Thursday, January 9, 2014

හිම වගේද අයිස්

මේ දවස්වල හඳ අල්ලපු රටේ මිනිස්සුන්ට ලොකු ඇබැද්දියකට මුහුණ පාන්න වෙලා බව ටීවී පත්තර එහෙම බලන ඔයාලා කවුරුත් දන්නවා ඇති. ඔය ඇබැද්දිය හින්දා ගේ ඇතුලටම වෙලා ඉද්දි තමයි සහන් කිව්වේ ඒ ගැන ලියන්න කියලා. ඉතින් ඔන්න මං ලියනවා...
හැමදාමත් වගේ මේ පාරත් ශීත කාලය නොහොත් වින්ටර් එක බොහොම සාමාන්‍ය විදියට උතුරු ඇමරිකාව හොයාගෙන ආවා. ටික දවසක් යද්දී අපිට වැටහෙන්න ගත්තා මෙදා පාර වෙනදා වගේ නෙමෙයි, මොකක් හරි ලොකු අමුත්තක් තියන බව. ඕක සිද්ධ උනේ ඉරිදා හවස ජංගම දුරකථනයට ආපු මැසේජ් එකකුත් එක්ක...

"ට්‍රීන්...ට්‍රීන් ..."

අමුතුම නොම්මරයක් වගේ...

"හෙලෝ..."

"Warning..Severe winter weather alert !!........

"මොන ((&(%&^$%#$^....."

"............ Campus will be closed on Monday and Tuesday...."

අම්මටසිරි...කැම්පස් එක වහනවා කියන්නේ ඉතින් මොකක් හරි ගිනි ගෙඩියක් ළඟ එනවා කියන එක. මොකද ඒක වහන්නේ එහෙමත් දවසක. අනික් කාරණේ තමයි ලංකාවේ වගේ නෙමෙයි, මෙහෙ කාලගුණ අනාවැකිය හරියට නිකන් කිරි ගහට ඇන්නා වගේ තමා.

ඉතින් අපිත් ගෙවල් ඇතුලට වෙලා මොකද වෙන්නේ කියලා බලාගෙන හිටියා. එදා රෑ පුරාම වෙලාවකට මල් පෙති වගේ, තවත් වෙලාවකට පුළුන් කුට්ටි වගේ, තව වෙලාවකට ඇමරිකන් පිටි වගේ, අහසින් හිම වැටුනා මදි නොකියන්න. හිටි ගමන් අර හොල්මන් ගුහා වල ඇහෙනවා වගේ "හූ...." සද්ද එහෙම දාගෙන සුළං හැමුවා. ඒක ඉතින් ටිකක් සාමාන්‍ය දෙයක් වින්ටර් එකට. ඒ නිසා අපිත් සාමාන්‍ය විදිහට නින්දට ගියා.

සඳුදා උදේ නැගිටලා මුලින්ම කරේ ජනේලේ තිරේ විදියට දාන පැලැල්ල වගේ එක (අර blinds කියන්නේ) අස්සෙන් එලිය බලපු එක. ඇස් දෙක කඩාගෙන යන තරමට දැනිච්ච ඉර එළිය හරහා බැලුවම සුදු පාට යායක් වගේ එකක් දැක්කා. එච්චරයි. ඊට පස්සේ කරේ උෂ්ණත්වය කීයද බලපු එක. නෑ නෑ එලියට බැහැලා නෙමෙයි. ලැපේ තිරේ ඕන් කරලා...

ඕන් තියනවා...ෆැරන්හයිට් -9 යි. ඒ කියන්නේ සෙල්සියස් -23 ක් විතර.

මෙහාට මේ වගේ සීතලක් අවුරුදු විසි ගානකට මෙහා පැත්තේ දැනිලා නැහැලු. මේ තියෙන්නේ මිචිගන් විල අයිස් බවට පත් වෙලා තියන හැටි.



එලියට බහින්න තියා හිතන්නත් බැහැ. ගේ ඇතුලට වෙලා ඉන්නත් කම්මැලි නිසා අපි කරේ මේ වගේ සීතලක අත්හදා බලන්න පුළුවන් දේවල් ටිකක් හොයාගෙන ඒවා කරන්න ට්‍රයි කරපු එක.

