Monday, February 11, 2013

ඔබ සතුටින්ද ?

"ඔබ සතුටින්ද?" කියන ප්‍රශ්නේ කවුරුහරි ඔබෙන් ඇහුවොත් දෙන පිළිතුර මොන වගේ එකක් වේවිද? ඒකට පිළිතුරක් දෙන්න කලින් තවත් ප්‍රශ්නයක් ඔබේ හිතට ඒවි.

"සතුට කියන්නේ මොකක්ද?"



කෙනෙක්ගේ සතුටින් සිටීමේ හැකියාව කියන එක තීරණය වෙනවා කාරණා 3 ක් මත.

* 50% ජාන මගින්. සර්වසම නිවුන් දරුවන් යොදාගෙන කළ පරීක්ෂණ වලින් මේ බව ඔප්පු වී තිබෙනවා. ඒ නිසා යමෙක් උපදින විටම ඔහුට කොයි තරම් සතුටින් සිටීමේ හැකියාවක් ඇත්ද යන්න 50% කින් තීරණය වී අවසානයි.
* 10% මුදල්, පහසුකම්, සමාජ තරාතිරම ආදිය. මේ දේවල් සතුටට බලපාන්නේ කොයි තරම් සුළුවෙන්ද යන්න පැහැදිලියි නේද?
* 40% තමන් එදිනෙදා ජීවිතයේදී කිරීම සඳහා තෝරා ගන්නා දේවල්. මේ කොටස ගැන තමයි අප සැළකිලිමත් විය යුත්තේ. සතුට සොයා යාමට අපට කළ හැක්කේ මොනවාද?

අපිට සතුටක් කියා දෙයක් දැනෙනවානම් ඒ සඳහා හේතු වෙන්නේ මොළයේ ඇති "ඩොර්පොමින්" නම් රසායන ද්‍රව්‍යයයි. ස්නායු දිගේ පැමිණෙන විද්‍යුත් සංඥා තවත් ස්නායුවක් හා සම්බන්ධ වන සන්ධිස්ථානයක ගැටීමේදී මේ රසායන ද්‍රව්‍ය වහනය වී අනෙක් ස්නායුවට ප්‍රවාහනය වෙනවා. මේ සංසිද්ධිය හඳුන්වන්නේ "නියුරෝට්‍රාන්ස්මිට්" නමින්.

වැදගත්ම කාරණේ තමයි මේ ඩොර්පොමින් දිගු කලක් තිස්සේ භාවිතයට නොගැනීම නිසා අක්‍රිය වෙලාම යන්නත් ඉඩ තියනවා. ඩොර්පොමින් වල නිසි ක්‍රියාකාරිත්වය සඳහා උත්තේජනය වීමක් අවශ්‍යයි. ඒ නිසා ඉඳල හිටලවත් සතුටු වෙන යමක් නොකළොත් පහු කාලීනව අප්සෙට් මූඩ් එකේම හිර වෙන්න ඉඩ තියනවා. ඒ වගේමයි ක්‍රීඩා කිරීම, කඳු නැගීම, සර්ෆින් වැනි ශාරීරික අභ්‍යාස කිරීම නිසා මේ රසායන ද්‍රව්‍යයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වීමක් වෙනවලු.

සතුට සඳහා ධනවත් කමේ බලපෑම කොයි තරම් කියලද ඔබ හිතන්නේ. ඇත්තම කිව්වොත් බලපෑමක් නැති තරම්. මිනිසෙකුගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ උනාට පස්සේ වැඩිපුර ධනය ලැබුණා කියලා සතුටේ වැඩි වීමක් දකින්න නැහැ. පහළින් තියෙන්නේ ඇමරිකාවේ ධනවත් කමත්, මිනිසෙකුගේ මධ්‍යනය සතුටත් කාලයත් සමග ප්‍රස්ථාරගත කරලා තියන හැටි. පේනවා නේද ආදායම වැඩි උනා කියලා සතුටේ වැඩි වීමක් වෙලා නැහැ.



ඉන්දියාවේ මුඩුක්කුවක ජීවත් වෙන රික්ෂෝ කරුවෙකුගේ සතුට සාමාන්‍ය ඇමරිකානුවෙකුගේ තරම්ම වන බව ඇසුවොත් ඔබ පුදුම වෙන එකක් නැහැ.

රික්ෂෝ කරු ඔහුගේ ජීවිතය ගැන කියන්නේ මෙහෙමයි...

"සමහර මගීන් අපට කරදර කරනවා...විශේෂයන් බේබද්දන්. එහෙත් මම ඔවුන් සමග රණ්ඩුවට යන්නේ නැහැ. මම එහෙම කළොත් ඔවුන් හෙට මගේ රික්ශෝවේ යන්න එන්නේ නැති නිසා.....මගේ ගෙදර එක පැත්තක් සම්පූර්ණයෙන් විවෘත නිසා හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. කරදරයකට ඇත්තේ වැසි දවසට ගෙතුල තෙමීමයි. ඒ හැරුණු විට අපි හොඳින් ජීවත් වෙනවා...මම හවස ගෙදර එන තුරු තේ කඩය ළඟ බලා සිටින මගේ පුතා "තාත්තා" කියා කෑ ගසන විට මට දැනෙන්නේ සතුටක්. මගේ අසල්වැසියෝ හොඳයි...අපි හැමෝම යාළුවෝ...මගේ දරුවාගේ මුහුණ දකින විට දැනෙන්නේ පොහොසත්ම මිනිසා මම බවයි. සමහර විටෙක අපි ලුණුයි බතුයි කනවා. ඒත් අපි සතුටින්"

                                                               ~~~~~~~~~~~~~

මේ පර්යේෂණ වලදී සොයාගත් තවත් වැදගත් කාරනාවක් තියනවා. ලෝකයේ ඉතාමත් සතුටින් ජිවත් වෙන හැම කෙනෙක්ටම පාහේ ඉතා හොඳ පවුල්/නෑ සබඳතා තිබීමයි ඒ. රැකියාව තුළ තමාගේ තත්ත්වය හා ප්‍රතිරූපය ගැන වද වෙමින් සමාජ සබඳතා පසෙක හෙලීම සතුට වනසා දැමීමට දායක වේ. ඒ සම්බන්ධයෙන්, ලෝකයේ දියුණු රටවල් අතරින් අඩුම සතුටක් ඇති රට ජපානය බව හෙළි වී ඇත.

මේ, ජපන් ශ්‍රමිකයෙකුගේ සම්මුඛපරීක්ෂණයකින් කොටසකි. (වෙලාව- රාත්‍රී 11.50. ස්ථානය- කඩපිලක් අසළ )

Interviewer : What day is it today?
Japanese worker : (Umm) My birthday 
Interviewer : Is it ok to hang out with your colleagues on your birthday? is your girlfriend or family OK with that?
Worker : (smiling) I didn't even think about it...They invited me..I already explained to her...Business is more important. I will see her tomorrow.

ඒ ජපානයේ තත්ත්වයයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව අන්තිම අගාධයටම ඇද වැටුණු ඔවුන් අද වන විට බටහිර රටවල් හා කරට කර සිටින තත්ත්වයකට පැමිණ ඇති බව සැබෑය. එහෙත් ඒ සඳහා ඔවුන්ට තම ජිවිතයෙන්, සතුටෙන් කොටසක්ද පූජා කිරීමට සිදු වී ඇත. අධික වැඩ සහිත පමණ ඉක්මවූ සේවා මුර නිසා ශ්‍රමිකයින් මිය යාම ජපානයේ සුලබ දෙයකි.ජපන් ආභාෂයක් ඇති "කරෝෂි" යන වචනයෙන් විස්තර වන්නේ එයයි.

කරෝෂි ගැන වීඩියෝවක්

ජපානයේ එහෙම වෙද්දී ආසියාවේ පුංචි රටක් වන භූතානය ඊට වෙනස්ම ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා. ඔවුන්ගේ පරමාර්ථය වන්නේ මිනිසුන්ගේ ධනවත් බව නොව, සතුට වර්ධනය කිරීමයි. දළ ජාතික සතුට (Gross National Happiness :) යනු තම ආණ්ඩුවේ වගකීමක් බව ඔවුන්ගේ අදහසයි. එහෙත් තවමත් ඔවුන් ඒ අරමුණ බලා ගමන් ඇරඹුවා පමණයි.

මේ අතර ලෝකයේ සතුටින්ම සිටින මිනිසුන්ගේ රට ලෙස හඳුනා ගැනෙන්නේ "ඩෙන්මාර්කය" යි. ජිවිත කාලය පුරාවටම නොමිලේ සෞක්‍ය පහසුකම් සහ වි. විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ඔවුන්ට ලැබෙනවා. පවුල් කිහිපයක් එක්වී එක ගොඩනැගිල්ලක (එහෙත් වෙන් වෙන් නිවෙස් වල) සහයෝගයෙන් ජිවත් වීම ඩෙන්මාකයේ දකින්න පුළුවන්. එම පවුල් සැන්දෑවට, රාත්‍රී කෑම වෙලාවට එකට එකතු වෙනවා.


සහයෝගීතාවය ඔවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණයක්. තරඟකාරිත්වයට වඩා සහයෝගිතාව, ආදරය, අනුකම්පාව යන දේවල් සතුට සඳහා ඉහළින්ම දායක වේ.

                                                                    ~~~~~~~~~

පරිගණක ක්‍රීඩා, විදුලිය, රථ වාහන ආදිය සොයා ගැනීමට පෙර යුගයේ මිනිසා සතුට සොයා ගියේ කෙසේද?

ලෝකයේ ආදී වාසීන්ට සමානකම් කියන ජන කොටස් ජිවත් වන නැමීබියාව මේ පර්යේෂණ සඳහා තෝරා ගෙන ඇත. මේ මිනිසුන් ප්‍රධාන වශයෙන් ආහාර සපයා ගන්නේ දඩයමෙන් වන අතර නොයෙක් බෙරි වර්ග, අල වර්ග මෙන්ම පළතුරුද ආහාරය සඳහා ගැනේ. සොබාදහමත් සමගම ජීවත් වන ඔවුන්ට විලි වසා ගැනීම සඳහා රෙදි කඩක් පමණක් සෑහේ. ජීවත් වීම, දඩයමේ යාම වැනි සියලුම දේ ඔවුන් කරන්නේ සමූහ වශයෙන්. කෙනෙක් ලෙඩ වූ විට පවා ඔහු සුව කිරීමට සියලු දෙනාම එකා මෙන් සහාය දෙනවා. ඔවුන් කියන්නේ තමන් එකට සිටින තාක් කල් කරන්නේ කුමක්ද යන්න තමාට නොවැදගත් බවත් එහෙයින් ඔවුන් සිටින්නේ සතුටින් බවත්ය.




සතුට සොයා යන්නන්ට තවත් සුබදායී ආරංචියක් ඇත. අනුන්ට උදව් කිරීමෙන් ලැබෙන සතුට තරම් සතුටක් වෙනත් දෙයකින් නොලැබෙන බව පර්යේෂකයින් කියති. අපි "ඇන්ඩි විමර්" නම් බැංකු නිලධාරියාට මදක් සවන් දෙමු..

