Friday, February 3, 2012

හමන සුළං සුවඳ නොවෙද නිතින් මෙබිම යාළුවේ




"ඇයි අපිට නිදහස මේ තරම් වටින්නේ?"

කූඩුවක දාලා ඉන්න කුරුළු පැටියෙක් ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවොත් හරියටම උත්තරයක්‌ දෙයි. ටික කාලෙකට කලින් අපිත් අපේ මුතුන් මිත්තෝ ත් මේ විදියට කූඩු වල දාපු කුරුල්ලෝ වගේ ජිවත් උනා. කොහෙවත් ඉන්න පරදේසක්කාරයෝ රංචුවකට ඔළුව නවා ගෙන ඉන්න උනා සෑහෙන කාලයක්. ඒක සිද්ධ උනේ 1815 දි නෙමෙයි, 1505 දී.

අපි 1948 දී නිදහස ලබා ගත්තේ ඉංග්‍රීසින් ගෙන් බව ඇත්තයි. ඉංග්‍රීසින් අපේ මුළු දිවයින ම යටත් කර ගත්තේ 1815 දී බවත් ඇත්තයි. ඒත් අපිට පරදේසක්කාරයින් ට යටත් වෙන්න සිද්ධ උනේ  ඊටත් ගොඩක් කලින්. ඒ, 1505 දී පෘතුගීසින් ගේ පැමිණීමත් එක්ක. රටේ ස්වාධීනත්වය අපිට මුලින්ම අහිමි උනේ ඒ වෙලාවේ. ඉන් පස්සේ ලන්දේසි කාරයෝ ඇවිත් 1660 දී පෘතුගීසි පාලන ප්‍රදේශ වල බලය අතට ගත්තම අපේ අයට සිද්ධ උනා පෘතුගීසින් වෙනුවට ලන්දේසින් යටතේ ජිවත් වෙන්න. දිවියා මොකද කොටියා මොකද දෙන්නම කරන්නේ මිනී කන එකනම්?

ඉතින් 1802 දී තවත් මේ වගේ පුල්ලි මාරු වීමක් වෙනවා. ඒ ඉංග්‍රීසින් ගේ පැමිණීම නිසා. ඒත් ඒ වතාවේදී උන් පුල්ලි මාරු කරලා විතරක් නිකන් හිටියේ නැහැ. 1815 වෙද්දී මුළු දිවයිනේ ම බලය උන් අතට ගත්තා. අවසාන නිදහස් රාජ්‍යය උන උඩරට රාජ්‍යය ත් සිංහලයා ට නැති උනා. ඉන් පස්සේ 1948 වෙනකන්ම අපේ අයට සිද්ධ උනා ඉංග්‍රීසින්ට යටත් වෙලා ඉන්න.

ඉතින් 1948 පෙබරවාරි 4 වෙනි දා අපි ලබා ගත්ත නිදහස "අවුරුදු 450" ක වහල් බවින් මිදීමක් හැටියටයි මම දකින්නේ. එනිසා ඒ දවස නිසැකවම සැමරිය යුතු වැදගත් දවසක්.

                                        "The formal ceremony marking the start of self rule, with the opening of the first parliament at Independence Square by the HRH Prince Henry, Duke of Gloucester in the presence of Rt Hon D.S. Senanayake as first Prime Minister of Ceylon."

 එදා ඉඳන් හැම වසරක් පාසාම අපේ අය මේ සොඳුරු දිනය සැමරුවා. හැබැයි තවත් අවුරුදු 30 කට විතර පස්සේ අපට සමරන්න උනේ සැබෑ නිදහස් උත්සව නෙමෙයි. ඒ, අපේ මව්බිමේ ස්වාධීනත්වයට තවත් තර්ජනයක් එල්ල වෙමින් තිබුණ නිසා.  ඒ වතාවෙදි නම් තර්ජනේ එල්ල උනේ යුරෝපේ පැත්තෙන් නෙමෙයි. තමිල්නාඩුවට නෑ කම් කියපු අපේ ම මිනිස්සු කොටසක ගෙන්. හරියට ඈත අතීතෙදි උනා වගේ. ඒ කාලෙත් අපිට ඔය පැත්තෙන් කොයි තරම් කරදර ආවද? මේ පාර වෙනසකට තිබුනේ උතුරුකරේ හිටපු අපේම මිනිස්සු ටිකක් ඒකට අතකොළුවක් හැටියට යොදා ගත්තු එක විතරයි.

