Wednesday, January 18, 2012

සිංහලේ පළමු රැජිණ - රාජාවලිය IX



පසුගිය රාජාවලිය ලිපිය අවසානයේ සඳහන් උන විදියට, වළගම්බා රජතුමා ක්‍රි. පූ. 77 දී මිය පරලොව ගියාට පස්සේ මී ළඟට රජ කම ලැබෙන්නේ ඛල්ලාටනාග ගේත් අනුලා දේවිය (පසුව වළගම්බා රජු ගේ බිසව වූ) ගේත් පුත් "මහාචූලී මහාතිස්ස" ට - ක්‍රි. පූ. 76 -62 (බු. ව. 468 - 482). 


මේ රජතුමා සාමයෙන් අවුරුදු 14 ක කාලයක් රට පාලනය කරන අතරෙදි "නාග" කුමාරයා, එහෙමත් නැත්නම් වළගම්බා රජතුමා ගේත් සෝමා දේවිය ගේත් පුත්‍ර රත්නය, ජිවත් වෙන්නේ පෙරළි කාරයෙක් විදියට. සොරකම්, මං පැහැරීම් වැනි දේවල් කරපු නිසා ඔහුට "චෝරනාග" කියලා නමකුත් පට බැඳෙනවා. කට්ටියට මතක ඇති නේද කලින් ලිපියෙදි කිව්වා වළගම්බා රජ පවුල පලා යද්දී සෝමා දේවිය රථයෙන් බිමට බැහැලා අනිත් අයට පැනලා යන්න ඉඩ සලසලා දීපු හැටි. ඉන් පස්සේ සොලීන් දේවිය අල්ල ගෙන ගියා නේ. ඉතින් ඊට පස්සේ අවු. 14 ක් ගිහින් සෝමා දේවිය නැවත ගෙන්වා ගන්න තෙක්ම නාග කුමාරයා හැදුනේ වැඩුනේ මව් සෙනෙහස අහිමිව. වළගම්බා රජතුමාට වෙන බිරිඳක් හිටපු නිසාත් (අනුලා), ඇයටත් පුතෙක් ඉඳපු නිසාත් නාග කුමාරයා මොන වගේ පිඩනයක ඉන්න ඇත්ද කියලා අපිට හිතා ගන්න පුළුවන් නේද? එහෙම වෙන එක දැන් කාලේ වගේම ඒ කාලෙත් ඇත්තටම ස්වාභාවිකයි. ඉතින් "නාග", "චෝරනාග" බවට පත් වීම එතරම් පුදුම වෙන්න කාරණයකුත් නෙමෙයි මම හිතන්නේ.


කොහොම උනත් මහාචූලී මහාතිස්ස රජතුමා ක්‍රි. පූ. 62 දී මිය ගියාට පස්සේ චෝරනාග කුමාරයාට රජකම ලැබෙනවා - ක්‍රි. පූ. 62 - 50 (බු. ව. 482 - 494). මේ චෝරනාග රජතුමාගේ බිසවගේ නමත් "අනුලා". චෝරනාග රජ උනාට පස්සේ තමන් පෙරළිකාරයෙක් ව සිටි කාලයේදී තමන්ට සහය නොදීපු විහාර 18 ක් විනාශ කරලා දැම්මලු. මේ ආකාරයෙන් රජකම් කරපු චෝරනාග රජතුමා අවුරුදු 12 කට පස්සේ වස දීමක් නිසා මිය යනවා. එතුමාට වස දුන්නේ කවුද කියන එක ටිකක් විවාදාත්මකයි. සමහරු කියන්නේ වස දුන්නේ ඔහුගේ බිසව "අනුලා" විසින් කියලා. තවත් සමහරු කියන්නේ රජුගේ අරක්කැමියා විසින් වස දුන්නා කියලා. 

