Thursday, December 8, 2011

නාසා විසිතුරු


මිට දශක ගණනාවකට කලින් හඳ අල්ලපු රටේ විතරක් නෙමෙයි, ලෝකයේ එවකට බලවත් රටවල් කිහිපයකම ප්‍රධාන ඉලක්කය වෙලා තිබුණේ හඳ ඇල්ලීම කියලා කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. මේ  හීනය සඵල කර ගැනීමේ ආසාව නිසාම ඒ වටා ගොඩ නැගුණු තාක්ෂණික දියුණුව, තරඟකාරීත්වය (විශේෂයෙන්ම වසිලීස්සගේ රටත් එක්ක) මේ රටවල් වලට නව මුහුණුවරක් / පිබිදීමක් ගෙන දුන්නා. ඒ කාලේ ඇති වුනු සීතල යුද්ධයටත් මේ කාරණය දායක වෙන්න ඇති.

කොහොම නමුත් මේ ලිපියෙන් මම කියන්න යන්නේ හඳ ගැන කතා කරද්දී කතා නොකරම බැරි නාසා ආයතනය බලන්න ගිය ගමනක් ගැන. නාසා මධ්‍යස්ථාන කිහිපය අතරෙන් ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි "කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය" නරඹන්න තමයි අපිට අවස්ථාව ලැබුනේ. අක්කර ගානක විශාල ප්‍රදේශයක් පුරාවට ආයතනයේ ගොඩනැගිලි, ප්‍රදර්ශනාගාර, යානා අභ්‍යවකාශගත කරන ස්ථාන, ගබඩා, අභ්‍යවකාශ යානා ප්‍රවාහනය කරන වේදිකා වැනි අමුතුම මාදිලියේ වාහන සහ තවත් බොහෝ දේ විසිරිලා තිබුණා. මේවා බලන්න තැනින් තැනට අපිව අරගෙන ගියේ මෙන්න මේ වගේ බස් රථ වලින්.



ඇතුල් වෙන දොරටුව



මේ පහළින් තියෙන්නේ ඔවුන්ගේ ප්‍රධාන ගොඩ නැගිල්ලක්. ඒක ඇතුලටනම් සාමාන්‍ය ජනතාවට යන්න දෙන්නේ නැහැ. ඔය බිල්ඩිමේ ඇඳලා තියන කොඩිය තමයිලු විශාලම පින්තාරු කළ ඇමරිකන් කොඩිය.



ඇතුලත භූමි දර්ශනයක්



ඔන්න මේ තමයි අපි දැකපු වැදගත්ම දේ. ඇපලෝ 18 මෙහෙයුම යටතේ අභ්‍යවකාශ ගත කිරීම සඳහා අවසානයට තැනූ සැටර්න් V යානාව. මේකේ සම්පුර්ණ පින්තුරයක් ගන්න එකනම් අමාරු වැඩක්.



ඉතින් මේක මේ ප්‍රදර්ශනයට තියල තියෙන්නේ හඳට ගිහින් ඇවිත් එහෙම නෙමෙයි. හඳට යන්න හිටපු ගමන කැන්සල් කරපු නිසා තමයි මේ යානය අපිට දැක බලා ගන්න ඉතුරු වෙලා තියෙන්නේ. හඳට ගියානම් මේ යානාවේ ඉතුරු වෙන්නේ යානයේ මුහුණ කොටස විතරයි. ඔය අපිට පේන කොටස් දෙක වගේ තවත් කොටස් ගණනාවක් හඳට යන අතරමගදී ගැලවිලා ඉවත් වෙනවලු  (පින්තුරේ පේන්නේ නැහැ සම්පුර්ණ කොටස් ටික). ඒ කොටස් භාවිතා කරන්නේ ඉන්ධන ගෙනියන්න. ඉතින් ඉන්ධන ඉවර වෙද්දී ඒ තෙල් ටැංකිත් උස්සගෙන යන එකේ තේරුමක් නැහැනේ. ඒ නිසා ඒවා අභාවකාශයට අත අරිනවලු.

