Tuesday, June 5, 2012

අයිස් යුගය


මේ අයිස් ඒජ් චිත්‍රපටියේ පින්තූරයක් දාලා තිබුනට මම කියන්න යන්නේ නම් චිත්‍රපටිය ගැන නෙමේ හොඳේ.

ඔය චිත්‍රපටිය බලපු අයට "අයිස් ඒජ්" කියන්නේ මොකක්ද කියලා නිකමට හරි අදහසක් ඇති නේ. අයිස් යුගයක් ඇති වෙන හැටි ගැන අපේ ලිපියේ අන්තිමට කතා කරමුකෝ. ඊට කලින් කතා කරන්න කාරණා කීපයක්ම තියනවා.

අපේ පෘතුවියේ අයිස් යුග කීපයක්ම තිබුණා කියලා විශ්වාස කරත් "අයිස් යුගය" කියලා පොදුවේ හඳුන්වන්නේ මිට අවුරුදු 70000 කට කලින් ඇති වෙලා, මිට අවුරුදු 10000 කට කලින් අවසන් වුන අවසාන අයිස් යුගය. අයිස් යුගයක ස්වරූපය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ :) පෘතුවියෙන් වැඩි හරියක්ම ග්ලැසියර වලින් වැහිලා තියන හැටි හිතේ මවා ගන්නකො. මීට අමතරව ක්‍රි. ව. 1300 සිට 1900 පමණ වන තෙක් යුරෝපයේ "පුංචි අයිස් යුගයක්" ඇති වෙලා තියනවා (Little ice age)

දැන් අපි බලමු පෘතුවිය කොහොමද අයිස් යුගයකට නොයා දැනට මේ තත්ත්වයෙන් තියෙන්නේ කියලා. පිළිතුර තමයි "සාගර දියවැල්". මේ දියවැල් අපිට කොයි තරම් වැදගත්ද කියලා බලන්නකෝ.

දියවැල් කිව්වහම වර්ග දෙකක් තියනවා. එකක් තමයි සාගරය මතුපිට ඇති වෙන දියවැල්. මේවා ඇති වෙන්න හේතු වෙන්නේ ප්‍රධාන වශයෙන් පෘතුවියේ බ්‍රමණය, සුළං සහ මහාද්වීප වල හැඩය සහ පිහිටීම. පහළ රූපයේ තියෙන්නේ මතුපිට දියවැල් ගලන ආකාරය.


මේකේ රතු පාටින් පේන්නේ උණුසුම් දියවැල්. නිල් පාටින් තියෙන්නේ සිසිල් දියවැල්. උණුසුම් දියවැල් ගලන්නේ නිවර්තන කලාප වල ඉඳලා ධ්‍රැව දෙසට බවත්, සිසිල් දියවැල් ගලන්නේ ධ්‍රැව වල ඉඳලා නිවර්තන පෙදෙස් වලට බවත් ඔයාලට පේනවා ඇති. මේ හින්දා සිද්ධ වෙන තාප සංසරණය නිසා ලෝකයේ සමස්ත දේශගුණය සමනය වීමක් වෙනවා. යුරෝපය පැත්තේ සමහර වරාය වල සිසිර සෘතුවේ වත් හිම මිදෙන්නේ නැත්තේ මේ දියවැල් වල බලපෑම නිසා.

අනිත් දියවැල් වර්ගය තමයි ගොඩක්ම වැදගත්. ගැඹුරු සාගර පතුලෙන් ගලන දියවැල්. මේවා ඇතිවෙන්න නම් ප්‍රධාන වශයෙන් බලපාන්නේ ජලයේ ඝනත්ව වෙනස. සාගර ජලයේ ඝනත්වය තීරණය කරන සාධක තමයි උෂ්ණත්වය සහ ලවණ සාන්ද්‍රණය. ධ්‍රැව ආසන්නයේ මුහුදට වඩා නිවර්තන ආසන්නයේ උෂ්ණත්වය ඉතාමත් ඉහළයි. උෂ්ණත්වය වැඩි වීමත් සමග ඝනත්වය අඩු වෙනවා (ලවණ ප්‍රමාණය නියතයි). ඒ කියන්නේ ධ්‍රැව ආසන්නයේ ජලයේ ඝනත්වය වැඩියි. මේ නිසා ජලය පහළට ඇදිලා යනවා දිය වැලක් ආකාරයෙන්. ඒ අතර නිවර්තන ආසන්නයේ ජලයේ ඝනත්වය අඩු නිසා ජලය ඉහළ නගින්න උත්සාහ කරනවා. ධ්‍රැව වලදී පහළ බසින ජලයේ අඩුව පුරවන්න මේ උණුසුම් ජලය ධ්‍රැව දෙසට ගමන් කරනවා. ඒ අඩුව පුරවන්න ධ්‍රැව වලින් පහළ බසින සීතල දිය වැල නිවර්තන දෙසට ඇදී එනවා. මේක හරියට එකම වක්‍රාකාර පටියක් වගේ.

ත්රුනාද මන්දා :-\ . පින්තුරේ බලන්නකෝ...


දැන් පැහැදිලි ඇති නේද? ඔන්න ඔහොමයි දිය වැල් මගින් තාප සමනය සිද්ධ වෙන්නේ.

