Thursday, January 10, 2013

අත්වැල මම වෙන්නම්

අඳුරෙ වෙලී සඳ කිණිති ලතාවට
අහස පුරා දඟ කරන තුරාවට
නිල් නෙතු සඟලේ කිමිදී හෙමිහිට
දැහැනක සැතපෙන්නම්

සඳ රැස් වැතිරෙන පුලින තලාවක
පාට පියුම් පෙති වැටෙන වෙලාවක
අත්තල පටලා මා පසෙකින් නුඹ
කැන්දාගෙන යන්නම්

කොඳ මල මුදුනේ මී මැසි සාදෙට
රොන් කෙමියේ පැණි පිරෙන කලාවට
මගෙ හිත පුරවන ටිකිරි හිනාවෙන්
සැමදා සැනහෙන්නම්

රන්ගිර මුදුනට දිනිඳු වඩින්නට
පුන් සඳ අතුරන පිනි පළසක් ලෙස
මගෙ ඇත් රජුනට ලොවම දිනන්නට
අත්වැල මම වෙන්නම්





97 comments:

  1. හුරේ මම එක උනෝ..
    ලොකු අක්කගේ බ්ලොග් එකට කාලෙකින් ඇවිත් එක උනෝ..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ මෙයා එක වෙලා මෙන්න.. කාලෙකින් රණ්ඬු උනෙත් නෑ.. ඒ වලියක් දා ගමුකො අක්කේ..

      Delete
    2. අප්පද බොල. මෙන්න බට්ටියා ඇවිත් :) හරි හරි පොඩ්ඩක් රණ්ඩු වෙන්නකො දෙන්නත් එක්ක. ආසාවනේ :)

      Delete
  2. ලියන කවි තාලෙට
    කියවගෙන යනවිට
    දැනුනා මගේ සිතට
    ගලන සෙනෙහස දරුගෙ සිතකට

    ඔබේ කවි ලස්සනයි
    තේරුමත් එසේමැයි
    පද ගැලපුමත් නියමයි
    කවියේ අර්ථය සිතට දැනුනයි

    :)

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට ඇපල් හොඳ කවි කාරයෙක්නේ. බොහොම ලස්සනයි කවි දෙක. බෝම ස්තුති වේවා.

      Delete
  3. මේන් මෙයත් දරු සුරතල් කවියක් ලියලා....
    කවි ටික පංකාදුයි..... :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ...තෑන්ක්ස් හොඳේ :)

      Delete
  4. දරු සුරතල් බලන්නද යන්නේ..

    කවියනම් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඔන්න බලමු හිතල තියන එව්වා..

      Delete

  5. හරිම ලස්සනයි.
    ඔහොම හිතන්න කලෙ හරි...!

    ReplyDelete
    Replies
    1. හරී කිව්වදේ මටත් හිතුන..! ලියලත් මැකුව.

      Delete
    2. හ්ම්ම්..ඒක තමා මේ මාත් බැලුවේ, කාලේ හරිද කියලා :)

      //හරී කිව්වදේ මටත් හිතුන//
      එහෙම නෑ අප්පා :)

      Delete
  6. අප්පේ ලොකු අක්කගේ කවි සැට් එක පංකාදුයි නෙවෑ....... :)

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කූ කෝරා මල්ලි

      Delete
  7. මව් සෙනෙහසේ අරුමය.. දරුවන්ට සැබෑවට ආදරය දක්වන අම්මලාට මෙහෙම හිතෙනවා ඇති...

    ලස්සනයි සයුරි..( සුදු නෙළුම් මල් හොඬින් ගත්ත ඇත්තු එහෙම හීනෙන් පේන්නෙ නෑ නේද ? )

    ReplyDelete
    Replies
    1. අම්ම කෙනෙක්ගේ ආදරය ගැන අම්ම කෙනෙක් වෙනකන්ම තේරෙන්නේ නැහැලුනේ ලිහිණි. හිහි..තාමනම් එහෙම හීන පේන්නේ නැහැ.. :ඩි

      Delete
    2. එර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්

      Delete
  8. මේකෙ නිමිත්ත මම හිතපු එකමද කියල නොදන්න නිසා ඒ ගැන නොකියම ඉන්නම්කෝ. :)

    මම මුලින්ම මේ පැත්තට ආවෙත් සයුරි ලියපු නිසඳැසක් කියවන්න, ‘සබෝර්‘ ගැන.

