Friday, November 15, 2013

නිකං ඉන්න බැරුවට

 අපේ කට්ටිය නිකන් ඉන්න බැරුවට එක එක ජාතියේ වැඩ කරනවනේ. මට මේ ගැන ලියන්න හිතුනේ අර මධුරංග දාල තිබුණ බූට් වැදිච්ච කෙනෙකුට කරන්න සුදුසු වැඩ ටිකයි ඒකට ආපු කමෙන්ට් ටිකයි දැක්කට පස්සේ. සහන් නම් කිව්වා ඔන්න කඳු නගිනවා වගේ ඒවා හරියන්නේ නෑ මොකද උඩට නැග්ගට පස්සේ අහවල් කෙනා මතක් වෙනවා කියලා. ඒ කියන්නේ එහෙම මුකුත් මතක් නොවෙන දේවල් තමයි කරන්න ඕන. එහෙම ක්‍රියාකාරකම් කීපයක් ගැන තමයි මම ලියන්න හදන්නේ. මේවා කරද්දිනම් මතක් වෙන්නේ දෙයියෝ බුදුන් විතරයි වැඩිම උනොත්.

මුලින්ම මම කරලා තියන එව්වගෙන් පටන් අරගෙන කරලා නැති ඒවාට එන්නම්. හඳ අල්ලපු රටේ ඔහායෝ ප්‍රාන්තයේ තියනවා "සෙඩාර් පොයින්ට්" කියලා තීම් පාර්ක් එකක්. ඇමරිකාවේ හොඳම තීම් පාර්ක් එක හැටියට සැලකෙන්නේ මේක තමයි මගෙ හිතේ. ඉතින් මොනවද මේකේ තියෙන්නේ? මෙන්න මෙව්වා තමයි.



ඒක පිරිලා තියෙන්නේ මේ විදියේ රෝල(ර්) කෝස්ටර් වලින්. ලැබෙන ත්‍රිල් එක (සිංහල වචනයක් මතක් වෙන්නේ නෑ. "ගතිය" කිව්වොත් හරිද මන්දා) අනුව මේ කෝස්ටර් ලෙවල්ස් 5 කට බෙදෙනවා. 4 හෝ 5 වෙනි ලෙවල් වල ඒවගේ යනකොට තමයි අර මම කලින් කිව්වා වගේ දෙයියෝ බුදුන් සිහි වෙන්නේ.

පලවෙනි වතාවට මෙහෙම පාර්ක් එකකට යන කෙනෙක්ට දෙන්න තියන හොඳම උපදේසේ තමයි අඩු ලෙවල් එකකින් පටන් ගන්නේ නැතුව කෙලින්ම 5 න් පටන් ගන්න කියන එක. මුලින් පොඩි ඒවගේ ගියොත් නිකන් බොරු බයක් ඇති වෙනවා ලොකු ඒවයේ යන්න. අපිත් මුලින්ම පටන් ගත්තේ ලෙවල් 5 ට අයිති වෙන ඔය උඩ රූපයේ දාලා තියන එකෙන්. උඩට පහලට හරහට දිගට හැම අතටම කරකැවිලා ඕකෙන් එලියට එද්දී අපි ආවේ නිකන් බීපු මිනිස්සු වගේ තමයි. 

ඊට පස්සේ තමයි මෙන්න මේක ඈතින් බැබලි බැබලි තියනවා දැක්කේ. 

Millennium Force - වේගය 93 kmph



පේනවා නේද ආනතියේ සැර? ඒක අංශක 80 ක් ලු. මටනම් ඕකේ යන්න හිත දුන්නෙම නෑ. ඒත් අපිත් එක්ක ගියපු හොඳටම කෝස්ටර් පිස්සුව තියන යාලුවෙක් අපිවත් ඇදගෙන ගියා කියමුකෝ. අපිව පටව ගත්තු රතු පාට පුංචි cart එක හෙමිහිට හෙමිහිට උඩට ඇදෙද්දී අර යාලුවා අහු වෙන මානෙක හිටියනම් ගුටි කනවා ඇත්තමයි :D. අපේ සයුරු නම් ඒ වෙනකොටත් ඇස් දෙක වහගෙන ඉවරයි. ඉතින් ඔහොම හෙමිහිට හෙමිහිට ගිහින් අන්තිමේ cart එක මුදුනට එනවා. ඔය රූපයේ තියන එක මුදුනට ලඟා වෙමින් තියෙන්නේ. එතන ඉඳලා පහලට වැටෙන්න පටන් ගන්නකොට තමයි මීක් නැතුව හිටපු කට්ටිය ලෝකේ හෙල්ලෙන්න කෑ ගහන්න පටන් ගන්නේ. සමහරු කෑ ගහන්නේ සතුටට. තවත් සමහරු බයට. මටනම් කෑ ගැහුනේවත් නෑ. හික්ස් :) ඇයි දෙවියනේ ආමාෂේ උගුර ගාවට එද්දී කෑ ගහන්න මතක් වෙන්නේ කාටද?


