ඔන්න එහෙනම් අපි කලින් ලිපිය අවසන් කළේ කාලිංග මාඝ ආක්‍රමණය නිසා පොලොන්නරුව පරිහානියට පත් වෙලා වල් වැදිලා ගියපු හැටි ගැන කියලා. ඒත් එක්කම අපි කිව්වා රජරට ඉඳපු සාමාන්‍ය ජනයා වගේම භික්ෂුන් වහන්සේලාත් දඹදෙණිය වගේ නිරිත දිග පළාත් වලට සංක්‍රමණය උනා කියලා. ඒ කියන්නේ අද අපි දඹදෙණිය රාජධානිය ගැන කතා කරන්නයි හදන්නේ. පහුගිය දවස්වල මධුරංග දඹදෙණිය පැත්තේ සංචාරය කරලා ගොඩක් හොඳ සටහන් වගයක් ලියලා තිබුනා පින්තූරත් එක්කම. ඒවාත් කියවලා බලන්නකෝ. මම පින්තූර ඉල්ලගෙන මෙතන දානවට වඩා ගිහින්ම බලන එක හොඳයි නේ...
ඉතින් ඔය කාලේ දඹදෙණියේ හිටියා විජයබාහු කියලා කුමාරයෙක්. ඔහු 'විජයමල්ල' කියලා ප්‍රාදේශීය නායකයෙකුගේ පුතෙක් හැටියට තමයි හැඳින්වෙන්නේ. මේ කුමාරයාගේ ළමා කාලය ගොඩක් දුරට ගෙවිලා තියෙන්නේ කැලෑ ප්‍රදේශවල හෝ හමුදා කඳවුරු වල. කොහොමහරි මේ වෙද්දී තැන තැන බිහි වුන ප්‍රාදේශීය නායකයින් තමන්ගේ යටතට ගන්න විජයබාහු කුමාරයා සමත් උනා. ඒත් එක්කම මායා රටේ බලය පතුරවාගෙන ඉඳපු ප්‍රාදේශීය දෙමළ නායකයින් පොළොන්නරුවට පළවා හරින්නත්, මායා රටට ඇතුල් වීමට පැමිණි මාඝ ගේ සේනාව පළවා හරින්නත් සමත් උනා. මේ නිසා විජයබාහු කුමරු ඉබේම සිංහලුන්ගේ නායකයා විදිහට සැලකුණා.
පොළොන්නරුවෙන් රහසේම මායා රටට වැඩම කරවපු දන්ත ධාතුවේ භාර කාරත්වයත් තමා අතට ගැනීමට විජයබාහුට පුළුවන් වෙන නිසා ඒක තවත් තහවුරු උනා. කෑගල්ලේ බෙලිගල පන්සලක් හදලා එතන තමයි දළදාව තැන්පත් කළේ.
මේ "විජයබාහු III" (ක්‍රි. ව. 1230 - 1234) රජතුමාට ඉන්නවා පරාක්‍රමබාහු සහ බුවනෙකබාහු කියලා පුතුන් දෙන්නෙක්. කොහොම උනත් ඔහු වැඩි කල් රජකම් කරන්නේ නැහැ. වයස නිසාම ඔහු සිංහාසනය තම වැඩිමල් පුතුට පවරා විශ්‍රාම යනවා. ඒ අනුව අපේ ඊ ළඟ රජතුමා තමයි "පරාක්‍රමබාහු II" (ක්‍රි. ව. 1234 - 1269) රජතුමා.
පහුගිය දවස්වල 'සිරි පැරකුම්' කියලා චිත්‍රපටියක් පෙන්නුවේ මෙතුමා ගැන තමයි. හැබැයි ඒ ජනප්රවාදයේ එන කතා. කාලිංග මාඝ ගෙන් එල්ල වෙච්ච සතුරු ප්‍රහාරයක් නිසා කුමරා රුක්මලේ ග්‍රාමයට රහසේම පිටමං කරලා හදා වඩා ගන්නා හැටි තමයි ඒ ජනප්‍රවාද වල තියෙන්නේ. දෙවන පරාක්‍රමබාහු රජතුමා හොඳ රජෙක් විතරක් නෙමෙයි හොඳ කවියෙක්, සාහිත්‍යධරයෙක් විදිහටත් සැළකෙනවා. "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත" කියන ගෞරව නාමයන් පිදුම් ලැබුවේත් මෙතුමා තමයි. "විශුද්ධි මාර්ග සන්නස", "කව් සිළුමිණ", "ධර්ම පූර්ණිමා" එතුමා කළ විශිෂ්ඨ කෘති වලින් කිහිපයක්.
