Saturday, February 11, 2012

ලව් ලෙටර්


ඉහත සඳහන් මාත්රුකාව හැමෝටම හුරු පුරුදු එකක් යයි සිතමි. ඒ ගැන ලියවුනු හරිම රසවත් ලිපි කීපයක් ම පහුගිය දවස් වල කියවන්න ලැබුනා.

මම හිතන විදියට විසි එක් වෙනි සියවසට පෙර පෙම්වතුන්ගේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය උනේ මේ ලව් ලෙටර් නොහොත් සෙනෙහෙ කොළ :) දැන් භාවිතයේ නැති උනත් ඉස්සරනම් මේවා හරි හරියට පාවිච්චි කරලා තියනවා. වෙන එකක් තියා කැළණි තිස්ස රජතුමාගේ මල්ලි රජ බිසවට සෙනෙහෙ කොලයක් යවන්න ගිහින් තමයි අහක හිටපු රහතන් වහන්සේ කෙනෙකුගේ ජිවිතයක් අපරාදේ නැති උනේ. ඊට පස්සේ මුහුද ගොඩ ගැලුවෙත් රහතන් වහන්සේ මරපු පවට කියලා කියනවනේ. ඔන්න ඉතින් ලව් ලෙටර් එකක් කරපු හරියක්.

අපි සාමාන්‍ය පෙළ පන්ති වල ඉඳපු කාලේ (ඒ කියන්නේ වසර 2000 දී විතර) අපේ පන්තියේ යාළුවො දෙන්නෙක්ට ආදර සම්බන්ධතා දෙකක් තිබුනා.  එක්කෙනෙක් පියරු බබා. අනිත් එක්කෙනා වාස්.  කිව්වට විශ්වාස කරන්න සාමාන්‍ය පෙළ කාලේ ළමයි 50 ක් ඉඳපු පන්තියෙන් දෙන්නටයි එහෙම දේවල් තිබුනේ. ඒ ඉතින් මීට අවු. 12 කට කලින් නේ. දැන් නම් ඉතින් මේකේ අනිත් පැත්ත වෙන්න ඕන.

ඉතින් මේ දෙන්නත් ඔය ලව් ලෙටර් හුවමාරුව හැමදාම වගේ කරා. ඒවා ගෙදරට අහු නොවෙන විදියට තියා ගන්න පුදුම ගේමක් තමයි දුන්නේ. ඔය අස්සේ පියරු බබා ට ෂෝක් වැඩක් වෙලා. මෙයා දවසක් ගෙදර ඇඳට වෙලා බොරුවට පොතක් බලන විදියට ආදරවන්තයා ගෙන් ලැබුණු ලෙටර් එකක් බල බල ඉඳලා. ඉතින් ඒක බල බල සිහින ලෝකේ අතරමං වෙලා ඉඳිද්දී මෙයා ට නින්ද ගිහින් ලු. නින්ද ට සේරම යටයි කියනවනේ. අම්මා එයාව හොයාගෙන කාමරේට එනකොට මෙයා ලියුමත් බඩ උඩ තියාගෙන නිදිලු. අපොයි ඉතින් වෙච්ච දේ අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. ඔන්න ඔහොමයි පියරු බබා මැණිකක් වගේ ආරක්ෂා කරගත්තු ප්‍රේමය ගෙදරට අහු උනේ. ගෙදරින් ඒකට තදින්ම විරුද්ධ උනත් ඒක එයා කොහොම කොහොම හරි ඉස්කෝලෙන් අස් වෙනකන්ම කරගෙන ගියා වගේ තමයි මට මතක. ඊට පස්සෙනම් මොනවා උනාද දන්නේ නැහැ.

පියරු බබා ට වෙච්ච වැඩෙන් පස්සේ වාස් නම් ලව් ලෙටර් සම්බන්ධයෙන් හොඳටම පරෙස්සම් උනා. ආදරේ දෙවැනි තැනට දාලා නින්දට පළවෙනි තැන දුන්නේ නැහැ. එයාගේ ආදරේනම් බොහොම සාර්ථක විදියට පහු ගිය දවස්වල විවාහයෙන් කෙලවර උනා. (ආදරේ කෙළවර උනා කිව්වේ දැන් ආදරේ නෑ කියන එක නෙමෙයි :)

දවසක් අපේ පොඩි මලයට ලව් ලෙටර් එකක් හම්බ උනා තැපෑලෙන් ගෙදරටම. ඌ එතකොට 8 වසරේ. ඒ දවස්වල තමයි එයා ගමේ ඉස්කෝලෙක ඉඳලා ලොකු ඉස්කෝලෙකට මාරු උනේ. ඉතින් මෙයාගේ නමට ලියුමක් එන එක ටිකක් සැක කටයුතු දෙයක් නිසා අම්මයි මායි එකතු වෙලා ඒක කඩලා බැලුවා. මල් හතයි..ගමේ ඉස්කෝලේ කෙල්ලෙක් මෙයාට ලියුමක් එවලා. මේ තියෙන්නේ ඒකෙ සාරාංශයක් (මට මතක විදියට)

"--- වෙත,
ඔයා ඉස්කෝලෙන් අස් වෙලා ගියාට පස්සේ මම ඉන්නේ හරිම දුකෙන්. දැන් අපිට හමු වෙන්න විදියකුත් නැහැ. ඒකයි ලියුමක්වත් එවන්න හිතුවේ. ඔයාගේ කළු පාට ඇස් දෙක මට තාම මතකයි. ඔයාගේ කටහඬ හරිම කන්කළුයි. ඒක අහන්න නැතුව මට හරි පාළුයි. ඒත් ඔයා වගේ දක්ස ළමයෙක් ලොකු ඉස්කෝලෙට ගියපු එක හොඳයි. ඊ ටී සී...ඊ ටී සී...."

