වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....
පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි...
Saturday, October 27, 2012
උරුමය සොයා ගිය මානවම්ම - රාජාවලිය XXIII
අද අපිට පටන් ගන්න තියෙන්නේ දෙවන දාඨෝපතිස්ස රජතුමාගේ ලඟින්. මතකයි නේ...මෙයා තමයි ද්‍රවිඩයින් ගේ සහයෙන් දප්පුල රජතුමා පරදවලා රාජ්‍ය අරගත්තේ.
මේ දෙවන දාඨෝපතිස්ස රජතුමා මහා විහාර සීමාවේම තවත් විහාරයක් කරවලා ඒක අහයගිරිය ට පූජා කරපු නිසා මහාවිහාරයේ භික්ෂුන් රජතුමා එක්ක විරසක වෙලා රජතුමාගෙන් දානය බාර ගන්න එක නතර කළා ලු. ආදි කාලයේ මේ නීතිය පැනෙව්වම (පන්තානිකුජ්ජන කම්ම) පිඬු සිඟා විදින භික්ෂුවක් උනත් ඔහුගේ නිවස ළඟ නතර නොවී යනවා මිසක් ඔහුගෙන් දානයක් ගන්න හිතන්නෙවත් නැහැලු. ඒක ටිකක් අපහාසාත්මක දඬුවමක් වෙන්න ඕන. මේ වැඩෙන් උනේ රජතුමා මහාවිහාරයත් එක්ක තව තවත් හරහටම හිටපු එක.
ඉතින් මේ රජතුමා ක්‍රි. ව. 673 දී අභාවප්‍රාප්ත උනාට පස්සේ රජ වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු "හතරවන අග්බෝ" (ක්‍රි. ව. 673 - 689). මේ රජතුමා ඉතාමත් කාරුණික දැහැමි රජ කෙනෙක්. නිතරම රට වැසියාගේ ඕන එපාකම් ගැන හොයලා බලලා ශාසනයටත් ලොකු අනුග්‍රහයක් දක්වලා තියනවා. දාඨෝපතිස්ස රජතුමාගෙන් උන වැරදි වෙනුවෙන් මහාවිහාරයෙන් සමාවත් ඉල්ලුවලු මෙතුමා. එහෙම කරලා හැම නිකායකම සංඝයා වහන්සේලාට අපක්ෂපාතීව සැළකුවා ලු.
මේ කාලේදී රජතුමාගේ ද්‍රවිඩ සෙන්පතියන් ඉඳල තියනවා සැළකිය යුතු බලතල ඇතුව. රජතුමාගේ හොඳ කම නිසාම ඔවුන් ඇතුළු රජ බිසව පවා ජනතා සේවයට කැප උනා ලු. මෙහෙම හොඳින් කාලේ ගෙවීගෙන යද්දී රජතුමා පොළොන්නරුව දිහාට පදිංචිය වෙනස් කළා ලු (මේක රාජධානියේ මාරුවීමක් කියලා වරදවා වටහා ගන්න එපා). ඒත් පොළොන්නරුවේදී අසනීප වෙන රජතුමා එහිදීම අවසන් හුස්ම හෙළුවා ලු. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "රජෙක්" වූ හතරවන අග්බෝ රජතුමාගේ මරණය නිසා රට වැසියා ඉතාමත් කම්පාවට පත් වෙනවා. ඔහුගේ චිතකයෙන් අළු මිටක් ගන්න මිනිස්සු පොර කෑවා කියලත් කියනවා.
ඉතින් ඊට පස්සේ රජ කමට පත් වෙලා තියෙන්නේ යුව රජ වෙලා ඉඳපු "දාඨසිව" (ක්‍රි. ව. 690) කියන කුමාරයා. හැබැයි අර බලවත් දෙමළ සෙන්පතියන්ගෙන් කෙනෙක් වන "පොත්ථකුට්ඨ" දාඨසිව කුමාරයා රජකමෙන් නෙරපලා පාලනය තමන්ගේ අතට ගන්නවා. ඒත් ඉතින් මේ දෙමළ සෙන්පතියා යටතේ ඉන්න රට වැසියා කැමති වෙන්නේ නැහැ. මේ නිසා ඔහු කරන්නේ "දත්ත" නම් රජකමේ උරුමයක් තියන කුමාරයෙක් හොයාගෙන ඔහු රූකඩ රජෙක් හැටියට තබාගෙන පාලනය ගෙනයාම. දත්ත කුමාරයා වැඩිකල් නොගිහින්ම මිය යන නිසා පොත්ථකුට්ඨ තවත් රූකඩ රජෙක් හොයා ගන්නවා. ඒ තමයි "හත්තෝදාඨ" (ක්‍රි. ව. 691).
