වැඩි දවසක් නොගිහින් රජතුමාට තේරුණා කරගත්ත මෝඩ කමේ තරම. ලන්දේසින් එක්කත් යුද්ධ ඇති වෙන්න පටන් ගත්තා. මේ වෙද්දී පෘතුගීසි කාලයේ තිබුනාට වඩා වැඩි බිම් ප්‍රමාණයක් උඩ රටට අයිති වෙලා තිබුණා, මුහුදුබඩ ප්‍රදේශ ත් ඇතුළුව. ඒ ලන්දේසීන්ගේ වැඩි අවධානය තිබුනේ කුරුඳු වෙළඳාම ගැන නිසා.
මේ අතරේ ලන්දේසීනුත් පෘතුගීසින් කළා වගේම පාසල් ඇති කරන්නත් ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන්නත් පටන් ගන්නවා. විශේෂයෙන්ම කතෝලික ආගම මර්ධනය කරන්නත් පටන් ගන්නවා. සිංහලයින් ආගමට හරවන ව්‍යාපාරයට රජු තදින්ම විරුද්ධ උනා.
ලන්දේසීන් උඩරටට අයිති ප්‍රදේශ අල්ලා ගන්න පටන් ගන්නේ 1659 දී කල්පිටියට පහර දීමෙන්. මේ කාලයේ රජුට විරුද්ධව අභන්තර කැරලි ත් හටගත් නිසා ලන්දේසීන් ට හැකි වෙනවා විශාල භූමි ප්‍රදේශයක් අයිති කරගන්න.
මේ ලන්දේසි කරදරෙන් මිදෙන්න රජතුමා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජාතිකයින්ගේ සහය පැතුවත් ඔවුන්ගේ ප්‍රහාර සාර්ථක වෙන්නේ නැහැ. ලන්දේසීන් ඔවුන්ව පළවා හරිනවා. කොහොමින් කොහොම හරි ක්‍රි. ව. 1675 දී රාජසිංහ රජතුමා ලන්දේසීන්ට විරුද්ධව විශාල සටනක් දියත් කරලා නැවතත් ඔවුන්ගෙන් විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කර ගන්නවා.
දෙවෙනි රාජසිංහ රජතුමා ගැන කියන්න තවත් වැදගත් කාරණයක් තියනවා. ඒ තමයි, මධුරා පුරයෙන් නායක්කර් වංශික බිසවුන් ගෙන්වීම ආරම්භ කරන්නේ මෙතුමා වීම. මේ සිරිත හින්දා පස්සේ කාලෙක සිංහල රජ පෙළපත නායක්කර් වංශිකයින් අතට පත් වෙනවා. ඒ ගැන ඉතින් ඉස්සරහට කතා කරමුකෝ.
ඉතින් මෙතුමා ගේ පුතා තමයි ඔහුගෙන් පස්සේ විමලධර්මසූරිය II (ක්‍රි. ව. 1687 - 1707) නමින් රජ වෙන්නේ. ඔහු පොඩි කාලේ මහණ වෙලා හිටියා ලු. ඒ කාලයේ උපසම්පදා කරන්න තරම්වත් භික්ෂුන් හොයාගන්න හිටියේ නැහැ ලු ලංකාවේ. ඉතින් ඔහු බුරුමයෙන් උපසම්පදා භික්ෂූන් ගෙන්වලා ශාසනය රැක ගන්න කටයුතු කරනවා. ඒ වගේම දළදා මාළිගා භූමියේ තෙමහල් ප්‍රාසාදයක් සාදවා දළදා වහන්සේ තැන්පත් කිරීමට රන් කරඬුවකුත් තනනවා.
