Tuesday, April 12, 2016

වසන්තයේ හිරු පායා

වසන්තයේ අග...හමු වෙමු සොඳුරිය...
ලවැලි තලාවක...විසුල කුසුම් මත...

එඩ්වඩ් ජයකොඩි තමා ඔහොම කියන්නේ. 

අපිටනම් මේ වසන්තේ මුල...

මම බලාගෙන ඉන්න ආසම දෙයක් තමයි "දියවෙන හිම". ඒ කිව්වේ  melting snow. හිම වැටෙනකොටත් ලස්සන තමා. ඒ උනාට දිය වෙනකොට ඊටත් වඩා ලස්සනයි. වසන්තයේ මුල්ම රැස් දහරෙන් අඩියක් විතර උස හිම තට්ටුව අඟලෙන් අඟල දිය වෙලා පුංචි දිය කඳුරු බවට පත් වෙලා ගලා ගෙන යනකොට ඇහෙන සිලි සිලි සද්දේ හරිම මිහිරියි. 

හිම දිය උනාට පස්සේ ඉතින් තෙත් වෙච්ච පොළවෙන් උඩට මතු වෙන්නේ අලුත්ම අලුත් ලා කොළ පාට තණකොළ. ඒත් එක්කම කොළ හැලිච්ච ගස් වැහිලා යන්නේ මල් වලින්.  ඊ ලඟට ටියුලිප් සහ Daffodil. මතකනේ දයාන් විතාරණ කිව්වා...

හිත මා සොරා ගෙන ගියේ ඇයිද Daffodil මලේ 
හිම වාගෙ සුන්දර හසකැන් රඳවා හදේ 
මුමුණා කියන්නෙ නල රැලින් කඳු මානයේ 
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනේ 

ඔය අස්සේ මල් වැහි වලිනුත් අඩුවක් නැහැ ඉතින්. වෙලාවකට එපාත් වෙනවා. ඒ උනාට වසන්තෙයි වස්සානෙයි කියන්නේ නිකන් නිවුන්නු වගේ තමා. වැස්ස නැත්නම් වසන්තේ වසන්තයක් වෙයි යැ. 

වස්සානයට අත වනල ඉමු මග බලන්...උද්‍යානයක කෙළවරට වී...

කියලා උමාරා සිංහවංශ කියන්නේ ඒක නේ. එයා ඔය නොකියා කියන්නේ වසන්තයට එන්න කියන එක. නැත්නම් අහවල් එකකට වැස්සට අත වනයිද?

අහ්...උමාරා කිව්වමයි මතක් උනේ. එයාගේ නංගී උමාරියා ඉන්නවනේ මේ දවස්වල යන සුපර් ස්ටාර් වල ජජ් බෝඩ් එකේ. මමත් ඔය එහෙන් මෙහෙන් බැලුවා. ඇත්තම කිව්වොත් මමනම් කැමතියි ඔය දෙන්නට. දෙන්නම Talented, ඒකෙ දෙකක් නැහැ. Super stars බලන පිංවත්තු එහෙම ඉන්නවද? හොඳ වැඩ කාරයෝ වගේ පේන කීප දෙනෙක් ඉන්න හන්දා මම හිතුවා මේ අන්තිම ටික නොවරදවා බලනවා කියලා. ඔය දැන් ඉතුරු වෙච්ච 8 දෙනාගෙන් පියත් රාජපක්ෂට තමා මම වැඩිපුරම කැමති :)

සිංහල අවුරුද්ද කියන්නෙත් ඉතින් වසන්තේ තමා. ලංකාවෙනම්  මේ වෙනකොට පණ දාගෙන අවුරුද්දට ලේස්ති වෙනවා ඇති. එක්කෝ නැතුවත් ඇති. තාම ඉන්දියානු පරාජයේ සතුට සමරනවා ඇති අපේ කට්ටිය. 

මේ පහුගිය දවස්වල  මම දැකපු Facebook status ටිකක්..

Feeling "ගිනිබත්" with Doni and 11 others...

East or west WI is the best






















බලාගෙන යනකොට මුන්ට කවුරු දිනුවත් කමක් නැහැ ඉන්දියාව පරදිනවානම්.

