Wednesday, June 25, 2014

දියවන්නාවට මාරු වෙනා - රාජාවලිය XXXV

ඔන්න ගියපාර ලිපියෙන් අපි අන්තිමට කිව්වා වික්‍රමබාහු III රජතුමා ගම්පොළ රජ වෙච්ච බව. අද එතැන් සිට ඉදිරියට...



මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වකවානුව ගැන ඉතිහාසයෙන් හමු වෙන තොරතුරු ඉතාමත් පැටලිලි සහගත සහ පරස්පර විරෝධී බව. ලිපි කිහිපයකින්ම ගත්තු තොරතුරු අනුව කතාව ලියාගෙන ගියත් සත්‍ය අසත්‍ය බව ගැනනම් සහතික වෙන්න හරිම අමාරුයි. :)

මේ කාලය වෙද්දී  උතුරේ ආර්ය චක්‍රවර්ති ගොඩක් බලවත් වෙලයි හිටියේ. ගම්පොළ අවට ප්‍රදේශ වලින් පවා බදු එකතු කරන්න ඔවුන් පසුබට උනේ නෑ. මේ නිසා ඔවුන් යුධමය අතින් වගේම ආර්ථික අතිනුත් ශක්තිමත් උනා.

වික්‍රමබාහු රජතුමාට බොහොම උදව් කරපු කැරලි කාර සෙනෙවියෙක් තමා නිස්සංක අලගක්කෝනාර. ආර්ය චක්‍රවර්තිගේ බදු එකතු කිරිල්ල ගැනත් ඔහු හිටියේ එතරම් කැමැත්තෙන් නෙමෙයි. රජුට උනත් ඒවාට විරුද්ධ වෙන්න හැකියාවක් තිබිලා නැහැ. ඉතින් මේ අලගක්කෝනාර ට උවමනා වෙනවා සතුරාට විරුද්ධව ක්‍රියා කරන්න. ගම්පළ ඉඳගෙන එහෙම කරන එක ඒ තරම් ලේසි කටයුත්තක් නොවන නිසා ඔහු බටහිර මුහුදු තීරයට ආසන්නයේ බලකොටුවක් හදනවා. ඒ බලකොටුව තුන් පැත්තකින්ම දියවන්නා ඔයෙන් වට වෙලා තිබුණ නිසා හොඳ ආරක්ෂා සහිත ස්ථානයක් උනා. පස්සේ කාලෙකදී කෝට්ටේ බලකොටුව කියලා හැඳින්වෙන්නේ මේ බලකොටුව තමා.

ඉතින් මේ අලගක්කෝනාර සෙනෙවියා ආර්ය චක්‍රවර්තින් ට පහර දීලා බටහිර මුහුදුබඩ ප්‍රදේශයම තමන් යටතට ගන්න සමත් වෙනවා. මෙයින් උදහසටත් පරාජයටත් පත් වෙන ආර්ය චක්‍රවර්ති උතුරේ සිට හමුදා දෙකක් එවනවා, එකක් ගම්පලටත් අනෙක මුහුදින් කෝට්ටේටත්.  ඒත් ඒ සේනා දෙකම පරාජයට පත් කරන්න අපේ හමුදාවන්ට හැකි වෙනවා. කොහොම උනත් වික්‍රමබාහු රජතුමා නාමිකව රජ කමේ හිටියත් නියම විදියට රාජ්‍ය පාලනයේ යෙදුනේ අලගක්කෝනාර කියලා කීම සාධාරණයි.