ඔය අතරේ තමයි දෙවන කාශ්‍යප රජතුමාගේ පුතා වෙච්ච්ච "මානවම්ම" කුමාරයා කරලියට එන්නේ. මතකයි නේද පහුගිය ලිපියෙදි කතා කරා, කාශ්‍යප රජතුමා මියයද්දී රජකම දෙන්න තරම් සුදුසු වයසක ඔහුගේ දරුවන් නොසිටි නිසා බෑනා කෙනෙක්ට රජකම දුන්නා කියලා. ඉතින් මේ ලාබාළ වයසේ ඉඳපු දරුවෙක් තමයි මානවම්ම කුමාරයා. ඔහු ඉන්දියාවේ පල්ලව දේශයට පලා ගොස් සැඟවිලායි හිටියේ. පල්ලව රජ වූ "නරසිංහ වර්මන්" සමීපයෙන්ම ඇසුරු කරමින් ඉඳලා ලක්දිව රාජ්‍ය අල්ලගන්න ඔහුගෙන් ආධාරත් ලබා ගන්නවා. මානවම්ම ඒ සඳහා පළමු උත්සාහය දරන්නේ දෙවන දාඨෝපතිස්ස රජතුමාගේ කාලයේදී. ඒත් ඒක අසාර්ථක වෙන නිසා ඔහු නැවතත් පල්ලව දේශයට පලා යනවා. ඉන් අවු. 20 කට පමණ පස්සේ දෙවන නරසිංහ වර්මන් රජතුමාගෙන් නැවතත් ආධාර අරගෙන මානවම්ම කුමාරයා නැවත ලංකාවට එනවා. මේ තමයි අර පොත්ථකුට්ඨ සහ හත්තෝදාඨ එකතු වෙලා රජකම් කරපු කාලය. ඉතින් මානවම්ම කුමාරයා මොවුන් පරදවලා ලක්දිව රජකම ලබා ගන්නවා.
මේ විදියට තමන්ගේ උරුමය ලබා ගතිපු මානවම්ම රජතුමා (ක්‍රි. ව. 691 - 726) අවුරුදු 35 ක් ම ලක්දිව රජ කරමින් රට සමෘදිමත් කරනවා. එවකට බලවත්ව සිටි ද්‍රවිඩයින් ඒ නිල වලින් පහ කරලා ගැටළුවක්ව තිබූ ද්‍රවිඩ බලය මැඩලන්න කටයුතු කරනවා. ඒ වගේම පල්ලව කලා සම්ප්‍රදායයන් ආදිය ලංකාවේ ස්ථාපිත උනෙත් මේ කාලයෙමලු. රජතුමාට පල්ලව දේශයත් එක්ක තිබුණු සම්බන්ධතා නිසා එහෙම වෙන්න ඇති. මොහුගෙන් නව ලම්භකර්ණ රාජ පරපුරක් ඇරඹුන බවත් සඳහන් වෙනවා.
මානවම්ම රජතුමාගේ මරණයෙන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ පුත් "අග්බෝ V" රජතුමා (ක්‍රි. ව. 726 - 732). මේ රජතුමාත් ධාර්මිකව 6 වසරක් රට පාලනය කරලා තියනවා. ඉන් පස්සේ රජ උනේ ඔහුගේ සොහොයුරු "කාශ්‍යප III" රජතුමා (ක්‍රි. ව. 732 - 738). ඉතාමත් කරුණාවන්ත රජ කෙනෙක් වූ ඔහු සතුන් මැරීම තහනම් කරන්න නීති පැනෙව්වා ලු.
කාශ්‍යප රජතුමාගෙන් පස්සේ රජ වෙලා තියෙන්නේ ඔවුන්ගේ බාලම සොහොයුරු "මිහිඳු I" රජතුමා (ක්‍රි. ව. 738 - 741). මිහිඳු රජතුමාගේ කුළුපග මිතුරෙක් වන "නීල" ගේ මරණය නිසා කලකිරීමෙන් සිටි නිසා ඔහු අභිෂේක මංගල්‍යයක්වත් පවත්වන්න අකමැති උනාලු. රජ පදවිය නොලබාම පාලන කටයුතු අරගෙන ගිය මිහිඳු රජතුමා අවුරුදු තුනකින් මිය පරලොව යනවා.
