Monday, June 17, 2013

සුපීරියර් විලේ සිතුවම් ගල්

සුපීරියර් විල කියල කියන්නේ පංච මහා විල් වලින් ලොකුම එක. පංච මහා විල් කියන්නේ මොකද්ද කියලනම් අහන්න එපා හොඳේ. :) එක සැරයක් නයගරා ගැන ලියපු පෝස්ට් එකේදී ඔය විල් හැදුන හැටි, විස්කොන්සින් ග්ලැසියේෂන් ගැන එහෙම කිව්වා මතකයි.

ඉතින් මේ සුපීරියර් විලේ කොනක එක්තරා පුංචි ඉවුරක් තියනවා "Pictured Rocks" කියලා. ඒ ඉවුරට මේ නම ලැබෙන්න හේතුවකුත් තියනවා.



ඔය ඉවුරේ බිත්තිය දිහා හොඳට බැලුවොත් පෙනේවි නිකන් ඉරි ඉරි චිත්‍රයක් වගේ එකක්. ටිකක් වම් පැත්තට වෙන්න. ඒ වගේ ස්වාභාවික චිත්‍ර ඉවුර දිගටම පිහිටලා තියනවා. මෙතන ඉවුරෙන් බොහොම පොඩ්ඩයි පේන්න තියෙන්නේ.  හරියටමනම් මේ ඉවුරුවල දිග හැතැප්ම ගානක්. ඉතින් ඒ ඉවුරු දිගටම අර විදියේ චිත්‍රත් පිහිටලා තියනවා.

හැබැයි මේවා ගොඩ ඉඳගෙන නම් දැකගන්න බැහැ. ඒකට පුංචි පහේ ක්රූස් එකක් සූදානම් කරලා තියනවා අපිව එක්ක ගිහින් ඒවා පෙන්නන්න. ඔය යන්නේ එයින් එකක්.


ඔහොම ඉවුරු අයිනෙන් යාත්‍රා කරගෙන යනකොට ඔන්න චිත්‍ර පොතක වගේ අපූරු සිතුවම් පේන්න පටන් ගන්නවා. මේ සිතුවම් රතු, නිල්, කළු, කොළ වගේ වර්ණ වලින් දකින්න පුළුවන්. 





මම කලින් කිව්වනේ සුපිරියර් විල තමයි පංච මහා විල් වලින් ලොකුම සහ ගැඹුරුම එක කියලා. ඒ වගේම එදා දැනගත්ත තවත් කාරණයක් තමයි මේ විලේ ජලය සාපේක්ෂව ඉතාමත් පිරිසුදුයි ලු. ඒ කතාවනම් ඇත්ත වෙන්න ඕනේ. වතුරේ පාට දිහා බැලුවමත් ඒක පේනවා.

මේ තියෙන්නේ සාමාන්‍ය පොයින්ට් & ශූට් කැමරාවකින් ගත්ත විල් පතුලේ පින්තුරයක්.



මේ ආරුක්කුවක් වගේ පේන ස්ථානයට කියන්නේ "lover's leap" කියලා. ඔතන විල ගැඹුරුයි වගේ පෙනුනට ඉතාමත් නොගැඹුරු තැනක්. කවුරු හරි ගිලිලා මැරෙන්න හිතාගෙන වතුරට පැන්නට වැඩක් වෙන්නේ නෑ. විලේ පතුලේ වැදිලා තමයි මැරෙන්න වෙන්නේ.

 

හැබැයි මේ ගමනේ උපරිම විනෝදය ලැබෙන්නේ ක්රූස් එකෙන් ගියොත් නෙමෙයි. තනි මනුස්සයෙක්ට විතරක් යන්න පුළුවන් kayak කියන බෝට්ටු විශේෂය ගැන අහල ඇතිනේ. ඉතින් කැමති අයට පුළුවන් කයැක් එකක් බද්දට අරගන්න. ඉන් පස්සේ කයක් එකයි මිනිහවයි දෙන්නවම වෙනත් බෝට්ටුවකින් ඈතට අරගෙන ගිහින් සිතුවම් ඉවුරු අතරේ අත ඇරලා එනවා. හිතේ හැටියට පැදලා කැමති වෙලාවක ගොඩට පැදගෙන එන එකයි තියෙන්නේ. මේ ඉන්නේ එහෙම kayak කාරයෝ ටිකක්. ක්රූස් එකට යන්න බැරි අහුමුලු අස්සට මේ අයට යන්න පුළුවන්.




