Friday, January 13, 2012

හිච්චා

"හිච්චා" යනු මගේ පළමු මිතුරා ය. වැටි වැටි නැගිටින අවධියේ සිට ම මගේ තනි නොතනියට සිටි සුහද සගයා ය. මා ඉපදෙන විට අපේ පවුල් වල වෙනත් කිසිම පොඩ්ඩෙකු නොසිටි නිසාවෙන් තනිව සෙල්ලම් කළ මගේ, කරදරය ට නිතර හසු වූ අසරණයා ය. අත්තම්මා "හිච්චෝ..." කියන විට වෙඩිල්ලක් සේ  දුව ගෙන එන, සැමට හිතවත් බලු මහතා ය (උඹට නිකන්ම නිකම් බල්ලෙක් යයි කියන්නට අද ද මම කැමති නැත).




රට බල්ලෙකු නොවූ මුත් නිකන්ම වල් බල්ලෙකු ද නොවූ හිච්චා ට දුඹුරු පාට, කොට බූල් සූට් එකකුත් සර්පිලාකාර නැට්ටකුත් තිබුණ බව මට මතකය. පුංචි බලු පොව්වෙක් ලෙස සීයාගේ අත් දෙකේ ලැග ගෙන ගමේ නිවසට ඌ පැමිණි දවස මට මතක නැත්තේ මම ඉපදුනේ ඌ ට පසුව බැවිනි. වෙනකක් තබා ඒ වෙද්දී අපේ තාත්තා ත් සැහැල්ලු තනි කඩයෙකි :). එදා පටන් අත්තම්මාත් සීයාත් තාත්තා, පුංචි තාත්තා සහ නැන්දලා ගේ සුරතලා මෙන්ම ආරක්ෂකයා වූයේ ද හිච්චා ය.


හිච්චාගේ නම "හිච්චා" වුවද වැඩ නම් කිසි සේත්ම "හිච්චි" නොවීය. වෙල් යායක් මැද උස් බිමක පිහිටි වැට කඩුළු නැති, සීයා ගේ නිවසට ආගන්තුකයෙකු ගේ පැමිණීම සිදුවන්නේ පිළිවෙත් මාලාවක් අනුගමනය කිරීමෙන් පසුව යි. වෙල මැදින් වැටුන පාරේ පැමිණෙන අමුත්තා දෙස මිදුලේ සිටින හිච්චා ඈත තියාම බලා සිටී. සීයා ගේ නිවස පසු කර යයි නම් ඔහුට පාඩුවේ යන්නට දෙන හිච්චා, වැරදිලාවත් නිවස දෙසට හැරුනොත් ඔහුට දෙවියන් බුදුන් සිහි කිරීමට අවස්ථාව සළසා දෙයි. එනිසා අමුත්තන්ගේ පිළිවෙත වූයේ පාරේම සිට නිවැසියෙකුට කතා කිරීමයි. කෙසේ වුවත් නිවසට නිතර යන එන හිතවතුන් ට මේ කරදරය නොදීමට හිච්චා වග බලා ගනී.

එවකට තරුණ කෙල්ලන් වූ නැන්දලා, හොර ගහ යට ලිඳට නාන්න යන විට නොවැරදීම හිච්චා ත් සහභාගී වේ. ලිඳ අසළ කණ්ඩියට නැග ගන්නා හිච්චා නැන්දලා ගොඩට එන තෙක්ම කිසිම පිරිමියෙකු ට ලිඳ ලඟට බැසීමට ඉඩ නොදේ. පසු කලෙක මමත් තාත්තාත් අම්මාත් මේ ලිඳට නාන්න යන  විට ද හිච්චා අප සමග ආවේ ආරක්ෂාවට නම් නොවේ. තාත්තා සමග යන අපිට අමුතු ආරක්ෂාවක් වුවමනා නැති බව ඌ දනී. ඌ ආවේ හොර ගහ යට ලිඳේ සීතල වතුරෙන් නාගෙන යන්නට ය. අපිත් සමගම ළිං මිදුලට බහින හිච්චා නාවන්නේ තාත්තා ය. බඩට වතුර ගසන විට ඌ කකුල් දෙකෙන් හිට ගන්නා හැටි මට තාමත් මතක ය. අපි නා අවසන් වන තෙක් අවුව තපින හිච්චා ගෙදර යාමට පෙරමුණ ගන්නේ නියරවල් උඩින් සීරුවට පය තබමිනි. මඩ ගා ගත්තොත් තාත්තාගේ මහන්සියත් වතුර ටිකත් අපතේ බව සමහර විට ඌ දන්නවා ඇත.