මී ළඟ ලිපියෙන් අපි පුදුමාකාර සොහොයුරෝ දෙන්නෙක් ගැන කතා කරමු.
Labels:
රාජාවලිය
Subscribe to:
Post Comments (Atom)
1 පස්සෙ කොමෙන්ට් එකක් දාන්නම්
ReplyDeleteහිහි...මී ගොඩ ඉඳලා ඇවිල්ලත් උදේම ඇවිත් නේද :)
Deleteඅදත් ඉතිහාසය පාඩමට උදෙම්ම ආවා....
ReplyDeleteඅදත් නිදන්න කරුණු ගොඩක් ඉගෙන ගත්ත...
කියවල කමෙන්ට් දාන්න ගියොත් 1 මිස් වෙන හින්ද සයින් එකක් දාල ගිහින් පොස්ට් එක කියෙව්වෙ
කෝම හරි කමක් නෑ පෝස්ට් එක කියෙව්වනේ :) ඔන්න නමට එක දා ගත්තා...
Deletealuth, nodanna kaarana godak!! apuruyi
ReplyDeletejayen jaya
ස්තුතියි වකා...
Deleteතවත් හරිම අපුරු රසවත් ඉතිහාස පාඩමක් අපෙ සයුරි ටීචර් ගෙන් ...
ReplyDeleteස්තුතියි සචිත් දරුවා :)
Deleteසයුරි මේ ඉතිහාසය දැන් පාඩම් පොත්වල නෑ. මෙවැනි තැනකින් හරි කියල දෙන එක හරිම වටිනවා. ඔබ කරන මෙහෙවර ජාතික වගකීමක් ඉටුකිරීමක් කියලයි මට හිතෙන්නේ
ReplyDeleteබොහොම ස්තුතියි ඔබ තුමාට...මේ වචන මට හයියක්..
Deleteමහාවිහාරයේ භික්ෂුන් රජතුමාට පන්තානිකුජ්ජන කම්ම ය පැනෙව්වට අහයගිරි විහාරික භික්ෂුන් රජතුමාගෙ දන් පිළිගන්න ඇති නේද? මම හිතන්නෙ ඔය වගේ දෙයක් හරියටම කරන්න නම් සංඝ සමාජයෙ එකමුතුවක් තියෙන්නත් ඕන. අනෙක කොහොමටත් පේන හැටියට මෙතන වෙල තියෙන්නෙ එක කොටසකට වැඩි සැලකුම් කියල තවත් කොටසක් අමනාපවුනු එකවගේ. ඒ අතින් බැලුවම එදාය අදය කියල වැඩි වෙනසක් නෑ.
ReplyDelete//මහාවිහාරයේ භික්ෂුන් රජතුමාට පන්තානිකුජ්ජන කම්ම ය පැනෙව්වට අහයගිරි විහාරික භික්ෂුන් රජතුමාගෙ දන් පිළිගන්න ඇති නේද?//
Deleteඒක නම් වෙන්න ඇති නේද. හැබැයි අර දඬුවම පනවපු එකම ලොකු අපහාසයක් හැටියට ගණන් ගන්න ඇති..ඔව් අපක්‍ෂපාති කම කියන එක රජ කෙනෙක්ට පිහිටන්නම ඕන දෙයක්.
ගොඩක් වටින ලිපියක්...
ReplyDeleteනොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා...
ප.ලි. - පහන් යායට මගේ පලවෙනිම පැමිණීම. පුලුවන් නම් මගේ ටැංකියටත් ගොඩවැදිලා මටත් සහයෝගයක් දෙන්න.
මෙන්න ලින්කුව
http://malutankiya.blogspot.com/
සාදරයෙන් පිලිගන්නවා මාළු යාළුවාව..මාත් එන්නම්කෝ ටැංකිය පැත්තේ..
Deleteඉතිහසය පාසල් කාලයේදි විතරයි අධ්‍යයනය කරේ.ඒත් දැන ඉවත් බොහෝ විට අමතක වි ඇත.ඔබ මේ කරන්නේ ඒ අමතක වු දැ නැවත මතක් කිරිමක්.හොඳ වැඩක්.