කෙල්ල මෙයාට ෆුල් වර්ණනාවක් දීලා. ඒ වර්ණනා ටික දැක්කම අපිට හිතුනා මේක කීයටවත් කෙල්ලෙක් ලියපු එකක් වෙන්න බැරි බව. අපි ඉතින් මේක තාත්තටත් පෙන්නලා අන්තිමට මල්ලි ටත් පෙන්නුවා. දැන් මුගේ හිතේ  ඒක ඇත්තටම කෙල්ලෙක් එව්වා කියලා. එයාටනම් කෙල්ලෙක් හිටියේ නැති බව දහ අතේ දිව්රලා, හැබැයි එයා නොදැනුවත්ව එයාට කැමති කෙල්ලෙක් ඉන්න බැරි කමකුත් නැහැ කියලා කිව්වා. දැන් ඉතින් පොර මේ වර්ණනා ටික දැකලා උදම් වෙලා තමයි ඉන්නේ.

තාත්තා :  මේ වැට හිටෙව්වා වගේ ලියපු අකුරු වල හැටියට නම් මේක කෙල්ලෙක් ලිව්වා වෙන්න බැහැ
මල්ලි :  ඒ මොකද බැරි? අපේ අක්කගේ අකුරුත් ඔය වගේ නේ..
මම :  ගර්ර්
අම්මා :  අනිත් එක, මේ කරලා තියන වර්ණනා වල හැටියට මොළේ ඇති කෙල්ලෙක් නම් නෙමෙයි මේක ලියල තියෙන්නේ
මල්ලි :  ගර්ර්

අන්තිමට එයාගේ යාළුවො ටික පාපොච්චාරණය කරලා තිබුනා ඒ ලියුම එව්වේ එයාලා කියලා..පව් අපේ එකා. හැබැයි එයාලා හිතලා තියෙන්නේ එහෙම ලියුමක් එව්වම ගෙදරින් මලයට සබ්බුව හම්බ වෙයි කියලා. අන්තිමට උනේ වෙන එකක් :)) මේ ජාතියේ ලියුම් ඉතින් ලව් ලෙටර් නෙමෙයි නේ..එව්වා ෆේක් ලව් ලෙටර්.

අපේ කාලෙදි නම් ආදරේ ප්‍රකාශ කරන්න ලව් ලෙටර් භාවිතා උනේම නැති තරම්. අපිට තිබුනේ එස් එම් එස් පිහිට තමයි. ඒත් ඉතින් මටත් එකම එක වතාවක් ලව් ලෙටර් එකක් හම්බ වෙලා තියනවා. මගේ මෝඩ කමට මම ඒක බලන්නෙ නැතුවම එපා කිව්වනේ. අපරාදේ මට තිබුනේ ඒක බලල ඉවර වෙලා ආපහු දෙන්න. සික්..

                                                       ~~~~~~~~~~~~~~~~~~~~~

ප. ලි... මේ තියෙන්නේ එල කොල්ලා එවපු, දඹානේ ලව් ලෙටර් එකක්. ස්තුතියි එල කොල්ලා...

104 comments:

  1. අපි ඉස්කෝලෙ යන කාලෙත් මේ ලව් ලෙටර් සිද්දිය තිබුනා.. හැබැයි අට, නමය, දහය, එකොළහ කාල වල තමා ඕක නැගලම ගියේ. එතනින් පල්ලෙහාටයි උඩටයි ගත්තම ඒ වගේ දේවල් අඩුයි. මමත් දෙකක්ම ලිව්ව නෙව අවුරුදු දෙකකදි, හැබැයි එක්කෙනාටමයි ලිව්වෙ. මම කතාබහ කරද්දි කෙල්ල නිකම් කැමතියි වගේ හිටපු නිසා මම ලියුමක් ලියල දුන්න, ඒකි නෙමෙයි ලියුම දිහා ඇහැක් ඇරල බැලුවෙ. පස්සෙ හොයල බලද්දි මාත් එක්ක එකටම හිටපු එවුන් ටික කෙල්ලට කියල කැමති වගේ ඉඳල මාව අන්ඳපන් කියල උන්ට ආතල් එකක් ගන්න, ඒකෙ මූලිකයත් අපිත් එක්ක දැන් බ්ලොග් ලියනවා(ගැ#යා). පස්සෙ මම තව අවුරුද්දක් ෂේප් එකේ ඉඳල ඊළඟ අවුරුද්දෙත් ගොනා වගේ ලියුමක් දුන්නනෙ ඒ කෙල්ලටම, මේකි කට ගත්ත ගමන් මට එපා කිව්වනෙ... එතනින් එහාට මගෙන් ලියුම් නෑ කෙල්ලන්ට.. හැක්...හැක්... අපිට කොයින්ද පූසෝ මාලු, අපි යනවද මූදු... ජය ශ්‍රී....!!!!

    ReplyDelete
    Replies
    1. හයියෝ ඔයාගේ යාළුවො ටිකට වැඩක් දෙන්න තිබුනේ...මේ අර ගැ#යා ට තමයි හොඳ වැඩක් කරන්නෝන...:) හැබැයි ඉතින් පළවෙනි පාර ගත්තේ නැත්නම් දෙවැනි පාරටත් දෙන්න ගියේ අහවල් එකකටද කියල මටනම් හිතා ගන්න බෑ අප්පා..

      Delete
    2. සයුරි අක්කෝ..... ඒ ගැ#යා අන් කවරෙකුත් නොව මම්ම වෙමි

      හපෝයි තාම මාත් එක්ක අප්සට් එකේද මන්දා ඉන්නේ මණ්ඩියෝ ඒ කාලේ චොකලට් එකක් කන්න තිබුනු අමාරුව අපිනේ දන්නේ ඉතිං මෙහෙම හරි චොකලට් එකක් ඉල්ලගන්න ට්‍රයි කොලේ ඒකයි හි හි

      Delete
    3. අයි නෝ අයි නෝ ගැමියෝ...එකනේ මම කිව්වේ හොඳ වැඩක් කරන්න ඕන කියලා..හික් හික්...අපි දන්නවා කස්ටිය එක ඉස්කෝලේ කියලා...:))

      Delete
    4. ගැ#යා කියද්දී මට වැරදි අදහසක්නෙ ආවේ.ඒත් මම නරක ළමයෙක නොවෙමි..

      Delete
    5. ඔයාට හිතුනේ ගැටයා කියලද?

