Tuesday, July 31, 2012

සබෝර්

ඉල්පෙමින් සර සරය ගෙන එන
හිරු දැවී  කටු පිපුණු නිම්නේ
සිහිල් දිය උගුරක්‌ සොයා
පා ගැටෙන බිම දූලි සිඹිමින්
ඇවිද යන කෙසරුන් සලා 

ටැන්ටෝර් ගේ හඬින් බිය වැද
උර තලේ උණුහුමට ගුලි වෙන
පුංචි උන් ටික පිරිවරා
නුමා සැතපෙන ගුහා කෙළවර
හිඳින්නී සඳ දෙස බලා

වලා කොනකින් මිදෙන ගෝරෝ
පලා යන විට එළිය සඟවා
පවුල පිරිවර සනසවා
උඩඟු ශීටා හා කරට කර
ඇදෙන්නී අහරක් සොයා

කුස දැවී සිව් පාද පැකිලෙන
විටෙක සරදම් කරන ස්කා
දෙස බලා රුදු නෙත් යොමා
හැරෙන්නී දුර දිලෙන මිරිඟුව
හඹා යන බාරා සොයා

ගුහාවට දුර ඇදෙන විට කුඩු
ගුහා දොරකඩ සොයා  සපැමිණ
කවා දරුවන් සතපවා
සක්මනට ගිය නුමා එන තුරු
මග බලන්නී ඈ...

සබෝර්




                                                       ~~~~~~~~~~~~~~~~~~~~




ප. ලි. ටාසන් බලලා නැති අයට මේක පොඩ්ඩක් මන්ඥන් වගේ පෙනේවි :)

ප. ප. ලි.  ටාසන් බලපු කට්ටියටත් වචන මතක නෑ කිව්ව හින්දා ඔන්න වචන ටිකේ තේරුම දානවා. මේ තමයි ආදී කල්පික මානවයාගේ / වානරයින්ගේ භාෂාව.

ටැන්ටෝර් - ඇතා
නුමා - සිංහයා
ගෝරෝ - හඳ
ශීටා - දිවියා
ස්කා - ගිජු ලිහිණියා
බාරා - මුවා
කුඩු - හිරු
සබෝර් - සිංහ ධේනුව (කේ ජී කරුණාතිලක කියන විදියටනම් "සිංහිය")

කුඩු ගුහාවට යනවා කියන්නේ ඉර බහිනවට.
"දවස්" දෙකක් කියන එක දක්වන්නේ "කුඩු ගුහාවෙන් දෙපාරක් එලියට එනවා" කියලා.


110 comments:

  1. හුරේ අද නම් මම එක...
    අක්කි මම අසනීපෙන්..ඒකට හරියන්න තෑග්ගක් ඕනේ

    ReplyDelete
    Replies
    1. මේ කවි කියෝලා
      මම වෙලා මන්ඥන්

      ඔළුවෙ කැක්කුමත්
      වැඩි වුනා වගේ සිතේ

      මම සිංහයාට
      බයයි අක්කියෝ.........:D:D:D

      Delete
    2. ඉක්මනට සනීප වෙන්න
      අක්කි ගෙන්නේ
      ඔළුව රදේට හොද නැති කෑම ජාතියක්ලු
      තෑග්ගට

      Delete
    3. එහෙනම් තෑග්ග ගන්ඩ මාත් එනවා.
      සයුරි අක්කේ හිසේ රදේ වැඩිවෙන තෑග්ගක් දෙන්ඩ !!

      Delete
    4. අනේ පව් බට්ටි. ඔන්න සුප් එකක් තියනවා හොඳේ. බීලා සනීප වෙන්න.

      [im]https://dl.dropbox.com/u/16187387/Caribbean%20Chicken%20Soup.jpg[/im]

      මේ..සිංහයෙක්
      නෙමෙයි නංගියේ

      ඒ..සිංහියක්
      තමයි බට්ටියේ... :)

      සිහිනයි මධුයි සුප් හැන්දක් ඉල්ලා ගන්ටෝ

      Delete
  2. ටාසන් බලලත් මට මඤ්ඤං බලපු නැති අයට කොහොමට ඇද්ද. හැබැයි කවිපදවැල් ගොතල තියෙන අපුරුව නම් නියමායි.
    ලස්සන නිර්මාණයක්

    මම දෙකද එතකොට.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔයා දෙක :) බොහොම ස්තුතියි අගය කිරීමට. හනේ ඔයාටත් තේරුනේ නැද්ද? මේකට අටුවා ලිව්වේ නෑ ඕන නෑ කියලා හිතලා

      Delete
  3. ආ ටාසන්... මොන තරම් ලස්සන පොතක්ද "වානරයන්ගේ ටාසන්" පළවෙනි පාර කියවද්දි හිතේ ඇඳුන ඒ සුන්දර මතක සටහන් තාමත් එහෙමම තියනවා.. අදටත් ඒ පොත බොහොම ආසාවෙන් කියෙව්වෑකි..

    ටැන්ටෝර්, සාබෝර්, නූමා, කාලා, කර්චැක්.. තුබ්ලාත්.... අවුරුදු ගානකට කලින් කියෙව්වත් උඹලව තාමත් මතකයි මට..