"මට ඕනා උනේ ලාබාලම බැංකු අද්‍යක්ෂකවරයා වෙන්න. මට හොඳ ආදායමක් තිබුණා. ඇති තරම් මුදල් වියදම් කරා වගේම ජීවිතය සතුටින් ගෙව්වා. ඒත් කල් යද්දී ඒ දේවල් තව දුරටත් වැදගත් නැති බව මට දැනුනා. මොනවා හෝ යමක් අඩු බව දැනුනා. හොඳ ආදායමක් සහිත හොඳ රැකියාවක්, බිරිඳක්, දූ දරුවන්, මේ හැම දේකටම වඩා තවත් යමක් ජිවිතයේ තිබිය යුතුයි. "

ඉන් පස්සේ තමයි ඔහු කල්කටාවේ තෙරේසා මවු තුමිය විසින් අරඹන ලද ප්‍රථම "Home for the Dying and Destitute" ආයතනය සමග සම්බන්ධ වී දුප්පත් රෝගීන්ට පිහිට වීම අරඹන්නේ.

"ඒ ආයතනයට මුලින්ම ගිය දවසේ මම දුටුවේ රෝගී වී මිය යමින් සිටි පිරිමි ළමයෙක්. මට සිදු උනා ඔහුට කවන්න. මම කවන විට ඔහු අපහසුවෙන් එය අනුභව කරා. ඉන් පස්සේ ඇස් ඇරලා මා දිහා බැලුවා. මට සිතුනා...මේ තමයි මම සොයපු දෙය..."

ඔහුගේ කතාවෙන් වඩාත්ම හිතට වැදුනේ මේ කොටස

"මට මේ ජීවිතය ලැබිලා තියනවා...දෙමව්පියන්, යහළුවන් සිටිනවා...මම කෙදිනකවත් දරුණු ලෙස රෝගී වී නැහැ....අවශ්‍ය තරම් ආහාර ලැබෙනවා....කිසි දිනක යුද්ධයක් අත්නොදුටු මගේ පරම්පරාවේ පළවෙනියා මමයි...මට මගේ ජීවිතය දෙවියන් විසින් දුන් ණයක් වගෙයි...මා එය පොළියත් සමග නැවත ගෙවිය යුතුයි."

ඉතින් ඔබ සතුටින්ද? දැන් ඔබට පිළිතුරක් දෙන්න පුළුවන් වෙයි.

මෙන්න සතුට සොයා යන්නන්ට මගෙන් සුළු තෑග්ගක්..ෆුල් ස්ක්‍රීන් දාගෙන තනියම බලන්න :)



The Mountain from TSO Photography on Vimeo.



ප. ලි.

හැපී නම් වාර්තා වැඩසටහන ඇසුරෙන් සකසන ලදී. මෙය එහි ඉතාමත් සංක්ෂිප්ත සටහනකි. එය නැරඹීමට අවශ්‍ය නම් මෙතනින් යන්න.

ස්තුතියි - සයුරු ට :)

125 comments:

  1. Niyamai akke.... hugaakma watina dheyak. godak aya gawa oka ne. eth mata sathutui man godak welawaka sathuten innawa. :)

    Nisupa

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිසූ. ඔයා සතුටින් ඉන්න එක ගැනත් සතුටුයි :)

      Delete
  2. මට මතක් උනේ අපිට නෑදෑ ,යහලු සම්බන්දතා වලින් කොය් තරම් සතුටක් ලබනවද..?
    විශේෂයෙන් අවුරුදු කාලෙට..අපි කොච්චර සතුටක් ලබනවද..නෑදෑයන්,දෙමාපියන් බලන්න යාමෙන්..!

    අනික දූ දරුවන් අපිට ගෙනෙන සතුට....අර ඉන්දියානුවා කිව්ව කතාව කොච්චර වටිනවද....!
    අපේ පොඩ්ඩිත් තාත්ත එනමග බලාගෙන ඉන්නෙ..කෑගහගෙන තාත්ත එනවා කියනකොට හිතට එන සතුට කියන්න වචන නැහැ....ඔක්කොමට වඩා හිනා යන්නෙ පොඩ්ඩි...අර චංගුමි කතාවෙ රජතුමාට ආචාර කරන විදියට ආචාර කරන හැටි දැක්කම.

    ජපන්නු ගැන කතාව නම් මාත් අහල තියෙනව.....!

    සයුරි සාහිත්‍ය අතහැරල...විද්‍යාගුරුතුමී වෙන්නද හදන්නෙ..:)))

    ReplyDelete
    Replies
    1. තව එකක්, ඒ කියන්නෙ...යාලුවො සෙට් වෙන එක හොඳා නේ..D :))))

      Delete
    2. ඇත්ත. මගෙත් ප්‍රියතම කාලයක් අවුරුදු කාලය. නෑදෑයෝ ටික හොඳනම් ඊට වඩා සතුටු කාලයක් තවත් නෑ.

      ඕනෑම කෙනෙක්ට වටිනාම සම්පත තමන්ගේ දරුවෝ නේද? එහෙම අය හිතින් පොහොසත් හැමදාටම. චන්ගුමි නොබලපු අතලොස්සෙන් එකෙක් මම වෙන්න ඇති :) දැන් මට හිතෙනවා රජතුමාට ආචාර කරන විදිය මොකද්ද බලන්න..හිහි

      //සයුරි සාහිත්‍ය අතහැරල...විද්‍යාගුරුතුමී වෙන්නද හදන්නෙ//

      හිහි..මනෝ විද්‍යාව

      ආ ඔය සෙට් වෙනවයි කිව්වේ මොන වගේ එහෙකටද දන්නේ නෑ නේද..

      Delete
    3. ආචාර කරනවිදිය බැලුවද..?:)))

      Delete
    4. තවම බැරි උනා අප්පා..ලින්ක් එකක්වත් නැද්ද :)

      Delete
    5. මං හිතන්නෙ රූපවාහිනියෙ වෙබ් එකට ගියානම් පුලුවන් ඇති, කොහොම හරි බලන්න ආස හිතෙයි. හමු උනොත් කියන්නම්.

      Delete
    6. http://www.helabimatv.com/viewall.asp?as=Sujatha%20Diyani

      Delete
  3. මේක බොහොම ලොකු මාතෘකාවක්. අර ජාන වලින් එන 50% සහ මිල මුදල්, සමාජ තත්වයෙන් ලැබෙන 10% ඇරුණහම ඉතුරුවන 40% අපි එකිනෙකාට සාපේක්ෂව වෙනස් වෙනවා නේද?

    මම හිතන්නේ අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ අපි ඇත්තටම සතුටු වෙන්නෙ මොනවයින්ද කියන එක. දැන් මම ගොඩක් ට්‍රිප් යන්න ඇවිදින්න කැමති කෙනෙක්. නමුත් මතක් කරලා බැලුවහම ගිහින් සතුටු නොවුන ට්‍රිප් තියනවා. දිගට කල්පනා කරලා බැලුවහම මම තේරුම් ගත්ත දෙයක් තමා යන්නෙ කොහෙද, කොහොමද කියන එක නෙමෙයි යන්නෙ කා එක්කද කියන එකයි සතුටට වැදගත්. ඒ නිසා අර පරීක්ෂකයෝ හොයාගෙන තියන දේ හරි. සතුටින් ඉන්න අයට හොඳ පවුල්, නෑදෑ හිතමිතුරු සම්බන්ධ තිබිය යුතුයි. මිනිස්සු සතුටු වෙන්නො කොහොමද මොනවයින්ද කියන එක කාලයත් එක්ක වෙනස් වෙන දෙයක් නිසා සමහර වෙලාවට අපේ සතුට අපිට හොයා ගන්න බැහැ. අපි සතුට කියලා යන්නෙ වෙන දෙවල් පස්සෙ. ඒත් අර වගේ හොඳ නෑදෑ මිතුරු සම්බන්ධ තියෙද්දි එක්කෝ අපි වැරදි පාරේ යන එක වලකිනවා, එහෙම නැත්නම් අපිව අතරමං වෙච්ච වෙලාවක පිහිටට එයාලා ඉන්නවා.

    අනුන්ට උදව් කර ලැබෙන සතුට ගැන මම හිතන්නෙ මෙහෙමයි. අපි ඒ උදව් කිරීම කිසිම දෙයක් ආපසු බලාපොරොත්තු නොවී කලොත් තමා අපිට නියම සතුට ලැබෙන්නේ. ලමා නිවාස වලට දාන දෙන, තෑගි දෙන සමහර අය ඉන්නවා. නමුත් ඒ අය එහෙම කරන්නේ ඒකෙන් සතුටක් ලබන නිසාවට වඩා තමන්ට යමක් කරගන්න හිතාගෙන, එක්කෝ පින් රැස් කරන්න, එක්කෝ තමන්ගෙ නෑයෙක්ට පින් දෙන්න, නැත්නම් තමන්ගේ නම ප්‍රචලිත කරන්න වගේ දේවලට... එහෙම කිරීමෙන් ඒ අය එච්චර සතුටක් ලබන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ.

    මගේ ජීවිතේ ප්‍රීතිමත්වම ගතකරපු කාලය බැලුවොත් උසස්පෙල කරපු කාලය, ඒ වගේම මුලින්ම ලංකාවේ රස්සාවක් කරපු කාලය ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බොහොම හරි ඒ 40% එකිනෙකා අනුව වෙනස්. කෙනෙක් සතුටු වෙන දේකින් තව කෙනෙක්ට සතුටු වෙන්න බැරි වෙන්න පුළුවන්. අපි ඒවා තෝරා බේරාගෙන ගැලපෙන දේ කරනවානම් හරි. ඒ වගේම එහෙම කරත් අර "අකමැති අය එක්ක ට්‍රිප් යන" උදාහරනේදී වගේ ඒක කඩාකප්පල් වෙන්නත් පුළුවන් :) එතනිනුත් පේනවනේ තමන් ආශ්‍රය කරන අය ලොකු බලපෑමක් කරනවා කියලා.

      //අපි ඒ උදව් කිරීම කිසිම දෙයක් ආපසු බලාපොරොත්තු නොවී කලොත් තමා අපිට නියම සතුට ලැබෙන්නේ//

      ඇත්තම ඇත්ත

      Delete
  4. අර 40% වෙනුවෙන් මං හිතන්නෙ මං සෑහෙන ‍වැඩ කොටසක් කරනවා. මමම හදා ගත්ත වැඩ. ඒ‍ වැඩවල ලොකු සාර්ථකත්වයකුත් තියෙනවා කියල හිතෙනවා.. සුපුරුදු විදියට සයුරිගෙ සයුරෙන් මුතු අහුරක්.

    ReplyDelete
    Replies
    1. ඒ දේ තමයි වෙන්න ඕන අක්කා. අපි සතුටු වෙන දේවල් හොයාගෙන ඒවා කරහම අපි ඉබේම සතුටින්.

      Delete
  5. අනේ මන්ද සයුරි, මම අසතුටින් ඉන්නවය කියල කොහොමටවත් කියන්න බෑ. ඒත් මම නෑදෑ යාළු මිත්‍රකම් පවත්වගන්න නම් වැඩි උනන්දුවක් නෑ. මට හුඟක් වෙලාවලට තනියෙන් ඉන්න ඕන වෙනව. සාමාන්‍යයෙන් මගේ යාළුවො, අනිත් අය සතුටු වෙන දේවල්වලින් මම සතුටු වෙනව ටිකක් අඩුයි. වැඩිපුර සල්ලි හොයන එක හරි ලොකු රස්සාවක් කරන එක හරි මට යම් දැනුම් තේරුම් තියෙන කාලෙ ඉඳලම මට එපා වෙච්ච දේවල්. ඒකෙන් වෙන්නෙ මිනිහෙක්ගෙ නිදහස අන්තිමටම අඩුවෙන එක. මට වැඩිපුරම ඕන නිදහසේ ඉන්න. මගේ සතුට නම් ඒක.

