Monday, February 20, 2012

ආමිෂ්



ඔන්න අද මම කියන්න යන්නේ හඳ අල්ලපු රටේ විත්තියක් ගැන...

"ආමිෂ්" කියන වචනේ ඔයාලා අහලත් ඇති. නැති අයට දැන ගන්නත් එක්ක පොඩි හැඳින්වීමක් කරන්නම්කො. "ආමිෂ්" කියන්නේ හඳ අල්ලපු රටේ ජිවත් වෙන ජන කොට්ටාශයක්. මෙයාලාගේ ආරම්භය සිද්ධ වෙලා තියෙන්නේ නම් යුරෝපයේ. දහසය වෙනි සියවසේදී යුරෝපයේ වෙනම ආගමික කණ්ඩායමක් බිහි උනාලු "මෙනොනයිට්" නමින්. ඔවුන්ගේ නීතියේ හැටියට පුද්ගලයෙක් දෙපාරක් බෞතිස්ම කරනවලු. පුද්ගලයා  යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වැඩිහිටියෙක් බවට පත් උනාට පස්සේ ස්වකැමැත්තෙන් නැවත බෞතිස්ම කරනවලු.  ඔවුන්ගේ නීති රීති තද මදි කියලා විශ්වාස කරපු මේ කණ්ඩායමේ ම  තවත් ටික දෙනෙක් "ජේකොබ් අම්මන්" කියන පුද්ගලයා ගේ නායකත්වය යටතේ වෙනම කණ්ඩායමක් හැටියට වෙන් වෙලා ගියාලු. අන්න එයාලා තමයි මේ "ආමිෂ්" ජනතාව. "අම්මන්වරු / අම්මන්ගේ අනුගාමිකයින්" කියන තේරුමෙන් තමයි ආමිෂ් කියන නම එයාලට ලැබිල තියෙන්නේ.

ඉතින් මුල් වරට ආමිෂ් කණ්ඩායමක් ඇමරිකාවට ඇවිත් තියෙන්නේ 1730 දී, පෙනිසිල්වේනියා ප්‍රාන්තය ට. ඉන් පස්සේ වරින් වර ඇමරිකාවට සංක්‍රමණය වුනු මේ අය අද වන විට ප්‍රාන්ත විසි ගණනක පමණ ජීවත් වෙනවා.

අපි බලමු මෙයාලගේ විශේෂත්වය මොකක්ද කියලා. මේ අය ජීවත් වෙන්නේ අන්තිම සරල විදියට. කොටින්ම කියනවනම් 18 වන සියවසට පසුව පැමිණි තාක්ෂණය භාවිතා කරන එක එයාලට තහනම්. එතකොට කල්පනා කරලා බලන්නකෝ අපිට තියන එයාලට නැති දේවල්...විදුලිය, වාහන, රූපවාහිනිය,  මොබයිල් ෆෝන්, ඩෙස්ක් ටොප්, ලැප් ටොප්, ඉන්ටර්නෙට්, අයි ෆෝන්, අයි පෑඩ් (හික්)...හප්පා, මේවා නැතුව ජීවත් වෙන හැටි ඔයාලට හිතාගන්න පුළුවන්ද? අපිට බැහැ වගේ පෙනුනට එයාල එහෙම තමයි ජීවත් වෙන්නේ. ආමිෂ් උප ජන කොටස් අතර මේ නීති රීති තරමක් එකිනෙකට වෙනස් උනත් බොහෝ දුරට මේ නීති ඔවුන්ට පොදුයි.

අර උඩ පින්තුරයේ ඉන්නේ ආමිෂ් පවුලක්. අපිනම්  ඉඳල හිටලා මේ වගේ අය දකිනවා.  ඇඳුම් වලින් ඔවුන්ව ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. අශ්ව කරත්තවලින් තමයි ඒ අය ගමන් බිමන් යන්නේ.



ඔවුන් ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ නවීන සමාජයෙන් හැකිතාක් දුරට වෙන් වෙලා ඉන්න. වෙනම ගම්මාන වල ජීවත් වන ඔවුන් තමන්ගේ අහාර ගමේම වගා කරගන්නවා. ඒ සඳහා යොදා ගන්නෙත් පැරණි සාම්ප්‍රදායික උපකරණ සහ සතුන්.


ඔවුන්ගේ ඇඳුම් ගැන කියනවනම් තනි පාට රෙදි වලින් තමයි ඇඳුම් මහන්නේ. සාමාන්‍යයෙන් ගෙදර ගෘහණිය පවුලටම ඇඳුම් මැසීම කරනවා. කාන්තාවන්ගේ ඇඳුම් ගොඩක් දුරට තද පාට රෙද්දකින් ඒප්‍රනයක් සහිතව දිග ගවුමක් ආකාරයට සකස් කරනවා. පිරිමි අයගේ ඇඳුම වෙන්නේ ලා පැහැ කමිසයකුත් තද පැහැ කලිසමකුත්. අවිවාහක පිරිමින් රැවුල මුඩු කරන අතර විවාහ වූ පසුව එය නොකපා දිගට වැවෙන්නට හරිනවා. එහෙත් උඩු රැවුල වැවීම තහනම්. ගැහැණු අය කොණ්ඩය බැඳ සුදු පැහැ හිස් වැසුමකින් හිස ආවරණය කළ යුතුයි.