    ReplyDelete
    Replies
    1. තුබ්ලාත් කියන්නේ ටාසන්ගේ තරඟ කාරයා නේද? හිස්ටා, ස්කා, මනු, හෝර්තා...මටත් අද වගේ මතකයි. මගේ ප්‍රියතම පොතක් මේක (මම කියන්නේ කේ ජි කරුණාතිලක ගේ පරිවර්තන ගැන). ඔය වචන කොච්චර හිතට වැදුනද කියනවනම් දවසක් මම සිංහල රචනාවක් ලියද්දි වඳුරු රංචුව කියන එකට "මනු කැල" කියලා ලියලා මිස් අහනකන්ම මීටර් උනේ නෑ.

      Delete
    2. සෙන්නා සෑහෙන්න පොත් කියවලා තියෙනවා නේද?

      Delete
    3. සෙන්නාස් කාලයක් දඬුගම පුස්තකාලය බදු අරන් හිටියා..

      කරුමෙ කියන්නෙ මට කියෙව්වට එච්චර මතක හිටින්නෑ.. මේ වගේ දෙක තුනක් තමා විශේෂයෙන් මතක..

      Delete
    4. මමත් පස් හය පාරකට වඩා දඬුගම පුස්තකාලෙන් ෆෝම් අරන් ඇති ඒත් වරිපනම් ගෙවන මනුස්සයෙක් හොයාගන්න බැරිවුනානෙ.. ඔන්න කෙනෙක්ව ඇපයට අත්සන් කරන් යද්දි මිනිහගෙ නම නෙමෙයි තියෙන්නෙ 'අයිතිකරු' කියලා.. ඔන්න තව කෙනෙක්ව ගනිද්දි මිනිහා වරිපනම් ගෙවලා නෑ.. තව එකෙක් තාම ගෙවන්නෙ මැරිච්ච තාත්තගෙ නමට.. ඉතින් ෆෝම් විසිකරා නිකන් හිටියා..

      ඇටමැස්සා තුන් හතරපාරක් කියවලත් මතක නෑ වගේ කතාවක් කිව්වෙ සෙන්නද?

      Delete
    5. ඔව් ඔව් මම තමා :-) බූරයි, රූයි මාව එල්ලලා හම ගහන්ඩ හැදුවා ඒ භායානක වරදට '' හෙක් හෙක්

      Delete
  4. හි හි ටාසන් පොතේ කස්ටියව නම් මතකයි හැබැයි ටාසන් ෆිල්ම් එක නම් බලන්න බැරිවුනා.... මරු ඈ අන්තිම වෙනකන්ම මම කල්පනා කලේ මේ නම් අහලා පුරුදු නිසා මොකක් ගැනද මේ කියන්න යන්නේ කියලා... අන්තිම පේලිය නොදැම්මනම් චුට්ටක් විතර හොල්මං වෙනවා ෂුවර්...

    මම ආසාවෙන් කියවපු කතා මාලාවක් තමා මේ.මේ පොත් සේරම එකතු කරගන්න හෙනම පිස්සුවක් තිබ්බා ඒ දවස්වල හැබැයි දැන් ඒ එක පොතක්වත් නෑ සේරම යාළුවෝ ගාව ගත්ත එවුන්ව මතකත් නෑ...

    කාලයක් අමතක වෙලා තිබ්බ චරිතයක් මතක් කලාට ස්තූතියි අක්කේ...

    ReplyDelete
    Replies
    1. ගැමියා අහලා තියනවද දන්නෑ පොතුයි, ගැහැණුයි අන්සතු කරන්ඩ හොඳ නෑ කියලා. දුන්නොත් දුන්නා.. ලස්සන කතාවක් කියනව ඕකට සහන් රංවල මොකක්ද නාට්‍යකදී.. "පුස්තක රත්නං, ස්ත්‍රී රත්නං ....................... ගතං ගතං" කියලා මට ඒක හාරියට මතක නෑ..

      Delete
    2. මම කිව්වෙත් පොත ගැන තමයි ගැමියෝ...පොතේ තියන හැබෑ ලස්සන කවදාවත් රූපයට නගන්න බෑ කියලයි මට හිතෙන්නේ. ටාසන් ගර්ජනා කරන හැටි පොතේ කොච්චර ලස්සනට විස්තර කරලා තියනවද? ඒක ඇඟේ මයිල් කෙලින් වෙන්න ලියල තියනවා. අර කාටුන් එකේ / ෆිල්ම් එකේ ඉන්න එකා හූ කියන හැටි ඇහුණම සසර කලකිරෙනවා නේ.. :)

      මගේ ළඟ අඩු "ටාසන් සහ ඔපාරයේ මැණික්" පොත විතරයි

      //"පුස්තක රත්නං, ස්ත්‍රී රත්නං ....................... ගතං ගතං" //

      හික්

      Delete
    3. //අර කාටුන් එකේ / ෆිල්ම් එකේ ඉන්න එකා හූ කියන හැටි ඇහුණම සසර කලකිරෙනවා නේ.. :)//
      100%ක් එකඟයි..අපේ චිත්ත රූප ටික ඔක්කොම කාබාසිනියා කරලා දානාව.

      ඒ වුනාට ටීවි සීරිස් එකේ ‍පොඩි ගතියක් තිබුනා..ඒ දවස්වල සිරස එකේ යනකොට මම හැමදාම බැලුවා..

