Wednesday, September 12, 2012

මා දුටු තර්ජිනී



දවසක් මාත් මගේ කැම්පස් මිතුරියකුත් ගල්කිස්ස පැත්තේ පුංචි පහේ සාප්පු සවාරියක් ගියේ සති අන්තය ප්‍රයෝජනවත්ව ගත කරන්න ඕන හින්දයි :) ඉතින් එක්තරා ප්‍රසිද්ධ රෙදි පිළි සාප්පුවක රෙදි තෝරමින් ඉන්න අතරේ මිතුරිය මෙහෙම කියනවා ඇහුනා.

"අම්මෝ...අර බලන්න අරයගෙ උස..."

මටත් ඉබේටම ඒ පැත්ත බැලුනා. කතාව ඇත්ත තමයි. සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා අඩි දෙකක් විතර උස ගැහැණු කෙනෙක් ඇඳුම් තෝරමින් හිටියා. ඒ තරම් උස කෙනෙක් මම ඒ දැක්කේ මුල් වතාවට. වැඩිය ඒ පැත්ත බලන එක හොඳ දෙයක් නෙමෙයි නිසා ආපහු බලන්න ගියේ නැහැ. ඒ සිද්ධිය එහෙමම අමතක වෙලා ගියා.

තවත් දවසක්...

ඒ 2007 අවුරුද්ද වෙන්න ඕන. අපි කටුබැද්දේ ඉඳලා කොළඹ ට්‍රේනින් ගියපු කාලය. ඔෆිස් ඇරිලා එන වෙලාවට බස් වල තියෙන්නේ පුදුම තදයක්. බම්බලපිටියේ ඉඳලා කටුබැද්දට එනකන් තියන ට්‍රැෆික් එකත් එහෙම තමයි. එහෙම ඔෆිස් ඇරිලා එන වෙලාවක අපි හිටපු බස් එකට නැග්ගා උසම උස ගෑනු කෙනෙක්. මට එතකොටම මතක් උනා මේ අර එදා ඇඳුම් කඩේදී දැක්ක කෙනාමයි කියලා. එදා ඇය ඇඳගෙන හිටියේ ක්‍රීඩා ඇඳුමක් වගේ එකක්. එයා බස් එක ඇතුලේ හිටගෙන හිටියේ හරිම අපහසුවෙන්. ඇයගේ උසට බස් එක නොගැලපුන නිසා. පුළුවන් තරම් කොන්ද නමාගෙන අපහසුවෙන් සෙනග ගොඩේ මිරිකිලා හිටපු ඇය ගාවට ගියපු කොන්දොස්තර, බස් එකේ ඇතුලට යන්න කියලා ඇයට උපදෙස් දෙනවා ඇහුනා.

ඒ සද්දේ අස්සෙන් "I can't speak Sinhala" (ඒ මට ඇහුන හැටි) කියලා ඇය කියනවා ඇහුනා. කොන්දොස්තර ඇයට නොතේරෙන සිංහලෙන් කියවමින් බස් එකේ "space management" කරද්දී ඇය, කොන්දොස්තරට නොතේරෙන ඉංග්‍රීසියෙන් (ඒ මට හිතුන හැටි) යමක් පැහැදිළි කරන්න උත්සාහ කරා. මේ නිසා එතන ඇති උනේ පුංචි කලබැගෑනියක්. ඒ අතරේ මගීන් ගොඩක් දෙනෙක් "උස කෙල්ල" දිහා තුෂ්නීම්භූත වෙලා වගේ බලාගෙන හිටියා. අන්තිමේදී ඇය කරේ ඊ ළඟ හෝල්ට් එකේ බස් එක නැවැත්තුවම බැහැලා ගියපු එක. ඊට පස්සෙත් කොන්දොස්තර අයියා වටේ පිටේ ඉඳපු කොල්ලෝ ටිකක් එක්ක "ඇගේ උස" ගැන උපහාසයෙන් කතා කළා. ඒ වෙලාවෙත් මට හිතුනේ අසාමාන්‍ය උස නිසා ඇය කොයි තරම් අපහසුවට පත් වෙනවාද, කොයි තරම් මිනිස්සුන්ගේ අනවශ්‍ය අවධානයට ලක් වෙනවාද කියන එක. ඉතින් ඒ සිද්ධියත් ටික දවසකින් අමතක වෙලා ගියා.

ඊට අවුරුදු දෙක තුනකට පස්සේ තමයි මට පත්තරේක ලිපියක් කියවන්න හම්බ උනේ ආසියාවේ උසම දැල් පන්දු ක්‍රීඩිකාව ගැන. ඇය "තර්ජිනී සිවලිංගම්". යාපනයේ ඉපිද ක්‍රීඩා පුහුණුවීම් නිසා කොළඹ ආ කෙනෙක්. ඒකෙ තිබුන පින්තූරේ දකිද්දී මේ අර මම බස් එකේදී දැකපු කෙනා නේද කියලා අඳුරගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

"එහෙනම් ඇය ලංකාවට දිනුම් පිට දිනුම් ගෙනෙන නෙට් බෝල් ක්‍රීඩිකාවක්". අද ඇය නිසා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ආසියාවේ අංක එකේ ස්ථානය ලබාගන්න සමත් වෙලා. ඇගේ "ගෝල ගැනීමේ නිරවද්‍යතාවය" 100% ක්. 2009 ආසියානු දැල් පන්දු අවසන් තරඟයේ ගෝල 77 න් 74 ක් ම ලබාගෙන තිබුනේ ඇය යි.

ඒ වෙලාවේදී මට දැනුනේ සතුටක්ද සැහැල්ලුවක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒ දෙකේම මික්ස් එකක්දත් මන්දා. කොහොමහරි මට හිතුනේ එකම එක දෙයයි. ලෝකයාට ප්‍රශ්නයක් වුන, ඔවුන් විසින් උපහාසයට ලක් කළ, ඇයව අපහසුතාවයට පත් කළ "ඇගේ උස" ම ලෝකයා ගෙන් පිදුම් ලබන තත්ත්වයකට ඇයව ගේන්නට හේතු වෙලා තියන හැටි...කොයි තරම් අපූරුද?




