Tuesday, February 16, 2016

කෝට්ටේ කලබල - රාජාවලිය XXXIX

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආපහු රාජාවලියට බහින්න හිතුනා. මේ "කාලෙකට පස්සේ" කියන එක කල්ප කාලාන්තරේකට පස්සේ කියලා අර්ථ දක්වගත්තත් කමක් නෑ හොඳේ.

කට්ටියට අමතකනම් ඔන්න ගියපාර ලිපියට පාර. ඒක අවසාන උනේ බොහොම දුක් බර විදියටනේ. අර සමුද්‍ර දේවී කුමාරි එයාගේ සැමියා වෙච්ච වීදියබණ්ඩාර අතින් මැරුම් කෑවා නේ. ඉතින් මේ බව රට වැසියාට ආරංචි වෙන්න ටික දවසක් ගියා ලු. මේක දැනගත්තම මුළු කෝට්ටේ නගරයම මළ ගෙයක් වගේ උනා ලු. වීදියබණ්ඩාරත් අන්තිමේදී මේ ගැන පසු තැවුනලු. තමන්ගේ බිරිඳ සැක කරලා මැරුවට පස්සේ එහෙම නොවුනා නම් තමා පුදුමේ.  ඉතින් බුවනෙකබාහු රජතුමාත් තරහෙන් උමතු වෙලා වීදියබණ්ඩාර ගෙන් පළිගන්න හිතුවලු. මේක දැනගත් හැටියේම වීදියබණ්ඩාර කළේ කෝට්ටේ නගරයෙන් පළා යන එක.

මේ වෙද්දි අපි පහුගිය ලිපියෙදි කියපු ඉන්දියාවේ සමොරින් වරයා නැවතත් මායාදුන්නේ රජු එක්ක සමාදාන වෙලා ඔහුට හමුදා පවා එවලලු තිබුනේ. ඉතින් මේ ශක්තිමත් වෙලාවේ කෝට්ටේ ආක්‍රමණය කරන්න ඕනේ කියලා මායාදුන්නේ හිතුවලු. ඒ අනුව දෙස් විදෙස් සේනා කැටුව මායාදුන්නේ කෝට්ටේ ආක්‍රමණය කරන්න පිටත් උනා ලු. මේ වෙලාවේ අසරණ වෙන බුවනෙකබාහු රජතුමා, ආපහු වීදියබණ්ඩාර ගේ සහය පතනවා. ඉතින් වහාම ක්‍රියාත්මක වෙන වීදියබණ්ඩාර සේනා සංවිධානය කරලා පෘතුගීසි හමුදාවත් එක්ක එකතු වෙලා මායාදුන්නේට අන්ත පරාජයක් ලබා දෙනවා.



ඔහොම ටික කාලයක් ගත වෙද්දී බුවනෙකබාහු රජතුමාත් වයසට ගිහින් අබල දුබල තත්වෙට පත් වෙනවා. එතකොට තමයි සිංහාසනයේ මී ළඟ උරුමක්කාරයා කවුද කියන ප්‍රශ්නේ  එන්නේ. රජතුමාගේ කැමැත්ත හිමි වෙන්නේ ඔහුගේ මුණුපුරාට. ඒ කියන්නේ සමුද්‍ර දේවිගේ පුතා "ධර්මපාල" කුමාරයා ට. රජතුමාගේ දෙවන බිසවට පුතුන් දෙදෙනෙක් හිටියත් කලහකාරී ඔවුන්ට රජු ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් රජතුමා දැනගෙන හිටියා මේ තීරණේට මායාදුන්නෙත් අනිවාර්යෙන්ම විරුද්ධ වෙන බව. ඒ නිසා ධර්මපාල කුමාරයාගේ ආරක්ෂාව පෘතුගීසීන්ට බාර දෙන්න හිතලා මේ ගැන කියලා පෘතුගාලයේ තුන්වන ජෝන් රජතුමාට ලියුමක් යැව්වා.

ජෝන් රජතුමාත් ඒ සැනින් පිළිතුරු එවනවා. ඉතින් රජතුමා කරන්නේ ධර්මපාල කුමාරයාගේ රන් අනුරුවක් සාදවා පණිවිඩකරුවන් දෙදෙනෙක් අතේ ලිස්බන් නගරයට යවන එක. ඉතින් පෘතුගාලයේ ජෝන් රජතුමා අතින් මේ පිළිමයට ඔටුනු පළඳනවා. කිතු දහම ලංකාවේ පැතිරවීම ගැනත් මෙවෙලේ රජතුමා කතාබස් කරනවා. බුවනෙකබාහු රජතුමාත් කිතු දහම වැළඳ ගත්තොත් ජනතාව ඔහුව අනුගමනය කරන නිසා එය ඉතාමත් පහසු වෙනවා.



