Tuesday, January 24, 2012

හොර අත්සන



ජීවිතේට කී පාරක් හොර අත්සන් ගහලා තියනවද? කියලා මම ඇහුවොත් කැම්පස් ගිය කෙනෙක්නම් කියාවි "අනන්ත සංඛ්‍යාවක්" කියලා. මමත් ඉතින් ඕක ඕන තරම් කරලා තියනවා.

අපේ ඩිපාර්ට්මන්ට් එකේ නම් සමහර ලේක්චරර්ස් ලා අපේ ඇටෙන්ඩන්ස් ගත්තා. ලෙක්චර් එක පටන් ගනිද්දී කොලයක් එවනවා නම ලියලා අත්සන් කරන්න. ඒ දවස්වල ඕක මහ වදයක් වෙලා තිබුනේ. හරි ගානට ඇටෙන්ඩන්ස් තිබුනේ නැත්නම් ෆයිනල් එක්සෑම්  එකට ලියන්න දෙන්නේ නැහැ කියලා නීතියකුත් දාලා තිබුනා.  ඔය නීතිය දාන්න හේතුවක් වෙලා තිබුනේ ළමයිගේ ලෙක්චර්ස් කට් කිරිල්ල තමයි. ඇයි දෙයියනේ 50 ක් ඉන්න පන්තියේ 30 ක් විතර අඩු උනාම අහු වෙන්නේ නැතුව තියේවිද. හැබැයි අපේ කට්ටිය හැම ලෙක්චර් එකම මේ විදියට කට් කරේ නැහැ. එක පාරක් මැත්ස් සබ්ජෙක්ට් එකකට හරී තරුණ, ලස්සන මැඩම් කෙනෙක් දාලා හිටියා. හප්පා...ඒකෙදි ගෑණු ළමයිට හැමදාම වාඩි වෙන්න උනේ අන්තිම පේලියේ. මොකද අපේ කොල්ලෝ සෙට් එක කුකුලත් අතින් අරන් ඇවිත් ඉස්සරහම පේලි වල වාඩි වෙන හින්දා. අපේ කැම්පස් එකේ එහෙමකට ලස්සනයි කියලා කියන්න පිරිමි ලේක්චරර්ස් ලා නම් හිටියේ නැහැ.

එක සැරයක් ටිකක් දරුණු සබ්ජෙක්ට් එකක් උගන්නන්න විසිටින් ලෙක් කෙනෙක් ආවා. හපෝ..මුල් විනාඩි 10 විතරයි ඇහැරගෙන ඉන්න පුළුවන් උනේ. එකාට එකා කවර් වෙලා නිදි. සර් ටත් මේක මීටර් වෙලාද කොහෙද ලෙක්චර් එක මැදදී ඉන්ටර්වල් එකක් දෙන්න පටන් ගත්තා. අන්න එතන තමයි සර් වරද්දගත්ත තැන. ඉන්ටර්වල් එකෙන් පස්සේ පන්තියට ආවේ සර් ගැන අනුකම්පා කරපු හතර පස් දෙනෙක් විතරයි. අන්තිමට ඔය වැඩේ අපේ ඩිපාර්ට්මන්ට් හෙඩ් ට ආරංචි වෙලා අපිට තර්ජනාංගුලියක් එල්ල කරා. ඊට පස්සේ ඉතින් බැච් රෙපා ළමයිට නොවඳිනා වැඳුම් වැඳලා ඉන්ටර්වල් එකෙන් ඉස්සෙල්ලා පන්තියේ ඉන්න ටික දෙනෙකුත් ඉන්ටර්වල් එකෙන් පස්සේ පන්තියේ ඉන්න තව ටික දෙනෙකුත් කැමති කරව ගත්තා. එතකොට ඉතින් මූණු වෙනස් උනාට ළමයි ගණනේ වෙනසක් තේරෙන්නේ නැහැ නේ.  අන්න එහෙමයි  එදා ඉඳං අපේ කට්ටිය සහයෝගෙන් තට්ටු මාරු ක්‍රමේට (මධුරංග ගේ වචනයක් :) ලෙක්චර්ස් ගියේ.




ඉතින් අර අත්සන් කරන නීතිය දාන්න ඔන්න ඕවත් හේතු උනා. ඒත් එහෙම දැම්මා කියලා ලෙක්චර්ස් කට් කිරිල්ල නවත්තන්න පුළුවන්ද? ඒකට හොයා ගතිපු පිළියම තමයි "හොර අත්සන්". ගොඩක් වෙලාවට ලෙක්චර් එකකට කලින් ලැබ් එක ඇතුලෙන් මෙන්න මේ වගේ කතා ටිකක් ඇහෙනවා..

