සත්තුන්ගේ කතා නම් කොච්චර ලිව්වත් එපා වෙන්නේ නැත. ලඟදී සුරතල් සතුන්ගේ ලිපියක් දැක්කේ නැති නිසාත් අපේ ගෙදරත් සතුන් සම්බන්ධයෙන් හොඳවයින් හිස්ට්‍රියක් ඇති නිසාත් ඒ ගැන ලියන්නට සිතුනි.
මගේ මුල්ම සුරතලා වූ හිච්චා ගැන මීට කලින් ලියා ඇත. ඒත් ඌ හිටියේ ගමේ, සීයාගේ ගෙදරය. ඌ හැර දමා අපිට යන්නට සිදු වුනේ තාත්තාට තිස්ස මහාරාම ට මාරුවක් ලැබීම නිසාය. තිස්ස මහාරාමේ සිටින තුරාවට කිසිම සිවුපා සතෙක් අපේ ගෙදර නොහිටියත් තාත්තා විසින් සීලිමේ රැඳවූ ෆාලීස් රස්ක් පෙට්ටියක ගේ කුරුළු පවුලක් වාසය කළා මට මතකය. මිදුලේ විශාල කූඩුවක සිටි ලව් බර්ඩ්ස් ලා රොත්තත්, දිනක් අපි ගමේ ගොස් පැමිණෙද්දී කූඩුවට කඩා වැදුනු ගැරඬියෙකු කර තිබූ සංහාරයත් මට මතකය. ඒ ඇරෙන්න ආරක්ෂාවට කියා කිසිම බල්ලෙක්වත්, මීයන් ඇල්ලීමට කියා කිසිම බළලෙක් වත් ගෙදරට නොගෙනාවේ අම්මාගේ බලවත් අකමැත්ත නිසා විය යුතුය. අපේ අම්මා ආදරයෙන් ඉවසූ සතෙක් සිටී නම් ඒ හිච්චා පමණි.
නැවතත් තාත්තාට ලැබුණු මාරුවක් නිසා තිස්සමහාරාම ජිවිතයට ආයුබෝවන් කියා අපි පැමිණියේ හම්බන්තොට, මාතර දිස්ත්‍රික් මායිමේ පිහිටි කඳු වලින් වටවූ මිටියාවතක් වැනි ගමකට ය. එය මට කටුරොද ගම සිහි කරවන බැවින් ද, ඒ ගමේ නමත් බොහෝ දුරට "කටුරොද" ට සමාන බැවින්ද මම ඒ ගමට ඉදිරියේදී "කටුරොද" කියාම කියමි. අපේ පළමු සිවු පා සුරතලා අපේ ගෙදරට පැමිණියේ කටුරොද දී ය.
තාත්තාගේ ඔපීසියේ වැඩ කරන රත්නේ මාමා ගේ ගෙදර ගිය විටෙක තැඹිලි පාට නාටු පූස් පැටියෙක් කිරි වීදුරුවක් තොල ගානවා දුටිමි. ඒ කවුරු හෝ පාර අයිනේ තබා ගොස් තිබූ එකෙකු බව රත්නේ මාමාගේ නැන්දා කීවාය. අන්තිමේදී ඌ ඕනා බව කියා අම්මාගේ අකමැත්ත ඉදිරියේ නහයෙන් ඇඬූ මගේ අභිමතාර්ථය ඉටු විය. මාරි පෙට්ටියක හිල් හිල් කපා එයට පූස් පැටියාව ඔබා මා අතට දුන්නේ රත්නේ නැන්දාය. රටක් රාජ්ජයක් ලැබුනා සේ ඌව ගෙදර ගෙනා මම ඌ ට "චූටි" යයි නමක්ද තැබීමි. ඌ ගෙන ඒමට මුල් උන නිසා මල්ලිලාගෙන්ද මට ලැබුනේ අප්‍රමාණ ප්‍රසාදයකි. තාත්තාගෙන්ද නිහඬ ප්‍රාදයක් හිමි වූ බව කිව යුතුය :). ඌ ටිකක් ලොකු වන තෙක් රෑට වාසය කළේ අපේ නිල නිවසේ කුස්සියේ නිසා, උගේ බහිස්රාවී අවශ්‍යතා සඳහා යොදා ගත් වැලි තාච්චිය දිනපතා අස් කිරීමට අපි වග බලා ගත්තේ බැඳ ගත්ත බෙරේ ගැසිය යුතු නිසාය.
කල් යත්ම චූටි ගේ නාටු ගතිය අඩුවී හොඳින් වැඩුණු බෝල බළලෙකු බවට පත්විය. අපේ ගෙදරට දෙවැනි සුරතලා එන්නේ මේ අතර වාරයේය. කුමක් හෝ වැඩක් කරගන්නට කාර්යාලයට පැමිණි "දම්පහල" ප්‍රදේශයේ අයෙක් අපේ නිල නිවසේ මිදුලට ත් ගොඩ වැදුනේ අමුත්තෙකුද අතැතිව ය. ඒ අමුත්තා දවස් ගණනක වයස දෙමුහුම් බලු පැටියෙකි (ඔහු කිව්වේ එහෙමය. ඇත්තෙන්ම එය සැබෑවක් විය යුතුය). ඌ ට තිබුනේ දිලිසෙන කළු පැහැයකි. ගෙල, පපුව හා නැට්ටේ අග පමණක් සුදු ය. අඟල් 2 ක් පමණ දිග මයිල් ය. ලස්සනේ බැරිය. මෙවර අම්මාගේ කැමැත්ත ජය ගන්නට අපි තිදෙනෙක්ම වූ නිසා වැඩේ ඉක්මන් විය. තාත්තාද අම්මා ඉදිරියේ බොරු නොකැමැත්තක් පෙන්නුවාට හිත යටින් එක පයින් කැමති බව දන්නේ මමය. අන්තිමේදී බලුපැටියා ට 500 ක් ද ඌ ට පෙව්වා යයි කිවූ ඇන්කර් පැකට්ටුවට ත් ඇතුළුව 600 ක් ගෙවා ඌ අපේ බාරයට ගත්තෙමු.
උගේ නම "ඩිකී" ය. ඌ හරිම හුරතල් සෙල්ලක්කාරයෙකු විය. චූටි නම් ඩිකී ගේ පැමිණීමට එතරම් මනාපයක් දැක්වූයේ නැත. චූටි දකින විට ඩිකී සෙල්ලමට සැරසුනත් චූටි කළේ නියපොතු පුප්පා හයියෙන් පිඹීම ය. ඒ වෙලාවට ඩිකී උගේ දිහා බැලුවේ "ඇයි වදේ, මම අහවල් එකක් කරාටද?" අසන්නාක් මෙනි. මේ කාලයේදී (අවු. 8 දී) මට ගමේ පාසලෙන් අස් වී ප්‍රසිද්ධ බාලිකා පාසලක ට යාමට සිදු වූ බැවින් මට නේවාසිකාගාරයේ නතර වීමට සිදු විය. මම ගෙදර එක්ක නොඑන සති අන්තවල ගෙදර අය පැමිණ මා බලා යාම සිරිතකි. එවිට මම විමසන්නේ ඩිකී ගැනය. දවසක් ඩිකී දැන් ලොකුදැයි මල්ලිගෙන් ඇසූ විට ඔහු කීවේ "ඔව්, දැන් ඌ ට කකුලක් උස්සලා චූ දාන්නත් පුළුවන්" යනුවෙනි.