    අනෙක් හුඟ දෙනෙක් කියල තියෙන පවුල, පවුලෙ සාමාජිකයින් ගැන බැලුවම මට දවසෙ යම් වෙලාවක් ඔවුන් සමඟ සිටීම අවශ්‍යයි, ඒක හිතට සහනයක්. ඒත් අනිත් වෙලාවට ගෙදර ඉන්නවනම් මම වැඩිපුරම කරන්නෙ කාමරේට වෙලා මගේ වැඩක් කරගන්න එක. ඒත් අම්මා ගෙදර නැතිවීම නම් ටිකක් දරාගන්න අමාරුයි, ගෙදර කොච්චර මිනිස්සු හිටියත් මට මහ පාළුවක්, තනිකමක්, අසතුටක් ඇති වෙනව.

    කොහොම උනත් කමක් නෑ, මිනිස්සු සතුටු වෙන්නෙ එක එක ක්‍රමවලටනේ. තමන්ගෙ සතුට අනිත් මනුස්සයෙකුට කරදරයක් නොවෙන විදියට හැමෝම සතුටින් ඉන්නව නම් මම කැමතියි. මම හිතන්නෙ එහෙම සමාජයක අපිට ජීවත් වීම වඩා පහසු වෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක හරි DDT. හැමෝම එක විදිහ නෙවෙයි. මම ගොඩක් වෙලාවට පිරිසක් එක්ක ඉන්න කැමති උනත් සමහර වෙලාවල් තියනවා තනියම ඉන්න කැමති. හුදකලාවත් මිනිසුන්ට අවශ්‍ය දෙයක් මම හිතන්නේ. ඔයා උපතින්ම/ස්වභාවයෙන්ම එහෙම කෙනෙක් වෙන්න ඇති. අර 50% බලපෑමට අයිති වෙන :) ඔයා සතුටු වෙන්නේ ඔයාට ආවේණික විදියකට වෙන්න ඇති.

      // අම්මා ගෙදර නැතිවීම නම් ටිකක් දරාගන්න අමාරුයි//
      මේ ගැනනම් කියලා වැඩක් නැහැ

      Delete
  6. සතුට එතකොට සාපේක්ෂ වෙන්නෙ ඇත්තටම 40% ක් මතද?...
    ඇත්ත සතුට නිර්වචනය කරන්න අමාරුයි..
    අයි නිර්වචන? අපි සතුට විදිමු ..........
    ජය

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියල තමා කියන්නේ :) අපි කරන දේවලින් සතුටට බලපෑම් කරන්න පුළුවන් 40%කින්. ස්තුතියි මගේ දිනපොත..ඇත්තටම නිර්වචනයක් දෙන්න අමාරුයි තමා.

      Delete
  7. ජාන සම්බන්ද ඔයා කියපු දේ ගැන ලොකු පැහැදීමක් නැති උනත්
    ඔය කියන්නේ මේ දේ ගැන වෙන්නැති ..

    " උපතිම්ම පැත්තකට වෙලා ඉන්න අය සහ උපතිම්ම දාන්ගලේ ,
    නැටිල්ල , විනෝදයට බර අය වගේ "

    එහෙම හිතද්දී නම් හරි ඒ දේ.

    ඕකෙත් ආයේ ප්‍රබේධ තියෙනවා නේද ඔතොකොට උපතිම්ම
    පැත්තකට වෙලා ඉන්න කෙනෙක් ආස වෙන්න පුළුවන් මුළු
    දවසම පොත් කියවල අප්‍රමාණ සතුටක් ලබන්න ...

    උපතිම්ම නැටිල්ල තියෙන කෙනෙක් ඉන්න පුළුවන් ශාස්ත්‍රීය සංගීතයට
    අකමැතිම ...


    ඔය දෙන්නම ඔය අවස්ථා 4 දී දක්වන ප්‍රතිචාර කොහොමද සතුට කියන
    දේ උක්ත කරාම ?????


    ඔය විදිහට මේක ගැන ගොඩක් ගැඹුරට යන්න පුළුවන් , ඒත් කෙටියෙම්ම
    සිනහවයි , කඳුළුයි > ඒ හා බැඳුනු මිහිරි අමිහිරි අද්දැකීම් තමයි අපේ
    සතුට තීරණය කරන්නේ ....


    ආයෙම මගේ පලවෙනි උදාහරණෙ ගත්තොත් , ඒකෙ ප්‍රබේද වෙන් කරන්න
    පුළුවන් මෙහෙම
    ඔයාගේ ඊළඟ සටහන එක්ක ..

    \\\\* 10% මුදල්, පහසුකම්, සමාජ තරාතිරම ආදිය. මේ දේවල් සතුටට බලපාන්නේ කොයි තරම් සුළුවෙන්ද යන්න පැහැදිලියි නේද?
    * 40% තමන් එදිනෙදා ජීවිතයේදී කිරීම සඳහා තෝරා ගන්නා දේවල්. මේ කොටස ගැන තමයි අප සැළකිලිමත් විය යුත්තේ. සතුට සොයා යාමට අපට කළ හැක්කේ මොනවාද?/////


    හිතන්න මෙහෙම , පුද්ගලිකව මන් කන්නේ රිස්බරි චොකලට් විතරයි.
    ඒක කන එක මට සතුටක් .වෙන ජාතියක් මන් කන්නේ නැහැ , මොකද
    මට අනික් ඒව අප්‍රසන්නයි . මට සල්ලි ඕනේ රිස්බරිම ගන්න ..
    සල්ලි නැත්නම් රිස්බරි සතුට මට විඳින්න බැහැ ..

    {(ගොඩාක් සල්ලි තියේ නම් රිස්බරි කොම්පැනිය උනත් ගන්න පුළුවන් ,
    චොකලට් මේනියාවක් තියෙනවා නම් .) වරහන් ඇතුලේ තියෙන්නේ
    අන්තයට යෑමට උදාහරණයක් සතුටේ ..

    ගොඩක් සල්ලි තිබ්බම එහෙමත් වෙනවා ..අන්තිමට චාර්ලි ඇන්ඩ් ද චොකෝ
    ෆැක් වෙනවා..}


    ඔය වගේ හරි සංකීර්ණයි අනේ මේවා...

    මන් නම් මගේ සතුට හඳුනාගෙන ඉන්නේ.


    \\\\\\\ මම සාමාන්‍ය විදිහට ඔහේ මොනවා හරි කාල බීල නිදහසේ ජීවත් වෙන්න අස කෙනෙක්.සංකීර්ණ ජීවිතයක් ගත කරලා ගොඩක් මහන්සියි මට.ඒ නිසා සාම්නය් කෙනෙක් විදිහට අලුත් ජීවිතයක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පොඩි කාලේ ඉඳල විදුලි සංදේශ ක්ෂේත්‍රයට පුදුම විදිහට ආස කරා,රස්සා විදිහට කලෙත් ගොඩක් ඒවට සම්බන්දව තමා.ඒවා ගැනම හොයා හොයා පුංචි කා,තිබ්බ ප්‍රශ්න ටික ඩිංගක් හරි යටපත් උනේ ඒවා කරලා.ඊට පස්සේ ආදරේ කියන දේට පැටලිලා උඩු හුලගටම අහු වෙලා ගහගෙනම ගියා.අද එතන ඉඳන් ජීවිතේ ගැන බලන් ඉන්නවා,හිතනවා අමතක කරනවා.පරණ ජීවිතේට නම් ආයේ නැහැ සහතිකයි. අලුතෙන් ලැබෙන දෙයක් බාර ගන්නනවා. .හැමදාටම ආසයි ඔහේ පොඩි ළමයෙක් වගේ මොනවා හරි කතා කර කර ඉඳල ටිකක් ඉන්න තියෙනවා නම්.මේ ගෙවෙන මහා බොරු සංකීර්ණ ජීවිතේට කැමති නැහැ.අඩුම තරමේ බාටා දෙකක් දාගෙන පාරක බැහැල යන්නවත් බැරි නම් එංජිනේරු කම් වලින් මැනේජර් කම් වලින් විදායක කම් කියන ඒවගෙන් මොකටද. පොඩි කාර් කට්ටක් තියෙන,පොඩි ගෙදරක තමන්ගේ ගෑනියි දරුවෝ ටිකයි එක්ක ඉන්නවා ඇර දේවල් මිනිස්සුන්ට ඕනෙද?

    ////////


    තව වැදගත්ම දෙයක් අපි පුළුවන් තරම් ලෝකේ නොදක ඉන්න තරමට
    සතුට කියන දේ අවදානමට ලක් වෙන්නේ නැහැ ..මේ කතාවට ගොඩක් අය
    එකඟ නැති වේවි , ඒ උනත් අපි දකින දේ සොයමින් , ඒ තුලින් සතුට සොයන
    සත්තු නිසා ගොඩක් දේ නොදක ඉන්න එක හොඳයි ..

    හරියට මන් රිස්බරි චොකලට් නොකා හිටියනම් වගේ..


    මන් හිතන්නේ අපි මේ දේවල් තේරුම් අරන් අරන් එදා වේල කාල බීල
    සරලව ළමයි ලපටි හදාගෙන ඉන්නවනම් ඒ ඇති ..

    සමහර විට මේ මගේ ජාන වෙන්නැති , මගේ ජාන මේක කියවන වෙන අයට
    නැතුව ඇති , ඒ අය මේක පිලිනොගනිවී ..:D

    ReplyDelete
    Replies
    1. මෙතන පැත්තකට වෙලා ඉන්නවා කියන එක නෙමෙයි සහන් කියන්න ඕනේ. පැත්තකට වෙලා ඉඳීමෙනුත් සතුටු වෙන අය ඉන්නවනේ. මෙතන කියන්නේ, සමහරු ඉන්නවා මොනවා කලත් එයින් සතුටක් ලබන්න බැරි. ඒ වගේම මලක සුවඳ බැලීම වැනි ඉතා සුළු දේකින් පවා සතුටු වෙන අයත් ඉන්නවා. අන්න ඒ වගේ දේවල් ඇති වෙන්නේ උපතින්ම කියන එකයි ඒ කියන්නේ. යමක් නිසා ඔහුට කොතරම් සතුටු වෙන්න පුලුවන්ද කියන එක 50%ක් තීරණය වෙන්නේ උපතින් ලු.

      හිහ්..මොකද අනේ රිස්බරි චොකලට්ම ගත්තේ උදාහරණෙට. ඒ ගැන මට හිතෙන්නේ මෙහෙමයි. සල්ලි නැති කම නිසා රිස්බරි චොකලට් කන්න බැරි කම දුකක් වෙන්න පුළුවන්. හැබැයි හැමදාටම නෙමෙයි. දැන් අර රික්ෂෝ කරුට උනත් හිතෙනවා ඇති මටත් වාහනයක් තිබුනනං, ගෙයක් තිබුනනං වගේ දේවල්. ඒත් තමන්ගේ පුළුවන් කම මත අවශ්‍යතා මට්ටම පහළ ගිහින් ස්ථාවර උනාට පස්සේ ඔහු තමන්ගේ අවශ්‍යතා දිහා බලන්නේ ඒ මට්ටමේ ඉඳගෙන. රිස්බරි චොකලට් කන්න බැරි බව එතකොට "known fact" එකක් වගේම ඒ හින්දා දුකක් නොදැනෙන්න පුළුවන්.

