Monday, January 2, 2012

උසස් පෙළ සහ අතීතයේ දවසක්

සේරටම කලින් හැම දෙනාටම සුබ නව වසරක් වේවා !!

අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලම කතා කරන්න යන මාතෘකාව නම් රසවත් මාතෘකාවක් නෙවෙයි.

2011 උසස් පෙළ ප්‍රතිඵල...කතා කරලම තිත්ත වෙච්ච මාතෘකාවක්....ඉතින් මමත් ඒකම තව ටිකක් පට්ට ගහන එකේ තේරුමක් නැති වුනත් මුකුත් නොලියම බෑ කියල හිතුනේ මෙන්න මේ වීඩියෝව දැක්කට පස්සේ..මේක දැකලා මට මැරෙන්න හිනා.




අනේ මම මේ මනුස්සයට අපහාස කරන්න හදනවා නම් නෙමෙයි. ඒත් එයා අපේ රටේ මිනිස්සු ගැන හිතන විදියනම් හරිම අන්තිමයි.

 "මේ සමීකරණය ඔබලාට පැහැදිළි කරන්න හරිම අමාරුයි. ඒ නිසා නොකිය ඉන්න එක හොඳයි" . ඔන්න මේ වගේ කතාවක් අයින්ස්ටයින් මහත්තයා කිව්වනම් අපිට ඔළුව නවාගෙන පැත්තකට වෙන්න තිබුණා. මෙතුමා ත් එහෙම කතාවක් කිව්වේ ඒ සමිකරණේ එච්චරටම දරුණු එකක් වෙන්ට ඇති මගෙ හිතේ. කිව්වොත් අපිට තේරෙන එකක් නැති හින්දා එතුමා මොළේ කල්පනා කරලා වචන නාස්ති කරන එකෙන් වළකින්න ඇති.

හැබැයි ඉතින් එතුමා කරපු ඇබ්ස්ට්‍රැක්ට් පැහැදිළි කිරීම දිහා බලන්නකෝ..

"පරණ නිර්දේශයේ ඉසෙඩ් අගය වෙනම ගණනය කරන්න...අළුත් නිර්දේශයේ ඉසෙඩ් අගය වෙනම ගණනය කරන්න...ඊට පස්සේ ඒ දෙක ඒකාබද්ධ කරලා...එකට එකතු කරලා...කම්බයින් කරලා...අවසාන ඉසෙඩ් අගය දෙන්න" . හිකිස්‌.... ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්ද? එතනම වචන කීයක් නම් නාස්තියි ද?

එකතු කලේ කොහොමද ඇහුවම "මෙන්න මෙහෙම" එකතු කරා ලු. අනේ ඒක ඇහුවමනම් මට තරහයි දුකයි එකට කම්බයින් වෙලා ඉබේම හිනා ගියා. මිනිස්සු අතින් වැරදි වෙනවා තමා. ඒත් ඒ වැරැද්ද වහන්න මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදන එක වැරදියි. "ඒකාබද්ධ කරලා...එකට එකතු කරලා...කම්බයින් කරලා"..... එකම තේරුම තියන මේ වචන ටික ඇද ඇද කියන්නෙත් තමන්ගේ ප්‍රකාශයේ තියන හිස් බව වහගන්න කියලයි මට නම් හිතෙන්නේ.

මොනව උනත් මටනම් දුක අපේ නංගිලා මල්ලිලා ගැන...මේ මනුස්සයා ගැනත් දුකයි මට. හැමෝම එයාට හිනා වෙනවා මේ දවස්වල :(

                                        ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



දැන් ඉතින් අතීතයේ දවසට එන්නම්. මේ දවස මට මතක් කරලා දුන්නේ ශානි නංගිගේ මේ පෝස්ට් එක. උසස් පෙළ ප්‍රතිඵල ආවම හැම කෙනෙක්ටම වගේ අහගන්න ලැබෙන කතා ටිකක් එයා ලියල තිබුණා. ඉතින් ගොඩක් දෙනෙකුට වගේ මටත් ජීවිතේ අමතක නොවෙන දවසක් තමයි උසස් පෙළ ප්‍රතිඵල ආපු දවස. ඊටත් වඩා අමතක නොවෙන දවසක් තමයි ප්‍රතිඵල කියන්න ඉස්කෝලෙට ගියපු දවස.

ඒ දවස්වල අපේ ගෙදරට අන්තර්ජාල පහසුකම් තිබුනේ නැහැ. ඉතින් ප්‍රතිඵල ආපු දවසේ අපි හිටියේ ටවුන් ගිහින්. ලොකු අයියයි (ලොකු අම්මගේ පුතා) අක්කයි දෙන්නත් අපි එක්ක ආවා අක්කට ස්ටේෂන් එකට යන්න තියනවා කියලා. කෝකටත් කියලා විභාග අංකෙත් අරගෙනයි මම ගියේ. ප්‍රතිඵල ඇවිල්ලා නැති උනත් හැම කැෆේ එකකම වගේ ඒ වෙද්දීත් පෝලිම.  ඉතින් ඔය වගේ පෝලිම් කීපයක්ම පහු කරගෙන ගිහින් බැරිම තැන එක තැනකට මගේ අංකෙ දීලා ගියා අපි පස්සේ එන්නම් කියලා. මුලින්ම ලොකු අයියගේ අක්කව ට්‍රේන් එකට දැම්මා. ඊට පස්සේ ඉතින් රෙදි කඩවල් පැත්තේ රවුම් දෙක තුනක් ගැහුවා. හපෝ හිත එකලාසයක් කරගෙන ඇඳුම් තෝරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ එදා :-| මට ලැබෙන්න යන ප්‍රතිඵලේ ගැන යාන්තමට වගේ අදහසක් තිබුණත් පුදුම දෙගෙඩියාවකින් තමයි හිටියේ. ඔහොම ටික වෙලාවක් රවුම් ගහලා ආපහු ගියා අර කැෆේ එක ලඟට. හප්පේ එතන ළමයි මැස්සෝ වගේ පොරකනවා.

