Monday, February 13, 2012

මගේ ප්‍රථම ආදර හසුන

දයාබර ඔබට,

"ඇයි බන් මට "හා" කියන්න අච්චර කල් ගත්තේ?" තාමත් හිටපු ගමන් ඔයා එහෙම අහනවා.

"කොල්ලොන්ව කොහොමද එක පාරට විශ්වාස කරන්නේ" මාත් ඒ වෙලාවට නෝන්ඩියක් දානවා...

අනේ මන්දා...ඒ දවස්වල යාළුවො නම් ඇහුවේ ආපු යෝජනා වලින් හොඳ එක තෝරනවා නේද? කියලා. ඉටි ගෙඩිය :) එච්චර තෝරන්න 50 ක් 60 ක් හිටිය එකක් යැ. තේරිල්ල කෙසේ වෙතත් එහෙම අහපු ගමන් "හා" කියන්න පුලුවන්ද? තනි අකුරේ වචනයක් උනාට ඒක බොහොම භයානක වචනයක්නෙ. අනික එතකොට මට 19 ලැබුවා විතරයි :-\.

 උත්තරයක්‌ දෙන්න කල් ගියාට අන්තිමේ දී,  අහස පුරාම පියාඹපු කිරිල්ලියෙක් ඇවිත් යෝධ ගහක අත්තක වහනවා වගේ මමත් ඔයාට "හා" කියලා කිව්වේ ආපහු යන්න හිතා ගෙන නම් නෙමෙයි. ගහ ගැන සම්පුර්ණ විශ්වාසය තියලා කූඩුවත් ඒ අත්තෙම හදන්න හිතා ගෙන....

ඉතින් පහුවදාම ඔයා නම් මම ගැන ගෙදරට කියල තිබුණා. හපොයි...ඒත් මම? අපේ පවුල් වල වැඩිමල් ම කෙනා මම. අනිත් ඇච්චෝ බැච්චෝ එකෙක්ටවත් ආදර සම්බන්ධයක් ගැන එක්ස්පිරියන්ස් නැහැ. එහෙව් එකේ මම කොහොමද පොර වගේ ගෙදර ගිහින් ඕක කියන්නේ...අම්මටනම් වටින් ගොඩින් මීටර් වෙන විදියේ කතා ටිකක් මම කිව්වා..හලේ ඒත් තාත්තටනම් කියන්න බෑ :( .ගෙදරට නොකියා එකට බස් එකේ යන්නවත් අකමැති වුනු ඔයා අන්තිමේදී ගෙදරට කියන වැඩේටත් ඉදිරිපත් උනා. ඒ ක්‍රෙඩිට් එක ඇත්තටම යන්න ඕනේ ඔයාගේ අම්මට යි තාත්තට යි. කෙලින්ම අපේ ගෙදර ගිහින් සතුටු සාමීචියක් දාලා  හරිම සරල විදියට වැඩේ කරලා, කැම්පස් එකේ ලයිබ්‍රියේ හිටපු අපි දෙන්නට කෝල් එකකුත් දුන්නා "ඔන්න පුතේ දැන් දෝණි අපේ" කියලා. හැබැයි ඉතින් ඒක එච්චර සරල විදියට ඉවර උනේ කුල, මල, තරාතිරම ඔක්කොම කණාවට වගේ ගැලපුණ හින්දා කියලා මට හිතෙනවා.

ඉතින් කූඩුව හදන්න මම තෝරගතිපු  අත්ත හිතුවටත් වඩා ශක්තිමත් කියලා තේරෙන්න වැඩි දවසක් ගියේ නැහැ. හප්පේ...කිරිල්ලියෙකුට ඊටත් වඩා සතුටක් කොහෙන්ද? අවුරුදු ගානකට පස්සේ ඒ කූඩුවත් හදාගෙන මුතු ඇටේට ගොඩක් දුර අපේම පුංචි ලෝකෙකට ඉගිලිලා ඇවිත් අවුරුදු 2 කටත් වැඩි උනත් මට දැනෙන්නේ තාමත් අද ඊයේ වගේ.

කෙල්ලෙක් ජිවිතේ දෙපාරක් උපදිනවා ලු. මුල් වතාවට ඉපදෙද්දී අම්මා, තාත්තා, නෑදෑයෝ, තාත්තගේ වාසගම, මේ හැමදේම ලැබෙනවා. විවාහයේදී  තවත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, අලුත් නෑදෑයෝ රොත්තක්, ආදරණීය සැමියෙක් විතරක් නෙවෙයි, අලුත් තාත්තා ගේ වාසගම ත් ලැබෙනවා. ඉතින් කෙල්ලෙක්ගේ දෙවැනි උපත විවාහය කියල කිව්වොත් ඒක හරි. පළමු උපත සිද්ධ වෙන්නේ අපිට ඕන විදියට නෙමෙයි. ඒත් දෙවැනි උපත ගැන හොඳ තීරණයක්‌ ගන්න අපිට බැරි කමක් නැහැ. ඒ අතින් මගේ තීරණය ගැන මට ගොඩක් සතුටුයි. ඒ තීරණය නිසා කවදාවත් මම පසු තැවිලා නැහැ. මගේ ජිවිතේ මම ගත්තු හොඳම තීරණේ ඒක...