ඉන් පස්සේ රජ වෙන්නේ වික්‍රමබාහු III රජුගේ සොහොයුරියගේ පුත් බුවනෙකබාහු V (ක්‍රි. ව. 1374 - 1392) රජතුමා. ඔහුගේ පියා අලගක්කෝනාර බවට මතයක්ද තියනවා. මේ කාලයේදී නැවතත් ආර්ය චක්‍රවර්ති මුහුදින් සහ ගොඩබිමින් සේනා ඒවා සිංහල පාලන ප්‍රදේශ අල්ලා ගන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ බුවනෙකබාහු රජතුමා අගනගරය සහ තමන්ගේ ජනතාව අතහැර රයිගමට පලා ගොස් සැඟවෙන නිසා ඔහු බියගුළු රජෙක් හැටියට හඳුන්වනවා. මෙවරත් සතුරාට විරුද්ධව සටන් කර ඔවුන් පලවා හැරීමට සමත් වෙන්නේ අලගක්කෝනාර ඇමති. මේ නිසා නාමික රජවරුන් ගේ කාර්ය භාරය තමා විසින් ඉටු කරමින් සිංහල උරුමය බේරා ගැනීමට කැප වූ අලගක්කෝනාර වීරයෙක් හැටියට සැළකෙනවා. ඔහුගේ මරණයෙන් පස්සේ ඔහුගේ පුත් "කුමාර අලකේශ්වර" බලයට පැමිණුනත් ඒ සමගම ඔහුට විරුද්ධ වෙන "වීර අලකේශ්වර" (අලගක්කෝනාර ගේ සොයුරියගේ පුතා) ඔහුගෙන් බලය පැහැර ගන්නවා. වීර අලකේශ්වර බලයට පැමිණීමත් සමගම ඔහුගේම බාල සොහොයුරු "වීරබාහු" ඔහුට විරුද්ධ වෙන නිසා දෙදෙනා අතර සටනක් රයිගමදී පවත්වනවා. එයින් පැරදෙන වීර අලකේශ්වර රටින් පලා යන අතර දිනුම ලබන්නේ වීරබාහු. ඒ අනුව වීරබාහු II රජතුමා (ක්‍රි. ව. 1392 - 1397) ට රජකම හිමි වෙනවා.

වීරබාහු II රජතුමා ශක්තිමත් පාලකයෙකු උනත් නොපැහැදිලි හේතුවක් නිසා ඔහු 1397 දී මිය යනවා. එය වීර අලකේශ්වරගේ සැළසුමක් නිසා වූ බවටත් මතයක් තියනවා. ඉන්පසුව ඔහුගේ පුතුන් දෙදෙනා විසින් රාජ්‍ය පාලනය ආරම්භ කළත් නැවතත් මෙරටට එන වීර අලකේශ්වර විජයබාහු VI (ක්‍රි. ව. 1397 - 1409) නමින් රජ වෙනවා. විජයබාහු VI රජුගේ බිසව තමා සුනේත්‍රා දේවී. ඇය වික්‍රමබාහු III රජුගේ දියණිය හැටියට සැළකෙනවා. මේ දෙපළට ඉන්නවා පුතුන් දෙදෙනෙක්. ඉතින් විජයබාහු රජතුමා මෙහෙම රට පාලනය කරමින් ඉන්න අතරේ අපේ රටට එල්ල වෙනවා අලුත්ම සතුරු තර්ජනයක්. ඒ චීනයෙන්.

 චීන අධිරාජයා දකුණු දිග රටවල් සංචාරය කරන මුවාවෙන් නැව් විශාල සංඛ්‍යාවකින් යුක්ත හමුදාවක් පිටත් කලත් ඒකේ යටි අරමුණක් වන්නේ දන්ත ධාතුව පැහැර ගැනීම බවට මතයක් තියනවා. මේ හමුදාව ලංකාවට මිතුරු වේශයෙන් ගොඩ බැස්සත් විජයබාහු රජතුමාට යම් වෙනසක් තේරෙනවා. මේ නිසා චීනුන්ට විරුද්ධ වීමට තීරණය කිරීමත් ඒ තීරණය චීනුන් විසින් දැන ගැනීමත් නිසා වහාම යුද්ධයක් ඇවිලී යනවා. කොහොමහරි අවසාන ප්‍රතිඵලය වෙන්නේ විජයබාහු රජතුමා ඇතුළු පිරිසක් සිරකරුවන් විදිහට චීනයට රැගෙන යාම. මෙවෙලේ සුනේත්‍රා දේවී සහ දරුවන් දෙන්නා විදාගම තෙරුන් ලඟට පලා ගොස් රැකවරණය ලබනවා.