"මචන් අද මට එන්න වෙන්නේ නෑ...මට අත්සනක් ගහපන්"
"අනේ මටත් ගහපන් බං"
"මටත්..මටත්"
"යකෝ මං කී දෙනෙක්ට ගහන්නදangry

"ශාලි..මට අත්සනක් ගහන්නකෝ"
"අනේ මට බැහැ..මම යන්නෙත් නැහැno talking
"හපෝ මුන් නම් නියම කෙල්ලෝ තමයි"

බැච් රෙපා : "අනේ මචන් 20 ක් වත් ඉන්න ඕන ලෙක්චර් එකට...නැත්නම් හෙඩ් මගේ ඔලුව කයි"

ඔන්න ඔහොමයි ඉතින් තත්වේ...

                                               ~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔන්න ඔය වගේ මම ලෙක්චර් එකට නොගිය දවසක මට හොර අත්සන ගහන්නම් කියලා අපේ වෙන්ඩ හස්බන්ඩ් ලෙක්චර් එකට ගියා. හැබැයි අපි දැනගෙන හිටියේ නැහැ ඔය වැඩේම තවත් හුඟ දෙනෙක් කරන්න හිතාගෙන ඉඳලා කියලා. ඉතින් එදා කට්ටිය අත්සන් ගහලා ඉවර උනාට පස්සේ කවදාවත් ඇටෙන්ඩන්ස් ෂීට් එකේ හරි වැරදි නොබලන සර් එදා කොලේ අතට අරගෙන ඒකෙ අත්සන් කරපු අයගේ නම් කියවන ගමන් එයාලට නැගිටින්න කිව්වලු. හප්පා...සිද්ධ වෙච්ච දේ කියන්න ඕන නැහැනේ ඉතින්. අන්තිමට සර් කියලා හොර අත්සන් ගහපු කට්ටිය හොර අත්සන් ගහන්න භාර දීපු කට්ටියවත් එක්කගෙන සර් ව හම්බ වෙන්න එන්න කියලා. ඉතින් ලෙක්චර් එකෙන් පස්සේ කට්ටියම ගියා සර් ගේ රූම් එක ලඟට. එතකොට තමයි අපි දැක්කේ ලෙක්චර්ස් කට් කරලා තියෙන්නේ ගැහැණු ළමයි බවත් එයාලට හොර අත්සන් ගහලා තියෙන්නේ එයාලගේ බෝයි ෆ්‍රෙන්ඩ් ලා බවත්...:)  කට්ටා ශශී ටත්, මගේ වෙන්ඩ හස්බන්ඩ් මටත්, ජයේ සමී ටත්..etc..etc..අත්සන් ගහල තිබුනා.

ඉතින් මුලින්ම රූම් එකට ගියේ කට්ටා යි  ශශී යි. දෙන්නා බොරුවක් ගහලා සර්ව ශේප් කරගෙන එලියට ආවා. ඊට පස්සේ අපේ වාරේ. මාත් ඉතින් මොකක්දෝ ලෙඩක් ගැන ලොකු බොරුවක් කියලා දැම්මා. සර් මේ ඔක්කොම බොරු බව දැන දැනත් ලාවට හිනා වේගෙන අහගෙන ඉඳලා අපිව එව්වා. අපි එලියට එද්දී තමයි සෝක් වැඩක් දැක්කේ..රූම් එක ඇතුලට යන්න ඉඳපු පෝලිමේ අන්තිමට තව කපල් එකක් ඉන්නවා..සුවඳ යි  බුද්ධික යි. හැමෝම හොර අත්සන් ගහල තිබුනේ තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ට. සුවඳා විතරක් බුද්ධික ට අත්සන ගහලා. හොඳම වැඩේ කියන්නේ බුද්ධික කිව්වෙත් නැතුවලු සුවඳා අත්සන ගහල තියෙන්නේ..big grin එදා ඉතින් ඒ දෙන්නත් කපල් එකක් හැටියට රෙජිස්ටර් උනා නිකන්ම.

