Saturday, December 24, 2011

සයුරු මැදට බඹු අත හළ බිමයි සකී



සුනිල් රුවට පැහැයෙන් දුල පිලක             සිකී
උපන් මෙ බිම බැඳි අනුහස කිම්ද               සකී
විසල් තුසිතයෙන් ගෙන පස් පිඬක්            රැකී 
සයුරු මැදට බඹු අත හළ බිමයි                  සකී 

සුසිනිඳු වලා නිබඳව දඟ කරන                  එතී
නිල් කඳු 'තුර මැදුර කිම හද සදන               බැතී
බුදු බණ පහස විඳි ධා සඳ වෙසෙන           නිතී
දළදා මැදුර සෙවණයි මුළු දැයට                ඇතී

යාය ම පැසී විළසට රන් මසු ඇති                    රූ
නිල් කෙත උනේ කෙළෙසක මෙතරම් සොඳු   රූ
මිහි ගැබ නිදන පෙර අප විරුවන් රුහි              රූ 
කරලින් නැමෙන රන් කෙත් වතු කරයි          සරූ

නෙක වන් දිදී දිදුලන සුර පුරය                 මෙනී
මෙහි ඉපදුනේ කෙළෙසක ලෝ පතල        මිණී
මේ බිම වෙසෙන පින් සිත් වල පැහැය       දැනී
කළු ගල්, වයිරෝඩි රතු නිල් කැට ද            වුනී 


ප. ලි.
නීල සිකි පිලක පැහැයෙන් සදා දිදුලන්නේ,  මේ බිම ට බැඳි යම් අනුහසක් වේද? එසේය..මේ බිම නම්, මහ බඹු තුසිතයෙන් ගෙන රක්ෂා කළ පස් පිඬක් සයුර මැදට අත හළ නිසා ඉපදුනු සොඳුරු පින් බිමයි....

සිනිඳු වලාකුළු එතී දඟ කරන නිල් කඳු වැටි අතර ඇති, හද බැතියෙන් පුරවන මහ මැදුර කිම? ශ්‍රී සද්ධර්මස්කන්ධයේ පහස අන් කවරෙකුටත් වඩා හොඳින් නිබඳව විඳි දසන් සඳ, ශ්‍රී දන්ත ධාතුව වෙසෙන, මුළු දැයට සෙවණ දෙන දළදා මැදුරයි...

රන්මසු යායක් ඇතිරූ ලෙසට නිල් කෙත පැසෙන්නේ කෙළෙසද? දැයට දිවි දුන් විරුවන්ගේ රුහිරු, නිල් කෙතට සාරය දෙන බැවිනි...

නේක වර්ණයෙන් දිදුළන, සුර පුර සිහි කරවන, ලෝ පතල මිණි කැට මෙහි ඉපදුනේ කෙළෙසද? ලක් දෙරණේ වෙසෙන මනු සිත්වල පින් පැහැයෙන් හැඩ වී, කළු ගල් මිණි කැට වූ බැවිනි....

27 comments:

  1. කවි ටික නම් සුපිරි !!!
    මට නම් පහල පැහැදිලි කිරීම ඕනේ උනේ නෑ. පේලියෙන් පේලියට ගානටම මීටර්. කවි ලීවට ස්තුතියි සයූරි අක්කේ.

    ඒක නෙමේ අද නත්තල් නේ. අක්කටත් සුබම සුබ නත්තලක් වේවා !!! ඔයාලෑ රටට නම් නත්තල් සරුයි වෙන්ටෑ.

    ReplyDelete
  2. ඔය කවියේ තියෙන දේවල් කෙයි තරම් නම් දැන් ලංකාවේ වෙනස් වෙලාද?
    ඒ වගේම බුදුන් වැඩිය ලංකාවේ මිනිස්සු කොයිතරම් නම් ක්‍රෑර වෙලාද?
    (සයුරි මම මේල් එකක් දැම්මා දැක්කද?)

    ReplyDelete
  3. kani tikanam mare maru hariyata sandesa kavyaka wagei

    ReplyDelete
  4. සිරි සමනොල සිඹ සිඹ නැගෙනව හිරු අරුණලු
    මුතු කැට වී මතු කර ඩා බිඳු විරුවන් හෙළූ
    ගැමුණු පැරකුම් පඬු අබා මහ නිරිඳුන් විජයබා
    රට එක්සත් කළ සොබා පවසයි මඳනළ හඹා

    සුබ නත්තලක්ම වේවා........!

    ReplyDelete
  5. ෂඃ මෙයා මාර කවියෙක්නේ.. ලෙසටම දීලා තියනවා.. හැබැයි ඕකේ තියන සමහර ඒවා අදට අදාලද කියලත් හිතෙනවා....

    හැමෝටම සුභ නත්තලක් වේවා !!!!!

    ReplyDelete
  6. දැන් නම් ඔය රට නෙවෙයි තියෙන්නේ..හොදටම වෙනස් වෙලා..

    අක්කලාට නම් නියමෙට නත්තල් ඇති නේද.. :D

    ReplyDelete
  7. හරිම අගේ ඇති කවි පංතියක්

    ReplyDelete
  8. බසක මහිම වඩවන මී පැදි මියුරූ !

    ReplyDelete
  9. @ මධූ : මම දන්නවා ඔයාට ඒවා ටාර් ගාලා තේරෙනවනේ :) ඔයාටත් සුබ නත්තලක්...ඔව් ඔව් මෙයාලට දැන් සති ගානක ඉඳන්ම නත්තල්..:)

    @ බට්ටි : දැන් ලංකාව වෙනස් බව හොඳින්ම දන්නවා උනත් එහෙම හිතන්න මම බයයි :( (මේල් එකට රිප්ලයි කළෝ :)

    @ Anonymous : හප්පේ :) බොහොම ස්තුතියි ඔබේ ඇගයීමට...