"තාමත් ප්‍රතිඵල ඇවිත් නැහැ වගේ", තාත්තා කියද්දි අපිට ඉන්න කියලා අම්මා ගියා තත්වේ බලාගෙන එන්න. මම පිටිපස්සේ වීදුරුවෙන් බලාගෙන හිටියේ අම්මා කැෆේ එකෙන් එලියට එනකන්. පැයකට විතර පස්සේ (ඒ මට දැනුන හැටි) ඔන්න අම්මා එනවා කොල කෑල්ලකුත් අතින් අරගෙන. ඔව්, අම්මගේ මුණේ හිනාවක්‌ :)

"ඔන්න ප්‍රින්ට් කරන්න වෙලාවක් නැහැ කියලා අතින් ලියලා දුන්නා"

එහෙම කියාගෙන අම්මා මගේ අතට දුන්නේ කොපි පොතක පිටුවක්. ඒකෙ කටු අකුරෙන් ලියලා තිබුණා මගේ ප්‍රතිඵලය. මම හිතපු විදියටම, සාමාන්‍යයෙන් ලේසියි කියලා සම්මත විෂයට B එකකුත් එක්ක අනිත් විෂයයන් දෙකට A දෙකක් ඇවිත් තිබුනා. මම පේපර් එකේ නටපු පිස්සුවෙ හැටියට ඔය B එක තිබුන එකත් ලොකු දෙයක්. රෑන්ක් එකත් ඕනෑවටත් වඩා හොඳ තැනක තිබුනා. එවෙලේ මට හිතුන දේ හරියටම මතක නැති උනත් "අම්මෝ ඇති යන්තං ආයේ විභාගේ කරන්න ඕන නෑ" වගේ දෙයක් තමයි හිතුනේ.  හැම දේටම වඩා මට මතක අම්මගෙයි තාත්තගෙයි ඇස් වල තිබුන සතුට.

ඔය අස්සේ අපේ ලොකු අයියා පිඹගෙන යනවා ස්ටේෂන් එක පැත්තට (අවුලක් නැහැ. එයා පළපුරුදු ඩ්‍රයිවර් කෙනෙක්නෙ).

"ට්‍රේන් එක තාම ගිහින් නැතුව ඇති. චන්දි ටත් කියමු"

ඉතින් ඔන්න ස්ටේෂන් එකේ කොනක වාහනේ නවත්තලා ලොකු අයියා ගියා අක්කට නිව්ස් එක දෙන්න. ටික වෙලාවකින් අක්කා දුවගෙන ඇවිත් "හොඳ නංගි" කියලා මාව බදා ගත්ත හැටි මට හොඳට මතකයි. ඒ හැම දෙයක්ම මට අද වගේ මතක, එදා මම වෙනුවෙන් අවංකව සතුටු උන ඒ අය, සැපේදී සතුටු වෙන්නත් දුකේදී දුක් වෙන්නත් තවමත් අපිත් එක්ක ඉන්න නිසා.

ඉතින් එදා ගෙදර යන ගමන් මම ගියේ, අදටත් මම දෙවියෙක්ට වගේ ගරු කරන, හුදෙක් ටියුෂන් ගුරුවරයෙක් හැටියට හඳුන්වන්න අකමැති, අපේ භෞතික විද්‍යාව ගුරුතුමා ට ප්‍රතිඵලය කියන්න. අම්මා තාත්තාගෙන් දැක්කා වගේම සතුටක් ඒ ඇස් වලිනුත් මම දැක්කා.

                                         ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඊට පහුවදාම අපි ඉස්කෝලේ ගියේ ගුරුවරුන්ට ප්‍රතිඵල කියන්නත් යාළුවොන්ගේ ප්‍රතිඵල දැන ගන්නත් තමයි. උසස් පෙළ පන්තියේ මාත් එක්ක එකටම හිටපු චාරු ට වි.වි. ප්‍රවේශය නූලෙන් මිස් වෙලා තිබුනා (හැබැයි එයා දෙවැනි වතාවේ අපේ කැම්පස් එකටම ආවා. ඊට පස්සේ මාත් එක්ක දිගටම බෝඩිමේ හිටියේත්  එයා තමයි).  හැබැයි මට B තිබ්බ විෂය ට එයාට A. එයා මුලින්ම මගෙන් ඇහුවේ "කොහොමද මැට්ටියේ අච්චර ලේසි පේපර් එකට B එකක් ගත්තේ?" කියලා. දෙයියෝ දනී ඒකනම්.