      Delete
    4. ආ මම සීරිස් එකනම් බලලා නෑ. බලන්න ඕනේ. පොත් වලින් චිත්‍රපටි හදනවට මම වැඩිය කැමති නැත්තේ මේ හේතුව නිසා තමයි

      Delete
    5. සහතික ඇත්ත සයුරි..

      විඳලා තියනවද, මොන්තක්‍රිස්තෝ පොතෙයි, චිත්‍රපටියෙයි වෙනස.. චිත්‍රපටිය විහිළුවක්..

      Delete
    6. අන්න තවත් නියම උදාහරණයක්. මොන්තක්‍රිස්තෝ ෆිල්ම් එක බැලුවට පස්සේ පුදුම කලකිරීමක් තමයි දැනුනේ...

      ඒ පොත් ටිකටත් මම ටාර්සන්ට වගේම කැමතියි.

      Delete
    7. ඇත්තම තමයි සෙන්නා අයියේ... මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා තමයි හොඳම උදාහරණය.සිරසෙ ගියපු ටාසන් කතාව මම දවසක් දෙකක් බලන්න ඇති ඒත් මට ඒක ඒ තරම් ඇල්ලුවේ නෑ.ඕනේ නැති කෑලි වැඩියි.අනික ඒ දවස්වල මම හෙන පොඩි එකා....

      සිරාවටම මම කලින් අහලා තිබ්බෙ නෑ ඕං අද ඉගෙන ගත්තා සෙන්නා අයියේ හිහි මරු උදාහරණ ඈ..

      හැබැයි සයුරි අක්කේ ජුරාසික් පාක් පොතෙයි ෆිල්ම් එකෙයි කිසිම වෙනසක් නෑ... මම පරිවර්තනේ කියෙව්වෙ ෆිල්ම් එක බලද්දි දැනෙන හැඟීම එහෙම්ම දැනෙනවා පොතෙනුත්.. ඒක සුපිරියි.මම තාමත් ආසා ෆිල්ම් එකක් ඒක

      Delete
    8. @ ගැමි මල්ලි - ජුරාසික්පාක් පොත මම කියෙව්වේ පස්සේ කාලෙක. මුලින්ම බැලුවේ ෆිල්ම් එක. අපි ඒ කාලේ පොඩි අය නේ. ඒ ෆිල්ම් එකටනං මමත් තාම කැමතියි. මුලින් පොත කියවලා පස්සේ ෆිල්ම් එක බැලුවනම් වෙනසක් දනෙයිද දන්නේ නෑ. හැබැයි මම එකඟයි ඒ කතාවට. ඒක සුපිරි ෆිල්ම් එකක්.

      Delete
  5. අය්යෝ දන ඉතින් ටව පොතක් කියවන්න එපයි

    ඒ උනාට කවියට පට්ට ලයික්....

    ReplyDelete
    Replies
    1. එකක් නෙමේ කොල්ලෝ. පොත් මහා ගොඩක් තියෙනවා.

      බරසාර පොත් කියොලා හෙම්බත්වෙලා එපා වෙලා ඉන්නකෝට කියවන්න නියමයි. එක හුස්මට කියවන්න පුළුවන් පොත් ටිකක්

      Delete
    2. ඔව් මී ගොඩයෝ පොත් සීරිස් එකක් මේක. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "පට්ටම සිරා" පොත් සෙට් එකක්.

      ලයික් එකට තැන්කු හොඳේ

      Delete
  6. කවිටික නම් පට්ටයි.. ඒත් අර ඉස්සර ලියන කවි වගේ නෑ නෙව. අර නොතේරෙන කවි. අන්න ඒ ටයිප් එකෙන් තිබ්බා නම් මරු..
    මේකත් අවුලක් නෑ.
    ඒ කවිත් ලස්සනයි.. මේ කවිත් ලස්සනයි.. අක්කා ලියන කෝකත් ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. එතකොට අක්කා ??

      Delete
    2. බලාපල්ලකෝ ඉතින්...කවියක් ලිව්වම ඒ පාර නොතේරන කවි ඕනලු. :)

      ඉතින් බලන්නකෝ මේකත් තේරිලා නෑ නේ කට්ටියට. එහෙම බලනකොට මේකත් නොතේරන කවියක් තමා. මධු ට ඉතින් නොතේරෙන ඒවත් තේරෙනවනේ.

      ආන්න බලන්න සෙන්නයියට සාධාරණ ප්‍රශ්නයක් ඇවිල්ලා :ඩි

      Delete
    3. සෙන්නාගේ ප්‍රශ්නේට මටත් උත්තර ඕනා. ???

      Delete
    4. ඈ බොලේ...තමන් ලස්සනද කියලා තමන්ම කියා ගන්න සිරිතක් තියනවද ඇත්තට :ඩි

      Delete
    5. ඔන්න ඉතිං ආඩම්බර වෙන්න හදනවා............!

      Delete
  7. ඇහ්හ් !!! කවි ලියන්නත් පුළුවන් නෙව.

    ඔය සාටන් පොත් මාත් හරි ආසාවෙන් කියෙව්වා. එකක් දෙකක් ඇරෙන්න හැම පොතක්ම වගේ කියොලා තියෙනවා මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. මට නම් පළවෙනි එක විතරමයි ලස්සන.. අනිත් ඔක්කොම, සල්ලි රහ වැටිලා, සල්ලි වලටම ලියපු විකාර..

