Tuesday, February 28, 2012

අධික අවුරුද්දේ වගතුග


ඔන්න එහෙනම් අද (නවම් මස 29 වෙනිදා) උපන්දිනය සමරන හැම දෙනාටම සුබම සුබ උපන්දිනයක් වේවා කියලම ලිපිය පටන් ගන්නම්. මොකද මේ කට්ටිය හරියාකාර උපන්දිනයක් සමරන්නේ අවුරුදු 4 කට සැරයක්නේ :)

අධික අවුරුද්ද ගැන කතා කරනවානම් මේ ගැන බොහෝ දෙනා දන්නවා. ඒත් නොදන්නා අයත් හිටියොත් කියලා තවත් තොරතුරු ටිකක් එක්කම මේ ගැන ලියන්නම්කො.

හොඳයි, අපි බලමු ඇයි අපිට මේ අධික අවුරුද්දක් ඕන වෙන්නේ කියලා. ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් අපේ සම්මතය තමයි පෘතුවියට  සූර්යයා වටේ එක් වටයක් යන්න  දවස් 365 ක්‌ (අවුරුද්දක්) ගත වෙනවා කියන එක. (ඒ කියන්නේ පෘතුවිය සූර්යයා ගේ වටේ යන ගමන් තමන්ගේ අක්ෂය වටේත් 365 පාරක් කැරකිලා.)

 සූර්යයා වටේ පෘතුවියට වටයක් යන්න ගත වෙන කාලයට කියන්නේ "සූර්ය වර්ෂයක්" කියලා. දින 365 දාලා හදා ගත්ත අවුරුද්දට අපි කියමු "දින දර්ශන වර්ෂයක්" කියලා. වැඩේ තියෙන්නේ ඔය සූර්ය වර්ෂයයි දින දර්ශන වර්ෂයක් සමාන නැතිලු. ඒ කියන්නේ පෘතුවියට සූර්යයා වටේ යන්න ගත වෙන කාලය හරියටම දින 365 නෙමෙයි. පෘතුවියට ඒකට ආසන්න වශයෙන් දින 365 යි 1/4 ක්‌ ගත වෙනවා.

ඉතින් සාමාන්‍ය අවුරුද්දක දෙසැම්බර් 31 වෙනිදා රෑ ගෝල් ෆේස් එකේ මල් වෙඩි ගැහුවට (දින දර්ශන අවුරුද්දක් ඉවර වීමේ ප්‍රීතිය නිමිත්තෙන්) සූර්ය වර්ෂය තවම ඉවර නැහැ. තවත් දවස් 1/4 ක කාලයක් ඉතුරුයි සූර්ය වර්ෂය සම්පුර්ණ කරන්න. පින්තූරේ බලන්නකෝ...අපි ජනවාරි 1 දා හිටියේ ඔය රතු තිත  තියන තැන නම්, දෙසැම්බර් 31 දා පෘතුවිය තියෙන්නේ මෙතන (පරිමාණය නිවැරදි නැත). දවස් 365 ගියාට සම්පූර්ණ වටයක් ගිහිල්ලා නැහැ.



ඒත් ඉතින් අපි මක් කරන්නද ඒකට? මොකෝ තව පැය 6 ක්‌ ඉඳලා, ආ දැන් තමයි ජනවාරි පළවෙනිදා කියලා එතන ඉඳං දවස පටන් ගන්න කියලයැ. අපිත් ඉතින් ඔන්න ඔහේ ඒ වැරැද්ද ගණන් නොගෙන සූර්ය වර්ෂය ඉවර වෙන්න පැය කීපෙකට කලින් අපේ දින දර්ශන වර්ෂය අවසාන කරනවා. දෙවැනි අවුරුද්දෙත් ඒකම කරනවා. එතකොට වෙනස දවස් බාගයයි (1/4 ඒවා දෙකයි :). තුන්වෙනි අවුරුද්දෙදි ඒ වෙනස දින 3/4 ක්‌ වෙනවා. ඔය විදියට මේ වැරැද්ද දිගටම ගෙනියන්න බැහැ නේ. හතරවෙනි අවුරුද්ද ආවම අපි සූර්ය වර්ෂයට වඩා සම්පූර්ණ දවසක්ම ඉස්සරහින් ඉන්න නිසා එතැනදී අපි වැරැද්ද හදා ගන්නවා. ඒ කියන්නේ අපේ දින දර්ශනේට වැඩිපුර දවසක් එකතු කරලා සූර්ය වර්ෂයත් එක්ක ගලපා ගන්නවා. ඒ වැඩිපුර එකතු කරන දවස එකතු කරන්නේ පෙබරවාරි මාසයට (ඒ මොකද කියලා නම් මම දන්නේ නැහැ). අන්න එහෙම දවසක් එකතු කරපු අවුරුද්දකට කියන්නේ අධික අවුරුද්දක් කියලා. ඒවා එන්නේ අවු. 4 කට සැරයක් නිසා අවුරුද්ද 4 න් බෙදෙනවානම් අන්න ඒක අධික අවුරුද්දක්.

