Tuesday, October 31, 2017

නොබෙල් ගේ කැමැත්ත

අවංකවම කිව්වොත් මට මුලින්ම තෑග්ගක් ලැබිච්ච දවස ගැනනම් මට මතකයක් නෑ. ඒ කිව්වේ අම්මගෙන් තාත්තගෙන් නැතුව පිට කෙනෙක්ගෙන් තෑග්ගක් හැටියට දෙයක් ලැබිච්ච දවසක් ගැන. මතක අයත් ඇති.

ඉතින් සමහරු ආදරේට දෙන තෑගිත් තියනවා. තරහට දෙන තෑගිත් තියනවා. අපේ අම්මට එහෙම සුරතල් සතෙක් තෑග්ගක් හැටියට දුන්නොත් ඒක බාර ගන්නේ තරහට දීපු තෑග්ගක් විදිහට. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.

ඒ වගේමයි තෑගි කිව්වම භෞතික තෑගි තියනවා. අතට අහු වෙන එව්වා. සාරියක්, බෑග් එකක් එහෙම නැත්නම් චොකලට් එකක් දුන්නොත් අන්න භෞතික තෑග්ගක්. එතකොට අනිත් ජාතිය තමයි අස්පෘශ්‍ය තෑගි. අතට අහු නොවෙන ඒවා. ඒ කිව්වේ හාද්දක්, හිනාවක් වගේ දෙයක්. ඒවත් සමහරුන්ට තෑගි තමයි.

ඉතින් ඔය එක එක විදිහේ තෑගි තිබුනට සාමාන්‍යයෙන් කාටහරි තෑග්ගක් දෙන්නේ  එයා මොනවා හරි දෙයක් achieve කරොත් නේ. එතකොට උපන්දින තෑගි? උපන්දිනේ කියන්නෙත් ඉතින් එක්තරා විදියක achievement එකක් තමා. ඔය විදිහට කාටහරි ලැබෙන්න පුළුවන් හොඳම තෑග්ගක් තියනවා. ඒ තමා නොබෙල් තෑග්ග. ඕක ගැන මම මේ ලඟදි ටිකක් හොයලා බැලුවා නිකමට.




                                                   ~~~~~~~~~~~~~~

ඇල්ෆ්‍රඩ් නොබෙල් ස්වීඩනයේ බිහි වෙච්ච අග්‍රගණ්‍ය රසායන විද්‍යාඥයෙක් වගේම ඉංජිනේරුවෙක්. ඔහු ඉපදුනේ 1833 ඔක්තෝබර් 21 වෙනිදා ස්වීඩනයේ ස්ටොකෝල්ම් (Stokholm) වල. ඔහුගේ ජීවිත කාලය ඇතුළත නව සොයා ගැනීම් 355 කර ඔහු උපයන ධනය අති මහත්. මේ සොයා ගැනීම් අතර "ඩයිනමයිට්" කා අතරත් ප්‍රසිද්ධයි.

නොබෙල් අවිවාහකයෙක් නිසා ඔහුට දරුවන් ඉඳලා නැහැ. ස්වීඩනයේ ඉපදුනත් ඔහු පසුව රුසියාවේත් ප්‍රංශයේත් ජීවත් වෙලා තියනවා. ඔය අතරේ හරි අපූරු වැඩක් සිද්ධ වෙනවා. ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ සොහොයුරා "ලුඩ්විග් නොබෙල්" මිය ගිහින් ඒ ප්‍රවෘත්තිය පත්තරවල පළ වෙනවා.  හැබැයි පත්තර කාරයින්ට පොඩි වැරදීමක් වෙනවා. ඔවුන් හිතන්නේ මිය ගියේ ඇල්ෆ්‍රඩ් නොබෙල් කියලා. ඉතින් පත්තර වල පළ වෙනවා මෙන්න මෙහෙම හෙඩ් ලයින් එකක්.

