Saturday, January 21, 2012

ඡන්දස රැක ගමු සඳැස ට රස දී


හුඟ කාලෙකින් කවියක් ලියන්නත් බැරි උන නිසා අද මට හිතුනා කවි ගැන ලිපියක් ලියන්න. කවි, හරියටම කිව්වොත් සඳැස්, ගැන කතා කරද්දී නිතරම ඇහෙන වචන දෙකක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ.

මට ඉස්සර ඉඳලම තිබුණු ප්‍රශ්නයක් තමයි මේ ඡන්දස සහ විරිත කියන්නේ මොනවද කියන එක. එහෙන් මෙහෙන් කවි ලිව්වට මම නම් මේවයේ තේරුමක් හරියටම දැනගෙන හිටියේ නැහැ. ඉතින් මට හිතුණා පොඩ්ඩක් මේ ගැන හොයල බලන්න. අන්තර්ජාලයෙනුත් අපේ මාමණ්ඩියගෙනුත් තාත්තාගෙනුත් තරමක් කරුණු එකතු කරගෙන ඒවා අධ්‍යයනය කරාට පස්සේ මට පුළුවන් උනා  සෑහෙන තරමකට හොඳ, පිළිගන්න පුළුවන් කියලා හිතෙන නිගමනයකට එන්න. ඉතින් ඒ ගැන දැනගන්න ඔයාලත් කැමතිනම් මාත් එක්ක පාඩමට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා :)

                                     ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මුලින්ම කියන්න ඕන මම කියන දේවල් වල වැරදි තැන් තියෙන්නත් පුළුවන්. ඒවා කාටහරි පෙනුනොත් නිවැරදි කරන්න කියලත් ඉල්ලනවා.

හරි. මුලින්ම මොකක්ද මේ "ඡන්දස" කියන්නේ? සරලව කිවුවොත් ඡන්දස කියන්නේ පද්‍යයක/සඳැස ක "ආකෘතිය" ට. එහෙම නැත්නම් "සැකිල්ල" ට. උදාහරණයක් විදියට වෙසක් කූඩුවක් ගැන හිතන්න. මුලින්ම අපි කරන්නේ සැකිල්ල හදන එක. කවියක් (පහසුව පිණිස සඳැස වෙනුවට කවිය යන වචනය ඉදිරියට භාවිතා කරමි. එය වැරදි බව මම දනිමි :) හදනකොට ත් අපි සැකිල්ලක් හදා ගන්නවා. කවියේ පද වලට කොච්චර මාත්‍රා ගණනක් දානවද? කොච්චර අකුරු ගණනක් දානවද? කියන දේවල් තීරණය කරාම තමයි සැකිල්ල සම්පුර්ණ වෙන්නේ. සැකිල්ල හදා ගත්තට පස්සේ එයට වචන, එලි වැට, එලි සමය, යතිය ආදිය එකතු කරාම සම්, මස්, නහර පිරි ජීවමාන සඳැස ක් බිහි වෙනවා.

ඉතින් මෙන්න මේ සැකිලි වලට තමයි ඡන්දස කියන්නේ. එතකොට "විරිත" ?

කලින් කියපු ඡන්දස නම් සැකිල්ලට එලි වැට, යතිය සහ වචන නම් සම්, මස් එකතු කර බිහි වන කවියේ, "තාලය / ලතාව" අනුව ඒවා වර්ගීකරණය කරන්න පුළුවන් (එකම ඡන්දසයෙන් බිහි උනත් යතිය යොදන ස්ථාන සහ ලඝු, ගුරු අක්‍ෂර පිහිටවන පිළිවෙල අනුව කවියක ලතාව වෙනස් වෙනවා. හරියට එකම විදියේ සම්, මස්, ඇට තිබුනත් මිනිසුන්ගේ ගතිගුණ එකිනෙකට වෙනස් වෙනවා වගේ). අන්න ඒ කියපු වෙනස් විදියේ තාල/ලතා වලට තමයි විරිත කියන්නේ. ලිපියේ ඉදිරියේදී මේක තවත් හොඳින් උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිළි කරලා තියනවා.

හරි, නැවතත් ඡන්දස ට. ඡන්දස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. "ලෞකික ඡන්දස" සහ "වෛයිදික ඡන්දස" ලෙස. වෛයිදික ඡන්දස අදාළ වෙන්නේ "වේද මන්ත්‍ර බන්ධනය" ට. ඒ නිසා අපි මේ ලිපියෙදි ඒ ගැන කතා කරන්නේ නැහැ. කාව්‍යය බන්ධනය ට අදාළ වෙන ලෞකික ඡන්දස ගැන තමයි අපි කතා කරන්නේ. 


ලෞකික ඡන්දසය ත් කොටස් දෙකකට බෙදෙනවා. "ඝන/වර්ණ ඡන්දස" සහ "මාත්‍රා ඡන්දස" ලෙස. මෙයිනුත් සිංහල කවිය සමග වඩාත්ම සම්බන්ධ වෙන්නේ මාත්‍රා ඡන්දස. වර්ණ ඡන්දස ගොඩක් දුරට භාවිතා වෙන්නේ සංස්කෘත කාව්‍ය වල දී. ඒත් වර්ණ ඡන්දස ගැනත් මම පසුව කියන්නම්. මුලින්ම මාත්‍රා ඡන්දස ගැන බලමු. 

                                      ~~~~~~~~~~ මාත්‍රා ඡන්දස ~~~~~~~~~

මෙහිදී කරන්නේ කවියක සැකිල්ල, කවියේ පද වලට යොදන මාත්‍රා ගණන අනුව තීරණය කිරීම. උදාහරණයක් විදියට කවි පදයකට මාත්‍රා 2 ක් පමණක් යොදන ක්‍රමය ට කියන්නේ "සඳ ඡන්දස" කියලා.

