Tuesday, March 17, 2015

විජයබා කොල්ලය - රාජාවලිය XXXVII




ඔන්න එහෙනම් පරංගින් ලංකාවට ගොඩ බැහැලා කෝට්ටේත් ගිහින් අපේ රජතුමාව රවට්ටගෙන වෙරළ තීරයේ පැළපදියම් උනාට  පස්සේ සිද්ධ වෙච්ච දේවල් ගැන අද ලිපියෙන් කතා කරමු.

අටවන වීර පරාක්‍රමබාහු රජතුමා ක්‍රි. ව. 1509 දී මිය යනකොට කෝට්ටේ රාජධාණිය එතුමාගේ පුත්තු හතර දෙනාට බෙදලා දීලයි තිබුනේ (මේ හතර දෙනා ගැන කලින් ලිපියේ කිව්වා). මේ වෙද්දී යාපනේ ප්‍රදේශයත් වෙනම රාජ්‍යයක් හැටියට පරරාජසේකර නම් රජෙක් යටතේ තමයි තිබුනේ. ඉතින් රජතුමාගේ මරණින් පස්සේ රජ වෙන්නේ කවුද කියන ප්‍රශ්නේ පැන නගිනවා.

පරංගින් ලංකාවට ආවේ අටවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ උනාට ඔවුන් මුණගැහිලා සම්මුති එහෙම ඇති කරගත්තේ ධර්මපරාක්‍රමබාහු එක්ක වගෙයි පේන්නේ. කොහොමත් ඒ වෙද්දී පුතුන්ට පාලන බලතල පවරලානේ තිබුනේ. කොළඹ කොටුවක් හදන්න කියලා පරංගින්ට අවසර දුන්නෙත් මේ ධර්මපරාක්‍රමබාහු තමා. මේ හේතු හින්දා ඔහු එක්ක ජනතාව එතරම් හිත හොඳකින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. පොතේ හැටියට රජකම ලැබෙන්න ඕනා ධර්ම පරාක්‍රමබාහු ට උනාට රට වැසියා ඒ ගැන මනාපෙකින් ඉඳපු බවක් පේන්න නැහැ.

ඉතින් ඔහු ධර්ම පරාක්‍රමබාහු IX  (ක්‍රි. ව. 1509 - 1528) නමින් රජ උනත් ඒත් එක්කම ඔහුගේ ඊ ළඟ සොහොයුරු විජයබාහු VII (ක්‍රි. ව. 1509 - 1521) නමින් රජ වෙච්ච බව තමා පේන්න තියෙන්නේ. සමහර විට ජනයාගේ වගේම සංඝ රත්නයේ සහයත් ඔහුට ලැබෙන්න ඇති. මේ හින්දා ධර්ම පරාක්‍රමබාහුට රජ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ කැලණියේ ඉඳගෙන. (සැ. යු. මෙතන ටිකක් මූලාශ්‍ර වල අපැහැදිලි තැනක්. මේ ගැන පැහැදිළි තොරතුරක් තියනම් නිවැරදි කරන්න කියලා ඉල්ලනවා. )

ඉතින් තමන්ගේ මල්ලිට එරෙහිව ධර්මපරාක්‍රමබාහු පෘතුගීසීන් ගෙන් උදව් ඉල්ලද්දී විජයබාහු කරන්නේ ඉන්දියාවේ පැළපදියම් වෙලා ඉඳපු සමොරින් වරයාගෙන් පෘතුගීසින් පළවා හරින්න උදව් ඉල්ලන එක. සමොරින් කියන්නේ "මුහුදේ රජා" වගේ තේරුමක් තියන වචනයක්. මේ කාලය වෙද්දී පෘතුගීසින් ගේ එකම අරමුණ වෙලා තිබුනේ අරාබීන්ට අයිති වෙලා තිබ්බ ඉන්දියන් සාගරයේ වෙළඳ කටයුතු තමන්ගේ අතට ගන්න එක. ඒ කියන්නේ මේ සමොරින්වරයාත් පෘතුගීසින් ගේ හතුරෙක් තමා. ඔය හින්දම ඔවුන්ට උවමනා වෙනවා කොළඹ බල කොටුවක් හදන්න. අපේ ධර්ම පරාක්‍රමබාහු රජතුමාත් ඉතින් අහන පරක්කුවෙන් ඒකට අවසර දෙනවා. ලංකාවේ මුස්ලිමුන් විසින් ඔවුන්ගේ වෙළඳ ගබඩාවට කරපු පහර දීම එහෙමත් මේ බලකොටුව හදන්න හේතු උනාලු.