දැන් අපේ ආදරේට අවුරුදු 7 ක් ඉවරයි. විවාහයට  අවුරුදු 2 ක් ඉවරයි. තාමත් පොඩි ළමයි දෙන්නෙක් වගේ පිස්සු නට නට හිටියට එතනින් එහාට යන්න දවසක් එයි. සේරම කෝලං දෙන්නා ඉන්නකං විතරයි කියනවනේ. ඒවා ඉතින් එතකොට බලමුකෝ නේද? :)

ඉස්සර ලෝකේ පෙරලුනත් ගානක් නැතුව හිටපු මට අද ඔයා නැතුව එක දවසක් ගෙවා ගන්න අමාරුයි. දවස්‌ කීපෙකට ඔයා කොන්ෆරන්ස් එකකට ගියපු වෙලාවේ පාළුවේ ඉඳලා එපාම වෙලා අන්තිමට "ධීවර බිරිඳ" කවි ටික ලියලා බ්ලොග් එකේ දැම්මා. මම මෙච්චර බොළඳ උනේ කොහොමද කියල නම් තාමත් හිතා ගන්න බැහැ.

සිංහල බ්ලොග් එකක් බදා ගෙන ටෙක් බ්ලොග් එකේ මකුණු දැල් බැඳෙනවා කියලා මුලින් මට සැර දැම්මට දැන් නම් දවස ගානේ සිංහල බ්ලොග් එකේ අලුත් පෝස්ට් එකක් දැම්මද කිය කියා අහන ඔයාට, පෝස්ට් එකේ පබ්ලිෂ් බට්න් එක ඔබපු ගමන්ම

"ඔන්න මම පෝස්ට් එකක් දැම්මෝ" කියලා කියන එක මගේ සිරිතක් උනත් අද නම් මම මේ පෝස්ට් එක දැම්මා කියලා ඔයාට කියන්නේ නැහැ. නැත්නම් ඉතින් පෝස්ට් එක අකුරක් නෑර කියවලා මටත් කලින් ගිහින් කමෙන්ට්ස් වැටිලද බලලා, ඒවත් කියවලා තමයි ඔයා නවතින්නේ. එහෙම කරනවට මම කැමතියි තමයි..

ඒත් මේක ඔයා ඉක්මනටම දකියි :) ඊට පස්සේ...
"හොර පූසි, මට කිව්වේ නෑ නේද?" කියලා අහගන්න වෙන ලස්සන බැනුමට මම ඊට වඩා කැමතියි.

මේ අවුරුදු දෙක පුරාවට ම අම්මා තාත්තා ළඟ නැති අඩුව මට නොදැනුනේ ඔයා නිසා. තාත්තගේ විතරක් නෙමෙයි අම්මගේ ආදරෙත් දෙන්න ඔයාට පුළුවන්. ඔයා දන්නවද මම හරිම කැමතියි ලෙඩ වෙන්න :)   එක අතකින් ලැපේ ටයිප් කරන ගමන් අනිත් අතින්, මට නින්ද යනකන් ඔලුව අතගාන ඔයාගේ ආදරේ විඳින්න. ඉතින් හෙම්බිරිස්සා දාහක් හැදුනත් මොකද?

පොඩ්ඩ ඇත්තන් තද වෙන මම වගේ නෙමෙයි, හරිම කලාතුරකින් තරහ යන ඔයා වචනයක් කිව්වොත් ඒක මට දරා ගන්න අමාරු, ඔයාගේ එක වචනයක් මගේ වචන දාහකටත් වඩා  බර නිසා වෙන්න ඇති. මම වැටුණු හැම වෙලාවකම නැගිට්ටපු, මගේ හිත හදපු, ඕනම ප්‍රශ්නෙකදී මගේ ලඟින් ඉඳපු, කවදාවත් නොහිතපු තරමේ ආදරයක් මට දීපු ඔයා ට, ඒවායින් දහයෙන් එකක් වත් මම දීල තියද කියලා මම දන්නේ නැහැ.

සංසාරේ හැමදාම මගේම වෙන්න කියලා ඔයාගෙන් ඉල්ලන්න මට අයිතියක් නැහැ. ඒත් මම නම් හැමදාට ම ඔයාගෙමයි.
හෝව් හෝව්...කොල්ලොන් ගේ ඇස් වල කඳුළු පිරෙනවා දකින්න මම පොඩ්ඩක්වත් කැමති නැහැ...