මමනම් ඉතින් ඔය kayak වැඩේට කැමති නෑ. ඒක මේ දැන් පෙරලෙන්න බලාගෙන ඉන්නේ කියලමයි  මට හිතෙන්නේ. ඊට වඩා ටිකක් ස්ථායි canoe කියන ජාතිය. ඩබල් දාලා තමා යන්නේ. ඒවායේ නම් අපි ගිහින් තියනවා දෙතුන් පාරක්. දෙන්නෙක් ඉන්නකොට වැඩිය හොඳයි නේ :)

                                                                 ~~~~~~~~~~~~~~

පින්තූර දදා හිටියා මිසක් මේ විදියේ සිතුවම් ගල් වල මැවුනේ කොහොමද කියලා කිව්වේ නෑ නේ. ඒකට හේතුව තමයි ඛනිජ ලවණ. මේ උස ඉවුරු වැඩි හරියක්ම සමන්විත වෙන්නේ ගල් වලින්. ඒවායේ අඩංගු වෙනවා එක එක වර්ගයේ ඛනිජ ලවණ.

මෙන්න මේවා තමයි අපිට දකින්න ලැබෙන සිතුවම් වර්ණ වලට හේතු

යකඩ - රතු පැහැය
මන්ගනිස් - සුදු සහ කලු
ලිමොනයිට් - කහ දුඹුරු
තඹ - රෝස කොළ පැහැය

ඒ වගේමයි කාලාන්තරයකට කලින් විලේ ජල මට්ටම තිබිලා තියෙන්නේ මීට ගොඩක් උසින් ලු. කාලයත් එක්ක ජල මට්ටම පහළ බහිද්දී ඉවුරු ඛාදනය වීමත් එක්ක අර ඛනිජ ලවණ දිය වුන සලකුණු ඉතිරි කරලා ජලය වාෂ්ප වෙලා ගිහින්. ඕක තමා එයාලා අපිට දීපු පැහැදිලි කිරීම.

ආ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා. හොඳම පින්තුරේ දැම්මේ නැහැනේ. ඔන්න බලන්න. මුකුත් අමුත්තක් එහෙම පේනවද?



තෙතමනයක් නැති කාෂ්ඨක ගල් පර්වතයක් උඩ පුංචි පැලයක් පැල වෙලා. ටික ටික ලොකු වේගෙන එද්දී තමයි වැඩේ තේරෙන්නේ. නෝ වෝටර්...නෝ ෆුඩ්...

දැන් ඉතින් මොකෝ කරන්නේ. ගහත් වැඩේ අත ඇරලා නැහැ. පේනවද පර්වතයේ වම් පැත්තෙන් ගහේ මුල් වගයක් ඇදිලා ගිහින් ප්‍රධාන ගොඩ බිමත් එක්ක සම්බන්ධ වෙන හැටි? ඒක තමා නොමැරී ඉන්න ගහ හොයා ගතිපු ක්‍රමය. හරියට පිටරටකින් ආහාර ආනයනය කරනවා වගේ. කෝම හරි ගහ තවමත් සුවෙන් :)

73 comments:

  1. මට මතක් උනේ Grand Canyon . සොබා දහම කියන එකේ පුදුම නිර්මාණ නේද මේ? හිතාගන්ටත් බැරි තරම් ලස්සනයි.:)

    ReplyDelete
    Replies
    1. ඔයා Grand Canyon ගිහින් තියනවද? මටනම් තාම යාගන්න බැරි උනා

      Delete
  2. මරු ඈ.... අර ගහනම් මාර පොරක් තමා... දැන් ඔය මුල කැපුවොත් එහෙම ආයෙ එකක් යවයිද දන්නෑ නේද ?

