අමරණීය වෙන්න කැමතිද කියලා මම ඔයාලගෙන් ඇහුවොත් කීප දෙනෙක් හරි "කැමතියි" කිව්වොත් මම පුදුම වෙන්නේ නෑ. එහෙම හිතෙන එක ස්වාභාවිකයි. මරණයට තියන බය හින්දාත් තමන්ගේ නෑයින්, හිත මිතුරන්, දේපළ දාලා යන්න තියන අකමැත්ත හින්දාත් එහෙම හිතෙනවා ඇති. ඒවාට තියන ආසාව වැඩි වෙන තරමට ජීවත් වීමේ ආසාවත් වැඩි වෙනවා.
හැබැයි නිකමට හිතන්න අපිට අමරණීය වෙන්න අවස්ථාවක් ලැබුණා කියලා. එතකොට හැමදාටම නොමැරී ජීවත් වෙන්න පුළුවන්. මොකද හිතන්නේ?
~~~~~~~~~~~~~~~~
"Tuck Everlasting" කියන්නේ 2002 වසරේ තිරගත උන චිත්‍රපටියක්. බලපු අය දන්නවා ඇති, ඒකෙ තියෙන්නේ හරිම ලස්සන කතාවක්.
"ජෙසී ටක්' කියන්නේ "ටක්" පවුලේ බාල පුතා. කැලේ තිබුණ එක්තරා දිය උල්පතකින් වතුර බීපු නිසා ඒ පවුලම අමරණීය බවට පත් වෙලා. ජෙසීත් ඔහුගේ අයියාත් දෙමව්පියනුත් කැලෑබද පුංචි ගෙදරක සරල, ලස්සන ජීවිතයක් ගෙවමින් ඉන්නවා. බැලූ බැල්මට හැම දෙනාම සතුටින්. මරණය ගැන කිසිම බයක් නැහැ. ලෝකේ සංචාරය කරන්න, කැමති කැමති දේවල් කරන්න ඕන තරම් කාලය, අවස්ථාව තියනවා.
ඔය අතරේ තමයි ජෙසී ට "විනී" මුණගැහෙන්නේ.
ඇය ඉතාම ලස්සන, දඟකාර තරුණියක්. ඇය ජෙසීගෙන් අමරණීය වීමේ රහස දැනගන්නවා. ජෙසී ට උවමනා වෙන්නේ ඇයත් අමරණීය බවට පත් කරගෙන හැමදාම සතුටින් ඇයත් එක්ක ඉන්න. ඒත් මේකට විරුද්ධ වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජෙසී ගේ පියා. අමරණීය වෙන එක පිටතින් පේන තරම් සුන්දර නැති බව ඇයට අවබෝධ කරලා දෙන්න ඔහු උත්සාහ කරනවා.
~~~~~~~~~~~~~~~~~~
කොටින්ම, අමරණීය වෙනවා කියන්නේ දුකක්. හැමදාම එකම විදිහට එකම ශරීරය, රූපය, හැඩය ඇතුව ජීවත් වෙන එක වෙහෙසකරයි (ලස්සන උනත් කැත උනත් ඒකෙ වෙනසක් නැහැ). ඔයාලම හිතන්න හැමදාම එකම දේ එකම විදියට කණ්නාඩියෙන් දකින්න ගත්තොත් කොහොම හිතේවිද කියලා. ඔට්ටුයි අයිශ්වර්යා රායිට උනත් අවු 100 ක් ගියාට පස්සේ එයාවම එපා වෙනවා. ඒක තමයි මිනිස් මනසේ ස්වභාවය. ඉතින් සදාකාලිකවම එකම විදියට ඉන්න උනොත් කොහොමට තියෙයිද? ඒ වගේම එකම දෙමව්පියන්, සහෝදරයින්, නෑයින් සමග ජීවත් වෙන එක. සදාකාලිකවම එකම පිරිසක් සමග සම්බන්ධතා තියාගන්න උනොත් ඒකත් එපා වෙනවා නේද. මම දැකලා තියනවා "ලබන ආත්මෙවත් මට හොඳ සහකරුවෙක් /දරුවන්/ දෙමව්පියන් ලැබුනොත්, හොඳ යහළුවන් ලැබුනොත්" කියලා හිතන අය. ඉතින් එහෙම අය අමරණීය උනොත් එහෙම, නෝ ඔප්ෂන්. නැත්නම් මෙහෙම හිතන්නකෝ. අමරණීය එක්කෙනෙක් ජීවිතාන්තය දක්වා හිරේ ගියොත් කොහොමට හිටීවිද? :)
ඒ වගේමයි සහජ දක්ෂතා. ඒවත් වෙනස් වෙන්නේ නෑ. කෙනෙක් තාක්ෂණික පැත්තට දක්‍ෂතා ඇතුව ඉපදුනොත් ඔහුට සදාකාලිකවම කරන්න වෙන්නේ එච්චර තමයි. කොයිතරම් වෙහෙසකරද කියලා හිතලා බලන්න. ඒ විතරක් නෙවෙයි, මොනවා හරි හිත් රිදීමක් ඇති උනොත් ඒක සදාකාලිකවම හිතට වදයක්. මැරෙන මිනිස්සුන්ට වගේ නැවුම් මනසකින් ජිවිතේ අලුතින් පටන් ගැනීමක් නැහැ. කිසිම දුකක් නැතුව දිගටම සතුටින් හිටියොත් අවුලක් නෑ නේද කියලා ඔයාලට හිතේවි. ඒත් එහෙම වෙන්නේ නෑ. මොකද "සතුට" කියන්නෙත් සාපේක්‍ෂ දෙයක් නිසා. අපිට සතුට අර්ථදක්වන්න සිද්ධ වෙන්නේ "දුක" දිහා බලලා ඊට සාපේක්ෂව. දුකක් නැති තැන සතුටකුත් නැහැ. තියෙන්නේ ඇල්මැරුණු ගතියක් විතරයි. හැමදාටම ඇල්මැරුණු ජීවිතයක් ගතකරන්න කවුද කැමති?
ඉතින් මමනම් හිතන්නේ දුක, කඳුළු, හිත් රිදීම් වගේම මරණය කියන්නෙත් මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයක්. නැත්නම් එතන "ජීවිතයක්" කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.
මේ තියෙන්නේ ජෙසී ගේ පියා වීනිට කියපු දේවල්වලින් ටිකක්..