මේ අතරවාරයේ ලංකාවේ රජ කරන්නේ පරාක්‍රමබාහු ඈපා (ක්‍රි. ව. 1409 - 1412) නම් අයෙක් බව සඳහන් උනත් ඒ ගැන නිශ්චිත තොරතුරක් කියන්න අමාරුයි. චීනයට රැගෙන ගිය පිරිස මරා දැමීමට තරම් චීන අධිරාජයා සැහැසි නොවන නිසා ඔවුන්ට ජිවිත දානය ලැබුනා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතර විදාගම තෙරුන් ඇසුරේ ඇති දැඩි වෙන විජයබාහු රජුගේ පුතුන් දෙදෙනා හොඳ අධ්‍යාපනයක් ලබනවා වගේම යුධ ශිල්පත් හදාරනවා. මේ කුමරුවන්ගේ කුඩා කාලය ගැන තොරතුරුත් විවිධාකාරයෙන් තැන් තැන් වල සඳහන් වෙන නිසා හරියටම නිවැරදි තොරතුරක් සොයා ගැනීම අපහසුයි. කොහොම උනත් රටේ මී ළඟ පාලකයා විදිහට පරාක්‍රමබාහු VI (ක්‍රි. ව. 1412 - 1467) නමින් රජ වෙන්නේ මේ වැඩිමහල් කුමරු බවට සඳහන් වෙනවා. එතුමා අවුරුදු තුනක් පමණ රයිගම වාසය කිරීමෙන් පසු කෝට්ටේ අග නගරය බවට පත් කරගන්නවා. ඒ නිසා අලගක්කෝනාර විසින් තැනූ කෝට්ටේ බලකොටුව, රාජධානිය බවට පත් කරගන්නේ පරාක්‍රමබාහු VI රජතුමා.

පරාක්‍රමබාහු VI රජතුමා ලංකා ඉතිහාසයේ වැදගත් රජ කෙනෙක්. ඔහුගේ බාල සොහොයුරා යුව රජ වශයෙන් "මායාදුන්නේ" ප්‍රදේශයේ වාසය කරනවා. පරාක්‍රමබාහු රජුට සහ කීරවැල්ලේ බිසවට ලෝකනාථා නමින් දියණියක් ලැබෙනවා. ගොඩක් අය දන්නා විදිහට ඇය "උලකුඩය දේවිය" නමිනුත් හැඳින්වෙනවා.  මේ රජතුමා කරපු වැදගත්ම කාර්යයක් තමයි ලංකාව එක්සේසත් කිරීම. ලංකාව අවසාන වරට එක්සේසත් කරපු රජතුමා වෙන්නෙත් මෙතුමා තමයි. මේ එක්සේසත් කිරීම එතුමා පටන් ගන්නේ වන්නියෙන්. ඒ වෙද්දී වන්නි ප්‍රදේශ වල ස්වාධින පාලකයින් 18 ක් පමණ ඉඳලා තියනවා ලු. මුලින්ම ඔවුන් එක්ක සටන් කරලා ඒ ප්‍රදේශ තමන් යටතට ගන්න පරාක්‍රමබාහු රජතුමා කටයුතු කරනවා.

ඒ විදිහට රට තරමක් ස්ථාවර උනාට පස්සේ තමයි උතුරේ ආර්යචක්‍රවර්තින් ට පහර දීම සැලසුම් කරන්නේ. ඒ සඳහා රජතුමා පිටත් කරන්නේ ඔහු හදාගත් පුත්‍රයෙක් විදියට සැළකෙන සපුමල් කුමරු. ඔහු උතුර ජය ගැනීමේ කාර්යය සාර්ථකව නිම කරනවා. ජයග්‍රාහී ළෙස කෝට්ටේට පැමිණි කුමාරයාට ගෞරව නම්බු නාම සහිත සැලකිළි ලබා දුන්නාලු. මේ අතරේ උඩරට කැරැල්ලක් ඇති කරපු ජෝතිය සිටුවරයා පරාජය කිරීමට සපුමල් කුමරාගේ සොහොයුරා වන අම්බුලුගල කුමාරයා පිටත් කර හරිනවා. මේ ආකාරයට නැවතත් ලංකාව එකම ධජයක් යටතට ගැනීමට හයවන පරාක්‍රමබාහු රජතුමාට හැකි වෙනවා.

මේ කාලය සාහිත්‍ය පැත්තෙනුත් ඉතා දීප්තිමත් යුගයක්. රජතුමාත් සාහිත්‍යට ලොකු අනුග්‍රහයක් දැක්වුවා ලු. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් "සැළලිහිණි සංදේශය" ලියන්නෙත් මේ කාලයේදී, උලකුඩය දේවියට පුතෙක් ලබා දීමේ පරමාර්ථයෙන්. මේ සංදේශ කාව්‍යයේ අනුහසින්ද කියන්න දන්නේ නැති උනත් දේවියට පුතෙක් නම් ලබුනවා. ඒ කියන්නේ පරාක්‍රමබාහු රජුට මුණුබුරෙක් ලැබෙනවා. අවුරුදු පනස් ගණනක් සාර්ථකව රට පාලනය කළ හයවන පරාක්‍රමබාහු රජතුමා මිය යාමෙන් පසු රාජ්‍ය හිමි වන්නේ මේ මුණුබුරාට. ඔහු ජයබාහු II (ක්‍රි. ව. 1467 - 1472) නමින් රජ වෙනවා.