ඒ -
වී -
පේ -
වී -

මේ කවියේ පද හතරේ තියෙන්නේ ගුරු අකුරු (ගුරු අකුරකට මාත්‍රා 2 යි) 4 ක්. '-' භාවිතා කලේ අකුර ඇදෙන බව පෙන්වන්න. මේ කවිය අයිති වෙන්නේ "සඳ" ඡන්දස ට කියලා පැහැදිළියි නේද? ඒ වගේම මේක අයිති වෙන විරිත තමයි "සිරි විරිත". මාත්‍රා 2 පෙන්වන්න ගුරු අක්‍ෂරයක් යොදා ගත් නිසා තමයි එය සිරි විරිත ට අයිති වෙන්නේ. මේ කවියත් බලන්න...

කමු
බොමු
තුටු
වෙමු

මේකෙත් එක පදයක තියෙන්නේ මාත්‍රා 2 යි. ඒ නිසා "සඳ" ඡන්දස ට අයිති විය යුතුයි. හැබැයි මාත්‍රා දෙක පෙන්වලා තියෙන්නේ ලඝු අකුරු දෙකකින්. එනිසා මේක "සිරි" විරිත ට අයිති නැහැ. මෙය අයිති වෙන්නේ "ස්ත්‍රී විරිත" ට.

මේ කියපු උදාහරණයේදී විරිත් වර්ග උනේ ලඝු, ගුරු අක්‍ෂර පිහිටීම අනුව. අපි තවත් උදාහරණයක් බලමු.

විදි විහිගුම් සමුදුර වෙරළත හමුව
සුරපුර බිම බට මෙන් වඩවන ළමුව
සැදි පලරම් විසිතුරු ගෙඋයන් සුමුව
දකු මනරම් සව් සිරි පිරි තොට ගමුව     - තොටගමු වැනුම, සැළලිහිණි සංදේශය

මේ කවියේ මුල් පදය ගමු

වි දි වි | හි ගුම් _ | ස මු දු | ර වෙ ර | ළ ත හ | මු ව _

මෙහි මාත්‍රා 18 යි. (අදාළ ඡන්දසයේ නම නොදනිමි. X ඡන්දසය යයි කියමු). ඒ වගේම මෙය අයිති වෙන්නේ "සමුද්‍ර ඝෝෂ විරිත" ට.  දැන් අපි බලමු සමුද්‍ර ඝෝෂ විරිතට අයත් වෙන්න නම් කවියට තියෙන්න ඕන අමතර ලක්ෂණ මොනවද කියලා. එය තීරණය වෙන්නේ යතිය යොදන ස්ථාන වලින් (විරාම තබන ස්ථාන). සමුද්‍ර ඝෝෂය ට අයිති වෙන්න නම් 10 වන මාත්‍රාව ලඟින් සහ 18 වන මාත්‍රාව ලඟින් යතිය යෙදිය යුතුයි. එනම් "සමුදුර" යන වචනය ගායනා කර විරාමයක් තැබියයුතු අතර "හමුව_" ගායනා කර අනෙක් විරාමය තැබිය යුතුයි. මේ විදියට විරාම තියන්න හැකි විදියට කවිය ලිව්වොත් පමණයි එය සමුද්‍ර ඝෝෂ විරිතට අයත් වෙන්නේ. දැන් බලන්න මම කලින් ලියපු සයුරු මැදට බඹු අතහළ බිම කවි පන්තියෙන් ගත්ත මේ කවි පද දෙක...(පොඩ්ඩක් වෙනස් කරා)

සුනිල රුවට පැහැය දිදුල පිලක             සිකී
සොඳුරු මෙ බිම බැඳි අනුහස කිමද        සකී

මේකෙත් එක පදයක තියෙන්නේ මාත්‍රා 18 යි. ඒ නිසා මෙය අයිති වෙන්නෙත් X ඡන්දසය ට මයි. ඒත් 10 වන මාත්‍රාවෙන් යතිය තියන්න පුළුවන්ද? බැහැ නේද? මාත්‍රාව කැඩෙන්නේ "පැහැය දි" කියන තැනින්. එතනින් විරාමයක් තියලා මේ කවිය ගායනා කරන්න බැහැ. ඒක නිසා මෙය සමුද්‍ර ඝෝෂ විරිත ට අයිති වෙනවා කියලා කියන්න බැහැ.


විරිත් සඳහා තවත් නිදසුන් බොහොමයක් තිබුනත් දැනටමත් ලිපිය දිග වැඩියි වගේ පේන නිසා වෙනම ලිපියක වත් දාන්නම් (කැමති අය ඉන්නවනම් :)

දැන් එහෙනම් වර්ණ/ඝන ඡන්දස ගැනත් කියන්නම්.