ඉතින් ගුරුවරු වැඩි දෙනෙක් අපේ රිසල්ට් අහලා සතුටු උනා. අපිට රසායන විද්‍යාව උගන්නපු සර් ට නම් මගේ ප්‍රතිඵලය අදහ ගන්න බැරි උනා ෂුවර් එකටම. සර් පන්තියට එනකොට සර් ට පේන්නම පන්තියෙන් පැනල යන අපි ගැන ඉතින් කුමන කතාද :)

ඔය අස්සේ එහා පන්තියේ පන්ති බාර සර් කාටදෝ බනිනවා අම්බානකට. බලනකොට ඉසෙඩ් ක්‍රමය ට තමයි බනින්නේ. සර් ගේ පන්තියේ හොඳම ගෝලයා, අමා ට A 3 යි ලු. ඒත් මොරටුවට අහු වෙලා නැතිලු. ඒ වගේම B අකුරක් තියෙද්දිත් සමහරු අනිත් අයට වඩා හොඳ ඉසෙඩ් එකකුත් එක්ක මොරටුවට අහු වෙච්ච එක ප්‍රශ්නයක් ලු .  ඉතින් සර් ට ඒකට තද වෙලා. අනේ ඉතින් ඉසෙඩ් ක්‍රමය හැදුවේ මම නෙමෙයි නේ :-/. මම මොනා කරන්නද ඒකට? අමා පස්සේදි මාත් එක්ක කිවුවා "සර් ගේ කතාව නම් වැරදියි" කියලා. මොනවා උනත් මගේ පෞද්ගලික මතය නම් ඉසෙඩ් ක්‍රමය හොඳයි කියන එක. A, B අකුරු වලින් වත්, මුළු ලකුණු වලින් වත් ප්‍රතිඵල දෙකක් සසඳන්න බෑ කියන එකයි මගේ හැඟීම.

කාලෙකින් මුණ ගැහුනේ නැති යාළුවො ටිකත් එක්ක ඉස්කෝලේ ඇරෙනකන්ම ඕපා දූප කියවලා තමයි එදා අපි ගෙදර ගියේ. ඉතින් ඔය විදියට පැණි රස, ලුණු රස මිශ්‍ර උන තවත් දවසක් නිමා උනා.

50 comments:

  1. තාම පෝස්ට් එක කියවල ඉවර නෑ, කව්ද ඒ විකට නළුව?

    ReplyDelete
  2. ගෑල්ලමයිනුත් පංති වලින් හොරෙන් පැනල යනවද?

    ReplyDelete
  3. අධ්‍යාපනයත් විහිළුවක් වෙලා. ඉතිං අපේ රටේ අනාගතයට මොනවා වෙයිද?

    ReplyDelete
  4. ඉස්කෝලෙට ගිහින්, පොරකකා නෝටිස් බෝඩ් එකෙන් ප්‍රතිපල බලන ආතල් එක ඕගොල්ලන්ට මිස් වෙලා වගේ...

    ReplyDelete
  5. අනේ මට නම් මුකුත්ම තේරුනේ නෑ.:D

    ReplyDelete
  6. Z නං හොඳයි. හැබැයි ළමයි වැඩි දෙනෙක්ට ඉගෙනගන්න පහසුකම් ලැබෙන්න ඔ්න

    ගුරු කතාවක් මතක් වේ! ටිකක් දේසපාලුනයට බරය. ටිකක් සිතා මතා පසුව දමන්නම්! :)

    සුභම සුභ නව වසරක් වේවා :)

    ReplyDelete
  7. හයියෝ... මේ මිනිහ ජාම බේරගන්න දඟලන දැඟලිල්ල... බලන් ඉන්න අපටත් ලැජ්ජ හිතෙනව දැක්කම....
    අර සෙනා කිව්ව වගේ නෝටිස් බෝඩ් එකේ පොර කකා රිසල්ට්ස් බැලිල්ලත් මාර ජොලි.... හික්ස්...

    ReplyDelete
  8. ෆෑන් ටෝක්ස් වල පොඩි මල්ලි ඩක්වර්ත් ලුවිස් හොයන එක මෙයාට එක පාරට මතක් වෙලා , ඒකනේ ඔහොම වෙලා තියෙන්නේ අක්කේ

    ReplyDelete
  9. සයුරි අක්ක නම් ඉතින් එගොඩ නෙ..මම තාම මෙගොඩ.. :(

    ReplyDelete
  10. හපුච්චියේ..........මේව දැක්කහම අපේ රටේ අනාගතේ බාරගන්න ඉන්න එව්වන්ට යන කල දසාව ගැන හිතාගන්න පුළුවන් නොවැ......

    ReplyDelete
  11. මටත් මතකයි බයේ ගැහි ගැහී ටිසල්ට් බැළුවා..

    මේ විභාග වලට දැන් වෙන දේ දැක්කම මීට ගොඩක් කලින් විභාගේ ලියන්න ලැබුන එක ගැන සතුටු වෙනවා..

