Friday, April 25, 2014

රයිගමයයි ගම්පළයයි - රාජාවලිය XXXIV

ඔන්න අපි ගිය පාර කතා කරා බුවනෙකබාහු කුමාරයා රජ වෙච්ච හැටි ගැන. අද එතැන් සිට.



බුවනෙකබාහු රජතුමා රජ උනාට පස්සේ දැහැමෙන් සෙමෙන් රට පාලනය කරන්න ලැබුණා කියලා කිව්වොත් ඒක වැරදියි. ඔහුට සිද්ද වෙනවා එක එක විදියේ සතුරු කරදර වලට මුහුණ දෙන්න. එක පැත්තකින් වන්නි පාලකයින්. තවත් පැත්තකින් උතුරේ ජාවකයින්. ඒ අස්සේ "රායර්" කියලා කාලිංග සෙනෙවියෙකුත් එනවා ආක්‍රමණයකට. කොහොමහරි බුවනෙකබාහු රජතුමා මේවාට සාර්ථකව මුහුණ දෙනවා. ඉතින් මේ හේතු හින්දම බුවනෙකබාහු රජතුමා තීරණය කරනවා අගනුවර දඹදෙණියෙන් යාපහුවට ගෙනියන්න. මතකයිනේ "සුබ" නම් සෙනෙවියා මාඝ ආක්‍රමණ වලින් ආරක්ෂා වෙන්න හදපු බලකොටුව. පර්වතයක් උඩ පිහිටීම නිසා එතන ගොඩක් ආරක්ෂා සහිත ස්ථානයක් බව රජතුමාට වැටහුණා.  අන්න එහෙමයි රාජධානිය යාපහුවට මාරු වෙන්නේ.

ඉතින් යාපහුවේ පළමු රජතුමා තමයි බුවනෙකබාහු රජතුමා. එතුමා ඊජිප්තුව සමගත් සබඳතා පැවැත්තුවා කියලා වාර්තා වෙනවා. ක්‍රි. ව. 1283 දී බුවනෙකබාහු රජතුමා මියගියාට පස්සේ දකුණු ඉන්දියාවෙන් එන "ආර්ය චක්‍රවර්ති" යාපහුව ආක්‍රමණය කිරීම නිසා ඉන් පස්සේ එන්නේ අරාජික කාලයක්. මේ ආක්‍රමණ වලට මග පෑදුනේ  පරාක්‍රමබාහු කුමරු (විජයබාහු IV රජුගේ පුතණුවන්) සහ බුවනෙකබාහු රජුගේ පුතු අතර සිහසුන සඳහා ඇතිවුණු ගැටුම් හේතුවෙන් බවටත් මතයක් තියනවා. ආර්ය චක්‍රවර්ති දළදාවත් පැහැරගෙන ආපසු ඉන්දියාවට ගිහින් දළදාව භාර දෙනවා කුලසේකර නම් පඬි රජුට. අවසානයේ ඉන්දියාවට ගිහින් දළදාව නැවත වඩමවාගෙන එන්නේ පරාක්‍රමබාහු කුමරු. ඔහු දළදාව ගෙනවිත් පරාක්‍රමබාහු III නමින් රජ වී (ක්‍රි. ව. 1287 - 1293) පොළොන්නරුවේ සිට රට පාලනය කරනවා.

ඔය අතරේ අර බුවනෙකබාහු රජුගේ පුතාත් (ඔහුගේ නමත් බුවනෙකබාහු ම තමා) සිහසුනට ඇහැ ගහගෙන ඉන්න බවට සැක හිතීම නිසා ඔහුගේ ඇස් අන්ධ කිරීමට රජතුමා සැළසුම් කරනවා. මේ බව කනට වැටෙන බුවනෙකබාහු කුමරු වහාම සේනාවක් රැගෙන ගොස් රජු මරා දළදාවත් රැගෙන පලා එනවා. මේ කුමාරයා බුවනෙකබාහු II (ක්‍රි. ව. 1293 - 1302) නමින් රජ වෙනවා. ඔහු රාජධානිය පිහිටුවාගන්නේ කුරුණෑගල. අද අපි පඬුවස් නුවර පැත්තේ ගියාම පේන්න තියෙන්නේ මේ රාජධාණියට අයත් නටබුන් තමයි. ඔහුගෙන් පසුව රජ වෙන්නේ ඔහුගේ පුත් පරාක්‍රමබාහු IV (ක්‍රි. ව. 1302 - 1326). ඔහු ආගමික කටයුතු වලට විශාල අනුග්‍රහයක් දක්වපු රජෙක්. අලුතින් දළදා මාළිගාවක් තනා නියමිත වෙලාවට දළදා පූජා ආදිය පැවැත්වුවා විතරක් නෙමෙයි, ඒවා නොකඩවා කරගෙන යාම සඳහා උදව් වීමට සියලු දළදා පූජා සිරිත් ඇතුලත් "දළදා සිරිත" රචනා කෙරෙව්වා ලු. පන්සිය පනස් ජාතකය සිංහලට නැගුනෙත් මේ කාලයේදී කියලයි සඳහන් වෙන්නේ.



