෙන විපකුන් කෙරෙහි වළගා කන්හි තන්හි විග‍්‍රහ බැන්දෑ රුහුණු දනවු පෙරෙළා එකත් කොට ගල්වලින් බහා සිය රජහි පිහිටුවා දුක් වුන් ප‍්‍රාශාදයට....."

      තේරුම තමා

      "....රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන් අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී වනයෙහි සැඟවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන් රාජොත්තමයාණන් වහන්සේ පෝෂණය කොට, පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට, වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා දුක් වින්ද ප‍්‍රශාදයට...."

      පනාකඩුව තඹ සන්නස කියවන්න මෙතනින් යන්න

      පනාකඩුව තඹ සන්නස

      කවුද මේ ධර්මසිරි උන්දෑ නිච්චියක් නැහැ

      Delete
    4. ලහිරු මල්ලිටත් එසේම වේවා !!

      //කවදත් රට ජාතිය වෙනුවෙන් නැගී හිටි රුහුණ මෙදා පාරත් :P//

      එහෙම තමා :P :P

      Delete
  19. ඔබේ ලිපි පෙළ ඉතාම වටිනවා. ඉතිහාසයට පාඨක අවධානය ගැනීමට ඔබ දරන වෑයම ඉතා විශිෂ්ටය. ඉතිහාසය අමතක කරදමා තිබූ යුගයකින් පසුව අපටම අප කවුද යනු අමතක වෙමින් තිබුණේ. එහි ඵල විපාක දැනෙන්ට පටන්ගත්තාට පස්සෙයි ‍ඉතිහාසයේ වටිනාකම තේරුම් යන්න පටන් ගත්තෙ.මෙය කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමකි. ඔබට ගොඩක් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ මේ වචන ටිකට. ඒ ටික මට බොහොම වටිනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  20. සුබ අලුත් අවුරුද්දක් වේවා සයුරි...! :)

    ReplyDelete
  21. තාත්තා මට කියලා දීපු කතාවලින් මට හොඳට මතක තියෙන එකක් තමයි අර තනි කෝ‍ටුවයි කෝ‍ටු මිටියෙයි කතාව. තනි කෝ‍ටුව ලේසියෙන් කැඩුනට කෝ‍ටු මිටිය කඩන එක ලේසි වැඩක් නෙවෙයි. ඔය කතාව කියලා දීලා නෑනේ ඒ දවස්වල හිටපු උන්ට කවුරුවත්. අපිව ආක්‍රමණ වලට නතු වෙලා තියෙන්නෙම අසමගිය රජ කරන කාලවල නේද?

    ReplyDelete
    Replies
    1. // ඔය කතාව කියලා දීලා නෑනේ ඒ දවස්වල හිටපු උන්ට කවුරුවත්//

      ඒක ඇත්ත ඒක ඇත්ත. අභ්‍යන්තර අරගල තියෙද්දී හරිම ලේසියි ජාත්‍යන්තර ප්‍රශ්න වලටත් මෙහාට රිංගන්න :)

      Delete
  22. මගෙත් ප්‍රියතම රජතුමා තමයි විජයබාහු. දුටු ගැමුණු රජතුමාට යුද්ධයට ඕන දේවල් හැම දෙයක්ම ඔහුගෙ පියා ලෑස්ති කරල තිබ්බ. ඔහුට තිබ්බෙ ගිහින් යුද්ධ කරන්න විතරයි. නමුත් විජයබාහු රජතුමා රට එක්සේසත් කලේ ඊට වඩා ලොකු අමාරුකම් මැද්දෙ.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත මුහුදු. දුටුගැමුණු රජතුමාට විජයබාහු රජතුමාට වඩා ඉතිහාසයේ තැනක් ලැබිලා තිබුනට රට එක්සේසත් කරන්න ඔහුට විජයබාහුට තරම් බාධක තිබුනෙත් නැහැ. ලොකුම දේ යුද්ධය ඉවර වෙලා වෙහෙර විහාර තැනවීම වගේ කැපී පේන ආගමික කටයුතු කරන්නත් දුටුගැමුණු රජතුමාට කාලය ලැබුනා.

      Delete
  23. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  24. ඉතිහාසයේ මමත් ආස කොටසක්..කියවන්න කැමතිම කොටස තමා දඹදෙනි යුගයේ කතන්දරේ..ඒකට ඉතින් තව කල් තියනවනේ..

    ගුරුතුමීගෙන් අහන්න ප්‍රශ්න දෙක තුනක් තියනවා.

    1.ලංකාව ඉන්දියාවට යටත් විජිතයක් වුනේ නැත්තේ ඇයි? ඒ ඉන්දියාව කවදාවත් එක රටක් නොවුන නිසාද?