ඉතින් විජයබාහු රජුගේ ඉල්ලීමට අනුව සමොරින් වරයා උපකාර හමුදාවක් එව්වලු ලංකාවට. මලබාර් හමුදාව කියන්නේ ඒකට තමයි. සිංහල - මලබාර් හමුදා වල එකතුවෙන් පෘතුගීසි බලකොටුවට පහර දෙන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. කිහිප වතාවක්ම ආහාර සැපයුම කපා හැරීම වගේ දේවල් වලින් පෘතුගීසින් කොටු කර ගන්න හැදුවත් එතෙරින් ආධාර ලැබෙන නිසා ඒක ලේසි පහසු වැඩක් වෙන්නේ නැහැ.

ඉතින් විජයබාහු රජතුමා පෘතුගීසින් එක්ක සටන් කරන එක අත ඇරලා තවත් විවාහයක් කර ගන්නවා. ඒ තමා කීරවැල්ලේ බිසව. මේ බිසව එක්දරු වැන්දඹුවක්. මේ වෙද්දී රජතුමාට අග බිසවගෙන් පුතුන් තුන් දෙනෙක් ඉන්නවා, බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ නමින්. රජතුමා මේ කීරවැල්ලේ බිසවටයි එයාගේ දරුවටයි හරිම ආදරෙයි ලු. රජකමත් ඒ දරුවට දෙන්න යනවා කියන ආරංචිය මේ කුමාරවරුන්ගේ කනට වැටෙනවා. ඉතින් ඔවුන් ඒකට එරෙහි වෙද්දි රජතුමා සැළසුම් කරනවා මේ කුමාරවරු මරවලා ඒ කරදරෙන් නිදහස් වෙන්න. මේක දැන ගත්තම තුන් දෙනාම කෝට්ටෙන් මීගමු පළාතටත් කන්ද උඩ රටටත් පලා යනවා. ඒ වෙද්දී කන්ද උඩ රට රජ කරන්නේ ජයවීර කියලා රජෙක්. මේ කුමාරවරුන්ගේ ඥාති සහෝදරියක් එක්ක විවාහ වෙලා ඉඳපු ජයවීර රජතුමා, ඔවුන්ට ඉඳුම් හිටුම් දීලා ඔවුන් පියාට විරුද්ධව සංවිධානය කරන සටනටත් උදව් දෙනවා.

ඉතින් මේ තුන් දෙනා සේනා සංවිධානය කරගෙන තාත්තාට විරුද්ධව සටන් කරන්න කෝට්ටේට එද්දී විජයබාහු රජතුමාගේ සෙන්පතිවරු කැමති වෙලා නැහැ කුමාරයින් එක්ක සටනට යන්න. ඒ එක්කම ජනතාවගේ සහයත් කුමාරවරුන්ට ලැබිච්ච නිසා මාලිගාව කොල්ල කාලා රජතුමා ගෙන් බලය පැහැර ගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ තාත්තා වෙච්ච විජයබාහු රජතුමාව මරවන්නත් ඔවුන් පසුබට වෙන්නේ නැහැ. ක්‍රි. ව. 1521 දී සිද්ධ වෙච්ච මේ සිද්ධිය තමයි "විජයබා කොල්ලය" නමින් හැඳින්වෙන්නේ.

දැන් ඉතින් කොල්ල කෑවට මදිනේ, රාජධානිය තුන් දෙනාට බෙදා ගන්නත් එපැයි. ඉතින් වැඩිමලා වෙච්ච බුවනෙකබාහු කෝට්ටේ සිහසුනේ ඉන්දවලා (බුවනෙකබාහු VII, ක්‍රි. ව. 1521 - 1551), රයිගම් බණ්ඩාර ට රයිගම පාලනය බාර දීලා, මායාදුන්නේ සීතාවක රජු බවට පත් උනා.

ඔන්න ඕකට තමා විජයබා කොල්ලය කියන්නේ...එයින් පස්සේ, කට්ටියට මක් උනාද කියලා බලමුකෝ ඊ ළඟ ලිපියෙන්.