53 comments:

  1. හොර අත්සන් කතා නම් එමටයි..මේක කොච්චර දරුණුද කියනවා නම් දවසක් ඔය අත්සන් කොලේ මගේ ළඟට එනකොට මගේ අත්සන වෙන කෙනෙක් ගහලා මට කලින්ම..

    ReplyDelete
  2. අනේ ඔය හොර අත්සන් නම් කීයක් ගහල ඇද්ද මමත් ... අපෙ ෆැකල්ටියෙ එක ලෙක්චරර් සර් කෙනෙක් බැරිම තැන නම් ලකුණු කරන්න ගත්තා පුංචි කාලෙ ඉස්කෝලෙ වගෙ... එතකොට තමයි ටිකක් හරි ඒ සර්ගෙ මොඩියුල් එකට ලමයි ආවෙ.... ඒ දවස්වල ලෙක්චර්ස් යන ලමයි නොයන ලමයි කියල රෙජිස්ටර් වෙලා හිටියෙ.. ඉතින් ලෙක්චර්ස් යන ලමයි අත අනිවා අත්සන් ලිස්ට් එකක් තිබුණා.. නොයන කෙනාට තියෙන්නෙ යන කෙනෙකුට කෝල් එකක් දෙන්න විතරයි ... හිහිහ්

    ReplyDelete
  3. හිකිස්... අපේ ලෙක්චරර්ස්ලත් දැන් බැරිම තැන නම් ලකුණු කරනවා.. සමහර දවසට ආයෙමත් සැරයක් }attendence sheet එක යවනවා හොර අත්සන් ගහපු අය ඒවා කපලා එවන්න කියලා.. ඒක තමයි නියමම වැඩේ.. හොර අත්සන් ගහපු අය අතේ මාට්ටුයි,. :D

    ReplyDelete
  4. මම හිතන්නෙ 80% බලන් කැම්පස් වල ඕක සුලභ දෙයක්..

    මම නම් ප්‍රතිපත්තියක් හැටියට හිතාගත්තා මම කාටවත් හොර අත්සන් ගහන්නේ නෑ..මට අත්සන් කරවාගන්නෙත් නෑ කියලා..අවුරුදු දෙකක් විතර ඇදන් ගියත් අන්තිමේදී ඕක අතාරින්න වුනා..

    ලෙක්ච‍්රස් යන එකා හැමදාම යනවා නොයන එකා කවදාවත් යන්නේ නෑ..යන එකාට නොයන දාකට අත්සනක් දාගන්න බල්ලෙක්වත් නෑ..ඕක තමයි අරවගේ ප්‍රතිපත්තියකට හේතු වුනේ..

    හොර අත්සන් ගැන කියද්දි මතක්වුනේ අපේ මල්ලිත් හොර අත්සනක් ගහලා තිබුනා..මිනිහා එක වසරට ගිය අලුතම වගේ..ගෙදර වැඩක් කරලා නැතුව අත්සන් කරන් එන්න කිව්වම මිනිහා කරලා තියෙන්නෙ ගෙදර ඇවිත් අම්මගේ අත්සන තියෙන ලියුමකින් හරි මොකකින් හරි අත්සන කපලා අලවලා..

    ReplyDelete
  5. හරි වැඩ තමයි නේද කැම්පස් වලත් වෙන්නේ... මටනම් ඔය අත්දැකීම් නැහැ...

    අනිත් එක චන්දෙ ඉල්ලන එකා චන්දෙ දාන්ඩ යනකොට උගේ චන්දෙත් දාලා තිබුන රටේ.. හොර අත්සන් ගැහිල්ල නිකන් කජු කනවා වගේ ඇති..

    ReplyDelete
  6. මාත් ගහලා තියෙනවා හොර අත්සන් ගුරු දෙගුරු සම්බන්ධතා පොත් වල, කලින් දවසේ ආපු නැති එක ලියල අත්සන් කරන් ඇවිත් නැතිව... :)

    ReplyDelete
  7. හරි සෝක් කතාව මරු...

    ReplyDelete
  8. බුද්ධිකයි සුවඳයි දෙන්නම කොල්ලොද? :-)

    ReplyDelete
  9. මැත්ස් ලෙක්චරර්ගෙ කතාව මේ දිනවල අපටත් හුරුපුරුදු අත් දැකීමක්! :D. හැබැයි බෝඩ් එකට ගෙන්නගන්නව! :D

    ReplyDelete
  10. අපේ උන් නම් කියවන් කොට... 250ක නම කියවන්න වෙන නිසා රුන්ඩම්ලි තමයි කියවන්නේ ඒ අතරෙදි අපු නැති අත්සන ගහපු එකෙක්ගෙ නම කීවොත් ගහපු එකා නැගිටිනවා...