එතන තිබුන ඒවයෙන් තවත් හිතට අල්ලපු එකක් තමයි මේ.



අපිව පුටු වල තියලා කණුව දිගේ උඩට ගෙනිහින් ගුරුත්වය යටතේ අත අරිනවා. ජිවිතේ මුල්ම වතාවට weightless කියන හැඟීම දැනුනේ එතැනදී කිව්වොත් හරි.

ඔන්න ඔහොම එක එක ජාතියේ ගොඩක් දේවල් එතන තිබුනත් ඔක්කොම ලියන්න ගියොත් මෙතන ඉඩ මදි වගේම කට්ටියට එපාත් වෙයි. එහෙනම් කොස්ටර්ස් ගැන මගේ කෙරුවාවල් මෙතනින් අවසානයි. ඊට පස්සෙත් තීම් පාර්ක් කීපෙකට ගියත් ඒ එකක්වත් මේ වගේ හිතට ඇල්ලුවේ නැහැ.

දැන් කියන්න යන්නේ මම තවමත් නොකරපු දේවල් ගැන.

එක්කෝ කියනවට වඩා ලේසියි වීඩියෝ එකක් දාන එක. මොකෝ කියන්න මම කරලා තියන එකක්යැයි...



Sky Diving 





බන්ජි ජම්පින් 





පැරා ග්ලයිඩින් 





මේ ක්‍රියාකාරකම් හැම එකක්ම "ඩොර්පොමින්" වහනය කරවන දේවල්. මතකනේ ඩොර්පොමින්? ඔබ සතුටින්ද? ලිපියෙදි ඒ ගැන කිව්වා. 

ඉතින් ඔය සපත්තු කාපු කට්ටියටත් මේ වගේ මොනවහරි කරලා නාඩා ඉන්න බැරි වෙයිද?


89 comments:

  1. අප්පච්චියේ සල්ලි දීලා ලේ ටික පුච්චවාගන්න වැඩක්

    ReplyDelete
    Replies
    1. හුරේ මං අද පලවෙනියා

      Delete
    2. පව් පොඩි එකා ..

      Delete
    3. හැමෝම කියන්නේ ඔහොම තමයි...සල්ලි දීලා මොකට බය වෙනවද කියලා :ඩි

      පොඩි එකෙක් නේන්නම් ඉතින්..හිහි

      Delete
  2. මැලේ රටේ ගෙන්ටින් හයිලන්ඩ්ස් තීම් පාර්ක් එකේදී ඉහත කී අවස්ථා කීපයක අද්දැකිම් මාත් ලබා තිබෙනවා. ඇත්තටම ඒ අවස්ථාවේ ඇතිවන ත්‍රිල මුසු මර බිය ගැන කියන්න වදන් නොමැත මටත්.

    ReplyDelete
    Replies
    1. ඔව් එක පාරක් මගේ දනිස් දෙක කටින් එලියට යන්න ඇවිත් අමාරුවෙන් නවත්තගත්තේ :)

      Delete
    2. කොහොම උනත් ගිහින් ඉවර උනාට පස්සේ අමුතුම ගතියක් දැනෙනවා නේද?

      Delete
  3. සපත්තු කාපු කට්ටියට නම් හොඳයි. නොකාපු අයට සපත්තු දෙන්ට හිතෙයි ඔතනට අරගෙන ගිය කෙනාට. :D

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්. සපත්තු නැතත් ගුටියක්වත් දෙයි..

      Delete
  4. මම නම් සෑහෙන්න බයයි ඔය උස තැන් වලට... ඒ වුණත් යන්න නම් ආසයි...

    ReplyDelete
    Replies
    1. ආසයි බයයි..නේද සිතූ ?

      Delete
  5. රෝලර් කෝස්ටර් එකේ උපරිම වින්දනය ලබනකොට සයුරි අසල්වැසියනේ ඇඟට වමනේ දාපු කතාවක් තමයි ගොසිප් සයිට් වල නම් තිබුනේ.