ඉතින් ඇමරිකාව හඳ අල්ලන සිහිනය සැබෑ කර ගත්තේ ඇපලෝ 11 මෙහෙයුම යටතේ, 1969 ජුලි 20 වෙනිදා "නීල් ආම්ස්ට්‍රෝන්ග්" හඳ මත පා තැබූ ප්‍රථම මිනිසා බවට පත් වීමත් සමගම. ඒ වෙද්දී ඇමරිකාවෙන් වගේම රුසියාවෙනුත් මිනිසුන් රහිත යානා හඳට ගොඩ බස්වා තිබුනත් මිනිසෙකු හඳට ගිය ප්‍රථම අවස්ථාව තමයි මේ.   ඔහු සමග ගමනට එක් වුනු "එඩ්වින් ඕල්ඩ්‍රින්" දෙවනුවට සඳ මත පා තැබුවා. ඔවුන්ගේ අනෙක් ගමන් සගයා "මයිකල් කොලින්ස්" ට යානයෙන් එලියට එන්න අවස්ථාව ලැබුනේ නැහැ. ඔහුගේ කාර්ය භාරය උනේ අනිත් දෙන්නා පැමිණෙන තුරු යානයේ ඉඳගෙන චන්ද්‍රයාගේ කක්ෂය වටේ කැරකෙන එක.

මේ විදියේ කණ්ඩායම් 6 ක්, එනම් 18 දෙනෙක් හඳට යන්න වාසනාවන්ත උනා. එයින් හඳ මත පා තැබුවේ 12 දෙනයි. ඉතිරි 6 දෙනා ට පැවරුණේ මයිකල් කොලින්ස්  කරපු රාජකාරිය. අවසාන වතාවට මිනිසුන්ගේ හඳ ගමනක් සිද්ද උනේ 1972 දී (ඇපලෝ 17 මෙහෙයුම). ඉන් පස්සේ ඇපලෝ 18 අහෝසි කරාට පසු නැවත හඳේ පා තැබීමක් සිද්ධ වෙලා නැහැ. එක අතකට මෙච්චර වියදමක් දරලා අජීවී හඳේ පය තියලා නිකන්ම ආපහු එන එක තේරුමක් නැති වැඩක් කියලා හිතෙන්න ඇති.  ඔන්න ඔහොමලු ඉතින් මිනිසුන්ගේ හඳ ගමන අවසාන උනේ.

නාසා බලන්න යන අයට අවස්ථාව තියනවා ඔය විදියේ රොකට් සිමියුලේටරයක් ඇතුලට ගිහින් අභ්‍යවකාශ ගමනක අත්දැකීම කෘතිමව ලබා ගන්න. ඒකනම් ඇත්තටම ආස හිතෙන අත්දැකීමක්. ඒ වගේම යානයක් අභ්‍යවකාශගත කරන දවසක නම් ඒක නරඹන්නත් අවස්ථාව ලබා දෙනවාලු.

මට තවත් කියන්න ඕන වුනු කාරනාවක් තමයි මේ නාසා කෙනඩි ආයතනය ෆ්ලොරිඩා වල පිහිටවන්න හේතුව. බලන්නකෝ ඇමරිකා සිතියමේ ෆ්ලොරිඩා තියන තැන. ඔය තැඹිලි පාටට තියෙන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තය. එකෙත් තුඩුව කොනේ මුහුදට ආසන්නයේ තමයි නාසා එක පිහිටලා තියෙන්නේ.



ඔය පිහිටීමට හේතු කීපයක් තියනවා. එකක් තමයි එතන සමකයට ආසන්නම තැනක් වීම. සමකය ආසන්නයේදී පෘතුවිය මතුපිට රේඛිය ප්‍රවේගය අනෙක් තැන් වලට වඩා වැඩියි නේ. ඒ නිසා අඩු ඉන්ධන ප්‍රමාණයක් යොදා ගෙන යානා වලට පෘතුවි ගුරුත්වයෙන් මිදෙන්න පහසු වෙන විදියට තමයි මෙතන තෝර ගෙන තියෙන්නේ.

