ගිය වර රාජාවලිය ලිපියෙදි ගැමියා මල්ලි කරපු ඉල්ලීමට අනුව ඔන්න මෙතෙක් දක්වා ලියපු රාජාවලිය ලිපි වලට සබැඳි ලබා දෙන්නම් (කැමති කෙනෙක් ඉන්නවනම් "රාජාවලිය" කියන ලේබල් එකට ගියත් ඔක්කොම බලාගත හැකි:).
සිංහලේ මුල සොයා - රාජාවලිය I
සුනාමියෙන් සේදී ගිය රාවණ රාජධාණිය - රාජාවලිය II
විජයාවතරණය හෙවත් කිරි මුට්ටියට මුහුම් දැමීම - රාජාවලිය III
සිංහලය ම සමගි කළ රාජ අභිෂේකය - රාජාවලිය IV
තමේව අනුකම්පාය - රාජාවලිය V
ගොළු මුහුද සහ හැඩි දෙමළු - රාජාවලිය VI
මා චණ්ඩාලියකී - රාජාවලිය VII
මහා කළු සිංහලයා - රාජාවලිය VIII
සිංහලේ පළමු රැජිණ - රාජාවලිය IX
දැහැමි රජවරු සහ ක්‍රිස්තු වර්ෂ මාරුව - රාජාවලිය X
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉතින් අපි පහුගිය ලිපිය අවසාන කළේ කනිරජානුතිස්ස විසින් ආමන්ඩගාමිණී රජතුමා මරලා රජකම පැහැර ගත්තට පස්සේ ආමන්ඩගාමිණී රජුගේ බිසවයි, දුවයි (සින්හවල්ලි), පුතයි (චූලාභය) තිවක්ක ග්‍රාමයට පලා ගියපු බව කියලා.
කනිරජානුතිස්ස රජතුමා ගේ කාලයේදී මිහින්තලේ භික්ෂූන් ගේ විනය සම්බන්ධ ගැටළුවක් නිසා රජුට විරුද්ධ වුනු හාමුදුරුවරු හැට නමක් රජු විසින් මරලා දැම්මාලු. ඒක තනිකරම රජතුමා ගේ වැරැද්දක් හැටියට සඳහන් වෙලා තියනවනම් මම දැක්කේ නැහැ. කොහොම උනත් මේ රජතුමාට රජ කරන්න ලැබුනේ අවුරුදු 3 යි (ක්‍රි. ව. 30 -33). ඔහුගේ ඇවෑමෙන් පස්සේ තමන්ගේ උරුමය හොයාගෙන චූලාභය ඇතුළු පිරිස නැවත පැමිණෙනවා.
චූලාභය රජතුමා රජ වී අවුරුදු දෙකක් අවසානයේ (ක්‍රි. ව. 33 - 35) මිය යන නිසා ඉන් පසුව අභිෂේක ලබන්නේ ඔහුගේ සොහොයුරිය වන සිංහවල්ලි. ඇය තමයි සිංහලේ දෙවන රැජිණ හැටියට හැඳින්වෙන්නේ. සීවලී රැජිණ කියලා හඳුන්වන්නේත් ඇයම තමයි. ඉතින් මේ සීවලී රැජිණ විවාහ වෙලා හිටියේ ඇගේ මස්සිනා වන (ආමන්ඩගාමිණී රජුගේ නැගණිය ගේ පුතා) "ඉළනාග" සමග. සීවලී රැජිණ අභිෂේක ලබා මාස 4 ක් ගත වෙද්දී ඉළනාග ඇගෙන් රජකම උදුරා ගත්තාලු (ඇය කැමැත්තෙන්ම රජකම දුන්නද කියල නම් අපි දන්නේ නැහැ. සමහරවිට එහෙම වෙන්නත් ඇති. කවදාහරි දවසක මේවා පොඩි කුමාරිහාමි වගේ කෙනෙක් අතින් සාහිත්‍ය කතා විදියට ලියවෙනවානම් මම කැමතියි :).