කොහොමහරි අන්තිමට චෝරනාග මිය ගියාට පස්සේ රජකම ලැබෙන්නේ මහාචූලී මහාතිස්ස ගේ පුත් "කුඩාතිස්ස" (ක්‍රි. පූ. 50 - 47) ට. ඔහුට රජකම් කරන්න ලැබෙන්නේ අවුරුදු 3 ක් පමණයි. ඔහුත් වස දීමක් නිසා මරණයට පත් වෙනවා. ඉන්පසු "ශිව" නම් රජ වාසල ආරක්‍ෂකයෙකු සමඟ විවාහ වන අනුලා බිසව ඔහුට රාජ්‍යය පවරා දෙනවා. වැඩි දවස් නොගොස් ඔහුටත් වස දී හදිසියේ මිය යන නිසා "වටුක" නම් දමිළ වඩු කාර්මිකයා සමඟ විවාහ වන අනුලා දේවිය ඔහුට රාජ්‍යය පවරා දෙනවා. වැඩි දවසක් යන්න මත්තෙන් ඔහුටත් අත් වෙන්නේ ශිව ට අත් උන ඉරණම මයි. ඉන්පසු අනුලාගේ ස්වාමියා සහ රජු බවට පත් වෙන්නේ "දාරුභාතිකතිස්ස" නම් දර ගෙන යන්නෙක්. ඔහුත් අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමඟම "නීලිය" නම් බමුණා සමඟ විවාහ වන අනුලා ඔහුට රාජ්‍ය බාර දෙනවා. මේ විදිහට වසරක් ඇතුලත කිහිප දෙනෙක්ම තමන්ගේ ස්වාමියා කරගෙන රජකම බාර දුන්නත් නොනිල වශයෙන් රාජ්‍යය පාලනයේ යෙදුනේ අනුලා බිසව කියලා හිතන්න පුළුවන්. මේ මරණ වලට වගකිව යුත්තා වන්නේ අනුලා බිසව බව බොහෝ දෙනෙකුගේ මතය වුවත් එය එසේමද යන්න ටිකක් අපැහැදිලි කාරණයක්. 

අවසානයේදී ඇය ස්වාමියන්ට රජකම බාර දීම පසෙක තබා තමාම රාජ්‍ය පාලනය බාර ගන්නේ හෙළයේ පළමු රැජිණ ලෙස ඉතිහාසගත වෙමින්.  සැමියන්ට වස දීමේ සිද්ධිවල ඇත්ත නැත්ත කෙසේ වෙතත් කාමාධික කාන්තාවක් ලෙස අනුලා චරිතය හංවඩු ගැසීම එතරම් සාධාරණ නොවන බව මගේ පුද්ගලික මතයයි. "අනුලා රැජිණ" (ක්‍රි. පූ. 46 - 42) මේ ආකාරයට රට පාලනය කිරීම ඇරඹුවත් ඇයට එය කරගෙන යන්න ලැබෙන්නේ අවුරුදු 4 ක් පමණයි. මහාචූලී මහාතිස්ස ගේ දෙවැනි පුත්, එහෙම නැත්නම් කුඩාතිස්ස ගේ සොහොයුරු වන "කුටකණ්ණතිස්ස" අනුලා රැජිණ මරා රාජ්‍ය පවරා ගන්නවා. 

ලක් ඉතිහාසයේ අඳුරු යැයි සම්මත කාල පරිච්චේදයක් මෙසේ නිමා වන අතර දරුණු විදියට හංවඩු ගැසූ චරිතයක් ලෙස අනුලා රැජිණ ඉතිහාසයට එක් වෙනවා. ඒක කොයි තරම් දුරට සාධාරණයි ද කියලා හිතන එක ඒ චරිතය දිහා සානුකම්පිතව බලන්න පුළුවන් අයට බාරයි :)

ඊ ළඟ රාජාවලිය ලිපියෙන් නැවත හමු වෙමු....

38 comments:

  1. රාජාවලිය මුල් ලිපි ටිකනම් මට කියවන්න වුනේ නැහැ..ඇත්තටම ඔයා ගොඩාක් සරලව ලියල තියෙන නිසා කියවන්න ආසා හිතුන..අනිවාර්යෙන්ම ඒ ලිපි ටිකත් කියවනවා.. :)

    (සිංහලේ පළමු රැජිනම මාර වැඩ තමා කරල තියෙන්නෙ..මට තියෙන ප්රශ්නෙ ඇයි මෙයා මෙයාට නොගැලපෙන අය සමගම විවාහ වුනේ කියල..)

    ReplyDelete
  2. ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්.........

    ReplyDelete
  3. ඔයාගෙ ලිපිය ලස්සනට ලියල තියනව......................
    පලමුවෙන්ම එකට ස්තුතිය පුඩ කරනව....