    ReplyDelete
  11. හිකිස්....මාත් අනන්තවත් කරලා තියනවා ඔය වැඩේනම්....

    ReplyDelete
  12. හික්ස්....මමත් කැම්පස් එක එහාපැත්තෙ ඉන්න නිසා දන්නව ඔය හොර අත්සන් ගැහිල්ලෙ තත්වෙ ගැන.අපේ ගෙදර ඉඳල කැම්පස් යන අක්කලත් ඔය තට්ටු මාරු ක්‍රමේට තමයි කැම්පස් යන්නෙ.එක දවසක ටික දෙනෙක් ගිහිල්ල අනිත් අය ගෙදර ඉන්නව.අනිත් දවසට කලින් දවසෙ ගෙදර හිටපු කට්ටිය කැම්පස් ගිහින් කලින් දවසෙ කැම්පස් ගිය කට්ටිය ගෙදර ඉන්නව.ඔන්න ඕකයි තත්වෙ..........

    ReplyDelete
  13. මමත් ඉතින් ඔය වැඩේ කරල නම් තියනව.

    ReplyDelete
  14. නිකන් ලැබෙන අධ්‍යා පානය නෙ.....ඔන්න ඔහේ ඇති තරමට කට් කරපල්ල.

    ReplyDelete
  15. මමත් අපේ අක්කට මගේ අස්තන හොරෙන් ගහන්න පුරුදු කලා.. මොකද මම නැති උනාබ බැංකු වල වැඩට පහසු වෙන්න.. මම මෙහේ ඉදන් එවන්න ඕන ලියුම් අක්කම ලියලා මගේ අත්සන ගහනවා.. :)

    ReplyDelete
  16. //අපේ කැම්පස් එකේ එහෙමකට ලස්සනයි කියලා කියන්න පිරිමි ලේක්චරර්ස් ලා නම් හිටියේ නැහැ.//

    හිටියා නම් සයුරිත් හැමදාම උදෙන්ම ලෙක් වලට යයි... එහෙනම් ඉතින් දැන ඔය ලඟ ඉන්න මහත්තයට හුප්පේ තමා...!!!

    මටත් ඔය ජාතියේ අත්දැකීම් නෑ... ප්‍රදර්ශනේකට ඇරෙන්න ඉතින් අපි කැම්පස් එකකට ගිය අය ඈ ??? සයුරි ගියේ මොන කැම්පස් එකටද කියලා කිව්වේ නෑ නොවැ...!

    ReplyDelete
  17. ඉස්සර මට ලෙක්චර් එකකට ගියොත් අත්සන් 5ක් ගහන්න වෙනවා. ඕක ඉතින් මල කරදරයක් වෙලා තිබ්බේ. මම ලෙක්චර් යන හැමදාකම ඔය අත්සන් කතාව කරන්න ඕනේ.

    ඊට පස්සේ මාත් වැඩේ අල්ලලා දාලා හොස්ටල් එකට වෙලා නිදියෑවා. අන්තිමේදි එක සමාසිකයකට (සෙමෙස්ටර්) ලෙක්චර් 10ක් විතර ගියපු දවසුත් තිබ්බා.

    ReplyDelete
  18. @ රූ : හි හි...හොඳ වෙලාවට දැක්කේ. ඔයත් ඒකෙ ආපහු අත්සන් කරා නම් තමයි නියම වැඩේ...

    @ සම්මානි : මම හිතන්නේ මේ ඔයා මේ පැත්තේ ආපු පලවෙනි වතාව...සාදරයෙන් පිලිගන්නවා ඔයාව. අපේ නම් ඉතින් එහෙම වෙනම රෙජිස්ටර් වෙච්ච කට්ටියක් හිටියේ නැහැ...සහයෝගෙන් කට් කළා..