මින් පසුව කෝට්ටේ තොරතුරු ගැන අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.


41 comments:

  1. එක වෙන්න තිබ්බ ආසාව ඉස්ට උනා දෝ හෝයි බලමු.. හැක්..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලා නේද මචෝ

      Delete
    2. වෙලා වෙලා :) ලග හිටියනම් පාන් රාත්තලක්වත් අරන් දෙනවා...

      Delete
  2. සයුරි ඔබේ මේ ඉතිහාස පාඩම නම් බොහොම වටිනවා... ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේක කියවන ඔබ වගේ අයටත්...

      Delete
  3. //බාල සොහොයුරා යුව රජ වශයෙන් "මායාදුන්නේ" ප්‍රදේශයේ වාසය කරනවා//
    ඒ මොන ප්‍රදේශයද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා
      මායා හිටියෙ සීතාවක නේද.... මට මතක එහෙම

      Delete
    2. පෘතුගීසින්ගෙ කලෙ හිටපු මායාදුන්නෙ හිටියෙ සීතාවක තමයි. ඒත් පෝස්ට් එකේ මායාදුන්නෙ කියල ප්‍රදේශයක් සදහන් වෙනවා. මට දැනගන්න ඕනැවුනෙ ඒ කුමක්ද කියල

      Delete
    3. මම හිතන්නේ "මායාදුනු" කියලා ප්‍රදේශයක් තිබිලා තියනවා ප්‍රා. මායාදුන්නේ කියලා ලියපු නිසා පැටලෙන්න පුළුවන්. මම ඒක හදන්නම්. බොහොම ස්තුතියි.

      Delete
  4. මං ඉස්සර නං ඉතිහාසයට ආසයි. දැං ආස නැහැනේ...

    ReplyDelete
    Replies
    1. මොකක් හරි කක්කා, චූ කතාවක් ලියුවනම් කෙළ හලගෙන කියවලා කමෙන්ට් විස්සක් තිහක් දාලා යන්න තිබුනා නේද බන් ? කොහෙද මේ සයුරිලා කවදාවත් වැඩකට ඇති දෙයක් ලියනවයෑ.. මේ සයුරිලා වගේ උන්ව බ්ලොග් පොලෝසියට රපෝර්තු කරනන් ඕනා.. නැද්ද මන් කියන්නෙ ?

      Delete
    2. සීඅයිඒ එකටවත් කියල බලමු

      Delete
    3. සීඅයිඒ කාරයො මොක්කුද බං. මම කියන්නෙ ලංකාවෙ පොලෝසිය තමයි හොඳම. අපි උන්ට කියමු. (හැබැයි ළගට යන්න එපා දේශා, උන් වෙඩිතියනව. මේ දවස්වල උන්ට අළුත් සෙල්ලම් බඩුවක් හම්බවෙලා මෑන්ස්ල මැරෙන තරමට කිතිකැවිල ඉන්නෙ)

      Delete
    4. හෙහ් හෙහ්...අනේ සමා වෙලා ඔය පොලෝසි වලටනම් කියන්න යන්න එපා. කියලා වැඩක් නෑ අප්පා...:) චූ කතා වලට සෑහෙන ඉල්ලුමක් නේ තියෙන්නේ..මමත් දක්කා ඔය වෙඩි තියපු කතාව. හැබැයි වැඩි විස්තරනම් දන්නේ නෑ.

      Delete
  5. චීනෙ අපිව ආක්‍රමණයක කළා කියලා අදනෙ දන්නෙ..

    ඊට පස්සෙ කරපු එක්සේසත් කිරීමත් වන්නියෙන්මයි නේද පටන් ගන්නෙ.. ?


    දැන් නම් ළඟ ළඟම එනවා නේද ?