                                     ~~~~~~~~~~ වර්ණ ඡන්දස ~~~~~~~~~~

වර්ණ චන්දස වැඩිපුර භාවිතා වෙන්නේ සිලෝ නම් පද්‍ය වර්ගයේදී. මෙහිදී සළකන්නේ මාත්‍රා ගණන නොවෙයි, ඝන පිහිටුවන ආකාරය. ඝන ගැන සවිස්තරාත්මක ලිපියක් "හද පතුල" බ්ලොගයේ තියනවා. එහි සංක්ෂිප්තයක් තමයි මේ

'ම' ගණය - ගුරු/ගුරු/ගුරු (උදා : ආවාරා)
'න' ගණය - ලඝු/ලඝු/ලඝු (උදා: සතොස)
'බ' ගණය - ගුරු/ලඝු/ලඝු (උදා: භාතිය)
'ය' ගණය - ලඝු/ගුරු/ගුරු (උදා: පරාටා)

'ජ' ගණය - ලඝු/ගුරු/ලඝු (උදා: වනාත)
'ර' ගණය - ගුරු/ලඝු/ගුරු (උදා: සෝබනා)
'ස' ගණය - ගුරු/ගුරු/ලඝු (උදා: සෝපාක)
'ත' ගණය - ලඝු/ලඝු/ගුරු (උදා: තුටිනා)

ඝන ඡන්දසයකදී කවියට පිහිටවිය යුතු ගණ වර්ග සහ පිළිවෙල නිශ්චිතව තීරණය කරනවා. මම දන්න විදියට නම් මෙහිදී එක ඡන්දසයකට විරිත් කිහිපයක් වැටෙන්නේ නැහැ. මොකද මාත්‍රා වලදී වගේ නෙවෙයි, ඝන පිහිටවන විදිය තීරණය කරාට පස්සේ කොහොම ලිව්වත් යතිය තබන ස්ථාන වත් ලඝු, ගුරු අක්ෂර පිළිවෙල වත් වෙනස් වෙන්න විදියක් නැහැ. එනිසා ඡන්දසය සහ විරිත ට මෙහිදී එකම නමක් තමයි කියන්නේ.

එවැන්නකට උදාහරණයක් තමයි "මාලනී විරිත". මේ විරිතේ/ඡන්දසයේ නිතිය තමයි ඝන පිහිටන්න ඕනේ 'න' 'න' 'ම' 'ය' 'ය' කියන පිළිවෙලට. මේ විරිතට ලියවුනු සිලෝ වර්ගයට අයත් කවියක් තමයි "නන්දා මාලිනී" ගයන...ඔබ මට කුමුදෙක්‌මැයි ගීය. බලන්න එහි ඝන පිහිටන ආකාරය...
සැ. යු. - ලඝු අකුරක් සමග හල් අකුරක් යෙදෙන විට එය ගුරු අකුරක් ලෙස ගනී.

ඔ  බ  ම       |  ට  කු  මු      | දෙක්  මැයි  ලා_  |  ස ඳේ_  රෑ_ | පි  පී_  ආ_
'න' ගණය      'න' ගණය      'ම' ගණය              'ය' ගණය       'ය' ගණය 
                           
ඝන ඡන්දසයකට තවත් නිදසුනක් තමයි "වසන්ත තිලකා විරිත". අපි කවුරුත් දන්න "ජය මංගල ගාථා" නිර්මාණය වෙලා තියෙන්නේ ඒ විරිතෙන්. එහි ඝන පිළිවෙල තමයි 'ත', 'බ', 'ජ', 'ජ', ගුරු 2 .

බා_ හුං ස   |  හස්  ස ම  |  භි නිම් මි     |  ත සා යු  | ධන්  තන්
'ත' ගණය      'බ' ගණය    'ජ' ගණය     'ජ' ගණය    ගුරු 2 


ජය මංගල ගාථා ගැනත් වෙනමම පෝස්ට් එකක් දාන්න හිතෙනවා. පස්සේ බලමුකෝ.

එහෙනම් ඉතින් ඔන්න ඕකයි ඡන්දස සහ විරිත ගැන මම තේරුම් ගත්ත විදිය. පද්‍යය ගද්‍යයෙන් වෙන් කරන්නේ ඡන්දසයෙන් කියල කියනවනේ. ඡන්දස නැත්නම් එතන සඳැසක් නැහැ. එතකොට තියෙන්නේ නිසඳැසක්. ඒ ගැන මට හිතෙන්නේ මෙහෙමයි

ඡන්දස රැක ගමු සඳැස ට රස දී - නැතිනම් එම සඳ නිසඳැස උපදී


ප. ලි. - ඒත් කවියක රිද්මය ඇඟට දැනෙන කෙනෙකුට කවි ලියන්න මේ දේවල් එකක් වත් දැන ගෙන ඉන්න ඕන නැහැ කියන එකයි මගේ හැඟීම. කවියක් ලියද්දි ඉබේම කවියට ඡන්දසයකුත් විරිතකුත් ලැබෙනවා..

54 comments:

  1. වෙනද වගේම වැදගත් ලිපියක්..ඉතින් මං ඉඳල හිටලා කවියක් ලිවුවත් මේ මොනවත් දැනගෙන හිටියේ නැහැ නේ.ස්තුතියි ගොඩාක්..

    ReplyDelete
  2. අඩේ අක්කා කවි ලියන්නේ රූල්ස් එකට නේ. මරු මරු.
    ඒකනේ අක්කාගේ කවි ලස්සනයි කියන්නේ.
    මේ දේවල් නම් දැනන් උන්නේ නෑ අක්කා.
    කවියේ නීති රීති ටික කිව්වා වගේම කවියක් ලිව්වා නම් පංකාදුයි.

    විඩින් විඩේ මතක් කරන කොට අක්කටත් එපා වෙන නිසයි කීවේ නැත්තේ. :)

    ReplyDelete
  3. අම්මෝ කවි ලියුවට මෙච්චර දේවල් දැනගත්තේ අද.

    ReplyDelete
  4. මමත් ඔහේ හිතට එන දේ කුරුටු ගානවා මිසක මේවා නම් මොනවත් දන්නෙ නම් නෑ නංගි. ගොඩක් ස්තූතියි මේ වටිනා සටහනට.