මේ අධික අවුරුදු සංකල්පය කැලැන්ඩරේට හඳුන්වලා දීලා තියෙන්නේ "ජුලියස් සීසර්" ලු. ඒකට කියන්නේ "ජුලියන් දින දර්ශනය" කියලා. කොහොමද ජුලියස් සීසර් ගේ වැඩ?

හැබැයි ඉතින් ජුලියස් ට උනත් වරදින තැන් තියෙනවනේ. සීසර් ඔය වැඩේ කරලා තියෙන්නේ සූර්ය වර්ෂයකට දින 365 යි 1/4 ක්‌ කියලා උපකල්පනය කරගෙන. හැබැයි ඒක හරියටම එහෙම නෙමෙයි. හරියටම කිව්වොත්  පෘතුවියට සූර්යයා වටේ යන්න දින 365 යි පැය 5 යි මිනිත්තු 48 යි තත්පර 46 යි ගත වෙන්නේ. පැය 5 යි මිනිත්තු 48 යි තත්පර 46 කියන්නේ දවස් 1/4 ට අඩුයි. ඉතින් මේ ක්‍රමේට අනුවත්  මිනිත්තු ගානක සුළු වැරැද්දක් අපේ දින දර්ශනේට එකතු වෙනවා. හැබැයි මේ වතාවේ ඒ වැරැද්ද හින්දා අපි හැම තිස්සෙම ඉන්නේ සූර්ය වර්ෂයට පිටි පස්සෙන් (මොකද අධික අවුරුද්දකට අපි සම්පූර්ණ දවසක්ම එකතු කරලා දින දර්ශනේ පරක්කු කරාට හරි විදියටනම් එකතු කරන්න ඕන පැය 23 මි. 15 ත. 4 යි.  ඒ නිසා අපි හැම අවුරුදු 4 කට සැරයක්ම මිනිත්තු ගණනක් වැඩිපුර පරක්කු වෙනවා).

ඉතින් මේ වැරැද්ද ගැන මිනිස්සුන්ට මීටර් උනේ ශත වර්ෂ ගණනාවකට පස්සේ. අර සුළු වැරැද්ද දිගටම දින දර්ශනේට සිද්ධ වෙලා ඒක සැලකිය යුතු වැරැද්දක් බවට පත් වෙලා කියලා මිනිස්සුන්ට තේරුනා, මාර්තු 21 වෙනිදාට සමකයට මුදුන් වෙන්න ඕන ඉර, මාර්තු 11 වෙනිදා වෙද්දි මුදුන් වෙනකොට. ඒ කියන්නේ ඒ වෙද්දි අපේ කට්ටිය ඉඳල තියෙන්නේ සූර්ය වර්ෂයට දවස් 10 ක්‌ පිටිපස්සෙන්. ඔය විදියට දිගටම ගියානම් එහෙම සෘතු කාල පවා වෙනස් වෙන්න තිබුණා.

ඉතින් මේකට වහාම ක්‍රියා මාර්ගයක් ගත්තා Pope Gregory XIII. ඒ 1582 දී. හරියට ගණන් බලලා  කැලැන්ඩරේ දින 10 කින් ඉදිරියට අරන් ගියා. ඒත් එහෙම කරලා මදි නේ. තව දුරටත් මේ වැරැද්ද නොවෙන්න වග බලාගන්නත් ඕනනේ. ඒකට කරා මෙහෙම දෙයක්. හැම අවුරුදු 4 කට සැරයක්ම අධික අවුරුද්දක් යොදනවා. හැබැයි 400 න් නොබෙදෙන ශත වර්ෂ වලදී හැර . උදාහරණයක් හැටියට 1900 කියන්නේ ශත වර්ෂයක් වගේම ඒක 400 න් බෙදෙන්නෙත් නැහැ. ඒ නිසා 1900 අධික අවුරුද්දක් නෙමෙයි. හැබැයි 2000 ශත වර්ෂයක් උනාට 400 න් බෙදෙන නිසා ඒක අධික අවුරුද්දක්. දැන් ඔයාලට පේනවා ඇති මේ ක්‍රමේ අනුව හැම අවුරුදු 400 කට වරක්ම කලින් තිබුනට වඩා අධික අවුරුදු 3 ක්‌ අඩු වෙන බව. ඔය විදියට තමයි ජුලියන් දින දර්ශනේ තිබුණු පරක්කුව නැති කලේ. මේ අලුත් දින දර්ශනේ ට කියන්නේ "ග්‍රෙගෝරියන් දින දර්ශනය" කියලා.