ඉතින් ලාංකිකයින්ගේ සිත් සතුටු කරන්න ඇත් දළයෙන් සැදූ පෙට්ටියක කැටයම් කළ ධර්මපාල කුමරුගේ අභිෂේකයේ සිතුවමක් තෑගි හැටියට දෙනවා. ඒ වගේම ලංකාවේ සිටින පෘතුගීසි පාලකයින්ගේ වැරදිවලට ඔවුන්ට දඬුවම් දීමටත් නීති ස්ථාපනය කරනවා. ලාංකික පණිවුඩකරුවන්ගේ ආපසු ගමනේදී ඔවුන් එක්ක කතෝලික පූජකයින් පස් දෙනෙකුත් පැමිණෙනවා. රජතුමා ඔවුන් හොඳින් පිළිගත්තත් කිතු දහම වැළඳ ගැනීමට එකඟ වෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය ජනතාවත් ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ.

මේ අතරේ ධර්මපාල කුමාරයා කෝට්ටේ මී ළඟ රජ වීමේ පුවත මායාදුන්නේ සහ රජුගේ දෙවැනි බිසවගේ පුතුන්ගේ කන් වලටත් වැටෙනවා. මේ නිසා රජුට මාළිගාව ඇතුළෙත් සතුරන් ඇති වෙනවා. මෙයින් හොඳටම කිපෙන මායාදුන්නේ වහාම සේනාවක් එවනවා කෝට්ටේ ට. මෙවෙලෙත් පෘතුගීසින්ගේ පිහිට පතනවා ඇරෙන්න රජතුමාට වෙන විසඳුමක් ලැබෙන්නේ නැහැ.

මේ අතර දෙවැනි බිසවගේ පුතුන් දෙදෙනාගේ රජකමට ඇති කෑදර කම ගැන දැනගන්නා "ඇන්ඩ්රු ද සූසා" නම් පෘතුගීසි නිලධාරියා ඔවුන්ට උදව් කරන බව කියා මුලින්ම වැඩිමහල් කුමාරයා කිතු දහමට බඳවා ගන්නවා. ඉන්පස්සේ බාල කුමරු "ජගෝබණ්ඩාර" ට කියනවා රජ වෙන්න උවමනා නම් ගෝවට ගොස් කිතු දහම වැළඳ ගන්නා ලෙස. මේ බව ආරංචි වෙන රජතුමා ජගෝබණ්ඩාර කුමාරයාව මරවනවා. මෙයින් බිය ගන්නා වැඩිමහල් කුමරු ගෝවට පැන යනවා. කිතු දහම වැළඳගත් තවත් ලාංකික කුමරුවන් (රජුගේ සොයුරියගේ පුතාත් ඇතුළුව) ඔහුට ගෝවේදී හමු වෙනවා. ගෝවේ පාලකයින් මොවුන්ට ලංකාවේ පාලනය අරගෙන දීමට නොයෙක් ආකාරයෙන් උත්සාහ කරනවා. පෘතුගාලයේ රජුටත් ඒ ගැන දන්වා යවනවා. මේ ගැන දැන ගන්නා බුවනෙකබාහු රජතුමා පෘතුගීසින් ගැන කෝපයට පත් වෙනවා.

ඒ වගේම, මේ වෙද්දී පෘතුගීසින්ගේ දරුණු වධ හිංසා නිසා ජනතාව රජුට කරන පැමිණිලි, රජු පෘතුගාලයට වාර්තා කළත් කිසිම පිළියමක් ලැබෙන්නේ නැහැ. ධර්මපාල කුමාරයාව ක්‍රිස්තියානි ආගමට බඳවන ළෙස පූජකයින්ගේ බල කිරීම් වලට රජු විරුද්ධ වෙනවා. මේ හේතු නිසා රජතුමා පෘතුගීසින් ගෙන් ඈත් වෙලා මායාදුන්නේ එක්ක මිත්‍ර වෙනවා. මේ මිත්‍රකම ගැන උඩරට රජු වෙච්ච වික්‍රමබාහු රජතුමානම් සතුටු වෙන්නේ නැහැ. ඔහුත් ලංකාවටම රජු වීමේ පිපාසෙන් පෙළෙන කෙනෙක්. ඒ නිසා ඔහු කරන්නේ පෘතුගීසින් එක්ක මිතුරු වෙන එක. පෘතුගීසි නිලධාරියෙක් ගෙන්වා ගිවිසුම්, ගනු දෙනු සියල්ල කතා කරගත් පසු මේ ගැන බුවනෙකබාහු රජුටත් මායාදුන්නේටත් සැළ වෙනවා. ඉතින් උඩරට සහ වෙරළබඩ යා කරන මාර්ග වල බාධක යොදන්න ඔවුන් කටයුතු කරනවා.