    ReplyDelete
  5. මටනම් ඒ කාලේ ඉඳලම නීරස දෙයක් තමා කවි. මට කවි ලියන්ඩත් බෑ.. ලියපුවා කියවන්ඩත් හරි කම්මැලියි.. අවංකවම ඔයාගේ මේ ලිපියත් මම උඩින් පල්ලෙන් තමා කියෙව්වේ. ( තරහා වෙන්ඩ එපා හරිද ) මට නොවැදගත් උනාට මේ ගැන උනන්දු වෙන අයට බොහොම වැදගත් කරුණු තියන ලිපියක් කියලා හිතෙනවා..

    උත්සහය ප්‍රශංසණීයයි...

    ReplyDelete
  6. ඇත්තටම මම නම් මේ කියනකල් මොනාත් ම දැනගෙන හිටියේ නෑනේ! ඔය ටිකෙන් කවියක් ලියලා ම පෙන්නුවා නම් නියමයි අක්කේ ! වටින ලිපියක්!

    ReplyDelete
  7. සඳැස් ලියනකොට මෙච්චර දේවල් හිතන්න ඕනද අක්කෙ??? අනේ මම නම් නිසඳැස්මයි ලියන්නේ.....:)

    ReplyDelete
  8. මමනම් කැමති "නිදහස් "කවියට... ඒත් රස විඳීමෙදි නම් ඕන එකක්..
    ලලිත ලවංග ලතා පරිශිලන කෝමල මලය සමීරේ
    මධුකර නිකර සුරංජිත කෝකිල කූජිත ගුල්ම කුටීරේ

    ( ගීත ගෝවින්දය - පරිවර්තනය-සුචරිත ගම්ලත්)
    මේ කවි ශාස්ත්‍රීයව පැහැදිළිකරගන්නෙ කොහොමද ?

    ReplyDelete
  9. හෆ්ෆොච්චියේ!!!! මම කවි ලියන්න කියවන්න ආසයි!! හැබැයි මෙහෙම රූල්ස් නම් දැනගෙන උන්නෙ නෑනෙ... ස්තූතියි අක්කේ!!

    ReplyDelete
  10. හප්පොච්චියේ මෙච්චර තියද...අදමයි ඇහුවේ....

    ReplyDelete
  11. @ අසරණයා : ස්තුතියි අසරණයා...කවි ලියන්න මේවා දැනගෙන ඉන්න ඕන නැහැ...:)

    @ මධුරංග : අපෝ නෑ මල්ලි..මම ලඟක් වෙනකන්ම මේ මොනවත් දැනගෙන ගිටියේ නෑ...කවි ලියන්න ඇත්තටම මේවා දැනගන්න ඕන නැහැ...කවියක් ලිව්වම ඒක ඉබේම මේ රූල්ස් වලට එකඟ වෙනවා...කවි ආකෘති මිනිසුන්ගේ ඇඟේ තියන දෙයක් නිසා නොදැනුවත්වම ඒවාට අනුව තමයි ලියවෙන්නේ...ඒක නිසා ඔන්න අමුතුවෙන් කවි ලියන්න දෙයක් නෑ හොඳේ :) මම ලියන කවි (සහ අනෙක් කවි ලියන අය ලියන කවි) යම්කිසි ඡන්දසයකට සහ විරිතකට කොහොමත් අයිති වෙනවා....:)

    ReplyDelete
  12. @ වර්ණා : :) මෙච්චර කල් ඔයා ලියපු කවි (සඳැස්) ඔයා නොදැනුවත්වම මේවා අනුගමනය කරලා තියනවා...

    @ Chandi: බොහොම ස්තුතියි අක්කා..ඇත්තටම ඔව් මමත් මේ කිසි දෙයක් දැනගෙන නෙමෙයි කවි ලිව්වේ...ඇත්තටම මේවා දන ගන්න ඕන නැහැ කවි ලියන්න...

    @ Senna : අයියෝ මොකට තරහ ගන්නද :) ඒක මම දන්නවා...මේක වැදගත් වෙන්නේ බොහොම සීමිත පිරිසකට..ඒත් කවදාහරි මේවා අපිටම අමතක වෙලා යන්න කලින් බ්ලොග් එකේ දැම්මේ පස්සේ කාට හරි ඕන උනොත් කවද හරි බලාගන්න පුළුවන් නේ :) මොකද මේ ටික හොයාගන්න මම කාපු කට්ට..හම්මෝ :(

    ReplyDelete
  13. @ ලහිරු : ස්තුතියි මල්ලි...ඇත්තටම මම කලින් ලියපු කවි (ඒ වගේම අනිත් ඕනෑම කෙනෙක් ලියපු සඳැස්) ඕන එකක් මේවාට එකඟයි...ඒක කවියක් ලියද්දි ඉබේම වෙනවා..

    @ Shani නංගි: හපොයි නැහැ...මේවා දැනගන්න ඕන නැහැ කවි ලියන්න :) කවියක් ලියනකොට ඉබේම මේවාට අනුකුලව තමයි ලියවෙන්නේ...

    @ Sumith Niriella : බොහොම ස්තුතියි ඔබේ සටහනට..."නිදහස්" කවිය කියලා ඔබ අදහස් කලේ නිසඳැස් ද? ශාස්ත්‍රීයව පැහැදිලි කරන්න තරම් මමනම් දැනුවත් කෙනෙක් නෙමෙයි :) ඒත් මේ තමයි මම හිතන විදිය. මේක වැරදි වෙන්න පුළුවන්.