    ReplyDelete
    Replies
    1. දැක්ක දැක්ක මමත් :DD

      Delete
    2. හපෝ ඔය සයිට් විශ්වාස කරන්න එපා අනේ..වමනේ දැම්මම වමනේ ටිකත් ප්‍රක්ෂිප්තයක් ඔස්සේ ගිහින් කිලෝ මීටර ගානක් ඈතට වැටෙනවා මිසක් අසල්වාසීන්ගේ ඇඟට වැටෙන්නේ නැහැ..හිහි

      Delete
    3. ඕකනෙ ඉන්ජියන්ගෙ හැටි. වමනෙ දානකොට ඒකටත් ප්‍රක්ෂිප්ත සමීකරණ දාන්න යනවා. හික්ස්.. ඒත් මම නම් කල්පනා කලේ උඩ ඉඳන් පහලට වැටෙනෙ කොට ආමාශයයි ගලනාලයයි සම්බන්ධ වෙන 'වෑල්ව්' එක ස්වයංක්‍රීයව ඕපන් වෙනව වත්දෝ කියල. හික් හික්ස්..

      Delete
    4. @ තොටියා මම ඩොකෙක් නෙමෙයි...ඩොකාලගෙන් බෙහෙත් ගන්න එකෙක්. හැබැයි තොටියෝ මේ කමෙන්ට් එකනම් ඔලුවේ කැක්කුමට පැරසිටමොල් දෙකක් ලැබුනා වගේ වටිනවා.:D

      Delete
    5. ඒ කියන්නේ තොටි දොස්‌තර ගේ බෙහෙත් ෂුවර් :)

      Delete
  6. පපුවෙ අමාරුකාරයෙක් ගියොත් මැරිල තමයි එන්නෙ.. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...එයාලට මේවයේ යන්න එපා කියලා තියෙන්නේ

      Delete
  7. හෆොයි! කතුරු ඔංචිල්ලාවේ යන්න බැරි මම කොහොම ද ඕවල යන්නෙ? ඒක නෙමෙයි, මට ආරංචියක් ආව සයුරි අක්කා මල්ලි බබෙක් ව ගෙනල්ලා කියලා! මගේ සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නංගා..ස්තුතියි සුබපතුමට..:)

      Delete
    2. මගෙනුත් සුභපැතුම්!

      Delete
  8. රෝලර් කෝස්ටර් නම් ගිහින් තියෙනවා.. මට මාර ආසාවක් තියෙන්නේ බන්ජි ජන්පින් කරන්න.. හික්ස්, දැන් නම් ඉතින් ඒක අමතක කරලා ඉන්න එකම හොදයි ලොකූ..

    ReplyDelete
    Replies
    1. බන්ජි ජන්පින්? හයියු සල්ලි බලාගෙන ඒ උයාව නිකන් සරැංගලේ වගේ පාවෙයි ජන්පින් කෙසේ වෙතත්. මම දැක්කානේ සයිස් එක මෙයාගේ. හිනා ඒ.

      Delete
    2. මේන් වැඩක්

      Delete
    3. හික්ස්...ඒකනම් ඇත්ත තමා මදාරා නංගි. අන්තිමට හෙලිකොප්ටරයක් යන්න වෙනවා පා වෙන එක්කෙනාව අරන් එන්න

      Delete
    4. මම ඉතින් කියන්නේ නෑ මුකුත්..

      Delete
  9. ඔය එකක්වත් මම කරලා නම් නෑ.. හැබැයි හැම දෙයක්ම කරලා බලන්න නම් ලොකු ආසාවක් තියෙනවා.
    එයාර් ග්ලයිඩර් (වචනේ හරි මම හිතන්නේ) පැරා ජමිපින්ග් කියන්නේ මගේ ලොකු හීනයක්.

    අර බූට් කාපු අයට කරන්න තියෙන දේවල් ලියපු බ්ලොග් එක මම කියවල නෑ.. ලින්ක් එකක් දාන්න පුලුවන්නම් වටිනවා.. ;)

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ ඒ ලිපිය තමා බණ්ඩා

      http://madurangacreations.blogspot.com/2013/11/blog-post_13.html

      මටත් ඕවා හීන තමයි තවමත්

      Delete
  10. සික් අපිට නෑනේ ඕවා... හොද වයින් මඩ වලකටවත් පනින් ඕනි වැස්ස දවසකට..