ඔවුන් අධ්‍යාපනය ලබන්නේ 8 හෝ 9 වන ශ්‍රේණිය වන තෙක් පමණයි. එයද සිදුවන්නේ ගමේම පවත්වනු ලබන කුඩා පන්තියක. ජීවත් වීම‍ට අවශ්‍ය මූලික දැනුම (ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, භූ ගෝලය ආදී) මෙහිදී ලබා දෙනවා. ඔවුන්ගේ මවු භාෂාව වන්නේ "පෙනිසිල්වේනියන් ඩච්".



ඔවුන්ගේ ජිවිත ඉතාමත් සාමකාමී යි. මත්ද්‍රව්‍ය භාවිතා වෙන්නෙම නැති තරම්. දික් කසාද සිදු නොවන අතර වෙන් වීම් සිදු වන්නේ ඉතාමත් කලාතුරකින්. ඔවුන්ට ආමිෂ් නොවන අය සමග විවාහ වීම තහනම්. "පවුල" ඔවුන්ගේ වැදගත්ම ඒකකය ලෙස සළකන අතර සාමාන්‍යයෙන් එක පවුලකට දරුවන් 7 ක් 10 ක් අතර ප්‍රමාණයක් සිටිනවා. පසුගිය අවු. 50 ඇතුලත ආමිෂ් ජන ගහනය තුන් ගුණයක් වී ඇති බව පැවසෙනවා.

ඒ එක්කම වැදගත් දෙයක් කිව යුතුයි. මෙහිදී කිසිම කෙනෙක් බලෙන් ආමිෂ් ලෙස රඳවා ගැනීමක් කරන්නේ නැහැ. ළමයෙක් යොවුන් වයසට ආවට පස්සේ ඔවුන්ට කාල පරාසයක් ලබා දෙනවා බාහිර සමාජයත් සමග මිශ්‍ර වෙලා අත්දැකීම් ලබා ගන්න.  "running around" ලෙස හැඳින්වෙන මේ කාලයේදී ඔවුන්ට ඕනෑම දෙයක් කරන්න නිදහස තියනවා. තමන්ට ඇති කියලා හිතුනම ඔහු/ඇය තීරණයක්‌ ගන්නවා නවීන සමාජයට එකතු වෙනවද එහෙම නැත්නම් ආමිෂ් කෙනෙක් හැටියට බෞතිස්ම වෙනවද කියලා. මෙතැනදී ගොඩක් දෙනෙක් ආමිෂ් මාර්ගය තෝරා ගන්න එක ලු වෙන්නේ.


ඔවුන් දේශපාලනය සමග සම්බන්ධ නොවන අතර රජයේ පාලනයෙන්ද හැකි තාක් දුරට ඈත් වී සිටිනවා. මොනයම් ආකාරයක හෝ භිෂණය හෙලා දකින ඔවුන් ආරක්ෂක කටයුතු සඳහා සම්බන්ධ වෙන්නෙත් නැහැ.  නීති රීති පැහැර හරින  ආමිෂ් පුද්ගලයින් ඔවුන්ගේ සමාජයෙන් කොන් කර නෙරපා හැරීමක් සිදු කරනවා. 

ඉතින් මේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන සරල මිනිස්සුන්ගේ ජීවිත කොයි තරම් සුන්දරද කියලා මටනම් වෙලාවකට හිතෙනවා. විච්චුරණ ගැජමැටික්ස් එක්ක ජීවත් වෙන අපි මීට වඩා කොයි තරම් කෘතිමයිද? නිස්කලංක ආමිෂ් ගම්මානෙක තියන පළා පාට ලස්සන, අහස හූරන මේ නගරවල තියනවද? තිරිඟු යායවල් උඩින් හමන පිරිසිදු හුළඟ, නගර හරහා හමන ගිනි හුලං වගේ අපේ හුස්ම හිර කරනවද කවදාවත්? ගම්මානේ මැදින් ගලන පලිඟු වගේ පැහැදිළි දිය පාර,  ගඟක් වෙලා මහ නගර පහු කරගෙන යද්දී ඒ පලිඟු පාටට මොනවද වෙන්නේ?  



සරළ, සුන්දර ජීවිත ගත කරන ඔවුනුත් අවිවේකි, අසම්පූර්ණ ජීවිත ගත කරමින් තාක්‍ෂණේ පස්සේ දුවන අපිත් අන්තිමේදී පොළවට පස් වෙනවා. වෙනසකට තියෙන්නේ පොළවට බරක් නොවී මැරෙන ඔවුන්ව මහ පොළවත් ආදරෙන් වැළඳ ගනිද්දී අපි මැරෙන්නේ ඒ පොළොවත් මරාගෙන. 


75 comments:

  1. මාර මිනිස්සු නේ අෆ්ෆා. "running around" වගේ දෙයක් තිබීමෙන් පෙනෙන්නේ ඔවුන් අන්තවාදීන් නොවන බව.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.මාත් හිතුවෙ කට්ටියව බලෙන් තියා ගන්නවා කියලා...:D

      Delete
    2. ඒක ඇත්ත..අකමැත්තෙන් මේ විදියට ජීවත් වෙන එකේනම් තේරුමක් නැහැ..ඔවුන්ට කැමැත්තක් කරන්න ඉඩ දීලා තියන එක ලොකු දෙයක්...