      මෙතනින් මතු කරන්න හදන වැදගත්ම කාරනාව මට පේන විදියටනම්, "මේ වගේ භෞතික දේවල් (චොකලට්, වාහන, ගෙවල්) සතුටට බලපෑම් කරන්නේ හරිම අඩුවෙන්(10%) කියන එක". මොකද මම උනත් කවදාවත් කෑමක්/ගෙයක්/වාහනයක් නැති කම නිසා දුකෙන් ඉඳලා නැහැ.

      //තව වැදගත්ම දෙයක් අපි පුළුවන් තරම් ලෝකේ නොදක ඉන්න තරමට
      සතුට කියන දේ අවදානමට ලක් වෙන්නේ නැහැ ..මේ කතාවට ගොඩක් අය
      එකඟ නැති වේවි//

      මමනම් එකඟයි...ගඟේ ඉන්න ගෙම්බාට වඩා ලිඳේ ඉන්න එකා සතුටින් ඉන්නවා වෙන්න පුළුවන් :)

      Delete
  8. හොඳ ලිපියක්...

    අපි නම් ඉතිං නැව ගිලුනත් බෑන් චූන්...

    ReplyDelete
    Replies
    1. හිහි.. හොඳා හොඳා. ස්තුති වේවා.

      Delete
  9. //ඒ වගේමයි ක්‍රීඩා කිරීම, කඳු නැගීම, සර්ෆින් වැනි ශාරීරික අභ්‍යාස කිරීම නිසා මේ රසායන ද්‍රව්‍යයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වීමක් වෙනවලු.//

    මාත් මේ කියන්ට හැදුවා විතරයි. මම නම් දිනපතාම ක්‍රීඩා කරනවා...සතුටිනුත් ඉන්ට බලනවා.

    මම මෙහෙම කතාවක් අහලා තියනවා සයුරි. 'යමෙක් තමන් සතුටින් ඉන්නවාද කියන ප්‍රශ්නය අසාගන්න හැටියේ ඒ සතුට පලා යනවා' කියලා. කවුදෝ ලොකු දාර්ශනිකයෙක් තමා කියලා තියෙන්නේ.

    සල්ලිවලට සතුට ගන්ට බෑ කියන එක නම් මම අත්දැකීමෙන්ම දන්නවා...:(
    ලස්සන ලිපියක්...:)

    ReplyDelete
    Replies
    1. "මම නම් දිනපතාම ක්‍රීඩා කරනවා" කොම්පියුටරයේද?

      Delete
    2. //යමෙක් තමන් සතුටින් ඉන්නවාද කියන ප්‍රශ්නය අසාගන්න හැටියේ ඒ සතුට පලා යනවා'//

      මේකත් වෙන්න පුළුවන් නේද? හිතල බලනකොට මම මොනවද මේ කරන විකාර කියලා හිතෙනවා ඇති :)

      ඔව් පොඩ්ඩි, කාසි වලට ගන්නත් බැරි කාසි වලට දෙන්නත් බැරි

      හරී ඇන්ඩ් සෑම්
      :))

      Delete
  10. ම්ම්ම්... හොද ලිපියක්... සතුට කියන දේ හැමදෙනාටම වැදගත් දෙයක්නේ. හැබැයි එක එක්කෙනා සතුට ලබන්නේ විවිධ ක්‍රම වලින්.

    මාත් හරිම කැමති දෙයක් තමයි ගෙදර අය, යාළුවෝ, නෑදෑයෝ එක්ක සතුටු වෙන්න. හැබැයි දැන් දැන් අඩුවෙලා තියෙන්නෙත් ඒ දේම තමා. එක එක්කෙනාට එක එක වැඩනේ. පාසල් ගියපු කාලේ තමයි මං හිතන්නේ මං වැඩියෙන්ම සතුටු වුනු කාලේ. ඒකෙනුත් සා.පෙ. සහ උ.පෙ. කරන දවස් වල. හරිම සැහැල්ලුවෙන්, සතුටින් හිටියේ.

    මාත් පිළිගන්න දෙයක් තමා සතුට කියන දේ සල්ලි වලින් ගන්න බෑ කියන එක. ජිවත් වෙන්න සල්ලි ඕනි. හැබැයි යම් ප්‍රමාණයකට. වැඩියෙන් තිබ්බමත් ප්‍රශ්න වැඩි....

    ReplyDelete
    Replies
    1. ඔව් සමනලී, ගොඩක් දෙනා ඉස්කෝලේ කාලෙට තමා වැඩිපුරම කැමති. හරිම සැහැල්ලු කාලයක්නෙ ඒක. සල්ලි වැඩි උනහමත් ප්‍රශ්න වැඩි වෙනවා කියන එකට මමත් එකඟයි.

      Delete
  11. සතුට..හරි පුදුමයි..මිනිස්සු හැමදේම කරන්නේ මේ වෙනුවෙන්නේ.

    \\ ඩොර්පොමින් දිගු කලක් තිස්සේ භාවිතයට නොගැනීම නිසා අක්‍රිය වෙලාම යන්නත් ඉඩ තියනවා.\\ මෙහෙම අක්‍රිය වුන උදවිය වෙන්න ඇති විශාදය කියන මානසික රෝගයෙන් පෙළෙන්නේ...

    එතකොට දුකෙන් ඉන්න, තමන් සතුටින් කියල පිටට බොරුවට පෙන්නන්න හදන මිනිස්සුන්ගේ ඒ ක්‍රියාවලිය වැඩ කරන්නේ කොහොමද දන්නේ නෑ..සතුටින් ඉන්නවා වගේ රඟපානකොට ඒ ක්‍රියාවලිය වෙනවද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. //මෙහෙම අක්‍රිය වුන උදවිය වෙන්න ඇති විශාදය කියන මානසික රෝගයෙන් පෙළෙන්නේ//

      ඔව්ම තමයි. සමහරවිට එහෙම වෙන්නත් ඇති. ගොඩක් වයසක අයට ඔය ලෙඩේ තියනවලුනේ.

      සතුටින් ඉන්නවා වගේ රඟපෑවට ඒක හරි යනවා කියලා මම හිතන්නේ නෑ පැතුම්. තමන්ගේ මොලේට/හෝමෝන වලට බොරු කරගන්න බැහැනේ.

      Delete
  12. මට නං මේ ලිපිය කියවන්න ලැබිමත් සතුටක්... දවසේ වැඩිම පැය ගණනක් මුස්පේන්තු ලෙස ගෙවා දාන මට සතුටක් ලැබෙන්නේ බ්ලොග් එකක් කියැවීමෙන් බ්ලොග් කමෙන්ටුවක් කියවිමෙන් තමා...
    ඉතින් එයිට අමතර තවත් බොහෝ තොරතුරු මෙතැනින් දැන ගත්තා. කියන්න ඔබ කැමතිනම් මේ ලිපිය ඔබේ නමින් පුවත් පතකට ගන්න හැකියි. අවසරය දෙනවා ද?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් හින්දා මමත් යම්කිසි සතුටක් ලබනවා ඇත්තටම. මේ හැමෝම එහෙම වෙන්න ඇති. බොහොම ස්තුතියි ඔබට. අනේ නලින් අයියේ මගේ නම් කිසිම අකමැත්තක් නැහැ..හැබැයි මේක සකස් කරේ ඩොකියුමන්ටරියක් ඇසුරින් නිසා මට මේක පළකරන්න අයිතියක් තියනවද කියලා දන්නේ නෑ :(

      Delete
  13. සතුටින් කියෙව්ව සතුට ගැන සතුටු ලිපියක්..! :)

    ReplyDelete
    Replies
    1. ඒ ගැන සතුටුයි නන්දු :)

      Delete
  14. ඔන්න බලන්න සතුටේ තරම..ඇත්තටම මම සතුටින්ද ...මම මගේ හිතින් ඇහුවා. ඔව්නෙ..මම සතුටින්. ඒ සතුට රඳවා ගන්න එක තමා ගැටළුව.

    සමහර අය හිතන්නෙ සතුටින් ඉන්න හරිම අමාරුයි කියලනේ. මේ ලිපිය කියවන්න ඒ අයට පුළුවන්නම්...

    සතුට උපයා ගත යුතු දෙයක් හැටියටයි මම අහලා තියෙන්නෙ. පවුලෙන් පටන් අරගෙන නෑදෑ හිතවතුන් වගේම උදේ ඉඳන් හවස් වෙන තුරු අපේ ඇස් වලින් දකින හැම දේ තුලින්ම අපි සතුට උපයා ගන්න ඕනෙලුනේ..

    වීඩියෝ එක නම් බලන්න බෑනෙ දැන්.

    ReplyDelete
    Replies
    1. //මම සතුටින්//

      බොහොම සතුටුයි ලිහිණි. ඔව්, රඳවා ගන්න එක අමාරුයි තමා. ගිලිහුනොත් නැවත ගෙන්න ගන්න එක තමා කරන්න වෙන්නේ :)

      ඔව් ලිහිණි ඔය කියන තරම් ඒක අමාරු නැහැ. උත්සාහ නොකරන්නාට මොන දේත් කරන්න අමාරුයි. වීඩියෝ එක පස්සේ බලන්නකෝ.

      Delete
    2. ♥ ළිහිණි ♥
      ඔයා සතුටු වෙන්නේ කොල්ලන්ගේ දත් ගලවලා කොල්ලන්ව අමාරුවේ දාලා නෙ.

      Delete
    3. ලිහිණි දත් දොස්තර කෙනෙක් නෙමෙයි ඇනෝ

      Delete
    4. සයුරි -
      ඔයා දන්න මඟුල !
      ලිහිණි කියන්නේ මීට කලින් බ්ලොග් අවකාශයේ හිටපු දිල් ට. දිල් කියන්නේ කොල්ලන්ගේ දත් ගලවපු මහ කපටි ගෑනියෙක්ට.

      Delete
  15. හැමෝම කැමති සතුටින් ඉන්න...තමන් බලාපොරොත්තු වෙන දේවල් ඒ විදියටම ලැබෙනවානම් එතන සතුට ඇති වෙනවා මම දකින විදියට...කෙනෙක් හොද දෙයක් බලාපොරොත්තු වෙලා සතුටු වෙන්න පුළුවන් වගේම තවත් කෙනෙක් නරක දෙකින් සතුටු වෙන්න පුළුවන්...එත් අපි කරන හැම දෙකම අන්තිම පරමාර්ථය තමයි අපේ සතුට...

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිම්බා මලයෝ. සමහරු නරක දේ කරලත් සතුටු වෙනවා. ඒක ඒ අයගේ සතුට. අනේ මන්දා මටනම් ඒ ගැන හිතාගන්න බෑ. සිම්බාව සාදරයෙන් පිලිගන්නවා මෙහාට.

      Delete
  16. "දළ ජාතික සතුට (Gross National Happiness :) යනු තම ආණ්ඩුවේ වගකීමක් බව ඔවුන්ගේ අදහසයි. " ඒකනෙ අපේ ආණ්ඩුවත් කරන්නෙ.. කාර් රේස් තීයනවා.. බෝට්ටු රේස් තියෙනවා.. රේසින් කාර් බද්දෙන් නිදහස් කරනවා.. ආයෙත් අහලා..