දැන් බලමුකෝ මේ දවස් වැල වැඩිපුර කතා කරන දෙයක් ගැන. "Global Warming". ඇයි මිනිස්සු මේකට ඔය තරම් බය? වායු ගෝලය උණුසුම් වීම නිසා (අපේ අයගේ වැඩ හින්දා තමයි ඉතින්) සිද්ධ වෙන්න පුළුවන් අහිතකර දෙයක් තමයි දැනට ග්‍රීන් ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ තියන ග්ලැසියර දිය වෙන එක (ඒ සංසිද්ධියට කියන්නේ "ග්ලැසියේෂන්" කියලා. අන්තිම අයිස් යුගය අවසානයේ විස්කොන්සින් ග්ලැසියේෂන් නිසා තමයි පංච මහා විල් ඇති වෙලා තියෙන්නේ). එහෙම දිය උනාම අති විශාල මිරිදිය ස්කන්ධයක් සාගරයට එකතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ධ්‍රැව ආසන්නයේ මුහුදු ජලයේ ලවණ සාන්ද්‍රණය අඩු වීම නිසා ඝනත්වය අඩු වෙන එක. එතකොට අපි කලින් කතා කරපු විදියට දියවැල ගමන් කරන එක නවතීවි කියලා සැකයක් තියනවා. මොකද දියවැලේ ගමනට බලපාන්නේ ඝනත්වය නිසා ඒක වෙනස් උනාම ගමන් කරන්න විදියක් නැහැ නේ.

අන්න එහෙම උනොත් තාප සංසරණය විකෘති වෙලා නැවතත් අයිස් යුගයක් එයි කියලා විද්‍යාඥයින් සැක පහළ කරනවා. කොහොමත් එක අයිස් යුගයක් අවසානයේ උණුසුම් වීමේ කාල සිමාවකුත් ඉන් පස්සේ තවත් අයිස් යුගයකුත්, විදියට මේක චක්‍රයක් වගේ සිද්ධ වෙනවා කියන එක තමයි පිළි ගැනීම. එහෙම බලනකොට දැන් අපි ඉන්නේ මිට අවුරුදු 10000 කට කලින් ඇරඹුණු අනුසුම් වීමේ කාල පරිච්චේදය අවසානයේ ලු.

දැන් ඉතිරි වෙලා තියන ග්ලැසියර ටිකත් දිය වුන දාට නැවතත් අයිස් යුගයක් එයි. ඊට අවුරුදු දහස් ගානකට පස්සේ නැවතත් වායු ගෝලය උණුසුම් වෙන්න පටන් අරගෙන, දිය වැල් ක්‍රියාකාරී වෙලා මේ වගේ කාලයකුත් එයි. ඔය අතරේ අපේ සසර චක්‍රයත් නොනැවතී සිද්ධ වෙයි.සොබා දහමේ නියම වෙනස් කරන්න කාට නම් හැකි වෙයිද?


81 comments:

  1. වැදගත් සටහනක් අක්කේ.. දිය වැල් වල ක්‍රියාකාරීත්වය ඕකට කෙලින්ම බලපාන බව මාත් අහලා තියෙනවා.. මේ ඉහල යන උණුසුමත් එක්ක මේ දේවල් වෙන්න බැරි කමන් නෑ..

    අයිස් ඒජ් නම් අපි ආස ෆිල්ම් එකක් නේ.. අළුත් එක එනකන් මේ බලාගෙන ඉන්නේ.. ඒකේ මහද්වීප බෙදිලා යනවලුනේ අර ලේනා වගේ සතාගේ කුරුම්බැට්ටිය නිසා... :)

    ReplyDelete
    Replies
    1. හෙහ් අදත් එක.. හෙට උදේම බට්ටි අක්කා අඬන්න පටන් ගනීවී.. ඊට කලින් තෑගි දෙන්න බැරිදෝ?

      Delete
    2. හිත වාවන්නේම නෑ
      මෙයා මට එක වෙන්න දෙන්නේ නෑ.... :)

      Delete
    3. තව ටිකක් උදේම නැගිටිමු බට්ටි අක්කේ.. ;)

      Delete
    4. හ්ම්ම් ඔය මහද්වීප බෙදෙන එකත් හරිම සිත් ගන්නා සුළු සංකල්පයක් නේ...ඒ ගැනත් පොඩ්ඩක් හොයල බලන්න හිතෙනවා...ඒකෙ ලේනට මම හරි ආසයි අප්පා...ඔය ජාතියේ ලේන්නු හඳ අල්ලපු රටේ හරියට ඉන්නවා. උන්ගේ වැඩේම ඇට හොයාගෙන ඇවිත් වල දාන එකයි ගොඩ ගන්න එකයි තමා. මල් පාත්තියක් වත් තියාගන්න නැහැ...

      අද පළවෙනියා ට තෑග්ගක් දෙන්න ඕනනේ. දැන් ඉතින් ඉස්සර වගේ ටොෆි චොකලට් දෙන එක හරි නෑ නේ...

      [im]http://dl.dropbox.com/u/16187387/camera-pen.jpg[/im]

      බට්ටියා....ගණන් ගන්න එපා අනේ. ඔයා ආපහු දවසක එන්නකෝ :)

      Delete
    5. හුරේ මම ආසයි නේ පෑන් වලට.. ඉස්සරනම් ලස්සන පෑනකින් කවි පොත ලිවුවා.. දැන් ඉතින් මේක බලාගෙන කේ බෝඩ් එකේ වත් ලියන්න ඕන..

