Friday, August 30, 2013

බිල් ගේට්ස්ගෙ ගෙදර යමුද?

ඔයගොල්ලො වැඩි දෙනෙක් දැකලා ඇතිනේ ගේට් මහත්තයගෙ ගෙදර විස්තර එහෙම ඊ මේල් වලින් හුවමාරු වෙනවා. ඒවයේ තිබුණ විදියට ඒක නිකන් සුපිරිම ගෙදරක් තමා. අධි තාක්‍ෂණය උපයෝගී කරගෙන අන්තිම සැප පහසු විදියට ගෙදර ඩිසයින් කරලා තියනවා.

ඒත් මමනම් කියන්න යන්නේ ඒවා ගැන නෙමෙයි. අපිට ගේ ඇතුල බලන්න අවසර නෑ නේ. ගේට් මන්දිරය පිටතින් දැක බලාගන්න ලැබිච්ච හැටි ගැන තමයි මම කියන්න යන්නේ.

මේ ගෙදර පිහිටලා තියෙන්නේ හඳ අල්ලපු රටේ වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටල් කියන නගරයේ, "වොෂින්ටන් ලේක්" එකට මුහුණ දාලා හරිම ලස්සන තැනක. ඉතින් ගෙදර බලාගන්න ඕන නම් යන්න වෙන්නේ බෝට්ටුවකින් හරි වතුරේ යන්න පුළුවන් වෙන මොකකින් හරි තමයි. 

හැබැයි ඔය ලේක් එක අද්දර තියන එකම ගෙදර බිල් ගේට්ස්ගේ ගෙදර විතරක් නෙමෙයි. තවත් මහා ධනවතුන්ගේ ගෙවල් ගොඩක් වැව අද්දරින් වටේටම පිහිටලා තියනවා. 


මේ තියෙන්නේ ඒ විදියට වැව අද්දර හදලා තියන ගෙවල්



ඉතින් ඔය වැවේ තියනවා කෘස්‌ සවාරි සපයන සේවාවක්. කෘස්‌ එකකින් වැව වටේ එක්ක ගිහින් අර ගෙවල් ටික පෙන්නගෙන එනවා. අපිත් ඉතින් ටිකට් එකක් අරගෙන ඔය කෘස්‌ එකකට නැග්ගා.

එහෙම යද්දී දැකපු ගෙවල් වලින් කිහිපයක් තමයි මේ...








මේවයේ ඉන්න හැමෝටම වගේ අනිවාර්යෙන්ම බෝට්ටුවක් තියනවා තමන්ට කැමති වෙලාවට වැවේ සවාරි යන්න. පින්තූර වල පේනවා ඇති නේ ගෙවල් ඉස්සරහ බෝට්ටු නවත්තලා තියනවා.

ඔන්න එහෙනම් මේ තමයි ගේට්ස් ගේ ගෙදර :)



වැඩි හරියක් හැංගිලා තමා තියෙන්නේ.

මේ පැත්තෙන් ගත්ත පින්තූරයක්. හැංගිච්ච කොටසක් ඒකේ පේනවා.




ඉතින් ඔයිට වඩා ලඟට ගිහින් බලන්නනම් අපිට අවස්ථාවක් නෑ.

මේ ගමනේදී දැකපු තවත් වැදගත් දෙයක් තමයි මේ පහලින් තියන පාලම. වොෂින්ටන් ලේක් එක හරහා දාලා තියන මේ පාලම සාමාන්‍ය එකක් නෙමෙයි, පාවෙන පාලමක්.



වතුරේ පාවෙන් කොන්ක්‍රීට් තට්ටු උඩ සවි කරපු කුළුණු උඩ තමයි පාලම පිහිටලා තියෙන්නේ. මෙහෙම කරන්න හේතුව වෙලා තියෙන්නේ මේ වැවේ තියන අසාමාන්‍ය ගැඹුර. එච්චර ගැඹුරකදී පතුලේ ඉඳලා කුළුණු සවි කරන එක ප්‍රායෝගික නැහැ වගේම වියදමත් ඉතාම අධික වැඩක් ලු.

එහෙනම් ඉතින් පින්තූර කතාව මෙයින් අවසානයි. තවත් හඳ අල්ලපු රටේ විස්තරයකින් පසුව හමු වෙමු...