"Look around you...It's teeming life...
Flowers and trees and frogs...It's all part of the wheel...
always changing...always growing...like you Winnie...Your life is never the same...
One day, you'll grow up...You'll have children and then one day, you'll go out...
just like the flame of a candle...That's the natural way of things...
And then, there's us...What we have, you can't call it living...
We just "are"....like rocks stuck at the side of a stream...
Death is part of the wheel...the same as being born...
You can't have living without dying..."
"ජීවයෙන් පිරුණු වටපිටාව දිහා බලන්න...මල්, ගහකොළ, සතුන්, මේ හැම දෙයක්ම රෝදයක කොටස් වගේ...නිරතුරුව වෙනස් වෙමින් වැඩෙනවා...හරියට ඔබ වගේ...
කවදාහරි දවසක ඔබත් ඉටිපන්දම් දැල්ලක් වගේ ලෝකයෙන් සමු ගනීවි...අලුත් ජිවිතයක් සොයා ගනීවි...
ඒත් අපි? මේකට ජිවත් වෙනවා කියලා කියන්න බැහැ....
අපි හරියට දිය පාරක අයිනේ හිර වෙලා තියන ගලක් වගේ. ...
ඉපදීම වගේම මරණයත් මේ චක්‍රයේ කොටසක්...මරණය නැති තැන ජිවත් වීමකුත් නැහැ...."
ඉතින් අන්තිමට විනී මොන වගේ තීරණයක් ගනීවිද කියලා හිතන්න පුලුවන්ද? ඒක චිත්‍රපටිය බලලම දැනගත්තොත් හොඳයි කියලා හිතෙනවා :)
ඉතින් ඔයාලා තව දුරටත් කැමතිද අමරණීය වෙන්න?
දුක, සතුට, දිනුම, පැරදුම, ආදරය මේ හැම දේම විඳින්න තරම් මනුසතුන් වාසනාවන්තයි. ඒ හැම දේකින්ම පිරුණ ජීවිතය උපරිමයෙන් විඳින්න. ජිවිතයට එක තැන රැඳෙන්න ඉඩ දෙන්න එපා.
ගඟ අසබඩ ගලක් නොවී පාවෙන වන මලක් වෙන්න.
"Don't be afraid of death...but the unlived life"
ප. ලි.
ලහිරු ගේ ආයුෂ ගැන පෝස්ට් එක දැකලා තමයි මට මේක මතක් උනේ.
pirates of the Caribbean ෆිල්ම් එකෙත් ඔහොම වතුර උල්පතකින් වතුර බිව්වම අමරණීය වෙන කේස් එකක් තිබ්බා.මට මතක විදියට ඒකට කිව්වේ fountain of youth කියලා....
ReplyDeleteම්ම්ම් ඒ වුනත් ඉතින් අමරණීය වෙන එකත් එක්තරා විදියක මරුවට තියෙයි නේද.කොච්චර දේවල් කරන්න පුළුවන් වෙයිද?? හැබැයි ඉතින් නොමැරී ඉන්නවට වඩා සදාකාලික තාරුණ්‍යය පවත්වාගන්න තිබ්බනම් තමා මරු.පෙනුම වෙනස් කරගන්න ප්ලාස්ටික් සර්ජරි කරතෑකිනේ ඕන්නං...
සෑහෙන්න ෆිල්ම් බැලුවත් මේ ෆිල්ම් එක බලන්න සෙට් වෙලා නෑ.ඔත්තුවට ස්තූතියි ඈ.... ජය වේවා අක්කේ.කාලෙකින් මේ පැත්තේ ආවේ.පහුගිය ටිකේ එහෙ මෙහෙ ඇවිද්දා ජොබක් හොයාගන්න දැන් ඒකත් හරි...
මේ චිත්‍රපටියේ ජෙසිගේත් තරුණ කම නැති වෙන්නේ නෑ. එයාලා වතුර බීපු දවසේ ඉඳපු වයසෙමයි දිගටම ඉන්නේ. ඒත් ඒක උනත් ඕනවට වඩා කල් යනකොට එපා වෙනවා. ප්ලාස්ටික් සර්ජරි කරලා රූපය වෙනස් කරගත්තත්, වැඩක් වෙන එකක් නෑ. වෙනස් කරගන්න බැරි දේවල් ඊට වැඩියි නේ. :) මොනවා වෙනස් කලත් සහජ ගතිගුණ වෙනස් කරගන්න බැරි වෙයි නේද..
Deleteගැමි මල්ලිට ජොබක් ලැබීම ගැන බොහොම සතුටුයි...ජය වේවා !! මොකක්ද ඉතින් ඒ ජොබ් ඒක?
අමරණීයත්වය ප්‍රධාන සිද්ධිය වුණ චිත්‍රපට වල වීරයා හෝ වීරවරිය අමරණීයත්වය ප්‍රතික්ෂේප කිරීම හැම වෙලාවෙම වෙනවා.
DeleteIN TIME තමයි ඒ ගැන නියම විවරණයක් දෙන්නේ ඒකේ ඉන්න හෙන්රි හැමිල්ටන් කියන පුද්ගලයා (අවුරුදු 105ක් වයස එහෙත් 25 ක සිරුරක් ඇති) සිය දිවි හානි කරගන්න කලින් කියනවා
"But the day comes when you've had enough. Your mind can be spent, even if your body's not. We want to die. We need to."
එහෙනම් "IN TIME" කියන්නෙත් ගොඩක් හොඳ ෆිල්ම් එකක් බව පේනවා. මම බලලනම් නෑ. අන්තිමට කියන වාක්‍ය නම් මසුරන් :)
Delete//Your mind can be spent, even if your body's not.//
මෙන්න මේක තමා ප්‍රධානම කාරණේ...
සයුරි අක්කා අපි සාමාන්‍යයෙන් නොහිතන දෙයක් හිතන්න අපිව යොමුකලා කිව්වොත් හරි... ගොඩක් දෙනෙක් කැමති නැතුව ඇති මැරෙන්න... ඒකට හොඳම උදාහරණේ දැනට මළගිය ධනවතුන්ගේ දේහ තැම්පත් කරලා තියෙන පරීක්ෂණාගාරය... ඒ වෙනුවෙන් එයාලා ජීවත් වෙලා ඉද්දි මුදල් වෙන් කරලා තියෙනවා... මිය ගියාට පස්සේ එයාලගේ රුධිරය අයින් කරලා ඒ දේහ අධික ශීත පරිසරයක් යටතේ ගබඩා කරලා තියෙනවා... ඒ කවද හරි ඒ පරීක්ෂණාගාරයේ මියගිය මිනිසුන්ට පණ දෙන්න ක්‍රමයක් හොයා ගත්ත දවසට ආයෙමත් ජීවය ලබන්න බලාපොරොත්තුවෙන්... ඇත්තටම ඒ සඳහා පරික්ෂණ අදටත් එතන කෙරෙනවා...