    ReplyDelete
  11. මෙහේ කොහෙද ඔය වගේ ඒව. යංතං හරි ඔය වගේ තියෙන්නෙ අර ගැලැක්සි ද මොකක්ද එක විතරයි.

    ReplyDelete
    Replies
    1. ඇයි මහින්ද මාමා තීම් පාර්ක් එකක් හදන්න යන කතාවක් කිව්වා නේද? ලෙෂර් වර්ල්ඩ් එකෙත් තියනවා නේද පොඩි පහේ ඒවා

      Delete
  12. Thrill = ත්‍රාසය,….. එහෙම නැහ්නං රෝමෝද්ගමනය නොහොත් මයිල් කෙලින් වීම කියලත් කිව්වැකි.

    මෙහෙ ඔව්ව තියෙන්නෙ බොහෝ විට ඉස්පිරිතාලවල.... මලබද්දෙ හැදිච්චි එවුං ඕකෙ දාල එක පාරයි යවන්නෙ...පාතට එනකොට බඩු බනිස්..ඒත් ඒ ප්‍රතිකාරෙ කරන්ට කලින් ඇග්‍රිමන්ට් එකක් ගහන්න ඕන රෝලර් කෝස්ටරේ ෆුල් ක්ලීන් කරල දෙනවය කියල.

    බබානිස්ලගෙ කේසුත් එහෙමයි. දැන් සින්ටො දෙන්නෙ නෑ. රෝලර් කෝස්ටර් ට්‍රීට්මන්ට් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ වචනේ...අදාළ පුග්ගලයගෙන් අහන්න එපයි ඒවා.

      නෑ නෑ අයියේ..මගදී මළ පැන්නහම ඒවා කෝස්ටරේ වැටෙන්නේ නැහැ. එව්වත් කැරකිලා උඩින් ගිහිල්ලා වටේ පිටේ කටත් ඇරන් උඩ බලන් ඉන්න අය ගාවට තමයි වැටෙන්නේ. බබ්බුන්ටනම් එහෙම උනොත් දෙවි පිහිට තමා.

      Delete
  13. අන්න හරි සයුරිට දැන් හිතාගන්න් පුළුවන් නේද පැයට කිලෝමීටර් 2000 ඉක්මවා ඇති විටක අංශක 35 පමණ කෝණයක් ගද්දි ඇතිවෙන පීඩනය ? තත්පරයට මීටර් 280 පමණ වේගයෙන් එක එල්ලේ අංශක 90 ට ඉහළ නගිද්දී ඇති වෙන පීඩනය නහර මත , පෙනහළු සහ මොළයේ සියුම් නහර මත ? ( තත්පර 4 න් කිලෝමීටර් එකක් එක එල්ලේ ඉහළ නගින විට )මගේ මේ ලිපියේදී ඇති වුනු සෑහෙන ගැටළු ප්‍රමාණයකට උත්තර සයුරිගේ මේ ලිපියේ තියෙනවා..

    ReplyDelete
    Replies
    1. හම්මේ ඔව් සහන්. ඒ ගැන මොකට කියනවද? කෝස්ටරේක යනකොට මෙහෙම දැනෙනවානම් ඒ ගැන හිතාගන්න පුළුවන්.

      Delete
  14. අම්මියෝ.. දැක්කමත් බය හිතෙනවා.. මම දැක්කා කොහෙද මන්දා උසම උස ගොඩනැගිල්ලක් මුදුනෙත් මේ වගේ රෝලර් කෝස්ටර් හයි කරලා තියෙනවා.. වැටුනොත් සලෙන් එකතු කරන්න වෙන්නෙ...

    කෑ ගැහුවේ නෑ කිව්වම හිතුනේ සයුරි අක්කා මිස්ටර් බීන් වගේ ඉන්න ඇති කියලා.. උඩදි ඈනුම් ගියාද?

    ReplyDelete
    Replies
    1. ආ..මමත් ඒක දැක්කා. ඩුබායි වලද මන්දා.

      ඈනුම්? මම කියන්නේ නෑ ඉතින්

      Delete
  15. කියවද්දිත් බොක්ක කූල් වෙනව :D

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඉතින් යන්න ඕන වෙන්නේ නෑ අලියෝ

      Delete
  16. අර පපුව හිරවෙනවා වගේ මෙව්වා එක මට තියනවා. බයිසිලේ පල්ලමක යද්දිත් එනවා. එහෙව් එකේ මේකක ගියොත් මොනවා වෙයිද?