ඉතින් ඔය විදියට රජකම ලබා ගත්තු ඉළනාග රජතුමා පොඩි පහේ මෝඩ වැඩකුත් කරගන්නවා. දවසක් එතුමා ගියාලු තිස්ස වැව ළඟ පැවැත්වුණු උත්සවයකට. එතනදී "ලම්භකර්ණ" වංශිකයින් රජතුමාව ගණන් නොගෙන ආපහු හැරිලා නගරය ට ගියාලු. මෙතැනදී ලම්භකර්ණ වංශිකයින් ගැනත් පොඩ්ඩක් කිව්වොත් හොඳයි කියල හිතෙනවා. මොවුන් කොහොමත් මාන්නාධික පිරිසක්. ඔවුන් පැවතෙන්නේ සංඝමිත්තා තෙරණියගේ ආගමනයත් එක්ක දඹ දිවින් පැමිණි "සුමිත්ත" කුමරා සහ "සුමනා" කුමරිය ගෙන් ලු. ඔවුන් ධර්මාශෝක රජ්ජුරුවන් ගේ නෑයින් වන අතර දෙදෙනාම එක හා සමානව මව් පිය දෙපාර්ශවයෙන් ම නුවණින්, රුවින්, තේජසින් සමන්විත උන නිසා මේ දෙදෙනාගෙන් ඇරඹුන පරපුර ට "ලැමිණි" කියා කිව්වාලු. එය පසුව ලම්බකර්ණ වෙලා තියනවා. "ලම්බකර්ණ" යන්නෙහි තේරුම "දිගු කන් ඇති" යන්න නිසා ඔවුන්ගේ කන් වල ස්වභාවය අනුව මේ නම වැටුනා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ වන්ශාධික තත්වය නිසා ඔවුන් හිටියේ අධික මාන්නයකින්.
ඉතින් තමන්ට කරපු නොසළකා හැරීම ගැන කිපුණු රජතුමා මේ මාන්නය නැති වෙන්න ඔවුන්ට පාඩමක් උගන්වන්න හිතුවලු. මහා සෑය ට යෑම සඳහා පාරක් තැනීමට ඔවුන්ට භාර දීලා ඒකෙ වැඩ බලන්න චණ්ඩාල කුලයේ අයට නියම කරා ලු. මේක ඉතින් ලොකු අපහාසයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. ඒ නිසා ලම්බකර්ණිකයින් මොකද කළේ රජතුමාට විරුද්ධව කැරලි ගහලා ඔහු අල්ලාගෙන රජ මාළිගය ඇතුලෙම සිර කරපු එක. මෙහෙම ඉඳිද්දී සිංහවල්ලි දේවිය මොළේ ඇති වැඩක් කරලා තියනවා. ඔවුන්ගේ බිලිඳු පුතා "චන්ද්‍රමුඛසිව" රැගෙන ගොස් මගුල් ඇතු පාමුළ තබා රජු සිරකර ඇති බවත්, එලෙස ජිවත් වනවාට වඩා මැරෙන එක සැපක් බවත් පවසා බිලිඳා ව පාගා මරන ලෙස ඉල්ලුවාලු. එයින් කම්පා වුනු ඇතා මාලිගයේ දොරටු කඩා රජතුමා පිටේ හිඳුවා ගෙන එතනින් පළා ගියා ලු. මේ සිද්ධිය වෙන්නේ රජතුමා රජ වුනු අවුරුද්දේ මයි (ක්‍රි. ව. 35).