    ReplyDelete
  4. සිත්රූ සිහින අහල තියනව නේද "ඇයි මෙයා මෙයාට නොගැලපෙන අය සමගම විවාහ වුනේ කියල" මෙකට මගේ පිලිතුර නම්..............මේකි රජ බිසවක් (කුමාරිකාවක්) උනත් ම්හහම ම්හ පවුකාරියක්........ කෙයන එක

    ReplyDelete
  5. // දරුණු විදියට හංවඩු ගැසූ චරිතයක් ලෙස අනුලා රැජිණ ඉතිහාසයට එක් වෙනවා. ඒක කොයි තරම් දුරට සාධාරණයි ද කියලා හිතන එක ඒ චරිතය දිහා සානුකම්පිතව බලන්න පුළුවන් අයට බාරයි

    කියලා කිව්වේ ඇයි? ඒ මට නම් හිතෙන්නේ ඒක එහෙම වෙන්න ඇති කියලයි. චෝරනාග ගැන විස්තර දැනගත්තේ අදයි! පෝස්ට් එක ලස්සනයි අක්කේ!

    ReplyDelete
  6. අනුලා බිසවගේ චරිතයට ගොඩක් චොදනා එල්ල උනා කියලානම් මමත් පොත් වල කියවලා තියෙනවා..

    ReplyDelete
  7. ස්තුතියි .. ඉතිරිය එනතුරු නොයිවසිල්ලෙන්

    ReplyDelete
  8. මමත් අහලා තියෙන විදියට අනුලා දේවිය කාමාධික කාන්තාවක් පෙර හැම මරණයකටම වගකිවයුත්තේ අනුලා දේවි මිස අන්කිසිවෙක් නොවේ කියන එකයි මගේ හැඟීම එහෙම කාන්තාවොත් නැති වෙන්න බෑනේ....මට මතකයි කොළඹ ප්‍රධාන බාලිකා පාසලකට මේ නම දැම්මයි කියලා විරුද්ධත්වයක් පවා පලවෙලා තිබිලා තියෙනවා කියලා කොහේ හෝ ලිපියක තිබුනා...මට මතක විදියට රජවෙලා පැයක් ඇතුලත මැරුණු රජ කෙනෙක් හිටියා ඒ අනුලා දේවිගේ කාලයේදීමද??? ඒ ගැනත් ලියවෙයි නේද??උඩ ඇඳපු චිත්‍රය ඔයාගේද??

    මේ කරන්නේ නම් සෑහෙන්න වටිනා වැඩක් අක්කේ දිගටම කරන්න සැලෙන්න එපා

    ReplyDelete
  9. පැහැදිලිව...සරළ බසකින් ලියන නිසා කතාන්දරයක් වගේ කියවාගෙන යන්න පුළුවන් සයුරි ලියන ඉතිහාස කතාව....ස්තුතියි අපිව දැනුවත් කරන්න ගන්න වෙහෙසට.....

    ReplyDelete
  10. සමහර විට වෙනත් පුද්ගලයන්ව රජ බවට පත් කරේ අනුලා දේවිය රජ වුනොත් කාන්තාවක් නිසා ජනතාවගෙන් බලපෑමක් එල්ලවෙයි කියන බය නිසාද දන්නේ නෑ. :)

    ReplyDelete
  11. අක්කා නියමට ලියලා තිනවා..... අර පින්තුරේ ඇන්දේ අක්කද?

    ReplyDelete
  12. හරිම සරල කියවන්න පහසු භාශාවෙන් ලියලා තියන නිසා. ආසවෙන් කියෙව්වා...ඉතිහාසය වුනත් රසවත් විදියට ලියන්න දක්ෂකමක් තියෙන්න ඕණෙ.

    අනුලා බිසව නොසෑහෙන්න චෝදනාවට ලක් වුනු තැනැත්ත්යියක්..

    ස්තූථියි අක්කෙ!!! ජය වේවා

    ReplyDelete
  13. apoi mama ennethuva hitapu davas tikata oya godak liyalane akkio.ee tika kiyavalama ennam.