"මරණයේ වෙළෙන්දා මිය යයි"

කියලා. ඔහුගේ ඩයිනමයි සොයා ගැනීම නිසා මිනිසුන් මරන්න පහසු මාර්ගයක් පෑදුනා කියන අදහස නිසා තමයි එහෙම දෙයක් උනේ. ඉතිං මේක දැකපු නොබෙල් ට මොනවා හිතෙන්න ඇද්ද නේද? ඇත්තටම ඔහු මේ ගැන හරියට හිතුවලු. තමන්ගේ තුන් හිතකවත් නොතිබිච්ච දෙයක් ගැන මෙහෙම චෝදනා එනකොට දුක නැද්ද කාට උනත්. නොබෙල් කල්පනා කළා ලු තමන් ගැන ලෝකයා ට මතක හිටින්න ඕන මේ විදිහට නෙමෙයි, මීට වඩා හොඳ විදිහකට කියලා.  Nobel Price කියන සංකල්පයට පදනම වැටුනේ ඔන්න ඔතනින් කියලයි කියන්නේ.

ඉතින් ඇල්ෆ්‍රඩ් නොබෙල් වර්ෂ 1895 ඔක්තෝබර් 27 වෙනිදා ඔහුගේ අවසන් කැමැත්ත ලියනවා පැරිසියේ දී, මෙන්න මේ විදියට.



සාරාංශය ගත්තොත් ඔහුගේ සොයුරන්ගේ දරුවන්ටත් සේවකයින්ටත් යම් මුදලක් වෙන් කර අවසානයේ ඉතිරි මහා ධනස්කන්දය අරමුදලක් බවට පත් කරන්නත් එයින් වසරක් ගානේ ලැබෙන පොළිය කොටස් පහකට බෙදන්නටත් ඒ කොටස් පහ අංශ පහකින් ලෝකයාට වටිනාම සේවයක් කරන පස් දෙනාට පිරිනමන්නත් ඉල්ලා සිටිනවා. ඒ අංශ පහ නම්,

1. භෞතික විද්‍යාව 
2. රසායන විද්‍යාව 
3. ජීව/වෛද්‍ය විද්‍යාව
4. සාහිත්‍යය 
5. ලෝක සාමය  

මෙයින් සාම ත්‍යාගය විතරක් සංවිධානයකට පිරිනැමීමේ හැකියාව තියනවා. අනෙත් ත්‍යාග ලැබෙන්න ඕනේ පුද්ගලයින්ට විතරයි. මේ ත්‍යාග ප්‍රදානයේදී ත්‍යාග ලාභියාගේ ජාතිකත්වය ගැන නොසළකන ළෙස ඔහු සඳහන් කරනවා. වර්ෂ 2001 දී ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ පරපුරේ මුණුබුරෙක් වෙච්ච "පීටර් නොබෙල්" මේ අරමුදලට තවත් මුදලක් එකතු කරලා මේ අංශ පහට තවත් අංශයක් එකතු කරනවා. ඒ තමා

"ආර්ථික විද්‍යා අංශය".

2009 දී ආර්ථික විද්‍යා අංශයෙන් නොබෙල් තෑග්ග දිනාගත් "එලිනෝර් ඔස්ට්‍රම්" එක්ක වැඩ කරන්න මටත් වාසනාවන්ත අවස්ථාවක් ලැබුණා.

ත්‍යාග ලාභීන් තෝරා ගැනීමේ කාර්යය භාරය ඔහු පවරන්නේ ස්වීඩනයේ විද්‍යායතන කිහිපයකට.

මේ විදියට අවසන් කැමැත්ත ලියන නොබෙල්, ඔහුගේ අවසාන කාලය ගත කරන්නේ ඉතාලියේ Sanremo නගරයේ. 1896 දී ඔහු මිය යනකොට වයස 63 ක්. 

මුල්ම නොබෙල් ත්‍යාග ප්‍රධානය සිද්ධ වෙන්නේ ඉන් අවුරුදු පහකට පස්සේ, 1901 දී. අද වනතුරු ත් මේ උත්සවයේ රැකගෙන ආපු සම්ප්‍රදායන් කිහිපයක් තිබෙනවා. නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ ස්වීඩනයේ උනත් සාම ත්‍යාගය ප්‍රධානය කරන්නේ නෝර්වේ වල. ස්වීඩනයේ නොබෙල් ගේ උපන් නගරයේ අනෙක් ත්‍යාග ප්‍රධානය සිද්ධ වෙනවා. ත්‍යාග ප්‍රදානයෙන් පස්සේ අමුත්තන් 1300 කගේ සහභාගිත්වයීන් සුපිරි මාදිලියේ භෝජන සංග්‍රහයක් පැවැත්වෙනවා.