එකක් තමයි කෙහෙල් මිටිය (Banana hammer)

අධික සීතල වෙලාවක කෙහෙල් ගෙඩියක් එලියේ තියෙන්න දීලා ආපහු අරගෙන බැලුවොත් ඒකෙන් ඇනයක් ගහන්න පුළුවන් තරමට සවිමත් වෙනවලු. මේක අත්හදා බලන්න ආස උනත් කරුමෙට කෙහෙල් ගෙඩියක් තිබුනේ නෑ ගෙදර. ඒත් යූ ටියුබ් එකේ Banana hammer කියලා සර්ච් කරලා බැලුවොත් ඕන තරම් වීඩියෝස් හොයා ගන්න පුළුවන්.

තවත් එකක් තමයි ටී ෂර්ට් එකක් උණු වතුරෙන් පොඟවලා එළියේ තියලා තිබුනොත් ඒක යකඩ වගේ හයි වෙනවලු. ඊට පස්සේ ඒක කෑලි කෑලි වලට කඩන්න පුළුවන් ලු. ඕක කරන්න ඉතින් ටී ෂර්ට් එකක් පූජ කරන්න එපැයි. ඉතින් ඒක කරෙත් නෑ.

කරන්න පුළුවන් වෙච්ච එකම දේ තමයි නටන උණු වතුර ටිකක් එලියට විසි කරාම වෙන්නේ මොකද බලන එක. ඒකනම් මරු. ඔන්න බලන්නකො වෙන්නේ මොනවද කියලා...



ඉතින් දවස් දෙකක් පුරාම ඔහොම අධික සීතලක් තිබිලා දැන්නම් ටිකක් දුරට අඩු වෙලා ගිහින්. මේ සීතල නිසා ජිවිත හානි පවා සිද්ධ උනා. සීතල නිසා මිනිහෙක් මැරෙන්න පුළුවන් කියන දේ තේරෙන්නේ මේ වගේ වෙලාවක එලියට බැහැලා බැලුවම තමයි. ඒක ඉතින් විඳලම බලන්න ඕන. එස්කිමෝලා කොහොම ඉන්නවද මන්දා.

මේ තියෙන්නේ කැනඩාවේ කොහේ හරි ගනිපු පින්තූරයක්. හිම වගේ නෙමෙයි අයිස් අන්තිම දරුණුයි.



දැන් ඉතින් කට්ටියට කුතුහලයක් ඇති වෙලා ඇති එක පාරම මෙහෙම උනේ මොකද කියලා. එහෙම කුතුහලයක් ඇති උනේ නැති අයට පහළ ටික නොබලා සතුටින් විසිර යන්නත් පුළුවන් :) නැත්නම් ඔන්න ඔහේ කියවලම යන්නත් පුළුවන්.



                                                                ~~~~~~~~~~~~~~~~

මෙන්න මේකයි වෙලා තියෙන්නේ...

සාමාන්‍යයෙන් උත්තර සහ දක්ෂිණ ධ්‍රැව වල තියනවලු ධ්‍රැව සුලි කියලා ජාතියක්. ධ්‍රැව වලට ඉහල වායු ගෝලයේ සුළියක් විදියට වේගයෙන් කැරකෙමින් හමන මේ සුළං ඉතාමත් සීතල බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

                   
             

ඔය ආර්ක්ටික් එයාර් කියලා තියෙන්නේ ඒ ධ්‍රැව සුලිය තමයි. ඔය සුළිය නිරතුරුවම ආර්ක්ටික් කලාපයට ඉහලින් කැරකෙමින් තිබුනත් ඒකෙන් ඇමරිකාවට කරදරයක් නැහැ. හැබැයි මේ පාර තත්ත්වය ටිකක් වෙනස් වෙලා. මේ පාර ඔය නිල් පාටින් සලකුණු කරලා තියන රවුමේ වපසරිය ටිකක් වැඩි වෙලා. ඒ සීතල ධ්‍රැව සුලිය ඇමරිකාව ඉහළ අහසත් අයිති කරගෙන. ඒ නිසා තමයි අධික ශීතලක් ඇති වුනේ.

ඉතින් ඒ ධ්‍රැව සුළිය  ඒ විදිහට තමන්ගේ බල ප්‍රදේශය වැඩි කරලා තියෙන්නේ ඇයි කියලා හිතන්න පුළුවන් ද?

