Tuesday, June 25, 2013

විසෙන් විස නැසීම




මේ ලඟදි දවසක මට අහන්න ලැබුනා විශ්වාස කරන්නත් බැරි තරමේ අරුම පුදුම කතාවක්. වෛද්‍ය විද්‍යාවේ තවත් ආශ්චර්යයක් ගැන (ආශ්චර්යයක් කිව්වේ ඇත්තම ඇත්ත ආශ්චර්යයක්).

HIV වෛරසය කිවූ ගමන් අපිට මතක් වෙන්නේ මහා භයානක, සතුරෙකුටවත් නොහදිය යුතු ලෙඩක්. හැබැයි මේ වෛරසයෙන් අපි නොහිතන විදියේ ප්‍රයෝජන ගන්න පුළුවන් බව වෛද්‍යවරු කණ්ඩායමක් ඔප්පු කරලා තියනවා.

පුංචි "එමා" අවුරුදු 6 ක ගැහැණු ළමයෙක්. සාමාන්‍ය ගැහැණු ළමයෙක් නෙමෙයි ලියුකේමියාවෙන් පීඩා විඳින, මරණය අභියස සිටින කෙනෙක්. තවත් කළ හැකි ප්‍රතිකාරයක් ඉතිරි නොවූ තැන වෛද්‍ය විද්‍යාවේ අමුතුම ආකාරයේ පරීක්ෂණයකට ඇයව ලබා දෙන්න එමාගේ දෙමව්පියන් කැමති වෙනවා. ඒ පරීක්ෂණය තමයි HIV වෛරසය යොදාගෙන ලියුකේමියා පිළිකා සෛල නැසීම.

තව දුරටත් රෝගකාරකයක් විය නොහැකි වන පරිදිත් එහෙත් පිළිකා සෛල වලට පහර දීමට හැකි වන පරිදිත් වෙනස් කළ HIV වෛරසය එමාගේ සිරුරට ඇතුල් කරනවා. එයින් පසු ඇයට උණ, හුස්ම ගැනීමේ අපහසුතා, රුධිර පීඩන වෙනස් කම් වැනි දේවල් වලින් දින ගණනක් කරදර විඳින්න සිද්ධ වෙනවා. කෙසේ උනත් ඇය නිසැකවම මිය යාමට සිටි දැරියක් බව හැමෝම දැන සිටියා. කොයි අතින් උනත් විය හැකි දරුණුම දේ මරණය...

නමුත් එක වරම වෛරස් සෛල වර්ධනය වී පිළිකා සෛල විනාශ කිරීමට පටන් ගන්නවා. ඉන් පැය කිහිපයකට පසු එමාගේ උණ සම්පූර්ණයෙන් බැස යනවා. ඇය ඇඳෙන් නැගිටින්නේ ලියුකේමියාවෙන් සම්පූර්ණයෙන් නිදහස් ළමයෙකු ලෙස.

මේ තියෙන්නේ ඒ ගැන පුංචි වීඩියෝවක්. වැඩිය දිග නැහැ. විනාඩි 3.30 යි.




සමහර විට තොටියා අයියා එහෙම මේ පැත්තේ ආවොත් වැඩි විස්තර කියාවි. මටනම් ඒ තරම් වෛද්‍ය විද්‍යාව ගැන දැනුමක් නෑ මේවා පැහැදිලි කරන්න.

කොහොම උනත් පුදුමයි නේද? විසක් උනත් තවත් විසක් නසන්න ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.


70 comments:

  1. විසෙන් විස නසන එක සිංහල වෙදකමෙත් කෙරෙනව නේද? අපි මෙහෙම ලේසියෙන් විනාඩි කීපෙකින් බැලුවට කීදෙනෙක් මේ වෙනුවෙන් අවුරුදු ගානක් මහන්සි වෙන්න ඇත්ද. මේ සොයාගැනීමනම් හරි අපූරුයි. ලංකාවෙ ඉද්දි අහලවත් නොතිබුන රෝග ගැන මේ රටට ආවට පස්සෙ දැන ගත්ත..ඒ වගේම එ ගැන කොයිතරම් රීසර්ච් කෙරෙනවද කියලත් දැන ගත්ත.කීයෙන් කීයද සාර්ථක වෙන්නෙ. ජීවිතේ හරි පුදුමයි කියල හිතෙන්නෙ මේවගේ සිද්ධි නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? සිංහල වෙදකමේත් ඒ ක්‍රමය පාවිච්චි වෙනවා කියලා මාත් අහල තියනවා. ඔයා කිව්වා වගේ කරන රිසර්ච් වල තරමට මෙහෙම එකක් සාර්ථක වෙන්නේ හරිම කලාතුරකින්.