මේ අලුත් කැලැන්ඩරේ හැම රටක්ම එක පාරටම පිළිඅරගෙන නැහැ. උදාහරණයක් විදියට එංගලන්තේ මේක පිලි අරගෙන තියෙන්නේ 1752 දී. රජතුමා එක පාරට අණ කරාලු සැප්තැම්බර් මාසෙන් දවස් 11 ක්‌ අයින් කරන්න. (දවස් ගාන 11 ක්‌ වුනේ මේ අය 1700 දී ත් ජුලියන් ක්‍රමයට අනුව අධික අවුරුද්දක් දාගෙන තිබුණු නිසා. ඉතින් ඒ දවසත් අර දවස් 10 ට අමතරව අඩු කරන්න ඕන නේ.)



ඔන්න ඔහොමලු ඉතින් උනේ.

මොනවා උනත් හැම දේකම කොහෙන් හරි කොස්සක් ඉතුරු වෙනවනේ. ඒ වගේ මේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරේ වුනත් 100% ම නිවැරදි නැහැ. ඒකෙත් තත්පර ගානක සුළු වැරැද්දක් තියනවලු. හැබැයි ඒ වැරැද්ද හින්දා දවසක වෙනසක් එන්න තව අවුරුදු 3000 ක්‌ යනවලු. ඒ නිසා දැනට ඒක ගැන අපි හිතන්නේ නැහැ. අපේ අනාගත ජනතාව ඒවා කරගන්නේ නැතෑ නේද...

73 comments:

  1. අවුරුදු 3000 ක් යනව නං කමක් නෑ, අපි චුත වෙලා එතකොට :-)

    ReplyDelete
    Replies
    1. ඒකනේ...හැබැයි ඒ කාලේ වෙද්දී අපි ආපහු ඉපදිලා ඉඳීවිද දන්නේ නෑ. එහෙම උනොත් කැලැන්ඩරේ අජස්ට් කරන්න වෙයි :)

      Delete
  2. මෙච්චර දෙයක් දැනගෙන උන්නේ නෑ.. මාර වටින ලිපියක්.. මේ වගේ ඒවා පත්තරයකවත් යන්නේ නෑ දැන්.. බොහොම පැහැදිලියි. සරළයි.. එක හුස්මට කියවන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතලන්..හරිම වටිනවා මේ ඇගයීම මට..

      Delete
  3. හරිම වටින ලිපියක් . අද දිනයේ දුටු හොඳම ලිපිය . බොහොම ස්තූතියි සයූරී .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිම්හානි...ඔයාව ආදරයෙන් පිළිගන්නවා..බොහොම සතුටුයි ඔයාගේ පැමිණීම ගැන..

      Delete
  4. මාර දැනුමක් ලබාගත්ත අක්කෙ. ඔන්න පිස්ස නම් 2013 සමරන්නෙ ජනවාරි 1දා උදේ පාන්දර 5. 48 තත්පර 46ට හොඳේ.....අම්ම ලෙඩේ දැම්මොත් කියනව ආ අම්ම දන්නෙ නෑනෙ සයුරි අක්ක තමයි කිව්වෙ කියල.

    ReplyDelete
    Replies
    1. අන්න හරි...එතකොට ඔයාට අධික අවුරුද්දක් ඕන වෙන්නේ නැහැ නේ..හි හි

      Delete
  5. ඔව් සයුරි..ඔයා මොන වගේ ලිපියක් දැම්මත් එක හුස්මට කියවල දාන්න පුලුවන්..සරලව ගොඩක් පැහැදිලිව ලියනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිත් රූ ඔයාටත්, මේ ලබා දෙන ශක්තියට..