    ReplyDelete
  12. ඉදුවර ජයප්‍රසාද්January 2, 2012 at 7:37 AM

    අනේ අක්කියෝ මේ http://waishawaknowe.blogspot.com/ අක්කා වගේ ඔයත් සෙක්ස් ගැන ලියන්නකෝ ඔයාගේ ලිපි හරි බොරිං. ලියනවා නේද අක්කියෝ.?

    ReplyDelete
  13. ඔය අවුල 2006 අවුරුද්දේ උනා නම් මම එලියේ. එහෙනම් දෙවෙනි පාර විභාගේ කිරිල්ල කෙසේ වෙතත් බාප්පත් එක්ක ටටේලර් ෂොප් එකේ වැඩ කරන්න තිබ්බා. :)

    අහිංසක ළමයින්ගේ අනාගතයත් එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ කියලා පොඩ්ඩක් හරි මේ කට්ටියට හිතෙනවා නම්....

    අර මනුස්සයා ලස්සනට සමාන පද වලින් වැරදි ටික වහගන්න හදලා.
    ඒකාබද්ධ = කම්බයින් = එකතු කරලා !!!!
    හික්ස් :)
    මේකට සිංහල වලට D එකක් ඇති මහිතේ. :)

    ReplyDelete
  14. එකම වචන ටිකක් නේද ඒ යක කියන්නේ..මෙන්න මේ සින්දුව පොඩ්ඩක් බලන්න http://aniwarathe.blogspot.com/2012/01/blog-post.html

    ReplyDelete
  15. @ Observer : විකට නළුවෝ තව හොඳයි ඔබා මාමේ...මෙයා මේ අපිව රවට්ටන්න හදනවනේ :) ආ ගෑනු ඉස්කෝලවල ඕක සාමාන්‍යයි මං හිතන්නේ...හැබැයි තාප්පෙන් පනින සිරිතක් නම් තිබුනේ නෑ :))

    @ බට්ටි : කියල වැඩක් නෑ බට්ටියෝ..

    @ සෙන්නා : ඒක නේන්නම්..අපිට සාමාන්‍ය පෙළ ටත් ඒ ආතල් එක මිස් උනා...ඒත් කැම්පස් එකේදී නම් පුළුවන් උනා එහෙම කරන්න :)

    @ Podi Kumarihami : අපි වගේ සාමාන්‍ය ජනතාවට මේවා තේරෙන්නේ නැහැ නේ පොඩ්ඩි :))

    ReplyDelete
  16. @ තනි අලියා : ඉසෙඩ් ඇත්තටම හොඳය......ඒ කතාවත් දමනවානම් අපි කියවන්න කැමතිය :)

    @ මියුරු : අනේද කියන්නේ මියුරු...පව් කියලත් හිතෙනවා මිනිහ ගැන..අනේ ඒකනේ අපිට ඒක මිස් උනානේ :(

    @ චම්මා : සහතික ඇත්ත මල්ලි :) ඒ වීඩියෝව දැකල නැති අයට මෙතනින් බලන්න
    පුළුවන්. පිස්සු හැදෙනවා...

    @ ශානි : නංගෝ, ඔයත් එගොඩ කියලා මට ඔයාගේ පොස්ට් එකෙන් හිතුණා. ඔයා අන්තිම තීරණයක්‌ අරගත්තද කියලනම් දන්නේ නැහැ...ඒත් හොඳ මාර්ගයක් තියනවා නේද...

    ReplyDelete
  17. @ කෝඩුකාරයා : ඒකනේ වැඩේ...මේ මිනිස්සු ඒවත් සෙල්ලමකට අරගෙන නේ..

    @ Dinesh : මටත් හිතෙන්නේ එහෙමයි මල්ලි...ඒ අතින් අපි වාසනාවන්තයි..

    @ ඉදුවර ජයප්‍රසාද් : එයා ලියන්නේ එයා කැමති දේ..මම ලියන්නේ මම කැමති දේ..බෝරිං උනාට කොරන්ට දෙයක් නැත :)

    @ මධු : අනේ ඒකනේ මල්ලි...අපිට ඕක උනානම් අපි අද කොහෙද? මේ අහිංසක ළමයිට කොහොම හිතෙනවා ඇත්ද..හික්ස්, ඒක තමා බර වචන ටිකක් දාලා තමන්ගේ නොහැකියාව වගන්න හදන හැටි දැක්කම හිනා යනවා..

    @ අසරණයා : හික් හික්..තනි ඇහැට ඇඬෙනවා නේන්නම්...ලින්ක් එක පොඩ්ඩක් වැරදිලා වගේ මල්ලි..අවුලක් නෑ මම හොයා ගත්තා..

    ReplyDelete
  18. අක්කෙ ඔයා බදුල්ලෙද උසස් පෙල කලේ????

    ReplyDelete
  19. මේ 3 Idiots ලා ලබන අවුරුද්දේ උසස් පෙළටත් මේකම කලොත්....අයියෝ ...අපේ රටේ අධ්‍යාපනයට ගිය කල....

    ReplyDelete
  20. @ Anonymous : නැහැ මල්ලි...ඇයි එහෙම ඇහුවේ?

    @ දිල් : නියම නම දිල් :) අධ්‍යාපනෙත් ඉවරයි වගේ තමා...

    ReplyDelete
  21. නෑහෑ අක්කෙ මට හිතුනා!!