86 comments:

  1. //කෘස්‌ එකකින් වැව වටේ එක්ක ගිහින් අර ගෙවල් ටික පෙන්නගෙන එනවා.//

    ඒ කියන්නෙ ඇමරිකන්කාරයොන්ටත් ඒ පිස්සුව තියෙනවා. :)

    ස්තූතියි සයුරි ෆොටෝ ටික අපිටත් බලන්න බෙදා ගත්තට. ඒ මිනිස්සු තමන් ඉන්න තැන හරි වැසි වනාත්තරයක් වගේ ගස් වවන්න කැමතියි වගේ. අපේ මිනිස්සු හුඟක් අය කරන්නෙ ඉස්සර වෙලාම ගේ වටේ තියන ගස් ටික කපල ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. ඒ ඉතින් බන් ගස් ටික මොරටුවට පැටෙව්වම සැහෙන කාලයක් කන්න බොන්න සල්ලි හම්බ වෙන නිසානේ

      Delete
    2. බොලා නන් කියයි. එක කාලෙකට එන මෝසම් හුලං වලට රෑට නින්දක් නැතිව..බඩ පපුව දදා ඉන්නෙ.කොයි වෙලේ වහලට කඩා වැටේද කියල..:(

      Delete
    3. ඇත්ත ඇත්ත. මේ අය පුළුවන් තරම් ගස් නොකපා ගෙවල් හදලා තියනවා :) ස්වාභාවික වායු සමීකරණය තමා. හැබැයි අර ගස් කඩන් වැටෙන එක මෙහෙත් වෙන්න පුළුවන්. හැම වෙලේම සුළි කුනාටු නේ..

      Delete
  2. වැවේ අසාමාන්‍ය ගැඹුරක් තියෙනවනං ඕකෙ බෝට්ටු පදින එක ඒ තරං හොඳ වැඩක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මෙයාලා ඉතින් කිව්වට අහන එකක්යැයි

      Delete
  3. සිරා ඈ.. යන්න ආසයි....

    ReplyDelete
    Replies
    1. යමු යමු...මම හිතන්නේ ඔයා අදයි මේ පැත්තට ආවේ.

      Delete
  4. ආස හිතෙනවා මේ වගේ ගේක ටික කාලයක් හරි ගත කරන්න.

    ReplyDelete
  5. වින්ඩොස් වැඩසටහන් අරගෙන අපි ඔය ගේ හදන්න කොච්චර ගෙවලා ඇද්ද ? එ වගේ දෙගුනයක් හොර කොපි සිඩි ( CD ) ගහලාත් ඇති.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ගහපු හොර CD ටිකටත් originals ම ගත්තනම් ඔය මනුස්සය ඔය වගේ තව ගෙවල් 2කම හදලා

      Delete
    2. ඔව් .. ඔව් ... ලෝකෙම ඉන්න .. පරිගණක භාවිතා කරන හුඟක් අයගෙ සල්ලි ඔය ගෙදරට අඩංගුයි ...

      Delete
    3. ඔව් .. ඔව් ... ලෝකෙම ඉන්න .. පරිගණක භාවිතා කරන හුඟක් අයගෙ සල්ලි ඔය ගෙදරට අඩංගුයි ...

      Delete
    4. හිහි..ඒකනම් ඇත්ත. වෙබ් පුරවැසියත් සාදරයෙන් පිලිගන්නවා ඔන්න. ඔයාට බ්ලොග් එකක් තියද? හොයාගන්න බෑ.

      ඇත්ත ඇත්ත මැලේ රාල & කුමාරයා

      Delete
    5. // වෙබ් පුරවැසියත් සාදරයෙන් පිලිගන්නවා ඔන්න //

      පිලිගෑනීමටත් මෙවෑනි ලිපි ලියනවාටත් ස්තුති.

      // ඔයාට බ්ලොග් එකක් තියද? //

      දැනට කල් තබා ඇත.

      Delete
  6. මට පේන විදියට නං වැඩිය විකාර නැති චාම් ගෙයක් වගේ. කොහොමත් මම දැකලා තියෙන දෙයක් තමයි පිටරට මිනිස්සුන්ගේ බොරු සෝබන හුඟක් අඩු යි.

    ReplyDelete
    Replies
    1. ඔව් ධාරා, පෙනුමනම් සරලව හදලා තියෙනවා. හැබැයි සැප පහසුව නම් සුපිරියි ලු

      Delete
  7. අම්මටසිලි සිලි කිව්වලු..