ඉතින් 80 දශකයේ මැද භාගයේ ඉපදුනු අපි කවදාවත් සැබෑ නිදහස් උත්සවයක් සමරලා තිබුනේ නැහැ. අපි ඉපදෙද්දී රටේ නිදහස ආපහු විනාස වෙලා. උදේ ගෙදරින් එලියට බහින කෙනා රෑ ට ගෙදර එයි ද කියලා විශ්වාසයක් නොතිබුණු කාලයක් තිබුණා. නිරපරාදේ අහිංසක ජිවිත නැති උනා. රටේ ඊලාම් යුද්ධයක් තියනවා කියලා මට මුලින්ම කියලා දුන්නේ ලොකු අම්මා. දුටු ගැමුණු රජ්ජුරුවෝ රට එක්සේසත් කරපු කතාව මට කියලා දීලා අන්තිමට මෙන්න මෙහෙම කතාවකුත් කිව්වා..

"ඒ කාලේ එහෙම තිබුණු රට තමයි පුතේ දැන් මේ ආපහු හොද්ද වෙලා තියෙන්නේ". ඔය කතාව අහලා දුටු ගැමුණු රජ්ජුරුවෝ හින්දා උඩ ගිහින් ඉඳපු මගෙත් හුලං බැස්සා. ඉතින් මම අහගත්තා මොකක්ද මේ ඊලාම් යුද්ධේ කියන්නේ කියලා. එදා මට දුක හිතුනේ පොඩ්ඩක් එහෙම නෙමෙයි. මට හොඳට මතකයි එක නිදහස්  උත්සව දවසක අතුලගේ මේ සින්දුව රේඩියෝවේ විකාශය උනා..

සොඳුරු සිරින් මවුබිම මගෙ හද සරසා හාද වේ  
හද යදමින් මුදව් සබඳ වැටකොටු නැති මානයේ 
පවුරු බිඳන් රංචු ගැසෙව් සේසත යට සීරුවේ 
හමන සුළං සුවඳ නොවෙද නිතින් මෙබිම යාළුවේ

ඒක අහද්දී පුදුම ජාතිකාභිමානයක් හිතට දැනුනත් එවෙලේම හිතුනා මේ සින්දුව හිතට එකඟව කියන්න අපිට නිදහසක් නෑ නේද කියලා.

ඔය අතරෙදි තමයි නැවතත් බලාපොරොත්තුවේ පහන් එලි දැල්වෙන්න පටන් ගත්තේ. හිඟන්නාගේ තුවාලයක් වෙලා තිබුණු යුද්ධය නිම වෙන ලකුණු. ඒත් ඒක ලේසි වැඩක් නම් උනේ නැහැ. ඒ කාලය ඇතුලත නැතිවුන ජිවිත ගණන, හානි උන දේපළ, සේරටමත් වඩා මිනිස්සුන්ගේ හිතේ තිබුණ මරණ බය කොයි තරම්ද කියලා හිතා ගන්නත් අමාරුයි.  සිහින සොහොයුරා ලියන "මතක මංපෙත" ඒ තීරණාත්මක අවධිය ගැන මතක් කරගන්න හොඳ තෝතැන්නක්.


යුද්ධේ අවසාන මාසෙදි විතර අපේ ඔෆිස් එකෙත් වෙන වැඩක් කෙරුනේ නැති තරම්. හමුදාව ඉස්සරහට යන අඟලක් ගානේ අපිත් හිතින් ඒ පස්සෙන් ගියා. විනාඩියෙන් විනාඩියට ඩිෆෙන්ස් සයිට් එක රිෆ්‍රෙශ් කරා.
"කිලිනොච්චි අල්ලලා"
"පුනරීන් අල්ලලා"
මේ විදියේ සුභ ආරංචි මුලින්ම දැකපු කෙනා කෑ ගහලා කාටත් කිව්වම හැමෝම උඩ පැනලා ඔල්වරසන් දුන්නා. අසුභ ආරංචියක් ආවම එකා වගේ දුක් වුනා. ඒ අවසාන සටන වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උනේ එකම එක දෙයයි. අන්තර්ජාලයේ හැම අහු මුල්ලකම අපේ මව්බිම ට පහර ගහන්න කරන දේවල් ව්‍යවර්ථ කරන්න උත්සාහ කිරීමත් ගිනි අවිය අතින් අරගෙන ඉස්සරහට යන අපේ එවුන්ට හිතින් ආශීර්වාද කිරීමත් විතරයි. ඒත් ඒ දේ අපි එක හිතින් කළා.