    ReplyDelete
  22. මේ හාදයා හොඳයි පහේ සිස්සත්තේ කරන්න පංති යවන්න....

    ReplyDelete
  23. හ්ම්ම් අපෝ කතා කරලා වැඩක් නැහැ මෙදාපාර ළමයින්ගේ රිසල්ට්ස් වලට කරලා තියෙන දෙයක්..

    ReplyDelete
  24. හ්මි මම මෙ පාර කරපු කෙනෙක්.... මම නමි පුද්ගලිකව කියන්නේ mathz වගේ විෂය ධාරාවලට Z ස්කෝර් කුමය තනිකරම අනවශ්‍ය පැත්තක් විදියට ........හැමෝම කරන්නේ එකම විෂයන් 3 නමි මොකටද වැඩි බරක් එක විෂයකට දෙන්නේ අනික ඉංජිනේරැ පීඨයට නමි අඩුම අඩු දායකත්වයක් ලබා දෙන භෞතික විද්‍යාව රසායන විද්‍යාව වලින් ළමයිව උස්සලා තිබිබම ඒ ළමයා campus ගිහින් mathz බැරැව හිරවෙනකොට !!!! හිතලා බලන්න..............මෙ පාර අපේ පාසලේ නමි ABC වලටත් යන්න පුලුවන් හැබැයි AAB වලට යන්න බැහැ.....මෙකේ කොතන හරි වැරැද්දක් තියෙනවා...............හැබැයි කොතනද කියන්න බැරිතරමට සංඛ්‍යාලේඛන විශේෂයින් පවා අසමත් වෙලා................

    ReplyDelete
  25. @ මගේ දිනපොත : ඔයා එහෙම හිතන එක වැරදිමයි කියලා මම හිතන්නේ නැහැ...හැබැයි

    //ඉංජිනේරැ පීඨයට නමි අඩුම අඩු දායකත්වයක් ලබා දෙන භෞතික විද්‍යාව//

    මෙන්න මේකටනම් එකඟ වෙන්න අමාරුයි මල්ලි...කැම්පස් එකේ හිටපු අවුරුදු 4 විතරක් නෙමෙයි, තවමත් අපේ ඉගනීම් වලට භෞතික විද්‍යාව උපරිම දායකත්වයක් දෙනවා (බොහෝ විට ගණිතයටත් වඩා). කෙමිකල් ඉන්ජිනියර් කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් රසායන විද්‍යාව උනත් එහෙමයි. මේ එකක්වත් අපිට වැඩක් නෑ කියලා අහක දාන්න බැහැ. අපිත් කැම්පස් යන්න කලින් හිතුවේ mathz විතරයි ඕන කියලා. ගියාම mathz වලට තියන තැන දැක්කම පුදුම හිතුනා.

    අනිත් කාරණේ හිර වෙන තරමට ගණිතය බැරුව, අනිත් දෙකට විතරක් ලකුණු තිබුනට ඉංජිනේරු පීටයට යන්න තරම් හොඳ ඉසෙඩ් අගයක් එන්න විදියක් නැහැ. ඉසෙඩ් ක්‍රමයේ හොඳ ඒකයි. ඕක මුළු ලකුණු වලින් බැලුවානම් ඔන්න එහෙම වෙන්න තිබුනා.

    ReplyDelete
  26. මතකද සයුරි2004 අවුරුද්දෙ කෙමෙස්ට්‍රි පේපර් එකෙ ප්‍රථිපලවලත් ගැටළුවක් තිබුන. ඒකත් කම්පියුටර් අවුලක් කිව්වනෙ. ලංකාවට තමයි ඔය හැම අවුලම. ඔය වීඩියොවෙ කොමසාරිස්තුමා කියන විදියටම අපිනොදන්න ලයිව් වැඩසටහනක් මෙහෙයවනව ඩක් වත් ලුවිස් ක්‍රමය ගැන.අනේමන්ද ඔක්කොම ජෝක්.

    ReplyDelete
  27. @ඔබා මාමෙ - මොකද නැතුව.අපිත් පන්තියෙන් පැනලා හ්හින් තියෙනවා.

    @මගේ දිනපොත - මැත්ස් බෑ කියලා හ්හ ලොකු වැටීමක්නම් වෙන්නෙ නෑ.වැඩියම විෂයන් වල තියෙන්නෙ භෞතික විද්‍යාව.කැම්පස් එකේ මැත්ස් නම් මැත්ස් පුලුවන් එකාත් ඇන ගන්නවා.


    මම නම් දෙවෙනි පාර තමා දගලලා ගියේ.පලවෙනි පාර රිස්ල්ස් බලන්න ගියේ මං පොලේ ගිහින් එන ගමන් බඩු මලුත් උස්සගෙන නෙට් කැෆේ එකකට ගිහින්.හැබැයි එතකොටත් ෆෝන් එකෙන් දැනගෙන තිබුනෙ.ශුවර් නැති නිසා තමා ඉන්ටර්නෙට් එකෙත් බලන්න ගියේ.මොකද මම එච්චර ප්‍රතිපලයක් හිතාගන හිටියෙ නෑ නෙ.දන්න කියන සෙට් එකක් කොම්පීතරේ වටේ පිරිලා හිටියා.හැබැයි කට්ටිය මගෙ රිස්ල්ස් බලලා තිබුනා නොම්බරේ කොහෙන් හරි හොයාගෙන.ඉතිං ගියා ගත්තා ආවා..:)))
    දෙවෙනි පාරනම් යාලුවෙක්ගෙ ගෙදරකින් බලා ගත්තා.