සීයා ගේ පවුල ටත් අම්මා පැමිණි පසු අම්මා ටත් එක ලෙස හිතවත් වූ හිච්චා, ඉන් පසුව පවුලට එකතු වූ අලුත් අමුත්තා වන මට ද එළෙසටම හිතවත් විය. මා නිවසට ගෙනා විට ඔළුව කරකවා මා දෙස බැලූ හැටිත් මා නිසා ඌ ට තහනම් කලාප බවට පත් වූ පුටු සෙටිය, නිදන කාමරය, පැත්ත පලාතට වත් නොඑන්නට ඌ වග බලා ගත් හැටිත් කීවේ අපේ ලොකු නැන්දා ය. අපේ අත්තම්මා හිච්චා සහ මා ගැන තවමත් රස කර කියන කතාවක් ඇත.

"ඔන්න පුතේ දවසක් අපි පුතා ව කාමරේ නිදි කරවලා තියලා කුස්සියේ ඉව්වා. ටිකකින් බලද්දී ඔයා ඇඳ උඩ නෑ. ඒ දවස්වල ඔයා ඇවිදින්න පටන් ගත්ත අලුත. අපි හොඳටම බය වෙලා කෑ ගගහා දරුවා හොයද්දි පාරේ යන මනුස්සයෙක් කෑ ගහනවා ඇහුනා මෙන්න බබෙක් පාරේ යනවා කියලා. අපිත් දුවගෙන ගියා. බලනකොට පුතා පාර දිගේ පුංචි අත්තලාගේ ගෙවල් පැත්තට යනවා. ඔයත් එක්කම හිච්චාත් යනවා. ඔයාව හොම්බෙන් පාරේ අයිනට කරගෙන පාර මැදට එන්න නොදී ඌ ගිය හැටි තමයි බලන්න ලස්සන....."






මට අවුරුදු 3 ක් වන විට තාත්තා ට මාරුවක් ලැබුන නිසා අපිට ගමේ ගෙදරින් යන්නට සිදු වන තෙක් හිච්චා අපේ සුමිතුරා විය. පසුව ගමේ පැමිණි ගමන්වලදී ද ඌ පෙර ලෙසටම අපිට ආදරය දැක්වීය. එවන් එක් දිනක අපිට දකින්න ලැබුනේ වෙනදා මෙන් දුව විත් දෙපා මුල වැතිරෙන හිච්චා නොව මිදුලේ කොනක නිසලව වැතිරී උන් හිච්චාය. උපරිම ආයු වළඳා අවසන් ගමන් ගිය අපේ ආදරණිය හිච්චා වැලලූ වල ට සෙවණ දෙන උණ පඳුර දැන්නම් සීයා ගේ මිදුලේ නැත. ඒ උණ පඳුර සිටවූ, හිච්චා එතැන වැලලූ, සීයා ද නැත.

45 comments:

  1. සුරතුල් සතුන් ගැන කතා කියල ඇයි හැමෝම දුක හිතෙන තැනකින් නවත්වන්නේ.මට කවද හැරි බඳින්න බැරිවුනොත් මං ගෙදර බල්ලෝ ගොඩාරියක් හදනවා.ඒ කලේ ඉඳලම මං යාළුවොත් එක්ක කියල තියෙනවලු.