ඔය අතරේ තමයි ගෝවේ පෘතුගීසි පාලකයා වෙනස් වෙන්නේ. "දොන් ජෝන් ද කැස්ත්‍රෝ" නම් මේ අලුත් පාලකයා ටිකක් බුද්ධිමත් කෙනෙක්. බුවනෙකබාහු රජුගේ වෙනස් වීමට හේතු සෙවිමට ඔහු පටන් ගන්නවා. ඔවුන්ගෙන් වෙච්ච වැරදි පිළිගෙන නැවතත් බුවනෙකබාහු රජු සමග මිතුරු වීමට පමණක් නෙවෙයි, ක්‍රිස්තියානි දහම පැතිරවීමට සහ පල්ලි සැදීමට ඉඩ ලබා ගැනීමටත් රජු කැමති කරවා ගැනීමට ඔහු සමත් වෙනවා.

මේ අලුත් මිතුරු කම ගැන වික්‍රමබාහු රජතුමා නම් සතුටු වෙන්නේ නැහැ. ඔහු කැස්ත්‍රෝ ට ලියුම් පිට ලියුම් එවනවා කෝට්ටේ අතහැර උඩරට සමග මිතුරු උනොත් ක්‍රිස්තියානි ආගම පැතිරවීමට අනුග්‍රහය දක්වන බව කියමින්. මෙයින් සතුටු වෙන කැස්ත්‍රෝ, උඩරට ට පූජකයින් යැවීමට ක්‍රියා කරනවා. මේ අනුව උඩරට මාළිගාවේ සියළුම දෙනා කිතු දහම වැළඳ ගත්තත් වික්‍රමබාහු රජතුමා බලාපොරොත්තු වෙච්ච උදව්නම් පෘතුගීසින්ගෙන් ලැබෙන්නේ නැහැ.

මේ ජරමර ආරංචි වෙලා බුවනෙකබාහු රජතුමායි මායාදුන්නේයි මේ ගැන හොඳටම උරණ වෙලා වික්‍රමබාහු එක්ක යුද්ධයකට එන්න සැරසෙනවා. නැතිනම් විශාල වන්දියක් සමග වික්‍රමබාහුගේ දියණිය ධර්මපාල කුමරුට බන්දා දෙන ළෙස ඉල්ලනවා. ඔහු මෙයට කැමති වෙන නිසා යුද්ධය වැළකෙනවා. කිව්වා වගේම දියණිය කෝට්ටේ රජ වාසළට පිටත් කර හරිනවා.

ඒ අතරේ තමයි නැවතත් ක්‍රිස්තියානි පූජකයින් කණ්ඩායමක් සමග පෘතුගීසි සේනාවක් උඩරට ට එන්නේ. ඔවුන් වික්‍රමබාහු රජතුමා ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තොත් සීතාවක සහ කෝට්ටේ දිනා දෙන බවට පොරොන්දු වී රජු කැමති කර ගැනීමට වෙහෙසෙනවා. මේ වෙද්දී රජු කෝට්ටේ රජුත් සමග මිතුරු වී සිටි නිසා ඔහු මේකට කැමති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කියනවා මුලින් යුද්ධ කර ඒ රාජධානි දෙක දිනා ගත්තොත් ක්‍රිස්තියානි ආගම වැළඳ ගන්නා බව. මේ පෘතුගීසීන්ගේ පැමිණීම ආරංචි වෙන බුවනෙකබාහු රජු උඩරටට ලිපියක් එවනවා ඔහු කතෝලිකයෙක් බවට පත් වුනොත් සියළුම මිතුරුකම් අත්හරින බවටත් විවාහ ගිවිසුම අවලංගු වන බවටත්. මේ නිසා වික්‍රමබාහු රජතුමා පෘතුගීසින් උඩරටින් එළවා දමන්න කටයුතු කරනවා.

