Thursday, November 1, 2012

සැන්ඩි උපන් හැටි

ඔන්න එහෙනම් සැන්ඩිත් ඇවිත් ගියා. නිකන්ම නෙවෙයි, මහා විනාසෙකුත් කරගෙන. මේ හින්දා මිනිස් ජිවිත 100 කට ආසන්න ප්‍රමාණයක් විනාශ උනා. දේපළ හානිය කොයි තරම්ද කියලා මම දන්නේ නෑ. නිවාස මිලියන 6 කට විදුලි සැපයුම අහිමි වී දැනට දින 3 ක්. ඇතැම් පෙදෙස්  අඩි 2 ක පමණ හිමෙන් වැහිලා (අකාලයේ). අඩි 6 ක පමණ උසට නගර ජලයෙන් යට වෙලා. 

"Super storm" එකක් හැටියට හඳුන්වන "සැන්ඩි" කරපු දේවල්වලින් ටිකක් තමයි මේ. පින්තූර ගත්තේ අන්තර්ජාලයෙන්. ක්ලික් කරලා බලන්න.




පහන්යාය පටන් ගත්ත අලුතම මෙහෙ ආපු අයට මතකද දන්නේ නෑ කුණාටු වලට නම් දෙන හැටි ගැන ලියපු ලිපිය. කැමති අය ඉන්නවනම් ගිහින් බලල එන්නකො. එතකොට තේරේවි මෙයාට සැන්ඩි කියලා නම වැටුනේ කොහොමද කියලා. කවුරුහරි හිතාගෙන ඉන්නවනම් කුණාටු වලට දාන්නේ ගෑනු නම් විතරයි කියලා ඒක වැරදියි හොඳේ straight face. ඒකෙ කට්ටිය කමෙන්ට් කරලා තිබුණා ගෑනු නම් තියන කුණාටු වැඩියෙන් සැරයි කියලා. ඒකෙනම් ඉතින් ඇත්තක් තියනවදත් මන්දා. :)) කොහොම උනත් ඉතින් ලස්සන ක්‍රමේකට අනුව තමයි කුණාටු වලට නම් ලැබෙන්නේ. 

දැන් ඉතින් ඒ ගැන කිව්වා ඇති. 

ඔයාලට නිකමට හිතිලා තියනවද මොකද මේ කුණාටු මෙච්චරම ඇමරිකාව පස්සෙම පන්නන්නේ කියලා thinking. දැන් ඉතින් කියන්න එපා ඇමරිකාව කරන නොහොබිනා වැඩ හින්දා කියලා. හරි අපි බලමුකෝ. 

ඔය කියන විදියේ හරිකේන් එකක් ඇති වෙන්න අවශ්‍යතා කිහිපයක් තියනවා. 

1. අධික උෂ්ණත්වයක් 
2. මුහුදු කලාපයක් වැනි ජලය සහිත ප්‍රදේශයක්  
3. සුළං දහරා 

ඉතින් මේ කියන කරුණු තුන ගොඩක් වෙලාවට සම්පුර්ණ වෙන තැනක් තමයි ඝර්ම කලාපීය මුහුදු. බටහිර අප්‍රිකාව ආසන්නයේ මුහුද මේ සඳහා ගොඩක්ම යෝග්‍යයි. ගොඩක් වෙලාවට ඒ ආසන්නයෙන් තමයි කුණාටු හට ගන්නේ. ඒවා හඳ අල්ලපු රට පස්සෙන් එලවන්නේ මොකද කියලත් මම කියන්නම්. 


අධික උෂ්ණත්වය නිසා ජලය විශාල ප්‍රමාණයක් මුහුද මතුපිටින් වාෂ්ප වෙලා වාතය සමග ඉහළ නගිනවා (රත් වූ වාතය ඉහළ නගී කියලා කතාවක් අහල තියනවනේ). ඉතින් මුහුද ආසන්න වායු ගෝලයේ අව පීඩනයක් ඇති වෙනවා. ඒ අඩුව පුරවන්න අවට ප්‍රදේශ වලින් වාතය අර ස්ථානයට ඇදිලා එනවා. ඒ වාතයත් අර විදියටම රත් වෙලා ජල වාෂ්ප සහිතව ඉහළ නගිනවා, හරියට දුම් නලයක් දිගේ ඉහළ යනවා වගේ. ඉහළ වායු ගෝලයේදී මේ වාතය අර දුම් නලය වටා පැතිරෙනවා (මුළුතැන් ගෙයක චිමිනියෙන් දුම් විසිරෙන හැටි මතක් කරගන්න). මුහුද තමයි මේ වැඩේට උෂ්ණත්වය සහ තෙතමනය සපයන්නේ. ඔය විදියට ඉහළ නැගලා විසිරෙන වාතය ඝනීභවනය වෙලා වලාකුළු බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙන හින්දා අර වලාකුළු තට්ටුව නොනැවතී වර්ධනය වෙනවා.

මේ බලන්න හරිකේන් එකක් දිස් වෙන ආකාරය 


පේනවා නේද මැද තියන පොඩි රවුම. ඒකට කියන්නේ හරිකේන් එකේ "ඇහැ" කියලා. එතන තමයි අඩුම පීඩනයක් තියෙන්නේ. අර කියපු දුම් නලයේ මුදුන තමයි මේ ඇහැ. 