    ReplyDelete
  28. @ ඔබ නොදුටු ලොවක් : සිස්සත්ව ළමයිටත් මොළේ තියනවා ඇති මීට වඩා :)

    @ වර්ණා : ඒක තමා නංගි...වගකීමක් නැති වැඩනේ

    ReplyDelete
  29. @ රෝස කුමාරි : ඔව් අප්පා...ලංකාවට තමයි හැම අවුලම. මෙයාල කම්පියුටරේට වරද පටවන්නේ හරියට කම්පියුටරේ තමයි ඔක්කොම කරේ කියන්න වගේනේ...

    @ නිසුපා : ඔයානම් එහෙනම් රිසල්ට් බලන්න එච්චර කටු කාලා නැහැ :)

    //.කැම්පස් එකේ මැත්ස් නම් මැත්ස් පුලුවන් එකාත් ඇන ගන්නවා//
    ඒක හරි :) අනික කැම්පස් එකේ මැත්ස් සබ්ජෙක්ට්ස් වැඩි හරියක් ඔප්ෂනල් නේ...එච්චර මැත්ස් ඕන වෙන්නේ ඉන්ජිනේරුවෙකුට නෙමෙයි..physical කරන කෙනෙකුට...

    ReplyDelete
  30. මම අර වීඩියෝව බැලුවේ නැහැ කම්මැලි නිසා...
    අපේ මිනිස්සු මේ වගේ අනාගැනීම් නොකරනවානම් වඩා හොඳයි කියල තමයි කියන්න තියෙන්නේ
    සම්පුර්ණ ලකුණු සළකලා කැම්පස් වලට ගන්නවානම් ඒකෙනුත් කොටසකට අසාධාරණයක් වෙනවා, Z අගයෙනුත් නොවෙනවා කියන්න බැහැ
    හැබැයි ලකුණු වලින් ගනිද්දී ළමයින්ට පැහැදිලි අවබෝධයක් ලැබෙනවා තමන්ගේ ප්‍රතිපලය ගැන
    Z අගය අනුව ගනිද්දී ඒකෙන් කාට හරි අසාධාරණයක් උනත් ඒක පෙන්නේ නැතුව ඒ පොඩි ඉලක්කමට වැහිලා යනවා කියල තමයි මට හිතෙන්නේ
    ලකුණු වලින් ගන්න ක්‍රමයේ අසාධාරණයක් මම දකින්නේ නැහැ
    ඒත් Z අගයෙන් කැම්පස් ගනිද්දී අසාධාරණයක් වෙනවා කියල හිතන්න පුළුවන් ළමයින්ගේ ප්‍රතිපලයි(A,B,C අකුරු) එයාල ලබල තියෙන Z අගයයි දිහා බැලුවහම

    එහෙං මෙහෙන් ඇහිච්ච විදිහට සයුරි මොරටුවේ ගිය කෙනෙක් කියල තේරුණා
    ඔයා ඉතිහාසය ගැන ලියන නිසා මට හිතිලා තිබුනේ ඒ සම්බන්ධව හදාරන හෝ හදාරපු කෙනෙක් කියලා :)

    ReplyDelete
  31. @ ලොකු පුතා : හි හි..ඒක නොබලපු එකත් හොඳයි..

    ඉසෙඩ් ක්‍රමයේ හොඳක් විදිහට මම දකින්නේ...ඒ ක්‍රමයට අනුව කෙනෙක් විෂයන් 3 ටම දක්ෂතාවයක් දැක්විය යුතු නිසා..උදාහරණයක් විදියට ලකුණු වලින් ගන්න ක්‍රමයේදී, බයෝ කරපු අය ලකුණු ගන්න ලේසිම විදිය බයෝ පේපර් එක නිසා ඒක ගිරවා දාලා කරනවා..අනිත් විෂයන් වලට දක්ෂතාවයක් නැතත් බයෝ ලකුණු නිසා කැම්පස් සිලෙක්ට් වෙන්නත් පුළුවන්..ඒත් ඒ කෙනා ඇත්තටම දක්ෂද කියන එක ප්‍රශ්නයක්...ඉසෙඩ් ක්‍රමයට අනුව එහෙම බැහැ..හැමෝටම අමාරු විෂයට වැඩි ලකුණු තිබුනොත් ඉසෙඩ් අගය වැඩි වෙනවා වගේම ලේසි විෂයකට පොඩ්ඩක් ලකුණු අඩු උනා කියලා ඉසෙඩ් අගයේ ලොකු අඩු වීමක් වෙන්නේ නැහැ...හැබැයි ඒ විෂය මුකුත්ම බැරි කෙනෙකුට හොඳ ඉසෙඩ් අගයක් ලැබෙන්නෙත් නැහැ..සමස්තයකට සාපේක්ෂව කරන මේ ගණනය කිරීමේ ලොකු අසාධාරණයක් තියනවා කියලා මටනම් හිතෙන්නේ නැහැ...මුළු ලකුණු ක්‍රමයේ නිරවද්‍යතාවය ඊට අඩුයි නේද (එක විෂයකට විතරක් දක්ෂ කෙනාටත් අවස්තාව ලැබෙන්නේ ඒ ක්‍රමයේදියි)...