අපේ තාත්තාට ඉන්පසු මාරුවක් ලැබෙන්නේ හම්බන්තොට ටය. චූටි ද ඩිකී ද අප සමග හම්බන්තොට ආහ. වෙනදා සති අන්ත වල කටුරොද යන මම ඉන්පසුව සති අන්ත වල ගියේ හම්බන්තොට ය. කාර්යාලය ද නිල නිවස ද පිහිටා තිබුනේ මුහුද ට ඉතාමත් නුදුරෙනි. තනිවම බීච් ගොස් වතුරේ නටා වැලි දවටාගෙන ගෙදර ඒම ඩිකී ගේ සිරිතක් බවට පත් විය. එහෙත් උගේ දඩාවතේ යාම ඌටම නරකට හිටියේ ය. ටවුමේ බලු රැළ ට වැටී මොකක්දෝ ලෙඩක් හදාගෙන එයින්ම උගේ ජීවිතය අවසන් වී ඇත (මම හිටියේ නේවාසිකාගාරයේ නිසා මම එය දුටුවේ නැත).
චූටී ගේ කල්කිරියාව ද ඉතාම නරක අතට හැරෙන්නේ මේ කාලයේදී ය. කම්මැලි අලයක් බවට පත් වූ චූටී, බහිස්රාවී කටයුතු නිවස ඇතුලේම ඉටු කරගන්නට පටන් ගත්තේය. අන්තිමේ ඔපීසියේ ඩ්‍රයිවර් අංකල් "කෝ ඕකව මට දෙන්න" යයි ඉදිරිපත් වී ඌ ගෙන ගොස් හේනකඩුව පන්සලේ තබා විත් තිබුණි. දැන් මා කියන දෙය කිසි කෙනෙක් විශ්වාස නොකිරීමට ඉඩ ඇතත් එය එලෙසින්ම සිදු වූ බවට සහතික වෙමි. දිනක් මහ රෑ "ඥාව්" හඬක් ඇසී දොර ඇර බැලූ අපට දකින්න ලැබුනේ දූවිලි නාගෙන හෝන්දු මාන්දු වී සිටි චූටී ය. හේන කඩුවේ සිට හම්බන්තොට ට (වාහනයකින් නම් පැයක දුර) ඌ ඉව පාර ඔස්සේ පැමිණ ඇත. මුල සිටම චූටී ට කැමැත්තක් නොදැක්වූ අම්මා, වහාම ඌ ව ගෙට ගත්තා පමණක් නොව ඌ මැරෙන තුරුම නැවතත් කාටවත් ගෙන යන්නට නොදුන්නාය. කෙසේ නමුත් චූටී ට මගේ තිබූ ආදරය නැති බංගස්තාන වී ගියේ, වැසි දිනක වහලෙන් වැටී අප අතට පත් වූ පුංචි ලේන් පැටව් දෙන්නා ට ෂොට් එක දීමෙන් පසුවය. පසු කලෙක චූටී ගේ මරණය ද ඩිකී ට සමාන ආකාරයෙන්ම සිදු විය (එයද මම දුටුවේ නැත).
මෙකල අපිට මාළු ටැංකි පිස්සුවක් ද සෑදී තිබිණි. මාළු ටැංකිය අස් කරද්දී මගේ අතින් එයට බඩු හම්බ වුනු නිසා මාළුන්ට යන එන මං නැති වූයෙන් උන් ටික තාත්තාගේ යහළුවන් අතට පත් විය.
හම්බන්තොටින් අප පැමිණියේ බෙලි අත්ත ට ය. ඒ ආවේ කිසිම සුරතලෙක් නැතුව හිස් අතිනි. ඒ වන විට මගේ පාසල තිබූ නගරය ආසන්නයේ අපේම නිවසක් තනා තිබූ නිසා මම නේවාසිකාගාරයෙන් ඉවත්ව එහි නැවතුනෙමි (එසේ කළ හැකි වූ යේ අපේ ලොකු නැන්දලාගේ ගෙදර තිබුනෙත් එකම වත්තේ නිසා ය). මේ කාලයේ මගේ තනියට හදා ගන්නට ගත් ලේනා (ඌ ට නමක් තිබුනේ නැත) නැන්දලා ඇතුළු සියලු දෙනාම හපා කන්නට පටන් ගත් නිසා උගේ විශාල කූඩුව බැල්කනියේ තබා දොර ඇර ඌ ට යන්නට ඉඩ හැරියෙමු.
ඒ කාලය වන විට මම උ. පෙළ ආරම්භ කර තිබූ බැවින් තාත්තලාද නිල නිවස ට වඩා අපේ ගෙදර කාලය ගත කළහ. ලේනාගෙන් හිස් වුන කූඩුවට පැමිණියේ ලව් බර්ඩ්ස් ජෝඩු කිහිපයකි. උන් නම් බොහෝ කාලයක් පැටවුන්ද සදමින් එහි විසූහ.
ඉන්පසුව අප නිවසට පැමිණියේ පොමනේරියන් බ්‍රෑන්ඩ් එකේ (ගැහැණු) බල්ලෙකි. ඌ අපේ ගෙදරට ගෙනාවේ තාත්තාය. සාමාන්‍යයෙන් අපේ තාත්තා ගේන බල්ලන්, හොඳ බලු ගතිගුණ ඇතුව නොහැදෙන බව පවුලේ පිළිගත් මතයකි. තාත්තා ගෙදරට ගෙනෙන බල්ලන්ට සැරක් කියා නාමයක් පිහිටන්නේ නැත. කරන්නෙම ගම වටේ කරක් ගසන එකය. වත්තට එන අනෙක් බල්ලන් එළවීම සාමාන්‍ය බල්ලෙකුගේ සිරිත වුවත් අපේ ගෙදර බල්ලන් කරන්නේ උන් එක්ක සෙල්ලමට යන එකය.
"ෂෙරී" නම් වූ මැය ඉවක් බවක් නැතුව ගමේ කරක් ගැසීමට පටන් ගත් බැවින්ද විශේෂයෙන්ම උගේ ජෙන්ඩර් එක සුබ නැති බැවින්ද ඌ ගෙනා දිහාටම ගිහින් දීමට අපට සිදු විය. ඉන්පසුව නම් උගේ හැසිරීම හොඳ අතට හැරුණු බව අපට ආරංචි විය. එහා ගෙදර ලොකු නැන්දලාට බලු පැටියෙක් උවමනා වී තාත්තා කොහෙන්දෝ එකෙක් හොයාගෙන ගෙදර ආවේය. ඉක්මනින් නැන්දාගේ පුතාට කතා කළ අම්මා කීවේ අපේ තාත්තා බලු පැටියා එහාට ගෙනත් දෙන්න කලින් ඇවිත් ඌ රැගෙන යන ලෙසය. එය එලෙසම ඉටු උන හෙයින් ඌ (බීනු) නම් හොඳට හැදී නැන්දාගේ ගෙදරත් අපේ ගෙදරත් දෙකම මුර කළේය. ෂෙරී සිටි කාලයේ දීම අපේ ගෙදරට කළුම කළු බැලලියක් ද කඩා පාත් වී සිටියාය. අපේ මල්ලී ඌ ට දැමූ නම "චක්නෝරිස්" ය.