    @ ප්‍රාර්ථනා : හි හි...ඒකනම් නියමයි. නංගි ගේ ඩොන්ගල් එකේ ප්‍රශ්නේ හරි ගිහින් වගේ..හම්මෝ ලොකු දෙයක් :)

    @ හරී : එහෙම ප්‍රතිපත්තියක් රකින එකනම් හරිම අමාරුයි නේද..අපේ නම් ඉගනගන්න උපරිම උනන්දුව තියන කෙනා පවා ලෙක්චර්ස් කට් කරා...:) ඔයාලගේ මල්ලි නම් නියමයි ඈ...:))

    ReplyDelete
  19. @ සෙන්නා : හි හි..ඔය චන්දෙ කතාව මාත් අහල තියනවා...අනේ කාලේ කිව්වලු :)

    @ ශානි : හප්පේ නැතුව නැතුව...අපේ අම්මගෙයි මගෙයි අත්සන කොහොමත් ටිකක් සමානයි..ඉතින් හදිසියකදී ගොඩ දාගන්න පුළුවන්.

    @ amila chathuranga : තැන්කු අමිල :)

    @ ඔබ්සර්වර් : ඔව් නේ...අසම්මත කපල් එකක්...:)

    ReplyDelete
  20. @ තනි අලියා : ඒ වගේ ලේක්චරර්ස් ලා ට ළමයි හරිම ආදරෙයි නේද? හි හි..මෙලෝ දෙයක් නොතේරුණත් තේරෙනවා වගේ අහං ඉන්නවා..

    @ නරකයා : අහා..250 ක් ඉන්නවා නම් ඉතින් අහු වෙන්නේ නැහැ..අපේ ඉතින් 50 නේ හිටියේ :(

    @ තරූ : හි හි..දාන්න පහක්

    @ කෝඩුකාරයා : හප්පේ..අපි නම් කට් කලේ ලෙක්චර්ස්...ඔයාලගේ ගෙදර ඉන්න අක්කලා ගෙඩි පිටින්ම කැම්පස් කට් කරලනේ...:))

    ReplyDelete
  21. මමත් මගේ අත්සන කීපදෙනෙකුටම පුරුදු කළා ඇටෙන්ඩන්ස් හදාගන්න. හැබැයි අදටත් වැරැද්දක් කියලනම් හිතෙන්නෙ නෑ. මටත් කීපදෙනෙකුගේම අත්සන් පුරුදුයි.

    ReplyDelete
  22. @ නදී : ඒකනේ..ඕක නොකරපු කෙනෙක් හොයා ගන්න අමාරුයි..

    @ කස්සා : ඒක තමයි මේකේ තියන නරක පැත්ත..නිකන් ලැබෙන අධ්‍යාපනය නිකන් අපතේ යවන එක..හැබැයි මෙතනදි කියන්න ඕන අපිට ලැබිච්ච අවස්ථාවට නම් අසාධාරණයක් කලේ නෑ කියලා. ගොඩක් වෙලාවට අපි කට් කරපු ලෙක්චර්ස් වලට යනවට වඩා productive දේවල් අපි ඒ වෙලාවේදී ලැබ් එකට වෙලා කරගත්තා..මොකද අපේ ක්ෂේත්‍රයේ විෂයන් ගොඩක් වෙලාවට රඳා පැවතුනේ projects/practicals/text books මත. ලෙක්චරර් ගොඩක් වෙලාවට කලේ පොතේ තියන දේම slides වල දාලා පෙන්නපු එක.

    ඒ ඉගැන්වීමේ ක්‍රමය නිසයි එහෙම වෙන්නේ (මට හිතෙන විදියට). දැනට මම ලංකාවෙන් පිට උසස් අධාපනය අත් දකින නිසා වෙනස තේරෙනවා.

    හැබැයි ලෙක්චර්ස් කට් කරලා දේශපාලන වැඩ වලට යනවානම් ඒක වැරදියි. අපේ ෆැකල්ටි එකේ නම් දේශපාලනය ගෑවිලාවත් තිබුනේ නැහැ. ඒ මොන දේ උනත් ලෙක්චර්ස් කට් කරන එක හොඳ වැඩක් කියලා නම් මම කියන්නේ නැහැ. මම පිලිගන්නවා ඒක වැරදියි කියලා. බොහොම ස්තුතියි කස්සා..

    ReplyDelete
  23. sayuri akkio, godak davasakin aave. niyama post eka.

    eeka nevei.koheda university eka.Ja'purada?
    mama japure godak ayava dannava! eekai.

