වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....
පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි...
Thursday, July 18, 2013
පුංචි ආත්තා ගැන මතක
පුංචි ආත්තා කියලා අපි කිව්වෙ නෑ කමින් අපේ සීයගෙ (තාත්තගෙ තාත්තා) නැන්දා කෙනෙක් වෙන කෙනෙක්ට. "ආත්තා" කියන වචනෙ අපිට ඒ තරම් හුරු එකක් නෙමෙයි. අපි පාවිච්චි කරන්නෙ "ආත්තම්මා" / "මී ආත්තම්මා" කියන වචන. නෑ කමට අපේ මී ආත්තම්මා උනත් පුංචි ආත්තට අපි වගේම අම්මලත් කිව්වෙ පුංචි ආත්තා කියල තමයි. ඒක කොහෙන් ආපු නමක්ද කියලා අපි දැනගෙන හිටියෙ නැහැ. හොයන්න ගියෙත් නැහැ.
පුංචි ආත්තා ජිවත් උනේ අපේ තාත්තගෙ ගමේ. ඔය ගමේ ගෙදර ගැන මම හිච්චා ලිපියේ ගොඩක් විස්තර කරලා ඇති. ඒ ගෙදරට ටිකක් උඩහට වෙන්න මැටි පිරියම් කරපු ගෙයක, තනියම තමයි පුංචි ආත්තා ජීවත් උනේ. ඇයට දරු මල්ලෝ කවුරුත් හිටියෙ නැහැ. අපේ අත්තම්මා කියපු හැටියට ඇගේ ස්වාමියා තමයි "සින්හලේ මුත්තා". ඒත් අපි ඉපදෙන්නත් කලින් මිය ගිහින්. දෙන්නා අතර සෑහෙන වයස් පරතරයක් තියෙන්න ඇති.
දරුවෙක් මල්ලෙක් නැති පුංචි ආත්තාට දරුවන් උනේ අපේ තාත්තලා, නැන්දලා. මුනුබුරන් උනේ අපි. ඒ ඇරෙන්න ඇයට තවත් දරුවන් ටිකක් හිටියා. ගේ පිරෙන්නම හිටපු බළල් රන්චුවයි වත්තේ මුල්ලක හිටපු ගව පවුලයි හැමදාමත් ඇගේ තනි නොතනියට හිටියා. අලුතෙන් වහු පැටියෙක් හම්බ උනොත් එහෙම උගෙ අම්මගෙන් මුලින්ම දොවා ගන්න කිරි මුදවලා පුංචි ආත්තා තියාගෙන ඉන්නවලු අපේ තාත්තලා එහෙ යනකම්, අලුත් වහු පැටියගෙ කිරි කියලා කන්න දෙන්න.
මට මතක ඇති කාලෙ ඉදලම ඔය ගව පවුලෙ හිටියා "රත්ති" කියලා රතු පාට වැස්සියෙක්. ඒ එකම වැස්සිද නැත්නම් හිටපු හැම එකාටම රත්ති කියලා නම දැම්මද කියන්න මම අදටත් දන්නෙ නෑ. හැබැයි මම ඌට පට්ට බයයි කියලනම් මතකයි. කොටින්ම මොනම විදියකින්වත් අතෑරවන්න බැරිව තිබුන මගේ "සූප්පු බීම" නැති උනේ "සූප්පුව රත්ති අරන් ගියා" කියලා කිව්වට පස්සෙලු. ඊට පස්සෙ මම නෙමෙයි ඒක ආපහු ගෙනත් දෙන්න කියලා කරදර කලේ. මොනව උනත් රත්ති හින්දා මට උනේ හොදක්. නැත්නම් ඕක දිගටම කටේ ගහගෙන ඉදලා දත් බොල්ලෑවක් ආවනම් එහෙම අපේ එක්කෙනා මගේ දිහාවත් නොබලන්න ඉඩ තිබුනා :)
පුංචි ආත්තාට තිබුනේ හැබෑම ලස්සනක්. එයා තරුණ කාලේ එලිසබෙත් රජිණ පරාදයි කියලා තමයි හැමෝම කිව්වේ. ගෙදරට රෙද්දයි හැට්ටෙයි ඇන්දට ආත්තා ගමනක් යද්දි අනිවාර්යෙන්ම ලස්සනට ඔසරියක් ඇදලා ලොකු මාල පෙත්තක් තියන දිග චේන් එකකුත් දාගන්නවා. ඒ වගේම හරිම කෙලින්, කාටත් බය නැති කෙනෙක්. ඔන්න එක දවසක් පුංචි ආත්තා පොඩි කාලේ කාගෙදෝ වත්තක් අයිනේ පොල් ගෙඩියක් වැටිලා තියනවා දැකලා අහුලගෙන ආවලු. ආත්තගෙ අම්මා කරල තියෙන්නෙ ආපහු ආත්තව ඇදගෙන ගිහින් පොල් ගෙඩිය තිබුණ තැනටම දැම්මෙව්ව එකලු. ඔය කතාව අපිට කියලා පුංචි ආත්තා කියනවා මෙන්න මෙහෙම... "තමන්ට අයිති නැති දෙයක් හොරෙන් ගන්න එපා වගේම අයිති නැති දෙයක් අහන්නෙ බලන්නෙ නැතුව ගන්නත් එපා".
ඉස්සර පුංචි ආත්තා මට හැම තිස්සෙම කිව්වෙ ලොකු වෙලා පෙරකදෝරු නෝනා කෙනෙක් වෙන්න කියලා. ඇයට අනුව ඒක තමයි කෙනෙක්ට කරන්න පුලුවන් ඉහලම රැකියාව. ඉස්සර ගමේ මිනිස්සුන්ගෙ නඩු හබ වලට එහෙම පුංචි ආත්තා හරියට දුවලා පැනලා උදව් කලා ලු. ඉතින් පුංචි ආත්තගෙ ලෝකේ පෙරකදෝරුවා ඉන්නෙ ඉහලම තැනක. පස්සෙ කාලෙක මම මොරටුව ඉන්ජිනෙරු පීඨෙට ඇතුල් වෙද්දී ආත්තා කෙලින්ම මුකුත් නොකිව්වට මෙන්න මෙහෙම හිතුවා කියලනම් මට ශුවර්. "අනේ මේ කෙල්ලට බැරි උනා නෙව තව ටිකක් මහන්සි වෙලා ඉගනගෙන පෙරකදෝරු ඉස්කෝලෙට යන්න" :-/
අපේ පුංචි ආත්තා පන්චි දාන්න එහෙම කියාපු ක්‍රීඩිකාව. ඉස්සර, ඒ කිව්වේ අපි ඉපදෙන්න කලින් අවුරුදු කාලෙට අපේ තාත්තලගෙ ගෙදර හැමෝම වගේ එහෙ යනවලු පන්චි දාන්න. උදේ පන්චි පැදුර එලුවට පස්සෙ ආපහු අකුලන්නෙ හවසට ලු. අපි පොඩි කාලෙ කියලත් වෙනසක් නෑ. ඒ කාලෙට ආත්තා අපේ ගෙවල්වල ආවම දවස පුරාම ඕක තමයි සෙල්ලම. හැබැයි ඉතින් හොර බොරු කරලා ආත්තගෙ කනින් රින්ගන එකනම් බොරු. (මේ සෙල්ලමට ඇබ්බහි උනාම ඉතින් මී පැණි කෑවා වගේ තමා. කන්න කන්න ආස හිතෙනවා. ආ..පන්චි දාන හැටි දන්නේ නැත්නම් මෙන්න මේක බලන්න).