    මෙයා දැන් කම්මැලි වෙලා ඉන්න හේතුව පැහැදිලියි.. ඇවිදිනවා නේද එකසිය ගානට.. කමක් නෑ කමක් නෑ දැන් පොඩ්ඩක් වේලුනත් ඉස්සරහට ඔය ඇවිදින ඒවයෙ ප්‍රථිපල මේ වගේ පිටවෙයිනෙ.. නැත්නම් ඉතින් අපි කවදා දකින්නද ඔය හඳ අල්ලපු රටේ සිරිය..

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත සෙන්නෝ අපි කවදා දකින්නද

      Delete
    2. හිහි...ඒකත් එක හේතුවක් තමා අප්පා කම්මැලි වෙන්න :) හැබැයි අපි රස්තියාදුවේ යනවා වැඩියි කියලා අම්මලට පොඩ්ඩක් අවුල් ගිහින්. එයාලට බයයිලු මේ යන තැන් දැක්කම. මීට පස්සේ ගමන් බිමන් අඩු කරන්න වෙයි වගේ :(

      අටම් : දැන් ඉතින් දැක්කා වගේ නේ :)

      Delete
  3. මේ අන්තිම පින්තුරේ මිනිහෙකුගේ ලොකු මුණක් වගේ නැද්ද ඔය ගහ තියනපාරත කොටස ???ඇස් දෙකයි ලොකු නහයකුයි තදින් පියා ගත්ත කටකුයි තියන...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..කිව්වමයි දැක්කේ. එහෙම එකකුත් තියනවා තමා. ඕකට කියන්නේ චැපල් රොක් කියලා. පුන්චි දේවස්ථානයක් වගේනේ පෙනුම.

      Delete
  4. ලස්සන පින්තූර ටික ! සයුරි වීරිය හයිය හිතට අරන් යන්න එපැයි kayak එකක. එහෙම උනානම් තවත් ලස්සන පින්තූර ටිකක් බලන්න තිබුන අපිට :) අන්තිම පින්තූරෙටනම් ගොඩක් මනාපයි. හැමෝම බලන්නෙ ඉතින් කොහොමහරි ජීවිතේ ‍රැකගන්නනෙ,ගහකට කියල වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. හිහි..කයක් ගියානම් තියන පින්තුර ටිකත් නැති වෙන්න තිබුනා රෝස කුමාරි. කැමරාවත් එක්ක ඔරුව පෙරලුනාම. :)

      Delete
  5. ලස්සණ යි. ලස්සණ යි. අැස් දෙකෙන් ම දැක ගන්න පුළුවන් නම් තවත් ලස්සණ අැති.

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි..හැබෑ ලස්සන ඉතින් කැමරාවකට ගන්න අමාරුයි නේ.

      Delete
  6. බොහෝම ආසාවෙන් බැලුවා සයුරි..මම ගොඩක්ම කැමති මෙන්න මේ වගේ දේවල් ගැන පැහැදිළි කරලා ලියන පෝස්ට් වලට...ඉස්සර තිබුණ විද්‍යා ලිපි මතක් වෙනවා..මහා ලොකු බර වචන නැතුව මේ යන ක්‍රමේට කැමතියි මම..( තව දෙයක් ඉඳලා හිටලා හොඳටම බරපතළ විද්‍යාත්මක දේවලුත් දාන්න.. මම ඒවටත් කැමති )

    කෙසේ නමුත් මේ අද්දැකීම හරි සුන්දරයි..වැඩිපුර ඇහැ නොගැටුණු සිද්දියක්..

    ReplyDelete
    Replies
    1. බලමුකෝ සහන් ඉස්සරහට විද්‍යාත්මක ලිපි ටිකකුත් දාන්න. දෙක තුනක්ම අත ඇරිලා ගියා වෙලාව නැති කම හින්දා.

