Monday, April 20, 2015

දේසේ හැටියට වාසේ

හඳ අල්ලපු රට යනු මහම මහ විපිරියාස රටකි. සීතල රටක් විදියට ප්‍රසිද්ධ උනත් මේකට සීතල රටක් යයි කටක් ඇර කියන්නට බැරිය. සීතල තියෙන්නේ එක කාලයකට විතරය. ඒ නොවැම්බර් සිට පෙබරවාරි දක්වාය (නැතහොත් වින්ටර් එකේ ය :p). ඒකත් නුවර එළියේ වගේ සුව දායක සීතලක් නොවේ. නස්තාර් වෙන්නම සීතලය.

අපි මේ හිටපු ටික කාලයට කිසිම වින්ටර් එකක් එක සමාන උනේ නම් නැත. එක වතාවක් "බ්ලිසාර්ඩ්" කියා එකක් ඇවිත් අඩි ගණනක හිම තට්ටුවක් අතුරා, පාසල්, විශ්ව විද්‍යාල, කාර්යාල සියල්ලම වසා දමන තැනට කටයුතු සිද්ධ කෙරුවේය. ඊ ළඟ වතාවේ Polar vertex කියලා එකක් සිද්ධ වී පැත්ත පලාතම අයිස් වලින් වහලා ගල් කර දැම්මේය (මෙන්න ඒ ගැන මම ලියපු හැටි).

මේ වතාවේ නත්තල් ඉවර වෙන තුරුත් හිම පොදක් දකින්න නොලැබුන නිසා "මේක නම් නියම වින්ටර් එකක්" යයි කියමින් සතුටින් පසු වෙද්දී ඇත්තටම "නියම වින්ටර් එක" ආවේය. සෙල්සියස් සෘණ 20 ටත් එහා උෂ්ණත්වය පහළ බැස අපට පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට අවස්ථාව සළසා දී ඒ මදිවාට එය මාර්තු ඉවර වන තුරුම ඇද්දේය. ඔන්න ඔය විදියට හැම වින්ටර් එකකම මොකක් හෝ ගිනි ගෙඩියක් දෙන්නේය. අපිටත් දැන් එහෙම දෙයක් නොවුනොත් නිකන් පාළු ගතියක් දැනේ.



ඉතින් වින්ටර් ඉවර උනාට පසු හොඳ සෞම්‍ය කාලගුණයක් උදා වනු ඇතැයි ඔබ සිතනු ඇත. එව්වා හඳේ ය (හාවා ලිඳේ ය). යන්තම් අප්‍රේල් මාසයේ විතරක් මල් පිපෙන්නට, දළු දමන්නට (ගස් වල හොඳේ) සෞම්‍ය කාලගුණයක් උදා වී ඉන්පසු මේක සවුදි අරාබියක් බවට පත් වන්නේය. සමර් එකේ දී උෂ්ණත්වය අනිවාර්යෙන් සෙල්සියස් 40 පනී. ඒ දාහය නිවා ගන්නට මිනිසුන් බුරුතු පිටින් පූල් වලට පනී.




කාලගුණය ගැන කිව්වොත් ඉතින් එහෙමය. ඉතින් වින්ටර් එකේ වගේම සමර් එකෙත් කටු කකා ඉන්න ජනතාවට dessert එක හැටියට ටොර්නේඩෝ, හේල් වැනි ඒවා හම්බ වෙන්නේ ය. මේ තියෙන්නේ සුළි කුණාටු ගැන මම ලියපු පෝස්ටු ය. වහින්නෙත් එහෙමය. වගේ වගක් නැතිව ඉඳ හිටි ගමන් පණ කඩාගෙන වහී. හරියට අපේ සොමී තාලම්පට ගනහවා වගේ ය.  එකක් ගහන්නට අමතක උනොත් ඒකට හරියන්න ඊ ළඟ වතාවේ දෙකක් ගසයි.