      Delete
  6. ගණන් පාඩමේදී ඕක අපිටත් කියල දුන්නා. ඉස්සර ඔය සීසර්ලගේම කට්ටිය පෙබරවාරි මාසෙන් දවසක් හරි දෙකක් හරි අරගෙන වෙන මාසවලට දැම්මලු විවිධ හේතු නිසා. ඒකයි පෙබරවාරි වලට දවස් 28ක් වුනේ. ඒ කතාව හරියටම මතක නෑ. කොහොමහරි ඒ නිසා තමයි එක ළඟ දවස් 31ක් තියන මාස දෙකක් එන්නේ. එහෙම දවස් අඩු කරපු නිසාලු අර වැඩිපුර එන දවස පෙබරවාරි වලට දාන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ විස්තර කිව්වට ස්තුතියි කසුන්...සම්පුර්ණ කතාව මතක උනොත් අපිටත් කියන්න හොඳේ..:) මාස වලට දවස් ගාන දීපු හැටිත් හොයලා බලන්න ඕන..

      Delete
  7. මේ පාර මල් වෙඩි ගහන්නේ පරක්කු වෙලා..ගොඩාක් විස්තර දැනගත්තා අක්කේ....

    ReplyDelete
    Replies
    1. අන්න හොඳයි..එහෙනම් එහෙම කරන්නකෝ ලොකු අයියේ :D

      Delete
  8. පුහ් මල් වෙඩි විතරක්නෙ අපේ කස්ටිය ගසන්නෙ.....කොහොම උනත් හොද දෑනුමකුත් ලබාගත්තා

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත කීයක් දේවල් නම් ගහනවද අපේ කට්ටිය...හිහ්

      Delete
  9. ලිපිය හුඟක් වටිනවා. මමත් යමක් කමක් දැනගෙන හිටියා තමයි. ඒත් මේ තරම් පැහැදිලිව ඒකාබද්ධව නෙමෙයි.
    ළමයි බමයිටත් කියලාදෙන්න පුළුවන් දැන්....:)

    ReplyDelete
    Replies
    1. ඒක නම් බොහොම හොඳයි...:) බොහොම ස්තුතියි ඔබට සටහනක් තියලා ගියාට..

      Delete
  10. වසිලිස්සාFebruary 28, 2012 at 10:45 PM

    ඇත්තෙන්ම හැමෝටම වටිනා ලිපියක්.ස්තුති මේ දේවල් බෙදා ගත්තට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වසිලිස්සෝ :)

      Delete
  11. අලේ.... මේ ග්‍රෙගරියන් එක හොඳයි අප්පා, මේකත් වෙනස් කලොත් මල මඟුලයි, කේන්දරේ ඉඳන් ඔක්කොම වෙනස් කරහන්කො ආයෙ... හැක්...හැක්... ලිපිය නම් පට්ටයි ඈ, සයුරි අක්ක සෑහෙන මීටරයක් කියල මුල් ලිපි වල ඉඳන්ම තේරුණා. ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මන්ඩියෝ, ග්‍රෙගෝරියන් එක වෙනස් කරන්න ඕන නැහැ...අවු 3000 ක්‌ ගියාම ඒ කාලේ ඉන්න කට්ටිය දවසක් අඩු/වැඩි කර ගනිවිනේ නේද :) හප්පේ..එහෙම කිව්වට නම් තැන්කු ඈ...කවුරු හරි ඔහොම කිව්වමද මන්දා මට..හි හි

      Delete
  12. මාර වටින ලිපියක් අක්කේ මේ ලියන විදියට ඕනම එකක් එක හුස්මට කියවගෙන යන්න පුළුවන් ඉතිහාසය වුනත් එහෙමයිනේ....මට හිතෙනවා ලියනවා වගේම අක්කට හොඳට කතා පවත්වන්න එහෙමත් පුළුවන් ඇති කියලා අපරාදේ ඔයා ටීචර් කෙනෙක් වෙන්න තිබුනේ එහෙනම් ළමයි හොඳට ඉගෙන ගන්නවා....මම හිතන්නේ හොඳම වින්දනාත්මක අධ්‍යාපනික බ්ලොග් එක මේක වෙන්නැති....ඔහොම යං ඔහොම යං

    ReplyDelete
    Replies
    1. අනේ කතාවටනම් මම දක්ස නැහැ ගැමියෝ...:) හැබැයි වාද කරන්නනම් ටිකක් දක්සයි හි හි....ටීචර් කෙනෙක් වෙන්න මාත් හරි ආසයි...අපේ මල්ලි කියන හැටියට මම ටිච කෙනෙක් උනොත් ළමයිට බුදු සරණයි ලු. උන්ට හෙල්මට්, චෙස්ට් ගාර්ඩ් එහෙම දාලා තමයිලු ඉස්කෝලේ එන්න වෙන්නේ..හි හි...බොහොම ස්තුතියි මල්ලී

      Delete
    2. අප්පටසිරි මෙහෙම හිටියට සෑහෙන්න ප්‍රචන්ඩයි වගේ....නමටම ගැලපෙනවා ඇති(සුනාමි)

      Delete
    3. ඕනෑම සයුරක ඉඳලා හිටලා සුනාමියක් දෙකක් හටගනු ලැබේ :))))

      Delete
  13. මාර වටින විස්තර ගොඩක් දැන ගත්තා... යකෝ බලන් ගියාම මෙයත් දන්න දේවල්..