    ReplyDelete
  2. හරිම සංවේදීයි, මමත් සයුරි වගේ සත්තුන්ට නම් ගොඩාක් ආදරෙයි, අදටත් ගෙදරට කතා කලොත් ඉස්සෙල්ලම අහන්නෙ අම්මෙ ටීනාට, වස්තුට සුද්දිට කොහොමද කියලා. ටීනා කියන්නෙ බව් බව්, වස්තු මගේ පණ ඤාව් ඤාව්, සුද්දි කියන්නෙත් ඤාව් ඤාව් තමා.

    මට අසරණයට කියන්න තියෙන්නෙ මේ දවස්වල ලංකාවෙ පාරෙ ඉන්න බල්ලො මරන්න පෑලෑනක් යනවලු. ඔක්කොම අරන් යන්න ගෙදර... පවුනේ....

    ReplyDelete
  3. කාලයත් එක්කම ගොඩක් දේවල් වෙනස් වෙනවා.බල්ලා කියන්නේ ආදිම කාලේ ඉදන් මනුස්සයාගේ මිතුරෙක් නෙ.
    අර උඩ පින්තූරේ තියෙන අත අක්කගේ ද ?

    ReplyDelete
  4. මම නම් බව්වෝ හදන එක නැවැත්තුවා, උන් මැරුණා ම පුදුම විදියට දුක හිතෙනවා මට, ඊට වඩා හොඳයි කියලා හිතුණා නොහදා ඉන්න එක.. මෝඩ වැඩක් නම් තමයි, අනේ මන්දා...

    ReplyDelete
  5. හැම සතෙකුටම ඒ ආදරය හිමි වෙනවනම් ගොඩක් හොඳයි.

    ReplyDelete
  6. හැම බල්ලම ඔහොම නෑ සයුරි... අපේ නෝනිලගෙ ගෙදරත් බව්වෝ දෙන්නෙක් ඉන්නවා... උන් දෙන්නා කොහේ හිටියත් මං ගෙදර එද්දී ඉස්සරහට දුවන් එනවා... වෙලාවකට ඒ බැඳීම ගැන හරි පුදුමයි... තිරිසනෙක් වෙලත් බල්ලා ලඟ තියෙන සමහර හොඳ ගති අපේ මිනිස්සු ලඟ නෑනේ...!!!

    ReplyDelete
  7. ඔන්න අදනම් ගූගල් දෙයියා මට වද නොදී සයුරිගේ පෝස්ටුව පෙන්නුම් කලා...හුරේ...

    පොඩි කාලෙ ඉඳන්ම සත්තු හදලා ආදරේ කරන පුරුද්දක් මට තිබුනේ නෑ..මම බලු පැටවුන්...පූසන් අල්ලන්න හරිම අකමැතියි..ඒත් කුරුල්ලන්ට ආසයි...වෙන්න මහත්තයාගෙ ගෙදරත් තඩි බලු මහත්තැන් කෙනෙක් ඉන්නවා.....අපෝ එයාගෙ දඟ වැඩ බලන් ඉන්න දවසකුත් මදි....

    ReplyDelete
  8. හැම සතෙකුගෙම තමන් බලාගන්න ස්වාමියාට තියෙන්නෙ පුදුම ගෞරවයක්. අපිත් ඌට ඒ විදියට සලකන්න ඕන.

    ReplyDelete
  9. මමත් ආසයි චූටි බව්වන්ට. එයාලා මිනිස්සුන්ට වඩා හරිම හොඳයි. ආදරේ දෙනවා. මම චූටි කාලේ හිටපු බව්වා (මෙහෙම කියන්නේ ඔයා වගේ අර අනෙක් නම පාවිච්චි කරන්ට අකැමති හන්දා ) දැන් නෑ. ඒත් දැන් අම්මා ලඟ ඉන්නවා ෂෝක් එක්කෙනෙක්.

    ReplyDelete
  10. මගේ හිටපු බලු පැටව් ටිකත් මතක් උනා...

    ReplyDelete
  11. මම නම් සත්තු හදන එක නැවැත්තුවා අක්කේ..උන් මැරුණම පුදුම දුකක් තියෙන්නේ..මාත් හැදුවා පුසෝ සෙට් එකක් , හැම කෙනාම මොකක් හරි වෙලා මැරුණා.. :'(

    ReplyDelete
  12. අම්මෝ... මම නම් බුදු බයයි බව්වන්ට. පූසෝ නම් දෙන්නෙක්ම ඉන්නවා ගෙදර.