    ReplyDelete
  14. රාජාවලිය තව ඉස්සරහට යන එකට සතුටුයි. මම් බලාගෙන ඉන්නේ රාජාවලිය කෝට්ටෙට එනකන්.
    එතකන් අක්කත් එක්ක ගමනේ යා. (අක්කා මොක ලිව්වත් කියවනවා.)

    අක්කගේ ලිපි සෙට් එක මරු.
    මම එච්චර මේ දෙවල් ගැන දන්නේ නෑ. දැනගත්තේ අක්කගෙන්.

    ReplyDelete
  15. දන්නේ නැති දේවල් ගොඩාක් ඉගෙන ගත්තා අක්කේ

    ReplyDelete
  16. මේ ලිපි සෙට් එකම මගේ නංගිට ප්‍රයෝජනවත් වෙනබව කී නිසා මම මෙවුවා කොපියක් දාගත්තා ..

    මටනම් ඇත්තටම ඉතිහාසය ගැන කියවද්දී නින්ද යනවා ..

    ස්තූතියි යාලු මම ඉතින් මේ ලිපි පෙලම එකතු කරන්නයි හිතාන ඉන්නේ ..

    ReplyDelete
  17. හැමදාම ආසාවෙන් කියවන විස්තරයක්....ඔය අනුලා දේවි ගැන එක බ්ලොග් එකක් කියෙව්වා ටික කලකට ඉස්සෙල්ලා එයා හරි වල් ලූ...එයා තමයි වස දීලා තියෙන්නේ දොරටූ පාලයට කියවලා..අනේමන්දා......

    ReplyDelete
  18. ඉස්සර චිත්‍රකතාවක් ගියා ඔය අනුලාදේවියගේ කතාව ගැන. මම ඒකෙන් තමා ඉස්සෙල්ලම අනුලා දේවිය ගැන දැන ගත්තේ..

    ලංකා ඉතිහාසයෙත් බලන් ගියාම නොඅඩුවම වස දීම් සිද්ධවෙලා තියනවා නේද ?

    ඔයා ලියන විදිහට ආසාවෙන් කියවන්ඩ පුළුවන්.. දිගටම ලියන්ඩ...

    ReplyDelete
  19. අනුලා බිසවත් මාර චරිතයක් නේ අක්කෙ... ඉතින් මේ... මටත් කියන්නකෝ අර රූපේ ඇන්දේ අක්කමද?... ලිවීමේ හැකියාව වගේම ඇඳීමේ හැකියාවත් තියෙනවද මන්ද.. ජය වේවා !!!

    ReplyDelete
  20. @ සිත්රූ සිහින : බොහොම ස්තුතියි ඔයාට රාජාවලිය කියවන්න ආවට...පරණ ලිපි 8 ක් ඇති..මුල ඉඳලම විස්තරෙත් එක්ක :)
    නොගැළපෙන අයත් එක්ක විවාහ වෙන එක රජ කුමාරවරු පවා කරපු දෙයක්නේ නේද...:) වස දීපු එක තමා ටිකක් කේස්...

    @ ~~තරූගේ ලෝකය~~ : මොකද තරූ ම්ම් කියන්නේ :)

    @ Ruwan Sampath Wickramathilaka : ඔයාව සාදරයෙන් පිළිගන්නවා ඔන්න...ස්තුතියි මේ පැත්තේ ආවට..
    හ්ම්ම් නොගැළපෙන අය එක්ක විවාහ වෙන එක පවු කාරකමක් කියලා මම නම් හිතන්නේ නෑ...එහෙමනම් සාලිය කුමාරයා ත් පවු කාරයෙක් වෙන්න ඕන නේ. නේද?...

    @ ලහිරු : ස්තුතියි මල්ලි කමෙන්ටුවට...මම එහෙම කිව්වේ ඉතින් ඔය හංවඩු ගැහීම වෙලා තියෙන්නේ මේ වැරදි ටික ගැහැණියක් කරපු නිසයි...ඕක රජ කෙනෙක් කරානම් මූලාශ්‍ර ලියන අය ඒවා මෙච්චර උළුප්පලා ලියන්නේ නැහැ..රජවරු අතිනුත් මේ වගේ වැරදි කොයි තරම් වෙන්න ඇත්ද? අඩු තරමේ ඒවා සඳහන් කල යුතු දේවල් කියලා හිතන්න තරම් වත් ගණන් ගන්නේ නැහැ නේ (අද සමාජෙත් බොහෝ දුරට වෙන්නේ මේ වගේ දේවල් නේ)...ඉතින් ඒ මුලාශ්‍ර කියවන අපි ත් අනුලා චරිතය ගැන හිතන්නේ ඒ විදියටමයි..ඉතින් ඒකෙ වැරැද්දක් කියන්නත් බැහැ