      Delete
    2. කීප විටක් කමෙන්ට් ගොඩේ මම මාවම හෙව්වා..මට මාව අඳුන ගන්න බැරි උනා..:D

      Delete
  7. මගේ කරුම ඇස් දෙකට ඔය තියෙනවයි කියන චිත්‍ර එකක්වත් පේන්නෙ නෑනෙ ;)

    ReplyDelete
    Replies
    1. හිහි...මේකේ තියෙන්නේ මෝස්‌තර චිත්‍ර ලු

      Delete
  8. සොභා දහමේ පුදුමාකාර නිර්මාණ . මේ වගේ තව මිනිස් ඇසින් සැඟවුන තැන් කොච්චර ඇද්ද ?
    …අපූරු සටහන සයූ .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ගිම්...ඔයාව දැක්කෙත් ගොඩක් කාලෙකින්. මට වගේම වෙලාව ප්‍රශ්නයක් ඇවිත්ද දන්නේ නෑ :)

      Delete
  9. ඉතාම ආසාවෙන් බලුඉව පොස්ට් එකක්. පලවෙනි පින්තුරයේ බිත්තිවල තියෙන ඉරි හරිම ලස්සන චිත්‍ර මවලා නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයිලාෂ්. ඇත්තටම ඒවා මෝස්‌තර චිත්‍ර වගේ

      Delete
  10. පෝස්ට් එක වගේ ම පින්තූර ටිකත් හරි ම ලස්සණ යි, සයුරි අක්කේ. ඔයා නැත්තං ඉතින් අපි දන්නේ නැහැනේ මෙහෙම දෙයක් තියෙනවා කියලාවත්.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි ධාරා නංගි

      Delete
  11. අර "lover's leap" කියන පින්තුරේ මාර ගති. ගිලිලා මැරෙන්න කියලා හිතාගෙන පැනලා පතුලේ වැදිලා මැරෙන එකත් නරකම නෑ මැරෙන්න බලාගෙන ඉන්න අයට.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් කොහොම කරත් මැරෙන එකනේ...මෙතැනදී ස්ප්‍රයිස් එකකුත් එක්කම මැරෙන්නේ පුළුවන්

      Delete
  12. පට්ට ඈ, ගින්දර ෆොටෝ ටිකක්නේ

    ReplyDelete
    Replies
    1. තැන්කු පූමෝ. ආ කියන්න බැරි උනා..ෆස්ට් ඇන්ඩ් ලාස්ට් පින්තුර දෙක මගේ නෙමේ

      Delete
  13. ලස්සනයි... තැන්කූ වේවා බෙදාගත්තට අපිත් එක්ක...))))))

    ReplyDelete
    Replies
    1. ඔයාටත් තැන්කු ඔන්න කියෙව්වට :)

      Delete
  14. පුදුම ලස්සනයි. ඔයා නියම නිවාඩු කාලයක් ගත කරලා වගෙයි පේන්නේ. :)

    ReplyDelete
    Replies
    1. සමර් එකනේ ඩූඩ් අයියේ :)

      Delete
  15. සයුරිගේ මේ පෝස්ටුව මාව අතීතයට ගෙනිච්චා. මම මොන්ටිසෝරියෙදි වගේම ඊට ඉස්සරත් චිත්‍ර ඇඳපු පොත් පෙරලලා බැලුවා. මම ඒ කාලෙම මේ වගේ චිත්‍ර ඇඳලා තියෙනවා.

    ඔව්. දැන් මම දන්නවා. මම ගිය ආත්මෙ ජීවත්වෙන්න ඇත්තෙ සුපීරියර් විල ගාව. මම කෲස් එකක් හරි ක්යෑක් එකක හරි කැනූ එකක හරි නැගලා හැමදාම ඔය චිත්‍ර බලන්න යන්නැති. ඔය ගල් පර්වත අස්සේ ඇවිදින්නැති. සමහරවිට මැරෙන්න හිතාගෙන lover's leap එකෙන් පහළට පැනලා වතුර නැති නිසා පතුලේ වැදිලා මැරෙන්නැති..

    ReplyDelete
    Replies
    1. මොනාද හරී උදේ පාන්දර හිනස්සන්නේ? :D:D

      Delete
    2. හරී ඔය චිත්‍ර ටිකක් ස්කෑන් කරලා අපිටත් පෙන්නනකෝ බලන්න..!!
      ගිය ආත්මෙ ඔයාගේ හැකියාව ගැන බලාගන්න!!