      Delete
    3. එහෙම ගිහිල්ලත් ආපහු ඒ ගොඩටම එකතු වෙන එකෙන් පේන්නෙ එයාලගෙ අල්පෙච්ඡ ජීවිතය ගැන එයාල තෘප්තිමත් කියන එක නේද....

      Delete
    4. හැබැයි මෙහෙම දෙයකුත් තියනව. කෙනෙක් එකපාරටම තමන්ගෙ සමාජයෙන් ඈත් කරල කියනව ඕන නං ඉන්න නැත්තං යන්න කියල. ඒ වගේ වෙලාවක අල්පේච්ඡතාවය ගැන තෘප්තිමත් උනත් නැතත් තමන්ගෙ අය දාල යන්න කැමතිවෙයි කියල හිතන්න බෑ.

      Delete
    5. රාජ් ගේ කතාවෙත් ඇත්තක් තියනවා...හැබැයි ගොඩක් වෙලාවට ඔය රනින් අරවුන්ඩ් කාලේදී නවීන සමාජයේ තියන දේවල් දැකලා ආමිෂ් අය කලකිරෙනවලු..අවු. 15 ක් විතර ඒ විදියට හැදිලා අර සමාජෙට එක පාරට යන්න බැරි කමකුත් ඇති...

      Delete
  2. හරි ෂෝක් ලිපිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂාර...සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට..

      Delete
  3. මම මෙ දන්නෙ නෑති නිසා අහන්නෙ....ආමිශ් කෙල්ලො ලස්සනද?

    ReplyDelete
    Replies
    1. නැතුව...ආමිෂ් කෙල්ලොත් එල කෙල්ලෝ තමයි :)

      Delete
  4. ස්තූතියි මෙහෙම දේවල් අපිට කිව්වට අක්කේ.මට නම් හරි පුදුමයි කොහොමද මෙහෙම කට්ටියක් ඉන්නෙ කියලා අනික් කට්ටියගෙන බේරිලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් පුදුමයි...දවසක් අපි zoo එකකට ගිය වෙලාවේ ආමිෂ් පවුලක් ඇවිත් ඉන්නවා දැක්කා. අනිත් අය කාර් වලින් යද්දී එයාලා අශ්ව කරත්තෙන් ආවා. පොඩි ළමයිව අවිද්දෙව්වේ ලී වලින් හදපු ඩක්කුවක් වගේ එකක නග්ගලා. ඇඳුම් ඔක්කොම නීතියේ හැටියට තිබුනා. අනිත් අය එයාලා දිහා බලනවද කියලා සතේකට ගණන් ගත්තේ නැහැ..එයාලා නියම විදියට ජීවත් වෙනවා කියලයි මට හිතුනේ..

      Delete
  5. ෂඃ මරුනෙ... මොන තරම් සැනසිල්ලක්ද..! අපි ඉතින් දුවනවා, දුවනවා ඉවරයක් නැහැ.. අන්තිමට ජීවත් වෙලා නැහැ..

    ගොඩක් ස්තූතියි සයුරි මේ ගැන හොයලා පළ කළාට. අඩු ගෑනේ එහෙම කට්ටියක් ඉන්නවා කියලා අහන්ඩ ලැබෙන එකත් සතුටක්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ...අපි මෙහෙම දිව්වට අන්තිමට අපිත් ඒ අය වගේ මැරිලා යන එකනේ වෙන්නේ..ඉතින් ඉන්න ටිකේ වැඩිය හොඳට ජිවිතේ විඳින්නේ එයාලා නේද..

      Delete
  6. මේ කට්ටිය ගැන ඇහුවමයි...

    ReplyDelete
    Replies
    1. කැන්ගරු දේශේ මේ වගේ කට්ටිය නැතෙයි?

      Delete
  7. හරි පුදුමයි සයුරි... ස්තුතියි මේ ලිපිය ලිව්වට...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි සම්මානි..ඇත්තටම පුදුමයි නේද

      Delete
  8. මෙහෙම මිනිස්සු ගැන ඇහුවමයි.මගේ හිතේ තිබුනා ජිවත් වීමේ අමුතු ස්ටයිල් එකක් .ඒ වගේ සරළ ජිවිතයක් ගත කරන්න.1920 වගේ දශකයේ ලංකාවේ ජිවත් වෙන්න තිබුනානම් කියල හිතුනු වෙලාවලුත් තිබුනා.ඒ වගේමයි බොස්නියාවෙත් ගොඩාක් මිනිස්සු අඳින්නෙත් ඒ විදියට.

    මම බලපු ඇතැම් ෆිල්ම් වල 18 සියවසේ සංස්කෘතිය ගැන තිබුනේ සිද්දීන්.සමහර විට ඒක නිසා වෙන්න ඇති මම ඒ විලාසිතාවට කැමති.

    ReplyDelete
    Replies
    1. මටත් වෙලාවකට ඔහොම හිතිලා තියනවා අසරණයෝ...හරිම සරල සාමකාමී ජිවිත. ඔවුන්ගෙන් පරිසරයටවත් අනිත් මිනිස්සුන්ටවත් හානියක් නැහැ..අපිටත් එහෙම ඉන්න පුලුවන්නම් කොයි තරම් හොඳද...