ReplyDeleteකව්රුත් හිතන්නේ නෑ අමරණීය වුණොත් තියෙන අපහසුතාව... මේ චිත්‍රපටය මම බලලානම් නෑ... ඒත් බලන්නම ඕන... ජය වේවා ඔබට...
අප්පේ...ඒ ධනවතුන්ගේ කතාව මම අදමයිනේ දැනගත්තේ. එහෙනම් එහෙම ඒවත් ලෝකේ වෙනවා. බලමුකෝ වැඩේ හරියාවිද කියලා....ස්තුතියි අලුත් මල්ලි.
Deleteහොයාගෙන බලන්නකෝ චිත්‍රපටිය...
නොදත් දෙයක් අලුත් මල්ලි.ස්තුතියි!
Deleteසඳ හිරු තරු පවතිනතුරු අපි මැරෙන්නෙ නෑ..
ReplyDeleteවැරදීමෙන් හුස්ම ගියත් අපි මැරෙන්නෙ නෑ :)
Deleteහරිම ලස්සනයි සයුරී, කෙනෙක් අමරණිය වෙන්නෙ ඒ කෙනා ජීවත්වෙන විදිහ අනුවයි. සමහර අය ජීවත් උනත් මලා වගේ නෙ. මේ කතාව බලලා නෑ. ජෙසී ගේ පියා ඒ කියන වදන්ටික හරිම තාත්විකයි.
ReplyDelete// කෙනෙක් අමරණිය වෙන්නෙ ඒ කෙනා ජීවත්වෙන විදිහ අනුවයි//
Deleteබොහොම වටින කතාවක් මේක. ඇත්තටම අමරණීය වෙන්නේ කෙනෙක්ගේ නම. ජෙසී ගේ පියා විනීට මේ ටික කියන තැන තමයි චිත්‍රපටියේ මම ආසම තැන... :)
නියමයි (y)
ReplyDeleteතැන්ක්යූ
Deleteඅමෘතය බිව්වමත් අමරණීය වෙනවලුනෙ!ජීවිතයේ රසය තියෙන්නේ වෙනස් වීම කියන සාධකය මත කියලයි මම නම් හිතන්නේ!චිත්‍රපට වල පෙන්වන්නේ උපකල්පන උනත් අපේ සැබෑ ලෝකෙත් ඉන්නවනේ අමරණීය මිනිස්සු!හැමදේම පොඩි ගහගෙන හැමදාම ජීවත්වෙන්න ඉන්න අය!
ReplyDeleteඅමෘතය කිව්වේ අර ගල්, පොල් ජාති එහෙම නෙමෙයි නේද ? :)
Deleteඅනේද කියන්නේ...ගොඩක් අය හිතාගෙන ඉන්නේ අමරණීයයි කියලනේ.
මේ ෆිල්ම් එකනම් බලන්න හම්බවෙල නෑ සයුරි. පුළුවන් වුනොත් හොයන් බලන්න ඕන.
ReplyDeleteමට නම් අමරණීය වෙන්න ඕන නෑ. ඔය ඉතුරු ටික කාලෙත් කොහොම හරි ජීවත්වෙල මැරිල ගියාම මැදෑ. අපි රටේ දේශපාලන ආර්ථික තත්ත්වය නිසා කොයි තරම් පීඩනයකට ලක්වෙනවද වෙලාවකට, සමහර නිවුස් ඇහැව්වම ලේ පිච්චෙනව. උපන්න නිසා යන්තම් කීයක් හරි හොයා ගෙන ජීවිතේ ගැට ගහන් රෝල පෙරල පෙරල ඔහේ ඉන්නව. ඉතිං මේ අපායෙ හැමදාටම ජීවත් වෙන්න ඕන කරන්නෙ මොන හරකටද?
ස්වභාව දහම හැමදේම චක්‍රයක් විදියට නිසියාකාරව පවත්වගෙන ගියා, දැන් මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් විදියට ඒ චක්‍රය අවුල් වෙල ඒකෙ අනිසි විපාක අපි විඳවමින් ඉන්නව, ඒ අස්සට මිනිස්සු අමරණීය වෙන්න ගත්තොත් කොහොමට හිටීද? ස්වභාවධර්මය ඉක්මවා යන්න උත්සාහ කරන හැමදෙයක්ම අන්තිමට නවතින්නෙ මහා ව්‍යසනයකින්.
ඔව් DDT, වෙලාවක හොයාගෙන බලන්න.
Delete//ඉතිං මේ අපායෙ හැමදාටම ජීවත් වෙන්න ඕන කරන්නෙ මොන හරකටද? //
හිහි...මරු කතාව ඒකනම්. ඒ වගේම සහතික ඇත්ත. මේ ඉන්න ටිකත් එපා වෙලා ඉන්න එකේ...
මිනිස්සු අමරණීය වෙන්න ගත්තොත් එදා තමයි ලෝකේ අවසානේ..
ෂා... කොහොමද ඇත්තටම එහෙම අමරණීය වෙන්න ඇත්නම් නේ? මාත් මේක බලලා නම් නෑ
ReplyDeleteවෙලාවක බලන්නකෝ ධම්මික...හොඳ කතාවක්..
DeleteTuck Everlasting ෆිල්ම් එක නරඹලා නැති වුණත් එහි අපූරු කතාවක් ගෙතෙනවා ඇති කියල හිතෙන්නෙ චිත්‍රපටය හා සම්බ්නධකර සයුරි ගොඩනගන අදහස නිසා.
ReplyDeleteකෙනෙක් අමරනිය වුනොත් ඔබ ඉදිරිපත් කර ඇති අදහස සමග එකගවෙනවා හැර වෙනත් ලියන්න අදහසක් ඉතුරු වෙලා නැහැ. ඒනිසා මම හිතන්නේ හැම කෙනෙක්ම ජීවිතේ එක්තරා සීමාවකදි ඒ ජීවිතයට සමුදිම හොඳයි.