විද්‍යාඥයින් දැනට දරන මතයක් තමයි මෙය Global warming හි අතුරු ඵලයක් බව. ග්‍රීෂ්ම කාලයේදී උණුසුම නිසා ආක්ටික් වෘත්තය ආසන්නයේ ඇති ග්ලැසියර වැඩි ප්‍රමාණයක් දිය වී යනවා. එවිට පොළව වසාගෙන ඇති අයිස් තට්ටුව සැලකිය යුතු තරමකට අඩු වෙනවා. ශීත කාලය පැමිණි පසු ආක්ටික් ප්‍රදේශයට වැටෙන හිරු එළිය නැවත පරාවර්තනය වීමත් ඒ හා සමානවම අඩු වෙනවා (හිරු එළිය පරාවර්තනය කිරීමේ හැකියාව ඇත්තේ අයිස් තට්ටුවට නිසා). එනිසා හිරු එලිය වැඩි ප්‍රමාණයක් ජලය මත පතිත වීම හේතුවෙන් වාෂ්පීකරණය වැඩි වී අර කලින් කියපු ධ්‍රැව සුළියේ පීඩනය වෙනස් කරනවා.

මම කලින් කිව්වනේ ධ්‍රැව සුළිය ඉතාමත් වේගයෙන් කැරකෙමින් තියෙන්නේ කියලා. මේ පීඩන වෙනස හේතුවෙන් සිද්ධ වෙන්නේ එහි වේගය අඩු වෙන එක. ඔයාල දැකල තියනව නේද  අයිස් ස්කේටින් කරන ලස්සන ගෑල්ලමයි? අර බඹර වගේ කැරකෙන්නේ...අන්න එහෙම එක්කෙනෙක් ඉනට අත් දෙක තියාගෙන කැරකි කැරකි ඉඳලා එක පාරට අත් දෙක දෙපැත්තට විහිදුවාම වේගේ අඩු වෙන හැටි දැකල තියනවා නේද? මෙන්න මේ වගේ...


අර සුලියට වෙන්නේ ඕකේ අනිත් පැත්ත. කැරකෙන වේගේ අඩු වුනාම එයාගේ වපසරිය වැඩි වෙනවා.ආන් එහෙමයි ධ්‍රැව සුළිය ඇමරිකාව පැත්තට විස්තීරණය උනේ.

තේරුනා නේ ළමයිට? :)

ප. ලි.  

ඕන් බලන්න ගහක් අයිස්කරණය වෙලා තියන හැටි. මේක ගත්තේ නම් මේ අවුරුද්දේ නෙමෙයි. අවු. 2 කට විතර කලින්. 



77 comments:

  1. ඊයේ නිවුස් වලට දැක්කා.. මේ පාර අපිට හිම අඩුයි ටිකක් විතර.. ඔක්කොම ඒ පැත්තට ගහගෙන ඇවිත් වගේ..

    ඔන්න ආයෙම මම එක හොදේ.. ;)

    ReplyDelete
    Replies
    1. තාමත් අර තෑගි තරඟය කිරියාත්මක නං අද තෑග්ග මලයට... :)

      Delete
    2. හිම අඩුනම් ලොකු දෙයක්. ඔයාලගේ ඒවත් එක්ක අපිට ඇවිත් වෙන්න ඇති. :)

      තෑගී? හෙට අනිද්දා දීග යන්න ඉන්න අලි කොල්ලන්ට මොන තෑගීද අප්පා?

      Delete
  2. ඔය වගේ සීතලේ ගෙයක් ඇතුලට වෙලා දවසක්, දෙකක් (ඊට වඩා ඕනි නෑ. අනික් අය පව්නේ ) ඉන්ට තිබ්බා නම් හොඳයි කියලා හිතුනා. මම හිටියානම් මගේ ටී-ෂර්ට් දෙකක්ම දෙනවා ...:)

    //තව වෙලාවකට ඇමරිකන් පිටි වගේ, //

    ඇමරිකාවේ ඉතින් ඇමරිකන් පිටි වගේ තමා වැටෙන්ට වෙන්නේ.