මේ තියෙන්නේ ඒ උත්සව ශාලාව



  ඔය මැද මේසයක් තියනවා නේද, ඒ තමා රාජකීය මේසය. ස්වීඩනයේ රජ පවුලත් ත්‍යාග ලාභීනුත් ඉඳ ගන්නේ මේ මේසයේ. මේ උත්සවය සරසන්න මල් ගේන්නේ නොබෙල්ගේ අවසාන කාලය ගත කරපු ඉතාලියේ සැන්රෙමෝ නුවරින්.

මේ වෙද්දී ප්‍රදානය කරපු නොබෙල් ත්‍යාග අතරින් අපට හොඳින් මතක හිටින තෑගි කිහිපයක් තියනවා.

1. මාරි කියුරි - භෞතික හා රසායන විද්‍යා අංශ වලින් දෙවතාවකදී. අංශ දෙකකින් ත්‍යාග ලබා ගත්  එකම පුද්ගලයා ඇය ලු. පවුලක් වශයෙන් වැඩිම නොබෙල් ත්‍යාග ගණනක් ලබාගෙන තියෙන්නෙත් මාරි-පියරි කියුරි පරම්පරාව ලු (ඔවුන්ගේ දියණියත් ඇතුළුව). තෑගි ගණන 5 ක්.


2. මලාලා යුසෆ්සයි - මලාලා ගේ කතාව නම් හැම දෙනාම දන්නවා. ඇය තමයි ලා බාලම නොබෙල් ත්‍යාග ලාභියා. ඇයට නොබෙල් සාම ත්‍යාගය ලැබුනේ අවු. 17 දී.

3. ඇල්බට් අයින්ස්ටයින් - භෞතික විද්‍යා අංශය. 1921 දී.

4. නෙල්සන් මැන්ඩෙලා - සාම ත්‍යාගය. 1993 දී.

5. තෙරේසා මවු තුමිය - සාම ත්‍යාගය. 1971 දී.

මහත්මා ගාන්ධි ත්‍යාගය සඳහා පිට පිටම යෝජනා උනත් ඔහු මිය යන්න කලින් ඒක ලැබෙන්නේ නැහැ. මිය ගිය කෙනෙක් ට නොබෙල් ත්‍යාගය ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔහු මිය ගිය අවුරුද්දේ (1948) කිසිම කෙනෙක්ට සාම ත්‍යාගය ලබා දුන්නේ නැහැ ලු.

මේ ලිස්ට් එකට තවත් එකතු කරන්න පුලුවන්නම් කමෙන්ට්  කරන්න කියලා ඉල්ලනවා.

ඔන්න ඔහොමයි ඉතින් නොබෙල් තෑග්ගේ කතාව.

ඇල්ෆ්‍රඩ් නොබෙල් හිතුවා වගේම අපිට එයාව මතක තියෙන්නේ ඩයිනමයිට් නිසා නෙමෙයි නේද? :)


25 comments:

  1. සරලව රසවත්ව..

    නොබෙල් මහත්තයාට පේටන්ට් 350 කට අධික සංඛාවක් තියෙනවා. ඒ වගේම මේ අරමුදලට ඔහු ලබා දුන් මුදල දළ වශයෙන් ඩොලර් මිලියන දෙසිය පනහක් වත් වෙනවා අද කාලේ හැටියට..

    තමන්ට ලැබුණ නොබෙල් ත්‍යාගය විවිධ හේතුමත විකුණපු අයත් ඉන්නවා. මට මතක විදියට පහුගිය අවුරුද්දේ වගේ..

    ReplyDelete
    Replies
    1. නොබෙල් තෑගී විකුණන එකනම් හරිම ශෝකජනකයි අප්පා. අයි එහෙම කරලා තියෙන්නේ

      Delete
  2. මේ වටිනා ලියමනට ස්තූතියි සයුරි! ඩයිනමයිට් සහ නොබෙල් සම්මානය අතර තියෙන මේ සම්බන්ධතාවය ගැන මම මුළින්ම ඉගෙනගත්තේ ශිෂ්‍යත්ව පන්තියේ ගුරුතුමියගෙන්.