දළදාව දඹදෙණියට වැඩමවපු දෙවන පරාක්‍රමබාහු රජතුමා අවිවාදයෙන් රටේ භාරකරු විදියට පිළි ගැනුනත් රජරට පාලනය තවමත් තිබුනේ මාඝ අතේ. ඔය අතරේ තමයි චන්ද්‍රබානු නම් ජාවක රජු තාම්රලිංග දේශයෙන් (වර්තමාන මලයාසියාව විය යුතුයි) පැමිණ ලංකාව ආක්‍රමණය කරන්නේ. වයඹ සහ දකුණු මුහුදු තිරවල බලය අල්ලාගන්න ඔහු සමත් වෙනවා. මොහුත් මාඝ වගේම ක්‍රෑර පාලකයෙක් උනත් බෞද්ධයෙක් නිසා වෙහෙර විහාර වලට හානියක් කරේ නැහැ (තාම්රලිංග දේශය එවකට බෞද්ධ රටක්).
මේ වෙලාවේ දෙවන පරාක්‍රමබාහු රජු වහාම ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ බෑනා කෙනෙක් වන වීරබාහු කුමාරයා ලවා චන්ද්‍රබානු පළවා හරින්න ඔහු සමත් වෙනවා. පලා යන චන්ද්‍රබානු උතුරේ මාඝ පාලන ප්‍රදේශයකට ගොස් එහි ජාවක කොලනියක් සාදා ගන්නවා.
මේ අතරේ යුධමය වශයෙන් ශක්තිමත්ව සිටින පරාක්‍රමබාහු රජතුමා පිහිටි රට මුදවා ගැනීමට පියවර ගන්නවා. පොළොන්නරුවට සේනාව මෙහෙයවා කාලිංග මාඝ මරා දැමීමට ඔහුට හැකි වෙනවා. ඒ තමයි හතලිස් වසරකට අධික ක්‍රෑර මාඝ පාලනයේ අවසානය.
වැඩි කල් නොගොස් පරාක්‍රමබාහු රජු අසනීප වෙන නිසා පාලන කටයුතු ඔහුගේ වැඩිමහල් පුතු වන විජයබාහු ට පවරනවා. ඔහු ඉතාමත් කරුණාවන්ත නිවුණු ගති ඇති කෙනෙක් නිසා "බෝසත් විජයබා" යන විරුදාවලිය ලබනවා. නටබුන්ව ගියපු පොලොන්නරුව පිළිසකර කිරීමේ අදහසක් රජුට තිබුනත් ඊට මත්තෙන් උතුරේ කොලනියක් සාදාගෙන සිටි චන්ද්‍රබානු නැවතත් රජරට අත්පත් කරගෙන එයින් නොනැවතී යාපහුවට පැමිණ දන්ත ධාතුව ඉල්ලා යුධ ප්‍රකාශ කරනවා. වීරබාහු කුමරු සමග සටන් බිමට යන විජයබාහු රජතුමා ඔහුව පරාජය කිරීමට සමත් වෙනවා. මේ ජයග්රහණයෙන් පස්සේ විජයබාහු රජතුමා පොළොන්නරුව සහ රුවන්වැලි දාගැබ පිළිසකර කළ බවත් දළදාව නැවතත් පොළොන්නරුවට වැඩමවූ බවත් සඳහන් වෙනවා. "විජයබාහු IV" (ක්‍රි. ව. 1268 - 1270) රජතුමා නිල වශයෙන් රජ වෙන්නේ 1968 දී.
