Thursday, July 3, 2014

චූටි අයියගෙ කතා

මේ පහන්යාය කියවන මගේ යාළුවො සෙට් එකට මතකද දන්නේ නැහැ මම ඉස්සර (ඉස්සර කිව්වේ ඉස්සරෝම ඉස්සර) ලොකු අයියගෙ කතා කියලා ලිපියක් ලිව්වා. එතනදි තමයි මම මුලින්ම අපේ ලොකු අම්මගෙ පුත්තරයෝ හතර දෙනා ගැන මූලික හැඳින්වීම කරේ. එහෙම කිව්වට කාටදෑ මතක? ඒ දවස් වල හිටපු රසික සභාවයි දැන් රසික සභාවයි අතරේ සෑහෙන වෙනස්කම් තියනවනේ. ඉස්සර හිටපු සමහරු ආ ගිය අතක් නැහැ. දැන් ඉන්න ගොඩක් දෙනා පහන්යායට ටිකක් විතර අලුත්. එදා ඉඳලා අද වෙනකන්ම මේ පැත්තේ එන ටික දෙනෙකුත් ඉන්නවා. ඒ අයටනම් සමහරවිට මතක ඇති. ;)

ඉතින් මේ හතර දෙනා හතර විදියක්. ලොකු අයියා ගැනයි රාජ් අයියා ගැනයි වෙන වෙනම ලිපි දැම්මා. අද කියන්න යන්නේ මේ කට්ටියගෙන් බඩපිස්සා වෙච්ච චූටි අයියා ගැන. මෙයා තමා පවුලේ රැඩිකල් චරිතය රඟපෑවේ. විශේෂයෙන්ම විවාහයේදී :D.  කියන්නම්කො ඉස්සරහට.

මම පොඩි කාලේ ලොකු අම්මලාගේ ගෙදර ගියාම මෙයාගේ වැඩේම මාව බයිට් එකට අල්ලගන්න එක frustrated. එක්කෝ දතක් හැලිලා කියයි, නැත්නම් නහය දික් වෙලා කියයි. මාත් ඉතින් අත අරින්නෙ නැහැ. එකට එක, තකට තක තමා smug.

චූටි අයියා උසස් පෙළට කරේ මැත්ස්. ඒ කාලේ ඉතින් එයා පිටු පුරවලා ලියලා තියන සයින්, කොස්, අවකල, අනුකල අරවා මේවා අපිට හෙන මැජික් වගේ. පස්සේ විශ්ව විද්‍යාලයටත් තේරුණා, මට මතක හැටියට පිසිකල් සයන්ස් වලට. පස්සේ HNDE කෝස් එකත් කරා. කෝම හරි ඒ පවුලෙන් ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවකට ගියපු එකම කෙනා තමයි චූටි අයියා. දැන් වැඩ කරන්නේ වෝටර් බෝඩ් එකේද කොහෙද. ඉතින් චූටි අයියගේ මේසේ උඩ කොයි වෙලාවකවත් අර අමුතු අමුතු ග්‍රීක් වගේ මැත්ස් ලියපු කොල වලින් නම් අඩුවක් උනේ නෑ. එහෙ ගියාම මගේ වැඩේම ඕවා අවුස්සලා බලන එක.

ඉතින් එක දවසක් ඔහොම එයාගේ මේසේ අවුස්සද්දි මට අහු උනා නියම භාණ්ඩයක්. අයියගේ ඩයරිය. "අපෝ අනුන්ගේ ඩයරි බලන එක නරක වැඩක්". එහෙම හිතෙන්නේ දැන් නේ. ඒ කාලේ ඕවා හිතුන එකක්යැයි. මම ඉතින් ඒක හොඳ හැටි කියෙව්වා. අප්පා...තියෙන්නෙම විෂයානුබද්ධ කරුණු. මලවි ගේ සබ්ජෙක්ට් එක batting eyelashes. අරයට ලියුම් දිපුවයි, මෙයාගෙන් ලැබුණ ලියුම් ආපහු එයාටම බාර දීපුවයි ඕවා තමයි ඉතින් වැඩි හරියක්. කොහොම උනත් අන්තිමට බැඳපු අක්කානම් අර ඩයරියේ හිටපු කෙනෙක් නෙමෙයි මට මතක හැටියට. මම ඕක කියෙව්වා කියලා කාටවත් කියන්න ගියේ නෑ ඉතින්.