ඒ උස නිසා ඇයට කොල්ලන් විහිලු කළ හැටිත් පාසලේදී, පාරේදී අපහසුතාවයටත් උපහාසයටත් ලක් වූ හැටිත් ඇය ලිපියේ කියලා තිබුණා. මමත් එවැනි සිද්ධියක් ඇස් දෙකෙන්ම දැක තිබුන නිසා ඇය ඒ නිසා විඳින්නට ඇති මානසික පීඩාව කොයි තරම්ද කියලා හිතාගන්න පුළුවන් උනා. ඒත් "තර්ජිනී" අද ලංකාවටම ආඩම්බරයක්. ඒ විතරක් නෙමෙයි, ලෝකයාගේ උපහාසයට ලක් වෙමින්, ඒ උපහාසයට හේතු වූ කරුණම තමන්ගේත් රටේත් යහපත උදෙසා යොදා ගැනීමට කටයුතු කළ ඇය, මනුෂ්‍ය සංහතියටම ආදර්ශයක් නොවේද?

109 comments:

  1. දවසක් මම මේ වගේම ලෝකේ වැඩියෙන් උස අයගේ පොඩි වාර්ථා වැඩ සටහනක් බැළුවා ටීවී එකේ.. මට ඒක මතක් උනා..

    ඔන්න අද මම ආයෙම එකලු... :)

    ReplyDelete
    Replies
    1. හරි පුදුමෙකි
      නුඹ එක සකි :)

      අද තාම මල් කඩන්න පටන් ගත්තේ නෑ නේද? ඒකයි මේ උදෙන්ම ඇවිත්...

      Delete
  2. නම ලස්සනයි නේ තර්ජිනී...:)

    අර හිනාවෙන කොල්ලන්ට පාඩමක් උගන්නන්ට පුලුවන් බව නමෙන්ම පේනවා. මෙයා ගැන හොයාගන කියවන්ට ඕනි.

    ඔය එකවෙන අයට තෑගි එහෙම දෙන්ට බෑලු හොඳේ....:D

    ReplyDelete
    Replies
    1. නම වගේම තමයි වැඩත් :)

      මට හිතෙන්නේ එයා හිනාවුණ හැමෝටම පාඩමක් උගන්නලයි තියෙන්නේ නේද...

      Delete
    2. ආ.. මොකෝ මේ පොඩ්ඩි අක්කා මට තෑගි දෙන්න එපා කියලා... හලි නලකයි..

      Delete
    3. ආ...දැන් ඉතින් දිනේස් මල්ලිට තෑගි මොකටද හලේ :0

      Delete
  3. Replies
    1. හ්ම්ම් තර්ජිනී නම් නියමයි :)

      Delete
  4. "දේවෝ වස්සතු කාලේන...සස්ස සම්පත්ති හෝතුච
    පීතෝ භවතු ලෝකෝච...රාජා භවතු ධම්මිකෝ " මේ කියන්නෙ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. @ හරී

      අයියා දක්වලා තියෙන ගාථාවේ පද බෙදීම වගේම අක්ෂර වින්‍යාසයේ ගැටළු ටිකක් තියෙනවා. නිවැරදිව ඒ ගාථාව ලියන්නේ මේ විදිහට.

      දේවෝ වස්සතු කාලේන
      සස්ස සම්පත්ති හෝතු ච
      ඵීතෝ භවතු ලෝකෝ ච
      රාජා භවතු ධම්මිකෝ

      තේරුම මෙහෙම ගන්න පුලුවන්

      සුදුසු කාලයෙහි වැසි වසීවා. ශෂ්‍ය සම්පත්තිය ද වේවා, ලෝකය සමෘද්ධිමත් වේවා, රජු දැහැමි පාලකයෙක් වේවා

      Delete
    2. කලට වැසී වසී වා
      කෙත් වතු සාර වේ වා
      ලොව සතුටු වේ වා
      නිරිඳු සැම කල් දැහැමි වේ වා

      Delete
    3. @ Hasitha,

      "අයියා දක්වලා තියෙන ගාථාවේ පද බෙදීම වගේම අක්ෂර වින්‍යාසයේ ගැටළු ටිකක් තියෙනවා. නිවැරදිව ඒ ගාථාව ලියන්නේ මේ විදිහට. " ඕක කියන්න ඕනෙ මට නෙමෙයි සයුරි අක්කට.. :)

      දෙන්නටම ස්තුතියි! හතරවෙනි එකනම් දැනටමත් තියෙනවා නේද? :)

      Delete
  5. එයාම මම දවසක් පිට කොටුවෙදි දැක්කා.මාවත් හොල්මන් වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...හැමෝම හොල්මන් වෙනවා ඇති

      Delete
  6. මෙයා නේද දැල් පන්දු කණ්ඩායමේ නායිකාව ?

    ReplyDelete
    Replies
    1. එයා නායිකාව වගේම කණ්ඩායමේ කොඳු නාරටිය හැටියට තමයි හැඳින්වෙන්නේ...

      Delete
  7. තර්ජිනී රටට ආඩම්බරයක් . ක්‍රිකට් ඇරුනම වෙන ක්‍රීඩා වලින් අපට ඉන්නේ අතලොස්සයිනේ .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ක්‍රිකට් ඇරෙන්න වෙන දෙයකින් මෙහෙම දිනුමක් ලැබෙන එකත් සතුටක්. මම මේ කල්පනා කරේ ඔලිම්පික් වලට ක්‍රිකට් රින්ගවන්න බැරිද කියලා...

      Delete
    2. ඔහ් රගරුත් දිනනවද ලංකාව? අපිටත් දැනගන්න පෝස්ට් එකක්වත් දාන්නකෝ..

      Delete
  8. හ්ම්... රටට ආඩම්බරයක් !

    ReplyDelete
  9. ape iskoleth hitiya hugak usa kenek.eyath het ball gehuwa.den nam nawaththala man hithanne.eyath bus wala yanakota oluwa gewenawa bus eke wahale.den nam bedala.mahaththaya meyata wada mitiy.oya inne yasa ageta.