මෙයට,
ඔයාගේ
සුවිට් වයිෆ්



ප. ලි. හිතේ තියන දේවල් කියනවට වඩා ලියන එක ලේසි හින්දාත්, අපි කවදාවත් වැලන්ටයින් සමරලා නැති හින්දාත් මේ පාර වැලන්ටයින් එකට තෑග්ගක් විදියට ඔයාට මේක දෙන්න හිතුවා. මගේ ඇත්ත නමින් බ්ලොග් නොලියන එක හොඳයි නේද? නැත්නම් මේ වගේ එකක් බ්ලොග් එකේ දාලා කොහොම වසන්නද අපි :D

ප. ප. ලි. මේක ලියන්න ගිහින් තමයි අද හොඳටම පරක්කු උනේ..ඔයා හිතුවේ මට වැඩ හිර වෙලා කියලා නේ...හිකි හිකි...

                                                         ~~~~~~~~~~~~~~~~~~
මගේ යාළුවො හැම දෙනාටම සුබ වැලන්ටයින් දිනයක් වේවා...ජිවිතේ හැම දවසක්ම වැලන්ටයින් දිනයක් බවට පත් වේවා. අනාගත බලාපොරොත්තු සඵල වේවා...හැමෝගෙම ජිවිත ආදරෙන් පිරේවා..යයි මුළු හදින්ම පතමි...

82 comments:

  1. සෝ ස්විට අක්කේ :D :D :)))

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු චම්මා මල්ලි...:)

      Delete
  2. ආදරණිය ලියමනක්.මට ඔයා ගැන ගෞරවයක් ඇතිවුනා.එත් ඔයාගේ පොස්ට් වලින් කමෙන්ට් වලින් හිතාගන්න බැහැ ඔයාට කෙන්තියන කෙනෙක්ද කියලා.මේ පොස්ට් එක කියවද්දී ඔයා ගැන ගොඩාක් දේවල් දැනුනා (ගෞරව හිතෙන වගේ දේවල්)

    වේලාවකට ඔයාගේ හස්බන් එක්ක ඉරිසියත් හිතෙනවා අප්පා.

    දැන් වගේම තව චිරාත් කාලයක් ආදරෙන් ඉඳල බබාලා 25 ක් විතර හදන්න ලැබේවා!!.

    ~~අසර් මල්ලි.~~

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි...බ්ලොග් ලියද්දි නම් මට තද වෙන්නේ නෑ :) ඒත් ඉතින් හිටපු ගමන් සෝඩා බෝතලේ අරිනවා...ඔන්න බලන්නකෝ අසරණ මල්ලිටත් කවුරුහරි ළඟදීම මේ වගේ එකක් ලියන්නේ නැද්ද කියලා. හපොයි...25 ක් නම් වැඩියි වගේ :0 මොනවා උනත් බොහොම තැන්කු

      Delete
  3. විශ්ෂ්ටයි. මම දැක්ක හොදම ආදර හසුන. දෙන්නටම සුභ අනාගතයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ්...එහෙනම් මගේ පළවෙනි ආදර හසුන සාර්ථකයි :)

      Delete
  4. පුහ්හ් මාරයිනෙ.....අයියා තනි අතේ වෑඩ කරුවෙක් වගෙනෙ....මොනා උනත් ඉතින් ඔන්න අපෙනුත් පෑහදිලි අනගතයකට සුබ පතුම්!!!

    ReplyDelete
    Replies
    1. හි හි...ස්තුතියි එල කොල්ලා මල්ලි...

      Delete
  5. එළ එළ නියමයි...අපිටනං හැමදාම වැලන්ටයින්......

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..හැමදාම වැලන්ටයින් නේන්නම්...:)

      Delete
  6. හදවත පසාරුකරගෙන යන ලියුමක්. ඔයාල දෙන්නගේ ආදරේ පිරිලා ඉතිරිලා ගිහින් තුන්වැන්නෙකුත් ඉක්මනට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ෂුවර්එකටම මේ පෝස්ට් එක දැකලා ඔයාගේ මහත්තයා හොර පූසි කියලා ඔයාගේ නහය මිරිකාවි. (අත්දැකීමක් නෑ හොදද මට ඒ ටික කියවද්දී එහෙම හිතුනා.)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බට්ටියෝ...ඔයා කියපු විදිය හරි..හැබැයි නහය නෙමෙයි කන :D ඔයාගේ ප්‍රර්ථනාවටත් බොහොම ස්තුතියි...