මේක නියමාකාරයෙන් පැහැදිලි කලේ බුදුන් වහන්සේ. උන්වහන්සේ වැඩහිටි සමයේ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 120 ත් 140 අතර තිබිල තියෙනවා. ඒත් ඒ පරමායුෂ නොවිඳ උන්වහන්සේ පිරිනිවනට වඩින්නේ මේ ජීවිතයේ ඇතිවන නිස්සාර බව වදාළ නිසා. ඒත් උන්වහන්සේට පාරථනයක් කළානම් කල්පයක් දක්වා වුනත් වැඩ සිටින්න හැකියාව තිබුණා. ඒත් එහෙම නොකලේ ගැඹුරින් ජිවිතය තේරුම් ගැනිම නිසයි.
ඒත් ඒ සමයේම වැඩ සිටි බක්කුල රහතන් වහන්සේ පූර්ව කුසල කර්මයක් හේතුවෙන් අවුරුදු 160 (මට මතක හැටියට) ජීවත්වෙනවා. එතකොටම උන්වහන්සේ තේරුම් ගන්න ඇති උන්වහන්සේ ඉපදුන සමයේ හිටි සියලුදෙනා ජීවිතය අතැර නික්ම යනවිට මේ ජීවිතය කොතරම් නිස්සාර දෙයක්ද කියලා.
අපිට ඒ වැනි අවස්ථාවක් ලැබුනත් අන්තිමට හිතෙන්නේ ඒකම තමයි. එතකොට හිතෙයි තමතමන්ගේ ප්‍රියයන් නැතිව මොනවටද හම්බ කළේ, මොනවටද මේව ඉතිරි කලේ කියල. එතකොට පෙරහැර ගිහින්.
ඒ නිසා කලින්ම නිවන අවබෝධකර ගැනිම සදහා මරණය කරා ළගා වන බව මෙනෙහි කිරීම ඊළඟ භවයේ සුගතියට හේතුවක් වේවි.
ඇත්තටම ඔව්, හැමදේටම වගේම ජීවිතේටත් සීමාවක් තියනවා තමා. "පාරථනය" ගැන මම ලාවට අහල තිබුනත් ඒ ගැන හරි අදහසක් නම් නැහැ. ආනන්ද හාමුදුරුවෝ බුදුන්ගෙන් කල්පයක් වැඩ ඉන්න කියලා ඉල්ලුවානම් එහෙම ඉන්න තිබුනාලු නේද?
Deleteබක්කුල රහතන් වහන්සේට එහෙනම් ඒ ගැන හොඳින්ම දැකගන්න අවස්තාව ලැබෙන්න ඇති.
ස්පෙල් බයින්ඩ් බලපු කාලේ ( මකර රජ දහන කොටසෙ ) මටත් අමරණීය වෙන්න ඇත්තම් කියල හිතුනෙ නැතුවම නෙවෙයි.... ඒත් හරි ඉක්මනට තේරුනා ඒක මහ කම්මලි වැඩක් කියලා...මම මේ වැඩකරන ක්ෂේස්ත්‍රයට ඇතුළු උනේ පුදුම ආසාවකින්... දැන්නම් තියෙන්නේ මහ ඇල්මැරුණු ගතියක්... අමරණීය උනානම් අවදානමක් නැතුවම තව එකකට මරු වෙන්න තිබ්බ.. ඒත් කොච්චර කාලෙකටද?... ඒකෙන් තව එකකට මාරු උනා කියමුකො අවුරුදු 500ක් විතර යද්දි මම හොඳටම හෙම්බත්වෙලා තියෙයි.. මට සිය දිවි හානිකරගන්න හිතෙයි .. ඒත් අමරණීය මම කොහොමද සිය දිවි නසාගන්නෙ
ReplyDeleteඉන්ද්‍රජිත් කුමාරයට වරමක් දීල තිබ්බ දෙවියො එයා යන හැම යුද්ධයක්ම ජය ගන්න පුලුවන් වෙන විදියෙ.. මටත් යුද්ධ ජයගන්න නෙවෙයි යන හැම තරඟයක්ම ජයගන්න පුලුවන් වරමක් හම්බ වෙනවනම්.. ජීවත් වෙනකන් නිරෝගීව ජීවත් වෙන්න වරමක් හම්බ වෙනවනම්.. මට කැමති අයව ආකර්ෂනය කරගන්න මා ලඟ තියාගන්න පුලුවන් වරමක් හම්බ වෙනවනම්.. අක්මැති අය ජීවිතෙන් පහසුවෙන්ම අයින් කරන්න පුළුවන් වරමක් හම්බ වෙනවනම්.. මම හුඟාක් සතුටින් බාරගනීවි.. ඒත් අමරණීය ජීවිතයක්නම් එපා...
ඔත්තුවට හුඟාක් ස්තුතියි.. මේක බාගන්න ලින්ක් එකකුත් දැම්මනන් හොඳයි නේද සයුරි
in time ෆිල්ම් එකේ එක මිනිහෙක් ජීවත් වෙලා ඇතිවෙලා සියදිවි හානිකරගත්ත හැටි මතක් වුනා...
Deleteමටත් මතකයි ඒ ස්පෙල් බයින්ඩ් කතාව...අර ගෑනු ළමයව බලෙන් අමරණීය කරන්න හදන්නේ..අම්මෝ ඒක බලද්දිත් මට හිතුනා මේ අමරණීය මිනිස්සු කොයි තරම් පීඩනයකින්ද ජීවත් වෙන්නේ කියලා. එතකොට මම මේ චිත්‍රපටය බලලා තිබුනෙත් නෑ.
Delete//අවුරුදු 500ක් විතර යද්දි මම හොඳටම හෙම්බත්වෙලා තියෙයි.. මට සිය දිවි හානිකරගන්න හිතෙයි .. ඒත් අමරණීය මම කොහොමද සිය දිවි නසාගන්නෙ//
මෙන්න මේක තමා නියමම ප්‍රස්නේ :)
// මට කැමති අයව ආකර්ෂනය කරගන්න මා ලඟ තියාගන්න පුලුවන් වරමක් හම්බ වෙනවනම්//
හෙහෙ
මේකයි immortal වෙන එක්කෙනාට මෑරෙන්නෙ නතුව ඉන්න පුලුවන්....හෑබෑයි external විදියකින් මරන්න පුලුවන්...වයසට ගිහිල්ල මෑරෙන්නෙ නෑ....වෙඩි තියල,පිහියෙන් ඈනල මරන්න පුලුවන්ලූ..ඕක මගෙ නෙමේ...එක එක පොඩි කාලෙ කියවපු පොත් වල තිබ්බ මෝඩ concept එකක්!!!