පුළුවන් කාලේ කොයි තරම් පිළිවෙලට, තමන්ට උවමනා විදියට හිටියත් අන්තිමේදී කාලයක් එනවා කාගේ හරි පිහිටක් නැතුව බැරි වෙන. පුංචි ආත්තටත් එහෙම කාලයක් ආවා. ඒ වෙනකොට අපිත් නැන්දලත් ගමෙන් ගිහින්. ඉදලා හිටලා බලන්න එනවා ඇරෙන්න ලග නැවතිලා ඉදගෙන සාත්තු කරන්න කෙනෙක් හිටියේ නැහැ. අන්තිමේදි ඒ වැඩේ බාර ගත්තේ දරුවෙකුත් එක්ක තනි වෙච්ච, පුංචි ආත්තාගේ දුරින් නෑ වෙන කෙනෙක්. ආත්තගේ ගෙදරත් එයාටම ලියලා දුන්නා. දෙන්නාට දෙන්නා උදව් කර ගත්තේ එහෙමයි. ඉතින් අවසාන කාලෙදි පුංචි ආත්තා විදපු දුක සුළු එකක් එහෙම නෙමෙයි. ඇදෙන් බහින්නත් බැරුව එක් තැන් වෙලාම හිටියා. හරියට පරඩැලක් වගේ ඇග පත වැහැරිලා ගියා. තරුණ කාලේ කොහොමට හිටපු මනුස්සයෙක්ද කියලා හිතද්දී හරිම දුක හිතෙනවා. කාට උනත් ඔය ටිකනේ ඉතින්.
ඔහොම කාලෙ ගෙවිලා යද්දී එක දවසක් හවසක අපිට ආරන්චියක් ආවා ගමෙන්, "පුංචි ආත්තා නැති වෙලා ලු". අපි එදා ගමට යද්දී කළුවර වැටිලා. පුංචි ආත්තාගේ ගෙදරට ටික දෙනෙක් එකතු වෙලා හිටියා. ආත්තව ඇදක් උඩ තියලා ඉහ ඉද්දරින් පහනක් පත්තු කරලා තිබුණා. එදා ඒ මළ ගෙදරින් පස්සේ අපි එහෙ යැවුනෙම නැහැ. ගියා කියලා කවුරු බලන්නද? මම හිතන්නෙ එහෙ හිටපු හරක් ටිකත් දැන් නැහැ. විකුණලා වෙන්න ඕන.
පුංචි ආත්තගෙ නිවසත් එක්ක බැදුන සුන්දර මතක ආත්තත් එක්කම වැළලිලා ගියා කියලා හිතෙනවා. ඇගෙන් මට තෑග්ගක් හැටියට ලැබුණ ඉන්ග්‍රීසි ආණ්ඩු කාලේ පීරිසි කෝප්ප කුට්ටම විතරක් තවමත් මගේ කෞතුක භාණ්ඩ එකතුව අතරේ තියනවා.
Monday, July 8, 2013
සමුද්‍රයක් තැනූ රජෙක් - රාජාවලිය XXX
XXX කිව්වේ 30 කියන එක (දැන් කී දෙනෙක් හැරිලා යාවිද මන්දා :).
අද අපි කතා කරන්න යන්නේ කලින් ලිපියේ අවසානෙට කතා කරපු ගජබාහු රජතුමාගෙන් පස්සේ අපේ රටේ රජ පවුල්වල වෙච්ච සිද්ධි ගැන. මතකයිනේ ඒ ලිපිය පුරාම තිබුනේ මහා විජයබාහු රජතුමාගේ සොයුරිය වෙච්ච මිත්තා කුමාරිගේ පුත්තු තුන් දෙනා (මානාභරණ, සිරි වල්ලභ සහ කීර්ති ශ්‍රී මේඝ), විජයබාහු රජතුමාගේ පුතාටයි (වික්‍රමබාහු) මුණුබුරාටයි (ගජබාහු) කරපු කරදර ගැන. නිදහසේ රජ කරගෙන ඉන්න දුන්නෙම නෑ නේ. මානාභරණගේ මව විජයබාහු රජුගේ සොයුරිය වීමට අමතරව තවත් නෑ කමක් ඔවුන් අතර තියනවා. ඒ තමා මානාභරණ විවාහ කරගත්තේ විජයබාහු රජුගේ දුවක්. එහෙමත් නැත්නම් වික්‍රමබාහු ගේ සොයුරියක්. ඇය රත්නාවලී. තිලෝකසුන්දරී කියන බිසව තමයි ඇගේ මව. එහෙම බලද්දී හතුරුකම් කරලා තියෙන්නේ දෙවිදියකින්ම මස්සිනා වෙච්චි කෙනෙක්ට :)
ඉතින් මේ මානාභරණටයි රත්නාවලී බිසවටයි මිත්තා සහ පබාවතී නම් දූවරු දෙදෙනෙක් සහ එක පුත් කුමරෙක් ඉන්නවා. ඒ පරාක්‍රමබාහු කුමාරයා. නෑ කම අනුවනම් පරාක්‍රමබාහු කුමාරයා මහා විජයබාහු රජුගේ මුණුබුරා. මේ කුමාරයා කුඩා කාලේ ඉඳලම ඉතාමත් නිර්භීත වගේම දක්ෂ කම් පෙන්වපු කුමාරයෙක් ලු. මේ කාලය වෙද්දී දෙවන ගජබාහු රජතුමා පොළොන්නරුවේ රජකම් කරද්දී මානාභරණ ඇතුළු තෙසොහොයුරෝ රුහුණු රටේ පාලන කටයුතු කළා (කෙතරම් උත්සාහ කළත් තමන්ගේ නෑයින් එලවා පොලොන්නරුව අත් කර ගැනීමට ඔවුන්ට නොහැකි උන නිසා).
ඔය අතරෙදි මානාභරණ අසනීප වී මිය යන නිසා ඔහුගේ ප්‍රදේශය පාලනය කරන්න "සංඛ" නම් සෙනෙවියෙක් යොදවන්නේ කීර්ති ශ්‍රී මේඝ විසින්.
සැමියා නැතිව තනි වෙන රත්නාවලී බිසවට සිද්ධ වෙනවා දරුවනුත් රැගෙන ඔවුන්ගේ සොයුරා වූ සිරි වල්ලභ ලඟට යන්න. සිරි වල්ලභ ගේ බිසව තමයි "සුගලා". ඇය, විජයබාහු රජුට ලීලාවතී රැජිනගෙන් ලැබුණ දියණිය යශෝදරා ගේ දුවක්. මොවුන් දෙදෙනාගේ පුතාගේ නමත් "මානාභරණ". ඉතින් මේකෙන් වෙන්නේ මිත්තා කුමරිය සහ මානාභරණ අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇති වීම. ඒත් රත්නාවලී බිසව මේ දියණියගේ සම්බන්ධෙට කැමති වෙන්නේ නැහැ. ඇගේ අදහස උනේ ගජබාහු රජතුමාට මේ මිත්තා කුමරියව පාවා දීම. මොනවා උනත් ගජබාහු කියන්නේ තමන්ගේ සොහොයුරාගේ පුතා. ඒ වගේම රටේ රජතුමා. ඉතින් සැමියාගේ සොහොයුරාගේ පුතාට වඩා ගජබාහු කුමාරයාට කැමැත්තක් ඇති වීම සාධාරණයි නේ. මේ බව දැනගත් සිරි වල්ලභ කෝපයට පත් වෙනවා, තමන්ගේ සතුරෙක්ට මිත්තාව පාවා දීමට යන නිසා. ඉතින් සිරි වල්ලභ මොකද කරන්නේ, රත්නාවලී බිසවගේ විරුද්ධත්වය නොතකාම මිත්තාව මානාභරණට පාවා දීම. මෙයින් අසතුටට පත් වෙන රත්නාවලී බිසව, පරාක්‍රමබාහු කුමාරයාත් රැගෙන පිටත් වෙන්නේ ඔවුන්ගේ අනෙක් සොයුරා වූ කීර්ති ශ්‍රී මේඝ ලඟට. කිර්ති ශ්‍රී මේඝ ඔවුන්ව පිළි අරගෙන පරාක්‍රමබාහු කුමාරයාට ඉතා හොඳ අධ්‍යාපනයකුත් ලබා දෙනවා.