එක එක්කෙනා බැඳලා පවුලෙන් අයින් වෙලා ගියාට පස්සේ ගෙදර ඉතුරු උනේ ලොකු අම්මයි ලොකු තාත්තයි චූටි අයියයි විතරයි. අයියටත් රස්සාවක් එහෙම හම්බ වෙලා තමයි හිටියේ ඒ දවස්වල. හැබැයි ඉතින් තමන්ගේ වැඩ ගැනම හොයනවා මිසක් ගෙදරට දායකත්වයක් නැතිලු මෙයාගෙන් rolling eyes. මට මතකයි ලොකු තාත්තා දවසක් කිව්වා "ගෙදරට සබන් කෑල්ලක්වත් ගේන්නේ නෑ නේ මේ ළමයා" කියලා. මම හිතන්නේ පස්සෙ පස්සේ ඒවා හරි යන්න ඇති.

ඉතින් රස්සාව එහෙම සෙට්ල් උනාට පස්සේ ඉස්සරහට එන්නේ කසාදෙ නේ. ලොකු අම්මලට ඔය වැඩේට මහන්සි වෙන්න ඉඩ නොතියා මෙයාම හොයාගත්තු මනමාලි ගැන ඔන්න ගෙදරට කිව්වා. උගත් කම, රස්සාව ඔක්කොම හොඳයි, පොඩි පරහකට තිබුණේ ආගම. අක්කා කතෝලික. පොඩි කියලා කියන්නත් බෑ ඉතින්. අපේ ලොකු අම්මලා මොනවා නැතත් විවාහ කටයුතු වලදී තිතටම ඔය ආගම, ජාතිය එහෙම බලනවා. දැන් ඉතින් කේස් worried. රාජ් අයියගේ කතා කියවපු අයට සමහරවිට මතක ඇති එයා ගෙදරින් කියපු නිසා නෙලූ අක්කගේ සම්බන්ධෙ නවත්තපු හැටි. ඉතින් චූටි අයියත් එහෙම කළා කියලා ඔයාලා හිතනවද? මොන පිස්සුද? එහෙම පුතයෙක් නෙමෙයි මෙයා. අන්තිමේ කොහොමහරි ජය ගත්තා. දෙන්නගේ වෙඩින් එක පල්ලියෙත් අරගෙන පෝරුවෙත් නැගලයි නැවතුනේ love struck.

                                                           ~~~~~~~~~~~~~~~~~~~~

මේ වෙද්දී ලොකු තාත්තානම්  අපෙන් සමු අරන් ගිහින්. මම දවසක් එල්ලෙන හොල්මන කියලා ලිපියක් ලිව්වේ මේ ලොකු තාත්තගේ මළ ගෙදර දවසේ වෙච්ච සිද්ධියක් ගැන තමයි. ලොකු තාත්තා මම දැකපු හරිම සුන්දර මනුස්සයෙක්. තව ටිකක් කල් අපිත් එක්ක හිටියනම් කොයි තරම් දෙයක්ද කියලා හිතෙනවා. ස්වාමියෙක්, පියෙක් විදියට හරිම හොඳ කෙනෙක් කියලයි මට හිතෙන්නේ. ලොකු අම්මව දැකලා ලස්සනයි කියලා හිතිලා වෙන්න ඇති (ඇත්තටම ලස්සනයි තමා. අපේ ලොකු අම්මා හරියට ඔෂින් වගේ :) ආත්තම්මයි සීයයි හම්බ වෙලා කෙලින්ම ඒ ගැන අහන්න තරම් පෞරුෂයක් ලොකු තාත්තට තිබිලා තියනවා (කතාවටනම් කියන්නේ කෙලින්ම ලොකු අම්මගෙන් ඇහුවනම් කනේ පාරක් කන්න වෙන හින්දා කියලා). ඉතින් ඒ කාලේ වයස 16 ක් වෙච්ච පොඩි කෙල්ලව ලොකු තාත්තට දෙන්න සීයා එකඟ වෙලා තියෙන්නේ මේ නම් වගකීමක් තියන හොඳ ඉලංදාරියෙක් බව පෙනුන නිසා වෙන්න ඇති.