    තේරුනා ටීචර්. පොඩ්ඩි නම් ඔන්න අර ගෑනු ලමයි වගේ කැරකිලත් බැලුවා...:D

    ReplyDelete
    Replies
    1. //පොඩ්ඩි නම් ඔන්න අර ගෑනු ලමයි වගේ කැරකිලත් බැලුවා...:D

      කොටට ඇඳගෙන ද ? :D :D :D

      Delete
    2. ai mathaka nadda poddi gedarata inna hati kiyalaa tibbee.. :D

      Delete
    3. ආහ්... දැං මතක් උනේ..
      පොඩ්ඩි මොකද්ද ගන්ඩ පාත් වෙනවා දකපු අහවලා කලන්තෙත් දැම්මා කියන්නේ... :D:D:D:D

      Delete
    4. @හරී,

      මෙයා ඉඳලා, ඉඳලා ඇවිත් තියෙන්නේ මඩ බාල්දියකුත් අරගෙන.:D

      @මධූ,

      ඔව් අනේ එයාට නැමෙනකොට කලන්තේ හැදෙන ලෙඩක් තියෙනවා...:)

      Delete
    5. ඔයා නැමෙනකොට එයාට කලන්තේ හැදෙනවා ??? පුදුම ලෙඩක් නෙහ්.

      Delete
    6. මම නැමෙන කොට එයත් නැමෙන්ට හදනවනේ. ඒකයි ප්‍රශ්නේ. :D :D

      Delete
    7. අහ් එච්චර අවුලක් ඇති ලෙඩක් නෙමෙයි ඕක. බය වෙන්නෙපා.

      ඔව් ඔව් සීතලේ ගේ ඇතුලට වෙලා ඉන්න එකනම් නරක නෑ. කන බොන ජාති එහෙම ඔක්කොම ඇතුලේ තියෙන්න ඕනේ හැබැයි. ආයේ කඩේ යන්න එහෙම තියාගන්න බෑ

      Delete
  3. මට පුදුම ලංකාවෙ ඔහොම අයිස් මිදෙන්නැති එක ගැන. නැත්නම් මෙහෙ අයිස් තියනවනෙ ඇමෙරිකාවට වැඩිය.

    අයිස් ගැන මගේ මතකය බොහොම ඈතට යනවා. අපි පොඩි කාලෙ ගෙවල් වල ෆ්‍රිජ් නෑ. ඉතින් අයිස් කියන්නෙ අපිට මැජික් එකක්. අයිස් ගේන එකම එක්කෙනා මාළු කාරයා. එයාගෙන් අයිස් කැට කෑල්ලක් ඉල්ලගෙන ඒක හෝදලා කාපු හැටි මට අද ඊයෙ වගේ මතකයි. මාලුන්ගෙ පිලී ගද එතකොට අපිට ගඳක් නෙමේ. ඊට වැඩිය වටිනවා අයිස් කෑල්ලක් කන එක. අයිස් කෑල්ලක් කටේ දාගන හාස් හූස් ගගා උඩ පැන පැන කනකොට මාර ත්‍රිල්. අම්මපා එහෙව් කාලයක්. දැන් ගෙදර තියන ෆ්‍රිජ් එකේ අයිස් හදා ගන්න පුළුවන් වුනත් ඒකට වතුර ටිකක් පුරවන්නවත් කාටවත් උවමනාවක් නැති හැටි.

    කෙසෙල් ගෙඩියනම් වෙන්න පුලුවන් කියලා හිතෙනවා. ඩීප් ෆ්‍රීසර් එකේ දැම්මත් ඒ තරමටම නොවුනත් සෑහෙන හයි වෙනවා. කමිස කෑලි වලට කැඩිලා යන එකනම් හරි පුදුමයි. එහෙම වෙයි කියලා හිතා ගන්නවත් බෑ.

    ස්තූතියි සයුරි මිස් වෙනදා වගේම පාඩමක් එක්කම කතාව කියලා දුන්නට. ඉතින් ඕ ගොල්ලන්ට මේ දවස් වල නිවාඩුද ?

    ReplyDelete
    Replies
    1. api iskola yana kale samahara lamai ice bothal genawaa.

      wathura bothale rata defreezer eke dala thiyalaa genath dawasama cool wathura bonawaa.