ඉන් පසුව සිහසුනට එන්නේ බුවනෙකබාහු III රජතුමා (ක්‍රි. ව. 1326 - 1332). ඔහු "වන්නි බුවනෙකබාහු" නමින්ද හැඳින්වෙනවා. ඔහු රජ පෙළපතකට සම්බන්ධ නැති නිසාත් වන්නි ප්‍රදේශ වල ජීවත් උන නිසාත් මෙළෙස හැඳින්වුනා වෙන්න පුළුවන්. ඉන් පසුව රජ කම ලබා ගෙන තියෙන්නේ විජයබාහු V රජතුමා (ක්‍රි. ව. 1332 - 1344). ඔහු "රවුලු විජයබාහු" නමින්ද හැඳින්වෙනවා.  ඔහු උතුරේ විසූ චන්ද්‍රබානු නම් ජාවක පාලකයාගේ පුතෙක් හැටියටයි සැලකෙන්නේ. උතුරේ ජාවක කොලනියක් තිබූ බව කලින් ලිපි වලදී ඉගන ගත්තා මතක ඇතිනේ :) රවුලු සහ ජාවක යන වචන දෙකේම තියෙන්නේ සමාන තේරුමක් කියලයි කියන්නේ. ආ තවත් දෙයක්...අරාබි සංචාරක "ඉබන් බථූතා" ලංකාවට ඇවිත් තියෙන්නෙත් මේ කාලයේදී තමයි.

මින් පසුව කාලය දෙශාපාලනමය වශයෙන් ටිකක් විතර අස්ථාවර කාලයක්. ජාවක රජුන් දකුණේ බලය අල්ලා ගැනීමට සැරසෙන අතරේ ඉන්දියාවේ ආර්ය චක්‍රවර්තින් නැවතත් උතුරේ බලයට පැමිණෙනවා. ආර්ය චක්‍රවර්ති උතුරේ මුතු කිමිදීමේ යෙදුනා ලු. ඉබන් බථූතා ගේ සටහන් වලට අනුව මේ කාලයේදී ලංකාවේ අලගක්කෝනාර නම් පාලකයෙකුත් ඉඳලා තියනවා. ඔහු බලවත්ව සිටියේ රයිගම ප්‍රදේශයේ. කොහොම නමුත් කුරුණෑගල අවසාන රජතුමා තමයි විජයබාහු V රජතුමා. මේ අස්ථාවරත්වය නිසා හෝ වෙන යම් හේතුවක් මත රාජධානිය ගම්පොළ ට මාරු වෙන්නේ මේ වෙලාවෙදියි. ගම්පොළ පළමු රජතුමා වෙන්නේ විජයබාහු V රජුගේ පුත් බුවනෙකබාහු IV රජතුමා (ක්‍රි. ව. 1344 - 1354). මීට සමගාමීව ඔහුගේ සොහොයුරු පරාක්‍රමබාහු V රජතුමා (ක්‍රි. ව. 1344 - 1359) දැදිගම සිට රජ කරනවා. මලයාලි සම්භවයක් තිබූ අලගක්කෝනාර රයිගම සිට ගම්පොළ ප්‍රදේශයටත් සතුරු තර්ජන එල්ල කළා ලු. රයිගමයයි ගම්පළයයි බුලත් පුවක් එහෙම විකුණුවේ මේ කාලෙදිද දන්නේ නෑ නේද? :)

ඔන්න ඔහොම අස්ථාවර තත්ත්වයක තමයි ඔය කාලේදී මුළු රටම තිබිලා තියෙන්නේ. 1354 දී බුවනෙකබාහු IV රජතුමා මිය යන නිසා නැවතත් ගම්පොළට රජෙක් ලැබෙනවා 1357 දී. ඒ වික්‍රමබාහු III රජතුමා (ක්‍රි. ව. 1357 - 1374). ඔහු පරාක්‍රමබාහු V රජුගේ බෑනා කෙනෙක් හැටියටයි සැලකෙන්නේ. ඔහුගේ රාජ්‍ය කාලය ගැනත් ඉන්පසුව ගම්පොළ තොරතුරු ගැනත් අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.


