Friday, May 16, 2014

රොකී කඳු වැටියයි - දෙව් ලොවට අඩියයි

රොකී කඳු කිව්වම නිකන් මොකද්දෝ එකක් මතක් වෙනවා වගේ නේද? ලෝකේ ලොකුම කඳු වැටියක් කියලා ඉස්කෝලෙදි ඉගැන්නුවනේ. ඔය කියන කඳු වැටිය හඳ අල්ලපු රටේ සැතපුම් 3000 පමණ ප්‍රදේශයක් පුරා පැතිරිලා තිබුනත් රොකී ජාතික උද්‍යානය පිහිටලා තියෙන්නේ කොලරාඩෝ කියන ප්‍රාන්තයේ. කඳු වැටියේ උසම මුදුනේ උස මීරට 4400 ක් ලු. මේ අධික උස නිසාම කඳුකරයට හුරු නොවෙච්ච අපි වගේ අය එහෙ ගියාම හුස්ම ගැනීමේ අපහසුතා පවා දැනෙනවා. අඩි දහයක් දිව්වත් හොඳටම හති. ඒත් පුරුදු අයට ඒක එච්චර අවුලක් නෑ කියලා තමයි කියන්නේ.

මටනම් වැඩි පුරම හිතට ඇල්ලුවේ කඳුකරයේ තිබ්බ ලස්සන තමයි.




අපි රොකී ජාතික උද්‍යානයට ලඟා උනේ ටිකක් ගම්බද අතුරු පාරකින්. එහෙම යද්දී ගත්ත පින්තූරයක් තමයි මේ. මැයි මාසේ වෙද්දීත් වැඩි හරියක් කඳු මුදුන් හිම වලින් වැහිලා. ජුනි ජූලි වෙද්දී මේවා ටිකක් දිය උනත් උස කඳු මුදන් නම් සදාතනික හිම කඳු ම තමා මගේ හිතේ. 

මේ පහළින් තියෙන්නෙත් ඒ පාරේම පින්තූරයක්.




ආ එතකොට මේ තියෙන්නේ ඔය පාර අයිනේ තිබිච්ච පුංචි දේවස්ථානයක්. ඒක දැක්ක ගමන්ම ආස හිතිච්ච නිසා ටක් ගාලා එතනට හරවලා පොඩ්ඩක් එතන නැවතිලා එහෙම තමයි ගියේ. පාර හයි වේ එකක් නොවෙච්ච එකේ වාසිය තමයි. නැත්තන් ඉතින් ඔහොම හිතිච්ච හිතිච්ච වෙලාවට පාර අයින් වල නවත්තන්න පුලුවනෑ. 



ඉතින් ඔන්න ඔය වගේ ලස්සන දර්ශන පහු කරගෙන අපි ආවේ Rocky Mountains ජාතික උද්‍යානය ට. ඒ හරියේ නිල් කැටේට දිලිසෙන පුංචි විල් කෑලි (සමහර ඒවායේ උඩින් මිදිච්ච අයිස් තට්ටුව තාමත් දිය වෙලා නෑ ) එහෙම පිරිලා. ඒ විතරක් නෙමෙයි, බැලු බැලු පැත්තෙන් පේන්නේ පුංචි රවුම් ගල් කැට වලින් වැහුන පතුල ක් තියන, අඩි දෙකකට වඩා නොගැඹුරු පුංචි දිය පාරවල්.

මේ තියෙන්නේ එහෙම විලක් තමයි.





ඔය විල වටේට ඇවිදින්න පුළුවන් වෙන විදිහට පුංචි අඩි පාරක් වගේ එකක් තියනවා. අපිට පැයක් විතර ගියා ඒක වටේ ගිහින් එන්න. එහෙම යන ගමන් ගත්තු පින්තූර වලින් එකක් තමයි මේ තියෙන්නේ. :)




ආ...තව වැදගත්ම දෙයක් තියනවා පෙන්නන්න. ඔය පහළ පින්තූරේ තියෙන්නේ "ස්ටැන්ලි" කියන ප්‍රසිද්ධ හෝටලය.