      Delete
    2. සයුරි මට හිතෙනවා මේ පොස්ට් ඒක තව දිග් වුනානම් හොඳයි කියල.තවත් කරුණු හොයාගන්න පුලුවන්නම් ලොකු දෙයක්.කරදරයන් නැත්නම් විතරයි.

      Delete
    3. මම උත්සාහ කරන්නම්කො තව විස්තර හොයන්න. මේක දිග වැඩි වෙයිද කියලත් හිතුනා. ඔයා කැමතිනම් මේ වීඩියෝව බලන්න.."රනින් අරවුන්ඩ්" ගැන වාර්තා වැඩසටහනක්...

      මේකේ කොටස් කිහිපයක්ම තියනවා..

      http://www.youtube.com/watch?v=PcmESjcmrzM&feature=related

      Delete
  9. මේ විස්තරය හැටියට නම් "ආම්ෂ්" කියන්නෙත් රතු ඉන්දියානුවන් වගේම නොවුනත්, ඒ වගේම ජන කොටසකට වෙන්න ඇති කියලා හිතෙනවා.

    සංකීර්ණ වූ ජීවන රටාවන්ට වඩා ඔවුන් නිදහස අගය කරන කොටසක් වගේම ඔවුගේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම වෙනු‍වෙන් කැප වූ කොටසක් වගෙයි කියල හිතෙනවා.

    බලාගෙන ගියාම අපි මේ සංකීර්ණ කෘතිම ලෝකයක සිරවෙලා. හැම පහසුකමක්ම තිබුණත් අපිට නිදහසක් නැහැ අපි යාන්ත්රි ක මිනිසුන් කොටසක් බවට පත්වෙලා. ඒත් ඉතිං බටහිර ලෝකයේ මේ තරමට සංස්කෘතිය රකින මත්පැන් නොබොන, විවාහය දික්කසාදයකින් කෙළවර නොකරන කොටස් ඉන්නවා කිව්වාමත් පුදුමයි.

    සමහර වෙලාවට මේවගේ ජන කොටස් දකින්ට ලැබෙන්නෙ බටහිර ඉංග්රීාසි චිත්රනපටවල එහෙමත් නැත්නම් අපි දකින චිත්ර්පටවල ඇතුළත් යුරෝපීය ජනකතාවලයි.

    ආයෙ "ආමිෂ්" වරු ගැන හොයන්න වෙහෙස වෙන්න ඕනෙ නැහැ.මේ විස්තරය අංග සම්පූර්ණයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්, රතු ඉන්දියානුවන්ට වඩා ටිකක් දියුණු උනත් මේ සුදු මිනිස්සු වඩාත්ම සමීප ඔවුන්ට කියලයි මටත් හිතෙන්නේ..ඔවුන් පුළුවන් තරම් බාහිර ලෝකෙන් ඈත් වෙලා ඉන්නේ මත්පැන්, අනෙක් දුසිරිත් වගේ දේවල් පැමිණීම වළක්වන්න වෙන්න ඇති..හැම දෙනාම එක සමාන ජිවන මට්ටමක ජීවත් වෙන නිසා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වගේ දේවල් ඇති වෙන්නෙත් නැහැ නේ..

      බොහොම ස්තුතියි ඔබේ ඇගයීමට..

      Delete
  10. ඇත්තමයි අපටත් එහෙම සරල වෙන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හම්බවෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...එහෙම වෙන්න පුලුවන්නම් කොයි තරම් ප්‍රශ්න විසඳේවි ද...

      Delete
  11. මමත් අදයි මේ වගේ ජන කොට්ටාෂයක් ගැන ඇහුවෙ.. නොදන්න කරුණු ගොඩක් දැනගත්තා.. ගොඩක් ස්තූතියි අක්කට.. :)
    හලේ මටත් හිතයි එහෙම ඉන්න.. :D
    ඇත්තටම කොයිතරම් නිදහසක් ඇතිද.. :)

    ReplyDelete
    Replies
    1. ඔයාට කියන්න මටත් එහෙම ඉන්න හිතෙනවා නන්දු :) ඒත් ඉතින් හිතන තරම් ලේසි නැහැනේ ඒක...නිදහස නම් උපරිම ඇති එයාලට...

      Delete
  12. මම නම් මේ ඇහුවමයි අක්කේ... මොනතරම් සරල ජීවිතයක් ද ඒ නේද, හරියට කතන්දරයක් වගේ ! ඉස්සර ෂර්ලොක් හෝම්ස් කථා වල ඇමෙරිකාවේ මොමොන් වරු ගැන නම් කියවලා තියෙනවා මතකයි මට! ස්තූතියි අක්කේ දැනුවත් කළාට.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි..නිකන් අමුතුම ලෝකයක් වගේ..මෙහෙ ආමිෂ් ගම්මාන තියනවා අපිට ගිහින් බලන්න පුළුවන්...එහෙම තැනක ඉන්න ආස හිතෙනවා..