      Delete
    2. හප්පෝ කූල් වතුර බොන්නවත් අයිස් කන්නවත් මම ආස නෑ. දත් ටික හිරි වැටිලා යනවනේ. මොන ආතල් එකක්ද මන්දා ඒකේ :) කමිසේ කෑලි වලට කැඩෙන එක යූ ටියුබ් එකේ සර්ච් කරොත් හොයා ගන්න පුළුවන්. අපිට දවස් දෙකක්ම නිවාඩු හම්බුනා සෙන්නයියේ. සති අන්තෙත් එක්ක දවස් හතරයි. ඒක තමයි ඉතින් හොඳකට උනේ.

      Delete
  4. ඔව් මේ පාර උත්තරධ්‍රවැයට හොදටම තරහ ගිහින් සිහිල් සුළං ම තමා එවන්නේ... වෙලාවකට ආසයි තමා හිම.. අඩේ මේවා හිම නෙමෙයි යකඩ අයිස් නෙව.. යට දාපු පැහැදිලි කිරීම ඉතා වටිනවා සයුරි

    ReplyDelete
    Replies
    1. ඔව් නේ. හිම නම් ශේප්. අයිස් තමා කේස් :(

      Delete
  5. මේ දිනවල ගස් වටේට අයිස් බැඳිලා වීදුරුවක් ඇතුලේ ගස් තියෙනවා වගේ පේනවාලු. මීට පෙර මෙවැනි දෙයක් ඇතිවෙලා නෑ මම හිතන්නේ මතක ඇති කාලෙක.
    …වෙනදා වගේම හොඳ පැහැදිලිකීරීමක් සයුරී .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි...ඔව් ඔව් හරිම ලස්සනයි අයිස් මිදුනම. මම පින්තූරයක් එකතු කරන්නම් පෝස්ට් එකට.

      Delete
  6. The rich man gets his ice in summer and poor man get his in winter කියලා ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් , තැනිතලාවේ පිහිටි කුඩා නිවස කියන පොත් මාලාවේ කිව්වේ මේක ගැන තමයි

    ReplyDelete
    Replies
    1. අන්න හරි පූමෝ. දැන් තේරෙනවනේ කවුද රිච් කවුද පුවර් කියලා

      Delete
  7. අපිටනං ඉතිං ඕව කොහේ බලන්නද උනත් ඔය තත්වෙට ගොදුරු විච්ච අයටනං එපාවෙනව ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගොදුරු වෙලාම බලන්ට ඕනා.

      Delete
  8. අර උණුවතුර විසික් කරනකොට හැදෙන හිම බලන්න, ලංකාවට ඒ වගේ දවසක් එනකම් මං බලාගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අයිස් ඒජ් එකක් ආවොත් හරි නේද

      Delete
  9. බෝම්බයක් ගැහැව්වා වාගේ... මම ගෙදර හිටියා නං අර විදිහට වතුර උනු කර කරා විසික් කරනවා... මාර ජොලි වැඩක් වාගේ.. !
    ඒ උනාට ඔයාලා සෑහෙන දුකක් විඳිනවා නෙහ්.. !

    ReplyDelete
    Replies
    1. ithin danuth puluwanne wathura unu kara kara wisi karanna

      Delete
    2. එතකොට ඔය වාගේ දුං එන්නේ නෑ නේ :(

      Delete
    3. wathura unu karala fridge eka assata wisikka karanna

      Delete
    4. දුක් විඳිනවාදත් අහලා...

      ෆ්‍රිජ් එක ඇතුලට විසික් කරලා බෑ. සීතල මදි

      Delete
  10. සිතල රටකට යන්න සමහරු දුක් විදිනවා.
    ඔයාල සීතලේ දුක් විදිනවාද.?:D

    ReplyDelete
  11. වතුර උණු කරලා විසි කරන වැඩේ නියමයි. ෂර්ට් එහෙකුත් පුජ කරලා බලනවා මම නම් ^_^  ( මගේ ෂර්ට් එකක් නෙමෙයි වෙන කෙනෙක්ගේ එකක් අනේ) හැක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි දන්නවා ෂර්ට් එක පූජ කරන්න වෙන්නේ කාටද කියලා...හිහි

      Delete
  12. තේරුණා ටීච.... සීතල හිමේ උණුසුම් කතාවක් ලියන්නත් පුළුවන්නෙ.. ලස්සන කවියක් හෙම..