ආපසු එන ගමනේදී මේ පෘතුගීසි සේනාවට මග වැරදී සීතාවක රාජධානියට ඇතුල් වෙනවා. මායාදුන්නේ ඔවුන්ට හොඳින් සළකනවා. ඒ උඩරට දිනා ගැනීමට ඔවුන්ගේ උදව් ගැනීමේ අරමුණින්.  මේකේ ප්‍රතිඵලයක් විදිහට මායාදුන්නේ ගෝවට දූතයෙකුත් යවනවා. මේ ගැන ආරංචි වෙන බුවනෙකබාහු රජතුමා කෝප වෙලා ඔහුත් ගෝවට දූතයෙක් යවනවා මායාදුන්නේට උදව් නොකරන ළෙස ඉල්ලමින්. මෙයින් සිද්ධ වෙන්නේ සහෝදරවරු දෙන්නා ආපහු යුධ ප්‍රකාශ කරගන්න එක. ඒ වගේම මේ පාරත් පෘතුගීසින් උදව් දෙන්නේ බුවනෙකබාහු ට.

බුවනෙකබාහු රජුගේ සේනාවත් සීතාවක සේනාවත් නුවන්ගමදී කරන සටනින් මායාදුන්නේ පැරදිලා සීතාවකට පලා යනවා. කලින් වතාවලදී වගේ මායාදුන්නේට සමාව නොදී ඔහුට පහර දීමට බුවනෙකබාහු ට උවමනා උනත් පෘතුගීසින් ට උවමනා වෙන්නේ උඩරට ගොස් වික්‍රමබාහු යටත් කර ගැනීමට. මේ නිසා රජු ගේ කීම නාසා උඩරටට පිටත් වෙන පෘතුගීසි සේනාවට මගදී උඩරට සිහලුන්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. මෙයින් හොඳටම දුර්වල වෙන පෘතුගීසින්ට නැවතත් මායාදුන්නේ පිහිට වෙනවා. ඔයින් මෙයින් බුවනෙකබාහු සහ පෘතුගීසින් අතර හිතවත් කම නැති වෙලාම යනවා.

මේ අතරේ ගෝවට අලුත් පෘතුගීසි පාලකයෙක් පත් වෙනවා. මායාදුන්නේ වහාම ඔහුගේ පුත් ටිකිරි බණ්ඩාර කුමරු දූතයෙක් හැටියට ඔහු හමුවට යවනවා, ඔවුන්ට කෝට්ටේ දිනා ගැනීමට උදව් කළොත් පෘතුගීසින්ට පක්‍ෂපාති වන බව දන්වමින්. මෙය ආරංචි වන බුවනෙකබාහු රජු පෘතුගීසින් ධර්මපාල කුමරු හා තමන් ආරක්ෂා කරන බවට දුන් පොරොන්දු පත්‍රයේ කොපියක් ඔහුට යවනවා. කොහොමහරි මේ නිසා මායාදුන්නේ ට උදව් ලබා දීම නම් වලකිනවා.

මේ කාලේදී තමයි ඉතාමත් ශෝචනීය විදියට බුවනෙකබාහු රජුගේ මරණය සිද්ධ වෙන්නේ. විශ්‍රාම සුවයෙන් කැලණියේ කාලය ගත කරමින් ඉඳපු රජතුමා පෘතුගීසි වෙඩි උණ්ඩයකින් මරණයට පත් වෙනවා. ඒ 1551 දී. ඉන්පස්සේ ඇමතිවරු සහ කොළඹ පෘතුගීසි නිලධාරින් එකතු වෙලා ධර්මපාල කුමරුට කිරුළු පළඳනවා. මේ ධර්මපාල රජතුමා (ක්‍රි. ව. 1551- 1597) තමයි පස්සේ "දොන් ජුවන් ධර්මපාල" වෙලා රූකඩ රෙජෙක් හැටියට විරුදාවලිය ලබන්නේ.


ප. ලි. මේ තියෙන්නේ වීදිය බණ්ඩාර ගැන අපේ සිත්තමී ලියපු ලස්සන කතාවක්.

49 comments:

  1. එයා හරිම පන නැති රජ කෙනෙක් නේද?

    කාලෙකට පස්සේ ඇවිත් , කාලෙකට පස්සේ බ්ලොග් බලන අයගේ ඔලු අවුල් වෙනවා රජ පවුල්වල අවුල් දැක්කාම...:P

    ReplyDelete
    Replies
    1. ම්ම් ඔයාට තේරුණා නේද? ඔව් ටිකක් පණ නැති කෙනෙක් තමා. ඕනවට වඩා කාරුණිකත් වැඩිද මන්දා. මායාදුන්නේට එහෙම අනුකම්පා කළා වැඩියි

      :D

      Delete
  2. හෙහ්
    බලය තියේ නං මොනා කරන්ට බැරිද කියන මතේ එදත් හිටි අය ඕන තරං නේහ්
    කෝම හරි ටිකිරි කොළුව රටේ රජ වුණාම තමා සංගෙදිය හෙහ්..
    අද වෙද්දි දුෂ්ටයෙක් වගේම වීරයෙක් විදියටත් සලකන එකම රජ්ජුරුවො රාජසිංහ වෙන්ටැ හැක්

    ReplyDelete
    Replies
    1. මොකද මන්දා මම රාජසිංහට කැමති :)
      රාජසිංහ රජ්ජුරුවොන්ට සෑහෙන කවි තොගයක් එහෙම ලියලා තියනවා නේද?