ඒත් මෙහෙම රජකම් කරමින් ඉන්න බෝසත් විජයබාහු රජතුමාට මාලිගය ඇතුලෙන් සතුරු ප්‍රහාරයකට මුහුණ දෙන්න වෙන්නේ හරිම අවාසනාවන්ත විදිහට. "මිත්‍ර" නම් සෙනෙවියෙක් තවත් ඇමතියන් කිහිප දෙනෙක් හවුල් කරගෙන රජ වාසල සේවකයෙකුගේ සහායයෙන් රජු මරවන්නට ඔහුට හැකි වෙනවා. මෙයින් නොනවතින මිත්‍ර, විජයබාහු රජුගේ සොහොයුරා වන බුවනෙකබාහු කුමරු මැරවීමටත් පිඹුරු පත් අඳිනවා.
බුවනෙකබාහු කුමරා අශ්ව කරත්තයක නැගී ගමන් කරමින් සිටියදී කොන්ත්‍රාත් කරුවන් යොදා රථයට පහර දෙන අතරේ රථයෙන් පැන සැඟවෙන්නට කුමරුට හැකි වෙනවා. පා ගමනින් බොහෝ දුරක් ගොස් ඇතෙකුගේ පිට නැගී කොලුමුනේ ඔය තරණය කරන කරන බුවනෙකබාහු කුමරු යාපහුවට පැමිණෙනවා. මේ අතරේ මිත්‍ර සෙනෙවියා රජ කිරුළ පැළඳ දඹදෙණියේ සිංහාසනාරූඨ වී හමුදා සෙබළුන්ගේ වේතනය ද වැඩි කර රජකම බලෙන්ම පවරාගන්නවා. ඒත් මිත්‍ර සෙනෙවියාට මුහුණ දෙන්නට සිදු වෙන්නේ නොසිතූ ඇබැද්දියකට. බුවනෙකබාහු කුමාරයා රහසේම හමුදා නායකයින්ට දුන් උපදෙස් මත වේතනය වැඩි කිරීම ගැන සාකච්ඡා කිරීමේ මුවාවෙන් මිත්‍ර හමුවට යන "තාකුරක" නම් හමුදා නායකයා එක් වරම කඩුව ඇද මිත්‍ර මරා දමනවා.
ඔන්න ඔය විදිහටයි "බුවනෙකබාහු" (ක්‍රි. ව. 1271 - 1283) රජතුමාට කිරුල හිමි වෙන්නේ. බුවනෙකබාහු රජතුමා රාජ්‍ය පාලනය යාපහුවේ සිට මෙහෙයවීමට කටයුතු කරපු හැටි අපි ඊ ළඟ ලිපියෙන් කියවමු. එතෙක් ආයුබෝවන්.
//මේ "විජයබාහු III" (ක්‍රි. ව. 1230 - 1234) // ඔහු වයස ගිහිල්ලම වෙන්න ඇති රජකමට පත් වෙන්න ඇත්තෙත්... කෙටි කාලයකින්ම විශ්‍රාම ගන්න තරම් වියපත් වුනේ.
ReplyDeleteඅපේ කට්ටියත් ඉස්සර ඉඳලම හරි ෂෝක් නෙ බලාගෙන ගියාම, අර පොඩ්ඩිගෙ කාල යන්තරේ ඉල්ල ගත්ත නම් මේ ගිනි විජ්ජුම්බර ටික සජීවීව ම බලල එන්න තිබුන. :)
ස්තුති සයුරි විස්තර වලට.
ඒ කාලයටම යන්න ඕනේ නැහැ බං මේ ගිනි විජ්ජුම්බර බලන්න ඒ කාලේ වගේම අද කාලෙත් ඔය බලයට,ධනයට කෑදර ඇයෝ ඕනෑ තරම් ඔය දැනුත් ඉන්නේ..:(
Deleteඒකත් හරි තමයි බං.. එදා කඩු කිනිසි. අද තුවක්කු පිස්තෝල.