ඒ වගේම මුහුද අයිනක් තෝරාගෙන තියෙන්නේ යානා අභ්‍යවකාශ ගත කිරීම් නිසා මිනිසුන්ට වෙන හානි අවම කරන්න. මුහුද අයිනේ ඉඳන් මුහුද පැත්තට බර වෙන්න යානාව නිදහස් (ලෝන්ච්) කරාම ඒක කඩා වැටුනත් වැටෙන්නේ මුහුදට.

දැන් ඔයාලට අහන්න පුළුවන් ඇයි එහෙනම් මිට සමාන්තරවම බටහිර වෙරළේ (කැලිෆෝනියා) පැත්තට වෙන්න මේක හදන්න බැරි උනේ මොකද කියලා. එතකොටත් පැසිෆික් සාගරේට බර වෙන්න යානා නිදහස් කරන්න පුළුවන් නේ. හැබැයි එහෙම කරොත් ලොකු පාඩුවක් වෙනවා. ඒ තමයි අර කලින් කියපු පෘතුවියේ භ්‍රමණය නිසා ලැබෙන ප්‍රවේගයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වීම. මොකද පෘතුවිය  කැරකෙන්නේ වාමාවර්තව. අපි පෙරදිග දිශාවට යානය නිදහස් කළොත් විතරයි ඒ ප්‍රවේගයෙන් වැඩක් ගන්න ලැබෙන්නේ. බටහිර පැත්තට නිදහස් කරන්න ගියොත් වෙන්නේ පාඩුවක්.

ඔන්න ඔය විදියට හොඳට හිතලා මතලා තමයි මේ ස්ථානය ඔය වැඩේට තෝර ගෙන තියෙන්නේ :)

ඔන්න එහෙනම් නාසා විස්තරේ අවසානයි....

52 comments:

  1. අහා... නියමයි නේ අක්කි..ආසවක් තිබුණත් මම ගියොත් ඉතින් හීනෙන් තමයි.. :O

    ReplyDelete
  2. ඔයා නම් හරි වාසනාවන්තයි. අපිට විස්තර කිව්වට හුගක් ස්තූතියි. මම අද නිදා ගනිද්දී නාසා නාසා කිය කිය නිදියනවා. එතකොට ෂුවර් එකටම හිනෙන් යන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  3. ශඃ ශඃ! නියම ලිපියක්නෙ! හෙණ තෑන්ක්ස්! :D

    (මටනං ෂුවර් නෑ කට්ටිය හඳට ගියාමද කියල! හරි ඉතිං ගියත් මොකෑ! :D)

    ReplyDelete
  4. අක්කා නම් හරි වාසනාවන්තයි,මගෙත් පොඩි කාලේ ඉදන් හිතේ තියෙනවා නාසා ආයතනය බලන්න යන්න පුළුවන් වෙන්න ඕන කියන හීනයක්..
    පොඩි කාලේදී නම් නාසා ආයතනයට ලියුම් යවලා සද ගමන,නාසා ආයතනය,රොකට් ගැන තියෙන ලොකු පාර්සලයකුත් ලැබුනා..ඒක තාමත් මගේ ගාව තියෙනවා :)

    ReplyDelete
  5. //නාසා බලන්න යන අයට අවස්ථාව තියනවා ඔය විදියේ රොකට් සිමියුලේටරයක් ඇතුලට ගිහින් අභ්‍යවකාශ ගමනක අත්දැකීම කෘතිමව ලබා ගන්න. ඒකනම් ඇත්තටම ආස හිතෙන අත්දැකීමක්.//

    මේ ටික කියෙව්වම නම් සයුරි ගැන මාර ඉරිසියාවක් ආවා... නාසා එකට යන්න තියේ නම් මම මාසයක් හරි නොකා නොබී හතර වටේම ඇවිදලා බලලා එනවා අප්පා... ඒ තරම් මම ඔය විශයයට ආසයි.