      Delete
    2. දෙවෙනි රාජසිංහත් සෑහෙන්න අමුතු රජ කෙනෙක්

      Delete
    3. ඔව් නේද? ටිකක් අමුතු චරිතයක්

      Delete
  3. අම්මේ.. ඉතින් පාඩම් කොරපුවා..))

    ReplyDelete
    Replies
    1. ඔයා මෙව්වා පාඩම් කරාද ලඟදි ? කම්මැලියි නේ?

      Delete
  4. ඉතිහාසේ පොතම...
    අදයි මේ පැත්තට ආවේ...

    ReplyDelete
    Replies
    1. හලෝ සිංහ මචන්. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.

      Delete
  5. මේ ඉන්නෙ ටීචර් ආයෙ ඇවිල්ලා. තාත්තට විරුද්දව වැඩ කරන්න (විජයබා කොල්ලය) සමාදානෙන් හිටපු අයියලා මල්ලිලා ඒ විදිහටම සමාදානෙන් හිටියනං පෘතුගීසින්වයි වික්‍රමබාහුවයි ලේසියෙන් පරද්දන්න තිබ්බා නේද. වීදිය බණ්ඩාර, ටිකිරි කුමාරයා වගේ අය එක පිළක හිටියනම් අපේ ඉතිහාසය ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. ස්තූතියි සයුරි ටීචර්. අනුරාධපුර රාජධානියේ කතා වලින් පස්සෙ මම වැඩියෙන්ම උනන්දු කෝට්ටේ-සීතාවක රාජධානි ගැන තමයි.

    ReplyDelete
    Replies
    1. සිත්තමී, ඔව් ඒක ඇත්ත. හොඳ වැඩ කාරයෝ ටික දෙපැත්තකට බෙදුනහම පිට අයට තමා වාසිය. මායාදුන්නේටත් පුදුම බල තණ්හාවක් නේ තිබිලා තියෙන්නේ. ඉතින් කොහොමද සමාදානෙන් වැඩ කරන්නේ :)

      Delete
  6. අප්පටසිරි මේ ඇවිල්ල ඉන්නෙ අපේ රොමිලා තාපර් ( රොමිලා කියන්නෙ මගේ ප්‍රියතම ඉතිහාසඥිය )

    ටිකක් විතර මහත් වෙලා නේද?..ඒත් ඒ හැටි අවුලක් නෑ...හෙහ්,හෙහ්,...කම්මැලි නැතුව තව ඉතිහාස කතා දෙක තුනක් ලියනකොට කෙට්ටු වෙයි

    ජගෝ බණ්ඩාර නෙවෙයි ජයෝ බණ්ඩාර. වීදිය බණ්ඩාරගෙ චරිත කතාව මම පොඩි කාලෙ කියෙව්ව මට මතක විදිහට කර්තෘ හේමපාල මුනිදාස මහත්තය වෙන්න ඕන. හැබැයි ඒකෙ වීදිය බණ්ඩාරට කිව්වෙ " වෙධය " කියල.

    මම ටික කාලෙකට කලින් ලිව්ව කෙටිකතාවක් වීදි දරුවෙක් ගැන. කොල්ලගෙ නම වීදියේ බණ්ඩාර...:)

    ReplyDelete
    Replies
    1. //රොමිලා තාපර්//
      අයියෝ...ඒ නමේ හැටි :( ටිකක් ලස්සන නමක්වත්නම් කිව්වත් කමක් නෑ

      හිහි මහත් වෙලා කිව්ව එකටනම් බොහොම පින්...මගේ ජීවිතේට අහන්න ලැබෙන්නෙම ඔකේ අනිත් පැත්ත. දැන්නම් ටිකක් ශේප්. ඉස්සර මට කාඩ් එකක් දැම්මොත් දාන්නෙම මෑ කරලා, බෝන්චියා ඔන්න ඔය වගේ නම්..

      //ජගෝ බණ්ඩාර නෙවෙයි ජයෝ බණ්ඩාර//
      අප්පේ එහෙමද :D වීදියබණ්ඩාර "වෙදය" උනා වගේ ජයෝ "ජගෝ" උනාද දන්නේ නැහැ

      Delete
  7. ඉතිහාසෙත් එහෙමයි... අදත් එහෙමයි....