    ReplyDelete
    Replies
    1. අපරාදේ එයා නෙට් බෝල් නැවැත්තුවේ. නැත්නම් මේ වගේ ඉස්සරහට යන්න තිබුණා.

      හැබැයි තර්ජිනී බස් එකේ ගියේ නම් කොන්දෙන්ම නැමිලා. එයා අඩි 6 යි අඟල් 10 ක් උසයිලු.

      //mahaththaya meyata wada mitiy.oya inne yasa ageta.//

      ඒක ප්‍රශ්නයක් වෙන්නේ ඉතින් පිටින් බලන අයට විතරනේ :)

      Delete
    2. EYA NET BALL NEWEINE GAHALA THIYENNE......HET BALL NE EKAI AWLA

      Delete
  10. තර්ජනී වැඩ කරන්නේ සෙලාන් බැංකුවේ ,මමත් දැකපු පලවෙනි පාර පුදුම උනා උසට ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...පලවෙනි පාර දකින හැමෝම පුදුම වෙනවා තමා...

      Delete
  11. කාටද ඉතින් ආඩම්බර...ලංකාවට නොවැ!

    ReplyDelete
  12. සතුටු කඳුලක් ඇය වෙනුවෙන්. උගුරට පල්ලෙහා හරියේ තද වීමකුත් එක්ක. ඇය මුහුණ දුන් අත්දැකීම ගැන දුකකුත් ඇති වෙනවා. කොටි ත්‍රස්තවාදීන්ට අහු වුනානම් ඇයට කුමක් වේද? තවත් මෙවැනි දක්ෂකම් දක්වන දරුවන් කුරිරු ත්‍රස්තවාදය විසින් ගිල ගන්න ඇද්ද ?

    "පෙන්නපං කෙල්ලේ ලෝකෙටම එකමුතු ශ්‍රී ලංකාවේ හයිය"

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුදීක කමෙන්ටුවට...ඇත්තටම එයා ත්‍රස්තවාදී ප්‍රදේශයක නැතුව යාපනේ ඉපදුනේ හොඳ වෙලාවට. එයාව කොළඹ ගෙනල්ලා පුහුණු කරන්න පුළුවන් උනේ ඒ නිසා නේ. ත්‍රස්තවාදය නිසා ඕන තරම් වටින ජිවිත නැති වෙන්න ඇති කවුරුවත් නොදැනම..

      Delete
  13. අන්න නියම සම්පත්.ජය වේවා !

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...සම්පතක්ම තමා..

      Delete
  14. තර්ජිනිගේ හැකියාව අගය කරන්න ඕනි,ඒත් මේ උස එයාට වැඩිය ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ අනික් අයට.(කොහොමත් මෙහෙ හැටි එහෙමනෙ).හැබැයි ඔය උස තියෙන තවත් අය ලංකාවේ ඕන තරම් ඇති,කව්ද ඒ අයව හොයාගෙන අවස්ථාවක් දෙන්නෙ????????තර්ජිනිගෙන් පස්සෙ මොකද වෙන්නෙ??????????

    ReplyDelete
    Replies
    1. මුරලිගෙන් පස්සෙ වෙච්ච දේම තමා..

      Delete
    2. ඒක ඇත්ත කතාව...උස වැඩිපුර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අනිත් අයට..තර්ජිනිගෙන් පස්සේ නම් මිට සමාන විකල්පයක් නැතුව ඇති. හෙව්වොත් බැරි වෙන එකකුත් නෑ.

      සෙන්නා දීලා තියෙන්නේ නියම උත්තරයක්‌ :) ඇත්ත තමා.

      Delete
  15. හ්ම්ම්ම්.. මමත් අර එයා ගැන ලියවෙච්ච පළවෙනි ලිපිය කියෙව්වා...

    ඇත්තටම ඇගේ අසාමාන්‍ය උස ඇයට වාසනාව ගෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ වාසනාව මතු කරගන්න උත්සාහ ගත් අයටත් රජයටත් ස්තුතිය හිමි වෙන්න ඕන.

      Delete
  16. සිර පොස්ටුවක් මානුෂික හැඟීමෙන් යුක්තව ලියල තියෙන්නේ. අපේ ලංකාවේ ගොඩ දෙනෙක් දන්නේ නැහැ මැණික් අඳුනගන්න. මෝහයෙන් මුල වෙලා ඉන්නේ අර කොන්දා වගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෝරලේ මහත්තයෝ...කණා දන්නේ නැහැනේ ඉතින් කකුලේ හැපුනේ මැණිකක් ද කළු ගලක්ද කියලා :)

      Delete
  17. ඇත්තටම මේ වගේ අය ගැන ආඩම්බරයි...මේ ලගදි මාත් දැක්කා ක්‍රිකට්බෝඩ් එකගාව ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔව්, ඇත්තටම ආඩම්බරයි තමා.

      Delete
  18. තර්ජිනී ලංකාවට ආඩම්බරයක් වෙන්නේ ඇය ලංකාව ගැන තාමත් ආදරයෙන් හිතන නිසා. මේ වගේ අය පටු අර්ථයෙන් හිතුවානම් අපිට ඒක ගොඩක් වෙනස් වෙන්න ඉඩ තිබුණා.ඇයගේ හැකියවන් තවදුරටත් රැක ගැනීම වගකිව යුත්තන්ගේ යුතුකමක්.



    ReplyDelete
    Replies
    1. ඇත්ත..මිනිස්සු විහිලු කරද්දී ඇයත් රට ගැන වෛරයෙන් හිතුවනම් මේ දේවල් මෙහෙම වෙන්නේ නෑ. ඒ අතින් ඇය හරිම ඉහළයි.

      Delete
  19. ක්‍රිකට් ලෝකෙදී මුරලි වගේම, දැල් පන්දුවෙන් තර්ජනීත් අපේ රටේ කීර්තිය වැඩි කරන්න හේතු වුනා. මේ දෙන්නම ද්‍රවිඩ ජාතිකයින් කියලා අපිට එක මොහොතකටවත් හිතෙන්නේ නෑ නේද !