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි..ඔව් නේ තව එක්සේසත් කිරීමක් උනා නේ මේ ලඟදි. ඒකත් කෙරුවේ රජෙක් නේ. මම ලිපියේ කියපු කතාව වැරදිද මන්දා එහෙම බලනකොට :)

      Delete
  6. සත්‍යවශයෙන්ම සයුරි දිරිමත් කලයුතුයි සෙන්නා කීවාසේ. මේවයෙ වටිනාකම කොයි වෙලාවෙ හරි දැනේවි.!

    ReplyDelete
    Replies
    1. මේ ඔයාලා කරන්නේ ඉතින් දිරිමත් කරන එක තමා වී අයියේ.

      Delete
  7. ඒ ලොකූ මේ චීන ආක්‍රමණ ගැන අපිට ඉස්කෝලෙදිවත් ඉගැන්නුවේ නැහැනේ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. හැබෑට? ඉතිහාස වෙලාවේ පන්තියේද හිටියේ? ඇත්තම කිව්වොත් මටත් මතක නෑ.

      Delete
  8. සුපිරි ඉතිහාස පාඩමක්!

    ReplyDelete
  9. අරාක්ෂිත ස්ථාන සොයමින් ගිය පස්වන බුවනෙක බාහු රජතුමා විසින් සීතාවක ගම පිහිටුවමින් ඒ ආශ්‍රිත ප්‍රෙද්ශය තොරා ගැනීමට තැත් කළබවත් , එ සමගම මධ්‍යකඳුකරයේ කඳුවලලුවලින් ආවරණය වූ වර්තමාන පින්නවල මැද්දෙගම ආශ්‍රිතව ගමක් ඉදි කළ බවටත් ඇති විස්තර සයුරිට හමුවෙලා තියනවා ද ? මේ විස්තර මා ඉදිරිපත් කළෙ ප්‍රෙද්ශයේ පවතින ජනකතා ආශ්‍රය කරමින් බව සලකන්න. සයුරිගේ වෑයම ඉතාම වටිනා එකක්

    ReplyDelete
    Replies
    1. ඒ විස්තරනම් මට හමු උනේ නෑ මම හිතන්නේ. එහෙම මග ඇරුණු විස්තර මෙහෙම කමෙන්ට් වලින් ලියන එක බොහොම වටිනවා. ස්තුතියි ඔබට. ගොඩක් වෙලාවට ජනප්‍රවාදයේ එන දේවල් මගේ අතින් ලියවෙන්නේ නෑ. ඉතින් වැඩි විස්තර දන්නා කෙනෙක් ඒවා අපිත් එක්ක බෙදා ගන්න කියලා ඉල්ලනවා.

      Delete
  10. රටක හරියාකාර බලගතු පාලකයෙක් නැති වුනාම නීතියෙ ආධිපත්‍ය නැතිවුනාම වඩාත්ම අසරණ වෙන්නෙ ඒ රටේ ජීවත්වන සාමාන්‍ය ජනතාව. ගොවිතැනක් කරගෙන ඈත ගම්වල ජීවත් වුනු මිනිස්සු මේ දේශපාලන වියවුල් නිසා පීඩාවට පත්වන්න ඇති, ඔවුන්ටත් වඩා නගරවලට සමීපව හිටපු මිනිස්සු. සමහර විට දෙතුන් දෙනෙකුටම අයබදු ගෙවන්න සිදුවෙන්න ඇති. හරියට අර 87-89 කාලෙ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආණ්ඩුවෙ නීතිවලටයි කැරළිකාරයොන්ගෙ නීතීවලටයි මැදිවුනු ගම්වල අහිංසක මිනිස්සු වගේ. ඒ අතින් බැලුවම රටක් එක්සේසත් කරනව කියන්නෙ මිනිස්සුන්ට සැනසුම් සුසුම් හෙළන්න පුළුවන් යුගයක ආරම්භයක්. හයවෙනි පරාක්‍රමබාහු රජතුමාට ඒ පිනම ඇති.


    අපේ ඉතිහාසය පොතේ තිබුනු ඉතාම විචිත්‍ර යුගය ඉදිරියට. සිල්වා උන්නහැහෙ විජයබා කොල්ලය සුනේත්‍රා ලියපු කුමන්ත්‍රණ සටන් ආක්‍රමණ නරිනාටකවලින් ගහන කාල‍ෙ. අපි ඉතිං ඕලෙවල්වලට ඉතිහාසයට ඩී එකක් ගන්න ඉතිහාසය ඉගෙන ගෙන ඒක එතනින් අමතකකරපු පරම්පරාවෙ දරුවොනේ. ඉතිං සයුරි ඇන්ටිලා (:)) වගේ උදවිය මේවා ලියන එකත් ලොකු දෙයක් ආයෙ කියවල බලන්නවත්, නැතුව ඉතිං අපි හොයන් ගිහින් ඉතිහාස පොත් කියවනවයැ.