ප. ලි. සෑහෙන කාලෙකට පස්සේ තමයි ආවේ මේ. කට්ටියට මාව අමතකම වෙලා තිබුනත් පුදුම වෙන්න දෙයක් නෑ . දැන් බලාගෙන යනකොට ඇම් ඇස් සී එක කරපු කාලේ මීට වඩා හොඳයි වගේ. කොහොම උනත් දේශ සංචාරයකුත් හේතු උනා මේ බ්ලොග් ලිවිල්ල අතපසු වෙන්න. බලමුකෝ ඒ විස්තරත් එක්කම තව ලිපියක් ලියන්න.

31 comments:

  1. හොද වෙලාවට ටීචර් අන්තිමට පාඩම ඉවර කරපු තැන මතකද ලමායි කියලා අහුවේ නෑ.. එහෙම උනානම් ඉතින් උඩ බිම බලන්න තමයි වෙන්නේ.. ඇති යන්තම් ටීචර් නිවාඩු ඉවර වෙලා ඇවිල්ලා..

    ReplyDelete
    Replies
    1. අපෝ එහෙම ඇහුවනම් එහෙම මට ගුටි කන්න වෙන්නේ මඩු වලිගෙන්...

      Delete
  2. පෝස්ට් එක තාම කියෙව්වේ නැහැ. උඹ ඉන්නවා කියල දැනගත්තු එකම මදෑ...
    කියවල ඇවිත් ආපහු කමෙන්ට් එකක් කොටන්නම්...

    ReplyDelete
    Replies
    1. හරි හරි කියවන්න හදිසියක් නෑ හෙමීට බලමු...කට්ටියට මාව තාම මතකයි කියන එකත් ලොකු දෙයක් නේ.

      Delete
    2. වියයබා කොල්ලය කියන්නේ මොකක්ද කියන එක හරියටම දැන ගත්තු එකම මදැයි...
      මේ වකවානුවෙන් පස්සේ උදා වෙන්නේ ලංකාවේ කාලකන්ණි යුගයක්. ඒ වගේම අපේ උන්ට ඒ කාලේ ඉඳලම බලයට පුදුම පෙරේත කමක් තිබිල තියෙන්නේ.

      තාත්ත තනියෙන් පාලනය කලා, පුත්තු තුන්දෙනා තුනට කඩාගෙන පාලනය කරනවා. ඔය පුරුදු වෙන්න ඇති අපේ උන් දැන් තවත් ඉදිරියට ගෙනියන්නේ...

      Delete
    3. අන්න හරි. ඉස්සර ඉඳලම එහෙම තමා. ජාන වලින් එන දේවල් වෙනස් කරන්න බැහැලු නේ.

      Delete
  3. රාජාවලිය කියන්නේ මොකක්ද ටීචර්? :O

    ReplyDelete
    Replies
    1. ඒ පාර මෙයාට දුමින්ද සින්ඩ්‍රෝම් හැදිලා වගේ :0

      Delete
    2. දුමින්ද? ඒ කවුද? :O :O

      Delete
    3. එස් එල් පොලිටික්ස් :)

      Delete
  4. බොහොම කාලෙකට පස්සෙ හමුවුනා. ගොඩක් සතුටුයි

    ReplyDelete
    Replies
    1. බොහොම බොහොම කාලෙකට පස්සේ තමා ඉතින්... :(

      Delete
  5. සයුරි අක්කේ හසුවුවොත් මම තිට ගිනි බිදිමි
    ඇයි හත්තිලව්වේ මේ යකා අවුරුදු තුනයි තුං කාලයි හතරෙන් එක්කට පස්සෙ විතර ඇවිත් ඒක පටං ඇරං තියෙන කැත...
    හරියට අද ඊයෙ ඉවර කරල වගේ... පොහ්... වෙඩි තයන්ටමයි වටින්නෙ...

    හරි හරි ආව එකම මදෑ නැද්ද හිහි

    ReplyDelete
    Replies
    1. හික් හික්...මේ කමෙන්ට් එක දැකලා උදේම හිනා ගියා ඇති වෙන්න. මේකනේ බන්ස් උනේ..මම මේකේ මුල ටික ලිව්වේ කලින් එක ඉවර කරපු අලුත තමා. ඒකයි අද ඊයේ ඉවර කරා වගේ කියලා පේන්නේ :D

      Delete
  6. හරි සන්තෝසයි. මටත් බ්ලොග් එක ලියාගන්න විදියක් නැතුව ඉන්නෙ මේ ටිකේම. මේක දැක්කම ආයිත් ලියන්න හිතෙනවා. :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ ලියන්න ඇපල්. කාලයක් චුත වෙලා හිටියට කමක් නෑ...