    එක කට්ටියක් ද්‍රවිඩ - කරන්නේ ලංකාව බෙදලා රටක් කඩා කරන්න ට්‍රයි කරන එක, උන් ත්‍රස්තවාදියෝ...

    තව කට්ටියක් ඉන්නවා, එයාලත් ද්‍රවිඩ - හැබැයි එයාලා කරන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සේවය කරන එක, මුරලි, තර්ජනී වගේම කදිරගාමර් මහත්තයත් කලේ ඒක...

    හැබැයි...

    ද්‍රවිඩ කෙනෙක් දැක්කොත් අපි තාම සැකෙන් නේද බලන්නේ... ? මුරලිට, තර්ජනීට දක්වන ආකල්පය ත්‍රස්තවාදී නොවන අහිංසක ද්‍රවිඩයෙක්ට දක්වන්න තරම් අපේ ආකල්ප වෙනස් කරගන්න බැරි වෙයි ද ???

    මම ඊනියා සර්ව ආගමික පිස්සෙක් නෙවෙයි... හිතුන දේ කිව්වේ...

    තර්ජනී ගැන කිව්වට සයුරිට ස්තුතිය... ජයවේවා !!!
    (රාජාවලිය ???)

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නෙ සාමාන්‍ය ද්‍රවිඩ අයගෙන් අපිටවත් ලංකාවටවත් කිසිම ගැටලුවක් නෑ.. මටත් උන් එක්ක කිසිම ගැටලුවක් නෑ..ප්‍රශ්ණෙ තියෙන්නෙ උසිගන්වන අයගෙ තමා..

      Delete
    2. චතුරංගව කාලෙකට පස්සේ දකින්නත් සතුටුයි. ඔව්, මුරලි වත් තර්ජිනිවත් ද්‍රවිඩ ජාතිකයින් කියලා අපිට හිතෙන්නේ නැත්තේ එයාලත් මේ රට තමන්ගේ රට කියලා හිතන නිසා වෙන්න ඇති. එහෙම හිතන අනිත් ද්‍රවිඩ ජාතිකයින් අපිට අඳුර ගන්න බැරි එක ප්‍රශ්නයක්. අර සෙන්නා කිව්වා වගේ උසි ගන්වන කට්ටියකුත් ඉන්නවනේ. ඒක වෙන්න ඇති අපි ඔවුන් දිහා සැකෙන් බලන්නේ. ඔවුන්ගේ පැත්තෙන් බැලුවොත් ඒක ඔවුන්ට කෙරෙන අසාධාරණයක්.

      // මුරලිට, තර්ජනීට දක්වන ආකල්පය ත්‍රස්තවාදී නොවන අහිංසක ද්‍රවිඩයෙක්ට දක්වන්න තරම් අපේ ආකල්ප වෙනස් කරගන්න බැරි වෙයි ද ???//

      මේ දේ කරන්න පුළුවන් දවසක් එනවනම් ඒක හරිම ලස්සන දවසක් වේවි.

      රාජාවලියත් දිගටම යනවා :) චතුට මග ඇරෙන්න ඇති...

      Delete
  20. තර්ජිනී ගැන කිව්වට ස්තුතියි සයුරි!
    ශිහ් මාත් කාලයක් බම්බා ඉඳන් ගාලු පාරේ සවාරි ගැහුවා දැක්කේ නෑනේ මෙයා :(

    සමහර නුගත් අය (නුගත් කිව්වේ විභාග ෆේල් අය නෙවෙයි!) තමන්ට වඩා වෙනස් කෙනෙක් දැක්ක ගමන් එයාල දිහා බලන්නේ සැකෙන්. ඒ සැකය ට ප්‍රතිචාරය තමා පුද්ගලික අපහාස. ඔය කොන්ද අයිති වෙන්නෙත් ඒ කොටසට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිරෝෂිනී කමෙන්ටුවට...ඔව් කොන්දා අයිති වෙන්නේ ඒ ගොඩට තමා. ඇයි දෙයියනේ එයා හිතලා උස ගිහිල්ලා කොන්දට වද දෙන්න හිතාගෙන බස් එකට නැග්ගා නෙමෙයිනේ..

      Delete
  21. ස්තූතියි සයුරි තර්ජිනී ගැන කිව්වට. එතකොට ලංකාවෙ දැල් පන්දු කණ්ඩායමද ආසියාවෙම එක ? අහන්ඩත් සතුටුයි..ඒත් සනත්ලට, මුරලිලට ලැබුන සැලකිලි තර්ජිනීලට ලැබෙන්නැතිවෙයි කියලා මට හිතෙනවා..

    සංගත් නිකන් ලිලිපුට්ටෙක් වගේ තර්ජිනී එක්ක ගත්තම.

    ReplyDelete
    Replies
    1. දැල් පන්දු වලින් ආසියාවේ ඉදිරියෙන්ම ඉන්නේ ලංකාව තමයි ලු. 87, 97, 2001 සහ 2009 ආසියානු ශුරතාවය ලංකාවට. 2012 දී ඔවුන් අනු ශුරියෝ වෙලා. ඔව් ක්‍රිකට් වලට තරම් සැලකිලි අනිත් ඒවාට නෑ නේ කොහොමත්...

      //සංගත් නිකන් ලිලිපුට්ටෙක් වගේ තර්ජිනී එක්ක ගත්තම.//

      හික් හික්

      Delete
  22. ඔය තර්ජිනීට තිබ්බ උසම බොළඳ මානසිකත්වයක් තියන වෙන කෙල්ලෙක්ට තිබුන නම් ගොඩක් වෙලාවට සියදිවි නසාගෙන.. මිනිස්සුන්ගෙන් උපහාසයටම ලක්වෙන අසාමාන්‍ය පිහිටීමක් මිනිස්සුන්ගෙම පැසසුමට ලක් කරන්න තර්ජීනි ගත්ත උත්සාහය, කැපවීම, අගය කරන්න ඕනේ. මම දැක්ක ඔය විස්තරේ දාල තිබ්බ සයිට් එකක කමෙන්ට් එකක තියනවා තර්ජිනී ආසියාවටම විතරක් නෙමෙයි ලෝකෙටම තර්ජනයක් කියල.