අපි ආපහු එන ගමනේදී තමයි මේක දකින්න ලැබුනේ. "Shinning" කියන චිත්තරපටිය බලලා තියන අයනම් මේක අඳුරනවා ඇති. හොල්මන් හෝටලයක් හැටියට තමා මේක ප්‍රසිද්ධ. මට මතක විදියටනම් හොටෙලේ අයිතිකාරයාගේ බිරිඳ මැරුණට පස්සේ මෙතන හොල්මන් කරනවාලු. එයා ජීවත් වෙලා ඉන්න කාලේ පියානෝ වාදනය කරන්න කැමැත්තක් දක්වපු කෙනෙක්ලු. ඉතින් දැනටත් රෑට රෑට පියානෝ සද්ද ඇහෙනවලු හෝටලයේ.

දැන් ඉතින් කට්ටිය හිතනවා ඇති ඔය හෝටලයේ ඉන්න කැමති වෙන්නේ කවුද කියලා. අපෝ නෑ නෑ, එහෙම ප්‍රශ්නයක් නෑ. මේ හොල්මන් සිද්ධිය හෝටලේට ආශිර්වාදයක් මිසක් පාඩුවක් නෙමෙයි. ඔය හොල්මන් බලන්න කියලම මිනිස්සු ඉහළ ගණන් දීලා මේකේ කාමර වෙන් කරවා ගන්නවලු. මේ මිනිස්සුන්ව සතුටු කරන්න හෝටලයෙනුත් මහ රෑට ghost tour එහෙම සංවිධානය කරනවලු. කොහොමද වැඩේ?

කොහොම උනත් හෝටලය පිහිටලා තියෙන්නේ නම් පුදුම ලස්සන තැනක. ඔය හෝටලේ කාමර වලට පේන ඉදිරිපස දර්ශනය තමයි මේ පහළින් තියෙන්නේ.





මේ කඳුකරයේ තිබ්බ විශේෂත්වයක් තමයි වැඩි හරියක්ම කඳු වල අන්තර්ගතය උනේ විශාල පාෂාණ තට්ටු. පාරවල් හදද්දී කඳු විදපු තැන් වලින් ඒ බව හොඳට පේන්න තියනවා. බලන්නකෝ පහළ පින්තූරේ.





ගොඩක් තැන් වල මාර්ග සංඥා ගහල තිබුනා "ගල් පෙරලීමේ අවධානමක් ඇත" කියලා. අපේ සයුරුත් ඉතින් "ඔන්න ඉස්සරහ දේවදත්ත ඉන්නවලු" කිය කිය ගානක් නැතිව හිටියා. වෙන කරන්න දේකුත් නෑ නේ. එකක් පෙරලුනොත් ඉතින් අල්ලගන්න කියලයැ.


ආහ්හ් එතකොට මේ ඉන්නේ අපිට දකින්න ලැබිච්ච කඳුකර එළුවෝ රන්චුවකින් දෙන්නෙක්. :)



මේකත් බලන්නකො එහෙනම්. වැඩි විස්තර දාලා වීඩියෝවක් හැදුවා.



ඉතින් ඔන්න ඕවා තමයි අපේ කොලරාඩෝ ගමනේ විස්තර. මෙච්චර කාලෙකට මම ගියපු හොඳම ගමන කියලා කිව්වොත් වැරදි නෑ . බොහොම නිස්කලංකව නිවාඩු පාඩුවේ හිතේ හැටියට, පාර අයිනේ දකින දකින ලස්සන තැන්වල නැවතෙමින් ආසාවෙන් ගිහින් ආපු ගමනක්. සේරටමත් වඩා ඒ මම දැකපු ලස්සනම පරිසරයක්. හරියට දෙව්ලොව ගියා වගේ තමා දැනුනේ :)

52 comments:

  1. //ඔය හොල්මන් බලන්න කියලම මිනිස්සු ඉහළ ගණන් දීලා මේකේ කාමර වෙන් කරවා ගන්නවලු. මේ මිනිස්සුන්ව සතුටු කරන්න හෝටලයෙනුත් මහ රෑට ghost tour එහෙම සංවිධානය කරනවලු. කොහොමද වැඩේ?

    එහෙනං එ් අමනුස්සයට හොටලේ ඉඳලම එපාවෙලා අැති! :D

    ReplyDelete
    Replies
    1. අමනුස්සයට එපා උනොත් මිසක් මිනිස්සුන්ටනම් එහෙම වෙන්නේ නෑ වගේ. අද කාලේ හොල්මනුත් මාර කට්ටක් තමා කන්නේ.