අන්තිමේදී...2009 මැයි 17 වෙනිදා...ඔව්, ඒ ආරංචිය අපිට ලැබුණා. අවුරුදු ගානක් අහන්න පෙරුම් පුරපු ආරංචිය. "වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ මරණය". මිනිස්සු හැමෝම පාරට බැහැලා ජාතික ධජ උස්සගෙන සතුට උතුරන මූණු වලින් ප්‍රීති ඝෝෂා කරපු හැටි අපි දැක්කා. දශක 3 ක් තිස්සේ සිංහල, දෙමළ කාටත් වධ දීපු ත්‍රස්තවාදය පැරදවීමේ සතුට එදා හැමෝම අත් වින්දා.


එදා "දුටුගැමුණු, වේළුසුමන, නන්දිමිත්‍ර, සුරනිමල..." යන නාමයන් අද අපේ හිත්වල නිධන් වෙලා තියනවා වගේ වර්තමානයේ "රාජපක්‍ෂ, ෆොන්සේකා, ශවේන්ද්‍ර, ජගත්..." වැනි නාමයන්  අපේ අනාගත පරපුරේ හිත්වල පැළපදියම් වේවි. (මේකට දේශපාලන මඩ ගොහොරුව ඈඳ ගන්න එපා කියලා මම ඉල්ලනවා. ගසා කෑම්, අභ්‍යන්තර ගැටුම්, පාවා දීම්..මේ හැම දෙයක්ම එදත් තිබුණා, අදත් තියනවා, ඉස්සරහටත් තියේවි. ඒත් අන්තිමේදී ලක් ඉතිහාස පොත ට එකතු වෙන්නේ දියෙන් වෙන් කරගත් කිරි විතරයි. අපේ අනාගත පරම්පරාව උන්ගේ මුණුපුරු මිණිපිරියන් ට කියලා දේවි රාජපක්‍ෂ, ෆොන්සේකා සහ ප්‍රභාකරන් ගේ කතාව..)

ඉතින් දැන් අපිට නිදහසේ නිදහස් උත්සවය සමරන්න පුළුවන් නේද? මේ 64 වෙනි නිදහස් උත්සවය දවසේදී යුරෝපියයන්ගෙන් රට බේරා ගන්න කැප වුනු, වෙල්ලස්සේ කැරැල්ල, මාතලේ කැරැල්ල සඳහා උර දුන් අය  විතරක් නෙමෙයි ඊලාම් යුද්ධය නිසා දිවි පිදූ සියළුම දෙනාත්, 797 කැරැල්ල ඉන් එහාට මුල්ලේරියා සටන, විජය බා වළගම්බා සටන්, දුටුගැමුණු - එළාර යුද්ධය, මේ හැම අවස්ථාවකදීම මව්බිම වෙනුවෙන් දිවි පිදූ අපේ විරුවන්ට අපේ ගෞරවය පුද කරමු.

දැන් අපිට නිදහසේ මේ සිංදුව අහන්න ත් පුළුවන් නේද?

හමන සුළං සුවඳ නොවෙද නිතින් මෙබිම යාළුවේ

...

52 comments:

  1. නිදහසනං තමයි ....මෑත කාලයේ යුධ වීරයෝ හිරේ දාලා මොන නිදහසක්ද.....