    ස්තූතියි හොඳ පැහැදිලි කිරීමක් කලාට..

    මාර්තු 21 එහෙනම් ටිකක් විශේෂ දවසක් ඈ...

    ReplyDelete
    Replies
    1. කට්ටිය අලුත් දෙයක් දැන ගත්තනම් මට සතුටුයි :) මාර්තු 21 සහ සැප්තැම්බර් 22 ලු නේ සමකයට කෙලින් ඉර මුදුන් වෙන දවස් දෙක...සෙන්නාටත් මාර්තු 21 විශේෂයි වගේ..ඇනිවසරිය වත්ද..බොහොම ස්තුතියි සටහනට..

      Delete
    2. අපොයි ඔව්.. ඒක උපන්දිනේනෙ.. මාර්තු 21 ඉපදුන උන් පොරවල් කියලා එහෙම ඔය කව්රු හරි පණ්ඩිතයෙක් කියලා නැද්ද.. අඩු ගානේ හීනෙන්වත්.. හැහ් හැහ්..

      ඇනිවසරි දවස අන්න මගේ මුල්ම පෝස්ට් එකේ දාලා තියනවා..

      Delete
    3. ආ..ඒකයි එහෙනම් රහස :) ඉර මුදුන් වෙද්දී ඉපදුන හින්දා ඒ කට්ටිය අනිවාරෙන්ම පොරවල් වෙන්න ඇති හි හි

      Delete
  14. ඔය දිනේ පෙබරවාරි වලට එකතු කරන්නේ ඒ මාසෙ අඩු දින ගානක් තියන නිසා වෙන්ඩ ඇති.

    මටනම් කවදාවත් හම්බෙලා නැහැ පෙබරවාරි 29 උපන් දිනය තියන කෙනෙක්.. එහෙම් ඉපදුනත් ඒ ගොල්ලන්ගේ උපන්දිනේ මාර්තු 01 හෝ පෙබරවාරි 28 කියලා සලකනවද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්... නෑ... එහෙම ගන්නෙ නෑ, පෙබරවාරි 29ය ඉපදුනා නම් උපන්දිනේ පෙබරවාරි 29ම තමයි. අපේ නෑකෙනෙක් වෙන අයිය කෙනෙක් ඉන්නව පෙබරවාරි 29ම උපන්දිනේ. මිනිහට ඉතින් උපන්දිනේ කියන්නෙ ඔලිම්පික් වගේ තමා.... හැක්... හැක්...
      ජය ශ්‍රී..!!!!

      Delete
    2. අපේ පන්තියෙත් හිටියා 29 ඉපදුන යාලුවෙක්..28 හරි මාර්තු 1 හරි පාටියක් ඉල්ලුවට මලාට දෙන්නේ නෑ..අධික අවුරුද්දකදී විතරයි එයා පාටිය දෙන්නේ හි හි. හැඳුනුම් පත්, ලයිෂන් එහෙම ගනිද්දී ඔය දවස් දෙකෙන් එකක් උපන්දිනේ හැටියට සලකලා වයස බලනවලු. සලකන්නේ ඒ දෙකෙන් මොන දවසද කියන එක රටින් රටට වෙනස්ලු.

      Delete
  15. අපේ කැම්පස් එකෙත් ඉන්නවා අද උපන්දිනේ තියෙන මල්ලි කෙනෙක්... අද එයාගෙන් පාටියක්, අවුරුදු හතරකට පස්සේනේ! වටින ලිපියක් අක්කේ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ග්රෑන්ඩ් පාටියක් දෙන්න ඇති නේද? :) අවුරුදු 4 ක ඇරියස් නේ ඉතින්...ස්තුතියි මල්ලි

      Delete
  16. අම්මෝ මෙව්වා දැනගෙන නෙමෙයිනේ මෙච්චර කල් හිටියේ. ලොකු දෙයක් කියල දුන්නට.
    මගේ උපන් දිනේ තියෙන්නේ හොඳ වෙලාවට. 02.28.... නුලෙන් බේරිලා

    ReplyDelete
    Replies
    1. හප්පේ ඇත්ත නේන්නම්..නූලෙන් බේරිලා ඔයා..ස්තුතියි පැතුම්..