      Delete
    2. මම කියවලා නැත්තේ එකයි. අනිත් ඔක්කොම කියෙව්වා. මටනම් අනිත් පොතුත් හොඳයි. වැඩිපුරම කැමති ඒ පොත් වල තියන අවස්ථා සම්බන්ධයට. පොතේ මුල හරියේදී පුංචියට ඇති වෙන සිද්ධියක් අග හරිය වෙනකොට අපි නොහිතන පුදුමාකාර ලස්සන විදියට කතාවට සම්බන්ධ වෙනවා. හැම පොතක්ම උපරිමයි මටනම්.

      Delete
  8. ටාසන් බැළුවට මොකො කවිය කියවලා මට නිකන් මොකක්ද වගේ.. සමහර වචන දන්නේ නෑ දන්නේ නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. ඔන්න මම වචන ටික දාන්නම්කො ප.ලි එකට :)

      Delete
  9. කවි ටික ලස්සනයි. ලස්සන අදහසක්.:)

    සිංහයික් උනත් ලමයින් පිරිවරාගෙන, සෙනෙහසින් බලා ඉන්න හැටි අපූරුවට ගොතලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි...මිනිස්සුන්ටත් වඩා සින්හයින්ගේ ලෝකේ ගැහැණිය දුක් විඳිනවා කියලා මට හිතුනා.

      පැටව් හදලා උන්ව ආරක්ෂා කරගෙන, කවලා පොවලා, සැමියාටත් කන්න ගෙනත් දෙන්නේ සිංහ ධේනුව නේ.

      Delete
  10. හරම ලස්සන කවි පන්තිය

    ඕක බූන්දියට දාන්නකො සිරා ඩයල්වල ඇහැ ගැහෙන්න.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට...ඔන්න බූන්දිය පැත්තේ රවුමක් ගහලා ආව. ඒත් ඒ ක්‍රියාපටිපාටිය ගැන වැඩිය තේරුනේ නම් නෑ :)

      Delete
  11. මට නං ග්‍රීක් වගේ..? පොටෝ එක තිබ්බ නිසා හොඳා..!

    ReplyDelete
    Replies
    1. ෆොටෝ එක බැලුවම තේරුනා නේද :)

      Delete
  12. මට නම් ටික දවසකින් එන්න බැරි වුනා අපු ගමන්ම ලියල තියන කවීන් නිකන් මාව හොල්මන් වුනා ගොඩක් ලස්සනයි නිර්මනත්මකයි ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සචිත්...කාලෙකින් දැක්කේ නෑ තමයි. ඔයා ලඟදි පොස්ට් දැම්මෙත් නැද්ද? ඇවිත් බලන්නම් ඒ පැත්තේ.

      Delete
  13. ටාසන් පොත් කියන්නේ මගේ ජීවිතයේ ඇබ්බැහි වීමක් ....

    ReplyDelete
    Replies
    1. මමත් ඒකට හොඳටම ඇබ්බැහි වෙලා අප්පා.

      Delete
  14. Replies
    1. ස්තුතියි වකා. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...

      Delete
  15. අද අමුතුම විදියේ පෝස්ට් එකක්නෙ...! ලස්සනට නිර්මාණය කරලා තියෙනව.. ටාසන් කිව්වම මතක් වෙන්නේ පොඩි කාලේ. ඉස්සර කට්ටිය ඉස්කෝලෙ තියෙන ලොකු වැල් වල එල්ලිලා ඉනටර්වල් එකට ටාසන් වගේ පදිනවා... "වෝ ඔඔ ඕ ඔඔ ඕ..."

    ReplyDelete
    Replies
    1. හික් හික්. ඔය වැල් වල එල්ලිලා යන වැඩේ ගොඩක් පොඩි අය කරනවනේ. සමහරු කොඳු එහෙමත් කඩා ගන්නවා.

      //"වෝ ඔඔ ඕ ඔඔ ඕ..."//

      මේක තමයි නියම. :) ඕක පොතේ විස්තර කරලා තියන විදිය හරිම ලස්සනයි. ඉතින් ටි වී එකේ ඕක ඇහුණම හිනා යනවා...ස්තුතියි තොටියා අයියේ

      Delete
  16. ඒ වචන විතරක් නෙමේ කවියම ඒ භාසාවෙන් ලිව්වානම් තමා මරු..

    මුලින්ම මම බැලුවා මොනාද අප්පේ මේ මම දන්නෙ නැති සිංහල වචන කියලා...

    ReplyDelete
    Replies
    1. //කවියම ඒ භාසාවෙන් ලිව්වානම් තමා මරු..//

      අප්පේ...ඇස් දෙකත් උඩ ගියා මේක දැකලා. මම වානරියක් නොවෙමි :)

      Delete
  17. ටාසන් නං ඔක්කෝම කියෙව්ව. මේ විදියෙ කවි රචනාවක් දැක්කමයි. හොඳයි. අවුරුදු 10කට වැඩි උනත් නම්-තේරුම් තාම මතකයි.