    ReplyDelete
    Replies
    1. කට්ටිය මොනවා හිතලද මන්දා :)

      සබෝර්ගෙන් පස්සේම කවියක් දැම්මේ අදද කොහෙද ඩිඩිටී

      Delete
  9. නවතම අදහසක් ...ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජීවනී

      Delete
  10. ලස්සන කවි පෙලක් අක්කේ..

    මේක දැක්කම මතක් උනේ.. අර කවියට කවියක් වැඩේට මොකො ආ උනේ.. ලියන්නකෝ අනේ ආයෙම කවි රිප්ලයි දාන්න එකක්..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මල්ලි. ආ ඒ වැඩෙත් ආපහු පටන් ගන්න ඕනේ. බලමුකෝ ටික දවසකින් එකක් දාන්න

      Delete
  11. මටත් පේන්නේ දරු සුරතල් බලන්ට යනවා වගේ...:)

    ReplyDelete
    Replies
    1. හෙහේ..මම ඉල්ලං කාලා වගේ

      Delete
    2. හ්ම්ම්ම් හ්ම්ම්ම්... ඒ කියන්නේ අර සුප්‍රකට "සිතුවිල්ලක් පමණක් නොවේ" කෑල්ල මේකටත් අදාලද මන්දා

      Delete
    3. සිතුවිල්ලක් පමණි.. :)

      Delete
  12. හොඳයි හොඳයි කාලෙකින් කවියක්.... අම්ම කෙනෙක්ගෙ බොහොම ලස්සන පැතුමක්... තාත්තා කෙනෙක් විදිහට මටත් බොහොම හොඳින් දැනෙන හැඟීමක්...

    හ්ම්ම්... අන්තිම කවියේ මුල්පද දෙකේ එළිසමය නොරැකීම ගැන සුළු විරෝධයක්.. :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අපිට වඩා දෙමව්පියෝ වෙච්ච කට්ටියට මේවා දැනෙනවා ඇති කොහොමත්. ස්තුතියි ඔයාට.

      ඔව් :) මුල කවි දෙකෙත් අන්තිම පදවල එළිසමයක් රැකලා නෑ නේ. තිබ්බනම් ලස්සනයි තමා. ඒත් මේ ඡන්දසට අනුව එළිසමයක් අත්‍යවශ්‍ය නෑ නේද

      Delete
    2. ඔව් ඔව් අවශ්‍යම නෑ.. නමුත් හැම කවියකම "මුල් පද දෙකේ" එළිසමය තියලනෙ ලියලා තියෙන්නෙ, අන්තිම කවියේ විතරයි නැත්තේ ඒකයි.

      Delete
    3. හ්ම්ම්..ඒකනම් ඇත්ත තමා

      Delete
  13. ලස්සනයි නංගෝ... හැම ගැහැණියක්ම, යුවතියක්ම ජීවිතේ දකින සුන්දරම හීනය, උතුම්ම බලාපොරොත්තුව මෙය නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් නේද අක්කේ. හැම කෙනෙක්ටම මෙහෙම හිතෙනවා ඇති. ඒ අත්දැකීම ලබපු අයට තවත් හොඳින් දැනෙනවා ඇති.

      Delete
  14. මව් සෙනෙහස මෙහෙමයි කියලා ලියලා ඉවර කරන්න බෑ සයුරි අක්කා. මේ කවි ටික එහෙව් මව් සෙනෙහසට උපහාරයක්ම වේවා !!