    ReplyDelete
    Replies
    1. ඒකත් පුළුවන් නම් තමයි...මතක් උනේ නෑ නේ ඉතින්

      Delete
  13. මේ පැත්තට එහෙන් මෙහෙන් අයිස් වැස්සක් වැටුනොත් මිසක් හිම බලන්න විසුවියස් දිහා බලන්ට වෙනවා.......සීත නම් ගිය අවුරුදු වලට සාපේක්ෂව අඩුයි....ඔය නිවුස් එක බලද්දි මට මතක් උනේම මීට අවුරුදු ගානකට පෙර හදපු the day after tomorrow :J

    ReplyDelete
    Replies
    1. day after tomorrow මම දෙපාරක් බැලුවා. මට හිතුනේ ඇත්තටම එහෙම උනොත් කියලා. ඒත් 2012 අවුලක් නැතුව ගෙවිලා ගියා නේ :)

      Delete
  14. Global Cooling activated to compensate Global Warming :D

    ReplyDelete
    Replies
    1. and the cause of global cooling was global warming :D

      Delete
  15. නියමයි සයුරි .... එතෙක් මෙතෙක් මම දැකපු හොඳම පැහැදිළි කිරීම තමයි ඔයා ලියපු ටෝර්නාඩෝ පෝස්ට් එක..මේකත් ඒ වගේමයි... දැන් ශීත තත්වේ කොහොමද ...?

    ReplyDelete
    Replies
    1. දැන්නම් ඒ තරම්ම සීතලක් නෑ සහන්. ඇත්තටම මේ පෝස්ට් එකේ ස්තුතිය ඔයාටත් යන්න ඕන. ඔයා නොකිව්වනම් මම මේක ලියයිද කියලත් ෂුවර් නෑ :) බොහොම ස්තුතියි...

      Delete
  16. දකිද්දිත් වෙව්ලනවෝ!

    ReplyDelete
    Replies
    1. ගිනි මැලයක් වත් ගහගන්ටෝ...

      Delete
  17. ////"මොන ((&(%&^$%#$^....."///////// මෙන්නෝ ටීචර් කුනුහරප කියනෝ...! :))

    ස්තූතියි....! සයුරි ඔයාගෙ පැහැදිලි කිරීමට...අර උනු වතුර වීසි කලේ ඔයා නෙමේනෙ...?

    ReplyDelete
    Replies
    1. ////"මොන ((&(%&^$%#$^....."///////// මෙන්නෝ ටීචර් කුනුහරප කියනෝ...! :))

      ඒකනේ බං. එතකොට මේ අපි වාගේ සිස්සයෝ මොනවා නොකියයි ද.. :D :D

      Delete
    2. නෑ නෑ මම ඒ කිව්වේ "මොන මගුලක්ද" කියන එක. ඒ හින්දා සිස්සයෝ කලබල වෙන්න කාරී නෑ.

      නෑ වී අයියා ඒ වීඩියෝවේ ඉන්නේ සුද්දෙක් නේ. මම වතුර විසි කරපු එක වීඩියෝ කරේ නෑ

      Delete
  18. අපූරු පැහැදිලි කිරීම ආයෙ මෙහෙම දෙයක් වෙච්ච ගමන් සයුරිගේ මේ පාඩම සියිට ඒවි. අර වීඩියෝ තත්පර 56 ක් විතර වුනත් උණුවතුර එළියට වීසිකලාම දුං දාන්නේ මේව ලංකාවෙ ළමයි එහෙම දැක්කොත් මහ විනාසයක් කරගනීවි උනුවතුරත් එක්ක සෙල්ලම් කරලා.

    හිම අයිස් බවට පරිවර්තනය වීම තරමක් දුෂ්කර අත්දැකීමක් වුනත් මේවගේ සජීවි අත්දැකීම්
    විඳල තියෙන එකත් එක අතකට හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔය උණු වතුර එක සෙල්ලම් බොහොම පරෙස්සමෙන් තමයි කරන්න ඕන. ලංකාවෙනම් මේක නොකරන තරමට හොඳයි. ඇයි ඉතින් උණු වතුර විසි කරොත් වාෂ්ප වෙන්නේ නැතිව කෙලින්ම කාගේ හරි ඇඟට වැටෙන්න පුළුවන් :)

      Delete
  19. තේරුනා තේරුනා. එතකොට එක්සත් ජනපදේ උතුරු කොටසට වගේම ලෝකෙ වටේම ඔය දේශාංශය කෙලින් පිහිටපු අනිත් රටවලටත් ඔහොමම ඇති.