    ReplyDelete
    Replies
    1. ටාසන්ට කැමති අයට ඉබේම ඔය වචන ටික පාඩම් හිටිනවා නේද

      Delete
  18. ඉස්සෙල්ලම මමත් බැලුවා මේ මොකක්ද කියල... පහල වචන වල තේරුමත් වරින් වර ගලපලා තමයි තේරුම් ගත්තේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳ වෙලාවට මම වචන ටිකත් දැම්මේ. නැත්නම් මට පිස්සු කියලා හිතයි කට්ටිය

      Delete
  19. හම්මේ..... ශෝයි!!! වචන වල තේරුම් දැම්ම එක හොදයි!! නැත්තම් මටත් ඕක තේරෙන්නෙ නෑනෙ..:(

    ReplyDelete
    Replies
    1. හිහි ඔයත් ටාසන් බලලා නැද්ද හිතු

      Delete
  20. හික්ස්.. ඉස්සර කටේම තිබිලා අමතකවෙලා ගිහින් තිබ්බ වචන ටිකක් සයුරි ඔන්න මතක කරලා දුන්න එහෙනම් .

    ReplyDelete
    Replies
    1. ශා ලිහිණිත් ටාසන් රසිකාවියක් වගේ...:)

      Delete
  21. මෙන්න නියම කවි පන්තියක්. මේක කවිපන්තියක් කිව්වට මොකද සුගායනීය ලක්ෂණවලින් පිරිපුන්.

    ඇයි මම එහෙම කිව්වේ. මෙන්න මේකයි මට නම් මේක කියවන විට හිතුනේ සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ ගායන සම්ප්‍රදාය ඉබේම සිහියට නැගෙනවා.ඒ භාෂාත්මක ලක්ෂණ සහ භාවිතය තියෙනවා. සිංහබාහු නාට්‍යයේ විශේෂයෙන්ම පොතේගුරාගේ කොටස්.

    "ඉල්පෙමින් සර සරය ගෙන එන
    හිරු දැවී කටු පිපුණු නිම්නේ
    සිහිල් දිය උගුරක්‌ සොයා
    පා ගැටෙන බිම දූලි සිඹිමින්
    ඇවිද යන කෙසරුන් සලා "

    මේ ආරම්භයේ යෙදෙන කාව්‍ය භාෂාත්මක උපක්‍රම සහ ව්‍යංගාර්ථය විශිෂ්ඨතම කාව්‍යකරණයේ තියෙන හැකියාවක්. ආදි මානවයාගේ වචන නොතේරුනත් සමස්ත අර්ථයෙන් තේරුම හදාගන්න පුළුවන්.

    ටාසන් කතා පළට වඩා "ලයන් කිං" කාටූන් එකට වඩා වැඩියෙන් දැනෙනවා. සමහර වචන අහෙන ගතියක් තියෙවා.

    ReplyDelete
    Replies
    1. මටත් කවි පෙල කියවද්දි ලයන් කිං එකේ රූප මැවිලා පේනන පටන් ගත්තා..

      Delete
    2. හප්පේ මෙහෙම ඇගයීමක් ලබන්න කොයි තරම් වාසනාවන්තද මම. බොහොම ස්තුතියි.

      //ආදි මානවයාගේ වචන නොතේරුනත් සමස්ත අර්ථයෙන් තේරුම හදාගන්න පුළුවන්.//
      එහෙම දැනුනා නම් ලොකු දෙයක්. මමත් මේක ලියද්දි එහෙම හිතාගෙන ලිව්වේ. මුලින් වචනවල තේරුම් නොදම්මේත් ඒ නිසා.

      ඇත්ත තමයි, ලයන් කිං රූප රාමු මේකට හොඳට ගැලපෙනවා නේ :)

      Delete
  22. මෙලෝ දෙයක් තේරුන්නෑ.. ඒ වුණාට කවිය නම් ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ලස්සනයි කිව්වට තැන්කූ.

      Delete
  23. නූමා ගැන කියද්දි මගේ ටියුබ් ලයිට් එක පත්තු වුනා..
    ටාසන් පොත ගැන නම් කියලා වැඩක් නෑ..හරිම ලස්සන පොත් සෙට් එකක්..ඉස්කෝලෙ යන කාලෙ පන්තිය වෙලාවෙ ඔය පොත් සෙට් එක කියවන්න ගිහින් මමයි මගේ යාළුවො සෙට් එකයි එළියේ හිටවලා හිටියා මතකයි...
    ඒත් අපි සැලෙයි ඕවට..ඒ පොත් සීරිස් එකම කියෙව්වට පස්සෙ තමයි අපේ උණ හොඳ වුනේ..

    ලස්සනට ලියලා තියනවා සයු..

    //වලා කොනකින් මිදෙන ගෝරෝ
    පලා යන විට එළිය සඟවා
    පවුල පිරිවර සනසවා
    උඩඟු ශීටා හා කරට කර
    ඇදෙන්නී අහරක් සොයා//

    මේ මම කැමතිම කෑල්ල..අම්මා කෙනෙක්ගේ ගතිගුණ ලස්සනට මැවෙනවා..

    ReplyDelete
    Replies
    1. හිහි රූ ත් තදබල ටාසන් රසිකාවියක් වගේ. එළියේ හිටගෙන හිටියත් මොකද ටාසන් කියවන්න තියනම් :)

      ඇත්තටම ඔව් රූ..මට කවි ටිකෙන් කියන්න ඕන උනේ මවක්, බිරිඳක් විදිහට සිංහ ධෙනුවකගේ දිවියේ කටුක බව ගැන. සැමියාටත් කන්න හොයල ගෙනත් දෙන්නේ ඇය නේ.