      Delete
  2. හම්මේ හොල්මං පිචෑර් වලට තියෙන ඉල්ලුම දැක්කාම හිතාගත්තෑකි.. ඇත්තටමබ දැං හොල්මං වලට මිනිස්සු බල කරන්න බැරිව ඇති නේ...
    හොල්මනක් ලගට ආවොත් කෝම හරි පොටෝ වක් ගහන් අතට අත දීල ගෙදර එහෙම එක්ක ගිහං බාගෙකුත් පොවලම යවය් නේ...

    අම්මේ හොල්මං පේන්න එන්නැති එක මයි හොද....
    නැත්තං අපේ උංට බොන්න විදියකුත් නසැති වෙනව...
    ෂෝය් පිංතූර ටික..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. //ත දීල ගෙදර එහෙම එක්ක ගිහං බාගෙකුත් පොවලම යවය් නේ...//

      මේ තාම හිනා මට :)

      Delete
  3. //ඔය හොල්මන් බලන්න කියලම මිනිස්සු ඉහළ ගණන් දීලා මේකේ කාමර වෙන් කරවා ගන්නවලු// සයුරුට නම් අතින් ගෙවල ඔල්මන් බලන්න ඕනා නෑලු. :P

    තවත් අලුත්ම අලුත් විස්තරයක්. යන්න අවස්ථාවක් නැති අපි වගේ අයට සයුරි අක්කාගෙ පෝස්ට් මහ මෙරක් වගේ. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. //සයුරුට නම් අතින් ගෙවල ඔල්මන් බලන්න ඕනා නෑලු.//

      මම කියන්නේ න ඉතින් මුකුත්... :p

      Delete
  4. අනේ සාදු දෙව්ලොව ගියාට...එතකොට අර පොඩිත්තත් ඇන්න ගියැයි ඕය කඳුකොරේ..:)

    ReplyDelete
    Replies
    1. පොඩිත්තත් ගියානම් තමා. හැබැයි ඉතින් මෙලොව එලිය දැකලා හිටියේ නෑ ඒ වෙද්දී :)

      Delete
  5. ඇත්තටම ලස්සන තැනැක් වෙන්න ඇති පින්තුර ටික දැක්කම ආස හිතුනා ! 

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...මම දැකපු ලස්සනම තැනක්

      Delete
  6. රොකී කඳු උඩින් කාලෙකට ඉහතදී චූටි ප්ලේන් එකක ගිය ගමනක් සිහි කලා සයුරිගේ කතාව. අම්මෝ ඒක ගැස්සුණු තරම. බිමට බැහැගන්නකල් මාර හදිසියකින් හිටියේ. හදිසිය කීවේ බයකින්...

    ඇත්තටම මිනිස්සු නොගැවසෙන තැන් මෙච්චර ලස්සණ මිනිස්සු නැති හන්දද? බලන්ට අර නිල්පාට දිහා.

    ඔය හෝටලේට 'හනිමූන්' ගියා නම් කොහොම හිටීද? පොඩ්ඩි නම් ඇස් දෙක අරින එකක් නෑ එලිය වැටෙනකල්. :D

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ අර රූන් පෙති දෙකක් කැරකෙන චූටි ප්ලේන් ගැනද? හපෝ මමත් බයයි ඒවාට...හිහි...හනිමූන් යන්න? අර හොල්මං ටුවර් යන කට්ටියත් එක්ක මොන හනිමූන් ද ඉතින්? ඇවිත් කාමරේට එබෙයි.

      Delete
  7. මේ අපූරු සංචාරක තෙරතුර තුළ ඇත්තේ බොහොම අපූරු සෞන්දර්ය චාරිකාවක්. ඒ චාරිකාව සඳහා කියවන අපිත් ඒ ගමනට එක්කාසු කරගන්න රස නුමුසු බසකින් ලියා ඇති චාරිකා සටහන් ඔස්සේ අපිත් රොකී කඳුවැටි වලට වැටී ඇතී පාලු මංතලා ඔස්සේ ඇවිද්දා වගේ.... අඩි දෙදක්වත් නොගැඹුරු විල්. මොනතරම් සුන්දර තැන් වෙන්න ඇතිද?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඒ විල් වලනම් පුදුම ලස්සනක් තිබුනේ. හරිම පැහැදිලි වතුර. පතුලේ රවුම් ගල් කැට හොඳට පේනවා. දොළ පාරවලුත් එහෙමයි. සීතල නිසා මිසක් දවසෙම උනත් බැහැලා ඉන්න පුළුවන්.