මේවා ඉතින් ලෝක සොබාවය යැයි කියා හිත හදා ගැනීමට පුළුවන. එහෙත්...මේ ගිය සතියේ දවසක මහ දවල් හඳ පායා තිබුණි. හඳ මාමා පායන්නේ රෑට යැයි අප කුඩා කල අසා තිබුනද එව්වා මෙහාට වලංගු නැත. දේසේ හැටියට බාසේ වෙනස් විය යුතුය. එහෙයින් දැන් අපට පොඩ්ඩන්ට කියා දෙන්නට වෙන්නේ, හඳ මාමා රෑටත් පායනවා, හිතුනහම දවල්ටත් පායනවා යි කියාය. 

ඉතින් හඳ අල්ලපු රට යනු අන්න එහෙම රටකි. 

53 comments:

  1. ඒකෙත් හැටි නේද.. මෙහෙ නම් දේශගුණය ඒ අතින් හරිම යහපත්,, උතුරු ප්‍රදේශයට මාසයක් විතර ටිකක් හිම වැටෙනවා ,, සමස්ථයක් විදියට නොවෙම්බර් ඉදලා පෙබරවාරි අග වෙනකල් සෙල්සියස් 6 හෝ අවම 3 ක් වගේ යන දේශගුණයක් තියෙන්නේ.. සමර් එකත් 35 ක් වගේ වෙනවා කාලාතුරකින් රටේ පහල කොටස වෙච්ච එලාත් වලට 40 වගේ වෙනවා.. ජීවත්වෙන්න ඉතාම හිතකර යි අපි වගේ නින්දට ආස අයට විශේෂයෙන්,,,

    ගහේ ෆොටෝ එක හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හ හා....නිදාගන්නනම් ඔය කොයි දේශගුනෙත් හොඳයි ඔමා :) බලාගෙන ගියාම කාන්තාර රටක් කියලා කිව්වට එහෙම නෑ වගේ නේද?

      Delete
  2. ඇයි බන් ඔහාට වෙලා දුක් විඳින්නේ...
    මෙන්න මෙහාට ඇවිත් වැඩක් පලක් කරගෙන හිටියනම් හරිනේ...

    මටත් ඔය අධික හීතලයි, අධික රස්නෙයි දෙකම හරියන්නේ නැහැ...
    සෞදි හිටපු කාලේ ඔය දෙකෙන්ම බැට කෑවා, රස්සේ කාලෙට 50+. 60 කිට්ටුවට යන වෙලාවලුත් තියෙනවා. ඒ මදිවට ෆොග් එක... මළ කරුමයක්.

    හීතල කාලෙට 0 කිට්ටුව + හුළං... ඒ කාලෙට මට කැස්ස, සෙම වගේ මොකක් හරි මගුලක්...

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ...60 කිට්ටුව? කරෝල වෙන්නේ නැති එක පුදුමයි. 0 නම් ඉතින් අවුලක් නැහැ ඒ තරම්.

      Delete
    2. 60 කිට්ටුව එච්චර අවුලක් නැහැ, අපි ඉන්නේ ෆුල් ටයිම් AC එකේ නිසා, ඒත් පාරවල් වල සයිට් වල වැඩ කරන මිනිස්සු අපා දුකක් විඳිනවා ඇත්තේ
      එළියට බැහැල පොඩ්ඩක් ඇවිදිද්දී තේරෙනවා කන් දෙක එහෙම පිච්චෙනවා වගේ.

      ///0 නම් ඉතින් අවුලක් නැහැ ඒ තරම්.///
      ඒත් සයුරි පට්ට ස්පීඩ් හුළඟත් එක්ක 0 ත් ටිකක් අවුල්...

      Delete
    3. ඔය හුළගත් එක්ක එද්දී ඇත්ත උෂ්ණත්වෙටත් වඩා අඩුවෙන් තමා අපිට දැනෙන්නේ...ෆීල්ස් ලයික් එක...

      Delete
  3. මරු.. ඒත් හැමදාම ඉන්න නෙවේ.. දවස් ගානකට ගිහින් ඉදල එන්න...

    ReplyDelete
    Replies
    1. අන්න හරි...අපි නුවරඑළියේ යන්න කැමතිත් දවසකට දෙකකට විතරනේ...

      Delete
  4. හිම, සීතල, සිසිරය, වසන්තය මේව අල්ලන් ලස්සන ලස්සන කවි ලීවට ඇත්තටම මුහුණ දෙන එක නම් ඒ තරම්ම සුන්දර නැහැ වගේ... නුවරඑළියෙ මල් තුහින ගැන ලියැවුණු ලිපියක් දැකල මම කවියක් ලිව්වා.. මෙන්න මෙහෙම....