      Delete
    6. අහ් එහෙනම් එහෙම හිතාගන්නකෝ. හික් හික්ස්..

      Delete
  2. මටත් අක්කේ දන මතක වුනේ 11 වසරේදී මගේ නමට ලිවුමක් ආවා.හොඳ වෙලාවට එදා මොකක් හරි හේතුවක් නිසා ඉස්කෝලේ ගියේ නැහැ.අම්මා ගෙදර ඉඳල වැඩකට එලියට ගියපු ගමන.ලිවුමක් ආවා.මුද්දරත් නැතුව ආවේ.දඩේත් ගෙවල ගත්තේ...එකත ඉතිං අරවිදියේම එකක්.පස්සේ කාලෙක දැනගත්ත ඒක ලිවුවේ කවුද කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ පව්..දඩ ත් ගෙවන්න වෙලා..හි හි..හොඳ වෙලාවට ඔයාගේ අතටම ලැබුණේ. ඉතින් එයාට රිටර්න් එකක් දෙන්න නේ තිබුනේ..

      Delete
    2. කරපු කෙනා කවුද කියල දැනගද්දී මගේ කේන්තිය නිවිලා.

      Delete
  3. අපේ ඉස්කෝලෙත් හරි හරියට ඔය ලියුම් හුවමාරුව තිබුන.අවුරුදු 3කට කලින් මම A/L කරන කාලෙත් අපේ අය ඔය ලියුම් හුවමාරුව කරා.හැබැයි අක්කෙ මමනම් නැහැ ඕන්.හිකිස්...

    ReplyDelete
    Replies
    1. සිහින ගේ ඉස්කෝලේ මිශ්‍ර ඉස්කෝලයක් කියලා මට හිතෙනවා...ඒවායේ නම් ඉතින් ඔය ක්‍රමේ සෑහෙන සාර්ථක ඇති..අපේ ඉස්කෝලේ ළමයි නම් ඉතින් සහෝදර ඉස්කෝල එක්ක ලියුමක් මාරු කරගන්න පුදුම කට්ටක් කෑවේ..

      Delete
  4. අක්කාත් කරලා තියෙන වැඩ.. කියවල බලන්නනේ අප්පා තිබ්බේ.. අපිනම් හවුලේ ලවු ලෙටර් ලියපු අයනේ..

    අක්කට මොකද මේ හදිස්සියේ ලවු ලෙටර් මතක් උනේ? හරි හරි 14වෙනිදට ලගයිනේ..:)

    ReplyDelete
    Replies
    1. ඒක තමා මල්ලි..මට ඒ වෙලාවේ කියවන්න පුළුවන් කමක් තිබුනේ නෑ නේ. පාරෙදි නේ දුන්නේ...ගෙදර ගෙනාවනම් ඉතින් මම කැමැත්තෙන් ගත්තා කියලා හිතනවනේ..:) ඔව් ඔව් අපි දන්නවා ඔයාල හවුලේ ලෙටර් ලියපු හැටි..හි හි

      Delete
    2. කෝ මම අහපු දේට උත්තර නෑනේ.. වැලන්ටයින් ලග නිසා නේ මේ ලවු ලෙටර් මතක් උනේ? දැන් අයියා අක්කට ආදරේ කිවුවේ S.M.S එකකින්ද?

      Delete
    3. අනේ ඇත්තටම වැලන්ටයින් එක ගැන නම් මතක් උනේ නැහැ මේක ලියද්දි :) අයියා ආදරෙයි කිව්වේ දුරකතනයෙන්...ටෙලිකොම් එකෙන්මයි මගේ නම්බරේ අහගෙන තිබුනේ...ඒ කාලේ අපිට සෙල් ෆෝන් නැහැ...ගෙදර එකට කතා කරන්න ඉතින් හොඳ කටු කන්න වෙනවනේ....එස් එම් එස් භාවිතා උනා කැම්පස් ගියාට පස්සේ මම හා කියනකන්ම :)

      Delete
  5. හිහිහී.. දැන්කාලෙ එස්.එම්.එස් වලටත් වඩා සූක්ෂම තාක්ෂණේනෙ අක්කේ.. අපරාදෙ අක්කියා කියෙව්වනම්.. (එව්ව කෙනාගේ වෙලාව හොඳය :D ) 13-14 වෙනිදට ස්කෝලෙදි පොඩි ක්ලාස් වල බෑග් චෙක් කරද්දි හම්බවෙන ලව්ලෙටර්ස් ඉහළ තැනට නොගිහින් හංගලා ආයෙමත් අදාල කෙනාට අවවාදත් එක්ක බාර දෙන වාර අනන්තයි..

    ReplyDelete
    Replies
    1. හනේ හනේ..නරකට හිටීවි එව්ව කෙනාට :D

      දැන් කාලේ ඉතින් පොඩි එවුනුත් වැඩි හරියක් ඔව්වා කරනවා ඇති..හ්ම්ම්...මේකනේ නංගා මේ තාක්ශනේ තියන වැරැද්ද...ඒවාට පාස් වර්ඩ් දාලා ලොක් කරලා තියන්න බැහැ නේ..

      Delete
  6. අෆ්ෆා ඒකත් මාර සන්නිවේදන මාර්ගෙ නේද? හැබැයි අපේ පන්තිවල නං දන්න තරමින් ඕක එච්චර ජනප්‍රිය ක්‍රමයක් නෙමේ..... ඒත් මගෙ බුදු ෆිට් 1 ඔහොම 1ක් දෙන්ඩ සියලු කටයුතු සූදානම් කලත් පස්සෙ ඒ නංගිට අයිතිකාරයෙක් හිටියා කියලා ආරංචි වුන නිසා වැඩේ අතරමඟ ඇන හිටියා.......

    ReplyDelete
    Replies
    1. හලෝ එලිෆාස් !!!!
      කෝ ඹාලු ෆිට් එක ? මොකෑ බ්ලොග් එකට උනේ ?

      Delete
    2. ඒක තමයි..අපි අතරෙත් මේක වැඩිය භාවිතා උනේ නැහැ නේ...ඇත්තම කියනවනම් මම හරියට ලව් ලෙටර් එකක් දැකලත් නැහැ..හොඳ වෙලාවට ඔයාගේ යාලුවට වාසනාව උරගා බලන්න හිතුනේ නැත්තේ..