Deleteඅපො අමරනිය වුනාමත් එපා වෙනවා හැමදාමත් එකම විදිහනෙ ඊට වඩා ඉන්න ටිකෙ සොමියෙ ඉදලා මැරෙන එක නම් සැපයි.... :D
ReplyDeleteoh මෙකත් බගෙන බලන්නම ඔනි,,,,
Deleteඒකනේ අනේ..ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා..
Deleteබලන්ට බලන්ට
මම නම් සක්විති රජකම දෙනවා කිව්වත් අමරණීය වෙන්නෙ නෑ.. අම්මෝ හිතද්දිත් ඇඟ හිරි වැටෙනවා.. මේ ජීවත් වෙන ටික කාලෙට මොන තරම් නම් අපි විඳවනවද ? සදාකාලික විඳවීමක් !!!! අම්මෝ මේ මේ දැනුත් හිරි ගඩු පිපිලා... :-)
ReplyDeleteමටත් බෑ ඕන්...මේක බලන්න ආවෙත් බොහොම අමාරුවෙන්....
Deleteඒකනේ අප්පා..ඉල්ලගෙන විඳවන්න ඕනද :)
Deleteලස්සන අදහසක් . මටත් එපා අමරණිය වෙන්න . සැමදේම පමණට . ආයුෂත් ඒ වගේ . සමහර විට මරණයේ අග්ගිස්සට ගියහම තව ටිකක් ඉන්න , දාල යන්න බැරි අය ගැන දුක් වෙන්න හිතෙයි. ඒ වුනත් ''සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ ''
ReplyDelete//මරණයේ අග්ගිස්සට ගියහම තව ටිකක් ඉන්න , දාල යන්න බැරි අය ගැන දුක් වෙන්න හිතෙයි//
Deleteමෙහෙම වෙන එකනම් ස්වාභාවිකයි තමා. කොච්චර ලෙඩෙක්ට උනත් එහෙම හිතේවි අන්තිම මොහොතේ. ඒත් මරණය ඔහුට ගැලවීමක් බව ඔහු දන්නවා...
ඒක හරියට, දතක් ගලවන්න යන මනුස්සයෙක් දත ගලවද්දී වේදනා වින්දට ඒක කරන්නම ඕන දෙයක් බව ඔහු දන්නවා නේ. ඒ වගේ වෙන්න ඇති මැරෙන්න යන කෙනෙකුත්.
මේ ලිපිය කියවන්න ගන්නකොටම මට නම් හිතුනේ අනේ අමරණීය වෙන්න නම් ඕනේ නැ.ඉක්මනට මේ ජිවිතේ ගෙවලා දාන්න තමා ඕනේ කියලා.. කොහොම වුනත් අර කතාව නම් ඇත්ත.. හැමදාම එකම දේ තිබුනා කිසි ගතියක් නැ...
ReplyDeleteජය වේවා..
ඔව් රෙඩ්, එකම දේ තියනකොට එපා වෙනවනේ. බොහොම ස්තුතියි...
Deleteසිතට මොකක්දෝ එකක් වුනා වගේ..! ..හ්ම්...අමර්ණීය වීම විඳවීමක් තමා..!
ReplyDeleteසයුරිට හැමෝම ටීචර් කියල කියන්නෙ ඇයිද මන්දා...! මම තවම ඔයාල ගැන දන්නෙ නැහැ.(මූණු පොතේ නැති නිසා කියල හිතෙනව.) හැබැයි..සයූ...ලියල තියෙන විදියට ගුරුතුමියක්ගේ ලක්ෂණ තියෙනව....ජීවත් වීමට විඳවන එකේ...අමරණීයවෙලාවිඳවන්න උනොත්..අර කිව්ව වගේ ..සමහරු ප්‍රාර්ථනා කරන්නේ ලබන ආත්මය ගැන කියල...අම්මෝ හිතාගන්නවත් බෑ...!!!
කට්ටියම මට ටීචර් කියනවා තමා වී අයියේ :). ඉතිහාස/විද්‍යාව පාඩම් කරන හින්දා වෙන්න ඕන. මෙහෙමවත් ගුරුතුමියක් වෙන්න තියනම් කොච්චර හොඳද..මූණු පොත පැත්තේ මමත් වැඩිය යන්නේ නෑ.
Deleteඔව්, ලබන ආත්මේ ගැන ප්‍රාර්ථනා කරන්න බැරි වෙනවා මෙහෙම උනොත්.
ෆිල්ම් එක නම් බලලා නෑ. ඒත් ලස්සන කතාවක් වගේ..බලන්න ඕනේ..
ReplyDeleteඅමරණීය වෙන්න ඕනේ නෑ. සාමාන්‍යය ජීවිතයේ උනත් එකම විදියට හැමදාම ගෙවී ගියොත් හරිම ඒකාකාරි කම්මැලි එකක් වෙනවනේ. සාමාන්‍යය මනුස්සයෝ වෙච්චි අපිට මේ තරමට දුක් කරදර...සතුට වගේම විවිධාකාර වූ හැලහැප්පීම් ජීවිතය තුල තියෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති. ස්වභාවධර්මයාගේ නියම...මම නම් ඒකට හරිම කැමතියි...
ජීවිතේ අනියතයි කියලා හිතට දැනෙන්න දෙන තරමට හොඳයි...මම නම් එහෙමයි..මට නම් කොහෙත්ම අමරණීය වෙන්න ඕනේ නෑ
Sometimes you gotta stop and remember that your not gonna live forever....
ලස්සන කතාවක් ලිහිණි මේක..
Delete//සාමාන්‍යය ජීවිතයේ උනත් එකම විදියට හැමදාම ගෙවී ගියොත් හරිම ඒකාකාරි කම්මැලි එකක් වෙනවනේ.//
ඒකනම් ඇත්ත. එහෙව් එකේ අමරණීය වෙන්න උනොත් කොහොමට හිටියිද..