Deleteඔව් චන්දන, වයසට ගිහින් රජ වෙච්ච රජෙක් තමයි...අර කිව්වා වගේ කාල යන්තර ඕන නැහැ නේ. හිස්ට්‍රි රිපීට්ස් කිව්වලු :)
Deleteවැළලෙන, වළලන්න හදන අපේ අතීතය අතිතයක් නැතත් දියුණු යැයි සම්මත කාසිබාගේ ඇති රටක සිට සයිබරය තුළ මේලෙසින් හෝ සටහන් කරන ඔබට ගොඩක්ම ස්තුතියි සයුරියේ.
ReplyDeleteඒ හැටි අතීතයක් නැතත් තියන අතීතය ගැන උනත් හරිම ලොකුවට කතා කරනවනේ මේ මිනිස්සු. බොහොම ස්තුතියි ඔබටත් වචනෙකින් හෝ උදව්වක් දෙනවාට...
Deleteමෙන්න අපේ ටීචර් ආයෙම ඉස්කෝලේ ඇවිල්ලා..
ReplyDeleteනැතුව නැතුව
Deleteමේක මේ අවුරුද්දෙ සයුරිගෙ පළවෙනි පෝස්ට් එක නේද...?
ReplyDeleteබෝසත් විජයබා රජතුමාට වුනු දේ ගැන කණගාටුයි... කාලවකවානුවල හැටියට මිත්‍රත් අවුරුද්දක් විතර රජකම් කරලා තියෙනවා...
සයුරිට බොහොම ස්තුතියි ගොඩක් මහන්සිවෙලා කරුණු සොයාගෙන මේ වගේ ලිපි ලියනවට....
ම්ම්ම් නැහැනේ...මේක දෙවැනි එක :) මියුරු අක්කා කාලෙකට පස්සේ දකින්නත් සතුටුයි.
Deleteමිත්‍ර නම් අවුරුද්දක් රජකම් කරලා නෑ මම හිතන්නේ...1270 - 71 කිව්වට එතන අවුරුද්දක් නැතුව ඇති. මාසයක් වගේ වෙන්නත් පුළුවන් නේද.
මම හිතුවේ සිරි පැරකුම් කියලා හැදුවේ 1 පරාක්‍රමබාහුගේ කතාව කියලා. දීඝගාමිණි සහ උන්මාද චිත්‍රා දෙන්නාගේ පුතා කවුද? එයාගෙත් මේ වගේ කතාවක් තියෙනවා නේද? ඔන්න ඉතිහාසේ පැටලිලා. ටීචර් හරියට ඉස්කෝලේ එනවානම් මේවාගේ ඒවා වෙන්නේ නෑනේ.
ReplyDelete//කොන්ත්‍රාත් කරුවන් යොදා රථයට පහර දෙන//
ඒ කාලෙත් කට්ටිය ඉඳලානේ...:D
සයුරි දැක්කද නලින් ද සිල්වාගේ ‘The Mahavamsa myth’ කියන ලිපිය?
ම්ම්...නැහැනේ. එයා මහා පැරකුම්. මෙයා සිරි පැරකුම් :)
Deleteඔය කියන්නේ පණ්ඩුකාභය කුමාරයා ගැන නේ. ඒ කාලේ ටීච හරියට ඉගැන්නුවා. ඒක හින්දා මතක නෑ කියන්න බෑ ඔන්න.
අනේ ඒ ලිපියනම් දැක්කේ නෑ පොඩ්ඩි. මහා වංසය බොරුවක්ලුද?
මෙයා ඉතිහාසය ලියන්නේ ඉතිහාසය සිද්ද වෙච්ච කාලයට සමගාමිවමනෙ. විහිළුවට හොඳේ. පොඩි මෑන්ස්ගෙ කටයුතු එක්ක මෙහෙම හරි ලියන එක ප්‍රශංසනීයයි.
ReplyDeleteපරක්‍රමභාහු II නෙමේද පරක්‍රම සමුද්‍රය හැදුවේ ?
ඒ කාලෙ පරිවාරක ආරක්ෂක රථ තිබිලා නෑවගේ නේද ? :D
//මෙයා ඉතිහාසය ලියන්නේ ඉතිහාසය සිද්ද වෙච්ච කාලයට සමගාමිවමනෙ//
Deleteහි හි....ඇත්ත කතාව. මුකුත් කියන්නේ නෑ ඒ ගැන..