හරි, දැන් අපි දන්නවා කුණාටුවක් ඇති වෙන හැටි. එතකොට අර "සුළං දහරා" ඕන වෙන්නේ මොකටද? ඒවායින් තමයි කුණාටුවේ ගමන් මග තීරණය කරන්නේ. ගොඩක් වෙලාවට කුණාටු හටගන්නේ අප්‍රිකානු මුහුදෙන් කියලා දැන් අපි දන්නවනේ. ඒ ප්‍රදේශයේ "වෙළඳ සුළං" කියලා එකක් හමනවා ඔයාලා දන්නවද?

මේ තියෙන්නේ වෙළඳ සුළං හමන රටාව සහ දිශාව 


වෙළඳ සුළං ඇති වෙන්න බලපාන්නේ පෘතුවියේ බ්‍රමණය කියලා සමාජ අධ්‍යයනයට ඉගැන්නුවා සමහරුන්ට මතක ඇති (මටනම් ලාවට වගේ මතකයි :). 

ඉතින් ටාර්සන්ගේ රට (අප්‍රිකාව) ආසන්නයේ හටගන්න කුණාටුවක් වහාම හඳ අල්ලපු රට පැත්තට අරගෙන යන්න මේ සුළං සැදී පැහැදී ඉන්නවා. වෙළඳ සුළං හින්දා උතුරු ඇමරිකාවේ පහළ ප්‍රදේශ දිහාවට ඇදෙන සමහර කුණාටු එහිදී වෙළඳ සුළං බලපෑමෙන් මිදෙනවා. ඊට පස්සේ ඒකෙ ගමන් මග තීරණය කරන්නේ ප්‍රාදේශීය කාලගුණයට අදාළ සුළං මගින්. ඔන්න ඔහොමයි ඉතින් වෙන්නේ. 

එතකොට කුණාටුව, සුළියක් වගේ කැරකෙන්නේ ඇයි confused? ඒකට හේතුවත් අර වෙළඳ සුළං ඇති වෙන්න බලපාපු හේතුවම තමයි. පෘතුවියේ භ්‍රමණය. අවපාතය දිහාවට ගලාගෙන යන්න වාතය උත්සාහ කරන අස්සේ පෘතුවිය දක්ෂිණාවර්තව භ්‍රමණය වෙනවා. මේ නිසා උත්තර සහ දක්ෂිණ අර්ධ ගෝලවල එකිනෙකට විරුද්ධ දිශාවට සුළඟේ අපවර්තනයක් ඇති වෙනවා. මේකට කියන්නේ coriolis effect කියලා. ඒක හරියටම තේරුම් ගන්න මෙහෙම හිතන්නකෝ. ඔන්න ග්‍රමර්ෆෝන් එකක් කැරකෙනවා කියලා හිතන්න. කවුරු හරි ඒ තැටියේ මැදින් පටන් අරගෙන පහළට හුණු කූරකින් ඉරක් ඇන්දොත් ඇඳෙන ඉර කෙලින් එකක් නෙමෙයි, ඒක නවත්තලා බැලුවම වක්‍ර වෙච්ච ඉරක් තමයි පේන්න තියෙන්නේ. 

ඔය විදිහට උතුරු අර්ධගෝලයේ හමන සුළං දකුණු පැත්තට ඇල වෙලා ගමන් කරන බව ඔයාලට තේරෙනවා ඇති. ඉතින් අවපාතයේ පීඩනය අඩු ප්‍රදේශයට අවටින් සුළං හමා ගෙන එද්දී ඒවා මෙන්න මේ රූපයේ විදියට හැඩ ගැහිලා කුණාටුව වාමාවර්තව කැරකෙන්න ගන්නවා. 


ඒ වගේම, දක්ෂිනාර්ධ ගෝලයේ ඇති වෙන කුණාටු කැරකෙන්නේ දක්ෂිණාවර්තව. ඒක ආපහු පැහැදිළි කරන්න ඕන නෑ නේද. 

දැන් ඉතින් මේ විදියට භ්‍රමණය වෙමින් යන කුණාටුවක් නවතින්නේ කොහොමද? ආ ඒකට ඉතින් ගොඩබිමක් මුණ ගැහෙන්න වෙනවා. ගොඩ බිමකට ආවට පස්සේ කුණාටුව වර්ධනය වෙන්න ජල වාෂ්ප හොයාගන්න මුහුදක් නැහැනේ. ඒ නිසා තව දුරටත් ජල වාෂ්ප රත් වේවි ඉහළ යන්නේ නැහැ. ඉතින් ඒ පාර අර දැවැන්ත වලාකුළු සෙට් එක එකතු වෙලා දෙන්න පටන් ගන්නවා මදි නොකියන්නම වැස්ස, අකුණු ඊට පස්සේ ගංවතුර. ඒ මදිවට භ්‍රමණය වෙන අවපාතයෙන් ගස්, ගල්, ගෙවල් උගුල්ලලා අර ගන්නවා. අවපාතයේ ඇහැට අහු ඉනොත් ඉතින් සොරිම තමා hypnotized. එක අන්ශුවක්වත් ඉතුරු වෙන්නේ නෑ ඔන්න. ඔය වැඩ ටික කරලා ඉවර වෙනකොට තමයි කුණාටුවේ සැර බාල වෙලා හොඳ ළමයා වගේ යන්න යන්නේ. batting eyelashes

දැන් ඔයාලා දන්නවා නේද මේ හඳ අල්ලපු රටේ මිනිස්සුන්ට කුණාටු වලින් තියන කරදර. මේ ගොල්ලෝ සයිරන් සද්දයක් ඇහුනොත් බේස්මන්ට් වලට දුවන්න බලාගෙන ඉන්නේ. එහෙම ගිහින් දෙවියෝ සිහි කර කර ඉන්න එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ praying. ඒ විදියේ ආරක්ෂිතව හදපු ස්ථාන වලට ගියොත්නම් ගොඩක් වෙලාවට මේවයින් බේරෙන්න පුළුවන්. එහෙම නැතුව නිකන්ම ගේ ඇතුලට වෙලා හිටියොත් ඉතින් ගේත් එක්කම අවපාතය දිගේ කැරකි කැරකි උඩට යන්නත් පුළුවන්. :) හැබැයි ආපහු බිමට වැටෙයිද කියලනම් මගෙන් අහන්න එපා. 