පසුව පබාවතී කුමරියත් මානාභරණගේ බිසවක් බවට පත් වෙන අතර මිත්තා සහ පබාවතී දෙදෙනාටම පුතුන් දෙදෙනෙක්ද ලැබෙනවා. මේ අතරේ සිරි වල්ලභ මිය යන නිසා මානාභරණට ඒ වගකීම් පැවරෙනවා.
මේ අතරේ අධ්‍යාපනය හමාර කළ පරාක්‍රමබාහු කුමාරයා පසු වෙන්නේ සිත් තැවුලෙන්. හේතුව තමයි රුහුණ සහ රජ රට අසමගිව රට දෙකඩව පැවතීම. මේ ගැන දිගින් දිගටම කල්පනා කරන කුමාරයා රහසේම මාලිගයෙන් පිට වෙලා යන්නේ රට නැවතත් එක්සේසත් කිරීමේ අරමුණින්. කුමාරයා ඒ කාර්යය පටන් ගන්නේ රුහුණේ ප්‍රදේශයක් පාලනය කරමින් සිටි සංඛ සෙනෙවියා මරා දැමීමෙන්. මෙය ආරංචි වෙන කීර්ති ශ්‍රී මේඝ කෝපයට පත් වී කුමාරයා දුර දිග නොබලා ක්‍රියා කරන බව සිතා ඔහු අල්ලාගෙන ඒමට සේනා කිහිපයක් පිටත් කළත් කුමාරයාගේ සෙබළුන් ඔවුන්ව පරාජය කරනවා.
ඉන් පසුව රජරට බලා ගමන් කරන කුමරු ගැන ඇසූ ගජබාහු රජතුමා ඉතාමත් මිත්‍රශීලි අන්දමින් ඔහුව තම මාළිගාවට කැඳවා ගෙන විත් සත්කාර කරනවා. එලෙස මිත්‍ර වන මේ දෙමස්සිනාලාගේ සම්බන්ධය වඩාත් තර වෙන්නේ පරාක්‍රමබාහු කුමාරයාගේ තවත් සොයුරියක් වන භද්‍රාවතී ගජබාහු රජුට විවාහ කර දීම නිසා. මේ විදියට පරාක්‍රමබාහු කුමාරයා පොළොන්නරු මාළිගාවේ නිදහසේ කල් යවද්දී ගජබාහු රජතුමාට ඔහු ගැන නිතැතින්ම සැක පහළ වෙනවා. පරාක්‍රමබාහු ගේ දක්‍ෂ බවත් තේජසත් එයට බලපාන්න ඇති. මේ නිසා ගජබාහු රජුගේ හැසිරීමේ වෙනසක් ඇති වෙන අතර එය වටහා ගන්නා පරාක්‍රමබාහු නැවතත් රුහුණු රට බලා යනවා.
කුමරුගේ සුළු පියා වූ කීර්ති ශ්‍රී මේඝ මිය ගිය පසු රුහුණේ පාලනය බාර වන්නේ ඔහුට. ඒත් ඔහුගේ අභිප්‍රාය වෙන්නේ මුළු ලංකාවටම රජු වීමටයි. මුලින්ම රුහුණ සශ්‍රික කිරීම අරඹන ඔහු පසුව වයඹ හා මලය ප්‍රදේශත් ඔහුගේ පාලනයට නතු කරගන්නවා. කුමරුගේ මී ළඟ අරමුණ වෙන්නේ රජරට යටත් කර ගැනීම. ගජබාහු රජු සමග කළ සටන් ලෙහෙසි පහසු ඒවා නොවුනත් අවසානයේ ගජබාහු රජු සිර කිරීමට ඔහුට හැකි වෙනවා.
මේ අතර පරාක්‍රමබාහුට විරුද්ධව තවත් සතුරෙක් ක්‍රියාත්මක වෙනවා. ඒ, මිත්තාව විවාහ කරගත් මානාභරණ. තමන්ගේ මස්සිනාට එරෙහිව සටන් වදින මානාභරණට හැකි වෙනවා ඔහුව පරදා කෙටි කලකට පොළොන්නරුවේ පාලනය අල්ලා ගැනීමට. එහෙත් නැවතත් ඔහු සමග සටන් වදින පරාක්‍රමබාහු ඔහුව පලවා හරිනවා. මේ අවසරයෙන් හිරෙන් පැන යන ගජබාහු, ගන්තලාවට පැන ගොස් සේනාව රැස් කිරීමට පටන් ගන්නවා.
මෙන්න මේ වෙලාවේදී සිද්ධ වෙන්න යන විනාසය දැකලා වහාම ක්‍රියාතමක වෙන්නේ සංඝයා වහන්සේලා. කුමාරවරුන් එකිනෙකා මරා ගැනීමේ ආදීනව දුටු උන්වහන්සේලා තීරණය කරනවා කෙසේ හෝ මොවුන් සමගි කරවීමට. මුලින්ම ගජබාහු රජු ඒ සඳහා කැමති කරගෙන පසුව පරාක්‍රමබාහු හමුවී අනුශාසනා කරනවා. ගජබාහු රජු දැන් මහළු බවත් ඔහුට දරුවන් නැති නිසා ඔහුගෙන් පසු පරාක්‍රමබාහුට රජ කම හිමි කරගත හැකි බව පසක් කර දුන් පසු ඔහුත් සමාදානයට එකඟ වෙනවා. මේ අනුව ඔවුන් සාම ගිවිසුමක් අනුව සමාදාන වූ බවත් ඒ ගිවිසුම සංගමුව රජමහා විහාරයේ සෙල්ලිපි ගත කළ බවටත් විශ්වාස කෙරෙනවා.
ක්‍රි. ව. 153 දී ගජබාහු රජු මියගිය පසු ඇමතියන් පිරිසකගේ උපදෙස් මත මානාභරණ නැවතත් පොලොන්නරුව අල්ලා ගැනීම සඳහා සටන් වදිනවා. එහෙත් වඩාත් බලවත් පරාක්‍රමබාහු එයින්ද ජය ගන්නවා. ඉන් නොබෝ කලකට පසුව මානාභරණ මිය යන නිසා ඔහුගේ ඇමතිවරුන් කරන්නේ මානාභරණගේ මව වන සුගලා වටා එකතු වී නැවතත් පරාක්‍රමබාහුට පහර දීම සඳහා සටන් වදින එක. පරාක්‍රමබාහු කුමරු "රක්ඛ" නම් සෙනෙවියෙකුගේ සහාය ඇතුව මේ සේනාව සමග සටන් වදිමින් ඔවුන්ව රුහුනටම හඹා යනවා. ඒ අතරේ දන්ත ධාතුව අයත් කරගන්නා සුගලා, එය රැගෙන උරුවෙල ට පැන යන නිසා පරාක්‍රමබාහු ඇතුළු සේනාව රුහුණ පීරමින් සටන් කර ජයග්‍රහණය කරනවා. දන්ත ධාතුව නැවතත් පොළොන්නරුවට වැඩමවන ඔහු ඒකීය ලංකාවක මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1153 - 1186) ළෙස අභිෂේක ලබනවා.
ඔය ආකාරයට තමයි ලක්දිව තවත් ශ්‍රේෂ්ඨ නරපතියෙක් බිහි වුනේ. රට වාරිමාර්ගයෙන්, ගොවි තැනින් සශ්‍රික කරා වගේම බුදු සසුනටත් උපරිම අනුග්‍රහයක් දක්වපු රජ කෙනෙක්. පරාක්‍රම සමුද්‍රය එහෙම කට්ටියට මතක් වෙනවා ඇතිනේ. එතකොට අර "අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා යාමට නොදිය යුතුය" කියන කියමනත් මතක ඇතිනේ...
මේ තියෙන්නේ පරාක්‍රමබාහු රජුගේ මාලිගයේ නටබුන්
මේ පිළිමය පරාක්‍රමබාහු රජුගේ කියලා සැලකුවත් ඒ ගැන තවත් මතවාද තියන බව ඔබ දන්නවා ඇති.
මෙයින් පස්සේ සුගලාට එහෙම මොකද උනේ කියලා අපි ඊ ළඟ ලිපියෙන් බලමු.