      Delete
  17. ගොඩක් වටිනා ලිපියක්. ටිකක් දැනගෙන හිටියට අදයි දින දර්ශනේ අවුලක් තියනවා කියල දැනගත්තේ . මේවගේ ලිපි මගින් පාසල් මට්ටමෙන් දරුවන් දැනුවත් කරන්න පුළුවන් නම් අගෙයි. ඒත් ඉතිං අපේ අද්‍යාපන ක්‍රමය තුළ මේවගේ දේවල් උගන්වන්නේ ළා වට නේ.
    හැමදාමත් වගේම හොදම ලිපියක් එක හුස්මට කියෙව්වා. ස්තුතියි මේවගේ දැනුම බෙදා දෙනවට

    ReplyDelete
    Replies
    1. මමත් මේ ගැන හරියට හොයන්න කලින් හිතා ගෙන හිටියේ දැන් තියන දින දර්ශනේ කිසිම අවුලක් නැහැ කියලා...ඒක ඇත්ත, මේ වගේ දෙයක් ගැන ඉගැනුවත් ඒක සම්පුර්ණයෙන් උගන්වන්නේ නැහැ නේ...වෙනද වගේම බොහොම ස්තුතියි ඔබේ සටහනට..

      Delete
  18. ලිපිය හරිම ෂෝක්.. මම පෙබරවාරි 29 ඉපදුණා නම් කියල හිතුණා.. එතකොට හැම උපන්දිනේටම පාටියක් දැම්ම හැකි නේ... :)))

    ReplyDelete
    Replies
    1. 29 ඉපදුනානම් ඔයාට පාටි වලින් ගැලවෙන්න පුළුවන් හරිම ලේසියෙන්...එතකොට යාලුවන්ට දත් ගලවන්න බැහැ :)

      Delete
  19. ලංකාවෙනම් පෙබරවාරි මාසය සුබ මාසයක් විදිහට සැලකෙන්නෙ නෑලු.. ඒකලු වෙඩින්ග්ස් වුණත් පෙබරවාරියේ තියෙන්නෙ නැත්තෙ.. (අහලා තියෙන්නෙ එහෙමලු)
    හිහිහී.. අපේ දින දර්ශනේ අවුලක් කියලා දැනගත්තෙ අදනෙ :D ස්තූතියි මේ වටින ලිපියට අක්කට.. :)

    ReplyDelete
    Replies
    1. පෙබරවාරි අසුබ කතාව මාත් අහලා තියනවා නන්දු, ඒත් මට හිතෙන්නේ ඒක හරිම හුරුබුහුටි මාසයක් කියලා :) ඔයාගේ කමෙන්ටුවට ස්තුතියි නංගි...

      Delete
  20. ශා...... ලිනක්ස් ටර්මිනල් එකක ටෙල්නෙට් පාරක් දකින්නත් ආසයි !!!
    මාත් ඔය කමාන්ඩ් එක ගහලා බලලා තියෙනවා.

    ලිනක්ස්වල cal 1752 කමාන්ඩ් එක ගහලා මම් බලලා තියේ. !!

    ලීප් ඉයර් එකක ඉපදුන ගෑල්ලමයෙක් එක්ක යාළු උනා නම් ගොඩම තමා ! එතකොට උපන්දිනේ සමරන්න තියෙන්නේ අවුරුදු 4කට සැරයක් !!
    ඊට වඩා ලේසියි ලීප් ඉවර් එකක ඉපදිච්ච ගෑල්ලමයෙක් ලීප් ඉයර් එකක කැමැත්ත දුන්නා නම්. එතකොට ඇනිවසරි එකයි කෙල්ලගේ උපන්දිනෙයි අවුරුදු 4කට සැරයයි සමරන්න වෙන්නේ !!! හුරේ.... !!!

    ReplyDelete
    Replies
    1. දැන් ඔයා වැඩ කරන්නේ ගේට් අයියගේ ප්ලැට්ෆෝම් එකේද මධුවෝ? ආ..ඒ කියන්නේ ඔයා මිට කලින් මේ කැලැන්ඩර් කතාව දැනගෙන ඉඳලා තියනවා :)

      මේ ලමයානම් බලන්නේ ඒකෙනුත් වාසියක් ගන්න...අනේ අනේ :)

      Delete
    2. අපෝ ගෙට් අයියෑ ෆ්ලැට් ෆෝම් එක අතෑරලා අවුරුදු 4ක් වෙනවා !!
      ගෙදර මැසිමට ගෙට් අයියෑ ෆ්ලැට්ෆෝම් එක දාලා තියෙන්නේ මල්ලිත් මැසිම පාවිච්චි කරන නිසා.