    ReplyDelete
    Replies
    1. මටත් මුලින් ඕක හිතුනා. හැබැයි වපසරිය වැඩි වීමත් එක්කම ඒ සුලිය ඇමරිකාව පැත්තට විස්තාපනයකුත් වෙලා වගේ. රුසියාවට එහෙම මේක පැතිරිලා නෑ මම හිතන්නේ.

      Delete
  20. ඕක සිද්ධ උනේ ඉරිදා හවස ජංගම දුරකථනයට ආපු මැසේජ් එකකුත් එක්ක.
    matath oya wagema message ekak awaane 1 wenidaa.. :)

    ඉතින් අපිත් ගෙවල් ඇතුලට වෙලා මොකද වෙන්නේ කියලා බලාගෙන හිටියා. එදා රෑ පුරාම වෙලාවකට මල් පෙති වගේ, තවත් වෙලාවකට පුළුන් කුට්ටි වගේ, තව වෙලාවකට ඇමරිකන් පිටි වගේ, අහසින් හිම වැටුනා මදි නොකියන්න.
    marune..

    මේක අත්හදා බලන්න ආස උනත් කරුමෙට කෙහෙල් ගෙඩියක් තිබුනේ නෑ ගෙදර.
    :) langa patha kadekin ganna epaya.

    dan sayurilaa oya seethen berenna pawichchi karapu upakrama monaada?
    e tikath kiwwanam hari.

    ReplyDelete
    Replies
    1. //:) langa patha kadekin ganna epaya.//

      අයි අප්පා කඩේ යන්න එලියට බහින්නේ නැතුව පුලුවන්ද ?

      උපක්‍රම කියලා අමුතු දෙයක් නෑ ඉතින්..ගේ ඇතුලටම වෙලා හිටියා. ගෙවල් උණුසුම්කරණය කරලා තියන හින්දා අවුලක් නෑ .කරන්ට් ගියානම් විනාසයි හැබැයි

      Delete
  21. //තවත් එකක් තමයි ටී ෂර්ට් එකක් උණු වතුරෙන් පොඟවලා එළියේ තියලා තිබුනොත් ඒක යකඩ වගේ හයි වෙනවලු. ඊට පස්සේ ඒක කෑලි කෑලි වලට කඩන්න පුළුවන් ලු

    ඔය මල් පෙත්තක් ද්‍රව නයිට්‍රජන් වල දාල ඊට පස්සෙ මිටියකිං උනත් ගහල කඩන්න පුලුවංලු! :)

    ReplyDelete
    Replies
    1. ආ මරුනේ. අත්හදා බලන්න වටිනවා

      Delete
  22. ඔහොම සෘණ මාපාංකවලට උෂ්ණත්වෙ බැස්සම කම්පියුටරේ Water කියල ටයිප් කලාම වදින්නෙ Ice කියලලු. අපිට ඉතිං ඕක ඇත්තද කියල දැනගන්ට විදිහක් නෑනෙව.

    මේ මැඩම්..එහෙම කරල බලල අපිට කියන්නකො ඒ කතාව ඇත්තද කියල....

    ReplyDelete
    Replies
    1. ඕක ටිකක් භයානක අත්හදා බැලීමක්. සමහරවිට ඔය අයිස් මොනිටරේට සිග්නල් එන වයර් එක ඇතුළෙ හිරවෙලා මොනිටරේ නොපෙනී යන්න ඉඩ තියෙනව.

      Delete
    2. රවී......ඔය කාලෙට අපි අයිස් කඩෙන් ගේන්නේ නැහැ. උඹ කියන විදිහට කම්පියුටර් එකෙන් තමයි කර ගන්නේ.

      Delete
    3. Ice Ice Ice Ice

      හැබෑ නේන්නං :0 මම ටයිප් කරේ Ice කියලා..වැදුනේ Ice කියලා...