    මේ මම දන්නා තවත් නොබෙල් සම්මානලාභීන් කීපදෙනෙක්. වැඩි විස්තර අන්තර්ජාලයෙන් හොයාගත්තා.
    අවුන්සාන් සුකී - 1991 නොබෙල් සාම ත්‍යාගය
    කණිටු මාටින් ලුතර් කිං - 1964 නොබෙල් සාම ත්‍යාගය
    ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං - 1945 ජීව විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් සම්මානය (පෙනිසිලින් සොයාගැනීම වෙනුවෙන්.)
    අර්නස්ට් හෙමිංවේ - 1954 නොබෙල් සාහිත්‍ය සම්මානය
    ටෝනි මොරිසන් - 1993 නොබෙල් සාහිත්‍ය සම්මානය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිත්තමී ලිස්ට් එකට තවත් එකතු කලාට. මාටින් ලුතර් කින් වෙනුවෙන් නිවාඩු දවසකුත් තියනවා නේ මෙහෙ.

      Delete
  3. ඔය අරමුදල කොහෙද යොදවලා තියෙන්නේ කියලා අදහසක් තියනව ද ? කාලෙන් කාලෙන් වෙන් ආර්තික හැල හැප්පිලි එක්ක ඕකට බ්ලපෑමක් වෙන්නෙ නැද් ද ?

    ස්තූතියි සරලව කතාව පැහැදිලි කරලා දුන්නට සයුරි මිස්..

    ReplyDelete
    Replies
    1. නොබෙල් ආයතනය තම මුදල් බොහෝ තැන් වල ආයෝජනය කරමින් තව ගිණුම තර කරගන්නවා. ෂෙයා මාර්කට් එකටත් යනවා.. මං දන්න තරමින්

      Delete
    2. ඔය ඉන්වෙස්ටින් කියන සබ්ජෙක්ට් එකනම් මට තේරෙන්නෙම නෑ. එක හරියට දන්නවනම් සෑහෙන හම්බ කරන්න පුළුවන් මම හිතන්නේ. නොබෙල් අරමුදලනම් තිතට ඉන්වෙස්ට් කරලා ඇති ඔය කියන විදියට

      Delete
  4. නොබෙල් තෑග්ග ගැන නොදන්න විස්තර වගයකුත් කියලා දුන්නට ටීචර්ට තැන්ක් යු...!

    ReplyDelete
    Replies
    1. යූ ආර් වෙල්කම් දරුවා

      Delete
  5. ඔහුට සම්බන්ධයක් ඇති Akzonobel ආයතනයේ එක අංශයක මමත් කාලයක් වැඩ කලා...

    මේ සරළ විස්තර සැපයුමට ස්තුතියි සයුරි...

    ReplyDelete
    Replies
    1. හප්පේ එහෙමද :) නියමයි නේ

      Delete
  6. වටිනා ලිපියක් ස්තූතියි

    ReplyDelete
  7. මම ඔහු ගැන අසා තිබුනට ඔහුව නෝබෙල් තෑගි අරමුදල පිහි‍ටුවීමට පෙලඹවූ අර පුවත්පත් වාර්තාව ගැන අහලා තිබුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. මමත් දැනගෙන හිටියේ නෑ අප්පා

      Delete
  8. ඉතාම වටිනවා සයුරි ඉතිම වටිනවා ස්තුතියි සයුරි

    ReplyDelete
  9. සයුරියෝ මමස්ටොල්හෝම් ගිය වෙලේ ඔය තැනට ගිහින් තියෙනවා දිනපතා නරඹන්නන්ගෙන් පිරි ඉතිරි යන තැනක්....

    ReplyDelete
    Replies
    1. ශා මරුනේ කිඹුලී. නොබෙල් ව භුමදානය කරපු තැනටත් ගියාද

      Delete
  10. ස්තූතියි....සයුරි....:)

    ReplyDelete
    Replies
    1. යූ ආර් වෙල්කම් රවී අයියා :)

      මන් කල්පනා කරේ එකට සිංහල වචනයක් තියද කියලා

      Delete
  11. දන්නවද, හිට්ලර් නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ උනා කියල..?

    ReplyDelete
    Replies
    1. ඔහොම එකක් ලාවට වගේ මතකයි. ඇත්තද දන්නේ නෑ

      Delete
  12. බොහොම වටිනවා.ස්තුති.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...