    ReplyDelete
    Replies
    1. මේකට උත්තරේ මම ලිපියෙදි කියලා ඇති :)

      Delete
    2. oya wage gatuma hama ratema thibba. yudde welawedi andu peralanna hadapu jathika weerayooo dan Fonseka gana katha karanwa. pooooooooooooooooooooh

      Delete
    3. ඔබ හරි කින්කුස...ගොඩක් රටවල මෙහෙම තමයි

      Delete
  2. මව්බිම වෙනුවෙන් දිවි පිදූ දේශයේ විරුවන්ට අපේ ප්‍රණාමය...

    ReplyDelete
    Replies
    1. තනි කළේ නැත කිසි දිනේ...ස්තුතියි ශානි..

      Delete
  3. සිංහ ධජය ඔසවන්නට ඉපැදුන රටේ
    සටන් වැදි පුතුන් අපගේ ඉතිහාසේ
    සුද්දට ලියා දුන් ලියවිලි පිටිපස්සේ
    තිබු නපුරට එරෙහිව යුධ වැදුනේ..

    ReplyDelete
    Replies
    1. ඒ විරුවන් නොහිටින්නට මේ සිංහල රටේ
      ගැති කම් කරනව තවමත් උන් හට දුරු රටේ

      ස්තුතියි දිනේෂ්..

      Delete
  4. යුද්ධය ගැනවත් අමිහිරි මතක ගැනවත් ඒ යුද්දය ඉවර කරපු අය ගැනවත් කථා කරන්න මම කැමති නැ..

    එත් තාමත් මට මතක් වෙනවා මට දවසක් මුන ගැහුන කෙනෙක් කියපු කථාවක්.. මම එදා ඒ මනුස්සයට බැන්නා..

    ඒ මනුස්සයා කිවේ අපි තාමත් යටත් වෙලා උන්නා නම් හොදයිලු.. ඒකාලේ වගේ සංවර්ධනයක් දැන් වෙන්නේ නැහැලු

    එදා හදපු කොච්චි පාර තව අගලක් ඉස්සරහට ගෙනියන්න බැරිවෙලාලු.. ඔහොම නොකරපු වැඩ ගොඩාක් කිවා මට මතකත් නැ

    එත් ඇත්තටම කවුද කැමති යටත් වෙලා ඉන්න...

    අපි දැන් නිදහස්...

    සමරමු ප්‍රිති වෙමු නිදහසේ

    ReplyDelete
    Replies
    1. යටත් වෙලාම හිටියනම් හොඳයි කියන අය ඕන තරම් ඉන්නවා දේවා..එත් මම ඉන්නෙත් ඔයාගේ මතයේ. මොන දේ තිබුනත් මොකටද වහල් වෙලා ඉඳගෙන. කූඩුව රත්තරන් කියලා ගිරවා කැමති නැහැනේ කූඩුවට වෙලා ඉන්න.

      අනික ඔය සංවර්ධනය කරපුවාත් අපිට ආදරේට කරපුවා නෙමෙයිනේ..උන් මෙහෙ එන්න කලින් අපේ රටේ මිනිස්සු ජිවත් උනේ නැද්ද..

      Delete
    2. දේවා..

      ඔය කියන අදහස තියන ගොඩක් නිවටයො අපි අතර ඉන්නව.. ඒ විතරක් නෙමේ දැන් ආයෙත් සුද්දට රට බාරදෙමු කියලා පහත් රැල්ලකුත් හදාගන යනවා... නිකමට වගේ බලන්ඩකො Lanka C News පැත්තේ ගිහිල්ලා.. ඒකෙ කමෙන්ට් දාන සෙට් එකක්ම ඉන්නවා ගිරව් වගේ "සුද්දට රට බාර දෙමු " කියන..

      Delete
    3. ඇත්තටම එහෙම කට්ටියක් ඉන්නකොට කොහොමද රට සංවර්ධනය වෙන්නේ..

      ඇත්තටම ඒ හැම දෙයක්ම උන් කලේ අපේ රටේ සම්පත් සුරගෙන උන්ගේ රටවල් වලට ගෙනියන්න කියන එක හැමෝටම අමතක වෙලා...

      ඇත්තටම අපිට ඔය හැම ජාතියක්ම නයයි කියන එක දැන් ඒ හැමෝටම අමතක වෙලා

      Delete
    4. දේවා සහ සෙන්නා : අන්න හරි...නියම කතාව. එහෙම දේවල් කියන කළු සුද්දෝ තමයි ජාතියේ නියම හතුරෝ..