    @ දයානන්ද රත්නායක : එසේම වේවා ඔබටත්...

    ඒ හැම තොරතුරු සොබා පවසන මද නල හඹා
    සුරකිමු හද තුල ඔබා කිසි විටෙකදි පසු නොබා

    බොහොම ස්තුතියි....

    ReplyDelete
  10. @ Senna : බොහොම ස්තුතියි සෙන්නා...ඔයාගේ කතාව හරි, වර්තමාන හෙළ දිව මීට ගොඩක් ඈතයි...ඒත් කවියෙන් හරි අතීතයේ ජිවත් වෙන්න මම ආසයි :(

    @ චම්මා : ඔව්නේ මල්ලි, දැන් මේ රට නැත....

    නත්තල් නම් මෙහෙ සරුයි...කොළ හැලිච්ච ගස් වල රිකිල්ලක් ගානේ බල්බ් දාලා:) අපි කරන්නේ ඉතින් ඒවා බල බල ඇවිදින එක තමා...

    @ රවිනුමල් : බොහොම ස්තුතියි ඔබට මේ පැත්තේ ඇවිත් අදහසක් දුන්නට....

    @ රසික : ඔබෙ බස වටිනව මට "විකසිත" සොයුරූ :)

    ReplyDelete
  11. ලස්සන කවි ටිකක් නේ..නියමයි...මම ට්‍රයි කරා කොහෙද හිතට එන්නෙම නෑනේ මේ කවි සීන්...බලමු දවසක..ඉතින් නත්තල් කොහොමද..මේ දැන් මමත් මෙහෙ නත්තල් පාටියට ගිහිල්ලා ආවේ...අකුරු බොද වෙලා වගේ මොකද .....

    ReplyDelete
  12. @ ඔබ නොදු‍ටු ලොවක් : අනේ අනේ...අකුරු බොඳ වෙන සයිස් එකටම පාටිය ගිහින් වගේ..හි හි. මොනවා උනත් බොහොම ස්තුතියි...

    ReplyDelete
  13. හරිම ලස්සනයි. සමහර කවි කොච්චර කියෙව්වත් පැහැදිලි නැහැ.
    එත මේ කවි පන්තිය කියවපු පලවෙනි පාරම හිතට ගියා... :)))

    ReplyDelete
  14. @ වර්ණා : ස්තුතියි නංගා...ඔයත් මධුරංග වගේ එහෙනම් :))

    ReplyDelete
  15. ලස්සනයි කවි ටික

    ඔය කවියෙන් කියැවෙන පරිසරය යාන්තම් අපේ ගම් පලාතේ ආරක්‍ෂා වෙලා තියනවා කියලා මට හිතෙනවා

    ReplyDelete
  16. රට ගැන ආදරෙන් ලියපු කවි පන්තියක්.

    ReplyDelete
  17. @ සඳරු : ස්තුතියි සඳරු මලේ...ඔයාලගේ ගම් පලාතට මම හරිම කැමති ඒකයි...අන්තිම කවියෙන් කියපු අය වගේ මිනිස්සුත් ඒ පැත්තේ ඉන්නවා මගෙ හිතේ..

    @ අසරණයා : බොහොම ස්තුතියි අසරණයෝ...ඇත්තටම ඔයා හරි :)

    ReplyDelete
  18. මාර අර්ථවත් කවි පෙළක්... හරිම ලස්සනයි අක්කේ.

    ReplyDelete
  19. @ ශානි : තෑන්ක්ස් නංගා...

    ReplyDelete
  20. පිස්සු හැදෙනවා ඔ්යි.... මට බෑනේ හීනෙන්වත් මෙහෙම එකක්...

    ReplyDelete
  21. @ නරකයා : තැන්කු නරකයෝ :))

    ReplyDelete
  22. සුපිරි හොදේ අක්කේ..... දේශයේ අභිමානය,,!!!!

    ReplyDelete
  23. @ රහස් : තැන්කු රහස් මල්ලි :)

    ReplyDelete
  24. ඇල දොළ කඳු මුදුන් කෙත්වතු දෙනෙත් අරා
    දැක ගන්නට කරපු පින කිම දිවිය පුරා
    ඉන්නට හැමදාම මේ රුව ඇසින් දරා
    පතනෙමි ඉපදෙන්න මේ ලක සසර පුරා

    අදමයි මේ පැත්තේ අවේ. කවි ටික සුපිරියට ගලපලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ලාබයි ඇපල් ඔබ මෙහි ආ පළමු දිනේ
      ලාබයි කියනු බැරි කවියක සිරිය පෙනේ
      කවියෙන් පෙනෙන කවි සිත ගැන සතුට දැනේ
      පිළිගමි පහන් යායට හද ඇතිව සෙනේ

      ලාබයි ඇපල් හොඳ කවි කාරයෙක් වගේ...ස්තුතියි මේ පැත්තේ ආවට. මාත් එන්නම්කෝ ඒ පැත්තේ...

      Delete
  25. ඔයාගෙ කවි හැකියාවත් විශිෂ්ඨයි.... මේ කවි පෙළ ගොඩාක් සිත් ගත්තා.... කවි ලිවීමෙන් ඈත් වෙන්න එපා නංගි...

    ReplyDelete
  26. ස්තුතියි තරු අක්කා...කවියෙන් ඈත් වෙන එක අපරාධයක් නම් තමයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...