ඒ කතා වැඩක් නැහැ. දැන් මේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ට්රාන්සිට් එක අරගෙන තියන වෙලාවේ මෙහෙම පල් හෑලි කතා කරන්න හොඳ නැහැ. මොනවහරි  පිං අතේ දෙයක් තමා කතා කරන්න ඕනා. පුණ්‍ය කාලය නේ.

මේ ටික දවසකට කලින් මම ලිපියක් දැක්කා තමන්ගේ එක්තැන් වෙච්ච අම්මවයි ආච්චිවයි බලාගෙන තනියම ඉන්න දරුවෙක් ගැන කතාවක්. අද දැක්කා වීඩියෝ එකක් කට්ටියක් එකතු වෙලා ඒ ගෙදරට කෑම බීම එහෙම ගිහින් දෙනවා. ඔන්න කරනවානම් පිං අතේ වැඩ.

මේ පහුගිය දවස් ටිකේම ඔය වගේ දුක හිතෙන පොඩි එවුන්ගේ කතා ගොඩක් අහන්න ලැබුනා. ඇඹිලිපිටියේ වාහන අනතුරකට ලක් වෙච්ච ශිෂ්‍යත්ව වීරයාගේ කතාව එයින් එකක්. ඒ පොඩ්ඩට නම් දැන් ප්‍රමාණවත් තරම් මුදල් ලැබිලා කියලා ආරංචියි. ඒ වගේම අර ඒඩ්ස් කට කතාවට අහු වෙච්ච පොඩි එකා.

ඒ දවස් ටිකේම මගේ වැඩේ අර අකිලගේ විරාජ් facebook පිටුවට යන එකයි මේ ගැන නිව්ස් කියවන එකයි තමා. :( අනේ අපේ ලංකාවේ අම්මලා තාත්තලා කියලා හිතුණා, තවත් දරුවෙක් ට ඉගනීම අහිමි කරලා අත්පුඩි ගහලා සතුටු වෙන හැටි දැකලා. ඕවයේ ඉතින් වරද කාගේද කියලා හොයන්න මම දන්නේ නැහැ. අන්තිමට ඒ කතාව සතුටුදායක විදිහට කෙලවර වෙච්ච එක ගැන සතුටුයි. ඒ ළමයා දැන් ට්‍රිනිටියට යනවා නේද? ඒ ගැනනම් හරියටම නිව්ස් එකක් ලැබුනේ නැහැ.

මේ වගේ උපකාර කරන්න පුළුවන් දේට පුළු පුළුවන් හැටියට දායක වෙනවනම් ඒක ලොකු දෙයක්. අලුත් අවුරුද්දේ හිතට ගන්න හොඳ දෙයක්. පුංචි දේකින් හරි තව කෙනෙක්ට උදව්වක් වෙන්න පුළුවන් නම්...


ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!


39 comments:

  1. සුබ අළුත් අවුරුද්දක් වේවා!
    මේ අවුරුද්දේ මෙහාට දිය වෙන්න තරම් ලොකු හිමක් වැටුනේ නැති නිසා හොඳයි..නැත්තම් හිම දිය වේන්න ගත්තම තමයි පාරක වුනත් යන්න අමාරු.

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමයි ඉතින්. ගජිනි දැකපු කල්. සුබ අලුත් අවුරුද්දක් එහෙනම්.

      Delete
  2. එඩ්වඩ් ජයකොඩි උන්නැහේ කියන්නේ 'ලවැලි තලාවක' කියලා නේද? හිම දියවෙන එක ගැන කිව්වහම මතක් වුණේ.. "හිම දියවී හිමාලයේ" කියලා අමරසිරි පීරිස් සහ වසන්තා තිලකාංගනී කියනවා අහලා තියනවද? හිම ගැන කිව්වට ඒකේ තියෙන්නේ වෙන කතාවක් ඉතිං...

    අනේ ඔයා ආස අර යුගයේ ගායිකාවට නෙවෙයිද?

    කමක් නෑ කොහොම හරි සයුරිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. අහ් හරි නේන්නම්. වැරැද්ද හදන්නම්. ස්තුතියි හොඳේ.
      අනේ යුගයේ ගායිකාව ගැනනම් මුකුත් කියන්නේ නෑ. හැබැයි අන්තිම 8 ට ගියපු එකම කෙල්ල එයා නේ. මේ sms ක්‍රමේ එක අතකට අසාධාරණයි අප්පා.