      Delete
  5. අපි ඇත්තටම නිදහස්ද? මං දැනන් හිටියෙ නං නෑ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නිදහස් වෙන්න නම් ඔබා මාමේ කසාද නොබැඳ ඉන්න වෙනවා...දැන් ප්‍රමාද වැඩි :)

      Delete
  6. ඒත් අක්කෙ දැන් ඔය සමරන නිදහසෙ කිසි තේරුමක් නෑ වගේ, ඒකත් කරන්නේ දේශපාලන අරමුණු මුල් කරගෙන නිසා නිදහසේ සැබෑ අරමුණු මතක් කෙරෙනවද කියලත් සැකයි...

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගේ එහෙම අරමුණුත් ඇති...ඒත් ඒවා එහෙම උනා කියලා අපිත් මේවා අමතක කරන එක හරි නැහැ නේද මල්ලි...මට දැනෙන එකම දේ අද අපේ රටේ නිදහසේ පය ගහලා ඉන්න පුළුවන් කියන එක විතරයි..

      Delete
  7. අද අපිට පුළුවන් නිදහසේ පය ගහලා ඉන්න තියන එක විතරයි. වෙ නම් පිළිගත හැකි නිදහක් මටත් දැනෙන්නෙ නැහැ. මානව ඉතිහාසයේ ලංකාව බේරා ගැනීමට වෙනුවෙන් යුද පිටියක සටහන් කර එක ලේ බිංදුවක් හැලූ හැම වීරයෙක්ම ජාතික වීරයෙක්මයි. ඔවුන් සදාකාලිකව ජනතා හදවත්වල ලැගුම්ගෙන හිඳීවි. ඒ ලේ හැලූ හැමෝම සිහි කරන දාට නිදහසේ අරුත අපිටත් දැනේවි...

    ReplyDelete
    Replies
    1. වෙනදා වගේම බොහොම ස්තුතියි ඔබට...ඇත්තටම නිදහසේ පය ගහලා ඉන්න ලැබීම ම ලොකු දෙයක් නේද..බොහොම හරි, නිදහස සැමරීමේ අරමුණ වන්නේ දුටුගැමුණු යුද්ධයේ පටන් ඊලාම් යුද්ධය දක්වා රට වෙනුවෙන් ලේ බින්දුවක් හෝ හැලූ විරුවන් සමරන එකයි..

      Delete
  8. හරිම වටින අදහසක් සයුරි..

    අපිත් ඔබ කියපු විදිහටම.. යුද්දය පසු පස්සෙන් ගියා.. දිනනකොට් උඩ පැන්නා.. පරදිනකොට මැලවුනා.. ඒත් අපි අතරම හිටපු සමහරු දේශපාලන හේතු මත පරදිනකොට උඩ පැන්නා.. අපි උන් එක්ක මරා ගත්තා...

    අන්තිමට අපේ වීරයො දිනුවා.. රට දිනුවා..

    ඇත්තම නිදහස් දිනය වෙන්ඩ ඕනා.. ඒ දිනය.. නැතුව සුද්දට වැදවැටිලා අනේ අපිව නිදහස් කරන්ඩ කියලා නිදහස අරගත්තු දිනය නෙමේ..

    ReplyDelete
    Replies
    1. ඔබටත් වෙනද වගේම බොහොම ස්තුතියි සෙන්නා..

      //ඒත් අපි අතරම හිටපු සමහරු දේශපාලන හේතු මත පරදිනකොට උඩ පැන්නා//
      මේ අය මෙහෙම කරන්නේ මොන හිතකින්ද අප්පා..දේශපාලනය හැම තැනටම රිංගනවා කියන්නේ ඕක තමා...අන්තිමට ඒ අයටත් අද බයක් නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ වීරයෝ රට දිනවපු නිසා...

      Delete
  9. //අන්තිමට අපේ වීරයො දිනුවා.. රට දිනුවා..

    ඇත්තම නිදහස් දිනය වෙන්ඩ ඕනා.. ඒ දිනය.. නැතුව සුද්දට වැදවැටිලා අනේ අපිව නිදහස් කරන්ඩ කියලා නිදහස අරගත්තු දිනය නෙමේ..//

    එකග වෙන්නම වෙනවා මේ කතාවට.