    ප.ලි. - මම බලාපොරොත්තු වෙච්ච ආරක කවි ලියවිල්ලක් නෙමේ. දැන් ඔබතුමිය සරල කවි වලට බැහැලා. එදා මම දැකපු නොතේරෙන කවි ලියන්නිය අද කොහේද දන්නේ නෑ. අනේ මන්දා කවි ලියන බ්ලොග්කාරිනියන්ගෙන් තවත් "එක්කෙනෙක් විතරක්ම" වෙලා ඔයා.

    මොනා කරන්නද ඔහේගේ කැමැත්ත, ඔහේගේ බ්ලොග් එක නෙව. :)

    ReplyDelete
    Replies
    1. හපොයි දරුණු ප්‍රහාරයක් එල්ල කරලා නෙව මට. බ්ලොග් බලලමද කොහෙද මට සරල කවි වලට හිත ගියේ. ඉස්සර ලියපු විදියට ලියන්න මොකද්ද මන්දා කම්මැලි කමක් තියනවා. හැබැයි ඒක හොඳ නෑ කියලා හිතෙනවා ඔයා එහෙම කිව්වම. බලමුකෝ මධුවෝ. එකක් ලියන්නම්කො නොවැරදීම.

      Delete
    2. ඔන්න මම කිව්වේ මගේ අදහස. ඒ නිසා තරහා ගන්ඩ කාරි නෑ. :)

      මේකයි. සිංඩියක දවසට තියෙන කවි කියෙව්වොත් ඔය රටාවේ කවි කියවන්න දැනට තියෙන එකම බ්ලොග් එක මේක. ඒකයි එහෙම කවියක් ලියන්ඩ කිව්වේ.
      අනිත් එක හැමෝම එකම දේ කරනකොටත් ඒකේ කිසි ගතියක් නෑ නේ. වෙනසක් තියෙන එකත් හොඳයි නේ. මම ඒකයි කියන්නේ ඔයා වෙනස්ම ආරක කවි ලියන්නියක් කියලා.

      ඔන්න එහෙනම් නොවැරදිම ලියන්ඩ.
      ජය වේවා ! :)

      Delete
    3. අලේ තරහක් නෑ මෙයා. ඒක කියපු එක හොඳයි. මොකෝ මම හිතුවෙම නෑ නේ ඒ ජාතියේ කවි එච්චරටම හොඳයි කියලා. අනිවා අනිවා ඊ ළඟ පාර බලන්නම්.

      Delete
  15. දැන් බ්ලොග් වල කවි ලියවෙන්නෙම නැති නිසා මේ වගේ දෙයක් සෑහෙන්න වටිනවා!
    එත් පොඩි දෙයක් දැනගන්න ඕන
    පුලින තලාව කියන්නේ මොකක්ද කියල(මගේ අඥාන කමට හිනා වෙන්න නම් එපෝ! :(

    ReplyDelete
    Replies
    1. පුලින තලාව කියන්නේ වැලි තලාවට නේ නුවන්. හිනාවෙන්නේ මොකටද අප්පා ඉතින් ඕකට :)

      Delete
  16. කවියකට වඩා මේ පැදි පෙළේ තියෙන්නෙ ගීතමය ගතියක්....(දීපිකා ප්‍රිය දර්ශණිගේ හඩට වඩාත් ගැලපෙන..)

    බලමු දයා මොකද කියන්නෙ කියලා....?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මටත් හිතෙනවා නිකන් දෙකම මික්ස් වෙච්ච එකක් කියලා.

      Delete
  17. ලස්සනම ලස්සන කවි පෙලක් සයුරි. මම අවුරුදු 10කින් විතර කවියක් ලියල නෑ. කවි නොලිය ඉන්නකොට ඒ හැකියාවත් මොට වෙනව. ඉදල හිටලහරි රසබර කවියක් අරන් එන්න සයුරි. ඔයාට හොඳ හැකියාවක් තියනව.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් ඇත්ත තමා. නොලිය ඉන්නකොට ලියන්න හිතෙන්නෙත් නෑ හිතුනට ලියන්නත් බෑ. රෝස කුමාරිත් ආපහු ලියන්න ගත්තනම් නරකද. මාත් හරිම කම්මැලි වෙලා දැන් කවි ලියන්න.