Tuesday, June 25, 2013
විසෙන් විස නැසීම
මේ ලඟදි දවසක මට අහන්න ලැබුනා විශ්වාස කරන්නත් බැරි තරමේ අරුම පුදුම කතාවක්. වෛද්‍ය විද්‍යාවේ තවත් ආශ්චර්යයක් ගැන (ආශ්චර්යයක් කිව්වේ ඇත්තම ඇත්ත ආශ්චර්යයක්).
HIV වෛරසය කිවූ ගමන් අපිට මතක් වෙන්නේ මහා භයානක, සතුරෙකුටවත් නොහදිය යුතු ලෙඩක්. හැබැයි මේ වෛරසයෙන් අපි නොහිතන විදියේ ප්‍රයෝජන ගන්න පුළුවන් බව වෛද්‍යවරු කණ්ඩායමක් ඔප්පු කරලා තියනවා.
පුංචි "එමා" අවුරුදු 6 ක ගැහැණු ළමයෙක්. සාමාන්‍ය ගැහැණු ළමයෙක් නෙමෙයි ලියුකේමියාවෙන් පීඩා විඳින, මරණය අභියස සිටින කෙනෙක්. තවත් කළ හැකි ප්‍රතිකාරයක් ඉතිරි නොවූ තැන වෛද්‍ය විද්‍යාවේ අමුතුම ආකාරයේ පරීක්ෂණයකට ඇයව ලබා දෙන්න එමාගේ දෙමව්පියන් කැමති වෙනවා. ඒ පරීක්ෂණය තමයි HIV වෛරසය යොදාගෙන ලියුකේමියා පිළිකා සෛල නැසීම.
තව දුරටත් රෝගකාරකයක් විය නොහැකි වන පරිදිත් එහෙත් පිළිකා සෛල වලට පහර දීමට හැකි වන පරිදිත් වෙනස් කළ HIV වෛරසය එමාගේ සිරුරට ඇතුල් කරනවා. එයින් පසු ඇයට උණ, හුස්ම ගැනීමේ අපහසුතා, රුධිර පීඩන වෙනස් කම් වැනි දේවල් වලින් දින ගණනක් කරදර විඳින්න සිද්ධ වෙනවා. කෙසේ උනත් ඇය නිසැකවම මිය යාමට සිටි දැරියක් බව හැමෝම දැන සිටියා. කොයි අතින් උනත් විය හැකි දරුණුම දේ මරණය...
නමුත් එක වරම වෛරස් සෛල වර්ධනය වී පිළිකා සෛල විනාශ කිරීමට පටන් ගන්නවා. ඉන් පැය කිහිපයකට පසු එමාගේ උණ සම්පූර්ණයෙන් බැස යනවා. ඇය ඇඳෙන් නැගිටින්නේ ලියුකේමියාවෙන් සම්පූර්ණයෙන් නිදහස් ළමයෙකු ලෙස.
මේ තියෙන්නේ ඒ ගැන පුංචි වීඩියෝවක්. වැඩිය දිග නැහැ. විනාඩි 3.30 යි.
සමහර විට තොටියා අයියා එහෙම මේ පැත්තේ ආවොත් වැඩි විස්තර කියාවි. මටනම් ඒ තරම් වෛද්‍ය විද්‍යාව ගැන දැනුමක් නෑ මේවා පැහැදිලි කරන්න.
කොහොම උනත් පුදුමයි නේද? විසක් උනත් තවත් විසක් නසන්න ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.
Monday, June 17, 2013
සුපීරියර් විලේ සිතුවම් ගල්
සුපීරියර් විල කියල කියන්නේ පංච මහා විල් වලින් ලොකුම එක. පංච මහා විල් කියන්නේ මොකද්ද කියලනම් අහන්න එපා හොඳේ. :) එක සැරයක් නයගරා ගැන ලියපු පෝස්ට් එකේදී ඔය විල් හැදුන හැටි, විස්කොන්සින් ග්ලැසියේෂන් ගැන එහෙම කිව්වා මතකයි.
ඉතින් මේ සුපීරියර් විලේ කොනක එක්තරා පුංචි ඉවුරක් තියනවා "Pictured Rocks" කියලා. ඒ ඉවුරට මේ නම ලැබෙන්න හේතුවකුත් තියනවා.
ඔය ඉවුරේ බිත්තිය දිහා හොඳට බැලුවොත් පෙනේවි නිකන් ඉරි ඉරි චිත්‍රයක් වගේ එකක්. ටිකක් වම් පැත්තට වෙන්න. ඒ වගේ ස්වාභාවික චිත්‍ර ඉවුර දිගටම පිහිටලා තියනවා. මෙතන ඉවුරෙන් බොහොම පොඩ්ඩයි පේන්න තියෙන්නේ. හරියටමනම් මේ ඉවුරුවල දිග හැතැප්ම ගානක්. ඉතින් ඒ ඉවුරු දිගටම අර විදියේ චිත්‍රත් පිහිටලා තියනවා.
හැබැයි මේවා ගොඩ ඉඳගෙන නම් දැකගන්න බැහැ. ඒකට පුංචි පහේ ක්රූස් එකක් සූදානම් කරලා තියනවා අපිව එක්ක ගිහින් ඒවා පෙන්නන්න. ඔය යන්නේ එයින් එකක්.
ඔහොම ඉවුරු අයිනෙන් යාත්‍රා කරගෙන යනකොට ඔන්න චිත්‍ර පොතක වගේ අපූරු සිතුවම් පේන්න පටන් ගන්නවා. මේ සිතුවම් රතු, නිල්, කළු, කොළ වගේ වර්ණ වලින් දකින්න පුළුවන්.
මම කලින් කිව්වනේ සුපිරියර් විල තමයි පංච මහා විල් වලින් ලොකුම සහ ගැඹුරුම එක කියලා. ඒ වගේම එදා දැනගත්ත තවත් කාරණයක් තමයි මේ විලේ ජලය සාපේක්ෂව ඉතාමත් පිරිසුදුයි ලු. ඒ කතාවනම් ඇත්ත වෙන්න ඕනේ. වතුරේ පාට දිහා බැලුවමත් ඒක පේනවා.
මේ තියෙන්නේ සාමාන්‍ය පොයින්ට් & ශූට් කැමරාවකින් ගත්ත විල් පතුලේ පින්තුරයක්.
මේ ආරුක්කුවක් වගේ පේන ස්ථානයට කියන්නේ "lover's leap" කියලා. ඔතන විල ගැඹුරුයි වගේ පෙනුනට ඉතාමත් නොගැඹුරු තැනක්. කවුරු හරි ගිලිලා මැරෙන්න හිතාගෙන වතුරට පැන්නට වැඩක් වෙන්නේ නෑ. විලේ පතුලේ වැදිලා තමයි මැරෙන්න වෙන්නේ.
හැබැයි මේ ගමනේ උපරිම විනෝදය ලැබෙන්නේ ක්රූස් එකෙන් ගියොත් නෙමෙයි. තනි මනුස්සයෙක්ට විතරක් යන්න පුළුවන් kayak කියන බෝට්ටු විශේෂය ගැන අහල ඇතිනේ. ඉතින් කැමති අයට පුළුවන් කයැක් එකක් බද්දට අරගන්න. ඉන් පස්සේ කයක් එකයි මිනිහවයි දෙන්නවම වෙනත් බෝට්ටුවකින් ඈතට අරගෙන ගිහින් සිතුවම් ඉවුරු අතරේ අත ඇරලා එනවා. හිතේ හැටියට පැදලා කැමති වෙලාවක ගොඩට පැදගෙන එන එකයි තියෙන්නේ. මේ ඉන්නේ එහෙම kayak කාරයෝ ටිකක්. ක්රූස් එකට යන්න බැරි අහුමුලු අස්සට මේ අයට යන්න පුළුවන්.