    //ඉතින් දැන් අපිට නිදහසේ නිදහස් උත්සවය සමරන්න පුළුවන් නේද? මේ 64 වෙනි නිදහස් උත්සවය දවසේදී යුරෝපියයන්ගෙන් රට බේරා ගන්න කැප වුනු, වෙල්ලස්සේ කැරැල්ල, මාතලේ කැරැල්ල සඳහා උර දුන් අය විතරක් නෙමෙයි ඊලාම් යුද්ධය නිසා දිවි පිදූ සියළුම දෙනාත්, 797 කැරැල්ල ඉන් එහාට මුල්ලේරියා සටන, විජය බා වළගම්බා සටන්, දුටුගැමුණු - එළාර යුද්ධය, මේ හැම අවස්ථාවකදීම මව්බිම වෙනුවෙන් දිවි පිදූ අපේ විරුවන්ට අපේ ගෞරවය පුද කරමු.//

    මේ හැම දෙනාම කියන්නෙ එකම දේ නේද? අපිට අද නිදහසේ හුස්ම ගන්න පුලුවන් උනේ මේ හැමෝගෙම එකතුවෙන්. අපි නිදහස විඳිමු සයුරී, කෙනෙක් මවාගෙන නිදහසක් නැතැයි කියා හිටියාට අපිට කරන්න දෙයක් නෑ නේද? අපි නම් දැන් ගින්දරක් නැතිව ලංකාවේ ඉන්න නිසා ඒ සතුට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චාන්දී අක්කා..ඇත්තටම මේ හැම දෙනාම නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ..අද නිදහසක් නෑ කියන අය එහෙම කියන්නෙත් දේශපාලන හේතු නිසා තමයි..ඒ කාලේ විඳපු ගින්දර මතක තියන කෙනෙක් අද කොහොම එහෙම කියනවද කියලා හිතාගන්නත් බැහැ..

      Delete
  10. තමන් ලැබූ දිවි පෙවෙතේ..
    කොටසක් රට සමය වෙතේ..
    පුදනොකලොත් නුඹෙන් පුතේ..
    මෙලොවට කිසි වැඩක් නැතේ..
    එදා අපේ රජවරු/ජාතික වීරයො, අද අපේ රණවිරුවො මේ විදියට හිතපු නිසා අපි අද නිදහසේ ඉන්නව. මේ ලැබූ නිදහස සදාකල් රුකගැනීම අපේ යුතුකමක්. සියල්ල අනිත්‍යවන ධර්මතාවයක් මත නිදහස විතරක් සදාකාලික වෙනව නෙමෙයි. නමුත් අපි ඒක ඇස්පනාපිටම විනාශ වෙන්න නොදී ධනයට, බලයට, නිලයට පාවානොදී රැකගන්න ඕනෙ... සයුරි අක්කගෙ ලිපිය නම් වෙනද කියනව වගේම එල... ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. ජාතිය රන් විමනක් වේ
      ආගම මිණි පහනක් වේ
      එය රැක ගන්නට මෙලොවේ
      සමත් වෙතොත් පුත නුඹ වේ :)

      //මේ ලැබූ නිදහස සදාකල් රුකගැනීම අපේ යුතුකමක්//
      බොහොම හරි මන්ඩ් මල්ලි, අපේ වැඩිහිටියෝ දිනලා දීපු නිදහස රැක ගැනීම අපේ වගකීම..ඉස්සරහටත් මේ වගේ තර්ජන ගර්ජන අපිට එයි..ඒවටත් නොබියව අපේ අය මුහුණ දෙයි කියලා හිතනවා..බොහොම ස්තුතියි මල්ලි..