    සොඳුරු ද... මල් තුහින...

    සොඳුරු ය මල් තුහින
    ඇසඳුන් තවරන
    සිසිරයේ විසිරෙන
    උණුසුම් මඳහසට
    පෙම් බැඳ ඉගිල්ලී ආ
    ආගන්තුක සියොතුනට...

    කටුක ය බෝම මේ
    කටු අනින සීතල
    අකුරට ඇදෙන
    ළපැටි පා පොඩි
    යදමින් වෙළාලන........

    කඩා වැද වගා බිම් මත
    හිතුවක්කාර තුහිනය
    සොරා ගන්නෙය රුදුරු ලෙස
    දහදිය කඳුළු අප
    අඳුරට ගොදුරු කර
    කැදැල්ලේ සොඳුරු මඳහස

    මල් තුහින වැස්සේ
    මල් මදිරා නුරා දැහැනේ
    වෙළී පැටලී උණුහුම අයදිනා
    ආගන්තුක සියොතුනේ
    ඔබට මෙන්...

    නිවනක් නොවේ
    මේ බිම අපට
    උරුම කරුමැති ජීවිත
    ඇසිල්ලක හෝ නිවනා...........

    ReplyDelete
    Replies
    1. සොඳුරු මල් තුහින
      තෙමෙන මෘදු තණ මත
      තුරුල් වී උණුහුමක
      පා තබා හෙමිහිට
      ඇවිදලා යන්න
      ඈත අනන්තයට
      මටත් ඇත හීනයක්
      තවම ඉටු නොවුණු......

      Delete
    2. ලස්සන වගේම තමා ඒකට යටින් තියන කටුක බවත්. අක්කා ඒක ලස්සනට ලියලා තියනවා.
      මනෝජ් : හීනෙ සැබෑ වෙන්න කියලා පතනවා හොඳේ

      Delete
  5. ඉතින් සිතල කාලෙට හීටර් දාගන්න
    රස්නේ කාලෙට ඒසී දාගන්ට
    උන් හිටි ගමන් අපිටත් දවල්ට හඳ පේනවා.දවල් තරු එහෙම දැකලා නැතිද සයුරිලා.:D

    ReplyDelete
    Replies
    1. ගේ ඇතුලේ ඉන්නකන් ඉතින් එහෙම පුළුවන්. එලියට බහිනකොට ? :0

      දවල් තරුත් පෙනෙයි මෙහෙම යනකොට මනෝජ්..

      Delete
  6. ඔය සීසන් එකිනෙකින් ඉතා වෙනස්ව තිබීමේ මටනම් ආසම හිතෙනදේ තමයි, හැමදාම එකවිදිහට කම්මැලි නැතුව වෙනස්වෙන එක, ඇඳුම් , ගමන් බිමන්, විනෝදය, රස්සාව, නිවාඩු , කෑම බීම ආදී හැම එකේම පොඩිවෙනසක් හරි සීසන් එකෙන් සීසන් එකට වෙනස්වීම

    ReplyDelete
    Replies
    1. http://omageheena.blogspot.co.il/2015/04/spring-arrived.html මේ මං දවස් දෙක තුනකට කලින් ලියපු ඒ වගේ පෝස්ට් එකක්

      Delete
    2. Pra : ඔව් ඔව්, නොකිව්වට මටත් ඕකට හිත යටින් කැමැත්තක් තියනවා.. මමනම් වැඩියෙන්ම කැමති වසන්තයට තමා. හරිම ජීවයෙන් පිරුණු කාලයක් ඒක. මැරිලා හිටපු තණකොළ ගහ පවා ලස්සන කොළ පාටට ඔලුව උස්සද්දී ගස් පුරාම මල් වලින් වැහිලා යද්දී, හිම දිය වෙලා ගලන දිය පාරවල සද්දේ ඇහෙද්දී අමුත්ම හැඟීමක් දැනෙනවා හිතට. හැබැයි ඉතින් වසන්තේ අගේ තේරෙන්න නම් වින්ටර් එකත් එන්නම ඕන...