106 comments:

  1. හරිම වටිනා ලිපියක් සයුරි .....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සචිත්

      Delete
  2. හරිම වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කේ ජි.

      Delete
  3. අම්මෝ...... අපිනම් ඇමරිකාව පැත්තපලාතෙ එන්නෑ...!
    ඇත්තටම සයුරිගෙ දැනුම ගැන පුදුමයි..(ආඩම්බර වෙන්න එපා හොඳේ)
    ඔයාලට කරදරයක් නෑ නේද නංගා...!

    ReplyDelete
    Replies
    1. අනේ මම ආඩම්බර නැතෝ :) අපිටනම් කරදරයක් උනේ නෑ අයියේ...ස්තුතියි ඇහුවට ඒ ගැන.

      Delete
    2. අනේ දෙවියෝ ඇඟත් එක්ක උබට මොලයකුත් දුන්නනම් කොච්චාර ෂෝක් ද නේ... (ඇයි වදේ මොනා හරි කරදරයක් උනානම් මේ බ්ලොග් කොට කොට ඉන්නවද )

      වී විහිලු ඈ

      Delete
    3. ඇයි බං බ්ලොග් වලට වහ වැට්ච්ච ඈයෝ....ගංවතුරද....වහිනවද...සුලිසුලඟද කියල බලනවැයි...ලෝකෙ කඩන් වැ‍ටුනත් අන්තර්ජාලෙ වැඩනං..කොම්පීතරේ ලඟ(ලැප) තමා..නැද්ද..මං කියන්නෙ.

      Delete
    4. සිරාවට මුන් අන්තිම මොහොත දකවා ලැපත් එක්ක ඉන්න බව මට හොඳටම විශ්වාසයි. නිව් යෝක් වල හිටපු අපේ යාළුවො ටිකක් විනාඩියෙන් විනාඩිය ස්ටේටස් අප්ඩේට් කරා කුණාටුව ගැන...කරන්ට් ගිහිල්ලා බැටරිත් බහිනකන්ම. අපිට ඉතින් නිව්ස් බැලුවා වගේ තමයි...

      Delete
  4. මොකද මන්දා, මේ වගේ ස්වභාවික අනතුරු ගැන කියවද්දි මාව නිකම්ම අප්සට් යනවනෙ.
    ලිපිය නම් වැදගත් ගොඩක්

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...මටත් එහෙම හිතෙනවා. ඒත් ඊට පස්සේ හිතෙනවා සොබා දහමට ඔක්කොම යටයි නේද කියලා...ස්තුතියි ඔයාට

      Delete
  5. මේ ලිපිය නම් බොහෝම වැදගත්.හොඳ තොරතුරු ටිකක් ඇතුලත්ව තියෙනවා... පහුගිය දවස්වල සැන්ඩි එනවා...සැන්ඩි එනවා කියාපු වෙලාවෙදී මමත් ගූගල් දෙයියන්ගෙන් හොයලා බැලුවා මේ හඳ අල්ලපු රටේ ඇයින්ටම මේ විපත්තිය හැමදාම එන්නෙ කොහොමද කියලා..

    එක සැරේකට කත්‍රිනා...තම සැරේකට රීටා කියයි...දැන් සැන්ඩි...ඉස්සරහට වින්ඩිත් එයි...

    ස්වභාව ධර්මයාත් හරිම අපූරුයි. ඔය හරි කේන් ඇති වෙන තත්වය කොහොම උනත් " ලෝකයේ බලවත්ම ජාතිය නැත්තම් රට " කියන මානයෙන් ඉන්න හඳ අල්ලපු රටේ ඈයින්වත් හිටපු ගමන් කොනිත්තලා බලනවා ඒ අයටත් රිදෙනවද කියලා...

    ReplyDelete
    Replies
    1. //එක සැරේකට කත්‍රිනා...තම සැරේකට රීටා කියයි...දැන් සැන්ඩි...ඉස්සරහට වින්ඩිත් එයි//

      අනේ ඒකනේ ලිහිණි...ඔයා කියපු කතාව හරි. කොච්චර බලවත්තු උනත් සොබා දහමට යටයි.

      Delete
  6. නම් ලැබෙන්නෙ කොහොමද කියලා අහන්න ගියා විතරයි ලින්ක් එක දැක්කා.. ඒකත් බලන්නම්කො..

    වෙළඳ සුළං නම් මතක නෑ.. එතනින් යට ටික තේරුනේ නෑ වගේ.. ආයෙ නිවාඩු ප්[ආඩුවේ කියෙඔලා බලන්නම්..

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. හා හා නිවාඩුවේ කියවන්නකෝ එහෙනම්..:) ඔව් ඒක ටිකක් වෙලා යනවා තේරෙන්න. ලියපු හැටි පැහැදිළි නැත්නම් ආපහු අහන්නකො.