    අපි කවදාවත් වෙනස්වෙන ජාතියක් නෙවෙයි අම්මප!

    ඔන්න ඒකට රජ මාළිගාවේ බිසඋන්නාන්සේට එහෙම අතක් තියල තිබ්බොත්.. හුහ් බලන්ට එපෑය රාජ දඬුවම්!

    ReplyDelete
    Replies
    1. //ඔන්න ඒකට රජ මාළිගාවේ බිසඋන්නාන්සේට එහෙම අතක් තියල තිබ්බොත්.. හුහ් බලන්ට එපෑය රාජ දඬුවම්!//

      හිහ්..මතකනේ දස්කොන් ප්‍රමිලා :) එතකොට අර බිසවට ලියුමක් එව්වා කියලා හිතලා රහතන් වහන්සේ කෙනෙක් තෙල් කටාරමකට දාපු කැලණිතිස්ස රජ්ජුරුවෝ එහෙම...

      Delete
  8. කිව්වත් වගේ නොවෙනස් ඉතිහාසය.

    ReplyDelete
  9. Replies
    1. ඔව් නේද? වෙලාවකට සුන්දරයි..

      Delete
  10. මෙයා ඉතිහාස ගුරුවරයෙක්ද? ගුරු උපදේශක කෙනෙක්ද? :) :)

    ReplyDelete
    Replies
    1. හෑ?

      ඔය දෙකම නෙමේ අලියෝ

      Delete
  11. හප්පා.. දැකපු කල්.. අර කාලෙකට පස්සේ කියන එක කල්පාන්තරෙකට පස්සේ කියල වෙනස් වෙන්න ඕනේ. මම කලිනුත් කිව්වා (ද කොහෙද) වගේ, මේ ඉතිහාස කතාව මම කෙටියෙන් කියෙව්වා මම 7 වසරේ වගේ ඉන්නකොට හලලියේ කරුණාතිලක විජය පත්තරේ පලවෙනි පිටුවට ලියපු කතාවෙන්. මට අද වගේ මතකයි වීදිය බණ්ඩාර කුමාරයාගේ මරණය මම කියවපු දවස. ඒ පත්තර ටික මම ගාව තවම තියනවා. මේ කාලේ තමා ඇත්තෙන්ම කිව්වොත් අවිචාර සමය කියල මම හඳුන්වන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ අඟහරුස්...අපි ඉතින් මෙහෙම හරි ඉඳල හිටලා එනවා. සමහරු එන්නෙම නෑ.
      මමත් ගොඩක් වෙලාවට මේකට විස්තර ගන්නේ හලලියේ කරුණාතිලක ලියපුවයින් තමයි.

      Delete
  12. හම්මේ ලොකූ ඉතින්, මෙහෙම ඉතිහාස පාඩම් දානවද අනේ. සති දෙකේ මෙමරි එකක් තියෙන ලාංකිකයෝ වෙන අපිට කල්ප කාලයක් ගිහින් ඇවිත් පාඩම් කියලා දීලා හරියන්නේ නෑ අනේ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පරණ එව්වා ගැන හිතන්න ඕන නෑ. මොකෝ මම ක්විස්, අසයින්මන්ට් දෙනවා කියලය...

      Delete
  13. කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු.

    මුං මරාගන්නවයි. පෘතුගීසීන් හොයාගෙන යනවයි ඉවරයක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. :D
      ඕකම තමා මටත් හිතුනේ ලියද්දි

      Delete
  14. මට ඇත්තෙන්ම කිව්වොත් සයුරි කියපු සියළුම කරුණු මතකා නෑ. නමුත් බියගම පාරෙ රක්ගහවත්ත පාලම උඩින් යනකොට, හංවැල්ල පැත්තෙ ඇවිදිනකොට, එතකොට කැළණි ග‍ඟේ ඉවුර දිගේ තියෙන අනිත් පාර දිගේ යනකොට මට ඔය කෑලි මතක්වෙලා මම කියවෙනවා,
    "මෙතනදි පෘතුගීසි සටනක් තිබුනනෙ. හලේ, අර සයුරි තමයි ඕවා කියන්නෙ. ඒකි උදේට/දවල්ට/රෑට කෑවද වත් දන්නෙත් නෑ."