    ල ලි ත ල |වං ග ල |තා_ ප රි |ශි_ ල න | කෝ_ ම ල | ම ල ය ස |මී_ රේ_

    මෙහි මාත්‍රා 28 යි. මම හිතන විදියට "මධු" ඡන්දසට අයිති විය යුතුයි. ඒක අයිති වෙන විරිතේ නම නම් මම දන්නේ නැහැ. මේ තියෙන්නේ මධු ඡන්දසේම පුණු අතිපුණු විරිතට අයත් කවියක පදයක්

    ති කු ළු | මී_ ඇ ස් | ග ගා_ | වි ල සින් | එ ක ක |ඳන් ව ට | ම නු වැ |රැද් ද_

    සුළු මැදුම් ලය (මාත්‍රා 3/4/3/4..)අනුවයි ඒක ගායනා වෙන්නේ..

    ReplyDelete
  14. @ හිතුවක්කාරි : අයියෝ හිතු, කවි ලියන්නවත් කියවන්නවත් මේ කිසි දෙයක් ඕන වෙන්නේ නැහැ :)...මාත් මේවා දැනගත්තේ ලඟදි...කවි ලියද්දි ඉබේම මේ රූල්ස් වලට හරි යනවා...මේ කරලා තියෙන්නේ ඒවා වර්ග කිරීමක් විතරයි..

    @ ~~තරූගේ ලෝකය~~ : ඡන්දස්, විරිත් වර්ග හෙන තොගයක් තියනවලු...මම නම් දන්නේ නෑ ඉතින් එච්චර

    ReplyDelete
  15. හරියටම හරි ගම්ලත්හු පැහැදිළි කරලා තිබුණෙත් ඔය විධියටම තමයි.

    මම "නිදහස්" කවිය කිව්වෙ නිසඳැසට නෙවෙයි.

    නිසඳැස-සඳැස-සිව්පද-සැහැළි...වගේ කිසිම ආකෘතියක සිර නොවු
    ඒ සියල්ලම භාවිතා කරන අවශ්‍යනම් ගද්‍ය පාඨත් යොදාගෙන ලියන නිදහස් කවියට.

    (මේකේ Reply එක හරියට වැඩකරන්නෙ නෑනෙ)

    ReplyDelete
  16. @ Sumith Niriella : බොහොම ස්තුතියි ඔබට නිදහස් කවිය ගැන පැහැදිලි කරාට..කවිය මම පැහැදිලි කරපු හැටි හරි කියලා දැනගන්න ලැබීමත් සතුටක්...

    "රිප්ලයි" එක වැඩ කරන්නේ නැහැ :( හදන්න ට්‍රයි කරාට හරි ගියේ නැහැ නේ..

    ReplyDelete
  17. හප්පේ.. මෙච්චර දවසක් එක එක විදිහේ කවි නිර්මාණ කලාට මේ ගැන දැනන් හිටියේ නෑනේ.. මම ලියන ඒවයේ නම් මේ විරිත් එකක් වත් නෑ කියලනම් මට ශුවර්...

    ReplyDelete
  18. ගොඩක් වටින් ලිපියක් ස්තුතියි.

    ReplyDelete
  19. මටනම් වටිනවා

    ReplyDelete
  20. ඔයාගෙ වටින ලිපිවලට තොරතුරු හොයාගන්න වැයකරන කාලය ගැන මට පුදුම හිතෙනවා.... රාජාවලිය ලියන්නත් කොච්චර කාලයක් මිඩංගු කරන්න ඕනද... මේකත් ඒ වගේ.... ඔයාට ගොඩාක්ම ස්තුතියි මේ ලිපිවලට....
    මම කවි ලියන්න දන්නෙ නෑ... කියවන්න, තාලයට ගායනා කරන්න විතරයි දන්නෙ..... ඒත් හිත රිදුනම නම් නිසඳැස් 'වගේ එව්ව' ලියැවෙනවා ඉබේම... :D

    ReplyDelete
  21. වටින ලිපියකි. "ප.ලි" යෙන් පිබිදියෙමි. :D

    ReplyDelete
  22. මගේ බ්ලොගේ කමෙන්ට් එක හරහා ආවෙ..

    කවි පාඩමක් නේද?
    ඕ ලෙවල් වලට පස්සෙ කවියක් ලිවුවෙත් නෑ..ඒ කාලෙ නම් කවි ලියලා සහතිකත් තිබුණා..
    නොලියා ඉඳලමද කොහෙද ඒක මොට්ට වෙලා ගිහිල්ලා..

    ReplyDelete
  23. @ දිනේෂ් : ඔයා එහෙම හිතාගෙන හිටියට ඔයාගේ කවි වලත් ඡන්දසයක් තියනවා මල්ලි, ඔන්න බලන්න ඔයාගේ මේ කවිය...මාත්‍රා කැඩෙන හැටි,


    + + අ පි |හැ ගුම් _ ව| ල ට ඉ ඩ |දී _ මො හො |තක් _
    + + ඉ ඩ |ල බා _ ග | නි මු ත ර|මින් _ වි ය | තක් _
    හ ඳ පා _ නේ _ | ම ද අ දු රේ _
    අත් _ ප ට ලා _ | ය මු ආ _ යේ _

    මාත්‍රා 16
    මාත්‍රා 16
    මාත්‍රා 12
    මාත්‍රා 12

    මේවා සිව් පද නොවුනට "ගී" කියන වර්ගයට අයිති පද්‍ය. ඒවාටත් ඡන්දසක් සහ විරිතක් තියනවා :)) ඒ නිසා ඒවා නිසඳැස් ම නෙමෙයි..