      Delete
  3. කිව්ව්ට මොකද මෙහෙත් මේ දවස් වල හිම දියවෙන්න පටන් අරන්...කොටින්ම අපි දැන් නාන්න වතුර නාස්ති කරන්නේ නෑ.. කෙලින්ම දාඩිය වලින්ම නාගන්නවා...මම දැන් නිදිය ගන්නේ පෝරණුව ඇතුලෙ. රස්නෙ අඩුම තැන තමා එතන...

    ඇත්තටම ඉතින් ඉන්දියාව පැරදුන එක ගැන සන්‍තෝස වෙන්නෙ අපි විතරක් නෙමේනෙ.. ඉන්දියාව හැර, ක්‍රිකට් ගහන හැම රටක්ම සං‍තෝශ වෙනවා ඒ ගැන.

    සයුරිටත්, සයුරටත්, පොඩ්ඩටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. දාඩියෙන්ම නානවානම් වතුර බිලත් ඉතුරුයි. කිව්වට මොකද අපිටත් හිම අඩුම වින්ටර් එක තමා මේක. සෙන්නටත් පවුලේ හැමෝටමත් එසේම වේවා.

      Delete
  4. අපිට කොයින්ද ඉතිං හිම.
    සයුරිටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. අපිටත් මහ ලොකු හිමක් නෑ මේ පාර. ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා.

      Delete
  5. අනේ අපටත් හිම ටිකක් වැටෙනවනං! :(

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා :)

      Delete
    2. ඒක තමා නේද. එසේම වේවා අලී

      Delete
  6. සයුරිගෙන් වෙනස්ම ලිපියක්..
    සයුරිටත් පවුලේ හැමෝටමත් සුභම සුභ අළුත් අවුරුද්දක්..

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ රූ දැකීමත් සතුටක්. එසේම වේවා.

      Delete
  7. මෙයා පෝස්ට් එකක් ලිව්වොත් ලියන්නේ කල්පාන්තරයක් ඉඳලා. අපිට මේ ටිකේ අවුරුදු නම් තමා. හැබැයි මේක හරියට සිකුරු ග්‍රහ ලෝකේ ඉඳන් අවුරුදු සමරනවා වගේ. මාර රස්නයක් තියන්නේ. ඒ අස්සේ දවස් දෙකක්ම අපිට වතුරත් නෑ. බලං ගියහම අඟහරු ලෝකේ හොඳයිනේ..
    අර ළමයා ට්‍රිනිටි එකට යනවා. අසරණ වෙච්ච ඒ ළමයට උදව් කරන්න අපේ ඉස්කෝලේ ඉදිරිපත් වීම ගැන මම නම් සතුටු වෙනවා.
    අර ඉන්දියාව ගැන කතාව නම් සහතික ඇත්ත. මොකා දිනුවත් කමක් නෑ ඉන්දියාව පරදිනවා නම්.
    එහෙනම් සයුරිටත් ඔන්න සුභ අලුත් අවුරුද්දක් කිව්වා!!

    ReplyDelete
    Replies
    1. ඔව් නේද. වතුර ලයිට් නැති උනාම පණ යනවා නේ. පොඩි කාලෙනම් ඔන්න ලයිට් යනවට කැමතියි.
      අඟහරුටත් එසේම වේවා. අඟහරු ලෝකෙටවත් යන්න බලමු නේද?

      Delete
  8. සයුරිටත් පවුලෙ හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ක්‍රිකට් ගැන නම් මගේ ඒ හැටි උනන්දුවක් නෑ සයුරි, ඒත් නවසීලන්තෙයි කොදෙව්වොයි ඉන්දියාවට නෙලපු මැච් දෙක නම් මමත් පස්සෙ ජංජාලෙන් බැලුවා හරිම උනන්දුවෙන්. ඊට අමතරව බැලුවෙ ඉතින් ඔය ෆයිනල්, එංගලන්තකාරයොන්ගෙ කටේ තිබුනු එක උදුරගත්තු එක. ඉන්දියාව ක්‍රිකට්වලට බලපෑම් කරන් යන හැටියට අනාගතේදි ක්‍රිකට් ගහන රටවල්වලට ඉන්දියාව මහ වාතයක් වෙයි වගේ. ඉතින් කවුද එයාල පැරදෙනවට අකමැති. දින්නට පස්සෙ උන්ගෙ පඩ බලනවට වඩා පැරදුනාම මූණු ටික බලන එක කොච්චර ආතල්ද. :)

