Monday, December 16, 2013

කිරුළු පලන් "වතී" ලා - රාජාවලිය XXXII

ම්ම්ම් රාජාවලියත් අමතක වෙන්න දෙන්න බැහැ නේ...

කලින් ලිපිය අපි නැවැත්තුවේ චෝඩන්ග විසින් දෙවන වික්‍රමබාහු රජතුමා මරා දමපු තැනින්. අද එතැන් සිට...
දැන් ඔය චෝඩංග නිස්සංක මල්ල රජතුමාගේ බෑනා වෙන කෙනෙක්. ඒ උනත් ඔහුටත් වැඩි කලක් රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. ඔහු රජ වෙලා මාස 9 ක් ගත වෙද්දී කිත්ති නම් සෙනෙවියෙක් ඔහු අල්ලා බලයෙන් පහ කරනවා. ඒ සමගම ලංකාද්වීපයේ කිරුල තවත් රැජිනකට හිමි වෙනවා. ඒ තමයි පළමු පරාක්‍රමබාහු රජුගේ බිසව වන "ලීලාවතී" රැජින (ක්‍රි. ව. 1197 - 1200).


ලීලාවතී රැජිනට ජනතාවගේ කැමැත්ත සහ ගෞරවය ලැබුනත් සැබෑවටම රාජ්‍ය පාලනය උනේ කිත්ති සෙනෙවියා අතින්. මේ කාලය ඇතුලත සිදු වෙන චෝල ආක්‍රමණ කිත්ති සෙනෙවියා විසින් මැඩපවත්වනවා. ඔය අතරෙදි තවත් සිද්ධියක් වෙනවා. නිශ්ශංක මල්ල රජුගේ බෑනා කෙනෙක් වන සහස්සමල්ල ඔහුගේ මරණයෙන් පස්සේ රජකම ගැනීමේ බලාපොරොත්තුවෙන් ලංකාව බලා යාත්‍රා කරමින් සිටිනවා. ලීලාවතී රැජින රජ වෙන්නේ ඒ අතරේ. ඉතින් සහස්සමල්ල ලංකාවට ගොඩ බැස්සට පස්සේ කිත්ති සෙනෙවියා මරා දමා, රැජින බලයෙන් පහ කර කිරුල ලබා ගන්නවා. මෙහෙම රජ වෙන සාහස්සමල්ල රජතුමාටත් (ක්‍රි. ව. 1200 - 1202) රජ කරන්න වෙන්නේ අවුරුදු 2 යි. ඒ, අයස්මන්ත නම් ඇමතියා විසින් ඔහු බලයෙන් නෙරපන නිසා. අයස්මන්ත විසින් රජකම පවරන්නේ නිශ්ශංක මල්ල රජුගේ බිසව වන "කල්‍යාණවතී" රැජිනට (ක්‍රි. ව. 1202 - 1208). 

මේ විදියට අවු 8 ක් කල්‍යාණවතී රැජින රජකම් කලාට පස්සේ අයස්මන්ත විසින්ම ඇය බලයෙන් පහ කොට ධම්මාසෝක නම් මාස ගණනක් වයසැති ළදරුවෙක් රජ තනතුරේ තබනවා. එහෙත් චෝල හමුදාවක් සමග පැමිණෙන අනිකංග නම් සෙනෙවියා, ධම්මාසෝක රජු (ක්‍රි. ව. 1208 - 1209) සහ අයස්මන්ත මරා දමා රාජ්‍ය ලබා ගන්නවා. මේ අනිකංග සෙනෙවියා ධම්මාසෝක රජුගේ පියා යයිද මතයක් තිබෙනවා. අනිකංගටත් වැඩි දවස් නොගිහින්ම "වික්කන්ත චමුනක්ක" නම් සෙනෙවියෙක් අතින් මැරුම් කන්න සිදු වෙනවා. චමුනක්ක සෙනෙවියා රජ කිරුල ලබා දෙන්නේ නැවතත් ලීලාවතී රැජිනට (ක්‍රි. ව. 1209 - 1210).