    ReplyDelete
    Replies
    1. //ඔය තර්ජිනීට තිබ්බ උසම බොළඳ මානසිකත්වයක් තියන වෙන කෙල්ලෙක්ට තිබුන නම් ගොඩක් වෙලාවට සියදිවි නසාගෙන.//

      මේකනම් සහතික ඇත්ත..ඕක මට උනානම් මමත් අප්සට් ගහලා ඉන්නවා මිසක් ඔහොම ඉස්සරහට යන්න උත්සාහ කරන එකක් නැහැ.

      Delete
  23. තර්ජනීට අපගේ භක්තියාදරය පුදකරන්න කැමතියි. ඒ වගේම තවත් කාලයක් ශ්‍රී ලංකාවට ජය ගෙනෙන්න වාසනාව ,ශක්තිය ලැබේවා..!!
    සයුරිටත් ස්තුතියි...! ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. තර්ජිනී වෙනුවෙන් මගේ ස්තුතිය වී අයියාට :)

      Delete
  24. තර්ජනී අපට සම්පතක්.....ඇයටත් - ක්‍රීඩාවටත්- රටටත් ජය වේවා.....!!!

    තර්ජනී ඕස්ට්‍රෙලියාවට ගිය වෙලාවක ඔබා අයියායි යාළුවොයි ඇයව දැකලා මේක ලියලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔහ්..මට නිකමටවත් හිතුනේ නෑ නේ මේ කිව්වේ තර්ජිනී ගැන කියලා. ඒ ගැන කිව්වට ස්තුතියි..

      Delete
  25. රට නියෝජනය කරන, රටට ජයග්‍රහණ ලබා දෙන මොනම ක්‍ෂේත්‍රයක අයෙකුට වුනත් රජය මීට වැඩිය සලකන්න ඕන, ඒ රටේ පුරවැසියො වශයෙන් අපි ඒ ගැන මීට වඩා දැනුවත්භාවයකින් කටයුතු කරන්න ඕන.

    ඒ වගේම තර්ජනී හෝ එවැනි වෙන කෙනෙක් හෝ වේවා කවුරු උනත් එයා රට නියෝජනය කළත් නැතත් එයාගෙ ශරීරය උස හෝ මිටි වෙන්නෙ ඒ මනුස්සයගෙ උවමනාවට නෙවිනේ. මග තොටදි අරවගේ අපහාස උපහාස කරන මිනිස්සු මොන විදියෙ මිනිස්සුද මන්ද.

    ReplyDelete
    Replies
    1. // එයාගෙ ශරීරය උස හෝ මිටි වෙන්නෙ ඒ මනුස්සයගෙ උවමනාවට නෙවිනේ. මග තොටදි අරවගේ අපහාස උපහාස කරන මිනිස්සු මොන විදියෙ මිනිස්සුද මන්ද.//

      මෙන්න මෙහෙම හැමෝම හිතනවානම් කොයි තරම් හොඳද? ශරීරයේ අඩු ලුහුඬු කම් නිසා ඔවුන්ට අපහාස කරනවා දැක්කම දුකක් දැනෙනවා ඉබේටම. ඔය දේම අපිට වෙන්න බැරි කමකුත් නෑ නේ.

      Delete
  26. කට්ට කාල දියුණු වෙන ලේසියෙන් වට්ටන්න බෑ උන්ගේ හිත හයියයි

    ReplyDelete
  27. මම නම් තර්ජනීගෙ දණිස්ස ගාවටවත් උස නැතුව ඇති. ලොල්.
    තර්ජනී අනිත් රටවල් වලට තර්ජනයක්, අපේ රටට ආශිර්වාදයක්.

    උස නිසා පත්වෙන අපහසුතාව නම් මම හොඳට දන්නව. ඒ මම උස නිසා නෙමේ, මගෙ උස අඩු නිසා. :-) මම 4' 10''. අඩි 5කටත් අඟල් දෙකක් අඩුයි.

    ඒක නිසා මට නම් වාසි ගොඩයි. (වයස පේන්නෙ නෑ. ඒක තමයි ලොකුම දේ)
    ඒත් ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ අනිත් අයට. පාරෙ ඉන්න රස්තියාදුකාරයන්ට. ඒ වගේම සමහර වෙලාවට මගෙ උගත් බුද්ධිමත් යාළුවන්ට.

    ඉස්සර නම් මට තරහ යනව. ඒත් දැන් නම් මට උපහාසෙන් එයාල දිහා බලන්න පුළුවන්. මොකද මගෙ උස අඩු වුණාට, ඒ ගැන හිනා වෙන ගොඩක් අයට වඩා මට ගොඩක් දේවල් පුළුවන් කියල මම හිතනව. (එහෙම බෑ, ඒත් මම එහෙම හිතල තරහ පාලනය කරගන්නව)

    තර්ජනීත් එහෙම වෙන්න ඇති. ඉස්සර එයාට හිනා වුණ අයත් දැන් එයාව අඳුනනව ඇති. ඒ මිනිස්සුන්ට ලැජ්ජත් හිතෙනව ඇති.

    මොනව වුණත්, මනුස්සයෙක්ගෙ ශරීරයෙ අඩු පාඩුවකට හිනා වෙන එක පව්. ඒ අඩුපාඩුව තමන්ට නැති වුණත් ඊට වඩා ගොඩක් අඩුපාඩු තමන්ට ඇති.

    ReplyDelete
    Replies
    1. 4 10 කියන්නේ මිටි නෑ නේ සිඳු. අඩි 5 ට අඟල් දෙකයි නේ අඩු. හ්ම්ම්...රස්තියාදුකාරයින්ට වගේම උගත් බුද්ධිමත් අයටත් ඒක ප්‍රශ්නයක් වෙන එකනම් කනගාටුවට කරුණක්.