ReplyDeleteමටත් සාමාන්‍ය පෙලෙන් පස්සේ ඉතිහාසය සම්පුර්නෙන්ම අමතක උනා. ආපහු මේ ගැන ආස හිතුනේ කැම්පස් ආවටත් පස්සේ :) ස්තුතියි ගයානි
Deleteගොඩක් දේවල් අදත් දැනගත්ත සයුරි. ඔබට ජය
ReplyDeleteස්තුතියි කෝරලේ මහතා...
Deleteඇත්තටම අපේ පාසල් අධ්‍යාපනයට මේ වගේඉතිහාස කරුනු ඇතුල් කලයුතුයි..!
ReplyDeleteඅපේ කාලෙ සාහිත්‍ය විශය තිබුන දැන් නැහැකියලයි ආරංචිය.
සාහිත්‍ය විෂය දැන් අයින් කරලද? :0 අදහගන්නත් බෑ
Deleteකාලෙකට පස්සේ ආවේ.
ReplyDeleteනිවාඩුවේ කියවන්නම් :)
හා හා නිවාඩුවේ කියවන්නකෝ :)
Deleteගොඩක් දේවල් දැනගත්තා අදත්....
ReplyDeleteඑය මට සතුටක්...
Deleteලක් ඉතිහාසයේ අග්බෝ රජ පරම්පරාව සහ මිහිදු රජ පරම්මපරාව ජාතික සහ හාසනික වශයෙන් විශාල වැඩ කොටසක් කළා. එයින් වැඩිහරියක් කලාව සහ සාහිත්‍ය වෙනුවෙන් වූ බවටතමයි සඳහන් වෙන්නේ..
ReplyDeleteසයුරී හැමදාමත්ම අපේ ඉතිහාසය දෝතට ගත් දිය දෝතක් සේ පැහැදිලිව කියා දෙන හැටි අගේ කලයුතුමයි..
//ලක් ඉතිහාසයේ අග්බෝ රජ පරම්පරාව සහ මිහිදු රජ පරම්මපරාව ජාතික සහ හාසනික වශයෙන් විශාල වැඩ කොටසක් කළා.//
Deleteඒක හරි. මේ දෙගොල්ලන්ගේ වැඩ ගැන තව ඉස්සරහටත් කියවේවි...
ලංකාව එක්සේසත් කරපු රජවරු ඉන්නේ කොච්චර ටිකදෙනෙක්ද කියලා පැහැදිලි වෙනවා මේ රාජාවලිය කියවගෙන යනකොට.
ReplyDeleteරජකමට පුදුම කෑදරකමක්ද ඒ කාලේ තිබිලා තියෙන්නේ. අද කාලෙත් එක්ක බලපුවාම වැඩි වෙනසක් නෑ.:)
හ්ම්ම්...කෑදර කම එදත් එහෙමයි අදත් එහෙමයි..රජා තෝරන ක්‍රමේ විතරයි වෙනස. අනේ මන්දා ඒකෙත් වෙනසක් නෑ බලාගෙන යනකොට..
Delete//*මිහිඳු රජතුමාගේ කුළුපග මිතුරෙක් වන "නීල" ගේ මරණය නිසා කලකිරීමෙන් සිටි නිසා ඔහු අභිෂේක මංගල්‍යයක්වත් පවත්වන්න අකමැති උනාලු*// මිහිඳු රජතුමා හොඳ යාලුවෙක් වගේ....
ReplyDeleteජය වේවා සයුරි අක්කියෝ! :D
හ්ම්ම් හොඳ යාලුවෙක් වගේ :) තැන්ක්ස් අයිස් නගෝ
Deleteහැමදාම පරක්කු වෙලා තමයි මම එන්නෙ. :( එත් කොහොම ආවත් බලන්න දෙයක් තියෙන එක නම් ලොකු සතුටක් .
ReplyDeleteපරක්කු වෙලා ආවට මක් වෙනවද...එන එකනේ වටින්නේ.
Deleteඉතා වටිනා කියන ලිපියක්.නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා....
ReplyDeleteමං මේ පැත්තට ආව පළවෙනි වතාව.......ආයෙත් එන්නම්කෝ....... :)
සමනලීවත් ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට :) ආපහු එන්නකෝ එහෙනම්.
Deleteහැමදාම වගේ කියන්න වෙන්නේ සයූ ටීචර් විශ්ව කෝෂයක් කියලා තමයි....