      Delete
  8. හරි අපූරු ගමනක්නේ... කිසිදාක ඒ පැත්තක නොගිය අපත් එක්ක ගියා වැනි හැගුමක් ආවේ. තවත් පිංතුර හා විස්තර තිබුණානම් නියමයි.

    ReplyDelete
    Replies
    1. තවත් විස්තර ලියන්න තිබුනා නම් ඇත්තටම හොඳයි. දැන් හැම එකටම කාලය හරස් වෙනවනේ :(

      Delete
  9. මේ ලිපිය හරිම වටිනවා සයුරි. භූගෝල විද්‍යාව යටතේ පාසලේ දී නීරස පාඩම් හැටියට තොරතුරු ඉගෙන ගන්න දරුවා මේ ලිපිය හරිම ආසාවෙන් කියෙව්වා. ස්තුතිය සයුරි

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දැක්කම හරිම සතුටක් දැනුනා. බොහොම ස්තුතියි.

      Delete
  10. තමුන්ම ගත්ත මේ පින්තූර ටික තමයි වටින්‍නෙ.
    අර කන්ද උඩ ඉඳල ගලක් පෙරලුනොත් නං......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්. පෙරලුනොත් ඉතින් සොරි තමා.

      Delete
  11. හරිම ලස්සන පත්තක්නේ, ගොඩක් ස්තුතියි අපිටත් ඒ පැත්තේ ලස්සන පෙන්නුවට. තව පොටෝ කලි ටිකක් අල්ලලා මේකට දැම්මනං කියල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. සොමියා මෙහෙ ආපු පලවෙනි වතාව වෙන්න ඕනේ. බොහොම ස්තුතියි...ෆොටෝ කෑලි නම් තව තිබුනා. එහෙන් මෙහෙන් තෝරලා ටිකයි දැම්මේ...

      Delete
  12. ශා හරිම ලස්සනයිනේ. පිරිසිඳු වාතය,..නිල් අහස..හීනයක් වගේ

    ReplyDelete
    Replies
    1. මටත් ඒ ගමන තාමත් හීනයක් වගේ

      Delete
  13. වටිනා තොරතුරු සහිත චාරිකා සටහනක්. බොහොම ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචාරක මහත්තයා ටත් :)

      Delete
  14. The Shining…..මම බොහොම ආසාවෙන් බලාපු ෆිල්ම් එකක්. මම කැමතිම පුද්ගලයින් තිදෙනෙක් එකතුවුනු චිත්‍රපටයක්….Stephen King, Stanley Kubrick සහ Jack Nicholson,

    දේවදත්ත කතාවත් නියමයි....:)

    ReplyDelete
    Replies
    1. ඔය ෆිල්ම් එකට ගොඩක් අය කැමතියි මගේ හිතේ....

      හෙහෙහ්...

      Delete
  15. Sorry I'm late.
    You are a very lucky person. :)

    ReplyDelete
    Replies
    1. නෝ ප්රොබ් ඇට් ඕල්...තෑන්ක් යූ වෙරි මච් :)

      Delete
  16. ගලක් පෙරළුනා නම් ලස්සනට පොටෝ ටිකක් ගහන්න තිබ්බා.... උ:ඇමෙරිකාවේ රොකී, යුරෝපයේ ඇල්ප්ස්, ඕස්ට්‍රේලියාවේ මහා බාධක වගේ සෙට් එකක් ම ඒ කාලේ පාඩම් කළා මතකයි.

    ReplyDelete
    Replies
    1. අපෝ මටත් මතකයි ඕවා තිබුනා පාඩම් කරන්න...හරිම කම්මැලි ඒ කාලෙනම්. රොකී කිව්වම නිකන් පිටසක්වල කොහේ හරි වගේ තමයි දැනුනේ.

      Delete
  17. ආ සයුරි අක්කේ කාලෙකින් ලියලා තියන්නේ... මාර ලස්සනයි ෆොටෝ ටික නම්.. අර දේවස්ථානේ දැක්ක ගමන් මතක් උනේ හපුතලේ adisham බංගලාව. ගිහින් ඇති මයේ හිතේ..
    අන්න මමත් හොල්මන් ගැන ලිව්වා.. බලද්දී තව හොටලෙකුත් තියේ..