    ReplyDelete
  21. @ Dinesh : නොසෑහෙන්න චෝදනා එල්ල වෙලා තියනවා...විශේෂයෙන්ම, ඇය ගැහැණියක් නිසා...

    @ ලොකු ජෝන් : ඔයාටත් ස්තුතියි කියවන්න ආවට...ළඟදීම දාන්නම්..

    @ ගැමියා : මේකනේ මල්ලි වැඩේ...අපි ඔය අහල තියන දේවල් අහල තියෙන්නේ ඉතිහාස මුලාශ්‍ර වල තියන දේවල් අනුව නේ...මහා වංශය නම් ලියල තියෙන්නේ මහා විහාරයෙන්. ඉතින් ගැහැණියක් අතින් සුළු වරදක් සිද්ධ උනත් ඒවා අතිශයෝක්තියෙන් ලියන එක පුදුමයක් නෙමෙයි..වස දීම ගැන උනත් තවත් කතාවක් තියනවා...මහාචුලි රජු ගේ දෙවැනි පුතා මහා විහාර භික්ෂුවක් හැටියට ඉන්න අතරේ ඔහු නාග සහ අනුලාට විරුද්ධව කුමන්ත්‍රණ කරලා තියන කෙනෙක්..අරක්කැමියා ත් සම්බන්ධ කරගෙන අන්තිමට තමන්ගේ අතට රාජ්‍ය ලැබෙන තෙක් මේ කුමන්ත්‍රණය ගෙන ගියා කියලා හිතන්න හොඳටම පුළුවන් නේද? අන්තිමට අනුලාත් මැරුවේ එයානේ. හැබැයි මම කියන්නේ නැහැ අනුලා මේක කරේ නැහැ කියලා...මිනි මැරීම් කරේ අනුලාමයි කියලා කියන්න බැහැ කියලයි මම කියන්නේ...
    නොසැලී ඉදිරියට යමි :)...ස්තුතියි..

    @ දිල් : ඔයාටත් බොහොම ස්තුතියි දිල් මේ පැත්තේ ඇවිත් කරන දිරිමත් කිරීමට

    ReplyDelete
  22. @ අයිස් : ඔව් එහෙම වෙන්නත් පුළුවන් :)...ඒ වෙද්දී ලංකාවේ කිසිම රැජිණක් ඉඳලා නැහැ නේ...ඉතින් සැමියාත් නැතුව දරුවෙකුත් නැතුව තනි උනාම මේ වගේ දේවල් කරන්න ඇති...

    @ රහස් : ස්තුතියි මල්ලි...අනේ නැහැ...ජාලය පීරලා අමාරුවෙන් පින්තුරේ හොයා ගත්තේ :)

    @ හිතුවක්කාරි : බොහොම ස්තුතියි හිතු නංගි...ඔව් අනේ..පුදුම චෝදනා කන්දරාවක් තමයි එයාට තියෙන්නේ..

    @ වර්ෂා : හනේ මෙන්න වර්ෂා ආපහු ඇවිත්...ඔයාගේ විභාග වැඩ කටයුතු ඉවරද..හරිම සතුටුයි දැක්කට :)

    @ මධුරංග : මගේ මුල්ම ලිපියේ ඉඳන්ම ඔයා දිගටම හිටියනේ මල්ලි...ඒ විතරක්ද දීපු සපෝර්ට් එකත් එහෙමයි :) ඉතින් ඔයා ඉස්සරහටත් දිගටම ඉඳීවි කියලා මම හිතනවා..ඔයාලට මෙව්වා පස්සේ ඕන වෙයි..පොඩි එවුන් ඉන්න කාලෙක හි හි (මටත් ඒ සේතේම වෙයි ඉතින් පස්සෙදී)

    ReplyDelete
  23. @ වර්ණා : බොහොම සතුටුයි ඒ ගැන...ස්තුතියි නංගි :)