      Delete
  2. හරිම අපූරු හාස්කම් තමයි විද්‍යාඥයින් අතින් සිද්ධවෙන්නේ. විසෙන් විස නැසිය හැකි. වැඩි දුර විස්තර කියන්ට කට්ටිය එනකල් බලා ඉම්මු. :)

    ReplyDelete
    Replies
    1. වැඩිදුර විස්තර කියන්න අදාළ පුද්ගලයා ළඟ පාතක නෑ වගේ :)

      Delete
    2. ඔන්න විස්තරයක් දැම්මා. පොඩ්ඩි පොඩ්ඩිත්තක් පිටුවේ පහලට රූටල බැලුවනං

      Delete
  3. මේක නිකන් දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් නේද ? පොඩ්ඩ වැරදුනොත් මාරාන්තික ලෙඩ දෙකක් ! ඒත් මේ සිතුවිල්ල, උත්සහය විශ්මයජනකයි ! මේක කාලෙකට කලින් කරපු පරීක්ෂණයක් බව තමා පේන්ඩ තියෙන්නෙ..

    ඒඩ්ස් සෛලවලට පිලිකා සෛල මරන්න පුළුවන්නම්, ඕකෙම ප්‍රතිලෝමයත් වෙන්න බැරිද !! කරගත්තොත් විස දෙකකින් ලෙඩ දෙකක් ගොඩ..

    ReplyDelete
    Replies
    1. මට මතක් වෙන්නෙ මේවගේ දේවල්,
      මේකට පිලිකා සෛල ප්‍රමාණයට සමාන ගනනක් ඒඩ්ස් සෛල ගන්න ඕන. අන්න එතකොටයි දෙගොල්ල කාගෙන විනාශවෙලා යන්නෙ. :-)

      Delete
    2. රාජ්,

      උඹේ කමෙන්ට් එක කියෙව්වම මට මතක් වුනේ අර නැටි දෙකෙන් කාගෙන, කාගෙන් යන නයයි, පොළඟයි... මේකත් ඒ වගේ කාගෙන් කාගෙන් ගිහින් ඉවර වෙයි නේද ? එතකොට ලෙඩ දෙකම හොඳයි.. :D

      Delete
    3. //ඒඩ්ස් සෛලවලට පිලිකා සෛල මරන්න පුළුවන්නම්, ඕකෙම ප්‍රතිලෝමයත් වෙන්න බැරිද//

      හපෝ..ඔන්න මමනම් මුකුත් කියන්නේ නෑ :) ඔය විදියට නැටි කාගෙන මැරෙන්නත් ඉඩ තියනවා. සෛල වර්ග දෙක සටන් කරනකොට හරියට එළාර දුටුගැමුණු යුද්ධේ වගේ ඇති.

      මම හිතන්නේ ඕකේ ප්‍රතිලෝමය හරියන එකක් නෑ. පහර දීමේ හැකියාව තියෙන්නේ ඒඩ්ස් සෛල වලට විතරනේ.

      Delete
    4. පෝස්ට් එකට අවුරුදු 4ක් උනත් වැදගත් නිසා දෙයක් කියල යන්න ඕන හිතුනා...
      මෙතන තියෙන theory එක තමයි ශක්තිය වැඩි කෙනා ශක්තිය අඩු කෙනාව අයින් කරල දැමීම...
      මේක ඉතාමත් සාර්ථකව රෝග නිට්ටාවටම සනීප කර ගන්න යොදා ගන්නා ක්‍රමයක්.... මෙය මූලික වශයෙන්ම බාවිතා වෙන්නෙ හෝමියෝපති කියන වෛද්‍ය ක්‍රමය තුල.... ලංකාවට තාම අලුත් උනත් ජර්මනිය , එංගලන්තය , ඉන්දියාව වැනි රටවල අති සාර්ථක වෛද්‍ය ක්‍රමයක් විදියට බාවිතා වෙනවා....

      Delete
    5. iGnEoUs බොහොම ස්තුතියි. කාලය වැදගත් නෑ. ඔබ එකතු කළ දේ තමා වැදගත් :) හෝමියෝපති ගැන මමත් අහල තියනවා. අපේ ගෙවල් පැත්තෙත් තිබුනා තැනක්. වැඩිය ප්‍රචලිත නෑ හැබැයි

      Delete
  4. වෛද්‍ය විද්‍යාවේ තවත් අපුරු සොයා ගැනීමක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපූරු සොයා ගැනීමක්.