    ReplyDelete
    Replies
    1. හම්මෝ මෙයා දැකපු කල්. කොහෙද ගිහින් හිටියේ?

      හරියටම හරි DDT, ඔය හැම එකෙන්ම ප්‍රශ්න එන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තමයි. දැන් කාලේ උනත් එහෙමනේ. මමත් කැමතිම යුගයක් තමා ඉස්සරහට එන්නේ.

      අම්මපා DDT සීයා මට ඇන්ටි කිව්වා? :O සබෝර්ම කාපිය :D

      Delete
  11. ඒ කියන්නේ චීන්නු අපිව ආක්‍රමණය කරලා තියෙන්නේ මේ දැන් ඉන්න මහින්දත් රජ වෙන්න කලින් ඉස්සර රජ කාලේ ඉඳන්මයි.ඔයා කරුණු ඇත්තටම අර උඩින් දිනේෂ් කියලා තියෙනවා වගේ අපිට ඉස්කෝලවල කියලා දීලා නැත්තේ මොකද? අපිට චිනේ ගැන කියලා දීලා තියෙන්නේ 5සියවසේ මෙහෙට "ඉබන් බතුතා "කියලා දේශගවේෂකයෙක් අවා කියන එකයි.අනාදිමත් කාලෙක ඉඳන්,පුරාණ "සේද මාවතේ" හිත මිතුරු රටක්ය කියන එකයි විතරයි නේ.

    චීන්නු කරපු ආක්‍රමණ ගැන කියලා දෙන්නේ නැතිව බටහිර ආක්‍රමණ ගැනයි,ඉන්දියානු ආක්‍රමණ ගැනයි විතරක් අපිට කියලා දුන්නේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලේදී අපිට චිනේ විරුද්ධව වේවි කියන බයටද දන්නෙත් නැහැ.

    එක අතකට චිනේ අපිව දැනටමත් ආක්‍රමණය කරන් යනවා.හරියට "නව යටත් විජිත වාදය"වාගේ.මිතුරු වෙසින් ඉන්නේ.හැබැයි අපිට නොපෙනෙන්න,නොදැනෙන්න ආර්ථිකමය,සාමජිය විදියට යටත් කරගෙන යනවා.
    දකුණු ආසියානු කාලපයේ ඉන්දියාව හැරුණු කොට අනික් රටවල් ඔක්කොටම වගේ චීන අතපෙවීම් තියෙනවා. එත් කවදා හරි දවසක අපේ ඉතිහාසය ඉදිරියට ලියවෙනකොට චිනේ අපිට කළේ යහපතක්ම විතරක් කියලා ලියවේවි.

    දැන් ඉතින් ඊගාව පාඩම කොයි කාලේද එන්නේ ?

    ReplyDelete
    Replies
    1. //ඒ කියන්නේ චීන්නු අපිව ආක්‍රමණය කරලා තියෙන්නේ මේ දැන් ඉන්න මහින්දත් රජ වෙන්න කලින් ඉස්සර රජ කාලේ ඉඳන්මයි//

      පට්ට කතාව. :D

      බලාගෙන යනකොට ඒකත් හරි. චීනේ හීන් නූලෙන් කරන්නේ එහෙම වැඩක් වෙන්නත් බැරි නැහැ. මේ කියන චීන ආක්‍රමණය ඉස්කෝලේ ඉගැන්නුවද කියලා මටත් මතක නෑ. හැබැයි ඒ කාලේ උගන්නපු ඉතිහාසෙ මට මතකම නැති තරම්. ඊ ගාවපාදම ඉතින් තව මාසෙකින් වත් දාන්න ඕන. :)

      Delete
  12. මම කියවන්න ආසාවෙන්ම හිටපු යුගයක් ගැන චීච අඩුවෙන් ලියපු එක ගැන නම් බලවත් විරෝධය..හයවෙනි පරාක්‍රමබාහු රජතුමා ගැන මීට වඩා ලියන්න තිබුනා සයුරි..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත රූ. මේ ලිපිය ගොඩක්ම සංක්ෂිප්ත කරන්න සිද්ධ උනේ මේ යුගය ගැන හමු වෙන තොරතුරු වල තියන පැටලිලි සහගත බව නිසාමයි. එකකට එකක් පරස්පර විරෝධී තොරතුරු. මොකක්ද හරි කියලා හිතාගන්නත් බැහැ.