    ReplyDelete
    Replies
    1. ආ...ඔව් ඔව් අඟහරුවෝ...ඒ බංගලාවත් ලස්සන තැනක් තමා. මටත් ලඟදි ඒ පැත්තේ එන්න බැරි උනා. ඉක්මනට එන්නම්

      Delete
  18. නියමයිනේ ලොකූ.. රොකී කදු ගැන නම් අහලා තියෙනවා.. ඒත් ඉතින් හැබැහින් කොහොම දකින්නද.. අර හොල්මන් වැඩේ නම් නියමයි.. ඇඩ්වෙන්චර් ගතියක් තියෙනවනේ ඒකේ..

    ReplyDelete
    Replies
    1. ඇඩ්වෙන්චරස් ගතියක් නම් තියනවා තමා ඉතින්. මටනම් එහෙම ඇඩ්වෙන්චර් කරන්න ඕන නෑ ඒ උනාට. :)

      Delete
  19. මේ මාත් ආසයි අර හොටෙල් එකේ ඉන්න අප්පා එක රැයක්.
    බලන්න ඕනේ හනිමුන් එකට එහේ යන්න.සයුරිට අහලා බලන්න බැරිද හනිමුන් කපොල් වලට ඩිස්කවුන්ට් දෙනවයි කියලා.:D

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ මටනම් ඔය ඩිස්කවුන්ට් කතා කරන්න බෑ හොල්මන් එක්ක. ඔයාට ඕන නම් නම්බර් එක ඉල්ලලා දෙන්නම්...දෙන්නා කතා කරගන්න :)

      Delete
  20. හරිම සුන්දර පරිසරයක්. බලාගන්න ඇත්නම් කියල හිතුන. ගොඩාක් ස්තූතියි ලස්සන විස්තරයට සයුරී.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ විස්තරේ ලස්සන උනේ පින්තුර ටිකෙන් වෙන්න ඕනේ....බොහොම ස්තුතියි :)

      Delete
  21. ෂහ් මාර ලස්සනයිනේ... පින්තුර ටික නම් මට හොඳටම හිතට ඇල්ලුවා. සයුරිද මේවා ගත්තේ නැත්නම්, වෙරළද? පින්තූර ගැනීම ගැන හොඳ අවබෝධයක් තියන බව පේනවා.

    ReplyDelete
    Replies
    1. හිහි...වෙරල තමා. මම මගේ වගේ දැම්මා ඉතින්. මටනම් ඕවා ගැන එහෙමකට අවබෝධයක් නැහැ...

      Delete
  22. සුන්දරම චාරිකාවක්.. පින්තූර ටිකත් හරිම ලස්සනයි. ඇත්තද මේ කතාව දැන් පොඩිත්තෙක් ඉන්නව කියන්නෙ.. මම දන්නෙ නැහැනෙ විස්තර.. මගේ සුබ පැතුම් නංගි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා....ඔව් ඔව්...බිනර මලක්. මම ඒ ගැන පෝස්ට් එකකුත් දැම්මා...හැබැයි කවි එකක්.

      Delete
  23. ස්තුතියි සයුරි ලස්සන පොටෝ ටිකක් බෙදාගත්තට..
    සිතේ රූප මැවෙන ලස්සන විස්තරයකුත්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රූ. ඔයාලත් රස වින්දානම් සතුටුයි.

      Delete
  24. හරිම ලස්සන පින්තූරු ටික....විස්තරෙත් වටිනවා සයුරියෝ....දවසක යන්න වාසනාවක් ලැබේවි බොහෝ දුරට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශානුස්..:) නියමයි..මාත් ප්‍රාර්ථනා කරනවා ඉක්මනට ඒ අවස්තාව උදා වෙන්න කියලා.

      Delete
  25. වෙලාව තිබ්බොත් ඕනම තූත්තු කුඩියකට යන්න බැරිය. අපිට් මොන කඳු ආතල්ද? building ආතල් ගන්න World Trade center එකට නැගලා බහිනවා එච්චරයි.

    ReplyDelete
    Replies
    1. building ආතල් කියන්නෙත් ඒ වගේ එකක් තමයි නේද :)

      Delete
  26. ලස්සන චාරිකා සටහනක්, ලස්සනම පින්තූරත් එක්කම...

    මේ පැත්තේ ආවෙත් සෑහෙන කාලකෙින්... සයුරි නම් පහන් යායේ පහන් නිවා ගන්නැතුව ඉන්න එක ගැන සතුටුයි... ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලෙකින් චතුරංග දැකීමත් සතුටක්. ලිපියක් ලියනවනම් තවත් සතුටුයි ඉතින්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...