    ReplyDelete
    Replies
    1. ඔය මන් කිව්වේ. ක්‍රිකට් ගැන උනන්දුවක් නැති අය පවා ඉන්දියාවට නෙලන මැච් නම් හොයාගෙන හරි බලනවා. ඔව් ඔව් ඔය මූණු බැලීමේ අවස්ථාව අපිටනම් හොඳහැටි උදා වුනා.

      Delete
  9. සෙනෙහස් වැසි වැටී පොහොණි ව දිවි කතර
    දුකඳුරු මැකී එළි පෙහෙළි ව මග හසර
    හද කෙත පුරා මනුදම් පීදෙන අතර
    අරුණැල්ලක් ව ඇහැරේවා නව වසර

    ReplyDelete
    Replies
    1. ජීවන ගසේ ඵල පීදී අතු පතර
      වැසි දැරියටත් සරු වේවා මේ වසර

      Delete
  10. ඔබ ඇතුළු සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ අයටත් එසේම වේවා !!

      Delete
  11. සුබ නවවසරක් සයුරි!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා රවී අයියා

      Delete
  12. සයුරිටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

    මම හරිම ආසයි ස්වභාවික පරිසරයේ හිම දකින්න. ඒක ඉතින් කවදා ඇත්ත වෙයිද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔබ සැමටත් එසේම වේවා සිතූ. සමහර හීන අපි නොහිතන විදියට සැබෑ වෙනවා නේ.

      Delete
  13. සුබ අලුත් අවුරුද්දක් සයුරි. වෙනස්ම ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොමී. ඔබටත් එසේම වේවා.

      Delete
  14. හිම රේණු වැටෙනා සීතලේ කියලාත් තියෙන්නේ.

    එහෙනම් සයුරි ඇතුළු පවුලේ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.

      ඔයාටත් පවුලේ සැමටත් එසේම වේවා මනෝජ්.

      Delete
  15. අති සොඳුරුතම වසන්තයක් වේවා සයුරි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා. ඔබටත් සාමය සතුට පිරි නව වසරක්.

      Delete
  16. වස්සානයෙන් පටන්ගෙන තණතිල්ල හරහා ගිහින් අකිලවිරාජ්ගෙ එෆ්බී එකෙන් ඉවර වෙලා.. හික්ස්ස්...ඉස්සර බලපු බ්ලොග් ඉසව් වලට පොඩි විසිට් එකක් දාන ගමන් ඉන්නෙ. නව වසරක් වේවා කියන්න හොඳටම පරක්කු වැඩි නිසා ලබන්නා වූ 2017 වසර සුභම සුභ නව වසරක් වේවා කියලා හාපුරා කියලා කල් ඇතිවම ප්‍රාර්ථනා කරන්නම්..

    ReplyDelete
    Replies
    1. ammoo..meya dakapu kal. mokada appa une? kohomada aluth wisthara ehema? hehe 2017 ta suba pathala giye apahu enna hithagena inne awuruddakin wenna athi. dan ithin apu eke mona hari liyamu neda?

      Delete
  17. Akka kohomada ko aluth posts mehenhe (ela kolla)

    ReplyDelete
    Replies
    1. ah ela kolla malli, kohomada? aluth post thama na :(

      Delete
  18. සයුරී නංගී හුඟ දවසකින් දැක්ෙක නෑ.

    ReplyDelete
    Replies
    1. owne ayye, blog paththa palathe enna une na. thawa masayakwath yawi podi nidahasak labenna

      Delete
  19. අද තමයි මුලින්ම සයුරිගේ බ්ලොගේට හරියට ගොඩ උනේ

    ReplyDelete
    Replies
    1. ane welcome kiiwa ehenam kochchi miris ta...math me kalekin me paththe awe :(

      Delete

Related Posts Plugin for WordPress, Blogger...