      තෑන්ක්ස් ඕමා

      Delete
  7. හෆ්ෆා සයුරි අක්කා දැකපු කල්.. ඉතිං කොහොමද?
    සුභ අලුත් අවුරුද්දක් වේවා ඉස්සෙල්ලාම ඈ.. හඳ නම් ඉතිං පෙළක් වෙලාවට ඔය මෙහෙත් දවල්ට තියනවා.. හඳ අල්ලපු රටට එන්න මගෙත් ආසාවක් තියනවා. බලමුකෝ ඉස්සරහට...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා අඟහරුස්....එන්න එන්න, ඔය මම කියපු තරම්ම නරක නෑ මෙහෙ

      Delete
  8. puh menna thawa post ekak :P......rajinage rate nam thathwe tikak withara wenas...mona wunath lankawe wage nehene itin kohewath....

    ReplyDelete
    Replies
    1. ah btw apita nang issara hithena hithena welawata handa paayanawa witharak nemeyi api handata yanawath :P

      Delete
    2. හෙහ්. ඔයා මට කින්ඩි දැම්මනේ අවුරුද්දටම එකයි කියලා...ඕන් තව එකක් දැම්මා.
      ඔව් ඔව් අපි දන්නවා, රෝල් කරපු මල් පාවිච්චි කරන අයට හඳ තියෙන්නේ මේ අත ළඟ කියලා.

      Delete
  9. සැපසේ දුක් විඳිනව නේද

    ReplyDelete
    Replies
    1. ඒක නං පට්ට කමෙන්ටුව...
      සොකලට් බාල්දියක්ම එවන්ට හිතෙනව ඒත් ගුණසිංහ මහත්තයට දියවැඩියාවද මංද

      Delete
  10. හම්මේ ඉතිම් නේ....
    එතකොට ඔබා අංකල්ල එහෙම කොහොම පන් එකක් ගන්නවද දන්නෑ නෙහ්
    ඔබාය කීවෙ මේ බැරැද්ද උන්නහේට හොදේ

    ReplyDelete
    Replies
    1. බැරැද්ද බැරැක්ක විදියට වෙනස් වේවා

      Delete
    2. ඔබා අන්කල්ට කියලත් වෙනසක් නෑ නේ ඉතින්...හිහි

      Delete
  11. සීසන් වෙනස් වෙන එක හොඳ පැත්ත තමයි. හැමදාම බලාපොරොත්තුවක් තියෙන එක. හැබැයි ඇඳුම් තමයි ප්‍රශ්නේ. දන්නවනේ ඉතින් පොඩි උන් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙද්දී. දැන් නම් එහෙම කරදරයක් නැහැ. ඔන්නොහෙ පෙරලිච්ච පැත්ත හොඳයි කියලා හිතල හඳට ගලක් ගහල හුවකුත් කියන්න සයුරි

    ReplyDelete
    Replies
    1. හඳට ගල් ගහනවා කිව්වම මතක් උනේ මොරවක් කෝරලේ කට්ටිය :) හඳට හූ කිව්වෙත් ඒ ගොල්ලොමද කියලනම් මතකයක් නෑ

      Delete
  12. අපිටත් ඉතින් ඔහොම තමයි ලොකූ.. මේ ගමන තාමත් හීතලයි.. එපා වෙනවා එක වෙලාවකට..

    ReplyDelete
    Replies
    1. අප්පේ තාමත් හීතලද? :O

      Delete
  13. සීතලට මම නම් හරිම කැමතී. රස්නේ මට පෙනෙන්ට බෑ. ගොඩක් අය කියලා තියෙනවා වගේ සෘතුවල වෙනස්කම් තියෙන එකම කොච්චර දෙයක්ද?

    ඔය 'හඳ අල්ලපු රටේ' කොයි හරියද?:D

    ReplyDelete
    Replies
    1. හිහි....ගොඩක් හරියවල් මෙහෙම තමා නේ ඉතින්....මීටත් අන්ත හරියවල් තියනවලු හැබැයි

      Delete
  14. මමත් හරිම අාසයි ඔය විදිහ පැති වලට.... දැනුත් අමාරුවෙන් ඒ වගේ පැත්තක් හොයාගෙන ජීවත් වෙනවා....... නියමයි

    ReplyDelete
    Replies
    1. ඒ කොයි පැත්තේද කුරුටු?