    ReplyDelete
    Replies
    1. ආන් හරි. ඒ මෙව්වා එකම සිය ගුණයකින් විතර වැඩි කරලා හිතලා බලන්නකෝ

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Sky Diving කියන්නේ මම මැරෙන්න කලියෙන් සපුරා ගන්න පෙරුම් පුරන හීනයක් රෝලර් කෝස්ටර් නම් ගිහින් තියෙනවා.

      Delete
    3. ඒක මේ කාලෙදිම සපුරා ගන්න එක තමා හොඳ ශානු. කල් යවන්න හොඳ නෑ

      Delete
  18. අපේ දුව කරා Tandem Sky Diving එකපාරක්. අඩි 12000ක් උඩ ඉඳන් පැයට හැතැප්ම 120ක විතර වේගයෙන් එන්නේ පැරෂුට් එක ඕපන් වෙනකම්. මේ ළමයා බය නැතිව කරානේ...ඊට ඉස්සෙල්ලා දවසේ මම පත්තරේ බලන කොට මේ වගේම ස්කයි ඩයිවින්ග් කරන තැනක ඉන්ස්ට්‍රක්ටර්යි ගිය කෙනයි දෙන්නාම මැරිලා පැරෂුට් එක ඇරෙන්නේ නැතුව.....මම ඒ බව කිව්වේ දුව මේක කරලා ඉවරවුනාට පස්සේ..මොකටද හිත බය කරන්නේ කියලා හිතලා.

    ReplyDelete
    Replies
    1. ශා අරූ අයියගේ දුව හරිම නිර්භීතයි නේ. ඔව් එහෙම වෙලාවල් තියනවා. එක පාරක්, ඉන්ස්ට්‍රක්ටර් මගදී මැරිලාලු හාට් ඇටැක් ඇවිත්. මගියා වැඩ දන්න නිසා යන්තම් පැරෂුට් එක කන්ට්‍රෝල් කරගෙන ඇවිත්.

      Delete
  19. මට මාර බයක් තියෙන්නෙ ඕවට Final Destination ෆිල්ම්ස් බැලුවට පස්සෙ.. ඒකෙ ඔය කෝස්ටර් එක කඩං වැටෙන සීන් එකක් තියෙන ෆිල්ම් එකක් තියෙනවනෙ... හි හි

    ලෙෂර් වර්ල්ඩ් එකේ ඔය වගේ කෝස්ටර් ජාති කීපයක් තියෙනව... මං හිතන්නේ ඒකෙ තියෙන වැඩිම බය හිතෙන එක අර රොකට් එක කියන එක වෙන්න ඕනෙ... ඒක හරියට කකුල් දෙකෙන් උස්සලා ඔලුව බිමට හිටින්න පොලවෙ ගැහුවා වගේ තමයි... අපේ තාත්තට නං යන්න දුන්නේ නෑ එතනින්.. හාට් කේස් නේ... අපි සෙට් එක ගියා... හි හි..

    ReplyDelete
    Replies
    1. අම්බෝ..මමත් බැලුවා ඒක. මේ ලඟදි ඒ වගේ සිද්ධියක් ඇත්තටම උනා මෙහෙ ටෙක්සාස් වල :(

      Delete
  20. ඔව්යෙ යන්න කලින්, බ්ලඩ් ප්‍රෙශර්, ඊසීජී එහෙම චෙක් කරනවද ?
    එහෙම ගිහින් මැරිච්ච අය ඉන්නවද ?
    ඕවා කවදාවත් කඩන් වැටිලා නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ප්‍රෙෂර්, හාට් කේස් තියන අය, ගැබිණි මවුවරුන් එහෙම ඕකට නග්ගගන්නේ නෑ. තමන්ට ඒ ලෙඩ තියනම් එන්න එපා කියලා වොර්නින් දීලා තියනවා. ලෙඩ තියාගෙනත් ඇවිල්ලා මොනවා හරි උනොත් එයාලා වගකීම ගන්නේ නෑ.

      මැරිච්ච අය සිටී :( ලඟදි එහෙම එකක් උනා ටෙක්සාස් වල. ලෙඩක් හින්දා නම් නෙමේ. ආරක්ෂක වැස්ම හරියට වැටිලා නැතුව (ඒ ගෑනු කෙනා ගොඩක් මහත කෙනෙක් ලු). මගදී කෝස්ටරෙන් වැටිලා.