      //ඉස්සර එයාට හිනා වුණ අයත් දැන් එයාව අඳුනනව ඇති. ඒ මිනිස්සුන්ට ලැජ්ජත් හිතෙනව ඇති.//
      හරියට හරි. මෙන්න මේ ගැන හිතුවම මට දැනෙන්නේ පුදුම සතුටක් :) කවුරු හරි අපිට රිද්දනවානම් අපි කරන්න ඕනේ ආපහු එයාලට රිද්දන එක නෙමෙයි, එහෙම කරපු එක ගැන එයාලට ලැජ්ජ හිතෙන විදියට වැඩ කරන එක.

      Delete
  28. තර්ජනීගෙ උස අපේ රටට ආශීර්වාදයක්... මේ පාර මැච් එක පරදිද්දී දුක හිතුනා. නම වගේම තර්ජිනී අනිත් රටවල ක්‍රීඩිකාවන්ට තර්ජනයක්...අපිට ආඩම්බරයි තර්ජනීගේ උස සහ දක්ෂ කම ගැන..

    කෙල්ලෙක් ඕනෑවට වඩා උස ගියාම ඒක මහ වදයක් වෙනවා. මගෙ උස 5'8 මේ උසත් වැඩී කියලා මම කොච්චර දුක් වෙනවද... මට මෙහෙම නම් තර්ජනීට කොහොම ඇතිද..ඉස්සර මට අපේ ක්ලාස් එකෙ කෙල්ලො ටික විහිළු කරන්නෙ බඳින්න ආපි කාරයො හොයන්න වෙනවා කියලා. අපේ ඔෆීස් එකේ ඉන්න අයගෙන් දෙවෙනියට උස මම. ගෲප් ෆොටෝ වලට උන්නම මොකාද වගේ කැපිලා පේනවා...

    උස කියන එක සම්පතක්. ඒත් වැඩිය උසත් වදයක් :)

    ReplyDelete
    Replies
    1. මටනම් මැච් එක බලන්න බැරි උනා. ඇත්තම කිව්වොත් දැනගෙන හිටියේ නෑ.

      මමත් පොඩි කාලේ හිටු කියලා උස ගියාලු. පස්සේ ඒක 5 3' න් නැවතුනා. උස කියන්නේ සම්පතක් තමයි. ඔයා හිතන්න, අපි දෙන්නා අඩි 5 අඟල් 4 ක් ගැඹුරු වතුරකට වැටුනොත් ඔයා බේරෙනවා...මට සොරි වෙනවා :)

      Delete
  29. මාරම් අත්දැකීමක් තමා නේද සයුරි.. ඇත්තටම තර්ජනී කියන්නේ රටක් වටිනා මැණිකක්

    ReplyDelete
    Replies
    1. ඔව් අය්යේ, ඇත්තටම තර්ජිනී එච්චරට වටිනවා

      Delete
  30. ඔය අක්කා ඉස්සර අපි හොකී ගහනකොට එතන නෙට් බෝට් කෝට් එකේ සෙල්ලං කරා...
    පට්ට උසක් තියෙන්නේ...
    අපි ඉතිං පොඩි උං නිසා මැජික් වගේ බලං ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. හනේ ඔයාලා හොකී ගැහුවද? කී සැරයක් ඔලුව පලා ගත්තද දන්නේ නෑ..

      Delete
  31. බ්ලොග් එක පැත්තෙ රවුමක් දාලා යන්න ආවා.දිගටම පාඩම් කරන්නත් කම්මැලියිනේ අෆ්ෆා..!
    මං දවසක් මේ වගේ උස ගෑණු ළමයෙක්ව තලවතුගොඩදී දැක්කා.මෙයාද දන්නෑ නේද..?

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි..ඒත් හොඳට පාඩම් කරගන්න. ම්ම් ඔයා දැක්කේ මෙයාම වෙන්නත් බැරි නෑ.

      Delete
  32. තර්ජනීට රටට සම්පතක්!හැම දෙකටම ජාති වාදය අදින දේශප්‍රේමීන් තර්ජනිට කණ්ඩායමේ නිසි තැන දීපු 1 ගැන සතුටු වෙනවා :)
    බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්නවද දන්නේ නෑ ??:P :D

    ReplyDelete
    Replies
    1. මොකද නුවන් බෝයි ෆ්‍රෙන්ඩ් ලා ගැන හොයන්නේ :))

      Delete
  33. ඈ... එතකොට ඔයා මෝරා ගියපු කෙනෙක්ද??

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...ඔයත් මෝරා ද?

      Delete
    2. අනිවා අපිත් මෝරා තමා

      Delete
  34. මමත් ඇයව දැකල තියනවා.

    'කොහොමහරි මට හිතුනේ එකම එක දෙයයි. ලෝකයාට ප්‍රශ්නයක් වුන, ඔවුන් විසින් උපහාසයට ලක් කළ, ඇයව අපහසුතාවයට පත් කළ "ඇගේ උස" ම ලෝකයා ගෙන් පිදුම් ලබන තත්ත්වයකට ඇයව ගේන්නට හේතු වෙලා තියන හැටි...කොයි තරම් අපූරුද?'

    කියවගෙන එනකොට මේ ටික වදිනවා ඩෝන් ගාල අක්කේ..කියල වැඩක් නැහැ.

    හොඳ ලිපියක් හිතන්න දෙයක් සමගම..
    ඔබට ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරුවෝ කමෙන්ටුවට...ඒ කියන්නේ ගොඩක් අය එයාව දැකලා තියනවා :) මට ලිපියෙන් කියන්න ඕන වුන දේ ඔයාට හරියටම තේරිලා තියනවා...

      Delete
  35. කාලෙකින් මේ පැත්තෙ එන්න ලැබුනෙ.කථාව නම් ඇත්තම ඇත්ත සයුරි.ලෝකෙට වැඩක් කරපු ගොඩක් අයගෙ කථාව මේ වගේ තමා.

    ReplyDelete
    Replies
    1. වර්ණ දැක්කේ ගොඩක් කාලෙකට පස්සේ. ලඟදි මුකුත් ලිව්වෙත් නෑ නේද? හ්ම්ම්...ඒ ගොඩක් අය මෙහෙම දුක් විඳපු අය තමා.