 
මෙවර ලීලාවතී රැජිනට රජ කරන්න ලැබෙන්නේ වසරක කාලයක් පමණයි. "ලෝකිස්සර" නම් කාලිංග කුමරෙක් දමිල හමුදාවක් සමග පැමිණ ලංකාව ආක්‍රමණය කර රාජ්‍ය බලය අල්ලා ගන්නවා. අවි ගත්තෝ අවියෙන්ම නසිති කියන්න වගේ ලෝකිස්සර රජුටත් (ක්‍රි. ව. 1210 - 1211) වැඩි කල් නොගිහින්ම මැරුම් කන්න වෙන්නේ පරාක්‍රම නම් ඇමතියෙක් අතින්. මේ ඇමතියාත් රජ කිරුල ලබා දෙන්නේ ලීලාවතී රැජිනට (ක්‍රි. ව. 1211 - 1212). ඒත් මෙවරත් රැජිනට සිහසුනේ ඉන්න පුළුවන් වෙන්නේ වසරක කාලයක් පමණයි. පරාක්‍රම පාන්ඩ්ය නම් පාන්ඩ්ය කුමාරයෙක් ලංකාව ආක්‍රමණය කරනවා. ඉතින් ඔය විදියට පරාක්‍රම පාන්ඩ්ය රජතුමා (ක්‍රි. ව. 1212 - 1215) රජකම් කරගෙන ඉද්දී තමයි අපේ අසල්වැසි ඉන්දියාවෙන් ලංකාද්වීපයට තවත් මහා ආක්‍රමනයක් එල්ල වෙන්නේ. ඒ "කාලිංග මාඝ" ( (ක්‍රි. ව. 1215 - 1236)) ගෙන්. 

 
යම් යම් අරගල ඇති වුනත් සමස්ථයක් විදිහට සශ්‍රීකව තිබුණු රජ රට රාජධානියට මේ මාඝ ආක්‍රමණය මරු පහරක් උනා. වැව්, ඇල මාර්ග විනාශ කරමින් වෙහෙර විහාර කඩා බිඳ දමා වස්තුව කොල්ල කමින් ජනයාට කළ හිරිහැර දරා ගත නොහැකි වූ ලක් වැසියන් දකුණු ප්‍රදේශ වලට සංක්‍රමණය උනා. මේ විදිහට බලා ඉද්දී පිරිහුණු රජරට කැලෑ වලින් වැහිච්ච මුඩු ප්‍රදේශයක් බවට පත් වෙලා ගියේ ඉබේමයි. අන්තිමේදී දළදාවත් අරගෙන භික්ෂුන් වහන්සේලා පොළොන්නරුවෙන් පිටමං වෙන තැනට කරුණු යෙදුනා. 



ඒත් සමගම තමයි රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීම ඇරඹුණේ. ඔන්න ඔතන තමා ඉතින් පොළොන්නරු රාජධානියේ අවසානය. 

ඉතින් පොළොන්නරුවේ තත්ත්වය ඔය විදිහට තියෙද්දී, නිරිත දිග ප්‍රදේශවල සිංහල ජනාවාස වල බලය තරමක් දුරට පැතිරෙන්න පටන් ගන්නවා. යාපහුව ප්‍රදේශයේ බලය පතුරවන "සුබ" නම් සෙනෙවියා සුබ පබ්බත නම් පර්වතයෙන් මෙපිටට මාඝ සේනාවට ඒමට නොදී ප්‍රදේශයේ ආරක්ෂාව තර කරනවා. බුවනෙකබා නම් කුමාරයෙක් ගෝවින්දමල ප්‍රදේශයේත් සංඛ නම් සෙනෙවියෙක් ගන්දෙනිය ප්‍රදේශයේත් බලය පතුරවනවා. ඒත් මේ අය‍ට කාලිංග මාඝට විරුද්ධව නැගී සිටින්න තරම් ශක්තියක් තිබුනේ නැහැ.