      Delete
  7. අදමයි මෙහෙට ආවෙ.නොදන්න ගොඩක් දේවල් ඇත්තටම අදනම් ගොඩක් රසවත්ව ඉගෙන ගත්ත ^_^

    ReplyDelete
    Replies
    1. සඳකිඳුරා ව සාදරයෙන් පිළිගන්නවා පහන්යාය ට. බොහොම ස්තුතියි කියවලා කමෙන්ටුවකුත් දැම්මට...ආපහු එන්නකො එහෙනම්.

      Delete
  8. මෙයා කලගුනේද කොහෙද වැඩ කරන්නේ....

    ReplyDelete
    Replies
    1. හිහි...නෑ අප්පා...

      Delete
  9. ඉතාමත් සරළව විස්තර කර තියෙනෙ හැටි හරි අපූරුයි . මම හිතන්නෙ ගුරුවරයෙකුටවත් පුළුවන්ද මන්ද මේ වගේ සරළව පැහැදිලි කරන්න . ගොඩක් ස්තූතියි සයූරී .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිම්...මේ වචන ටික මට හයියක්..

      Delete
  10. ෂා මරු පෝස්ට් එක

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නරකයා.

      Delete
  11. අද නම් පෝස්ට් එකේ ඉගෙන ගන්න දේවල් වගේම ස්මයිලීස්ලා නිසා ලස්සනකුත් එකතු වෙලා. (ලස්සනයි කියපු නිසා ඊලඟ පෝස්ට් එකේ ස්මයිලීස්ලා නැති වේද මන්දා :O ) ඔන්න ඔයා කියලා දීපු නිසා මම දන්නවා ඊලඟට එන්නේ ටෝනි කියලා. ඒ උනාට මම නම් පතන්නේ සැන්ඩිගෙන් නවතින්න කියලා.

    ReplyDelete
    Replies
    1. ආ..ඔයා කොහොමත් කැමතියිනේ ස්මයිලීස් ලාට. මේක දාන එක ටිකක් වදයක් හින්දා කාලෙකින් දැම්මේ නෑ. බලමු දිගටම දාන්න :)

      ඔව් ඔව් ටෝනි තමා. සමහරවිට එයා ඇවිත් කාටත් හොරාට යාවි.

      Delete
  12. කාලීන වශයෙන් වැදගත් ලිපියක්. වැඩේ තියෙන්නේ පත්තර කාරයෝ මේක කෝපි පේස්ට් කරයිද නැත්නම් අර එළකිරි කාරයෝ කෝපි කරයිද කියල. මේක දැක්කම මට හිතුනේ කාගේත් එක්ක හරි ඊළඟට එන හුළඟ ගැන ලොකු ඔට්ටුවක් අල්ලන්න. D

    ReplyDelete
    Replies
    1. අප්පා..මාත් දැක්කා චමි ගේ එලකිරිය ගැන තිබුන ලිපිය. අන්තිමටම කළකිරුණා එළකිරි ගැන. මගේ ලිපිනම් ඒකෙ නෑ මම දන්න විදිහට :)

      අන්න නියම වැඩේ. හැබැයි ඊ ළඟ එක ආවට කරදරයක් නොකර ගියොත් ඒක ප්‍රසිද්ධ නොවෙන්න පුළුවන්. එතකොට ඔප්පු කරන්න පොඩ්ඩක් අමාරු වෙයි :)) බොහොම ස්තුතියි ඔබටත්.

      Delete
  13. කුණාටු වලට නම් දෙන සීන් එක ඇහුවම මට මතක් වුණා මේ ලඟදී කොහෙන්දෝ කියවපු ලිපියක්. ඊයෙ පෙරේදා ලංකාවට ලඟටම ආපු(තොටියව දැකලා හැරිල ගිහිපු:P) සුළි කුණාටුවට නම් තියලා තියෙන්නේ නීලම් කියලනේ. ඒක පාකිස්ථාන නමක්ලු.ඒකෙත් නම් දාන ඕඩර් එකක් තියනවාලු. ඊලඟට මේ කලාපෙට එන සුලි කුණාටුව නම් කරනවාය කියන්නේ ශ්‍රී ලාංකික නමකින්ලු.
    අම්මෝ කුණාටු නම් ඕන නෑ.. ලඟට ඇවිල්ලා මෙච්ච්ර කෙලියක් කරපු අර නීලම් එහෙම මේ පැත්තේ වැරදිලාවත් ආවා නම්.. හෆොයි

    ReplyDelete
    Replies
    1. ඇ ශ්‍රී ලාංකික නමක්..

      සිරියලතා වගේ එකක් කෝමෙයි

      Delete
    2. හැබැයි කියන්න බෑ මොකෙක් හරි දේශපාලුවෙක් ඕකටත් තමන්ගේ නම දාගනීද කියලා...

      Delete
    3. අප්පට සිරි..බෙන්ගාල බොක්කේ කුණාටුව තොටියා දැකලද හැරිලා ගියේ? ඔව් ඔව් මම දාපු නම් ලිස්ට් එක අදාළ වෙන්නේ අත්ලාන්තික් සාගරයේ ඇති වෙන කුණාටු වලට. අනිත් ඒවාට වෙන නම් තියනවා. හැබැයි අත්ලාන්තික් සාගරයේ ඇති වෙන ඒවා තරම් විනාසයක් අනිත් කලාපවල වෙන්නේ නෑ මම හිතන්නේ. අර උඩ කියපු හේතු නිසා.