      Delete
  7. සෙනෙහෙ කොළ නම් අපේ කාලේ අභාවයට ගිහින් නොවැ! ඒත් මම නම් 1ක් 2ක් දීලා තියෙනවා!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා... විසිතුරු බබා වගේ හිටියට මොකද..:p

      Delete
    2. හ හා...ඒක තමා, විසිතුරු ටත් එක්ස්පිරියන්ස් තියනවා එහෙනම් :)

      Delete
  8. වැලා එක ළග හින්දා අක්කට ලව් ලෙටර් මතක් උනා නේද :D
    මොනා උනත් අක්කට හම්බු වෙච්ච එක කඩලා බලන්න තිබ්බේ අෆ්ෆා..කවුද දන්නේ මොනා තිබ්බද කියලා..

    ReplyDelete
    Replies
    1. හි හි..ඒක තමා මල්ලි. මේ දවස්වල වැලා උන්මාදේ නේ

      අයියෝ මට අදටත් දුකයි ඒක නොබලපු එක ගැන :)

      Delete
  9. ලව් ලෙටර්.......... කතා නොකරමි ඒ ගැන කිසිත්...

    වැඩක් නැ අක්කා එවා.

    අක්කා මම හිතුවේ ගොඩාක් වයසක අක්කෙක් කියලානේ.. බලාගෙන යනකොට මට වඩා අවුරුදු 3,4යි වයස....

    හ්ම්

    ReplyDelete
    Replies
    1. හප්පේ...මල්ලිට මම එච්චර වයසයි කියලා හිතුනේ ඇයි? මම වයසට වඩා පැහිච්ච ඒවාද දන්නේ නැහැ ලියන්නේ :)

      හැබැයි ඉතින් 27 කියන්නෙත් ටිකක් වයසයි තමා :)

      Delete
    2. මොන අක්කෙක්ද.. 2000 ඕ/ලෙවල් කියන්නේ.. මටනම් මේයා හොටු කෙල්ලෙක්.. හිහ්..

      Delete
    3. සෙනා ලොකු තාත්තගේ වයස.

      Delete
    4. හෙහ්.. ඔව් බන්.. අපි දැන් නාකි වෙන්ඩ ලෑස්ති වෙන්ඩ ඕනා කාලේ..

      Delete
    5. සෙන්නා ටත් 27 යි ද? හී හී....අපි නම් වයස ඇහුවම පටස් ගාලා කියනවා ඔන්න...වැඩි කතා ඕන නෑ..උපන් අවුරුද්ද 85 :D

      අහා අසරණයත් මේ වයසේම වගේ තමා මට මතක..

      Delete
    6. 85 නම් 27 ක් වෙනවද? ඒ කියන්නේ මටත් 27යිද? නැ නැ මට එච්චර වයස නැහැ..

      Delete
    7. හොඳයි නැද්ද...ඔයාට දැන් 27 වෙන්න ලගයි නේ...මම 85 ජනවාරි. ඒක නිසා ඉස්කෝලේ ගියේ 84 කට්ටියත් එක්ක

      Delete
    8. මට 27 නම් ඔයාව හොටු කෙල්ලෙක් වෙන්නෑනේ... 37ක් දාලා දෙන්නම්..

      දැන් ටික ටික බහින කලාව.. හිහ් හිහ්.. දවසට පිඩැල්ල පිඩැල්ල කපලා තියා ගන්ඩ ඕනා..

      Delete
    9. වයස ප්‍රසිද්දියේ කියන කෙල්ලෙක් මට මේ හම්බවුනාමයි. ඒ කියන්නේ තව අවුරුදු 3යි .

      Delete
    10. හනේ..මං නම් හිතුවේ සෙන්නා ට තාම 25 පැන්න විතරයි කියලා නොවැ..දැම්මම කපන්න පටන් ගන්න එපා ඉතින්..

      @ අසරණයා : අපි එහෙමයි...හැබැයි ඉතින් තව අවුරුදු 3 ක ට පස්සේ අපි වයස කියන්නේ මෙහෙමයි

      29 + 1 යි
      29 + 2 යි ...

      හී හී

      Delete
  10. හික්ස්ස්... අනේ පවු මල්ලියා...:D හික්ස්ස්... ;) මටත් ලව් ලෙටර් හම්බෙලා තියෙනවා..(මගේ එකම ආදරේගෙන් ඒ කාලෙ) මමත් දීලා තියෙනවා..(එයාට විතරමයි)

    දැන් නම් ඉතින් අතීතය සිහිනයක් පමණයි!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...අතීතය සුවඳ සිහිනයක්...

      ඔව් අනේ පව් මළයා...:D හීනෙ බොඳ වෙලා ගියා එයාගේ..

      Delete
    2. මං එකම ලිවුමයි ලිවුවේ ඒත් දුන්නේ නැහැ.මොකද මගේ අකුරු දැක්කම අපේ අම්මටත් මාව එපා වෙන එකේ ඒ කෙල්ලට කොහොම එපාවෙයිද කියල මට හිතුනා.

      Delete
    3. ඒක නම් මොළේ ඇති වැඩක්...

      Delete
    4. හික්ස්ස්.. මෙයානම් අසරණයාම තමා..:D පවු!!!