ෂෙරී ත් නැතුව පෙට්ලස් වී සිටි කාලයේ අපේ ගෙවල් වලට නුදුරෙන් විසූ රානි නැන්දලා ගේ බල්ලා වූ "සීබා" අප නිවසට යාම් ඊම් පටන් ගත්තේය. ඒ නම් පුදුම බල්ලෙකි. බඩගින්නේ මළත් ඌ කෑම කන්නේ නෑයෙක් ගේ ගෙදරින් පමණි. රානි නැන්දලා දින කිහිපයක් ගෙදරින් පිට වී සිටියොත් ඊට අල්ලපු ගෙදර ඇන්ටි දෙන කෑම නොකා ඌ අපේ ගෙදර දුව එන්නේ හති දාගෙනය. ඉතින් ඇන්ටි ට මල අතේය. මූ කරපු අප්සට් ම වැඩේ මම පන්ති යන විට පස්සෙන් ඒමය. කොල්ලෝ හැරි හැරි බලමින් අප දෙදෙනා පසු කර බයිසිකල් පාගති. ලැජ්ජාවේ බැරිය. යන්න කිව්වාට අහන්නෙත් නැත. කිව්වා නාහන එවුන් සමග පාරේ වලි දාගන්නත් බැරිය. මමත් ඉතින් නොදුටුවා සේ යමි. හැබැයි සීබා වල් බලු ගැන්සියක් සමග සිටිනු බැරි වෙලාවත් අපි දැක්කොත් ඌ ට අම්බානකට ලජ්ජා සිතේ. පටස් ගා එතනින් මාරු වන ඌ සති ගානක් යන තුරු අපේ මූන බලන්නට එන්නේ නැත. ඒ වගේම ඌ ඉතාමත් හොඳ දරුණු ගනයේ ආරක්ෂකයෙකු බවද කිව යුතුය.
අවසානයටම අපේ ගෙදරට ආවේ "රොකී" නම් ලයන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෙකි. ඌ නම් ගෙනාවේ මල්ලී ය. එහෙත් උගේ ගතිගුණ ද ෂෙරී ට නොදෙවැනි විය. ගාම්භීර කටහඬ ක් හිමිව තිබුනද ඌ ආසාවට බිරුවේ නැත. අම්මා නම් කීවේ "මොන ෂෙපර්ඩ් ගෙනාවත් ඔච්චර තමා" කියාය. අවසානයේ ඌ ටද උන්හිටි තැන් බලා යාමට සිදු වූයේ බල්ලන් බලා ගැනීමට අපේ ගෙදර බලු බල්ලෙක් නැති වූ බැවිනි. මල්ලිලා දෙදෙනාම නිවසේ නැත. මම රටෙත් නැත. සුරතලුන් ඉල්ලා නහයෙන් අඬන්නට කෙනෙකුත් නැත. තාත්තාට හිතුනොත් කවදාහරි තවකෙක් හදා ගනු ඇත. එහෙත් ඌ ටද බලු ගතිගුණ නොපිහිටන බවට සැක නැත.
ජීවිතේට ඇති කර නොමැති නිසා සුරතලුන් ගැන නම් කීමට නොදනිමි. තංගල්ල වටේම කැරකිලාත් එහේ ගිහින් නෑ වගේ ය. අපේ අම්මගේ ගම තංගල්ල නිසා හැම අප්‍රේලේ ම එහේ යන්නෙමු. බෙලි අත්තේද ගොස් ඇත්තෙමි.
ReplyDeleteබට්ටා එහෙනම් තංගල්ල හොඳට දන්නවා වගේය..පදිංචි වී නොසිටියත් මමත් තංගල්ලේ ඕනෑ තරම් ගොස් ඇත :) බෙලි අත්තට එහා ගම නොවැ
Deleteමමද බට්ටාගේ කමෙන්ටුව බැලුවෙමි. ආ නේ මට නම් නතර කර ගන්නට බැරි තරම් සිනා ගියෙමි. (ඕං බට්ටෝ කේන්ති ගන්නවා එහෙම නෙවෙයි හොදද?)
Deleteසත්තු ගැන මාරම ඉතිහාසයක්නේ තියෙන්නේ.. අපෙත් ඒ කාලේ සෑහෙන සත්තු ඉදලා තියෙනවා.. මට මතක ඇති කාලේ ඉදන්ම හිටියේ එක්කෙනයි.. ඒකා අවුරුදු 11ක්ම සතුටින් හිටියා.. අර අපරාදයක් සැගවූවෙමු කතාවේ ඉන්න කෙනා තමයි.. ඊට පස්සේ කවුරුවත් නෑ..
ReplyDeleteඒ කියන්නේ මල්ලි ඉපදෙන්න කලින් තවත් සත්තු හිටියද? ඔව් අප්පා ඒ කතාව මට මතකයි...
Deleteඅපේ ගෙදර කට්ටියට නම් පූසෝ ඇලජික්.... බල්ලෝ නම් හිටියා. :D
ReplyDeleteඔව් හොඳ පූසෝ ඉන්නේ කලාතුරකින් තමා..
Deleteඅපේ ගෙදරත් බල්ලෙක් හිටියා නම බ්‍රවුනි. ඌත් මම වගේමයි දඩාවතේ යනවා. පස්සේ නැති උනා. කොහේ ගියාද දන්නේ නෑ. තාත්තා කිව්ව එක බල්ලෙක් ගෙදරට උන්නහම ඇතෙයි කියලා.
ReplyDeleteතාත්තා කියල තියෙන්නේ සහතික ඇත්ත නේ :)) එක ගෙදරකට මොකටද එක වගේ බල්ලෝ දෙන්නෙක්
Deleteමං හිතන්නෙ හේනකඩුවෙ ඉඳන් හම්බන්තොටට බලල යන්න ඇත්තෙ වාහනෙක වෙන් ඇති නැත්තං කිලෝමීටර 40ක් එන් පුලුවනෑ බලලෙකුට..නැත්තං අනිවා ඩෙෆා අර ඩ්‍රයිවරය ලග පන්සලෙන් ගිහින් දාල බලල අම්මලාට කෙබරයක් හලල...
ReplyDeleteඩ්‍රයිවර් නම් බොරු කිව්වා වෙන්න බෑ අනේ..මොකද අපේ ලොකු අයියත් (ලොකු අම්මගේ පුතා) ගියානේ එයා එක්ක. මාතර යන ගමන ඌ ව එතනින් දාලා. හිතාගන්න අමාරු උනාට ඌ දවස් ගානක් තිස්සේ ඇවිත් තියනවා.
Deleteනියම ලිපියක්,මේක කියවද්දී මටත් කල්පනා උනා බොලේ අපේ ගෙදර හිටිය සුරතලුන් ගැනත් ඉතිහාස කතාවක් තියනවා නේද කියල :)
ReplyDeleteස්තුතිය් වසිලිස්සා :) ඔයාගේ ඉතිහාසෙත් කියන්නකෝ අපිට...
Deleteමොනාද සයුරි බලු කථා කියන්නෙ :)
ReplyDeleteනෑ නෑ හරී, බලු කතා විතරක් නෙමෙයි බළල් කතා ත් තියනවා :)
Deleteගිරව් ලේන්නු සහ මුගටියෙකු හැර කිසිම සුරතලෙක් මට නං හිටියෙ නෑ.
ReplyDeleteසා..මුගටියෙකුත් හිටියද..නියමයි නේ
Deleteඅපේ බලලා යන්නම ගිහින් ආගිය අතක් නෑ :-(
ReplyDeleteඅයියෝ :(
Deleteසොඳුරු මිනිසා මෙහෙ ආපු පලවෙනි වතාව මගේ හිතේ..