    අපොයි නැහැ ලොකු..මම ඉතිහාසේ ඉගන ගත්තේ සා/පෙ ට විතරයි...පස්සේදී තනියම කියවපු හරියක් තමයි ඉතින්..මම ඉගන ගත්තේ මොරටුව ඉංජිනේරු පීඨයේ :)

    ReplyDelete
  32. //"මේ සමීකරණය ඔබලාට පැහැදිළි කරන්න හරිම අමාරුයි. ඒ නිසා නොකිය ඉන්න එක හොඳයි"

    මේ කතාව කියන්නේ Arts කළ මනුස්සයෙක්, හරියට එයාට තේරෙනවා වගේ කියන්නේ!
    ඕන කෙනෙකුට බුද්ධිමතෙක් වගේ පෙනී ඉන්න පුලුවන් කට වහගෙන ඉන්නකල්. කට ඇරලා උම්බෑ කිව්ව ගමන් තත්වේ ඉබේ ම එළිවෙනවා අක්කේ...

    ReplyDelete
  33. @ ලහිරු : ඒකනේ මල්ලි, මේ වැඩේට සුදුසු කෙනෙක් එව්වනම් හරිනේ. අඩු ගානේ තමන් තමන් නොදන්නා බව කියන්න තිබුනනේ.

    ReplyDelete
  34. අක්කට මතකද 2005 අවුරුද්දේ රසායන විද්‍යා පේපර් එකේ බහුවරණ අවුලක් ගියා ? කොහොමහරි ඒකෙන් මේකෙන් අන්තිමේදි ටිකක් වැඩිපුර කට්ටියක් කැම්පස් ගියා. මෙදාපාරත් එහෙම වෙලා ගොඩක් කට්ටිය කැම්පස් ගන්න වේද මන්දා

    ReplyDelete
  35. @ මධූ : එහෙම සීන් එකක් ගැන මටත් මතකයි මල්ලි. රසායන විද්‍යාවට නම් පුදුම අපලයක් තමයි තියෙන්නේ...මේ පාර වෙච්ච අවුලේ හැටියටනම් හැමෝම කැම්පස් ගත්තොත් ළමයි ගාන දෙගුණ වෙයිද දන්නේ නැහැ :)

    ReplyDelete
  36. @ මගේ දිනපොත: ඔබ AAB ප්‍රතිපලය ABC ප්‍රතිපලයට වඩා හොඳ එකක් ලෙස උපකල්පනය කිරීම තමයි මෙහිදී සිදු වී ඇති වරද. උදාහරණයක් විදියට පහත අගයන් බලන්න (මෙහිදී A - 76 - 100, B - 66 - 75, C - 56-65 ලෙස පහසුව පිණිස උපකල්පනය කර ඇත)

    පළමු සිසුවාගේ ලකුණු
    1. A - 78
    2. A - 79
    3. B - 69

    දෙවන සිසුවාගේ ලකුණු
    1. A - 92
    2. B - 74
    3. C - 64

    පැහැදිලි ලෙසම පළමු සිසුවාගේ 2, 3 විෂයයන්වල ලකුණු දෙවන සිසුවාගේ එම ලකුණුවලට වඩා වැඩි ය. එසේම z -score ගණනය කරන විට ලැබෙන බර ද වැඩි ය. එහෙත් දෙවන සිසුවාගේ 1 විෂයට ඇති ලකුණු ගණන පළමු සිසුවාගේ එම අගයට වඩා බොහෝ වැඩි නිසා එහිදී දෙවන සිසුවාගේ z අගය පළමු සිසුවාගේ අගයට වඩා වැඩි විය හැකි ය. විෂයකට z අගය ගණනය කරන්නේ (x - u )/zigma ලෙසයි. x යනු ළමයාගේ එම විෂයට අදාළ ලකුණු වන අතර u සහ zigma පිලිවෙලින් එම විෂයේ mean සහ standard deviation අගයයන් වේ. මෙහි සරල අදහස නම් විෂයක mean ලකුණු මට්ටමට සාපේක්ෂ ව සිසුවාගේ හැකියාව ඇගයීමයි. z අගය මුළු ලකුණු එකතුවට වඩා හොඳ නිර්ණායකයක් වන්නේ එම නිසා ය.

    ඉහත උදාහරණය අනුව බලන කල දෙවන සිසුවා පළමු සිසුවාට වඩා සුදුසු බව සරලව ද සිතිය හැකි ය.

    ..තේමිය..

    ReplyDelete
  37. @ ඇනෝ (තේමිය) : බොහොම ස්තුතියි ඔබේ පැහැදිළි කිරීමට. ඔව් ඒ අනුව බැලුවම ඉසෙඩ් ක්‍රමයේදී විතරක් නෙමෙයි, මුළු ලකුණු වලින් ගන්න ක්‍රමය අනුවත් ABC ප්‍රතිඵලය AAB ප්‍රතිඵලය ට වඩා හොඳ එකක්. ඒකයි මම කිව්වේ "අකුරු" මත පදනම් වෙලා ප්‍රතිඵල දෙකක් සසඳන්න බෑ කියලා.