    ReplyDelete
  24. @ පුංචි කුමාරිහාමි : ඔයාටත් ස්තුතියි කමෙන්ටුවට කුමාරිහාමි :)

    @ ලොකුජෝන් : එය මට සතුටක් :) ස්තුතියි කමෙන්ටුවට..

    @ මියුරු : බොහොම ස්තුතියි ඔයාට...ඔයාල මේවා කියවනවා දැක්කම ඒ වැය කරන කාලය ගැන කිසිම දුකක් දැනෙන්නේ නැහැ :) හැබැයි ලගදි ඔෆිස් එකෙන් නම් මාව එලවයිද දන්නෙ නෑ..හි හි..හිත රිදුනම නිසදැස් නොලියා කවියක් ලියන්න බලන්නකෝ.. ඉබේම ලියවෙයි එතකොට...

    ReplyDelete
  25. @ රසික : ස්තුතියි...ඔව්, ගොඩක් අය දාපු කමෙන්ට් නිසා ප.ලි කෑල්ල දාන්න හිතුනා :) මම කලිනුත් කිව්වා වගේ ඔයා ලියන විරිත් වල ගොඩක් විවිධත්වයක් තියනවා..හොඳ හැකියාවක් ඒක..

    @ හරී : බොහොම ස්තුතියි හරී මේ පැත්තේ ආවට..හප්පේ සහතිකත් තියන කෙනෙක්ද මේ කවි අමතක කරලා තියෙන්නේ :) ඔන්න මම ඉල්ලීමක් කරනවා ආපහු ලියන්න පටන් ගන්න කියලා....

    ReplyDelete
  26. @ දිනේෂ් මල්ලි : හයියෝ මට වැරදිලා නේ..මම ඔයාගේ බ්ලොග් එකෙන් කවියක් කියලා අරන් තියෙන්නේ ඇත්ත සින්දුවක්නේ...:(

    ReplyDelete
  27. @සයුරි :වික්ටර් සීයාගෙන් ගුටි කන්නයි ඔය හදන්නෙ.. :)

    ReplyDelete
  28. අක්කා ආර්ට් ද කරේ... , මන් හිතට එන කවි සමහර වෙලාවට ලියනවා .. එත් මෙහෙම එකක් දැනන් හිටියේ නැනේ

    ReplyDelete
  29. @ හරී : ඒක නේන්නං...පස්සෙනේ මීටර් උනේ :)

    @ රහස් : අනේ නෑ මල්ලි...ආර්ට් කරානම් මේ එකකටවත් ආස හිතෙන එකක් නැහැ සමහරවිට...

    ReplyDelete
  30. කවි සම්ප්‍රදාය සහ ඡන්දස් අලංකාරය, විරිත් භාවිතය පිළිබඳ ඉතාමත් වටිනා කාලෝචිත ලිපියක්. බ්ලාග් වල කවි පිටුවක් තියන අයට ඔබේ මේ උපදෙස් ඉතාම වැදගත්, හොඳ මග පෙන්වීමක්.මේ ගැන තවත් දිගටම ලියන්න කියලා ඔබට ආරාධනයක් කරන්නත් කැමතියි. මේ පිළිබඳව තවත් විස්තර ලියන්නට හිතනවා නම්
    පණ්ඩිත වැලිවිටියේ සෝරත හිමියන්ගේ "එළු සඳැස් ලකුණ" (1969)අවසන් මුද්‍රණය පොතත් උන්වහන්සේගේම කල්ප ලතා ව්‍යාඛ්‍යා සහිත "කව් සිළුමිණ" ‍පොතත් ( 1949) මුද්‍රණය හොයාගන්න පුළුවන්නම් ඉතා හොඳයි.මේ පොත් දෙකේ කාව්‍ය සහ ගී සම්ප්‍රදාය පිළිබඳ සම්පූර්ණ විස්තර නිදසුන් සහිතව නිරවුල්ව දක්වලා තියෙනවා.

    ඒ හැරුනු විට උන්වහන්සේම ලියූ "සසදාවත" සහ" මුවදෙව්දාවත" යන පොත් වලත් සියළුම කාව්‍ය විරිත් මාත්‍රා යෙදිය යුතු සම්ප්‍රදායන් ගැන දීර්ඝව ඉතා පැහැදිලිව විස්තර වෙනවා.

    තවද, මෑත කාලයේ ප්‍රවීන ගිත රචක සුනිල් ආර් ගමගේ ලියූ " නූතන ගීයේ සාම්ප්‍රදායික ලක්ෂණ" (2003 ) මුද්‍රණය පර්යේෂණ කෘතියේද මේ කාව්‍ය සහ ගී විරිත් , මාත්‍රා යෙදිය යුතු ආකාරය කවියේ ඡන්දස ගැන සරළව ගීත ඇසුරින් විග්‍රහ කර තිබෙනවා.

    ඔබ තැබූ මේ පියවරට මගේ සුබ පැතුමද එකතු කරනවා. දිගටම ලියන්න මෙය හොඳ අත්දැකීමක් වගේම අභ්‍යාසයකුත් වේවි.

    ReplyDelete
  31. අම්මෝ සරලව කියෙව්වත් සංකීරණ වැඩක්නෙ කව් කියන්නෙ.

    ReplyDelete
  32. @ දයානන්ද රත්නායක : බොහොම ස්තුතියි ඔබට, මේ වටින උපදෙස් වලට..මේ පොත් හොයාගන්න තියනම් ඒක ලොකු දෙයක්. විශේෂයෙන්ම එළු සඳැස් ලකුණ. ඒත් ආපහු ලංකාවට ආපු දවසක තමයි ඒක කරන්න වෙන්නේ...මේක තැපෑලෙන් වත් ගෙන්න ගන්න ක්‍රමයක් දන්නවනම් අපිව දැනුවත් කලොත් ලොකු උදව්වක්..