      :ඩි

      Delete
  23. අපරාදෙ. මම හිටිය නම් එහෙම අරයගෙ ටී ෂර්ට් එකක් එලියට දාලා බලනව

    ReplyDelete
    Replies
    1. පව් අනේ එහෙම කරන්න එපා

      ඒක නෙමේ සිඳු දැක්කේ කාලෙකට පස්සේ. ආපහු ලියන්න අරගෙනවත්ද

      Delete
  24. අයියෝද අයිස් කිව්වාලු.....හිතාගන්න පුළුවන්...මම මුහුණ දුන් අප්සට්ම ඌශ්නත්වය -12 ස්කොට්ලන්ඩ්..මාර කරුමයක්.
    අනිත් එක +50 ඕමාන්... තවත් කරුමයක්. හැබැය් ශීතලට වඩා ටිකක් ශේප්. දාහක් දේවල් අඳින්න ඕන නැහැ එලියට බහින්න.

    ReplyDelete
    Replies
    1. ඒකනේ...ඉතින් -23 කොහොමද කියලා හිතා ගන්නකො.

      බුදු අම්මෝ +50... :0. මම ඇත විඳපු වැඩිම උෂ්ණත්වේ 44 c

      Delete
  25. ස්තුතියි සයු පැහැදිලි කලාට..මේ නිසා විදුලිය නැති වුනේ නැද්ද? එළියේ මෙච්චර අඩු උෂ්නත්වයක් තියෙද්දි ගෙවල් ඇතුල කොහොමද රත් කරගන්නේ..ඒ ගැනත් ටිකක් කියන්නකෝ..

    ReplyDelete
    Replies
    1. නැහැ රූ, විදුලිය නැති උනේ නෑ. ගෙවල් හීට් කරලා තියෙන්නේ විදුලි හීටර් වලින්. ඉතින් විදුලිය නැති උනානම් දෙයියන්ගේම පිහිටයි

      Delete
  26. ඔහෙ වතුර කියල ටයිප් කරනකොට වදින්නෙ අයිස් කියලද !!

    ReplyDelete
  27. ඔයාට සුබ නව වසරක් වේවා.අපි බ්ලොග් ලෝකෙට හාපුරා කියල එන්නයි මේ මුට්ටිය දැම්මෙ.ඉහ ගහන්න පුළුවන් වෙයිද මන්ද

    ReplyDelete
    Replies
    1. සහ් වනිතා බ්ලොග් එකක් වගේ...බලමු බලමු

      Delete
  28. තව විස්තර ටිකක් ලිව්වනම් හොඳයි වගේ... (අපිට කවදද ඇති වුණේ!) රූ අක්කා කිව්වා වගේ නිවාස උණුසුම් කරන හැටිත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ආන් රූ අක්කට උත්තරයක් දීලා ඇති. වෙලාව හොයා ගන්න එකනේ අමාරු ලහිරු :(

      Delete
  29. ලස්සන අයිස් :) අර අත්හදා බැලීමත් කරන්න වුනා නම් මරු. වීඩියෝ එක නම් ඩවුන්ලෝඩ් කරලා තමයි බලන්න වෙන්නේ. ඒක පසුවට..

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එකත් බලන්නකෝ එහෙනම්

      Delete
  30. අද ආවේ මේ පැත්තට .. ඔයාගේ බ්ලොග් එකටනම් අලුත් නැහැ ... නෙතු කදුළු දියවර කියලත් ලිවුවේ මම තමා .. හැබැයි දැන්නම් සුළග වෙලා ... මම

    ලස්සන අත්දැකීමක් .. ඕක විදින්නත් ඉතින් පිනක් තියෙන්න ඕනනේ ... :\

    අපේ පැත්තේ ඇවිත් යන්න ඒවි කියලා බලාපොරොත්තු වෙනවා .. මෙන්න ලින්කුව ..

    http://sulanganonimsathsara.blogspot.com/2014/02/blog-post_4.html

    ReplyDelete
    Replies
    1. හලෝ සුළඟ...සාදරයෙන් පිලිගන්නවා.. :) ඔව් ඔව් මාත් එන්නම් ඒ පැත්තේ...

      Delete
  31. අපොයි කතා කරන්න එපා. අවුරුදු මෙහේ හිටිය අවුරුදු 14 ටම කෑවේ නෑ මේ වගේ සීතලක්...

    ReplyDelete
    Replies
    1. හිහි...ඒකනේ. අවු 20 ගානකට පස්සෙලුනේ මෙහෙම උනේ.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...