      Delete
  11. හිකිස්.. සෙනෙහේ කොළ ගැන මටත් මතකේ තියෙන්නේ අපේ A/L කාලේ වැඩ වලින්. වැලන්ටයින් ලං වෙනකොට අපි
    prefects ල නිසා ඔය වගේ ඒවා හෝ ගාලා කියවන්න ලැබෙනවා..
    මටත් සෙනෙහෙ කොළ නම් ලැබිලා තියෙනවා.. ඒ වුනත් ඒවා එකකටවත් උත්තර නම් දීලා නෑ.. :P

    ReplyDelete
    Replies
    1. ඔයාට ලැබුන ඒවා ඔයා කියෙව්වද? මොළේ තියනවා එහෙනම් ඔයාට...මමත් ඒක අරගෙන, කියවලා උත්තර නොලිය හිටියනම් හරි අප්පා

      Delete
  12. මාත් ඉස්සරෝම ගෑල්ලමයෙක්ට සෙනෙහෙ කොලයක් ලිව්වා. මට හොදටම මතකයි ඒකේ අන්තිම හරිය වෙනකොට ලියලා තිබ්බා "මම ඔයාට ලියුම් 100ක් එවනවා. ඔයා ඒවා ටික එකතු කරලා 'අපේ ආදරේ සිහිවටන' කියලා පොතක් හදන්න." කියලා. හික්ස් :)

    ලියුම් 100ක් නම් ලියන්න බැරි උනා. අපේ මලයගේ ගෑල්ලමයා හරස් කපලා ඔය සිද්ධිය සර් කෙනෙක්ට මාට්ටු කලා. මේන් මෙතනට ගියා නම් මුළු සිද්ධියම දැනගත්තෑකි. නිවාඩුපාඩු වෙලාවක කියවන්ඩ !

    ReplyDelete
    Replies
    1. දැන් කතා වලට හිනා මූනු දාන්නේ නෑ වගේ. අපරාදේ. ඒවත් දැම්මා නම් කතාවේ රසය තවත් වැඩි වෙනවා !
      ඔහේට ඉතින් ලස්සනට හිනා මූනූ ගලපන්ඩ පුලුවන් නේ :)

      Delete
    2. මම නම් දැනට පිටු 80 පොත් තුනක් දීලා තියෙනවා හැබැයි ලියුම් නෙමේ තිබ්බේ කවි......‍කෙල්ලගේ අම්මටත් මාට්ටු වෙලා තිබුනා ඒත් ඒක ඔටෝ එකක් කියලා ෂේප් කරන් තිබ්බා හි හි

      Delete
    3. හපොයි මධූ ලැජ්ජයි ලැජ්ජයි..මල්ලි ඔයාට වඩා දක්සයි නේ :) මම කියවල බැලුවා සීන් එක..හැබැයි ඔයා කිව්වා වගේ එහෙම උනේ හොඳට නේ..මල්ලිගේ ගැනු ළමයා කරලා තියෙන්නේ හොඳක්...

      Delete
    4. මම් ඉතින් මොක කරන්නද ? එහෙම කියලවත් හිත හදාගන්ඩ එපැයි !!!

      Delete
    5. පෙරලුන පිට හොඳයි කියලා හිතමු ඉතින්...

      Delete
    6. අන්න හරි ලොකු දූ !!! දූට හරියටම තේරුනා !!

      Delete
  13. අම්මෝ ලව් ලෙටර් මතක් කරන්න එපා අක්කේ ඔව්වා හන්දා මට දෙපාරක්ම කෙලවුණා හි හි එක පාරක් ලියුම අනුභව කරන්නත් වුනා ජීවිතේ බේරගන්න හි හි අඩේ මට තව සිද්ධියක් මතක් වුනා මම ලියපු ලියුම් දාපු පෙට්ටියක් තාත්තට මාට්ටු වෙන්න ගියා අන්තිමට ඒ ටික බේරගත්තේ තාත්තගේ සරම කඩලා හි හි ඒකත් ලියන්ටෝන....

    ඕං ඇඩ් එකක් දානවා තරහා වෙන්න එපා හොඳේ....
    මගේ ලව් ලෙටර් සිද්ධි 1 කොටස

    2කොටස කියවලම බලන්නකෝ මගේ අත්දැකීමුත්

    ReplyDelete
    Replies
    1. හික් හික්...ලියන්න ලියන්න ඒකත්. අපි ආසයි දැනගන්න. ලියුම අනුභව කරපු එකනම් අපි දන්නවනේ...

      මේ ලිපි දෙක මම කලින් දැකලා නැහැ...ඔයා ඉස්සර ලියපු දෙකක් වගේ..බලමුකෝ කියවලා :)

      Delete
  14. මමත් ලව් ලෙටර් ලියල තියෙනව..ඒත් ඒව කවදාවත් දුන්නෙ නම් නැ..පලවෙනි පාර ලියල දෙවනි පාර ආයෙත් කියව්ද්දි විකාරයි කියල හිතෙනවා.. :D :D

    ReplyDelete
    Replies
    1. හි හි...ඔයානම් මොළේ කල්පනා කරලා වැඩ කරලා තියනවා...මම හිතන්නේ ඔය ලෙටර් දෙන අය ලියුම දෙන්න කලින් ලියුම් පහ හයක්වත් ලියනවා හිතට සැටිස් වෙනකන් :D...

      Delete
  15. අර මල්ලිට ලියුම අවපු කොල්ලෝ ටික අපේ පන්තියේ හිටිය අයද මන්දා? :D
    ඇත්තම කියන්න බට්ටි නම් ලව් ලෙටර් ලියලත් නෑ එකක්වත් අරගෙනත් නෑ. හැමෝම එකතු වෙලා නම් කිව්වා. ඒක ලනුවක් දෙන්නනේ. ඔයා ඒක කියෙව්වනේ. හැබැයි හොදම යාළුවගේ පියුම් වැඩේ නම් කරා.

    ReplyDelete
    Replies
    1. හනේ ඇත්තටම එයාලා වෙන්න බැරි නැහැ බට්ටි..:D..හවුලේ ලියන ඒවා නම් ඉතින් ජොලි..මම නම් තනියෙන් වත් හවුලේ වත් ලියලා නෑ අප්පා..පියුම් වැඩේ කරන ඒකත් සෑහෙන පින් සිද්ධ වෙන වැඩක්ලු නේද..

      Delete
  16. ලව් ලෙටර් ගැන කියද්දි මතක් වුනේ මම ඉස්සරම ගිය බාලිකා විද්‍යාලෙ පන්තිවලට ශිෂ්‍ය නායක අක්කලා පැනලා ලව් ලෙටර් හොයන එක..දවසක් ඔහොම ලව් ලෙටර් එකක් අහුවෙලා හොයලා බලපුවාම ඒක ඒ ගෑනු ළමයම එයාටම ලියා ගත්ත එකක්..