    ReplyDelete
    Replies
    1. අම්මට සිලි නේන්නම්

      Delete
  8. අප්පේ... දුව එහෙම බැදලද දන්නේ නෑ! ;)

    ReplyDelete
    Replies
    1. එයාගේ ළමයි තාම ඉගන ගන්නවලු නාඩි..තව කල් තියනවා :)

      Delete
  9. ලස්සන පින්තූර ටික :)

    ReplyDelete
  10. ගොඩක් අය කියන්නෙ සරල චාම් කියලනෙ. ඒ උනාට ඒ වගේ ගෙයක් හදන්න යන වියදම වැඩී සමහර වෙලාවට....චාම් බව ආරක්ෂා කරන්නම නිරමානය කරන්න වෙනව. කොච්චර ගස් තිබ්බත් ඕය මිදුලක් නඩත්තු කරන්න කොච්චැර වියදම් කරනව ඇත්ද..!

    සයුරි නිවාඩු පාඩුවේ ඉන්නව වගේ...සවාරි යන්න තරම්..:)))

    ReplyDelete
    Replies
    1. ඒක හරි. මේකට ගියපු වියදම නම් බොහොම වැඩි වෙන්න ඇති. අනික ඇතුලේ තියනවා කියන එව්වා එසේ මෙසේ එව්වා නෙමෙයි ලු.

      මේ මාස කීපෙකට කලින් ගියපු එකක් වී අයියා :)

      Delete
  11. වෙලාවක යන්න ඕන ඔරුවත් පැදගෙන බිල් අංකල්ගෙ ගෙදර බලන්න. ගේ ලඟ තොටුපලෙන් ඔරුව නවත්තලා ගෙදරට යන්න පුළුවන්නේ, හකුරු එක්ක ප්ලේන්ටියක්වත් ගහල එන්න...
    තව සවාරියක් ගැන විස්තර ආයෙ දාන්න සයුරි

    ReplyDelete
    Replies
    1. හකුරු නම් නෑ ළමයෝ..සීනි ටිකක් අල්ලට දාලා දෙන්නද? කියලා අහවි. තව දාන්නම් තොටි අයියේ

      Delete
  12. "වොෂින්ටන් ලේක්" එක වටේම ඉන්නේ සුපිරි ධනවතුන් වුවත් පිංතූරවලින් පේන්නේ ඔවුන් ආරණ්‍යවාසීව ඉන්නවා වගේ. මොකද පරිසරය ගහකොල රැකගෙනම ගෙවල් හදලා තියෙන බව නම් පේනවා. අනික මේ ෆොටෝ ටික අරන් තියෙන්නේ වැහිබර කාලගුණක් තියෙන වෙලාවක නැත්නම් හැන්දෑවක වගේ පංතූර ටිකක් අදුරුයි.

    ReplyDelete
    Replies
    1. // අනික මේ ෆොටෝ ටික අරන් තියෙන්නේ වැහිබර කාලගුණක් තියෙන වෙලාවක //

      මේ සියැටල් කියන නගරයට ඉර එලිය වැටෙන්නේ අවුරුද්දෙන් හරිම සීමිත දවස් ගානයි ලු. බැලු වෙලාවක ඇත්නම් වැහිබර කාලගුණයක්, එහෙම නැත්නම් චුරු චුරු වැස්සක් දකින්න පුළුවන්. හැබැයි ලස්සන පළාත.

      Delete
  13. "හැබැයි ඔය ලේක් එක අද්දර තියන එකම ගෙදර බිල් ගේට්ස්ගේ ගෙදර විතරක් නෙමෙයි. තවත් මහා ධනවතුන්ගේ ගෙවල් ගොඩක් වැව අද්දරින් වටේටම පිහිටලා තියනවා." අද තමයි සයුරි අක්කලාගේ ගේ තියෙන තැන දැනගත්තෙ..

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් ...ඔයාට තේරිලා තියනවා මම වහෙන් ඔරෝ කියපු එක එහෙනම්

      Delete
  14. ස්තුතියි සයුරි මේ පින්තූර බෙදාගත්තට..
    තව කවුද මේ පැත්තේ ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. තව ඔය ස්ටාර් බක්ස් එකේ අයිතිකාරයා එහෙමත් ඉන්නවලු රූ. අනිත් අය වැඩිය මතක නෑ. ගොඩක් අය ලොකු ව්‍යාපාර වල ලොක්කෝ තමයි

      Delete
  15. මොකද දන්නේ නෑ මහා ධනවත්තු වතුර ඉස්සරහා ගෙවල් හන්දානේ නේද? චීන මිනිස්සුන්ගේ නම් විශ්වාසයක් තියෙනවා උදෙන්ම වතුර දකින එක වාසනාවක් කියලා. වතුර පෙනි පෙනී ඉන්න එක හොඳයිලු.