      Delete
  24. ඇත්තමයි පලවෙනි පාර තේරුනේ නැහැ..වචන වල තේරුම දාල තිබුනට ස්තූතියි..ලස්සනයි යාළු හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරුහිමාවී :)

      Delete
  25. අනේ මං වගේ එකෙක්.. තාම ටාසන් එක පොතයි නේ කියවලා තියෙන්නේ.. ඒකෙ මේ වචන ඔක්කොම නෑ නේ!!!
    කවිය නම් එල ඈ..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. අවුලක් ගන්න එපා බන්.. මන් එකක්වත් කියවලා නැතුව මේ අපූරුවට ඉන්නෙ..

      Delete
    2. ඒකනේ අනේ. අවුලක් ගන්න එපා. පස්සේ වෙලාවක කියවන්නකෝ. හැබැයි එක පොතක් කියවලා අනිත් එව්වා නොකියවා ඉන්න හරිම අමාරුයි නේ...

      Delete
  26. මාත් ටාසන් පොත් නම් කියවා නැහැ . බැලුවේ ඩිස්නි කාටුන් එක විතරමයි . පුස්තකාලේ ඔය පොත් දැක්කත් කියවන්න ලැබී නැහැ . ලස්සන නිර්මාණයක් සයුරි .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බින්දි අක්කා. කාටුන් එකත් මම බලලා තියනවා. ඒත් පොත වගේ නම් නෑ.

      Delete
  27. කෝ හිස්ටා...? කේ. ජී කරුණාතිලක සූරින් ගේ අපූරු පරිවර්තන නේද අක්කෙ!!

    ReplyDelete
    Replies
    1. හිස්ටව මේකට රින්ගවන්න හතර අතේ කල්පනා කරා. හරි ගියේ නෑ නේ. ඔව් මල්ලි, කේ.ජී. කරුණාතිලක කියන්නේ අපේ ලෝකේ වීරයෙක්.

      Delete
  28. ටාසන්....මාත් ආසම කතාවක්...

    ReplyDelete
  29. අදමද මංදා ඉස්සෙල්ලම මෙහේ ආවෙ. දැකල පුරුදු වචනයක් නිසා ආවෙ බලන්න. මමත් මීට කලිං මෙහෙම එකක් දැකල නෑ. හොඳ උත්සාහයක්.
    මමත් ටාර්සන් පොත් සෙට් එකම ළඟ තියාගෙන සැරින් සැරේ කියවනව. මටත් ගොඩක්ම රසවත් ‘වානරයන්ගෙ ටාර්සන්‘, ටාර්සන් පළමු පොත. ඒක මම දැං විසිපස් වතාවකට වැඩිය කියවල තියෙනව පහුගිය අවුරුදු 10-12 ඇතුලත. කොච්චර කියෙව්වත් පළමු වරට කියවනව වගේ රස විඳින්න පුළුවන්.
    හැමෝම වගේ ලියල තියෙන්නෙ ‘ටාසන්‘ කියල. කේ. ජී. කරුණාතිලක මහත්මය ඒ ගැන ‘වානරයන්ගෙ ටාර්සන්‘ පොතේ පෙරවදනෙ කියල තියෙන සටහන මෙතෙනට ඇඩ් කරන්නම්.
    "Tarzan" යන ඉංග්‍රීසි වචනය සිංහලයෙන් ලිවීමේ දී ‘ටාසන්‘ යනුවෙන් නොලියා ‘ටාර්සන්‘ යනුවෙන් ලියුවේ මන්දැයි බොහෝ දෙනෙක් මගෙන් විමසූහ. "Tarzan" යන්න ඇත්ත වයෙන්ම ඉංග්‍රීසි වචනයක් නම් හල් රකාරය ඉංග්‍රීසියෙන් උච්චාරණය නොකරන හෙයින් සිංහයෙන් ලිවිය යුත්තේ ‘ටාසන්‘ යනුවෙන් බව සැබෑය. එහෙත් මෙම වචනය ඉංග්‍රීසි වචනයක් නොව “සුදු හමක් ඇත්තා“ යන තේරුම දෙන වානර වචනයක් බව පොතේම සඳහන් වෙයි. එබැවින් මෙහිදී හල් රකාරය උච්චාරණය විය යුතුම හෙයින් ‘ටාසන්‘ යනුවෙන් ලිවීමත් එසේ උච්චාරණය කිරීමත් වැරදි බවත් ලිවිය යුත්තේත් උච්චාරණය කළ යුත්තේත් ‘ටාර්සන්‘ යනුවෙන් හල් රකාරය ඇති ව ම බවත් පැවසිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඩිඩිටී අදම තමා මෙහෙ ආවේ. මුලින්ම සාදරයෙන් පිළිඅරගෙන ඉන්නම්කො.

      ඒ වගේම, වැදගත්ම කාරණාවක් මතක් කරලා දුන්නට ස්තුතියි. ඇත්තටම ඒක හරි. වානරයන්ගේ භාෂාවෙන් සුදු පාටට කියන්නේ "ටාර්" කියලනේ. "ටාර්මන්ගානි" කියන්නෙත් සුදු මිනිස්සුන්ට..එහෙම බලනකොට "ටාර්සන්" කියල තමා ලියන්න ඕන. මමත් මිට පස්සේ පුළුවන් තරම් ඒ වැරැද්ද හදා ගන්න බලනවා.