      Delete
  13. ලංකා ඉතිහාසයේ පැටැලිලිම කොටස කියලා කිව්ව හැකිනේ.

    පරාක්‍රමබාහු ගැන තව කියවුනානම් හොඳයි. ඒ කාලේ මතක තියෙන්නේ එයා ගැන විතරද කොහෙද?

    මේකට ටීචර්ත් වගකියන්ට ඕනි. හිටපු ගමන් ඇවිත් ඉතිහාසේ කියලා දෙනවා. ඒත් අපිට ඉවර කරපු තැන ඉතිහාසේ මතකත් නෑ...:D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පැටලිලිම කොටසක් තමා. :D මතක ශක්තිය වර්ධනය කර ගැනීමට වෙද මහතෙක්වත් හමු වෙලා බලමුද පොඩ්ඩි ?

      Delete
  14. මට වගේම අනෙක් අයටත් කමෙන්ට්ස් දාද්දි අමාරු දැනෙනවද? මම හය පාරක් විතර ට්‍රයි කරලා කමෙන්ට් එකක් දාගන්නේ....:(

    ReplyDelete
    Replies
    1. ටිකක් වැඩිපුර ට්‍රයි කරා කියල මුකුත් වෙන්නෑනේ.. හැක්..

      Delete
    2. ඔව් මොකක්ද අවුලක් තියනවා... දෙතුන් පාරක් දඟලන්න ඕනා...

      Delete
    3. හයියෝ... එහමත් එකක් තියද? :(

      Delete
  15. උලකුඩය දේවිය විවාහවුනේ නන්නූර්තුනය කියන ඇමැත්තෑය එක්ක නේද...???
    අනික තමා
    සපුමල් ගොයිය ටැමිල් බුවෙක් කියලත් තැං තැං වල තියෙනව නේද

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ එයාගේ මුල් නම "සුන්දර පාණ්‌ඩ්‍ය". පස්සේ ඔය නමින් පැරකුම් රජුට අගමැති උනාලු. අහ් ඔව් ඔව් සපුමල් ගේ තාත්තා දෙමල කියලා කියනවා. හරියටම ෂුවර් නැති නිසා ලිව්වේ නෑ ඕන්. මහේෂ් හොඳ ඉතිහාස කාරයෙක් වගේ :)

      Delete
  16. කෝට්ටේ යුගය බෙහෙවිනම් ප්‍රචලිත වුනේ සිංහල සාහිත්‍ය යේ ස්වර්ණමය යුගයක් විදියට. විශේෂයෙන්ම උගත් හිමිවරුන් බිහිවිම එක හේතුවක් වෙන්න ඇති. අනෙක් අතට ඒකාලෙ වෙනකොට දේශගවේෂකයන් විදියට ආක්‍රමණිකයක් බොහෝ සේ ලංකාවට ආවා ඒනිසාම යම්යම් ව්‍යාකූල තත්වයන් තිබුණා වෙන්න පුලුවන්

    තවත් අපූරු කාල පරිච්ඡේදයක් සයුරිගෙන්

    ReplyDelete
    Replies
    1. //විශේෂයෙන්ම උගත් හිමිවරුන් බිහිවිම එක හේතුවක් වෙන්න ඇති//
      ඇත්ත තමා. මේ සාහිත්‍ය පුනරුදයට ගොඩක්ම හේතු උනේ තොටගමුවේ ශ්‍රී රාහුල, වෑත්තෑවේ හිමි වගේ උගත් හිමිවරු බිහි වීම වෙන්න ඕනේ.

      Delete
  17. බොහෝ වටිනා සටහනක් නංගී. ඉතිහාසෙ දැන් ඉන්න දුවල පුතාලා දන්නෙ නෑ. එයලට මේ සටහන් හරිම වටිනවා. වෙහෙසගෙන කාලය ගෙන මේ කරගෙන යන කාර්යය බෙහෙවින්ම අගය කරනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...