මමනම් ඉතින් ඔය kayak වැඩේට කැමති නෑ. ඒක මේ දැන් පෙරලෙන්න බලාගෙන ඉන්නේ කියලමයි මට හිතෙන්නේ. ඊට වඩා ටිකක් ස්ථායි canoe කියන ජාතිය. ඩබල් දාලා තමා යන්නේ. ඒවායේ නම් අපි ගිහින් තියනවා දෙතුන් පාරක්. දෙන්නෙක් ඉන්නකොට වැඩිය හොඳයි නේ :)
~~~~~~~~~~~~~~
පින්තූර දදා හිටියා මිසක් මේ විදියේ සිතුවම් ගල් වල මැවුනේ කොහොමද කියලා කිව්වේ නෑ නේ. ඒකට හේතුව තමයි ඛනිජ ලවණ. මේ උස ඉවුරු වැඩි හරියක්ම සමන්විත වෙන්නේ ගල් වලින්. ඒවායේ අඩංගු වෙනවා එක එක වර්ගයේ ඛනිජ ලවණ.
මෙන්න මේවා තමයි අපිට දකින්න ලැබෙන සිතුවම් වර්ණ වලට හේතු
යකඩ - රතු පැහැය
මන්ගනිස් - සුදු සහ කලු
ලිමොනයිට් - කහ දුඹුරු
තඹ - රෝස කොළ පැහැය
ඒ වගේමයි කාලාන්තරයකට කලින් විලේ ජල මට්ටම තිබිලා තියෙන්නේ මීට ගොඩක් උසින් ලු. කාලයත් එක්ක ජල මට්ටම පහළ බහිද්දී ඉවුරු ඛාදනය වීමත් එක්ක අර ඛනිජ ලවණ දිය වුන සලකුණු ඉතිරි කරලා ජලය වාෂ්ප වෙලා ගිහින්. ඕක තමා එයාලා අපිට දීපු පැහැදිලි කිරීම.
ආ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා. හොඳම පින්තුරේ දැම්මේ නැහැනේ. ඔන්න බලන්න. මුකුත් අමුත්තක් එහෙම පේනවද?
තෙතමනයක් නැති කාෂ්ඨක ගල් පර්වතයක් උඩ පුංචි පැලයක් පැල වෙලා. ටික ටික ලොකු වේගෙන එද්දී තමයි වැඩේ තේරෙන්නේ. නෝ වෝටර්...නෝ ෆුඩ්...
දැන් ඉතින් මොකෝ කරන්නේ. ගහත් වැඩේ අත ඇරලා නැහැ. පේනවද පර්වතයේ වම් පැත්තෙන් ගහේ මුල් වගයක් ඇදිලා ගිහින් ප්‍රධාන ගොඩ බිමත් එක්ක සම්බන්ධ වෙන හැටි? ඒක තමා නොමැරී ඉන්න ගහ හොයා ගතිපු ක්‍රමය. හරියට පිටරටකින් ආහාර ආනයනය කරනවා වගේ. කෝම හරි ගහ තවමත් සුවෙන් :)

Tuesday, June 4, 2013
අසමගි නෑයෝ - රාජාවලිය XXIX
කට්ටියට මතකද මන්දා දැන් අපි කොහෙද ඉන්නේ කියලා. එච්චර වේගෙන් මේකේ ලිපි ලියවෙනවනේ දැන් :) කමක් නෑ....දැන් අපි ඉන්නේ පොළොන්නරු යුගයේ. අන්තිම ලිපියෙන් අපි කතා කරේ මහා විජයබාහු රජතුමා චෝලයින්ගෙන් රට නිදහස් කරගෙන රජ වෙච්ච හැටි.
ඒ ලිපියේම අපි කතා කරා ජගතිපාල කියලා අයෝධ්‍යාවෙන් පැමිණිලා පාලන කටයුතු අල්ල ගත්තු නායකයෙක් ගැන. අන්තිමට චෝලයින් ඔහුවත් පරාජයට පත් කරලා ඔහුගේ බිරිඳ සහ දියණිය සිර කරුවන් විදියට ඉන්දියාවට ගෙන යනවා. මෙන්න මේ කාලයේදී ඔවුන් දෙදෙනා නිදහස් වෙලා නැවත ලංකාවට එනවා. ඉතින් විජයබාහු රජතුමාත් ඔවුන්ව පොළොන්නරුවට ගෙන්වාගෙන හොඳින් සත්කාර කරනවා. අන්තිමේදී රජතුමාගේ අගබිසව වීමේ වාසනාව ලැබෙන්නේ මේ දියණියට, එනම් "ලීලාවතී" කුමරියට. ඔවුන් දෙදෙනාට යශෝධරා නම් දියණියක්ද ලැබෙනවා.
විජයබාහු රජතුමාට "මිත්තා" නම් බොහොම ලස්සන සහෝදරියක් ඉන්නවා. මේ කුමරියට හැම පැත්තෙන්ම මංගල යෝජනා එද්දී චෝල රටෙන් ආපු කුමාරයෙකුත් කුමරිය ගැන අදහසක් තියාගෙන ඉන්න බව රජුට දැනගන්න ලැබෙනවා. මේකට නොසෑහෙන්න උදහස් වෙන රජතුමා අර කුමාරයාට ඒ ගැන තරවටු කරනවා. අච්චර කාලයක් තිස්සේ තමන්ගේ රටට වින කළ අයට තමන්ගේ සොයුරියක් දෙන්න රජතුමා කැමති උනානම් තමයි පුදුමේ. ඒත් මේ ක්‍රියාව නිසා පසුව කරදර ඇති විය හැකි බව සිතා රජතුමා පසුතැවෙනවා. ඒ නිසා ඉක්මනින්ම මිත්තා කුමරිය පාන්ඩ්ය කුමරෙක්ට සරණපාවා දෙනවා. මේ මගුල් තුලා කටයුතු වලිනුත් එතුමා කළේ උපක්‍රමශිලිව විදේශ සබඳතා තර කර ගැනීම. එහි තවත් පියවරක් විදියට තමන්ගේ දෙවන බිසව ලෙස කාලිංග රජ පරපුරෙන් "තිලෝකසුන්දරී" කුමරිය සරණපාවා ගන්නවා. එමෙන්ම පිරිහී තිබුණු භික්ෂු ශාසනය රැක ගැනීමට බුරුමයේ අනුරාධ රජුගේ අනුග්‍රයෙන් නැවත උපසම්පදාව පිහිටුවනවා. මේ සබඳතා නිසා තවත් කාලයක් යනතුරු චෝලයින්ගෙන් ලංකාවට කරදර ඇති වෙන්නේ නැහැ. ඒත් චෝල අධිරාජයා පිටින් නොපෙන්නුවත් ලංකාවත් සමග සිටියේ නොසතුටින්.
මේ අතරේ චෝල සහ කර්නාට යන දෙරටින් ලංකාවට පැමිණි සාම දූත පිරිසක් රජතුමා හොඳින් පිළිගෙන ප්‍රති උත්තර විදිහට මෙරටින් තෑගි බෝග රැගෙන සාම දූතයින් එහි යවනවා. චෝලයින් සමග වෛරය යටපත් කරගන්නට රජතුමා උත්සාහ කරන්න ඇති. එහෙත් සිදු වන්නේ අනෙකක්. චෝලයින් කරන්නේ මෙහෙන් ගිය සාම දූතයින් අල්ලාගෙන කන්, නාසා ආදිය කපා නැවත ලංකාවට එවීම. මෙයින් කුපිත වෙන රජතුමා "කුලෝත්තුංග" නම් එවකට සිටි සොලී රජුට අභියෝග කරනවා සටනකට එන ලෙස. සොලී රජුගෙන් ප්‍රතිචාරයක් නැති තැන සොලී රටට ගොස් පහර දීම සඳහා සේනාව රැස් කරන රජතුමාට තවත් නොහිතූ කරදරයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඒ තමයි රජතුමාගේ චෝල කුලී භටයින් විසින් අභ්‍යන්තර කැරැල්ලක් ඇති කිරීම. මේ චෝල භටයින් වැඩි හරියක් අර ගජබා රජතුමා දකුණු ඉන්දියාවෙන් අරගෙන ආපු අය. ඒ ඉතින් අපේ රජෙක් කරපු තවත් මෝඩ කමක් තමා. ඉතින් මේ කැරැල්ල නිසා අපේ සේනා වලට වරායෙන් පිටත් වෙන්නවත් ලැබුනේ නැහැ. විජයබාහු රජතුමාට සිද්ද උනේ උපක්‍රමශීලිව වාකිරිගලට පලා යන්න. වාකිරිගලදී රජු තමන්ගේ සහෝදර වීරබාහු උප රජු සමග එක්ව නැවත සේනා සංවිධානය කර පොළොන්නරුව බලා යනවා. එහිදී ඇති වෙන ඉතාමත් දරුණු සටනකින් පසුව සොලී කුලී හේවායින් පරදවන්න ඔවුන්ට හැකි වෙනවා. ජීවග්‍රහයෙන් අල්ලාගත් කුලී හේවායින්, කැරැල්ලේදී මරා දැමූ සිංහල සෙනෙවියන්ගේ සොහොන් කොත් වලට තබා බැඳ, ගිනි තැබූ බවත් කියවෙනවා.