    ReplyDelete
  24. හේ හේ මම නම් හොර අත්සන් ගහලා තියෙන්නේ එකම එක වතාවයි.. ඒ අපේ තාත්ති නැති වුනු දාට සතියකට විතර පස්සේ එයාගේ නමින් එයාගේ යාලුවෙක් බයික් එකක් අරන්. අන්න එකේ ප්‍රශ්නෙකට මම තාත්තිගේ අත්සන ගහලා දුන්නා. වැඩේ කියන්නේ තාත්ති මට කලින් ඉදලාම එයාගේ අත්සන පුරුදු කරලා තිබුනේ, අත්සන ගත්තු අන්කල් පොලිසියේ. ඒ නිසා මට කියුවා දුව බයවෙන්නේ නැතුව අත්සන් කරන්න කියලා.

    ReplyDelete
  25. @ දිනේෂ් : හි හි..හොර අත්සන් එහෙනම් සෑහෙන දුර දිග ගිහින් වගේ...බැංකු වැඩ වලටත් ඔහොම කරනවා කියලා මම දැනගෙන හිට්යේ නෑනේ. .

    @ චතු : හි හි...අයියෝ මමනම් එහෙම නෑ ඔන්න..අපි හොඳ ළමයි...:))

    කැම්පස් එකනම් "මොරටුව" චතු.

    @ මධූ : අප්පට සිරි " සමාසිකය" කියන්නේ සෙමෙස්ටරය ට ද? නියමයි ඔයා හින්දා මම අලුත් වචන ඉගන ගන්නවා..අනේ පව් ඔයාලට තිබුනේ පස් දෙනා මාරුවෙන් මාරුවට ලෙක් යන්න

    @ දයානන්ද රත්නායක : මටත් ඒකෙ ලොකු වැරද්දක් නම් පේන්නේ නැහැ...අපි ලෙක්චර්ස් කට් කරන්නේ මොන හේතුවකටද කියන එක මත ඒක තීරණය වෙනවා..පොතේ තියන දේම ස්ලයිඩ් වල බලන්න ලෙක්චර් එකට යන එක තේරුමක් නැහැ කියලයි අපිට හිතුනේ..

    ReplyDelete
  26. @ වර්ෂා : ඒකනේ නංගා, හුඟ දවසකින්..ඔයාගෙනම් අලුත් පෝස්ට් එකක් දැක්කේ නැහැ...යුනිවර්සිටිය "මොරටුව" නංගි. මගෙත් යාළුවො නම් ඉන්නවා ජ'පුරේ.

    @ වර්ණා : හප්පේ...ඒ අංකල් පොලිසියේ හින්දා හොඳයි නේද? නැත්නම් ටිකක් බය හිතෙන වැඩක් නේ..එක අතකට අත්සන කාටහරි විශ්වාස කෙනෙකුට පුරුදු කරලා තියන එකත් හොඳයි...

    ReplyDelete
  27. අපේ ඉස්කෝලේ ට්‍රිප් එකක් යන්න ලියුමක් දෙන්න ඕනේ ඒත් මට ලියුම ගේන්න බැරිවෙලා නිසා මිස් කිව්වා යන්න දෙන්න බෑ කියලා ඉතිං මම ආපහු මගේ ස්ථානෙට එනකොටම මගෙ එහා පැත්තේ හිටිය එකා ලියුමක් ලියලා අපේ තාත්තගේ අත්සනත් ගහල මට දුන්නා හි හි මම පට ගාලා නැගිටලා මිස් ලියුම තිබුණා කියලා ගිහින් දුන්නා...ඔච්චරයි ඉතින් හොර අත්සන් ගහපු එකකට තියෙන්නේ....සුවඳයි බුද්ධිකයි සිරාවට කපල්ද අක්කේ

    ReplyDelete
  28. @ ගැමියා : හි හි..හැමෝටම මොකක් හරි හොර අත්සන් අත් දැකීමක් තියනවා වගේ...:))
    //සුවඳයි බුද්ධිකයි සිරාවට කපල්ද අක්කේ//
    හි හි නෑ මල්ලි..අනේ පව් අසරණයෝ දෙන්නා...නිකන් කාඩ් එකක් වැදුනා එදා.

    ReplyDelete
  29. ඉස්කෝලේ ගියේ නැති උනාම ඊලග දවසේ ගෙදරින් ලියුමක් ගෙනියන්න ඕනේ නේ..මට හොර අස්සං ගහන්න බෑ..අම්මයි තාත්තයි දෙන්නම ඉස්කෝලෙනේ.....අනික් උන්ට අස්සං ගැහුවා ඇති වෙන්න....