      බොහොම සතුටුයි තවත් හොඳ ටාර්සන් රසිකයෙක් අඳුරගන්න ලැබුනට.

      Delete
    2. වානරයන්ගේ ටාර්සන් පොතේ එක දෝශයක් තියනවා. එඩ්ගර් රයිස් බාරොස්ට වැරදුන තැනක්.. ඒ තමයි ටාර්සන් ඉංග්‍රීසියෙන් තමන්ගෙ නම " TARZAN" කියලා ලිවීම.. අර දොරේ ගහලා යන දැන්වීමෙදි..

      මොකද කියනවනම් ටාර්සන් ලියන්ඩ ඉගන ගන්නෙ පින්තූර පොත් බලලනෙ.. එහෙම කෙනෙකුට ශබ්ධ වෙන වචනයකට අකුරු කොහොමද වෙන්ඩ ඕනා කියලා හිතා ගන්ඩ බෑ නේද ? ඕකෙන් පොතේ රසයට කිසිම බාධාවක් නෑ..

      Delete
    3. හිහි...සෙන්නාටත් අහුවෙන්නේ මරු පොයින්ට් තමයි.. :) මම ඔය පොත මුලින්ම කියෙව්වේ 7 වසරේදී විතර. එතකොට ඔය ලියුම ලියන කෑල්ලේදි හිතුනේ ටාර්සන් මාර වැඩ කාරයෙක්නේ කියලා. :)

      Delete
    4. මටත් මුලින්ම කියවද්දි හිතුනෙ එහෙම තමයි.. ඒත් හත්වෙනි අටවෙනි පාරට කියවද්දි මට ඕක ගැන පොඩි අවුලක් ආවා.. එහෙම වෙන්ඩ බෑ නේද ?

      Delete
    5. ඒක ඇත්ත. සුට්ටි අවුලක් තියනවා තමා. මට මේ කියනකන්ම ඕක ගැන හිතුනේ නෑ නේ.

      Delete
    6. @ සෙන්නා,
      ඔබ සඳහන් කරන එක හරි. ඒ දැන්වීම විතරක් නෙවි සෙන්නා, ඊට කලින් හමුවෙන ‘දැනුමේ ආලෝකය‘ පරිච්ඡේදය සැලකිල්ලෙන් කියවන කොට ඒ වගේ තවත් ප්‍රශ්න ඇතිවෙනව. ශබ්දකෝෂවල ඒකවචනය මිසක් බහුවචනය දෙන සිරිතක් නෑනේ. ඔහු ඉගෙනගන්න හෝඩි පොතත් ළමයෙක්ගෙ රූපයකට යටින් BOY යනුවෙන් ඒකවචනය සඳහන් කරන ආකාරයක් තමා තිබෙන්නෙ. ඒත් ටාර්සන් නාමපදවල බහුවචනත් ඉගෙන ගන්නව. අනෙක ක්‍රියාපද, ක්‍රියා විශේෂණ පද, සර්වනාම පද, උපසර්ග හා නිපාත පද ආදියෙහි අර්ථය හා ඒවා යොදන ක්‍රමය ගැන කිසිම අදහසක් නොතිබුණු ටාර්සන් ඒවා භාවිත කරන්නත්, ජේන් පෝටර් තම මිතුරිය හේසල් ස්ට්‍රෝංට ලියන ලියුම පසුව කියවල අවබෝධ කරගන්නත් සමත් වෙනව. දැන් එතරම් මතක නැති වුණත් ඔය පොත් සෙට් එකම කියවද්දි මටත් පොඩි පොඩි ගැටළු ඇති වුණා. ඒව කතා රසයට බාධාවක් නැති නිසා මමත් එහෙමම අතහැරල දැම්ම. හුඟක් කතෘවරුන්ට ඔය වගේ වැරදි වෙනව. ෂර්ලොක් හෝම්ස් කතාවලත් ඔය විදියෙ කතෘගෙ අතපසුවීම් හුඟක් තියෙනව. ඒත් කතා රසයට ඒකෙන් වැඩි බාධාවක් වෙන්නෙ නෑ.

      Delete
  30. පාලි ටික තිබ්බේ නැත්නම් මට කිසි දෙයක් තේරුම ගන්න වෙන්නේ නැහැ. එත මම ටාසන් බලලත් තියෙනවා.

    කවදාවත් නැතුව අද අන්තිමය වුනා මේ දවස වල වැඩ වැඩි. ගෙවල් පැත්තේ ගිහින් එන්න කාලේ හරි නේ. අනිත් අයගේ කමෙන්ට් කියවන්නත් වෙලාවක් නැති වුනා. උඩ මදු ගේ ,සෙනාගේ ප්‍රශ්නෙට උත්තරයක්‌ ලැබෙයි වගේ නේ.

