මේ විමලධර්මසූරිය රජතුමා කුඩා කාලයේ පෘතුගීසින් ළඟ ඇති දැඩි වී අධ්‍යාපනය ලැබූ නිසාම ඔවුන් ගැනත් හොඳින් දැන ගෙනයි හිටියේ. ඉතින් ඔවුන් ට විරුද්ධව සටන් කිරීමේදීත් ඒ දැනුම ප්‍රයෝජනවත් උනා. ඒ වගේම මේ රජතුමා බුදු දහමට ලැදි, බෞද්ධයින්ට අනුග්‍රහය දක්වන කෙනෙක් උනා. මහනුවර දළදා මාළිගාව තැනෙව්වෙත් මෙතුමා කියලා ඉතින් හැමෝම දන්නවනේ.
මේ අතරේ සීතාවක රාජධාණියේ උරුමය ගැන ගැටළු ඇති වෙනවා. රාජසිංහ රජුට දරුවන් නැති නිසා ඔහුගේ සොයුරිය (වීදිය බණ්ඩාරගේ වැන්දඹු බිරිය) වන සූරිය දේවියට රජකම හිමි වෙනවා. ඉතින් ඇය කරන්නේ තවමත් ළාබාල වයසේ පසුවෙන ඇගේ මුණුපුරු "නිකපිටිය බණ්ඩාර" ට සිහසුන පවරන එක. මේ හැම දේකටම සහය දීපු තවත් කෙනෙක් තමයි ඉන්දියාවෙන් ආ සන්නාසියෙකු වන "අරිට්ඨ කිංවෙඩු".
නිකපිටියබණ්ඩාර ගේ හමුදාවේ ප්‍රධාන තනතුර අරිට්ඨ කිංවෙඩු ට දීම ගැන කෝප වෙන පනික්කි සහ කුරුප්පු නම් සෙනෙවියන් තමන්ගේ හමුදාත් රැගෙන කෝට්ටේ වෙත යනවා. මේ බල අරගල මැද්දේ කෝට්ටේ දේශ සීමා නැවත අල්ලා ගන්න පෘතුගීසින් සමත් වෙනවා.
අරිට්ඨකිංවෙඩු ගේ මී ළඟ උපාය වෙන්නේ සූරිය දේවි විවාහ කරගෙන සිහසුනේ උරුමය ලබා ගන්න එක. ඒත් සූරිය දේවි ඔහු එළවා දමනවා. මේ නිසා ඔහුත් අවසානයේ පෘතුගීසින්ට සහාය දෙනවා. සීතාවක රාජධානියේ මේ දුර්වල වීමත් එක්කම කෝට්ටෙන් එන දෙනාව සීතාවක රාජධාණිය අල්ලාගෙන මාළිගාව ගිනිබත් කරනවා. පලා යමින් සිටි සූරියදේවී සහ නිකපිටියබණ්ඩාර අල්ලා ගන්නා ඔවුන් නිකපිටියබණ්ඩාර පෘතුගීසීන්ගේ භාරයට පත් කර ගෝවට පිටත් කර හරිනවා. පසුව ඔහු ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබනවා. ලාංකිකයෙක් මුලින්ම විදේශ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබපු අවස්ථාව මේක කියලයි කියන්නේ.
මේ වෙද්දී පෘතුගීසින් යාපනයත් යටත් කරගෙනයි ඉන්නේ. ඉතින් කෝට්ටේ සාහ සීතාවකත් යටත් කරගැනීම නිසා උදම් වෙන ඔවුන්ට මී ළඟට ඕන වෙන්නේ උඩරට යටත් කරගැනීමට. මේ සඳහා ඔවුන්ට හොඳ තුරුම්පුවකුත් තියනවා. ඒ තමා කුසුමාසන දේවිය නොහොත් දෝන කතිරිනා. ඇය ට උඩරට සිහසුනේ උරුමය පියා වෙච්ච කරලියද්දේ බණ්ඩාරගෙන් ලැබිලා තියනවා. අනිත් අතට විමලධර්මසූරිය රජුට සිහසුනට නියම උරුමයක් නැහැ.