      Delete
  36. මමනම් හිතන්නෙ ඇය අපේ රටට මහා සම්පතක් කියලා තමා. මේ රටේ මිනිස්සු ඉතින් ඕනෙම දේකට මුලින් කරන්නෙ හිනා වෙන එකනෙ.. කොහොම වුනත් ඇය ධෛර්‍යවන්තයි!!

    -හිතුවක්කාරී (හිතූ)-

    ReplyDelete
    Replies
    1. මොකද හිතූ ඇනෝ ඇවිත්. ඔව් අප්පා...ඕනෑම දේකට හිනා වෙන්න මිනිස්සු දක්සයි නේ

      Delete
  37. මමත් දැක්ක දවසක් මුණ දැක්කේ නෑ මගේ බෙල්ලේ අමාරුව නිසා උඩ බලන්න බෑ.මාත් එක්ක හිටිය අනිත් කෙනා කිව්වා ඒ තර්ජනී කියල.

    ReplyDelete
    Replies
    1. හනේ...මානවකගේ බෙල්ලේ අමාරුව දැන් හොඳයිද?

      Delete
  38. සම්පූර්ණ ඇත්ත කතාවක් සයුරි. ඔබ දක්ෂ අයුරින් මෙය ඉදිරිපත්කොට තිබෙනවා.
    http://samakayawate.blogspot.com

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්..මේ පැත්තට ඇවිත් අදහසක් දුන්නට

      Delete
  39. රටට ඇය ආඩම්බරයක්..!උස නිසා ඇය මානසිකව වැටෙන්නට ඇති..නමුත් එවැනි උස ක් ලැබීම ගැන දැන් ඇය සතුටු වනවා ඇති..

    ReplyDelete
    Replies
    1. ඔව් රෙහානි, උස ඇයට ආශිර්වාදයක් උනා අන්තිමට..

      Delete
  40. වැල්ලවත්තෙ මාර්කට් එක ළඟ හැමදාම වගේ කාලයක් දැක්කා

    ReplyDelete
    Replies
    1. එයා ඉන්නවා ඇත්තේ ඒ හරියේ වෙන්න ඇති...

      Delete
  41. ඇත්තටම මේ ලෝකේ ගොඩක් අය බලාගෙන ඉන්නේ කාගෙ හරි වැරැද්දක් දකින්න... එයාගේ උසත් එයාට හොඳක් විදිහට පෙනුනට ලෝකයට පේන්න ඇත්තේ වැරැද්දක් හැටියට...

    ReplyDelete
    Replies
    1. ඔව් නේද?..වැරද්දක් හොයන්න තියනවනම් මිනිස්සුන්ට ඊට වඩා දෙයක් නෑ නේ..

      Delete
  42. අපේ මිනිස්සු ගොඩක් වෙලාවට බලන් ඉන්නේ අනිත් අයගේ දේවල් වලට හිනා වෙන්න. ඉතින් ඇයට හිනාවුන ඇය දිහා උපහාසයෙන් බලපු අයට අද ඇය හොඳ පිළිතුරක් දීල තියෙනවා. ඇය අපිට ආඩම්බරයක්.

    ගොඩක් කාලෙකින් තමයි මේ පැත්තට ආවේ. සයුරිට අපිව මතකද දන්නෙත් නෑ. පහුගිය කාලෙ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුනා. දැන් නම් ඒ ප්‍රශ්න විසඳගෙන හිමින් හිමින් සුපුරුදු ජීවිතයට හැඩ ගැහෙමින් ඉන්නේ. ගොඩක් සතුටුයි ආපහු මේ පැත්තට එන්න ලැබුන එකට.

    ReplyDelete
    Replies
    1. එහෙමත් අමතක වෙනවද අප්පා...ගොඩක් කාලෙකින් උදයංග දකින්න ලැබුනට බොහොම සතුටුයි..මම ඒත් බැලුවා බ්ලොග් කියවන එක අත ඇරලද කියලා. ප්‍රශ්න විසඳුන එකනම් ලොකු දෙයක්...එහෙනම් නැවතත් සාදරයෙන් පිලිගන්නවා උදයංග ව.

      Delete
  43. ඇය හරිම වාසනාවන්තයි උපතින් ලැබුන තෑග්ග රටට කීර්තිය දෙන්න පාවිච්චි කරන්න ලැබුනාට..
    අර කතාවකුත් තියනවානේ ඇට නැති දිව හැම පැත්තටම නැවෙනවා කියලා ඉතින් ඇගේ ගමන අමාරු වෙන එක අහන්නත් දෙයක්ද

    ස්තුතියි සයු වෙනදා වගේම..

    ReplyDelete
    Replies
    1. // ඇට නැති දිව හැම පැත්තටම නැවෙනවා //
      බොහොම වැදගත් කියමනක් වගේ..මමනම් අදමයි ඇහුවේ...එච්චර අමාරු ගමනක් ගියපු තර්ජිනිට කොච්චර දෛර්යක් තියෙන්න ඇත්ද...ස්තුතියි රූ..

      Delete
  44. ඈති යන්තම් sports ගෑන post එකක් ආවා......නරකද වෙන ක්‍රිඩාවක් එහෙම ලිව්වොත්.....ෆුට්බෝල්,රගර් වගේ එකක්

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...ෆුට් බෝල්, රගර් නේද? මම ඒවා ගැන ලිව්වොත් මොනවා ලියයිද දන්නේ නෑ අප්පා :) බලමුකෝ

      Delete
  45. මට මේක කියවගෙන යනකොට මතක්වුනේ ඔබා මාමගේ බාල්දි කතාව.... සංගක්කාර පොඩි එකෙක් වගේ හම්මෝ.උසම කාන්තාවගෙ උස කීයද දන්නෑ සමහරවිට මෙයාටත් තැනක් හම්බුවෙයි ඒක බැලුවොතින්... උස වැඩි කට්ටිය වගේම උස අඩු කට්ටියත් කොයි තරම් නම් අපහසුතාවට පත්වෙනවද ඉතින්.ඒ ඒ කෙනාගේ මානසිකත්වයෙන් අපි හිතන්නැති නිසානේ ඒ... හැබැයි ඉතින් සිංහල මිනිස්සු මොනා කිව්වත් එයාට තේරෙන්න නැතිව ඇති වෙලාවට...