      ගොඩක් වෙලාවට ලංකාවටනම් මෙහෙම බලපෑම් වෙන්නෙම නෑ. පුංචි දූපත් වලට එන්න කුණාටු මහන්සි වෙන්නේ නෑ. විශාල ගොඩබිමක් ඒකෙ ගමන් මග අහිරුවොත් තමයි සොරි වෙන්නේ.

      ඊ ළඟ එකට "මී ගොඩයා" කියලා දාමු

      Delete
    4. පොඩ්ඩි හරි සැරලු. ගෙදර අය කියන්නේ. ඒ නමත් හොඳයි සුළි සුළඟකට...හී හී...

      Delete
    5. එහෙනම් අපි ඔයාගේ නමත් දාමු නේද :)

      Delete
  14. වැදගත් ලිපියක් සයු..
    දුකට කරදරයට පත් හැමෝටම සැප සතුට පතනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රූ.

      Delete
  15. අපූරු ලිපියක් සයුරි. පැහැදිලිව විස්තර කරල තියෙනවා. '' සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ '' කියන්නෙ ඕකනෙ නේද? ඇමරිකාව අනිත් රටවලට දෙන් දුක් ගින්දරවල හැටියට ඉඳ හිටවත් එයා‍ලටත් ටිකක් රිදෙන එක ‍හොඳයි... දුක, අවතැන්වීම මොන වගේද කියල දැනෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් තරු, මෙයාලට රිද්දන්න පුළුවන් ඉතින් මෙහෙම ස්වාභාවික උපද්‍රව වලට තමයි. එයින් ප්‍රධාන තැන කුණාටු වලට. ඔක්ලහෝමා ප්‍රාන්තයේ ප්‍රදේශයක් තියනවලු නිතරම කුණාටු එන. උදේ ගෙදරින් එලියට බහින මනුස්සයා හවස එද්දී ගෙදර තිබුන තැන තියද කියලා ෂුවර් නැහැලු.

      Delete
  16. සයුරිගෙන් හැමදාමත් වහේ අදත් වැදගත් පාඩමක් ... බොහොම වටිනවා..වැලි කුනාටු ගැනත් පැහැදිලිකිරීමක් කරන්නකෝ

    ReplyDelete
    Replies
    1. වැලි කුණාටු ගැන ඉතින් මම ලියනවට වඩා මී ගොඩයා ලිව්වොත් තමයි සාර්ථක. නැද්ද මං අහන්නේ? :)

      Delete
  17. ඔන්න අපිට හොද පහැදිලි විස්තරයක් ලියලා අක්කා.. :) ඇත්තටම ගැහැණු නම් තියෙන කුණාටු සැරයි වගේ නෙ?? ;) මටත් ඔය සැන්ඩි ගැන ඇහුවාම හිතුනෙ දෙයක් තමා, මේ කුණාටු හඳ අල්ලපු රටටම එන්නෙ කියලා.. :D අක්කා හේතු පැහැදිලි කරලා තියෙන්නෙ..

    පත්තරවල පින්තූරත් දැක්කා.. දුම්රිය උමං මාර්ග එහෙම තනිකරම වතුරෙන් යට වෙලා.. දියුණු රටකට වුනත් බලපෑම් කරන්න තරම් කුනාටුව චණ්ඩ වෙලා නෙ?/ ඇත්ත තමා ස්වාදාවධර්මයට හැමදේම යටයි..

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම ගැහැණු නම් තියෙන කුණාටු සැරයි වගේ නෙ??//

      මටත් ඕක හිතුනා නගා :)

      ඔව්, කොච්චර තාක්ෂනය පැත්තෙන් දියුණු උනත් මේ වගේ දෙයක් වළක්වන්න පුළුවන් තාක්‍ෂණයක් නම් තවම නැහැ. හැබැයි කලින් අනතුරු ඇඟවීම් කරගන්න පුළුවන් නිසා ගොඩක් දෙනා බේරෙනවා. නැත්නම් මේ වගේ සිය ගුණයක් මිනිස්සු මැරේවි.

      Delete
  18. මේදවස්වල ප්‍රවෘත්ති සිරස්තලවලට මුලින්ම කියවුනේ නිවියෝර් නගරයට සිඳුවූ හානිය ඒක උණුසුම් පුවතක් ලෙස වාර්තා අතර තිබුණා. කොහොමට ඇමරිකාවට වසරකට දෙතුන්වතාවක් මෙවැනි දැවැන්ත සුලි කුනාටු එනවානේ..

    ඉස්සර අපේ පාසැල් කාලේ සමාජ අධ්‍යනයට විෂයට වැස්ස ඇතිවන අකාරය සහ සුළි කුණාටු ඇතිවන අකාරය ඉගනගත්තා. හැබැයි මේතරම් රසවත් බසකින් නෙවේ. මහා නීරස බසකින් නිසා ඒවා ඉගනගත්තේ මහා කම්මැලි කමකින්.

    ඒත් සයුරිගේ මේ පාඩමි සරලයි. විෂය ධාරාවට අදාලව ඉගගනගන්නා 6- 10 ශ්‍රේණිවල දරුවන්ට විශේෂයෙන් හරිම ප්‍රයෝජනයක් කියවනව නම්.කාලෙකට පස්සේ අපිත් හොඳ දැනුමක් ලබාගන්නවා.