    ReplyDelete
    Replies
    1. හී හී...එහෙම එකක්නම් ඇහුවමයි රූ...එක අතකට ඒකත් හරි. තමන් වැඩියම ආදරේ තමන්ට ලු නේ..

      Delete
  17. ලව් ලෙටර් කිවමයි මතක් වුනේ. ඉස්සර අපේ දහම් පාසලේ මගේ යාලුවෙක් හිටිය. අපි දෙක වසරේ එතකොට. මගේ යාළුවා කරන වැඩේ පොඩි කොලේක ලියුමක් ලියල කෙල්ලොන්ගේ බැග් වලට හොරෙන්ම දානවා.
    දවසට ඒවගේ ලියුම් හත අටක්ම ලියල එක එක කෙල්ලොන්ගේ බැග් වලට දානවා. ලියුමේ තියෙන්නේ "මම ඔයාට ආදරෙයි. ඔයා මට කැමතිද? අපි දෙන්න යාලු වෙමු කාටවත් කියන්න එපා" කියල

    පස්සේ මූ මාත් එක්ක කියල හිනාවෙනවා "ඔයා කෙල්ලෝ ඔක්කොම මට පේන්න බෑ. හැමදාම උදේට මට බනිනවා. දැන් ඔය ලියුම ගෙදරට අහුවුනාම ඕකුන්ට ගහයියියියියියි........"

    (දෙක වසරේ වුනත් කොල්ලගේ වැඩ 10 වසරේ වගේ නේද?)

    ReplyDelete
    Replies
    1. පැතුම් සාදරයෙන් පිළිගන්නවා පහන්යාය ට..

      හැබෑටම දෙක වසරේ කොල්ලොත් මෙහෙම කරනවා කියලා ඇහුවමයි..එයාට තිබුනේ කැමතිද අහලා ලියුම ලියන්න නෙමෙයි..

      "මම දැන් ඔයාට කිව්වනේ මම ඔයාට කැමති නෑ කියලා..මට පාඩුවේ ඉන්න දෙන්න" කියලා ලියන්නයි :D

      Delete
    2. ෂාහ්... ඔයාට හිතෙන ඒවා.. ඇත්තටම එහෙම ලිවනම් එදා ඌ ගොඩේ ගොඩ තමයි.

      Delete
  18. අපි දෙන්නා ලව් ලෙටර් ලියලා ම නෑ, මම ඉස්සරවෙලා ම දුන්නේ කවියක්, ප්‍රතිචාරය හිනාවක්, ඒත් බෑ කිව්වනේ... ඊට පස්සේ තවත් අවුරුද්දක් විතර ට්‍රයි කරලා තමයි යන්තම් වැඩේ ගොඩදාගත්තේ! මේ මාර්තු වලට අවුරුදු 8ක් ඉවරයි!

    ReplyDelete
    Replies
    1. මේ මම ගිය අවුරුද්දේ ඒ ගැන ලිව්ව පෝස්ට් එක, වෙලාවක් තිබුණොත් ගිහින් බලන්නකො අක්කේ!
      …http://www.yeslahiru.blogspot.com/2011/03/blog-post.html

      Delete
    2. හරිම සතුටුයි..ඔන්න කියෙව්වා. දැන් එහෙනම් ඊ ළඟ පියවරත් තිව්වොත් හොඳයි නේද...අපිටත් මේ අවුරුද්දේ තමයි 8 වෙනි සංවත්සරේ තියෙන්නේ...:) සුබ පැතුම් ඔය දෙන්නාට..

      Delete
  19. හප්පා ලව් ලෙටර් නේද? මතක් වෙද්දිත් ආසයි. ලවු ලෙටර් ලියලා ලියලා අනන්තවත් දීලත් තියෙනවා. ඒ වගේම ලැබිලත් තියෙනවා. ආදරේ වැඩිවෙලා ලවුලෙටර් පොත් පිටින් දීලා තියෙනවා. හෙ හෙ... ඕකේ ජොලිම වැඩේ ඔවා ලියාගන්න බැරි යාලුවොන්ට ඒලා ලියල දෙන එක... :D

    ReplyDelete
    Replies
    1. ගෙහාන් වත් සාදරයෙන් පිලිගන්නවා මෙහාට...මේ ඉන්නේ හොඳ එක්ස්පිරියන්ස් තියන කෙනෙක් :) යාලුවොන්ට ලියල දෙන වැඩේ නම් මරු..අපිටනම් වැඩිය එහෙම කරන්න උනේ නැහැ. කෙල්ලෝ යාලුවොන්ට කියලා ලියවගන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්..

      Delete
  20. දැන් ආදර හසුන් ලිවීම සම්පූර්ණයෙන් නතරවෙලා. මේක වුණේ ජංගම දුරකථන සන්නිවේදනය ආවායින් පස්සේ. දැන් ආදරය එස්එම්එස් වලින්. හැබැයි ලවි ලෙටර් ලියූ කාලෙ සමහර ඒවා සාහිත්‍යමය අත්දැකීම්. ඒත අද එවුන්ට එහෙම වාසනාවක් වත් නෑ. ලව් ලෙටර් ලියපු කාලේ කඩදාසියෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ආයේ ස්පේස් එහෙස බෙහෙතකටවත් හොයාගන්න බෑ. ලියුමේ හතර මුල්ලේ සිංදු කෑලි 04 යි.

    මේන්න මේ වාගේ ඒවා තිබුනේ..

    "තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත
    ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත"

    "මධු මල ලෙස මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි"

    "අවසන් ලිපියයි ඔබට ලියන්නේ විරහ කඳුළු පෑනෙන්"

    ඒත් අද ඒ සාහිත්‍යමය රසය නූතන පෙම්වතුන්ට නැහැ. ගිය අවුරුද්දේ BMICH එකේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වුණු වෙලාවෙ ඒකේ වෙනම කලාපයක් නම් කරල තිබුණා "කැටපත් පවුර" කියලා.
    ඒක සංවිධානය කළ අයගේ අරමුණ වුණේ නැවත ආදර හසුන් ලිවීමට පුරුදු කිරීමයි.
    ඒකට ගියපු බොහෝ දෙනෙක් තමන් කැමති විදිහේ ආදර හසුන් ලියලා කැටපත් පවුරේ එල්ලලා තිබුණා.ඒවගේම ඒ සංවිධායකයන් ගියපු හැමෝටම ලස්සන කඩදාසියකුයි පැනකුයි දුන්නා අදාර හසුන ලියන්න.ඒ කියන්නේ දැන් ආදර හසුන් ලියන්නත් පුරුදු කරන්න වෙලා.