      කෝස්ටර්නම් කඩන් වැටිලා තියනවද කියලා මම දන්නේ නෑ. දන්නා තරමින්නම් එහෙම වෙලා නෑ .

      Delete
  21. රෝල කොස්ටර් රයිඩ්ස්!! හම්මමෙ.. මේවට තමා සල්ලි දීල බයවෙනව කියන්නෙ. අර පලවෙනියට තියන බයානකම එකේ යන එක මාත් අනුමත් කරනව.මොකටඩ නිකන් ඔය පොඩි ඒවගෙ ගිහින් බය වෙන්නෙ බය වෙන එකේ උනත් උපරිමයෙන් කරන්න එපැයි. මගේ පලමු රෝලකොස්ටර් අත්දැකීම හොන්ග් කොන්ග් වල ඒ පාස්ල් යන කාලෙ. අපහු මෙහෙ යනකොට ඒ කාලෙ බය අමතක වෙලා. මම හැම පාරම හිතාගන්නව ආයෙනම් යන්නෙ නෑමයි කියල කොහෙද ඊළඟ පාර අමතකයි. අනික කට්ටියක් එක්ක යනකොට ලැජ්ජයිනෙ බයේ ඉන්න.හැබැයි මම ඔය වෝටර් රයිඩ්ස් වලටන කැමතියි ඒව් එච්චරම බය නෑනෙ. මගේ හොන්දම ඇමරිකානු මිතුරිය මේ සමර් එකේ ගිය ස්කයි ඩයිවින්...මටත් යමු කියල වදේ..කොච්චර ලැජ්ජ වෙන්න උනත් ඔය වැඩීටනම් මගෙ හිත දෙන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඒ බය අමතක වෙනවා. අද එක පාර්ක් එකකට ගිහින් හෙට තව එකකට ගියත් මුලින් දැනෙන බය එහෙමම දැනෙනවා. :) මටත් තාම හිත දෙන්නේ නෑ අප්පා ස්කයි ඩයිවින් වලට.

      Delete
  22. අර ස්කයි ඩයිවින් එකට නම් මට මාර ආසාවක් තියෙනවා... ඊට පස්සෙ අර රෝලර් කෝස්ටර් එකේ යන්න තමයි... ස්කයි ඩයිවින් එකත් එක්ක පැරෂුට් එකේ එන්නත් ලැබෙන නිසා ඒකත් හරි... ග්ලයිඩර් එකකත් යන්න තිබ්බොත් මැරෙන්න කලින් නිදහසේ මැරෙතෑකි....

    එකම එකක් තියෙනවා ආසා වුනත් කරන්න වෙන්නෙ නැති... අර කකුලෙ කේබල් එකක් ගැටගහලා තඩි පාලම් උඩ ඉඳන් පහලට අතාරින ඒවා තමා ඒ...

    ReplyDelete
    Replies
    1. ආසා උනත් කරන්න වෙන්නේ නෑ කිව්වේ මොකෝ ගැමියෝ? ස්කයි ඩයිවින් කරාට පස්සේ බන්ජි ජම්පින් කරන්න එච්චර අමාරු නැහැ ලු.

      Delete
  23. කාලෙකික් පොස්ට් එකක් දැක්කේ.. එද්දිම මැරෙන්න දේවල් ලියල නේ.. නියමයි. අර කෝස්ටර් වැඩේ නම් මම අනිවා දවසක යන්න ඕනේ. මට සපත්තු නම් හම්බ උනේ නෑ තාම. ඒ උනාට ආසයි වගේ යන්න. සපත්තු කාපු අයට නම් ඔච්චර ඕනේ නෑ.. යන්න අර ඉන්දියාවෙන් ගෙනාපු කෝච්චියක රවුමක්.

    ReplyDelete
    Replies
    1. යන්න යන්න අඟහරුවෝ. සපත්තු ඕනම නෑ.

      //යන්න අර ඉන්දියාවෙන් ගෙනාපු කෝච්චියක රවුමක්//

      හිහි...ඒකනම් ඇත්ත

      Delete
  24. අපෝ අපෝ... පපුවේ අමාරු කාරයෙක්ට නම් වන් ෂොට් ඔන්ද ස්පොට් වෙන්ඩ පුලුවන් වැඩක් !