    2. චෝල අධිරාජ්‍ය ඒ වෙනකොට ඉන්දියාවෙත් බොහෝ තැන්වල බලය පතුරුවාගෙනද හිටියේ? අපේ රටේ හිටපු චෝල රජතුමා ඉන්දියාවේ ප්‍රධානියාගේ නියෝජිතයෙක් විදිහටද හිටියේ?

    3. අනිත් රටවල්වලින් උදව් ලැබෙන්නෙ මොන වගේ කොන්දේසි වලට වෙන්න ඇතිද? මේ වේලාවෙදි බුරුමයෙන් උදව් ලැබුනේ අපිත් එයාලට මොනවාහරි උදව් කරලා තියන නිසාද?

    4. රාජාවලියේ කරුණු ටික එකතු කරලා විජයබාහු රජතුමා ගැන වෙනම ලිපියක් ලියන්න පුළුවන්ද?

    උත්තර දෙනවට කලින්ම ස්තුතියි කිව්වා ඔන්න..සුභ අළුත් අවුරුද්දක් පහන් යායේ පවුලේ හැමෝටම..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් දඹදෙණියටනම් කල් තියනවා තමා :)

      රූ අහන්නේ ඉන්දියාව තනි රටක් විදියට ගත්තොත් ලංකාව ඒකේ යටත් විජිතයක් උනාද කියලද? ඒත් දැන් මේ චෝල ආක්‍රමණ ගත්තත් ලංකාව ඉන්දියාවේ ප්‍රදේශ වලට යටත් විජිතව හිටියා කියලා කියන්න පුළුවන් නේද? මට තේරුනේ නැද්ද මන්දා ප්‍රශ්නේ :)

      ඔව්, ඒ වෙද්දී ඔවුන් බලවත් අධිරාජ්‍යක්. "නියෝජිත" කියන වචනේ එතනට හරියටම හරි යනවද කියලනම් දන්නේ නෑ රූ. ඒත් රාජ රාජ චෝල අධිරාජයාගේ අධීක්ෂණය යටතේ පැවතුනු බවනම් පේනවා. රුහුණේ බලය ඉස්මතු වෙද්දී චෝල දේශයටත් ඒක ප්‍රශ්නයක් උනා නේ. මම දන්න විදියටනම් බුරුමයත් චෝලයින්ට විරුද්ධ රටක් ඒ වෙද්දී. එහෙම වෙලාවක චෝලයින්ට විරුද්ධව උදව් ඉල්ලුවම පැකිලෙන්නේ නැතුව උදව් දෙන්න ඇති. හ්ම්ම්...වෙනම ලිපියක් ලියන්න පුලුවන්නම් හොඳයි තමා :) මේ ලිපියේ හැම විස්තරයක්ම අඩංගු නෑ නේ. බලමුකෝ රූ.

      ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
    2. @ රූ....

      1. සම්පූර්ණ ඉන්දියාව අතීතයේ කිසිම කාලෙක එක පාලකයෙක්ගේ යටතේ තිබිලා නැහැ. හුඟක් වෙලාවට වෙන්නේ උතුරු ඉන්දියානු පාලකයෙක් මුළු උතුරු ඉන්දියාවමත් දකුනේ ප්‍රදේශ කීපයකත් බලය ව්‍යාපත කරනවා හරි ඒකේ අනික් පැත්ත හරි වෙන එක.

      සම්පූර්ණ ලංකාව ඒ බලවත් ඉන්දියානු පාලකයාගේ යටත් විජිතයක් වෙන්න උඩින් තියෙන කාරණේ එච්චර බලපෑමක් නැහැ. කොහොම වෙතත් සම්පූර්ණ ලංකාවම යටත් කරගන්න ඉන්දියානු පාලකයන්ට නොහැකි වෙන්නේ කාරණා කීපයක් නිසා.

      එකක් තමා රජරට ප්‍රදේශය ආක්‍රමණයක් නිසා අස්ථාවර වෙන හැම අවස්ථාවේදීම වගේ දකුණේ දෙවෙනි පෙළ නායකත්වයක් සූදානම්ව හිටිය එක. ඒ නිසා රජරට අල්ලා ගත්තත් දකුණට බලය ව්‍යාප්ත කරන්න ඔවුන් දෙන්නේ නැහ.

      බොහෝ වෙලාවට දකුණේ පාලකයන් කීප දෙනෙක්ම ඉන්න නිසා සටන් කිරීමත් වෙහෙසකර කටයුත්තක්.

      අනික තමා රජරට තැනිතලා ප්‍රදේශයක් වුණත් දකුණ එහෙම නොවෙන එක. භූවිෂමතාත් එක්ක හැමවිටම වාසිය තියෙන්නේ ස්වදේශිකයන්ට.