චාරිත්‍රානුකූලව මනමාලි බලන්න ලොකු තාත්තා දෙමව්පියොත් එක්ක එහෙ ගියාලු. ලොකු අම්මා බුලත් හෙප්පුව ඇල්ලුවට ලොකු තාත්තගේ මූණවත් බලලා නැහැ නේ. මුලින්ම මූණ දැක්කේ පෝරුවට නගින වෙලාවෙදි ලු d'oh. එක අතකට ඉතින් මූන බලලා මක්කරන්නද? මූන නොබලා කැමැත්ත දුන්නා කියලා ලොකු අම්මටනම් කිසිම අවුලක් උනේ නෑ. ටිකක් විතර අග හිඟ කම් තිබුනත් ළමයි 6 දෙනෙකුත් හදාගෙන කලාතුරකින් ලැබෙන විදිහේ හොඳ සැමියෙකුත් එක්ක ජීවත් වෙන්න ඇයට පුළුවන් උනා.

                                                            ~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඉතින් චූටි අයියගේ වර්තමාන තත්ත්වේ ගැන කියනවනම් බොහොම හොඳින් ඉන්නවා කියලා කිව්වැකි. දැන් මේ කපල් එකට පොඩි කෙල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා. ලොක්කී මට හෙනම ආදරෙයි ඉස්සර angel. දැනුත් ආදරේ ඇති, ඒත් ළඟ නෑ නේ ඉතින්. පොඩ්ඩිව දකින්නෙත් පොටෝ වලින් තමා.


66 comments:

  1. අහ්, මට මතකයි මට මතකයි..

    හෆ්ෆේ, මෙයා පහුගිය ටිකේම ඉතිහාසේ ගැනම ලිවුවා මිසක් මේවා එහෙමම අත ඇරලා දැම්මනේ.. මේ පෝස්ට් එකත් එක්ක පරණ කතා විතරක් නෙමෙයි පෝස්ට් එකට ස්මයිලි දාලා ලියන එක පටන් ගත්ත මගේ ඒ පරණ ලොකු අක්කා ආයෙම දකින්න ලැබීම ගැන අප්‍රමාණ සතුටින් මම..

    ReplyDelete
    Replies
    1. දුවගෙන ඇවිල්ල මෙයා... මට නිකන් මැවිලා පෙනුනා අක්කා චොකෝ අරන් එද්දි මල්ලි බට්ටියාට කලින් දුවන් ගිහින් ලොකු චොකෝව උදුරගන්නවා වගේ සීන්කොන් එකක් ^_^ 

      Delete
    2. නෑ නෑ මලයෝ එහෙම අත ඇරලා දාන්නේ නැහැ. :) ආපහු ඉස්සර ලිව්වා වගේ පෝස්ට් ලියන්න ඕනේ. වෙලාව ප්‍රශ්නේ තමා ඉතින් අවුල.

      හිහි...කියලා වැඩක් නෑ නගෝ. මේ දෙන්නා ඉස්සර ඔය චෝකෝ එකට තමා පොර කන්නේ. දැන්නම් බට්ටියා නැහැ. මක් වෙලාද මන්දා අප්පා.

      Delete
    3. හේ හේ මම ආවෝ. ඒක තමයි මදාරා මෙයා දැන් තනියම චොකෝ කාපු කාලෙ ඉස්සරහට ඉවරයි.
      සයුරි අක්කෝ හොඳින් හිටියෙ. බ්ලොග් ලියන්න කියවන්න කම්මැලි උනා නිකම්ම.

      Delete
    4. හම්මෝ...කම්මැලි අලේ. කාලෙකින් දැක්කම සතුටුයි. කොහොමද සැප සනීප?