      Delete
  13. කොහොම උනත් මම වැඩියෙන්ම කැමති අර ඔවුන්ට භාහිර සමාජය එක්ක මුසු වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න අවස්ථාව දීලා තියෙන එකට.. මොකද අනිත් සමාජ ක්‍රම ගැන වැරදි මත වාද දිලා අන්තවාදි කරනවට වඩා හැමදෙයක්ම ගැන දැනගෙන තමන් කැමති දෙයක් කරන්න ඉඩ දිලා තියෙන එක ඔවුන්ට වටිනවා.. ඒ නිසාම වෙන්න ඇති ඔය කාල පරාසයෙන් පස්සෙත් ඔවුන් මේ සංස්කෘතියෙම රැදෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අන්න හරි...නිකන්ම බලෙන් රඳවාගන්න හැදුවනම් ඔවුන් එහෙම ඉන්න කැමති වෙන එකක් නෑ සමහරවිට..ගොඩක් අය කියන්නේ එයාලගේ ළමයිනුත් බාහිර සමාජයෙන් දුෂණය නොවී ආමිෂ් විදියට හැදෙනවට කැමති නිසා ආමිෂ් විදියටම ඉන්නවා කියලා..

      Delete
  14. ලස්සන පින්තූර ටික.ඒවා දැක්කමනම් මටත් ආසයි ඒ වගේ පවුලක ජීවත් වෙන්න

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ආස හිතෙනවා නේද...නිශාන් ව සාදරයෙන් පිළිගත්තා ඔන්න..

      Delete
  15. කලකට පෙර නැෂනල් ජියෝග්‍රෆි සගරාවේ සහ ටි වී චැනල් එකේ ආමිෂ් වරු ගැන වැඩසටහනක් බැලුව . මේ ආමිෂ් වරුන් සහ මොමොන්ස් ල [බාල ගැහැණු ළමයි විවාහ කරගන්න සහ බහුභාර්යාවන් තබාගැනීම අනුගමනය කරන ]..මට පොඩ්ඩක් පැටලවිල කෝකටත් කියල කමෙන්ටුව කොටන්න කලින් පොඩ්ඩක් කියවල බැලුව . මෙයාල වෙනස් තමයි . ඔයා කියන පැත්තත් හරි ස්වභාව ධර්මයට ලඟින් ජිවත් වීම ...හරි පුදුමයි නේද . ඇත්තටම අපි ළඟ තියෙන ගොඩක් දේවල් නැතුවම බැරි එව්වා නෙමේ . කාටවත් නොතිබ්බ නම් ..අපි නොදැන උන්න නම් අපිටත් ඕන නොවෙන දේවල් තමයි වැඩි . උදාහරනෙකට මේ ඉන්ටර්නෙට් නොතිබ්බ නම් මන් දැන් සැප නින්දක් ලබනවනේ .

    අර මොමොන්සලා ගැනත් ටිකක් ලියන්නකෝ . මතකද ෂර්ලොක් හොල්ම්ස් කතාවක [ ලේ සලකුණ ] මොමොන්සලා ගැන තිබුන . මේ කමෙන්ට් එක දාන ගමන් සොයද්දී දැක්කේ ඒ පොත ඔහේ සමහර ඉස්කෝල වල තහනම් කරලලු .

    නිකන්ම කියවල නොහිට තව දේවල් හොයන්න මාව අවුස්සන මේ වගේ පෝස්ට් වලට මන් හරිම ආසයි ..ලොකු ස්තුතියක් ඔයාට සයුරි

    ReplyDelete
    Replies
    1. මොමොන් වරු ගැන මමත් අහල තියනවා බින්දි අක්කේ..වැඩි දුර විස්තරනම් දන්නේ නැහැ..හොයලා බලන්න ඕන..විස්තර ලැබුනොත් ලියන්නම්කො. කොහොමත් බහු භාර්යා වගේ දේවල් තියනම් එයාලා වෙනම කොට්ටාශයක් වෙන්න ඕන..ඒ ගැන විස්තර කිව්වට ස්තුතියි..

      ඒකනම් ඇත්ත :) අපි ළඟ තියන ගොඩක් දේවල් අපිට අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි...මේ මිනිස්සුන් මොන හේතුවක් මත මේ විදියට ජීවත් උනත් ඒකෙ හොඳම ප්‍රතිඵලය විදියට මම දකින්නේ සොබා දහම ආරක්ෂා වීම..

      Delete
  16. ආ... මිෂ්. අහලත් නෑ ඉතිං අපි අර කිව්වත් වගේ... දැනුවත් කලාට ටැංකු.. පින්තූර ටිකත් එළ.. හරි ආසා හිතුනා ඒ වගේ ගවුමක් අඳින්න.. :)

    ReplyDelete
    Replies
    1. ඔයාත් එහෙනම් ඇඳලා බලන්නකෝ ඒ වගේ ගවුමක් :) මෙයාලා වෙඩින් ඇඳුම හැටියට අඳින්නෙත් ඔය වගේ සාමාන්‍ය ගවුමක් ලු.