මේ ආගමික කටයුතු කරන්න ඔහුට නිදහස් වාතාවරණයක් ලැබෙන්නේ ඔහු ලන්දේසින් එක්ක ගෙන ගිය සාමකාමී ප්‍රතිපත්තිය නිසා. ඔහුගේ කාලය සටන් නැති සාමකාමී කාලයක්. ඒ වගේම ලන්දේසීන් ඔවුන්ට යටත්ව තිබුණු සමහර ප්‍රදේශ උඩරට ට බාර දෙනවා. හැබැයි මේ ලිහිල් ප්‍රතිපත්තියෙන් හොඳ වගේම නරක ප්‍රතිඵලත් ලැබුණා. රජතුමාට හිතවත් වෙච්ච "ගොන්සාල්වේස්" පියතුමා ඔහුටත් විශේෂයෙන්ම මී ළඟ රජු වන ඔහුගේ පුතාටත් තෑගි බෝග දෙමින් මත්පැන ට නැඹුරු කරවමින් තමන්ගේ පැත්තට නම්මා ගන්නවා. අනෙක් සිංහල රදළයින්ට මේක රුස්සන්නේ නැහැ. මේ නිසා රාජ සභාවේ අභ්‍යන්තර ගැටුම් ඇති වෙන්නත් පටන් ගන්නවා. රාජ්‍ය පරිපාලනය අවුල් වෙන්න මේක ලොකු හේතුවක් උනා කියලයි මට හිතෙන්නේ.
ඉතින් විමලධර්මසූරිය රජු ගේ බිසව උනෙත් තමන්ගේ පියා අනුගමනය කරමින් මදුරාවෙන් ගෙන්වාගත් බිසවක්. ඒ වගේම ඔහුගේ අන්තිම කාලයේ තමන්ගේ පුතා වෙච්ච කුණ්ඩසාලේ කුමරුටත් මදුරාවෙන් කුමාරිකාවක් ගෙන්නලා දෙන්න කටයුතු කළා.
ඒ වෙද්දී මේ නායක්කර් වංශිකයින් පදිංචි වෙලා හිටපු වීදියක්ම මහනුවර තිබුනලු කුමරුප් වීදිය නමින්.
කුණ්ඩසාලේ කුමරු ගැන කියනවනම් ඔහු ඉතාමත් කෙළිලොල්, ස්ත්රීන්ට ලැදි කෙනෙක්. මේ සෙල්ලක්කාර ගතිය නිසා ඔහු "සෙල්ලම් නිරිඳු" කියලත් හැඳින්වුනා.

උඩින් තනාලා උඩ නෙත්ති මාලේ
බිමින් තනාලා බිම නෙත්ති මාලේ
සදා පොල් පුවක් ගඟ දෙපස දෑලේ
සෙල්ලම් නිරිඳු වඩනා කුණ්ඩසාලේ
ඉතින් මේ සෙල්ලම් නිරිඳු සිංහලේ රජ වෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි. ව. 1707 - 1739) කියන නමින්. මේ තමයි ලංකාවේ අවසන් සිංහල රජතුමා. එහෙම උනේ කොහොමද කියලා අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.
මෙතුමාට විරුද්ධව ඔහුගේ අර්ධ සොයුරෙක් කියලා කියන "පට්ටිය බණ්ඩාර" කැරලි ගැසුවත් ඒක සාර්ථක උනේ නැහැ. අවසානයේ පට්ටියබණ්ඩාර ට මරණ දඬුවම හිමි වෙනවා.
හැමෝම අහල ඇති නේද මේ ප්රශස්ති ගීතය?
වරමාතී සුභ චරිතේ...ලංකා පතී
නරේන්ද්‍රසිංහ...භූ පතී
රාජ රාජ සම තේජභි රාමා - ත්‍යාජ කාම රණ භූෂණ සෝමා
වාදිත කුල දෘති වන්තභි රාමා - නරේන්ද්‍රසිහ නර නායක භූමා
මෙන්න මේ ප්රශස්තිය නරේන්ද්‍රසිංහ රජතුමාට කියපු එකක්.
එහෙනම් අදට නවතිමු. ඊ ලඟට ලංකා ඉතිහාසයේ කඳුලින් අවසන් වුනු තවත් පෙම් පුවතක් බලාපොරොත්තු වන්න.