පරාක්‍රම සමුද්‍රය හැදුවේ පලවෙනි පරාක්‍රමබාහු නේ. මෙයා නෙමේ. ඒකනේ පරිවාරක රථ තිබුනානම් ඔහොම වෙන්නේ නෑ නේ.
ඉතින් සයුරි අපේ දැන් ඉන්න රජතුමාත් පරාක්‍රමබාහු II වගේ ආචර්ය කෙනෙක්නේ :D
ReplyDeleteප්‍රශ්නයක් තියේ ඇහුවාට තරහා නැහැ නේ :D ?
ජාවක කොලනියක් කියන්නේ මොකක්ද..?
ආ තව එකක් දෙවැනි පරක්රමබාහු රජ කරන කොටමද හතරවැනි විජයබාහුත් රජකම් කරන්නේ.?මොකද සයුරි මිස් දෙවැනි පරක්‍රමබාහුගේ අන්තිම අවුරුද්ද 1269 නම් 1268දී හතරවැනි විජයබාහු රජ වෙන්නේ කොහොමැයි.?
දැන් ඉතින් පඳුරකට කෙළ ගැහුවත් ආචාර්ය කෙනෙක් එලියට එනවනේ :)
Deleteජාවක කියන්නේ මම දන්නා විදිහට පොදුවේ ඉන්දුනීසියන් ජාතිකයින් හඳුන්වන නමක්. ඉතින් ඔය තාම්රලිංග දේශෙන් ආපු අය උතුරට ගිහින් කොලනියක් හදා ගත්තලු. ඒකට තමා ජාවක කොලනිය කියන්නේ.
පරාක්‍රමබාහු රජතුමා අවසාන කාලේ අසනීප නිසා පුතාට රජකම පැවරුවලු නේ ජීවත්ව ඉද්දීම . ඒ නිසා වෙන්න ඇති.
විජයභාහු රජතුමාගේ කාලේ එක වතාවක් තිබ්බා නේද ජාවක චන්ද්‍රභානු ආක්‍රමණය... ??
ReplyDeleteඔය කියන්නේ අර චන්ද්‍රබානු යාපහුවට ඇවිත් කරපු සටන ගැන නේද?
Deleteසිරි පැරකුම් රජතුමා මාරම මීටරයක් තමයි.අපි ඉතින් තාම ඉස්කෝලේ දඹදෙණිය පටන් ගත්තේ නැහැ නොවැ...!!
ReplyDelete....අක්කට සිරි පැරකුම් බලන්න වෙන්නෙ නැතුවැති... ඒකෙ අවසානයෙ පැරකුම් කුමාරයා මං කව්සිළුමිණ ලියාගෙන යනවා කියල කියද්දි මට ඇත්තටම කඳුළු ආවා.රටේ රජතුමා කලාකරුවෙක් වීම කොච්චර නම් අපූරු දෙයක් ද! සිංහල රාජවංසෙ අපූරුම චරිතයක්!
අනේ සිරි පැරකුම් බලන්න විදියක් නෑ නේ නගා. ඔයාට ලින්ක් එකක් හම්බ උනොත් මට දෙන්න හොඳේ.
Delete//රටේ රජතුමා කලාකරුවෙක් වීම කොච්චර නම් අපූරු දෙයක් ද!//
ඒකනම් ඇත්ත.
වෙනදා මෙන් කියෙව්වෙමි.රාජ වංශෙ එපාවෙලා තියෙන්නෙ..) .. D
ReplyDelete:D එපා වෙන එක සාධාරණයි නේ..
Deleteමගෙත් ආසම සබ්ජෙක්ට් එක තමා ඉතිහාස තොරතුරු හොයන එක,, ගොඩක් වටිනවා මේ ලිපියක් සයුරියේ
ReplyDeleteබොහොම ස්තුතියි ශානුවෝ
Deleteබොහෝ දෙනෙකුට අමතක වෙලා යන ඉතිහාසය මෙසේ මතක් කර දීම වැදගත්. මගේ දුවටත් දැන් ඉතිහාසය උගන්වනවා(ජාත්‍යන්තර පාසලක) ඉංග්‍රීසියෙන්. ඉතිං මේක වැදගත් වෙයි.