    ReplyDelete
    Replies
    1. හෙහෙ...අනේ මම ගැන එහෙමවත් මතක් වෙනවා හොඳටම ඇති :D
      තව තියනවා කෝට්ටේ පැත්තේ ඒ කාලේ අම්බලමක්. ගල් අම්බලම කියලා. ඊ ළඟ එකට පින්තුර ටිකත් දාන්නම්කො

      Delete
    2. අපි එහෙම තමයි. දැන් වෙලාව රෑ 10.19. ඔය ලමයා කාලද ඉන්නේ රෑට? ඔහෙ වෙලාව කීය උනත් කමක් නෑ.

      Delete
    3. මෙහෙ දැන්නම් රෑ 9 යි. තාම කෑවේ නෑ අප්පා. ඒකට කමක් නෑ අයියා කාලනම් එච්චරයි :)

      Delete
    4. කෝට්ටේ අම්බලම ගාවින් ගිය සතියෙත් ගියා, ඉස්සර ඉඳලම ඒකෙ හොඳ ෆොටෝ එකක් ගහ ගන්න හිතාගෙන හිටියට තාම බැරි උනා...
      2009 විතර එතනට යද්දී ඒකෙ හිඟන්නෝ, බුලත් විට වෙළෙන්දෝ පිරිලා...
      තාමත් වෙනසක් නැහැ,
      බුලත් විට කාලා හුණු උලපු ගල් කණු වල අපේ පැරණි කමක් තියෙනවා කියල හිතන්න පුළුවන් උනත් මට මොකක්දෝ මන්දා අවුලක් හිතෙනවා ඒ අම්බලම දැක්කම...

      Delete
    5. ඔය අම්බලම තියෙන්නේ ටිකක් පරණ කඩ මණ්ඩියක් ගාව මම හිතන්නේ. ඉස්සර ඔය හරිය කොහොමද කියලා හිතින් මවා ගන්න උත්සාහ කරාට හරි යන්නේ නැහැ

      Delete
    6. ටිකක් පරණ කඩමණ්ඩියක් ගාව නෙවෙයි සයුරියෝ ඔය ගල් අම්බලම තියෙන්නේ පිට කෝට්ටේ හන්දියේමයි. කෝට්ටේ බල ප්‍රදේශයේ ප්‍රධාන මංසංධිය. ඒ අම්බලම ලඟින් ඇතුලට යන පාර කෝට්ටේ රජ මහා විහාරයට යන ප්‍රධාන පාරට එකතු වෙනවා. ලොකු පුතා කියපු කතාවනම් ඇත්ත, ඒකේ දැන් ඉන්නේ හිඟන්නොයි බුලත් විට වෙළෙන්දොයි. ජරාවාස වෙලා ගිහිල්ලා.

      සිත්තමී දවස ගානේ යන්නෙ එන්නේ ඔය අම්බලම ඉස්සරහෙන්. සිත්තමීගේ උපන් ගම කෝට්ටේ රාජධානියනේ. එතකොට සිත්තරාගේ උපන් ගම සීතාවක රාජධානිය. හොඳයි නේ? :D

      ඒක නෙවෙයි සයුරි, මෙතන පොඩි ඇඩ් එකක් දාන්න අවසරද? ඔයාගෙ ලිපිය දැකලා මට මං ලියපු පරණ කතාවක් මතක් වුනා. ඔයාගෙ කළින් ලිපියෙදි මට මේක මතක් නොවුනෙ මොකද මන්දා. ඔන්න කොහොමහරි මම අළුත් පෝස්ට් එකක් දැම්මා - වීදිය බණ්ඩාර ගැන කතාන්දරයක්.

      Delete
    7. සිත්තමී,
      අප්පද බොලේ, ඒ කියන්නේ දෙරාජධානි අන්දරයක් නේද? තල්පත් වල ලියපු හසුන් එහෙමත් හුවමාරු කර ගත්තද දන්නේ නෑ.

      හෑ..එහෙමද? මට මතක තිබුනේ ඒ විදිහට. එහෙම ජරාවාස වෙච්ච එකනම් අපරාදේ.
      අයියෝ ඕන ඇඩ් එකක් දාන්න. මේක පෝස්ට් එකටම දැම්මනම් හොඳයි ඇත්තටම.ඉන්නකෝ. මුල ටික විතරයි තාම බැලුවේ...මට බැහැනේ අප්පා ඔහොම සාහිත්‍ය රසය එන විදිහට ලියන්න. ඔයයි පොඩ්ඩියි නම් කියාපු දෙන්නෙක් ඒ වගේ වැඩ වලට..:)

      Delete
  15. හුහ්... මාර ඉතිහාස පාඩම... එක පාඩමක් ඉතිහාසෙටම ගියාට පස්සෙ තමා අනිත් එක එන්නෙ.... ආයෙ දකින්න ලැබුන එකනම් සතුටට කරුණක්...