    @ Shaggy : හි හි...එහෙම පෙනුනට එහෙමම නෑ Shaggy :)

    ReplyDelete
  33. හම්මේ අක්කා මාව අමාරුවේ දාන වැඩනේ කරන්නේ.. හොද වෙලාවට පස්සේ නිවැරදි කිරිම දාලා තියෙන්නේ...

    ReplyDelete
  34. හි හි...මට පොඩි අමුත්තක් තේරුණා මුලිනුත්, හැබැයි වැඩිය හිතුවේ නැහැ...කමෙන්ට් එකත් දාලා ටික වෙලාවකින් තමයි මතක් උනේ ඒක සින්දුවක් කියලා...:))

    ReplyDelete
  35. මම ගොඩාක්ම කවි කිව්වේ බ්ග් මැච් කාලෙට...ගොඩාක්ම කියන්නේ ඔක්කොම ඉතින් කුනුහබ්බ කවි නේ ....ඒ උනාට යමක් උගෙන ගත්තේ කවි ගැන මේ ලිපියෙන්....ස්තූතියි හැමදාමත් කරන මේ දැනුවත්කිරීමට....කොහොන්ද අප්පා මේ විස්තර....යනකොට කවි ගැන..ඉතිහාසේ ගැන පොත් ගොඩක්ම අරං ගියාද දෑවැද්දට.....

    ReplyDelete
  36. අනේ මන්ද? කවි ලියන්න ආසාවක් තිබුන.ඒත් මෙච්චර නීති රීති දැනන් හිටියෙනම් නැහැ.හැබැයි අන්තිමට කියල තිබුන දේ දැක්කම තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉණුවෙ.
    "ඒත් කවියක රිද්මය ඇඟට දැනෙන කෙනෙකුට කවි ලියන්න මේ දේවල් එකක් වත් දැන ගෙන ඉන්න ඕන නැහැ කියන එකයි මගේ හැඟීම. කවියක් ලියද්දි ඉබේම කවියට ඡන්දසයකුත් විරිතකුත් ලැබෙනවා.."

    ගොඩාක් මහන්සි වෙලා තියෙනව.ස්තූතියි.

    ReplyDelete
  37. මරදානෙ ගොඩගේ පොත් සමාගම පැරණි සාහිත්‍ය පොත පත නැවත මුද්‍රණය කිරීමේ වැඩසටහනක් කළා. ඒ වැඩ සටහන තුළින් මේ පැරණි පොත් ටික නැවත මුද්‍රණය කල බව මගේ මතකයේ තියෙනවා. හැබැයි ඒත් ටික කාලෙකට කලින්. අයෙ ඒ පැත්තෙ ගිය වෙලාව බලලා නිවැරදිම තොරතුරක් දෙන්නම් මම මේ පොත් ටික හොයාගත්තෙත් මරදානෙ පරණ පොත් විකුණන කඩයකින්.
    සුනිල් ආර් ගමගේ ගේ පොත නම් නුගේගොඩ සරසවි බුක්‍ ෂොප් එකේ තිබුණා.

    ReplyDelete
  38. @ ඔබ නොදුටු ලොවක් : හප්පේ ඒකත් එහෙමද? තව ටික දවසකින් මෙයා "ඔබ නොඇසූ ලොවක්" කියලා බ්ලොග් එකක් හදලා ඔය කවි ටික දාවිද දන්නේ නැහැ

    @ සිහින මතකයන් : ඔව් කවුරුත් ඔය ගැන අහල තිබුන නිසා අන්තිමට ප.ලි. කොටස දැම්මේ :) ඇත්තටම මේවා දැනගෙන ඉන්න ඕනම නැහැ..බොහොම ස්තුතියි අදහසක් දීලා ගියාට

    @ දයානන්ද රත්නායක : බොහොම පිං ඔබට. ආපහු ගිය වෙලාවක මේක (එළු සඳැස් ලකුණ)තැපෑලෙන් ගෙන්න ගන්න ක්‍රමයක් ගැන තොරතුරක් දුන්නොත් ගොඩක් පිං. මම ලංකාවට ලඟදි යැවෙන එකක් නැති නිසා. වෙබ් එකේ නම් හොයල බැලුවා. නැහැ වගේ.

    ReplyDelete
  39. ඇත්තමයි..මම දැනං හිටියෙ නෑනෙ කවි ලියන්න මෙහෙම දේවල් තියනවා කියලා. සයුරි අක්කා ලියන කවි ලස්සන ඒ වගේම පැහැදිලි මේ විදිහට ලියන හින්දා තමයි ඉතින්. මාත් මේ ලිපියෙන් ගොඩක් දේවල් දැනගත්තා කවි ගැන.
    කවි ඉතිහාසය ගැනත් ලියන්න.ඒවයෙනුත් ගන්න ගොඩක් දේවල් තියනවනෙ.

    ReplyDelete
  40. melooo deyak therenne na
    kavi walin therune school yana kale peeenthuwa kiyapu kavi thamyi.

    ReplyDelete
  41. කියවන්න පොඩි උත්සාහයක් දරල, ආයෙමත් අත ඇරල දැම්ම :-))

    ReplyDelete
  42. @ අපි වගේ : බොහොම ස්තුතියි මල්ලි. කවි මුලාශ්‍ර නැති එක තමයි ප්‍රශ්නේ :( බලමුකෝ ඉස්සරහට...

    @ kingkusa : "peeenthuwa kiyapu kavi" කියන්නේ මොනාද?