      Delete
  17. ඒ වගේ නිස්කලංක පරිසරයක සරල ජීවිතයක් නම් ගොඩක් ලස්සනයි.ඇත්ත අක්කේ අපේ මේ ජීවිත සංකීර්ණ වැඩියි.වෙලාවකට එපාත් වෙනව.සරල ජීවිතයක් ගතකරද්දී හිතත් ගොඩක් නිදහස්, ලස්සනයි...හ්ම්ම්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ සංකීර්ණ බව එපා වෙනවා තමා සිහින...මෙහෙම සරල ජීවිතයක් ගත කරන්න දැන්නම් බැරි වෙයි අපිට...

      Delete
  18. මම මේ පවුල් ඇමරිකාවෙදි දැකලා තියනවා. පිරිමි දිග රැවුල් වවාගෙන, ගෑනු උදවිය දිග ගවුම් ඇඳගෙන. කතා කරලා බලන්ට ආසා හිතුනත්, කතාවට කැමති බවක් නොපෙන්නුව හන්දා කතා කරන්ට ගියේ නෑ. ඔවුන් ගැන විස්තර අහලා තිබුනත්, මෙච්චර විස්තර අහලා තිබුනේ නෑ.

    කොහොම උනත් සරල බවින් මිදිලා, වැඩි දේවල් හොයන්ට ගිය හන්දා අපට මෙහෙම වෙලා තියන බවක් මටත් හිතෙනවා. ඒත් ෆෝන් එක නැතුව ඉන්ට . හප්පා....ඇයි මේ කම්පියුටරේ....

    ReplyDelete
    Replies
    1. ඔව්, එයාලා කතාවට යන්න එච්චර කැමැත්තක් නැහැ..අනිත් අය එයාලව අමුතු මිනිස්සු කොටසක් හැටියට සලකන එක එයාලට අල්ලන්නේ නැතුව ඇති..

      ෆෝන් කම්පියුටර් වලට ඇබ්බැහි උනාම ඉතින් ගැලවෙනවා බොරු :))

      Delete
  19. ඇත්තටම මමත් මේ මිනිස්සු ගැන ඇහුවෙ අද.... මටත් අනන්තවත් හිතිලා තියෙනවා කොහේ හරි ගිහින් ඔහොම සරල විදියට ජීවත් වෙන්න.... ඒත් කරුමෙට අපි කරන්නෙ තව තවත් බැඳීම් වැඩි කරගෙන අළුතෙන් ප්‍රශ්ණ ඇති කරගන්න එකනෙ.... අර පින්තූර ටික දැක්කම හිතෙනවා එයාල හරිම වාසනාවන්තයි කියලා.... අළුත්ම දෙයක් ගෙනාවට ඔයාට ගොඩාක් ස්තුතියි සයුරි....

    ReplyDelete
    Replies
    1. ඒ මොහොතකට හිතෙන දේ අපිට ක්‍රියාත්මක කරගන්න බැරි කමනේ අප්පා තියෙන්නේ...ඇත්තටම එයාලා වාසනාවන්තයි..අනවශ්‍ය කරදර එයාලට නැහැ..ඉස්සර අපේ රටත් ඔහොම තියෙන්න ඇති...බොහොම ස්තුතියි ඔයාට..

      Delete
  20. අපරාදේ අක්කේ අපිත් ඒවගේ අය නොවුන එක. කිසිම ප්‍රශ්නයක් නෑ නේද එයාලා වගේ වුනානම්. අපරාදේ ම්ක කියෙව්වහම මට නම් දුකේ බෑ. අපි මෙහෙම වුනාට.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ...මේ කිසි ප්‍රශ්නයක් තියද එහෙනම්..

      Delete
  21. ආමිෂ්වරුන් ගැන බොහෝ විස්තර කියවා ඇත්තෙමි, ඒත් සිංහල බසින් මෙතරම් හරබරව කියවූ පළමුවතාව. ලිපිය පුරා රැකගත් මධ්‍යස්ත බව බොහෝම ඉහළයි. ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගල්මල් අයියේ මේ වටින ඇගයීමට...

      Delete
  22. ස්වභාව ධර්මයෙන් ඈත් වීම තමයි ප්‍රචණ්ඩත්වයත්,ආත්මාර්ථයත් වැඩි කරන සාධකය. ස්වභාවය තුළට ආපසු ගමන් කිරීම ගොඩක් ආගමික දර්ශන වල හරය බවට පත් වෙලා තියෙන්නෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත...ස්වභාව ධර්මයට පුළුවන් තරම් ලං වෙන එක හැම දර්ශනයකින්ම වගේ පොළඹවන දෙයක් මම හිතන්න්ගේ, ගොඩක් දෙනා ඒවා පිලිනොපැද්දට

      Delete
  23. සමහර පරණ තාලෙට හදපු චිත්‍රපටි වල ඔය ආමිෂ් කට්ටිය දැකලා තියෙනවා. ඒ උනාට මෙහෙම විස්තරයක් කියවන්න ලැබුනේ අදමයි.
    ආයේ ලංකාවට එනකොට ආමිෂ් කාරයෙක්ව එක්කන් එන්න පුලුවන් නම් මහජන ප්‍රදර්ශනයට අපේ කෞතුකාගාරේ තියන්න තිබ්බා !!! :)

    ReplyDelete
    Replies
    1. ඔයත් නම් මරු අයිඩියාස් තමයි මල්ලි දෙන්නේ..හික් හික්. මට ගුටි කන්නත් පුළුවන්...:)

      Delete
  24. අද තමයි ආමිෂ්වරු ගැන දැනගත්තේ.අද කාලයේත් ඔවුන් වැනි ජන කොටසක් සිටීම පුදුමයක්.ඇමරිකාව වැනි රටක සිටීම ලෝක පුදුමයක් !!!