    ඒකොහොම වුණත් නි්‍ව්යෝර්ක් වැනසූ "සැන්ඩි" අපිට උනුසම් පුවත් සපයද්දී. බෙංගාල බොක්ක "බයිට්" එකට ගත්තේ අපිවයි. සැන්ඩි නැතුව "හොට් ඩ්‍රින්ක් " විදියට කරවෙන්න වැදුනා. මේ දවස් ටිකේම.

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තටම ඒ කාලේ උගන්නපු ඒවාට මමත් පොඩ්ඩක්වත් ආස නෑ අප්පා. ඒ පොත්වල අකුරු ටික දැක්කත් කම්මැලියි :)

      //සැන්ඩි නැතුව "හොට් ඩ්‍රින්ක් " විදියට කරවෙන්න වැදුනා. //

      හොඳටම හිනාගියා මේ ටික දැක්කම :ඩි බෙංගාල බොක්කට ආපු එකේ නම "නීලම්" කියලා තොටියා කියනවා. සැන්ඩි යි නීලමුයි කතා වෙලා අපිට ෂොට් එක දෙන්න එන්න ඇති.

      Delete
  19. ලෝකේ හරි පුදුමයි අප්පා. වෙලාවකට මේවා ස්වාභාවිකව සිද්ධ වුනත් මට හිතෙනවා කාගේ හරි නොපෙනන බලයක් විසින් ක්‍රියාත්මක කරන දේවල් කියල. හිතන්න ගියෝතින් නම් ඉවරයක් වෙන්නේ නෑ. හැමදාම වගේ මේ පැත්තට ආවොත් හිස් අතින් නම් යන්න වෙන්නේ නෑනේ කවදාවත්. ඔන්න අදත් මල්ලක් පුරෝලා කුනාටු ඇතිවෙන හැටි ඉගෙන ගෙනයි මම යන්නේ.

    ReplyDelete
    Replies
    1. //වෙලාවකට මේවා ස්වාභාවිකව සිද්ධ වුනත් මට හිතෙනවා කාගේ හරි නොපෙනන බලයක් විසින් ක්‍රියාත්මක කරන දේවල් කියල//

      එහෙම හිතනකොට නිකන් අමුතු බයක් වගේ එකක් දැනෙනවා නේද? මට මතකයි කාගේ හරි බ්ලොග් එකක තිබුන ප්‍රබන්ධයක්‌ කියෙව්වා. ඒකෙ තිබුනේ මහාචාර්යවරයෙක් පෘතුවියේ ආකෘතියක් හදලා..ඊට පස්සේ ඒකෙ ජීවින් වර්ධනය වෙලා උන් ඇත්ත විදිහට ජිවත් වෙන්න පටන් අරගෙන. පස්සේ මොකක් හරි හේතුවක් නිසා අර ආකෘතිය විනාශ කරන්න තීරණය කරනවා. දැන් හරියටම මතක නෑ.

      එතනදි මට හිතුනේ අපේ පෘතුවියත් ඒ වගේ කාගේ හරි පරීක්ෂණයක්ද දන්නේ නෑ කියලා. :)

      Delete
  20. බොහොම වටින ලිපියක්. !!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාටත්...

      Delete
  21. හරවත් ලිපියක් සයුරි. නොදන්නා කරුණු ගොඩා....ක් ඉගෙන ගත්තා. ඔයා ඉතාමත් පැහැදිලිව ලියලා තියෙනවා. තේරුම් ගන්න හරි පහසුයි.... :)

    ඕවට නම් දාන හැටිත් හරි අපූරුයි නේ..... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලියෝ :)

      ඔව් අනේ නම් දාන සිස්ටම් එකටනං මමත් කැමතියි.

      Delete
  22. සයුරි බොහොම වටින කරුණු ඇතුළත් සාරඝර්භ ලිපියක් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි...

      Delete
  23. එන්න පරක්කු උන සයුරි අක්කේ උණ ගැනිල හිටි නිසා දැන් තමයි බැලුවේ. හැබැයි මට ලොකු කුතුහලයක් වෙලතියෙන හරිකේන් ගැන අදහසක් විස්තරාත්මකව ලබාගන් ඔයාගේ පොස්ටුව උපකාරී උනා 4 5 සැරයක්ම කියෙව්වා. මොකද ඔය ලියල තියෙන්නේ සිංහල වල බරම වචන පාවිච්චි කරලා මට ඉතින් එච්චර සිංහල දැනුමක් නැති එකේ කිහිප සැරයක් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට මොකද කෝරලේ මල්ලි..කියවපු එක ලොකු දෙයක් නේ. හැබෑටම මම බර වචන දාලද? මේකනේ ඉතින්...බ්‍රමණය වෙනවා නොකියා කැරකෙනවා කිව්වොත් නිකන් හරි නා වගේනේ :) බීපු මිනිහෙක්ගෙන් උනත් "කැරකෙනවා නේද" කියලා ඇහුවොත් පිස්සුද යකෝ කිව්වට "භ්‍රමණය වෙනවද" ඇහුවොත් ආ ඔව් නේන්නම් කියල කියාවි :))

      Delete
    2. හිකිස්...... මමත් ඔය මද පමණට ගත්ත වෙලාවට පරිබ්‍රමණය වෙනවා. (වචනේ හොයාගත්තේ අපේ හාමිනේගේ පිහිටෙන්) :D

      Delete
    3. මට හිතාගත්තෑකි මද පමණ :D

      Delete
  24. ඉතා ම හොඳයි ... ලියල තියෙනවා ...
    නොදන්න දේවල් හුඟක් ම දැනගත්තා ...
    පින් සිද්ද වේවා ....