බීමත් කම අන්තිම නරකයි.. හරිම සරලයි කියවන්න පහසුයි අද කොටහ... ස්තුතියි ටීච
ReplyDeleteපික්ෂුද? මේ කියන්නෙ රජාලගෙ බීමත්කම ගැන. උඹ රාජ කුමාරයෙක් නෙවි නම් ඒව අදාල නෑ, වෙරි වෙන්න වොරි වෙන්න එපා. හැක්.
Delete//බීමත් කම අන්තිම නරකයි//
Deleteහැක හැක
:)
මං ආසයි ඉතිහාසයට...
ReplyDeleteබෝම සන්තෝසයි :)
Deleteකඳුලින් නිමාවූ ?
ReplyDeleteඔව් ඔව්
Deletegreat
ReplyDeleteThank you
Deleteනරේන්ද්‍රසිංහ රජ්ජුුරුවො ගැන නම් එක එක විදියෙ කතා අහල තියෙනව. එයා රජකමට පත්වෙන්නෙත් ඉතාම අඩුවයසෙන් 17 දි වගේ කියල නේද කියන්නෙ. එයාගෙ හොඳම මිතුරා උනු දස්කොන්-ගැස්කොන් අධිකාරමත් එක්ක රජුගෙ බිසවක් වුණු ප්‍රමිලා බිසවගෙ තිබුණය කියන ආදර සම්බන්ධය සෑහෙන ප්‍රසිද්ධ ආදර අන්දරයක් නේ - විජාතික සම්භවයක් තිබුණු දස්කොන්ට ලබාදීපු ඉහළ තනතුර ගැන උඩරට රදලයො අසතුටින් හිටියය, ඒ නිසා ඒක කුමන්ත්රණයක්ය කියලත් අහල තියේ. කොහොම උනත් සයුරි මේ කාල වකවානුව ගැන තවත් ලියනවය කියල තියෙන නිසා ඉදිරි ලිපියත් බලමුකෝ...
ReplyDeleteඅර මොහොන් රාජ් මඩවලගෙ ලොවීනා කතන්දරෙත් පටන්ගන්නෙ මේ රජාගෙ ඔය හුටපට ගොඩෙන්. සයුරි කියවලත් ඇති ඒ පොත.
"ලොවීනා" නියම පොත.
Deleteඔව් නේ. අඩු වයස හින්දම වෙන්නැති ඔහොම උනේ. දස්කොන් ප්‍රමිලා කතාව තමා ඊ ගාවට එන්නේ DDT :) ලොවීනා ගැන අහල තිබුනත් කියවන්න ලැබිලා නෑ තාම
Deleteඉතාමත් ආශාවෙන් කියෙව්වා.
ReplyDeleteබොහොම ස්තුතියි චින්තක
Deleteනියමයි...ඔය දස්කොන්-ප්‍රමිලා-නරේන්ද්‍ර තුන්කොන් ආදර අන්දරය ගැන මගේ වෙනම කියවීමක් තියනව. වෙලාවක ඒ ගැන ලියන්නම්කො සවිස්තරව...
ReplyDeleteස්තූතියි මහත්මියනි...:)
හප්පේ එකත් එහෙමද? එහෙනම් ලියමුකො බලන්න අපිටත් දැන ගන්නත් එක්ක. දෙකක් නෑ කරකොලා අත ඇරියා වගේ තියෙයි. :)
Deleteela
ReplyDeleteතැන්ක්ස් :)
DeleteEla machan...
ReplyDeletePhone eke sinhala awul...
Ape mee harak rajawaru pitarata walin genu genaapu eka ratata loku henayak unaa...
Wenada wagema asaawen kiyewwa...
Sthuthiy Sayuri...
එකට කමක් නා මචන් :) මගෙත් සිංහල අවුල් ගිහින්.
Deleteඑක තමයි. හරියට අපේ රටේ ගෑනු නැතුව වගේ
This comment has been removed by a blog administrator.
ReplyDelete