පොළොන්නරු රාජධානියේ අවසානය ඔය විදිහට සිද්ධ වෙද්දී දඹදෙණියෙන් මතුවෙන සිංහල රණ හඬ ගැන අපි ඊ ළඟ ලිපියෙන් බලමු :)

62 comments:

  1. // ධම්මාසෝක// රජෙක් ගැන ඇහුවෙත් අදමයි... ඉස්කෝලෙ පොත්වලත් තිබ්බෙ නැද්ද කොහෙද...
    ඒකියන්නෙ පොඩි එකාව අවුරුද්දක් යන්න කලින් තාත්තම ( අනිකංග නම් සෙනෙවියා) මරණවා..

    ReplyDelete
    Replies
    1. අනිකංග පොඩි එකාගේ තාත්තා කියන එක මතයක් විතරයි යසිත්. අනේ මන්දා, එහෙම වෙන්න අමාරුයි නේද

      Delete
  2. මෙන්න ටීචර් නිවාඩු ඉවර කරලා ආයෙම ඉස්කෝලේ ඇවිල්ලා.. කොහෙද මට කලින් මේ යසිත් කොළුවා ඉස්සර වෙලානේ..

    දඹදෙනිය නේ ඊගාවට.. පාඩම් පොත කලින් කියවන් එන්න ඕන එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නිවාඩු ඉවරයි..දැන් ඉතින් සෙල්ලම් බෑ :)

      Delete
  3. ධම්මාසෝක කෙනෙක් ගැන නම් මීට කලින් අහලා තිබුණෙ නැහැ. ලීලාවතී රැජිනට බලගෙන ගියා ම හැමෝම කැමතියි වගේනේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ලීලාවතී රැජින 3 පාරක්ම රජ උනානේ. හැබැයි වැඩිකල් රජ කලේ නම් නෑ

      Delete
  4. බලමු බලමු. වටින වැඩක් කියල තමා ඉතින් කියන්න තියෙන්නෙ මේක, අපි වගේ වල්පල් ලියනවට වඩා :-)

    ReplyDelete
    Replies
    1. වල්පල්? අනේ අනේ අර ලස්සන කවි වලට වල්පල් කියනවද?

      Delete
  5. මේවා ගැන දැනුවත් කිරීම හරිම වටිනවා. මේ වාගේ දේවල් පාසැල් පොත්වලත් අඩුවෙන් නෙ තියෙන්නෙ. ස්තූතියි ! සයුරී.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි...දැන් අලුත් පොත්වල මොනවා තියද කියලානම් දන්නේ නෑ අප්පා

      Delete
  6. සෑහෙන විස්තරයක් නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් :) ඉතිහාසේ නේ ඉතින්

      Delete
  7. දඹදෙණිය විජයසුන්දරාරාමේ ගැන මාලිගා ගල ගැන එහෙම ලියවෙයි නෙහ්... මාත් ලඟදි ඒ පැත්තේ යන්ඩ ඉන්නේ.. පෝස්ට් එකක් දාන්ඩ ඕන. :)

    ReplyDelete
    Replies
    1. බලන්ඩකො ඉස්සරහට ලියවෙයිද කියලා. අහා නියමයි. ගිහින් ඇවිත් අපිට කියන්න.

      Delete
  8. හ්ම්ම් .ඉතිහාසේ ගැන උනන්දු අයට පංකාදු විස්තරේ ..මොන හෙතුවටද මන්දා මටනම් ඉතිහාසේ ගැන කිසිම මෙව්වා එකක් නෑ :(

    ReplyDelete
    Replies
    1. මටත් ඔය මෙව්වා එක ඇති වෙන්න සෑහෙන කල් ගියා කසුන්

      Delete
  9. කාර්මික විප්ලවය , විදුලිය වැනි දේවල් හොයනොගත්තා නම් කියලා හිතෙනවා සයුරි මේවා කියවද්දී ... රජ කාලෙම ඉන්න තිබ්බා නම් හොඳයි... රාජ් කාලේ කතා කියවන්න ආසයි ......

    දැන් දැන් රෝම ඉලක්කම් ටික කියවගන්න බැරි වේගෙන වගේ එන්නේ.... 33 වෙනි කොටසද අද තියෙන්නේ ...? දිගටම ලියන්න සයුරි ......

    ReplyDelete
    Replies
    1. 32 නේද සහන් අයියේ?