    අපිත් ඔය වගේ හොලිවුඩ් නලු නිලියන්ගේ ගෙවල් බලන්ට කොහෙදෝ ගියා මතකයි. ගිය තැන් මතක නෑ. හැබැයි එල්විස් ප්‍රෙස්ලි, 'i love Lucy' එකේ හිටපු ලුසී වගේ අයගේ ගෙවල් තිබුණා.

    'මුහුදු කොල්ලකාරයත්' ඒ පැත්තේ ගිහින් පෝස්ට් එකක් දාලා තිබුණා වගේ මතකයකුත් තියෙනවා.

    ඒත් ඉතින් මෙලෝ දෙයක් මතක නෑ...:)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ගෙවල් බලන්ට ගියාට ගෙවල් නෙමෙයි බලලා තියෙන්නෙ :D :D

      Delete
    2. //ඒත් ඉතින් මෙලෝ දෙයක් මතක නෑ//

      ගරු ඩි. සිල්වා මැතිතුමාටත් ඔය ලෙඩේම තිබුනා. පොඩ්ඩිලටත් හැදෙන්නෙ ඉතිං ලොකු ලොකු මිනිස්සුන්ට හැදෙන ලෙඩනේ. :D

      Delete
    3. මම ගියෙ ඔය පැත්තට නෙවේ, රටේ අනික් පැත්තට. බලපුවාම එක එක අයගෙ ගෙවල් පෙන්නල සල්ලි හොයන එකත් මරු බිස්නස් එක නේ? ලංකාවෙ කෝට්ටෙ පැත්තෙ මෙහෙම එකක් පටන් ගත්තොත් හොඳට බිස්නස් තියෙයි.

      Delete
    4. හොලිවුඩ් කට්ටිය බලන්න ගියානම් ඉතින් කැලිෆෝනියා පැත්තේ වෙන්ටැති. මටත් ෂුවර් නැත්තේ මෙයා ගිහින් බලල තියෙන්නේ මොනවද කියලා :D

      // කෝට්ටෙ පැත්තෙ මෙහෙම එකක් පටන් ගත්තොත් හොඳට බිස්නස් තියෙයි//

      :D:D

      Delete
  16. පොඩි ගෙයක් වගේනෙ පේන්නෙ :)
    ඔය වැවේ කිඹුල්ලු නැද්ද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. පොඩියට පෙනුනට පොඩි නැහැ ලූ.. ආහ් ඒකනම් දන්නේ නෑ :)

      Delete
  17. අනේ සයුරිලා අපේ ගෙවල් ඉස්සරහින් ගිය බවක් දන්නවා නම් ඇත්තෙන්ම කතා කරනවා බත් වේලක් කාලා යන්න. මේ සියැට්ල් වල කොස් දෙල් වාරේ හන්දා ආවා නම් හොඳ්ට සංග්‍රහ කරන්න තිබ්බා. :(

    ReplyDelete
    Replies
    1. හා..හා..හා..යකෝ මේක තමයි නියම කියමන.සයුරී මම මොකුත් නොලිය ඉන්නම්.සුපිරි.

      Delete
    2. සයුරි හෙන්‍ රි අයියට කරදරයක් වෙයි කියලායි කියන්න නැත්තෙ.. අයියගෙ හිත හොඳ උනාට හාම්පුත්තු උනත් කැමති වෙන එකක් නෑනෙ..

      Delete
    3. @aru: ඔය නොකියා ඉන්න ඒවයේ තියෙන අදහස් ගොන්න...

      @හරී: නෑ බං. වයිෆ් මොකුත් කියන්නේ නෑ. :D

      Delete
    4. ඔක්කොමත් හරි ඩුඩ් අයියාගේ කමන්ට් එකත් හරි...:D

      Delete
    5. හෙන්රියො, මම හරි ආසයි කොස් මැල්ලුම් වලට. ඔන්න ලබන සතියෙ ඔය පැත්තෙ එවෙයි. මතක් කරල හදල තියන්ඩ හොඳේ?