      Delete
  2. ලොකු අයියගෙ කතාවත් කියවලා තියනවා සයුරි. අද චූටි අයියා ගැනත් කියෙව්වා. ඔයාගෙ ලොකු අම්මා ගැන කියද්දි එයාව බලන්න ආස හිතෙනවා.
    හා.. හා.. චූටි අයියගෙ ඩයරි එක හොරෙන් බැලුවා නේද ඕක නම් එයාට කියන්නම ඕන..:D :D

    ReplyDelete
    Replies
    1. හහා ඔයත් එහෙනම් ලොකු අයියා ගැන කියෙව්වද :D කමක් නෑ එයාට කිව්වොත් මට එයාව බය කරගත හැකි :)

      Delete
  3. අනුන්ගේ ඩයිරි බලන එක හොද වැඩක් නෙවෙයි.. හැක් හැක්.. ඇත්තටම ඒවයේ තියෙන්නෙ මොනවද කියල බලන්න මාත් හොරෙන් කියවල තියනවා..

    ජය වේවා!!!

    ReplyDelete
  4. ඒ කාලේ ඒම තමා නොබැලුවොත් හිතට හරි නෑ වගේ කාගේ හරි ඩයරියක්.. මගේ ඩයරි යාළුවෝ බලල උං මාත් එක්ක තරහ උනත් එක්ක. රාජ් අයියි ලොකු අයියයි ගැන කියවන්න ඕන..

    ReplyDelete
    Replies
    1. //මගේ ඩයරි යාළුවෝ බලල උං මාත් එක්ක තරහ උනත් එක්ක.//
      එකනේ යාළුවන්ට බැනලා උඹ ඩයිරි වල ලියලා ඇති.නැතිනම් උන් එහෙම තරහා වෙන්නේ නැහැනේ අයියණ්ඩියේ.

      Delete
    2. අප්පද බොල, යාළුවො තරහ වෙන්න තරම් මොනවද ඒකෙ ලියල තිබුනේ? ඔව් අනිත් අයියල ගැනත් කියවන්නකෝ වෙලාවක. අර කවුද බෝයි එකේ අයියලා සෙට් එක වගේ තමා.

      Delete
  5. මං නම් ඔය අනුන්ගේ ඩයරි බලන්නේ නෑ ,වැරදිලා වගේ කියෙව්වොත් මිසක් :P

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවේ නෑ අනේ...වැරදිලා කියවුනා :D

      Delete
  6. මංඩ් ඩයරිය ලියන එක නැවැත්තුවෙත් ඔය වගේ හොරෙන් කස්ටිය බලලා මට ඇහෙන්න දන්නෙ නෑ වගේ කියවන නිසාම තමයි ,.. ඔය කිව්වට මගේ අතටත් වැරදිලා වගේ ඔය වගේ එවා සැට් වෙලා තියෙනවා කියවන්න ...

    ReplyDelete
    Replies
    1. හික්ස්...මමත් දැන්නම් ඩයරි ලියන්නේ නැහැ. ඉස්කෝලේ යන කාලේ ලිව්වා. ලියන්න දේවල් නැති උනහම එපා වෙනවා. ඒක එහෙමම අත ඇරිලා ගියා.

      Delete
  7. එක අතකට මූණ දිහා බලා මොනා කරන්ටද හී හී...එහෙනම් ඉතින් බලන්ට ඕනි ඒවා මොනාද කියලත් කීවනං සයුරි....

    ReplyDelete
    Replies
    1. සික් බැන්දට පස්සේ මෙයා නරක වෙලා තියන තරම :D

      Delete
  8. කවුරු කොහොම කිව්වත් තනි පංගලමේ අහුවුණොත් ඕන කෙනෙක් ඩයරි කියවනවා. ඒක අපේ නිරායාසයෙන්ම වගේ සිද්ධවෙන ක්‍රියාවක්. හා නැද්ද කියන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා. මටත් හිතෙන්නේ ඕක මිනිස් ස්වභාවය.

      Delete
  9. සෑහෙන කාලෙකින් හිනා මූනුත්තෙක්ක කටාවක් කියව ගත්තා. සමහර අයියලා ගැන නම් මම මීට කලින් කියවලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔයානම් කියවලා තියනවා තමා...

      Delete
    2. machang sehenna kaaleking :)

      Delete
  10. //අන්තිමේ කොහොමහරි ජය ගත්තා. දෙන්නගේ වෙඩින් එක පල්ලියෙත් අරගෙන පෝරුවෙත් නැගලයි නැවතුනේ
    සුභපැතුම් anyway! :)

    ReplyDelete
  11. යෝජිත විවාහ අසාධාරණයි කියලා හිතන හැමවෙලාවෙම සයුරිගේ ලොකු අම්මගේ කතාව මතක් වෙිවි.සමහර වෙලාවට අර කියන හිමිකාරයා කොහොම හරි හම්බවෙනවනේ..