      Delete
    2. කිව්වත් වගේ 32 නෙව..මට ඔය පොඩි ඉරි කෑලි පේනවා හොරයි... බස් බෝර්ඩ් එකක් වත් පේන්නේ නැහැ දැන් දැන් ...

      Delete
    3. මේ රෝම ඉලක්කම් වෙලාවකට හරි වදයක්..මමත් පටන් ගනිද්දී හිතුවේ නෑ නේ මේක මෙච්චර කොම්ප්ලේක්ස් වෙයි කියලා

      Delete
  10. පොළොන්නරු රජධානියේ බිඳවැටිම මැනැවින් කියාපාන අවස්ථාව මේ කාල පරිච්ඡේදයයි.එයින් තෙවරක් රජවූ බිසය හැටියට ලීලාවති රැජින ඉතිහාස ගත වුණා. ඒ වගේම එයුගයේ රාජධානි පෙරලන්න අපේ අය විසින්ම ඉන්දිය කාලිංග මාඝ ලා වැනි අයගේ සහය ලබාගැනිම‍ ඓතිහාසික ශිෂ්ඨාචාරයක බිඳ වැටීමේ සලකුණුයි.

    "දඹදෙණියෙන් මතුවෙන සිංහල රණ හඬ "

    හයවන පරාක්‍රම බාහු රජතුමා ගැන ද මන්දා අර "සිරි පැරකුම් "කතාවට මුල් වුනෙත් දඹදෙණි පුරා වෘත්තයනේ. කොහොම වුණත් සිංහල සාහිත්‍යයේ නැගීම ආරම්භ වන යුගය ගැන සයුරි රසවත්ව ලියාවි කියා හිතනවා.

    ReplyDelete
    Replies
    1. කාලිංග මාඝ කරපු විනාශයනම් අති මහත්. රජරට කාටවත් ඉන්න නොහිතෙන තරමටම ඔහු සැහැසි උනා. එයින්ම රජරට රාජධානිවල අවසානයත් සිද්ධ උනා. සිංහල රණ හඬ කියලා කිව්වේ නම් තුන් වෙනි විජයබාහු රජු ගැන. දඹදෙනියේ පලවෙනි රජු නේ :)

      Delete
  11. මම හැමදාම මේක කියෙව්වම හිතෙන්නෙ, ලංකාව මෙහෙම ඉතුරු වෙලා තියන එක ලෝක පුදුමයක් කියලා...

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙම කියන්නෙ..මරාගන්නව කියන්නෙ නිර්භීත කම ඉහවහා ගියාමනෙ..හික්..!

      Delete
    2. නිර්භීතකම කෙසේ වෙතත් බල ලෝභයනම් ඉහවහ ගිහින් මුන්ගෙ..

      Delete
    3. ඉස්සර එවුන්ටනම් ලෝබ කම වගේම නිර්භීත කමත් තිබිලා තියනවා ටිකක් හරි. එකට දැන්..ලෝබ කම විතරයි ඉහවහා ගිහින් තියෙන්නේ

      Delete
  12. සයුරි නම් වෙලාවක් කලාවක් හොයාගෙන..!

    ReplyDelete
    Replies
    1. ඒකනේ..වී අයියත් කලාවක් වෙලාවක් හොයා ගන්නවානම් අපි කැමතී

      Delete
  13. අපිට බෑ ටීචර්...අපිට පරණ පාඩම් එකක්වත් මතක නෑ. ටීචර් නැති කාලේ දිනේශ් සර් අපිට මල් කතා කියලා දුන්නා....:D

    ආ... තව පිරිමි ලමයි කැමති ගෑනු ඇඳුම් ගැන කියලා ගෑනු ලමයින්ට ඒවා අඳින්ටත් කීවා හී හී...

    ධම්මාසෝක හිටියේ ඉන්දියාවෙනේ. එහෙම රජෙක් ගැන ඇහුවාමයි. කීවත් වගේ ඒ කාලේ රජ බිසවුන්ට තිබිලා තියෙන්නේ 'වතී' නම්නේ. මේක ඇවිත් තියෙන්නේ දකුණු ඉන්දියාවෙන් වෙන්ට ඕනි. එහෙ ඉන්නවා නමේ අගට 'වදී' කියලා තියෙන ගෑනු උදවිය.