පරසිදු කරලියැද්ද - දුව කිරුළිස පැලැන්ද
කුසුමාසන දේවිය දෝන කතිරිනා
ඉතින් දෝන කතිරිනාවත් අරගෙන පෘතුගීසි සේනාව උඩරට බලා යනවා. මේ සේනාව නවත්වන්න උඩරටිනුත් සේනාවක් ආවත් දෝන කතිරිනා දැකීමෙන් පසු ඔවුන් විරුද්ධ වෙන්නේ නැහැ. මෙය දැනගන්න විමලධර්මසූරිය රජු උපක්‍රමශීලී ව පසු බසිනවා. ඉතින් උඩරට රාජධාණියට ඇතුල් වෙන පෘතුගීසින් දෝන කතිරිනා සිහසුනේ හිඳුවා මුළු රටම ඔවුන්ගේ අණසක යටතට ගන්නවා.
පිට නම් ගම් මොකටද - සිංහාසන කුමටද
සෙංකඩගල ඇගෙ රජ මැදුර සමානා
උඩරට රැජිණ ගැන ජනතාව සතුටු උනත් ඔවුන්ට ඇය දකින්නට අවසර ලැබෙන්නේ නැහැ. ඇය ඉන්නේ පෘතුගීසින් ගේ දරුණු රැකවල් මාධ්‍යයේ. ඒ විතරක් නෙමෙයි, ළඟදීම පෘතුගීසියෙක් ඇය අවාහ කරගන්නා බවටත් කතාවක් පැතිරෙනවා. මේ නිසා ජනතාව අප්‍රසාදයට පත් වෙනවා.
කපිතන් දියෝගුගෙන් - දැන කඩු ශිල්ප හටන්
කොන්තය ගෙලේ බැන්ද පරංගි වාඩියේ
කොන්තය ගෙලේ බැන්ද පරංගි වාඩියේ
මිහිරිම හීනයක්ද වසන්ත කාලයේ
මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ලැබෙන්නේ විමලධර්මසූරිය ට. ජනතා සහාය අහිමිව නැවත කොළඹ යන පෘතුගීසි සේනාව දන්තුරේදී වටලා ඉතා දරුණු ආකාරයට පහර දී ඔවුන්ව පළවා හරිනවා.
දෝන කතිරිනා වත් රැගෙන නැවත මහනුවර ට යන ඔහුට විශාල ජනතා පිළිගැනීමක් ලැබෙනවා. ඉතින් දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවිය කොනප්පුබණ්ඩාර ට බිසව වී ඔහුට රජ කිරුළේ ඇති අයිතිය තහවුරු කර දෙනවා.
වාහල ඉලංගමට- ගිය දා දන්තුරේට
අස් පන්තියේ හරඹ දෑහින් දැකලා
දළු ලන වසන්තයට - රොන්සුනු පුරා ලයට
අළුත්ම මලක් වෙලා පිපෙන්න හිතිලා
මේ සිද්ධිය සිංහල ඉතිහාසයේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යක් කියලයි මට හිතෙන්නේ. පෘතුගීසින්ට මුළු රටම නතු වෙන්න ගිය මොහොතක කොනප්පුබණ්ඩාර ගේ ශක්තියත් කුසුමාසන දේවියගේ උරුමයත් එක් වී උඩරට රාජධානියේ අලුත් රජ පරපුරක් තැනීම නිසා එහි ස්වාධීනත්වය තවත් ශත වර්ෂ ගණනාවකට ආරක්ෂා උනා.
මේ වෙච්ච අවනම්බුවෙන් ගොඩ එන්න පෘතුගීසින්ට පත් කරලා එවපු අලුත් නිලධාරියා වන "ජෙරනිමෝ ද අසවේදු" ගේ කුරිරු කම් ගැන අපි ඊ ළඟ ලිපියෙන් කියවමු.
වැදගත් දැනුවත් කිරීමක්.
ReplyDeleteස්තුතියි :)
Delete" ඉතින් උඩරට රාජධාණියට ඇතුල් වෙන පෘතුගීසින් දෝන කතිරිනා සිහසුනේ හිඳුවා මුළු රටම ඔවුන්ගේ අණසක යටතට ගන්නවා."
ReplyDeleteපෘතුගීසීන් මුළු රටම අල්ල ගත්තා කියලා අහලම තිබුන්නෑනෙ. බලනකොට උන් ටික කාලෙකට හරි එහෙම කරලා නේද?
එකනේ බොලේ. ඔය වන්නි ප්‍රදේශ වල ප්‍රාදේශීය පාලකයෝ එහෙමනම් හිටියද දන්නේ නෑ. ඒත් යාපනෙයි කෝට්ටෙ සීතාවක රාජධානියි උඩරට රාජධාණියයි ඔක්කොම අයිති වෙච්ච වෙලාවකුත් තිබිලා තමා. දවස් කීපෙකට හරි.