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්...එහෙම අයට යන්න හොඳ නෑ මේවයේ

      Delete
  25. ආයෙ කියන්න දෙයක් නෑ සල්ලි දීල ටිකට් අරං ඉල්ලන් කෑම.ලංකාවෙ කතුරු ඔන්චිල්ලාවක උඩට ගිහින් පහල එනකොට ලේ වතුර වෙනවනම් මේවායින් අර තුන්වෙනි පිංතූරේ තියෙන එකේ ගිහින් ආවම කොහොම හිටීද. ඔය පාර්ක් එක කිට්ටුව හොඳ හොස්පිට්ල් එකක් දාගත්තනම් හොද ගානක් හම්බකරගන්න පුළුවන්.ඇයි එලියට මිනිස්සු එන්නේ ලේ වතුර කරගෙන නේ..

    ReplyDelete
    Replies
    1. ඔය තුන්වෙනි පින්තුරේ තියන එකේ යද්දී අවංකවම කෑ ගැස්සුනා මට. බිල්ඩිමකින් පහලට ඇදලා දැම්මා වගේ.

      Delete
  26. රෝලර්කෝස්ටර් කියන්නේ මට යන්න බැරි ජාතියක්... එකක් තමයි අර එහෙ මෙහෙ විසිවෙනකොට ඇතිවෙන ඔලුවේ කැක්කුම තිබීම. අනික ඕවා කඩාගෙන වැටෙනවටත් වඩා මම බය ඕවා සමහර වෙලවට හිර වෙන එක.. එහෙම වෙච්ච අවස්ථා කීපයක් ගැනම මම කියවලා තියනවා... වැටිලා මැරෙන එක සැපයි එහෙම වෙනවට වඩා....

    Roller Coaster Stuck

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකට ෆයිනල් ඩෙස්ටිනේෂන් බැලුව නේද?

      Delete
    2. ඔව් ඔව් එහෙම වෙච්ච අවස්ථා මෙහෙත් තියනවා. ඒත් ආපහු යථා තත්වයට එනකම් කට්ටිය ශේප් එකේ හිටියොත් මුකුත් වෙන්නේ නෑ

      Delete
  27. සිරාවට මම තාම ඔයින් එකක ගිහින් නැහැ. මට ලොකු බයක් තියෙනවා. :) මෙහෙ තමයි තියෙන්නේ ලෝකේ වේගවත්ම රෝලර් කෝස්ටර් එක. ෆෙරාරි වල්ඩ් එකේ.

    ReplyDelete
    Replies
    1. // මට ලොකු බයක් තියෙනවා. :) //// හුහු ඈ

      Delete
    2. චිකේ....... නගා ඔහොම ප්‍රසිද්දියේ චරිත ඝාතනය කරන්න එපා. මම කිව්වේ මොකක්ද මට මතක නැහැනේ :P (හෆොයි මගේ කෝරලේ පට්ටම)

      Delete
    3. තින්ක් බිෆෝර් යුවර් කොමෙන්ට් ඉදගෙන ok ,,

      Delete
    4. කෝරලේ මහත්තයෙක් උනාම ඔහොම බය වෙලා පුලුවන්ද?

      Delete
  28. සපත්තු කනවට වැඩිය ඕක හරි බයානක වැඩක් නෙ.

    ReplyDelete
    Replies
    1. හිහි ඒකත් එහෙමද අසෙනි?

      Delete
  29. හපෝ ඕවයේ ගියොත් බඩ පපුව දැවිල්ල හැදිල හදවත ලෙඩ කරගෙන බොක්ක කුල් කොරගන්නවට වඩා ගෙදරට වෙලා ඉන්න ඒක හොඳයි වගේ...
    පැරා ග්ලයිඩින් නම් ආසයි කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඇපල් පැරා ග්ලයිඩින් වලට වඩා කෝස්ටර් ආරක්ෂා සහගතයිනේ.

      Delete
  30. සපත්තු කෑවේ නැති වුනත් මමත් ආසම වැඩ කීපයක් ගැන තමා සයුරි ලියලා තියෙන්නේ..රෝලර් කෝස්ටර් නම් හරිම ජොලි වැඩක් තමා..
    වැඩේ කියන්නේ ඕකේ යන වෙලාවට මට මතක්වෙන්නේම මේක කොහොමද හදලා තියෙන්නේ ..වේගය ත්වරණය මේ විදිහට ගන්නේ කොහොමද කියලා..ඒත් අන්තිමට බැස්සට පස්සේ ඕක අමතකයිනේ..(ඊළඟ සැරේ යනකම්!)