33 comments:

  1. අනේ අපිට බෑ. හිටපු හැටියේ ටීචර් ඇවිත් පරණ පාඩමක ඉතුරු ටික පටන් ගන්නවා...අද නම් පාඩම අහන්නේ නෑ. ෆෝන් එකෙන් බ්ලොග් කියවන්ටයි හදන්නේ හොරෙන්... :D

    ReplyDelete
    Replies
    1. අයි අනේ හිටි හැටියේ කියන්නේ? බලන්නකෝ මාස දෙකකට සැරයක් ඉතිහාස පන්තිය තියනවා...:D

      Delete
  2. මේ වගේ ප්‍රමණයක් තිබුනම ඇත්තටම දරාගන්න ලේසියි සයිරි ටීචර්...

    ReplyDelete
    Replies
    1. ආ එක හොඳයි...එහෙනම් දරා ගන්නයි තියෙන්නේ දැන්

      Delete
  3. මටනම් මුන්ගේ නම් පැටලෙනවා. මුන් ඔක්කොම ඇයි අප්පා එක වගේ නම් දාගන්නෙ..

    බලය ඉදිරියේ දරු සෙනෙහසත් දෙවෙනියි කියලද මේ, ඉතිහාසය අපිට උගන්වන්නේ...

    දැන් පරන්ගින්ගේ කාලෙට කිට්ටුයි නේද ?

    ReplyDelete
    Replies
    1. //මුන් ඔක්කොම ඇයි අප්පා එක වගේ නම් දාගන්නෙ..//
      …මටත් තියෙන ප්‍රශ්නයක් සෙන්නා.. මොන කෙහෙල්මලක්ද රටේ මෙච්චර නම් තිබුනෙ නැද්ද?

      …සයුරිවත් දන්නවද එහෙම එකම නම පාවිච්චි කරන්න හේතුවක්. පාප්තුමලාත් ඔය වගේ එකම නම් පාවිච්චි කරනවානෙ.. එතනදි නම් අදහස් කරන්නේ කලින් ඒ නම දරපු කෙනා ගෙනගිය ආකාරයේ පාලනයක් ගෙනයන බව.. මෙ රජවරු නම් ගනිද්දිත් එහෙම අදහසක් තියෙන්න ඇද්ද?
      …නැත්නම් පරම්පරාවෙ හිටපු ප්‍රසිද්ධ කෙනෙකුගේ නම් අලුත උපන් බිළිඳන්ට ලබාදෙන සිරිතකුත් මම අහලා තියෙනවා.. ඒ විදිහට වෙච්චි දෙයක් වෙන්නත් පුළුවන්..

      Delete
    2. ඔය නම් ප්‍රශ්නේ නම් ගොඩක් දෙනෙක්ට තියනවා තමා. ගොඩක් වෙලාවට තාත්තගේ එහෙම නැත්නම් සීයාගේ නමම දානවා කුමාරවරුන්ට. මම හිතන්නේ ඔය රාජ කුමාරවරුන්ට දාපු නම්, ගමේ කොල්ලන්ට දාන්න නැතුව ඇති :)

      //මෙ රජවරු නම් ගනිද්දිත් එහෙම අදහසක් තියෙන්න ඇද්ද? //

      නම දානකොට සමහර විට එහෙම හිතන්නත් ඇති නේද?

      ඔව් ඔව් සෙන්නෝ බලමු ඊ ළඟ ලිපියෙන් ඒ හරියට කිට්ටු වෙන්න.

      Delete
  4. බලයට පුදුම මරා ගැනිමක් නොවැ තිබිලා තියෙන්නේ එදා ඉදන්ම...:)

    ReplyDelete
    Replies
    1. එහෙම තමා :) මේවා අපි මුතුන් මිත්තන්ගෙන් ගනිපු ආදර්ශ.