ReplyDeleteටීචර් අනේ පමා වෙලා පාඩමට ආවට තෑගි දෙන්නේ නැද්ද?ඕන ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙන්නම්..මම හොදට පාඩම අහගෙනයි හිටියේ.ඇරත් වලි මල්ලි අද පාඩමට ඇවිල්ලත් නෑ...මම නේ අද හොදම ළමයි....
ආ වලි මල්ලිනම් ඇවිත් නෑ තමයි තාම...හැබැයි ඔයාට තෑගි දුන්නොත් එහෙම අර උදෙන්ම ආපු සුදු අයියා මාව කයි. :0
Deleteඅපුයි එයාට බය වෙන්න එපා අක්කේ..සුදු අයියා මට බයයි ඔහොම හිටියට..ඔන්න මම කිව්වා කියල නම් කියන්න එපා..මොකද එයාට ලැජ්ජ හිතෙයිනේ ඒකයි.
Deleteහිහි..ඒකත් එහෙමද
Deleteවෙනද වගේම අපූරු ලිපියක්! ජයම වේවා යාලු :)
ReplyDeleteස්තුතියි යාලු :)
Delete//....ආදි කාලයේ මේ නීතිය පැනෙව්වම (පන්තානිකුජ්ජන කම්ම) පිඬු සිඟා විදින භික්ෂුවක් උනත් ඔහුගේ නිවස ළඟ නතර නොවී යනවා මිසක් ඔහුගෙන් දානයක් ගන්න හිතන්නෙවත් නැහැලු....//
ReplyDeleteමෙහි නිවැරදි යෙදුම වෙන්නේ "පත්තනික්කුජ්ජන කර්මය" කියන එකයි. භික්ෂූන්ට වරදක් කරපු ගිහියන්ව භික්ෂූන් විසින් වර්ජනය කිරීමක් තමා සිද්ධ වෙන්නේ. ඒකෙදී ඒ ගිහියා පූජා කරන කිසිවක් පිළි නොගැනීම ඒ වගේමයි පිඬු සිඟා යෑමේදී ඔහුගේ නිවෙස හැර යාම වගේ දේවල් සිදු වෙනවා.
භික්ෂු සංඝයාගේ එකඟත්වයෙන් පත්තනික්කුජ්ජන කර්ම වාක්‍යය කියලා දඬුවම පනවනවා. ඒ වගේමයි ගිහියා වරද පිළිගෙන භික්ෂූන්ගෙන් සමාව ලබාගත් පසුව පත්තනික්කුජ්ජනය ඉවත් කිරීමේ කර්ම වාක්‍යය කියලා දඬුවම ඉවත් කරනවා.
//....ඉතින් මේ රජතුමා ක්‍රි. ව. 673 දී අභාවප්‍රාප්ත උනාට පස්සේ රජ වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු "හතරවන අග්බෝ"...//
4 වන අග්බෝ රජතුමා දෙවන දාඨෝපතිස්සගේ පියාගේ සහෝදරියකගේ පුත්‍රයා බව තමා කියවෙන්නේ..
//..රජෙක්" වූ හතරවන අග්බෝ රජතුමාගේ මරණය නිසා රට වැසියා ඉතාමත් කම්පාවට පත් වෙනවා. ඔහුගේ චිතකයෙන් අළු මිටක් ගන්න මිනිස්සු පොර කෑවා කියලත් කියනවා...//
රජතුමාගේ භෂ්මාවශේෂ රට වැසියා ඖෂධයක් විදිහට භාවිතා කළ බවයි කියවෙන්නේ
//....ඒ වගේම පල්ලව කලා සම්ප්‍රදායයන් ආදිය ලංකාවේ ස්ථාපිත උනෙත් මේ කාලයෙමලු. රජතුමාට පල්ලව දේශයත් එක්ක තිබුණු සම්බන්ධතා නිසා එහෙම වෙන්න ඇති....//
අනිවාර්යයෙන්ම. මාන රජතුමාගේ නාමයේ අග කොටස වුණු "වම්ම" කොටස පල්ලව රජතුමාගේ නමේ අග කොටස වුණු "වර්මන්" කොටසේ සිංහල ස්වරූපයයි. මාන රජතුමාගේ පල්ලවයන්ට ලොකු පිළිගැනීමක් ලබාදුන් බව ඒකෙන් පැහැදිලියි.