      මේ වගේ කාරණාත් එක්ක එක පාලකයෙක්ව පරාජය කරලා තැනිතලා ප්‍රදේශයක් වෙන රජරට අල්ලගන්න එක එයාලට වාසියි. ඒ වගේමයි හදිසි අවස්ථාවකදී මාතොට හරි ගෝකණ්ණ හරි පාවිච්චි කරලා ආධාරක සේනා ගෙන්වා ගැනීමේ පහසුවත් ඒ නිසා ඉන්දියානු ආක්‍රමණිකයන්ට තියෙනවා,

      2. චෝල අධිරාජ්‍යය පැතිරෙන්නේ දකුණට වෙන්න තියෙන ප්‍රදේශවල. දකුණු ඉන්දියාව, ලංකාව, මලක්කා සමුද්‍ර සන්ධි ප්‍රදේශ, තායිලන්ත ප්‍රදේශ වගේ අග්නිදිග ආසියාතික ප්‍රදේශවල.

      මම කලින් කිව්වා වගේ ලංකාවේ චෝල රජ කෙනෙක් හිටියේ නැහැ. හිටියේ චෝල අධිරාජයා වෙනුවෙන් ලංකාව පාලනය කරන සාමන්තයෙක්.

      චෝල අධිරාජයේ ප්‍රාන්ත විදිහට තමා යටත් කරගන්නා රාජ්‍යයන් පවත්වාගෙන යන්නේ. ප්‍රාන්තවලට "මණ්ඩලම්" කියන යෙදුම තමා චෝලයන් භාවිතා කරන්නේ. ලංකාව ඒ කාලේ මුම්මුඩිචෝල මණ්ඩලම් කියලා හඳුන්වන්නේ. ඒ යටතේ පොළොන්නරුව හෙවත් ජනනාථපුරම් මුල් කරගෙන සාමාන්තයා ලංකාවේ පාලනය ගෙනියන්නේ.

      3. අනිත් රටවල්වලින් උදව් ලැබෙන්නේ බොහෝ වෙලාවට කොන්දේසි විරහිතව. ඒකට කාරණා ගණනාවක් තියෙනවා. එකක් තමා ඒ අවස්ථාවේදී ලංකාවට උදව් නොදුන්නොත් ඊළඟ වටේදී බැස්ටිය හම්බෙන්නේ තමන්ට වීම, අනික චෝලයන්ට අධිරාජ්‍යයක් පිහිටුවා ගන්න දෙන එකෙන් වෙළෙඳාම් කටයුතුවල බාධාවක් වෙනවා. අනික් අතට ලංකාව බොහෝ වෙලාවට බුරුම, පාණ්ඩ්‍ය, කේරළ, කාලිංග වගේ රටවල් එක්ක විවාහ සම්බන්ධතා එහෙමත් පවත්වපු නිසා නෑකමත් තියෙනවානේ.

      ඒක නිසා වෙන්නේ පොදු සතුරා මර්දනය කරන්න එක පෙරමුණකට රටවල් ටික එකතු වෙන එක.

      Delete
    3. @සයුරි,
      ස්තුතියි ගොඩක්..

      @හසිත,
      ඔය වගේ ඇවිදින ඉතිහාස පොතක් තියක එක කොච්චර දෙයක්ද!!
      ස්තුතියි පැහැදිලි කිරීමට..

      තොරතුරු යැවීම දියුණු වෙලා නොතිබුනු මේ කාලේ මේ වගේ දේවල් කොච්චර හොඳට සිද්ද වෙන්න ඇතිද කියලා හිතෙනවා..(මෙච්චර ටෙලිෆෝන් ස්කයිප් ඉන්ටනෙට් තියෙද්දිත් මේ පැත්තෙන් එහා පැත්තට කියන දේ තේරෙන්නැතුව කොච්චර ප්‍රශ්න වෙනවද?!!!)

      රාජ්‍යතාන්ත්‍රික සබඳතා කියන්නේ බෙල්ල ගහලා යන වැඩක්නේ..හසිතගේ පිළිතුරු එක්ක තවත් ප්‍රශ්න කීපයක්ම තියනවා.

      1. චෝල/සොලීන් ඇරුනාම මෙහෙම ලංකාව පාලනය කරපු දකුණු ඉන්දියානු පාලකයෝ ඉන්නවද?
      2. මේ ඉතිහාසය ගැන ඉන්දියාවේ පොත්වල සෙල්ලිපි වල ලියැවිලා තියෙනවද?
      3. ලංකාවෙන් ඉන්දියාව ආක්‍රමණය කරපු අවස්ථා තියනවද?(රිටන් එක දුන්න අවස්ථා..වසභ රජතුමා ගැන නම් අපි අහලා තියනවානේ)

      උත්තර දෙනවට කලින්ම ස්තුතියි ඔන්න (Thanks in advance)!!