      Delete
  7. ගොඩක් ලස්සන ආදරයක්.. ඔයාලගේ අනාගතය තව තවත් වාසනාවන්ත වේවා කියල ප්‍රර්ථනා කරනවා අක්කේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිතුම් පැතුම්..ඔයාටත් එසේම වේවා...

      Delete
  8. ane mata andunaa.. hondata.. echchrata adere danenawa..
    mulu sansarema ekata inna, me wagema aderen.. suba pathum!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාටත් අපි දෙන්නගෙන්ම, ලස්සන සුබ පැතුමට...

      Delete
  9. හරිම සංවේදීයි අක්කා...ඔන්න මං ඔයාගෙ වයසත් හදා ගත්තා හොදේ.... ;))

    ඔයාගෙ මහත්තයත් හරිම හොදයි වගේ පේනවා.ඉක්මනටම තුන් පත් රෑනක් වීමට ලැබේවා හොදද???:)))

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගා...තුන් පත් රෑනක් වෙන්න ඉක්මනටම බැරි එකනේ අවුල...:)

      හි හි...කලින් පොස්ට් එකේදිත් කට්ටිය වයස හදලා තිබුනා..දැන් ඉතින් ප්‍රසිද්ධ රහසක් නේ..හරියටම 27 යි මාසයයි.. :D

      Delete
  10. සෑහෙන්න ආදරයකින් ලියලා තියෙනවා මේ වගේ ආදරයක් දෙන්න ඔයා කොයිතරම් හොඳයිද කොල්ලා කොයිතරම් වාසනාවන්තද මටත් කවදමහරි මෙහෙම පෝස්ට් එකක් මේ වගේ දවසක දාන්න ඕනේ කියලා හිතුනා.... කොල්ලන්ටත් කඳුලු එනවා තමයි මෙහෙම ඒවා කියවද්දි මොකෝ අපිත් මනුස්සයොනේ...... අවුරුදු දෙකක් මේ තරම් දඟකාරව ඉන්න එක කොයිතරම් දෙයක්ද මට හිතුනෙම තුන්වෙනියෙක් නැති නිසා තමයි ඒ කියලා (මං වැරදිද දන්නේ නෑ) ඒත් මමත් කවදහරි තුන්වෙනියෙක් ගේන එක තිස් තුන් පාරක් වත් හිතනවා අනිවා... ආදරේ බෙදන්න වෙයි කියලා හිතෙනවා නැත්තම්... ඕං දැං හැමෝම සෙට් වෙලා නෙලන්න ගනීද දන්නේ නෑ මට.... හි හි සුභ පතනවා අක්කේ හැමදාටම මේ සතුට මීටත් වඩා වැඩියෙන් විඳින්න ලැබේවා කියලා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගැමියා මල්ලියෝ...ඔයාටත් මෙහෙම එකක් ලියන්න පුළුවන් වෙනවා කියලා නම් හොඳටම ෂුවර්...තුන් වෙනියෙක් ඉන්නකොට මෙහෙම ඉන්න බැරි උනත් මිට වඩා වැඩි වටිනා කමක් තියේවි කියල හිතෙනවා...ආදරේ බෙදන එක ගැන නම් ප්‍රශ්න එනවලු තමා එතකොට...ඔය දන්න අය එහෙම කියන්නේ, මම නම් දන්නේ නෑ ඔන්න :) ඔයාටත් නුවර කුමාරිහාමි ටත් සුබ වැලන්ටයින් දිනයක් වේවා...:)

      Delete
    2. ගැමි මල්ලි, දෙක තුන වෙලා පස්සේ හතර පහ වුනත් ආදරේ බෙදෙන්නේ නෑ...

      අපේ නෝනිත් ඔය ගැන නෝක්කාඩු කිය කිය ඉන්නේ 3 වුනාම එයාට ආදරේ අඩු කරයි කියලා...

      ලොකු කපල් එක ෂෙයා කරන් ඉන්න ලව් ඩිස්ක් එක ආයෙත් පාටිෂන් වෙන්නේ නෑ. පොඩ්ඩෙක් ආවම සිස්ටම් එකට අළුතෙන් ඩිස්ක් එකක් එකතු වෙනවා... එතකොට අළුතෙන් ආදරේ පුරවන්න තියෙන්නේ අළුත් ඩිස්ක් එකට. අර පරණ ලව් ඩිස්ක් එකෙන් ආදරේ අරන් අළුත් එකට දෙන්න වෙන්නේ නෑ...

      ඔය මගේ තියරි හොඳේ... සියළු හිමිකම් ඇවිරිණි... (:P)

      Delete
    3. මගේ වෙන්න නෝනිත් ඕකම කිව්වා හි හි එල එල අයියේ.... ඕකනේ කියන්නේ දන්න අයගෙන් අහන්න ඕනි කියලා

      Delete
  11. Well written.
    Congratulations and a Happy Valentines day.....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබා මාමේ...එසේම වේවා ඔබ දෙපළටත්...