      Delete
  5. බල තන්හාව නිසායි කාම ආහාව නිසා වගේම පාවා දෙන්නෝ නිසා නැත්තටම නැතිවෙපා ගිය අපේ රාජ පරම්පරාව යලි මතකා වර්ජනය කිරීම සැබවින්ම අපූරැයි, ගොඩක් ස්තූතියි වගේම හරි ආසාවෙන් කියෙව්වා. ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සොඳුරු මිනිසාට...නැවත එන්න.

      Delete
  6. මේ සීන් අපේ ලංකාවේ එ්වා නෙවෙයි නේද?

    අාසාවෙන් කියෙව්වා..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හිහි...නෑ නෑ මේ සමාන්තර ලෝකෙක සිද්ධ වෙච්ච එව්වා.

      Delete
  7. අපි මිටිය නොවී ඇණය වෙච්ච එකගැන මට කවදත් තියෙන්නේ තරහක්.

    I'd rather be a hammer than a nail, if I could.

    ඔව්. ආක්‍රමණිකයෝ ගැන තමයි කිව්වේ. අපි අසමගෛ අහෙම වෙලාවෙම අහලපහල ඉන්න උන් අපිව ආක්‍රමණය කරනවා. අපිත් සමගි වෙලා හිටපු කාලයා වඩා වැඩි කාලයක් අසමගි වෙලා තමයි ඉඳලා තියෙන්නේ. සමගි වුනොත් ඒ පොදු සතුරෙක් නිසා.

    ReplyDelete
    Replies
    1. //සමගි වුනොත් ඒ පොදු සතුරෙක් නිසා.//

      අන්න හරි. මම ගොඩක් කාලෙක ඉඳන් හිතන දෙයක් තමයි අපේ සමගිය රඳා පවතින්නේ පොදු සතුරෙක් මත කියන එක. කොතනදීත් ඕක එහෙම තමයි. ඉස්කෝලේ පන්ති විදිහට බෙදිලා ඉන්න ළමයි, අල්ලපු ඉස්කෝලෙත් එක්ක වලි වලදී එකට එකතු වෙනවා. ජාති, ආගම් ප්‍රශ්නයක් ආවොත් ඔය ඉස්කෝල දෙකම එක පැත්තක. පොදු සතුරෙක් නැති තැන සමගියක් නෑ කියලයි මට හිතෙන්නේ...

      Delete
  8. අරාජික කාලය ගැන නම් මට ප්‍රශ්නයක් තියෙනවා. මට මතක හැටියට මේ කාලය අවුරුදු හතරක්. මේ කාලයේදී ආර්‍ය චක්‍රවර්ති ලංකාව ආක්‍රමනය කළ බවත් දළදාව ඔහු සතුවූ බවත් සඳහන් වෙනවා. එහෙනම් ඇයි ඒ කාලයේ රජු ආර්ය චක්‍රවර්ති ලෙස නොසළකන්නෙ..

    …ජාවකයින් කියන්නෙ කවුද?

    …කාලෙකට පස්සෙ රාජාවලිය ලිවීම ගැන සතුටුයි.. අද නම් ඉක්මණින් ගිහිල්ලා වගෙයි.. :)

    ReplyDelete
    Replies
    1. ආර්ය චක්‍රවර්ති ඇවිත් දළදාවත් පැහැරගෙන ආපහු ගියාලු නේ ඒ වෙලාවේ. ලංකාවේ නැවතිලා නැති පාටයි.

      ජාවකයින් ගැන මම කලින් ලිපියේ කියලා ඇති (චන්ද්‍රබානු රජු මලයාසියාවෙන් ඇවිත් කරපු ආක්‍රමණය ගැන. ඉන් පස්සේ ඔවුන් යාපනයේ කොලනියක් හදා ගත්තා. ඔවුන් තමා ජාවකයින්).

      Delete
  9. කාලෙකින් ඉතිහාස පාඩමක් ඇවිල්ල තියෙන්නේ. මම මේ ටිකේ ආසාවෙන් ඉන්නවා කොට්ටේ කොටු පවුර එහෙම බලන්ඩ යන්ඩ.. බලමුකෝ.. ගියොත් පින්තූර දාන්නම්...

    ReplyDelete
    Replies
    1. ආ නියමයි යන්ඩ යන්ඩ. ආසයි පින්තුර බලන්න.