      කමෝන් බට්ටි අක්කේ කමෝන්.. නෙක්ස්ට් ටයිම්.. නෙක්ස්ට් ටයිම්.. :)

      Delete
    6. අක්කේ.... මේ කමෙන්ට් වලට පින්තුර දාන හැටි මට කියල දෙනවද පුළුවන් නම්.....

      Delete
    7. අනූ මෙන්න මෙතනින් බලන්න..

      http://www.spiceupyourblog.com/2010/12/images-colored-text-blogger-comments.html

      Delete
  2. ඇහුවාම බය හිතෙනවා නේ. බලාගෙන යනකොට දැන් කාලේ බය නොහිතෙන්නේ මොකටද? :)

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්...දැන් කාලේ මොකක් ඇහුවත් බය හිතෙන ආරංචියක්ම තමයි...

      Delete
  3. ෂහ්!!! සයුරි දන්න දේවල්. ඔයා කොහෙන් හොයාගන්නවද මන්ද මේ විස්තර. මේ වෙන විපර්‍යාස අයිස් යුගයක ආරම්භය වෙන්න පුළුවන්. 2012 උනේ නැතත් ලොකු පෙරළියක් අත ලඟ බවනම් මේ සොබාදහම පෙන්නුම් කරනව.

    ReplyDelete
    Replies
    1. ඔව් රෝස කුමාරි,,,ළඟදීම මොනව හරි වෙයි කියල හිතන්න සාධක තියනවා...දේශ ගුණයට වෙලා තියන විපර්යාස දිහා බැලුවත් ඇති එහෙම හිතන්න.

      බොහොම ස්තුතියි ඔයාට...:)

      Delete
  4. අද උදේපාන්දරම මේක දකිනවිට මට හිතුනේ සයුරි "අයිස් ඒජ්" කාටූන් එක ගැන මොනවා හරි ඩිස්නිලන්ත අත්දැකීමක් ලියලා ඇති කියලා.

    ලිපිය කියෙව්වට පස්සේ තමයි වැඩේ තේරුණේ. දියවැල් ගැන නම් අහල තිබුණා ඒක සිදුවෙන ආකාරය දැනගෙන හිටියේ නැහැ. ඊටත් වඩා එයින් අතිවන ප්‍රතිපලය භයානකයි. විශේෂයෙන්ම විද්‍යාඥයන් දැනටමත් අනතුරු අඟවලා තියනවානේ ග්ලැසියර දිය වුනොත් මාලදිවයින වැනි දූපත් රටවල් යටවෙනවා කියලා.

    ඊයේ ජූනි 05 වැනිදා ‍ලෝක පරිසර දිනය. පරිසරයට සොබාදහමට ආදරය කරන කෙනෙක් විදියට මේ ලිපියත් ඊට සම්බන්ධයි. මොකද ජූනි 08 වෙනිදා ලෝක සාගර දිනය. අපිට මේ ගැන අලුතින් හිතන්න පුළුවන් වෙයි

    ReplyDelete
    Replies
    1. ග්ලැසියර් දිය උනොත් ජල මට්ටම ඉහළ නැගලා සමහර රටවල් යට වෙන එකත් ඇත්ත. බොහොම ස්තුතියි ඒක මතක් කරාට. මට සඳහන් කරන්න අමතක උනා ඒ ගැන...

      සාගර දිනයක් තියනවා කියලා මම අදයි දන්නේ. එහෙනම් මම මේ ලිපිය ලියලා තියෙන්නේ හොඳ වෙලාවක :) බොහොම ස්තුතියි ඔබේ සටහනට...ඔබත් පරිසරයට ඉතාමත් ආදරේ කෙනෙක් බව පහුගිය ලිපියෙන් පෙනුනා...

      Delete
  5. අහා ඉස්කෝලේ විද්‍යා පාඩම මතක් වෙනවා. සයුරිය නොදන්නා සයුරක් තිබේද ? මේ වගේ ලිපි නම් බලන්නත් අසයි දැන්.

    ReplyDelete
    Replies
    1. ඔන්න නමට ගැලපෙන ලිපියක් දැම්මා...:) බොහොම සතුටුයි මේවට ආස අය ඉන්න එක ගැන. ස්තුතියි හොඳේ...

      Delete
  6. අම්බෝ.... ඇග කිලි පොලා ගියා... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හා හා රජවරු ඔහොම බය වෙලා පුලුවන්ද? රට වැසියා අනතුරේ..:)

      Delete
  7. ටක්ගාල සීතලට අඳින ඇඳුම් ටිකක් ගන්න යන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අන්න හරි...රාජ් ට විතරයි ඒක මතක් උනේ...:)

      Delete
  8. බොහොම ස්තූතියි සයුරි මිස්.. ඔයා කොහෙන්ද මේ විස්තර හොයාගන්නෙ.. o/l වලට ඔය දිය වැල් ගැන ඉගන ගත්තා කියලා ලාවට වගේ මතකයි..