    @ ඔබා මාමා : අයි නෝ...අයි නෝ :))

    ReplyDelete
  43. //ඡන්දස රැක ගමු සඳැස ට රස දී - නැතිනම් එම සඳ නිසඳැස උපදී//

    මේක තමයි මට ගොඩක් වෙලාවට වෙන්නේ කවියක් ලියද්දි ඒක නිසඳැසක් වෙනවා ඒත් ඉතින් ලද දෙයින් සතුටු වෙනවා මමනම්.අද තමයි කවි ලියන්න මෙච්චර සෙල්ලමක් දාන්න ඕනේ කියලා දැනගත්තේ...බොහෝම ස්තූතියි ඈ

    ReplyDelete
  44. @ ගැමියා : ආ..නිසඳැසක් කියන්නෙත් කොච්චර වටින දෙයක්ද මල්ලි..සැලෙන්න එපා..දිගටම ලියන්න :) ස්තුතියි කමෙන්ටුවට..

    ReplyDelete
  45. අලේ මන්දන්ලෑ... ආයෙ කියවන්න ඔනෙ තේරුම් ගන්න... කවි ලියන්න මෙච්චර ගේමක් දෙන්න ඕනෙ කියල මම දන්නෙ අදනෙ. ගණ පිහිටුවීම ගැන එහෙම කලින් අහල තියෙනව, ලොකු දැනුමක් තිබුනෙ නෑ... බොහොම විටින ලිපියක් ජය ශ්‍රී...!!!!

    ReplyDelete
  46. @ මන්ඩිපාල : මේවා මුකුත් හිතන්න ඕන නෑ අලේ..රසවත්ව ලියනවනම් ඉබේම මේවට අනුකුලව තමා ලියවෙන්නේ...ස්තුතියි මල්ලි..

    ReplyDelete
  47. මාරයි නෙ අක්ක!!!!!!!......අද කාලෙ අලුත් සින්දු වලට ලිරික්ස් ලියන එවුනුත් මෙහෙම වෙන්ඩෑ ලියන්නෙ.ඒකනෙ උන්ගෙ සින්දු ටකරමට ගල් නෙවේ මෝටාර් ගහනව වාගෙ කියන්නෙ

    ReplyDelete
  48. @ එල කොල්ලෙක් : ඒක නේන්නම්...එයාල ඉතින් තනුව දුන්නම නේ වචන දාන්නේ ගොඩක් වෙලාවට..

    ReplyDelete
  49. අප්පච්චියේ මම මෙව්වා එකක්වත් දැනගන උන්නේ නැ, මම ලියන කවි හොදද , ඒ ගැන මොකද හිතන්නේ, ඇත්තම කියනවද . මම කැමතියි දැන ගන්න

    ReplyDelete
    Replies
    1. හප්පේ..නෑ නෑ මේවා දැනගන්න ඕන නෑ කවි ලියන්න. :) මම මේ නිකමට ලිව්වේ කට්ටියට දැනගන්න. හිතේ හැටියට ලිව්වම එච්චරයි නේ...:))

      Delete
  50. ගණ ගැලපීම් අනුව ශබ්දවෙන වචන වල ලොකු ශක්තියක් තියනව මම පුංචි උදාහරණයක් කියන්නම් හිතල බලන්නකො
    චන්ද්රිකා කුමාරණතුංග මැතිණිය ජනාධිපත් වෙච්චි වෙලාවෙ දාපු පාඨය මතකද
    "පස්වසක නව දැක්ම නව සිය වසක පෙර දැක්ම" ඒත් ඒක ගණ වලට කඩල බලන්නකො
    පස්.ව.ස/ක.න.ව/දැක්.ම
    ඒ කියන්නෙ පස්වස කනව දැක්ම කියල... හිටපු ජනාධිපති තුමිගෙ බෝම්බයක් නිසා ඇහැකි කණවුණා කියල කියන්න දෙයක් නැහැනෙ බලන්නකො වැරදි ගණ පිහිටීමක් කරපු විපතක්

    ReplyDelete
    Replies
    1. හැබෑ නේන්නම්..අන්තිමට කන උනා නේ :) ඒකෙත් හැටි

      Delete
  51. බොහොම අගෙයි.. සතුටුයි සයුරි.. ඔබේ.. උත්සාහයට..
    එළු සඳැස් ලකුණේ විග්‍රහයට අනුව.. දැනගත් පරිදි සමුද්‍ර ඝෝෂ විරිතේ යතිය පිහිටුවන්නේ 10වෙනි මාත්‍රාවේ සහ පාදයේ කෙළවර බවයි මගේ මතකය.. ඒ වගේම මාත්‍රා ගනණ 18 හෝ 19 වුවත් එය සමුදුරුගොස් විරිතට අයත් විය හැකියි..

    ReplyDelete
    Replies
    1. චතුර, මේ විෂය ගැන හොඳින් දන්නා ඔබ වගේ කෙනෙක් මේ පැත්තට ආපු එක ගැන බොහොම සතුටුයි. මේ ලිපිය ලියද්දි ඝන වර්ග ගැන හොයද්දි මට හද පතුල බ්ලොග් එකත් හමු උනා. (ලින්ක් එකකුත් දාලා ඇති :)

      සමුද්‍රඝෝෂ විරිත ගැන ඔබ කියපු දේ බොහෝ විට හරි ඇති. මට එළු සඳස් ලකුණ කියවන්න ලැබිලා නැහැ. අන්තර්ජාලයෙන්ම හොයාගත්ත ටිකක් තමයි මේ ලිව්වේ. බොහොම ස්තුතියි ඒ ගැන කිව්වට.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...