    @ හිස් අහස : අනිවා..ඕන එකක් කොපි කරගන්න...ඉතුරුවත් හෙමිහිට දාන්නම්කො...මම හිතුවා ඔයාට නින්ද යනවා ඇති කියලා :))

    @ ඔබ නොදු‍ටු ලොවක් : :පී දොරටුපාලයා නෙමෙයි අනේ, අරක්කැමියා...කෑම උයන කෙනා...දොරටුපාලයා කොහොමද වස දෙන්නේ..හික් හික්...:)

    @ Senna : අපොයි ඔව් සෙන්නා...ලංකා ඉතිහාසයත් එකම වලි ගොඩක් තමා...මේකට කියන්න තිබුනේ රාජා'වලිය' කියලා :) බොහොම ස්තුතියි..

    @ ශානි : අපෝ නෑ නංගි...මම ඇඳපු රූප දැක්කොත් බල්ලෝ බත් කන්නේ නැහැ හි හි...ජාලයෙන් හොයා ගත්තේ මේක..

    ReplyDelete
  24. හික් හික් හික් මේ වයි ෆයි නිසා මගේ මොලේ කොලොප්පං වෙලා...හික් හික් හික් ......

    ReplyDelete
  25. ඉතිහාසය මේ වගේ ඉගෙනගන්ට තියනවානම් කොච්චර ලේසිද? හිතට වදිනවද? සරලව ඉදිරිපත් කරලා. ආසාවෙන් කියෙව්වා.:D

    ReplyDelete
  26. නියමයි . ලංකාවේ ඉතිහාසය ආයෙමත් පිළිවෙලකට කියවන්න උවමනාව තිබුන මට සැහෙන කලෙක ඉඳල . මේක තවම කියෙව්වේ නැහැ . නිවාඩු පාඩුවේ මුල ලිපිත් එක්කම කියවන්න ඕනේ . බොහොම ස්තුතියි සයුරි

    ReplyDelete
  27. රජ කම බාර ගත්තෙ නැත්තං තව කාලයක් ජීවත් වෙන්න තිබ්බ.

    ReplyDelete
  28. මේ පාර මම රාජාවලිය බලන්න ආවේ ටිකක් පරක්කු වෙලානේ..
    වෙනද වගේම ලස්සනට ලියල තියෙනවා
    අනුලා බිසව පමණක් නෙමෙයි අපේ ඉතිහාසය සම්බන්ධ වෙනත් මුලාශ්‍ර වල හිඟකම නිසා අපිට ඇත්ත මොකක්ද කියල හරියට හිතා ගන්න බැහැ
    නමුත් අනුලා බිසව රජකම කරන අතරතුර සරණ යන මිනිස්සු දිහා බැලුවහම එයාගේ ඒ තරම් හොඳකුත් තිබුනා කියල හිතන්න අමාරුයි

    එයාගේම අතින් වස දීල මිනිස්සු නොමරුවට ඒ යුගයේ සිදුවෙච්ච මිනී මැරුම් ප්‍රමාණය එක්ක ගත්තම ඒ යුගයේ අඳුරු බව පැහැදිළියි කියල මට හිතෙනවා
    එහෙම අඳුරු වෙන්න හේතුවට අනුලා බිසව තෝරා ගන්නා මිනිස්සුන්ගේ ඇති අවශේෂ බවත් හේතු වෙන්න පුළුවන්
    සමහර විට තමන්ට වඩා බලයෙන් අඩු අයව තෝරාගන්න හේතුව එවැනි අය හරහා තමන්ට අවශ්‍ය ආකාරයට රාජ්‍යය පාලනය ගෙන යන්න ඇය බලාපොරොත්තු වෙච්ච නිසා වෙන්නත් පුළුවන්

    ReplyDelete
  29. @ ඔබ නොදු‍ටු ලොවක් : ඒක මිසක් :)

    @ Podi Kumarihami : ස්තුතියි පොඩ්ඩි...එය මට සතුටක් :)

    @ Bindi : ස්තුතියි බින්දි අක්කා..එහෙනම් ඔන්න රාජාවලියත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා :)

    @ Observer : අන්න හරි..එතන තමයි එයා වරද්දගත්ත තැන :)