    ReplyDelete
    Replies
    1. නිදිවදී කියලා ගෑනු නම් තියෙනවද? ඔන්න 'ස්වප්නා' කියලා තිබ්බා නම් 'ස්වප්නවදී' කියන්ට තිබුණා. ඒකේ තේරුම 'ස්වප්නවතී' කියන එක.

      'නිදිවදී' කියන්නේ නිදන්ට ගියා කියන එකනේ සෙන්නෝ...

      Delete
    2. ඒකනෙ අනේ මම තිත් දෙකයි ඩී දාලා තියෙන්නෙ.. :D

      Delete
    3. අනිත් එක පොඩ්ඩි "නිදිවදී" කියන එකට නින්දට ගියා කියන එකට වැඩිය දරුණු තේරුමකුත් තියනවා.. අර සර් කෙනෙකුත් කිව්වෙ "නිදාගන්න එකේනම් කිසි වරදක් නෑ, නිදියන්නැති එකයි වරද"කියලා..

      Delete
    4. මල් කතා කියල දීල තියන හැටි මාත් දැක්කා..අම්මපා මෙහෙම සර් ලා :D

      මගේ දෙමල යාළුවො ඉන්නවා එයාලා 'ත' යන්න වෙනුවට කියන්නේ 'ද' යන්න. 'නිමන්ත' කියන එක 'නිමන්ද' කියලා තමයි කියන්නේ. එතකොට තරිඳු කියන එක ලියන්නේ "tharinthu ' කියලා...ඔය වතී/වදී සීන් එකත් එහෙම වෙන්න ඇති.

      //නිදාගන්න එකේනම් කිසි වරදක් නෑ, නිදියන්නැති එකයි වරද//
      ඒකතමයි..ඔය සමහර වෙලාවට නිදිවදී කිව්වට නිදියන්නේ නෑ නේ. :p

      Delete
    5. සයුරි, මම හිතන්නෙ ඕක අනිත් පැත්ත වෙන්න ඕනා. ඒ ගොල්ලන්ට "ද" ශබ්ධ කරන්න බෑ.. ඒ වෙනුවට කියන්නෙ "ත". ඉස්සර අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් හිටියා "දිලේකා" කියලා, තමිල්නාඩු කට්ටිය එයාට කිව්වෙ "තිලේකා" කියලා. එතකොට උන්ගෙම එකෙක් හිටියා "දලපති" කියලා ඉංග්‍රීසියෙන් ලියන්නෙ හැබැයි උච්චාරණය කරන්නෙ "තලපති" කියලා.. එහෙම බැලුවම "වදී" නිකන්ම "වතී" වෙනවා..

      Delete
    6. අනේ මන්දා සෙන්නෝ, ඒ පැත්තත් වෙනවා ඇති එහෙනම්. මගේ යාළුවො නම් කතා කරේ අරමයි. මම හිතන්නේ ඕක වෙන්නේ ලිවීමත් එක්ක. අපි th කියලා ලිව්වොත් එයාලා කියවන්නේ 'ද' කියලා.

      Delete
    7. තමිල්නාඩු ද්‍රවිඩ මිනිසුන් ඉංග්‍රීසියෙනුත් ටැමිල් කියන්නේ තමිල් කියලා. දිලීපන් කියන්නේ තිලීපන් කියලා. ඒ අයට තයන්න කියවෙනව වැඩියි. මම හිතන විදියට දකුණු ඉංදියානු දිව එහෙමයි. බෙග් මාස්ටර් කියපු සිංදු පළමු වර්ෂන් එකෙන් අහලා බලන්න. හැබැයි මලයාලම් උච්චාරණයයි, ද්‍රවිඩ උච්චාරණයයි දෙකක්. මම වැරදි වෙන්න පුළුවන්.

      Delete
  14. සිංහල ඉතිහසපොතේ මරා ගත්තු නැති රජ කෙනෙක් ඇත්තෙම නැතිද හැබෑවටම...?