    ReplyDelete
    Replies
    1. කොහෙද.. ඔය හිකිස් ගාලා තියෙන්නෙ... :-)

      Delete
    2. :ඩි

      අසාර් ට උත්තරේ -

      ශා ලංකාව පැත්තේ යන්නද හදන්නේ. මරු මරු. සුබ ගමන්. ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕන ඉතින් එයාලම තමයි නේ? :)

      Delete
  31. කෝ හිස්ටා?? එතකොට ඕජස් පිරුණු ........ (ඌරා) කෝ....?( නම මතක නැහැ ඌරා ට කියන )

    ReplyDelete
    Replies
    1. මචං ඌරට වානරයන්ගෙ භාෂාවෙන් කියන්නෙ ‘හෝර්තා‘ කියල.

      Delete
    2. ඇපල් ට උත්තරේ ලැබිලා තියෙන්නේ :)

      Delete
  32. මාවනම් මඤ්ඤං වෙලා ගියා.මං කවදාවත් ටාර්සන් කියවලා නෑ නෙ.මේ පාර ගන්න ඕනෙ. දැන් හෙන ලිස්ට් එකක් වෙනවා මේ පාර ගන්න තියෙන පොත් සෙට් එක. :D

    ReplyDelete
    Replies
    1. හප්පේ ටාර්සන් ගන්නවානම් පොත් 7 8 ක් ම තියනවා නිසූ. පළවෙනි එකෙන් පටන් ගන්නකො දැනට. "වානරයන්ගේ ටාර්සන්".

      Delete
  33. මාව නම් මාතෘකාව කියවද්දිම හොල්මන් වුණා... ශීටා නම් දිවියා වගේ මතකයි තමා... අපිත් ටාසන් බැලුවෝ....:)

    ReplyDelete
    Replies
    1. අනු ත් හොල්මන් උනාද :) හොඳයි හොඳයි ටාර්සන් රසිකයෝ ගොඩයි..

      Delete
  34. ටාසන් වීවී එකේ බලලා අර ජූස් එක්ක වීසීඩී බලන කාලේ ඌ ගෙනාවා දවසක් වල් ටාසන්...හික් හික් .....

    ReplyDelete
    Replies
    1. වල් ටාර්සන්? කවුද අප්පා ඒ? :ඩි

      Delete
    2. @ ඔබ නොදු‍ටු ලොවක්,

      ඇත්ත තමා බං. ඒ පැත්තෙනුත් පට්ට ගහපු චරිතයක් ටාර්සන්.

      Delete
    3. ඒ කාලෙත් ඒක තිබ්බද ඈ...???

      මේකනේ අක්කේ ලංකාවේ ෆිල්ම් එකක් හැදුවේ වැඩ බැරි ටාර්සන් කියලා ආං ඒක වෙන්නැති මේ... :P

      Delete
    4. යන්ට යන්ට...මාව ගොනාට අන්දන්න හදන්නේ නැතුව :පි

      Delete
  35. ඉක්මනට සනීප වෙන්න...........

    ReplyDelete
    Replies
    1. බට්ටිටද කිව්වේ කෝඩු ? :)

      Delete
  36. ටාසන් මතකත් නෑ හරියට......අපිත් ඉස්සර ටාසන් වෙන්ඩ හදපු වෙලාවල් නම් ඔනි තරම් තියෙනවා

    ReplyDelete
    Replies
    1. හැම කොල්ලටම වගේ ඔය ටාර්සන් ලෙඩේ තියනවනේ ඉතින් :)

      Delete
  37. ටර්සන් නම් දැන් අමතකයි
    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන්. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...

      Delete
  38. මමත් චුට්ටි කාලෙ ටාසන්ගෙ වැඩේ කරන්න ගියා අපේ ගෙදර අලිගැට පේර ගහේ තිබුණු වයර් එකක එල්ලිලා. ඒ දවස් වල අපේ ගෙදර බෝඩ් වෙලා හිටිය මොරටුවෙ ආකි කරන අක්ක කෙනෙක් මනෝරි කියල. මෙයා මෙතනින් යන ගමං කියාගෙන ගියා වයර් එක කැඩුනොත් වැටෙයි පුතේ කියල. එයා ඒක කියල පඩිපෙල දිගේ උඩට ගියා විතරයි වයර් එකේ කම්බිය ගහේ තියෙද්දි මම රබර් පොත්තත් අරං වීසි වෙලා ගිහිල්ල පඩිපෙල ලඟට වැටුන. කකුල් දෙකම තුවාලයි, වෙලාවට ඔලුව වැදුනෙ නෑ පඩිපෙලේ. අම්ම ඇහුව මොකද වුනේ කියල, අම්ම බනියි කියල බයේ මම ඉක්මනට නැගිටල කිව්ව නෑ නිකං කියල.. :D :D අක්කගෙ කවි පන්තිය මරු ඈ.. හැබැයි මම නම් එච්චර ඕක බලල නෑ, ටිකක් දන්නව. පහල වචන සෙට් එකෙන් තමයි කියවගත්තෙ. කවිය අගය කිරීමක් වශයෙන් මෙන්න මගෙන් තරුවක්...
    [im]http://www.wpclipart.com/education/gold_stars/more_stars/gold_star.png[/im]
    ජය ශ්‍රී හොඳේ..!!!

    ReplyDelete
    Replies
    1. හපෝ...අර අක්කගේ කටේ ඩොලර් දාන්න නේ වටින්නේ. නියම අනාවැකි කීමේ හැකියාවක්. දැන් එයා මොනාද දන්නේ නෑ කරන්නේ ;) තරුවට තෑන්ක් යූ කිව්වා ඔන්න.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...