අක්කා කිව්වා වගේම ඉක්මනට ම ලියලා දාලත් ඉවරයිනේ. අක්කගේ කමෙන්ට් එකට මම තව දෙයක් එකතු කළා, ගිහින් බලන්නකෝ. මම නම් හිතන විදියට මරණය කියන දේ ජයගන්න අමරණීය වීමෙන් බැහැ, අමරණීය එක ප්‍රායෝගික දෙයක් නොවුණත්. මරණය කියන දේ ජයගන්න පුළුවන් එකම විදිය නිවන අවබෝධය තුළින්මයි. අමරණීය වෙනවා කියන්නෙ මට හිතෙන විදියට හරියට සුව නොවෙන තුවාලයක් හදාගත්තා වගේ තමයි. තුවාලය කසනකොට හරිම සනීපයි, හැබැයි කසලා ඉවරවුණා ම ලොකු වේදනාවක් තමයි දැනෙන්නේ. ඒ වගේ ම තමයි ජීවිතයත් විඳිනකොට සැපයි, විඳවනකොට දුකක්. හැමෝටම ටික ටික හරි ජීවිතේ විඳින්න, විඳවන්න වෙනවානේ. එතකොට හැමෝටම සැප දුක කියන දේ අඩු වැඩි විදියට විඳින්න වෙනවාමයි. ඉතින් අමරණීය වෙනවා කියන එක ඒකට උත්තරයක් වෙන එකක් නැහැ. ස්තූතියි අක්කේ සබැඳිය ට!
ReplyDeleteඔව් මල්ලි..මතක් වෙච්ච වෙලාවේ ලියලා දැම්මා.. :)
Delete//මරණය කියන දේ ජයගන්න පුළුවන් එකම විදිය නිවන අවබෝධය තුළින්මයි.//
මේක බොහොම හරි. ඕනවට වඩා ජීවත් වීමේ ආසාව පලක් ඇති දෙයක් නෙමෙයි. ඊට වඩා හොඳයි නිවන් අවබෝධ කරගන්න වෙහෙසෙන එක.
අමරණිය වෙන්න ගියොත් ලෝකෙ මිනිස්සුන්ට ටොයිලට් එකක් හදාගන්නවත් ඉඩක් නැතිවෙයිනෙ! :O
ReplyDeleteහලෝ අලියෝ...ඇත්ත තමා කතාව
Deleteනොහිතන තැනකට ඔබ අපව අරන් ගියා.ආසයි මේ ෆිල්ම් එක බලන්න කොහොම හරි හොයාගන බලන්නම්.ස්තුතියි.
ReplyDeleteඔව් මේක ඩවුන් ලෝඩ් කරගන්න පුළුවන් ඇති මම හිතන්නේ...ටිකක් පරණ එකක්නේ..
Deleteමම නම් කැමති නෑ අමරණිය වෙන්න. ඒත් මගේ හිතේ තියන දේවල් ටිකෙන් පුළුවන් තරම් ගොඩක් කරගන්න තරම් කල් තියනවනම් හොඳටම ඇති.
ReplyDeleteහ්ම්ම්..ඒකනම් ඇත්ත. බලාපොරොත්තු ඉටු කරගන්න තරම් කල් තියනම් හොඳයි.
Delete"මිනිසා හෙටදින සොයමින් වෙහෙසෙන
ReplyDeleteපරසතු කුසුම් විලේ
ජයපැන් තොලගා අමරණීය වු
කුමරුන් මමය ඔබේ...."
("විදුලි දුම්රියේ චංචල නාදය ....." ගීතයෙන්)
ඔය පැන් බීලා තියෙන්නෙ පරසතු කුසුම් විලෙන් ද ?
අපි පුංචි කාලේ ඔය කතාව අහලා තියෙනවා. ඒ වගේම අමරණිය වෙන්න සිහිනත් දැක්කා.
ඒ සින්දුව තියෙන්නේ "මිල්ලේ සොයා" එකේ නේද
Deleteඅනේ මන්දා මොකක්ද උල්පතක්ලු :)
ඔව් පොඩි කාලෙනම් ඕවට හිත යනවා ඉක්මනට
මේ ගිය ගැයුවේ රූපා ඉන්දුමති සහ ලක්ෂ්මන් ප්‍රනාන්දු මට මතක හැටියට 1960 අග හෝ 70 දශකයේ මුල ඒවන විට මේ නූතන තාක්ෂ්‍ය ගැවන හිතලාවත් නැහැ.
Deleteඔහ්...ඒ කියන්නේ ඒක ගොඩක් පරණ ගීතයක්. මිල්ලේ සොයා එකේ වෙන්න බැහැ
Deleteගීතය ගායනා කළේ රූපා ඉන්දුමති සහ ලක්ෂ්මන් රුද්‍රිගු ලිව්වෙ දයානන්ද කුමාරසිරි.
Deletehttp://www.youtube.com/watch?v=X-Qyelvmdik
@ දයා
පුළුවන්නම් ඔය ගැන හොයලා බලලා පෝස්ට් එකක් ලියන්නකො.
බොහොම ස්තුතියි
Deleteෆිල්ම් එකට ඇත්තටම ආසයි.. ඕ.එල් ඉවරවෙලා ගෙදර ඉද්දි හම්බවුණ ලස්සන ෆිල්ම්එකක්.. තිබුණ නිදහස්බවට මං ආසකලා.. අදටත් ඒ ෆිල්ම් එක බලද්දි ඒ සිතුවිල්ල එහෙම්මමයි.. හැබැයි අන්තිමට මට හිතුනෙ ඇය ජෙසීගෙ හිතේ සදා අමරණීය වුණා කියලා.. :)
ReplyDeleteමගෙත් හිතට දැනුන කොටස
"Don't be afraid of death...but the unlived life"
අමරණීයත්වය ගැන කියද්දි මතක්වුණේ අක්කෙ.. චීනය විසින් නිපදවලා තියෙනවාලු අවුරුදු 150ක් ජීවත් වෙන්න පුළුවන් ඹෞෂධයක්.. !
ඔන්න එහෙනම් ෆිල්ම් එක බලපු කෙනෙකුත් ඉන්නවා :) ඔව් නන්දුවෝ මට අදටත් මේක ආසාවෙන් බලන්න පුළුවන්. ඒ අන්තිම දර්ශනයටත් මම කැමතියි...විනී සුදුසුම මාර්ගය තොරගනිපු හැටි..
Deleteනන්දු අක්කේ චීනේ අඳුනන කවුරුවත් හෙම නැද්ද, අර බෙහෙත ගෙන්නගන්න.?