      Delete
  12. අවංකව ම මාරයි අක්කේ. ඔයා නං ගොඩක් වාසනාවන්තයි වගේ. හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි එලිෆාස් එහෙම කිව්වටත්...ඔයාටත් එසේම වේවා කියලා පතනවා...

      Delete
  13. අක්ක මාරයි ඈ... පළමු පෙම් හසුන ලියන්න කසාද බැඳලත් අවුරුදු දෙකක් උන්නනේ..:)))
    හරිම අපූරුයි අක්කේ.. ආදරේ හිතෙනවා ඔයාල දෙන්නටම..

    ReplyDelete
    Replies
    1. එකනේ නංගි...යන්තම් දැන්වත් ලියාගත්තා. නැත්නම් ලියවෙන්නෙම නැහැ මේක :)ඔන්න අපි දෙන්නම ඔයාට ස්තුතියි කියනවා.. :)

      Delete
  14. ආදර සැමරුම් කැටි වුණ තිලිණය හරිම අගෙයි, අදට විතරක් නොවේ මුලු ජීවිතය පුරාවටම.. සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබතුමාටත්...අපි දෙන්නගෙන්ම..

      Delete
  15. ඔයාලා දෙන්නට මේ වගේ හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා පතනවා අක්කේ.. හරිම ආදරණීයයි..

    වැඩක් කියන්නද.. ලංකාවේආපු දවසකට මට නම් ඔය ලස්සන ජෝඩුව බලන්නම ඕනේ.. :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රර්ථනා නංගෝ...අනේ ලංකාවට ආවොත් අපිත් මාර ආසයි ඔයාලව බලන්න...ගෙට් එකකදි වත් සෙට් වෙමුකෝ..

      Delete
    2. ඔන්න අසරණයවත් හම්බ වෙන්න හොඳේ...

      Delete
  16. දෙයියන්ගෙ පිහිටෙන් බුදුන්ගෙ සරණින් ඔය ආදරේ දිගටම පවතින්න කියල සුභ පතනවා......

    ReplyDelete
    Replies
    1. හොඳ හිතෙන් කරපු ප්‍රාර්ථනාව ට බොහොම ස්තුතියි පිස්සා...

      Delete
  17. තුටින් සැපෙන් හැමදාම ඉන්න ලැබේවා..
    ආදරය ඉතිරෙන ලියුමක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රූ ඔයාටත්...ඔයාටත් ඒ ප්‍රාර්ථනාව එහෙමම කරනවා ඔන්න..

      Delete
  18. නියමයි අක්කේ.. මේකට දෙයක් කියන්න අපි පොඩි වැඩියි.. ඒ නිසා ඔයාලාගේ ආදරේ හැමදාම මේ වගේ තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. සුභ අනාගතයක් අක්කේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් මල්ලි එහෙනම් අවුරුදු 3 කින් කියන්නකෝ :) බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රාර්ථනාවට...ඔයාටත් සුබ අනාගතයක්..

      Delete
  19. ආදරය පිරිච්ච වාසනාවන්ත ජීවිත දෙකක්.මේ සතුට දවසින් දවසම වැඩිවෙන්න කියන ප්‍රාර්ථනා කරනව බොක්කෙන්ම.

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රාර්ථනාවට බොහොම ස්තුතියි කස්සා, අපි දෙන්නගෙන්ම...

      Delete
  20. ෂා..දෙන්නට හැමදාම ඔයවගේ ඉන්න ලැබේවි ..අපි නම් ලියුම් මිටි ගණන් ලිව්වා . හමුවෙන දවසට දෙන්න සතිය පුරාම දිග ලියුමක් ලිව්වා . ඒ ඊළඟ සතියම කියවන්න . ලියුම පොඩි වුනොත් නෝක්කාඩු . ඇත්තමට ලස්සනම කාලයක් ඒක. මේ පෝස්ට් ඒක අපේ පොඩි කුමාරි නඟා දැක්කේ නැද්ද ..ඔය ඉන්නේ ඔලුව අතගගා ඉන්න සැමියන් තවම .

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තුතියි බින්දි අක්කේ...අක්කලා නම් හොඳට ලියුම් මාරු කරගෙන වගේ ඒ කාලේ...ඇත්තටම සුන්දර ඇති..පොඩි කුමාරිහාමි නම් තවම දැක්කේ නෑ මගෙ හිතේ..:) එහෙම සැමියෝ ගොඩක් ඉන්නවා කියලා මටත් හිතෙනවා අක්කා..