    කිව්වත් වගේ සංසාර චක්‍රෙයි, අනිත් චක්‍රයි මැද්දෙ අපි ඉතින් බඹරෙ වගේ රෝල් වෙනවා නේද.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. මම ඉතින් කොනක් හොයාගත්තම ඉතුරු ටික ජාලයෙන් තමා හොයා ගන්නේ :) ඒක තමා සෙන්නයියා අපි ඔය හැම චක්කරේකටම යටයි නේ....

      Delete
  9. වැදගත් සටහනක් අක්කියෝ දියවැල් ගැන ඉස්කෝලෙදි ඉගන ගත්තා ඒත් මේව දන්නෙ දැන්නෙ.ලොකු දැනුවත් කිරීමක් ජය වේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිත්තමිට :) ඉස්කෝලේ කියල දීපුවා එවෙලේම අමතක කරා මමත්. නියම කල වයස එන්න ඕනලු මෙව්වට ආස හිතෙන්න :)

      Delete
  10. අක්කගේ ලිපි හැමදාමත් හරවත් ඒ වගේම රසවත්... මමත් ආසාවෙන් බැලුවා අයිස් ඒජ් ‍ෆිල්ම් එක නම්.. ඒත් අයිස් යුගය ගැන මේ තරම් තොරතුරු දැනගෙන හිටියේ නෑ..

    ReplyDelete
    Replies
    1. තැන්කු ප්‍රාර්ථනා නංගෝ...ඔය ෆිල්ම් එක ආපු කාලේ මම හිතුවේ අයිස් ඒජ් කියන්නේ නිකන් සංකල්පයක් විතරයි කියලා :)

      Delete
  11. මේ ගැන නම් ගොඩක් කරුණු හොයලා තිවුනත් බ්ලොග් එකක කියෙව්වේ අද....ස්තුතියි සයු දැනුම බෙදාගත්තට..
    මේ ග්ලැසියර් සම්පූර්ණයෙන්ම දියවෙන්න අනුමාන කරන කාල පරාසය දන්නවද?

    සොබා දහම් චක්‍රය මිනිස් ක්‍රියාකාරකම් නිසා විශම වෙද්දි ස්වාභාවික ග්ලැසියර යුගයක් එන්නැති වේවි..

    ReplyDelete
    Replies
    1. කාල පරාසය ගැන නම් හරි පිළිතුරක් දෙන්න කවුරුත් සමත් වෙලා නැහැ රූ...සමහරු අනුමාන කරනවා ඊ ළඟ අවුරුදු 100 ඇතුලත මේක වෙයි කියලා...

      ඔයා කිව්වා වගේ, දිය වැල නතර උනත් දැනට එකතු වෙලා තියන හරිතාගාර වායු ප්‍රමාණය ඊට වඩා ප්‍රබල උනොත් ග්ලැසියර හැදෙන එකක් නැහැ කියලා මතයකුත් තියනවා...

      බොහොම ස්තුතියි ඔයාටත්..

      Delete
  12. මට ඉස්කෝලෙ යද්දිත් දිරෙව්වෙම නැති විෂයක් ගැන සයුරි ලියල තියෙන්නේ... මට මතකයි මම විවාදෙකට.. හරිතාගාර ආචරණය, CFC වල බලපෑම ආදිය ගැන කරුණු හොයන්න පත්තර සඟරා කියෙව්වා.. ඒව ලියල තිබ්බ දෙවල් හරි ගැඹුරුයි... ඒත් සයුරිගෙ ලිපිය හරිම සරලයි... සයුරි වහේ ගුරුවරියක් අපිත ඉතිහාසය හා සමාජ අධ්‍යනය ඉගැන්නුවනම් මීගොඩය D එකක් දාගන්නව බුදු සුවර්...


    මේ සිද්ධීන් බුද්ධ දර්මයත් එක්ක අපූරුවට ගැලපෙනව නේද කියලත් හිතුනා.. කල්ප විනාෂය කියල බුදු වරු දේෂනා කලේ මේ සංසිද්දියම වෙන්න ඇති කියල හිතුනා

    ReplyDelete
    Replies
    1. හහා ඔන්න මම මි ගොඩගේ වයස ගැන හිතා ගත්තා :)

      මටත් ඉස්සර එපා කරපු විෂයන් දෙකක්නේ ඔය. පුදුමේ කියන්නේ දැන් ආසම ඒවාට...සරලව කියන්න පුළුවන් තරම් උත්සාහ කළා ඔන්න. නැත්නම් ඉදිරි පාඩම් වලට ළමයි එන එකක් නැහැ නේ :)

      හ්ම්ම්...කල්ප විනාශය කියන්නේ මේ වගේ දේකට වෙන්න ඇති...ජීවින් වැඩි හරියක් විනාශ වෙනවනේ...

      Delete
    2. අය්යෝ හංගන්න දෙයක් නෑ... ඔය D සාමර්තේ අවසාන උරුමක්කාර්යෝ අපිලු

      Delete
    3. හලේ....මී ගොඩයා මගේ වයසේ...හිහි. හැබැයි මමනම් 85.

      Delete
    4. පොඩ්ඩක් අවසරයි ඕO...