      Delete
  18. අම්මා කෙනෙක් ගෙ අහින්සක පැතුමක්. හරිම ලස්සනයි සයුරී. මටත් ඉතින් ඔන්න හැමෝම අහන දේ තමා අහන්න හිතෙන්නෙ?D;

    ඇයි මෙච්චර හැකියාවක් තියෙත්දි ඒක මොට වෙන්න අරින්නෙ?

    ReplyDelete
    Replies
    1. හිහි..කට්ටිය පොඩ්ඩක් නොමග ගිහිල්ලා නේ :) මම මේ තාම ඉගනගන්න එකී, මුලින්ම ඒක ඉවර කොරලා ඉන්ට එපැයි..ඔන්න මම හිතාගත්තා මොට වෙන්න දෙන්නේ නෑ කියලා. බොහොම ස්තුතියි ඒ ගැන කිව්වට, හැමෝටම.

      Delete
  19. නොකියෙව්වෙමි..

    ReplyDelete
  20. කවියකට වඩා ගීයකට තමයි ලස්සන . දරු නලවල්ලකට වඩා දරුවා එක්ක සෙල්ලම් කරද්දී කියන්න හොඳ ගීයක් වෙයි මෙය .

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා. දරු නැලවිල්ලක්නම් නෙමෙයි මේක. මට මේක ලියද්දි මැවිලා පෙනුනේ දඟකාර විදියට අතින් අල්ලගෙන ලස්සන වැලි තලාවක් දිගේ දුව පැන ඇවිදින අම්ම කෙනෙකුයි පුංචි පුතෙකුයි.

      Delete
  21. තේරුණේ නෑනේ :(

    අම්ම කෙනෙක් දරුවෙක්ට කියන එකක්ද ?
    දියණියක් පියෙකුට කියන එකක්ද ?
    බිරිඳක් සැමියට කියන එකක්ද ?

    ReplyDelete
    Replies
    1. හෑ ?

      දියණියක් පියෙකුට කියන එකක් නෙමෙයි. ටිකිරි හිනාව, ලොවම දිනන්න අත්වැල වෙන එක එහෙම ඒකට ගැලපෙන්නේ නෑ නේ.
      බිරිඳ සැමියාට කියන එකකුත් නෙමෙයි. ඒත් අර හේතු හින්දා. අත අල්ලගෙන "කැන්දාගෙන" යන එක ගැලපෙන්නෙත් නෑ නේ ඒකට.
      පළවෙනි එක තමා හරි :)

      Delete
  22. සෑහෙන කාලෙකට පස්සෙ කවියක්... කවියක් කිවිවට කවියක් නෙවේ ගී පබැදුමක්.. මොකද මේ පදමාලාවේ රිදමය බෙහෙවින්ම ගිතවත්. මෙන්න බලන්න මේක ගීතයක් බවට පත්වෙන හැටි. හැබැයි ඔබේ කර්තෘත්වයෙන් අනවසරයෙන් උපුටාගෙන තමයි මේ නැවත පලකරන්නේ ඒකත් සද්භාවයෙන් රසවින්දනය උදෙසා... කවිය විකෘති කිරීමක් ‍එහෙම නෙවේ.