      Delete
    6. අනේ අයියෙ තරහ වෙන්න නම් එපා ඕන්...යන්නයි කියලා ගෙවල් එකක්ද දෙකක්ද? නෑයෝ තරහ කරගෙනත් බැහැ නේ. ඒක හින්දා තමයි ඔයාලගේ ගෙවල් පැත්තේ නාවේ. ලබන පාර අනිවා එනවා.

      Delete
    7. පාලමේ මොකක් හරි අප්සැට් එකක් ආවොත් , එහෙට මෙහෙට පැද්දෙන බවක් තේරුණොත් , අනාරක්ෂිත බවක් දැනුණොත් , ගෙදර මොනයම්ම හෝ පිළිසකර කිරීමක් පැනනැගුනොත් , වහලේ තෙමෙන්න ගත්තොත් , සින්ක් එකේ වතුර බහින්නේ නැතුව ගියොත් , ටැප් කැඩුනොත් , වහින කාලෙට පොළොවෙන් උල් දිය දැම්මොත් , ලයිට් පත්තු වෙන්නේ නැති වගේ දෙයක් ආවොත් , ගස් වල අතු බාන්න උවමනා උනොත් , ලැට් එකේ වතුර බහින්නේ නැති උනොත් , ලැට් වල උතුරන්න එනවා වගේ දැනුණොත් වහාම " සහන් සේවයට " කතා කරන්න හෙන්රි අය්යේ. මම එනවා කඩාගෙන බිඳගෙන මොන ලෝකේ හිටියත්.

      Delete
  18. සයුරී ස්තූතියි අපූරු සටහනට. හරිම සුන්දර පරිසරයක්. ඒවා ආරක්ශා කරගෙනම නිවෙස් හදා තියෙන එක තමා වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. //ඒවා ආරක්ශා කරගෙනම නිවෙස් හදා තියෙන එක තමා වටින්නෙ//

      ඒකනේ..එහෙම නොවුනානම් ඔය තියන ලස්සන නැති වෙනවා

      Delete
  19. හරි ලස්සන පරිසරයක් වගේ සයුරි.
    දැන් සයුරිත් ඔහෙන් ගෙයක් ගන්නවයි...?

    ReplyDelete
    Replies
    1. /දැන් සයුරිත් ඔහෙන් ගෙයක් ගන්නවයි//

      හිහි...ඒක තමයි මාත් මේ කල්පනා කලේ.

      Delete
  20. කොච්චර වුනත් ගේ තියෙන්නේ ලස්සන පැත්තක!

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ෂා..ලස්සන පැත්තක්

      Delete
  21. දැක්ක විශෙශත්වයක් කියන්නද? බලන්න ඒ ගෙවල් කොච්ච්කර සොභාදහම එක්ක සම්බන්දද කියල :) ගස් හැමතැනම. නියම සැප මොකක්ද කියල දන්නව එයාලා :)

    ReplyDelete
    Replies
    1. බෝම හරි. අපේ මිනිස්සු වගේ නෙමේ නේද

      Delete
  22. අර අන්තිමටම තියන ගේ පට්ට, කැලේක ඉන්නවා වගේ හිතෙනවා ඇති නේ.. ෂාහ් මරු

    ReplyDelete
    Replies
    1. ඒක තමා අනේ බිල් ගෙ ගෙදර

      Delete
  23. හොදයි... හොදයි... කොහොමහරි අපිත් බිල් ගේට්ස්ගෙ ගේ බලා ගත්තනේ... මටත් ආසයි මේ වගේ ඇලක්, දොලක් වැවක් ළග ගහ‍කොල පිරුණු තැනක ඉන්න...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් වතුරට කිට්ටුව ඉන්න ගොඩක් දෙනා ආසයි නේද? ගංවතුර තර්ජන එහෙම නැත්නම් විතරයි.

      Delete
  24. ජිවිතේ විදින්න පුලුවන හොදම තැන තමයි සොබාදහම ... සොබා දහම් මෑණියන්ගෙන් තරම් සිසිලසක් විදගන්න .. ඒ වගේ සැනසීමක් ලබා ගන්න නුතන තාක්ෂනය කොච්චර දියුණු උනත් බැහැ ... එකයි ඇත්ත ...