    ReplyDelete
  13. සංවේදී කතාවක් කියවලා ඉවර වෙලා මොනවද කියලා යන්නෙ කියලා හිතාගන්න බැරි වුනා.
    මට ටිකිරි,කිරි හාමි,ජින්නා(ඒ අපේ ගෙදර හිටිය බල්ලන්ගෙ නම්) මතක් වුනා.

    කතා කරැගේ (අපේ සයුරි අක්කා) කතා විලාශය නිසාම සංවේදී කතාවක් වුනත් හිතන්න යමක් ඉතිරි කරලා තියෙනවයි කියලා මට හිතෙනවා.

    ReplyDelete
  14. අපිටත් පොඩි කාලේ ඉඳලම බව්වො හිටියා. දැන් ඉන්න එක්කෙනාගෙ නම ' කළුවා' අපි කතා කරන්නෙ 'කළු' කියල.

    ReplyDelete
  15. අනේ මේක කියෙව්වාම හරිම ආසයි..:D ඒත් දුකකුත් ආව මගේ මැරුණූ බව්වා මතක් වෙලා..:(

    හිච්චා නම් ශෝ‍යි සුරතලෙක්..

    ReplyDelete
  16. සංවේදි කතාවක්...
    ///අපේ ආදරණිය හිච්චා වැලලූ වල ට සෙවණ දෙන උණ පඳුර දැන්නම් සීයා ගේ මිදුලේ නැත. ඒ උණ පඳුර සිටවූ, හිච්චා එතැන වැලලූ, සීයා ද නැත.///

    මෙන්න මේ කොටස තමයි මම මේ කතාවේ කැමතිම ටික,,, අනිත්‍යය...!!

    මම පෞද්ගලිකවම ගෙදර බල්ලන් හදනවාට අකමැති නිසා කවදාවත් බලු සුරතලෙකු මට සිටියේ නැත, කවදාවත් සිටින එකකුත් නැත :(

    ReplyDelete
  17. ජීවිතේ ඔහොම තමා සයුරි.... බල්ලොනම් හරිම ලෙංගතු සත්තු ජාතියක්.

    අවසානය හරිම දුකයි..

    හිච්චාට නිවන් සැප ලැබේවා ... !!!

    ReplyDelete
  18. අතීතයට අරන් ගිය පෝස්ට් එකක් අක්කියෝ... :(

    ReplyDelete
  19. මට අපේ නැති උන "රොමියා" මතක් උනා අක්කේ....

    ReplyDelete
  20. මටත් ආස හිතුනා බලු පැටියෙක් හදන්න..
    ඇත්තටම මධු අයියා අහපු එක ඇත්තද?

    ReplyDelete
  21. @ අසරණයා : සුරතල් සතුන් ගැන කතා අනිවාර්යෙන්ම ඉවර වෙන්නේ දුක හිතෙන තැනකින් තමා අසරණයෝ...එයාලගේ ආයුෂ හරිම කෙටියි නේ..ඒ ඉතින් බඳින්න බැරි උනොත්නේ..අපි බලමුකෝ :)

    @ Shaggy : Shaggy මේ පැත්තේ ආපු පළවෙනි වතාව නේද...සාදරයෙන් පිළිගන්නවා...ඔයාගේ බව්වට නම දාන්න තිබුනේ ස්කුබි කියලා :) බොහොම ස්තුතියි කමෙන්ටුවට..

    @ Gordonia : බොහොම ස්තුතියි..:)

    @ මධූ : හ්ම්ම් අපි පොඩි කාලේ තිබුනු කොයි තරම් දේවල් දැන් වෙනස් වෙලාද....අනේ මට ඒ වගේ මහත අතක් තිබුනනං කොච්චර ෂෝක් ද. හි හි

    @ ලහිරු : ඔයා කියන එකත් ඇත්ත මල්ලි..හදන නිසා නේ අන්තිමේ දුක හිතෙන්නේ...