    ReplyDelete
    Replies
    1. මෙන්න කුමාරයෙක් ඇවිත්...සාදරයෙන් පිලිගන්නවා :)

      බොහොම ස්තුතියි කුමාරයා..

      Delete
  25. ඉතිහාසෙන් මිදිලා වෙන ජාතියේ ලිපියක් දාපු එක නම් හොඳයි. ලිපිය නම් මරු ඈ...ඔක්කොම කරුණු තියෙනවා. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ..දිගටම ඉතිහාසේ ලිව්වොත් කට්ටියට එපා වෙයිනෙ...:) තෑන්ක්ස් ඇපල්

      Delete
  26. ලස්සන පැහැදිලි කිරීමක්. ඇත්තටම සයුරිට හොඳට උගන්නන්න පුලුවන්. ටීචින් එහෙම කරලා තියනවද :-)

    ඕකට ඉතින් විසදුමක් නැද්ද ඔය හඳ අල්ලපු ගොයියලා ගාව...

    එතකොට මේ ලඟදි ලංකාවටත් ආපු එක්කෙනා කොහෙන්ද නිර්මාණය වුනේ.. ?

    ReplyDelete
    Replies
    1. ටීචින් නම් කරලම නෑ අප්පා මේ බ්ලොගෙන් මිසක් :) මෙහෙම එව්වා අහන්නත් සතුටුයි. හඳ ඇල්ලුවත් කුණාටු නවත්තගන්න බැරිලු මෙයාලට...

      ලංකාවට ආපු එක්කෙනා (නීලම් කියලා කියන්නේ ඔය) නිර්මාණය වෙන්න ඇත්තේ බෙංගාල බොක්ක පැත්තේ නේද

      Delete
  27. මෙය අපිව පහුකරන් ගිහිල්ල තියෙන්නේ.

    වැදගත් පොස්ට් එකක්. ඇමරිකාවේ නොසන්ඩාල වැඩ නිසාමත් නෙවෙයි නේ. :P

    ReplyDelete
    Replies
    1. ඒක තමා...ඔයාලා ඉන්න හරියේදී තමයි මෙයාල ආරම්භ වෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ පැත්තට එනවා :(

      Delete
  28. ඇත්තටම වටිනවා දුවේ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අංකල් :)

      Delete
  29. මේ මාතෘකාව ඊයෙ ළමයගෙ පොතකින් කියෙව්වා. ඒවා හරිම අසම්පූර්ණයි.මේ පෝස්ට් එකේ තරම් පැහැදිළි නෑ.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ පොත්වල මේවා යන්තමින් හරි ඇතුලත් කියන්නේ ඒකත් ලොකු දෙයක් එක අතකට බැලුවම. ඔබටත් බොහොම ස්තුතියි.

      Delete
  30. සෑහෙන වටින විස්තරයක් අක්කේ.. කරුණු සරළව කියලත් තියෙන හන්දා තේරුම් ගන්නත් ලේසි.. නැත්නම් මම මෙහෙම එවුවා කියවන්න කම්මැලියලු හොදේ.. :)

    ReplyDelete
    Replies
    1. //මෙහෙම එවුවා කියවන්න කම්මැලියලු හොදේ.. :)//

      හිහි...අපි නොදන්නවය ඉතින් ඒක :) ඒ උනාට පස්සේ කාලෙකදී ළමයෙක්වත් ඇහුවොත් දන්නෑ කියන්න බෑ නේ. එතකොට නෝන්ඩි නේ :)

      Delete
  31. නියම ලිපියක් අක්කී...ඉගෙන ගන්න ලැබුණා ගොඩාක් දේවල්

    ස්තූතියි :)

    ජය!

    ReplyDelete
  32. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා නංගි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මින් අයියේ..

      Delete
  33. 1973 දී ඇමරිකාවේ ලොකු උද්ඝෝෂණයක් ගිහින් ලු කුණාටු වලට පිරිමි නම් එහෙමත් දාන්න කියලා.. :) :) ඒත් එන්නෙම පිරිමි කුණාටු නෙවෙයිලු! අක්කා ඉන්න පැත්තට අවුලක් නෑනේ නේද?

    ReplyDelete
    Replies
    1. හිහි...ඕක තමයි දැන් කොල්ලෝ කියන කතාව. ගෑනු කුණාටු සැර වැඩියි කියලා :) අපිටනම් අවුලක් නෑ මල්ලි. ස්තුතියි.

      Delete
  34. දැනුම ගුහාවක්.වටිනා කම ගැන ඉතිං හැමදාමත් කියන්න දේයක් නැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගයානියෝ

      Delete
  35. sandy kiwwama ithin ela kollata nam mathak wenney wenama deyakneh....ah ada sinhalen type karanna amathaka wunane!!