මේ විදිහට පළා ගියපු රජතුමා චෝල රජුගේ රැකවරණය පතා නැව් නැගලා චෝල දේශය ට ගියාලු. අපේ රජ කෙනෙක් පර දේශයක රැකවරණය පැතූ මුල් අවස්ථාව ලෙස තමයි මෙය සඳහන් වෙන්නේ. අවුරුදු 3 ක් (ක්‍රි. ව. 38 තෙක්) එහි සිටින ඉළනාග, චෝල රජුගේත් උදව් ඇතිව සේනා සංවිධානය කර නැවත පැමිණ ලම්භකර්ණිකයින් හා සටන් කොට රාජ්‍යය නැවත ලබා ගන්නවා. ඒ අවුරුදු 3 ඇතුළත ලක්දිව පාලනය කර තිබෙන්නේ ලම්බකර්ණ වංශිකයින්. ඔවුන් සමූහාන්ඩුවක් ලෙස එය කළ බවට තමයි විශ්වාස කරන්නේ. එහෙම නම් ලංකාවේ පැවති එකම සමූහාන්ඩුව ත් එය විය හැකියි.
ඉතින් නැවත රජකම ලබා ගත් ඉළනාග රජතුමා තවත් අවුරුදු 6 ක් (ක්‍රි. ව. 38 - 44) ලංකාවේ රජකම් කරනවා. ලම්භකර්ණිකයින්ට දරුණු වධ හිංසා පමුණුවන්න රජතුමා ලෑස්ති වෙද්දී එතුමා ගේ මෑණියන් මැදිහත් වෙලා එය සමනය කළ බවත් සඳහන් වෙනවා.
මී ළඟ රාජාවලිය ලිපියෙන් සෙල්ලම ලෙල්ලම කරගත් රජ කෙනෙක් ගැන කතා කරමු.
ආසාවෙන් කියවනවා හැමදාම නොදන්න ගොඩාක් දේවල් දැංවත් ඉගෙන ගන්න...කව්ද මේ සෙල්ලම ලෙල්ලම කරගත්තේ කියලත් බලමුකෝ.....
ReplyDeleteඑය මට සතුටක් :) එයා ගැනත් ළඟදීම දාන්නම්කො
Deleteඇත්තටම කියන්න කොහෙන්ද මේ විස්තර හොයාගන්නේ කියලා....
Deleteවැඩි හරියක්ම ජාලයෙන් තමා ඔබ නොදුටු අයියා...ඒ ඇරෙන්න ලංකාවේ ඉද්දි පොත් කියවලා සහ විද්‍යුත් ටිකාවෙන් ලියා ගතිපු කටු සටහනකුත් තියෙනවා :)
Deleteනියමයි නියමයි .....අයියා....හප්පෝ මට තාම 22යි......
Deleteහික් හික්...දැන් 22 යි නම් 18 න් විතරද දන්නේ නෑ බබාලා හම්බ උනේ...හි හි...
Deleteමේ හරිය නම් මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියෙ නෑ. ලම්බකර්ණ වංශිකයන්ගේ මූලාරම්භය ගැනත් දැනගත්තා... වටින ලිපියක්!
ReplyDeleteමම හිතන්නේ මේ හරිය අපිට ඉස්කෝලෙදිවත් ඉගැන්නුවේ නැද්ද කොහෙද මල්ලි..
Deleteමමත් මේ ගොඩක් දේවල් පළමුවතාවට ඇහුවෙ මේ ලිපිය කියවද්දි.... බොහොම ස්තුතියි සයුරි....
ReplyDeleteඅලුත් දෙයක් දැන ගත්තනම් මටත් සතුටුයි :) ස්තුතියි ඔයාට..
Deleteමම නම් දැන් මෙතනින් එහාට්ට ඉතිහාසය ගැන කියෝලා නෑ. කොටින්ම මේ ලිපියෙන් කියවෙන දේවලුත් මට ගොඩක්ම අළුත් දේවල්.
ReplyDeleteඅළුත් දෙයක් දැනකියාගන්න ලැබෙන එකත් ලොකු දෙයක් !!!