    අඳුරෙ වෙලී සඳ කිණිති ලතා
    අහස පුරා දඟ කරන තුරා
    නිල් නෙතු සඟලේ කිමිදී
    දැහැනක සැතපෙන්නම්

    සඳ රැස් වැතිරෙන පුලින තලාවක
    පාට පියුම් පෙති වැටෙන වෙලාවේ
    අත්තල පටලා
    කැන්දාගෙන යන්නම්

    කොඳ මල මුදුනේ මී මැසි සාදේ
    රොන් කෙමියේ පැණි පිරෙන වෙලාවේ
    මගෙ හිත පුරවන ටිකිරි හිනාවෙන්
    සැමදා සැනහෙන්නම්

    රන්ගිර මුදුනට දිනිඳු වඩින්නට
    පුන් සඳ අතුරන පිනි පළසක් වී
    මගෙ ඇත් රජුහට ලොවම දිනන්නට
    අත්වැල වෙන්නම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබ තුමාට මේක ගීයකට හරවන හැටි කියල දුන්නට. ගීතය ගැන හරිම අඩු දැනීමක් මට තියෙන්නේ. ඔබ වැනි අය නිසා ඒ වගේ දේවල් ඉගන ගන්න ලැබෙන එක කොයි තරම් දෙයක්ද. නැවතත්, බොහොම ස්තුතියි...

      Delete
    2. @ දයානන්ද අයියා: ++++
      මම සයුරි ලියපු මේ පද පේලි ටික කියවපු මොහොතේම ඒකෙ ලයාන්විත බව නිසාම හිතින් කල්පනා කලා දයා අයියා මේකට මොනවා කියයිද කියලා. ඒ නිසාමයි කමෙන්ට්ස් අතර අයියාගේ කමෙන්ට් එක හෙව්වේ...
      නියමයි.. අයියා ඒක ගීයකටත් හරවලා නොවැ

      Delete
  23. ලස්සන කවි පෙළ අක්කේ!! මටත් අහන්න හිතුනෙ අර ලිහිණි අක්කා අහපු ප්‍රශ්නෙ..:D

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නංගි. ලිහිණිට පොඩ්ඩක් වැරදිලා :)

      Delete
  24. Niyamaine...godak lassanai...
    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තුතියි දමිත්

      Delete
  25. මී ගොඩයගේ කවියට ම ලියපු එකක් වගේ.....

    ඔබ පතනා ලොව
    ඉදිකර දෙන්නට
    ඇප කැප වෙන්නම් අම්මේ හැම කල
    ඔබේ පැතුම් ඉටු වූ දවසක
    සැනසෙන්නම් මා ඔබේ පුතා ලෙස.....

    ReplyDelete
    Replies
    1. මේක පබ්ලිෂ් කරන්න තියාගෙන මී ගොඩගේ කවිය දැක්කම මටත් පුදුම හිතුනා. හැබැයි එතන පොඩි වෙන කතාවකුත් තියනවනේ :)

      Delete
    2. ආ..ඇත්තටම අම්මලා අරම හිතනවා වගේම පුතාලත් මෙහෙම හිතනවානම් කොයි තරම් හොඳද, නේද නලින් අයියා

      Delete
    3. ඔව් එතැන කියන්නේ සැමියාගේ අබලතාව වසාගන්න බිරිය කළ අනියම් කටයුතත්තක ප්‍රතිඵලයක් ගැන නේ.

      Delete
    4. මේ කවියයි මගේ කවියයි සම්පූර්නයෙන්ම වෙනස්... මේ කවිය පුරාවට මවු සෙනෙහස් දෝරේ ගලනවා,,,,,
      මෙගේ කවිය පුරාවට තියෙන්නේ ,,,, පවුල් ප්‍රශ්නයක්.....

      සයුරිගේ කවිය කවි රසයෙන් වගේම අර්ථ රසයෙනුත් පරිපූර්ණයි

      Delete
    5. මී ගොඩගේ කවියේ දරුවෙක් නැති කම හින්දා දැනෙන හැඟීම් පුදුම ලස්සනට විස්තර කරලා තිබුනා. පවුල් ප්‍රශ්නෙකුත් තිබුනට ඒකත් කවියේ ලස්සන ඇතුලේ ප්‍රශ්නේ හංගලා වගේ තමයි ලියල තිබුනේ. මේකත් මම ලිව්වේ තාම දරුවෙක් ලැබිල නැති, ඒත් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් හිතන විදියට. කොහොම තේරුනාදනම් මන්දා :)

      Delete
    6. සයුරි එහෙම කිව්වට මේ කවිය මට දැනුනේ තම කුළුදුල් දරුව උපන්න මවක් ඒ දරුවගේ අනාගතේ ගැන මවන හීනයක් විදියට.....