    ReplyDelete
    Replies
    1. අහා...කවුද අවුද ඒ සැන්ඩි ? :)

      Delete
  36. හරිම වටිනා ලිපියක් සයුරි. ආපහු ඉස්කෝලේ කාලෙට ගියා වගේ. ඔයා නම් ඇත්තටම හොඳ ටීචර් කෙනෙක්.:)

    කරුණු පැහැදිලිව හිතේ තියාගන්ට පුලුවන් විදියට විස්තර කරලා දෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩි...අහන්නත් සතුටුයි එහෙම :)

      Delete
  37. බස් රේඩියෝ එකේ ගිම් අක්කා කිව නිසා දුවගෙන ආවේ.... බ්ලොග් බලන්නේ ගොඩාක් අඩුවෙන් නිසා මිස් වෙලා.... ඉතින් ඇත්තටම සයුරි අක්කා ගොඩාක් වටිනා ලිපියක්.... මම නොදැන උන්නු ගොඩාක් දේවල් දැනගත්තා..... ස්තුතියි ගොඩාක්

    ReplyDelete
    Replies
    1. හප්පේ ඔව්, ගිම් අක්කා බ්ලොග් එක ගැන කිව්වා නේ :) බොහොම ස්තුතියි දේව් මල්ල්ලි. ගිම් ටත් ස්තුතියි ඔන්න.

      Delete
  38. හොඳ විස්තරයක් අක්කේ.. ම්ම්.. අර දෙවැනි පින්තුරේ නම් අනේ මන්ද මොකද්දෝ ගතියක් තියෙනවා අප්පා..:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු...ඔව් අනේ මාත් ආසයි ඒ පින්තුරේට

      Delete
  39. හරිම වැදගත් ලිපියක් සයුරි. නොදන්නා ගොඩක් දේ දැනගත්තා.
    ඇත්තටම කුණාටුවේ "ඇහැට" හසුවී උඩට ගියොත් ආපසු බිම වැටෙයිද....:D

    ReplyDelete
    Replies
    1. මේ නිශාන්තයේ ප්‍රියන්ත අයියා වෙන්න ඕන :) ඉතාමත් සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට. ඇහැට අහු වෙලා උඩ ගියොත් දතක් වත් බිම වැටෙයිද කියලා ෂුවර් නෑ :ඩි

      Delete
    2. ඔව් සයුරි. නිශාන්තය කරන ප්‍රියන්ත තමා.

      Delete
  40. ''සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ ''

    කොහේ වුනත් මිනිස්සුනේද දුක් විඳින්නේ . ස්තුතියි සයුරි විස්තරේට . ගොඩක් දේ දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් සොබාදහමට හැමෝම යටයි.

      Delete
  41. සැන්ඩිගෙන් ඔබාමා මාමාට නේද අක්කෙ අප්සැට් ගියේ..

    මොක වුනත් අයෙ සැන්ඩි නොඑනවනම් හොඳයි.ඇමරිකන් විරෝධී වුනත් තියෙන්නෙ මේ ලෝක ගෝලෙ ඇතුලෙනෙ.අනික කවුරු වුනත් මිනිස්සුන්ටනෙ කරදර වුනේ.

    ලිපිය සෑහෙන වැදගත් අක්කේ...

    ReplyDelete
    Replies
    1. ඔබාමා මාමට නම් මුකුත් වෙලා නෑ ලු :) ඒකනේ මල්ලි. කවුරු උනත් මිනිස්සුනේ ඉතින්..

      Delete
  42. අලුත් වැඩකට අතගැහුවා http://apegamamathara.blogspot.com/

    ReplyDelete
    Replies
    1. එළකිරි..අපි එන්නම් බලන්න.

      Delete
  43. අප්පේ කාලෙකින් කියවන්නෙ, මදෑ කල විනාසයක තරම. අරුණි නංගි ගෙනුත් ඔන්න ටිකක් කරුණු දැනගත්තා. පහු වෙලා ආවෙ වන්දනාවෙ ගිය නිසයි. සයුරී පුලුවන්නම් මේ පැත්තෙත් ඇවිත් යන්න.
    http://piyumvila.blogspot.com/2012/11/2.html

    ReplyDelete
    Replies
    1. විනාසයක්ම තමයි අප්පා මෙයා කරේ.

      මම එන්නම්කෝ පියුම් විල පැත්තේ :)

      Delete
  44. වැදගත් පෝස්‍ටුවක් අක්කේ.... බොහොම ස්තූතියි, අක්කගෙ නමත් සොබාදහමට ගැලපෙනව.. ;) ;)

    ReplyDelete
    Replies
    1. තැන්කූ මල්ලි එහෙම කිව්වට...මේ පෙට්ටියේ අධිපති කිව්වේ, අර පහනට අධිපති ඇලඩින් වගේ එක්කෙනෙක්ද? :)

      ඔයාව සාදරයෙන් පිළිගන්නවා ඔන්න හොඳේ..

      Delete
  45. කරදරයක් නෑ නේද? නංගී ඔයාලට.

    ReplyDelete
    Replies
    1. හප්පේ දැනුයි දැක්කේ...බොහොම ස්තුතියි ඇහුවට.

      Delete
  46. ithaama saralawa kalin nodanna dewal godak igena gaththa
    sayury hamadama wage..
    eth ///දක්ෂිනාර්ධ ගෝලයේ ඇති වෙන කුණාටු කැරකෙන්නේ දක්ෂිණාවර්තව. ඒක ආපහු පැහැදිළි කරන්න ඕන නෑ නේද.///
    me tika therune naha..:D

    ReplyDelete
    Replies
    1. //me tika therune naha..:D//

      :) මේකනේ ඉතින්. උත්තරාර්ධ ගෝලයේ කුනාටු වාමාවර්තව කැරකෙන විදිය පැහැදිලි කරානේ. ඒ විදියටම පැත්ත මාරු කරලා හිතුවම දක්ෂිනාර්ධ ගෝලයේ ඒවා ගැන හිතාගන්න පුළුවන් ඉබේම.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...