    ReplyDelete
    Replies
    1. හිහි...කොහොම හදල තිබුනත් කඩන් වැටෙන්නේ නෑ කියලා ෂුවර් නම් එච්චරයිනෙ නේද රූ

      Delete
  31. වෙලාවක ගිහින් බලන්න වටින තැනක් වගේ (කිට්ටුව පහතක තිබ්බනම්). හැබැයි දැන් ඉතින් රස කර කර කිව්වත් ඕකෙ යන පළවෙනි පාර නම් කට්ටිට කෑගන්න ඇතිනේ හොඳට. ආ.. අර weightless කිව්වම මතක් උනේ. මම නම් පොඩි කාලෙම ඕක පර්යේෂණ කරලා තියෙනවා. හෙනගැඹුරු වලක් ඇත්තටම ගැඹුරුද කියල පැනලම බැලුවනෙ පොඩි කාලෙ.(වැටුනය කිව්වොත් හරි නෑ) යන්තම් කකුල පොඩ්ඩ්ක් උල්කුකුවකින් බේරුනා

    ReplyDelete
    Replies
    1. හිහ...පලවෙනි පාර විතරක් නෙමෙයි අයියේ මේ දැන් ගියත් එහෙම තමයි. අමුතු බයක් දැනෙනවා නැති වෙන්නෙම නැති...ඇති යන්තම් උලුක්කුවකින් විතරක් බේරුනා.

      Delete
  32. අපේ එක්කෙනා ඔය කෝස්ටර් එකක ගිහින් ඇවිත් මට වරුණාව කීවා නෙව....හෆොයි ජීවිතේට යන්නෑ කියලා හිතන් ඉන්නේ...හික්ස්......

    (ඔය කීවට නොයා ඉන්නෑ...ඒ අත්දැකීමත් හිතට බලෙන් හරි ගන්ට ඕනේ..) :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...ගිහින් බලන්න රෙහානි. අත්දැකීම වටිනවා

      Delete
  33. මේවා ගැන මමනම් හිතන්නේ අනිත් අයට කරන්න පුළුවන් ඕනෑම දෙයක් මටත් පුළුවන් කියලා. හැබැයි මට බැරි දේවල් මම හොඳට දන්නවා.

    ReplyDelete
    Replies
    1. ආන් හරි. එහෙම හිතුවමත් බය නැති වෙනවා

      Delete
  34. මේක නම් සපත්තු කාලා හිතෙන් මැරි මැරී ඉන්න උන් ට හාට් ඇටෑක් හැදිලා ඇත්තටම මැරිලා යන්න වෙන වැඩක් වගෙ....

    ReplyDelete
    Replies
    1. හිහි...ඔය සිය දිවි නසාගන්න හිතුන අයට එහෙම මෙව්වා කරන එක හොඳයි

      Delete
  35. ගොඩක් කාලෙකින් තමයි මේ පැත්තේ ආවේ. ඔය වගේ දේවල් වලින් අමුතුම වින්දනයක් ලැබෙනවා කියල තමයි ඒ අත්දැකීම් ලබපු අය කියන්නේ. මං නම් තාම රෝලර් කෝස්ටර් එකක ගිහින් නෑ. ඒත් යන්න ආසාවක් තියෙනවා. ගොඩක් කාලෙකින් මේ පැත්තට ගොඩවැදුනු නිසා සයුරිට සුබ පතන්නත් බැරි උනා. ඔන්න එහෙනම් මව් පදවිය ලබපු සයුරිට මම හදවතින්ම සුබ පතනවා. මගේ උපාධියේ විභාගය ලබන සුමානේ. ඒත් ඒකට හොඳින් මුහුණ දෙන්න බැරි තරම් ලොකු මානසික පීඩනයකින් ඉන්නේ. ප්‍රේම සම්බන්ධයට අපේ ගෙදරින් දැඩි ලෙස විරුද්ධ වීම තමයි හේතුව. එහෙනම් ඉඩ තියෙන විදිහට ආපහු මේ පැත්තට ඇවිත් යන්න එන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ උදයංග දැකීමත් සතුටක්. සුබ පතුමටත් ස්තුතියි. හැමදේටම විසඳුමක් තියනවනේ. කාලයට ඉඩ දෙන්න කියල තමයි කියන්න තියෙන්නේ. ඔක්කොම හරි යාවි.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...