ReplyDeleteබොහොම සතුටුයි කවුරු හරි මේවයින් වැඩක් ගන්නවානම්...බොහොම ස්තුතියි :)
Deleteතැන්කුයි ටීචර්..
ReplyDeleteවෙල්කම් දේශා සිස්සයෝ
Deleteස්තුතියි සයුරි...පොඩි හාදයාගේ වැඩත් එක්ක මේක ලියන්න මහන්සි වුනාට ....
ReplyDeleteහිහි...කියලා වැඩක් නෑ ඒ ගැනනම්
Deleteසයුරි සිරිපැරකුම් පාඩම කියාදීල කවස් ගානක් අදයි මේ පැත්තට ආවේ...
ReplyDeleteඅපිට ඉගන ගන්න ඉතාම උසස් කෘතීන් ලියපු දෙවන පරාක්‍රමබාහු රජතුමා රජ නොවී කව්සිලුමිණ වගේ තවත් පොත්පත් ලිව්වනම් අපේ සිංහල සාහිත්‍ය මහා පෙරලියක් වෙන්න තිබුණා. සමහර විට එතුමා රජකමේ හිටියත් ග්‍රන්ථකරනයේ යෙදෙන්න ඇති. ඒවා විනාශවොල ඉතුරු වුනේ ඔය පොත් පත් ටික විතර නම් ඒ සාහිත්‍ය ඉතිහාසය කොයිතරම් රසවත් වෙන්න ඇද්ද
එතුමා රජ උනත් සාහිත්‍යයෙන් ඈත් වෙලා නෑ වගේ. ඇත්තටම එහෙම රජවරුත් අපිට ඉඳපු එක කොයි තරම් වටිනවද
Deleteටීච අද ගෙදර වැඩ නැද්ද?
ReplyDeleteඅද ගෙදර වැඩ නෑ :) විභාගේ ළඟ හින්දා...
Deleteසයුරිගේ ලිපි ගොඩක් වටිනවා තවත් ලියන්න සවිය දිරිය ලැබේවා
ReplyDeleteබොහෝම ස්තුතියි :)
Deleteදඹදෙනිය පැරකුම්බා රජතුමාගේ කාලය ගැන තවත් විස්තර ලියන්න තිබුනා සයුරි..රාජාවලියේ මේ ගැන විස්තර ලියවිලා නැද්ද?
ReplyDeleteතවත් විස්තරනම් තියනවා තමයි රූ. මේ ලිපිය නම් ගොඩක් සංෂිප්තයි.
Deleteපරාක්‍රමභාහු වෙහෙර විහාර එහෙම කරවල නැද්ද ? :O
ReplyDeleteදඹ දෙණියේ දළදාව තැන්පත් කරපු විහාරය ඔහුගේ වෙන්න ඕනනේ නේද?
Deleteසිරි පැරකුම්,සිරි සගබො,4වන රාවණා,කාවන්තිස්ස,ආදී 17 ආත්මයක් මෙන්ම මෛත්‍රී බුදුන්ගේ ගිහිකල පියා වන්නේද,අනාගතයේ "දීපේන්ද්‍ර"නමින් උතුම් බුද්දත්වය ලබන්නෙද පුජ්‍ය සිරිගුනාලන්කාර මා හිමිපාණන් වහන්සෙය..
Deleteඑතෙක් ආයුබෝවන් එහෙනම්. සයුරි. අර වචනේ කෲර කියලා ලිව්වා නම් මම කැමතියි. සමහර දෙනා හරි කියලා කිව්වත් ක්‍රෑර කියන එක මට කියවෙන්නේම ක්+රෑ+ර කියල මිසක් ක්+රූ+ර කියලා නෙවෙයි.
ReplyDeleteකෲයි ක්රෑයි දෙකම ක්+රූ කියා සද්ද කරන්න පුලුවන්නම් සිංහලෙන් ක්+රෑ කියලා ලියන්නේ කොහොමද?
එකක් එකකට දුන්නනම් ඉවරනේ.