    ReplyDelete
  30. @ ඔබ නොදුටු ලොවක් : හොඳට පින් කරගෙන වගේ එහෙනම්..හම්මෝ අම්මයි තාත්තයි දෙන්නම ඉස්කෝලේ කියන්නේ ඉතින් එක අතකට හොඳයි..අනිත් අතට ඉඳල හමාරයි..:)

    ReplyDelete
  31. හපොයි හොර අත්සන් නම් එමට ගහල තියෙනවා, ඒත් ඔයවගේ ලස්සන කතාවකට ගන්න බෑ ඒවා. අපිට ඔය අත්දැකීම නෑනෙ ඉතින්. යාලු කමට උදවු කරලද අර ඩබල මාට්ටු උනේ?

    ReplyDelete
  32. හි හි... හොර අත්සන මාත් ගහල තියෙනවා. අපේ සෙට් එකේ කොල්ලෝ ක්ලාස් අවේ නැති දවසට මාත් එයාල වෙනුවට අත්සන් කරනවා. ඒ වුණාට අපේ ලෙක්චරර් සෙට් එකම හොඳට දන්නවා, ඒ වුණාට දන්නේ නෑ වගේ පාඩුවේ ඉන්නවා.. හි හි..

    ReplyDelete
  33. අම්මෝ මෙහෙමත් හොරැ..

    මම ඉතින් හොර අත්සන් ගැහුවෙ A/L කාලෙදි විතරයි. ඒකත් අරයගෙ බල කිරිල්ලට.

    අක්කා කොහෙ කැම්පස්ද ගියේ?

    ReplyDelete
  34. @ Shaggy : ඒකනේ අනේ..ඊට පස්සේ නම් සුවඳට කියලා මළාට අත්සනක් ගස්සවගන්න බැරි උනා..

    @ අයිස් : හි හි...ඔව් ගොඩක් වෙලාවට ලේක්චරර්ස් ලා දන්නේ නෑ වගේ ඉන්නවා..ඕවා පස්සේ පන්නලා තේරුමක් නැහැ නේ ඉතින්..

    @ අපි වගේ : හි හි..මට හිතා ගන්න පුළුවන් මොකටද අත්සන් ගැහුවේ කියලා..කැම්පස් 1 මොරටුව මල්ලි.

    ReplyDelete
  35. මම හොර අත්සන් ගැහැවුවාද කියලා හිතල බැලුවම මතක් වෙන්නේම නෑ. සමහර විට අමතක වෙන තරමටම ගහන්න ඇති වගේ.හි.හි..

    ReplyDelete
  36. හෆොයි මෙන්න කතන්දර හදනවා හොඳට ඉන්න කොල්ලන්ට

    ReplyDelete
  37. මම හොර අත්සන් ගහන්න පටන් ගත්තේ දහම් පාසැලෙන්. මම මටම මගේ තාත්ත විදියට ලියන ලියුමේ අත්සන ගහල ඔෆීෂියල් විදියට ඉක්මනට ගෙදර යනව,,,
    එතනින් පටන් ගත්ත එක තාමත් කොරනවා... හික් හික්

    ReplyDelete
  38. අපේ තාත්තාගේ අත්සන තමයී මට හොදටම පුළුවන් ඒ දවස් වලට ඉස්කෝලෙට මොකකට හරි ලිව්මක් ගේනන් කියලා ගෙනියන්න අමතක වුනොත් මම ලියලා මම අත්සන් කරලා දෙනවා. නැතන්ම් ඉතිං බැනුම්නේ. ආ අම්මගේ එකත් පුළුවන් ඒ අත්සන ගහන්නේ දකුණෙන් කටවත් හොයන්න බෑ. අම්මා ඉන්න වෙලාවට අම්මම මට කියනවා අත්සන් කරන්න කියලා.
    හොර කමකට නෙවෙයී ඉතිං මෙව්වා කලේ හදිස්සි අවශ්‍යතා වලට විතරයී ඕං

    ReplyDelete
  39. කට්ටියගේ සහයෝගෙන් වැඩ කිරීමනම් අගය කරන්න වටිනවා..හිහ්...

    ReplyDelete
  40. අපේ නම් ඔය වැඩේ කරන්න බෑ අනිවා අහුවෙනවා, ටිකයිනේ ඉන්නේ. එක සැරයක් හරි අහු උනොත් සොරි තමයි, කෙලින් ම රිපීට්. නැත්තම් C, C+ තමයි. ඒ නිසා අපරාදේ කියන්න බෑ හැමෝම එනවා.