මේ අතර යුව රජ වූ වීරබාහුගේ වියෝව නිසා ඉතාමත් දුකට පත් වෙන රජතුමා ඔහුගෙන් හිස් වුනු යුවරජ තනතුරට පත් කරන්නේ බාලම සොහොයුරු "ජයබාහු". රුහුණේ පාලකයා ලෙස පත් කරන්නේ තිලෝකසුන්දරී බිසවගෙන් ලද පුත් "වික්‍රමබාහු".
මහා විජයබාහු රජතුමාගේ මරණය සිද්ධ වෙන්නේ ක්‍රි.ව. 1110 දී. සිංහලේ මහා ගැලවුම්කරු ලෙස විරුදාවලිය ලැබිය යුතු, අති දක්‍ෂ මෙන්ම ගුණ ගරුක (තමාට උදව් කළ බුදල්නාවන්ට කළගුණ සැලකීම සඳහා කරවූ පනාකඩුව තඹ සන්නසෙන් පැහැදිලි වන පරිදි ) උතුම් රජෙකුගේ මරණය රටටම දුකක් බව අමුතුවෙන් කිව යුතු නැත.
විජයබාහු රජතුමාගේ මරණින් පස්සේ උදා උනේ තවත් කලබලකාරී කාලයක්. රජ කිරුල ලබා ගැනීම සඳහා උරුමක්කාරයින් සටන් වැදීම තමා එයට හේතුව. රජුගේ සොයුරිය, මිත්තා කුමරියට පුතුන් තිදෙනෙක් සිටි අතර ඔවුන් රාජ්‍ය බලය ලබා ගැනීමට යුහුසුළු උනා. මේ සඳහා ඔවුන් කළේ ඇමතියන් සහ සංඝයා වහන්සේලාගේ උපකාර ඇතුව දැනට යුවරාජ ව සිටි රජුගේ සොහොයුරු "ජයබාහු" (ක්‍රි. ව. 110 - 1111) රජකමට පත් කිරීම. මේ කටයුත්ත කළේ විජයබා රජුගේ පුත් වික්‍රමබාහු ට නොදන්වා. ජයබාහුට රජකම ලැබුනත් රාජ්‍ය පාලන බලය සම්පූර්ණයෙන්ම අතට ගත්තේ මිත්තා කුමරියගේ පුතුන් තිදෙනා. එයින් වැඩිමහල් "මානාභරණ" කුමරු යුවරජ බවට පත් වුනා. සියලු කටයුතු කෙරුනේ ඔවුන්ට උවමනා විදියට. ජයබාහු රූකඩ රජෙක් බවට පත් උනා.
මෙයින් නොනැවතුණු ඔවුන් තමන්ගේ මස්සිනා වන වික්‍රමබාහු කුමරු අත්අඩංගුවට ගැනීම සඳහා රුහුණු දේශය බලා යාමට සූදානම් වෙනවා. මේ බව ඇසූ වික්‍රමබාහු කුමරු සේනාවකුත් රැගෙන පොළොන්නරුවට ගොස් මුලින්ම තම පියාගේ සොහොනට ගෞරව දක්වනවා. ඉන් පස්සේ ඔහු හා සටනට එන තෙසොහොයුරන් පැරදවීමට වික්‍රමබාහු කුමරු සමත් වෙනවා. මෙහිදී පලා යන මානාභරණ සහ සොහොයුරන් නැවත නැවතත් සංවිධානය වී සය වරක්ම වික්‍රමබාහු කුමරු පරාජය කිරීමට උත්සාහ කරත් ඔවුන්ට නැවත නැවතත් පරාජයම අත් වෙනවා. මේ නිසා ඔවුරුහුණට පලා ගොස් එය හවුලේ පාලනය කරන අතර වික්‍රමබාහු රජු (ක්‍රි. ව. 1111 - 1132) රාජ්‍ය පාලනය බාර ගන්නවා.
කෙසේ වෙතත් මානාභරණ ඇතුළු පිරිස වික්‍රමබාහු රජු සමග ඇති උදහස යටපත් වන්නට දෙන්නේ නැහැ. ඔවුන් නැවතත් රජුට විරුද්ධව සටනට පිටත් වෙනවා. මේ ආරංචිය ලැබුන විගසම වික්‍රමබාහු රජුත් සේනාව සමග ඉදිරියට පැමිණෙනවා. ඒ සටනෙනුත් පැරදෙන සොහොයුරන් පස් යොදුන් රටට පලා යනවා. කොරේ පිටට මරේ කියන්න වගේ මේ වෙලාවේ වික්‍රමබාහු රජුට විදේශ ආක්‍රමණයකටත් මුහුණ දෙන්න වෙනවා. ඒ වීරදේව නම් සෙනෙවියාගෙන්. වීරදේව ඇතුළු පිරිස මාතොටට ගොඩබැස කරන සංහාරය ගැන ඇසූ රජු ඔවුන් හා සටනට පිවිසියත් රජුගේ හමුදාව දුර්වල වීමට පටන් ගන්නා නිසා රජුට සිදු වෙන්නේ සියලු වටිනා වස්තුවත් රැගෙන පලා ගොස් සැඟවීමට. මහකරදාම දුර්ගයේ සැඟවුණු රජුගේ සේනාවට පහර දීමට පැමිණි වීරදේව ගේ සේනාව විනාශ කිරීමට රජු සමත් වෙන්නේ භූ විෂමතාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා නිසා. මේ ජයග්‍රහණයෙන් පසුව රජුගේ බල පරාක්‍රමය හැම දිසාවේම ප්‍රසිද්ධ වෙද්දී මානාභරණ ඇතුළු සොහොයුරන් පසු බා රජුට විරුද්ධ සටන් අතහැර දමා රුහුණට ගොස් ජිවත් වෙනවා.
වික්‍රමබාහු රජුගේ මරණයෙන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ පුත් ගජබාහු II (ක්‍රි. ව. 1132 - 1153). මේ සිද්ධිය නිසා නැවතත් රුහුණේ සිටින තෙසොහොයුරන් කලබල වෙනවා. මෙවර කරලියට බහින්නේ බාල සොයුරන් දෙදෙනා වන "කීර්ති ශ්‍රී මේඝ" සහ "සිරි වල්ලභ". ඔවුන් පොළොන්නරුවේ ද්‍රවිඩ කුලී හේවායින්ට පගා දී තමන් දෙසට හරවා ගෙන ඥාතිත්වයෙන් තම බෑණනුවන් වන ගජබා රජු හා සටන් කිරීම සඳහා පොළොන්නරුවට ගොස් දෙපැත්තකින් කඳවුරු බඳිනවා. මේ බව ඇසූ රජතුමා රාජකීය සේනාව යොදවා ඔවුන් පරාජයට පත් කරනවා.