ඔය බළල්ලු ආපහු එන එක ඇත්ත. අපිත් ඔය වගේ ගිහින් දාලා තියනවා අනන්තවත්, ඒත් මෙන්න ටික දවසකින් පොරවල් ගෙදර.. ඇයි අර විහිලු කතාවකුත් තියෙන්නේ පූසට ෆෝන් එක දෙන්ඩ කියලා දාලා එන්ඩ ගිය මිනිහට ගෙදරට එන පාර අහගන්ඩ. :-)
ReplyDeleteබළල්ලු සාමාන්‍යයෙන් තමන් ඉන්න ගෙදරට මිසක්, ඒ ගෙදර මිනිස්සුන්ට නෙමේ ආදරේ කරන්නේ. ගෙදර මිනිස්සු ගේ දාලා ගියත් බළලා යන්නේ නැහැ. පුදුමයි ඕගොල්ලන්ගෙ බළලා යන යන තැනට ඕගොල්ලොත් එක්ක ආවා.
ඔව් අප්පා...ඌ කොහොම ආවද කියලා මටනම් හිතා ගන්නවත් බෑ..උන්ට හොඳ ඉවකුත් ඇති
Deleteඅපේ බලලා නම් අපි කලින් ඉඳපු ගෙවල් වලට යන්න ට්‍රයි කලේ නෑ. මොකද මන්දා..කොහොමත් පූසෝ කියන්නේ බල්ලෝ තරම් මිනිස්සුන්ට ආදරේ ජාතියක් නෙමෙයිලුනේ.
මම අහලා තියෙන හැටියට පූසො හිතන්නෙ මිනිස්සු උන්ගෙ සේවකයො කියලලු...
Deleteමාත් අහල තියනවා ඔය කතාව...
Deleteඑ් කතාවෙත් වැරැද්දක් පේන්නෑ :D
Deleteඅපේ ගෙදර සත්තු පිස්සුව වැඩිපුරම තිබ්බේ අයියට.අයියගේ යාලුවෝ තමයි මේ පිස්සු ඔළුවට දාන්නේ.මාලු,පරවියෝ,ගිරව්,බල්ලෝ,පුසෝ,කලවද්දෙකුත් හිටිය,කොකෙක්,වටුවෝ,.......... අපෝ කියන්න ගියොත් මට රචනාවක්ම ලියතහැකි අයියගේ සත්තුන්ගේ නම් විතරක්.
ReplyDeleteමමනම් ගොඩක්ම ආසාවෙන් ඇතිකරේ ලේන්නු..මෙහෙ ඉන්නවද මන්ද.හිටියනම් දැනුත් අරගෙන හදනව.
කලවැද්දෙක් :0 අයියා හැම ජාතියේම සත්තු හදලා වගේ. ලේන්නුන්ට මමත් හරි ආසයි.
Deleteඅක්කේ මේ කලවැද්ද කවුද කියලා මම කියන්නද? එක්කෝ ඕනේ නෑ නේ. මොකටද නිකං මේ සිහින මල්ලිව තරහ කරගන්නේ නේද?
Deleteහි හි...:))
Deleteඅපේ ගෙදර නම් බල්ලෙකුයි පූසෙකුයි දෙන්නෙක්ම ඉන්නවා. බල්ලනම් නියමයි. අපිට වගේම තවත් අවට ගෙවල් පහකට විතර ආරක්ෂාව සපයනවා. ඒ නිසා අපි ගෙදර නොහිටියත් අවට ගෙවල්වල අය ගෙන් නම් ඌට මාර සැළකිලි. ඒ අවට ආරක්ෂාව සපයන නිසා. ඒ නිසා ඌ නම් රජ පැටියා වගේ. පූසා නම් මාර කම්මැලි ගහක්. දවස තිස්සෙම කාලාබීල පුටුවක් උඩ නිදි.
ReplyDeleteකොහාම වුනත් සතා සීපාවට ආදරේ කරන විට උන් පොඩි එවුන් වගේ.අපිට වගේම උන්ටත් දුක කණගාටුව නම් දැනෙන බව තේරනවා උන්ගෙ ඉරියව් වලින්. සතා සීපාවට ආදරේ කරන එක් කොහොමත් හොඳයි.
අවට ගෙවල්වලටත් ආරක්ෂාව සපයන බල්ලෝ ඉන්නවා තමා. උන්නං හරි පරාර්ථකාමී බල්ලෝ. ඇත්තටම ඔව්, සමහර වෙලාවට බල්ලෝ ගොඩක් හොඳට හැඟීම් ප්‍රකාශ කරනවා. බලන් ඉන්නත් දුකයි.
Deleteඔයාගේ කතා මාර ලස්සනයි ලියන විදියත්.බල්ලෝ ඇති කරන්න මමත් පොඩි කාලේ පුදුම ගේමක් දුන්නේ අම්මගෙන් අවසරේ ගන්න.අපේ ගෙදරත් හිටියා බල්ලෙක් හිටපු ගමන් පස්සෙන් එනවා.නංගි ක්ලාස් යද්දී පස්සෙන් ඇවිල්ල බස් එකටත් නැගල.ක්ලාස් යන වෙනත් කොල්ලෝ කියනවලු ඔයාගේ බලලත් දැන් ඉගන ගන්නවද කියලා.
ReplyDeleteලස්සනට කතා ලියන කෙනෙක්ගෙන් ඒ ලැබුන ඇගයුම බොහොම වටි. ඔයානම් ඉතින් කොහොමහරි කුකුලෙක් ඉල්ලා ගත්තනේ. බල්ලෝ ඔහොම තමයි අනේ. මටත් අර සීබා ගෙන් පුදුම වදයක් තිබුනේ. අපේ ඉස්කෝලේ යාලුවෙක් හිටියා. බල්ලා එයත් එක්ක ඉස්කොලෙටත් එනවා. උන්ගේ තියන හිතවත් කම තමයි ඉතින්.
Deleteඅපේ ගෙදරත් ඔය දෙජාතියෙන්ම ඉන්නවා.මම් නම් වැඩිය ආසා බල්ලොන්ට.උන් ගොඩක් අපිට ආදරේ දක්වනව.එක සැරයක් කන්න දුන්න නම් ඇති.
ReplyDeleteඔව් අනේ..බල්ලෝ තමයි අපිට ආදරේ. පූසන්ට ඕන එයාලගේ වැඩේ කරගන්න විතරයි. හරිම ආත්මාර්ථකාමියි :)
Deleteමටත් හිටියා බව්වොයි ඤාව්වොයි දෙගොල්ලම. ඒත් උන් මැරෙද්දි අම්මටයි මට ගොඩාක් දුක හිතෙන නිසා සත්තු හදන එක නවත්තලා දැම්මා. දැන් ගෙදර ඉන්නේ කොහෙන් හරි ආව ඤාව්වෙක්. //ඩේවිඩ් ෂෙපර්ඩ් මැරුණා මම හිතන්නේ, නැත්තම් එක්ක එන්න තිබුණා...
ReplyDelete// http://www.google.lk/imgres?imgurl=http://i.dailymail.co.uk/i/pix/2009/10/28/article-1223510-02DE68CB0000044D-993_306x468.jpg&imgrefurl=http://www.dailymail.co.uk/sport/cricket/article-1223510/Former-Test-umpire-David-Shepherd-dies-age-68-losing-cancer-battle.html&usg=__Z_3YtRT8QgU_fmaTByOZ_XnvOMM=&h=468&w=306&sz=36&hl=en&start=5&sig2=eQiGSVG_3wUL_vhWOdZqWA&zoom=1&tbnid=LaCtpUw69LU5iM:&tbnh=128&tbnw=84&ei=0WdbT7yJM4_wrQeV1qHrCw&itbs=1
අපේ ගෙදරටනම් ඉතින් ඔය ඩේවිඩ් ෂෙපර්ඩ් ආවත් එකම සෙතේ තමයි..හි හි. ඔව්, උන් මැරෙද්දි තමයි දරා ගන්න අමාරු..