      Delete
    3. අම්මට සිලි..ඒක එහෙනම් පුනරුප්පත්ති කතාවක්ද? :0 මටත් හිතෙන්නේ පතුලේ වැදිලා තමා මැරෙන්න ඇත්තේ.

      අර කිව්වත් වගේ දාන්න බැරිද ඒ චිත්‍ර ටිකක්?

      Delete
  16. Lassanayi pinthoora tika. Barida ara anthima pinthoore (gaha) full size eken email karanna? Eka hithata hariyata alluwa! Aththenma minisa mona nirmaane karath, Sobadahame nirmaana ekka baladdi, ewwayin athi wadak nathi wena welaawal thiyanawa...

    ReplyDelete
    Replies
    1. අඟහරුවා, අනිවාර්යෙන් එවන්නම්. හැබැයි ඊ මේල් ලිපිනය ඕනි :)

      Delete
  17. මුකුත් කියන්න බෑ රසවිඳින නිසා..හරිම අපූරුයි..ස්තූතියි අපිට පින්තූරත් එක්කම ගෙනගියාට......
    //කවුරු හරි ගිලිලා මැරෙන්න හිතාගෙන වතුරට පැන්නට වැඩක් වෙන්නේ නෑ. විලේ පතුලේ වැදිලා තමයි මැරෙන්න වෙන්නේ.//........ඒ මොකද..පතුලෙ වැලි නැද්ද..!

    ReplyDelete
    Replies
    1. ම්ම්..පතුලේ වැලිත් ඇති. හැබැයි ඊට උඩින් පත සයිස් ගල් තියනවනේ..

      Delete
  18. සොබාදහමේ අපූරු නිර්මාණ. දිග කාලයක් තිස්සේ පාරිසරික සහ දේශගුණික තත්වයන් හමුවේ මැවූ හැබැම නිර්මාණ. මට හිතෙන හැටියට මේවායේ ස්වභාවික වර්ණ මෙසේ හැඩගැහෙන්න දේශගුනය සහ කාල ගුණය අත්‍යවශ්‍ය සාධකයක් වෙන්න ඇති.

    මෙවැනි ලෝකයේ අති සුන්දර සුවභාවික දසුන් වල විස්තර කියෙව්වාම තමයි පරිසරය හිතේ ඇදෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩක් අයගේ කැමැත්ත තියෙන්නේ ස්වාභාවික නිර්මාණ බලන්න යන්න තමා. මිනිස් අතකින් එතන බැංකුවක් හැදුවත් අර ලස්සනට පොඩි හරි හානියක් වෙනවා

      Delete
  19. සයුරි මම මේ දැන් අලුතෙන් කමෙන්ට් එකක් දැම්මා. ඒක කොහාටද ගියා ඔන්න...:(

    ReplyDelete
    Replies
    1. අයියෝ මේල් බොක්ස් එකටනම් ආවා..මෙතන නෑ නේ :(

      Delete
  20. සමර් එක ආවනේ මෙයා ට්‍රිප් යන්න පටන් අරන් වගේ.. අපි ඉතින් කවදා මේවා බලන්නද ලොකූ.. හැබැයි මගේ නම් ආසාව තියෙන්නේ ග්‍රෑන්ඩ් කැනියන් එක බලන්න..

    ReplyDelete
    Replies
    1. අනේ මගෙත් ආසාවක් තියනවා ඒක බලන්න..තාම ඉෂ්ට උනේ නෑ අප්පා

      Delete
  21. විස්තරයත් ලස්සනයි...පින්තූර ටිකත් ලස්සනයි.. ‍සොබාදහම තරම් අපූර්ව කලාකරු‍වෙක් තවත් නැහැ...

    ‍සොදුරුු සැරිසර අතර ලියන්නත් ‍වෙලාව ‍හොයා ගන්න නංගි... ඔයා‍‍ගෙ ඇස්වලින් අපිත් දකිනවා අපිට ආගන්තුක සුන්දර ‍ලෝකයක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා. මම පුළුවන් තරම් වෙලාව හොයාගන්න උත්සාහ කරන්නම් තවත් සටහන් ලියන්න.