      Delete
  5. මට ගොඩක් සතුටුයි කියල විතරක් දැනට කියල යන්නම්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ පස්සේ තව මොනවහරිත් කියනවද? :)

      Delete
  6. තවම මට හරියට සිංහල කොටන්න බැහැ ඒ නිසා ඔයාලා අපහසුතවයට පත වෙනවා මම කියවලා විතරක් යන්නම් කොමෙන්ටුවක් නොදා..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අනේ ඇයි එහෙම කරන්නේ. අපි දන්නවා ඔයාට දැන් කොටන්න පුළුවන්.

      Delete
    2. හිත රිදෙන් දයක් උනා නලින් අය්යා

      Delete
    3. ඇයි අනේ මේ ඕනෑවටත් වඩා හොඳට කොටලා තියෙන්නේ...

      Delete
  7. එතකොට ලියුකෙමියාවෙන් හොඳ වුනාට ඒ ළමයා ඒඩ්ස් රෝගියෙක් නෙමෙයිද ? ඒඩ්ස් වලට බෙහෙත් කරන්න ඕනි නැත්ද අක්කේ?

    ReplyDelete
    Replies
    1. ඇයි දරුවො, නිදිමතෙන්ද කියෙව්වෙ. :D

      //තව දුරටත් රෝගකාරකයක් විය නොහැකි වන පරිදිත් එහෙත් පිළිකා සෛල වලට පහර දීමට හැකි වන පරිදිත් වෙනස් කළ HIV වෛරසය එමාගේ සිරුරට ඇතුල් කරනවා.//

      Delete
    2. ආ හරිනේව..දැන්නේ දැක්කේ... ගොඩක් ස්තුතියි හොඳේ

      Delete
    3. ඒක නෙව..නිදිමතේනේ ළමයා කියවලා තියෙන්නේ :)

      Delete
  8. හරි දැන්.. මෙතන තියෙන සිතුවිල්ලම බලමුකෝ...

    තමන්ගේ ළමයා අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා දන්න මවුපියෙක්ට පුළුවන්ද ලේසියෙන් මේ වගේ දේකට එකඟ වෙන්න..( වැඩිහිට්යෙක් නම් ප්‍රශ්නෙ වෙනස්.. තමන්ට තීරණය කරන්න පුළුවන්නේ.. ඒත් මෙතන මේ ළමයා ගැන සම්පූර්ණ තීරණ ගැනෙන්නේ දෙමවුපියන් විසින් නේ..) ගොඩක් අය කියයි තවත් දුක් විඳින්න දෙන්න බෑ කියලා... කොහොමත් මැරෙනවා නං නිදහසේ මැරෙන්න දෙමු කියලා... මෙහෙම දේකට හිත හදාගන්නත් ගොඩක් දෙමවුපියන්ට අමාරුයි කියලා මට හිතෙන්නේ.. මං නං වැඩිය අගය කරන්‌ෙන් ඒ මව්පියන්ගේ ක්‍රියාව...

    ReplyDelete
    Replies
    1. ඔව් මේ කතාව හරි හිරු..ඒ දෙමව්පියෝ දෙන්නා හිතෙන් කොයි තරම් අරගලයක් කරන්න ඇත්ද මේ කාරණයේදී...

      Delete
  9. සයුරි මූලාශ්‍ර ගැන සඳහනක් තියේද ඒ නිව්ස් එකේ...? මොකද අනිවා ATN හරි රොයිටර් නිව්ස් එක හරි එනවා ඔය වගේ පෙරළියක් වෙලා තියේ නම්..අනිත් දේ තමයි වයස 16 ට අඩු අයව ඔය වගේ මහා ලොකු වෛද්‍ය පරීක්ෂණ වලට ගන්නවද කියන එකත් ගැටළුවක්..කොටිම්ම මානව ක්ලෝනිකරණයත් තහනම් කරලා නේද තියෙන්නේ පරීක්ෂණ මට්ටමෙන් වත් කරන්න බැරි විදිහට...? එහෙම අවස්ථාවක මේ වගේ දෙයක් එළිපිට උනා නම් පුදුමයි... ( හොර රහසේ වෙන ඒවා නම් අනන්තයි ..ඉන්දියන් සාගරයේ තියෙන රටක රජයේ රෝහල් වලම වෙන සහගහන වෛද්‍ය සිසු පරීක්ෂණ ගැන ඕනේ නම් මට කියන්න පුළුවන් මුළු වෛද්‍ය සභාවේම කට වැහෙන්න සාක්ෂි , රූප වීඩියෝ එක්ක .. ඒවා නම් ජාති ජාති සහ ගහන පුද්ගලික ආත්මාර්ථකාමීත්වය සඳහාම කරන පරීක්ෂණ සයුරි.ඔයාට මම මේල් එකක් දාන්නම්කො )