    ඇත්තට සයුරුගෙයි සයුරිගෙයි කතාව කොහොම ඇද්ද? ;)

    ReplyDelete
    Replies
    1. අලේ...සයුරිගෙයි සයුරුගෙයි කතාවත් මරු කතාවක් තමා. ලියන්න විදියක් නෑ අප්පා. අදාළ පාර්ශව බ්ලොග් බලන හින්දා..පස්සේ සලකලා බලන්නම්කෝ

      Delete
  12. හිකිස්...
    කතා කරල බන්දන එක ඒ කියන්නෙ ගාන්ධර්ව විවාහය කියල සුද්ද දිංහලෙන් කියන එක වෙලාවකට හරියනව වෙලාවකට කෙලවෙනව...
    සයුරි අක්ක දන්නවද විවාහ වර්ග ගැන...
    මට මතක විදියට අටක්ද කොහෙද...
    ඔයා ඉතිහාසෙ දන්න වනෙ
    පුලුවං නං ලියන්නකො


    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඔය විවාහ වර්ග ගැනනම්. ඉතිහාසෙට අදාලද අප්පා විවාහ වර්ග? :0. මමනම් දන්නේ නෑ සිරාවටම.

      Delete
  13. අයියලාගේ පෝස්ටුවක් කියෙවුවා මතකයි....
    චුටි අයියගෙ කතාව සතුටුදායකයිනේ ;)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...සැහෙන සතුටුදායකයි.. :) තව එක අයියයි ඉතුරු.

      Delete
  14. ඔය අයියලා ගැන කතා කිව්වේ මිට අවුරුද්දකය එකහමාරකට විතර කලින් නේ. අපිට ඒව මතකයි අර වෙල අයිනෙ ගහක හොල්මනක් එල්ලපු කතාව එහෙම.

    හිත ගිය තැන මාලිගාව අදාගන්න කවුරුත් දක්ෂයෝ....චූටි අයියත් එහෙම තමයි

    චූටි කාලෙ තිබුණ සමහර බැඳීම් අධ්‍යාපන කටයුතු හමාර කලාට පස්සේ ඈත්වෙනවා. සමහර වෙලාවට නෑදැ පරම්පරාවම හම්බවෙන්නෙ එක්කේ මගුල් ගදෙරකදි නැත්නම් මලගෙදරකදි. ඒකත් පවුලෛ්ම කෙනෙක්ගෙ වෙන්න ඕනේ. නැත්නම් ඒත් නැහැ.හැමෝම සීසිකඩ විසිරිලා ඉන්නේ. අපි කාටත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ පරණ රසිකයෝ...සෑහෙන සතුටුයි මතක තිබුන එක ගැන. අන්තිමට කියපු කතාවනම් ඇත්ත. ඒ බැඳීම් දැන් සෑහෙන දුරට ඈත් වෙලා.

      Delete
    2. දයානන්ද අයියට රසික කියලා කෑල්ලකුත් තියෙනවද?

      Delete
    3. කෑල්ලක් කිව්වේ කොයි වගේ එකක්ද හරී ?

      Delete
    4. මම කිව්වෙ රසික කියලා නමක්.. අපේ ගෙවල් පත්තෙ ඉන්න රසිකට තමයි අපි 'රසිකයා' 'රසිකයා' කියන්නෙ. ඈත ඉඳන් කතා කරද්දි 'රසිකයෝ' කියලා කෑ ගහනවා.

      Delete
  15. හම්මේ සයුරියා මගේ වැස්ස මස්සිනා ගැන සීන් කෝන් ටිකක් මතක් උනා....ලියන්නම් ඔව්....ලගදිම ලියන්නම්

    ReplyDelete
    Replies
    1. වැස්ස මස්සිනා..අඩේ ලියන්නකො. මස්සිනාලගේ කතා මරු. මටත් ඉන්නවා මට වඩා සුට්ටක් වැඩිමල් මස්සිනා කෙනෙක්.