    ReplyDelete
  38. ලංකාවේ මිනිස්සු තමන් අතින් වුන වැරදි පිළිගන්න තියෙන මැලිකම තමයි මේ හැමදේටම වැරැද්ද.. පුදුම උද්දච්චකමක්නේ තියෙන්නේ.. ඇමති කැමතිත් නෑ , විභාග කොමසාරිස් කැමතිත් නෑ. වෙන උන් කැමතිත් නෑ. එක ළමයෙක් හරි එල්ලිලා මැරුණා නම් තමයි මෙයාලගේ ඇස් ඇරෙන්නේ..

    අක්කිට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  39. @ අයිස් : මම හිතන්නේ ඔයා තමා හරිම වචනේ කිව්වේ.."උද්දච්ච කම" :) ඔයාටත් එසේම වේවා නංගි...

    ReplyDelete
  40. නිව් කොමාත් වැඩි වෙනසක් දක්වන ලක්ෂණ ආරම්භක දිනේම පෙන්නුවෙ නෑ වගේ. දේශපාලකයො ළඟ හතරට නැමෙන එවුන්ට නෙව ඔය තනතුරු දෙන්නෙ අද කාලෙ.

    ReplyDelete
  41. @ අවුට් සයිඩර් : අනේද කියන්නේ...හතරට පහට නැමෙන්න පුළුවන්නම් ඉතින් ඒක තමයි දක්‍ෂතාවය..

    ReplyDelete
  42. මේ ප්‍රතිඵල නැවත බැලුවොත් සතුටින් කිරිබත් කාලා ඉන්න ළමයිගේ ප්‍රතිඵල අවුල් වෙලා ගොඩක් ලොකු කෙලියක් වෙයි වගේ.මම ඊයේ තැපැල් කන්තෝරුවට ගියාම අපේ මුළු ඉස්කෝලෙම එතන පොරකනවා මෙහෙ මෙහෙමනම් අනික් පලාත්වලත් මෙහෙම ඇති...

    මොනා උනත් දුෂ්‍යන්ත සර් අපිට ගිය අවුරුද්දේ කිව්වා z අගය ගන්න ගිහිල්ලා මෙදා සැරේ කොමා ඇනගන්නවා මේක මෙහෙමයි හදන්න ඕනේ කියලා මට මතක විදියට සංකීර්ණ හා සංයෝජන පාඩම කියලා දෙනකොට.මම හිතන්නේ දුෂ්‍යන්ත සර්ට ඒ කාලේ තේරුණ ඒවා මේ මහාචාර්යවරුන්ට නොතේරුනේ හිතාමතාම මේකට කෙලවන්න බලන් ඉදලා කියලා...

    ReplyDelete
  43. @ ගැමියාගේ පත් ඉරුව : එතන තමා මල්ලි ප්‍රශ්නේ තියෙන්නේ...දැන් හරි ප්‍රතිඵල හදලා දුන්නත් ගොඩ දෙනෙක්ට දුක් වෙන්න වෙනවා..පව්. මේ විදියේ ඉසෙඩ් ගණනය පැටලෙන්න ඉඩ තියන වෙලාවක (අලුත් / පරණ නිර්දේශ නිසා) අඩු ගානේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හරින්න කලින් දෙපාරක් චෙක් කරලා බලන්න තිබුනේ නැද්ද මං අහන්නේ..

    ReplyDelete
  44. කොහෙන් ගියත් තැලෙන්නේ අහිංසක දුප්පත් ළමයි අක්කේ මොනා කරන්නද ඉතිං

    ReplyDelete
  45. @ ගැමියාගේ පත් ඉරුව : හ්ම්ම් :((

    ReplyDelete
  46. කාලෙකින් දැක්කෙ නැති නිසා ආවෙ මේ පැත්තට පාර හොයන්,
    දැන් මක්කෙයි අක්කා කොරන්නෙ?
    ඉංජෙක් ද වෙදෙක් ද?

    ReplyDelete
  47. @ Gordonia ceylanica : හප්පේ ගෝඩෝනියා මල්ලි දැක්ක කල්..ටික දවසක් අතුරුදහන් වෙලා හිටියා නේද? මම ඉතින් මැත්ස් නේ කොලේ මල්ලි..

    ReplyDelete
  48. හි හි මටනම් තාම මතක් වෙන්න ලකුනු එකතුකල විදිය අනුර ලොක්කා පෙන්නපු විදිහ....“මෙහෙම ගත්ත අනික මෙහෙම ගත්ත මේං මෙහෙම දෙක ඒකාබද්ධ කලා“ ඇයි බොලේ හිතුවද දන්නේ නෑ අපි සංඥා භාෂාව ඉගෙන ගන්නවා කියලා ..වැදගත් විචාරයක් සයුරි ජය වේවා!!

    ReplyDelete
  49. @ කල්ප : හි හි...ඒකනම් ඇත්ත කල්ප. තව සමාන වචන ටිකකුත් දාලා වාක්‍ය බර කරන්න හදනවා :) ස්තුතියි සටහනට...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...