මේ ආකාරයට අවුරුදු 20 ක් පමණ රජකම් කිරීමට ගජබාහු සමත් වෙනවා. එකම පවුලේ ඥාතීන් බලයට පොර කෑම පිළිකුල් සහගත උනත් මේ එහි අවසානය නොවේ. ඊ ළඟ රාජාවලිය ලිපියෙනුත් මේ පවුල් අතර ඇති වෙන හැලහැප්පීම් ගැන විස්තර බලාපොරොත්තු වන්න.

Wednesday, May 15, 2013
මාළු කටු මන්තරේ
"ඕං රීං ඒස්වා...
භූත බන්ධ ප්‍රේත බන්ධ ඒස්වා හඃ..
#&*&@#^*#$%#%$%^........"
ඒ මන්තර හඬ ඇහෙන්නේ මගේ උගුරේ හිර වෙච්ච මාළු කට්ට එලියට අරන් දෙන්න ආපු ගුරුන්නාන්සේ ගෙන්. මට ඔය මාළු කට්ට හිර උනේ ඊට සති ගානකට කලින්. අර හීනි මාළු කුරීයෝ ජාතියක් ඉන්නේ හුරුල්ලෝ කියලා, උන් බැදලා කනකොට හරිම රහයි. ඒ උනාට මම වගේ පොඩි උන්ට (ඒ වෙද්දී වයස 7 ක් විතර) ඔය ජාතියේ මාළුන්ගෙන් ටිකක් අපලයි. මාළු කට්ටක් හරස් කරන්න තරම්වත් උගුර ඉඩ නැහැනේ.
කෝම හරි ඉතින් මේ කටුව හිර වෙච්ච එකෙන් මම සති ගානක් දුක් වින්දා. කිසිම දෙයක් හරියාකාරව කන්න බොන්න විදියක් නැහැ උගුරේ වේදනාව හින්දා. සේරටම වඩා අමාරු කට්ට යන්න කියලා අම්මා හදල දෙන බත් ගුලි ගිලින එක. කෙසෙල් ගෙඩිද අරවද මේවද හපන්නේ නැතුව කුට්ටි පිටින් ගිලලා එපා වෙලා තිබුනේ. කොච්චර කරත් ඒක තව හිර වෙනවා මිසක් ගැලවෙන පාටක් නැහැ. වැඩේ හරි යන්නෙම නැති තැන තමයි තාත්තගේ යාලුවෙක් ඔය ගුරුන්නාන්සේ එක්කගෙන ආවේ. ඇයි අප්පා නැත්නම් දොස්තර කෙනෙක් ලඟට ගිහින් අඬුවකින් කටුව අරන් දාගන්න කියලද? මන්තරේකින් කටුවක් අරන් දාන විදිහ ගැන හිතා ගන්නත් බැරි උනත් අන්තිම තුරුම්පුව හැටියට ඒකත් කරලා බලන්න අම්මලා තීරණය කරා.
ඉතින් ගුරුන්නාන්සේ අර මතුරන්නේ බත් ගුලියකට. තඩිම තඩි බිත්තරයක හැඩේට ගුලි කරපු බත් ගුලියකට. ඒ ලඟම වතුර කෝප්පෙකුත් තියනවා. මම පැත්තකට වෙලා මන්තරෙත් අහගෙන අර තඩි බත් ගුලිය ගිලින ක්‍රමයක් ගැන හිත හිත ඉන්නවා. පැය බාගයක් විතර මතුරලා මතුරලා අන්තිමට අර බත් ගුලිය අම්මගේ අතට දුන්නා මට ගිල්ලවන්න කියලා. ඒ ගුලිය දෙකට කඩලා පුංචි ගුලියක් හැදුවට පස්සේ ඒකෙනුත් බාගයක් වගේ තමයි මට ගිලගන්න පුළුවන් උනේ. ඒත් එක්කම අර වතුර කෝප්පෙන් ටිකකුත් බිව්වා.
දැන් ඉතින් මට තියෙන්නේ කටුව යනකන් බලන් ඉන්න...විනාඩියක් හිටියා.. දෙකක් හිටියා.. මෙන්න බොලේ ටිකක් උගුරේ රිදිල්ල අඩුයි වගේ. ආපහු අර වතුර ටිකක් බීලා බැලුවා. කලින් වතුර බොද්දි දැනුනු රිදිල්ල දහ ගුණේකින් විතර අඩු වෙලා. ඔහොම ටිකෙන් ටික වතුර කෝප්පෙම බිලා ඉවර වෙද්දී මාළු කට්ට කොහේ ගියාද නෑ. වේදනාවත් අන්තරස්දාන වෙලා.
~~~~~~~~~~~~~~
යන්තර මන්තර කියන එව්වා සමහරු විශ්වාස නොකළට මේකනම් මමම අත්විඳපු දෙයක්. එහෙම වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි උනත් එහෙම වෙච්ච බව අත්දැකීමෙන් දන්නවා.
අපේ සීයාත් (තාත්තගේ තාත්තා) හොඳ මන්ත්‍රාචාර්යවරයෙක්. ගොවිතැනට අමතරව සීයා ඒක රැකියාවක් හැටියට කළා. ගමේ අය සීයාව හැඳින්නුවේ "යකැදුරු මහත්තයා" කියලා. මේකත් ඒ දවස්වල "වෙද මහත්තයා" තනතුර වගේම ගමකට වැදගත් තනතුරක්. අපේ ගමේ ගෙදර (හිච්චා ගේ කතාවේ මේ ගෙදර ගැන වතාවක් ලිව්වා මම) තොවිලයක් ශාන්තිකර්මයක් කෙරෙනවා කියන එක හරිම සාමාන්‍ය දෙයක්ලු ඒ කාලේ. ගමේ මිනිස්සු ලෙඩක් දුකක් උනාම වෙද මහත්තයාගේ බෙහෙත් අහන්නේ නැති වෙද්දී දුවගෙන එන්නේ සීයා ලඟට. මොකද අර මට උනා වගේ, ඒක තමයි අන්තිම තුරුම්පුව. ඉතින් ඒ මිනිස්සුන්ට සීයා දෙවි කෙනෙක් වගේ.
පොඩි කාලෙදී ඉනට බඳින කිරි කවඩි වැල, නින්දෙන් බය වෙනවට කොට්ට උරේ අස්සට දාන යන්තර, රත් හඳුන් කල්ක, අත් බෙහෙත්, සුර... මේ හැම දෙයක්ම අපිට සීයා මතක් කරවන දේවල්. ඒ දවස්වල කල්ක බොන්න මමනම් පුදුම කැමතියි. ඒවා බොන්න දෙන්නේ මිහිපිට තියන මිහිරිම දියරයක් එක්ක. මී පැණි ටිකකට දෙහි ඇඹුල් ටිකක් දාලා ඒකට ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් දාගත්තම අන්න ඒ දියරය ලැබෙනවා. මම දැනටත් ඕක හදාගෙන බොනවා කල්ක නැතුව. හෙහෙ.