    ReplyDelete
  22. @ ``` Outsider``` : හ්ම්ම්....ඒක නම් ඇත්ත

    @ Chathuranga : ඔව් චතුරංග...උන් හරිම පුදුම විදියට තමන්ගේ හිතවත්තු අඳුර ගන්නවා...ඒ වගේම පුදුම ගුණයක් තමා තියෙන්නේ..

    @ දිල් : හප්පේ..ඇති යන්තම් ගූගල් දෙයියා මට අනුකම්පා කරලද කොහෙද...වෙන්ඩ මහත්තයාගේ බලු මහත්තයා ට නම් දිල් කැමතියි වගේ එහෙනම් :)

    @ Praසන්ன : ඒක හරි ප්‍රසන්න...ඌ කරන දේ ට හරියන්න අපිත් ඌ ට සළකන්න ඕන..

    @ Podi Kumarihami : හනේ ඔව් පොඩ්ඩි...මිනිස්සුන්ට වඩා එයාලා කොච්චර හොඳයි ද...මිනිසාගේ විශ්වාසවන්තම මිතුරා ලු නේ බව්වා..

    ReplyDelete
  23. @ ~~තරූගේ ලෝකය~~ : තරූ මෙහාට අද තමා මුලින්ම ආවේ මගේ හිතේ...ඔන්න ඔයාවත් සාදරයෙන් පිළිගත්තා...

    @ ChammA : ඒක තමා මල්ලි ප්‍රශ්නේ...ගෙදර කෙනෙක් වගේ හැදිලා..ඉක්මනට මැරෙනවා බලන් ඉන්න අමාරුයි..

    @ Shani : හි හි මගෙත් ඉන්නවා බව්වන්ට බය යාළුවෙක්...බය වෙන්ට එපා නංගා..උන් හරි හොඳයි නේ..

    @ අපි වගේ : ඒ නම් ටික හරි ෂෝයි නේ මල්ලි :) ඔන්න වෙනද වගේ නැතුව වෙන විදියකට ලිව්වා...වෙනසකටත් එක්ක...

    @ නෙරංජි සුලක්ඛනා : ඔන්න නෙරංජි වත් සාදරයෙන් පිලිගන්නවා පහන් යායට...බොහොම ස්තුතියි නෙරංජි..

    ReplyDelete
  24. @ Observer : ඒක හොඳා...උන් ඉන්නකොට පාළු දැනෙන්නේ නැහැ...

    @ හිතුවක්කාරි : ඔව් හිතුවක්කාරියේ...උන් ඉක්මනට මැරෙන එක තමා දරා ගන්න අමාරු...ඔන්න ඔයාටත් ආයුබෝවන් කියලා පිළිගන්නවා..

    @ ලොකු පුතා : ලොකු පුතා හරි..ඒ හැමදේම දැන් නැති වෙලා ගිහින්..සීයාගේ ගෙදරත් නවීන කරලා හදලා පුංචි තාත්තා...ඉතින් ඉස්සර ගමේ යනකොට දැනෙනවා වගේ හැඟීමක් දැන් එන්නේ නැහැ..අනිත්‍ය තමයි. සුරතල්ලු නොහද ඉන්න එකත් හොඳයි තමා..

    @ Senna : ඔව් සෙන්නා..ඒ වගේ ලෙන්ගතු අය වෙන් උනාම කොයි තරම් දුකයිද..

    ReplyDelete
  25. @ නන්ඳු : නංගිටත් මේ වගේ මතකයක් ඇති එහෙනම් :(

    @ Dinesh : මල්ලි කලින් පොස්ට් එකක් දාලා තිබුනේ එයා ගැන..මට මතකයි..