      මම වැඩ කරන්නේ ලිනක්ස් වල !!! ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝර්ස් කමියුනිටි !!!
      ලිනක්ස් වල Cent Os වර්ශන් එක (රෙඩ් හැට් ලිනක්ස්)

      Delete
    3. //ල !!! ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝර්ස් කමියුනිටි !!!//

      දාන්න පහක්...මල්ලිටත් ලිනක්ස් උගන්නලා ගන්න..

      Delete
    4. තව පහක් දාන්නකෝ මාත් ලිනක්ස්....අවුරුදු 5ක ඉඳන් හික් හික් මම නම් මෑතක් වෙනකන්ම උබුන්ටු පාවිච්චි කලේ දැන්නම් xubuntu මේක පට්ට ස්පීඩ්

      මේ මගේ තවත් බ්ලොග් එකක් http://samanalayagelinuxpituwa.blogspot.com

      සන්තෝසයි ඕපන් සෝර්ස් පාවිච්චි කරන ඈයෝ දකින්න ලැබෙන එකත්

      Delete
    5. ඔන්න දහයක්ම දැම්මා සමනලයට :)) xubuntu නම් ට්‍රයි කරලා නැහැ. ඒක තමා මල්ලි, අපිට මොකටද ඔය ආඩම්බර කාරයොන්ගේ ප්‍රොඩක්ට්ස්...සෝර්ස් එක නැතත් ෆ්‍රී වත් දියන්කෝ...එහෙමත් නැහැනේ...

      Delete
  21. ඒ මාලයිනේ... පළවෙනි කමෙන්ට් එක මගේ හිතේ... ඇත්තටම හොද ලිපියක් අර ගිම්හානි අක්කා කිව්වා වගේ දවසේ හොදම ලිපියද මංදා....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..කනියා අද තමයි මේ පැත්තේ ආවේ...සාදරයෙන් පිලිගන්නවා ඔයාවත් :) කමෙන්ටුවටත් බොහොම ස්තුතියි කනියෝ...

      Delete
  22. මම ඔයාට ඉතිං හැම දාම කියනවනේ ඔයා දාන පොස්ට් මාර වැදගත් කියල.එහෙම බලද්දී අපේ කෙන්දරවලත් මොනවා හරි වැරද්දක් තියෙනවා නේද?

    ඔයා පොස්ට් එකක් දාන ගොඩාක් මහන්සි වෙනවා ඇති නේද?මගේ වගේ ගොන් බයිලා නෙවෙයි නේ.

    ReplyDelete
    Replies
    1. අන්න අන්න තමන්වම අවතක්සේරු කරගත්තා.. උබේ කතා අපි කොච්චර ආසවෙන් කියවනවද කොල්ලෝ..

      ෆිට් එකේ ලියපන්..අපි කියවනවා...

      Delete
    2. අඩෝ එහෙම කියන්න එපා අසරනයා....උබෙ posts පට්ටයි..

      Delete
    3. හ්ම්ම්...කේන්දර වල වැරදි තියෙන්න විදියක් නෑ නේද අසරණයෝ...මොකද කේන්දර හදන්නේ තරු වලට සාපේක්ෂව නේද? එතකොට දවස සහ වෙලාව මොකක් උනත් කේන්දරේ අඩංගු වෙන කරුණු නිවැරදි ඇති මම හිතන්නේ (මේක ෂුවර් නම් නැහැ මට).

      අනේ හැබෑට ඔයාටත් කචල් නේ..ඔයාගේ පෝස්ට් කොහොමද බයිලා වෙන්නේ..මට ඒ වගේ ඒවා ලියන්න බැරුව මිසක් නැත්නම් මාත් ලියන්නේ ඒවා තමයි :)

      Delete
    4. @සෙනා,එල කොල්ලා,සයුරි = නෑ කට්ටියම ආසයි කියල මම දන්නවා.මම කියන්නේ අද්‍යාපනික වටිනාකමක් නැහැ නේ.

      එල කොල්ලා = මචං උඹ මට වගේම ගොඩාක් දෙනෙක්ට මාර සපෝර්ට් එකක් දෙන සිරා එල කොල්ලෙක්.

      Delete
    5. අධාපනය ට සෞන්දර්ය කියන එකත් අයිතියිනේ ඉතින්..:) එල කොල්ලා ගැන කියපු කතාවට මාත් එකඟයි....