    මං පොඩි කාලේදි කවුරු හරි ඇහුවොත් ලොකු වුනාම කවුරු වෙන්නද කැමති කියලා, මම කියලා තියෙන්නේ රොකට් එලවන්න කියලලු. ඒත් ඉතින් එලවන්න වුනේ කඩදාසි රොකට් විතරයි !!!

    නියම ලිපියක් සයුරි... ඔබ වගේ චාරිකා සටහන් ගොඩක් වටිනවා... මට නම් මේ විස්තර මදි... ඒත් හොඳ ලිපියක්... ස්තුතියි !!!

    ReplyDelete
  6. අනේ ඔයා හරි වාසනාවන්තයි.. මගේ සිහිනයක් තමා නාසා එක බලන්න යන එක..
    මේ ලිපියත් හරිම වැදගත්.. බොහෝම ස්තූතියි මෙහෙම දෙයක් අපි එක්ක බෙදා ගත්තාට.. :)

    ReplyDelete
  7. ගිය අවුරුද්දෙ ෆෝල් එකේ අපිත් ගියා නාසා එකට හබැයි අපි ගියේ ටෙක්සාස්වල තියන මධ්‍යස්තානයට. වැඩි වෙනසක් නෑ මේ වගේම තමා. එතන සිද්ධවුනේ ෂටල් පාලනය කරන එක තමා ප්‍රධාන වශයෙන්ම.

    ReplyDelete
  8. අක්කේ මාරයි නේ... සිරාවටම ගියාද.... මට පට්ට ආසයි ඔක බලන්න, චාන්ස් එකක් නැනේ... අක්කේ එ ගොල්ලන්ගෙන් පොත් ගෙන්න ගන්න බැරිද?

    ReplyDelete
  9. මටත් කවදා හරි යන්න ඇත්නම්,,,

    ReplyDelete
  10. ඇත්තෙන්ම සයුරි හුඟාක් වාසනාවන්තයි මේ වගේ බොහෝම වැදගත් තැනක් බලා කියා ගන්න ලැබිච්ච එකට...ඒ විතරක්ද.... ඊ මේල්වලින් විතරක් දැන ගත්ත දේ සයුරියේ අද්දැකීම් වලින් අපිත් එක්ක බෙදා ගත්ත එක මොනතරම් දෙයක්ද .... බොහෝම ස්තුතියි...

    ඔය හඳ අල්ලපු documentary එකක් දිල් මේ දවස්වල බොහෝම ආසාවෙන් බලනවා... ඒකෙන් නම් කියවෙන්නෙ ඔය හඳ අල්ලපු රටට කලින් හඳ අල්ලන්න යන්න ඉදලා තියෙන්නෙ වසිලීස්සගේ රටේ උදවිය..ඒත් ඉතින් මේ කට්ටිය ඉක්මනට ගිහින්ලු...

    ReplyDelete
  11. මදැයි.. w කෝණික ප්‍රවේගෙකිං පෘථිවිය කැරකෙද්දි ඉතිං උපරිම ලක්ෂීය ප්‍රවේගෙ ලැබෙන්නේ සමකෙ උඩ නම් තමා.. v=rw ද කොහෙද නේ.. ඉතිං අපි ලංකාවෙ හදමුකෝ හොද මධ්‍යස්ථානයක්.. අපිත් ඉන්නේ r(max) = සමකෙට ආසන්නෙන් නේ.. අනික අපෙත් වටේ මහ මුහුද නේ.. පොඩි කේස් එකක් තියෙන්නේ වැඩේ වැරදුනොත් යානෙ ඉන්දුනීසියාවෙ නතර වෙයි ද කියන එක තමා.. ඒත් මේ යන හැටියට ලෝකෙ කවදා හරි අනිත් පැත්තට කැරකුනොත් නම් අපිට මාර වාසියි නේ.. ඇයි ඉතිං අපිට ලොකේෂන් මාරු කරන්න ඕන වෙන්නෙ නෑ නෙ.. මොකද අපි පුංචි දූපතක් නේ.. හෙ.. හේ...