      Delete
    2. අපොයි ඔව්.. මොකද නැත්තේ.. මේ ඉන්නෙ....

      Delete
  21. සතුට සදා කල් රැඳේවා! :) :) :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අලියා :)

      Delete
  22. ඔය දෙන්නගේ ආදරය සදාකල් රැදෙන්න ඕනා !!!!
    ජය වේවා සයුරි අක්කා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධූ මල්ලි..ඔයාටත් ජය වෙන්න ඕනා :)

      Delete
  23. ෂඃ .. නියමයි.. හොඳම ඝනයේ ලව් ලෙටර් එකක්..

    දෙන්නටම සුබ අනාගතයක් පතනවා.. !!!

    වැලන්ටයින්......පිස්සු විකාර... මටනම් ඔය ගොන් පාට්.. පේන්ඩ බැහැ..

    ඕක හැදුන විදිහ දන්නවනම් ඔය විකාර කරන්නෑ කට්ටිය.. දන්නැති අය සෑමව අමතන්ඩ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති වේවා සෙන්නා...ඕක හැදුන විදිය දැන ගන්න අපිත් කැමතියි...නැද්ද ලින්ක් එකක්වත්...

      Delete
    2. දෙන්නංකො.. මෙන්න ලින්ක් එක...

      http://samindikasrimantha.blogspot.com/2012/02/blog-post_13.html

      Delete
    3. තෑන්ක්ස් සෙන්නා...

      Delete
  24. මේ ආදර හසුනින් ඔයාගෙ හස්බන්ඩ්ට ඔයාගෙ ආදරේ ඕනවටත් වඩා දැනෙයි..එහෙනම් කෝමද මේ ආත්මෙ විතරක් ඔයා හොයාගෙන එන්නෙ..සහතිකවම හැම ආත්මෙකම ඔයාවම හොයාගෙන එයා එයි..ඔයාල දෙන්නටම වාසනාවන්ත සොඳුරු අනාගතයක්..හැමදාම සතුටින් ඉන්න.. :-)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිත් රූ...ඇත්තටම ඔයා කිව්ව දේ හරි යනවනම් කොයි තරම් හොඳද..ඔයාගේ ප්‍රාර්ථනාව ටත් ස්තුතියි...ඔයා කිව්වා වගේ මම හිතුවටත් වඩා තෑග්ග සාර්ථකයි :) මේක ලියන්න මෙච්චර පරක්කු උනේ ඇයි කියල හිතුනා..

      Delete
  25. ලස්සන ආදර කතාවක් නේ අක්කෝ... කතාවක් ලියන්නකෝ..
    අක්කිගෙ ප්‍රථම පෙම් හසුන නම් උපරිමයි.. නියමයි..
    අක්කිටයි,අයියටයි වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
    ආදරණීය ආදරවන්තයින්ගේ දිනයක් වේවා! :)

    ReplyDelete
    Replies
    1. අනේ අයිස් නංගෝ..කතා ලියන වැඩේ නම් ඔයාට වගේ ලස්සනට මට කරන්න බැහැ :) ඒ නිසා මම ඒවාට අත නොගහ ඉන්න එක හොඳයි වගේ..:)) ඔයාගේ සුබ පැතුමට බොහොම ස්තුතියි...ඔයාටත් එසේම වෙන්න ඕන ඉක්මනට..

      Delete
  26. අහ්: කියවන්නත් ආසයි මේ වගේ පෝස්ටු..සුබ පැතුම් අක්කට තවත් ජීවිතේ ලොකු ගමනක් යන්න..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තරූ මල්ලි සුබ පතුමටත්...කමෙන්ටුවටත්...:)

      Delete
  27. ඇත්තටම කිව්වොත්.... ඇඬෙනවා...!!!

    ඔයාගේ හසුනේ ස්ත්‍රී පුරුෂ මාරු කොලොත් නෝනියි මායි වගේ...! අපි දෙන්නත් උඹ / බං / බොලන් තමා කථාව... බැන්දයි කියලා පිස්සු කෙලින්න එපාය කියලා කොයි පොතේද තියෙන්නේ නේද ? අපි වලියක් එහෙමත් ඇදගෙන ෆුල් සොමියේ ඉන්නවා...!!!

    අපේ නෝනිත් ඔයාගේ මහත්තයා වගේ තමා... බ්ලොග් එක පාළු වෙනවා නේද ? පෝස්ට් දාන්නැද්ද ? විසිටර්ස්ලා කඩා ගන්න එපා... කියලා එක යුද්ධයයි. පෝස්ට් එකක් දාන්න කලින් ෆෘප් බලන්නේ එයා. දැම්මට පස්සේ මුලින්ම කියවන්නේත් එයා. ඒ වගේම අනිවාර්යයෙන් හැම කමෙන්ට් එකක්ම කියවන්නත් ඕනේ !!!