Deleteඅගනා ලිපියක් සයුරි
ReplyDeleteබොහොම ස්තුතියි :)
Delete,මගෑරුණ එකත් කියවං මයි ආවෙ.
ReplyDeleteරාසිංහ සොහොන තියෙන්නෙ ගුරුගල්ලෙ නේද.
තල්දූව මීවිටිගම්මන පාරෙ අමිතිරිගල හරහ කොලොංපුරේට යන්න පුලුවන් පාරක්.
දෝන කත්තිරිනා කොණප්පු බණ්ඩාර විතරද බැන්දෙ නෑ නේහ්.
මට මතක විදියට වයසට ගිහිල්ලත් ඔය යෝදිට ඉන්න දුනනෙ නෑ නේ මේ මිනිස්සු :-D
රාජසිංහ සොහොනට මමනම් ගිහිල්ලා නෑ මහේෂ්. වයසට ගියත් ඉතින් ඔය රාජ උරුමය කියන එක හින්දා ඔහොම දේවල් සිද්ධ වෙනවා තමා :) බලමුකෝ ඉස්සරහට
Deleteඒක නෙමේ මහේෂ්ට අවන් හලත් මග ඇරිලද මේ දවස්වල?
වාව් මගේ ආසම කතා !
ReplyDeleteඉතිහාස කතා.
හසිත මල්ලීගේ ආගිය කතා ඉස්ස්ර හරිම ආසාවෙන් කියෙව්වේ.
කාලෙකින් ලිපි දැක්කේ නෑ ඒකේ.
කමක් නෑ දැන් ඒ අඩුව පුරවන්න සයුරි ඉන්නවා වගේ !
හප්පේ ඉතිහාස කතා වලට ආස අය දකිද්දි දැනෙන්නේ පුදුම සතුටක්. මේ කතාවත් පටන් අරං දැන් අවුරුදු ගානක් වෙනවා. තාම පතරංග ජාතකේ වගේ ඇදී ඇදී යනවා :) හසිතගේ ඊ අටුවාව එහෙම ඉස්සර මමත් කියෙව්වා. දැන්නම් ගොඩක් පරණ බ්ලොග් නැවතිච්ච තැන්වලමයි. දුකා අයියලවත් තවමත් ලියන එක ගැන සතුටුයි.
Deleteකත්‍යානා අමරසිංහගේ "නිලි වැස්ස" නවකතාව කියෙව්වද?
Deleteදෙවෙනි රාජසිංහ රජ කරපු කාලය එක්ක සම්බන්ධ කරලා ලියපු අපූරුම නව කතාවක්.
ඇත්තෙන්ම අතීත කතා මේ විදිහට ඒ විදිහට හදවතට දැනෙන්න ලිව්වහම මතකයේ රඳෙනවා අනිවාර්යෙන්
අනේ ඒ පොත නම් කියවලා නැහැ. ඒ විදියට පසුබිමෙන් කතාවකුත් එක්ක යන ඉතිහාස කතා හරිම රසවත් තමා. හරියට "සුනේත්‍රා" වගේ
Deleteඅම්මො කෙල්ලෙක් ගිය දුර :D
ReplyDeleteහහා. කෙල්ලෙක් ගිය උඩ කිව්වනං තවත් හරි අලියෝ
Deleteහා සයුරි අක්කේ.. ඉස්සර ඉඳන්ම කියවපු බ්ලොග් එකක සටහනක් වැටෙනවා දකින්නත් සතුටුයි.. (අනික් දෙන්න තුං දෙනාම දැන් ලියන්නේ නෑ නේ - පොඩි කුමාරිහාමි, හිරු, ලෝකෝ ලංකා).
ReplyDeleteදෝන කතිරිනා ගැන කියද්දීම මට මතක් උනේ අර දාලා තියන සිංදුව තමා. ඉස්සර පොඩි කාලේ අප්පච්චි මට ඔය කතාව කියල දෙනවා මට මතකයි. විමලධර්මසූරිය රජ්ජුරුවෝ නොයින්න අපිට උඩරට රාජධානියක් නොවෙන්න ගොඩක් ඉඩ තිබ්බා කියල මට හිතෙනවා.
අක්කට සුභ නව වසරක් වේවා!