Deleteමටනම් මැරෙන්න ඕන අප්පා..
ReplyDeleteහෝව් හෝව්...මේ මොකෝ :)
Deleteහැමදාම ජීවත් වෙන්න ගියාම එපාවෙනව කියන එකනම් ඇත්ත වෙන්න ඇති. අපි කැමතියිනෙ නිතර වෙනස් වෙන්න. හැබැයි ඔන්න අවු 100ක් වගේ නම් නරකම නෑ..මේ කාලෙයන ඉක්ක්මනට මටනම් හිතෙන්නෙ අපි හරි ඉක්මනට වයසට යනව වගේ. එහෙ බලල මෙහෙ බලනකොට අවුරුද්ද ගිහින්.
ReplyDeleteඔව් රෝස කුමාරි, අපිට දැනෙන්නේ අපි ඉක්මනට වයසට යනවා වගේ. ඒක නිසා වෙන්න ඕන ජිවිතේ අගය වැඩියෙන් දැනෙන්නේ. නැත්නම් අපිට එච්චර අගේ දැනෙන එකක් නෑ නේද
Deleteකමකට නැතිව ජීවත්වෙන අවුරුදු 100 ට වඩා නම පවතින එක හොඳ වැඩක් කරලා දවසින් මැරුණත් සැපයි අම්මපා
ReplyDeleteඒකනම් ඇත්ත කෝරලේ මහත්තයෝ..
Deleteපවතින සොබාදහමේ තත්වයන්ට නොගැලපෙන ජීවීන්ව සොබාදහම විසින්ම වරණයට ලක්කරනවා නේ. අපි ඉගෙන ගත්තේ "සොබාවික වරණය" කියලා. ඒක සිද්ධාන්තයක් නෙ.
ReplyDeleteනිකමට වගේ හිතන්න ඒ විදියේ වරණයට ලක් විය යුතු ජීවියෙක් අමරණීය වුනොත් කොහොමට හිටීවිද? මුළු ලෝකයකම පැවැත්මට තර්ජනයක් වෙයි.
ඉතින් ඔය ඔක්කොටම වඩා මම නම් කැමතියි "වෙනස් නොවෙන එකම දේ වෙනස්වීම පමණයි" කියලා හිත හදාගන්න..
සයුරි අක්කිගෙ මාර්තෘකව නම් නියමයි.. ආස හිතුණා ඒ ෆිල්ම් එක බලන්න.
ගොඩ දවසකින් මේ පැත්තේ..
ජයවේවා! :D
මනුස්ස ජාතියත් වරණයට ලක් වෙයිද දන්නේ නෑ නේද අයිස් :) මිනිස්සු අමරණීය උනොත් නම් විනාසයක් තමයි. ස්තුතියි නංගා. ආපහු ආපු එක ගැන හරිම සතුටුයි.
Deleteමටත් මේක කියවනකොට මතක් වුනේ spellbinders වල පෙන්නපු අර අමරණීය ලෝකෙ අය. ඒගොල්ලනටත් අමරණියකම එපා වෙලානේද හිටියේ... අර ෆිල්ම් එක නම් වෙලාවක බාගන්න ඕන
ReplyDelete//අමරණීය එක්කෙනෙක් ජීවිතාන්තය දක්වා හිරේ ගියොත් // අන්න හිතන්න වටින දෙයක් :P
ඔව්නේ..ඒ ගොල්ලන්ට අමරණීය බව එපා වෙලා හිටියේ හොඳටම. ඔව් ඔව් වෙලාවක බලන්නකෝ..
Deleteදැන්නමම මේකත් බලන්න ඕන..
ReplyDeleteසයුට ගොඩක් ස්තුතියි මේක බලන්න හිතුන විදිහට ලස්සනට ලියපු එක ගැන..
ඔව්, හොයාගෙන බලන්න රූ. ආස හිතෙන ෆිල්ම් එකක්.
Deleteෆිල්ම් එක බලන්න ම හිතෙනවා.ඔබේ නිර්මාණාත්මක බවට ජය!
ReplyDeleteස්තුතියි ගයනි :)
Deleteඅමරණීය වෙන්න මමත් ආසයි, ඒත් සයුරි අක්ක කියන විදිහට අමරණීය වුනාම ජීවිතේ එපා වෙයි කියන එකත් ඇත්ත තමයි. ඇති වුන වෙලාවට මැරෙන්න පුළුවන් නම් හොඳයි. අමරණීය වෙන කෙනාට ඒ ඔප්ෂන් එක ෆ්‍රී හම්බුනා නම් මරු. ඇත්තටම අක්කේ අමරණීය වුන කෙනෙක් ගලේ ගහලත් මරන්න බැරිද. ඒ කියන්නේ බෙල්ලක් කපුඅත් මැරෙන්නේ නැද්ද ?
ReplyDelete// ඇති වුන වෙලාවට මැරෙන්න පුළුවන් නම් හොඳයි. //
Deleteමේකනම් හොඳයි තමයි. හැබැයි මරණ වේදනාවට තියන බය නිසා කැමැත්තෙන්ම මැරෙයිද කියන එකත් සැකයි. ඒ නිසා හොඳම විදිය තමයි මේ ස්වභාවයෙන්ම හැදිලා තියන විදිය :)
ඇත්තටම බෙල්ල කැපුවත් මැරෙන එකක් නෑ නේද...:))
අමරණීය වෙන්ට මම නම් ආසා නෑ. ජීවිතයේ විවිධත්වයක් තියන හින්දා තමා ඒක ලස්සන වෙලා තියෙන්නේ. ඒ වගේම ජීවිතය වටින්නේ එය නැතිවී යන හන්දයි. කවදාවත් මැරෙන්නේ නැති කෙනෙක් ලෝකය දිහා අලස ලෙස බලා ඉඳියි. මරණය දකින කෙනා තමන්ගේ ඉදිරි පරපුර වෙනුවෙන් යමක් කිරීමට බලන්යි. ඒ එක්කම ජීවිතයේ සුන්දරත්වය විඳියි.
ReplyDeleteඔයාටනම් හරියටම තේරිලා තියනවා.
Delete//ඒ වගේම ජීවිතය වටින්නේ එය නැතිවී යන හන්දයි. කවදාවත් මැරෙන්නේ නැති කෙනෙක් ලෝකය දිහා අලස ලෙස බලා ඉඳියි.//
ඇත්තම ඇත්ත.