මේවා ගැන වැඩිය කොහෙවත් ලියවිලා නැද්ද කොහෙද මධු මල්ලි..විස්තර හොයා ගන්නත් අමාරුයි..
Deleteඒක තමයි ! ඒක තමයි !
Deleteසිංහල රාජ වංහය ගැන ලියන්න කොයිතරම් විශාල දැනුමක් තිබිය යුතුද කියලා හිතෙන්නේ මේ ලිපිපෙල කියෙව්වාමයි.අනෙක් අතට මහාවංශය, පූජාවලිය වගේ ඉතිහාසය පිලිබද ලියැවුන කෘති නූතන බසට පරිවර්තනය කර අදට ගැලපෙන බසකින් ලියන්න ගන්නා වූ වෙහෙසට අපි ඔබට ණයගැති වෙමු.
ReplyDeleteමටත් ඉතිහාසය ගැන වැඩි දැනුමක් නැහැ. මේ ලිපි පෙළ කියවලා ලබා ගන්න දැනුම ඊට වඩා ඉහළයි.
බොහොම ස්තුතියි ඔබට මේ කරන ඇගයීමට...ඔබ වැනි කෙනෙක්ගෙන් එහෙම අහන්න ලැබීමත් සතුටක් මට :) මම පුළුවන් තරම් උත්සාහ කරනවා විස්තරාත්මකව ලියන්න..මමත් ඉතිහාසය ඉගන ගත්තු කෙනෙක් නොවෙන නිසා ටිකක් බයෙන් තමයි මේකට අත ගැහුවේ..
Deleteඅනිත් හැමදාමත් වගේ ඔයාට තුති කියල යන්නම්! :)
ReplyDeleteහැමදාමත් වගේ ඔයාටත් ස්තුතියි අලියා...:)
Deleteඅනේ මාත් ඔච්චර දෙයක් දන්නෙ නෑ.... අක්කට ස්තුතියි..!!!
ReplyDeleteඅලුත් දෙයක් දැන ගත්තනේ එහෙනම්...තැන්කු නංගි...
Deleteඊළගට ඒ කියන්නේ යස ලාලක තිස්ස රජ්ජුරුවෝ ගැන නේ කියන්නේ...ලේබල් වැඩේ නම් නියමයි අක්කා..ඕන කෙනෙක්ට ඉක්මණට බලා ගන්න පුළුවන්නේ :))
ReplyDeleteඔය තේරිලා තියෙන්නේ...;) ලේබල් වැඩේ නම් ගොඩක් පහසුයි තමයි...ස්තුතියි මල්ලි
Deleteඉතිහාස පාඩම නැගලම යනව...සුභ ගමන්...!!!
ReplyDeleteබොහොම තැන්කු ඔබා මාමේ..
Deleteඉතිහාසය මෙච්චර ලස්සනට අපි ඉගෙන ගත්තෙ නෑනෙ.....
ReplyDeleteමටත් හිතා ගන්න බෑ අප්පා ඒ කාලේ අපිට ඉතිහාසේ එච්චර නීරස උනේ ඇයි කියලා :(
Deleteගොඩක් ආසාවෙන් කියෙව්වා.. පිළිතුරු ලිව්වෙ නැතත් අනිවාර්යයෙන්ම මේපැත්තට ඇවිත් අපේ රටේ ඉතිහාසය ගැන ගොඩක් වටින තොරතුරු කියවනවා... :)
ReplyDeleteඊ ළඟ කොටසත් බලාගෙන ඉන්නවා.. :)
දිගු ගමනකට සුබ පැතුම් අක්කියෝ..!!! :)
බොහොම ස්තුතියි නංගා..:) පිළිතුරු නොලිව්වට කමක් නැහැ. කියවලා අලුත් දෙයක් ඉගනගන්නවා නම් ඒක තමයි මගේ සතුට...:)
Deleteනියමයි මේ ලිපියේ සමහරක් තැන්නම් මම දැනන් හිටියේ නෑ..