හා අඟහරුවෝ. දැකීමත් සතුටක්. අනේ ඔව් අප්පා. ඉස්සර ලියපු අයගෙන් හරිම ටික දෙනයි වගේ දැන් ලියන්නේ. අඟහරු අඩවියෙත් කාලෙකින් මුකුත් දැක්කේ නෑ :p ඒ කතාව ඇත්ත. මටත් හිතෙනවා ඒක ඉතිහාසයේ ගොඩක් වැදගත් සාන්ධිස්ථානයක් කියලා.
Deleteමමත් ආය ලියන්න පටන් ගත්තා.. කෙටි සටහනක් දැම්මා. මේ සතියේ තව එකක් වත් ලියාගන්න බලමු.
Deleteදැක්කා දැක්කා...තව ලියම්කො එහෙනම් :)
Deleteසුබ නව වසරක් සයුරි!
ReplyDeleteරවී අයියටත් සුබ අලුත් අවුරුද්දක් වේවා
Deleteදෝන කතිරිනා උඩරට රැජිණ වෙනවා කියලා කලින් අහලා තිබ්බේ නැහැ නොවැ.
ReplyDeleteමනෝජ්, දෝන කතිරිනා ගැන මම මුලින්ම දැන ගත්තේ ඔය සින්දුවෙන් මම හිතන්නේ...
Deleteකුසුමාසන දේවිය කියන නම හැදුනේ කොහාමද කියලා දන්නවාද සයුරි?
ReplyDeleteඇගේ කතාව අපූරුවට ලියැවුනු පොතක් කියෙව්වා කියා මතකයි ඒත් නම මතක නෑ..!!
රූ...හම්මේ දැකපු කල්. හරිම සතුටුයි. කොහොමද සැප සනීප?
Deleteනම හැදුන හැටි ගැනනම් මතකයක් නෑ රූ. ඔයා දන්නවද? ඒක නෙමේ, බ්ලොග් එකේ අවුරුදු ගානකින් මුකුත් ලියලා නෑ. ලියමුද මොනා හරි?
ලියුමු ලියමු..ඔයා ලියන්න මම පබ්ලිෂ් කරන්නම්!!
Deleteතැන්කූ සයුරි..
ඔය කිව්වේ ඉතින් :) ඇත්තටම මෙන්න මේ වගේ පෝස්ට් එකක් කියවන්න මම තාමත් බලාගෙන ඉන්නවා
Deletehttp://ru-sirini.blogspot.com/2012/07/blog-post_25.html
මම ආසම සිංදුවක් මේක. මම ලියලා පාඩම් කලත් එක්ක ටික කාලෙකට කලින්. ස්වර්ණපාලි කියන ටෙලිනාට්‍යයේ ඉංග්‍රීසි කාලේ උඩරට සිද්ධ වෙච්ච ඛේදවාචක ටික ලස්සනට තියෙනවා. බැලුවේ නැතිනම් බලන්න. දෙරණ යු ටියුබ් නාලිකාවේ තියෙනවා. දැනුත් එකක් යනවා මුතුකුඩ කියළා. එකම අධ්‍යක්ෂක වරයා "ටිකිරි රත්නායක" කරන්නේ, මම නොවැරදීම බලනවා. පුදුම දුකක් ඇති වෙන්නේ ඒ වෙලාවට. පුදුම පාවාදීම් රැසක් සිදු වෙලා තියෙනවා.
ReplyDeleteඒ වගේ ටෙලිනාට්‍ය බලනකොට ඇත්තටම දුකක් දැනෙනවා. ස්වර්ණපාලි ගැන කිව්වට ස්තුතියි. මුතුකුඩ පලවෙනි කොටස විතරක් බැලුවා. ඊට පස්සේ බලන්න උනේ නෑ
Deleteකිව්වට මොකද සයුරී මම නම් ඉංග්‍රීසින්ව අපේ රටෙන් පන්නපු එකාලා එක්ක තියෙන්නේ පුදුම තරහක්. උන් හිටියා නම් අද අපේ රට හොකොං වගේ වත් හැදිලා. කොහොම උනත් අපේ ජාතිය ඒ කාලේ ඉඳලම කරලා තියෙන්නේ රජ උරැමේ තියෙන අයට බැලමෙහෙවරකම් කරපු එක.
ReplyDeleteහ්ම්ම් වැඩේ තියෙන්නේ තාමත් ඒ බැල මෙහෙවරකම් කරන එක ඉවරයක් වෙලා නැති එක නේ.
Delete