    ReplyDelete
    Replies
    1. //ඒ වගේ සැනසීමක් ලබා ගන්න නුතන තාක්ෂනය කොච්චර දියුණු උනත් බැහැ//

      ඇත්තම ඇත්ත

      Delete
  25. \\\වතුරේ පාවෙන් කොන්ක්‍රීට් තට්ටු උඩ සවි කරපු කුළුණු උඩ තමයි පාලම පිහිටලා තියෙන්නේ. මෙහෙම කරන්න හේතුව වෙලා තියෙන්නේ මේ වැවේ තියන අසාමාන්‍ය ගැඹුර. එච්චර ගැඹුරකදී පතුලේ ඉඳලා කුළුණු සවි කරන එක ප්‍රායෝගික නැහැ වගේම වියදමත් ඉතාම අධික වැඩක් ලු.\\\

    පළමු අදියර

    යකඩ බැරල් ටිකක් උඩට අඹ ලෑලි ටිකක් ගහලා ගත්ත නම් ලක්ෂ 10 ක් වගේ යද්දී වෑන් එකක් උනත් යන්න පුළුවන් පාවෙන පාලමක් හදාගන්න පුළුවන්..

    දෙවෙනි අදියර

    යකඩ බැරල් වෙනුවට එයටම ගැළපෙන දෙයක් , අඹ ලෑලි වෙනුවට යකඩ ප්ලේට් , ආරක්‍ෂිත වැටක් එහෙම හදන්න පුළුවන් තව ලක්ෂ 450 විතර තිබ්බොත්.

    තෙවෙනි අදියර අදියර

    මන් හිතන්නේ සයුරිගේ පෝස්ට් එකේ තියෙන්නේ තෙවෙනි අදියර තමයි :P

    ආසාවෙන් බැලුවා සයුරි මේ පෝස්ට් එක.. සිත් ඇදගන්නා සුළුයි..


    ReplyDelete
    Replies
    1. //මන් හිතන්නේ සයුරිගේ පෝස්ට් එකේ තියෙන්නේ තෙවෙනි අදියර තමයි :P//

      ඒ කියන්නේ වියදම වැඩිම තෙවන අදියරටද? මම හිතන්නේ මේ ගැඹුරත් එක්ක බලද්දී තෙවැනි එකේ වියදම අඩු ඇති නේද? නැත්නම් නිකන්ම එක පාරටම මෙහෙම කරන එකක් නැහැනේ ලංකාවේ වගේ...:)

      ස්තුතියි සහන්

      Delete
    2. පාවෙන පාලම ගැන :- මම කිව්වේ සයුරි දෙවෙනි අදියරෙන් සෑහීමකට පත් වෙන්න පුළුවන් කියලයි. වැය වන මුදල සහ අපේක්ෂිත කාර්ය ඉටු වෙනවා දෙවෙනි අදියර තුළදීම. තෙවෙනි අදියරක් අවශ්‍ය නැහැ . කොහොම උනත් අඩි 400 ක් දිග පාවෙන පාලමක් හදන්න පුළුවන් රුපියල් ලක්ෂ 600 ක් විතර යද්දී. ( ඩොලර් ලක්ෂ 4.6 )


      පතුලේ සිටවූ කණු මත ඉදිකෙරෙන පාලම :- ඔයා කියන හැටියට මීටර් 50/75 විතර ගැඹුරක ඉඳලා බීම් උඩ පාලමක් ගහන්න ගියොත් නම් සෑහෙන වියදමක් යනවා ඇති. ( ඒකටත් දෙවෙනි , තෙවෙනි අදියරවල් එකතු වෙද්දී බිලියනයක් විතර යාවි ) විලේ ගැඹුර හරියටම හොයාගන්න ක්‍රමයක් නැද්ද ..?

      බිල් ගේට්ස්ගේ ටෙලිෆෝන් නොම්බරයක් තිබ්බා නම් මම කතා කරලා අහනවා " සෑර් , තව පාලමක් හදමුද නිකන් ඉන්න එකේ " කියලා ..

      Delete
    3. මට මතක විදියටනම් ඒ හරියේ ගැඹුර මීටර 75 වගේ ගානක් තමයි. දෙවැනි අදියරෙන් නැවත්තුවොත් ඒ පාලම උඩින් යන්න පුළුවන් වාහන වල සීමාවක් තියනවද? උපරිම ටොන් ගණනක් වගේ එකක්?