    අප්පේ මේක දැන් මායි නෝනියි ගැන හසුනක් වගේනේ... අර කලිනුත් කවුද කිව්වා වගේ සයුරිට කේන්ති යන බවක් පෝස්ට් වලින් පේන්නේ නෑ. ඒත් කොයිකටත් මීට පස්සේ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ... :P

    අපි දෙන්නා නම් වැලා සමරන්නේ නෑ. ඒත් මේක නම් හොඳම තෑග්ගක් කියලා කටපුරා කියන්නෝනේ... සයුරිගේ මහත්තයා ගැන ඉරිසියා කරන්නේ මොකටද ? අල්ලපු වත්තේ වතුසුද්ද මොකටද ? ගේ දොරකඩම රෝස පඳුරක් පිපිලා තියෙද්දී...

    ඔන්න දෙන්නටම මගෙන් ආසිරි... !!! අසර් කිව්වා වගේ 25 නෙවෙයි, 4-5 ක් වත් හදාගන්න ලැබේවා... ජයෙන් ජය !!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තුතියි චතුරංග දිග කමෙන්ටුවට...ඔව්, ඔය දෙන්නත් ඒ වගේ තමයි කියලා ඔයාගේ ගොඩක් පෝස්ට් වලින් පේනවා..ඒක ඇත්ත...බැන්දා කියලා අමුතුවෙන් ශාන්ත දාන්ත වෙන්න ඕන නැහැනේ (අම්මලා එක්ක ජිවත් වෙන්නේ නැති අයට. අනිත් අයටනම් පොඩ්ඩක් වෙනස් වෙන්න වෙනවා මගේ හිතේ). පොඩි පහේ වලියක් ගිහින් ඒක ඉවර උනාම කලින් හිටියටත් වඩා හොඳයි...හි හි.

      හි හි...කේන්තිත් යනවා ඉඳලා හිටලා. අපිත් වැලා නම් සමරලාම නැහැ..ආ 4-5 නම් ශේප් වගේ :)) ඔයාල දෙන්නටත් ඒ ප්‍රාර්ථනාවම කරනවා ඔන්න...

      Delete
  28. වාසනාවන්ත අනාගතයකට සුභ ප්‍රාර්ථනා මගෙනුත්.... මේ ආදරේ ඔබ දෙපළ අතර සදාකල් රැඳේවා...!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මියුරු අක්කා ඔයාගේ සුබ පතුමටත්...:)

      Delete
  29. හරි අපුරු ලියමනක් දරුවෝ.සංවේදියි.හරියට හිතට වැදුනා.අපිට මෙහෙම දැනුනනම් දුගේ මහත්තයාට කොහොම දැනේවිද?

    මගේ ලගනම් පරණ ලියුම් මිටියක්ම තියෙනවා.පෙම් හසුන්වල වවටිනාකම තියෙන්නේ කටින් කියාගන්න බැරි හුගක් හැගීම් අකුරුවලින් කියන්න පුළුවන් හින්ද.දු වුනත් මේ ටික ලියන්නේ නැතුව කියන්න ගියානම් කියාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා.පෙම් හසුනක් ලැබුනම දැනෙන්නේ පුදුමාකාර හැගීමක්.ඒක වචනවලින් විස්තර කරන්න බැහැ. ඒ හැගීම දැන් දුගේ මහත්තයාට දැනෙනවා ඇති...

    ReplyDelete
    Replies
    1. ඔබටත් හදවතින්ම ස්තුතියි අංකල් මාමා. ඒ කතාවනම් සහතික ඇත්ත...මටනම් මේ ටික කවදාවත් කටින් කියා ගන්න බැහැ. එහෙම බලනකොට පෙම් හසුන් කියන්නේ පුදුමාකාර වටිනාකමක් තියන දෙයක්. ඒ පරණ ලියුම් මිටිය තවමත් ආරක්ෂා කරගෙන තියෙන්නේ ඒක නේ...ඔව් අංකල් මාමේ,තෑග්ගක් දීලා ජිවිතේ විඳපු හොඳම සතුට මේක නිසා මට ලැබුණා.

      Delete
  30. ඔයාගෙ ඔය ලස්සන අඅදරේ සදාකාලිකවම, ජීවිත කාලෙ පුරාවටම තියෙන්න කියලා මම සුභ පතනවා අක්කේ!!! ඔයා වාසනාවන්ත කෙල්ලෙක්..හරිම ලස්සන හුරුබුහුටි ආදරයක් ඔයාට තියෙන්නෙ.. ඔයාල දෙන්නාව දෙයියෝ බුදුන් ආරක්ෂා කරන්න ඕනෙ..

    ජය වේවා!!!