      Delete
  11. අපට නිදහස දිනා දුන් යුධ වීරවරයොත් මේ අවස්ථාවේ සිහි කරන්ට ඕනා.
    දිනාගත් නිදහස දිවි හිමියෙන් සුරකින්ටත් අපි මේ නිදහස් දවසේ හිතට ගමු !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්..අපි ඒ නිදහස දිවි හිමියෙන් සුරැකිය යුතුයි..බොහොම ස්තුතියි මධූ

      Delete
  12. //. ඒ අවසාන සටන වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උනේ එකම එක දෙයයි. අන්තර්ජාලයේ හැම අහු මුල්ලකම අපේ මව්බිම ට පහර ගහන්න කරන දේවල් ව්‍යවර්ථ කරන්න උත්සාහ කිරීමත් ගිනි අවිය අතින් අරගෙන ඉස්සරහට යන අපේ එවුන්ට හිතින් ආශීර්වාද කිරීමත් විතරයි. // ඇත්තටම කොල්ලෝ වෙච්ච අපිටත් කරන්න තිබුනේ ඒ දේ විතරයි.දේශපාලනය පැත්තෙන් කෙසේ වෙතත් අපිට නිදහසක් තියෙනවා.

    හැමදාම වගේ ඉතින් අදත් කියන්නම්.ගොඩාක් වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. //දේශපාලනය පැත්තෙන් කෙසේ වෙතත් අපිට නිදහසක් තියෙනවා.//

      හරියට හරි අසරණයා...දේශපාලනේ පැත්තෙන් ගත්තොත් නම් රජවරුන්ගේ කාලවල පවා ඒක එහෙම තමයි...ඒත් මෙතන අපි අභ්‍යන්තර ගැටුම් ගැන කතා කරන එක තේරුමක් නැහැ නේ..හැමදාමත් වගේ, ඔයාට ස්තුතියි :)

      Delete
  13. ඇගේ මයිල් කෙලින් වෙන්නම ලියලා, මට ආඩම්බරයි මගේ රට ගැන..... අපි අපේ පැන්චන්ට කියල දෙන්නම් කාගෙද නම ගියේ කාගෙද හම ගියේ කියල...

    ReplyDelete
    Replies
    1. ඒක නම් බොහොම හොඳයි...ඇත්තටම මේ වගේ වෙලාවක නම යන්නේ කෙනෙක්ගේ හම යන්නේ තව කෙනෙක්ගේ..ඕනෑම දේකදී එහෙමයි. රුවන්වැලි සෑය හැදුවේ දුටුගැමුණු රජතුමා ලු. ඒත් ඒක ඇත්තටම එහෙමද? කලා වැව හැදුවේ ධාතුසේන රජතුමාද? ඒ නම යන කෙනාගේ නම යන්නෙත් ඉතින් හේතුවක් ඇතුව තමයි..

      බොහොම ස්තුතියි Shaggy ඇගයීමට..

      Delete
  14. ඇත්තටම සහෝදරී...නිදහසේ අතාව මෙච්චර ලස්සනට අහපු පළමු වතාවමේක වෙන්නැති

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ජනිත්..ඔයා මේ පැත්තේ ආපු පලවෙනි වතාව නේද..සාදරයෙන් පිලිගන්නවා..

      Delete
  15. අමතක වලා යන කට්ටියක් මතක් කල එක බොහොම වටිනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තරූ :)

      Delete
  16. මතක් කළ යුතුම කොටසක් ගැන නිදහස් දිනේ දවසෙ මතක් කළ එක මොනතරම් දෙයක්ද.... හරිම වටිනව සයුරි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මියුරු අක්කා..

      Delete
  17. ස්තූතියි විස්තර ටිකට. සයුරි හුගක් ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් නේද? හුගක් ආඩම්බරයී.

    ReplyDelete
    Replies
    1. හප්පේ..මට කවුරු හරි ඔහොම කිව්වමයි බට්ටියෝ :)

      Delete
  18. හොඳ ලිපියක් සයුරි. බට්ටිගේ අදහසට එකඟයි. :D

    ReplyDelete
  19. හප්පේ ඔයාටත් ස්තුතියි පොඩ්ඩි...ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට..:)

    ReplyDelete
  20. මට ආඩම්භරයි අක්කේ.

    ලිපිය පලකලාට ස්තූතියි අක්කේ.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි අපි වගේ මල්ලි...සටහනක් තියලා ගියාට..