      Delete
  16. ඩයරි කියද්දී මතක් උනේ- මගේ ඩයරිය ඔහොම කවුරුහරි ඇවිල්ල කියෙව්වා නම් පිස්සු හැදිලා ආපහු හැදෙනවා..
    "අද 23 ගියේ W3- 6XX, ස්කුල් ට්‍රේන් එකට ගියේ...." ...ඔය වාක්‍ය දෙක වරදින්නෙම නෑ..
    තව ඉතින් යද්දී එද්දී කවුරු හරි හැප්පුනා නම් ඒක, මග හිටිය නම් එන්ජිමේ නම්බරේ, හොයාගත්ත විදියට හේතුව, ඔක්කොම ලියල තියේ,,.. බ්ලොග් එක ලිව්වා නම් ඒක, ඊළඟට හදපු සර්කිට්, ඒවාට ගිය ගණන් තමා.
    අර විදියේ අයියල සෙට් එකක් ඉන්න එකෙත් සෑහෙන ෆන් එකක් තියනවා නේද සයුරි අක්කේ.. අපේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් හිටියා සිංහල උගන්නන්න. තාමත් ඉන්නවා වෙන්න ඕනේ. එයත් හරියට ඔෂින් වගේ තමා. එයාට ඔෂින් කියාවට එයත් කැමතියි..

    ReplyDelete
    Replies
    1. හිහි...ඉස්සර මම ලියපු ඩයරියත් ඔය වගේ. මෙලෝ රහක් නෑ. කවුරු හරි ඒක හොරෙන් කියෙව්වනම් එහෙම නිකන් අපරාදේ. බලාගෙන යනකොට බ්ලොග් එකත් එක්තරා විදියක ඩයරියක් තමා.

      Delete
  17. මේකි මේ මොනවා කියනවද මන්දා..?:))) මොකෑ අපිට මතක නැත්තෙ.ඕය අයියල ගැන කතා
    ඇත්ත තම්යි රසික සමාජය නම් සෑහෙන්න වෙනස් වෙලා..! හරිම කනගා‍ටුයි ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. හප්පේ පහන්යායේ පරණම රසිකයෝන්ට එහෙම අමතක වෙන්නේ නැති බව මම දන්නවා :)) හරිම සතුටුයි ඒ ගැන. ඔව් අප්පා සමහරු බ්ලොග් ලෝකෙන් හැලිලාම ගිහිලානේ :(

      Delete
  18. මමත් ඩයිරි ලිව්වානේ,ස්කෝලේ යන කාලේ ලීවෙම
    "අද ස්කෝලේ ගියා,අද ස්කෝලේ ගියා,අද ස්කෝලේ ගියා"
    දැන් ලියන්නේ
    "අද office ගියා,අද office ගියා,අද office ගියා"කියලා ඉඳලා,හිටලා ලියනවා අරයාව හබ්බවුනා,මෙයාව හම්බ වුනා වගේ...:D

    හැබැයි චුටි අයියා කරපු දේ හරියටම හරි.තමන් ගැන තීරණේ තමන්ට ගන්න පුළුවන් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හික්ස්...ඔය තියෙන්නේ තවත් මගේ වගේ ඩයරියක්. හොරෙන් කියවන එවුන්ට පණ එපා කරවන ජාතියේ.

      Delete
    2. 'අනුන්ගේ ඩයරි හොරෙන් කියවන්න එපා මනුස්සයෝ ' කියලා එකක් ලිව්වා නම් කොහොමද?

      Delete
  19. අපි කාටත් එහෙමයි සයුරී, එන්න එන්න අපි ඈත් වෙනවා. ළමයි ඉන්නකොට පවුල් වෙනකොට ඒ පරණ ජීවිතේ එහෙමම අමතක වෙනවා. හරිම ආසාවෙන් කියෙව්වෙ. ජයම වේවා! චූටි අයියාට. හිතගිය තැන මාලිගාව හදාගත්තු එක නම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද, එහෙම ඈත් වෙන එක හිතට දුකක් තමයි. මක් කරන්නද ඉතින්.