      Delete
  22. kayak,canoe වගේ බෝට්ටුවක යන්න තියනවනම් මරුනේද... :) මේක ගැන විස්තර කිව්වට ස්තුතියි...!

    ReplyDelete
    Replies
    1. ඒකනේ..ඒවායේ යනකොට තමයි ගොඩක්ම දේවල් රසවිඳින්න පුළුවන්

      Delete
  23. හරිම ලස්සනයි.පිංතුර ටිකයි විස්තරයයි..:)
    ලින්ක් එක දිගේ ගිහින් නයගරා පොස්ට් එකත් බැලුවා .ඇත්තෙන්ම හරීම අපුරුයි..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි මනෝජ්..පරණ ලිපිය බලපු එකටත් ස්තුතියි

      Delete
  24. සිතුවම් ගල් ටික නම් හරිම ලස්සනයි..

    ReplyDelete
  25. හරිම ලස්සනයි සයුරි..ස්තුත්යි ඔයාට මේවා අපිත් එක්ක බෙදාගත්තට.

    ReplyDelete
  26. අක්කා නැත්තම් කොහෙන් බලන්නද මේවා....

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පේ එන්නකෝ දවසක

      Delete
    2. කියන කැත විතරක්.. එන්නකො දවසක කියලා.....

      Delete
    3. සිරාවටම කිව්වේ :)

      Delete
  27. සොබා දහමේ අපූරු නිර්මානයක් සයුරී. සැම්බියාවේ වික්ටෝරියා ඇල්ල පාමුල මේ වාගේ නිර්මාණයක් තියෙනවා. අපි ගියා එතනට. එහෙත් lover's leap කියලා තැනක් තියෙනවා. එතනින් කවුරුත් පනින්නේ නෑ. පැන්නොත් එලොවම තමා. ස්තූතියි! මේ සුන්දර සටහනට.

    ReplyDelete
    Replies
    1. //සැම්බියාවේ වික්ටෝරියා ඇල්ල පාමුල මේ වාගේ නිර්මාණයක් තියෙනවා.//

      ඒ ගැනත් දැනගන්න ආසයි...එහෙම නොදන්නා තැන් තව කොයි තරම් ඇත්ද

      Delete
  28. කාලෙකින් මේ පැත්තේ ආවේ.. මේටිකේ බ්ලොග් කියවන්න හොර උනත් සයුරිගේ මාතෘකාව දැක්කහම එන්නම හිතුනා,,, පාඩුවක් උනේ නෑ වැඩේ

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් මට අඳුර ගන්නත් බැරි වෙනවා. මීයා නම වෙනස් කරගෙන නේ. හොඳ වෙලාවට පින්තුරේ මී කියලා ගහගෙන ඉන්නේ

      Delete
  29. සයුරි අක්කටත් තිබුනේ ක්යැක් එකක් අරන් ඩබල් දාලා යන්නනේ පොස්ටුව වෙනදා වගේම වැදගත් නැත්නම් ඇමරිකාවේ යන්නේ නැතිව මෙව්වා බලන්න පුළුවන්යැ.........

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයත් කාලෙකින් ඇවිත්...දැකීමත් සතුටක් :) ඩබල් දාලා යන්න නේද...ම්ම්ම්

      Delete
  30. kayak මොකටද? ඔරුව පැදං යන්න ඕන... ඒත් පොඩි පුරස්නයක්... ඕක තියෙන්නේ විලක කිව්වා නෙහ්? විල හම්බවෙනකං ඔරුව කරේ තියං යන්න වෙද දන්නෑ. ඇත්තටම ලස්සන තැනක්... පින්තූර ටිකයි විස්තරෙත් නියමයි.

    ReplyDelete
    Replies
    1. තොටියන්ට අමුතුවෙන් මොන kayak ද ඉතින්. ඔය kayak එකේ යනවට වඩා අමාරුයිනේ කොල්ලෑව බැඳපු ඔරුවක් පදින එක

      Delete
  31. ස්වභාව ධර්මයේ ලස්සන නිර්මාණ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...