      කල්ප විනාසයයි, ලෝක විනාසයයි කියන්නෙ දෙකක් මයෙ හිතේ. ලෝක විනාසයකදිනම් ජීවීන්ගෙන් අති විශාල ප්‍රමාණයක් විනාස වෙනවලු. කල්ප විනාසයකදි මෙ මුලු පෘතුවියම ඉතිරියක් නැතිවම විනාස වෙනවලු.(හරියට නිකන් කපුරු ගිනිගත්තා වගේ). හැබැයි පුතේ සOසාර චක්‍රය කියන එකනම් ඒත් නවතින්නෙ නෑ අපිම සOසාර චක්‍රය බිඳල දානකම්. ලෝකයේ පැවැත්ම ගැන විද්‍යාවෙන් තවම අහලකටවත් ආවෙ නැති තරම් ගැඹුරු බුද්ධිගෝචර විස්තර තියෙනව බුද්ධ ධර්මයේනම්.

      හැමවෙලෙම කොමෙන්ට් නොකලට පහන් යාය මන් ආස කරන බ්ලොග් අතරින් එකක්. හැමෝම වගේ මමත් ගොඩක් දේ දැනගත්ත. බොහෝම ස්තූතියි. මෙ වගේ වටිනා ලිපි තව තව ලියන්න.

      ඔබට ජය!!!

      Delete
    5. මේ සුදර්ශි කමෙන්ට් කරපු පලවෙනි වතාව මම හිතන්නේ...බොහොම ආදරයෙන් පිලිගන්නවා.

      ඒ කියන්නේ අයිස් යුගයක් ආවොත් වෙන්නේ ලෝක විනාසයක්. ජීවින් යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවනේ. මම මුලින් හිතාගෙන හිටියේ හැම ජිවියෙක්ම මැරෙන්නේ ලෝක විනාසේදී කියලා. කල්පයක් අවසානයේ ජීවින් ඉතුරු වෙනවා කියලයි හිතුවේ. මම වැරදියි වගේ...

      බොහොම ස්තුතියි ඔයාට මේ තොරතුරු කිව්වට :) බොහොම සතුටුයි පහන්යායට මෙහෙම පාඨකයෝ ඉන්නවා කියලා දැනගන්න ලැබීම..

      Delete
  13. උණුසුම් දියවැල් විදුලිය උත්පාදනය කරන්න පුළුවන් ප්‍රභවයක් කියලා පත්තර සගරාවල පළවුනු ලිපිවලින් දැනගත්තා. ඒත් මේතරම් පැහැදිලිව සම්පූර්ණ සිද්ධිමාලාවම තේරුම් කළ ලිපියක් මේ දැක්කමයි.
    බොහෝම ස්තූතියි සයුරි මිස්ට....

    ReplyDelete
    Replies
    1. මම ඉබේම මිස් කෙනෙක් වෙලා වගේ :) බොහොම සතුටුයි මේක වැදගත් වුනු අය ඉන්නවා දැක්කම...

      දැනට විදුලිය උත්පාදනය කරන්න දියවැල් යොදා ගන්නවද කියලනම් අදහසක් නැහැ මට. අත්හදා බලන්න වටින වැඩක් වගේ.

      Delete
  14. භූගෝල පාඩමක් ඉගෙන ගත්තා වගේ. ඉස්කෝලේ කාලෙත් මතක් වුනා. ගොඩක් වැදගත් සයුරි අක්කේ.

    ඊට අවුරුදු දහස් ගානකට පස්සේ ආයේ වායු ගෝලය උණුසුම් වෙන්න පටන් අරගෙන, දිය වැල් ක්‍රියාකාරී වෙලා මේ වගේ කාලයක් ආයේ එනකොට අපි ආත්ම කීයක් ඉපදිලා තියේවිද.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මල්ලි...සමහර විට පහුගිය අයිස් යුගයේත් අපි ජිවත් වෙලා හිටියා වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි කමෙන්ටුවට...

      Delete
  15. සයුරි අන්තිමට සයුරෙ දියවැල් ගැනත් ලියලා... කාලීනව ඉතා වටින ලිපියක්... අර එල්නිනෝ කියන සීන් එක ඇති වෙන්නෙත් දියවැල් වල චක්‍ර වෙනස් වීම නිසා නේද.. ඒකාලෙ සමාජ අධ්‍යයනයට කලා යන්තමට වගේ මතකයි. මට මතකයි කලකට කලින් එල්නිනෝ බලපෑම අපේ රටටත් ඇවිල්ලා දේශගුන විපර්යාස වුනා කියල තිබුනා. හික්කඩුව ප්‍රදේශයේ කොරල් ජීවීන් ගොඩක් විනාශ වෙන්න හේතුවටත් දියවැල් වල බලපෑමක් තිබෙනවා යයි අසා තිබෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් නේ...ගිය අවුරුද්දේ නේද ඒක උනේ. කට්ටිය කිව්වා කොළඹත් නුවර එලිය වගේ සීතල උනා කියලා. එහෙම පොඩි වෙනස් වීමකින් ඒ තරම් දෙයක් වෙනවනම් දිය වැලක් නැවතුනොත් කොයි තරම් ලොකු වෙනස් කමක් වෙයිද...

      බොහොම ස්තුතියි තවත් හොඳ තොරතුරු ටිකක් මේකට එකතු කරාට තොටියෝ..