සියාගේ මේ යන්තර මන්තර සම්බන්ධ වැඩ හින්දා අපේ අත්තම්මානම් ටිකක් කරදර විඳලා තියනවලු. අත්තම්මා කියන හැටියට ඒ ගමේ ගෙදර ගෑනු කෙනෙක්ට ලෙඩක් දුකක් නැතුව ඉන්න අමාරුයි. ආත්තම්මට එහෙ ඉන්නකන් මොකක් හරි ලෙඩක් නැති දවසක් තිබුනේ නැහැලු. එක්කෝ වාත අමාරුවක් නැත්නම් සෙම. ඔය වගේ මොනවම හරි ලෙඩක් තියනවලු හැමදාම. හැබැයි කසාද බැඳලා එහෙන් ගියපු නැන්දලාටවත් අවුරුදු දෙක තුනක් විතරක් එහෙ පදිංචියට ගිය අපේ අම්මටවත් ඒවා බලපෑවේ නෑ. ගමේ ගෙදර අයිති වුනේ පුංචි තාත්තට. ඉතින් පුංචි තාත්තා කැන්දාගෙන ආපු පුංචිටත් ආත්තම්මට වගේ හැමදාම ලෙඩ තමා. සීයා තොවිල් වලට ගිහින් ආතුරයා හොඳ කරලා එනකොට ආතුරයාට වැහිලා හිටපු භූත ප්‍රේත යක්කු ඔක්කොම සීයා එක්ක ගෙදර එනවා කියන එක තමයි ආත්තම්මාගේ තියරිය :) අනේ මන්දා ඕවයේ ඇත්ත නැත්ත. මේ හින්දා සීයා තොවිලෙකට හරි ශාන්තිකර්මෙකට හරි පිට ගියපු දවස්වලට ආත්තම්මා ළමයි ටික ගෙට අරගෙන හතර වටේම දොරවල් වහලා වේලාසනින්ම නින්දට යනවලු. මොනම හදිසියකටවත් කාටවත් එලියට බහින්න දෙන්නේ නැහැලු. ඒ කාලේ ගෙවල්වල Attached bathroom කියලා ජාතියක් තිබුනේ නැහැ කියලත් මතක තියාගන්න ඕන :)
කොහොමහරි ඉතින් සීයා ගමට කරේ සුළු පටු සේවයක්නම් නෙමෙයි. ඒ බව අපිට හොඳින්ම වැටහුනේ සීයාගේ මළගම දවසේ. සීයා නැති පාඩුව අද අපිට දැනෙනවටත් වඩා ගමට දැනෙනවා. නවීන විද්‍යාවට පැහැදිලි කළ නොහැකි මහා දැනුම් සම්භාරයක් සීයත් එක්කම වැළලිලා ගියා කියලා මට හිතෙනවා. රාජ්‍ය පරිපාලන නිලයක් දරන අපේ තාත්තවත් විදුහල්පති කෙනෙක් වෙච්ච පුංචි තාත්තවත් නූතන උගත් පරපුරත් එක්ක මුහු උනා ඇරෙන්න මේ දේවල් ගැන උනන්දුවක් දක්වලා නැහැ. ලොකු තාත්තා විතරක් තරමක් දුරට විෂය ප්‍රගුණ කරලා තිබුනත් තෙල් මැතිරිමක් නූල් බැඳීමක් ඇරෙන්න ඊට වැඩි දෙයක් කරන්න තරම් දැනුමක් නෑ මගේ හිතේ. අපි නවීන ලෝකයේ ඉදිරියට යන තරමටම මේ දේවල්වලින් පසු පසට යනවා නේද? කොටින්ම මටත් මෙහෙම අත්දැකීම් නොතිබුනානම් මේ දේවල් සතේකටවත් විශ්වාස කරන එකක්වත් නැහැ.
ප. ලි. - කාලෙකින් ලිපියක් දැම්මට මට පහුගිය දවස් හතර පහක්ම කාගේවත් බ්ලොග් බලන්න ලැබුනේ නෑ. දවස් කීපයක්ම ගෙදරින් ඈත ගිහින් හිටියා පොඩි නිවාඩුවකට. ඊයේ තමා ආවේ. ඒ විස්තරත් "හඳ අල්ලපු රටේ විත්ති" ලිපියකින් කියන්නම් ඉස්සරහට. දැන් ඉතින් අත ඇරිච්ච එව්වා කියවන්න ඕන. :)
Friday, April 19, 2013
වසන්තේ අරන් ඇවිල්ලා...
මතකනේ මම මීට සෘතු දෙකකට කලින් ලියපු සරත් සිරිය ලිපිය. (ඒකෙදි තමයි තිසර යෝජනාවක් ගෙනාවේ මේ සෘතු වලට හරිනම් දාන්න ඕන පිරිමි නම් නෙමෙයි ගෑණු නම් කියලා. හේතුව හැටියට කිව්වේ ඉක්මනින් වෙනස් වෙන ලක්ෂණයක්ද මොකක්ද එකක් ගෑනුන්ට තියනවලු. අනේ මන්දා ඕවා ඉතින් :O කොහොම හරි සරත් සෘතුවට චමිලා සෘතුව කියලා නමකුත් දාලා තිබුනා). ඉතින් ඔය සෘතු භේදය ඇති වෙන හැටිත් මම ඒ ලිපියෙදි විස්තර කරලා ඇති. ඒ හින්දා ආපහු කියන්න ඕන නෑ නේ.
ඉතින් සරත් සෘතුව හිමින් සැරේ ගෙවිලා ගිහිල්ලා ගස් වල තියන ඔක්කොම කොළ හලලා දැම්මනේ. ඊට පස්සේ ඔන්න පටන් ගත්තා හිම වැටෙන්න. ඒ ගැනත් මම පින්තුර කතාවක් ලිව්වා සීතල හිම රටේ කියලා. මේ පාර සිසිර සෘතුව ඕනවට වඩා දික්ගැස්සුනා කියලා මටනම් ෂුවර්. මාර්තු මාසේ වෙනකනුත් හිම වැටුනා මදි නොකියන්නම. කොහොම හරි ඔන්න අප්‍රේල් මැද හරිය වෙද්දී අපි ඇස් දල්වා බලාගෙන හිටපු ලස්සන, මෘදු,සෙනෙහෙබර, වසන්තේ එන ලකුණු පෙනුනා
.
පින්තූර කතාව මෙතැන් සිට...
පොළව වහගෙන හිටපු හිම තට්ටුව දිය වෙලා ඒ වතුර ටික උරාගෙන පොළව තෙතබරිත උනාට පස්සේ මුලින්ම ඔලුව උස්සන්නේ ටියුලිප් සහ ඩැෆඩිල් නටු. පොළවේ වැලලිලා තිබිච්ච බල්බ පණ ගහලා ඇවිත් සති දෙකෙන් තුනෙන් ලොකු වෙලා මල් පිපෙන්න ගන්නවා.
ඔය තියෙන්නේ පුංචි ටියුලිප් යායක්. යායක් කිව්වට යාය කෑල්ලක්...
ආ එතකොට මේ තියෙන්නේ ඩැෆඩිල්. බලන්නකෝ හිත හොරාගෙන යන්න පුළුවන් ගතියක් එහෙම තියද කියලා?
මේ අතරේ තවත් ලස්සන සංසිද්ධියක් වෙනවා. අර කොළ හැලිලා නාටු වෙලා තියන ගස් තියනවා නේද, ආන්න ඒවා අතුරු සිදුරු නැතිව මල්වලින් වැහිලා යනවා. හැබැයි කොළ නෑ. කොළ එන්නේ පස්සේ. වැඩි හරියක්ම රෝස සහ සුදු මල් තමයි පිපෙන්නේ.
මෙන්න මේ වගේ...
දැන් ඔහොම තව දවස් දෙක තුනක් යනකොට අර මල් පිපිච්ච ගස්වල කොළ එන්න පටන් ගන්නවා. එහෙම කොළ එද්දී අර මල් හැලිලා යනවා ඉබේම.
මේ ගහ බලන්නකෝ. කොළ එන්න පටන් අරගෙන. තව ටික දවසෙන් මේ මල් හැලිලා ගහ තනිකර ලා කොළ පාට වෙනවා.
ගස්වල මල් හැලිලා ගියාට පස්සේ ඉතිරි වෙන්නේ අමුතුම ලා කොළ පාටක්. වසන්තෙට අලුතෙන් ආපු දළු නේ. මේවා ඉතින් ඊ ළඟ සරත් සෘතුව වෙනකම්ම ගහත් එක්ක ඉන්නවා. ආ ඒ විතරක් නෙමෙයි මැරිලා ගිහින් හිටපු තණකොළ පිට්ටනිත් ආපහු කොළ පාටට දිලිසෙන්න ගන්නවා.
දැන් තමා වැදගත්ම එක. මගේ ටියුලිප් වගාව :) ගිය සරත් සෘතුවේ සීතල බලන්නේ නැතුව, අමාරුවෙන් වෙලාව හදාගෙන, අපේ පුංචි මිදුල් කෑල්ලේ ටියුලිප් බල්බ හිටවපුවගේ ප්‍රතිඵල...
නරකම නෑ නේද?

Subscribe to:
Posts (Atom)

.jpg)