Delete"බලු බළල් ඉතිහාසය" කිව්වම මම හිතුවේ ඔයා උන්ගේ ඇත්තම ඉතිහාසය ලියලා කියලා. ඕක ඉස්සරහට " අපේ ගෙදර " කියලා කෑල්ලක් ආවනම් හොඳයි.
ReplyDeleteඅප්පට සිරි...ඔයා කිව්වම තමයි මටත් තේරුනේ අවුලක් තියනවා කියල..
Deleteඔයගෙ ගෙදර බල්ලොන්ගෙයි පූසන්ගෙයි නම් තැබිල්ල නම් මරු..
ReplyDeleteඅපේ ගෙදර ඉන්න අයට නම් තියන්නෙ චූටි මල්ලි බලන කාටුන් ටීවි සීරිස් වල ඉන්න චරිත බලලා..
මේ දවස්වල ඉන්න එකා “ස්කූබි“..
දිවත් උලුක් වෙනනා ඌට කතා කරන්න ගියාම..
හි හි..උලුක් වෙනවා නේන්නම්..අර අපේ නැන්දලාගේ බල්ලාගේ නම "බීනු" කිව්වම මගේ යාලුවෙක් නාහෙන් අඬන්න ගත්තා. එයාගේ නංගිගේ නමත් බීනු ලු. තව මගේ යාලුවෙක් හිටියා. එයාලගේ බල්ලන්ට දාලා තියෙන්නේ ඕස්ට්‍රේලියන් ක්‍රිකටර්ස් ලා ගේ නම් :)
Deleteමගේ සුරතල් සත්තු ගැන මම ත් පොස්ට් එකක්ම ලිව්වා. එකේ අන්තිමට ලියුවා මම ආපහු හුරතලෙක්ව ඇති කරන්නේ නැහැ කියලා
ReplyDeleteඑත් ගිය සතියේ මම ගිහින් මම ආසම වර්ගයේ චුටිම චුටි බව්වෙක්ව අරගෙන ආවා. එයා ගැන විස්තර ඉදිරියේත් කියන්නම්කො :)
ඩිකී නම් ශෝක් :)
ඒකනේ..කොච්චර හිතුවත් ආපහු හදන්නම හිතෙනවා නේද? එහෙනම් අපිටත් කියන්නකෝ එයාගේ විස්තර :)
Deleteකෙල්ලෙක් කිව්වොත් කවදාවත් දෙයක් කොරන්නේ නෑ කියලා අනිවා ඒක කොරනවාමයි....
Deleteයන්ට මෙයා යන්ට :ප
Deleteබල්ලෝ හතරක් හිටියා....ජෑපනීස් ජාතියක් සහ ලයන් හන්ටස් කියලා තමා කියන්නෙ...මන් හිතන්නෙ ඔය කියපු ජාතියෙම වෙන්න ඔනි ලයන් ශෙපඩ් වෙන්න අති මම එච්චරම දන්නෙ නෑ....මට බල්ලො පේන්ඩ බෑ.....දෑන් නම් එකෙක්වත් නෑ...:ඩි :ඩි :ඩි
ReplyDeleteඑහෙම කියන්න එපා අනේ..එල බල්ලෙක් හදා ගත්තොත් හොඳයි නේ..
Deleteගෙදරට මම එල නෑති බල්ලෙක් වෙලා ගොඩාරියක් කල්.....:)
Deleteඅපේ ගෙදරත් පූසෝ දෙන්නෙක් ඉන්නවා කහ පූසයි තඩි පූසයි කියලා !!!
ReplyDeleteතඩි පූසව මට දීලා තියෙන්නේ. මල්ලි තමා කහ පූසව බලා ගන්නේ. මම් මගේ පූසට නමකුත් දැම්මා 'ඉඳා' කියලා.
ඌට ඉඳා කියලා කතා කලේ නැත්නම් මොක කිව්වත් එන්නේ නෑ. ඌ මීයෝ එහෙම අල්ලන්නේ නෑ. අල්ලලා දුන්නොත් කනවා. මම් වගේම මහ කම්මැලි පූසෙක්. කන්ඩ විතරයි ඇහැරෙන්නේ. කෑවට පස්සේ පැත්ත වැටිලා නිදියනවා. ආයෙත් ගෙදර කවුරු හරි කනවා නම් ආයෙම කන්න ඕනා.
හැන්දෑවේ තේ වෙලාවට බත් දුන්නත් කන ජාතියේ පූසෙක් !!!
අපේ ගෙදර වෙන බල්ලෝ නම් නෑ. (රහසින්....දෙන්නෙක් ඉන්නවා නෙහ්.)
අපෝ වෙන බල්ලෝ මොකටද දෙන්නෙක් ඉන්නකොට නේ?....:)
Deleteඅපෝ කම්මැලි රජෙක් නේ ඔයාගේ පූසා. ගෙදර මිනිස්සු මීයෝ අල්ලලා දෙන්න ඕන ඌ ට කන්න...හි හි
අපේ බිලාලයා නම් මෙලෝ රහක් නෑ කනවා බොනවා බුදි !
ReplyDeleteමම වැඩට යනකොටත් ඌ බුදි මම ගෙදර ඇවිදින් බලනකොටත් ඌ බුදි .
හි හි...ඌ හිතනවද දන්නේ නෑ මෙහෙම "අපෝ අර සඳරුවා නම් මෙලෝ රහක් නැහැ...රස්තියාදුවෙමයි. මම නිදා ගන්න යනකොටත් ඌ නැහැ. මම නැගිටිනකොටත් ඌ නැහැ :-|"
Delete:))
පූසො! මලපහ නොකරනවනං හරිම ෂෝක් සත්තු ජාතියක් :D
ReplyDeleteඅයියෝ ඔව්..ඒ ගැන නම් කියල වැඩක් නැහැ. දවසක් අපේ අම්මා කිව්වා උන් ගේනවානම් පස්ස ලැමිනේට් කරලා ගෙන්න කියලා.
Deleteකටුරොද කිව්වම මතක් උනේ ඔය කියන්නේ කටුවන ගැන ද? දම්පහල මම හොඳට දන්න පලාතක්නේ.මමත් හැදුනේ ඔය කිට්‍ටුව පොඩි කාලේ....හරියටම කියන්නකෝ කොහෙද හිටියේ කියලා...දම්පහල,බෙන්ගමුව,පස්ගොඩ,ඌරුබොක්ක ඔය එක ලඟ ගම් ටිකක්....
ReplyDeleteහලේ...ඔයා හිටියේ කොහෙද? දම්පහල නම් මම වැඩිය දන්නේ නෑ..ඒත් ගොමඩිය, මිද්දෙනිය, වලස්මුල්ල එහෙම දන්නවා. ඔය ගම් වලට මැදි උන අර කලින් කියපු ගමේ අපි අවු. 6 ක් හිටියා. හරි ලස්සනයි නේද ඒ පැත්ත.