    @ රහස් : හදන්න හදන්න මල්ලි...හැබැයි අවසානය දුකක්...
    මධු අයියට මේ දවස්වල පොඩ්ඩක් කචල් ලු :))

    ReplyDelete
  26. බල්ලා මිනිසාගේ හොදම මිතුරා කියන්නේ නිකන්ද මට මතක් වුනා ඉස්සරෝම මම හිටියේ අපේ ආච්චම්මලාගේ ගෙදර ඒ කාලේ අපේ මාමාගේ හොදම යාළුවා තමයි ටාසන් කියන්නේ හැබැයි වැඩිකල් උ ඉදලා නෑ බලු වෑන් එකකින් අල්ලන් ගිහින් තිබුනලු...

    දැනුත් බල්ලන්ට ගේමක් දෙන්න යනවා කියලා ආරන්චියි මොනා වෙයිද දන්නේ නෑ අප්පා මම නම් අකැමැතියි ඒ වැඩේට

    ආ තව අපේ ගෙදර හිටියා සෝදිසි සහ විමර්ශන කියලා බලු පැටව් දෙන්නෙක් මේ ලගදි....උන් දෙන්නට නම් තිබ්බේ ටීවී එකේ වැඩසටහන් වලින් උන් එච්චරට ගෙවල් ආරක්ෂා කරනවා....මරණය කාටත් පොදු දෙයක්නේ මොනා කරන්නද අප්පා

    ReplyDelete
  27. මම මේ ලිපිය දෙපාරක්ම කියෙව්ව. මටත් මගෙ සුරතල් බලල් පැටියව දාල එන්න උනානෙ. එයත් හිච්චාවගේ මට හරි ආදරෙයි හැබැයි ආඩම්බරයි. පූස් රාළල හිතන් ඉන්නෙ අපි එයාලගෙ සේවකයො කියලලු. ඒ උනාට බලු රාළල හිතන් ඉන්නෙ අපි එයාගෙ හොඳම යාළුවො කියලලු.

    ReplyDelete
  28. සන්සාර බැදීම් හරිම පුදුමයි.ලස්සන කතාවක්.

    ReplyDelete
  29. @ ගැමියාගේ පත් ඉරුව : සෝදිසි සහ විමර්ශන...හි හි...නියමයි ඒ නම් දෙක නම්...ඔව් අනේ, ඔය ටාසන් ට උන වැඩේ නම් හරිම දුක හිතෙනවා..

    @ රෝස කුමාරි : ඔයා කියන එක හරි..බළල්ලු ටිකක් ආඩම්බරයි..කොහොමහරි එයාලගේ වැඩේ කරගන්න තමයි බලන්නේ :)

    @ කස්ස : ස්තුතියි කස්ස....ඇත්තටම සංසාර බැඳීමක් වෙන්නත් ඇති..

    ReplyDelete
  30. අපේ ඉන්නව ඤායියො ගොඩාක්! හැබැයි උන්නං හිච්ච වගේ සත් ගුණවත් උන්නං නෙවෙයි! අපට රැග් දෙන්නම උපන් ජාතියක්! :)

    ලස්සන කතාවක්! :)

    ReplyDelete
  31. හරිම සංවේදි පෝස්ට් එකක සයුරී. අපේ ගෙදර බව්වෙක් ඉන්නවා එයාගෙ නම බිතෝවන්, නරක නෑ නේද? නම . අපි එයාව නෙමෙයි ගන්න ගියෙ පැටියෙක්. ඒ උනාට මෙයා ඒ පැටවුන්ගෙ තාත්තා. එයා තමයි අපේ මහත්තයා අරන් ආවෙ. ඩොබමන් එකෙක්. හරිම කීකරුයි. මගෙ දරුවො වත් මට මෙච්චර කීකරු නෑ. අපේත් පෙර ආත්මෙ නෑයෙක් වෙන්න ඇති. සසර බැඳීම හරිම පුදුමයි කියන්නෙ මේ වගේ අයටම තමා.

    ReplyDelete
  32. ලස්සන, දුක හිතෙන කතාවක්....අනේ පව් හිච්චට වුන දේනම්......

    හප්පොච්චියේ...මම නේද මේ බ්ලොග් එකේ 100 වෙනි ෆ්ලෝවර්.....හිහ්හ්හ්...මට ජය වේවා!!!!