    "මේ අතර ලෝකයේ සතුටින්ම සිටින මිනිසුන්ගේ රට ලෙස හඳුනා ගැනෙන්නේ "ඩෙන්මාර්කය" යි. ජිවිත කාලය පුරාවටම නොමිලේ සෞක්‍ය පහසුකම් සහ වි. විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ඔවුන්ට ලැබෙනවා. පවුල් කිහිපයක් එක්වී එක ගොඩනැගිල්ලක (එහෙත් වෙන් වෙන් නිවෙස් වල) සහයෝගයෙන් ජිවත් වීම ඩෙන්මාකයේ දකින්න පුළුවන්. එම පවුල් සැන්දෑවට, රාත්‍රී කෑම වෙලාවට එකට එකතු වෙනවා." ඕන්න හෙට උදේම මම මේ ලිපිය පෙන්වනවා මාත් එක්ක වැඩ කරන ඩෙනියෙකුට.. බලමුකො ප්‍රතිචාරය..

    "මෙන්න සතුට සොයා යන්නන්ට මගෙන් සුළු තෑග්ගක්..ෆුල් ස්ක්‍රීන් දාගෙන තනියම බලන්න :)"
    පස්සෙ තමා බලන්න වෙන්නෙ.. ඕක දිග ඇරියොත් ජාලෙ කපයි.. මොකෝ තනියම බලන්න කිව්වෙ..

    හොඳ ලිපියක්.. මට නම් හිතෙන්නෙ සතුට කියන දේ තියෙන්නෙ එක එක්කෙනා තෘප්තිමත් වෙන තරමට.. තමුන් මේ සතුටයි කියලා හිතන දෙයින් තමයි සතුට ලැබෙන්නෙ..

    ඇත්තම කිව්වොත් සාර්ථක ජීවිතයක් කියන්නෙ මොකක්ද කියන එක තාමත් මට ප්‍රේහේලිකාවක්..ඔයා හිතන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. හෙහෙ..අපේ රට දළ ජාතික සතුට හරිම වැඩියි නේද මොනවා නැතත්. අහල බලන්නකෝ ඩෙන්මාර්ක් කාරයාගෙන් ඕවා ඇත්තද කියලා. කමියුනිට්ය් හවුසින් කියල තමයි ඒවාට කියන්නේ.

      ඔය හිත නිවෙන විඩියෝස් ඩබල් දාලා එහෙම බලන්න යන්න එපා :)

      හ්ම්ම් "සාර්ථක ජිවිතයක්" නේද? අනේ මන්දා, අවශ්‍ය තරමට මූලික පහසුකම් තියනවනම් කාටවත් වරදක් නොකර කාගෙන්වත් වරදක් නොවී යුතුකම් ඉෂ්ට කරගෙන ඉන්න පුලුවන්නම් එයා සාර්ථකයි නේද.

      Delete
    2. ඔන්න ඩෙනියාගෙන් ඇහුවා.. මිනිහා කියනවා ඒක ඇත්තලු.. ගොඩක්ම සතුටින් ඉන්නෙ ඒගොල්ලො කියලා ලෝකෙ අය කියනවාලු.. සතුටට ගොඩාක්ම හේතුව ඒගොල්ලන්ගේ බලාපොරොත්තු අඩුවීම කියලා තමයි කිව්වෙ.. ඒ රටේ හැමෝම වගේ එකම තත්වයලු දරන්නෙ.. ඒ කිව්වෙ ගොඩක් අයට එක හා සමාන මට්ටමේ වැටුපක්ලු ලැබෙන්නෙ.. ඇති නැති පරතරය බොහෝම අඩුයිලු..

      වැඩිපුර හොයන්න යන අයට ටැක්ස් වදින නිසා වැඩිපුර හෙව්වා කියලා ප්‍රයෝජනයක් නෑලු.. මේකට නම් සමහරු කැමති නෑලු.. ඒත් ඒක නිසා තරඟයක් නෑ කියලයි එයා කිව්වෙ.. ඉතින් මොන රස්සාව කළත් වැටුප සම මට්ටමේ නිසා සල්ලි හොයන රසාවල් තෝරගන්නෙ නැතුව රස්සාව හැටියට කරන්නෙ තමුන් ආසා දේලු.. උදාහරණ හැටියට කියනවා නම් මට කලා හැකියාව උපරිමේට තියෙද්දිත් කලාකාරයෙක් නොවී ඉංජිනේරුවෙක් වෙනවනෙ සල්ලි නිසා.. එයා කියන්නෙ එහෙ එහෙම දේවල් නෑලු.. මම ආසා චිත්‍ර අඳින්න නම් මම කරන්නෙ චිත්‍ර අඳින එක.. මම ආසා ඉංජිනේරු කමට නම් මම ඉංජිනේරුවෙක් වෙනවා.. මේක තමයි තමුන්ගේ ජීවිතය තෘප්තිමත් වෙන්න ලොකුම හේතුව..

      ගෙවල් කතාව ගැන නම් කිව්වෙ එහෙම දෙයක් නෑ කියලා.. හැබැයි අනිත් රටවල සුද්දන්ට වැඩිය ඩෙනියාගෙන් දකින විශේෂත්වය තමයි මිනිහාට පවුල කියන හැඟීම තියෙනවා.. අනික් සුද්දො වගේ පිස්සු නටන්නෙ සල්ලි නාස්ති කරන්නෙ නෑ වගෙයි පේන්නෙ.. ඒක ඩෙනියොන්ගෙ හැටිද මිනිහාගෙ හැටිද කියන්ඩ මම දන්නෙ නෑ..

      Delete
    3. බොහොම ස්තුතියි හරී ඩෙනියාගෙන් අහලා අපිට විස්තර කිව්වට. මේ විස්තර ටික වටිනවා ලිපියට. තමන් කැමති රැකියාව කරන එකම ඇති සතුටින් ඉන්න. සමානාත්මතාවයත් එහෙ තියනවා කියලා පේනවා.

      ගෙවල් ගැනනම් අනේ මන්දා. ඩොකියුමන්ටරි එකේ එහෙම ගෙවල් පෙන්නුවා. සමහර විට එච්චර ව්‍යාප්ත වෙච්ච දෙයක් නෙමෙයි වෙන්න ඇති.

      Delete
    4. @ හරී,

      ඔයා කියලා තියෙන දේ ලොකු වැදගත්කමක් තියනවා. ඔය සමාන මට්ටමේ රැකියාවල් ගොඩාක් වැදගත්. මොකද ඒකෙන් ඔයා කිව්වා වගේ තමන් කැමති සහ දක්ශ රැකියාවක් කරන්න පුළුවන් වගේම, "බාල" කියලා රැකියාවල් සහ ඒවා කරන අයව පහත් කොට සළකන එකකුත් නෑ.

      Delete
  17. මමනම් බොහෝ විට සතුටින් ඉන්නවා.. ඒත් මේ දවස්වලනම් සතුටින් නෙමේ ඉන්නෙ..

    ලිපිය කියෙවෙ නෑ තාම.. පස්සෙ එන්නම්..

    ReplyDelete
    Replies
    1. //ඒත් මේ දවස්වලනම් සතුටින් නෙමේ ඉන්නෙ//

      හප්පේ ඒ මොකෝ? ගෙදර යන්න හිතිලද

      Delete
  18. හැමදාමත්ම ලියන රටාවෙන් මිදුන තරමක් විධාත්මක ඇසකින් දැකල ලියපු ලිපියක්. කිව්වොත් ඒක නිවැරදියි.

    මිනිසුන් සතුටින් ඉන්න වෙලාවට දුක කියල එකක් මතක නෑ ඒත් දුකින් ඉන්න වෙලාවට තමයි ‍හිතෙන්නේ අනේ මට කිසිම සතුටක් නෑනේද කියලා. අපි කාටත් එහෙමයි.

    මිලමුදල් වස්තුව තිබූ පමණින් සතුට ඇති වන්නෙ නෑ තරමක් හෝ දුකක් තියෙනවා ඒ රැස්කරගත් මිල මුදල් හොරු ගනී එහෙමත් නැත්නම් නැතිවෙයිද කියලා. ඒත් ඒත් ඒවා කිසිත් නැති වෙලාවට හිතෙනවා අනේ මට මේ මොකවත් නැති නිසානේ මේ හැම කරදරයක්ම කියලා.

    ඔබ සඳහන් කලා වගේමට හිතෙන විදියට මේ දෙම එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරන බලවේග දෙකක්.

    ඒත් හැම කෙනෙකුටම සතුටින් ඉන්න පුළුවන් තමන්ගෙ ජිවිතය නිසිලෙස හසුරුවා ගත්තොත්.ඒක වෙන්නඇති බුදුන් වහන්සේ මැදුම් පිලිවෙත කියා කියාදුන්නෙත්.

    ඒත් ඩෙන්මාර්කයේ වගේ අපිටත් පුළුවන්නේ දවසට අඩුම වශයෙන් රාත්‍රි ආහාරය ගන්න වෙලාවටවත් පවුලේ සියලුම දෙනා එකට වාඩිවෙලා එක මේසේ අහාර ගන්න. ඒත් ඉතින් ඒක කොහෙ කරන්නද එක එක්කෙනා කෑම බෙදාගෙන සීසිකඩ විසිරා කැම ගන්නේ. සමහරු ටීවි එකෙට ඇහැ දාගෙන, තවත් අය පරිගණකයට ඇහැ දාගෙන නෙට් එකේ.. ඉතින් කොහෙද සතුටක් තියෙන්නේ..

    සයුරිගේ මේ පෝස්ට් එක ධනාත්මක චින්තනය වෙනුවෙන් හොඳ පාඩමක්.

    ReplyDelete
    Replies
    1. //මිනිසුන් සතුටින් ඉන්න වෙලාවට දුක කියල එකක් මතක නෑ ඒත් දුකින් ඉන්න වෙලාවට තමයි ‍හිතෙන්නේ අනේ මට කිසිම සතුටක් නෑනේද කියලා.//

      ඇත්ත තමා කතාව.

      වස්තුවනම් වැඩි උනාම සතුටට වඩා දුක වැඩි වෙනවා තමා. ඒත් මුකුත්ම නැතුවත් බැහැ. මූලික අවශ්‍යතා ටිකවත් සම්පුර්ණ වෙන්න ඕනේ.

      //ඒක වෙන්නඇති බුදුන් වහන්සේ මැදුම් පිලිවෙත කියා කියාදුන්නෙත්//

      ඔබ හරිම තැනට ඇවිත්. මේ හැම දෙයින්ම ඔප්පු වෙන්නේ ඒක නේද.

      රාත්‍රී කෑම වේලටවත් ගෙදර අය එකතු වෙන එක හොඳයි කියලා මම තවත් තැන්වල කියවලා තියනවා. ඒත් කොච්චර අමාරුද ඒක කරන්න.