Deleteදෙයියෝ සාක්කී මමත් ඔය කිට්‍ටුවමයි හිටියේ...අපේ ගේ ඉස්සරහින් තමයි ගොමඩියට යන්නේ.ඊට පස්සේ කටුවන..මිද්දෙනිය ,වලස්මුල්ල වැඩිය දන්නේ නෑ...ඒත් ගිහිල්ලා තියෙනවා...ගිය පාර නිවාඩුවට ගිහිල්ලා ආවේ ගොමඩිය කටුවන ඇඹිලිපිටිය පැත්තෙන් කොළඹ...මම හිටියේ ඌරුබොක්ක කියන ලස්සන ගමේ.....ඔය ගොල්ලෝ හිටියේ කටුවන ද?
Deleteඑල කිරි...ඔන්න මම මේලක් දැම්මා :)
Deleteපිස්සු හැදෙන ඉතිහාසයක්නේ සුරතල් සත්තු ගැන තියෙන්නේ සිරාවට ලියලා තියෙන විදියට හිනා වෙවි කියෙව්වේ මමත් ආසම සත්තු විශේෂයක් තමයි පූසා....බල්ලොන්ව නම් සතේකට විස්වාස තියන්න බෑ උන් මට තමයි දෙන තරමක් වද දෙන්නේ කොහෙන් හරි කඩාපාත්වෙන බලු තඩියෙක් මහ රෑ එකට දෙකට කන ලඟට ඇවිල්ලා හූ තියනවාමයි තාමත් එහෙම්මයි.මල අතේ තියන් නැගිටලා නිදි මරගාතේ උන්ව එලවන්න හදද්දි උං මටත් බුරාගෙන පනිනවා අම්මපා ඒ වෙලාවට නම් බල්ලොන්ගේ පරම්පරාව නෙමේ උංව හදාගන්න එවුන්ගේ පරම්පරාවත් මතක් වෙනවා....
ReplyDeleteඅපේ පැත්තේ ඉන්න බල්ලෙක්ට ගලකින් හරි ගැහුවොත් පහුවදා උදේට හරි ලස්සන තෑග්ගක් ගේ දොරකඩටම ගෙනත් තියලයි යන්නේ ^#%%$@$#@
පූසොනම් හරීම ෂෝක් උන්ට නම් එලියට යන්න ඕනේ උනාම අපිට කියලා දොර අරවගන්නවා දොර පහුරු ගාලා....දවසක් මම නිදාගෙන ඉද්දි මූණ ලඟටම ඇවිත් ඤාව් කියලා දොර ගාවට ගිහිල්ලා පහුරු ගාලා ඇරවගත්තා උගේ නම අමරේ(අමරේ අංකල් ගෙනත් දෙන ලදී)
//අපේ පැත්තේ ඉන්න බල්ලෙක්ට ගලකින් හරි ගැහුවොත් පහුවදා උදේට හරි ලස්සන තෑග්ගක් ගේ දොරකඩටම ගෙනත් තියලයි යන්නේ ^#%%$@$#@//
Deleteහිකිස්.
බල්ලෝ හූ කියනවා අහන් ඉන්න මාත් ආසම නැහැ. ඒත් ගොඩක් වෙලාවට ගෙදර බල්ලෝ එහෙම කරන්නේ නැහැ. පිරිසුදු කම අතින්නම් ඔයා කියපු කතාව හරි. උන් වැඩේ කරලා වහනවත් එක්ක නේ. අපේ චූටි නම් අර විදියට කරේ මොකද මන්දා.
අනේ අනේ...ගෙනත් දීපු මනුස්සයාගේ නමද පූසට දැම්මේ? හික් හික්.
තැන්කු ගැමි මල්ලි
මොන උනත් බලු මහත්තයල නම් පූස් හාමිලට වැඩිය ලෙන්ගතුයි මම හිතන්නේ. පූසො කැමති තනි පංගලමේ ඌට ඕන විදියට ඉන්න. අපි ඇල්ලුවත් කෙල ගාල අල්ලපු ටික undo කරගන්නවා. කොහොම උනත් අපේ ගෙදරටත් දවසක් බලුස් කෙනෙක් වැරදිලා ඇවිල්ල ඌව එලවල දැම්ම. අනේ පස්සේ තමයි දැක්කේ ඌ ගිය පාරේ උණු කැවුම් කියල :D
ReplyDeleteමටත් හිතෙන්නේ එහෙම තමයි තේමිය.
Delete//අපි ඇල්ලුවත් කෙල ගාල අල්ලපු ටික undo කරගන්නවා.//
හිකිස්...... ඇත්ත..ඇත්ත....:)
පව් අනේ ඔයා අර බල්ලට කරලා තියන වැඩේ...හි හි
පුංචි බලු රාලේ
ReplyDeleteමා ගෙදර නැති වේලේ
කවුද මගේ බෝලේ
පෙරල පෙරලා මිදුලේ හිටියේ
:))
Deleteසුරා යකා සාදරයෙන් පිලිගන්නවා මෙහාට..
නියම බලු ස්ටෝරිය....කියවගෙන ගියා එක හුස්මට....
ReplyDeleteඅපේ ගෙදර නම් සුරතලයට ඇතිකලේ මාවත් මගේ මලයාත් පමනි
ස්තුතියි කස්සා...ඒ සුරතල් සත්තු දෙන්නත් හොඳ ඇති එහෙනම් :)
Deleteමම බල්ලන්ට නම් ආසයි. පූසන්ට නම් එච්චරම කැමැත්තක් නෑ. ඒත් සතුන් ඇතිකලාම තියන ප්‍රශ්නේ තමා එයාලා නැති උනාම තියන දුක.
ReplyDeleteඒ දුක නම් එහෙම තමයි අප්පා...මොනා කරන්නද ඉතින් :(
Deleteමේ පෝස්ට් සහ කමෙන්ට් කියෙව්වාම මට හැගුන දෙයක් තමා ගොඩක් අය පූසන්ට අකමැති බව. කණගාටුයි කියන්න පුසො කොච්චර හොදද උන් අපිට කොච්චර ආදරෙයිද කියල මට නම් කියල නිම කරන්න බෑ. දැන් සතියකට කලින් සුද්දි ඒ කියන්නෙ අම්මගෙ ආදරනීයම පූසිය අනතුරකින් මැරුනා. අම්මා ඇය වෙනුවෙන් සොහොනේ පහනක් දල්වා පින් දී මිනිස් ආත්මයක් පතනවා. අක්කාත් මස්සිනාත් ඇය වෙනුවෙන් දානයක් දී තිබුනා. මමත් පුලුවන් විදියට පින් අනුමෝදන් කරනවා. අපි මෙතෙක් හැදු වැඩු පුසන් ගනන 20 පමණ ඇති. දැන් ඉන්නෙ එක්කෙනයි ඒ මගේ ආදරනීය වස්තු. අපේ ගෙදර පූසො ඉන්නෙ එක එක්කෙනාට අයිති විදියට, අක්කගෙ යාලුව ගංගු... මම ස්කයිප් එකෙන් කතා කරන වෙලාවට වස්තු ඇවිත් මොනිටරය දිහා බලන් ඉන්නවා. කොච්චර ඈතින් තිබ්බත් ලගට එනවා,,,
ReplyDeleteගොඩක් අය කැමති බල්ලන්ට වගේ නේද...ඔයාගේ පූසෝ ටික හරිම ෂෝයි වගේ...අනේ අර මැරුණ පූසි ගැනනම් දුකයි..ඔයාලත් උන්ට සලකන විදිය හරිම හොඳයි..
Deleteඔයා අලුත් බ්ලොග් එකක් හදලද? කෝ අර පරණ බ්ලොග් එක...