    ඇත්තෙන්ම කිවුවොත් ටිකක් ඊරිසියයිත් වගේ..
    ඒත් ඉතිං ජීවිතේ නැති වෙච්ච දේවල් හැටියට මේක මොකක්ද... :)

    ReplyDelete
  12. අනේ අපට කොයින්ද මේ වගේ වාසනාවක්...නියම විස්තරයක්......

    ReplyDelete
  13. ෂා... ඔයා සෑහෙන්න වාසනාවන්තයිනෙ.අපි අතාරින කුනු නිසා අභ්‍යවකාශෙ ඔහොම ගිහින් සෑහෙන දූෂණය වුන එකක් වේවි. :((

    ReplyDelete
  14. 'නාසා' එක ගැන කියවල තිබ්බෙ ක්ලයිව් කස්ලර් වගේ අයගෙ පොත් වලින් විතරයි, ඔන්න අද 'නාසා' එක දැකපු සිංහල ලේඛිකාවකගේ ලිපියක් කියවන්න පළමු වතාවට ලැබුන, තෑන්ක් යූ.
    මම කාලෙකට ඉස්සර දැකල නැති 'නාසා' සයන්ටිස්ට් ල ගැන ලියූ ලිපියක් වෙලාව තියේ නම්, කැමති නං,මේ ලින්ක් එකෙන් ගිහිං බැලියෑකි.

    ReplyDelete
  15. අනේ හරිම ශෝක්,, අක්කි ගොඩාක් ලකී..

    ReplyDelete
  16. අඩේ නියම පෝස්ට් එක ආ.

    ReplyDelete
  17. මටත් ආසාවක් තියෙනවා ඇමරිකාව පැත්තේ ඇවිත් යන්න.. බලමුකෝ වාසනාව තිබුනොත්..

    ReplyDelete
  18. @ චතුමිතු : හපොයි එහෙම හිතන්න එපා නගෝ...කවුද දන්නේ අනාගතේ ගැන :)

    @ බට්ටි : ඔන්න ඔයාටත් කියන්න තියෙන්නේ චතු ට කිව්ව දේම තමයි බට්ටියෝ :))

    @ තනි අලියා : හඳට ගියාද නැද්ද කියලා හෙන මතවාදයක් ගියා මටත් මතකයි...අන්තිමට මොනවා උනාද මන්දා ඒකට...

    @ චම්මා : ඔන්න මම ප්‍රාර්ථනා කරනවා මල්ලිගේ හීනේ සැබෑ වෙන්න කියලා....ෂා මරුනේ මටත් ආසයි ලියුමක් යවලා බලන්න :)

    ReplyDelete
  19. @ චතුරංග : ස්තුතියි ඔයාට...හැබැයි මෙහෙම දේකුත් තිබුණා...අපි හිතාගෙන ගිය තරම්ම ගමන සාර්ථක උනේ නැහැ...ගොඩක් දේවල් සාමාන්‍ය අයට බලන්න දෙන්නේ නැහැ නේ...එයාලගේ ඉදි කිරීම්, පාලන මැදිරි, පර්යේෂණ කුටි, මේ වගේ බලන්න ආස ගොඩක් දේවල් බලන්න දෙන්නේ නැහැ...:(

    @Red Riding Hood : ඔන්න ඔයාගෙත් සිහින සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා :)....ස්තුතියි කමෙන්ටුවට...

    @රෝස කුමාරි : ටෙක්සාස් වල තියන එකේ යානා ගුවන් ගත කිරීම කරන්නේ නැද්ද? ඒක ටිකක් රට මැදට වෙන්න නේ තියෙන්නේ...

    ReplyDelete
  20. @ රහස් : චම්මා කියලා තියෙන්නේ එයාලට ලියුමක් යැව්වම පාර්සලයක් එව්වා කියලා...මම හිතන්නේ ඒ විදියට පොත් ගෙන්න ගන්නත් බැරි වෙන එකක් නැහැ....