    ඉතිහාසය නැවතනැවත වෙනවා කියපු එකාගෙ කටේ ඔබන්න ඕනා සුපියලක්.. අම්මපා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ දරුවා ඉතින් ඉතිහාසේ කියන්නේ. මම වැඩක් කරොත් ඉතින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තමා කොරන්නේ :D

      Delete
    2. ටීච ඔය අර්ථය ගැන කියපු එක හොඳා.. මම මේ වචනයේ අනිත් අර්ථ දෙක මොකක්ද කියලා මතක් කරගනන් බැරුව ඉන්නේ.. පොඩ්ඩක් කියලා දෙනවද ?

      Delete
    3. ම්ම් අනිත් අර්ථ දෙක නේද? සමහරවිට අර රවී ගුරුතුමානම් දන්නව ඇති.

      Delete
  16. මම ලංකාවේ මේ කාලයට කැමතියි . මොකද ගොඩක් දේවල් වෙනස් වුණේ මේ කාලයේ තමයි . ඒත් ඒ වෙනස් වෙච්ච දේවල් වලටනම් මම කැමති නැහැ . මම කැමති ඒ දේවල් කියවන්න . ටිකක් ඇඩ්වෙන්චර් ගතියක් තියෙනවා මේ කාලයේ වෙච්ච දේවල් වල . සමහරවිට එහෙම දැනෙන්නේ කලින් කාලෙ වෙච්ච දේවල් වලට වඩා මේ කාලෙ වෙච්ච දේවල් වල විස්තර වැඩිපුර තියෙන නිසා වෙන්න ඇති . මම කාලයක් තිස්සේ කමෙන්ට් කරන්නේ නැතුව මේ ලිපි මාලාවම කියෙව්වා . අද කමෙන්ට් කරන්න හිතුවේ මේ කාලෙ වෙච්ච වැදගත් සිදුවීමක් ගැන මමත් හෙමිහිට ලියාගෙන යන නිසා . සමන් දේවාලයට දළදා වහන්සේ වැඩමවන්න හේතු උනේ මේ කාලෙ කෝට්ටේ වෙච්ච සමාජ දේශපාලන වාතාවරණය වෙනස් වීම නිසා .

    ඒවගේම මේ ලිපි හැම එකකම එපාවෙන්නේ නැතිවෙන්න කියවන්න පුළුවන් වෙන්න ලියලා තියෙනවා . බොහොම ස්තූති (y) . ( මේ වෙල්කම් කියන්න :p :p :p )

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ වැඩිපුර විස්තර තියන නිසා එහෙම හිතෙනවා ඇති. බලාගෙන යනකොට වයලාත් ඉතිහාසේ ගැන උනන්දුයි වගේ. හොඳයි හොඳයි.

      ඔන්න එහෙනම් වෙල්කම් කිව්වා :) ඒ වගේම ස්තුතියි

      Delete
  17. මටත් කාලෙකින් එන්න ලැබුනේ සයුරී. ඉතින් ඔන්න කියෙව්වා. සුනේත්‍රා කතාව ආයෙත් ලඟදී ආසාවට කියෙව්වා. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. සුනේත්‍රා කියන්නේ මමත් කැමතිම නව කතාවක්...විජයබා කොල්ලය මම මේ ලඟදි කියෙව්වේ. ඒත් ඒකටත් වඩා සුනේත්‍රා හොඳයි කියලා හිතෙනවා..

      Delete
  18. අපේ මී හරක් එදා ඉඳලම කොහේ හරි ඉන්න උන් මෙහෙ අරගෙන ඇවිත් පිස්සු කෙලලා රට කාබාසිනියා කරලා දාන එක තමයි කලේ...
    මම අපේ ඉතිහාසයට ආසයි නමුත් සයුරි ලියල තියෙන කොටසින් ආරම්භ වෙලා ඉදිරියට ගලාගෙන යන ඉතිහාසයේ බහුතර කොටසකට මම වෛර කරනවා...

    ReplyDelete
    Replies
    1. ඔය පෘතුගීසින් ආවට පස්සේ වෙන සිද්ධි වලට මමත් ආස නැහැ ලොකු. එතනින් පටන් ගෙන වෙනස් වෙච්ච අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප තාමත් වෙනස් වෙලා නෑ කියලා හිතෙනවා

      Delete
  19. බොහොම සිත් ගන්නා සුළු ශෛලියකින් ඓතිහාසික තොරතුරු ග්‍රහණයට මග පෙන්වන ලිපියක් සයුරි දිගටම ලියන්න ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. :) ලියන්නම්කො හෙමිහිට

      Delete

Related Posts Plugin for WordPress, Blogger...