    ReplyDelete
  33. @ තනි අලියා : අපොයි, ඥාව්වෝ ඔහොම තමයි අලියා. උන් මහ ආඩම්බරයි අර රෝස කුමාරි කිව්වා වගේ..

    @ චන්දි : ඔබ තුමිය වත් සාදරයෙන් මෙහාට පිලිගන්නවා...බිතෝවන් කියන්නේ ඉතින් ලෝක ප්‍රසිද්ධ නමක් නේ..මට මතකයි ෆිල්ම් එකකත් හිටියා බිතෝවන් කියලා බල්ලෙක්..:) බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට..

    @ සිහින : ඒක නේන්නම්...ඔයා තමයි 100 :). එහෙනම් දිගටම එන්න කියලා ආරාධනා කරනවා...මමත් සිහින බලන්න ආවා මගේ හිතේ..

    ReplyDelete
  34. මම අර බ්‍රවුනිගේ නැට්ට කැපුවට පස්සේ බල්ලෝ මාත් එක්ක තරහයි...

    ReplyDelete
  35. @ ඔබ නොදු‍ටු ලොවක් : මොකක්? බ්‍රවුනි ගේ නැට්ට කැපුවා??? :ඕ තියන්න වටින්නේ නැහැ නෙව..

    ReplyDelete
  36. හිච්චා ගැන කියෙව්වහම මට මතක් වුනා මට හිටිය පූස් පැටියා .එයාගේ පාටත් ඔය පාටමයී. අපි එයාට කිව්වේ ''චී'' කියලා.ඒත් කැළේ ගිහින් එයා පිඹුරෙක්ට අහුවුනා. ඊට පස්සේ පූසෝ ගෙනාවේ නෑ. බල්ලොන්ට නම් තාත්තා කැමති නෑ.
    ඊට පස්සේ මම ඇති කලා ගිරවෙක් එයාට කිව්වේ මාරි කියලා. මොකද මම හවසට කන්න ගේන මාරි පැකට් එකට විදින්න බලන් ඉන්නේ. ඒක් ගෙනාව වෙලේ ඉදන් ඌ මාරි මාරි කියනවා. ඉතිං එයා නිකම්ම මාරි වුනා.

    ReplyDelete
  37. අනේ මටත් අපේ බුශීව මතක් වුනා...:(((

    ReplyDelete
  38. @ බට්ටි : අපූරු නම් දෙකක් නේ තිබිල තියෙන්නේ :) පූසා ගැන නම් දුකයි...ඔයා ගිරවා ගැන කිව්වමයි මතක් උනේ..සීයලගේ ගෙදරත් හිටිය නේ පෙත්තප්පු කෙනෙක්..ඌ ට පෙත්තෝ කිව්වොත් තද වෙනවා...

    @ නිසුපා : හැමෝටම අන්තිමට මෙහෙම වෙනවා නේ :((

    ReplyDelete
  39. අනේ මට මතක උනා මගේ බව්වන්ව :((

    ReplyDelete
  40. @ වර්ණා : හ්ම්..ඔයා පොස්ට් එකක් දාලා තිබුනේ එයාලා ගැන නේද..:(

    ReplyDelete
  41. අපේ ගෙදරත් ඉස්සර හිටියා එකෙක්...ඌ ඉස්සරහ කුබුරෙ ඉන්න හරක් අදගෙන ගෙදට්ට එන්නෙ!!!!!!

    ReplyDelete
  42. very touching,...

    ඔයාව පාරේ එක්ක ගෙන ගිය එක නං මාරයි,...
    බලු යාලුවෝ ගොඩක් හිතවත් අපිට...මටත් ඉන්නවා එක්කෙනෙක්...

    ReplyDelete
  43. @ එල කොල්ලෙක් : හප්පේ..සිරා බව්වෙක් නේ

    @ ජිවන තතු : ස්තුතියි...ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන් යාය ට. ඔව්, එහෙම යාලුවෙක් ඉන්නවනම් පාළුවක් දැනෙන්නෙත් නැහැ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...