    කෙසේ හෝ HIV වෛරසයට එවැනි හැකියාවක් ඇති බව සත්‍යක්නම්, එය ලොකු අස්වැසිල්ලක් වේවි..( HIV හි ලක්ෂණ බැලුවම පුද්ගලිකව මට හිතෙනවා HIV කියන්නේ වරදට දඬුවම සඳහාම මැවුන දෙයක් . ප්‍රශ්නේ තියෙන්නේ වරදෙන් දඬුවම් විඳින්නන් අතර , මවගෙන් HIV ආසාදන වූ දරුවන්ද සිටීම )



    ReplyDelete
    Replies
    1. මේකේ මූලාශ්‍ර හොයාගන්නේ කොහොමද කියලනම් මට අදහසක් නෑ සහන්. හැබැයි CNN health ප්‍රවෘතියක් නම් ගිහින් තියනවා. ඒ වගේ වගකිවයුතු තැනකින් ප්‍රචාරය උනානම් බොරු වෙන්නත් බැහැ නේද? මම හිතන්නේ පොඩි ළමයි යොදාගෙන මේ වගේ පරීක්ෂණ කෙරෙනවා. අලුත ඉපදුන ඒඩ්ස් ආසාධිත ළමයකුගේ (මවගෙන් බෝ වීම නිසා) රෝගය සුව කරපු හැටි ගැනත් CNN නිව්ස් එකක් තියනවා. එතැනදී නම් ඒක වැඩිහිටියන්ට සාර්ථක නොවෙන ප්‍රතිකාරයක් ලු.

      //පුද්ගලිකව මට හිතෙනවා HIV කියන්නේ වරදට දඬුවම සඳහාම මැවුන දෙයක්//
      ඕකම මටත් හිතිලා තියනවා. ඒත් මවගෙන් ආසාධනය වෙන අය වගේම රුධිර පාරවිලයනය නිසා ආසාධනය වෙන අහින්සකයොත් ඉන්නවනේ (මෙහෙම දෙයක් ලංකාවේ වෛද්‍යවරියකට උනා මම හිතන්නේ)

      Delete
    2. //(මෙහෙම දෙයක් ලංකාවේ වෛද්‍යවරියකට උනා මම හිතන්නේ)//

      වෛද්‍ය කමලිකා අබේරත්න. ඇයගේ සැමියාත් වෛද්‍යවරයෙක්. අවසානයේ ඇයගේ සැමියාටත් (මතක හැටියට ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්) වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වීමට සිදුවෙනව, රෝගීන්ගෙ අස්ථාන බිය නිසා. මීට වසර ගණනාවකට කලින් පුවත්පතක ඔය සිදුවීම ගැන ලොකු ලිපියක් පළකරල තිබුන මට මතකයි. ඇය හිටපු ජනාධිපතිනිය අතින් සම්මානයටත් පාත්‍ර වන අවස්ථාවක පුවත්පත් වාර්ථාවකුත් දුටුවා මතකයි. ඇය මියගිය දිනවලත් ඔය ගැන සමාජයේ යම් කථිකාවතක් ඇතිවුනා.

      http://www.dailynews.lk/2004/12/16/new14.html

      Delete
    3. බොහොම ස්තුතියි DDT වැඩි විස්තර වලට..

      Delete
  10. මමත් අහලා තියනවා මේ සිද්ධාන්තය වෛද්‍ය විද්‍යාවේ නිතර පාවිච්චි කෙරෙනවා කියලා. දැන් බොහොමයක් රෝග හැදෙන එක වළක්වලා තියෙන්නේ, ඒ රෝග වෛරසයට සමාන, නමුත් රෝගය ඇති නොකරන වෛරස ශරීර ගත කරලා, ඊට අවශ්‍ය ප්‍රතිශක්තිය ශරීරයෙන්ම නිපදවෙන්න දීලා කියලා මම අහලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? ඕක ස්වාභාවිකවත් වෙනවා නේද පැපොල වගේ රෝගයක් හැදුනම. එක වරක් හැදුනට පස්සේ ආපහු නොහැදෙන්නේ රෝගය විසින්ම ප්‍රතිශක්තිය නිපදවන නිසාලු (මෙතන සිද්ධ වෙන දේ ටිකක් වෙනස් උනත්)

      Delete
  11. එබඳු පර්යේෂණයකට ඉඩ සලසා දුන් දෙමවුපියන් කළේ ද අපමණ මෙහෙයකි.