නියම ලිපියක් සයුරි අක්කා.මා පහන් යායෙන් කියැවූ හොදම ලිපිය මෙයයි!
ReplyDeleteජය වේවා!
පුංචි එකී අද නේද මුලින්ම ආවේ. සාදරයෙන් පිලිගන්නවා :) ආපහු එන්න...
Deleteමාත් ට්‍රයිඑකක් දෙනව.
ReplyDeleteඅමරණීය වෙන්නද?
Deleteමම නම් කොහෙත්ම කෑමති නෑ ඔය කියන විදියට වෙන්න....ඒක ගොඩාක්ම දෑනෙන ව්දියට කියන film එකේ තියෙනවා...Act of Valor....ඒකෙ වෙන්නෙ navy seal කෙනෙක් එයගෙ යුද්දෙදි නෑති උන LTගෙ පුතාට ලියල යවන ලියුමක් tecumseh කියන එක්කෙනාග poem එකක්,ඒකෙ අන්තිම paragraph එක බලන්න....film එකත් බලන්න...පට්ට විදියට හිතට වදිනවා....ඔන්න ලින්ක් එක දෑම්ම ඔක කියවන්න!!!!http://movemequotes.com/9255/
ReplyDeleteමම කියෙව්වා පොයම් එක. ඇත්ත තමයි..ඒක ගොඩක්ම හිතට වදිනවා..
Delete//When it comes your time to die, be not like those whose hearts are filled with the fear of death, so that when their time comes they weep and pray for a little more time to live their lives over again in a different way. Sing your death song and die like a hero going home//
තෑන්ක්ස් එල කොල්ලා. ෆිල්ම් එකත් බලන්න හිතෙනවා.
ආආආහ් කියන්න අමතක උනා....film එකේ ඉන්නෙ ඈත්තම navy sealsලා...අනික එල කොල්ලා ලව් ස්ටොරි වලට කෑමති නෑ ;)
Deleteආ...එහෙමද :)
Deleteඔන්න සයුරි කියන නිසා මේක හොයලා බලනවා.මට හිතෙනවා ඔයා කියන විදිහට මේක හොදයි වගේ.මේ දවස් ටිකේ මං පයිට් ෆිල්ම් බලන එක අඩු කරලා ටිකක් හිතන්න තියෙන පට්ට ෆිල්ම් හොයලා බලන්නේ :)
ReplyDeleteආ එහෙමනම් මේක සමහරවිට අල්ලලා යාවි ඔයාට...ෆයිට් ෆිල්ම් එකදිගට බලන්නේ නැතුව මෙහෙම එකකුත් බලන්නකෝ...
Deleteමමනම් ආස නෑ අමරණිය වෙන්න.. :) ෆිල්ම් එක බලලත් නෑ.. බලන්න ඕනෙ.. නියම පෝස්ට් එක අක්කෙ!!
ReplyDeleteමේ කමෙන්ට් වලින් පෙනී යන්නේ බොහෝ දෙනා අමරණීය වෙන්න අකමැති බවයි :) ස්තුතියි හිතු
Deleteමට මතකයි ඉස්සර විදුසර පත්තරේ (අප්පච්චිගෙ පරන පත්තරේක) තිබුන අමරණීය වුන මිනිහෙක් ගැන තිබුන විද්‍යා ප්‍රබන්ධයක්. මුලදි ඒ ගැන සතුටු වුන එයා පස්සෙ හොයන්නෙ මැරෙන්න ක්ර්මයක්. ඒක කියෙව්ව දවසෙ ඉඳන් මම නම් අමරණීය වෙන්න හරි බයයි.
ReplyDeleteඔව්, අපිත් අමරණීය උනොත් අපිටත් මැරෙන්න ඕන වෙයි. මිනිස් සිත හරි ඉක්මනට වෙහෙසට පත් වෙනවා.
Deleteමටනං මේ තියෙන ආයුෂත් වැඩි වෙලා ඉන්නේ...
ReplyDeleteඅමරණීය වෙන්නනං නිකංවත් ඕන්නෑ...
අප්පට සිරි :)
Deleteha.. haaa..... mama balala thiyenawa. kathaawe anthima mathak wena kota hari dukak danenawa.
ReplyDeleteඒක ඇත්ත...ජෙසී ගේ ජීවිතය ගැන දුක හිතෙනවා අන්තිමට..
Deleteමය බන්දන 2 කොටසේත් තිබුනා ඒවගේ සිද්දියක්. ඒ කාලෙනම් මමත් ආසාවෙන් හිටියේ අමරණිය වෙන්න. එත් දැන්නම් කොහෙත්තම අදහසක් නැහැ.
ReplyDeleteෆිල්ම් එකනම් බලල නැහැ..
අපෝ මායා බන්ධන බලද්දිත් අමරණීය වෙන එක එපා වෙනවා නේ. ඒ මිනිස්සු හොඳටම ඩිප්‍රෙස් වෙලා ඉන්නේ.
Deleteඒ උනාට මම කැමැත්තෙන් හිටියේ. ඒ කාලේ මම මැරෙන්න බයයි නේ. මැරෙද්දී රිදෙනවට කැමති නැහැ.
Delete:))
Deleteනියම ලිපියක් සයුරි ලස්සන අදහසක්! මාත් මේක බලලා නම් නෑ :)
ReplyDeleteපුළුවන් උනොත් බලන්නකෝ ෆාතිමා..ලස්සන ෆිල්ම් එකක් :)
Deleteලස්සනයි...
ReplyDeleteස්තුතියි තුෂාර
Deleteමමත් ආස නැහැ අමරණීය වෙන්න... ජීවිතේ වෙනස් වෙමින් ගලා ගෙන යන්න ඕන.. මරණය කියන්නෙත් අළුත් ඉපදීමක ආරම්භයක්නෙ... ඔයා ලියල තියෙන විදියට ජීවිතේ ගැන..මරණය ගැන අළුතින් හිතන්න පොළඹවනවා... ඒ චිත්රආපටය බලන්න ආසාවකුත් ඇති වුණා...
ReplyDelete// ජීවිතේ වෙනස් වෙමින් ගලා ගෙන යන්න ඕන//
Deleteබොහොම හරි..මමත් හිතන්නේ එහෙමයි. චිත්‍රපටය බලන්නකෝ ඉඩ ඇති වෙලාවක. :)