      අවුලක් නෑ.. එකම දේ දෙන්නෙකුට දැනෙන විදිය වෙනස් ඒක බොහොම සාමන්‍යයයි

      Delete
    7. හ්ම්ම් එහෙම හිතන්නත් පුළුවන් :)

      Delete
  26. ගොඩක් ලස්සනයි මේ කවි ටික සයුරි .
    හරිම හිත නිවෙනවා ..මහ විකාර ගොඩක
    මේ ටිකේම ඉන්නේ..ඒ අතරේ මේ කවි ටික
    දැක්කම හැම දේම නිවුන ..
    අලුත් අවුරුද්දේ උනත් ඔයා විතරයි අලුත් අවුරුද්දකට
    ගැලපෙන පෝස්ට් එකක් දාපු කෙනා ..
    මේකත් ගැලපෙනවා මේ වගේ දේවල් ටිකක් මැද්දේ ඉද්දි
    හිත සැහැල්ලු වෙනවා...
    ස්තූතියි ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සහන් ප්‍රශංසාවට. මේ ටිකේම අහන්න ලැබෙන දේවලින් ඔලුව අවුල් වෙනවා තමයි. අවුරුද්ද ලබනකොටම නරක නිවුස් එනවා.

      Delete
  27. සයුරිගේ කවියේ නිමිත්ත වෙනම එක්ක වුණත් මේ කවිය හරියටම කීවොත් ගිතය කියවනකොට මට මතක් වුණේ නරිබෑනා නාට්‍ය කියන කුමටද සොබනියෙ කදුළු සලන්නේ කියන ගීතය, ඒ ඇයි කියලා නම මම දන්නේත් නෑ.අපූරු නිර්මාණයක්. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. හා හා...ඇත්ත තමයි. ඒකත් මීට සමානයි කියලා මටත් හිතෙනවා. පද, ශෛලිය එහෙම. බොහොම ස්තුතියි රතු ටත්.

      Delete
  28. Replies
    1. ස්තුතියි නංගි. කාලෙකින් දැක්කේ ඔයාව. දැන් බ්ලොග් ලියන්නෙම නැද්ද?

      Delete
  29. කාලෙකින් කවියක් දැක්කේ. අළුත් අවුරුද්දේ අළුත් වැඩක් ද?.. :P

    ReplyDelete
    Replies
    1. ම්ම්..ඒක අහපු විදියනම් ඇල්ලුවේ නෑ මට :)

      Delete
  30. අද මුලින්ම කියෙව්වේ පිය සෙනෙහස ගැන ඊට ටිකකට පස්සේ මව් සෙනෙහස ගැන දැන් දරු සෙනෙහස ගැන. ඒකත් පට්ටයි ඈ...
    ලස්සනයි අක්කේ කවි ටික..

    ReplyDelete
    Replies
    1. සෙනෙහසේ ප්‍රභේද...ස්තුතියි තරු :)

      Delete
  31. අනේ ලස්සන පද පෙළක් සයුරි ! ඔය හැම සෙනෙහසකම කෙළවරක් නෑ සයුරියෝ ..
    :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත රෙහානියෝ. කොහෙන් කෙළවරක් හොයන්නද

      Delete
  32. ඇත්තමට මේ කවි පෙළේ අමුතුම මිහිරක් තියෙනවා... විහිළුවට කියනවා නෙවි, මේකට පොඩි තනුවක් දාලා ගයන්න ලයාන්විත හඩක් තියෙන ගායිකාවට දුන්නොත් හොඳ නිර්මානයක් වේවි(සයුරිම ගයනවා නම් වඩා අගෙයි)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තොටියාස් අයියේ. මට සින්දුව කියන්න දෙන එක ගැනනම් පොඩ්ඩක් හිතන්න වෙනවා. හික් හික්. අපේ නයිට් එකේ සින්දුවක් කිව්වට පස්සේ සින්දු කිව්ව කාලයක් මතක නෑ. බාත්රූම් එකේදී ඇරෙන්න.