      Delete
  19. මේක කියවන හැම කෙනෙක්ම කියවිල්ල ටිකක් නවත්වල කල්පනා කරනව් ඇති තමන් ඇත්තටම සතුටින්ද ඉන්නේ කියල.ඒ සතුට ශාපෙක්ෂයි.මම ලඟදි තේරුම් ගත්ත දෙයක් තමා සරලව ඉන්න හැකිනම් අනිවාර්යෙන්ම සතුටද ලබාගන්න පුළුවන් කියලා. මාද්‍යම පන්තියේ ඇයට ආශාවල් වැඩි.තුන්වෙනි පන්තියේ ඉන්න කෙනා සයුරි ඉහතින් කියල තියෙනවා වගේ හරි පොඩි අවශ්යතාවල් තියෙන්නේ ඉතින් ඔවුන් ඉබේම සතුටින් ජිවත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අසරණයෝ සතුට සාපේක්ෂයි. අර දයානන්ද මහත්මයා කිව්වා වගේ මැදුම් පිළිවෙත තමා හරි. අවශ්‍යතා සරල වෙන තරමට සතුට වැඩියි.

      Delete
  20. ඇත්තටම අපි හොයන සතුට මොකක්ද කියන එක ගැන මට ගැටළුවක් එනවා. it's very complicated අක්කේ. :(

    ReplyDelete
    Replies
    1. ඔව් මලයෝ..මම දන්නවා.

      Delete
  21. සතුටත් අනන්ත ආශාවන්ගෙන් එකක් විතරයි කියලා මට හිතෙන්නෙ... අද ලබාගන්න පෙරුම්පුරන දේ, ලබා ගත්තම සතුටක් නෑ.. ඊට පස්සෙ සතුට වෙන එකකට මාරු වෙනවා.. ඔහොම ඉතින් අපි යනවා යනවා ඉවරයක් නෑ...

    මමනම් සමස්තයක් වශයෙන් සතුටෙන් ඉන්නවා.. ඒත් මම විතරක් සතුටෙන් ඉඳල වැඩක් නෑනෙ.. එතකොට මමත් ආයෙ දුකෙන්..

    ReplyDelete
    Replies
    1. //ඒත් මම විතරක් සතුටෙන් ඉඳල වැඩක් නෑනෙ.. එතකොට මමත් ආයෙ දුකෙන්//

      මේකත් හිතන්න වටිනා කාරනාවක්. ඒක ඇත්ත කියල මටත් හිතෙනවා. ලෝකේ වෙන දේවල් අහලා, අසරණ වෙච්ච මිනිස්සු දැකලා අපි සතුටෙන් ඉන්නේ කොහොමද. අර බැංකු නිලධාරියට වෙලා තියෙන්නෙත් ඒක.

      Delete
  22. මන් නම් මාරම සතුටින් ඉන්නේ ලොකූ... ;)

    ඒ වැදගත් පෝස්ට් එකක් ලොකු.. අර ජාන වල 50යි අනිත් 10යි ඇරුනම අනික් 40 අපි හැමෝම අතර වෙනස් වෙනවා මං හිතන්නේ.. අපි හැමෝම සතුට හොයාගෙන යන්නේ එක එක විදි වලින්නේ..

    ReplyDelete
    Replies
    1. අයි නෝ අයි නෝ :)

      ඔව් මලයා..අනිත් 40% අපිට සාපේක්ෂයි. එකෙක්ට එකෙක් වෙනස්.

      Delete
  23. මං මේ කල්පනා කළේ ලංකවේ එකෙක්ව ඩෙන්මාකෙට ගෙනිහිං අතෑරියොත් වෙන දේ ගැන....

    ReplyDelete
    Replies
    1. හිහි..මොකද්ද වෙන්නේ හැබෑට තරියෝ ?

      Delete
  24. සතුට කියන දේ එකෙක්කෙනා නිර්වචනය කරන්නෙ තමුන්ට සාපේක්ෂව නේද... මොකද එක එක්කෙනාගෙ සතුට ලබාගන්න ක්‍රම එක එක විදිය හින්දා...එක දෙයක් ලැබුනම තව දෙයකට ආස කරනවා... ඒ වගේම තමයි තමුන්ගෙ ජීවිතේ එක එක කාලවලදී මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වෙනස් වෙනවා... තරුණ කාලෙ තමුන්ගෙ අවශ්‍යතාවයන් සපුරා ගන්න උත්සාහ කරන මිනිස්සු දරුවො ලැබුනම දරුවන්ගෙ දේවල් ගැන වද වෙනවා... දුක් වෙනවා...ඒ හින්දා තමුන් ලද දෙයින් සෑහීමකට පත් වෙන්න පුළුවන් නම් බොහෝ දුරට සතුටින් ඉන්න පුළුවන් කියලයි මට හිතෙන්නෙ... ඒත් කවුරුවත් 100%ක් ඒ විදියට සෑහීමකට පත්වෙනවාය කියල නම් මං හිතන්නෙ නෑ... ඒ කියන්නෙ එහෙම බැලුවම තණ්හාව සම්පූර්ණයෙන් නැති කරගත්තු කෙනෙකුට විතරයි 100% සතුටින් ඉන්න පුළුවන්... මට හිතුනෙ එහෙමයි...

    ReplyDelete
    Replies
    1. ඔව් මියුරු අක්කා, සතුට ලබා ගන්න විදි එකිනෙකාට සාපේක්ෂයි. ඒ වගේම අපි කවුරුත් 100% සතුටින් නෙමෙයි කියන කතාවත් හරි. අර කිව්වා වගේ තන්හාව තියනකම් ඒක වෙන්නේ නෑ.

      Delete
  25. ඉතා ඕනෑ කමින් කිය වු ලිපියක්.ස්තුතියි ඔබට.

    * 40% තමන් එදිනෙදා ජීවිතයේදී කිරීම සඳහා තෝරා ගන්නා දේවල්. මේ කොටස ගැන තමයි අප සැළකිලිමත් විය යුත්තේ. සතුට සොයා යාමට අපට කළ හැක්කේ මොනවාද? මම වැඩියෙන් ප්‍රිය කළ කොටස.එම නිසා මෙම කොටස ඔබේ පොස්ට්ටුවේ ලින්කුව සමඟ මගේ බ්ලොගය තුල රඳවමි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගයානි. කැමති කොටසක් උපුටා ගන්න :)

      Delete
  26. මම ඉන්නෙ සතුටින්ද කියන එක ගැනනම් නිෂ්චිත අදහසක් නෑ. ඒත් බොහෝ දෙවල්වලින් සතුටු වෙන්න පුළුවන් බවනම් දන්නවා.

    නාන්න ගියාම දොළේ මාළුන්ගෙ හැසිරීම් නිරීක්ෂණයෙන්.....
    දවස පුරාම මගේ ඇසි මානයේ ඉන්න කොණ්ඩ කුරුළු ජෝඩුවගේ හැසිරීම් නිරීක්ෂණයෙන්...
    සැන්දෑ අහසේ මැවෙන වළකුළු රටා නිරීක්ෂණයෙන්....ආදී වශයෙන් සොබා දහමත් සමග කල් ගෙවීමෙන්....

    මට ආගමික දේ හැර අනෙක් ඔනම දේකින් සතුටු වෙන්න පුළුවන්....

    *ජපානය ගැන හෙනරි වර්ණකුලසූරිය ලියූ කෙටි කතා පොතක් තියෙනවා, "දිව්‍යමය අපාය" කියලා....(පොතේ නමේම අදාල අර්ථය ගැබ් වෙලා තියෙනවා)

    ReplyDelete
    Replies
    1. ඔබ සොබාදහමේ සරල දේවල්වලින් සතුටු වෙන්න පුළුවන් කෙනෙක් වගේ..ඒක ගොඩක් හොඳයි. ජපානයටනම් ඒ නම ගැලපෙනවා ඇත්තටම.

      Delete
  27. අහ් වැදගත්ම දේ අමතක උනානේ ..
    " හොඳ බිරිඳක් , පෙම්වතියක් ඉන්න එක "

    ReplyDelete
  28. සතුට කියන එක අර අභිප්‍රේරණ ක්‍රියාවලිය වගේ පුද්ගලයානුබද්ධයි..ඒක භූගෝලීය වශයෙන් වෙන් කරන්න අමාරුයි මම හිතන්නෙ..

    මැස්ලෝගේ හර්ස්බර්ගේ අභිප්‍රේරණ න්‍යාය වගේ ඒවායින් මිනිස්සු කොච්චර අභිප්‍රෙරණය කරන්න පුළුවන්ද කියන එක පෙන්නනවා ඒකම බොහෝ දුරට සතුට මනින්නත් ගන්න පුළුවන් වේවි..

    ස්තුතියි සයුරිටත් සයුරුටත් වටිනා අදහසක් ඉස්මතු කලාට..

    ReplyDelete
    Replies
    1. ම්ම් අභිප්‍රේරණ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද රූ? ඔව් මේක පුද්ගලයානුබද්ධයි. සතුටු වෙන ක්‍රම වගේම සතුටු වීමේ හැකියාවත් එකිනෙකාට සාපේක්ෂයි. ඔයාටත් ස්තුතියි..

      Delete
    2. අදයි කොමෙන්ටුව දැක්කෙ..සොරි උත්තරේ පරක්කු වුනාට..
      කළමනාකරණයේදි උගන්වන Motivation theories ගැන තමා මම කිව්වේ සයු..

      Delete
  29. ම්හු... අද නම් මූඩ් හොඳටම අවුල්.. පස්සේ ඇවිල්ලා මොනවා හරි කියලා යන්නම්

    ReplyDelete
  30. සතුටින් ඉන්න එකට වඩා සතුටින් තියන්න සෑහෙන්න උත්සහකරනවා. මොකද ඇත්තටම ඒකත් සතුටක්...

    ReplyDelete
    Replies
    1. කාවද සතුටින් තියන්නේ? :)

      Delete
  31. සයුරියි , සයුරුයි ගෙනාව සටහන හරිම අගෙයි. අපි සතුට දකින්නෙ එක එක විදිහට. කාලයක් අපිත් මුදල් හම්බකරමින් කාලය ගෙව්වා. ඒවා දරුවන් ගේ සතුට උදෙසා වියදම් කලා. ඒ කාලෙ අපි හිතුවා එයාලට සතුට දෙන්න ඕනෙ සැප දෙන්න ඕනෙ කියලා. පසුව තේරුනේ පවුල එකට ඉන්න එක තරම් සුවයක් සතුටක් තවත් නෑ කියල. අපි ඊට පස්සෙ සරලව ජීවත් වෙන්න හිතුවා. දරුවන් සමඟ නිතරම එකටම කෑම ගත්තා. අදටත් අපි හැමෝම කන්නෙ එකට . එතනදී හැම දේම කතා කරනවා. ඒක මුලදී අමාරු උනා. ඒ මොකද? තරුණ පුතාල හරිම ගුප්තයි, දෙයක් එළියට දාන්නෙ හරිම අමාරුවෙන්. හැබැයි කාලයක් යත්දි එයාල හැම දේම අපිට කියන්න පුරුදු උනා. දැන් අපි හොඳම යාළුවෝ. අපි එකට හැම පෝය දිනකම සිල් සමාදම් වෙනවා. අවුරුදු විසි ගනන් වල ඉන්නා දරුවන් මෙහෙම අම්මයි තාත්තයි එක්ක සිල් ගන්න ලේසියන් යන්නෙ නෑනෙ. මේවා කාලයත් සමඟ හදාගන්න ඕනෙ. පවුලේ එකමුතුව තරම් සතුටක් ලෝකෙ තවත් නෑ. වීයා කියල තියෙන්නෙ, අපේ දරුවන් අදටත් තාත්තා පරක්කු උනාම බලා ඉන්නවා එනකල්. මුදල්ම නෙවෙයි සතුට. හිතේ සැනසීමෙන් ඉන්න එකයි සතුට.