    බලන්න කාලය මැවු වෙනසක අරුමේ...

    ReplyDelete
    Replies
    1. ප්‍රේමයත් අස්ථීර වූ ලෝකේ පෙම්පත කෙසේනම් ස්ථීර වන්නද මිතුර..

      ආයේ පෙම් පත් ලියන්ඩ උගන්වන එකනම් විහිලුවක්.. හැබැයි ලෝකේ රවුම් හින්දා හැමදෙයක්ම ආයේ කැරකිලා එනවා..

      Delete
    2. පෙම් හසුන ලියන්න පුරුදු කරන එකනම් නියමයි :)) ඇත්තටම අපිට ඒවා ලියලා කිසිම පුරුද්දක් නැහැ නේ...දැන් තමයි මට මතක් උනේ..අපේ මල්ලිට ඇවිත් තිබුන ලියුමේත් සින්දු කෑලි තොගයක්ම තිබුන...

      "හුදෙකලා විරාමයේදී හමු වෙමුද ටිකක්"
      "ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්න නෑ"

      හැබැයි ඉතින් එස් එම් එස් යවද්දීත් ටිකක් කලාත්මක ඒවා තමයි යවන්නේ..ඒකත් නරකම නැහැ..
      බොහොම ස්තුතියි මේ විස්තර වලට..

      Delete
  21. අහල තීනවද මේ ජනප්‍රිය ලව් ලෙටර් එක.

    ඔයා රූට රූට ගෙර එන කල අම්ම මට කැ වුව
    ඔබේ අලේ නැති ජිතේ වඩයක්
    ඔයා නානවනං මං මූදෙ පැනල රෙනව

    තව දිගයි, මට මතක ඔච්චරයි!

    ReplyDelete
    Replies
    1. හපොයි මම නම් මේක අහලා නෑ :D මෙහෙම එකක් යැවුවොත් නම් කෙල්ල උඩින්ම කැමති වෙයි...

      Delete
  22. අපේ එකක් හහු උනා... මැතමැටික්ස් වලිං ලියල...

    කියිගෙන යද්දි ගණිතයට අනුව මොකද්ද වැරද්දක් අහු වෙලා.
    කියවන මිස් අහනව "මොකක්? එහෙම වෙන්නෙ කොහඅමද?"
    අහං හිටිය සර් කෙනෙක් කියනව "එ්ක අලුත් තියරි එකක්ලු"

    ReplyDelete
    Replies
    1. හරිනේ අලියෝ..ලියනවනම් තියරි වරද්දන්නෙ නැතුව හරියට ලියන්න ඕන..තව ඔය ඉලෙක්ට්‍රිකල් පෙම් පත්, පරිගණක පෙම්පත් එහෙමත් තියනවනේ දැන්

      Delete
  23. හෙ හෙ : මල්ලිට ඉන්නේ මාර යාලුවෝ නෙව.

    ඉස්සර වගේ නැති වුනාට තවමත් ලව් ලෙටර් හුවමාරු වෙනවා දුවේ.ලව් ලෙටර් කියන්නේ බොහොම බලගතු සන්නිවේදන ක්‍රමයක්.තාක්‍ෂණය කොයි තරම් දියුණු වුනත් ලව් ලෙටර් වල අගය අඩුවෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අන්කල් මාමා ව සාදරයෙන් පිලිගන්නවා මෙහාට...

      ඒක ඇත්ත, තාමත් ලව් ලෙටර් ලියන අය ඉන්නවා ටික දෙනෙක් හරි. අංකල් මයා ඇත්තටම මාමා කෙනෙක්ද නැත්නම් මාව බයිට් කරන්න දුවේ කිව්වද මන්දා :))

      බොහොම ස්තුතියි කමෙන්ටුවට..

      Delete
  24. මධු මල කියලා එකෙක් හිටියා අපේ පංතියේ...ඒක උගේ නික් නේම් එක....මධුමල ලෙස මුදු මගේ දයාබර .....ලියාගෙන එනකොටම ගනං සර් මුගේ පොත අස්සෙන් ලියුම එලියට ගත්තා...පන්තියටම ඇහෙන්න කියවන්න කිව්වා...මූ වෙලාවට ලියුම පටං අරං විතරයි...එදා ඉඳන් ඌ මධුමල.....

    ReplyDelete
    Replies
    1. හ හා...ඒකනම් නියම නම..අපරාදේ ලියුම තව ලියල තිබුනනං ඉතුරු ටිකත් අහගන්න තිබුනා..

      Delete
  25. ලව් ලෙටර්,,,,,, මටත් ලැබුන නොව සෑහෙන්න, කැම්පස් එකේදි තමා ෆෝන් එකට මාරු වුනේ... එතකන් ලව් ලෙටර් තමයි .... ලියන එකට වඩා අමාරුයි නෙව ඕව පරිස්සම් කරන්න ... ෆ්‍රිෆෙක්ට්ස් ලා ඕවා චෙක් කරන්න එද්දි පන්තියෙම ඒව එකට තමා හංගන්නෙ, පස්සෙ බෙදා ගන්නව එයාල ගියාම ......

    ReplyDelete
    Replies
    1. හහා...ඒකනම් නියම වැඩේ..බෙදා ගන්නකොට පැටලෙන්නේ එහෙම නැතුව ඇති..:)

      Delete
  26. හිකිස්................මටත් මතක් වෙනවා මාත් ඒ කාලේ දීපු ඔයවගේ ඒවා..හපොයි ලැජ්ජත් හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. මම දන්න විදියටනම් හරිම පුරුෂ දහිරියක් තියෙන්න ඕනලු නේද ඕවා දෙන්න..