    @ දූපත් වැසියා : දූපත් වැසියා මෙහේ ආපු පලවෙනි පාර නේද...සාදරයෙන් පිළි ගන්නවා ඔයාව...

    @ දිල් : ඒක නේ දිල්...වසිලීස්සගේ රටෙන් තමයි මුලින්ම හඳට මිනිසුන් රහිත යානාවක් යවල තියෙන්නේ..මම දන්න විදියට ස්පුට්නික් 1 ද කොහෙද...අන්තිමට එයාලට කලින් හඳට මිනිස්සු යවලා හඳ අල්ලපු රට "හඳ අල්ලපු රට" බවට පත් උනා..

    @ ආගන්තුකයා : මරු මරු..අපි ලංකාවේ හදමු එකක්. ඔයා කිව්ව වගේ කැරකෙන පැත්ත වෙනස් උනත් අපි බේරිලා..හි හි ආගන්තුකයා මිට කලින් මෙහේ ඇවිත් නෑ මම හිතන්නේ...සාදරයෙන් පිළි ගන්නවා ඔයාව..

    ReplyDelete
  21. @ ඔබ නොදු‍ටු ලොවක් : බොහොම ස්තුතියි ඔබ නොදු‍ටු ලොවක්

    @ නිසූ : ඒකනම් ඇත්ත කතාව...අන්තිමට අතන මෙතන තියන කුණු ගොඩවල් ඔක්කොම අභ්‍යවකාශේට ගිහින් දාවිද දන්නේ නෑ...

    @ ඔබ්සර්වර් : බොහොම ස්තුතියි ලින්ක් එකට...අනිවාර්යෙන්ම එනවා කියවන්න :) කමෙන්ටුවටත් ස්තුතියි...

    ReplyDelete
  22. @ වර්ණා : ස්තුතියි නංගා..

    @ සීතල : තැන්කු තැන්කු :)

    @ දිනේෂ් : අනිවාර්යෙන් වාසනාව තියේවි....

    ReplyDelete
  23. සැහ්... මම ඇමරිකාවේ යන්න හැදුව සැරේ සුද්දා වීසා දුන්නේ නෑ නේ... පොඩි කාලේ දැකපු හීන වලින් ලොකුම එක ඕකනේ... ඔයා නම් සිරාවටම ලකී.. කොහොම ද ඔය අවස්තාව ලබා ගත්තේ කියලත් අපිට පොඩ්ඩක් කියනවද.. තව පොටෝ ටිකක පුළුවන් නම් දාන්න

    ReplyDelete
  24. හඳ අල්ලපු රටේ විත්ති දැන ගන්න ලැබෙන එකත් ගොඩක් වටිනවා. අපේ රටේ තියෙන ග්‍රහලෝකාගාරය වගේ කට්ටිය නාසා එක බලන්න එනවැති නේ ? මටත් ආස හිතුනා ඔය යහා ගිහින් එන්න. නාසා එක බලලා ඇවිත් සයුරි අක්කලෑ දිහාවෙන් බත් කාලා යන්න පුලුවන් නේ. :)

    ReplyDelete
  25. ඇයි අනේ නාසා වලට‍ විතරක් ආයතනයක් දැම්මේ? කට, කන, බඩ, බුරිය, වගේ ඒවටත් ආයතන දාන්ඩ තිබුනනේ. නැද්ද මන් අහන්නේ?

    ReplyDelete
  26. @ පැතුම් හේරත් : මේක ඕනෑම කෙනෙකුට විවෘතයි පැතුම්...ටිකට් එකක් ගන්න විතරයි තියෙන්නේ...හැබැයි සීමිත ප්‍රදේශයක් විතරයි අපිට පෙන්නන්නේ...මම බලන්නම් තව පින්තුර දාන්න..ස්තුතියි මේ පැත්තේ ආවට...