      Delete
  16. ඉතා හොඳ දැනුවත් කිරීමක්..
    බයත් හිතුන අප්පා....!

    ReplyDelete
    Replies
    1. බය වෙනවා නේන්නම්....ස්තුතියි වී පොකුර :)

      Delete
  17. කුනුහරුප වලින් අන්තර්ජාලය පුරවන සමහරක් ‍බ්ලොග් කාරයන් අතරේ ඔබේ ලිපිය මම ඉතාමත් අගය කරනවා.. දිගටම මේ වගේ ලිපි ලියන්න.. ඇගයීමක් නොලැබුනත් කවදා හරි බ්ලොග් එක දිහා බලලා තමන් කරපු සේවය ගැන සතුටු වෙන්න පුලුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කණියා...ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට. කණියා කියන නම ගොඩක් අහල තිබුනත් අද තමා හරියටම දැනගත්තේ :)

      ඔයා කිව්වා හරි, කවදාහරි මේවා බැලුවම මටම තෘප්තියක් ලැබෙනවනම් මට එච්චරයි ඕන...

      Delete
  18. අන්තිම ඡේදය නිසා මේ මුළු පෝස්ට් එකම සයන්ටිෆික් පැත්තෙන් ගැලවිලා ලෝකෝත්තර පැත්තකට ගියා... සෑහෙන්න වැදුනා ඒ ටික නම්...

    දියවැල් ගැන දැන උන්නට හැදෙන හැටියි, වැඩ කරන හැටියි දැනන් උන්නේ නෑ නේද කියලා තේරුනේ මේ ලිපිය බැලුවාම තමා... හැමෝම කිව්වා වගේ සයුරි මිස්ට ගොඩක් ස්තුතියි... !

    ReplyDelete
    Replies
    1. චතු ට හරියටම තේරිලා අන්තිම ඡේදෙන් කියපු එක...විශ්වය එක්ක බලද්දී අපි මොන තරම් පුංචිද? ඒ කිසිම බල වේගයකට එරෙහි වෙන්න තියා හිතන්නවත් අපිට බැහැ..අපිට කරන්න පුළුවන් එකම දේ ඒවාට අනුගත වෙන එක විතරයි...

      බොහොම ස්තුතියි චතුරංග

      Delete
  19. ගැඹුරු දෙයක් සරල විදියට තේරුම කරලා දෙන්න ගත්තු උත්සාහයට ස්තුතියි. උදේ කියවල හවසත් කියවල කමෙන්ට් කලේ. මැද හරිය ටිකක් තේරුනේ නෑ වගේ. දැන් එකත හරි..

    ස්තුතියි සයුරි.

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න හොඳ ළමයි...කොයි තරම් උනන්දුවෙන් ඉගන ගන්නවද :) බොහොම ස්තුතියි අසාර්...කියවලා කමෙන්ට් එකකුත් දැම්මට...

      Delete
  20. කතාව මැද්දෙන් මැද්දේ කොම්බු ටිකක් විසික්කා උනාට ගොඩක් දේවල් තේරුනා.
    වෙනදා වගේම නොදන්න දේවල් පෝස්ට් කරනවට ටැංකූ ඈ.....

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි....කොම්බුත් විසික් උනාද? හි හි
      කොහොම හරි කමක් නෑ තේරුනා නේ..මේක කියෙව්වට මධු මල්ලිටත් තැන්කු ආ...

      Delete
  21. බොලේ සයුරි අක්කා නොදන්න සුනාමියක් නෑනේ ඉතිහාසෙයි විද්‍යාවයි දෙකෝම මාර ගතියට ලියනවා මරු ඈ...

    මේ විදියට ආයෙම අයිස් යුගයක් එයි කියලා කියවන කොට මට මතක් වුනේ JIMMY NEUTRON THE BOY GENIUS කියන 3D CARTOON එක.ඒකෙත් තියෙනවා උගෙ පිස්සු පරීක්ෂණයක් නිසා ඉර එලිය පොළවට වැටෙන්නේ නැතිව ආයෙම අයිස් යුගයකට ලෝකෙ යන හැටි... එතකොට මෙහෙටත් හිම වැටෙයිනේ මරූ....

    ආ තව මතක්වුනා කතාවකුත්... දියවැලකට අහුවෙලා පොඩි බෝට්ටුවක් තව ලමයි දෙතුන් දෙනෙක් එක්ක මාලදිවයනි දූපතකට පාවෙලා ගියපු කතාවක් ඒක නම මතක නෑනේ...

    ආයේ මතක්වුනා අභ්‍යන්තර දියවැලකට අහුවුනු බෝට්ටුවක් ගිලිලා වෙන මූදකින් මතුවෙච්චි සීන් එකක්...(මේක වෙලත් නැත්තම් ලියවිලත් නැත්තම් ඒක මගේ සිතුවිල්ලක් කියන ගනයට දාන්ඩෝ)

    අයිස් ඒජ් එකේ මම ආසම අර පිස්සු කෙලින හැම තිස්සෙම කියවන සිඩ්ට.