    @ ලොකු පුතා : එයා හොඳ කෙනෙක් කියලා නම් මමත් හිතන්නේ නැහැ ලොකුපුතා අයියේ...ඒත් එයා ගැහැණියක් නිසා ඒ චරිතය හංවඩු ගහලා වැඩියි වගේ..ඇත්තටම ඒක අඳුරු යුගයක් තමයි..ස්වාමියා සහ වෙනත් කිසිම ආරක්ෂකයෙක් නැතුව ගැහැණියක් අසරණ උනාම ගොඩක් වෙලාවට නොගැළපෙන තීරණ ගන්න ඉඩ තියනවා. ඔයා අන්තිමට කියපු කතාවත් හරි කියලා මට හිතෙනවා..

    ReplyDelete
  30. අනුලා බිසවට තියෙන චෝදනා ඔක්කොම කටකතා නේද ... ඒවා ගොඩක් මහාවංශය ලියපු කතුවරු විකුර්ති කරලා ලියපුවා මට නම් හිතෙන්නේ. කොහොම උනත් හොඳ සටහනක් .

    ReplyDelete
  31. @ පුංචි කුමාරිහාමි : ඒවා බොහෝ දුරට බොරු චෝදනා කියල තමයි මටත් හිතෙන්නේ...මහාවංශ කතුවරු කියන්නෙත් ඉතින් පිරිමි උදවිය නේ ;) ගෑණියෙකුට මෙහෙම මඩ ගහන එකේ පුදුමයක් නැහැ..ස්තුතියි ඔයාට..

    ReplyDelete
  32. @සයුරි :
    අක්කට නම් ඉක්මනටම මේ ටික මතකයේ තියාගන්න වෙයි. හා.... නැද්ද ආ.. ? :)

    ReplyDelete
  33. හරිම සරලව ලස්සනට ලියල තියෙනවා සයුරී. මාත් කාලෙක් ඉඳලා ආසාවෙන් හිටියා රජ වංශය ගැන දැනගන්න. අනුලා දේවිය ගැන විවිධ මතනම් තියෙනවා. ඒවා ගොඩක් පරස්පර විරෝධී ඒවා. ස්තූතියි නංගි.

    ReplyDelete
  34. @ මධූ : ඒකනේ මම ඒවා දැන්ම ඉඳන්ම බ්ලොග් එකේ ලියන්නේ...හි හි

    @ චන්දි අක්කා : බොහොම ස්තුතියි කමෙන්ටුවට. ඔව් ඒ මත බොහොමයක්ම පරස්පර විරෝධියි..

    ReplyDelete
  35. මෙයා තමයි එහෙනම් 'ඒ' අනුලා දේවි...හික්ස්... මට වැරදිලානෙ 'අරයා' කියල හිතලා තියෙන්නෙ.... ඥාති සම්බන්ධකමකුත් තියෙනවා නේද...
    සයුරි කිව්වා වගේ වස දීම ඒ දෙවිදියටම වෙන්න පුළුවන්කමක් තියෙනවා තමයි.... ලොකු පුතා අන්තිමටම කියලා තියෙන එකට මාත් එකඟයි....

    ReplyDelete
  36. @ මියුරු : ඒකනේ..අපේ ඉතිහාසේ අනුලා ලා බර ගානක් ඉන්නවනේ...මුලින්ම ලංකාවේ මාර්ග ඵල ලැබුවේත් අනුලා කෙනෙක් නේ...

    ReplyDelete
  37. ලිපිය කියෙවාම නිකමට හිතුණ දෙයක් තමා මොනවා වුනත් සයුරිගේ හිතේ අනුලා රැජිණ ගැන පොඩි 'soft corner' එකක් තියෙනවා වගේ කියලා. ගෑනු කොහොමත් ගෑනුන්නේ පැත්තට අදිනවා නෙහ්? නැද්ද මං අහන්නේ :P

    ReplyDelete
    Replies
    1. පොඩි නෙමෙයි අනේ ලොකු සොෆ්ට් කෝනර් එකක් තියනවා...හොඳයි වැරදිද මන් අහන්නේ :) රජාලට හොඳනම් රැජින කරහම මක් වෙනවද..:ඩි

      Delete

Related Posts Plugin for WordPress, Blogger...