ReplyDeleteඔයා මේක ලියල තියෙන විදිය නම් මරු සයුරි.... මං ඇතිවෙන්න හිනා උනා.... අර තාත්තගෙ උෂ්ණෙ වදින බල්ලන්ට වෙන වැඩේ නම්.... හික්ස්....
ReplyDeleteහි හි...ඔව් නේ..බල්ලා ගෙදරට ගේන කෙනා මත ලු නේ උගේ ගතිගුණ රඳා පවතින්නේ. හැමෝටම බල්ලන්ව පිහිටන්නේ නැහැ..ස්තුතියි මියුරු අක්කා..
Deleteමට නම් බල්ලෝ අරහං. මටත් වඩා අපේ තාත්තාට. ඉතිං බල්ලෝ ගෙන ඒම ගෙදරට සපූරා තහනම්. පූසෙක් හිටියා. එයා පිඹුරෙක් ගිල්ලා. ඊට පස්සේ තාත්තා පුසොත් ගේන්න තහනම් කලා. ආ අලි මාළු වළක් තිබුණා මිදුලේ හදලා. ඒකෙනම් මගෙ අම්මෝ සෑහෙන්න මාළු හිටියා දොලේ ඉදන් මුහුදට යනකම්ම එක එක වර්ග. ඒත් අපි කවුරුත් ගෙදර නැතිවුන නිසා අස් කරන්න විදියක් නැතුව චූටි බාප්පා ඒ මාළු සේරම අරන් ගියා. පස්සේ ඉතිං ඉල්ලන්න බැරි නිසා මාළු ටැංකිය වහලා දැම්මා.මාළු ඇති කිරිල්ලටත් වුනේ අන්න එහෙම. ආ මට ගිරවෙක් හිටියා. ඌ මාරි. මම කොළඹ ආවට පස්සේ අයියගේ නොනගේ ගෙදර එයා අරන් ගිහින්. අනේ කෑම දෙන්න යද්දී එයා මට දන්වන්නෙත් නැතුව යන්න ගිහින්.
ReplyDeleteඅප්පේ ඔව්..ඔයාගේ සෙරෙප්පුවකටත් වැඩේ දුන්නේ බලු යාලුවෙක් නේ..ඉතින් අරහං වෙන එක සාධාරණයි. හැබැයි අපේ ගෙදර හිටි එවුන් නම් සෙරෙප්පු කෑවෙම නැහැ. මාළු වල නම් ලස්සනට තියෙන්න ඇති...
Deleteඔය පූසව ගිල්ල පිඹුරව ඇතිකරේ බට්ටි අක්කයි කියල කියන්නෙ...
Deleteඅපේ ගෙදරත් පූසො ඇලජික්..:D බව්වො නම් හිටියා එක්කෙනෙක් අවු10ක්ම. ජර්මන් ෂෙපර්ඩ් එක්කෙනෙක්.. එයා ගිය අවුරුද්දෙ මැරුණා..:'( ඊටපස්සෙ නිකන්ම නිකන් වල් බව්වෙක් ගෙනාවා..:D එයා ටිමී.. හික්ස්ස්.. එයාගෙනම් හැසිරීම අන්තිමයි...
ReplyDeleteඅක්කිටනම් සෑහෙන්න හුරතල් සත්තු ඉදලානෙ.. :D
ඔව් නංගා..සෑහෙන හිටියා. මැරුණ බව්වා නම් පව්..සමහර වල් බල්ලෝ අනිත් අයට වඩා හොඳයි හැබැයි.
Deleteසත්තු කිවොත් මමත් පණ ඇරලාය.... දැන් මගේ පණ - කලු / ලොකු පොඩි හා චුටි පොඩි ය...
ReplyDeleteඒකනම් හොඳයි...."ලොකු පොඩි" කියන්නේ සිරා නමක්ය..:)
Deleteජීවිතේට සතෙක් ඕන...බල්ලෙකුයි පූසෙකුයි දෙන්නෙක්ම ඉන්නවා
ReplyDeleteඒකනම් ඇත්ත තමා...දෙජාතියෙන් ඉන්නකොට කොහොමත් හොඳයි නේ...
Deleteචූටී ගෙ හොයාගෙන ආපු එකනම් පුදුමයක් නෙමෙයි.හුගක් පුසෝ ඔහොමයි.මමත් සත්තුන්ට පණ ඇරලා.සත්තුන්ට ආදරේ කරන්නේ සංවේදී මිනිස්සු.එහෙම මිනිස්සුන්ට මං හුගක් ආසයි. මෙන් මං හදලා තියෙන සත්තු...
ReplyDelete1.ගිරව් 2.මයිනෙක්(උගේ නම චුටි.කතා කරන්න පුළුවන්.කුඩු කරලා තිබ්බේ නැ.එත් එයා වැඩිය එළියට ගියේ නැ. ගියොත් ගෙ ගාවම ගහකට තමයි.පුසෙක් අල්ලලා මැරුණා.තවම දුකයි.)
3.කලවැද්දේක්. 4.ලේන්නු 5.හාවෝ. 6.තාරාවෝ. 7.පාත්තයෝ 8.කුකුල්ලු 9.පරවියෝ 10.ලව්බර්ට්ස් 11.පිලිහුඩුවෙක්(අසනීප වෙලා වැටිලා හිටියා.සනීපකරලා අත්හැරියා) 12.කපුටෙක්(ඌවත් සනීපකරලා අතෑරියා)
13.බල්ලෝ 14.පුසෝ, 15.මාළු උපන්දා ඉදන් තවම හදනවා
අම්මෝ අංකල්ට මාර සත්තු තොගයක් ඉඳල නේ..නියමයි..
Deleteකතා කරන්න බැරි සත්තු ගැන ආදරේ හිතෙනවා වගේම අනුකම්පා ත් හිතෙනවා නේ...
සයුරි අක්කාගෙ සත්තු වත්තේ තොරතුරු මෙසේ නිමා වූ වගයි......!!!
ReplyDeleteඑසේය පිස්සා මල්ලි :)
Deleteඅක්කා රටෙත් නැත, පෝස්ට් එක ලොවෙත් නැත.., මේ ජයග්‍රාහී 83වන කොමෙන්ටුවය. වැඩි අගයකින් යුතුව කොමෙන්ටුවක් දැමීමට සිදුවීම පිළිබඳව සමාව අවශ්‍යය. පූසාගෙ හේනකඩුව-කතරගම ටුවර් එක ඇසූවිට ඇගේ ලේ වතුර විය. එහි දුර මා හොඳාකාරවම දනිමි, මගේ ගමද තංගල්ලේය. දැනට ඉන්නේ කටුබැද්දේය. අක්ක කටුරොද කිව්වෙ කටුවානට වෙන්ටැතිය.
ReplyDeleteඅක්කට ජය ශ්‍රී..!!! ය.
මන්ඩිට බොහොම ස්තුතිය. කමෙන්ටුවේ ඉලක්කම අඩු උනත් වැඩි උනත් එක සේ වටනේය. ඒ නිසා සමාව ඉල්ලීම අනවශ්‍යය :)මල්ලි තංගල්ලේ බව අහන්න සතුටුය. මමද කටු බැද්දේ අවු. 4 ක් විසීමි. එසේය...
Deleteමල්ලිටත් ජය ශ්‍රී..!!! ය.
//ගාම්භීර කටහඬ ක් හිමිව තිබුනද ඌ ආසාවට බිරුවේ නැත. අම්මා නම් කීවේ "මොන ෂෙපර්ඩ් ගෙනාවත් ඔච්චර තමා" කියාය.//
ReplyDelete:D හිහිහී.. අම්මා හරිය..