    ReplyDelete
    Replies
    1. පවුලේ සතුට වෙනුවෙන් ඔබ ක්‍රියා කරපු විදිහ හරිම හොඳයි. මටත් පවුලක් ඉන්න දවසක මමත් එහෙම කරන්න කැමතියි. කොයි තරම් කාර්ය බහුල උනත් රාත්‍රී ආහාරයවත් එකට ගන්නවනම් හොඳයි. ඇත්තටම තරුණ පුතාලා වගේම දුවලත් එහෙමයි :) මමත් ඒ වයසෙ කෙනෙක්, මමත් අවු. 18, 19 දි අම්මලා එක්ක කතා නොකරපු දේවල් දැන් කතා කරනවා.. ටීනේජ් වයසේදිනම් හැමෝම එකයි මම හිතන්නේ. යාළුවො තමයි ලොකු ඒ කාලේදී.

      Delete
  32. කියන්න අමත වුණා.. අර දාල තියෙන වීඩියෝ වනම් සුපිරි අත්දැකිමක්..හරිම ලස්සනට කරල තියෙනවා.. මතු ප්‍රයෝජනය උදෙසා අරන් තියාගත්තොත් හොඳයි කියල හිතෙන නිසා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. මමත් ඒ වීඩියෝවට හරිම කැමතියි. ඕනෑම වෙලාවක බලන්න පුළුවන්. අරන් තියාගන්න එකනම් හොඳයි තමයි.

      Delete
  33. මමත් ඉන්නෙ අසතුටින් ම කියලා කියලා කියන්න බෑ. ඒක ඉතා ම වේගයෙන් වෙනස් වෙන හැඟීමක් කියලයි මට හිතෙන්නෙ. අර කියන 40%, අනිත් 60% ටත් බලපෑම් කරනවා කියලයි මට නම් දැනෙන්නෙ. උදාහරණයක් විදියට ඔෆිස් එකේදි ප්‍රොග්‍රෑම් එකක් රන් වෙද්දි දැනෙන සතුට ඊළඟ තත්පරයෙදි run time error එකක් ආවොත් ක්ෂණයෙන් නැතිවෙලා යනවා. හැබැයි ඒක මොකක්ද කියලා හොයාගත්තොත් ඊලඟ තත්පරයෙදි ආයෙත් සතුටුයි, හැබැයි ඒක හොයාගන්න වෙලා යනවනම් සතුට කියන දේ නැතිවෙලා ම යනවා සෑහෙන වෙලාවකට. ඒ වගේ ම අපි අවට ඉන්න අයත් සතුටට සෑහෙන බලපෑමක් කරනවා. සම්බන්ධතා, සංස්කෘතිය වගේ දේවලුත්. එතකොට සමහර වෙලාවට පුද්ගලික සතුට, පොදු සතුට වෙනුවෙන් සතුටින් කැප කරන්නත් වෙනවා :( එතකොට තනියම, හුදෙකලා ව හිටියනම් මේ කිසිම බලපෑමක් නෑ නේද කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඒ සිතුවිල්ලත් හරි තාවකාලිකයි :D රූ අක්කා කිව්ව මාස්ලෝ ගේ සහ හර්ස්බර්ග් ගේ න්‍යායන් ඔය සබැඳි වලින් බලන්න පුළුවනි. ඒවා මම නම් ඉගෙනගත්තේ HRM වලදි. ගතයුත්තක් තියෙනවා ඒවගෙත්. කොහොම වුණත් ස්තූතියි හරවත් යමක් බෙදාගත්තට..... :D

    ReplyDelete
    Replies
    1. //ඔෆිස් එකේදි ප්‍රොග්‍රෑම් එකක් රන් වෙද්දි දැනෙන සතුට ඊළඟ තත්පරයෙදි run time error එකක් ආවොත් ක්ෂණයෙන් නැතිවෙලා යනවා//

      ආයෙත් අහලා :)

      හැබැයි එහෙම නැති අයත් ඉන්නවලු. අපිත් එක්ක හිටපු සමහරු ඉන්නවා ඔය වගේ එරර්ස් දකින්න හරි කැමතියි. ඒ අය දැන් පීඑච්ඩි අපේක්ෂකයෝ :) අලුත් අලුත් දේවල් හොයාගන්න කට්ටිය. ඒ එයාලගේ සතුට වෙන්න ඇති. ඒ තමයි අර 50%.

      මේ ලින්ක් දෙකටත් ස්තුතියි..කියවලා බලන්නම්.

      Delete
  34. මම නම් අපේ වැඩපොලේ වැඩ ටික කරගෙන සතුටින් ඉන්නවා.
    ගොඩක් සතුටින් වැඩ ටික කරගෙන ඉන්නෙ.
    ඒ ඇරෙන්න ගෙදර ඇවිදින් ප්ලේන්ටියක් බිබී පොතක් කියවලා ෆන් එකේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ...මරු නේ.

      Delete
    2. මේ ටිකේ විතරයි කොල්ලෝ ඔහොම... ඔහොම යං ඔහොම යං :P

      Delete
  35. එල කොල්ලත් සතුටින් පාඩුවෙ කාටවත් කරදර නෑතිව ඉන්නවා....ඉස්සර නම් හිනා වෙන එකේ සීමාවක් නෑ....ඒත් දෑන් හිනා වෙන බඩු හම්බු වෙන්නෙ කලාතුරකින් :ඩි

    ReplyDelete
    Replies
    1. එහෙම හම්බ වෙච්ච දාට මේ පැත්තටත් වීදුරුවක් දෙකක් විසික් කරන්න.

      Delete
    2. නියමයි එල කොල්ලා..හිනා වෙන්න බඩුත් ඕනද ඔයාට? :)

      Delete
    3. @ madhuranga-hahahaha ;)
      @sayuri-yes madam,ewa issara gaththama hinaawa nawaththaganna be

      Delete
  36. සතුට සඳහා මුදල් වලින් කෙරෙන බලපෑම නම් අඩුයි කියන එක හරි කියල මටත් හිතෙනවා. මං දැකල තියන එදිනෙදා කුලී වැඩ කරන මිනිස්සු තුන විතර වෙනකොට වැඩ ඉවර කරලා ගෙවල් වලට ගිහින් දැරූ මල්ලොත් එක්ක, නැත්නම් යාලු මිත්‍රයොත් එක්ක සතුටින් ඉන්නව. ඒ වගේම මං දැකපු ඇතැම් ධනවත් පුද්ගලයින් රෑ දෙක තුනටත් ඇහැරලා ඔවුන්ගේ වස්තුව, ගොඩනැගිලි, කර්මාන්ත ගැන හොයා බලනවා. දුප්පතාට නැති වෙන්න දෙයක් නෑ. ධනවතාට අහිමි වෙන්න තියන දේ වැඩි නිසා හිතේ සතුට අඩුයි.. ඒ වගේ සල්ලි යහමින් තියන අය පරම්පරා ගානකට කියල එකතු කරලා තිබුනට ඔවුන්ගේ අවසාන කාලය දුක්ඛිත වෙන අවස්ථාත් තියනවා නේ.. වීඩියෝ එක නම් බැලුවේ නැත. නෝ ඩේටා. ඒක පසුවට. :)

    සයුරු.. ! යස නම... :D

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන, මුදල් හිඟ උනත් සමහරුන්ගේ පවුල්වල සතුට උතුරලා යනවා. මුදල්, කාර්යබහුලත්වය වැඩි වෙන්න වැඩි වෙන්න සතුට පලා යනවා. වීඩියෝ එක පස්සේ බලන්ට :)

      //සයුරු.. ! යස නම... :D//

      :D

      Delete
  37. හ්ම්ම්ම්ම්ම්ම්ම්.. මේක කියවලා මම බැලුවෙ මම ඉන්නෙ සතුටින්ද කියලා... :) ම්ම්ම්... සතුට දුක සාපේක්ෂයි තමා. ඒත් සතුට රැදිලා තියෙන්නෙ හරි අඩුවෙන් නෙහ් :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...සතුට රඳවාගන්න බැරි වෙන එකකුත් නැහැ උත්සාහ කරොත් :)

      Delete
  38. මේ ලිපිය කියෙව්වම ඕනෑම කෙනෙක් ආපස්සට ජීවිතේ දිහා හැරිලා බලයි...ඇත්තටම මම සතුටින් හිටියද..දැන් ඉන්නවද..කියලා..
    මමත් හිතුවා..ඇත්තටම සතුට...සාපේක්ෂයි....
    මගේ වෘත්තීය ජීවිතේ මම දකින්නේ දුක..වැළපීම හා පසුබැසීම්..ඒත්..කාලයකට පසු සිනහව..සතුට..සහ නැගී ඒම..මත මම හිතන්නේ මම ලොකු සතුටක් විඳිනවා..මේ තත්වය සමාන වෙන්නේ..අර ඔබේ ලිපියේ තිබුන...mother theresa ගේ ව්‍යාපෘතියකට සම්බන්ධ වූ කෙනෙක් කියූ ප්‍රකාශයට...
    ලිපිය නැවත නැවත කියවන්න මම කැමතියි...ජය...

    ReplyDelete
    Replies
    1. කළු සහ සුදු මේ පැත්තට ආපු පලවෙනි වතාව මම හිතන්නේ :)

      //මම හිතන්නේ මම ලොකු සතුටක් විඳිනවා//

      මේක දැකලා මටත් සතුටු හිතුනා. ඇත්තටම කෙනෙක්ට එහෙම කියන්න පුලුවන්නම් ඔහු වාසනාවන්තයි. මේ ලිපියට ඔබ කැමති උන එක ගැනත් බොහොම සතුටුයි. ඔබටත් ජය.

      Delete
  39. අපේ සතුට කුමක්දැයි ඒ කොච්චර කාලෙටද මොන හේතු උඩද කියලා තීරණය කරන්නෙ අපෙ මානසිකත්වය කියලයි මම නම් හිතන්නෙ සයුරි. එ කාරණය, හරි හො වැරදි වෙන්න පුළුවන්. නමුත් එක අපේ මනසට සාපේක්ෂයි! මම හරිද දන්නැ..:)

    ReplyDelete
    Replies
    1. හලෝ ෆාතිමා :) ඔව් ඔයා හරි. ඒක මනසට සාපේක්ෂයි. ඒ කියන්නේ අර ජාන වලින් එනවා කිව්ව 50% ගැන.

      Delete
  40. මමනම් දවස පුරාම සතුටින් ඉන්න කෙනෙක් . මම සතුටින් ඉන්නව වගේම මගේ යාලුවන්වත් සතුටින් තියන්න උපරිමෙන්ම උත්සාහ ගන්නවා .
    …මාත් හිතන්නෙ සරළව ඉන්න තරමට සතුට වැඩි කියලා .

    ReplyDelete
    Replies
    1. //මම සතුටින් ඉන්නව වගේම මගේ යාලුවන්වත් සතුටින් තියන්න උපරිමෙන්ම උත්සාහ ගන්නවා//

      කොච්චර හොඳද. අනිත් අයවත් සතුටින් තියන එකෙන් තමන්ටත් සතුටක් ලැබෙනවා. ඇත්ත. සරල බව සතුටට හේතු වේ :)

      Delete
  41. මම නම් සතුටින්.... :D :D :D :D :D

    ReplyDelete
  42. අද තමා මේ පැත්තට පළවෙනි පාරට ආවේ.