    ReplyDelete
  41. හෆ්ෆෝයි!!! ඔහොම වැඩ මම කරන්න ටිකක් බයයි..:( හිතුවක්කරි වුනාට.. :D හැබැයි නොකර ඉදලත් නෑ... කරලා තියෙනවා...

    හික්ස්ස්.. අර අන්තිමට ගිය කපල් එකනෙ මරු!!! හික්ස්ස්..

    ReplyDelete
  42. @ Chandi : හි හි...ඔව් ඔව් කරලා වැඩි කමටම අමතක වෙනවනේ සමහර වෙලාවට..

    @ ලොකු ජෝන් : හි හි...එයාලම තමයි කතන්දරේට පොට පාද ගත්තේ..

    @ දූපත් වැසියා : තාත්තගේ අත්සන පුළුවන් කියන්නේ ඉතින් සෑහෙන වැදගත් ඒකනම්..හම්මෝ දහම් පාසල් මතක් කරාමත් කම්මැලියි..

    @ බට්ටි : නියම කෙල්ලෙක්නේ...අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම අත්සන් පුළුවන් නම් ආයේ වෙන මොනවද ඕන :))

    ReplyDelete
  43. @ සිහින මතකයන් : ඒකනේ...අපි හොඳ ළමයි නේ..

    @ ලහිරු : එහෙනම් ටිකක් දරුණුයි වගේ..මල්ලි ස්ලිට් නේද? ඒ වගෙයි මතක...අපෙත් හිටියේ 50 යි..ඒත් කට් කරානේ මේ ගොල්ලෝ.

    @ හිතුවක්කාරි : හි හි...මම කිව්වේ, ඕක නොකරපු කෙනෙක් හොයා ගන්න අමාරුයි...ඒක තමයි අනේ, මරු කපල් එක..:)

    ReplyDelete
  44. මමත් ඉස්කෝලෙ යන කාලෙ හොර අත්සන් නම් එමට ගහල ඇති, ගොඩක්ම ඉස්කෝලෙ වැඩ වලට.... මම මගේ ඒවටත් ගහල යාලුවන්ගෙ ඒවටත් ගහල දෙනව, ඊට පස්සෙ හැමෝම ගෙදරින් ලියුම් ගෙනවෙ වගේ මිස්ට දෙනව.. හැක්... හැක්... මටත් තියෙන ප්‍රශ්නෙ අර සුවඳයි බුද්ධිකයි ගැන, උන් දෙන්න දැන් ඇත්තටම කපල් එක වෙලාද...??

    ReplyDelete
  45. @ සීතල : :))

    @ මන්ඩි : හි හි..ඔය තියෙන්නේ..
    ඒ දෙන්නා දැන් ලොවෙත් නැහැ..දෙන්නම රටවල් දෙකක ද කොහෙද...හික් හික්..

    ReplyDelete
  46. හොර අත්සන් නම් එමටයි......පිනාගෙ අත්සන එහෙමත් ගහනවා ඉස්සර

    ReplyDelete
  47. @ එල කොල්ලෙක් : හප්පේ..ලොකුම අත්සනත් ගහලා එහෙනම්..

    ReplyDelete
  48. මම එන්න පරක්කු වුනානේ.සොරි ඈ..

    මමනම් අත්සන් 10 කට වඩා ගහල නැහැ.එත් දවස් දෙකයි බේරුනේ.ඉස්කෝලේ අපු නැති දවසක ලිවුමක් ගෙනියන්න බැරි වෙලා එදා බේරෙන්න දුන්නු උත්තරේ අපේ අම්මට අකුරු ලියන්න බැහැ එකයි ලිවුමක් ගෙනාවේ නැත්තේ කියල බේරෙන්න හැදුවා.ඒ මිස් අපේ අම්මගේ යාළුවෙක් එදා වැරදි දෙකකට ගුටි කෑවා..

    ReplyDelete
  49. @ අසරණයා : ඒකට මක් වෙනවද..:)
    අනේ අනේ කියල තියන බොරුවේ හැටි...හොඳ වැඩේ..හි හි

    ReplyDelete
  50. මමත් දස්සයා හොර අත්සන් ගහන්න.. අක්කා ඔන වෙලාවක කියන්න ගහලා දෙන්නම්

    ReplyDelete
  51. @ ජනියා : හි හි...එහෙනම් මම අනිත් දවසේ මල්ලිට කියන්නම්කො..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...