    ReplyDelete
  12. මේ සිද්ධිය සත්‍යයක් නම් ලොව මහ පෙරැළියකි එය. එසේම සහන් මතු කර ඇති කරුණු ද බොහෝ දේ සිතන්නට ඉඩ හසර ඉතිරි කර ඇත.කොහොම නමුත් මේ ලිපියට ස්තුතියි සයුරි.

    ReplyDelete
    Replies
    1. මේක පරීක්ෂණ මට්ටමෙන් එලියට ඇවිත් ලියුකේමියා රෝගයට ප්‍රතිකාරයක් හැටියට ආවොත් එහෙම කොයි තරම් දෙයක්ද නේද..

      Delete
  13. සංවෙදී වීඩියෝවක්..! මම නම් දැක්ක එච්.අයි.වී වල ආසාදන පැත්ත නැති කරල ..වෛරස් එක යොදාගෙන කියල..(ලියල තියෙන නිසා)
    මේව තමයි ආශ්චර්‍ය වැඩ..! වෛද්‍ය විද්‍යාවෙ ලොකු පෙරලියක් වේවි කියල හිතනව.
    සිංහල වෙදකමේ නම් විසෙන් විස බහුලවම යොදාගන්නව නේද..!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, සිංහල වෙදකමේ මේවා පාවිච්චි වෙනවනේ ඉස්සර ඉඳලම. ගොඩක් ප්‍රතිකාර දැන් කාලයත් එක්කම යට ගිහින් වෙන්න ඇති

      Delete
  14. රත්තරන් පෝස්ට් එකක්..
    කොහොමත් විසෙන් විස නැසේ කියලා කියමනකුත් තියෙනවනේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි :) ඒ කියන්නේ කියමන ඇත්ත...

      Delete
  15. හරිම වැදගත් මේ සොයා ගැනීම. එච් අයි වී, අපි අප්‍රිකාවෙ ඉන්නකොට හරියට පැතිරිලා තිබුනා. දැන් කියලත් වෙනසක් නෑ. අපේ හොඳම හිතවත් අය හුඟ දෙනෙක් මේ වෙනකොට මේ ලෝකෙ අත් හැරදා ගිහින්. මේ අයගෙ ශරීරයෙ ප්‍රතිශක්තිය නැති නිසා වෙන රෝග සෑදෙන ප්‍රවණතාවය වැඩියි. මේකෙ ලියල තියෙන විදිහට පිළිකාවලට ප්‍රතිකර්මයක් ලෙස මේ වෛරසයම යොදා ගැනීම ලොකු ජයග්‍රහණයක් නෙ සයුරී.

    ReplyDelete
    Replies
    1. අප්‍රිකාව HIV ගොඩක්ම පැතිරෙන රටක්ලු නේද...පුදුම ලෙඩක් තමයි ඒකත්. හරියටම බැලුවොත් ලෙඩක්මත් නෙමෙයි. අන්තිමේ මනුස්සයා මැරෙන්නේ වෙනත් ලෙඩක් නිසා නේ.

      Delete
  16. ඊයේ කියෙවුවට අදයි කමෙන්ට් කරන්න ලැබුනේ ලොකු අක්කේ. මම නම් මේ කතාව මේ ඇහුවමයි. එකෙත් පුදුමේ. ටිකක් විශ්වාස කරන්නත් අමාරැයි වගේ. හරියට අපේ වෙදෙක් පිළිකාවට නිට්ටාවට සුව වෙන බෙහෙත් හොයාගත්තා වගේ තමයි මේකත්. :) 

    ReplyDelete
    Replies
    1. විශ්වාස කරන්න අමාරු වෙන එකේ පුදුමයක් නෑ නගෝ..අරුම පුදුම දෙයක්නේ. ලංකාවේ හොයාගත්ත බෙහෙතට මොකද උනේ කියලනම් මතකයක් නෑ

      Delete
  17. Wisen wisa naseema hungak pryojanayata ganne ape Sinhala wedakame. Anika thamayi, oya podi kaale dena injection wala thiyanawa adaala rogayema bala rahitha kala roga kaarakaya. Ewa gana wadi duratath A/L Bio kala kattiya dannawa athi. Eth namuth, Mage paudgalika mathaya thamayi AIDS nam honda karanna kramayak hoyaa ganna labenna epo....