      Delete
    2. ගොඩාක් ලස්සනයි සයුරි....

      Delete
    3. බොහොම ස්තුතියි සජීවනී..

      Delete
  33. Replies
    1. තෑන්ක් යූ අයියා...

      Delete
  34. මෙච්චරයි කියලා පෙන්නන්න බැරි සීමා මායිමක් නැති ආදරේ හම්බෙන්නේ අම්මගෙනුයි තාත්තාගෙනුයි විතරයි. ලාස්සන කවි පේලි ටික අක්කේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා පැතුම්. ලෝකේ තියන වටිනාම ආදරය.

      Delete
  35. කවිය නම් සුපිරියි.ඒත් පොඩි තරහක් තියෙනවා සෑහෙන කාලෙකින් කවියක් නොලියාපු එක ගැන.අනේ ඒකයි අර කවියට කවියක් වැඩේ අතෑරලාද ඈ..

    ReplyDelete
    Replies
    1. කෝ ඉතින් මේ වගේ කවි කාරියෝ හිටියේ නැති වෙලාවේ කවියට කවියක් දාලා මක්කරන්නද අනේ..දැන්නම් ළඟදීම දාන්න පුළුවන් වගේ.

      Delete
  36. ලස්සන කවියක් සයුරි..ඉඳලා හිටලා හරි කවි ලියන්න මතක් වෙන එක වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ. කාලෙකින් ලියන්න බැරි උනා. බොහොම ස්තුතියි

      Delete
  37. අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන් පළා ගොස් මගේ වැඩක් බලාගන්ට ඇති නම් කෙතරම් සහනයක්දැයි මේ දිනයන්හි මට නොයෙක් වර කල්පනා වේ. ඒ තරමටම අන්තර්ජාලය – බ්ලොග්, ඊ-මේල්, ෆේස්බුක් සියල්ල – වර්ගවාදී වෛරයෙන් පිරී ඇත්තේය. මානවයන් අතර භේද නැති කරන්ට ඉවහල් වනු ඇතැයි අප කලෙක විශ්වාස කළ අන්තර්ජාලයම ඒ භේද වපුරන තෝතැන්නක් බවට පත්ව තියේ. මම ඒ කුණු ගොඩෙහි රැඳී සිටින්ට අකැමැත්තෙමි. නිදහස් මතධරයන් ස්ටාලින්ගේ සෝවියට් දේශයෙන් හිට්ලර්ගේ ජර්මනියෙන් නික්ම ගියාක් සේම අපටද අන්තර්ජාලයෙන් සමු ගන්ට කාලයද මේ?

    එහෙත් පළා යන්ට මත්තෙන් මගේ පාඨකයින්ට වූ පොරොන්දුව ඉටු කළ යුතුව ඇත. මවිසින් කළ සුළු සංස්කරණ කිහිපයකින් යුතුව, මේ කතාංගය පළ වන්නේ එනිසාය. (එය විකල්ප අවසානයක්ද නොදනිමි. මෙහි රචකයා, කතාවේ ලේඛකයාද සමඟ කතාවෙන් එළියට පනියි!)

    විශේෂ උපදේශයක් නොදුන් නිසා නොනමින් පළ කරමි. රචකයාට අවශ්‍ය නම් තම අනන්‍යතාව කමන්ට් එකකින් හෙළි කළ හැකිය. (ඔහු මෑතකදී බ්ලොග් එකක් පටන් ගත් බ්ලොග්කරුවෙකි.)

    - ලේඛක
    ________________________________________________

    ReplyDelete
    Replies
    1. කෝ එතකොට කථාංගය ?

      Delete
  38. හරිම ලස්සන කවි පන්තියක් ..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන් දයා...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...