      Delete
  15. හතලිහේ රස්නෙ නං එපාවෙනව.

    ReplyDelete
  16. මොකද බං මේ කොයි වෙලාවෙත් හඳ අල්ලපු..හඳ අල්ලපු ..කියන්නෙ..කොහේද හඳක් ඇල්ලුවෙ? ඒ තනිකර බොරුවක්නෙ කරල තියෙන්නෙ....:)

    නීල් ගොයිය අභාවප්‍රාප්ත වෙච්චි වෙලාවෙ මම ලියපු අතීතාස්මරණය මේ.

    ReplyDelete
    Replies
    1. හෑ...එහෙම නෙමෙයිද එතකොට. ආ...එක අතකට මුන් හඳ ඇල්ලුවේ නෑ නේ...පෑගුවා මිසක්. හඳ පාගපු රට කිව්වනම් කෝමද?
      මමනම් හිතන්නේ ඕක බොරුවක් නෙමේ කියලා අප්පා.

      Delete
    2. ඒක බොරුවක් නෙවෙයි සයුරි....ඇමරිකාව ඇත්තටම හඳට ගියයි කියලයි මම හිතන්නෙ…..මම ඔය ලින්ක් එක දාපු පෝස්ට් එකෙත් මම ඒක කියල තියනව. මම කමෙන්ට් එකේ අරම කිව්වෙ ඔයාගෙ ලේ රත්කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන්...හෙහ්,හෙහ්,

      Delete
    3. තියන්න වටින්නේ නැහැ මුන්දව...:)

      Delete
  17. //සෙල්සියස් සෘණ 20 ටත් එහා උෂ්ණත්වය පහළ බැස අපට පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට අවස්ථාව සළසා දී ඒ මදිවාට එය මාර්තු ඉවර වන තුරුම ඇද්දේය

    දියුනුවේ රහස ඊරිසියාව නොව උත්සාහයයි! මම එ්ක දන්නව.... හැබැයි දැං ඉන්න condition එක යටතේ මේක කියවනකොට.... අනේ මන්ද

    ReplyDelete
    Replies
    1. මොකද්ද අලියා ඒ කන්ඩිෂන් එක?

      Delete
  18. මම හිතන්නේ ඕකුන් හඳ අල්ලන්න ඇත්තේ ඔහොම දවල්ට පායපු වෙලාවක වෙන්නෝනා,...,

    ReplyDelete
  19. //මහ දවල් හඳ පායා තිබුණි// හඳ අල්ලපු නිසා වෙන්න ඇති දවල්ටත් හඳ පායන්නේ. ඔයත් ඉතිං හාවා හඳ දකින්න වගේ පොස්ට් එකක් දැම්මනේ.

    ReplyDelete
    Replies
    1. හෙහෙ...මාසේකට එකක්වත් දාගන්න තමා ට්‍රයි කරන්නේ :)

      Delete
  20. මෙච්චර කාලගුණ විපර්යාස මැද්දෙත් ඒ මිනිස්සු හඳ ඇල්ලුවා. අපි තාම කටින් හඳේ බතල හිටවනවා

    ReplyDelete
    Replies
    1. කාලගුණ විපර්යාස නැති නිසා අපේ අය කම්මැලි කමට ඔහේ ඉන්නවනේ..

      Delete
  21. “මම මොනව කළත් ඒකෙ වැරැද්දක්මයි දකින්නෙ. උදව් කළත් බනිනවා. නොකළත් බනිනවා. අවවාද දුන්නත් බනිනවා. නොකලත් බනිනවා. සයුරි කාලගුණේටත් බනිනවා. ඇයි මිනිස්සු මෙච්චරටම මට බනින්නෙ ?“ හඳ අල්ලපු රට මගේ කණ අතගාල ඇහුවානේ.

    ReplyDelete
    Replies
    1. හිහි...එක අතකට පව් නේද හඳ අල්ලපු රට

      Delete
  22. ගුටි කන්නේ නැතුව ආපහු රාජාවලියට බහිමුද...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...