      Delete
  26. කවද හරි ඔය පැත්තෙන් ඉඩමක් අරගෙන ගෙයක් හදා ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඇපල් ලාබ උනාට ඉඩම් ලාබ නැහැ මචන්..:(

      Delete
    2. :)) ඒකනේ වැඩේ ඇපල්

      Delete
  27. අර බෝට්ටුවක නැගිලා යන්න තියේනම්....හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම හිතෙනවා රෙහානි :)

      Delete
  28. ඩුබායි වලත් තියෙනවා ඔය වගේ පාවෙන පාලමක් පත්තනම් ඇරී සෝක් පැත්ත. මොකද කියන්නේ සයුරි අක්කේ ගමුද ගෙයක් ඔය අහල පහලින් :)

    ReplyDelete
    Replies
    1. ගමු ගමු...මූල්‍ය සම්පාදනය කරන්නකෝ ඔයා :)

      Delete
  29. පෝස්ට් එක නම් කියවල ගොඩක් දවස් අක්කා ෆෝන් එකෙන් කියෙව්වේ.. ඒ නිසා කමෙන්ට් දාන්න බැරි උනා.. ඔන්න අද කම්පියුටරෙන් ආවා.. කමෙන්ට් එකක් දැම්ම.. ලස්සනයි ගෙවල් ටික. පරිසරය අනුභව කරන්නේ නැතුව තියන එකත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. ආ ඒකට කමක් නෑ අඟහරු. කොහොම හරි කියෙව්වනේ :)

      // පරිසරය අනුභව කරන්නේ නැතුව//

      හිහි

      Delete
  30. හැබෑම ස්වභාව සෞන්දර්යය තවමත් ඉතුරු වෙලා තියෙනවා ඒ රටවලත්. ඒ මිනිස්සුත් එහෙම ඒ ලස්සන විඳින්න කැමති වෙච්ච එකේ තව ටික කලක් යනතුරුත් පරිසරය රැකිලා තියේවි කියලා ස්බදායි බලාපොරොත්තු දල්වන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ලංකාවට වඩා හොඳින් ඔය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලි එහෙම මෙහෙ සිද්ධ වෙනවා රතී. ඒ වගේම පරිසර දූෂණයටත් දායක වෙන එක තමා ඉතින් ප්‍රශ්නේ :(

      Delete
  31. චීෆ් සියැටල් මතක් වුණා. මේ ඒ පැත්තද? ඒක තමයි ගහ කොළ මේ තරම් හොඳට තියෙන්නෙ... ලස්සන සටහනක්!

    ReplyDelete
    Replies
    1. අන්න හරි ලහිරු. මේ ඒ පැත්ත තමයි. සියැටල් ගෙන් තමයි නම ලැබිලා තියෙන්නෙත්

      Delete
  32. ඔයාට පුළුවන් වෙලාවක මේක බලන්න සයුරි..

    http://omageheena.blogspot.fr/2013/09/blog-post_21.html?m=1

    ඇයි කාක්කට බැරි ෆයිබර් ග්ලාස් වලින් ගෙයක් හදාගන්න ...මන් කල්පනාකලේ වඩුකුරුල්ලා අවුරුදු දහස් ගානක ඉදන් හදන්නේ කූඩුව එකම විදියට.ඇයි මෙයාට බැරි මේක මීට වඩා වෙනස්ව හදන්න ,, මේකේ මේ හැඩය වෙනස් කරන්න ,,ඔය යටින් එන්න තියන සිදුර වෙනස් කරලා වෙන විදියකට දාන්න ....

    ReplyDelete
  33. අඩේ බිල් මාමත් හලි ශෝක්නේ හැංගිල ඉන්නමයි කැමති..මේ ඒක නෙවෙයි බන් අක්කෙ බලපන්කො බන් බිල් මාමට අවුරුදු 18,19 දුවෙක්වත් ඉන්නවද කියල..පොඩි ටෝකක් වත් දාගන්න බැරි වෙන එකක් නෑ එතකොට ඔය ගේ ඇතුලටවත් යන්න..

    ReplyDelete
    Replies
    1. මතක හැටියට දුවල දෙන්නෙක් ඉන්නවා :D බිල් මාමට ද කියල sure නැහැ. google පාරක් දාල දෙන්නම try එකක් දෙමු ;)

      Delete
  34. හෙහ් හේ.. එන්නේ එහෙම නෑ අපේ ගෙවල් වටේ යන්න :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...