    ReplyDelete
    Replies
    1. ඉන්නවා....මරා නොගත් එකා මරා....එය මරා ගන්න වෙනම කට්ටියක් සෙට් කරලා තියෙන්නේ.

      Delete
    2. අතලොස්සක් හරි ඉන්නවනේ

      //මරා නොගත් එකා මරා....එය මරා ගන්න වෙනම කට්ටියක්//
      රිකර්සිව් විදියට මරා ගන්නේ මෙහෙම තමයි..

      Delete
  15. එහෙනං පොලොන්නරුවටත් ඔහොමලු උනේ................

    ReplyDelete
    Replies
    1. සියලු දේ අනිත්‍යයි කිව්වලු

      Delete
  16. ඉතිහාසය අකුරු කිරීම හොද අභ්‍යාසයක්.. ජය

    ReplyDelete
    Replies
    1. ඒක හරි. මටනම් මේක අභ්‍යාසයක් තමා.

      Delete
  17. පෝස්ට් එකේ අන්තිමටම එන එල කොල්ලා නැද්ද ? උන්දැට මොකෑ උනේ... අසනීපයක්ද ? නැත්නම් කාර්යබහුල වෙලා ද ?

    ReplyDelete
    Replies
    1. එයා තාම ඇඳුම් මාරු කරනවලු... :D:D

      Delete
    2. අර මොකටද අර ?
      ඇයි ඇඳුම් තියෙන විදිහට තියෙන්ඩ අරින්නේ නැත්තේ.. මාරු කරන්නේ මොකෑ :)

      Delete
    3. උන්දා ඉඳලා හිටලා නේ එන්නේ ඉතින්. හැබැයි සමහරු වගේ මාස ගණන් අන්තරස්දාන වෙන්නේ නම් නෑ ලු :)

      ඇඳුම් මාරු කරනවා? කිව්වත් වගේ අර මොකෝ?

      Delete
  18. කාලෙකට පස්සෙ හරි ටීචර් ආපු එක ලොකු දෙයක්, හැබැයි පරණ පාඩම් වල පුනරීක්ෂණ ටිකක් කරන්න වෙයි වගේ මතක් වෙන්න. :)

    ස්තූතියි මේ ගැන අපිව දැනුම්වත් කළාට.

    ReplyDelete
    Replies
    1. මාස ගානක් පාඩම නොකර ඉඳලා පුනරීක්ෂණ දුන්නොත් මෙයාලා මාව කයි :)

      Delete
  19. ඇත්තටම ඉතිහාසේ ගැනත් කතා කරන්න කෙනෙක් ඉන්න එක වටිනවා
    වෙද සිතක සිත්තම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වෙද සිත මේවා කියවනවට

      Delete
  20. පට්ටයි දන්නේ නැති අතීතය කියලා දෙනවට ස්තූතියි යාලු...
    අද ඉඳං හැමදාමත් එනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උමා. සතුටුයි මේවා දැනගන්න කැමති අය ඉන්න එක ගැන.

      Delete
  21. ඔන්න සයුරි අක්කා ආයෙම වැඩට බැහැලා.

    ReplyDelete
  22. සයුරි ටීච ප්‍රශ්නයක්..
    රජවරු රටට මෙච්චර වැව් දාගැබ් හැදුවා කිව්වට රැජිණන් කරපු සේවාවන් ගැන කියලා නෑනේ..හැබෑවට රාජාවලියේ ඒ ගැන විස්තර නැද්ද?
    ටීච නිවාඩු ටික කවර් කරගනන්ත් එක්ක ස්පීඩ් යනවා වගේ..ඒ කාලේ නම් ක්ලාස් වල අපි සර්ට චිට් යවනවා “වේගය මරුවා කැඳවයි“ කියලා..!!

    ReplyDelete
    Replies
    1. රැජිනියන්ට ඒ හැටි වැඩක් කරන්න වෙලා නෑ වගේ නේද රූ. එකදිගට සැලකිය යුතු කාලයක් සිහසුනේ ඉන්න ලැබිලා නෑ නේ.
      සිලබස් කවර කරන්නත් එපයි නේ :)

      Delete
  23. සුබ 2014ක් වේවා!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...