ReplyDeleteමල්ලිත් එහෙනම් අලුත් දෙයක් දැන ගන්න ඇති නේ..
Deleteමෙහෙම රජ වරු ලංකාවේ හිටියා කියලා ඔන්න ඉතින් සයුරිගෙන් තමා දැන ගත්තේ.. නැත්නම් ඉතින් ගොඩක් ප්‍රසිද්ධ විජයබාහුලා, පරාක්‍රමබාහුලා, වගේ අය ගැන තමා ඉතින් ගොඩක් අහලා තිබුනේ..
ReplyDeleteඅපේ දේවල් අපිට කියලා දෙන එක ගොඩක් පින් සිද්ධවෙන වැඩක්..
දිගටම ලියන්ඩ ..ජය !!!
ඔයාටත් බොහොම ස්තුතියි සෙන්නා හැමදාම ඇවිත් මාව දිරිමත් කරනවට..මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ එක රජ කෙනෙක්වත් අත අරින්නේ නැතුව රාජාවලිය දිගටම ඉදිරියට අරන් යන්න..ඉතින් මේ සහයෝගය ගොඩක් වටිනවා..
Deleteහැමදාම කියනව වගේ මේ ලිපි ගොඩාක් වටිනව....ලියන විදිහත් ලස්සනයි...මෙච්චර දේවල් ඇත්තටම දැනන් හිටියෙ නැහැනෙ...
ReplyDeleteබොහොම ස්තුතියි සිහින ඔයාටත්...ඔයාලගේ කමෙන්ස්ට්නුත් ගොඩක්ම වටිනවා මට..
Deleteදන්නේ නැති දේවල් ගොඩක් ! බොහොම ස්තුතියි...
ReplyDeleteබලාගෙන ගියාම ඒ කාලෙත් මේ කාලෙත් බලය ඇති අය අතර වැඩි වෙනසක් නැහැ වගේ :D
එකනේ නිරෝෂිනී කියන්නේ...ඒ කාලේ කියලා කිසිම වෙනසක් නැහැ :D
Deleteලස්සන ලිපියක්ක් මම ගොඩක්ක් අසා කරන දෙයක්ක් ගෑන තමයි ලියල තීයන්නෙ අපේ ඉතිහාසය ගැන දෙගටම ලියන්න
ReplyDeleteඋබට ජයෙන්න් ජය...........................!
බොහොම ස්තුතියි රුවන්...මේවට ආස කරන අය ඉන්න එකත් සතුටක් :)
Deleteලන්කාවෙත් ඉදල තියෙන කස්ටියයයය............
ReplyDeleteඒක නේන්නම්, බලන්ටකෝ...
Deleteඇත්තටම සයුරි මට ඉතිහාසය ගැන ආස හිතුනෙ ඔයාගෙ බ්ලොග් එකෙන් පස්සෙ..නැත්නම් මම ඒව කියවන්න ඉස්සර ආසම නෑ..දැන් නම් ආසාවෙන් කියවනවා..ඔයා ලියන විදිය නිසාද මන්දා..
ReplyDeleteමේ වගේ දේවල් අහනකොට නම් හරිම සතුටුයි සිත් රූ. ඇත්තටම වැඩි දෙනෙක් මේවට ආස නැහැනේ...එක්කෙනෙක්ට හරි ආසාවක් ඇති වෙනවනම් ඒක කොච්චර ලොකු දෙයක්ද...බොහොම ස්තුතියි ඔයාට...:)
Deleteදිගටම ලියන්න.සමහර වෙලාවට කමෙන්ට් නොකලත් කියවන්ව.
ReplyDeleteස්තුතියි ඉන්දික අයියා...එය මට සතුටක්...
Deleteඅහ් මේක මාර වටිනවනේ...