//4 වන අග්බෝ රජතුමා දෙවන දාඨෝපතිස්සගේ පියාගේ සහෝදරියකගේ පුත්‍රයා බව තමා කියවෙන්නේ.. //
Deletehttp://en.wikipedia.org/wiki/List_of_Sri_Lankan_monarchs#House_of_Moriya_.28463.E2.80.93691.29
මෙතන සඳහන් වෙන්නේ "Younger brother of Dathopa Tissa" කියලා. මේක ඥාති සොහොයුරෙක්ට කිව්වා වෙන්නත් පුළුවන්.
තව දුරටත් හොයද්දි මේ ලිපිය හමු උනා.
http://yasiruudana.wordpress.com/2012/06/24/%E0%B6%AF%E0%B7%8F%E0%B6%A8%E0%B7%9D%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83-%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%9C%E0%B7%8A/
ඉරිදා නිවාඩු දවසේ උදේම ඉතිහාසය පන්ති තිබ්බ එක ගැන මගේ විරෝදය.. ඒකනේ මට එන්න පරක්කු උනේ.. :)
ReplyDeleteඅද කොටස මගේ මතකේ නිකන් නෑ නෑ වගේ.. ඒ හින්දා ආයෙම පාරක් බලා ගන්න ඕන.. :)
ඒකනේ...මට අමතකම උනානේ ඒ ඉරිදා කියලා :) ඉස්කෝලේ නිවාඩු නේ.
Deleteකාලෙකින් ආවෙ... ඔක්කොම මග ඇරුන පෝස්ට් එක හුස්මට කියෙව්ව. ආයෙත් සුපුරුදු ලියවිල්ලට බැහැල නේද. අර ගෙවල් ගාව පින්තූරු ටිකනම් හරි අගෙයි... මෙහෙ ඔච්චර පාට මාරුවෙලා තියෙන්නෙ නෑ ගස්වල. ඉක්මනින්කොල හැලෙනව....
ReplyDeleteරෝස කුමාරි ඉන්න ප්‍රාන්තේ දැනගන්න ආස උනත් අහන්න විදියක් නෑ නේ...උතුරේද දකුණේද කියලවත් කියන්නකෝ :)
Deleteමෙහෙත් සති දෙක තුනක් වගේ තමයි මෙහෙම ලස්සනට තියෙන්නේ. ඊට පස්සේ ඔක්කොම කොළ බිම.
අන්න ඒ ටික කාලෙදිනම් ටිකක් යුද්දේ අඩුවෙන් වෙලා තියෙන්නේ. අපිටත් ඕනේ 4වන අග්බෝ වගේ රජ කෙනෙක්.
ReplyDeleteආන්න හරි..හැබැයි එහෙම කෙනෙක් ආපහු ඉපදෙන එකක් නෑ නේද
Deleteඅයියෝ සයුරි, මුන් මරා ගන්නවා ඉවරයක් නෑනෙ. අපේ ඉතිහාසය පුරාවටම නම තියෙන, පලදායි වැඩක් කරපු රජවරු ඉන්නෙ බොහොම ටික දෙනයි වගේ නේද ?
ReplyDeleteසැන්ඩිගෙන් කරදරයක් නැතුව ඇති කියලා හිතනවා.
ඔව් නේද? ඉතිහාසේ කියලා අපි කිව්වට වැඩි හරියක් ගන්න දෙයක් නෑ වගේ. .
Deleteසැන්ඩියා අපිටනම් අවුලක් කලේ නෑ. ස්තුතියි ඒ ගැන ඇහුවට සෙන්න :)
අපිට සැන්ඩි තියෙනවා අරක්කු තමා නැත්තේ.
Deleteහිහ්
Deleteමානවම්ම රජතුමා මම ඉතිහාස පොතේ ප්‍රිය කරන චරිතයක්..උත්සාහවන්තයා ජයගනී කියනවනේ..
ReplyDeleteකොහොම වුනත් මම දැන් කල්පනා කලේ එතුමා මැරෙන කොට වයස කීයක් වෙන්න ඇතිද කියලා..
හ්ම් උපරිම ආයුෂ විඳලා වගේ නේද...ඒ අතරේ ලංකාවේ ඉඳපු අනිත් රජවරු වැඩිකල් රජ කරලා නැහැනේ. මානවම්ම ඉන්දියාවේ ඉඳලා එනකන් රජවරු කීප දෙනෙක්ම කෙටි කාලවල රජ කරලා.
Delete