    බටහිර සංස්කෘතියට මුහුවෙන්න කලින් අපේ රටේ මිනිස්සුත් බොහොම සැනසිල්ලේ ජීවත්වූනා.උදේ වරුවේ කුබුරේ වැඩ ටික ඉවරවුනාම දවසේ ඉතුරු හරිය ඔවුන් බොහොම නිදහසේ ගතකරා.අද රූපවාහිනීය බලන්න වෙන්කරන් තියෙන රාත්‍රී කාලය ඔවුන් වෙන් කරේ ගෙදර පිල උඩ දිග ඇරිච්ච සාදකතා, ජාතක කතා,කවි සීපද,පවුලේ සාමාජිකයන්ගේ අත්දැකීම් හුවමාරුවට වගේ දේවල්ට.

    ඒකට අද... අද සමහර දෙමව්පියෝ,දරුවෝ එකිනෙකා දකින්නෙත් කලාතුරකින්.අපි තේරුමක් නැති සංකීර්ණ ජිවිතයක් පස්සෙන් දුවනවා.ෆෝන්,කම්පියුටර් ඒවාද, මේවද හැමදේම තිබුනත් අපි හුගක් අය ගාව සැනසීම කියනදේ නැතිවෙලා.වෙලාවකට හිතෙනවා දුවේ මේ හැමදෙයක්ම අතැරලා ඉන්න තියෙනවනම් කොච්චර දෙයද කියලා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ අංකල්, අපේ රටත් මේ වගේම තියෙන්න ඇති..අපේ ආත්තම්මලා සීයලා ගේ ජීවන රටාව ඔය වගේ කියලා අපිට කියල දීලා තියනවා (හරියටම අංකල් කිව්වා වගේ)..ඒත් ඊ ළඟ පරම්පරාවල් එක පාරටම කාර්යය බහුල වෙලා..පවුලේ බැඳීමක් වත් ඇති වෙන්න විදියක් නැහැනේ..

      Delete
  25. එක්ස් ෆයිල්ස් වලත් මීට සමාන කටිටියක් ගැන කතාවක් තිබුනා මතකයි... මාරයිනේ කොහොමෙයි මෙහෙම ජීවත් වෙන්නේ... ආ මැගයිවර් එකෙත් තිබ්බද කොහෙදෝ මෙහෙම කතාවක්... මේක කියෙව්වාම හිතුනා මේ සේරම නැතිව ඉන්න ඇත්නම් කියලා...පහුගිය ටිකේ නම් මම ජාලෙන් ඈත් වෙලා හිටියේ හැබැයි ෆෝන් එකෙනුයි කොම්පීතරෙනුයි ඇර...මට මෙයාලව දකිද්දි මුස්ලිම් ආගමේ වගේ පෙනුනේ කවුරු කාගෙන් කොපි කලාද දන්නේ නෑ හැබැයි මට හිතෙන්නේ ආමිෂ්වරු පරණ ඇති...

    බොහෝම වැදගත් පෝස්ටුවක් අක්කේ හැමදාමත් වගේ..... ඔයා නම් අතීතේ ඉඳන් එන කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ඔව්, සමහර ෆිල්ම් එහෙම තියනවා ලු මෙයාලා ගැන හදපු..ජාලෙන් ඉවත් වෙලා හිටිය එකත් කරන්න අමාරු දෙයක් නේද? ට්‍රිප් එකක් ගියත් කට්ටිය කියනවා, අයියෝ අද මේල් බලන්න බැරි උනා...අරවා මේවා...

      මුස්ලිම් ආගමටනම් මෙයාලගේ සම්බන්ධයක් නැහැ වගේ ගැමියෝ..එයාලගේ සිරිත් විරිත් වත් එක සමාන නැහැ නේ...ඒ දෙගොල්ලෝ ගොඩක් වෙනස් මම හිතන්නේ..

      //ඔයා නම් අතීතේ ඉඳන් එන කෙනෙක්//
      හම්මේ..මේකනම් මම අහන්න කැමතිම ජාතියේ කතාවක් මලේ..:))

      Delete
  26. මටත් ආසයි ආමිෂ් බුවෙක් වෙන්න මේ යන්තර එක්ක හැප්පිලා එපා වෙලා දැං....

    ReplyDelete
    Replies
    1. මරු අදහස...එයාලා ඕනෑම කෙනෙක්ව බාර ගන්නවා මම හිතන්නේ...:)

      Delete
  27. පෝස්ට් එකනම් කියෙව්වේ නෑ සයුරි... මණ්ඩිගේ පිටුවේ කමෙන්ට් එක දැකලයි ආවේ...