      Delete
  21. විරුවන්ට අපගේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අලියා :)

      Delete
  22. මේ ලිපියනම් නියමයි අක්කෙ. නිදහස ගැන උපරිම සාධාරණ විදියට ලියලා...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හිතු :))

      Delete
  23. ආමි එකට යන්න ආසාවේ බෑ........හරිම සතුටක් දෑනෙනවා post එක කියවද්දි.....තව තවත් ඒ හමුදා පිලිබද post දාන්න....ඒ වගෙ දෙවිවරු ගෑන කොච්චර ලිව්වත් මදි!!!!!!ඔයාගෙ මම ආසම post එක මේක!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි එල කොල්ලා මල්ලි :)...ඇත්ත ඒ වගේ අය ගැන කොච්චර ලිව්වත් මදි..ඔයත් ඒ වගේ එඩිතර කෙනෙක් බව පේනවා..

      Delete
  24. මේකත් මට මග ඇරිලා සයුරි...
    මොනවා උනත් ඔයා ලස්සනට පෝස්ට් එක ලියල තියෙනවා
    නිදහස කියන දේ කාටවත් බලෙන් දනවන්න බැහැ
    ඒක හරියට පරාජිත මනසකින් ඉන්න කෙනෙකුට කවදාවත් දිනුමක් ලබන්න බැහැ වගේ තමයි
    දිනුවත් ඒ වගේ අය හැමදාම පරාදයි

    සුද්දා අපේ රට නියමෙට හැදුවා කියන වයසක උන්දලා වගේම, දැන් කාලේ එව්වොත් (සුද්දගේ පස්ස ලෙවකන්න බලාගෙන ඉන්න) කියනවා මටත් ඕනේ තරම් ඇහිලා තියෙනවා
    ඒ වගේ මිනිස්සුන්ගෙන් කොහොමත් අපේ රටට කවදාවත් සේවයක් වෙන්නෙත් නැහැ වෙලත් නැහැ

    ඒ වගේම කමෙන්ට් වලටත් ඔයා ලස්සනට උත්තර දීල තියෙනවා

    අපේ රටේ දැන් එක වර්ගයක මිනිස්සු කොටසක් වැඩිවීගෙන එනවා
    "අනේ අපේ රට ගන්න දෙයක් නැහැ, හැම දේම ගණන්, නිදහසක් නැහැ, මිනිස්සු එදා වේල කන්න නැතුව ඉන්නේ" මෙන්න මේ වගේ කියවන පිරිසක් බිහිවෙලා
    (රට පාලනයේ වැරදි තියෙනවා... නැත්තේ නැහැ
    නමුත් කාලයත් එක්ක යම්කිසි දියුණුවක් මගේ ඇස්දෙකටනම් දකින්න පුළුවන්)

    ඒ වගේ අයට නිකන් කන්න බොන්න දීල, සියළු සැපසම්පත් දීලා රටේ රජකම දුන්නත් වැඩක් නැති වෙයි
    එදාටත් මොකක් හරි දේකට ආඩපාලි කියයි
    ඒ වගේම තමයි තමන්ගේ දේශපාලන මතය හැම රෙද්දක් අස්සෙම දාගෙන දඟලන්න හදන එව්වොත් වැහි වැහැලා
    ඒවා ඇහුවහම මට හැමතිස්සෙම මතක වෙන්නේ අර පොඩි කාලේ අහපු "මැක්කාගේ කතාව"

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොකු කමෙන්ටුවට...ඔයා කියන්න වගේ අපේ රට දැන් ගන්න දෙයක් නැහැ කියන අය බොහොම වැඩියි..

      //නමුත් කාලයත් එක්ක යම්කිසි දියුණුවක් මගේ ඇස්දෙකටනම් දකින්න පුළුවන්//
      ඇත්තටම මේකට මම එකඟයි...දශක ගානකට නොතිබුණු දියුණුවක් පහු ගිය අවුරුදු කිහිපයට දැක්කා කියලා මට හිතෙනවා..පාලකයින්ගේ වැරදි වලින් ස්වායත්ත ව බැලුවොත් ඒක කාටත් පෙනෙයි...

      // ඒවා ඇහුවහම මට හැමතිස්සෙම මතක වෙන්නේ අර පොඩි කාලේ අහපු "මැක්කාගේ කතාව"//
      නියම කතාව :) සහතික ඇත්ත....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...