      Delete
  7. කීරවැල්ලේ බිසව ඉනාවක් එහෙම දුන්නද දන්නේ නැහැනේ විජයබාහු රජතුමාට :D ?

    ReplyDelete
    Replies
    1. කියන්ඩ බෑ.අපේ රජවරු හරි දක්සයි ඉනා කන්න.

      Delete
  8. ටීචර් අද කාලෙකින් ඇවිත්.. ඒ උනාට පාඩම පොඩියි නේ... කමක් නෑ..

    ReplyDelete
    Replies
    1. පොඩියට එපාය ඉතින් පටන් ගන්න...

      Delete
  9. සයුරී, ඔන්න අයෙත් කියවන්න ආවා. විජයබා කොල්ලය කියෙව්වා. සුනෙත්‍රා නව කතාවත් මේ කාලෙ ගැනම ලියවුන එකක් නේද? මම හරිම ආසයි ඒ නවල් එකට.

    ReplyDelete
    Replies
    1. සුනේත්‍රා මමත් කියවලා තියනවා...හරිම ලස්සන පොතක්...

      Delete
  10. මාස ගනනක් ආවා ගියෙමි
    බ්ලොගේ හිස් බව දැක්ක විට ම
    දෙනෙත'ඟින් කඳුලු සැලුයෙමි..

    කූට කමට ම බැනුම් දෙන්නෙමි
    මගේ හිත පෑරුවේ මන්දැයි
    අසමි බැතිබර සුපින් සිතකින්....

    ආයෙත් ආපු එක ලොකු සතුටක් අක්කේ.. දිගට ම කරගෙන යන්න... අපි හැමදා ම ඔයත් එක්ක..

    බුදු සරණයි!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි...හිස් උනත් ආපහු ඇවිත් බලනවට..
      මෙයානම් කවි කාරයෙක් වගේ :)

      Delete
  11. ටීචර මට බෑ මේ කෙහෙම්මල කරන්න.. ඇයි යකෝ එදා කරපු පාඩම අද මතක නෑ.. දැන් මේ විජයබාහුලා, අර භාහුලා, මේ නාහුලා හිටියේ මොන රටේද ? ඇමෙරිකාවෙද ලංකාවෙද ?

    ReplyDelete
    Replies
    1. යකඩෝඔඕ...මෙයා මට දෝස්මුරේ දාලා තියෙන්නේ හරියට එයා දවස ගානෙම ලියනවා වගේනේ...අනේ අම්මපා... :ඔ
      ඒක නෙමේ, කොහොමෙයි ඉතින් වාස දේස එහෙම?

      Delete
    2. හහ් මම දවස්ගානෙම ලියනවා තමා.. හැබයි බ්ලොග් නෙමේ ඊ-මේල්... හෙහ් හෙහ්...

      වාසෙ දේසෙ ඔහොම තමා සයුරි...දැහැමින් සෙමෙන් ගෙවෙනවා.. කොහොමද දැන් පොඩි තැන එහෙම.. ?

      ලංකාවේ පැත්තෙ එන්නෙ එහෙම නැද්ද ? ආවොත් අපිව බලලා යමන් හරිය ??

      Delete
    3. පොඩි තැනට නම් මේ දවස්වල හරි වැඩ...සමර් ඇවිත් නිසා. ඔව් ඔව් හැබැයි ඉතින් සෙන්නා අඳුර ගන්නේ කොහොමද කියලත් කියන්න ඕනේ..

      Delete
    4. පාරේ යද්දී ඇඟේ හැපුනත් මොකෝ දන්න එකක් යැයි මේ සෙන්නා කියලා...

      Delete
  12. subama suba aluth awuruddak wewa.......awuruddatama meaka witharamada koheda :P

    ReplyDelete
    Replies
    1. හෙහ්...,යනවා යන්ට. තව එකක් මග එනවා... :ප්
      එල කොලූ ටත් සුබ අලුත් අවුරුද්දක් :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...