    @ මධූ : නැතුව නැතුව...මේ පැත්තේ ආවොත් එහෙම ඔන්න බත් නොකා යනවා නෙමෙයි :p

    @ Anonymous : හි හි...ඒකනම් සිරා කතාව :))

    ReplyDelete
  27. මේකනම් මරු සයුරි..

    ඔය NASA එකේ කට්ටිය 1696 දී කලේ බොරුවක් කියල්ත් මතයක් තියනවා නේද ?

    http://www.youtube.com/watch?v=Y5MVVtFYTSo

    http://www.youtube.com/watch?v=mouUUWpEec0



    අනේ මංදා කව්රු හරිද කව්රු වැරදිද කියලා..

    ReplyDelete
  28. පොඩි වැරදීමක්... 1969 වෙන්ඩ ඕනා....

    ReplyDelete
  29. අම්මෝ මේ වගේ ඒවා දකින කොට ඉතින් එලිෆාස් ඉන් ස්පේස්ට ඉන්ඩ බෑ. අප්පච්චිගෙ බයික් එකේ නැගලා හරි යන්ඩ හිතෙනවා.................

    ReplyDelete
  30. @ සෙන්නා : ඔව් ඒක බොරුවක් කියලත් කාලයක් කතාවක් ගියානේ...කවුරු හරිද දන්නේ නෑ..සෙන්නා වත් සාදරයෙන් පිළිගන්නවා මෙහාට..

    @ එලිෆාස් : එල එල...කොහොම හරි ට්‍රයි කරමු..

    ReplyDelete
  31. හොඳම සටහනක් නාසා ආයතනය ගැන වැදගත් තොරතුරු ටිකක් ස්තුතියි ඔබට

    ReplyDelete
  32. මේ පැත්තට ආවාමයි. ඇඳුම දකිනකොට හිතුවේ ජපන් කතා කියනවා කියලනේ.

    හොඳ විස්තරයක්.

    ඔය පැත්තේ ඇවිල්ලත්, ඔතනට ගිහින් බලාගන්ට බැරි උනු එක ගැන දැන් නම් දුකයි.

    ReplyDelete
  33. @ දයානන්ද රත්නායක : බොහොම ස්තුතියි ඔබටත් මේ පැත්තේ ආවටත්...කමෙන්ටුවටත් :)

    @ පොඩි කුමාරිහාමි : ඔයාව සාදරයෙන් පිළි ගන්නවා පහන්යය ට. පොඩි කුමාරිහාමි ගැන අහලා තිබුනට දැක්කේ නම් අදමයි මම හිතන්නේ :) එහෙනම් කුමාරිහාමිත් හඳ අල්ලපු රටේ ඉන්න කෙනෙක් වගේ පේන්නේ...ස්තුතියි මේ පැත්තේ ආවට

    ReplyDelete
  34. දැන් ඉතින් කවියක් ලියන්න හොද කාලේ මහිතේ.
    ඉතිහාස ලිපි ලීවා. තොරතුරු ලිපි ලීවා. කවි ලිපියක් තමා අඩුව !!!!
    නොතේරෙන කවියක් ලියන්න පුලුවන් නම්.....
    තේරෙන කවි නම් එපෝ !! :)

    ReplyDelete
  35. හරිම වැදගත් ලිපියක්..අද තමා මුලින්ම ඔයාට comment කලේ මතක විදිහට..සුබ පැතුම් සයුරි..

    ඔන්න මමත් ඔයාට වාසනාවන්තයි කියන්න ඕනේ නැහැනෙ..හැමෝම කියල තියෙනවා :-)

    ReplyDelete
  36. @ මධූ : අලේ අදත් රිමයින්ඩර් එක දාලා වගේ මල්ලි..අනිවාර්යෙන් දාන්නම් හොඳේ...තව ටික දවසකින් :)

    @ සිත් රූ සිහින : ඔයාවත් ආදරයෙන් පිළි ගන්නවා පහන්යාය ට..බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් කමෙන්ටුවක් දැම්මට :)

    ReplyDelete
  37. ශා.... සයුරි අක්කි මාර වාසනාවන්තයි නේ.. ස්තුතියි අක්කියෝ විස්තරේට.. :))))

    ReplyDelete
  38. @ අයිස් : ස්තුතියි නංගියෝ :)

    ReplyDelete
  39. ඔව්ව බලන්නත් පින් කොරල තියෙන්නේ ඕනේ සයුරියෝ..