      Delete
  10. මටත් මේ නම් කෙරුවාව තමයි මහම පටලැවිල්ල... ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම එහෙමයි... දැනුත් ඔය ප්‍රසිද්ධ අය නම් දාගන්නවනෙ සීනියර්, ජූනියර් කියල හෙම...
    බලන් ගියාම කී දෙනෙක් කී ජාතියක් කියල මේ රට ආක්‍රමණය කරල තියෙනවද... උන්ට යන්න වෙන තැනක් තිබිලම නැද්ද මන්දා... මෙහේ එක එකා මරා ගත්තු හැටියට උන්ට වැඩේ ලේසි වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. //මෙහේ එක එකා මරා ගත්තු හැටියට උන්ට වැඩේ ලේසි වෙන්න ඇති.//

      ඔවුනේ බලාගෙන ගියාම අපි මරාගෙන මැරෙන ජාතියක් වගේ එදා ඉදන්ම...:D

      Delete
    2. හෙහෙ..ඔව් ඔව්. මරා ගන්න එකේ සීමාවක් නෑ නේ. ඉතින් පිටින් එන අයට වැඩේ ලේසියි. ඊට පස්සේ තමයි මෙහෙ කට්ටියට ගිනි පත්තු වෙන්නේ.

      Delete
  11. පරාක්‍රමබාහු IV රජුටද කලිකාල සාහිච්ච සර්වඥ පණ්ඩිත පරාක්‍රම භාහු කියන්නෙ...
    එතකොට කව්ද මේ ජාවකයන්....???
    පොඩ්ඩක් පැහැදැලි කරන්ටකො...

    අදනෙ ආවෙ... වෙලාවක ඇවිත් ඔක්කම ටික කියවන්න ඕන....
    ආයෙ නං නොවරද්දා හැමදාම එනව

    ReplyDelete
    Replies
    1. //පරාක්‍රමබාහු IV රජුටද කලිකාල සාහිච්ච සර්වඥ පණ්ඩිත පරාක්‍රම භාහු//

      අපොයි නෑ මහේෂ්. ඒ දෙවැනි පරාක්‍රමබාහු. අර සිරි පැරකුම් එක ගියේ එයා ගැන. කලින් ලිපියේ මම ලියලා ඇති. ඔව් ඔව්..දිගටම එන්නකෝ :) බොහොම ස්තුතිය්.

      Delete
  12. අවුරුදු සියයකට ආසන්න කාලයක් 1283 - 1374 කෙලින්ම ඉතිහාසය පත අට එකට සිඳවා සම්පූර්ණ නිරවුල් පැහැදිලි කිරීමක්. යාපහුවත්, පඪුවස්නුවර සිංහල රාජධානියේ නටුඹන් මේ අනගි ඉකිහාසය ට තමත් සාන්ෂි සපයනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...ඔව් ඒ නටබුන් සෑහෙන ප්‍රමාණයක් ඉතිරි වෙලා තියන නිසා බලන්න ගියාම හරිම ආසා හිතෙනවා.

      Delete
  13. කියන්න වදන් නෑ, පට්ට.. මාත් කැමතිම මාතෘකාවක් තමයි ඉතිහාසය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි :) දිගටම එන්නකෝ එහෙනම්...

      Delete
  14. ඔයාගේ ලිපි මන් බ්ලොග් ලියන්න එන්න කලින් කියෝලා තියෙනවා සයුරි. මේකත් ඒ වගේ, ගොඩක් වටින ලිපියක්,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අපූ...ඔව්නේ, මේ රාජාවලිය සෑහෙන කාලෙක ඉඳන් තාමත් ඉවරයක් නෑ

      Delete
  15. කලෙකින් ආවෙ සයුරී. හරිම අවිවේකී කාලයක්. ඉතිහාසෙ පාඩම බලන්නැතිව බැහැනෙ. ස්තූතියි! සටහනට.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ආපු එක කොයි තරම් දෙයක්ද? ඉඩ තියන තියන හැටියට බලන්ඩකෝ :)

      Delete
  16. බ්ලොග් කියවනයේ ඔයාලත් මතක ඇතිව ප්‍රේමලතාගෙ කතා කියවන්න එන්න.අලුත් බ්ලොග් එකක් .අලුත් උත්සාහයක්. http://premalathaa.blogspot.com/

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...