    ReplyDelete
    Replies
    1. //එතකොට මෙහෙටත් හිම වැටෙයිනේ මරූ//
      ඔහාට හිම වැටෙනකොට මෙහාට ඉතින් දෙයියන්ගේම පිහිට තමයි :)

      හපොයි...අභ්‍යන්තර දිය වලකට අහු වෙලා මුහුද යටින් නැව ගියා කියලද ඔයා කිව්වේ. මට හොඳටම සුවර් එක ගැමි මලයාගේ හිතේ ඇති වෙච්ච එකක් කියලා :) හැබැයි එහෙම කතාවක් ඇත්තටම තියනම් කියන්න හොඳේ...ආසයි බලන්න

      බොහොම ටන්කිවු කමෙන්ට් එකට...

      Delete
  22. මේ පොස්ට් එක නම් 100% ++ නොදැන හිටි හුගක් දේවල් දැනගත්තා
    නියමය්, දැනුවත් කලාට තැන්කු..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පුබුදු...එය මට සතුටක්..

      Delete
  23. අද බැලුවා ගොඩ්වානා රිසර්ච් එකක්. අක්කා ඒ ගැන දන්නවා ඇතිනේ නේද? දියවැල් ගැන අහලා තිබුණට මේ තරම් විස්තර දැනගෙන හිටියෙ නැහැ. ස්තූතියි අක්කේ වටින තොරතුරු වලට!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්....ගොඩ්වානා රිසර්ච් ගැනනම් මම දන්නේ නෑ මල්ලි. ඔයත් මේ ගැන හොයන කෙනෙක් වගේ..බොහොම සතුටුයි.

      Delete
  24. මට ප්‍රශ්නෙ එතකොට ඔය කාලෙමද ඉන්දියාව වගෙ රටක ජනාවාස පැවතුනේ කියලා.රාමායණයත් හරි පරණයිනේ.

    ReplyDelete
    Replies
    1. මේ කාලේ අනිවාර්යෙන්ම ජනාවාස තියෙන්න ඇති වර්ණ. හැබැයි රාමායණය ලියල තියෙන්නේ නම් ක්‍රි. පූ 1 වෙනි සියවසේ විතරලු. ඒ කියන්නේ මිට අවු. 3000 කට විතර උඩදී. රාවණා හිටියා කියලා සැලකෙන්නේ ක්‍රි. පූ. 1800 ගණන්වල විතරලු. ඒ කියන්නේ අයිස් යුගය ඉවර වෙලා අවු. 8000 කට විතර පස්සේ.

      බොහොම ස්තුතියි වර්ණ

      Delete
    2. වෙන්න පුලුවන් සයුරී,ඒකමයි මම මේ ප්‍රශ්නෙ ඇහුවෙත්,ඉතිහාසය ගැන උනන්දු කෙනෙක් හින්දා ඔයාටත් මේ ගැන කරුණු ලැබිලා ඇති.රාවණා ඉඳලා තියෙන්නෙ මීට අවුරුදු 5000ක කලින්.මගෙ මතකෙ නිවැරදි නම් බු.පු.2554-2517.හරියටම දන්නෙ නෑ,ඒත් ඊටත් අවුරුදු 2500කට කලින් මහාබලි කියලා රජ කෙනෙකුත් තවත් 2500කට කලින් තාරක කියලා රජ කෙනෙකුත් හිටියා කියලා කියනවා.අනෙක මම නිවැරදි නම් වේද ග්‍රන්ථ ලියවිලා තියෙන්නෙත් බුද්ධ කාලයට කලින්.ඔයා කියන අයිස් යුගය අවසාන වෙන්නෙ ඔය කියන තාරක රජතුමාගෙ කාලෙ.මේ වෙද්දි නුවර එළියෙ හෝටන්තැන්න භූ විෂමතාවය අතින් අදට වඩා ලොකු වෙනස්කම් තිබුණා කියලා සාධක තියනවා.ඔයා දන්න කරුණු වලින් අළුත් ලිපි ලියැවෙයි කියලා හිතෙනවා.මේ වගේ දේවල් කථා කරන එක නම් බොහොම අගය කරනවා.

      Delete
    3. ආ...තාරක රජතුමා ගැන මම දැනගෙන හිටියේ නැහැ නේ..එහෙනම් ඒ ඉන්න ඇත්තේ අයිස් යුගය අවසාන කාලයේ වෙන්න ඕන. ඔව් හෝටන් තැන්නේ පස ගැනත් විවිධ වාද විවාද තියනවනේ. බොහොම ස්තුතියි වර්ණ මේ තොරතුරු එකතු කරාට...(මට ඔයාව පැටලෙනවා වර්ණ බ්ලොග් එක ලියන දිනේෂ් මල්ලිත් එක්ක :)

      Delete
  25. බොහොම වැදගත් ලිපියක්....දියවැල් වල ක්‍රියාකාරිත්වය හුගක් සරලව විස්තර කරලා ති‍යෙනවා නංගී..
    අනේ......
    අයිස් යුගයක් ගැන නම් මතක් වෙත්දිත් බයයි අප්පා.....
    අපේ සයුරි ටීචර් උගන්වන පාඩම් වලට මම හරි ආසයි......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කේ...එහෙනම් මගේ පන්තියට තවත් හොඳ සිසුවියක් එකතු වෙලා :) අයිස් යුගයක් ඉක්මනටම එයිද කියලා මටත් බය හිතෙනවා..