      Delete
  20. හෙහ්, උඹටත් ඉන්නව එහෙනං චූටි අයියෙක්....:)

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං අයියේ :)

      Delete
  21. සයුරි ඉතිහාසය ගැන පෝස්ට් දානකොට මගේ යටිහිත කියන්නේ Mmm she's out of our league... කියලා. සයුරි මේවගේ පෝස්ට් දානකොට තමයි මතක් වෙන්නේ අඩේ මේකිත් අපි වගේම පෘතජ්ජනයෙක් තමයි නේද කියලා.

    ReplyDelete
    Replies
    1. //he's out of our league.//

      අම්බෝ මාව නිකන් කරකවලා අතාරියා වගේ උනා ඔන්න :)

      නැතුව නැතුව...මමත් ඉතින් ප්රුතජ්ජනයෙක් තමා :D

      Delete
  22. meh meh madam kaatada hint pass karanneh agiya athak nehe kiyala :P ???....(honda welawata adama awa :D )...weda wedyi sehenna,ekayi meh peththe wediya enna wenne neththe...itin itin kohomada sepa duka??...ela kollata ehema lesiyeng yaaluwo amathaka wenne nehe loke kohe hitiyath honde...btw loku aiya gena kalin daapu post eka apita mathakayiii :)

    ReplyDelete
    Replies
    1. කිරි අප්පේ..ඔන්න මමනම් ඔය හින්ට් පාස් කොරන්න දන්නේ නෑ :)

      ආගිය අතක් නෑ කිව්වේ ඔයාට නෙමේ අනේ. අද දකින්නවත් නැති කට්ටියට...එල කොල්ලා එහෙම නෑ නේ. අර හේලිගේ වල්ගා තරුව පෘතුවිය බලන්න එනවා වගේ ඉඳලා හිටලා හරි ඇවිත් යනවනේ :) ඕන් ඒ ගැන මගේ හදපිරි ස්තුතියි එල කොලුස් ට. :)

      Delete
  23. අපි නම් ඉස්සර ඉඳන්ම සයුරි පස්සෙන් එන අයනෙ.. ;)

    ReplyDelete
  24. ලොකු අයියා කියල කිව්වෙ අර කොට්ට උරේ හෝදන්න පුළුවන් දෙයක් කියල දැනං හිටපු නැති එක්කෙනාද? නියම අයියයලා සෙට් එකක්නෙ සයුරිටත් ඉන්නෙ. ඔයාගෙ මේසෙත් ඉස්සර අයින්ස්ටයින්ගෙ මේසෙ වගේ තියෙන්න ඇති නෙහ්

    ReplyDelete
    Replies
    1. ආන් හරි තොටිස් අයියේ එයා තමා. හපෝ අයින්ස්ටයින් වහ කයි මගේ මෙසේ හැටි දැක්කොත්. අපේ අම්මා කියන්නේ ඒක කොල්ලෙක්ගේ පොත් මේසේකටත් වඩා අන්තයිලු.

      Delete
  25. චූටි අයියා හොඳයිනේ. අපේ අයියත් අහිංසකයි හේ හේ මට වඩා.. :D

    ReplyDelete
    Replies
    1. හපෝ මේ බට්ටිද, අහිංසක කියන එකේ තේරුමවත් දන්නවද දන්නේ නෑ...හිහ්

      Delete
  26. සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ. ඉතින් කොහොම ද සැප සනීප? ලොකු අයියගෙ කතාව නම් මට මතකයි. පොඩි අයිය හාත්පසින් ම වෙනස් චරිතයක් වගේ. අතේ ඇඟිලු පහ පස් විදියක් කියල කියනව නේ.

    පහුගිය අවුරුද්දක් විතර කාලයක් බොහොම කාර්යබහුලව තමයි ගෙවුනෙ.
    ඒ නිසා ජීවිතේ ඒකාකාරී බවින් මිදිල ටිකක් කල් නිදහසේ ඉන්න තීරණය කළා. ඉදිරියේ දී නිර්මාණකරණයේ යෙදෙන්නත් අදහසක් තියෙනව. බලමුකෝ :)

    ReplyDelete
    Replies
    1. හලෝ හසල....ඇත්ත ඇත්ත ඇඟිලි පහ එක වගේ උනොත් කිසි ගතියක් නෑ නේ අප්පා..
      නිර්මාණකරණයේ යෙදෙනවානම් අපිටත් කියන්න..අපිත් එන්නම් බලන්න.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...