    ReplyDelete
    Replies
    1. //AIDS nam honda karanna kramayak hoyaa ganna labenna epo//

      හිහි..මේක එක අතකට හරි. හැබැයි නිකන් ඉන්න බැරුව රෝගය හදාගන්න අය ගැන හිතුවොත් විතරයි..සම්පූර්ණයෙන් අහිංසක අයටත් මේක හැදෙන ක්‍රම තියන එකයි අප්සෙට් එක.

      Delete
  18. ඇත්තට ම හුඟක් පුදුම කතාවක් තමයි. දෙමව්පියෝ කැමති වුණේ නැත්තං කවදාවත් මේ වගේ දෙයක් අපිට අහන්න ලැබෙන්නේ නැහැනේ. මොන දේ වුණත් හොඳක් වෙනුවෙන් යොදා ගන්නවා නං මොන තරම් දෙයක් ද!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ධාරා. විසක් උනත් හොඳ වෙන වෙලාවල් තියනවනේ

      Delete
  19. ඇත්තටම මේවගේ විස්මිත දේවල් සිදුවෙනවා විද්‍යාවෙදි .විහේෂයෙන්ම සර්ප විෂ නසන්න සර්ප විෂම උපයෝ‍ගි කරගන්නවා බොහො අවස්ථාවලදි. ඇයි අර කූඬැල්ලන් යොදාගෙන පැසවූ තුවාල හොඳ කරන්නේත් ඒ විදියටනේ..

    ඒ මොනව වුණත් ඒ අම්මයි තාත්තයි දරුවගේ ජීවිතය උගසට තියල කරපු මේ පරීක්ෂනය නම් විද්‍යාවේ ඉදිරි දියුණුවට ඉතාම වැදගත්.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔය කූඬැල්ලෝ කෑවම තුවාල හොඳ වෙන කතාව මාත් අහල තියනවා. ඒ උනාට මොන දේ කිව්වත් මමනම් කූඬැල්ලෙක් ඉන්න පලාතක යන්නේ නෑ :)

      Delete
    2. අවදානමක් ගන්නෙ නැතුව කොහොමද මේ වගේ දේවල් කරන්නෙ හැබෑටම... ඒ තුන්දෙනා ම කරලා තියෙන්නෙ වටිනා කැපවීමක්. හැබෑටම ඔය පැත්තෙ නැද්ද කූඩැල්ලො???

      Delete
  20. එතකොට ඇත්තටම අන්තිමේදි HIV වෛරසයට මොනවා වෙනවා ඇද්ද? ප්‍රතිශක්තිකරණ එන්නත් වලදි ඕකම නේද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. HIV වෛරසය reprogram කරනවලුනේ එන්නත් කරන්න කලින්. ඒකෙ රෝග කාරකය බල රහිත වෙනවා ඇති..අනේ මන්දා දොස්තර කෙනෙක්ගෙන්ම තමා අහන්න ඕන :)

      Delete
  21. Replies
    1. ස්තුතියි රූ..එයා ගැන බ්ලොග් එකක් නේද.

      Delete
  22. මේ වගේ දෙයක් කරන්න තීරණය කිරීමත් ගොඩක් ලොකු දෙයක් ඒ වගේම හැබැයි මේක හරි නොයන්න තිබුන ඉඩ හින්ද ඒ දෙමවුපියන් කැමැත්ත දුන්න පුදුමයි. මොකද නොකලොත් මැරෙනවා, කලොත් HIV අසදිතයෙක් වෙන්න ඉඩ තියන් නිසා කොහොමත් මරුන වගේ තමයි...

    ReplyDelete
    Replies
    1. ඔව් කොච්චර උනත් HIV වගේ දෙයක් එන්නත් කරනවා කිව්වම හිත හදාගන්න අමාරුයි නේ..