    ප.ලි- ප්‍රාර්ථනා අක්කි කිව්වා වගේ මටත් ඔයාල දෙන්නව බලන්න ආස හිතුනා හෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හිතු නංගියෝ...සුබ පැතුමටත්, ප්‍රාර්ථනාවට ටත්. අපිටත් හිතිලා තියෙන්නේ ඔයාලව කොහොම හරි බලන්න ඕන කියලා :) බලමුකෝ කවදාහරි. ඔන්න එහෙනම් ඔයාටත් අනාගතේදී ඒ වගේම ලස්සන ආදරයක් ලැබෙන්න කියලා පතනවා.

      Delete
  31. අවංක ව කරන දේවල් කවදාවත් වරදින්නේ නෑ අක්කේ! සුබ පැතුම් ඔයාලාට! මැරෙනකල් ම එකට ම ඉන්න ලැබෙන්නෝන!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලහිරු මල්ලි...මේ සුබ පැතුම් බොහොම වටිනවා..

      Delete
  32. අදනේ බොලේ මේක කියෙවුවෙ... ලෙටෙරය පස්ටයි. ජීනි මායි ඉස්සර ෆෝන් තහනම් කාලේ ලවු ලෙටර් ලිවේ පොත් වල... හම්බෙන විනාඩි කීපයට ලවු ලෙටර් නෙමේ ලවු පොත් දුන්නේ.. ;)

    සැමදාම ඔය වගේ ආදරෙන්ම ඉන්න ලැබේවා.. සුභ පැතුම් අපෙන්..

    ReplyDelete
    Replies
    1. ලව් පොත් දෙනකොටනම් වැඩිය කාටවත් මීටර් වෙන්න නැතුව ඇති නේද? හි හි...බොහොම ස්තුතියි ජීනියස්..ඒ වගේම ඔයාලා දෙන්නටත් අපි සුබ පතනවා..

      Delete
    2. තැන්කු අක්කේ..

      ඉන්නකෝ ඉන්නකෝ... ඔන්න ළඟදීම එනවා ජීනියස්ගෙන් පැනිබේරෙන නවකතාවක්.. ඔය හැමෝගෙම පට්ට ලවු එක්ස්පිරියන් දාල ලියන්නේ. දිගටම රැඳී සිටින්නකෝ

      Delete
    3. එල කිරි...ලියන්නකෝ...

      Delete
  33. මමත් කියෙව්වා. පෝස්ටුවයි, කොමෙන්ටුයි දෙකම. සමහර තැන් හරි බොලඳයි. තවත් සමහර තැන් හරිම යථාර්තවාදීයි. හැමතැන ම හරිම සංවේදීයි. මේ හැමදේම එකතු වෙලා මුලු පිටුව ම පුදුම ලස්සනයි. මේ වෙනකං මං කියවපු ලස්සනම ලිපිය. සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බට්ටෝ...ඔයාව සාදරයෙන් පිළිගත්තා පහන්යාය ට..මාත් ඒ පැත්තේ එනෝ..:)

      Delete
  34. අඩෙ අප්පා මම මේක කියවනකොට නම් අර කිව්ව ලමයි 25 හදාගෙනත් ඇති ඒ කිව්වෙ අද.. 2013/09/27 :3 කොහොම වුනත් මම දැක්ක ෆට්ට ෆට්ට ආදර කතාවක් සහෝදරී... ඔයා මාරයිනේ අනෙව් කොහෙන්ද මයෙ අම්ම ඔය අදහස් එන්නෙ බොක්කෙන්ද :D මගේ නම් බොක්කටයි බඩ වැලටයි ඔක්කොටම දැනුන..

    කොහොම වුනත් නියමයි බන් අක්කෙ අදහස් ටික :* තව ලියමු හොදේ බුදු සරනයි

    ReplyDelete
    Replies
    1. හිහ් ...නෑ නෑ මල්ලි, ඔයා වැඩිය පරක්කු නෑ :D තාමත් ඔය අසාර්ගේ 25 කතාව වලංගුයි එහෙමම. ස්තුතියි කමෙන්ටුවට. බඩවැල ටත් දැනුනානම් ඉතින් බොහොම සතුටුයි..:))

      Delete
  35. ශාාා නියමයිනි... පට්ට අදහස් ටිකක්නි.. හිමේශ් කිව්ව වගේ බඩ වැලටම වැදුන.. තාමත් 25 නැද්ද?

    ReplyDelete
    Replies
    1. හය්යෝ...නෑ නෑ..තාම 1යි. ආ මග කෙටියි...යා යුතු මග දුරයි :)

      Delete
  36. ලස්සනට ලියලා තියනවා. ඔයාලා දෙන්නට මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිමුතු :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...