    SETT DECO එක ගැන දැනගන්න මේ පාරෙන් යන්න . එතන විස්තර ඔක්කොම කියලා ඇති. ඒකෙන් දෙන කෝඩ් එක කොපි කරගෙන, Blogger > Layout ගිහින් ADD Gadget දීලා HTML/JavaScript එකක් ගන්න. ඒකට අර කොපි කරගත්ත කෝඩිං එක පේස්ට් කරලා සේව් දෙන්න. එච්චරයි. ඕනෙ කෙනෙක්ට, ඕනෙම තැනක ඉඳන් ඔයාගේ බ්ලොග් එක බලන්න පුළුවන්... ජය !!!

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක පස්සේ කියවන්න බැරිය චතුරංග...බොහොම ස්තුතියි මේ විස්තරේට...අදම දා ගන්න ඕන ඒක..

      Delete
  28. ආමිෂ්..අදම තමා මම නම් මේ විස්තර දැනගත්තෙ..අංග සම්පූර්න විස්තරයක් ලැබුනා...නියමයි..

    ReplyDelete
  29. අදමයි ඇහුවෙ මෙහෙම කට්ටියක් ගැන...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..විශ්වාස කරන්නත් අමාරුයි නේද..

      Delete
  30. ආමිෂ්......ආයිශ්ශමා ගුණ්ඩූ.

    ReplyDelete
  31. මට මේ පෝස්ට් එක මිස්වෙලානේ තිබුනේ...
    මේ දවස්වල පොඩ්ඩක් වැඩ අධික වෙලා ඉන්නේ
    බ්ලොග් එකේ මුකුත් කෙටුවෙත් නැහැ කාලෙකින්
    මේ පෝස්ට් එක දැක්කම මට හිතුනේ ආමිෂ් කෙනෙක් විදිහට ජිවත් වෙන එක මොන තරම් වාසනාවක්ද කියල තමයි
    දැනට පාවිච්චි කරන අතවශ්‍යම තාක්ෂණික උපකරණ කිහිපය හැරෙන්න මමත් මේ විදිහට ඉන්න ගොඩක් කැමතියි
    ඒ කියන්නේ සරල විදිහට
    දැනටත් බොහෝ දුරට එහෙමයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ලොකු පුතාගේ බ්ලොග් එකේ අලුත් එකක් දැක්කේ නැහැ ලඟදි...ඇත්තටම මමත් එහෙමයි, මගේ ෆෝන් එකත් හරිම බේසික් එකක්. ඒකෙන් මට කෝල් එකක් ගන්න පුලුවන්නම් ඒ ඇති. ඒත් මේ මිනිස්සු තරම් සරල වෙන්නනම් වාසනාවක් නැහැ..

      Delete
    2. මම පුළුවන් උනොත් ෆෝන් එක අහක් කරලා දානවා ඉස්සරහදි
      ඒත් වාහනේ, කැමරාව සහ ලැප් එක(ෆොටෝ වැඩ වලට ඕනේ වෙන නිසා) අත අරින්න බැහැ
      එළවලු පලතුරු වවන එකත් මගේ එක බලාපොරොත්තුවක්
      සරල වෙන්නනම් ලෝකේ අනිත් මිනිස්සු අපි ගැන අරම හිතම්යි මෙහෙම හිතයි කියල හිත හිත වැඩ කරන්න බැහැ
      මම ලඟදි මේ රටේ තිබ්බ සමු ගැනීමේ සාදයකට ගෙදරට දාන රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ටී ෂර්ට් එකක් සහ කලිසමක් ඇඳගෙන ගියා. අනිත් හැමෝම හොඳට ටයි කෝට් එහෙම ඇඳගෙන ආවේ.
      මොකද මට පහසු විදිහ ඒක නිසා මම එහෙම ගියා

      Delete
    3. ඒක ඇත්ත..ලැප් එක තමා මටත් අයින් කරන්න බැරිම දේ..මොකද රස්සාවත් නොකර ඉන්න වෙනවා එතකොට :) අනිත් අය හිතන දේ ගැන නොහිතා ඉන්න තරමට අපිට පහසුයි ඇත්තටම...

      Delete
  32. E unata sayuri dan aluth paramparawa thakshana lokayata enna kamarhi . Phone . Network pavichchi karanna eyala kamarhi. Aththatama eyala ka ekkawath katha laranna man kamarhi na..
    Handa allapu rate jeewath wena kenek.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කමෙන්ට් එක මට තේරුනේ නැහැ නේ..කොහොම උනත් බොහොම සතුටුයි හඳ අල්ලපු රටේ කෙනෙකුත් අදහස් දැක්වීම ගැන...:)

      Delete
  33. ආමිශ්වරුන්ගේ ජීවිතය සුන්දරයි කියලා මතුපිටින් පෙනුනාට ඔවුන් අතර සිදුවන ලේ නෑයන් අතර විවාහ නිසා බිහිවන දරුවන්ගේ තත්වය නම් හරිම ශෝචනීයයිලු. (No new blood)

    ReplyDelete
    Replies
    1. ලේ නෑයන් අතර විවාහ හොඳ නැහැ. ලේ නෑයින් නොවන ආමිෂ් ගෝත්‍ර අතර විවාහ සිද්ධ කරන්න බැරි කමකුත් නැහැ. සැලකිය යුතු, වර්ධනය වෙන ආමිෂ් ජනගහණයක් සිටින නිසා. ඥාති විවාහ ප්‍රමෝට් කරනවානම් ඒක භයානකයි.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...