      Delete
  23. ඒ කාලෙ මාරාන්තික රෝගයක් වුනු වසූරිය රෝගය මැඬලීමට සාර්ථක එන්නත් ක්‍රමයක් හොයාගත්තු එඩ්වඩ් ජෙන කියන වෛද්‍යවරයත් යොදාගත්තෙ ගවයන්ට රෝගය වැළඳීමෙන් ඇතිවන තුවාලවල (ගව වසූරිය) සැරවය කියල මම අහල තියෙනව. ඒ වගේම බොහෝමයක් ඖෂධ නිපදවීමේදි සර්පවිෂ, විෂසහිත රසායනික සංයෝග එහෙම යොදා ගන්නවනේ. දැනටත් පිළිකාවලට ප්‍රතිකාර සඳහා සාමාන්‍යයෙන් හානිකර විය හැකි විකිරණ යොදා ගන්නවනේද. ඒ අතින් බැලුවම විෂෙන් විෂ නැසීම කියන්නෙ අළුත් දෙයක් නෙවි. ඒ උනාට HIV වෛරසය තවත් රෝගයකට එරෙහිව භාවිත කරන්න කාටහරි හිතුන එකම මහ පුදුමයක්. අපි සුබවාදීව බලාසිටිමුනේ. අනාගතයේ කෙදිනක හෝ මේ පරීක්‍ෂණ නිසි ප්‍රතිකාර විධියක් ඇතිකර ගැනීමට හේතුවෙන්න පුළුවන්. අපේ පන්තියේ හිටපු ළමයි දෙන්නෙකුම ලියුකේමියාව වැළඳුනා. එක් ළමයෙක් දැනට කාලයකට කලින් පාසල් අවධියෙම මැරුණා. එය ඉතාම කණගාටුදායක අමිහිරි අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මලට ඔය වසුරිය එන්නත ගැහුවලු ඒ කාලේ. එයාලගේ අත්වල ලොකු කැළලක් වගේ තියෙන්නේ ඒ එන්නත ගහපු එක. ඒකත හරියට පුංචි වසූරිය තුවාලයක් වගේලු. ඒ කියන්නේ රෝගය සුළුවෙන් ඇඟට ඇතුල් කිරීමක් කරනවා ඇති.

      Delete
  24. මෙතන වැඩියෙන්ම වටින්නේ මේ දේ කරලා බලන්න දෙමවිපියන් එකග වුන එක.. ඇත්තටම ඒක අගය කරන්න ඕන.. බලමු අනාගතයේදි මේ ගැන කොහොම පර්යේෂන කෙරෙයිද කියලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඔව් ඒ අයටත් ප්‍රශංසාව හිමි වෙන්න ඕනේ..

      Delete
  25. පිස්සු හැදෙනවා. මරු සොයාගනීමක්නේ ඈ..

    ReplyDelete
  26. ටිකක් පරක්කු වෙලානේ මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. මම මේගැන ටිකක් හොයලා බැලුවා. මේකෙ තියෙන්නේ modified T cell treatment කියන ප්‍රථිකාර ක්‍රමයක් ඔස්සේ කරපු විද්‍යාත්මක පරීක්ෂණයක්(clinical trial)ගැන. T සෛල කියන්නේ ඇඟේ තියෙන එක සුදු රුධිරාණු විශේෂයක්. කොහොමත් ඔයාල දන්නවා ඇතිනේ අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාවට දායක වෙන එක සුදු රුධිරාණු වලින් කාර්යන් අතර එකක්ය කියල. ඒ කියන්නේ හානිකර බැක්ටිරියා, වෛරස් ආදී සෛල වලට පහරදීලා විනාශ කරන එකනේ. ඒත් අහිතකර පිළිකා සෛල වලට මේ අය අර වගේ පහරදෙන්නේ නෑ. ඒ නිසා විද්‍යාත්මක පරීක්ෂණ කාලයක් තිස්සේ කෙරෙනවා පිළිකා සෛල වලට පහරදෙන විදියට සුදුරුධිරාණූ reprogram කරන්නේ කොහොමද කියලා. සෛලවල programing part එක කෙරෙන්නේ DNA වලින්නේ. ඒනිසා මේක කරන්න DNA modification එකක් කරන්න ඕන. අන්න ඒ විදියට පිළිකාවට පහර දෙන විදියට ජානමය වෙනසක් කරපු T සෛල තමා මේකට යොදාගෙන තියෙන්නේ.
    දැන් බලමු HIV වෛරසය කොහෙන්ද මේකට ගෑවුනේ කියලා.HIV කියන්නේ lentivirus කියන පවුලට අයත් වෛරසයක්. මේ වෛරස් පවුලේ අය වෙනත් සෛල වලට රිංගලා ඒවාගේ පොඩි පොඩි ජාන වෙනස්කම් කරන්න දක්ෂ අය. අන්න ඒ ක්‍රියාව තමා මෙහිදී ප්‍රයෝජනයට අරං තියෙන්නේ අර මම කිව්ව T සෛලවල ජානමය වෙනස්කම් ඇති කරන්න. වෙනත් වචන වලින් කිව්වොත් අර කලින් කිව්ව T සෛල reprogaram කරන්න අපට ඕනකරන පණිවිඩ T සෛලයේ ජාන වලට ඈඳන්න වාහකයෙක් විදියට තමා HIV වෛරසය යොදාගෙන තියෙන්නේ. HIV කිව්වට ඒකෙ හානිකර කොටස් ඔක්කොම අයින් කරල තමා යොදාගෙන තියෙන්නෙ.(හරියටම විෂදළ කඩපු නයෙක් වගේ). එතකොට ඒක දැන් HIVම නෙවි.
    ඔක්කෝම දේවල් හරියට දැනං නොහිටියොත් මේ වීඩියෝ එක බලද්දි එක වැරදි පණිවිඩයක් හිතට යනවා. අර "වෙනස් කළ HIV වෛරසය එමාගේ සිරුරට ඇතුල් කරනවා" කියන කෑල්ල පොඩ්ඩක් වැරදියි. ඇත්තටම වෙන්නේ විෂ කොටස් අයින්කරපු HIV වෛරසය යොදාගෙන ලෙඩාගෙ ඇඟෙන්ම ගනිපු T සෛලවලජානමය වෙනසක් පිටතදී ඇති කරල අයෙමත් ලෙඩාගෙ සිරුරටම යවපු එකයි. ඇත්තම කිව්වොත් ඇඟට ඇතුල් කරන්නේ පිළිකාවට පහරදෙන විදියට reprogram කරපු ලෙඩාගෙම T සෛල තමා. අන්න ඒ නිසා තමා මේකට modified T cell treatment කියන්නේ.. තේරුණාද මන්දා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුති වේවා අයියේ...මෙච්චර හොඳ පැහැදිලි කිරීමක් කරාට. තේරුනාද මන්දා කිව්වට ඔන්න අපිටනම් තේරුනා. ඔයා එයිද කියලා තමයි කට්ටිය බලාගෙන හිටියේ :)