      Delete
  26. 11 වසරේ සමාජ අධ්‍යනය ඉගෙන ගත්තට පස්සේ දියවැල් ගැන කියෙව්වමයි මේ.... ස්තුතියි අක්කට මේ දේවල් කියලා දෙනවට...

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඉගන ගත්තුවා මටත් මතක නෑ අප්පා :) ස්තුතියි නංගා

      Delete
  27. හම්මියෝ... අක්කා ලියන්නෙම අපිව ඇදිලා යන ඒවා.. හරිම වටිනවා.. දැන් බලන්න. අයිස් ඒජ් දැනන් උන්නාට අයි ස්යුගය ගැන මේ තරම් විස්තර ඇතුව දැනගෙන හිටියෙ නෑනෙ.. නියමයි අක්කේ..හුඟාක් දේවල් ඉගනගත්තා..

    //සොබා දහමේ නියම වෙනස් කරන්න කාට නම් හැකි වෙයිද?//

    සොබා දහමට අවනත නොවෙන දේවල් ලෝකෙ නෑනෙ..

    ReplyDelete
    Replies
    1. නංගා ඇදිලා යනවා කිව්වේ දියවැලක් හින්දා නේද :))) එකනම් ඇත්ත..සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ....

      ස්තුතියි නංගියෝ

      Delete
  28. සයුරි මිස් පොඩි ප්‍රශ්ණයක් තියනවා.කෝ ඉතින් ගොඩවෙලා ඉදන් අත උස්සගෙන හිටියට දැක්කේ නෑනෙ මිස්.

    මිස් අන්තිමට කිව්වනෙ විද්‍යාඥයින් ඉදිරියට වෙයි කියලා හිතන්ඉන්න දේත්.හරි අපි හිතමු ඒක එහෙම වෙයි කියලා.අපිත් මේ සංසාරේ නොනැවතී ගමන් කරයි.හරි සොබාදහම තමන්ගෙ නියමය වෙනස් කරපු දවසකට අපේ මේ සංසාර චක්‍රය ඒ විදිහටම(ඉපදීම හා මරණය)වෙයිද? නැත්නම් ‍ඒකත් වෙනස් වෙයිද සොබාදහමෙ වෙනසට අනුගතව?

    මිස්ගෙන් ඇහුවෙ අමාරැ ප්‍රශ්ණයක්ද මන්දා.. :|

    ReplyDelete
    Replies
    1. ආනේ සොරි හොඳේ...මම දැක්කේ නෑ නේ අත උස්සනවා.

      ම්ම් "සොබා දහමේ නියම වෙනස් කර දාට" කියන එකේ තේරුම නම් මට හරියටම තේරුනේ නෑ. ඒත් සංසාර චක්‍රය නම් නොනැවතී යයි කියලා මට හිතෙන්නේ. ඒ ඒ කාලවලට අදාළ ඒ ඒ ජීවින් විදියට අපි ඉඳීවි. මේ ඉතින් මට හිතෙන හැටි :)

      Delete
    2. මිස්ගෙ උත්තරේ බලන්න හැමදාම වගේ ආවා මේ පැත්තේ.ඔන්න දැනුයි දැකලා තියෙන්නේ.මේ ඇහුවෙ මට හිතුන දෙයක්ම නෙමේ.ගිය පෝයට අපේ පන්සලට වැඩිය හාමුදුරුවෝ බණට කිව්වේ විශ්වීය න්‍යායන් වෙනස් වුනු කාලෙකත් මේ සසර ගමන නොනැවතී ඉදිරියට යනව කියලා.

      ඒ වෙලේ මට හිතුණු එකම අක්කටත් හිතෙයිද කියල බලන්නයි ඇහුවෙ ඔන්න.

      ආ...ප්‍රශ්නයක් ඇහුවට අක්කාගෙ ලිපිය ගැන මොකුත් කියන්න බැරි වුනානෙ.ඇත්තටම ගොඩක් නොදන්න දේවල් දැනගත්තා.
      මේ වගේ වැදගත් දේවල් අක්කා ඉදිරියටත් ලියන්න.අක්කා ලියන විදිහට කියවන්න ආසා හිතෙනවා. :)

      Delete
    3. ආ...එහෙනම් හරිනේ ඉතින් :) ප්‍රශ්න අහන එක හොඳ සිසුවෙකුගේ ලක්ෂණයකි.....

      තවත් ලියන්නම්කො මෙහෙම ඒවා....ස්තුතියි අපි වගේ මල්ලි

      Delete
  29. වටින ලිපියක්....බොහෝම ස්තූතියි අක්කේ.......

    ReplyDelete
    Replies
    1. තැන්කිවු කෝඩු මල්ලී...

      Delete
  30. ඔන්න මමත් පෝස්ට් 150 පසු කළා

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම්...මමනම් තාම 100 වත් නෑ..:)

      Delete
  31. මේ කරුණු අදමයි දැනගත්තෙ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේක ලියපු එක ගැන මට සතුටුයි...

      Delete
  32. මෙච්චර කල් බ්ලොගේට ආවත් මේ ලිපිය දැක්කේ අද පට්ට ලිපියක් කියල තමයි කියන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. තැන්කු කෝරා මල්ලි :) මේවා ලියන කාලේ ඉතින් ඔයා හිටියේ නෑ නේ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...