ReplyDeleteස්තුතියි තරූ :)
Deleteඉතිහාසය මාර ලස්සනට ලියනවනේ. පොඩ්ඩි නම් හිතුවේ, 'සිංහ සීවලී' කියනකොට අර සුප්පා දේවිගේ දුව කියලයි. සුප්පා දේවී ගැන මොනා හරි දන්නවද?
ReplyDeleteඅපේ ඉතිහාසේ එන කාන්තාවන් ගැන ලස්සන පොතක් උනත් ලියන්ට පුලුවනි නේ?
ඒ පාර පොඩ්ඩි නමත් වෙනස් කරගෙන වගේ :)
Deleteසිංහවල්ලි නේ මෙයාගේ නම...සීවලී කියලත් කියනවා..(සිංහ සීවලී නෙමෙයි.) මේ පෝස්ට් එකේ සුප්පා දේවි ගැන ටිකක් ලිව්වා...ඒත් ඔයාගේ වගේ ලස්සන කතා විදියටනම් නෙමෙයි..වාර්තා විදිහට :)
ඒක ඇත්ත, ඕන තරම් චරිත තියනවා..පොතක් ලියවෙනවානම් කොච්චර හොඳද..
පොඩ්ඩි දැන් බ්ලොග් එකක් ලියන්නේ නැද්ද
Deleteප්‍රොෆයිල් එකෙන් ගියාම බ්ලොග් එකට යන්න බැහැ(මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද දන්නේ නැහැ)
ඒ මදිවට නමත් වෙනස් කරගෙන
මම ඉතිහාසය ගැන දැනගන්න ගොඩක් ආසයි
ReplyDeleteපරණ පොත්පත් ගොඩක් ඒවා මාගේ ගාවත් තියෙනවා
ඒ තියෙන ගොඩක් ඒවා යටත් විජිත සමයේ ලියවුනු ඒවා
නමුත් ඔයා ලියන පෝස්ට් වලින් රජකාලයේ මම අහල නැති කතා ගොඩක් දැනගත්තා
හැමදාම වගේ ගොඩක් ස්තුතියි නොදන්නා ඉතිහාසය අපිට කියල දෙනවට
එහෙම පොත් ඔයා ළඟ තියනම් ඔයා ගොඩක් වාසනාවන්තයි..ඒවා ආරක්ෂා කරගන්න...පොත් පත් හිඟ කම නිසා මම විඳින්නේ පුදුම දුකක් මෙහෙ ඉඳං..:(
Deleteවෙනද වගේම බොහොම ස්තුතියි ලොකු ගේ කමෙන්ටුවට..
බලන්නකෝ අප්පා මට මේ ලිපිය මිස් වෙලානේ කාලෙකින් ඇයි පෝස්ට් එකක් නැත්තේ කියලා බලන්න ගොඩවුනේ මාවත් මතක් කරලා තියෙන්නේ....දැං ලේසියි ඉක්මන්ට තෝරගන්න පුළුවන්
ReplyDeleteමගුල් ඇතු පාමුල දරුවා තියපු එක නම් හෙනම බයානක වැඩක් මම මේ ඇහුවමයි එහෙම දෙයක්....ඊළඟ ලිපියෙන් එන්නේ අර දොරටුපාල එක්ක මාරුවුනු කේස් එකද ???? බොහෝම වටින ලිපි පෙළක් පින්තූරත් නියමයි ජය වේවා
හප්පේ...ලොකු පුතාටත් පෝස්ට් මිස් වෙලා ලු..ඔයාටත් මිස් වෙලා..
Deleteඒ මගුල් ඇතා ෆුල් ෂුවර් එකෙක් වෙන්න ඇති..පාගන්න කියල ලු නේ ලමයව තිව්වේ..ඔව් ඔව් ඒ කේස් එක තමා..:)
බොහොම ස්තුතියි ගැමියා..
godaak dewal igenagaththaa akke
ReplyDeleteඒක මට සතුටක් නංගි...
Delete