ජීවිතයත් එක්ක බැඳුනු හුරතල් සත්තුගෙ මතක එයාලා නැතිවෙන කොට ගොඩක් දුකයි..
අක්කියගෙ සුරතල් සතුන් කතා වස්තුවනම් ගොඩක් අගෙයි..!
හිහි...අනේ ඔව් ඌ දවස් දෙක තුනකට වඩා බුරලා නැහැ නේ. පුදුම බල්ලෙක් තමයි.
Deleteස්තුතියි නංගියෝ..
මම දන්න කාලේ අපේ ගෙදර එක බල්ලෙක් උන්නා.. ඌ බ්ලැකී.. (පිරිමි සතෙක්) මම 7 දී විතර ඌ මැරුණා.. දැන් ඉන්නවා පුසෝ දෙන්නෙක්.. ලොකූ සහ පොඩි... මට වඩා අම්මගේ සුරතල්ලු කිව්වොත් හරි...
ReplyDeleteඅම්මෝ අක්කගේ සුරතල් බල්ලො බළල්ලු ගොඩ... :O
අනේ ඔයා බ්ලැකී කිව්වමයි මතක උනේ. මම අපේ බ්ලැකී ගැන ලියල නෑ නේ. එයා ආවේ ෂෙරී ට පස්සේ. පොඩි කාලෙම මැරුණා ලෙඩක් හැදිලා :(
Deleteමල්ලි චක් නොරිස් ඇක්ට් කොරන පිචර් බලන්න ඇති
ReplyDeleteහි හි..ඔව් ඔව් ..
Deleteබල්ලන් බලලුන් නම් මට ඇලජික්ය. එපමනක් නොව කිසිම සුරතල් සතෙක් මෙතෙක් ඇතිදැඩි කර ද නැත. එහෙත් සයුරි ඔබගේ සුරතලුන් පිළිබඳ සටහන නම් ඉතාමත් අගේය....ආශාවෙන් කියවූයෙමි.මගේ සුබ පැතුම්...
ReplyDeleteරවී ගේ සටහනට බොහොමත්ම ස්තුතිය. සතුන් ඇති කිරීම ඇත්තෙන්ම දුකකි.
Deleteඅපේ ගෙදරත් බල්ලො,පූසෙක් සහ හාවෙක් ඇති කරලා තියෙනවා.හාවා කූඩුවක නෙවෙයි හිටියෙ.පූසනම් අපි එක ගෙදරක ඉදලා අනික් ගෙදරට අරන් යන්න හදද්දි වාහනෙන් බිමට පැන්නා.පස්සෙ දවසක ගිහින් බලනකොට අහල පහලින් කකා බිබී ඉන්නවා.
ReplyDeleteබල්ලො නම් ගොඩක් ඉදලා තියෙනවා.මැරෙනකොට දුක තමා වැඩි.එක්කෙනෙක්ට පක්ෂාගාතෙ හැදිලා මං මැරෙන කල් සාත්තු කලා.අනේ දුක් විදලා මැරුනා.:(
දැන් ඉන්න කෙනාත් අපිව හන්දියට ගිහින් ඇරලලා ආපහු ගෙදර දුවනවා.එයාටනම් කතා කරන්නත් පුලුවන්. ආව් ඌව් ගගා කතා කරන හැටි අහගෙන ඉන්න ආසයි.
බළල්ලු ගැන සෙන්නා කියපු කතාව ඇත්ත එහෙනම්. උන් ආදරේ කරන්නේ ඉන්න ගෙදරට. හාවෝ නම් ෂෝයි..අහල පහල බල්ලෝ නිසා තමා උන් හදන්න අමාරු. ශා...කතා කරන බල්ලෙක් ගැන ඇහුවමයි :)
Deleteනියම සුරතල් ඉතිහාසයක් . අපේ ගෙදර ළමයි හිතන්නේ මේ ලෝකේ සුරතල් සතෙක් නැති එකම ගෙදර අපේ ගෙදර කියලයි . තව ළමෙක් වගේ මට ඔවුන් බලාගන්න බැහැ කිව්වම ලොක්කි කිව්වේ ඉතින් තව ළමෙක් හිටිය නම් ඔයා බලාගන්නේ නැද්ද කියලයි .
ReplyDelete:)) ලොක්කි ෂෝක් කතාවක් නේ අහල තියෙන්නේ..ලොකු උනාම ලෝයර් කෙනෙක් වෙයිද දන්නේ නෑ. ඉස්සර අපේ අම්මා කිව්වෙත් ඔන්න ඔය වගේ "බලා ගන්න බැහැ", "ජරාව අස් කරන්න බැහැ" වගේ කතා තමයි...
Deleteඅම්මප ...කොහොමද පොඩි එකීගෙ තර්කෙ?....බින්දිට කට උත්තර නැතිවෙන්ට ඇති නේද?.......පොඩි අය ගේන ඔය වගෙ ආයෙ නෑ උත්තර නැතිවෙන තර්ක හරියට තියනව...හෙහ්, හෙහ්,
Deleteමේ මම පොඩි කාලෙ කිව්වයි කියල අම්ම තාමත් කියල හිනාවෙන කතාවක්
අපෙ අප්පච්චි පඩි ගත්තු ගමං සල්ලි ඔක්කොම ගෙනැත් දෙනව අම්මගෙ අතට,
ඕක බලං ඉඳල මම ඇහුවලු '' ඇයි අම්මෙ අප්පච්චි අම්මගෙ අතට සල්ලි ඔක්කොම ගෙනැත් දෙන්නෙ ? '' කියල ...හෙහ්, හෙහ්,
අම්ම කිව්වලු '' ඒ පුතේ අම්මනෙ ගෙදර වියදම් ඔක්කොම කරන්නෙ ඒ නිසා...... මගෙ පුතාත් ලොකු වෙලා රස්සාවක් කරනකොට අම්මගෙ අතට ඔක්කොම සල්ලි ගෙනත් දෙන්න හොඳද? '' කියල,
මම ටිකක් වෙලා කල්පනා කර කර ඉඳල කිව්වලු '' එහෙම කරන්න තිබ්බ අප්පච්චිත් පඩි සල්ලි ඔක්කොම ආතම්මගෙ අතට දෙනවනං " කියල.....හෙහ්, හෙහ්,
That's called irrefutable Logic, Bindi, heh, heh,
බල්ලෝ පූසෝහොඳයිතමා..ඒත් ගෙදරඅයට මලපැන්නාම කියනසමහර වචනහින්ද ඉස්සරමට මලේමල (උඹට වඩා හොඳයි බල්ලෙක් බළලෙක් හැදුවනම්)කොහොමද සනීපෙ...
ReplyDeleteහිහ් හිහ්....ඇත්තටම සමහර වෙලාවට බල්ලෝ බළල්ලු ගෙවල්වල හැදෙන ළමයිට වඩා හොඳයිලු නේ...:)
Deleteසමහර වෙලාවටනෙමේ ගොඩක් වෙලාවට...උන් දෙනදේ කාල ඔහේ ඉන්නවනෙව
DeleteOyata godak yaluwo indala thiyanawane. Ma nam ballanta asai, eth puusanta kamathi na.
ReplyDeleteHanda allapu rate kena
ඔව් ඔව් යාළුවො තමයි :) තෑන්ක් යූ හඳ අල්ලපු රටේ කෙනා ට...
Delete