    ගොඩාක් දේවල් දැනගත්තා සහ ඉගෙන ගත්තා post එකෙන් සහ comments වලින්.

    සතුට කියන්නේ ජීවිතයේ වැදගත්ම අංගයක් කියලයි මම හිතන්නේ. අපි කරන හැම දෙයකම සාර්ථකත්වයට අපේ ජීවිතයේ සතුට බලපානවා.

    ReplyDelete
    Replies
    1. sadarayen piligannawa gihan. bohoma sthuthi me paththata awata. ow, sathuta ape jiwitheta e tharamata wadagath.

      Delete
  43. නහය ලගටම යට උනත් එලකිරි සහ ජලය වගේ සතුටින් ඉන්නවා ලොකු අක්කියෝ මාත්.. ඔයාගෙන් තෑග්ගක් ගත්ත කාලයක් මතක නෑ අප්පා...ඒක මතක් වෙද්දි ඔන්න දුක චුට්ටක් එනවා....දුක +සතුට අතර දෝලනය වෙනවා බට්ටිගේ ජීවිතය.ඉතිං දුක - සතුට x මහන්සි ගන්නවා බට්ටි.....

    ReplyDelete
    Replies
    1. //නහය ලගටම යට උනත් එලකිරි සහ ජලය වගේ සතුටින් ඉන්නවා//

      oya thiyenne elakiri saha jalaya wage attitude ekak..:)
      bohoma hodai battii

      Delete
  44. හැමදාම දුකින් ඉන්නත් බෑ
    හැමදාම සතුටින් ඉන්නත් බෑ

    දුක සතුට කියන්නේ තරාදියක මෙව්වා දෙක වගේ ඒ දෙක සමබරව නැත්තම් ජීවිතේ ගෙනියන්න බැරිවෙයි කියලයි මට හිතෙන්නේ

    කෙනෙක්ගේ සැපකදි සතුටුවෙනව වගේම කෙනෙක්ගේ දුකේදි දුක් වෙලා පිහිට වෙන්න ඕනේ නේද?? හිතාමතා දුක් නොවුනත් කෙනෙක් කරදරයක වැටුනාම නිකන්ම දුක හිතෙනවනේ

    මෙහෙමත් හිතෙනවා අපි දුක කියන එක ඇතිකරගන්නේ තණ්හාව නිසා අපි ළඟ නැති ඒත් අනික් අය ලඟ තියෙන දේවල් දැකලා හූල්ලන නිසා.එහෙම බැලුවාම දුකට පදනම දාගන්නෙත් අපිමයි

    ලෙඩක් දුකක් හැදිලා ඉන්නකොට මේ දේවල් මටමයි වෙන්නේ කියලා හිතෙනවා ඇති හැමෝටම මටත් ඒක ‍එහෙම්මයි ඒත් අපිට වඩා දරුණු ලෙඩක් තියෙන කෙනෙක්ව දැක්කම හිතෙනවා නේද අපේ ලෙඩේ සාමාන්‍ය එකක්නේ බොලේ කියලා.එතන තියෙන්නෙත් අර අපි හිතන විදියෙ වෙනසක්.කෙනෙක් දියුණු වෙද්දි අපේ දියුණුව මදි කියලා දුක් වෙනවා වගේම අපි කෙනෙක් ලෙඩකින් දුක් විඳිනකොට ඒ ලෙ‍ඩේ එක්ක බැලුවාම අපේ ලෙඩේ මොකක්ද කියලා සතුටු වෙනවා... එහෙම දේවල් හිතනකොට ඇත්තටම සතුට කියන්නේ ‍මායාවක්ද කියලත් හිතෙනවා අප්පා කොමෙන්ටුව කොටන්න ගනිද්දි තිබුණු අදහස කොටාගෙන යද්දි වෙනස් වුනානේ

    අන්තිමට මම මෙහෙම කියන්නම්

    සතුට සාපේක්ෂයි

    ඒක නෙමෙයි අක්කේ අර තනියෙන් බලන්න කියලා තියෙන වීඩියෝ එක ඔපීසියේ බලන්න පුළුවන් විදියෙ එකක්ද ඈ??

    ReplyDelete
    Replies
    1. //දුක සතුට කියන්නේ තරාදියක මෙව්වා දෙක වගේ ඒ දෙක සමබරව නැත්තම් ජීවිතේ ගෙනියන්න බැරිවෙයි කියලයි මට හිතෙන්නේ//

      ow gamiya. oba hari.. mekata diga uththarayak denna ona unath sinhala awula hinda nikan innawa :( sorry wenna ona.

      video eka ona thanaka balanna puluwan :D

      Delete
    2. හයියෝ මොකට සොරි වෙනවද :D

      Delete
  45. හ්ම් මම නම් හිතන්නෙ හොද දේවල්ම කරන්න ඕන-එතකොට ජීවිතෙත් පෙරලා අපිට හොද දේවල්ම ලබා දෙනව....))))

    ඒක පැත්තකින් තියන්න.මගෙ බ්ලොග්රෝලෙ ගොඩක් බ්ලොග් අප්ඩේට් වෙන්නෑනෙ.පහන් යායටත් ඒ සෙතේමයි... ඔන්න ආයෙ ෆලෝ පාරක් දාල බැලුව!

    පරක්කු වුණාද මන්ද කමෙන්ට් කරන්න!

    ReplyDelete
    Replies
    1. ow ow eka hari warsha..mm mokada danne na update wenne naththe. ohoma thama kalen kaleta eka eka leda ne.

      Delete
  46. නියම post එක...මම bookmark දාලම තියාගත්තා.....අක්කි මට කියන්නකෝ මේ video එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියල :O

    ReplyDelete
    Replies
    1. welcome Rikko :)

      oya video eka thiyana site ekata giyoth mama hithanne puluwan wei download karaganna.

      Delete
  47. "ඔබ සතුටින්ද ? "

    දැන් නම් දුකෙන්...
    කෝ අලුත් පෝස්ට්..

    ReplyDelete
    Replies
    1. ane hariyo..no sinhala :(

      thama hadagaththe na

      Delete
  48. මට නම් හිතෙන්නෙ ජීවිතයට අමුතුවෙන් සතුටක් ඕන නැහැ කියල. අපි හිතමු කොහොමහරි සතුට ලබා ගත්ත කියල, නමුත් ඒ සතුට පවත්වාගෙන යන්න ගොඩක් දෙනා ලොකු තරඟයක යෙදෙනව. උපේක්ෂා ගුණය දියුණු කරන්න පුලුවන් නම් ඒක වැදගත් කියල යි මට හිතෙන්නෙ. මොකද අපි සතුට කියල හිතන ගොඩක් දේවල් ගැඹුරින් හිතල බැලුවොත් දුකක් කියල තේරුම් ගන්න පුලුවන්. මේ මට හැඟෙන විදිය.

    ප.ලි.
    රාජාවලියෙ ඉතුරු කොටස් දානකම් තමයි බලන් ඉන්නෙ :)

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. මෙතන සතුටින් ඉන්නවා කියන එක ඇතුලෙත් ඔය කතාව තියනවා හසල. අර මුඩුක්කුවේ ඉන්න මනුස්සයාට දුක් කරදර සිද්ධ උනත් ඒවා දිහා උපේක්ෂාවෙන් බලනවා ඇති. තරඟෙට සතුට හොයා යන අයටනම් සතුට හමු වෙයිද කියලත් සැකයි නේද.

      රාජාවලිය ඊ ළඟ ලිපිය ලියන්න වෙලාවක් හොය හොයා ඉන්නේ. ඉක්මනට දාන්නම් :)

      Delete
  49. මේක කියෙව්වම මට මතක් උනේ ගොඩක් කාලෙකට කලින් වෙච්ච සිදු වීමක්. රාජකාරි වැඩකට බංගලාදේශේට ගිහින් ඉන්න වෙලාවක අපිට ආව තේව කරන්න ඔෆිස් එකේ පියන් කෙනෙක් ට පවරල තිබ්බ. හරිම අහිංසක පෙනුමක් තිබ්බ දුප්පත් මනුස්සයෙක්. දවසක් මනුස්සය ඇවිත් අපිට තේ දීල ආපහු යද්දී මම මගේ යාලුවට කිව්ව " මේ මනුස්සය හරි පව් බං " කියල. යාළුව මගෙන් ඇහුව උඹ මොකෝ එහෙම කියන්නෙ කියල. " නෑ ඉතින් මේ වගේ ජොබ් එකක් කරල මහා ලොකු පඩියක් ගන්නව වෙන්න බෑනෙ බන්. අනික ඉතින් රස්සාවෙ ඉහලට යන්න කියලද. ඒ මිනිස්සු කොච්චර දුකෙන් ජිවත් වෙනවද කියල හිතෙන්නෙ නැද්ද? " කියල මම කිව්ව.

    ඒ වෙලේ යාලුව මට කියපු දේත් මේ ලිපිය හා සමානයි. " උඹ සතුට මනින්නෙ උඹේ මිනුම් දණ්ඩෙන්, නමුත් කව්ද දන්නෙ ඒ මනුස්සය උඹට වඩා සතුටෙන් ඉන්නවද කියල? සමහර විට ඒ මනුස්සයගෙ උගත් කම, හැකියාවන් වලට අනුව මේ රස්සාව ඉහටත් උඩින් ඇති. සතුට ලැබෙන්නෙ අපිට තියෙන දේවල් වලින් නෙවේ බන්. අපි තියෙන දේවල් දිහා බලන විදිහෙන්....."

    ඇත්ත තමා කතාව.

    ReplyDelete
    Replies
    1. කොල්ල කාරයෙක් ඇවිත් ඉන්නවා දැකලා මම බයත් උනා අප්පා.. :)

      මේ ලිපියේ සම්පූර්ණ හරය ඔයාගේ යාළුවගේ කතාවේ තියනවා කියලා මට හිතෙනවා. ඇත්ත ඒ අය අපිට වඩා සතුටෙන් ඉන්නවා වෙන්න පුළුවන්.

      බොහොම ස්තුතියි ඔබට මේ පැත්තේ ඇවිත් සටහනක් තියලා ගියාට.

      Delete
  50. පහන් යාය දල්වන්නෙ නැද්ද...???

    ReplyDelete
    Replies
    1. හනේ ඉක්මනට දල්වන්නම් වී අයියේ

      Delete
  51. බොහොම හොද ලිපියක් සයුරි.ඇත්තටම ගොඩක් වැදගත් දේවල් ටිකක් මමත් එකතු කර ගත්ත.මටත් ඔය පොඩි පොඩි පසුතවීම් තියන නිසා සමහර වෙලාවට මම සතුටින් නෙමේ කියන එක එනවා. ඒ උනත් මේක කියෙව්වම තේරෙනවා අපේ ජිවිතේ 90% හරි 10% වැරදි.කියල සතුටින් ඉන්න නම් හරි 90% ගන්න කියල කියන ඔයාගේ පොස්ට් එක .,. නොම්බර එකයි ...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මගියා. මේ ලිපිය බලලා පොඩි හරි හොඳක් උනානම් ඒක මගෙත් සතුට තමා :)

      Delete
  52. කෙනෙකුට සතුටින් ඉන්න අත්‍ය අවශ්‍යම කාරනාව තමයි මුදල්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්, ඒකත් අත්‍යවශ්‍ය සාධකයක් තමා.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...