      Delete
  23. අර 1582 කැලැන්ඩරේ වෙනස් කරපු කතාව මම දැන ගත්තේ අදනේ අක්කේ.. තව අවුරුදු 3000ක් කෙසේ වෙතත් මේ දෙසැම්බරයේ ඔය හැම දෙයක්ම විනාස වෙලාඅ යාවිද කියලා කවුද දන්නේ..

    ReplyDelete
    Replies
    1. මේ දෙසැම්බර් වෙනකන් මාත් බලාගෙන ඉන්නේ මල්ලි...මොකක්ද වෙන්නේ බලන්න...ඔය කතාව තිතට විශ්වාස කරන අයත් ඉන්නවා...

      Delete
  24. හොඳ වටිනා ලිපියක්. උදේ පාන්දරම පන්ති කාමරේකට ගියා වගේ. පාඩම හොඳයි. රසවත්. ටීචර් හොඳායි. කියලා දුන්නු හැටි ඊටත් වඩා රසවත්.:D:D

    ReplyDelete
    Replies
    1. තැන්කු පොඩ්ඩි..මාත් එහෙනම් කෝම හරි ටිච කෙනෙක් උනා :) ළමයි ටික කම්මැලි නැතුව අහගෙන ඉන්න එකම ලොකු දෙයක් :))

      Delete
  25. අම්මෝ අක්කා බලන් ගියහම ජංගම පුස්තකාලයක් වගේනේ. නියමයි අක්කේ. හරිම වටිනවා. අපිට අර දවසේ ප්‍රශ්නේ ඇතිවෙන්න තව ආත්ම කීයක් ඉපදෙන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. හප්පේ..ඔයාට එහෙම හිතෙනවද බට්ටියෝ..ඊට කලින් නිවන් දකින්න ට්‍රයි කරානම් හරි නේද..:)

      Delete
  26. 29th උපන්දිනේ සමරන අයටනං පාටි වල වියදං ප්‍රස්නයක් නෑ! :D

    කරුණු වලට ස්තූතියි අැන්ඩ් ප්‍රමාදයට සමාව! :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ..එහෙම අය ඉතින් ලකී..ප්‍රමාදයක් නැත..අලියාප්‍රාප්තිය ට ස්තුතියි :)

      Delete
  27. මාර වැදගත් ලිපියක් අක්කෙ.. ඔයා අපිට ඉගනගන්න වටිනා දේවල් ලියනවා... ස්තූතියි ඒකට...

    ReplyDelete
    Replies
    1. මෙහෙම ප්‍රතිචාර ලැබෙද්දී නම් තවත් ලියන්න හිතෙනවා නංගා...බොහොම ස්තුතියි ඔයාට..

      Delete
  28. කතාව ගොඩාක් වටිනව අක්කෙ..අපිට හුරු පුරුදු විදිහට ලියල නිසා තවත් පැහැදිලි වුනා...ගොඩක් ලස්සන ලිපියක්...ස්තූතියි අක්කෙ මේ දැනුම අපිත් එක්ක බෙදාගන්නවට....

    //කොහොමද ජුලියස් සීසර් ගේ වැඩ?// මෙයාගෙ වැඩ මමත් ලංකාවෙදි බලල තියෙනව.සූර පප්ප කාටූන් එකෙන්.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිහින මල්ලි...සීසර් උන්නැහේ ගේ වැඩ බලන්න ඕන නම් සූර පප්පා බැලුවම හරි :) මම කැමතිම කාටුන් එකක්...

      Delete
  29. මේ කරුණු ටිකට අමතරම අධික අව්රුද්දකදී කෙල්ලෙක්ට පුළුවන්ලු කොල්ලෙන්ට ප්‍රපොසේ කරන්න. leap year කියලා ෆිල්ම් එකක් තියෙනවා. අර NJ මල්ලිත් ඒ ගැන කියලා තිබුනා

    ReplyDelete
    Replies
    1. ඔව ඔව් ෆිල්ම් එකකුත් තියනවා...අනික් අවුරුදු වලදී කෙල්ලොන්ට ප්‍රපොසේ කරන්න බැරිද? හික්ස් :)) කවුද අනේ මේ NJ මල්ලි?

      Delete
  30. අම්මපා මෙකත් මාර කේස් එකක් තමයි නේද

    ReplyDelete
    Replies
    1. ඔව් නේ යාලුවේ..සාදරයෙන් පිලි ගන්නවා ඔයාව..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...