    ජය..

    ReplyDelete
  40. @ ගයාන් : සිංහයා දැක්කේ කාලෙකින් :) බොහොම ස්තුතියි....

    ReplyDelete
  41. ගොඩක් දවසකින් සයුරි මේ පැත්තට ආවේ...ඔන්න එහෙනම් නාසා එකටත් ගොඩ වැදුනා.. ඔයාලට තියෙන වාසනාව අපිට නෑනෙ ඉතින්.. :(

    ReplyDelete
  42. අදනේ නසා එක ගැන තවත් විස්ටර දැනගත්තේ..

    ReplyDelete
  43. @ උදයංග : ඔව් ඔයාව දැක්කේ කාලෙකින්..හොඳටම වැඩ තියෙන්න ඇති මගේ හිතේ..වාසනාව කියන එක කොයි වෙලේ මතු වෙයිද කියන්න බෑ නේ :)

    ReplyDelete
  44. ටෙක්සාස්,හූස්ටන් වලතියන එකේ කෙරෙන්නෙ human spaceflight training, research and flight control කියන ඒව . අපිට ඉතින් ඔය හැම එකේම බලන්න දෙන්නෙ බොහොම ටිකයිනෙ. වෙලාවක් තිබුනොත් පොස්ට් එකක් ලියල ලින්ක් කරන්නම්කො.

    ReplyDelete
  45. @ රෝස කුමාරි : ඒක තමයි අප්පා ප්‍රශ්නේ...බොහොම ටිකයි බලන්න දෙන්නේ...බොහොම හොඳ අදහසක්..අපි කැමතියි ඒ විස්තරත් කියවන්න :)

    ReplyDelete
  46. Post එක නියමයි.මං ගොඩක් ආසාවෙන් කියෙව්වා.ඒ නිසා ගොඩක් ස්තුතියි අක්කේ..
    නාසා කියන වචනෙ පත්තරේක පොතක තියනවා දැක්කත් මම ඉස්සර ඉදන්ට අකුරක් නෑර කියවනවා.අලුත් විස්තර මේ Post එකෙ ගොඩක් තියනවා.

    ReplyDelete
  47. @ අපි අපි වගේ : ඔයාව බොහොම ආදරෙන් පිලිගන්නවා ඔන්න.. බොහොම ස්තුතියි සටහනට...

    ReplyDelete
  48. අපූරු ලිපියක් යාලුවා..ගොඩක් ආසාවෙන් කියෙව්වා...ගොඩක් ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට ..:)

    ReplyDelete
  49. @ කුබුවි : බොහොම ස්තුතියි කුබුවී...ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන් යාය ට :)

    ReplyDelete
  50. ස්තුති අක්කේ විස්තරවලට. පුලුවන් වුණු කාලෙක ගිහින් බලන්න ඕනේ........

    ReplyDelete
  51. akke oya nasa ekata gihinwath hadata gihilla nane.....ayayyo aparadene....api nam sathiyakata 2 paarak withara lankawe idanma hadata yanawane!!!!!me danuth inne guwan gatha wena gaman........mona unath ela post eka akki!!!!!!mama ada thamai mekata awe!!!!!

    ReplyDelete
  52. ඔව් ඔව්..ගිහින්ම බලන්න වෙලාවක...

    @ ෂා..මල්ලි නම් එල කොල්ලෙක් ම තමයි. හඳට යන්න පාවිච්චි කරන මාර්ගේ තමයි සුවර් නැත්තේ :) ස්තුතියි ඔයාට මේ පැත්තේ ආවට...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...