      Delete
  27. තව පොඩි දෙයක් එකතු කරන්න ඕන. ලෙඩේ සම්පූර්නයෙන්ම සුවවුනාය කියන එක එකපාරටම ටක්කෙටම කියන්න පුළුවන් දෙයක් නෙවි. මේක තවම පරීක්ෂණ මට්ටමේ තියන එකක් නිසා රෝගියාව තව සෑහෙන කාලයක් අධ්‍යනය කරල නිගමනය කරන්න ඕන එකක්. ඒමොකද කිව්වොත් ලෙඩේ remission කියන පිටතට නොපෙනෙන නිද්‍රාශීල අවස්ථාවකට ආවත් ආයේ කාලෙකට පස්සේ relapse තත්වට හෙවත් යළි ඇතිවීමක් වෙන්න පුළුවන්. මේ ගැන කරපු පරික්ෂණවල ඒ විදියට relapse වුන වෙනත් රෝගින් ඉඳලත් තියෙනව.
    සයුරි කිව්ව පරික්ෂණය ගැන ලොව පිළිගත් වෛද්‍ය පර්යේෂයනයන් ගැන ලියවෙන pubmed කියන website එකේ තියෙනවා. ඒකෙ සාරාංශය බලන්න පහත ලින්ක් එකට යන්න. (ඒකෙ තියෙන ඒවා නම් ඔයගොල්ලනට තේරේවිද කියන එක නම් පොඩ්ඩක් සැකයි)
    PubMed වල ලිපිය මෙතැන

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ හොද පැහැදිලි කිරීමක්..... ස්තූතියි තොටියෝ....

      Delete
    2. //රෝගියාව තව සෑහෙන කාලයක් අධ්‍යනය කරල නිගමනය කරන්න ඕන එකක්//

      ඒකනම් ඇත්ත කතාව. මම හිතන්නේ දැන් මේ ළමයට ලෙඩ හොඳ වෙලා ගෙදර ඇවිත් දැනට අවුරුද්දක් වෙනවද කොහෙද. අර රූ දීලා තිබුන ලින්ක් එකෙන් ඒ ගැන බ්ලොග් එකකට යන්න පුළුවන්.

      Delete
  28. සයුරිගේ පෝස්ට් එකෙන් තමා මේ කතාව දැන ගත්තේ... හොද හොයා ගැනීමක් වගේ....

    තොටියාගේ කමෙන්ට් එක කියවල හිතට ආපු හුගක් ප්‍රශ්න නිරාකරණය කර ගත්ත.... දෙන්නටම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි සමනලී...ඇවිත් කියෙව්වට :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...