      Delete
  27. මේ අපේ අත්තම්මා කීව කතාවක්. ගොඩාක් පරන. අත්තම්මා ඉස්කෝලේ උගන්නන කාලේ ඒ පන්තියේ හිටියලු ගෑනු ලමයෙක් ඉගෙන ගන්ට දක්ෂ කමක් නැති. පන්තියට පේනවාලු කෝච්චි පාර. මේ ලමයා අර කෝච්චියේ යන ගාඩ්ට ලියුමක් ලියලා අත්තම්මට අහුවෙලා. මෙන්න මෙහෙම එකක් තිබුනලු කියලා අත්තාම්මා අම්මාට කියලා හිනාවෙනවා මට තාම මතකයි.

    "දුම් රිය දකින කොට සිහිවෙයි ඔබෙ මුහුන"...හී හී...

    ඒ කාලේ තිබිලා තියෙන්නේ අර කලුපාට කෝච්චිලු...:)))

    ReplyDelete
    Replies
    1. හී හී...එයා එහෙනම් කළු කොල්ලෙක් වෙන්ටැ..මොනවා උනත් හරිම නිර්මාණාත්මකයි..

      Delete
  28. මට හම්බවෙන ලව් ලෙටර් ඔක්කොම මම පොතක් විදියට පබ්ලිශ් කරන්ට හිතාගෙන ඉන්නවා. ඒවා එච්චරටම ලස්සනයි. :D

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනම් හොඳ අදහසක් පොඩ්ඩි...:)

      Delete
  29. මේ කාලෙත් ලියුම් ලියන්න තිබ්බ නම් මරේ මරු.....:D

    ReplyDelete
    Replies
    1. දැනුත් ලියන අය ටික දෙනෙක් ඉන්නවලු :))

      පිස්සාවත් ආදරයෙන් පිළිගන්නවා ඔන්න..

      Delete
  30. මට මතක් උණේ වැලා දිනේ දවසට ළමයිව එළියට දාලා සිස්ස නායකයෝ පන්ති වලට පැනල බෑග් අවුස්සන එක... මට එහා පැත්තේ ළමය ගෙනත් තිබ්බ ටයිටැනික් කතා පොත... ඇහුවම කියපි මට දෙන්න ගෙනාවලු.. මට යක්ස තරහා... 8 වසරේදී ඒ... අක්කත් 85 ද? අපේ චූටි අය්යත් 85.. ඔක්තෝම්බර් හැබැයි.. අපි 90 ලු ....

    ReplyDelete
    Replies
    1. එහා පැත්තේ හිටි ළමයා කොල්ලෙක්ද..හී හී

      ආ..ඔව් නේ. අයියත් 85 ද. ඔයා එහෙනම් අපේ මල්ලිගේ වයසේ...අර ෆේක් ලව් ලෙටර් එක හම්බ උනේ එයාට තමයි...

      Delete
  31. හේ හේ මටත් වෙලා තියෙනවා ඔය වගේ සීන්.. මතක වෙද්දීත් හිනා :D

    ReplyDelete
    Replies
    1. හී හී...අපිටත් එව්වා කියන්නකෝ වර්ණා...

      Delete
  32. මහා සවුත්තු වෑඩක්නෙ කොරල තියෙන්නෙ.....මොන උනත් අපිනම් ඔය කොලයක් දෑකලම නෑ..මොකෝ අපිට ඉන්න එකක්යෑ....කවුරුහරි පින්වන්තයෙක් අපිටත් ඔය වගෙ කොලයක් බලාගන්න දාන්න පුලුවනන්නම් ලොකු හයියක්

    ReplyDelete
    Replies
    1. හි හි...එහෙම කියන්න එපා අනේ...මලයා ගැන හොයන එක අපේ යුතුකම නේ...මාත් හරි ආසයි එහෙම කොලයක් බලන්න නම්..

      Delete
    2. හෙ හෙ හොද ලියුමක් බලාගන්න ඈතිනෙ අක්කා????දබානෙන් ආපු එක

      Delete
    3. ඔව් ඔව්, ඒක නම් මාරු...:)

      Delete
    4. ඔන්න ඒකත් දැම්මා...

      Delete
  33. ලව් ලෙටර් ගැන කියද්දී, මම නම් ආදරේ ප්‍රකාශ කොරලා කාටවත් ලියුම් දීලා නෑ. අද වෙනකල්ම කාටවත් ආදරේ ප්‍රකාශ කොරලත් නෑ... (නෝනිට වුනත් !!!) ලියපු එකම ලියුමත් ටයිප් කරලා ප්‍රින්ට් කරලා ලස්සනට නවලා එහෙම දෙන්න හිටියත් දෙන්න බැරිවුනා. අවුරුදු ගාණක් ඒක ලඟ තිබිලා අන්තිමට නෝනිටත් පෙන්නලා, එයාගෙන් නෝන්ඩියකුත් කාලා තමා ඒක විසිකලේ... ඒ ඇරෙන්න ඉතින් ලව් ලෙටර් මතක නම් වෙන නෑ.

    අපේ එවුන්ට ලව් ලෙටර් ලියන්න උදව් නම් කරලා ඇති ඕනෙ තරම්... මොකද 9-10 ඉඳලම මගේ සිංහල ලියවිල්ල සෑහෙන ජනප්‍රියයි නේ...

    දැන් එවුන්ට මොන ලව් ලෙටර් ද ? ෆෝන් / sms පවා අභාවෙට ගිහින්... බුකියයි, ඊ-මේලුයි නේ දැන් ට්‍රෙන්ඩ් එක... අනේ කාලේ... !!!

    ReplyDelete
    Replies
    1. //එයාගෙන් නෝන්ඩියකුත් කාලා තමා ඒක විසිකලේ// ඒක නම් ෂෝක් වැඩේ...:) ඒ කියන්නේ ලියුම දෙන්න කලින්ම දෙන්නා සෙට් වෙලා වගේ...අපිනම් ආසයි ඒ කතාවත් දැන ගන්න (කැමතිනම් විතරක් :)

      කතාව ඇත්ත...දැන් මූණු පොත් කෙරුවාව නිසා ඔව්වා සිම්පල් නේ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...