    ReplyDelete
    Replies
    1. ඔව්ලුනේ ගැමියෝ..ඒ බාල්දි කතාවේ උස ක්‍රීඩිකාව තර්ජිනී ලු. සුමිත් මහත්මයා තමයි කිව්වේ. ම්ම් උසම කාන්තාවනම් මිට වඩා උසයි මගේ හිතේ. ඔව්, සිංහල නොතේරෙන එකත් හොඳට ගියා. හැබැයි යාපනේ ඉන්න කාලේ මිනිස්සු දෙමලෙන් විහිලු කරන්න ඇති. එයා කියලත් තිබුනා ඒ ගැන...

      Delete
  46. මම තර්ජනී අක්කව දැකල නෑ... හැබැයි සාමාන්‍ය උස පිරිමියෙක්ටත් වඩා වැඩි උසක්‌ තියෙන ඇන්ටි කෙනෙක්ව නම් අපේ පැත්තේ නිතර දකිනවා... පොඩි කාලේ නම් මට හිනා... ඒත් දැන් මට හිනා යන්නේ නෑ.. තරුණ කාලේ මොනා උනත් වයසට යනකොට ඕක කරදරයක් වෙන්නත් පුළුවනි.. ඒත් ඉතින් එයා විහින් උස යවා ගත්තැයි? අනේ මන්ද... හැකියාවෙන් වැඩක් ගන්න එක නම් ගොඩක් ප්‍රයෝජනවත්...

    ReplyDelete
    Replies
    1. ඔව් තමන්ට තියන දේවලින් ප්‍රයෝජනයක් ගන්නවානම් ලොකු දෙයක්...අර අන්ටිටත් තිබුනා ඒ කාලේ නෙට් බෝල් ගහන්න යන්න :)

      Delete
  47. මමත් මෙයා දැකලා තියෙනවා ගොඩාක් සැරයක්. වැඩිපුර බම්බලපිටියේ කෝවිල ලඟදි. ගොඩාක් ස්තුතියි ඇය ගැන විස්තර කිවුවට.

    ReplyDelete
    Replies
    1. අනේ දැන් තමයි කමෙන්ට් එක දැක්කේ. උත්තර පරක්කු උනාට සොරි වෙන්න ඕන :(

      Delete
  48. හිතට වැදුන දෙයක් සයුරි.පව් ඒ ළමය.මාත් ඔහොම උස
    ගැන හිතින් දුක් වෙන ගෑනු ළමයෙක් දන්නවා.ඒ නිසා
    තදින් මේ දේ හිතට වැදුන.

    තවත් දෙයක් සයුරි අර භාෂා ප්‍රශ්නේ ගැන දෙයක් කියන්න ඕනේ.
    මට තර්ජනී ගැන වත් දෙමල අය ගැන වත් කිසිම ගැටළුවක් නැහැ.
    මාත් යාලු වෙලා හිටියේ sashu ඉන්දියන් ළමයෙක් , ඒ නිසා මේ
    දේ ගැන පුද්ගලිකව මන් දන්නවා හොදට.. කවදාවත් shashu සිංහල ඉගෙන ගත්තේ නැහැ බස් බෝර්ඩ් එකක් වත් බලාගන්න, ඔය වගේ බස් එහෙක වෙන දෙයක් උනත් තේරුම් ගන්න.මන් ඇහුවම කියන්නේ " why we should learn Sinhala, what is the purpose of learning sinhala shan ?" කියල .ඒ උනාට මම පුළුවන් වෙලාවට එයාගෙන අහල වචන ඉගෙන ගන්නවා.ආදරේට මන් එයාට කිව්වේ පූනු කුට්ටි ( little kitten ) කියල. ඒත් කවදාවත් එයා මට පැටියෝ කියල නැහැ." madhu kanna " ( my little baby ) කියල තමයි කියන්නේ එයාගේ භාෂාවෙන්..
    අපේ හිත වල ජාති වාදය නැහැ සයුරි.ඒකයි අද ඔයා උනත් මෙහම පොස්ට්
    එකක් දාන්නේ ඒ ළමය ගැන , ඒ ළමයාගේ පැත්තෙන් හිතල..

    නමුත් ඒ අය එහෙම නැහැ සයුරි.ජාති වාදය කරපින්නන් ඉන්නේ.අලුත් අවුරුද්දේ මෙහෙම
    දෙයක් කියන්න උනාටත් දුකයි...ඒ අතින් අපේ උන්( සිංහලු ) හොදයි.

    ReplyDelete
    Replies
    1. ඔයා අන්තිමට කියපු එක ඇත්ත සහන්. ඒ අයගෙන් හරිම සුළුතරයකට වෙන්න ඇති ජාතිවාදය හිතේ නැත්තේ. හොඳ අය ඉන්නවා. ඒත් බහුතරය ඔයා කිව්වා වගේ තමයි. අපේ කැම්පස් එකෙත් හිටියනේ දෙමළ යාළුවො. අපි ඒ අයට කිසිම වෙනසක් නැතුව සැලකුවා. ඒත් 5 දෙනෙක් එක්ක එකතු වෙලා යාපනයෙන් බෝම්බයක් අරගෙන ආවා එක සැරයක්. ඒක මගදී බස් එකේ පිපිරුණ නිසා වැඩේ අහු උනේ. 5 දෙනාම මැරුණා. කැම්පස් එකේ ළමයෙක් නැති උනොත් පිරෙන්නම සුදු කොඩි දානවා. ඒත් එදා දැම්මේ නැහැ. ඒත් ඒකට අපේ සිංහල ළමයි ටිකක් දොස් කියලත් තිබුණා අප්පා. සමානාත්මතාවයද මොකක්ද එකක් නොසලකා හැරලා කියලා.

      Delete
    2. බෝම්බ ගැන කියද්දී මට තව දෙයක් කියන්න ඕනේ.
      ඒත් මෙහෙම ප්‍රසිද්දියේ කියන්න බැහැ.පුදුම රැවටීමක්ද
      උනේ කියල මට හිතෙනවා දෙයක් ගැන...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...