      Delete
    4. @ රූ....

      1. ලංකාව පාලනය කරපු දකුණු ඉන්දියානු පාලකයෝ ගැන බලද්දී මුල් කාලීනව වගේම පසුකාලීන ලංකාවට වුණු ආක්‍රමණ රාශියක්ම වෙලා තියෙන්නේ චෝළයන් අතින්. මට මතක විදිහට නම් කාලිංග මාඝ [එයා දකුණු ඉන්දියාවේ කාලිංගේ නමේ කියලත් කියනවා] විතරයි චෝළ පාලකයන් හැරුණු කොට ලංකාව අල්ලගෙන ඉන්නේ.

      කේරළ, පාණ්ඩ්‍ය ආක්‍රමණ දියත් වුණත් එයාලා ලංකාව කොල්ල කාලා යනවා ඇරෙන්න ස්ථීර පාලනයකට කටයුතු සූදානම් කරපු බවක් පේන්නේ නැහැ. කොල්ල කෑමෙන් යුධ වියදම වගේම තවත් සම්පත් අරගෙන අකුළා ගෙන යන එක මෙහේ ස්ථීර පාලනයකට කාලය මිඩංගි කරනවාට වඩා හොඳයි කියලා එයාලා හිතපු බවක් තමා පේන්නේ.

      2. රාජ රාජ වගේ චෝළ පාලකයන්ගේ ආක්‍රමණ ගැන චෝල සෙල්ලිපිවල තියෙනවා. ඒ වගේමයි දඹදෙණි කාලේ වුණු පාණ්ඩ්‍ය ආක්‍රමණයක් ගැන පාණ්ඩ්‍ය ලිපිවලින් කරුණු හම්බෙනවා. ඒ වගේමයි සමුද්‍රගුප්තගේ ලිපියකත් සාමන්ත ප්‍රදේශයක් විදිහට ලංකාව දක්වලා තියෙනවා[ ඒක නම් අතිශයෝක්තියක් කියලා තමා විශ්වාස කරන්නේ]

      3. වසභ රජතුමා නෙමෙයිනේ රිටන් එක දුන්නා එයාගේ මුණුබුරා ගජබාහුගේ රිටන් එක දුන්නේ. ඒ හැරෙන්න 2 වෙනි සේන, 1 පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල වගේ පාලකයෝ දකුණු ඉන්දියානු ප්‍රදේශ වගේම් අග්නිදිග ආසියාතික ප්‍රදේශත් ආක්‍රමණය කරපු බව කියවෙනවා.

      හැබැ‍යි මේවා ආක්‍රමණවලටත් වඩා සිදුවුණු අසාධාරණකම්වලට එරෙහිව නැගී සිටීමක් විදිහටයි දක්වන්න පුලුවන් වෙන්නේ. මොකද මේ යුධ ප්‍රයාණවලින් භාණ්ඩාර හිස්වුණා ඇරෙන්න පුරවපු බවක් පේන්න නැති නිසා

      Delete
  25. ගොඩක් කාලයකින් ආවේ.මාව නම් මතක නැතුව ඇති.සුබ අළුත් අවුරුද්දත් !
    (ලිපිය කියෙව්වේ නම් නැ.පස්ස කියවනවා අනිවා)

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා ධම්මික. අපෝ එහෙම අමතක වෙන්නේ නෑ :)

      Delete
  26. මේ අති ශ්‍රේෂ්ඨ රජතුමා ගැන ළමයින් වෙනුවෙන් ලියැවුණු පොතක් කියෙව්වා ඊයේ පෙරේදා. සුපුරුදු විදිහට සයුරි ටීචර් රාජාවලියේ ඒ ගැන මොනවාද ලියලා තියෙන්නේ කියලා හොයලා බලන්න ආවා. වැඩිය අහන්න, කියවන්න ලැබෙන්නේ නැති, සත්‍ය වශයෙන්ම අපේ දේශයේ 'ගැලවුම්කරු' එතුමා තමයි කියලා මටත් හිතෙනවා. අනුරාධපුරය වාගේ ප්‍රෞඪ රාජධානියක් අර වාගේ හිතාගන්න බැරි විදිහට නැති භංගස්ථාන වෙලා අපේ රජතුමාත් විදේශයක හිරකාරයෙක් වුණාට පස්සේ, මෙතුමාගේ රාජ්‍යත්වය බිහිවෙනකල් අපේ රට මොන තරම් අලකලංචි ගොඩකට මුහුණපාලාද. ස්තූතියි සයුරි, මේ හැම විස්තරයක්ම මෙහෙම අකුරු කරලා තියෙනවාට. <3

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...